Cherreads

Chapter 58 - 58

ම්ම්ම්...යසයි...චූටි අයියෙ ....හරිම අගෙයි උඹගෙ පිරිත් ගෙතර තියන දිහාව ....ම්ම්ම්....සුතර්මා ...සුතර්මා ...එකම පුත්‍ර රත්නෙ පිරිත් ගෙදරක යනවා කියලා අව්කාස්ටකේ පෙම් කෙලිනවා....ප්‍රීතී...සුතර්මා ...ප්‍රීතී....හ්

මං උන්නෙ ඇස් හීනි කරගන....මං විතරක් නෙවෙ....අපි හතර දෙනාම උන්නෙ ඇස් හීනි කරගන...ආරව්...ආයන්....අයාන්.....ආරව් ගගා දෝදු වෙවි පෙම් කෙලින ගුරු යුවල දිහා බලන් උන්න අපි හතර දෙනාගෙම කට ඇරිලා තිබ්බා... මගෙ කට දනිහට ආවා.... ඒ ඔක්කොමත් පැත්තක තියපු මං නිකමට වගේ අපේ එකාගෙ මූන දිහා බලනකොට සැලලිහිනියගෙ පෙදෙ ඉස්සිලා මදිවට උගෙ හතරැස් පෙට්ටි කට අද ශඩාස්‍රාකාර වෙලා තිබුනා...

අයාන්...බබා...මේ...මේ...මේ බලන්න..මේ..මං යනවා..මේ. අයා....න්..මේහ්....

ආරව් දැන් ඔයාව වැටෙනවා ආ...මෙහෙ එන්න දරුවො...ඔය මදැයි .....උඹ වැටිලා දනිස් තුවාල කර ගනින්කො ආරව් ආය කියන්නෙ නෑ චූටි....

ඒව්.....තිරිසන්නු වගේ චූටියා...අර අපේ එකා මොකද රෝදා සපත්තු පදින්නෙ.....ඊටත් අර අයාන් සර්ට බබාලු..... චූටිලූ.....එව් යකො .. එව්ව්....කනුත් එක්ක අගුළු වැටුනා....තිරිසන්නු වගේ ...

මුනත් ඇඹුල් කරගන බලාගන ඉදලා ඉදලා බැරිම තැන අවසානෙදි සනාශ් මාවත් මිරිකන් පෙම් කෙලින ගුරු තරු දෙකේ ආලිංගන වල ගුන දොස් කියනකොට මං නිකමට වගේ නිර්වාන් දිහා බැලුවා...

මං හිතුවෙ නෑ...ආරව් සර්...මේ වගේ කියලා ...

නිර්වාන් මිමිනුවා...ඒ කියන්නෙ...ප්‍රියතම ගෝලයාව පවා මුලා කරලා...ම්ම්...හරිම අගෙයි....හරිම අගෙයි.....

නිර්වානයා.....අයාන් කාරයා...උඹලගෙ බීකරයව වඩාගනීද.....

වඩාගනීද.....වඩාගන ගහයිද ....

අපි හතර දෙනාම විනාඩි ගානකට උන්නෙ මේ පෘතුවි තලෙන් වෙන ලෝකෙකට ගිහින්....රෝද සපත්තුකුට්ටමක් දාගන එහා මෙහා මායන් වෙන නිර්වාන්ලගෙ කාඩ් එකෙන් නම් බීකරයා උන චූටි අයියා දිහා බලාගන උන්නා.....

සෙනූ.....

ම්ම්ම්.....

අපි මූට කෝල් එකක් අරන් බලමු සෙනූ අනික..දැන් ඔයාලටත් එයාලා අයියලා වෙන එකේ...ඔය ගුරු ගෝල ගරු බුහුමන් ඕන් නෑනෙ අනේ අයියෙ උඹ කොහෙද ඉන්නෙ අහපන්කො.....

මොකක්....??

.

.න්න්..නෑ....කොහෙද ඉන්නෙ අහන්නකො...අහන්නකො කියලා කිව්වෙ අනේ...බබීගෙ රදනක දතේ පොඩි අවුලක් හන්දා අකුරු එහා මෙහා උනා.....

මගෙ අතෙත් ඵෝන් එක....නිර්වාන්ගෙ අතෙත් ඵෝන් එක...අරුන් දෙන්නගෙ අතෙත් ඉතින් ඵෝන් එකම තමයි.....කාගෙන් ගන්නද කවුරු කතා කරන්නද කියලා හිත හිත ලත වෙවී උන්න මායි ලොකුවයි අපේ මිනිස්සු දෙන්නයි අවසානෙදි එකගතාවෙකට ආවා...අයාන් සර්ට මං ගන්නත්... චූටියට අපේ සැලා ගන්නත්...!!!.

බලමුකො චූටියා .උඹගෙ පිරිතෙ පින් අනුමෝද වෙන්නෙ රෝද සපත්තු පැද්දමද කියලා...ම්ම්...නිල්කටරොලු මලෙන් උපන්..මුනිද්‍ර...යාණෙනී. .....!!!

නිර්වාන් ගාව හිටගන උන්න මං දිවත් පැත්තට දාගන ඵෝන් එකට කොටන කොට අරූ දැනටමත් ඵෝන් එක කනේ ගහන් උන්නා.....

බත්තලන්ගුන්ඩුවට ඉරපායලා...උදේ අව් රැල්ල නාඹර උනත් මෙහාට පායන්නෙ වෙනම ඉරක්ද කොහෙද ....නිල්ම නිල්පාට පන තියන සාරි රෙද්දක් එලුවාක් හා සමාන මහ මුහද මහ රෑක පායපු හදෙන් නයට ගත්තු කිරිපාටත් එක්ක ගහන රැල්ල ගොඩබිමට එන වාරයක් වාරයක් ගානෙම ගොඩ කක්කුට්ටො අල්ලගන්න ආව කාක්කො පැත්තට පැත්තට වගේ පැනපැන ගියා....රැල්ලක් එනවා...උන් උඩ පනිනව....රැල්ල ආපිට යනවා උන් කක්කුට්ටො පස්සෙ දුවනවා....බලන් ගියහම දෙගොල්ලොම කරන්නෙ පන කෙන්ද රැකගන්න සටනක්....

කාක්කා පන රැකගන්න කන්න හොයනකොට ....කක්කුට්ටා පන රැකගන්න ගුලක් හොයන් දිව්වා...මීට කලින් අපි හැමදාකම බලන් උන්නෙ ඔතනින් කාක්කා දිනනකන් වෙන්න පුලුවන් ...නැත්තන් කක්කුට්ටා ගුලට රිංගගන්නකන් වෙන්න පුලුවන් ...ඒත් ..මේ අවුරුදු විසි ගානක් ගියා....ඇත්ත මොකක්ද කියන්න තේරුම් ගන්න....මට කාක්කගෙ පැත්ත ගන්නත් බෑ...කක්කුට්ටගෙ පැත්ත ගන්නත් බෑ...දෙන්නගෙම පැත්තෙන් සීයට පනහ පනහා පව් ගතියක් දැනෙනකොට මං ඒ දිහා බලාගන ඉදලා පිරිත් ගෙදරක යනවා කියලා ආව ගුරු තරු දෙක දිහා බැලුවා.....

උන් වෙනම ලෝකෙක....!

අයාන්ගෙ ආරව්ගෙ ලෝකෙ තිබුනෙ අපිටවත් හොයන්න බැරි අනන්තෙක

අපිව නොදැක මලකෝලන් කරන චූටි අයියගෙයි අයාන් සර්ගෙයි මුලු ලෝකෙම තිබුනෙ වෙන කොහෙද ඈතක වෙනකොට ඵෝන් එක කනේ ගහන් උන්න මම රින්ග් වෙන සද්දෙට කන් දීගන උන්නා....

එක පාරක් රින්ග් උනා...තවත් පාරක් රින්ග් උනා තවත් පාරක් රින්ග් උනා...අවසානෙදි

ආන්ස්වර් කෙරුවා ....

හෙලෝ....අයාන් සර්...

" කියපන් කොල්ලො....."

මං නිර්වාන් දිහා බැලුවා නිර්වාන් මගෙ අතේ තිබුන ඵෝන් එක අරගන ස්පීකර් ඔන් කරන ගමන් මූදෙ එන හෝ ගාන සද්දෙයි කාක්කන්ගෙ සද්දෙයි ඉන්න තැනයි හොයා ගන්න බැරිවෙන්න ඵෝන් එක ගාවට කරල මුනිද්‍රයානානී සින්දුව දාපු නිර්වාන් මේ අර්බුදේ ඇති කෙරුවෙ ඒකා නෙවෙ වගෙ අහක බලාගත්තා ....

.සර් කොහෙද ඉන්නෙ....

මං නම් ගෙදර නෙවෙ කොල්ලො ඉන්නෙ....මේ පිරුත් ගෙදරක ආවා....ඇයි හදිස්සියක්ද..... මොකක් හරි උවමනාවක්ද....සාධු සාධූ....!!

නෑ සර් මේ අලුත් ස්ක්‍රිෆ්ට් එකක් හම්බුනා...වැඩ බාර ගන්න කලින් සර්ට ටිකක් පෙන්නන්න....කැම්පස් එකේ ඉදන් මෙ සර්ලගෙ ගෙදර එනගමන් ....

පෙප්‍රමින්ට් එකක්...බෝල කඩ්ල එකක් තිබහට කූල් වතුර එකක් රට්කජු පෑට් එකක්...කඩල කඩල කඩලේ...හ්හ්...!!!

මට බකස් ගාලා හිනා යන්න ආවා ...අතේ පැලවෙන බොරු කියපු අයාන් සර් එහා පැත්තෙ ඉදන් මුහුද දිහා බලාගන මහ සද්දෙන් සාධු කියනකොට මගෙ ගාව උන්න " අප්ඩේට් " වෙච්ච නිර්වානයා අර බස්වල කඩචෝරු විකුනන එකෙක් වගේ කෑ ගැහුවා....

හරි සර්....සර් පිරිත් ගෙදරක නම් අද හෙට එනඑකක් නෑනෙ...මං එහෙනම් මෙහෙම්ම ගෙදර යන්නම්...

හා කොල්ලො...මං ආවම උඹට ගන්නම්.....

බීප්...බීප්....බීප්...!

කෝල් එක කට් උනා...නිර්වාන් මගෙ දිහා වගේම මං සනාශ් දිහා බැලුවා....එකම උත්තරෙ...එකම උත්තරෙ...පිරිත් ගෙදරලලු....

අපේ චූටියත් පිරුත් ගෙදරක කියන්නෙ...හරියට වැඩලු ඈ චූටියා....බැට්‍රිත් බැහැලා කියලා ගන්නත් එපා කිව්වා....

ම්ම්ම්...ඒහෙමත් කිව්වද ඕකා....බැට්‍රිය නම් බැහැල ඇති තමයි..ඕකගෙ පිරිත් ගෙදර තිබුනෙ අදක ඊයෙක නෙවෙනෙ.....උදේ හවා ගැහුවත් හරියට චාර්ජ් වෙලා නැතුව ඇකි ඒකයි ඔච්චර බහිනව ඇත්තෙ.... 

හ්ම්..හ්ම්....ඔය කියන්නෙ නේද සෙනූ.....ඒකා එහෙම කිව්වනෙ..අය ගන්නත් එපා කිව්ව්නෙ...බහී කියලා වෙන්න ඇති මගෙ හිතේ

ඔව්..ආය ගන්ඩ එපා කියලා මූනටම කිව්වනෙ නිර්වානයා...

එහෙනම් පිරිත් ගෙදර නොසෑහෙන්න වැඩ ඇති....ඒකයි ඒ....

ම්ම්..හරිම අගෙයි....හරිම...අගෙයි....සිප් කිරි පෙවූ "මූසලයො" දෙන්නගෙ හැසිරීම් පටිපාටියයි වචන හැසිරීමයි නම්..හරිම අගෙයි..ම්ම්ම්...ප්‍රීතී ...ප්‍රීති....චූටි අයියෙ....අපරාදෙ උඹලා දෙන්නට හෙලො නොකියා සාදු කාරයෙක් දෙන්න තිබුනේ... 

මං ඵෝන් එක සාක්කුවට දාගන නිර්වාන් දිහා බලනකොට එයා මගෙ අතින් අල්ල ගත්තා .....රෝදා සපත්තු දාගන පිරිත් ගෙදරට වැඩම කරපු උන් දෙන්නගෙ ඇස් වලට නොපෙනෙන්න එතනින් මාරු උන අපි හතර දෙනාම ගියේ නිර්වාන් කලින්ම වෙන් කරපු කබානා එකට...කෙටියෙම්ම කිව්වොත් ...මේක දවසට දෙකට කුලියට ඉන්න ආව තැනක් වෙනුවට ගෙදර කියලා හිතාගන ඉන්න පුලුවන් තැනකට .....

මගෙ ලමයා ආසද.....?

නොහිතපු වෙලාවකදි ..නොහිතපු විදිහට මගෙ නිර්වාන් අර පරන ආඩම්බර කාර කටහඩිම්ම මගෙන් මගෙ ළමයා ආසද ඇහුවෙත් හරියටම උලුවැස්ස යට වෙනකොට මං මගෙ ඇස් දෙක කැරකෙව්වා....

ඇත්තටම ලස්සනයි ...ඇබිත්තන් සාලෙ කෑල්ලකුත් තිබුනා.....

ඒ චූටියා...මේ උයන්නත් පුලුවන් ...සෙනූ...සෙනූ...බබීත...බබීත....අනේ...

බබීත ඕන මොනවද ....කෑ නොගහා කියන්න ඉතින්.....

මං ලාවට ඔලුව හෙලෙව්වා..ඌට තියෙන්නෙ දැන් වෙනමම ලෙවල් එකක පිස්සුවක් වෙනකොට මං ඒ මුලු හතර කොනටම ඇස් කරකවලා නිර්වාන්ගෙ අත් ගොබේට මගෙ කම්මුල හේත්තු කරගත්තා ...

මට මහන්සී...ගමන් මහන්සිය නෙවෙ.....මගෙ හිතට මහන්සියක් දැනුනා...හත් ගව්වක් දුරින් තිබුන මැනිකක් ලගට ගාටලා..ගාටලා...ගිහින් අවසානෙදි මැනික අයිති කරගත්තු එකා...විනාඩි පහක් දහයක් සතුටට මැරෙන්න ගිහින් ඊලග පැය ගානම හති දාන එකා වගෙ මං නිර්වාන්ගෙ අත් ගොබේට හේත්තු උනා.....

අපිට කතා කරන්න හුගාක් දේවල් ඇති නේද නිරූ...

ම්න්...

මට අහන්න හුගාක් දේවල් තියනවා නිරූ....

අහන්න.....මට පුලුවන් උත්තර දෙන්න...

අපි මොනවා හරි බොමුද නිර්වාන් ....

ඔයා බොනවද....

හ්ම්...උඹව මතක් උන...හැමදාකම.....වීදුරුවකට විතරයි පුලුවන් උනේ..උඹව මගෙ ගාවට ලන් කරන්න...වීදුරුවකට පුලුවන් නම්...මං හැමදාම බිව්වත් අසාදාරනද නිර්වාන් ...

ම්න්.....කොච්චර කිව්වත්...මං හිතන්නෙ....උඹයි මායි පරන තැනට යාගන්න බැරිව මග හිරවෙනවා චූටි.....

හ්ම්.....අපිට බැරිද...නිරූ...මේ ඉන්න විදිහට ආදරේ කරන්න....ගිය අයට යන්න දීලා....

උඹට මහන්සි නම්....උඹවම හොයලා...මට පුලුවන් වෙනසක් නැතුව දැන් ඉන්න උඹටත් ආදරේ කරන්න...ආපහු හොයා ගන්න අමාරු හුරතලේ වෙනුවට...මට ආදරේම විතරක් දෙනවද සයාශ්..... 

මම වගේම එයා උන්නෙ තවමත් හිටපු තැනම....අර වැදි බන කියන්න වගේ..එයයි මායි කොච්චර කියවගත්තා උනත් එකම තැටිය කැරකෙව්වා උනත්...හිතට එකගව නම්..අපි දෙන්නම...අපි දෙන්නව..විශේශෙම්ම පරන මාව හොයනව කියන්නෙ තේරුමක් ඇති වැඩක් නොවෙනකොට මං නිර්වාන්ගෙ අත් ගොබේට පුංචි හාදුවක් තියන ගමන් දැන් ඉන්න මට ආදරේ කරන්න කිව්වා...

.සෙනූ.....

ඕඔ.....හ්...

සෙනූ මේහ්... මේ එන්නකො....සෙනූ...හ්...

මං හිතන්නෙ...සනාශ් ට සනාශ්ව හම්බවෙලා තිබුනා...මට ආයම සයාශ්ව හොයා ගන්න බැරිව ගියා...සමහර විට මං අඩපු ඇඩ්ල්ලට සයාශ්ව ඒ ලුණු වලින්ම දියවෙලා යන්න ඇති...

.ඔය තරම් හිතන්න එපා සයාශ් .....හිතන්න ගත්තම...උඹට කෝ මට ආදරේ කරන්න කාලයක් .....

මං නිර්වාන් දිහා බැලුවා එයා කියනවා හිතන්න එපාලු....එතකොට එයාට ආදරේ කරන්න කාලයක් කොහෙදලු ..ඇත්ත....මං මීටත් වඩා හිතුවොතින් කොහෙන්ද මගෙ නිර්වාන්ට ආදරේ කරන්න කාලයක් ....මං හිනා උනා.....කට කොනකින් හිනා වෙලා උන්න මං අවසානෙදි ඇස්වලිනුත් එක්කම හිනා වෙනකොට මගෙ නිර්වාන් මාවත් අතින් අල්ලන් කෙලින්ම කාමරේට ආවා....

සුදුපාටයි... බලන බලන හැම තැනම හිම පාටයි. ...ජනෙල් තිර ඇරියම එහෙන් මහ මුහුද...

කූකූ...කූකූ.....ඒ..ඒ..එහෙ.යන්නෙ නෑ.....හෙමින්..හෙමින්.....වැටෙයි දැන්...ඇවිදගන්නත් බැ බතලකොටේව....

නෑ..නෑ...ඔතන චූ දන්නෙ නෑ...අපි දන්නෙ නෑ ගුටි දෙයි ආ....හෝව්..හෝව්....චුප්..චුප්....හිටපන් තාත්තා උඹව එලියට අරන් යන්නම්.....

කෝ කෝ....ඒ..ඒ..හ්හ්.....දැම්මා නේද....මහ නරක කෙල්ලෙක් ඔයා.....ලමයො මට ඔතනින් ටිශූ එකක් දෙන්න මෙන්න මේකා ඉඹලා ඉඹලා මැදම දැම්මනෙ....දෙන්න හිතයි මේකිට

මං උන්නෙ සාක්කු දෙකට අත් දෙක දාගන බලාගන..තවම ඇබිත්තන් හන්දම ඇවිද ගන්නවට වඩා පෙරලෙන පලිගු මැනික ඉව කර කර ඉව කර කර චූන්දාන්න තැනක් හොයන කොට මගෙ නිර්වාන් ඒකිව අරන් එලියට දුවන්න හැදුවත් ඒකි නිර්වාන්ට කලින් ඉස්සර වෙලා ඇබිත්තන් ගාත් පොලවට නැවුවා...සුදු පාට ටයිල් කැට තෙමාගන කහ පාට දිය ඇල්ලක් යනකොට නිර්වාන් රවාගන කික්කි දිහා බලන් උන්නා.... .

ඔයා වෙනස් වෙලා...

නෑ...

නැත්තෙ නැ.....වෙනස් වෙලා...ඔයා පරීව කවදාවත් හුරතල් කෙරුවෙ නෑ අඩුම ගානෙ.. ....සුගතන් ව වත් 

ම්න්....

ඉතින් එතකොට වෙනස් වෙලා නැතිද....

මට තිබුන ප්‍රශ්නත් එක්ක ඔයා ආස දේවල් හොයා ගන්න කල් ගියා.....ඒකයි උනෙ...

.

එතකොට ...දැන්...දැ ඔයාට ප්‍රශ්න නැද්ද....

ප්‍රශ්න නැති මනුස්සයෙක් මේ ලෝකෙ කොහෙද සයාශ් ...ඒත්....ප්‍රශ්න අස්සෙ උනත්...මං ඔයා ආස හැම දේම දැන් හොයා ගන්නවා....මං හිතන්නෙ...මං විසි හතර පැයම ඔයාට ආදරෙයි කියන්න ඕන නෑ සයාශ් ....ඔයා ආස දෙයක් ..ඔයාට කලින් කෙරුවා කියන්නෙත් .මං ඔයාට ආදරෙයි කියලා පෙන්නන එක විදිහක්....

කව්ද කියලා දුන්නෙ ඔය දේවල්....

ඔයාමයි...මට ඔයාව නැති උන තත්පරේමයි...මහ රෑ අයිස්ක්‍රීම් ගෙනත් දෙන්න කියනකොට ගුන දොස් කිය කිය ඔයාගෙ හිත රිදෙව්වා මිසක්...මට බැරි උනා.....ඔයාට ගෙනත් දෙන්න...මා එක්ක මැසේජ් කරන්නකො නිරූ කිය කිය තත්පරෙන් තත්පරෙ මැසේජ් එවනකොට මං කෙරුවෙ ඔයාව බ්ලොක් කරලා පාඩම් කරපු එක...පාඩම් කරල බ්ලොක් එක ඇරපු එක...මට බැරි උනා..පාඩම් කරන ගමන් ඔයාට ඇයි මගෙ චූටි කියලා එක මැසේජ් එකක් දාන්න....මං කෙරුවෙ පැය ගානකට ඔයාව පැත්තකට දාපු එක.....මං ඔයාට නොසෑහෙන්න ආත්මාර්තකාමී වෙලා සයාශ් ...යන එන තැන් ගැන මං හෙව්වත් .මන් ඔයාට හරියට නපුරු වෙලා කියන්න දැනගත්තෙ ඔයාව නැතු උන පලවෙනි දවසෙ මහ රෑම.....වෙනදා වගේ එවන පත හෑලි මැසේජ් එක නැතිව යනකොට ..ඇහැරෙන්නත් කලින් එවලා තියන විකාර මැසේජ් නැතිව යනකොට ...මට මං ගැන මහ කලකිරීමක් දැනුනා. මං හිතන්නෙ..මං ඔයාට ආදරෙ කරලා නෑ සයාශ් ....

මගෙ ඇස් වලට කදුලු පිරුනා...අවුරුදු දහනවයෙදිත් බර වචන කියපු මගෙ නිර්වාන් මම ඒ දවස්වල කරපු කියපු දේවල් වලදි එයා මට උත්තර දීපු විදිහ එකින් එක කිය කිය එයාම වැරදු කාරයා කරගන්නකොට මං මීක් නොගා අහන් උන්නා...

..මට තිබුනා....නිරූ චූචියගෙ අත රිදෙනවනෙ කියල මැසේජ් එකක් එව්වම.....උම්මියක් වත් දෙන්නකො නිරූ කිව්වම....ඔයා හොයපු හුරතල් ලෝකෙටමනපයින් ගහපු මං කෙරුවෙ යතාර්තෙ අකුරු කරපු එක....ඒක ප්‍රායෝගික නෑ කියපු එක....ඒත්.....අකුරු දෙක තුනක හාදුවක් ඩිස්ප්ලේ එකේ වැටුනා කියලා ඔයාගෙ අත හොද වෙන්න නැතිව ගියාට...මං නැති කෙරුවෙ ඔයාගෙ බලාපොරොත්තුව....ඔයා ආපිට බලන් ඉන්න ඇත්තෙ මං හාදුවක් වචන වලට පෙරලලා එවයි කියලා .....මට තිබුනා එදා එහෙම නොකර ඉන්න...

.මං මගෙ ඇස් කොන් පිහ දාන ගමන් ළඟ තිබුන බියර් කේස් එකෙන් එක ටින් එකක් කැඩුවා...කඩලා උගුරක් කටේ ගහගත්තා ...තිත්තයි....එයාට දැනෙන වේදනාවයි..මේ බියර් රහයි දෙකම තිත්තයි...

මං ආපහු ඔයාගෙන් පරන ඔයාව ඉල්ල්නවා...ඒත්.....කාලයක් තිස්සෙ...මමමයි ඔයාව ඒ කාලෙ ඉදන් නැති කරගන තියෙන්නෙ...සයාශ් .....මං හිතන්නෙ...මං නැතිකරගන තියෙන්නෙ...මට උන්න හොදම මනුස්සයව.... සමාවෙන්න....මට බැරි උනා...සමහර තැන්වල...ඔයාගෙ උවමනාවට හරි ලද බොලද කෙනෙක් වෙන්න...

තවත් බියර් උගුරක් මගෙ උගුරෙන් පහලට ගියා ..තත්පරේකට කලියෙන් සැර උන බලු කික්කිව නිර්වාන් අල්ල උඩ ඉන්දවගන පපුවට තුරුල් කරන් උන්නා මදිවට ඒකිට නින්ද යන්නද කොහෙද හිමීට තට්ටු කරන ගමන් උන්නා.....

සයාශ්.....ඔයාට පුලුවන්ද ...මට සමාව දෙන්න....මිනිස්සු ..ජීවිතේ මොන මොන කාර්තුවල ආදරෙ කෙරුවත්...සමහර ආදර කතාවලට ලස්සනම තටු දිග ඇරෙන්නෙ.....සුදුපාට අදින කාලෙ වෙන්න පුලුවන් ...මං හිතන්නෙ....මං මැරුනා...මාව වැලලුවා...හැබැයි...මල් වඩමක් වත්....චිතකයක් වත් මේ මොකුත් තිබුන් නෑ....ඒත්..මං දන්නවා..මං එවෙලෙ මැරුනා කියලා...ඔයා මාව අත අරිනවා කියපු තැන...මට ඔයාව ඕනම උන තැන.....ඔයා පොරොන්දු දීපු තැන මගෙ මලගම උන තැන.....ප්‍රශ්න ප්‍රශ්නමයි...ඒත්....ඔයා දැන් මගෙ ලග උන්නත්...අර පරන මතක මට රිදවනවා...මං ඔයාගෙන් ආයම පරන ඔයාව ඉල්ලුවා ....සයාශ් ...ඔයා දන්නවා.....රැයක් ගෙවෙන්න ඕනත් නැතිව යයි...සමහර විට....අඩ හෝරාවක් ගෙවෙනකොට මං..මං ඔයාව අඩවයි.... වෙනදටත් වඩා..මට ඔයා ගැන අයිතිය වැඩි වෙයි..... මං හරි අඩුවෙන් ආදරෙයි කියන...ඔයාගෙන් ඕනාවටත් වඩා වැඩියෙන් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්.....සයාශ් ...මං...ආත්මාර්තකාමී මනුස්සයෙක්.....ඒත්...ඔයාට පුලුවන් ද...මගෙන් උන වැරදි වලට මට සමාවක් දෙන්න.....මං...

.මං ඔයාට හරි ආදරෙයි සයාශ් .....නපුරු කම මැද උනත්...මං ඔයාට හරි ආදරෙයි කියන්න..මං අද නොසෑහෙන්න දන්නවා සයාශ් ....මනුස්සයෙක්ට...විදින්න පුලුවන් උපරිම වේදනාව...ජීවත් වෙලා ඉන්නකොටම ඇතුලතින් සම්පූර්නම මැරිලා යන්න සිද්ද වෙන එක සයාශ් ...මං දන්නවා...මං කියවනවා වැඩී...මං දන්නවා...ඔයාට...කම්මැලි...ඇති....ඒත්....

ඒත් මට ඔයාට කියන්න ඕනෙ මගෙ සයාශ් .....මන් ඔයාට හුගාක් ආදරෙයි කියලා....මොකද.....මං ඔයාට හුගාක් ආදරේ හන්දා... ..මට ඔයාට ආදරේ කරන්න කිසිම හේතුවක් නැති හන්දා...මොකද ....එකම හේතුව ...මට ඔයා නැතුව තව ජීවත් වෙන්න බැරි හන්දා...ඔයටා පුලුවන්ද ....මන්..කරපු .....නපුරුකම් වලට...මට...සමාව..දෙන්න...ඔයා...ආයම...ඔයාට....මං කියන්නෙ...ඔයා ...අර...ඉස්සර...නිරූ....චූචියට...කියලා ...දිග...මැසේජ් එවනකොට මං....ඔක්කොම...කියවලා.....අවසානෙදි ....ම්න්...විතරක් ගාපු වෙලාවෙ....ඔයා..බලාපොරොත්තු උන...දේ..මං...නොලිව්වට...මං හිතන්නෙ මට පිස්සු හැදෙන්න වගෙ...සයාශ් ....ඔයා මාව ආයම අත අරින්නෙ නෑනෙ...ද...මගෙ චූටි...මට..දුක හිතුනා...ඔයාට...ආයම පරන...චූටි...වෙන්න...බෑ කිව්වම.....මට ඕන..උනෙ...ආයම...ඔයා...මාගල්..වගේ මැසේජ් එව්වත්....ඒ ඔක්කොටම ...දිගම...දිග මැසේජ් එවන්න.....කොහෙ..හරි හැප්පුනා කිව්වොත්...උ යන්න එක්ක...හල් මයනු හුගාක්...ටයිප් කරලා.....ඔයාගෙ...ඇස් පවා හිනාවෙන හිනාවක් ඇදෙන තරමට..ලොකූ.....හාදුවක්...තියන්න....මට...මට....මං...සයාශ් ..

 ඇති නිර්වාන් ...එපා මීට වඩා.....මීට වඩා මොකුත් එපා.....ඔයාට මහන්සී...ඔයාට....දැන් හුගාක් මහන්සී....මාව ආයම නැතිවෙන්නෙ නෑ...පොරොන්දු වෙනවා ...කවදාවත් නැතිවෙන්නෙ නෑ මාව ඔයාට...මට දිග මැසේජ් නැතුවට කමක් නෑ...මට පුලුවන් දැන් හැප්පෙන්නෙ නැතිව පරිස්සමින් ඇවිදින්න ...මට පුලුවන් ..ඔයා වෙනුවෙ මාව පරිස්සම් කරගන්න....

අතෙ තිබුන බියර් කෑන් එක පැත්තකින් තිබ්බ මං නිර්වාන්ට ඊට වඩා මොකූත් කියන්න නොදීම තුරුල් කරගත්තා ....ඉඩක් ලැබෙන හැම වෙලාවෙම මාව තුරුකරගන්න එයාව මං අද තුරුල් කරගත්තා .. අවුරුදු දහ නවයක කාලෙ පොඩි පපුවෙ ඉඩ නොතිබුනත්.....අවුරුදු විසිගනන් වල ඉන්න මට අද එයාව තුරුල් කරගන්න පුලුවන් තරම් මේ කටු ගැහුන පපුවෙ ඉඩ තිබුනා... තුරුල් කරගත්තා උනත් කටු ඇනෙනවා ඇති...

ඔව්...ඇත්තටම ඉඩ තිබුනත් ..පපුව තනිකරම කටු සැට් එකක්.....හේතුව එයා.. මගෙ මස් දියවි දියවි යන්න හේතුව එයා....මං විස්වාස කරනවා....අදින් පස්සෙ මගෙ දියවුන මස් ආයම ලියන්න පටන් ගනීවි ..මොකද ...මමම තැනක ලිව්වා...ලස්සනම කතා පටන් ගන්නෙ හිතන්නෙවත් නැති පරිච්චේද වල කියලා ....

මං හිතන්නෙ....ඒ පරිච්චේදෙ වෙන්න ඇති...දුක උහුලපු කාර්තුව ගෙවිලා...දැන් තියෙන්නෙ හිනාවෙන කාර්තු වෙන්න ඇති.

නාඩා ඉන්න...මං ආදරෙයි ඔයාට.....මට තේරෙනවා ඔයාව.....ඉස්සර වගේ නෙවෙ...ඕන මලගෙයක් දරා ගන්න මේ කටු පපුව හරි හයියයි නිර්වාන් ....ඔයාට ආය කවදාවත් මාව අත ඇරෙන්නෙ නෑ නිර්වාන් ...

මං එයාව තුරුල් කරගත්තා ...අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ....බලු කික්කිව කිටි කිටියට තද උනත් .. හැම දේම තේරිලාද කොහෙද ඒකි නෙවෙ පුංචි කමට මීක් කිව්වෙ...ඒකි කෙරුවෙම අපි දෙන්නගෙම උනුහුමට ගුලි උන එක වෙනකොට ....නිතේශ් අසරන වෙන හැම තැනම විතේන් තුරුල් කරගත්තා වගේම.....නිතේශ්ව දරාගන්න ඕන හැම තැනම විතේන් දරා ගත්තා වගේම මං එයාව දරාගත්තා ....

මං ඔයාට ආදරෙයි....

අවසානෙදි මං එච්චරයි ඒ ඇස් දෙක දිහා බලන් කිව්වෙ.....නිල්පාට මුහුදෙන් ගහන රැල්ලෙ සද්දෙ වත් මට හරියට ඇහුන් නෑ....එයා මගෙ කන් දෙකත් එක්ක වැහිලා යන විදිහට මගෙ මූන අත් දෙකෙම්ම අල්ලන් නලලට හාදුවක් තිබ්බා.....

අම්මා අප්පච්චි බැදීන් වලට පස්සෙ....මට ලැබුන ආදරනීයතම හාදුව.....

මෙතනින් එහාට....දෙන්න ලෝභයි...මෙතම දුන්නොත්...මට නිවි හැනහිල්ලෙ විදිනන් මොකුත් නැති වෙයි.....දන්නවද සයාශ්...කෙනෙක් මට කිව්වා...මිනිහෙක්ගෙ ආදරනීයම මතක අස්සෙ.....ආදරනීයම රමණයන් හුගක් හැංගිල තියනවලු...ඉතින්....එහෙම ඉතිරි කරන්න ඕනා මතක ඇයි මං හදිස්සියෙ විදින්නෙ.....ඒත් ඉතින්...මගෙ ලමයට අද රෑ ගැන වෙන්නෙ කොයි වෙලේද කියල හිතෙන තරමට අවුස්සන්න තව පුංචි හාදුවක් තියන්න පුලුවන්

මං හිනා උනා.....නලලෙන් එහාට දෙන්න ලෝභයි කියපු කපටි නිර්වාන් කෙරුවෙ මගෙ බෙල්ලට හාදුවක් තියපු එක වෙනකොට එයා කිව්වත් වගෙ දැන් ඉතින් මට වෙන්නෙ අද රෑ වෙන්නෙ කොයි වෙලේද කියලා හිත හිත ඇවිස්සෙන්න.....

දුප්..අම්මියා ගාවට...ඔය ඉන්නෙ..උඹගෙ ගොන් අම්මියා.....

පලයන් යන්න මම කොහෙද ගොන්....ආ...ඔව්....ඔව්....ගොන් හින්ද තමයි උඹ වගේ නහර කාරයෙක්ට අහු උනේ.....

හ්ම්..හ්ම්....හාකො...අහු උනේ හොද වෙලේට කියලා හිතෙන්න මං රෑට උඹට වැඩේ දෙන්නම්කො...

එයාකියන විදිහට අම්මගෙයි තාත්තගෙයි කතාවලට මැදිවෙලා උන්න පලිගුවව මගෙ අතට දුන්න නිර්වාන් මට ගොන් අම්මියා කියනකොට මං ඒකට අනිත් පැත්තට කතාවක් කිව්වා....මට සන්තෝසයි...මං හිතන්නෙ...කටුගැහුන පපුවෙ මස් වෙනුවට මල් පිපෙන්න ගත්තද කොහෙද ...

මොනවද ඔයාට කන්න ඕනෙ.....

ම්ම්ම්ම්...ම්ම්ම්..මට...

නිරූට දැන් උයන්නත් පුලුවන් ....

උයන්න දන්නවා නම්...ඇයි උඹට පොල් ගාන්න දන්නෙ නැත්තෙ...

මං දන්නෙ උයන්න මිසක් පොල් ගාන්න නෙවෙ හන්දා....

ඉතින් උයන එකේ කොටසක් නෙවෙද පොල් ගාන එක....

.දැන් උඹට වැදගත් මම උයන්න දැනගත්තු එකද...නැත්තන් පොල් ගාන්න බැරි එකද...

දෙවනි එක.....

එතකොට උඹ ඉන්නෙ මොකටද

දැන් මං උඹ එක්ක එන්න ඕනෙ පොල් ගාන්නද..

සම අයිතිවාසිකම් ඉල්ලනව නම්...එව්වත් එහෙම වෙන්න එපැයිනෙ...

මං උඹගෙන් සම අයිතිවාසිකම් ඉල්ලු නෑ...

ඔව් ඒක ඇත්ත මං උඹට දෙන්නෙත් නෑ...

උඹ මහ යකෙක් නිර්වාන් .

ම්න්...එක ඇත්ත...මන් යකෙක්....හැබැයි ආදරෙ පිරුන යකෙක්.....!!

නිරූ... 

ම්ම්ම්ම්....

ඇත්තටම ඔයාට උයන්න පුලුවන්ද අනේ 

ම්ම්ම්....ඔව්....පුලුවන් .... හීනියට ගාපන් ආ...ඕක කකුලෙන් පාගන්න නෙවෙ පොල් ඉල්ලුවෙ අර අහිකුන්ටකයො දෙන්නා කාමරේට රිංගුව රිංගුවමයි තාම නෑ...

ආ බන් නිර්වාන් .....

පිහිපාර කන්න ආසද....

ම්හුක්...නිරූ....යෝහ් ඉතින්...ආතරේටනෙ....බන් කිව්වෙ....

....

අපි ආවෙ ට්‍රිප් එකක් නේත ඉතින් ඇයි මේ උයන් කන්නෙ.....??අනික....උඹ ....නෑ..ඔයා කිව්වෙ නෑ..මට පොල් ගාන්න තියෙයි කියලා ...

ඇත්තටම මං උන්නෙ හිරමනයක් උඩ.....කබානා එකක් කිව්වට මේක මොන ජාතියෙ කබානෙක්ද කියන්න මට තේරුමක් නැති උනා.....කාමරේ වෙච්ච ආල කතා ඔක්කොම හබක් උනා..මට උයන්න පුලුවන් ඒත් පොල් ගාන්න බෑ කියලා මගෙ හැම තර්කයක්ම කුඩු පට්ටම් කරපු නිර්වාන් මන් ලාව්වා පොල් ගාවන ගමං උන්නා.....

ඔයාට මේක ට්‍රිප් එකක් උනාට...මෙක මට ට්‍රිප් එකක් නෙවෙ සයාශ් .....

එහෙනම්.....

මේක මගෙ හීනයක්...මගේම කියලා ගෙදරක..උඹයි මායි.....මෙහෙම ජීවත් වෙනවා දකින...මං හදන්නෙ...හීනෙට කලින් පෙර වදන බලන්න...

නිරූ....

මගෙ ඇගත් එක්ක මොකක්ද උනා ....අතේ තිබුන පොල් බෑය පවා මගෙ අතින් අත ඇරුනා. මං නිර්වාන්ට ආදරෙයි අනේ මං ඌට මගෙ හදවතිම්ම ආදරෙයි ...ඒත්. .ඒ හිනේ ..අනේ මං කවදාවත් එච්චර දුරකට කවදාවත් හිතලා තිබුන් නෑ.....

ඔයාට දෙයක් පෙන්නන්නද....

ම්ම්ම්....

මං නැගිට්ටා....කැරට් අලයක් අතේ තියන් උන්න නිර්වාන් මගෙන් ඔයාට දෙයක් පෙන්නන්නද අහනකොට පොල් බෑව පොල් ගාපු භාජනේට මං නිර්වාන් ගාවට ගිහින් හිටගත්තා ..... කැරට් කපලා.....එක ගානට ලියලා...කටින් පිම්බොත් ගහගන යනතරමට හීනියට එයා කැරට් ලියලා තිබ්බා.. බාගෙට කපාපු කැරට් අලේ කටේ ගහන් උන්න නිර්වාන් එයාගෙ ඵෝන් එක ඔබලා ඔබලා අවසානෙදි මගෙ දිහාවට ඵෝන් එක හැරෙව්වා...

ලස්සනද මේක...

ගෙදරක්.....එයා පෙන්නුවෙ බාගෙට හදාපු ගෙදරක්.....

මේ තියෙන්නෙ ඕක හැදුවට පස්සෙ පෙනුම...

නිරූ....

කියන්න ඔයා කැමතිද...ඔව් නේද....

නිර්වාන් ...

මට පපුවත් එක්ක මොකක්ද උනා....හීනෙට පෙරවදනක් බලන්න ආවයි කියපු නිර්වාන් මට පෙන්නුවෙ බාගෙට හදාපු ගෙයක් එක්ක ඒකෙ අනුරූපෙ වෙනකොට මං නිර්වාන්ගෙ අත්වලින් අල්ල ගත්තා ...

මං ගැන...මේ තරම් හීන තියනවද....නිර්වාන් .....?

හ්ම්.....දන්නවද.....මගෙ ඇගේ.....තියන කැලලක්...කැලැලක්...ගානෙම හම්බුන...හැම රුපියලම...යට කෙරුවෙ මේ ගෙදරට .. ..මට උඹව නැති උනා...උඹගෙ නැන්දා කිව්වෙ..කවදාවත් මට උඹව දෙන්නෙ නෑය කියලා ...ඒත් මගෙ හිත කිව්වා ....දවසක උඹ මගෙ ගාව ඉදී කියලා ....එදා ඉදන් මං අද වෙනකන් ජීවත් උනේ ඒ හීනෙ..සයාශ් ...

මගෙ ඇස් වලින් කදුලු පේලියක් කඩන් වැටුනා එයා කිව්වා....එයාගෙ ඇගේ තියන හැම කැලලකටම හම්බුන රුපියලක්ම යට කෙරුවෙ මේ ගෙදරට කියලා වෙනකොට මන් වෙන මොකුත් නොකරම මගෙ වෙව්ලන ඇගිලි වලින් එයා ඇදන් උන්න ටී ශර්ට් එක ඉස්සුවා.....

කැලලක් වත් නැතිව තිබුන සර්වාංගෙ අයිති කාරයො දැන් නිල් පාට....රතු පාට ලපවෙනකොට මං ඇස්වල කදුලු පුරවන් එයාගෙ පපුව පැත්තක තිබුන දම්පාට ලපේට හාදුවක් තිබ්බා.....

මං වෙනුවෙන්...මේ තරම් විස්වාසයක්....ඇයි මගෙ නිර්වාන් ....

මාව බදින්න කැමතිද සයාශ් ....

න්..නි...නිරූ.....

පුලුවන් නේද ..හැමදාම....මටම අයිතිය ලියා ගන්න...

....

සයාශ් ...කවුරු හරි මගෙන් ඇහුවොත්....මගෙ එකම හීනෙ මොකක්ද කියලා...දන්නවද..මං එදාට හරි ආඩම්බරෙන් කියනවා...මගෙ එකම හීනෙ. . " සයාශ් " කියලා ....!

 චූටි මේකෙ ලුණු බලන්න...

චුට්ටක් ඉන්න නිරූ මන් අර ගොබිලයො දෙන්නා දිහා බලලා එන්නම්....චූචිය මෙතන නැහෙනවා..මගෙ නිරූ මෙතන උයනවා...අර ගොබිලයො දෙන්නා ගියා ගියාමයි තාම නෑ...

එපා එහෙ යන්න...

ඇයි....

එපා.ඉතින් ....

ඇයි ඉතින්....

නිර්වානයා අහක බලාගත්තා ...කොච්චර ඇහුවත් මට ඒ පැත්තට යන්න එපාම කිව්වා බලු කික්කිට කිරි පොව පොව උන්න මං නිර්වාන් එහා මෙහා යනකන් ඉදලා යන්න එපාම කියලා තහංචි දාපු කාමරේ දිහාවට දුවපු මං හොරා වගේ දොර අගුලට අත තියලා දොර ඇරියා ....

සනා...ශ්.....

මට මිමිනුනා.....මහන්සිය උපරිමේටම තිබුන සනාශෙ මූනෙ කාලෙකට පස්සෙ හරි ආදරනීය හිනාවක් තිබුනා.....

ශෙනිරුගෙ අත් දෙක සනාශ්ව හිර කරන් උන්නා.....

රෑ වෙන්නත් කලියෙන්....සනාශ් ශෙනිරුව අයිතිකරගන තිබුනා....

.....

🌼.......

.ඉන්ධර් එක්ක එනකන්...පරිස්සමින් ඉන්න....

ආදරෙයි හැමෝටම.....

මං ජොබී....

Nedeesha !

.

More Chapters