Cherreads

Chapter 61 - 61

නිර්වාන් .....

මං එයාගෙ ඇගට අතක් තිබ්බා...කනට නෑහෙන ගානට මිමිනුවා...එයාට නින්ද ගිහින්ද....නෑ කොහොමත් වෙන්න බෑ..මේ තත්පරේට.....එයාට නින්ද යන්න විදිහක් ඇත්තෙම නෑ....මුනින් අතට උන්න එයාගෙ දිහා බලන් උන්න මං එහෙම ඒ මූනට එබුනා....මූන චුට්ටක් ඉව කරලා බැලුවා.....අරක්කු ගදයි....මූ මට පේන්න වයින් බීලා ඊට කලින් අරක්කු බීල...යසයි අනාගත සමුනගෙ බේබදු කම...

මහා ඌරු මූනක් තියෙන්නෙ....ම්හුක්...

මේ තීන්නෙ ඌරූ මූන මගෙ.....ඌරු කම්මුල...ඌරු නහය....ඌරු කට...!!

.ම්හුක්...මං ඌට දැන් එන්න බැ කිව්වනෙ නිරූ....

මං හොරෙක් වගේ මූනට එබීගන ඉදලා කුටු කුටු ගෑවා....ඒත් එයා නෙවෙ මීක් ගෑවෙ.....

නිදි කුමාරි වැහිලද කොහෙද .....මං හිතන්නෙ කුමාරයෙක් ඇවිදින් උම්මියක් දීලා යනකන් වෙන්න ඇති මේ ඉන්නෙ....

නිරූ...

ම්හුක්...ඔයා දොයියපතන් වෙලා නෑනෙ.....මේ දරු පැංචා තනියෙන්නෙ.....

මං දැන් ඌට එන්නත් බෑ කියලා කිව්වනෙ.....නොදරු පැංචව රවටන්න ඌ නිල් චිත්‍රපටියක් වත්ගහන්ඩ ගියාතෝ....මන්තා නේත නිරූ.....

හොද වෙලාවට අපේ සුතර්මා මාව මොලේ තියන මිනිහෙක්ට දුන්නෙ....ගොනෙක්ට දුන්නා නම්...දරු පැටියා හැම ලබ්බටම යනවනෙ.....යෝහ්.....බලන්නකො...මේ අමුතු ඇටේ සිනමාව නම්.....මං කවද හරි තැනකට ගියොත් මුලිම්ම කියන්නෙ....මොකක්ද දන්නවද නිරූ....

මං අද මේ තැන ඉන්නෙ...මට වෙන ඉන්න තැනක් නැති හන්දා කියලා ...

එහෙම හොදයි නේ අපෙ මහත්තයා.....ඈ අනේ.....කියපල්ලකො පුතෙ....යොහ්.....මුසාවනෙ.....මුලාවනෙ....මේ තත්පරේට උඹට නින්ද යන්න උඹ නිදි කුමාරිත නිරූ... ??

මං නිර්වාන්ගෙ ඇග උඩ නැග්ගා.....ඇග උඩ පෙරලුනා...තරහා වෙලා නිදා ගත්තු නිර්වාන්ව ඇහැරවන්න ආපිට යාලු කරගන්න මං මුලු සිනමා කර්මාන්තෙටම බැන්නා...කටට එන හැම විකාරෙම.කියෙව්වා ...ඒත් එයා නෙවෙ මීක් ගෑවෙ.....අඩුම ගානෙ ඇග උඩ දගලන්නෙ නැතුව බැහැපන් කිව්වෙ...

මං එයාගෙ ඇග උඩ නැගන් ගෙම්බෙක්වගේ මගෙ පස්ස උඩ දාගාත්තා ....කොන්ඩෙ අවුල් කෙරුවා .....මං දගලන හන්දම එයා ඇදන් උන්න රොබ් එක එහා මෙහා වෙලා උරහිස් වලින් බුරුල් උනා. 

බෙල්ල පිටි පස්සෙම තියන උපන් ලපය....

මගෙ ඇස් නැවතුනෙ මෙතන...අවංකවම මං මෙ උපන් ලපෙ මෙච්චර ලගට දකින පලවෙනි පාර....ඉස්කෝලේ යන දවස්වල අවාරෙට වැහි වැටෙනව වගේ තුරුල් කර ගත්තා උනත් කවුරු හරු දකී කියන බයට අපි හැමදාම ඈත් උනා..මට බැරි උනා එයගෙ සර්වාංගෙ තියන දේවල් කවදාවත් නිවි හැනහිල්ලක බලන්න...

මගෙ ඇස් නැවතුනෙ ඒ පුංචි ලපේ ගාව....

..නිර්වාන් ....මං....මෙතනට හාදුවක් තියන්නද .....

මං මිමිනුවා...ඒත් එයා නෙවෙ මීක් ගෑවෙ....එයා නෙවෙ උත්තර බැන්දෙ.....ඒත් මං දන්නවා එයා අහන් ඉන්නෙ කියලා .....එයා නිදි නෑය කියලා ...එයාගෙ ඇග උඩ පෙරලීගන උන්න මං බෙල්ල ගාවට වැවුන කොන්ඩෙ ගස් එහා මෙහා කරලා ඒ පුංචි උපන් ලපේ ගාවට මගෙ කට තිබ්බා.. .

මං දන්නවා අනිවාර්යයෙන්ම එයා එයාගෙ යටි තොල හපා ගන්න ඇති.....මං දන්නවා...එයාට අනිවාර්යයෙන්ම මගෙ උනුසුම දැනෙන්න ඇති....

නිරූ.....

බෙල්ලට හාදුවක් තියාපු මං එයාගෙ කනට කෙදිරුවා...එක පාරක්...දෙපාරක් නෙවෙ ... තුන්පාරක්ම ....නිරූ...නිරූ ගාපු මං අනිත් පාර කෙලින්ම නිර්වාන් ගෙ කන හැපුවා...ඒ එක්කම මෙච්චර වෙලාම තද නින්දක උන්න නිදි කුමාරි එක පාරම උඩ බෙලි අතට හැරුනා .හැබැයි...මං ආපහු ඇග උඩට නැග්ගා...

නිරූ.....

මොනවද ඕනෙ ම්ම්....

ම්හුක්.....තරහා වෙන්න එපානෙ අයියො.....

තරහා නෑ....කව්ද තරහයි කිව්වෙ ඔයා එක්ක....

ඒ උනාට චූචියට හරියට දුක හිතුනනෙ නිරූ.....අහක බලන් බයිය පුතා කරන කොට ...

ම්න්....දුක හිතුනද

ම්හුක්....හුගක්.....

එහෙනම් දුකට පුන් ගහගනින්...

.ආ..ආ..ආඅ..නිර්වාන් මේ.....ඔව්වට නම් එන්න එපා ඈ ...වලත්තයා...මහ වනචරයෙක් වෙලානෙ නිරූ ඔයා.....ළඟින් උන්න නැති ටික කාලෙට නිරූ හුගක් වල් වැදිලා.....!!!....

චූටී....

ම්ම්ම්ම්ම්

මං උන්නෙ දැන් නිර්වාන් ගෙ ඇග උඩ...මෙච්චර වෙලාම මාව ගනන් නොගෙන උන්න නිර්වාන් එයාගෙ අත් දෙකෙන් මාව තුරුල් කරන් ඉන්නකොට මං මගෙ ඇගිලි දහම එයාගෙ මූන පුරාවටම අරන් ගියා ඇහිබැම දිගේ නහය...කට .. ඇස් .....ඉස්සරහට නෙරාපු උගුරු ගැටේ...

ඌරු මූනක් තිබුනට මොකද මේ මිනිහා නම් ඇත්තටම ස්ල්පීන් බියුටියම තමයි....අනේ මන්දා ...ඇයි මේ මිනිහා මෙහෙම ලස්සන වෙලා තියෙන්නෙ කියලා....මොනවා හරි කොලොජන් එකක් වත් බොනවද නැත්ත....ග්ලොව් වත්....නැත්තන් අර ලක්ශ පහෙ ඉන්ජෙක්ශන් එක වත් විදලද....???

මං ඇස් දෙකත් හීනිකරන් නිර්වාන් දිහා බලාගන උන්නා.....

කාක්ක වගෙ කටඇරන් මොනවද බලන් ඉන්නෙ?

ම්හුක්.....මොකුත් නෑ...මොනා බලන්නද.....වැඩේමයි බලන් ඉන්න....වේල්ස් කුමාරයා නෙමැයිනෙ...පිස්සු තමයි

.ම්ම්ම්..දන්නවා..දන්නවා නිරූ ලස්සනයි කියලා ....ඔයාගෙනෙ ඉතින් ....චූටියගෙ නෙ ඉතින්.....වේල්ස් කුමාරයා කිව්වෙ...විලියම්ටද .....විලියම් වෙන්න බෑනෙ විලියම්ගෙ වට කෙස් මැද හිස්නෙ ලමයො.....

අනේ නෑ....එහෙම ලස්සනයි කියලා නම් හිතුන් නෑ මට මං මේ වෙන දෙයක් ගැන කල්පනා කෙරුවෙ ..අනික...විලියම් ගාවින් උඹව තියන්නවත් පුලුවන්ද නිර්වාන් බෑනෙ ...

.මං අහක බලාගත්තා ...මේ මිනිහා බීලා හන්දද කොහෙද කියවනවා වැඩී....හැබැයි ඉතින් බිව්වහමත් මිනිස්සු ඇත්ත කියනවනෙ...

නිර්වාන්ගෙ බඩ උඩ ඉදන් උන්න මං අහක බලාගන ඉදලා ඒ මූන දිහා බැලුවා.....මං හිතුවා හරි...මිනිහට වැදීගන එන්නෙ ..ඌරු මුන රතු වෙලා...ඇස් දෙකත් අඩවන් වෙනවා....කතා කරන වචනයක් පාසාම කටින් අරක්කු සැරත් එනවා...වයින් ග්ලාස් එකක් අතේ තියන් මාව මුලා කෙරුවට මූ එලියෙදි ගසලා.....හිටපන්..මාත් බොනවා...බිලා..මං උඹව දූසනේ කරනවා...මමවත් අපේ චිම්තකගෙ නාමය රකින්න එපැයිනෙ.... අපෙ සැලත් බොටමෙක් ...සුතර්මගෙ බීකරයත් බොටමෙක් .....මමවත් එක රෑකට හරි ටොපෙක් වෙන්න එපැයිනෙ නේ.....

නිරූ ....

.ම්ම්ම්ම්...

මං කව්ද.....මේ ඔයාගෙ ඇග උඩ ඉදන් ඉන්නෙ...මං කව්ද නිරූ....

මම බෙල්ල ඇල කෙරුවා .....බෙල්ල ඇල කරලා වෙරියෙන් උන්න නිර්වාන්ගෙන් මන් කව්ද ඇහුවා .. එයා මගෙ දිහා බලාගන උන්නා...ඉදලා ඇස් පියාගත්තා හැබැයි ආයම ඇරියා.....

මං කව්ද නිර්වාන් .....

"මගෙ ....පන....."

මං අහන්නෙ....නම.....නම.....

.සයා....ශ්....

සයාශ් ඉතුරු එක....ඉතුරු එක මොකක්ද.....?

.සයාශ් ....ශෙහාර.....

.හ්ම්.....

තව...මොනාද....ඔයාට....දැනගන්න...ඕනෙ...එයා....මාව...දාල...ගියෙ...ඇයි...කියලා...දැනගන්න ඕනෙද....එයා...නැතුව...මං..කොහොමද ...උන්නෙ....කියලා...දැනගන්න...ඕනෙද....ඒත්...නැත්තන්....මං...එයාට....කොච්චර ..ආදරේද...කියලා ...දැනගන්න ඕනේද....ඒ...ත්....නැත්තන්...ඇයි...මං...එයාට....සැර...කරන්නෙ.....කියලා....දැන...ගන්න...ඕනෙද...

මං බලාගන උන්නා....වෙරි මතෙන් උන්න නිර්වාන් වචන ඇද ඇද මගෙන් මොනවද දැනගන්න ඕනෙ අහනකොට මං එහෙම්ම එයාගෙ අවුල් උන කොන්ඩෙ මගෙ ඇගිලි වලින් හදලා දාඩිය දාලා රතු වෙලා තිබුන මුනට හාදුවක් තිබ්බා....මුනට කියන්නෙ කෙලිම්ම නලලට.....

.නිර්වාන් ....මාව කොච්චර මතක් උනාද...

අමතක....වෙලා උන්නා ..නම්...තමයි...මට...මතක්...වෙන්න....ඕනෙ.....මට....අමතක...වෙලා උන්නෙ නෑ ඔයාව....

කවදාවත් ...මාව හම්බුනෙ නැති උනොත් ඔයා මොකද...කරන්නෙ නිර්වාන් ....

.......

ආ නිරූ...මාව කවදාවත් ...ඔයාට හම්බ නේ නැති උනා නම් ඔයා මොකද කරන්නෙ....

මං එකම ප්‍රශ්නෙ එයාගෙන් දෙපාරක් ඇහුවා... එකම වචනෙ මං තද කර කර එයාගෙන් දෙපාරක් ඇහුවා...මතෙන් වගේ උන්න නිර්වාන් මගෙ ප්‍රශ්නෙ අහගන ඉදල ඉදලා කට කොනකින් හිනා උනා ....හිනා වෙලා මගෙ මූන අත ගාන්න හැදුවා...එයා මගෙ මූන අත ගෑවා..නිකන් නෙවෙ...ඇස් දෙක පියාගන....අවසානෙදි එයා ඇස් ඇරියා...

නිර්වාන් ගෙ .....ආදරේ කියන්නෙ....ආගමක් නම්..... සයාශ් ..කියන්නෙ.....එ ආගමෙ.....ගාථාව...ඒ...ආගමෙ....

යාක්ඥාවක්....එහෙම....උනහම....මට...කවදද....උඹව....නැති ..වෙන්නෙ සයාශ් ම්ම්ම්.....

මට දුක හිතුනා නිර්වාන් මතෙන් උනත් මේ අකුරු ඇහිදින විදිහට මට දුක හිතුනා....එයා කිව්වා...නිර්වාන්ගෙ ආදරේ කියන්නෙ ආගමක් නම්....සයාශ් කියන්නෙ ගාථාවක් කියලා ...

නිරූ.....මං ...තව එකම...එක ප්‍රශ්නයක් අහන්නද....මගෙ..නිර්වාන් ....

ම්න්...අහන්න...මට...පුලුවන් ....ඔයාට....උත්තර...දෙන්න....මට....ඕනෙ...දැන්...ඔයා එක්ක කතා කරන්න....කතා..කරන්න...තියෙන කාලෙ....ම්න්....ම්න්..ගාලා...මං...ලොකු පාඩුවක්...කරගත්තා...මට....ආයම.....පාඩු...විදින්න....බෑ.....මට....කතා...කරන්න...ඕනා...මගෙ....චූටිට...පුලුවන්ද මට කතා කරන්න. ..උගන්නන්න...

මං ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා....බීලා උනත් එයා කියවන්නෙ එයාගෙ යටි හිතේ තියන දේවල් වෙනකොට මං නිර්වාන්ගෙ ඇග උඩ ඉදගන හරි වේදනාවෙන් බලන් ඉදලා ලොකු හුස්මක් ගත්තා.....

නිරූ... ..මං තව මොකූත් අහන්නෙ නෑ...මං දෙයක් අහන්නම්....මට ඇරෙන්න...ඔයා තව කාටහරි...ආදරෙ කෙරුවද නිර්වාන් .....

එයාගෙ ඇස් දෙක වෙනස් උනා ....මං ඇහුවෙ එක දෙයයි....ඒ මං ඇරෙන්න එයා වෙන කාටහරි ආදරේ කරනවද කියන එක වෙනකොට එයාගෙ ඇස් ...ඒ මූන වෙනස් උනා....

ම්න්.....

කාටද කියලා දැනගන්න පුලුවන්ද

ම්න්.....

කාටද නිරූ...

වැඩකට ....නැති..කෙනෙක්ට...

වැඩකට නැති කෙනෙක්ට.....

......

කව්ද....නිරූ

අම්මට.....

මට මොකක්ද වෙලා ගියා..කොච්චර කා කොටා ගත්තා උනත්..මරා ගත්තා උනත්....එයාගෙ යටි හිතේ අම්මා කියන කෙනා කාටත් හොරාවට ජීවත් වෙනවා කියන එක වෙරියෙන් උන්න එයා කියවනකොට මන් එහෙම්ම එයාගෙ ඇග උඩ දිගෑදිලා එයාව තුරුල් කරගත්තා .....

මං උඹට ආදරෙයි මගෙ නිර්වාන් ....මං උඹට....හුගාක්...ආදරෙයි....මං උඹට වචනවලට කියන්න බැරි තරම් හුගාක් ආදරෙයි...

මං කියෙව්වා ...මං උඹට හුගාක් ආදරෙයි ...වචනවලට කියන්න බැරි තරම් ආදරෙයි කියනවා එක්කම නිර්වාන් මාව පෙරලගත්තා .....දැන් මං යට එයා උඩ...ඒ මුනම රතු වෙලා...කන් දෙක පවා රතු වෙලා..ඇස් පවා.....

දෙයක් අහන්නම්...චූටි ...

...අහන්න .....

මා එක්ක තරහද.....

.නෑ....මට කවදාවත් උඹ එක්ක තරහා වෙලා ඉන්න බෑ මගෙ නිරූ....

මං...උඹව නැවැත්තුවෙ...උඹ...එක්ක තරහවකට නෙවෙ රත්තරන් ....මිනුස්සු ....හරි ඉක්මනට ...ලස්සනම දේවල්...පිපෙන්න කලින් පර කරන හන්දා..... .මට.. බයයි....අතගහන...මුල්...ම....වැඩෙන්.....උඹව ...උන් වට්ටවයි...කියලා ...මට ..බයයි....උඹට ..උන්...රිදවයි...කියලා ...අනික....මට...මට....මං.....මන්.....

මං උඹව තේරුම් අරගන ඉන්නෙ අයියෙ....එහෙම එකේ...ආය...හේතු කාරනා....එපා.....මං..උඹව තේරුම් අරන්...ඉන්නෙ.....මගෙ නිර්වාන් ....උඹට ඊරිසියා හිතුන එක.. සාදාරනයි ...තිරෙ ඉස්සරහට රගපෑමක් උනත්...මං උඹගෙ කව්ද කියන්න දන්න මට උඹගෙ පපුව ඇදුම් කන බව මට තේරෙනවා.....

මං උඹව නවත්තන්නෙ නෑ..මගෙ චූටි.....මං...කවදාවත් ...උඹව නවත්තන්නෙ නෑ...ඒත්...නිරූ...ගැන....හිතපන්....මගෙ....සයාශ් ...

.මං ඔලුව වැනුවා....එයා හිනා උනා...වෙරියෙන් උන්න මගෙ බේබදු කුමාරයා හිනා උනා ඒ ඇස් හීනි උනා.....මුලු ඇගේම බර මගෙ කලවා වල තියලා තිබුන නිර්වාන් දිහා මං බලාගන උන්නා....

න්..නිරූ.....

මං හොද සිහියෙන්...වෙරි....තිබුනට...මං.... හොද සිහියෙන්...

එයාම තදින් ගැටගහපු එයාගෙ බාත් රොබ් එකේ පටිය ගලවනවත් එක්කම මං නැගිටින්න හැදුවා....හැබැයි මට නැගිට ගන්න බැරි උනා...

න්..නිර්වාන් .....

බය...මං අවසිහියෙන් ඉන්නෙ කියලාද....

න්....නෑ...

එහෙම තමයි.....ඒ ඇරෙන්න...මගෙ....චූටිට...බය වෙන්න...හේතුවක් නෑනෙ...

ඇත්තටම හේතුව ඒකයි...මං හිතුවෙ එයා වෙරියෙන් ඉදන් කියලා ...මට ඕන උනෙ නෑ.....වෙරියෙන් එයාට යට වෙලා වෙරි හිදුනම නොදන්න උන් වගෙ අහක බලන් ඉන්න...මට ඕන උනෙ නෑ...වෙරි මරගාතෙ ආදරේ වෙනුවට ඇදක් උඩ රාගයක් වපුරවන්න...

මගෙ නිරූ...

මං ආයම නැගිට්ටා.....කදෙන් බාගයම අයිති කරන් උන්නෙ එයා වෙනකොට මං හරි අමාරුවෙන් නැගිට ගත්තා .....රොබ් එකේ ගැලවුන පටියෙ න් නිර්වාන්ගෙ අඩ නිරුවතයි...මගෙ උගුර කට පවා වේලවලා අරින ඉනෙන් පහල වහන් උන්න යට ඇදුමයි දැකපු මට කතා කරගන්න වචන නැති වෙනකොට නිර්වාන් මගෙ මුනම අත් දෙකෙන් අල්ල ගත්තා ....

මගෙ ගාව තියෙන්නෙ...ආදරෙ විතරයි ....චූටි....උඹගෙ....නිරූට....චූට්ටම....චූට්ටක්...විතර....වෙරි....උනාට...මේ...ඉන්නෙ...හැමදාම.....මගෙ....චූටිට ...

ආදරේ..කරන ..නිර්වානමයි.....සයාශ් .....

මං ආපිට වැටුනා.....බාගෙට ඉදගන වගේ උන්න මං අවසානෙදි ඒ වචනත් එක්කම නිවුනා. . වෙරියෙන් රතු උන ඇස් අස්සෙන් මං ආදරේ කියන හැගීම මත් වතුරෙන් පෙරාගත්තෙ හරි පරිස්සමට වෙනකොට එයා ඉන්නෙ අවසිහියෙන් කියල හිතපු මමම ආපිට ඇදට පෙරලුනා.....

මට කියපන්...මං කොතනින්ද....වස්තුව පටන්..ගන්න ඕනෙ...

සැරයි.....එයා කතා කරන වචනයක් ගානෙම පිට උනේ අරක්කු සැරක් උනත්.....මගෙ ඇස් දිහා බලන් ඇහුවෙ එයා කොතනින්ද පටන් ගන්න ඕනෙ කියන එක වෙනකොට මන් නිකමට වගේ තනි සුදු තිර රෙදි වලින් වහන් කරගත්තු පේන නොපෙනන ගානට තිබුන මහ මුහුද දිහා බලාගන ඉදල මං නිර්වාන් දිහා හැරිලා බැලුවා .....

නිරූ .....දන්නවද....මං උඹට අර පේන මහ මුහුදටත් ....වඩා....හුගාක්....ආදරෙයි.....මගෙ....අයියෙ ..උඹට....පටන් ගන්නඕන තැන...මොකක්ද...මැරෙනතාක් ..

හැමදාම.....එතනිම්ම පටන් ගනින්....ආයම කවදාවත් ....තැන මාරු නොකර...උඹට...මාව දැනුනම තැනින් ...පටන් ගනින් මගෙ...නිර්වාන් ....

මං අවසානෙදි වචන එකතු කෙරුවා ..මුල්ම හාදුව තියන්න ඕන කොතනින්ද අහපු එයාට මං මැරෙනකම්ම එතනින්ම පටන් ගන්න පුලුවන් තැනකින් පටන් ගනින් කිව්වා.....මට ඕනෙ...අද වගේම සදහටම මේ දවස මේ වගේම මතක තියා ගන්න වෙනකොට තත්පර ගානක් මගෙ දිහා බලන් උන්න නිර්වාන් අවසානෙදි කෙලිම්ම මගෙ දිහාවට බර උනා.. 

.හාදුවක්.. 

නලලටද ...

නෑ....හැබැයි මං හිතුවෙ හැමදාමත් වගේ සුරක්ශාව පිටාර ගලන හාදුවක් නලලට තියාවි කියලා ඒත් නෑ.....

ඇස් වලටද ...

ඒත් නෑ .මගෙ චූටි උඹට තියෙන්නෙ හිනා වෙන ඇස් දෙකක් කිව්වවත් රමනෙට අඩගහන.....සෘංගාරෙට අතවනන මුල්ම හාදුව අයිතින්කර ගත්තෙ මගෙ ඇස් දෙකත් නෙවෙ....

උඩු තොල්...යටි තොල්ද 

කොහෙත්ම නෑ..නිර්වාන් ඒ දිහා බැලුවෙත් නෑ... සෘංගාරයක් පිටාර ගලන්නෙම යටි බඩකිනුයි බෙල්ලක පාමුලෙනුයි ...උඩු තොල් යටි තොල් වලිනුයි උනත් නිර්වාන් ඒ උඩු තොල් යටි තොල් බෙලිපාමුල....යටි බඩ මේ හැම දේම මග ඇරලා එක තැනක නැවතුනා....

පපුව....

ඒකත් වම් පැත්ත.....

පුඩුවක් තිබුනත්....පුඩුව නැගිට්ටවන්න සන්නි දහටම නටවන්න ඕන වෙන අදුරු ලපේ පහු කරන් අගලක් උඩට.....

.හදවත!!!.

ලැම නෙවෙ ලය....!!!

.නිර්වාන්ගෙ පලවෙනිම හාදුව දිනා ගත්තෙ මගෙ කටු ගැහුන පපුවෙ නිර්වාන්ව බයකරවනම තැන මගෙ අකීකරු හර්ද වස්තුව වෙනකොට මං බලාගන ඒ ඇස් වල හැගීම් පිටාර ගැලුවා...සුරක්ශාව පිරිනුන හාදුව ගන්න බලන් උන්න නලලට අද බිම බලාගන්න උනා .....

මගෙ ඇස් දෙක මටත් නොකියම පියවිලා යනකොට ..කොච්චර කැපුවා උනත් දවසින් ආය මතු වෙන පිරිමි රැවුල් කොට පිරුන නිර්වාන්ගෙ මූන නැවතුනේම බෝකොලයක් හැඩේට ඇන්දත් ..ඊට හාත්පසිම්ම වෙනස්...ලේ පොම්ප කරන මහ කැත හැඩයක් තිබ්බ්ත්....ලස්සනම හැගීම් උතුරන්න තියන මගෙ කුටීර හතර වෙනකොට මටත් නොකියම වැහුන ඇස් මගෙ ඇඩුවා. ...

රමනෙක හැගීම් හන්දා නෙවෙ.....ආදරේක බර දරන බැරිව.....

ඇයි රත්තරන් අඩන්නෙ...

මම ඇස් දෙක වහම්ම උන්නා....බීමත් පිරිමි හරි ආදරනීයයි....

කොහෙදෝ පොතක ලියවිලා තිබුනා....ඒකත් ..සීයට් එකක් දෙකක් විතරයි ....ඒකත් තව පේජ් කාරයෙක් දලා තිබුනා.....

මධුවිතකට පුලුවන් මිනිස්සුන්ගෙ හැගීම් ගිනි තියන්න.....උගුරෙන් පහලට ගිලෙන මත් වතුර උගුරක් ගානෙම දැනෙන ගින්දර අවසානෙදි කරන්නෙම හැගීම් අවුලන එක...ලැව් ගින්නක් හා සමානවම උන් කරන්නෙ.....නිදා වැටෙන වස්තූන් නැගිට්ටවන එක ....

ඇයි රත්තරන් අඩන්නෙ.....මගෙ කලවා උඩ ඉදගනම මධු විතකින් මත් උන.. අප්පච්චි කියන පිරිමි චරිතෙට පස්සෙ...මාව උරේ දරාගන්න පුලුවන් එකම පිරිමි පරානෙ උන...ආදරනීයම නිර්වාන් මගෙන් අහනවා ඇයි අඩන්නෙ කියලා...මට ඇඩෙන්නෙ නැතුව යයිද මට ඇඩෙන්නෙ නැතුව තියේවිද .....

දන්නවද....රත්තරන් ...මං ආදරේම...මෙතනට ...මාව බය කරන්නෙත් මෙතන....සයාශ් .....කවදා හරි...මගෙ...මෙතන...ගැහෙන එක නැවතුනත්....උඹගෙ නම්...කවදාවත් ...නවතින්න දෙන්නෙ නෑ.....චූටි.....කිව්වත්...වගේ.....මට...

පරිස්සම් කරන්න....ඕනම....තැන...මෙතන....ඉතින්....මං .පරිස්සම් කරනම තැනට හාදුවක් තිබ්බම ...ඇයි උඹ අඩන්නෙ වස්තුව .....

මං මොකුත් නොකිය රතු උන මූන දිහා බලාගන උන්නා....ඉහලට ගත්තු හුස්මක් මං හරි හිමීට පහලට දානකොට නිල්ම නිල් පාට මහ මුහුදෙත් හරි විසාලෙට උඩට නැගපු රැල්ලක් කිරි පාට පෙන බින්දුත් එක්ක වෙරලට ගහන තත්පරේදි මගෙ සර්වාංගෙම වහන් උන්න හැම රෙදි කඩක්ම ගැලවිලා ගියා . ....

එයා කිව්වෙ..හද පායපු රෑක...මට එයාගෙ වෙන්න. .ඒත් ....අවසානෙදි සිද්ද උනෙ....රෑ හද අහසට එන්නත් කලියෙන් මට නිර්වාන්ගෙන් නිර්වානෙ දකින්න..... ....

නිරූ .....

මගෙ වෙව්ලන ඇගිලි හිමේ සුදුපාට බාත්‍රොබ් එක එයාගෙන් ගලවගත්තා ..... ..

වෙනස් වෙලා.....

මට ලැජ්ජා හිතුනා.....වෙරියෙන් උන්න එයාටත් වඩා මාව රතු උනා....

මං දැකල තියනවා....වස්තුවට මතකද.....

එපා....මට ආයම මතක් කරන්න....අනෙ....එපා...අයියෙ ....ලැජ්ජයි....

මට වහ කන්න හිතුනා ..හැමදාම යකඩ දැලක් අස්සෙ ගහ මරාගන ඒ උරහිස් ...ඒ අත් තවත් හයිය වෙලා තියනකොට අවුරුදු ගානක් පස්සට ගියපු මට මැරෙන්න හිතුනා 

ඔව්...එයා මාව දැක්කා....මහ වැස්සක රෙදි බේසම ඔලුවෙ නවන් ආව දා

ඉනට පටලවන් උන්න තුවාය ගැලවිච්ච දවසෙ....නිර්වාන් මාව දැක්කා....එදා හිටපු ඇට්ටර කොල්ලමයි...ඒත්...වයස විතරයි වෙනස්.....එදා තිබුනෙ මැරෙන්න තරම් ලැජ්ජාවක් වෙනකොට අද තිබුනෙම යටි බඩ පුරාවටම සමනල කෝශ පුපුර පුපුර සමනල්ලු පියාඹන එක....

නිර්වාන් හිනා උනා...මගෙ ඇග උඩ ඉදන්...නුල් පටක් වත් නැති එයා මගෙ දිහා බලලා අවසානෙදි ලාවට හිනා උනා....එතනින් එහාට මං දැක්කෙ ගිනි පූටක අව්වක කාමරයක් අස්සට වහින වැස්සක් ....අහසින් වැටෙන වැටෙන ලුණු රහ වැහි කදුලු වෙනුවට...ආදරනීයම පිරිමියෙක්ගෙන් හම්බෙන හාදු වැස්සක්...

.

වැස්සක අවසානෙ හත්පාටින් පායන දේදුන්නක් උනත් හාදු වැස්සක අවසානෙ කියන්නෙම...මනුස්සයෙක්ගෙ ජීවිතේ ආදරනියෙක් ගාව විදින ඉස්තරම්ම හොරාවක පටන් ගැම්ම වෙනකොට මහ මුහුදෙ රැලි දිහා බලන් උන්න මගෙ ඇස් වලට ඒ ඇස් වලින් තහංචි වැටුනා...ලයට තිබ්බ හාදුව සදහටම පපුව මැද රාමු වෙලා යනකොට පාලුවට ගියපු නලල තරහ වෙයි කියන බයටම මගෙ නිරු නලලට උනුසුම දැනෙන්න දුන්නා. .හිනා වෙන ඇස් අද ලැජ්ජාවෙම්ම මැරෙන්න හදනකොට .....

නාස් පොල්ල උඩට හුරතල් හාදුවක් සින්නකර උනා..... .

අරක්කු සැරයි....

අරක්කු රසයි.. 

ශේක්ස්පියර්ගෙ රෝමියො ජුලියට් වල....අවසේනෙ.....රෝමියො ජූලියට්ගෙ දෙතොල් වලට හාදුවක් තියනවලු....ඒ විස ගෑවුන තොල් වල අංශු මාත්‍රෙක වත් විසක් ඉතිරි උනෝතින්...ජුලියට්ගෙ අඩිපාරෙම යන්න බලාගන.....

.ඒක ශෝකාන්තයක් ....වේදිකා නාට්‍ය අතින් නම්...ඉහලම තැනක තිබුනත්.... යතාර්තයේදි අමුම අමු මෝඩයි කියන්න පුලුවන් මහ ශොකාන්තයක් වෙනකොට .....නිර්වාන්ගෙ ජුලියට් උන මම.....රතු වයින් එක්ක....රතු ලේබලේක රස බලපු ඒ තොල් වල එක අංශු මාත්‍රෙක වත් මත් බිදක් තියනවද බලන්න නැහුනා.....

.ඒ සැර විතරයි ....එකම මත් බිදක් වත් තිබුන් නෑ...හැබැයි ..එහෙමයි කියලා ..මට ආපිට හැරෙන්න ඕන කමකුත් තිබුන් නැ.....

මට ඉඩ දුන්නා...නිර්වාන්ව යට කරගන්න....ඉනෙන් පහල සම්පූරනම අයිතිය තිබුනෙ නිර්වාන්ගෙ විතරක් උනත් හාදු යුද්දෙක පැටලෙන්න මට එයා අවසර දුන්නා... 

සියුම් සියුම් හාදු..පහු පහු වෙනකොට ටිකෙන් ටික රලු වෙන්න ගන්නකොට මං හිතන්නෙ ඇද රෙදි වලට දරාගන්න හයිය තව කොහෙන් හරි ගෙන්න ගන්න උනා....

අදුරු පාට ලප මට තිබුනත් නිර්වාන් ගාව තිබුනෙම ලාපාට ලප වෙනකොට නිරූ.. චූචියට චූචියට ගගා හුරතල් වෙන මමම අද ඒ ලපයක් ගාව වෙනමම ලෝකෙටට ගිහින් උන්නා...

වස්තුව.....

මන් හුස්ම ඇල්ලුවා....යකඩ කදන් එක්ක ඔට්ටු වෙලා ඔට්ටු වෙලාම පිම්බුන පපුවක් කියන්නෙම වංකගිරියක් හා සමාන වෙනකොට කෙලවලින් නෑවුන පිරිමි පුඩුවක් මාව තදිම්ම වසගෙට අරන් තිබුනා...

මට යන්න බෑ....සිංහලෙම්ම කියනවා නම්..අමු පෙරේතයෙක් උන මට ඕන උනේ රමනය තත්පරේකට පමා කරලා වංකගිරියෙ අතරමන් වෙලා පිම්බුන පපුවෙන් මාවම හති වට්ටගන්න වෙනකොට ඉවසලා ඉවසලා බැරිම තැනද කොහෙදෝ මගෙ නිර්වාන් මාව උඩට ඇදලා ගත්තා ..මට තරහා ගියා....

ම්හු.....ක්....

.හුරතලේ මගෙ....

මං හිනා උනා...ඒත් ඇස් දෙක දිව්වෙම තෙත පපුවට වෙනකොට මං අල්ලස් ඉල්ලුවා...කලවයන් මැදින් වේදනාව විදින්න නම්..මං අල්ලස් ඉල්ලුවා....රමනෙක අවසානෙ කියන්නෙම හෙම්බතක උපත වෙනකොට දාඩිය දාගන සංසාරෙත් එක්ක එපා කරගන වැටුන වැටුන තැන්වල නිදියනවට වඩා මට ඕනම ඒ උනුසුම අස්සෙ හිමින් හති අරින්න... හිමීට ඇවිලුන ගිනි නිවන්න වෙනකොට ...මං නිර්වාගෙන් අල්ලස් ඉල්ල ඉල්ල නැහෙන්න හැදුවා ....

.දෙන්නම් ඌරෝ...උඹ මහ...නරක කොල්ලෙක් වෙලා වස්තුව .....

නිර්වාන්ගෙ ආදරේ තනිකරම සුනාමියක් වගෙ ....දාඩිය බින්දු බලාගන ඉන්නකොට පැටව් ගහන නලල වගේම මස් ගොබ ඉලිප්පුන අත් දිහා බලන් හාදු වැස්සක තෙමිලා අන්තීමට පීනසේ හදාගන උන්න මං මගෙ නග්න දෙපැරන්ද පුරාවටම තිබුන මගෙ ආත්මෙම මගෙන් උදුර ගත්තු ආදරනියම පිරිමි පරාන්ගෙ දත්පාරවල් දිහා බැලුවා....

මන් නිකන් කැටපත් පවුර වගේ.... නිර්වාන්ගෙ ආදරෙ කවි දත් පාරවල් වෙලා මුලු සර්වාංගෙ පුරාවටම රටා මවනකොට ..මට සීගිරියෙ තියන කුරුටු ගී මොනවද හිතුනා.....හැම දත් පාරක් පිටිපස්සෙම හාදුවක් තිබුනා...හැම හාදුවක් එක්කම නිර්වාන්ගෙ ආදරෙ වාරකන් ගැහුවා....හාදු මුහුද වලාල වෙන තැන් නම් අතෙ ඇගිලිගානටත් වඩා අඩුවෙනකොට .....ඉවරයක් නැතිවම වාරකන් ගහපු හාදු අවසානෙදි මාව නොමර මැරුවා.....මගෙ සර්වාංගෙම තිබුන හැම හයියක්ම සුරතාන්තයක් දකින්නත් කලියෙම්ම හිදිලා ගියා.... . 

නිරූ....

මං උන්නෙ එයාට යට වෙලා...ඒ ඇගෙම බරට යට වෙලා....කොටිම්ම මේ වෙනකොට මගෙ නිර්වාන්ගෙ වෙරි හිදිලා ගිහිල්ලා...ඇද රෙද්දක් තිබුනද හොයන්න බැරි තරමට ඇද රෙද්ද ගුලි වෙලා තිබුනා....මහ මුහුද නම් හුස්මක් කටක් නොගෙම රැලි පිට රැලි ගහනකොට මෙතනින් එහාට තියෙන්නෙම මට අඩන්න බව දන්න මගෙ ඇස් දෙක අඩන්න බලාගන උන්නා.....

නූල්පටක් වත් නැති මලවි කරලි, තියාපු හාදුවල රස්නෙත් එක්කම ගිනි පිට කරනකොට මෙතනින් එහා නම් තවත් බැරි මං මට, විදපු මල්සරාට මං විදින රතිය දැකලා උගෙම දුන්නෙන් විදගන මැරෙන්න හිතන තරමට ඊරිසියා හිතෙන රමනෙකට දොරවල් ඇරියා ...

මං ආදරෙයි වස්තුව ....

ආදරේකයි....රාගෙකයි එකතුව.....සෘංගාරෙක හරිම උපත...උකුල් ඇටවලින් පහල තිබුනෙම සීමිත දිනවල පෙන්නන රති නාට්‍ය වෙනකොට පිටපත...අධක්‍ශනය පසුතල නිර්මාන..සංගීත ආලෝක කරනමේ හැමදේකම සම්මාන වලට මගෙ අනාගත සැමියා උන නිර්වාන්ගෙ නම ලියවෙනකොට ...පාත්‍ර වර්ගයා උන...මම අවසානෙදි ති‍ර අරෙදි අරිනවත් එක්කම කරලියෙ රගන්න ගත්තා .....!!

අනේ....හ්...නි...රූ...

මගෙ පිටපතේ පලවෙනිම වචනෙ...වේශ නිරූපනය නැතුව උනත්..මගෙ මුනෙන් භාව ප්‍රකාශන අම්බානෙකට පේන්න ඇති....ඇස් කොන්වලින් වැටුනෙ ග්ලිසරින් කදුලු වෙනුවට මගෙම කදුලු වෙනකොට නිර්වාන් ගෙ රලු ඇගිලි වලින් මිරිකුන වටකුරු තට්ටම් මැදින් දැනුන වේදනාවට මට ඒ උරහිස් මිරිකුනා.....මට කෑ ගැස්සුනා....මං ඒ බෙල්ලෙ එල්ලුනා.....

තව..චුට්ටයි....වස්තුව ..... 

මගෙ හොද පන යන්න ආවා...ඒත්....ආදරේ පිටාර ගලන වචන තනිකරම ඇගපත පන ගහන්න අටවපු සේලයින් බෝතලයක් වෙනකොට යටි තොල මටම හැපෙන වෙලාවක සමනලකෝශ බරගානක් තිබුන යටි බඩෙන් අවසානෙදි සමනල්ලු දුසින් ගනන් පියාඹන් ගියා...සයාශ් නිර්වගෙම උනා.....

නිර්වාන් .....

මගෙ..නිරූ.....

මගෙ..වස්තුව ...

චූටි.....

ආදරෙයි වස්තුව ...

අනේ ....මං ....ආදරෙයි අ...යියෙ...

උගුර අස්සෙන් පිට උන වචන ඔච්චරයි...කකුල් හතරකින් රාත්තල් ගානක් බර දරාගන උන්න ඇදට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට ගිනියම් උන පපු කුහර හාරවන් එලි බැස්සෙම ආදරේ විතරක් වෙනකොට මං ඒ උරහිස් හපාගන අඩාගන....වෙව්ලුවා...ඉහල පහල යන ඒ ඇස් අඩන මගෙ ඇස් දිහා බල බල කිව්වෙම නාඩපන් රත්තරන් මං ආදරෙයිනෙ කියන වචන විතරක්ම වෙනකොට වෙව්ලන ගාත් ඒ අත් වලිම්ම නලවපු එයා අවසානෙදි වලාල මුහුදට වාරකන් වැස්සුවා.....

අනේ....හ්..නිරූ ...

කදු කැට පෝලිමයි ...සමනල කෝශ රැකපු යටි බඩ ඇතුලෙන් වාරක්න් රැලි කෝටියයි.....උරහිස් මිරිකන් උන්න මට අවසානම තත්පර ගානෙදි එ උරහෙත් මදිවෙනකොට මං මගෙ නියපොතු දහයෙම්ම ඇද වියලට රිදෙව්වා.....

මගෙ චූටි...මගෙ සයාශ් ..මගෙ ළමයා කියපු නිර්වාන්ට අවසානෙදි කතා කරගන්න වචන හොයනව වෙනුවට සිද්ද උනේම එ හයිය අත්වලින් මාව මිරිකගන්න එක වෙද්දි ඉඩෝරෙකට පස්සෙ ආදරනීයම වස්සානයක් ගෙනාව මගෙ කුලුදුල්ම ආදරෙ චන්ඩ වෙලා...චන්ඩ වෙලා මාවත් අඩවන් වෙව්ලන් වැටෙනකොට මංගල දර්ශනෙන්ම යන්න ඕන උඩම තැනට ගියපු මං අවසානෙදි ඒ සර්වාගෙට යට උනා....වෙව්ලපු කලවයන් දෙපැත්තට කඩා වැටුනා.....

.මං...උඹට හරි.....ආදරෙයි...මගෙ...චූටි...!

.....😒 උජෙම්ම ඥේහ්😂😂👉👈

මක්ක කරන්නත ඉතිම්

ම්හුක්...ජොබි බයි...

ආයම.....පරිප්පු හාමුවලාගෙන් එනකන්...පයිස්සමින් ඉන්ඩෝ.....

ආතරයි අනේ...උතුරන්න.....

මම.

Nedeesha .....

More Chapters