Cherreads

Chapter 27 - 27

Wash එකකුත් දාගෙන ගැරඬියා කාමරයට ආවේ නිදිමතයි , වෙරිමතයි දෙකම නැති කරගෙන . වෙලාව කීයද කියලා බිත්තිය දිහා බලද්දී ඔරලෝසුවේ සටහන් වෙලා තිබුණේ රෑ 10.45 යි කියලා . එච්චර ඉක්මනට වෙලාව ගියාද කියලා මිගාන්ට හිතාගන්නවත් බෑ.

Branded බියර් බෝතලේ එච්චර හරියක් කරලද.. කොල්ලගේ සිහිය විකල් කළා මදිවට ගොඩ වෙලාවක් නින්දට යවලා. Wash එකකුත් දාගෙන fresh වෙලා කාමරයට ආවට පස්සෙ නම් ඕනි කෙංගෙඩියක් වෙද්දෙන් කියලා එයා ආයෙමත් පොඩි වෙලා තිබුණ ඇඳ රෙද්ද සැකසුවේ නිදාගන්න කියලා හිතාගෙන .

සුදු පාට ටවල් එක පිටින්ම ඇඳට වැටුණ කොල්ලා තෙත හිස කෙස් ඇඟිලිවලින් ගැසෑලුවා. ඇඳ රෙද්දේ තැන් තැන්වල විසිරිලා ගිය දිය බිඳු ඒ ඉක්මනට ඇඳ රෙද්දට අවශෝෂණය කර ගත්තා. එයාගේ ඇස් යොමු වුණේ සිවිලිම දිහාවට. හිතන්නයි කල්පනා කරන්නයි නම් ඒ හිතේ දේවල් බොහෝමයි.

වරු ගාණක් කල්පනා කළත් ඉවර කරන්න බැරි අමුතුම සිතුවිලි ගොඩකින් ඒ හිත පිරිලා. සත්සිඳු කොහේ ගියාද කියලා හිතාගන්නවත් බැරුව ලතැවෙන කොල්ලගේ හිත.. ඔව්, ඒ හිත නම් හරි පුදුමාකාර විදිහට ලතැවෙනවා.

හැමදේම හොඳ විදිහට සිද්ධ වෙයි කියලා බලාපොරොත්තුවක් විතරක් මිගාන්ගේ හිතේ කොණක වගේ තිබුණත් එයාගෙ හිත සැරින් සැරේ බයවෙන්නේ සත්සිඳු ගැන මතක් වෙද්දිමයි. එක්කෝ වෙන දෙයක් වෙද්දෙන් කියලා ගාල්ලම පීරලා හරි එයාව හොයාගන්න හිතුණත් ඒ නිසාවෙන් අහිංසකයට කරදරයක් වෙයි කියලත් එයාගේ හිතට බයයි.

සුදු පාට සිවිලිම දිහා ඇස් යොමු කරන් මොහොතක් බලන් උන්නු ගැරඬියා එහෙම්මම ඇඳෙන් නැඟිට්ටේ ජේකබ් කරාපු ජඩ වැඩේ මතක් වෙලා .

' දෙන්නම් උඹට... '

එයා එහෙම්මම සුදු පාට sleeprobe එකකුත් ඇඟ දවටගෙන කාමරයෙන් එළියට ඇවිත් පඩිපෙළ බහින්න වුණා . ජේකබ් හිටියේ ගෙදර වැරැන්ඩා එකේ පුටුවක වාඩි වෙලා.

පඩිපෙළ බැහැගෙන පහළට ආව මිගාන් ගියේ කුස්සිය පැත්තට. කුස්සිය පැත්තෙන් ආව රස කෑම වේලක සුවඳක්.

" මොනාද බාබු අන්කල් හදන්නේ? "

මිගාන් ඇහුවේ කුස්සියට එබිකම් කරන ගමන්.

" සර්ට කන්න පොඩි කෑමක් සර්... ඩෙසර්ට් එකට වගේ... "

බාබු අන්කල් එහෙම කියලා ආයෙමත් ගෑස් ලිප on කළා.

" මං කෑම ටික මේසෙට ඇරලා තියෙන්නෙ සර්.. තාම අස් කළේ නෑ සර් කාලා නැති හින්දා.. මොනා හරි තව ඕනි නම් කියන්න සර්.. මං සුටුස් ගාලා හදලා දෙන්නම්... "

බාබු අන්කල් කොල්ලා දිහාවට හැරිලා කිව්වා.

" අනේ ඕනි නෑ බාබු අන්කල්... "

එහෙම කියාගෙනම මිගාන් කෑම මේසය ගාවට ගිහින් වහලා තිබුණ කෑම ටික විවෘත කරලා බැලුවා. සුදු සම්බා හාලේ බත් එක්ක, හාල්මැස්සන් තෙල් දාලා, පරිප්පු , පපඩම්.. කොල්ලට ඒ කෑම ටික දැක්ක ගමන් කටට කෙළ උනන්න වුණා . කෑම මේසයේ වාඩි වෙලා කෑම බෙදාගන්න ගමන් කොල්ලා කුස්සියේ ඉඳපු බාබු අන්කල් එක්ක කතාවට වැටුණා .

" ජේකබ් කෑවද බාබු අන්කල්? "

එයා ඇහුවේ බත් බෙදාගන්න ගමන්.

" එළියෙන් කෑව කිව්ව සර්... "

බාබු අන්කල් කිව්වේ හද හදා උන්නු රසකැවිලි එකට මොන මොනවදෝ එක් කරන ගමන්.

" කොහොමත් එයා එළියෙදි කන්න නියමිතයි මගෙන්.. ඉක්මනටම... "

මිගාන් මිමිණුවේ ඇහෙන නෑහෙන ගානට. එයා කෑම බෙදාගෙන කන්න පටන් ගත්තේ රස කර කර. ලංකාවේ ඉන්න කෝටිපතියෙක් වුණත් එයා ආස කරන්නේ මේ වගේ සරල කෑම වේලකට. ඉතින් හැමදාමත් එයා බාබු අන්කල් හදන කෑම ටික කන්නේ හරි ආසාවෙන්.

" කවුද සර් අර ආපු දැරිවි... ?"

බාබු අන්කල් අත් දෙකත් පිහදා ගෙන කිචන් එකේ ඉඳන් කෑම මේසය ගාවට එන ගමන් ඇහුවා. කකා හිටපු බත් ටිකත් කොල්ලට හිරවෙලා කොල්ලට කැස්සක් ආවෙ ඒත් එක්කමයි. කලබල වෙච්චි පාර බාබු අන්කල් අඩිය ඉක්මන් කරලා දුවගෙන ඇවිත් වතුර වීදුරුවක් අරන් කොල්ලට පෙව්වෙ පිටත් අත ගාන ගමන්.

" අයියෝ සර්.. හෙමින් කන්න අප්පා.. කන්න අමාරුයි වගේ නම් වතුර ටිකක් බීලා කන්න... "

බාබු අන්කල් කිව්වේ මිගාන්ගේ පිට අතගාන ගමන්. එයාගෙ ඇස් දෙකට කඳුළු ඉනුවේ කෑම ටික හිරවෙච්චි හින්දම නෙවෙයි , බාබු ලෙන්ගතුකමත් සෙනෙහසත් එයාට හොඳටම හදවතට දැණුනු නිසාවෙන්.

" දැන් හරි බාබු අන්කල්.. අවුලක් නෑ... "

එයා කිව්වේ බාබු අන්කල් දිහා බලලා අහිංසක විදිහට හිනා වෙලා . බාබු අන්කල්ට ඒ මොහොතෙදි එයාව දැනුනෙ තමන්ගෙම දරුවෙක් වගේ.

එයාට කෑම ටික කන්න ඇරලා බාබු අන්කල් ආයෙමත් කිචන් එකට ගියේ හද හදා උන්නු රසකැවිලි එක බලන්න. මිගාන් කෑම ටිකත් කාලා ඉවර කරලා අත සෝදන් වතුරත් බීලා එහෙම්මම එළියට යද්දි ජේකබ් හිටියේ පුටුවක වාඩි වෙලා . වාඩි වෙලා කිව්වට ජේකබ්‍ට නින්ද ගිහින් හිටියේ .

කොල්ලා යාන්තමට හිනා වෙලා ජේකබ් දිහා මොහොතක් බලන් ඉඳලා ජේකබ්ගේ උරහිසට වැරෙන් පහරක් ගැහුවේ එයාව ඇහැරවන්න. එයා තද නින්දක හිටියේ දවස තිස්සෙම වෙන මහන්සිය නිසා බව නපුරු වුණත් ගැරඬියාගෙ හිත දන්නවා. තද නිද්‍රාවක හිර වෙලා උන්නට මොකද ජිම් යන කොල්ලෙක්ගේ අතින් පාරක් කාලා මනුස්සයෙක් කොහොම නම් තවත් නිදන් ඉන්නද?

තද ඇඟක් තිබ්බට මොකද ජේකබ්ට මිගාන් එල්ල කරපු පහර නම් සැරටම දැණුනා. එයා එහෙම්මම ඇස් විවර කරලා බැලුවේ එයාගෙ ඉස්සරහා හිටගෙන ඉන්න ගැරඬියා දිහා.

" සර්... "

ජේකබ් එහෙම්මම නැඟිට්ටේ මිගාන්ගේ මූණ දිහා බලාගෙන යාන්තමට හිනා වෙන ගමන්. නිකන්ම නෙවෙයි මිගාන්ගේ අතකින් පහර වැදුණු උරහිසත් අත ගගා.

" සර්... සර් තමා.. මොකක්ද බල්ලෝ අර කරපු කැරි වැඩේ? "

ගැරඬියා ඇහුවේ කේන්තියෙන් වගේ.

" ඇයි සර් , මොකක්ද ? "

ජේකබ් ඇහුවේ කට කොණකින් වගේ හිනා වෙන ගමන්.

" මොකක්ද... උඹට දෝදුද යකෝ අර ශෙරීව මෙහෙට එක්කන් ආවේ ? "

" ඇයි සර්? "

" බූරුවෝ... බාබු අන්කලුත් මගෙන් ඇහුවා.. "

මිගාන් කිව්වේ ජේකබ්ගේ කණට කරලා රහසින් වගේ. එහෙම කියලා එයා ජේකබ්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉස්සරහට ගිහින් ඈත අහස දිහාවට ඇස් යොමු කර ගත්තා. අද අමාවකද කියලා හිතාගන්න බැරි තරමට අහස කළුවර වෙලා තිබුණා . ඒත් බැල්කනි එකට වෙලා බියර් වීදුරු දෙක තුනක් හිස් කරද්දි නම් අහසේ හඳ පායලා තිබුණා වගේ කොල්ලට මතකයි.

" මොකක් වෙනවද සර්.. ඕක මේ නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයිනේ... "

ජේකබ් කිව්වේ එයාට පිටුපාලා කළුවර අහස දිහාවට ඇස් යොමු කරන් ඉන්න මිගාන් දිහා බලාගෙනමයි.

" ඒ ඉස්සර බං.. ඉස්සර night club එක අස්සේ මං මොන මොන අඩව් ඇල්ලුවත් දැන් මං එහෙම කරන්නෑ.. ඇත්ත.. මං ඉස්සර හරියට කෙල්ලො එක්ක sex කරලා තියෙනවා . ඒක හරි.. ඒත් දැන් එහෙම නෑ බං... "

එයා ලොකු හුස්මක් ගත්තේ අන්තිම වචන ටිකත් කිව්වට පස්සෙයි. එයාගේ ඇස් යොමු වෙලා තිබුණෙම කළුවර අහස දිහාවටමයි. ඒ අහස කළුවර වෙලා තිබුණත්, හඳක් හෝ තරුවක් පේන මානෙක නැති වුණත් ඒ අහසේ සැඟවුණු මොකක්දෝ සුන්දරත්වයක් එයාගේ ඇස් හරහා හදවතට දැනෙන්න වුණා .

" මං ඉස්සර දවස්වල කරපු වැරදි ගැන දැන් පසුතැවෙනවා බං.. මට.. මට ඒවා මතක් වෙද්දිත් මං ගැනම දැනෙන්නේ මහ පිළිකුලක් බං... ඇත්තෙන්ම ක්ලෙයාරා ගැන වුණත් මට දැනෙන්නේ මහ පිළිකුලක්... "

එයා එයාගේ ඇස් අහස දිහාවටම යොමු කරන් කියද්දි ජේකබුත් ඉස්සරහට ඇවිත් මිගාන්ගේ ඇස් එක එල්ලයේම අහස දිහා බලන්න වුණා .

" මට නම් තාමත් හිතාගන්න බෑ සර්ගේ මේ වෙනස්වීම.. අනේ මන්දා... "

ජේකබ් කිව්වෙත් ලොකු හුස්මක් පිට කරන ගමන්.

" එහෙම තමා බං මිනිස්සු.. මිනිස්සුන්ගේ හිත් කාලයත් එක්ක වෙනස් වෙනවා.. ඊට පස්සෙ ඒ මිනිස්සු කලින් කරපු වැරදි තේරුම් ගන්නවා.. ඒ වැරදි හදාගන්නවා.. එහෙමයි ඉතින් මිනිස්සු... "

" හරි පුදුමයිනේ සර් කතා කරන විදිහත්.. ඉස්සර හිටපු ඩිනෝ මිගාන් සමරදිවාකරනම් ඔහොම නෑ... "

" ඒක තමයි මං කිව්වේ.. ඒ ඉස්සර.. මේ දැන්.. දැන් ඉන්න ඩිනෝ මිගාන් සමරදිවාකර එහෙම නෑ... උඹ දන්නවද ජේකබ්.... "

අහස දිහාවට යොමු කරගත්තු ඇස් දෙක මිගාන් එහෙම්මම හරව ගත්තේ ජේකබ්ගේ මූණ දිහාවට. ගැරඬියා එයාගෙ ඇස් දෙකෙන් ජේකබ්ගේ මූණ දිහා සෘජුවම බලාගෙන කතා කරන්න වුණා . ජේකබ් බලන් උන්නෙත් එයා කියන්න යන ලොකූ කතාව මොකක්ද කියලා හිතාගන්න බැරිව.

" මිනිස්සුන්ගේ හිත් ආදරෙන් පිරුණම මිනිස්සු වෙනස් වෙනවා.. ආදරේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් බං.. ගල් වගේ හිත් මල් පෙති වගේ සිනිඳුවට මෙලෙක් කරන්න පුළුවන් හරි පුදුමාකාර මායාකාරී දෙයක් බං ආදරේ කියන්නේ... "

හිතට ඔහේ ගලන් ආව හැම හැඟීමක්ම එක්කාසු කරන් එයා ඒ මොහොතේ වචනවලට පණ දුන්නා. කියන්නේ මොනවද කියලා එයා නොදන්නවා වුණත් නැවතිලා හිටපු ආදරණීය ලෝකයෙන් එයාගෙ හදවතට එවාපු වචන ටිකට එයා පණ දුන්නේ හරි අපූරුවට.

" ශෙරී නෙවෙයි බං මොන මාර දූතිකාව ආවත් ආදරෙන් පිරුණු හිතක් බිඳින්න බෑ.. ආදරේ කියන්නේ ඒ තරමටම ප්‍රබල දෙයක්.. ආදරේ කරන දවසක උඹටත් තේරෙයි... "

මිගාන් ආදරේ ගැන කියපු වචන ටික නම් ජේකබ්ගේ හිතටත් හරි පුදුමාකාර විදිහට කා වැදුණා.

" ඒකද ශෙරීව පන්න ගත්තේ?"

ජේකබ් ඇහුවේ කට කොණකින් හිනා වෙන ගමන් විහිළුවට වගේ.

" මං කියන්නෑ උඹට..."

ඒ කියනවත් එක්කම ජේකබ්ගේ යටිකය කොරවුණේ මිගාන් දණහිසෙන් එල්ල කරපු පහරකින්.

" ආව් සර්......"

ජේකබ් දෝතින්ම යටිකයේ රහසඟ අල්ලගෙන දෙකට නැවෙද්දි කොල්ලා හිනා වෙවී ගේ ඇතුළට යන්න වුණා . ඒත් එක්කම වගේ වැරැන්ඩා එකේ පුටුවක් උඩ තිබුණු ජේකබ්ගේ phone එක ring වෙන්න ගත්තු නිසා එයා අමාරුකම් පැත්තකට දාලා ආපු call එක answer කළා.

" හෙලෝ... ඔව්...ඔව් කියන්න... "

ජේකබ් කතා කළේ හරි කලබලෙන් වගේ. ආපු call එක එහෙම්මම cut කරපු ජේකබ් ආයෙමත් ගේ ඇතුළට දුවන් ගියේ මිගාන්ව හොයාගෙන. ඒ වෙද්දි එයා උන්නේ living room එකට වෙලා TV එකත් on කරගෙන ජපන් ටෙලි සීරිස් එකක් බලන ගමන්..

" සර්... සර්... "

කලබලෙන් දුවන් ආපු ජේකබ් දැක්ක ගමන් මිගාන් හරියට කලබල වෙලා වාඩි වෙලා උන්නු සෝෆා එකෙන් නැඟිට්ටේ ඇස් දෙකත් උඩ දාගෙන වගේ.

" ඇයි ජේකබ්.. මොකෝ කේස් එක.. ? "

සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්නෙ නැති නිසා මිගාන් ඒ ප්‍රශ්නය ඇහුවෙත් කලබලෙන්.

" සර්.. DMS club එකේ පොඩි කලබලයක්ලු... "

" ම්..මොකක්ද ? "

කොල්ලට ඒ වෙලාවෙ නම් යකා නැග්ගා.

" ඔව් සර්.. පොඩි වලියක් ගිහින්ලු... "

ජේකබ් කිව්වේ කලින් තිබුණු කලබලකාරී ගතිය ටිකක් අඩු කරලා වුණත් මිගාන්ගේ මූණේ නම් තිබුණේ පුදුමාකාර කේන්තියක්.

" මේ හුත්තලාට ඇවිත් කෑවා නම් බිව්ව නම් පාඩුවෙ යන්න බැරිද? Club එක අස්සෙ හැමනෙන්න යන්නේ... "

ගැරඬියගෙ එච්චර වෙලාවක් නිවුණු ගති පැවතුම් ටික නම් ඔක්කොම ඒ තත්පරේට විනාශ වුණා . දැන් ඉන්නේ විෂඝෝර සර්පයෙක් විනා අර අහිංසක ප්‍රේමවන්තයා නම් නෙවෙයි.

" යමං... මං ටක් ගාලා change කරන් එන්නම්.. මකෝනවා අද ඔව්වන්ව මං..... "

එයා එහෙම කියලා කේන්‍තියෙන් පඩිපෙළ නැග්ගෙත් පඩියක් ඇර පඩියක් අඩි තිය තියා. මොනා වුණත් club එකේ වලි දාගත්තු set එක නම් අද කම්මුතු බව ජේකබ් ඒ මොහොතෙම හිතා ගත්තා .

උඩට ගිහින් මිනිත්තු පහක් යන්නත් ඉස්සර එයා ආයෙමත් පහළට බැස්සේ කළු පාට අත් දිග ෂර්ට් එකට නිල් පාට ඩෙනිම් එකකුයි, normal බාටා සෙරෙප්පු දෙකකුයි දාගෙන. ඒ මොහොතෙත් එයා උන්නේ කේන්තියෙන් කියලා ජේකබ් හොඳටම තේරුම් ගත්තේ එයාගෙ ඇස් දෙකේ තිබුණ තියුණු ගතියෙන් යුතු බැල්මෙන්මයි . ඊටත් එහා රතු වෙලා තිබුණු කම්මුල් දෙක කේන්තියෙන් නලියනවා.

" යමං...."

ජේකබ් දිහාත් නොබලම එයා ඉස්සර වුණාම ජේකබ් එයාගෙ පස්සෙන් වැටුණේ ඒ මොහොතේ වචනයක් හරි කතා කරන්න ගියොත් එහෙම ඉස්සෙල්ලා කෑවටත් වඩා හොඳ කෑමක් කන්න වෙන බව දන්න හින්දමයි. ගොදුරක් පසු පස්සෙ හඹා යන සිංහයෙක් ගානට ජීප් එකේ දොරත් ඇරන් මිගාන් ජීප් එකට ගොඩ වුණු හැටියෙම වගේ ජේකබ් ජීප් එකට නැගලා start කළා. ඒත් එක්කම පැත්තක තිබුණු තවත් ජීප් එකක් start වුණා . ඒකේ හිටියේ වෙන කවුරුවත් නෙවෙයි ගැරඬියගේ මහා කළු පටි සේනාව හෙවත් නින්ජලා පිරිස.

විශාල ගේට්ටුවෙන් මිගාන්ගේ ජීප් එක පාරට දානවත් එක්කම නින්ජලා පිරිසත් ඒ ජීප් එක පිටිපස්සෙන්ම වැටුණේ මහා සංහාරයක් කරන්න යන රාවණ සේනාව වගේ. ජීප් එකේ යනකනුත් එයා කළේ කේන්‍තියෙන් පුපුර පුපුර ඔහේ ඉස්සරහම බලාගෙන ගියපු එක. වම් අතේ මිට මොළවගෙන හිටපු එයා ඇහිපිල්ලමක්වත් නොගැසූ තරම්. කළු හීනි ඇස් දෙක කේන්තියෙන් බරවෙලා රතු වෙලා. කෝපයෙන් නලියන කම්මුල්..

ජේකබ් සැරින් සැරේට හැරි හැරී යාබද අසුනේ ඉන්න ඩිනෝ මිගාන් සමරදිවාකර දිහා බැලුවත් එයා උන්නේ ඉස්සරහ බලාගත් ගමන්මයි. කෝපයෙන් පුපුරන්න තරම් උන්නු එයත් එක්ක ජේකබ් එක වචනයක්වත් කතා නොකර ජීප් එක drive කළේ ආවට වඩා වේගයත් ටිකක් වැඩි කරලා.

DMS night club එකේ main gate එකෙන් ඇතුළට දාපු මිගාන්ගේ ජීප් එක garden එකේ නතර වුණා . නවත්තන්නත් ඉස්සරම වගේ ජීප් එකෙන් බැහැපු ගැරඬියා නින්ජලා පිරිස එන්නත් ඉස්සර එයාම ඉස්සර වුණේ කේන්තිය වැඩිකමටමයි. වික්‍රමාන්විත සිංහයෙක් ගාණට එයා night club එකට ඇතුළු වෙනවත් එක්කම වගේ ජේකබ් ඇතුළු නින්ජලා පිරිසත් එයාගෙ පස්සෙන් වැටුණා . කා දිහාවත් නොබලා පඩිපෙළ නැග්ග කොල්ලා එහෙම්මම night club එකේ ඇතුළට යද්දි එතන උන්නු ඔක්කොම වගේ පුදුමයෙන් වගේ බලන් උන්නේ එයා දිහා.

" අර මිගාන් නේද? "

" ඔව් ඔව්.. එයා තමයි....."

තැනින් තැන ඇහුණේ ඒ වගේ කතා.

කොල්ලත් ඇතුළට ආවත් හරි මුළු night club එකම හිරු දුටු කදෝපැණියන් සේ නිගඬ වුණේ ඒ නිහඬ රැයේ හරිම අර්ථය එකතු කරමින්. මිනිස් පුලුටක් නැති ගානට නිහඬ වුණු DMS night club එකේ සද්දයකට කියලා තිබුණේ පසෙකින් වැයෙන රෝමාන්තික සංගීත රාවය විතරමයි.

ඒ මොහොතේ night club එකේ උන්නු හැම කෙනෙක්ගෙම වගේ ඇස් යොමු වෙලා තිබුණේ නින්ජලා පිරිවරාගෙන ඇවිත් ඉන්න ඩිනෝ මිගාන් සනරදිවාකර දිහාවට. ආපු ගමන්ම හෙලපු කුරිරු පෙනුමැති බැල්මට එතන උන්නු කෙල්ලො දෙතුන් දෙනෙක්ම වගේ බියෙන් එහෙ මෙහෙ වුණේ එයාගෙ ඇස් මානයෙන් නොපෙනී ඉන්න වගේ.

දෙපාරක් ඇස් කරකවලා දෙපැත්ත බලපු මිගාන් හිතුවෙවත් නැති විදිහට ඊළඟ තත්පරෙන් එතන සිංහනාද කරන්න ගත්තෙ නම් හැබෑම සිංහයෙක් ගානට.

" මොන කැරියද යකෝ මේක අස්සෙ වලි දාගන්නේ....? "

කේන්තියෙන් වියරු වැටිලා කුරිරු බැල්මක් හෙලන් එයා ඒ වචන ටික පිට කරද්දි අර නික්මුණු රෝමාන්තික සංගීත ස්වරයත් නැවතුණු ගානයි. සුපුරුදු විදිහටම ඒ සංගීත ස්වරය නික්මුණත් ඊට ඉහළින් නික්මුණු ගැරඬියගේ සිංහනාදයත් එක්ක මුළු night club එකම හරියට මීයට පිම්බා වගේ වුණා .

" සර් cooldown.... "

ජේකබ් කොල්ලගේ කණට කරලා කිව්වේ සන්සුන් වෙන්න කියලා වුණත් එයාගේ හිත ඒ වෙද්දි පිරිලා තිබුණේ පුදුමාකාර කේන්තියකින්. ඉතින් ඒ නිසාම ඒ හිත කාටවත්ම නිවන්නවත් , පාලනය කරන්නවත් බෑ.

සඳක් අහළකවත් නැති ඒ රැයත් එයත් අතර දැන් නම් කිසිම වෙනසක් නැති ගානයි. මොහොතකට ඉස්සර ලස්සනට මල් පෙත්තක් වගේ මුදු මොළොක් වෙලා තිබුණු එයාගෙ හදවතම දැන් රොටී තැටියක් ගානට කේන්තියෙන් රත් වෙලා තියෙන හැටි දැක්කම නම් ජේකබ්ටත් පුදුමයි. කොච්චර අහිංසක විදිහට උන්නත් තාමත් අර පරණ ඩිනෝ මිගාන් සමරදිවාකරගේ අවශේෂයන් එයා ගාව හිර වෙලා ගුලි වෙලා නැවතිලා තියෙන බව නම් ජේකබ් ඒ මොහොතෙදී හොඳ හැටි තේරුම් ගත්තා.

" ජේකබ්... මූට කියපන් මගෙන් මැරුම් නොකා එළියට යන්න කියලා... "

එයා එහෙම කිව්වේ සෝෆා එකකට බර වෙලා උන්නු බඩ මහත නාකි පොර දිහා කන්න වගේ බලන්. ඒ මනුස්සයා ඉස්සරහා තිබුණු කුඩු වෙච්චි වීදුරු බඳුන් ටිකත් , වයින් බෝතල් දෙකත් ඒ විදිහටම තිබුණා .

" ඇයි... න්..නොගියොත් ම්..මොනා කරන්නද ආ....? "

ඒ පිරිමි කෙනා ඇහුවේ වෙරි මරගාතේ. කෙළින් කටින් හිටගන්න බැරුව සෝෆා එකට බර වෙලා ඉන්න අවුරුදු පනහකට ආසන්න පෙනුමක් තිබුණු මනුස්සයා ගාවට ගැරඬියා ගියේ වීදුරු කටු ගොඩ උඩින් පැනලා.

ඒ ගිහින් තත්පරයක් යන්නත් ඉස්සර ඒ මනුස්සයගේ ෂර්ට් එකේ කරෙන් අල්ලගත්තු මිගාන් කෙළින් කටින් හිටගන්න බැරිව උන්නු මිනිහව හරි අපූරුවට කෙළින් කළා.

" කරන්නේ...කරන දේද උඹට දැනගන්න ඕනි.. ආ බල්ලෝ... කරන දේ නේද.. යමන් කරන දේ පෙන්නන්න.. "

අදාළ මනුස්සයගේ මූණටම නැඹුරු වෙලා එයා ඒ ටික කිව්වේ කලින්ටත් වඩා කේන්තියෙන් . ඒ මනුස්සයගේ ෂර්ට් එකේ කරෙන් අල්ලගත්තු මිගාන් එහෙම්මම මුළු පිරිසම ඉස්සරහා එයාව එළියට ඇදන් ගියේ පඩිපෙළ දිගේ වාරු නැතුව ඒ මනුස්සයා වැටෙන්නත් යද්දී.

ඒත් ඒ තරම් විනාශයක් කරපු මිනිහට අනුකම්පා කරන්න තරම් එයාගේ හිත නම් කාරුණික වුණේ නෑ. අර පිරිමි කෙනා කුණුහරප කිය කියා කෑ ගහද්දිම එළියට ඇදන් ගිහින් තල්ලු කරපු මිගාන් යටිකය හරහා එල්ල කළේ දැවැන්ත හයේ ප්‍රහාරයක් . ඒ පිටිපස්සෙන් ආව ජේකබ් ඇතුළු නින්ජලා පිරිස ඒ දිහා බලන් උන්නත් කවුරුවත් එයාගේ වැඩේට මැදිහත් නොවුණේ කේන්ති ගියාට පස්සෙ ඉන්න ඩිනෝ මිගාන් සමරදිවාකරගේ හැටි ස්වභාවය දන්න නිසාමයි.

" ආහ්.........."

එහෙම්මම කෑ ගහගෙන හතර ගාතෙන් ඇද වැටුණු මිනිහව එයා ආයෙමත් නැඟිට්ටවලා කෙළින් කරලා කේන්තියෙන් බබළන සුළු ඇස්වලින් බලන් උන්නේ මරලා දාන්න බැරිකමට. ආයෙමත් සුපුරුදු කෝපයෙන්ම අර මනුස්සයගේ මූණට නැඹුරු වුණු මිගාන් එයාට කියන්න තියෙන අන්තිම වචන ටික කිව්වේ අවවාදයකටත් වඩා තර්ජනාත්මක ස්වරයකින්.

" හොඳට මතක තියා ගනින් උඹ.. උඹ ආයෙමත් මේ DMS night club එක පැත්තේ ආවොත් මං උඹව ආපහු යවන්නේ මෙහෙම නෙවෙයි.. උඹ රෙදි ගලෝලා පාර දිගේ හෙළුවෙන් දුවන්න ආසද.. ආ...? නෑ නේද , එහෙනම් ආයෙමත් මේ පැත්තෙ නාවට කමක් නෑ... දැන් පලයන්... "

එයා ඒ අන්තිම ටික කිව්වේ ඒ මනුස්සයගේ කණට කරලා රහසින් වගේ. ඒ මිනිහා බලන් උන්නේ සිහියක් පතක් නැතුව. ඊටත් එහා යටිකයෙන් එන අසීමිත වේදනාව දරාගන්න බැරුව..

" පලයන් ඉතින්..... "

මිගාන් හොඳ පා ප්‍රහාරයක් එල්ල කළාම ආයෙමත් වැටුණු මිනිහා නැඟිටගත්ත තත්පරෙන්ම හැරී නොබලාම දුවන්න වුණේ ඇඳගෙන උන්නු බ්ලේසර් එකත් ගලවගෙනමයි.

" යමං...."

ඒ මිනිහා යනවත් එක්කම කිසි දෙයක් නොවුණු ගානට ගැරඬියා ජීප් එක දිහාවට යන ගමන් ජේකබ් ඇතුළු නින්ජලා පිරිසට අණ කළෙත් ටිකක් උස් හඬකින්. ඒ අණ ලැබුණත් හරි මහා කළු සේනාවම පිටිපස්සෙන් ජීප් එකට ගොඩ වෙද්දි මිගානුත්,ජේකබුත් ඉස්සරහ තිබුණ එයාගේ ජීප් එකට ගොඩ වෙලා ලත් ක්ෂණයකින් DMS night club එකේ භූමියෙන්ම පිටත් වුණා .

ආපසු ගෙදර බලා එන ගමනෙදිවත් එයා වචනයක් කතා කළේ නැත්තේ ඒ මොහොත වෙද්දිත් ඒ හිත අස්සේ කේන්තියක් තිබුණු නිසාවෙන්මයි. ජේකබ් ජීප් එකේ සින්දුවක් play කරන්න හිතුවේ එයාගේ හිත නිවාලන්නමයි. ඒත් එක්කම වගේ අර කේන්ති ගිහින් තිබුණු දඩබ්බර හිතට කොහේදෝ ඉඳන් ආපු අහිංසක ඇස් දෙක මතක් වෙන්න වුණේ හරියට මකනෙකින් පැන්සල් ඉරි මකනවා වගේ හැම කේන්තියක්ම නැති කරන ගමන්.

ජීප් එක ටික දුරක් යද්දිම වගේ ඉස්සරහින් හරස් කළේ කහ පාට ලොකු එළියක් විහිදුවමින් ආපු තවත් වාහනයක්. ගැරඬියාගේ අර නිවුණු හිත ආයෙමත් යකා නටන්න එච්චර වෙලාවක් ගියෙ නෑ. ජීප් එකෙන් බහින්න ඉස්සර එයාලා බලන් උන්නේ ඒ වාහනේ දිහා. ඒක නුහුරු නුපුරුදු වාහනයක් නොවෙන තැන කට කොණකින් වගේ හිනා වෙලා මිගාන් ජීප් එකෙන් එළියට බැස්සේ පිටිපස්සෙ සීට් එකේ තිබුණු gun එකත් අරන් ඉණේ කොණක සඟවගන්න ගමන්.

මීළඟ කොටසට ...

More Chapters