Cherreads

Chapter 43 - 43

ම්හුක්....

.....

ම්හුක්.....

මං එහාටත් හැරුනා...ආයම මෙහාටත් හැරුනා නිර්වාන් බිත්තිය අයිනෙ... සැලා අනිත් පැත්තෙ වෙනකොට මම බින් කුන්ඩෙක් වගේ ඒ දෙන්නගෙම මැද්දෙන් උන්නා.. ...නිදාගන්නත් ඕනෙ...හෙට උදෙම්ම ඩ්‍රිල් එකට එන්න කිව්වනෙ....නිරූ නම් පොඩ්ඩක් වත් කැමති නැ මං ඔය ඩ්‍රිල් එකට යනවට ඒ උනත්.. ඒලෙවල්...ඕලෙවල් පන්ති දෙක එකතුවෙලා එක ඩ්‍රිල් එකක් කරනකොට අපිත් නොගිහින් කොහොමද ....දහයෙන් පහල සුනාමියෙන් පස්සෙ ඉපදුන උන් නම් වෙන එකක්...අනික උන්ගෙ සින්දුවත් මොකක්ද සමනල රෑනක් සේ ඇවිදින් අන්න ඒක...හොරොව්පතානෙ ඉන්නකම්ම ඕකට පොලු වනලයි වට්ටි වනලයි..." ලැප් ටොප්" නැටුම් නටලයි එපා උනා.....ඒක අහලා අහල ඇවිත් ඒ පාර මෙහෙත් ඒකමලුනෙ...උන්ට වෙන සින්දු නැතුවමද මන්දා.. 

හොද වෙලාවට ....අපි නම් ඒක නෙවෙනෙ....අනික සින්දුව මොකක්ද කියලා දැනගත්තට පස්සෙ යන්නෙ නැතුව ඉන්නවා නම් ඌව පුත්තලම් එක්කන් ගිහින් අමුවෙන් ගෝවා කවන්න ඕනෙ....

ම්හුක්.....

සෙනූ...සෙනූ..මගෙ සෙනූ ගගා ඵෝන් එකෙ ටච් එක යනකම්ම ඵෝන් එකට අනින ලොකුවගෙ පැත්තට හැරිලා උන්න මං ඊලග පාර නිර්වාන්ගෙ පැතතට හැරුනා....

.යසයි ප්‍රේමවන්තයගෙ කෙරුවාව..හරිම දුශ්මන් කෙනෙක් තමයි.. .රෑ පානෙ තමන්ගෙ ප්‍රේම වන්තයගෙ ගෙට පැන්නම වෙන උන් නම් කොච්චර දේවල් කරනවද..ඒකට මේකා...අඩුම ගානෙ හොරෙන් අතෙන් වත් අල්ලපිය..ඒත් නෑ...උම්මියක් දීපිය....ඒත් නෑ...

මං නිර්වාන් එක්කත් තරහා වෙලා අනිත් පාර උඩ බෙලි අතට හැරුනා . . හැරිලා ආපහු අපේ ඩ්‍රිල් එක ගැන කල්පනා කරන්න ගත්තා...මායි සැලයි ඉන්නෙ තුන් වෙනි පේලියෙ....ඒ උනාට උගෙ නිවාසෙ කහ පාට💛..මං රතුපාට❤️.....විදුහල් මාතාවගෙ පුතුකි හෙඩ් පොපිට් කොලපාට💚එතකොට සැලාගෙ සෙනූ දම්පාට.....ම්ම්ම්....හරිම අගෙයි💜️!

පාට ටික කෙසේ වෙතත්...අපේ ඩ්‍රිල් එකෙ සින්දුව.....බටස ජන්කුකාගෙ ලුක් හූ වි ආර්ද ද මොකක්ද....ලිරීක්ස් මොකක්ද මං දන්නෙ නෑ මං නම් කියන්නෙම එහෙම...

යෝ..මතක් උනත් ඇති අප්පා..ඇගම කිලිපොලා ගිහින් හැම ඇත්තෙම තියන මයිල් කෙලින් වෙනවා....

ම්හුක්.....

දැන් නම් පාන්දර එකත් වෙන්න එනවා..මෙච්චර වෙලාම කොටාපු සැලා අවසානෙදි ඔලුවෙ ඉදන් පොරවගත්තා ...මං හිමීට නිර්වාන් දිහා බැලුවා...

දෙන්න හිතයි මූට එකක්....

අනේ චින්තක.....බාල බෑනා නම්....රෝමාන්තික බාවෙ කියන එක දන්නෙම නැති එකෙක්....

ම්හුක්...උඹට ඔච්චරම කරමත නම් බුදියපන් HTTP!

ම්හුක්....නිර්වාන් ...

ඩ්‍ර්ලි එකේ සිහියෙන් ඇස් දෙක පියාගත්තු මට ඒ අස්සෙන් ජන් කුකාවත් පේන්න ගත්තා..නිකන් නෙවෙ.....ඔලුව ඇතුලෙ ඩ්‍රීමර්ස් එක දිගට ප්ලේ වෙන ගමං මායි ජන්කුකයි විතරක් නටනවා....කොඩි අරන් අපි දෙන්නා දුවනවා...

යෝහ් ..නින්ද යන්නෙ නෑනෙ.. .. .

කොහෙ නින්ද යන්න...ප්‍රේම වන්තයගෙ හුස්ම මගෙ කම්මුලෙ වදිනවනෙ....

ම්හුක්....නින්ත නැති රැයෙ.....සත කතුලු මීතුමේ....👉👈

එහා මෙහා වෙවි උන්න මන් හැරෙන්න ඕන පැති...නිදාගන්න ඕන ඉරියව් ඔක්කොම ටෙස් කරලා බලලා අවසානෙදි මං ආයම එයාගෙ පැත්තට හැරුනා....

.පව් අනේ...එයාට නින්ද ගිහින්....

අපිට නම් හුරු ණැති තැන්වල නිදාගන්න කොච්චර අමාරුද...ඒත් එයාට එහෙම නෑ.....වැටුන ගමන් නින්ද ගිහින්ද කොහෙද .....

මං බෙල්ල හරවලා සැලා දිහා බැලුවා.....බඩු ශේප්....ඌ තනිකරම ඊජිප්තු මමීයක් වගේ ඔලුවෙ ඉදන් පොරාන් කට කපලා බුජි.....

මං ආයම නිර්වාන් දිහා බැලුවා...සම්පූරනම අන්දකාර නොවුන කාමරේ හද එලිය වගේම පාරෙ ලයිට් එකේ එලියෙන් පාට වෙලා තිබුනා...ඒත්...ලයිට් එකේ එලිය හින්දා හද එලිය වැහිලා ගිහින් තියෙද්දි මට කෝකද හද එලිය...කෝකද ලයිට් එලිය කියලා හොයා ගන්න බැරි උනා...රෙ කොහොම උනත්....මොන එලියෙන් උනත් එයාගෙ මූන මං හරි ලස්සනට දැක්කා.....ඝන ඇහිබැම ...ටිකක් විතර ලොකු නහය.....පැතලි කම්මුල්.....ලා රෝස පාටට හුරු උනත් චුට්ටක් විතර වියලි ගතියට තිබුන දෙතොල්....මං මේ හැම දේම බලන් ඉදලා ඉදලා අවසානෙදි නිර්වාන්ගෙ නලලට හාදුවක් තිබ්බා. . ඒ

විතරක් නෙවෙ නහයටත්....නිකටටත්....කටටත්..... පුංචි පුංචි හාදු ගොඩාක් තිබ්බා....

ම්හුක්...මගෙනෙ ඉතින්....

මහ නරකයා....චූචියට උම්මියක් වත් දුන්නෙ නෑනෙ....

ඒඋනාට මං හරි ආදරෙයිනෙ අයියො....

ම්හු...ක්.....හෙඩ් පොපිට් අයියෙ.....

මං කුනුකුනු ගාන්න ගත්තා....හොරෙක් වගේ ඇති පදමට ඉඹින්න ගත්තා.....එයාගෙන් මීක් සද්දයක් නැති හන්දම මම එයාට ඕන ඕන දේවල් කර කර ආයමත් නහයට උම්මියක් දෙන්න ගියා විතරයි නිර්වාන් ඇස් ඇරියා....

න්න්..න්

මොකද කරන්නෙ ම්ම්ම්

ඔ..ඔයා..බයියන්..නෙවෙත...අ..නේ...උන්නෙ...

නෑ...

එහෙනම්....එතකොට මං...

කරපු කියපු ඔක්කොම ඇහුනා...ඒ වගේම දැනුනා....

මාව රතු උනා....නිදාගන නෙවෙ හිටියෙ කියපු එයා අනිත් පාර කියපු කරපු ඔක්කොම ඇහුආ කියනකොට මට වහ බොන්න හිතුනා...

කපටියා....

ම්හුක්...එතකොට ...ඔයා...ඔයාචුට්ටක් වත් බයියන් නෙවෙද.උන්නෙ....නිරූ....

ම්හ්...නෑ...

එහෙනම්...මේ ඔක්කොම රගපෑම්ද අනේ...

ම්න්.....

න්..නි...නිර්වාන්

ආදරෙයි ...

.....

මෝඩයා...

.....

මගෙ.....

මාව ගල් ගැහුනා....මෙච්චර වෙලාම නිදි වගේ උන්න නිර්වාන් මාව ඇදලා අරන් තුරුල් කරගන්නකොට මම හුස්ම හිරකරගත්තා ....මං එයා ගාව නිදියන පලවෙනි පාර...ඉතින් මට හුස්ම නොවී තියෙයිද.....

මෙච්චර වෙලාම කොට්ටෙ ඉඩ නිදාගන උන්න මාව එයා ඇදලා අරන් අත උඩ තියා ගන්නකොට මම හොරා වගේ සැලා දිහා බැලුවා....ඌ නිදි....ඌට මැරිලා වගෙ නින්ද ගිහින්.....ම්හුක්.....මං මෙච්චර කියලත් නිරූ අපේ සැලාව එලියට යැව්වේ නෑනෙ.....‍හදිසියේවත් යම් කිසි දෙයක් සිත්ත උනෝතින්...ඇද හෙල්ලෙන්න ගත්තම එයා පව්නෙ....

නෑ මං මේ කියන්නෙ...නින්දට භාදා වෙනවනෙ...පව්නෙ.....

එයා නිදිද

ම්හුක්....ඇයි...නිරූ...ඔයා එයාව සෝෆාවට යැව්වෙ නැත්තෙ...

.එලියට ගියොත් ඔය මනුස්සයා එලිවෙනකන් ඇහැරන් ඉන්න හන්දා...

මොකක්....

මං තවත් චුට්ටක් එයාට ලන් උනා....ඒ විතරක්ද...මං එයාගෙ ඇගට අන්ඩකුත් දාගත්තා ....ඒත් විතරක් ඈ..මං හොරා වගේ එයාගෙ පපුවට අතකුත් තිබ්බා...තියලා එයා බනීද බලන්න ඇස් දෙක බෝල කරලා එයා දිහාව බලලා කමක් නෑද අහන්න වගේ කටත් චුට්ටක් උල් කෙරුවා...ඇස් පිල්ලම් දෙක තුනාකුත් ගැහුවා....

කපටි කම උඹගෙ

ම්හුක්...එපානෙ..නිරූ...චූචියට බයින්න.....

ම්න්...බයින්න එපාද චූචියට...ම්ම්ම්....

ඔව්නෙ...ඔයා මොකක්ද අනෙ කලින් කිව්වෙ.....ඇයි අපේ.සැලාව එලියට දැම්මෙ නැත්තෙ....

එහෙම දැම්මම ඌ එලිවෙනකම්ම ඇහරන් උඹයි මමයි කරන්නෙ මොනවද කියලා කල්පනා කරනවා.....දැන් එහෙම නෑනෙ.....ඌට සැනසීමෙන් නින්ද ගියා...

අනෙ අම්මො....හෙඩ් පොපිට් අයියෙ....ම්හුක්.....මහ හොද නෑ අනේ....හරි...නරකයා....

ම්න්...නරකයි තමයි.....ඇයි..මං නරක් වෙනවට මගෙ චූටි කැමති නැද්ද ම්ම්ම්

...

මගෙ බඩත් එක්ක.මොකක්ද වෙලා ගියා....ඇදන් උන්න ටී ශර්ට් එකත් ගලවල උන්න නිර්වාන් මගෙ කන් පෙත්තට හොරාවට මුනු මුනු ගානකොට මගෙ බඩ පපුව දෙකම කැලතිල ගියා.....

ම්හුක්...නිරූ...එපානෙ.....

මොනවද....ම්ම්ම්

ඔහොම කතා කරන්න....චූචියට...ලැජ්ජයිනෙ....

ම්ම්ම්...මගෙ චූචියට ලැජ්ජා නම් එහෙම කතා නොකර ඉන්නම්කො.....

මං එයාගෙ මුන අත ගෑවා...මෙච්චර වෙලාම මාව වචනවලින් අවුස්සපු එයා අවසානෙදි මගෙ නලලට හාදුවක් තියලා මොකුත් නොකියම මාව අත් දෙකෙම්ම තුරුල් කරන් බරම බර හුස්මක් පිට කරනකොට මං එයාගෙ මූන දිහා තත්පරයක් දෙකක් බලන් ඉදලා හිමින් සැරේ කතාවට එන්ටර් උනා....

නිර්වාන් ....

ම්න්....

අම්මා බැන්නද ඔයාට...

නෑ....

එතකොට අර මනුස්සයා ...

නෑ....

ගෙදරදි මොකද උනේ නිරූ....

මන් ඒ ගෙදර මනුස්සයෙක් නෙවෙනෙ චූටි....මං ඇවිත් රූකඩයක් ...එක එකාගෙ උවනා එපාකම් වලට පාවිච්චි වෙන....

මං තත්පර දෙක තුනකට කට පියාගත්තා .....කිව්ව විදිහට දැන් එයාගෙ අම්මා සංජනට ලන් වෙනවලු...ඒ ගෑනිගෙ හිතේ තියෙන්නෙ මොන අදහස්ද දන්නෙ නැ...ඒත්...බොරුවට උනත් ඒ ගෑනි සංජනට ලන් වෙනකොට ආදරේ පෙන්නනකොට කවදාවත් අම්මගෙ ආදරේ නොලැබුන නිර්වාන්ට මොකද හිතෙන්නෙ...

නිරූ.....

ම්න්....

සංජන

එයාට ප්‍රශ්නයක් නෑ චූටි ....එයාට දැන් අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා...

....ඒ කිව්වෙ...

ඒ කිව්වෙ...ඒ ගේ ඇතුලෙ මගෙයි කියන්න දැන් කවුරුත් නැ සයාශ් ...අප්පච්චි යන්න ගියා....හේතු නෑ...එයා මාව හරි ලේසියෙන් ගලවලා දැම්මා...හරියටම හොද තනකොල ගස් අස්සෙ පැල උන වල් තනකොලයක් වගේ එයා මාව ගානක් නැතුවම එයාගෙ ජීවිතෙන් උදුරල දැම්මා ...

මූනිච්චාවට ද.....ඇත්තටද...මොන හේතුවටද දන්නෙ නැ....අම්මා සංජනට ලගයි....හැබැයි...කවදාවත් නැතිව මට රිදෙන්න ගත්තා.....

තාත්තා කියන මිනිහත්...ම්න හේතුවටද කියන්න දන්නෙ නෑ...සංජනට ලන් වෙනවා....මෙච්චර කල්..මාව ඕනෙ කිය කිය පස්සෙන් පන්නපු කිසිම කෙනෙක් අද මගෙ ගාව නැ සයාශ් ....යන්න එන්න තැනක් නැතුවයි....මන්

මං ඉන්නවා නිර්වාන් ...මොකා උන්නත් නැතත්...මට අදාල නැ...මං උඹට ඉන්නව මගෙ නිර්වාන් ....මං කිව්වනෙ.....මං කවදාවත් මෙ අත අතාරින්නෙ නැස් කියලා .....මාව විශ්වාසයි නේද නිරූ.....

විශ්වාස නැති නම්..මං උඹව හොයන් එන්නෙ නෑ චූටි.....මට ඉන්නෙ උඹ විතරයි කියන්න....මගෙ හිත පිලිඅරන් ඉවරයි.....

එතනින් පස්සෙ මං කට පියාගත්තා ...අහන්න කියන්න දේවල් හුගාක් තිබුනත්.....රිදෙන්නෙ නිර්වාන්ට හන්දා මං මීක් නොගා උන්නා... 

චූටි ....

ම්ම්ම්.....

මට සල්ලි ඕනා....

කීයක් ඕනෙද....

මෝඩයා....ඔයාගෙන් නෙවෙ....

එහෙනම්.....

මම කියන්නෙ...මට සල්ලි හම්බ කරන්න වෙනවා...දැන් ඉදම්ම...මොකද ..මටයි කියන්න කෙනෙක් නැති තැන...මට ජීවත් වෙන්නත් බෑ...හැබැයි මං තවමත් යැපෙන්නෙ මට උන්ව අතඇරලා ගිහිනුත් බෑ....

තරහ වෙන්නෙ නැති නම්...දෙයක් කියන්නද....

මොකක්ද නිර්වාන් ...ඔයා...ඉස්කෝලේ යන අතර තුර වැඩකට යන්නද....නැත්තන්...සදහටම ඉස්කෝලේ ගමන නවත්තන්නද...අනේ ඒක නම් කරන්න එපා නිර්වාන් .....

නෑ...ඔය දෙකම නෙවෙ.....

එහෙනම්...

මං ආයම taekwondo සෙල්ලම්.කරන්නෙ නෑ චූටි.....

...එ..එහෙනම්

මං...මන්.....mix martial arts වලට මාරුවෙනවා...ඒකෙ...එක රවුන්ඩ් එකකට ....

උඹ හදන්නෙ සල්ලි වලට ගහගන්න....එහෙමනෙ...ඔට්ටු වලට ගහගන්නෙ...

සමාවෙනන් සයාශ් ...මට...මේක කරන්නම වෙනවා...මොකද ...සංජන කියන්නෙ....mix martial arts expert කෙනෙක්...ඌ මට දැනටමත් warning කරලා ඉවරයි සයාශ් ....කොච්චර කොහොම හිනා වෙලා උන්නත්...මං දනන්වා ..දවසක් එනවා....ඌටයි මටයි.....රින්ග් එක අස්සෙ හිටගන්න වෙන.....උගෙ අම්මා මගෙ අත අල්ලන් ඌට ඇමතියව අත අරින්න කියලා කිව්වත්.....එදා රැ ඌ ඇමතියව අතෑරියා කියලා කිව්වත්.....ඒ ඇස් දෙක ආයමත් දිලිසෙන්න ගන්න හැටි මං මගෙ ඇස් දෙකෙම්ම දැක්ක සයාශ් ....

......

සයාශ් ....මං දෙයක් කියන්නද...දරුනු මනුස්සයෙක්....හැම දේම නැත්තටම නැති උන මනුස්සයෙක්.....පොරොන්දුවක් වෙනවා නම්...ඒක එකපාරයි....ඌ ඒ දුන්න පොරොන්දු රැකලා මිසක්.....කවදාවත් බිදලා නෙවෙ පස්ඩ බලන්නෙ චූටි...

.ඌ මට...පොරොන්දු උනා....සයාශ් ....මගෙ සතුට....ඌ උදුර ගන්නවා කියලා .....

හොදට කල්පනා කරලා බලපන් වස්තුව ...මේ නිර්වාන්ගෙ සතුට කව්ද කියලා .....

හොදට කල්පනා කරලා බලපන් මේ නිර්වාන්ගෙ සැනසීම කොතනද කියලා ...

න්..නිරූ.....

මරාගන මැරෙනවා.....උඹව උදුරගන්න එන්නෙ මොකාද...මං මරලා දානව සයාශ් ...අම්මා අප්පද මොකාද බලන්නෙ නෑ....දෙයියන් බුදුන් පල්ලයි...මං මරලා දානවා.....උඹ මගෙ එච්චරයි ....

මට කට උත්තර නැති වෙලා ගියා...එයා මගෙ ගාව ඉන්නවයි කියලා දැනෙනකොට හිතට දැනුන අර ආදරේ ඒ සතුට හැම දේම නැති වෙලා ගියා....ගෙදරට හොරාවට ආදරේ කරනකොට බයත් එක්ක එන හැගීම් මොන තරම් අපූරුද....ඒත් ඒ හැම හැගීමක්ම එක පාරම මැරිලා ගියා.....

මගෙ අම්මා ඉගනීමක වටිනාකමක් දන්න ගෑනියෙක් නෙවෙ චූටි....සල්ලි බලෙන් ඔතනට ආව ගෑනියෙක් මිසක් ....අම්මා අද ඉදී.....හෙටත් ඉදි...අතේ සල්ලි ගැවසෙන තාක් ඔය පුටුවෙ ඉදී..... චූටි.....හැමදාම ස්ටේජ් එකකට නගින්න කලින් උන් ඔක්කොම කරන්නෙ ගෙවල් වල ඉදන් මිනිස්සුන්ට බොරු කියන්න බොරු කටපාඩම් කරන එක.....උන් කරන්නෙම මිනිස්සුන්ව හිටගන නිදි කරවනවන එක...

මගෙ අම්මා මහ නූගත් ගෑනියක් සයාශ් .....මට තව දුරටත් ඒ පඹගාලෙ ඉන්න බෑ චූටි ...මට හීනයක් තියනවා....සුදූ වගේ සුදුපාට කෝර්ට් එකක් දාන්න....ස්ටෙත් එකක් බෙල්ලෙ එල්ලගන්න...වෙද අකුරු ලියන්න....නැත්තන් මං කවදාවත් නැහීගන පාඩම්.කරන්නෙ නෑ චූටි...මට මතක ඇති කාලෙක...මං පාඩම් කරනකොට අම්මා කවදාවත් ලගට ඇවිත් ඔලුව අතගාලා නෑ.....සීයෙන් සීය ගත්තත් පන්‍තියෙ පලවෙනියා උනත්...එයාට වැඩක් නෑ....එයාට වැඩක් තිබුනෙ ඉස්කෝලේ පාඩු කරන් මං මැච්වලට ගිය තැන....

....

ඔව්වා කතා කරලා තේරුමක් නෑ චූටි.....මට උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි මගෙ සයාශ් .....එක හිතක් ගාව සම්පූර්ණයෙන්ම නිවෙන මිනිස්සු තවත් හිතක් ගාව පලාතම අලු කරවන්න පුලුවන් වෙන තරමට ඇවිලෙනවා ඇති...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි සයාශ් ...

මේ නිර්වාන්ට නිවෙන්න පුලුවන් තැනක් තියනවා නම් ....ඒ උඹ ගාවදි විතරයි ...

මං අහගන උන්නා...සමහර තැන් වලදි මං හුස්ම ගන්න එක පවා නවත්තලා අහන් උන්නා ....අවසානෙදි මං තීරනයක් ගත්තා ...මගෙ නිර්වාන් ගන්නෙ මොන තීරනේද ....මං එයාට උදව් කරනවා කියලා ...

ආදරේ කියන්නෙ පෙරලගන හාදු දෙන තැනට වඩා .....රිදෙන තැනදි තේරුම් ගන්න එකට...

ඔලුව් ගහගන්න තැනක් හොයන තැන් වලදි උරහිසක් දෙන එක...දරා ගන්න එක....

සෑහෙන්න වෙලාවක් මීක් නොගා උන්න මං අවසානෙදි නිර්වාන් ගෙ මූන මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා ...

මොන දේ කෙරුවත්....මේ චූටියා හැමදාම මගෙ නිර්වාන් ගාව ඉන්නවා ...

මං දන්නවා ...මට උඹව විතරක් ඇති....

මං.ආදරෙයි නිර්වාන් ....

මං එයාගෙ නලලට හාදුවක් තිබ්බා .....මං ආදරෙයි නිර්වාන් කිව්වා ....මාව තුරුල් කරන් මගෙ පැත්ත හැරීගන උන්න එයා උඩ බෙලි අතට හැරුනා .....ඒ වගේම එයා එකපාරම මාව එයාගෙ ඇග උඩට ඇදලා ගත්තා .....මං දැන් ඉන්නෙ සම්පූරනම නිර්වාන්ගෙ ඇග උඩ වෙනකොට මෙච්චර වෙලාම මික් නොගා උන්න සුගා උඩ බුරන්න ගත්තා මාව ගැස්සිලා ගියා...

මේ බලු ජඩයා.....

දොයියන්න ....හෙට ඉස්කෝලේ යන්න ඕනනෙ...මගෙ චූටි හෙට මොනවටද ඉන්නෙ ....ම්ම්ම්

එයාගෙ ඇග උඩට ගත්තු මගෙ ඔලුව අතගාන ගමන් මගෙ චූටි හෙට මොනවටද ඉන්නෙ අහනකොට මං එයාව කූරු ගාන්න ගත්තා ....හොරෙන් හොරෙන් හොර වැඩ කරන්න ගත්තා ....ඒත් නිර්වාන් නෙවෙ වචනයක් කිව්වෙ ....ඒ වෙනුවට එයා කෙරුවෙ මගෙ තට්ටමට හිමින් තට්ටු කරපු එක වෙනකොට කට කපලා බුදියන් උන්න සැලා නින්දෙම්ම අපේ පැත්තට හැරෙනවත් එක්කම මං විදුලි ආදා වගෙ නිර්වාන්ගෙ ඇගෙන් රීට්ටුවා ...

ම්හුක්.....

ඇයි ඉතින්....ම්.ම්ම්....

ම්හුක්.....

මෝඩයා ...කියන්න හෙට මොකද කරන්නෙ...

චූචියා ඩ්‍රිල් එකට යනවනෙ..

ම්න්...

ඔයත් එනවනේද

නෑ..

ඇයි....

මං එන්නෙ නෑ...

ඒ ඇයි නිරූ.....ඈ....ඇයි හෙඩ් පොපිට් අයියෙ ...විදුහල් මාතාවට කැලලක් වෙයි කියලභ්භ්....භ්භ්.....භ්භ්...

මෝඩයා මගෙ දැන් නිදා ගන්න.....

ම්හුක්....

ගුඩ් නයිට් මගෙ චූටි...

ගුඩ් නයිට් මගෙ නිරූ....ආතරෙයි

ම්න්....

.....

මාත් ආදරෙයි මගෙ ලමයට.....

ඔයාට නින්ද යන්නෙ නැත්තන් මං සින්දුවක් කියන්නත නිරූ

නැ එපා....

බයවෙන්න එපා අනේ....මට පුලුවන් ...

නෑ ඒත් එපා...ගුඩ් නයිට්.....උම්මා..නිදා ගන්න....

මහ නරකයෙක් උඹ .

චූටියා ....කොල්ලො.....මේ කිරි එක බීපන්...

ම්හුක්...සුතර්මා ...අද නම්...වම්...වකුගඩුවෙ....හාර්ට් ඇටෑක්....එකක් ...වගේ...අනේ.......

මේ මේ....ගුටි නොකා ඉස්කොලේ යන්න ලෑස්ති වෙයන් චූටියා....මදැයි උඹ දැන් අර උත්සවේ මේ උත්සවෙ ගගා පන්තිත් නොයා කටටි පැන්නා...හැන්දෑවට හැන්දෑවට නාඩම් පන්ති විතරක් දුවනවා..නැගිටපන් නැගිටපන් මේක බීලා ඉස්කෝලේ පලයන්

යෝහ් .....නාඩගම් පන්ති නෙවෙ ..අනේ...නාට්ටි පන්ති...සුතර්මා ...සුතර්මා ....දරුපැටියා නලුවෙක් උනහම මුල්ම ඔටෝග්‍රාප් එළ සුතර්මට හොදෙ.....

මං මුනින් අතට හැරුනා...නිර්වාන් මෙහෙ ඇවිදින් නිදියලා ගිහින් දවස් දෙකක් පහු උනා.....ස්පෝර්ට් මීට් අර මීට් මේ මීට් සෝයා මීට ඒ ඔක්කොම ඉවර උනා...කොහොම දිනුවද කියන්න දන්නෙ නෑ.....හෙඩාගෙයි ඩිපූටියගෙයි නිවාස දෙක තමයි එක දෙක ගත්තෙ....ඕක දැනගත්තු වෙලේ ඉදන් සැලා ඔට්ටුවක් දාලා තිබුනා.....

වෙන මොකුත් නෙවෙ..මං හිතන්නෙ අපේ සැලා ආය කවදාවත් උගෙ මිනිහා එක්ක ඔට්ටු දාන එකක් නෑ...

ඩිපූටුයගෙ නිවාසෙ සැලාගෙ එකට පැරදුනොත් සැලා ටොප් වෙන්ඩයි.....සැලාගෙ එල ඩිපූටුයගෙ එකට පැරදුනොත් අපේ එලා බොටම් වෙන්නයි...මං දන්නෙ නෑ....මට නම් හිතෙන්නෙම පෙරේදා ඩිපූටියයි උගෙ නිවාසෙයි තහනම් උත්තේජක ගහලා ඇවිත් තිබ්බද කොහෙද...කහපාට නිවාසෙට ඇපත් නෑ.....කොහොම උනත්.....සැලා පැරදුන දා ඉදම් වැඩි හරියක් කෙරුවෙ කන්නාඩිය ගාව ඉදන් උගෙ තට්ටම් වලින් සමාව ගත්ත එක.....

මේ දැනුත් කරන්නෙ ඒක...

බබීට සමාවෙන්න පුතෙ.....බොටම් උනාට...

උදේ පහමාර පහුවෙලා පැය කාලක් යන්න ඇති....ගෙවිලා ගියපු පැය ගානට වෙනස් වෙන්න අවුරුදු ගානක් කල් යන එව්වා මේ දවස් දෙක තුන ඇතුලත සිද්ද උනා.... සංජන අපෙ ඉස්කෝලෙට ආවා....

නිකන් නෙවෙ ..මැත්ස් වලට.....හොදම දේ කියන්නෙ ..සංජනව බාර දෙන්න ආවෙ නිර්වාන්ගෙ අම්ම වගේම ඇමතියා....හරියටම බැලුවොත් නිර්වාන්ගෙ තාත්තා . .එදා රෑ මාව තුරුල් කරන් හිනා වෙලා මට ආදරෙයි කියපු මගෙ නිරූ එදයින් පස්සෙ හිනා උනේ නෑ.....එයාගෙ මූන සම්පූරනම වෙනස් උනා .කොටිම්ම මා ගාවදිවත් හිනා උනෙ නෑ...ඉස්කෝලේ ඇතුලෙදි හම්බෙන තත්පරේදි එයා මගෙ අත අල්ලන් ඉදලා කාටත් නොපෙනෙන්න ඔලුව අත ගාලා යන්න ගියා විතරක් නෙවෙ... ..වැඩි හරියක් පොතක් බලන්ඩයි...හවසට ගහ මරාගන්ඩ යන්ඩයි වෙන් උනා...

මේ හැම දේම වෙනස් උනා....සංජනගෙ අම්මව මරාගත්තු එකට ද ...නැතිනම්...කවද හරිදවසක වන්දි ගෙවන්න වෙයි කියන බයටද කොහෙද ඇමති ගෑනියි මිනිහයි සංජනට පුදුම විදිහට ලන් උනා විතරක් නෙවෙ සංජන කියන්නෙ නිර්වාගෙ අයියා කියන්න මුලු ඉස්කෝලෙම දැනගත්තා ...

ඒ ඔක්කොමත් හොදයි...මෙච්චර කාලෙකට නිර්වාන්ව අර කලු පටි ඇදුම අන්දවලා අර කෝච් හොදයි මේ කෝච් හොදයි ගගා එයාව හිරකරාපු මන්ත්‍රී ගෑනි එයාට ඕන එකක් කරගන්න ඉඩ දුන්න ...හැබැයි...දැන් ඒ හැම සැලකිල්ලම සංජනට දෙනවා.....

කාලයක් තිස්සෙ ඔලුව උඩ තියන් ඉන්න මිනිස්සුමයි හිතන්නෙ වත් නැති වෙලාවෙ කෑලි මූට්ටු කරලා වත් ආයම හදා ගන්න බැරි විදිහට බිදලා දාන්නෙ.....

හරියටම දැන් මගෙ නිර්වාන්ට උනා වගේ....

මං පපුව පිරෙන්න ලොලු හුස්මක් ගත්තා....එයාට දැන් ඉතුරු මං විතරයි ...එයාගෙ ලෝකෙම තියෙන්නෙ දැන් මගෙ ගාව විතරයි ...

උඹ හරි පව් මගෙ නිර්වාන් ...මොන දේ උනත්.....මං ඉන්නවා...

ගුම් මෝනිම් මගෙ නිරූ...නිර්වාන්ගෙ සුතු චූචියා නැගිත්තනෙ...!!

ඉර පාආ....මල් පිපිලා...පාත පාත සමනල්ලු මල් වලින් පැනි බොන්න් ඇයිල්ලා.....නිර්වාන් පුතුකියා තාම ජොයිතේ....

ඉස්කෝලේ යන්න බෑ බෑ ගගා උන්න මං අවසානෙදි නැන්දගෙ වදේ ඉවසන්න බැරිව නැගිටලා ඇදේ ඉදගන නිර්වාන්ට මගෙ හුරතලෙ එක්ක විකාර මැසේජ් එකක් දැම්මා...

එයා අද ඉස්කෝලේ එන එක ශුවර් නෑ කිව්වා...ඊයෙ රෑ ප්‍රැක්ටිස් ගිහින් එයාගෙ අත පය කැක්කුමයි කියලා කියපු නිසා එයා එනකන් බලන් ඉන්නත් එපා කිව්වා....

මට යන්න හිතක් නෑ...ඒත්...නොයත් බෑ...එයා මගෙන් එක දෙයක් ඉල්ලුවා...ආස කරන ඕන දෙයක් කරන්න කිව්වා..කවදාවත් නවත්තන්නෙ නෑ කිව්වා....හැබැයි..මහන්සි වෙලා ඉගන ගන්න කිව්වා.....

නිරූ....දොයිත.....චූචියා සිප් සතර හතාරන්න විදුහල් මාතාව වෙත යන්න යන්නෙ.....

ම්හුක්...හෙඩ් පොපිට් අයියේ.....දරු පැටියා යන්න යන්නෙ....

මං තවත් මැසේජ් එකක් දැම්මා.....එයා නිදි වගේ ....අඩුම ගානෙ ඊයෙ රෑ මට දාපු මැසේජ් එකෙන් පස්සෙ ඔන්ලයින් වත් ඇවිත් නෑ....

මගෙ නිර්වාන් ....පරිස්සමින් ඉන්න.....චූටියා ආදරෙයි ඔයාට ගොඩක් .....

තවත් තත්පර ගානක් බලන් උන්න මං අවසානෙදි එයාට මැසේජ් එකක් දාලා බාතෲම් එකට දිව්වා...

චූටියා....

යෝ.....හෙ....මෙ පාවහන් පලදිනවා අනේ....

උඹගෙ කිරි එක දැන් ඇල්වෙනවා ආ....

පරීට දෙන්න සුතා...දරු පැටියා මොකද...මුනුබුරු පැටියා මොකද

තෝ මගෙන් කන්ඩ එපා චූටියා...පූසන්ට ගිල්ලන්ඩ තියනවනෙ මෙහෙ....මෙහෙ වර බීපිය මේක....හදලා දීලත් තොපිට බොන්ඩ බෑ...වෙන උන්ට කන්ඩත් නෑ....දැන් මං ඔය අනිකටත් කීයෙ ඉදන්ද අඩගහන්නෙ ..හිටපියව්කො තොපිට ආය පිටි හදයිද කියල බලන්ඩ.....

එව්....ඔන්න...ඔන්න පටන් ගත්තා.... දෙමල මීටරෙ කරකවන්න....අනේ චූටියා මගෙ එකත් අරන් වරෙන්

මෙච්චර වෙලා කන්නාඩිය ගාව කැරකුන සනාශයා අවසානෙදි මුනත් දෙක කරන් කිරි එක අරන් එන්න කියනකොට මං කුසියට ගියා

ආ...මෙන්න වැඩක්.....ලොකු නැන්දේ....මෙන්න මේ...සුගතන්....පොල් කනවෝ...

ඔය කාපු දෙන්....උඹලා එකෙක් වත් ඉන්නවද මගෙ තනියට.....මහ පාන්දර කීයට නැගිට්ටත් එන්නෙ ඔච්චරයි ...

ආ...ආ..එහෙම කියන්න එපා සුතර්මා සුගාට කිරිපනු ගාය අල්ලන්න තමයි....

මං කුසියට ගියා....බිම තිබ්බ පොල් අඩලයක් අත් දෙකෙම්ම අල්ලගන බලු ජඩයා ලෑටි ගානකොට පරියා පුටුවක ඉදන් උන්නා....උන් දෙන්නගෙම අම්මත් ළොකු නැන්දම වෙනකොට කවුරුත් නැති උනත් ලොකු නැන්දා උයන්න නැගිටින්නෙ කීයටද උන් දෙන්නා කුසියට එනව....උන්ට කරන්න දෙයක් නැති උනත් උන් උන්ගෙ අම්මගෙ තනි රකිනවා...

බාගෙට නිවුන කිරි එක උගුරෙන් උගුර බොන්න හැදුවත් අප්පිරියා හිතීගන ආව හින්දා එක හුස්මට ගහපු මන් කට පිහාගන ලොකු නැන්දා දිහා බැලුවා...

සුතර්මා .....

ම්ම්ම්...ගනින් මේ බත් එක....

දෙයක් අහන්නද අනේ.....

මොකක්ද.....

මේ චූටියා ඉන්නෙ.....චින්තකගෙ දෙවනි දරුපැටියා....සයාස්....

ඉතින්.....

සුතර්මා ....දවසක....සයාස් කා එක්ක හරි පැනලා ගියොත් මොකද කරන්නෙ.....

මං ඉදලා ඉදලා ලොකු නැන්දවත් තුස්නිම්භූත වෙන කතාවක් අහනකොට සැලාගෙ බත් එක බැද බැද උන්න ලොකු නැන්දා පොල් කටු හැන්ද අතේ තියාගන මගෙ දිහා බැලුවා...

උඹව අරන් යන්න එකෙක් ඉන්නවද කියපන් එකටම.....

ආ...ආ..ආ.....හරිම අගෙයි ආ...සුතර්මා ...හරිම අගෙයි.....උදේ සුපිපුන මලක් බදු...ළපටි අත පය හුගක් මුදූ....වට තියන නොදරු පැටියගෙ රන් තැටියක් වගෙ තියන මූන බලාගන කියපු කතාව නම්...හරිම අගෙයි ආ...ඇයි අපි කැතද...අපිව අරන් යන්න උන් ඉන්නවද අහන්නෙ.....දැන් සුතර්මගෙ දරුපැටියා ලස්සනයිනේ.....

අමොර්...අමොර්...මූදු පතුල යට ඉදලා පෙන කැටියක පාවෙලා ආ තැනත්තා.....පිච්චමල්බිසව්තමෝ .....! ඔන්න දැම්ම කිව්වා සුතර්මා .....දෙවනි දරු පැටියා වැලක්විය නොහැකි හේතුවක් නිසා පැනලා ගියෝතින්...බාර ගන්න ඕනා අනේ....ඔන්න යන්න කලින් කිව්වා.....

මෙන්න මේක අරගන පලයන් චූටියාතවත් ඉන්නවා උඹ කට්ටි පැන පැන නොයා ඉන්ඩ නේද...බහු බූත කියවන්නෙ නැතුව පලයන්...උඹව අරන් යයි බල්ලො.....

.යෝහ්...සුගාටත් එක්ක අපාසයි!

දහසක් මල් විකසිත වෙන.....

මේ සුන්දර උදෑසන.....

කුරුලු ගී නාදයත්....

අනේ.....හ්...මය අර හාමුදුරුවන්ගෙ මීම් එක මතක් වෙනවා චූටියා...මේ රැස් වීම දවස නම් මහ සාපයක්....අරකිගෙ ඇදිල්ල බලකො....

.දෙන්න හිතයි...සටපට සත්තපඩි වෙන්න.....

කොච්චර විකාර කියවගත්තත් එකට එක කියෙව්වත් ලොකු නැන්දගෙ කකුල් අල්ලලා වදිනකොට ලොකු නැන්දා හැමදාමත් අපිදෙන්නගෙ ඔලුව අතගෑවා.....තුරුනුවන්ගෙ සරනයි මගෙ කොල්ලො දෙන්නට කිව්වා.....පරිස්සමින් ගිහින් වරෙල්ලා කිව්වා .....

වෙනදා වගේමයි...අදත් මහපොලවට ඉර එලිය වැටිලා තිබුනා...පට පාට මල් පිපිලා තිබුනා..කහපාට ...සුදුපාට.....රතුපාට....

කටරොලු මල් වල නිල්පාට අනිත් හැම මලකටත් වඩා ලස්සනයි කියලා මට විසි තිස් පාරකටත් වඩා හිතුනා.... 

සුදුම සුදු පාට කිරි කොක්කු වගේ ළමයි ඉස්කෝලේ පුරාවටම එහා මෙහා යනකොට වෙනදට හැමදාම දකින නිර්වාන්ගෙ රූපෙ අද හිස් වෙලා තිබුනා.....ඩියුටි ගියපු ඩිපූටියත් නැතුව යනකොට මං අහම්බෙන් වගෙ සංජනව විතරක් දැක්කා...නිර්වාන් උන්න නම් සංජන එක්ක වචනයක් හරි කතා කරනවා මිසක්කා...නිර්වාන් නැති තැන මට සංජන එක්ක කතා කරා කරන්න හිතල් නැති වෙනකොට මං කෙලිම්ම අපේ පන්තියට ගියා...ඒ ගිහින් බෑග් එක තියන්න හම්බුන් නෑ..බෙල් එක ගැහුවා වගේම සාපකාර කෙල්ලො ටික මයික් එක බදාගන්න මොහොත එලඹුනා.....

අරකි අර මොනවද කියවන්නෙ චූටියා....

මන්දා අඩේ...මගෙ කනත් කැක්කුමයි...ඊටත් මොකාද අප්පා මේ බහුබූත පටන් ගත්තෙ.....

ඉස්සරහා පේලියෙ උන්න මමයි...පිටිපස්සට පේලියෙ උන්න ලොකුවයි අපි දෙන්නට දෙන්නා.කුටු කුටු ගාම ගමන් ඇඹරුනා.....

ඔය ඔතන ඉන්න මල්ලිලා දෙන්නා..පොඩ්ඩක් කියවන්නෙ නැතුව ඉන්නවද...

ඊව්.....චූටියා....

මොකාද ඒ....

අපේ මිනිහා...

මොකක්..මෙ අපේ ඩිපූටියා....

හ්ම්...

ආ...හරිම අගෙයි ආ...චින්තකගෙ ලොකු බෑනනුවන්න්ගෙ ක්‍රියා කලාපෙ....

ඔය දෙන්නට ආයම කියන්න ඕනෙද....

න්..නෑ..ආයියෙ....

මෙහෙ එනවා මේ පිටිපස්සෙන් හිටගන්නවා....තමුසෙලා දෙන්නගෙ කියවිල්ල එක්ක අනිත් උන් අහගන්නෙ කොහොමද යනවා අර පිටිපස්සට ගිහින් හිටගන්නවා

ශික්කෙ .. ...හ් ලැජ්ජාව ගමෙන් එකයි....නිර්වාන් නැති තැන පන්ඩිත ඩිපූටියා.....!

කවදාවත් නැතුව මූ අපිදෙන්නව ළමයි ඔක්කොම බලන් ඉන්නකොට වෙනම තිබ්බා .....මූට මක් වෙලාද මේ.....ඊටත් අර මගෙන් යාලුවෙන්න අහපු එකී අතිනුත් කට වහන් හිනා වෙනවා...හිටපන් උඹගෙ ගවුකෙ වාටිය නෙවෙ...ඉනත් හෙට ගලවන්නම්..මගෙ නිරූ එනකන් ඉදින්කො....

මූට මක් වෙලාද ලොකූ.....

අච්චර ළමයි ගොඩක් බලන් ඉන්නකොට ගානක් නැතුවම අපි දෙන්නව පීචන් කරපු ඩිපූටුයා දිහා ඇස් කරකවලා බලපු මන් සැලාට කුටු කුටු ගෑවා...

සෙනූ මට අද උදෙම්ම එන්න කිව්වනෙ චුටියා...ඉතින් මට නින්ද ගියානෙ....

ඒකෙ තරහවද ඔය අල්ලන්නෙ

ම්ම්ම්.....

අනේ...නිකන් ඉදපන්...ගැම්ම තියාගනින්.....

අනේද කියන්නෙ....ඌ කියන වෙලාවටම එන ඕනෙද...මලයිකාර.....

හැමෝම...එහෙනම් දැන් පන්ති වලට යන්න..ඔය ඉහල පන්ති වල උන් බජව් දාලා අහුවෙන්නෙ නැ ආ....

අම්මෝ....ඇති යාන්තන්...අද උදෙම්ම ගුරු භවතුන්ට රැස් වීමක්....ලොකුව උඹ වරෙන් අපේ පන්තියට....

ඇයි .....ලොකුවට ඉගන ගන්න තියෙන්නෙ ආර්ට් එකේද...

ස්ස්...සෙනූ....

යනවා පන්තියට...සයාශ් තමුසෙ ඉන්නවා....සනාශ් තමුසෙ පන්තියට යනවා...

අනේ සෙනූ...බබීත.....බබීත...ම්හුක්....මං බොටම් වෙන්නත් කැමති උනානෙ.....

සනාශ් ....ඒ දේවල් ඉස්කෝලෙට අදාල නෑ....කරුනාකරලා තමුසෙගෙ පන්තියට යනවා...ආය කියන්න තියන්න එපා...

ආ එහෙමද ශෙනිරු....

ඇයි...මොකද...හිටපු ගමන් කට වැඩි වෙනවද

ඔව්...ඔයා මේ ඔයාව හම්බෙන්න ආවෙ නෑ කියලා ඔහොම තරහා පිරිමහන්න එපා හරිද.....පාන්දර තුන හතර වෙනකන් ඵෝන් එකේ ඇහැරන් ඉදලා....ම්ම්...ම්ම්...මේ...මේ...ස්..සෙනූ....මේ..අනේ...

ඔව්...පාන්දර තුන හතර...මොකක්ද ඉතුරු ටික...මං තමුසෙව නිදි කෙර්ව්වෙ එකොලහටනෙ.....එතකොට තුන හතරෙ කතාව මොකක්ද...?

සෙනූ....ණෑ....නෑ..අනේ...එක ප්‍රින්ටින් මිස්..ටේක්

පලයන් පන්තියට...උඹ අවසානෙටම ඕෆ් ලයින් ගියෙ පාන්දර 4.15...ඒ වගේම...මොකාද අර සනුක කියන්නෙ කියලත් කියන්න ලෑස්ති වෙලා බලන් ඉදින්...දැන් පලයන්....

සෙනූ අහන්නකො...

අහන්න දෙයක් නෑ....පලයන්....

අනේ චුටියා පොඩ්ඩක් කියපන්කො....

මන් හිතන්නෙ අද නම් අපේ එකාට 33 kdp!මුගෙ වැරදි පිට වැරදි මාට්ටු වෙනවා...උදේ ඉදන් පුපුර පුපුර උන්න ඩිපූටියා උගෙ ටයි එකත් අද හොකරෙට ගැටගහන් උන්න වගේම මූනම තද උන එකා වගෙ යම්කිසි හේතුවකට ලොකුවගෙන් පලිගන්න ගමන් උන්නා....

නිර්වාන්ගෙන් මැරුම් කන්න ආස නැති මං පොලවෙන් මතු උන එකා වගේ දහය වෙනකොට නිදාගත්තා උනත් අපේ එකා රෑ තිස්සෙත් ඵෝන් එබුවා...

මටත් නවතින්න කියලා සැර උන ඩිපූටුයා අරූව කන්න යනකොට මම සනුක මොකාද කල්පනා කෙරුවා

සනුක...මොකාද...සනුක.....අම්මටඅ සිරි.....සනුකයා...අපෙ සැලාගෙ...අත ගන්න බලන් පස්සෙන් ආව හොරොව්පතානෙ කොල්ලා ...හරියටම හරි...ලොකූ....උඹට ගෞරවයෙන් බුදු සරනයි....!

.සයාශ් ....

කියන්න...ශෙනිරු.....

නිර්වාන් අද එන්නෙ නෑ...ඒ වගේම මුල් පීරියඩ් හතරෙම ඒලෙවල් ක්ලාස් වලට ටීචර්ස්ලා එන්නෙ නෑ හරි....

ම්ම්ම්...

මෙන්න මේක හොදට අහගන්නවා....හරිද...උවමනාවක් උනොත්...මට කතා කරනවා...සංජන එක්ක අතන මෙතන ගිහින් අහුවෙන්න එපා...ඒ සහොදර කම් ඌ නිර්වාන් එක්ක විතරක් තියාගත්තු දෙන්...තමුසෙ දුක අහන්න හිත නිවන්න ගිහින් අහුවෙන්න එපා...හරි...මායි සංජනයි දෙන්නෙක්...මේවා මං නෙවෙ කිව්වෙ තමුසෙගෙ නිර්වාන් ...

ම්ම්ම්...

මම සයන්ස් එක දිහා බැලුවා...නිර්වාන් නැති උනත්....අද නිර්වාන් ඉන්න තැන සංජන හිටගන ඉන්නකොට මම ශෙනිරුගෙ වචන්වලට පිටින් නොයා ඔලුව වැනුවා...

ශෙනිරු

ම්ම්ම්

දෙයක් අහන්නද.....

මොනවද

නිර්වන්ගෙ අප්පච්චි ....එයාව අතාරින්න හේතුව මොකක්ද ශෙනිරු....

......එයා ඔයාට කිව්වද...ඔයා එයාගෙන් ඇහුවද....

ඔය දෙකෙන් එකක් වත් උනේ නෑ...ඒත්...මට දැනගන්න ඕනා...මට අයිතියක් තියනවනෙ.....

මං ශෙනිරුගෙන් නිර්වාන්ගෙ අප්පච්චි එයාව අතාරින්න හේතුව අහනකොට එයා තත්පර දෙක තුනක් මගෙ දිහා බලන් උන්නා....

සයාශ් ....දන්නවද අත ඇරියට පස්සෙ ඇයි උඹ මාව අතෑරියෙ කියලා අහන්න එපා ...මොකද ....හේතුව කිව්වත්...නැතත්.....ඒ වෙනකොටත් එයා අතෑරලා ඉවරයි ...මිනිස්සු ඈත් වෙන එකයි.. අතාරිනවයි කියන්නෙ දෙකක් ...ලොකු අප්පච්චි නිර්වාන්ගෙන් ඈත් උනෙ නෑ....අතෑරියා ....ඒකට හේතුව මමවත් නිර්වාන් වත් දන්නෙ නෑ...නිර්වාන් අහන්නෙත් නෑ...මොකද ....ඇයි අප්පච්චි උඹ මාව අත ඇරියෙ කියන ප්‍රශ්නෙ අහන්න වෙන්නෙ....ඒ වෙනකොටත් නිර්වාන්ව අත ඇරලා නිසානෙ..ම්ම්ම්

ම්ම්ම්...

පන්තියට යන්න ...නිර්වාන්ට දැන් ඉතුරු උඹ විතරයි චූටි.....කරුනාකරලා ඌව රිදවන්න එපා...එහෙම උනොත්...ඌට කලින් මගෙ අත ඉස්සෙයි....මොනවා හරි උවමනාවක් උනොත් මට කියන්න.....ඌ මාව විස්වාස කරනවා .....උඹව මට බලාගන්න කියපු හැමදාම මං උඹගෙ අයිය ගැනවත් බලන්නෙ නැතුව උඹ ගැන බලන්නෙ..එක නිසා සංජන එක්ක කතාවට නොයා පාඩුවෙ ඉන්න....දැන් යන්න...

ම්ම්...

ඇත්ත....අත ඇරියට පස්සෙ මොකට හේතු අහනවද ...

ශෙනිරු ආපිට හැරිලා ඔෆිස් එකට යන්න යනකොට මං හිමින් හිමින් පඩිපෙල නැගලා උඩම තට්ටුවෙ තිබුන අපේ පන්තියට එන්න ආවා....ඒ වෙනකොටත් අපේ ක්ලාස් එකට කොමස් එකේ උන් ඇවිත් උන්නා වගේම පීරියඩ් හතරක්ම උගන්නන්න කවුරුත් එන්නෙ නැති බව දන්න උන් දැම්මම මේස වලට තට්ටු බට්‍ටු දාන්න උරුම්පූට්ටු වෙනකොට මන් බලාගන අච්චර බැනුම් අහපු අපෙ එකා අනංගයා වගෙ කෙල්ලො ගොඩක් වටකරන් හෙන නයි අරිනව...සින්දු කෑලි මුමුනනවා....

සැලා පටන් ගනින් සින්දුවක් ....ආ අනිකත් එනවා...කිඹුල්ලු ඩබල පටන් ගනිල්ලා...

චූටියා වරෙන්...

මොකක්ද කියන්නෙ කියපන් බීටරේ අල්ලන්න....

චූටියා .....තූක රසා පටන් ගනින්....බොසා තූක රසා ගනින් ඈ...

ගහන එකක් හිමින් ගහපියව් විනයා ආවොත් ස්ටේජ් එකේ දනගහන්න වෙයි ආ....

පන්තියටා ආව මන් බැග් එකත් ගලවලා දාලා බජව්වට සෙට් වෙන්න යනකොට ඕන මගුලකට සප් එක දෙන සෞඛ්‍ය සර්ගෙ පුතා වෙච්ච අපේ ක්ලාස් එකේ prefect එකා වට පිට බලන ගමන් ගහන එකක් හිමින් ගහපියව් කියනකොට මායි අරුයි දෙමල මීටරෙ කැරකෙව්ව...

තූක රසා.....

ඒ අමුක රනී.....

ඒ තූක රසා.....අමුක රනී....

ඒ තූක තූ..ක..

ඒ අමුක....අමුක...

ඒතූක....තූක.....

ඒඅමුක අමුක...

ඒ තූක.....

ඒ අමුක...

අනුක...අන්හ්ක.....නවත්තපියව් තොපෙ බජව්ව !

ඒ තූක....ර්...ර්.....ලොකුවා....ප්...පි...නා...

ඉ ..ඉදගන් ඉද....ගන්.....චූ....ටි...යා...

මොකාද දැන් ඔය අනුක අනුක ගගා හිටියෙ නැගිටපියව් සින්දු කියපු උන් දෙන්නා....!

🌼ඒ තූක....රසා!හෙට එන්නම්

🌼හැන්දෑ ජාමෙ....ඉන්දර් හාමු එක්ක එනකන්.....පයිස්සමින් ඉන්ඩො...

මම ජොබී...

Nedeesha !

More Chapters