Cherreads

Chapter 62 - 62

ම්හුක්....වේජනාවයි....වේ...ජනාවයි........අනේ....සුතර්මා ...නොදරු පැංචගෙ පන යන්ඩ වගෙ.....

චිම්තක....බාල බෑනා තනිකරම පොල් උලක් චිම්තක....දෙවනි දරු පැටියගෙ අවසානෙ ලගයි.....

ම්හුක්.....

ම්හුක්....

මං උන්නෙ වේදනාවෙන්....මාව අත් දෙකෙම්ම තුරුල් කරන් උන්න නිර්වාන්‍ට මා එක්ක වචනෙකට එහා කතා කරගන්න බැරි උනා එයාට නින්ද ගියා....

මීට විනාඩි ගානකට කලියෙන් ගෙවුනෙ මගෙ ජීවිතේ ඉහවහ ගිය වේදනාවයි ...සන්තෝසෙයි ආදරෙයි කියන හැගීම් තුනම පිටාර ගලපු හෝරාවක් වෙනකොට අවසානෙදි මගෙ ඇගට කඩන් වැටුන නිර්වාන් මගෙ චූටිට ආදරෙයි කියලා මුමුන මුමුන ඉදල එහෙම්ම නින්ද වැටුනා.....ඒත්...ඒත් මට නෙවෙ නින්ද ගියෙ ..ඉනෙන් පහල තට්ටම් පුපුරු ගහනවා.....ඒත් මට ඕනා උනේ නිර්වාන් එක්ක කියවන්න....නිර්වාන්ට කියවන්න ඕන කම තිබුනත් ඇගේ තෙහෙට්ටුවටම නින්ද යනකොට මම ඒ අත් අස්සට හිර වෙලා ඉදන් කෙදිරි ගෑවා....

ම්හුක්....නිරූ...දොයියෑවා ඇති අප්පාවෙ....මේ දරු පැටියා එක්ක කතා කරපල්ලකො අනේ....

ම්ම්ම්..දොයියන්න..දොයියන්න...

මාව බුදි කරවන්න නෙවෙ කිව්වෙ මිනිහො.....නැගිටපන්කො අනේ.....

ඇයි නැගිටලා තව පාරක් අරින්ඩද....??

.න්..නි...නිර්වාන් .....අම්මො..නිරූ..උඹ වනචර වෙලා අනේ හරියට....

ම්න්....එහෙනම් දොයියන්න....හොද ලමයනෙ වස්තුව....

මගෙ කරදරේ ඉවසන්න බැරිවද කොහෙද මැරිලා වගෙ උන්න නිර්වාන් එක පාරක් නැගිටලා මෙච්චර දෙයක් වෙලත් කියව කියව වද දෙන මාව නිදි කරවන්න හදනකොට මගෙ බෝක්කු කටින් පැනපු වචනයක් හන්දා මගෙ මූන රතුවෙන කතාවක් කියලා ඒ ටිකකිම්ම ආයම මගෙ තට්ටමට හිමින් තට්ටු කර කර මාව නිදි කරවන්න හැදුවා.... ...

ම්හුක්...මට නින්ද යන්නෙ නෑ වදෙ...මගෙ බඩ රිදෙනවා....පුක රිදෙනවා....රිදෙන් නැති තැනක් නෑ...ඇගම රිදෙනවා.....මාව උල තියලා මෙතන දැන් බුදි අනේ අනේ උඹ ..හරිම අගෙයි නිර්වාන් ..හරිම අගෙයි මදුසමේට එක්ක ඇවිත් හැසිරෙන ආකාරෙ නම් හරිම අගෙයි ම්ම්ම්ම්....උඹව ඉල්ල ඉල්ල පොලවෙ පස් කාපු මට මෙහෙම දෙයක් උනා කියලා දන්නවා නම්..ගෙදර ඉන්න තිරිසන්නු පවා පුකෙන් හිනා වෙන්න ගියා පුකෙන්....

නිර්වාගෙ අත උඩ ඔලුව තියාගන උන්න මං මගෙ අත පය එහා මෙහා කෙරුවා ....චුට්ටක් දගලන්න හැදුවා.....එයයි මායි තවමත් උන්නෙ අමු හෙලුවෙන් වෙනකොට අපේ නිරුවත වහන් උන්න වලාකුලෙ සුදු පාට ගත්ත සුදු රෙද්ද ඇතුලෙන් එයාගෙයි මගෙයි කකුල් එකට පැටලිලා තිබුනා.....

නිරූ.....

එයාට ඇත්තටම නින්ද ගිහින්.....

ඒ මුන මහන්සි පාටයි....හැබැයි...ඒ මහන්සිය අස්සෙ තෘප්තිමත් පාටක් හැංගිලා තිබුනා... කොයි වෙලෙත් රවන ඇස් දෙක තදිම්ම වැහිලා තියනකොට මට කොයි වෙලෙත් බනින කට දිහා තත්පරයක් විතර බලාගන උන්න මං එයාව ඇහැරෙන්න නැති වෙන්නෙ හරිම පුංචි උනත් ආදරනීය හාදුවක් තිබ්බා.....

මං උඹට හුගාක් ආදරෙයි මගෙ නිර්වාන් ...උඹගෙ ඔය රැවුම් ගෙරවුම් අස්සෙ බැනුම් අස්සෙ තියෙන්නෙ මන් ගැන ආදරයක් කැක්කුමක් බයක් වගේම මම උඹගෙ වගකීමක් කියන හැගීම මට හොදටම දැනෙනවා මගෙ නිර්වාන් ...

මගෙ පලවෙනි ෆිල්ම් එක.....මං අත ඇරියා....උඹ එක්ක අල්පමාත්‍රයකින්වත් තරහවක් නෑ....හැබැයි දුකක් නෑ කියන්න බෑ....ඒත්...තත්පර ගානක ෆිල්ම් එකක් හන්දා...මට උඹව රිදවන්න බෑ නිර්වාන් .....පවුලක් වෙනවා කියන්නෙම එකාට එකා කැපකිරීම් කරන එක කියන්න මං මගෙ අම්මා අප්පච්චි ගෙන් ඉගන ගත්තු දෙයක් මගෙ නිරූ.....

කමක් නෑ...මට අත ඇරුනේ එකක් උනාට...මං දන්නවා....අනිවාර්යයෙන්ම තව ඒවා ඉස්සරහට හම්බ වේවි....මං දගයි....නාහට නාහන එකෙක්....හුරතල් ...ඒත්...මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන උඹ මගෙන් බලාපොරොත්තු වෙන්නෙ එකම දෙයක් වෙනකොට මං ඒක නොදී කොහොමද මගෙ අයියෙ...

තදින්ම නින්ද ගියපු නිර්වාන්ගෙ හිස කෙස් අස්සෙන් මගෙ ඇගිලි තුඩු ගෙනියපු මං තදින්ම වැහුන ඇස් පියන් දිහා බලාගන මං මිමිනුවා....අවසානෙදි අවුරුදු ගානකින් නිදාගත්තු නැති එකෙක් හා සමානව නිදාගන උන්න නිර්වාන්ට නිදාගන්න දුන්න මං හිමින් සැරෙ උඩ බෙලි අතට හැරුනා... 

ඒ විතරක් නෙවෙ.....වලාකුලේ පාට රෙද්ද අස්සෙ තිබුන මගෙ වේදනා දෙන අඩු දෙක එලියට ගත්තු මං ඒවා ඈත් කරගත්තා.....කොටින්ම මගෙ කකුල් දෙක තනිකරම කැලනි පාලම වගේ...බොක්කු කට වගේ....

ම්හුක්....හරි සනීපයි අප්පා.....!!!

නින්ද යන්නෙත් නෑ...ඒකම මතක් වෙනවා ම්හුක් ....යෝහ්...චිම්තක...දෙවනි දරු පැටියගෙ හිත වල් වැතිලතෝ මන්තා.....හ්

එකපාර එහාට වගේම මෙහාට පෙරලුන මං රැලිගහන මහ මුහුද දිහා බලාගන ඉදලා ඉදල ලොකුවා ගැන කල්පනා කෙරුවා ....පිරිත් ගෙදරක යනවා කියලා බොරු හලපු චූටි අයියා ගැන කල්පනා කෙරුවා .....අවසානෙදි කල්පනා කරන්න දෙයක් නැතිම තැන මං නිර්වාන්ගෙ ඵෝන් එක අරන් සින්දුවක් අහන්න ගත්තා .ඒකත් අමල් පෙරේරාගෙ ප්‍රංශ යුවතියන්....

යන්න යනවා නම්...ඇයිද නෙතු පියන්....

යන්න යනවා නම් ඇයිද නෙතු පියන්....

අමල් අහන්නෙ වෙන එකක්...ඒත් මගෙ හිතට එන්නෙම මහ වල් අදහසක්...

යන්න යනවා නම් ඇයිද නෙතු පියන් කියන්නෙ යන්න යනකොට නින්ද යන්න එනවනෙ....ඉතින් ඒකට මං මොනවා කරන්නද .....ඇරත්...පේනවනෙ අමල් මාමෙ අපෙ මිනිහත් දැන් හොදටම නිදි .....

ම්හුක්...යෝහ්..ආය නම් මේ සින්දුව අහන් නෑ අප්පා...මට ලැජ්ජයි ....

එකම දිගට ඇයි යන්න යනකොට ඇස් වහන්නෙ අහපු අමල් පෙරේරගෙ කට වහල දාපු මං අනිත් පාර නිර්වාන්ගෙ එෆ් බී එකට රිංගුවා.....

ම්ම්ම්...මේ තියෙන්නෙ ...

ළඟින් උන්න නැති ටික කාලෙට නිරුවා හුගාක් වෙනස් වෙලා....

ආ...ආ...මේ ඉන්නෙ....කුප්පියො....මේ කව්ද මේ.....ආ..ආ..අනගත දොස්තර නෝනලා කෝටියයි...දොස්තර හොද හිතලා කෝටියයි....ආ..ආ....කෝ බලමු...කෝ බලමු බලන්න...හාර්ට් රියැක්ශන් .....ම්ම්ම්....ම්ම්ම්.....දෙසිය හැට ගානක් මූට හාර්ට්ම...හරි අමාරු ඇති ලමා තැනිලට හැන්ඩ්සම් හැන්ඩ්සම් ගගා දාන්නෙ....හැන්ඩ්සම් තමයි යකො...පොඩ්ඩක් ඉන්න...අපි එයාලට හාර්ට් ඇටෑක් එකක් ගේමු...

ඒසි එකෙන් ව්න හුලන් පාර මගෙ කැලනි පාලම වගේඩ් පලල් කරන් උන්න අඩු දෙකේ මැදටම වදිනකොට ඒ තත්පර ගානකින් මන් දැක්කා කකුල් දෙක මැද තවත් කකුලක් හිටන් ඉන්නවා.....

යෝහ්....ලැජ්ජා කරනවනෙ...ඉතින්

ඒක දැකපු මටම ලැජ්ජ හිතෙනකොට මං ආයම රෙද්ද පොරවන් නිර්වානයගෙ සින්ගල් කියලා තිබ්බ එක in a relationship කියලා දාලා බලාගන උන්නා....

ඔන්න වදිනවා...ඔන්න වදිනවා...දැන් ඉතින් මුගෙ හොර ගෑනුන්ට රිදෙයි බලමුකො...ඉන්බොක්ස් එන ලමාතැනීලා මොක්කුද කියලා....අද තමයි මූ මගෙන් මැරුම් කන්නෙ.....

Congratulations bro...

Congratulations පිගිච්චා....

පිගිච්චා????ම්ම්..නිරුවගෙ කාර්ඩ් එක පිගිච්චද එතකොට ...ඇති යාන්තන්....සංවර නමක් වැටිලා...අපේ වගේ කැත නම් නැතුව...එව්...මගෙ එක ලැන්ටියා.....අපේ අරූටත් මහ අප්‍රබ්‍රංස දෙමල නමක් තියෙන්නෙ ..හැබැයි ලැන්ටියට වඩා පිගිච්චා නම් හොදයි....

උඩ බෙලි අතට හැරීගන උන්න මං නිර්වාන්ගෙ පැත්තට හැරිල මගෙ අන්ඩක් එයාගෙ ඇගට දාගත්තා...අඩ හෝරාවක් ගෙවුනා.....හෝරාවකුත් පහු උනා...කිසිම වෙනසක් උනෙ නෑ.....කන්බැජුලේස්න් කියනවා ඇරුනම....ආයම ස්ටිකර් එකක් වැටෙනවා ඇරුනම...ඉන්බොක්ස් වත් මොකෙක් වත් ආවෙ නැති උනා ....

මං මුලු ඵෝන් එකම පීරුවා ....සැක හිතන්න මෙලෝ මගුලක් තිබුන් නෑ.....මැසෙජ් බැලුවත් කොල්ලන්ගෙ මැසේජ් වලට වැල් වටාරමක් රිප්ලයි කරලා තිබුන නිර්වාන්ගෙ චැට් ලිස්ට් එකේ කෙල්ලන්ට දීපු උත්තර නම් ඔක්කොම." ම්න්.."හා" හ්ම්" නෑ"මට කියන්න දෙයක් නෑ" ආවම බලමු" ම්න්..ම්න්...ම්න්... විතරමයි.....

මගෙ මිනිහා හොදයි....

ලොකු හුස්මක් ගත්තු මං ඵෝන් එක පැත්තකට දාලා ඇස් දෙක පියා ගන්න හැදුවා උනත් හදිසියේම මතක් උන අර ටින් බෙලෙක්කෙ හන්දා මං එක පාරම ඇස් ඇරියා...

ඇත්තටම ඒකිට මොනවා උනාද දන්නෙ නෑ...

නිර්වාන්ගෙ අම්මා ඒකිට වහ වැටීගනනෙ උන්නෙ බාර් කාරිට.....

කාගෙ කරේ එල්ලිලාද දන්නෙ නෑ....පීනන්න සල්ලි තිබුනත්.....ඒකිලාගෙ උන් හොයන්නෙත් සල්ලි තියන උන්වමනෙ....

මං එහෙම්ම ටානියගෙ නම සර්ච් කරලා බැලුවා....

මේ ඉන්නෙ පෙට්‍ටි කිකිලි.....

ඒකි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වත් නෙවෙ...

අමොර්...අමොර්...අග බ්සව....ෆ්‍රොෆයිල් එකත් ලොක් කරගන.....ගජමන් නෝනා නෙමෑ මේකි මේක ලොක් කරන් ඉන්ඩ.....

Lives in UK

අම්මට සිරි මේකි UK ගිහින්ද....අපො යන්න බැරියෑ...තියන සල්ලි කදේ හැටියට....ඒත් කව්ද දන්නෙ මේකි යූකේ යූකෙ ගෑවට යුනයිටඩ් කින්ග්ඩම්ද...නැත්තම් උස්වැට කෙයියාවට ගියාද කියලා ...ඒවත් යූ කේ නේන්නම්...නැත්තන් ඌරු කන්ද????

උඹ ප්‍රොෆයිල් ලොක් කරන් ඕන මගුලක ඉදපන් ආය ආය මැදට එන්නෙ නැතුව.....දැන් ඉන්නෙ ඉස්සර් උන්න චූටියා නෙවෙ ටානියා...දෙයක් කිව්ව ගමන් අඩාගන යන්න....මරාගන මැරෙනවා තොපි ඔක්කොමව....

ම්ම්ම්හ්හ්....චූටී....

ආ උඹ නැකිට්ටද...අපතයා

චූටි...!!!

අතේ තිබුන නිර්වාන්ගෙ ගල්බාග ඵෝන් එක පැත්තට දාපු පාර ඒක ගිහින් වැදුනෙ අහක උන්න නිර්වාන්ගෙ ඌරු මූනෙ තිබුන ඌරු නහයට වෙනකොට එයා එක පාරම ගැස්සිලා ඇහැරුනා.....

අහකට අහකට පලයන් නිර්වාන්

ඇයි මේ...

මං නිර්වාන්ව තල්ලු කෙරුවා .....මෙච්චර වෙලාම හොදට උන්න මට වල්ගෙ පෑගුනා.....නිර්වාන් පන ඇරන් ඉන්නෙ මට බව දැන දැන උනත්....අර හිත යටින් එන ඊරිසියාව එක්ක හීනියට එන තරහවෙන් වල්ගෙ පාගගත්තු මං නිර්වාන්ව තල්ලු කරලා දානකොට නින්දෙන් ඇහැරුන එයා නිදිමතේම ඇයි මේ ගාලා ඇස් පොඩි කෙරුවා

මොකුත් නෑ

මොකුත් නැති නම් ඔහොම ඉන්නෙ

කිව්වනෙ සැරයක් මොකුත් නෑ.....

මන් ඇදෙන් බැස්සා...බැස්සා උනාට මට ආපහු ඉදගන්න සිද්ද උන....මගෙ ඉනෙන් පහල නෑ වගෙ....පුදුම තරන් වේදනාවයි...

සයාශ් ....ඇයි ලමයො....

මොකුත් නෑ...කිව්වනෙ...මොකුත්....නෑ නිර්වාන් ....

නට නිකන් දැන් ඇඩෙන්න වගෙ....හේතු නෑ....ඒත් නිකන් ඒකිගෙ ප්‍රොෆයිල් එක දැකපු වෙලේ ඉදන් මට මහ අමුතුයි වගේ...ඇයි බැලුවෙ හිතෙනව...කලිසම ඇදගන්න හදපු මං ආයම ඇදේ ඉදගත්තා ...ඉදගන ඉන්නත් බෑ...ඒත් එහෙමයි කියලා මට නිදාගන්නත් බෑ...මම විහින් හිතින් හදාගත්තු ප්‍රශ්නෙකට දුක් වෙවී උන්න මට කොහෙ හරි දුවන්න හිතුනා.....

චූටි.....

මං උන්නෙ අහක බලාගන...නිර්වාන්ගෙ කටහඩ වගේම එයාගෙ අතක් මගෙ පිට පුරාවටම එහා මෙහා යනකොට මං මීක් නොගා උන්නා.....

ඇයි මේ තරහෙන් කියලා කියන්න පුලුවන්ද ....

මොකුත් නෑ නිර්වාන් ...

මං එයාට මොකුත් නෑ කිව්වා...හැබැයි මං දන්නවා මගෙ කටහඩ ඇහෙන කාටත් නම් මොකුත් නෑ කියලා හිතෙන්නෙ නෑ...

මෙහෙ එන්න...ඔයා මොකුත් නෑ කියලා කියන්නෙම මොනවම හරි තියනවා.....කෝ.....මේ පැත්ත හැරෙන්නකො....මාත් එක්ක කතා නොකර මොනවද කියන්න මං දන්නෙ නෑනෙ ලමයො ම්ම්.....කෝ එන්න ...

එයා මගෙ උරහිසට අත තිය තිය එයාගෙ පැත්ත හැරෙන්න...එයාට කියන්න කිය කිය කියනකොට මගෙ හිත අවුරුදු ගානක් පස්සට ගියා...එයාගෙ අම්මා....

නිර්වාන් අම්මට ආදරෙයි.....කොච්චර නපුරු කම්.කෙරුවත් එයා අම්මට ආදරෙයි...

මන් දන්නවා මගෙ නිර්වාන් කිසිම දවසක මාව අත අරින්නෙ නෑ කියලා අත අරිනවා නම්...එයාට අට අරින්න තිබුන හොදම කාලෙ මං නැතුව ගෙවුන කාලෙ.....ඒත්...ආදරෙ වැඩි වෙන තැන මිනිස්සු බොලදයි...විහින් ප්‍රශ්න මවා ගන්නවා.....කොච්චර ආදරේ උනත් මට එයා ආදරේ නෑ කිය කිය රන්ඩු වෙනවා..මේ හැම දේම කරන්නෙ අවදානෙ ගන්න...වැඩි ආදරේ ගන්න...ඒක සාමාන්‍යයි...

.සයාශ් .....චූටි...හැරෙන්නකො...

නිර්වාන් ආයම මාව හෙලෙව්වා....එයා එකම අහනවා ඇයි ඇයි කියලා ....හිතින් මවා ගත්තු ප්‍රශ්නයක් උනත් මට ඕනා උනා එයාගෙන් බැනුමක් අහන් මං උඹට හුගාක් ආදරෙයි මගෙ චූටි කියලා අහන්න වෙනකොට අවසානෙදි මං කදුලු කැට දෙකක් පුරවන් එයාගෙ පැත්තට හැරුනා....

චූටි....ඇයි මේ...ඇයි දරුවො අඩන්නෙ...මොකද උනෙ...ඔයාට රිදෙන හන්දද...අනේ රත්තරන් ...සමාවෙයන් මගෙ වස්තුව ...කෝ...නාඩා ඉදින්කො චූටි..අනේ ඉතින්...අයියට චුට්ටක් නින්ද ගියානෙ වස්තුවෙ....

එයා හිතුවෙ වෙන එකක්....ඇස්වල කදුලු තියෙන්නෙ වෙන හේතුවකට කියලා හිතපු නිර්වාන් හෝ ගාලා මගෙන් සමාව ඉල්ල ඉල්ල ඉවරයක් නැතුව මාව ඉඹිනකොට මං නිර්වාන්ගෙ අත් දෙකෙන් අල්ල ගත්තා ....

ඒකට නෙවෙ....නිරූ

ඒකට නෙවෙ ...එහෙනම්.....වෙන මොනවටද...ඔයාට අඩන්න හේතුවක් තිබුන් නෑනෙ...මොනවා හරි මනස් ගාතයක් හිතුවද?

......

සයාශ් ....ඔලුව උස්සන්න...බිම බලන්න එපා....කියන්න...අඩන්න හේතුව මොකක්ද...අම්මා අප්පච්චි මතක් උනා කියන්න එපා චූටි....එයාලා නැතුව ඔය දෙන්නා හැදෙන්නෙ පොඩි කාලෙ ඉදන්...ලොකු නැන්දා ගැන කියන්නත් බෑ....මට කියන්න මොන හේතුවටද ඔයා ඇඩුවෙ.....

........

සයාශ් ....අඩන එකට හේතුව නොකියා මං කොහොමද ලමයො ඔයාට අඩන්න එපාය කියන්නෙ වත් ම්ම්ම්..කෝ...හොද දරුවනෙ....කියන්නකො සයාශ් ..මං උඹට අර මගුලට යන්න එපා කියපු හන්දද.....ඒකට නම් අඩන්නෙ මන් උඹව හොද ඒජන්සි එකකට රෙජිස්ටර් කරවන්නම් ගිය ගමන්ම...

ඒකට....නෙවෙ...

එහෙනම්.....මොන හේතුවටද...මොකාද උඹට බැන්නෙ...අඩන එක නවත්තලා කියපන් චූටි මොන රෙද්දකටද උඹ අඩන්නෙ උඹ අඩන හේතුව නොකියා මට උඹව සනසවන්න දිවැස් නෑනෙ...

ඒ පාර නිර්වාන් බනිනවා...මෙච්චර වෙලා ලමයො වස්තුවෙ ගගා උන්න නිර්වාන් අර පුරුදු නිර්වාන් විදිහටම යකා ආවේසෙන් වගේ බනින්න ගන්නකොටම මං එයාගෙ ඇගට පැනලා තුරුල් උනා....

නිර්....රූ....

චූටි....ඇයි මගෙ වස්තුවෙ මේ.....ඇයි කියන්නකො....මොකෙක් හරි එකෙක් බැන්නද කියපන් බැන්න එකාගෙ දත් ගලවනවා මං ගිහින්.....

ඔලුව ඔබන් උන්න මං ආපහු ඔලුව ඉස්සුවා...එයා කියනවා බැනපු එකාගෙ දත් ගලවනවා කියලා ...මෙතන ප්‍රශ්නයක් නෑ....තියන එකම ප්‍රශ්නෙ මං ඕනාවට වඩා හිතලා ප්‍රශ්නයක් දාගත්තු එක උනත්....ඒකිව මොන මගුලට මතක් උනාද නොදන්න මට මහ වේදනාවක් වගේම බයක් දැනුනා.....ඒකි අනිවාර්යයෙන්ම බිස්නස්මන් වුමන් කෙනෙක් වෙන්න ඇති ....ඒ නැතත් මොකක් හරි මගුලක් කරලා ඒකිගෙ සල්ලි බාගෙ තවත් වැඩි කරන් ඇති.. .....නිර්වාන්ගෙ අම්මා තනිකරම සල්ලි පස්සෙ පන්නන ගෑනියෙක් ..මගෙ අම්මා අප්පච්චි රට උනත්...නිර්වාන්ලාගෙ මාසෙක වියදම වෙන්න ඇති අපේ මාසෙක ආදායම...අනික ලොකුවට අවුළක් නෑ...ඒකට මොකක් හරි කම්පැනි එකකට පනින්න පුලුවන් ...ඒත් නලුවෙක් කිව්වම...රගපානවා කිව්වම...මංදා..අනිත් රටවල නම් තැනක් තිබ්බත්....ලන්කාවෙ නම් නලුවෙක් කිව්ව ගමන් කියන්නෙ...." ආ.....නලුවෙක්ද" ඔය වගේ මහ දියාරු උත්තරයක් ....ආනෙ ඇත්තද කොච්චර හොදද ඔයා නලුවෙක්ද කවදාවත් ඔය වගේ ප්‍රශංසාත්මක උත්තරයක් නම් මේ ලන්කාව ඇතුලෙන් නම් හොයන්න බැරි උනා....එහෙව් එකේ....

 

නිරූ...

ඔව්...කියන්නකො....කව්ද මගෙ වස්තුවව ඇඩෙව්වෙ....

නිරූ .....දොස්තර කෙනෙක්ට....නලුවෙක් ගැලපෙන්නෙ නැද්ද....නිර්වාන් ...?

මගෙ ඇස් වල කදුලු පිහදාන නිර්වාන් දිහා බලාගන මං දොස්තර කෙනෙක්ට නලුවෙක් ගැලපෙන්නෙ නැද්ද අහනකොට එයා තත්පර ගානක් මගෙ දිහා බලන් උන්නා.....

කව්ද ඔයාගෙ ඔලුවට ඔය මනස්ගාතෙ දැම්මෙ කියන්න පුලුවන්ද ??අනික රස්සාවෙන් මිනිස්සු ගැලපෙනවද නැද්ද කියල බලන්න කව්ද ඔයාට ඉගැන්නුවෙ ....ඔයාට දැන් තියන ප්‍රශ්නෙ.....මම දොස්තර ඔයා නලුවෙක්....මේ හේතු දෙක හින්ද අපිව ගැලපෙන්නෙ නෑ වගේ කතාවක් නම්...අනෙ ප්ලීස් මෙන්න වැන්දා කරුනාකරලා ඔය මනස්ගාත හිතන්න එපා සයාශ් ....

න්..නිරූ...ඒත්...ඒක

ශ්ශ් මේ අහන්න..මේ අහන්න...දැන් ..මගෙ චූටි හිතනවා නම්...ඒක මදි කමක් වගේ කියලා ..අනේ මං නම් හරි ආඩම්බරෙන් කියනවා...සයාශ් අබේසේකර කියන්නෙ මං මැරි කරපු කෙනා කියලා ...මං නම් කියනවා එයා නලුවෙක් මට හරි සන්තෝසයි කියලා ...ටීවි එකෙ දකින වාරයක් ගානෙ මම නම් කියනවා ඒ ඉන්නෙ මගෙ ආදරේ කියලා ...නිකන් නෙවෙ...ඒ තමයි මගෙ පලවෙනි වගේම අන්තීම ආදරෙ කියලා .....මට නම් ආඩම්බරයි....මොකද ....මාව දන්නෙ මගෙන් බෙහෙත් පෙත්තක් ගන්න එන මනුස්සයෙක් විතරයි ...මට ආදරේ කරන්නෙ මගෙන් බෙහෙත් පෙත්තක් ගත්තු මනුස්සයෙක් විතරයි ...ඒත් උඹට උඹට එහෙම නෑනෙ....

මගෙ සයාශ්ට රටේම මිනිස්සු නැති උනත්....සලකන්න පුලුවන් ප්‍රමානයක් ආදරේ කරනවා.....නලුවෙක් වෙන එක තෘප්තිමත් වගේම ආඩම්බර වෙන්න පුලුවන් රස්සාවක් වස්තුව ....ඉතින්.....දොස්තරට නලුවෙක් ගැලපෙන්නෙ නෑ කියන්නෙ කොහොමද ම්ම්ම්...ඇරත්.....ඒ මිනිස්සු දැනගත්තම....මේ නලුවව බැදලා ඉන්නෙ මේ දොස්තර කියලා..මටත් පොඩි මෙව්වා එකක් එනවනෙ බන්....

අඩුම ගානෙ මං චැනල් සෙන්ටර් එකක් පටන් ගත්තම උඹව දානව බෙහෙත් ඔතන්න...එතකොට උඹව බලන්න එන උන් බෙහෙත් පෙත්තක් වත් ආසාවට හරි ගනීනෙ .....නැද්ද මං කියන්නෙ....

මං කදුලු පුරවගන බලාගන උන්නා ....එයා වැල් වටාරමක්.කියෙව්වා .....මගෙ හිත හදන්න නොසෑහෙන්න දේවල් කියෙව්වා .....

චූටි.....

ම්ම්ම්...

මට දැනගන්න පුලුවන්ද ...හොදට උන්න උඹට එකපාරම ඔය වගෙ විකාරයක් මතක් උනේ ඇයි කියලා ...රස්සාවෙන් ජීවත් වෙන පිලිවල ගැලපෙනවද බලන්න එපා සයාශ් .....මමයි උඹයි ගැලපෙනවා නම්...එච්චරයි ..අනික...ගෙදරදි ජීවත් වෙන්නෙ නලුවෙක් වත්...දොස්තර කෙනෙක් වත් නෙවෙනෙ චූටි උඹගෙයි මගෙයි ගෙදර ජීවත් වෙන්නෙ.....නිරූගෙ චූටියයි....චූටියගෙ නිරුවයි....එච්චරයි .....

හ්ම්.....

හ්ම්....තමයි.....මට කියපන් ඇයි ඒ වගේ ගොබ්බ දෙයක් ඇහුවෙ කියලා .....

නිර්වාන් .....අර කෙල්ල....

කොර කෙල්ලද....?

අර...ඔයාලගෙ අම්මා කාලයක් තිස්සෙ මැරෙන්ඩ හැදුවෙ ඔයාගෙ ඇගේ එල්ලන්න බලාගන

ටානියද?

හ්ම්....

දැන් මේ ඔක්කොටම හේතුව ඒ හෝන්තුවද...ඒකි මොන මගුලෙද කියන්න කව්ද ලමයො දන්නෙ....

ඇත්තටම ඔයා දන්නෙම නැද්ද නිර්වාන් .....ඒකි කොහෙද කියලා

මට උවමනාව තියෙන්නෙ ඔයා යන එන තැන් හොයන්න විතරයි චූටි...එහෙව් එකේ මේ කොහෙවත් යන එකියක් ගැන හොයන්න ඇයි මං වද වෙන්නෙ.....

මං නිර්වාන්ගෙ ඵෝන් එක අරගන ආයම ඒකිගෙ නම සර්ච් කරලා ෆ්‍රොෆයිල් එක් පෙන්නුවා....නිර්වාන්ගෙ ඇස් හීනි උනා.....

දැන් මොකටද මේකිව.....

නැ ....මට මතක් උන.....

හරි උඹට දැන් මතක් උනා...මං කොතනක වත් ඒකිට මැසේජ් කරලා තිබුනද....

නිරූ...ඒකි ඉන්නෙ යූකෙ.....වල

දැන් උඹටත් යූකෙ යන්න ඕනෙද.....?පොඩ්ඩක් ඉදපන් එහෙනම් මග්ව් ඩිග්‍රිය ඉවර වෙනකන්....එක්ක යන්න...විකාර තනිකරම කොහෙවත් නැති මනස්ගාත හිත හිත අඩන වෙලෙ මං ගැන හිතපන්කො...

එහෙම නෙවෙ නිර්වාන් මන් කියන්නෙ....ඔයලගෙ අම්මා ඉස්සර ඉදම්ම ඒකිට කැමති

අම්මා කැමති නම් උන් දෙන්නා බැදගනී....

විහිලුවකට ගන්න එපා නිර්වාන් ...උන් සල්ලි තියන මිනිස්සු

දැන් ඒ හින්දද තමුසෙ මෙ රස්සාවල් සසද සසද නහින්නෙ...අනේ ඕයි අපේ අම්මයි මගෙ තාත්තා කියන මනුස්සයයි රජයෙන් ගසා කන පල් හොරු දෙන්නෙක්...වැදගත් කමකට රුපියලක් වත් හම්බ කෙරුව නම් අර මාව අසරන කරලා පැනලා ගියපු අප්පච්චි කියලා කියපු මනුස්සය විතරයි ...ඒ මනුස්සයා මුලතිව් වලට ගිය ගියාමයි එදයින් පස්සෙ මං උන්නද මලාද බැලුවෙ නැ...මට තමුසෙ ගැන ඇරුනම දැන් ඔය වෙන වෙන උන් ගැන හිතන්න කාලයක් නෑ සයාශ් ....විකාර නොහිතා ඉන්නවා..මං ඔය ගෙදරින් කන බොන එක නැවැත්තුවෙ තමුසෙගෙ නැන්දා මට තමුසෙව නැති කරපු දා ඉදන්...මට බැරි උනා...මොකද මං ඒ කාලෙ දෙමව්පියො යටතෙ ජීවත් උන එකෙක්.....ඒක හන්දා මට බැරි උනා එදා තමුසෙගෙ නැන්දට කියන්න මොන දේ උනත් මට තමුසෙව අත අරින්ඩ බෑය කියලා .....

හැබැයි ඒ අවුරුදු ගානකට කලින්....දැන් ඉන්නෙ මගෙ තනි සල්ලිවලින් ජීවත් වෙන මනුස්සයෙක් සයාශ් .....තමුසෙ බය වෙලා ඉන්නෙ අපේ අම්මා ඇවිත් මොකක් හරි මගුලක් කරයි කියලා නම්....හිතන්ඩ එපා මං අම්මට ආදරෙයි කිව්ව පලියට ...මගෙ ජීවිතේ තීන්දු තීරන ගන්න එයාට ඉඩ දෙයි කියලා ...ඒ ආදරේ හිතේ තිබ්බ දෙන්...එහෙමයි කියලා මට ඒ මනුස්සයා කරපු කියපුවා අමතක නෑ...නිකන් මනස්ගාත නොහිත මෙන්න මෙහෙ එනවා ඕයි නිදාගන්න ....

අර සංජනයා කියනවා හරි මෝඩ මොලයක් තියෙන්නෙ....එහෙමයි කියලා මෙච්චර මෝඩ ඇති කියලා හිතුවෙ නෑ

නි..රූ

වර වර මෙහාට...කැම්පස් ගියෙ අත උස්සලද චූටි ආ...

ම්හුක්....දුක හිතුනනෙ අනේ ඉතින් චූචියට

ම්න්....චූචියට කොයි වෙලේද දුක හිතුන් නැත්තෙ ම්ම්ම්..මගෙ මෝඩ චූචියට.....චින්තකට කියන්න ඕනෙ දෑවැද්දට මට පුන්නක්කු ගෝනියක් දෙන්න කියලා ඇයි ඉතින් මේ මං අරන් යන්නෙ අමු ගවයෙක්වනෙ...

අනේ ඇත්තමයි නිර්වාන් ...උඹට මන්...

.ඇත්තනෙ ...ආය ඉතින් අමු ගවයා ...

නිර්වාන් මාව තුරුල් කරගත්තා ...තනියෙන් මන්සගාත හිත හිත තනියෙන් දුක් උන මට බැනපු මගෙ හිත හදාපු නිර්වාන් මාව තුරුල් කරගත්තා ....

නිරූ.....

ම්න්....

ම්හුක්.

ඒ පාර මොකද උඹ.....

නිරූ ...අපි දැන් එලියට යනවනෙ... 

ම්න් ...ඉතින්.....

ඔයාට බැයිද අනේ...මේ...ඔයාට..බැයිද...ම්හුක්.....නිරූ .....මං...ලොකුවා එක්ක....ඔට්ටුවක් ඇල්ලුවනෙ....

උඹ ඔට්ටු ඇල්ලුවෙ ඌ එක්කනෙ...මා එක්ක නෙවෙනෙ....නේ.....තටම තටම ඉදලා ගොන් කතාවක් නම් කියන්න එපා චූටි.....

යිඔ....හ්...නිරූ.....හ්.....අඩුම ගානෙ...අපි....සුයිච් උනාවත්

බැ.....

අනෙ.....හ්...නම්බුව ගැන හිතලවත්

උබට හිතන්න නම්බුවක් නෑනෙ මගෙ ලමයො...

ඒ උනාට මං කියනවනෙ.....උඹයි බොටම් කියලා ....

ම්න් කියලා බලපන්...මස්සිනා කියලා නෑ මන් කලිසම ගලවලා පෙන්නනවා රතු උන පාරවල් නෑ කියලා

උඹ නම් මහ යක්සයෙක් නිර්වාන් ඇත්තමයි හිතෙ කිසිම තෙතක් නෑනෙ....

.ම්න්....තෙත තියෙන්නෙ හිතේ නෙවෙ වෙන තැනක..අතගාල බලන්න ඕනෙද.....

මං මුනින් අතට හැරුනා ලැජ්ජා නැති නිර්වානයා මගෙ සායම යවනකොට මන් ඒකා එක්ක තරහා වෙලා මුනින් අතට හැරෙනවත් එක්කම එයා මගෙ බෙල්ල පිටිපස්සට හාදුවක් තිබ්බා....

චින්තකගෙ දෙවනි ගව පැටියා ...

සෙනූ.....යෝහ්....ඉදගන්න බෑනෙ අනේ...

හිටන් ඉදපන් එහෙනම්....

උඹ මහ තිරිසනෙක් සෙනූ.....බබීට ඉදගන්න බැරි බව දැනදැන ඉදගගන්න කියන්නෙ....

බබීට ඉදගන්න අමාරුද....මගෙ බබීට....එහෙනම් වඩාගන්නද...නැත්ත...න්....වඩාගන....ගහ...න්.....

ආ..ආ...ආ....අපිත් මෙතන ඉන්නවා සෙනූ....අපේ ලොකුවට ඔයා මොනවද අනේ ඔය කිය නවනිංගිරා කතා...අපෙ නිරූටත් ඉදගන්න අමාරුයි තමයි ඒ කියලා මං ඔහොම ලැජ්ජා කරන්නෙ නෑනෙ...මෙහෙ එන්න නිරූ මෙතනින් ඉදගන්න...හෙමින් අනේ....පොඩ්ඩක් ඉන්න පස්සට කොට්ටයක් තියන්න....

ඌට නම් අමාරු උඹ ඇයි නොන්ඩි ගහන්නෙ කියපන් චූටියා....

ක්....කව්ද මං.....අයියෝ...මං මේ නොන්ඩි ගහන්නෙ මගෙ කකුල උලුක් උන හන්දා....

ආ..ආ..කොයි කකුලද...මැද කකුලද උඹගෙ උලුක් උනේ....ආ නිර්වානයා.....මේ පොඩි මෝඩයගෙ මැද කකුලද උලුක් වෙලා තියෙන්නෙ...?අනේ පල පල....

මේ ඔයා ඉන්නවද සෙනූ මට ඇති මැද කකුලක් නෑ...

මහ දවාලෙ පහු වෙලා ගියා...දවල් වරුම අඩව් අල්ලපු..බැනුම් අහපු..නිස්කාරනේ අඩාපු මං එයාට තුරුල් වෙලා නිදියලා නිදියල අවසානෙදි එයත් එක්ක මං එයා එක්ක එලියට එනකොට සැලටනික් කපල් එක තේ හදනවා....

ඩිපූටියා නම් ගවනර් වගෙ කකුල් දෙකත් උඩදාගන ඉදගන ඉන්නකොට අපේ එකා කක්කුට්ටෙක් වගේ පැත්තට පැත්තට ඇවිදින ගමන් උගෙ පෙට්ටි කට එහා මෙහා කර කර අඩන්න හැදුවා ....

ඌට ඉදගන්න බෑලු කියන්නෙ...ම්ම්ම්ම්ම්ම්...ඩිපූටියා....

අපේ එකාගෙ පලලවත්තෝ....මන්තා.....ම්හුක්....ඔය කිව්වට මටත් හරි වේදනාවයි තමයි...මං මේ මොකුත් නොවුන එකා වගෙ උන්නට...කොහෙද ඒත් ඉතින් අරූ එක්ක බෑනෙ.....

ලොකූ...ලොකූ....

තවත් චුට්ටක් මෙතන උන්නොත් මගෙත් කාඩ් කැපෙන හින්දා කාමරේ පුරාවටම කොරවක්කා වගේ ඇවිදපු මන් දත් මිටි කාගන කොන්ද කෙලින් තියාගන හරි අමාරුවෙන් කුසියෙ උන්න ලොකුවා ගාවට ගියා....

ඌ තනිකරම වක ගහල වගේ හිටන් උන්නෙ...

ලොකුවා.....

ඇයි...වදේ...ඇයි...කියපන් එකම වචනෙ සියපාරක් කියන්නෙ...යෝ....වේදනාවයි....

නොසෑහෙන්න...

ඒ උඹට එච්චර රිදෙනවද...

අ..අනේ..නෑහ්.....මගෙ මෙ කොන්ද පොඩ්ඩක් ඇවිලිලා.....ඒකයි වේදනාව කිව්වෙ....වෙන අවුලක් නෑ.....උඹලා දෙන්නට තේ එකක් හදන්නද....?

හ්ම්...හදපන්කො...එහෙනම්....කොන්ද ඇවිලිලා නම් තෙල් ටිකක් වත් ගාන්නද උඹට.....

ඕන් නෑ...ඇරිලා යයි....ඒක....

කොන්ද නම් රිදෙන්නෙ ඇයි උඹ නොන්ඩි ගහන්නෙ

අනේ චූටියා මේහ්...තෝ මගෙන් මොකුත්.....නාහා.....අනේහ්.....

ම්ම්ම්.....අමොර්...අමොර් ...මුසාවාදා නම් තෙපලන්ඩ රුසියා....ලැජ්ජ ඇති පිච්චමල්බිසව්තමෝ බොටමා උනා කිව්වම....ම්ම්ම්...හරිම අගෙයි ආ....හරිම..අගෙයි.....

.අරූ කුන්දු ගගහා එහා මහා වෙවී ඉගූරු කෑල්ලක් සුද්ද කරන ගමන් මා දිහා බැලුවා....

.චූටි.....

ම්ම්ම්

ශෙනිරු අහනවා....රට යමුද කියලා ...

රට??....

හ්ම්...එයාගෙ අම්මගෙ පැත්තෙ අය ඉන්නෙ ඔසීවලලු...එහෙ ගියොත් මොකක් හරි ගේමක් ගහන්න පුලුවන් ලු...මෙහෙ උන්නොත් නම් හැමදාම එකම තැනලු..අනික එයාලගෙ අප්පච්චි අදක ඊයෙක නෙවෙලු ඕක කියන්නෙ.....

ඔසී වලට.....බර ගානක් යයිනෙ බන්....

කතා කරන ගමන් ඌ ප්ලේට් එකට දාපු බිස්කට් වලින් බිස්කට් එකක් කටේ දා ගත්තු මං සනාශ්ගෙ මූන දිහා බලන් උන්නා.....ඔසී වලට යන්න.....මං හිතෙන්නෙ නෑ...අපෙ ගේ උගස් කරලා වත් යන්න පුලුවන් කියලා ...නෑ..ගේ උගස් කරලා නම් යන්න පුලුවන් කියමු.....ඒත්...අම්මා අප්පච්චි අවුරුදු ගානක් තිස්සෙ නැහීගන නැහිගන හදපු ගේ යනතන් සම්පූරන කෙරුවා විතරයි .....එක රැයක් වත් ඒ මිනිස්සුන්ට ඇවිත් නිදාගන්න බැරි උනා....ඇරත් ....ශෙනිරුලාට සල්ලි තිබ්බා කියලා .....අපේ එකාට ගෙඩි පිටින් වියදම් කරන්න....ඌ ගාව තියෙයිද....වත්කම් පෙන්නන්න ඕනා...අනික...ස්ටුඩන්ට් යනවා නම්.....

උඹ මොනවද හිතන්නෙ චූටියා.....?

උඹට හරි ගියා කියන්නෙ මට හරි ගියා වගේ තමයි...ඒකෙ වෙනසක් නෑ....ලොකූ....ඒත්.....ඔව්වට වියදම්....එසෙ මෙසේ සල්ලි කදක් නෙවෙනෙ ලොකූ ඕනෙ....උඹට වියදම් කරන්න ශෙනිරු ගාව.....

ශෙනිරු හදන්නෙ....ටවුන් එකෙ තියන ගෝල්ඩ් හවුස් එක විකුනන්න.....

මොකක් අර.....අබේසේකර ජුවලර්ස් එක...??

ම්...ඒක විකුනනවා කිව්වා...සල්ලි ගැන හිතන්න එපා කිව්වා...මගෙන් ඇහුවෙ එනවද කියන එක විතරයි ....හැබැයි....ආය එන්න නෙවෙ කිව්වා....මං නොදන්නවා උනාට.....අපි නොදන්නවා උනාට.....උන් අපි නැති කාලෙ හැම දේම ප්ළෑන් කරලා.....උඹයි මායි කෙරුවෙ උන් ගැන හිත හිත පිස්සු නටපු එක...දෙමව්පියන්ගෙ ඇස් වලට කදුලු දීපු එක.....බලන් ගියහම උඹයි මායි විතරයි මෝඩ වෙලා තියෙන්නෙ චූටි.....

අපි පිස්සො පිහාට්ටො වෙනකොට ...ලෝකෙ ඉස්සරහට ගිහින් මල්ලි....ශෙනිරු එහෙම කියනවා....මට සෙනූ කිව්වා.....නිර්වාන් කැලනිය කිට්ටුව ගෙයක් හදලා කියලා .....

හ්ම්...

උඹයි මායි මොනවද කරන් තියෙන්නෙ මල්ලි....අම්මා අප්පච්චි ගෙ ලේ පුච්චපු එකයි.....ලොකු නැන්දගගෙ ඇස් වලට කදුලු දීපු එකයි විතරයි බලන් ගියහම.....වේදනාව ආවෙ අපි හතර දෙනාටම...ඒත් ...උන් දරාගත්තු විදිහයි...අපි දරාගත්තු විදිහයි වෙනස් උනා මල්ලි....උන් වේදනාවෙන්ම නැගිටිනකොට ...අපි දෙන්නා වේදනාවෙම්ම නාස්ති උනා....

උඹම හිතපන් සයාශ් .....ඉස්සර උන්න උඹගෙ මගෙ රූපයක් හොයන්ඩවත් තියනවද.....අපි මේ ඇවිත් රත්තරන් හැන්ද කටේ ගහන් ඉපදුන උන් නෙවෙ...ඒත් .....පුලුවන් සැප දීලා හදපු උඹට මට තිබුනෙ කෙල්ලෙක් උනත් දෙපාරක් හැරිලා බලන රූපයක්.....ඒත්...අද...උඹ මම කියන්නෙ මහ සිපයි දෙන්නෙක් වගේ මල්ලි.....

උන්ගෙ කතා ඇහුවමා මට කියන්න තියෙන්නෙ...නම්...උඹයි මායි නාස්ති උනා සයාශ් .....මට ඒ ඇරෙන්න නම් කියන්න දෙයක් නෑ...උඹයි මායි අර මොන දේ උනත් පොඩි නැන්දලගෙන් අම්මා අප්පච්චි ට වගේම අම්ම වගේ බලාගන්න ලොකු නැන්දට ළැජ්ජාවක් වෙන්න දෙන්න බැරි හන්දා කැම්පස් එකට රිංගගත්තා ...ඒකත් මං හිතන්නෙ පෙර පිනකට මල්ලි....

උන්න විදිහට මං දන්නෙ නෑ මං නම් කොහොම ලිව්වද කියන්න...ඒ ඇරුනම...උඹයි මායි.මොනවද බන් අපිට කියලා කරන් තියෙන්නෙ....???තාම අම්මා අප්පච්චි ගෙන් කකා බිබී නිකම්මු වගේ ඉන්නවා....

මං කන්න ගත්තු බිස්කට් එක ආපිට ප්ලේට් එකට දැම්මා....මගෙ පිරිය නැති උනා.....කිව්වත් වගේ....අපි මොනවද අපි වෙනුවෙන් කරන් තියෙන්නෙ හිතුනා....මට නලු උන තිබ්බ නිසා යන්තමට ටීවි එකෙ ඇඩ එකකට දෙකකට ලාවට වගේ මුන ඔබා ගත්තා.....ඒත්...

මට ඇත්තටම එපා උනා....නිර්වාන් ශෙනිරු ඒ දෙන්නගෙ වේදනාව දරාගන තිබුනෙම නියම පිරිමි විදිහට වෙනකොට මායි සනාශුයි පුලුවන් තරන් නාස්ති උනා....

උඹයි මායි කියන්නෙ.....හදවත හන්දා...අක්මාවටයි...පෙනහල්ලටයි වේදනා දුන්න නිකම්මු දෙන්නෙක් වගේ ලොකු....හත් අවුරුද්දක් විතර කිරි පෙව්වෙ මං වගේ නිකමෙක්ට කියලා අම්මා දන්නවා නම්...මට රන් කිරි එලි දාන්ඩ ගහන්න ගියා.....නෑ..මං හිතන්නෙ නෑ බන් අම්මා ගහයි කියලා ..

අපි බීපු කිරිවලටත් නය උනා චූටියා.....

උඹට ඌ එක්ක ගියෝතින් අනාගතයක් තියේවි ලොකු...අපි ගෑනු නෙවෙ.....ඒත්.....ගෑනුන්ටත් කාලි වැහුනම එන හයිය ගැන බලන්න නම්...අම්මා දිහාවයි ලොකු නැන්ද දිහාවයි බලපුවම තේරෙනවා.....උඹට මොකක් හරි මැච් එකක් ඌ එක්ක ගහන්න පුලුවන් උඹ මොලෙ නැති ගොනෙක් නෙවෙනෙ.....උඹට සල්ලි වලින් උදව්වක් ඕනා නම්...මං මගෙ ගාව තියන පනම හරි උඹට දෙනවා ඒක ගැන හිතන්ඩ එපා...මිටත් වඩා...ගෙවල් වල මින්ස්සුන්ගෙ ලේ පුච්චන්න බෑ...උඹ යමන්..ඌට කැමති කියපන්.....

කමක් නැද්ද මල්ලි.....මං උඹව දාලා ගියාට...මං...කවදාවත් ...උඹව දාලා ඔච්චර දුරක ගිහින් නෑ මගෙ චූටි...මං ගියා නම්...ඒ කැම්පස් එකට විතරයි ...ඒත්...මං ආවා.....

ඇයි මගෙන් කමක් නැද්ද අහන්නෙ....මේක උඹේ ජීවිතේ සනාශ් ...එක බඩවැල කඩාගත්තා කියලා ...එකම බඩ බෙදා ගත්තා කියලා එකම කිරි බෙදා ගත්තා කියලා උඹගෙ අනාගතේ මා එක්ක බෙදාගනින් කියලා කොහෙවත් ලියලා නෑ.....උඹ යමන්.....මට පුලුවන් අම්මා අප්පච්චි ආවම බලාගන්න...උඹ යමන් ලොකු...මං වගේ නලු ඌස්නෙ ගහපු එකෙක් වෙනුවට .....ලොකු තැනක ඉන්න තවත් පුතෙක් ඉන්නවා කියලා හරි අම්මා අප්පච්චි සතුටුවෙයිනෙ....

මගෙ ඇස්වල කදුලු පටලයක් බැදුනා...ඌ යන්නත් මගෙන් අහනවා....මං ඌට යන්න කිව්වා....අඩුම ගානෙ ඌ වත් කකුල් දෙකෙන් හිටගනීනෙ.....මොකද ..මට තියෙන්නෙම හරි හිමිට ඉහලට එන්න පුලුවන් ගමනක්...අඩුම ගනෙ මන් තැනකට එනකන් අම්මා අප්පච්චි ඌ දිහා බලලා හරි සතුටු වෙයිනෙ....

ඉදා උඹගෙ තේ ....අම්මටම සිරි උනා නේද....

කරන්ට් එක ගියා

බලපන් ඔය ලාච්චුවල ඉටිපන්දමක් වත් තියනවද කියලා ...

මට හිනා ගියා ...අවුරුදු විසි ගනන් වෙලා....තාමත් කරන්‍ට් ගියහම බය වෙන අපි දෙන්නා ගැන හිතලා මට හිනා ගියා....

ඉටිපන්දම් ඕන් නෑ ලොකු...අන්දකාරෙට වඩා බය වෙන්න ඕන දේවල් මේ ලෝකෙ තව තියනවා.....ඕක අරන් වරෙන්.....

තවමත් අන්දකාර නැති උනත් වහලා තිබුන කර්ට්න් නිසා මද අන්දකාරෙකින් සාලෙම වැහිලා තියනකොට කටවල් දෙක බෝක්කු උනත් අපි දෙන්නම අන්දකාරෙට පන බය දන්න හන්දම නිර්වාන් වහලා තිබුන කර්ට්න්ස් ටික ඔක්කෝම ඇරලා ජනෙලුත් ඇරියා ....

ඉර බහැගන යනවා.....

නිල්පාට අහසම දැන් තනිකරම සම්බෝලා පාට වෙලා......මෙච්චර වෙලාම ආතක් පාතක් නැතුව පියාඹපු හැම කාක්කෙක්ම උන්ගෙ කූඩුවලට පියාඹනකොට සෙක්කල් යන මිනිස්සු උනුන්ගෙ බෝට්ටු වලට ආම්පන්න පටවන හැටි මං බලාගන උන්නා.....ඇදන් ඉන්න ගවුමට උඩින් චීත්තපටක් පටලවගත්තු උන්ගෙ අඹු දරුවො පවා බෝට්ටු ගාව ඉන්නකොට මං බලාගන බල්ලෙක් දෙන්නෙක් ඒ වටේ කැරකෙනවා ...

පෙට්‍රල් සුවදයි....

ඉගුරු දාලා හදපු තේ එකේ ඉගුරු සුවදට වඩා ස්ටාර්ට් වෙන යමහා එන්ජින්වල සුවදට මගෙ හිත පිරුනා....අනිවාර්යයෙන්ම මේ මිනිස්සු තව හෝරා තුන හතරකින් එනවා...එතකොට ඉතින් ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වල උන් කරන්නෙ නෑඹිලියක් පිරෙන්න පොල් ගාගන පාන් කපාගන.....රොටි පුච්චගන බලන් ඉන්න එක.....වෙන මොකටවත් නෙවෙ...අලුත් මාලු හොද්දක රහ බලන්න....

චූටියා...කව්ද දොරට ගහනවා.....

ඔහොම ඉන්න මං බලන්නම්

කමක් නෑ නිරූ මං බලන්නම්

තේ එකට් ඔබපු බිස්ක්ට් එක කටට ඔබා ගන්නවා එක්කම කවුරු හරි එකෙක් දොරට තඩි බෑවා..මං වෙනුවට නිර්වාන් යන්න හැදුවත් නිර්වාන්ව නවත්තපු මං ඉදන් උන්න තැනින් නැගිටලා දොර ගාවට ගියා...

ආයම බෙල් එක වදිනවා මොන ගෝතයෙක්ද මන්දා..මුන්ගෙ රූම් සර්වීස් එකෙන් ලාම්පු බෙදන්න ඇවිත්ද කොහෙද ....

මේ එනවෝ...!!

ක්ලික්...ක්ලික්....

දොරෙන් එපිට එකාට හිතින් බැනපු මං දොර ඇරියා.....

.අනේ මේ ඔයාලට...ත්.....ක්....ක්....කර....ආඅර....ව්...මේ.....අ...අපේ.....ච්.....චූ...ටි....යා.....

ච්ච්...ච්.....ච්...

කව්ද චූටියා.....?

කව්ද මන්දා ගොතයො දෙන්නෙක්.......

මොකක්.....

මං හිතන්නෙ.....පිරිත් ගෙදරට යන පාර වැරදිකලා ආව ගොතයො දෙන්නෙක්ද කොහෙද ලොකූ බලපන්....

අනේ...චූටි ම..ල්ලි...!!

👉👈.....!

More Chapters