Cherreads

Chapter 24 - 23

මං උන්නෙ හුස්ම හිරවෙන්න ඔන්න මෙන්න....මිනාලයට හොම්බෙන් ගියපු දයාසිරියට මක්ක උනාද දන්නෙ නෑ. ...ආදරෙ කරන එක කරන්න ඕන ආය ලොවෙත් නැතිවෙන්න කිව්වට මොකද ලත් තැනමලොප් කරන් ස්පීකර් පප්පා මට කෙදිරි ගාන එක තහනම් කෙරුවා....යන්තමට යටි තොල පිරිමැදන් හාදුව අහවර කෙරුවා වගේ ඇහෙනෙ නෑහෙන ගානට කතා කෙරුවට මොකද ඒ හාදුවෙ නිමාව ඒක නෙවේද කොහෙද .....කෙදිරි ගාන්න එපාලුම්....ලොවෙත් නැති වෙන්න ආදරෙ කරන්න අවසර දුන්නට එයා මට කෙදිරි ගෑම්වලට වැටකඩුල්ල බැන්දා.....

අනෙ දෙයියනේ ඉහිලුම් නැති හැගීම් වැව් බැමි බැදන් පිටාර යනකොට කෙදිරි නොගා කොහොමද කියපල්ලකො.....

ස්....ස....

ඔච්චරයි ...ඔය සයන්න විතරයි මට කියාගන්න පුලුවන් උනේ....මිනාලයා දුන්නෙ යන්තන් හාදුවක් විතරයි....ඒකත් හාදුවක් කියන්නෙ කොහොමද....මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති බැනුම් විතරක් උරුම ඒක කොහොමද හාදුවක් කියන්නෙ....ඒ කොහොම උනත් සමුද්‍රට අයිති මෙ සර්වාංගෙ හැම අංශුමාත්‍රයක්ම සමුද්‍රගෙම විතරයි කියන්න ඕනාවටත් වඩා හරි නපුරු කමට ඔප්පු කරපු එයා කෙරුවෙ මාව පස්සෙන් පස්සට තල්ලු කරන් ගිහින් මාව ලොරි කදට හේත්තු කරාගත්ත එක....

කොටින්ම මාව ලොරි කදට තියලා තද කරගත්තඑක.....

අනෙ සමුද්‍ර....සුදු අයියෙ මට හුස්මක් ගන්න ඉඩක් තියපන්කො ....

මගෙ යටි හිත කෑ අඩන්න කට හදනවා...මට හුස්ම නැ....මගෙ හුස්ම කොහෙද කියලා මටවත් හොයන්නත් නෑ....

බිදෙන් බිද ලේ රහ වෙන්න ගත්ත යටි තොල හෙමි හෙමින් මගෙ මුලු කටම ආක්‍රමනෙ කරන තරමට මේ හාදුව එන්න එන්නම චන්ඩ වෙන්න ගත්තා.....

බැරිම තැන මං එයාව මිරිකගත්තා...හුස්ම ගන්න බැරි තැනට වඩා එන්න එන්නම හැගී පවා ගිනියම් වේගන එන හැටි දැනෙන්න ගන්නවා එක්කම මං මගෙ ඇගිලි තුඩු වලින් ඉස්සීගන ඒ පලල් උරහිස් මිරිකගත්තා...

ගනකම් උඩු රැවුල....යටි රැවුල් මගෙ ළපටි මූනම හරි දරුන්වටම අත්තඩංගුවට ගත්ත මොහොතක මං දඩුවම් හාදුවෙන් ගැලවුනා.....

මොකද උඹ දගලන්නෙ.....ම්ම්ම්.....ඇයි දුවන්න ඕනද.....???මං කිව්වනෙ උඹට ආය කෙදිරි ගාන්න බෑ කියලා....නේ....මං කිව්වද නැද්ද.....???මොකද වටපිට බලන්නෙ....මම ඉන්නෙ උඹගෙ ඉස්සරහනෙ....??හහ්....අරකා තවම බලන් ඉන්නවද....?

මං මගෙ පපුව අල්ලගත්තා.....මට හුස්ම නෑ.....හාදුවක් වෙනුවට සමුද්‍ර මගෙ හුස්මත් එක්කම ඉහලට ඇදලද මන්දා....මොකද උඹ දගලන්නෙ අහනවා...ඇයි දුවන්න ඕනද අහනවා....මෙච්චර මගුලක් වෙලත් තවමත් මිනාලයා පෙරේත තටුව දිහා බලාගන ඉන්න පෙරේතයා වගේ බලාගන ඉන්නකොට මං ඌ දිහාවත් නොබලා යන්තමට වත් රතු පාටෙ පාට අඩු නොවුන ඇස් දිහා බලාගන උන්නා....

කම්මුල් පාර එක්ක යන්තමට හිනාවක් මෝදු උනත් මොකද ඒ ඇස් වලට බැරි උනා අර නපුරු කම මකාගන්න.....

මිනාලයා යකාවගේ බලාගන ඉන්නවා.....ගුටි කාලා කම්මුල අත ගගා උන්න ඒකා ලැජ්ජාවක් බයක් නැතුවම මගෙ දිහාවත් බලාගන ඉදලා ඉදලා ආයම අපි දිහාවට එනවත් එක්කම මූ ඊළඟ පාර නම් කන්නෙ කම්මුල් පාරක් නෙවෙ නැංගුරම් පාරක් කියන්න ඉවෙන් දැනුන මන් සමුද්‍රගෙ අතින් අල්ලගත්තා .....

අ..අයියෙ....ම්..මට....

ඔව්....ඔව් උඹට මොකද හ්ම්ම්....??දැන් නැගපන්.....තවත් මෙතන හිටගන උඹ තව තොරන් පෙන්නවද අමාකර ම්ම්ම්...නෑනෙ....නැගපන්....

සිහත්...

එයා මට වාහනේට නගින්න කියනවා...උඹ තව තොරන් පෙන්නවද ඇහුවට මොකද මාත් ගොත ගැහුවෙ ගෙදර යන් අයියෙ කියන්න උනත් සමුද්‍රට තිබුන තරහවෙ තරමට මම කියන එක වත් ඉවර කරන්න ඉඩක් නොදීම මාව ආයම ලොරිය ඇතුලට තල්ලු කරනවත් එක්කම කොච්චර ලැජ්ජ නහරෙ නැතිවද මන්ද කම්මුල රත් වෙන්න කාලා උන්න මිනාලයා පැලුන තොල හන්දා උනාපු ලේ මුහු උන කෙලපාරක් එලියට ගහන ගමන් ආයමමගෙ නම කියාගන ලොරිය ගාවට කිට්ටු උනා...

ඒත් මට කොහෙන් කියලා ආව අවසරයක්ද ඇයි කියලා අහන්න.....??මේ වෙනකොටත් මාව ඇතුලට තල්ලු කරපු සමුද්‍ර දොරත් වහලා සිහත් ගාන් ආව මිනාලයා දිහා බලාගනම සිගරට් එකක් අවුලන් දුම් පාර අහකට යවලා උතුරන්න තරහව තිබුනත් හිතෙ කොනකවත් තරහක් නැති ගානට කතා කෙරුවා...

කොටින්ම ආය කෑ ගැහලා උත්තර බැදීම් මොකුත් නෑ....

.

සමුද්‍ර කියන වචනයක් ගානෙම කිව්වෙ හරි හිමීට හැබැයි මන් බලාගන අවුලන් උන්න සිගරට් එක කැඩෙන්න ඔන්න මෙන්න තරමට දත්වලට තද වෙනවා....

උඹට කියන්න ඕන දෙයක් තියනවා නම් මට කියපන්...කියන්න ඕනද...නැද්ද....කියන්න ඕන මොන ටිකද....නැත්තෙ මොනටිකද කියලා ගානට ෆිල්ටර් කරලා මං කොල්ලට කියන්නම් ම්ම්ම්...

ඇයි....උඹ දැන් සිහත්ද....??මං කතා කෙරුවෙ මගෙ සිහත්ට.....

අම්මගෙ රෙද්ද...මූ මගුලක් කියනවා...කන රත් වෙන්න කාලත් මූට මොලයක් නැත්තෙ ඇයි යකො.....රඹුක්වැල්ලයා ලේ දුන්නට ඇයි මූට මොලෙ දීලා නැත්තෙ ....මේකගෙ අප්පා මූව හදලා තියෙන්නෙ පෙර පෙර දුවනකොටද එහෙමවත් අහන්න....

මගෙ කකුලුත් එක්ක වෙව්ලනවා....සමුද්‍ර වැඩිය කපටි නෑ.....නැගපන් පලයන් ගගා ඇතුලට තල්ලු කරපු එයා මාව ඇතුලට දලා දොර ලොක් කරලා...හුස්ම ගන්න විතරක් ඉඩක් තියලා ශටර් එක වහපු එක.....

කෙල ගගහා ආව මිනාලයා තනිකරම පොර පිට්ටනියට දාපු පොර කුකුලෙක් වගේ.....පෙද හැලෙනකන් අනිකා කෙටුවත් ඌවත් මරාගන යනවා මිසක් නිකන් යන්නෙ නැති එකෙක් වගේ මගෙ සිහත් කියලා සද්දෙන් කියනවත් එක්කම සමුද්‍ර එකපාරම ආපිට හැරිලා විදුරුවට මූන හේත්තු කරන් ඇස් ලොකු කරන් අඩන්න ඔන්න මෙන්න උන්න මගෙ දිහාව බැලුවා...කිව්වට විස්වාස කරන්න ඒ බැල්මට බය උන පාරට මාව ඉබේටම වීදුරුවෙන් පස්සට වීසි උනා... කොටින්ම මං මගෙ කරබාගත්තා....ඒ බැල්ම එක්ක මට මගෙ කතා බතා නැතිවෙලා ගියා...

ඒත්....මං කරබාගන ඉන්නෙ කොහොමද.....වෙනදට තනි සුදු පාට ෆ්‍රීසර් ලොරියක එන එයා අද ඇවිත් තිබුනෙම හැන්න දිගේ ඇන්ඩ් සන්ස් කියලා ගහපු ලොකු අකුරෙන් ලියාපු මැකරල් ලොරියක වෙනකොට මට එකපාරම යටි බඩ ඇතුලෙන් හිරියක් ගියා...

උඹව මැකරල් වෙයි මිනාල්...පාඩුවෙ ඉන්න මිනිහට පාඩුවෙ ඉන්න දියන්....ඇරත් උඹගෙත් තිරිසන් කම මං උඹට අයිතිවෙන්නෙ නැති බව දැන දැන පාඩුවෙ ඉන්න එකාගෙ ලේ කෝප කරන එක උඹගෙ තියන තිරිසන් කම....

මොකක් හරි වැරදුනාද පොඩි රඹුක්වැල්ලට හ්ම්ම්...????...මං හිතන්නෙ පොඩි මහත්තයා මොනවා හරි තැනක් වැරද්දුවා කියලා...හොදටම විස්වාසද කියන්න ඕන විදිහ ඕක කියලා.....ම්ම්ම්....

එයා හිනා වෙනවා.....දුම් උගුරක් ඉහලට අදිනවා....ආපිට නාස් කුහරවලින් එලියට දානවා...මොන තරම් තරහෙන් හිනා උනා උනත් එයා නෙවෙ ඒ දුම් වලාව මිනාලයගෙ මූනට වැද්දුවෙ ....කරපු එකම දේ නම් හරි අමුතුවට හිනා වේගන මොකක් හරි වැ‍රද්දුවද අහන එක වෙනකොට අරුත් ආයම කියවන් ආවා...

නෑ.....වැරදුන් නෑ...උඹට ඇහුනා හරි.....උඹට ඇහුනා හරියටම හරි හැන්නදිගෙ.....මං ඌට කිව්වෙ මගෙ සිහත් කියලා....උඹට කනෙ වංගු නෑනෙ.....උඹ හිතන්නෙ ඕඅයිසි කාරයා උඹට ඌව දෙයි කියලද....උඹ වගෙ පිලිහිඩි නාන එකෙක්ට ...කොයි වෙලෙත් දැල් ගොඩක් අස්සෙ ලැගන් ඉන්න එකෙක්ට....??? උඹ ඔය හීනෙන් බැහැපන් උඹට හරියන්නෙ උඹ වැල්ලෙන් ගොඩ එන වෙලාවට තේ බෝතලෙ අරන් උඹ එක්කම ලෑල්ලට යන ගෑනියෙක්...නූගත් කම....ඕකට කියන්නෙ බන් නූගත් කම කියලා...තමුන්ගෙ තත්වෙට ගැලපෙන උන් ගලපගන්න දන්නෙ නැති කමට කියන්නෙ නූගත් කම කියලා....

කොහෙද ....මාලු කපනවා ඇරුනම වෙන මගුලක් බෑනෙ.....උඹ ඕක අතෑරලා දාපන් හැන්නදිගෙ ...උඹට මෙ දකුනෙ වසන්න ඕනා නම් ඕක නවත්තපන්.....හරි...උඹ දන්නවනෙ...මේ මිනාල් රඹුක්වැල්ලට දෙයක් ඕන කිව්වොත්...මෙහෙම මෙහෙම කරනකොට ඒක මගෙ අත උඩ තියෙයි ...එක්කො හොදින් ....එක්කො...නරකින්.....මේ තාක් වෙනකන් මට මම ඕනයි කියපු දෙයක් ලැබිලා නැත්තෙ නෑ.....

මිනාල්..අනෙ උඹ හැමනියන් යකො...මෙච්චර මගුලක් වෙලත් උඹට ලැජ්ජා නෑ යකො...උඹට ලැජ්ජා නෑ....උඹ හදන්නෙ එකම එක එකම එක කිය කිය මගෙ සුදු අයියගෙ හිත රිදවන්නද .....

මගෙ පපුව ගැලවෙන්න එනවා...වෙනමොකටවත් නෙවෙ...අරූගෙ අර පඩත්තර කටින් මං පිස්සුවෙන් වගේ ආදරෙ කරන මගෙ සමුද්‍රට පිලිහිඩ්ඩා නූගතා ගගා කියවනකොට ගානක් වත් නැතුව සිගරට් එක උරවන එයා ලාවට හිනාවෙලා මගෙ දිහා බලනකොට මගෙ පපුවෙ පතුරු ගියා...ඒ තරම් වේදනාවක් මට දැනුනා.....

සුදු චූටි ...මෙ පප්පා නූගතා.....ඉගනගන නෑ...මෝඩයා....

මේ හැම වචනයක්ම එයාගෙම වචන....ආදරේ ගාවදි ගන්න පිටකරන හුස්මක් පාසාම අවංක මගෙ සුදු අයියගෙම වචන ...ඒත් ඒවම අද වෙන එකෙක් අල්ලන් එයාව පාගනකොට මට ඉවසීම නැති උනා....කොටින්ම මං මන් මගෙ අත් රතු වෙනකන් අර වීදුරුවට ගැහුවා...මාව ගනින් ගනින් කිය කිය සමුද්‍රට කෑ ගැහුවා....මිනාලයට කියන්න ඕන මොනාද නැත්තෙ මොනවද කල්පනා කිරිලි නෑ මං ඒකට තිත්ත කුනුහර්පෙන් කෑ ගැහුවා.... ..

උඹ හැමනියන් මිනාල්....උඹට....උඹට මොන හයියක්ද කියපන් මිනාල් මගෙ එකාට ඔහොම කතා කරන්ඩ...තිරිසනෙක් වෙන්ඩ එපා යකො....තෝ තොගෙ මහ පකාගෙ සල්ලි වලින් රැගුවට මගෙ මිනිහා අනුන්ගෙ සල්ලිවලින් රැගුවෙ නෑ...නූගතා...නූගතා...පිලිහිඩ්ඩා....ඒකා මොකා උනත් මට ඒකා රජෙක් යකො...පිලිහිඩ්ඩා කියන්නෙ තොගෙන් එන අරක්කු ගද බලකො...සමුද්‍ර මේක ඇරපන්...මේක ඇරපන්....කිව්වම අහලා මේක ඇරපන් යකො...මේක ඇරපන් ...දෙයියන්ගෙ නාමෙට ඔය හුත්තිගෙ පුතාව එලවපන් සමුද්‍ර.....උඹට ඌ රිදවනවා.....ඌ දන්නෙ නෑ.....අයියෙ උඹට වඩා මට රිදෙනවා...ඕකව යවපන්....මාව එලියට ගනින් සමුද්‍ර.....මාව ගනි....න්...මාව ගනින්....උඹට සහ ගහනවා මිනාල්...තිරිසනා...උඹ තිරිසනෙක් යකො....ස...සමුද්‍ර...අයියෙ...මාව එලියට ගනින්කො.....රත්තරන් ...අනේ....

මං කෑ ගැහුවා....අඩ අඩම මං අර වීදුරුවට ගගහා කෑ ගැහුවා...මගෙ ඇස් වලට අද දවසම අපලයි ....මගෙ අසරන ඇස් දන්නෙ නෑ නවත්තන්න ඕන සීමාව මක්කද කියන්න.....

මං ඇඩුවා...අඩ අඩම මාවගනින් ගනින් කිව්වා....ඒත් සමුද්‍ර නෙවෙ මායිම් කෙරුවෙ....සමුද්‍ර නෙවෙ කනකට අරන් හැරිලා බැලුවේ...සාක්කු දෙකට අත් දෙක ඔබාගන උන්න මිනාලයා මා දිහා බලාගන ඉදලා මහ නක්කල් විදිහට හිනා උනා.....හරියටම උඹ මේ වගේ එකෙක් හන්දද අහින්නෙ අහන හැගීමක් ඒ හිනාව ඇතුලෙ හැන්ගිලා තියනකොට මාව තවත් අසරන උනා....සතුටට ළඟ නැති උනත් දුකකදි තනි නොකරන එකයො ආදරෙ කියන්නෙ සුදු මහත්තයා ..ඔය තියෙන්නෙ මගෙ අම්මගෙ වචන...අප්පච්චි ගෙ සතුට ගාව නැති උනත් අප්පච්චි ගෙ දුකක් වේදනාවක් ගාවදි මගෙ අම්මා අනිවාර්යයෙන්ම උන්නා....

මිනාලයා හිනා වෙනවා.....අවසානෙදි මගෙ සමුද්‍ර ගාවට තවත් අඩියක් ලන්වෙලා වගේ වගක් නැතුව ඌ සමුද්‍රගෙ ටී ශර්ට් එක හැදුවා...නැති දූවිලි පවා පිහදැම්මා.....

ඇහෙනවද...ඔන්න උඹගෙ කෙරුවාව...උඹ නූගතා කියන්නෙ නිකන්ද ....උඹ වගෙ එකෙක් එක්ක උන්නම ඔය වගෙ කතා අහනවා මිසක්..ඔව්වා පුරුදු වෙනවා මිසක් වෙන මොනවද....අඩුම ගානෙ උඹට හොද හොටෙල් එකකට ගිහින් හැන්දකින් ගෑරුප්පුවකින් කාලා ඒක ක්ලෝස් කරන්නවත් දන්නවද....මාලු සල්ලි විතරයි මෙතන ..මේ ඔලු ගෙඩිය හිස්....නූගතා....උඹ තවමත් හිතනවා සෝලංගකාරයා අරූව උඹට දෙයි කියලා ....වෙන මොකුත් ඕන නෑ.....උඹම උඹගෙ තත්වෙ හිතලා බල්පන්...

හ්ම්...ඇත්ත....මා එක්ක උන්නොත් ඉගන ගන්න වෙන්නෙ නම් කුනුහර්ප.....හැබැයි මගෙ එකාට මොලයක් තියනවා...ඌ නොදරුවෙක් නෙවෙනෙ....ඌට දහ අටයි....ඌට කැමති නම් මා එක්ක කුනුහර්ප කියන්ඩ පුලුවන් ...නැත්තන් නවත්තන්ඩ පුලුවන් ....ඒක තියෙන්නෙ උගෙ අතේ,උගෙන් දැන් අහපන් කුනුහර්ප කියන්නෙ මං ඌට ඔව්වා කියන්න කියලද නැත්තන් ස්වකැමැත්තෙම්ම ද කියලා...ඇරත් ඌ එහෙම කෑ ගැහුවට අවුලකුත් නෑ...උඹ වගේ එකෙක්ට ඔය හොද වැඩී බන්......

අනික....අනිත් කාරනාව මගෙ කතාව පැත්තකින් තියමුකො....පොඩි රඹුවැල්ල හිතන්නෙ උඹට දෙයි කියලද .....ම්ම්ම්...පිලිහිඩ්ඩා කියලා බැන්නට මට නූගතා කිව්වට...හොර අරක්කු කාරයගෙ පුතාට පගා ගන්න එකෙක්ට හොර සල්ලි අතගාන එකෙක්ට මූව දෙයි කියලා හිතුවද....මට කලින් උඹ ඔය හීනෙන් නැගිටපන්.....මං නූගතා.....අවුලක් නෑ....ඒක මං කියන්ඩ ලැජ්ජා වෙන්නෙ නෑ....හැබැයි මං රගන්නෙ මගෙ සල්ලි වලින්...උඹ පැත්තක ඉදන් කල්පනා කරලා බලපන් උඹ ඔය යටට අදින ජංගියෙ ඉදන්ම ගන්නෙ මහ එකාගෙ අරක්කු සල්ලියි...පගා ගහපුවයි නේද කියලා....උඹ මගෙ ගෙදරට ඇවිත් බලපන් අනුන්ගෙ සල්ලි තියනවද කියලා ....??දැන් මං උඹගෙ අතට කෝටියක් තිබ්බොත්....ඒ ඔක්කොම මං හොයපුවා.....උඹ.....??මොකක්ද ගහන් ඉන්න ජොකා.....අන්ඩාඅමර් කියලද මේ ගහලා තියෙන්නෙ මන් නූගතා ...කියවගන්න දන්නෙ නෑ කොහොම උනත් අනුන්ගෙ සල්ලි වලින් ගත්තු ජන්ගි....

ඒ හැන්නදිගෙ.....

මොකද....ම්ම්...මොකද උඹගෙ සද්දෙ...මං ලගනෙ ඉන්නෙ....ඔච්චර කැගහන්ඩ එපා උඹට රෙද්දෙ රෙවෙයි.....පඩ ලයින් ඉවර නම් ගෙදර යමන්....ඒ දයාසිරි ..මෙන්නෙ මේ පොඩි හුත්තිගෙබ්පුතාව අරන් පලයන්....රෙද්දක් කියාගන ආවා.....

මං බලාගන උන්නා....අරූ කියපු හැම එකටම ආපිට එන්න උත්තර බැදපු සමුද්‍ර ආයම එන්න හැරුනා...මූව අරන් යමන් කියලා පැත්තක උන්න දයාසිරියටත් කෑගහන්ම ඇදන් උන්න සරමත් කොනකින් උස්සන් ආපිට ලොරියට එන්න ආවා විතරක් මිනාලයා ආයම මගෙ සමුද්‍රගෙ අතින් අල්ලගත්තා..අතින් අල්ලගත්තා විතරක් නෙවෙ ඒකා එකපාරම අත මිටමොලවම මගෙ සුදු අයියගෙ මූන පුරවලම පාරක් ගැහුවා...ඇතුලෙ හිර වෙලා උන්න මං මගෙ අත්වල ඇට කැඩෙනකම්ම වීදුරුවට ගගහා යටිගිරියෙන් කෑ ගැහුවා....

දෙයියනෙ...සුදු.....අයියෙ.....!!!

යකො මං ඇවිත් මිනාල් රඹුක්වැල්ල.....උඹ කව්ද....මට කරන්න ඕන...නැත්තෙ....මොකක්ද කියලා කියන්න....ආ උඹ මොකාද කියපන්.....??කරන දේ තීරනෙ කරන්නෙ මම යකො..

රඹුක්වැල්ල....රඹුක්වැල්ල .....මං කව්ද.....උඹට බලාගන්න ඕනද...ම්ම්ම්.....උඹට මං කව්ද කියලා බලාගන්න ඕනද....???

ඒ...එ.....එ...අයිසෙ.....අයිසෙ බේබි...බේබිව අතෑරපන්.....

දයාසිරි ....මන් තාම මැකරල් හදන්නෙ මාලුවලින් විතරයි ...හරිය....පැත්තකට වෙලා ඉදින්...මරන එක...මරනවා....ගලවපන්....උඹගෙ ශර්ට් එක ගලවපන්කො....හරි....

අනෙ....සමුද්‍ර....අයියෙ ...අනේ අයියෙ ඕක නවත්තපන් අයියෙ....ඕක නවත්තපන්....අනෙ ඕක නවත්තපන් අයියෙ....ඕක නවත්තපන්කො...මිනාල්...උඹට හෙන ගහනවා යකො...උඹට වැහි නැතිහෙන ගහනවා.....උඹ හදන්නෙ මගෙ අහිංසකයව අමාරුවෙ දාන්ඩ...සමුද්‍ර....සමුද්‍ර....ඕක නවත්තපන්.....

ගලවපන්...ගලවපන්...මොකද.....බැජයි ටයි එකයි තියනකොට මට උඹට අතක් උස්සන්ඩ හිතෙන් නෑ...පොල්කට්ට පිරෙන්ඩ හුජ්ජ කරගන්ඩ බැරි උන් එනවා ඔලුවෙ නගින්ඩ...ගලව...ගලව....ගලවපිය කිව්වම අහලා...ගලවපන්.....මං උඹට හොදින් කිව්වා...එක පාරක් කිව්වා....උඹට ඕන මේ හැන්නදිගේගෙ ඉවසීම නැති කරන්ඩද යකො....ගලව...ගලව...ඔය ඔක්කොම ගලව...පාඩුවෙ ඉන්ඩ ඉන්ඩ.....හිගන්නගෙ තුවාලෙ පාරනවා වග් එකම පිත්තම කිය කිය උඹ කෙරුවෙ මගෙ ඉවසීම නැති කරපුඑක.....ගලව...ගලව.....

ගලවන්ඩ බැරිද...හිටු.....මං ගලවලා දෙන්නම්.....දයාසිරි....ගනින්....ගනින් මේක....හරි....හුම් ගාන්නෙ නෑ....උඹ කට හොලවන්නෙ නෑ....ආ.....උඹගෙත් කට මං ඉරනවා....හරි...ශ්ශ්ශ් ....සද්ද නැතුව ඉදින්....හෝද හෝද මඩේ දාන්ඩ මං මොකක් කියලා හිතුවද.....ම්ම්ම්.....වයස පොඩින් පොඩිනෙ උනාට.....වයස නෙවෙ....තොට තියෙන්න අර මහ සක්කිලියගෙ සක්කිලි ගති ..ලමා කමක් නෑ....අයියා කම.....අයියා කම ඉහට ගහලා...ගලව...ආය කලිසමෙ ඉදම්ම ගලවලා හෙලුවෙන් පාර මැද හිටගස්සනවා හරි .....උඹ මේ හැන්නදොගෙ මොකාද තාම දන්නෙ නෑ.....

අයිසෙ.....බේබි ....දෙයියනෙ....

.මන් උඹට කිව්වෙ කට වහන්ඩ කියලනෙ ම්ම්...වරෙන්.....අල්ලපන් අත්දෙක.....හුම් කියන්නෙ නෑ.....හරි....මූ සද්දෙ දාලා ඉවරවෙනකන් මන් බල්ලා වගේ ඉන්නයි .....මන් පොඩ්ඩක් සද්දෙන් දැම්මම උඹට රිදෙන්නයි දෙකක් බෑනෙ නේ...බෙදන එක බෙදපන් එක හැන්දෙන්.....යකො තොපි මේ හැන්නදිගේව දන්නවද...??

සමුද්‍ර....ඕක නවත්තපන්....දෙයියන්ගෙ නාමෙට නවත්තපන්.....අනේ....අප්පච්චි .....අයියෙ...මන් වදින්නම් අයියෙ ....බුදු අයියෙ ....අනේ...ඕක නවත්තපන් රත්තන් අයියෙ.....

මං දන්නවා....තව වැඩි වෙලා යන්න කලින් මගෙ පන මෙතනම යනවා.....ටයි එකයි බැජ් එකයි තියනකොට ගහන්න බැනෙ කියපු එයා මිනාල්ගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලගත්ත ගැනිල්ලට අරූව අනු වැටුනා...කොටින්ම ඌට ආය බෙල්ල තියා අතපයක් උස්සලා ආපිට ගහන්නවත් බැරි තරම් තදට බෙල්ලෙන් අල්ලගත්ට එයා මිනාල්ගෙ ශර්ට් එක ගලවලා දැම්මා....කෑ ගහන් ආව දයාසිරියට මීක් කියන්න එපා කියපු එයා අරකගෙ ශර්ට් එක ගලවලා දයාසිරියගෙ අතටම වීසි කරනකොට අනෙ මන් උඩ ඉන්න හැම දෙයියන්ගෙන්ම සමුද්‍රට ඉවසීම ඉල්ලුවා...

මොන ඉවසීමද....මොන ඉවසීමද...දෙයියන්ට මං කියන යාදිනි ඇහිලා නෑ.....එක්කො දෙන්න ඉවසීම දෙයියො ගාව නෑ....උඹ මේ හැන්න දිගේ කව්ද කියලා දන්නෙ නෑ යකො කියලා ගුගුරපු සමුද්‍ර අතෙ ඇගිලි පහවත් ඇතුලට ගුලි නොකර මිනාලයගෙ මූනට ගහපු පාරවල් තුනත් එක්ක මට කතා කරගන්න වචන නැති උනා විතරක් නෙවෙ ඇස් වල කදුලු පවා ගල්වෙලා ගියා....

සමුද්‍රව වෙව්ලනවා...මං බලාගන අර දිගෑරලා ගහපු අතෙ ඇගිලි වෙව්ලනවා....පාරවල් තුන දරාගන්න බැරිව ගියපු මිනාලයව එයාගෙ පය පාමුල වැටෙනවත් ඒකම එයාම ඒකව උස්සලා හරහට අරගත්තා ...

අනෙ සුදු අයියෙ මට ඉන්නෙ උඹ විතරයි ඕකව මරන්න එපා අයියෙ ...

සමුද්‍ර උඹ හදන්නෙ මෙකව පොලවෙ ගහන්නද ..කට තිබ්බට පාරක් කාගන්න පනක් නැති මේකව පොලවෙ ගහලා හිරේ විලංගුවෙ වැටුනොත් කටවත් වඩා මගෙ පපුව පැලෙයි අයියෙ ...අනේ ඕකව බිමින් තියපන් දෙයියනෙ...ඕකව බිමින් තියපන්කෝ.....

මං මගෙ මූන අර වීදුරුවට හේත්තු කරගත්තා ..කදුලු වැල් වැල් උනු උනුවට කම්මුල් පුච්චනකොට තරහවෙ උපරිමෙ උන්න මගෙ සමුද්‍ර ටව පාරක් උඹ හරියටම හැන්නදිගේ කියන එකාව අදුනනවද අහ අහ දත්මිටි කනකොට මීට වඩා නම් මේ අත්වලින් වීදුරුවට ගහන්න හයියක් නැති මං හරි අසරන විදිහට බලාගන උන්නා...

ගෙදර එක්ක යමන් මේකව...උඹට බේබි ලොකු ඇති...හැබැයි මට ලොකු නෑ..උඹගෙ බේබි දනිහෙවත් නැති කාලෙ ඉදන් මං සල්ලි අතගාන්නෙ...නිකන් උඩ බලන් කෙලගහගන්ඩ එපා කියපන්..වෙන්ඩ ඇමති හරි මොකා හරි...හැන්නදිගේලට ලොකු නෑ හරිද...මගෙ තරම බලන්ඩ වැල්ලට බහින්ඩ කියපන්...මං උඹගෙ බේබි වගෙ පම්පෝරි ජනක කෙනෙක් නෙවෙ දයාසිරි හරි...මං ඔය මූට ගැහුවෙ මට ගහන්න පුලුවන් බාලම සැරෙන්...

දයාසිරි .....

......

ඕකගෙ යටි තොල ඇතුලෙන් පැලිලා තියෙන්නෙ....යනගමන් මැහුමක් දෙකක් ගහන් යනව...පොඩි කටවල් නෙ තාම....

.

අයියෙ....

........

ස්...සු..දු අයි..යෙ....

හැමදේම අහවර උනා...බිම වැටුන මිනාලයව උස්සලා ගන්නවත් එක්කම ජීවිතේ පලවෙනි වතාවට මරන බය දැනුන මං ආයමත් උන්නෙ ඉවසන් ඉන්න බැරිම නිහඩතාවෙක ගිලීගන වෙද්දි කතා කරන්න පවා බය හිතෙන මොහොතක මං එයාට කතා කෙරුවා ....

කෑලි කපන්න පුලුවන් අන්දකාරෙක හුස්ම ඇල්ලුවත් මොකද කුට්ටි කරන්න පුලුවන් නිහඩතාවක මං හිතන්නෙ නෑ හුස්ම ගන්න පුලුවන් කියලා ...

ඒකත් මේ ලෝකෙ තමුන් වැඩියෙම්ම ආදරෙ කරන මනුස්සයා ළඟ ඉන්නකොටත් වචන නැතිවෙනවා කියන්නෙ.....මං හිතන්නෙ නෑ කාටවත් හරි ලේසියකට දරාගන්න පුලුවන් කියලා ...

මිනාලයව දාගත්ත කැබ් එක ආපහු යන්න ගියා...ආපිට ලොරියට නැගපු සමුද්‍ර නෙවෙ මගෙ මූනක් බැලුවෙ ...අඩුම කතා කෙරුවෙ ...මං බලාගන ස්ටියරින් වීල් එක උඩ තිබුන ඒ අත්වල ඇගිලි වෙව්ලනවා...එකට තද වෙලා තිබුන දත් හන්දම ඒ කම්මුල් තවත් පැතලිවෙලා ගිහිල්ලා මදිවට මං අහගන සැරින් සැරෙම එයා දත්මිටි කෑවා...

.විනාඩියක්ද දෙකක්ද....

දෙයියනෙ පැය බාගයක් ගිහින් වත් එයාට බැරි උනා අඩලා බයවෙලා හෙම්බත් වෙලා උන්න මගෙ දිහා බලලා එකපාරක් මට අමාකර කියන්න.....සුදු චූටි සිදේවි ඔය කතා නැති උනත් කමක් නෑ.....අනේ එක වතාවක් මා දිහා බලන්න...

මට තවත් නම් බැරි උනා .....

ඉවසන්න ඉවසන්න මට දැනුනෙම මාව අන්දකාර ආගාදෙකට ඇදන් යන්නා හා සමාන මහ මූසල වගේම බය හැගීමකින් මාව හිරවෙලා යන්නා වගේ වෙනකොට මං බයෙන් බයෙන් එයාගෙ තරගෙන් වෙව්ලන අත උඩට අතතිබ්බා විතරයි එයා මගෙ දිහා බැලුවා මගෙ බඩබොකුත් එක්ක ගිනියම් උනා...

.......................තව කොච්චර වෙලා අඩනවද කියපන්....හ්ම්...

අ අනෙ අයියෙ . ...

.කතා කරන්න ඕනා නම් එකටම ඔය ඇඩල්ල නවත්තලා කදුලු පිහදගනින් ...

අඩන්නයි කතා කරන්නයි දෙකක් බෑ....එක්කො අඩපන්.....නැත්තන් කතා කරපන්.....

..හ් .හරි....ම්..මං අඩන්නෙ නෑ.....මං අඩන්නෙ නෑ සුදුබ්අයියෙ ....

මං තනිකරම ගිනි කසෙන් බැටකාපු එක වගේ....එක තත්පරේට කදුලු පිහදගත්තු මං ඇඩිල්ල නැවැත්තුවා ඒ එක්කම එයා මගෙ අත් දෙකම එකපාරම ඇදලා වගේ එයාගෙ ගාවට අරගන මගෙ අත් දෙක දිහා බලාගන උන්නා....

කී වතාවක් මේ අත්වලට රිදවගත්තද උඹ ....ම්ම්??

..........

කී වතාවක් උඹ මේ අත්වලින් ගැහුවද...???

අමාකර ...උඹට මං එක්ක ඉන්න එක ලැජ්ජාවක්ද.....සරම්කාරයා..නූගතා පිලිහිඩ්ඩා....

.....අනෙ අයියෙ....දෙයියන්ගෙ නාමෙට ඔය මගුල ඇති සමුද්‍ර...ඔය මගුල ඇති.....

ඇති....?උඹට ඔය කතා ඇහෙනකොටනෙ පුලුවන් තරන් මේ අත්වලින් වීදුරුවට ගැහුවෙ ...අම්මගෙ රෙද්ද අයිසෙ මට රිදෙනවා ඕයි..ඒක උඹට තේරෙන්නෙ නැද්ද කියපන්??උඹ මෙහෙම රිදවගත්තම මට රිදෙනවා ....මට අනිත් පක්කුන්ගෙන් වැඩක් නෑ ඕයි....මට රිදෙන්නෙ තමුසෙ හන්දා.....තමුසෙ එක්ක මට බැදීමක් තියන හන්දා....අයිසෙ මං හින්දා ලැජ්ජා වෙන එකේ සීමාවක් තියනවනෙ.....නෙ.....???තමුසෙට තේරෙන්නෙ නෑ...මට රිදෙනවා අමාකර .....

මං බලාගන උන්නා....ඇඩිල්ල නවත්තපන්....ඇඩිල්ල නවත්තපන් ගගා කොච්චර සැර උනත් මගෙ අත් දිහා බලාගන මට රිදෙනවා අයිසෙ කියනවත් එක්කම මගෙ කම්මුල් තෙමාගන තවත් කදුලු පේලියක් පහලට රීටුවා.....

අමාකර .....උඹට මාව වෙනස් කරන්න ඕනද??සරම ඇදන් උඹව ගන්ඩ එන එක ලැජ්ජාවක් ද...කියපන් මට උඹව ලැජ්ජා කරන එකෙත් සීමාවක් තියෙන්ඩ ඕනනෙ...නේ.....උඹට මං ගාව ගදනම් කියපන් හරි ...පැත්ත පලාතෙ එන්නෙ නෑ දුරින් උන්නා බැලුවා ගියා...දෙන දෙයක් ඈතින් තිබ්බා ගියා ...ආදරෙයි ඒක මැරෙනකම්ම හිතේ තියෙයි...

මට ඉවසන්න බැරි උනා...නපුරු කමට උඹට මාව වෙනස් කරන්න ඕනද කියලා ඇහුවට මොකද අනෙ මට දැනුන උගෙ වචන මගෙ සුදු අයියව රිදවලා තිබුනා...

සුදු අයියෙ....මගෙ සමුද්‍ර ...කවුරුත් හින්දා උඹට උඹව නැතිවෙන්න දෙන්න හදන්නෙ ඇයි කියපන් ...මන් පිස්සෙක් වගෙ ආදරේ කරන්නෙ ඩෙනිම ඇදන් ෆර්ෆියුම් නාන් ඉන්න එකෙක්ට නෙවෙ බන්.....මං පිස්සෙක් වගෙ ආදරෙ කරන්නෙ පපරෙ සද්දෙ එක්ක මොනර පිල් අහුරක් අරන් කාවඩි නටපු කොල්ලට.....විසි හතර පැයම උනත් හීනියට හරි කසිංජි සුවදක් කාන්දුවෙන කොල්ලට....රැයක් දවාලක් නැතුව පන්නෙයක් සරු කරගන්න බලාගන දියඹට යන අප්පච්චි ලා රෑනකට දෙවොල් දෙවි පිහිටයි කියලා උන්ගෙ ඔරු කදට ඕඩි හෙලෙයිය කියලා කෑගහන කොල්ලට...

සමුද්‍ර ප්‍රේමවන්තයො හැමෝම එක සමාන වෙන්න ඕන නෑ. උන් ගාවින් එකසමාන සුවදවල් එන්න ඕන නෑ....එතකොට කෝ බන් වෙනසක්...උඹ ගාවින් එන සුවදම තව එකෙක් ගාවින් ආවොත් මට උඹව විශේශ වෙයිද ....නෑ....සමුද්‍ර නෑ...මට ඕන මගෙ මනුස්සයා වෙනම ලෝකයක් වෙන්න.....

මට ඩෙනිම ගහන් රගන එකාට වඩා තෙහෙට්ටු පාට මූනෙ තියාගන උනත් සීදේවි පප්පට අද කට උඩට වැඩ මයෙ අම්මෙ කියාගන මාව බලන්න එන උඹ දාහෙන් සම්පතයි සමුද්‍ර ..අප්පා නැති පසනට අප්පා වෙන හැටි දැක්කම මං මගෙ යටි හිතින් උඹගෙ පුතෙකුත් වෙන්න පෙරුම් පුරන හැටි උඹට මන් කියලා නෑ සමුද්‍ර ...අනුන්ගෙ වචන අහල ඇයි උඹව වෙනස් කරගන්නෙ.....ඒකෙන් වෙන්නෙ උඹව නැති වෙන එක....මං දැක්කෙ සරම් කාරයෙක් මිසක් කලිසම් කාරයෙක් නෙවෙ...

උඹ ඇවිදින් ...උඹෙන් පවා මාව රකින මිනිහෙක් අයියෙ ....මං උඹට බහ නොදී ඌට බහ දුන්නා නම්.....මං ඉස්කෝලේ යන කොල්ලෙක් නොවී ඉස්කෝලේ යන මිනිහෙක් වෙන්න ගියා ...ආදරේ කරන්න නොදන්න එකෙක් ගාව නැවතුනා නම් මට වෙන්නෙ හැමදාම කදුලු බොන්න ...උඹෙන් මං විදින්නෙ නැත්තෙ මොන හැගීමද කියපන් අයියෙ ...අයියෙක්....අප්පෙක්...

ප්‍රේමවන්තයෙක්....

තමුන්ගෙ ආදරෙ තමුන්ගෙන් වත් ඉදුල් වෙන්න නොදී පරිස්සම් කරන බෝසත් කුලෙ පිරිමියෙක් තියන් මට මොකටද අයියෙ දේවදත්තයෙක්.....

මගෙ හැන්නදිගෙ මන් උඹට පිස්සෙක් වගෙ ආදරෙයි බන් සුදු අයියෙ.....

පන්ඩිත වහන්ගතෙ.....මගෙ.....

මං කියවගන උන්නා ...අඩල අඩලම හොටුවලින් නහය හිරකරගන උන්න මං අවසානෙදි හුස්මක් කටක් නොගෙනම කියවලා කියවලා අවසානෙදි මගෙ හැන්නදිගෙ කියලා ආදරෙයි කියනවා එක්කම මං බලාගන රතු ඇස් දිලිසුන ..ඒ එක්කම එයා ඇහෙන නෑහෙන ගානට පන්ඩිත වහන්ගතෙ කියලා මගෙ ලේ පාට උන අත් දෙකම අරන් පපුවට තදකරගත්තා .....

උඹට ,තුරුල් වෙන්න ඕනද ම්ම්ම්....

ම්හු....ක්....පප්...පියො....

විනාඩි ගානක්....අඩුම විනාඩි පහ දහයක් වත් එයා මගෙ අත් දෙක පපුවට තදකරගන උන්නා ...අවසානෙදි මගෙ අත් දෙකටම හාදුවක් තියපු එයා මගෙ මූන දිහා බලාගන තුරුල් වෙන්න ඕනද අහනවත් එක්කම මෙච්චර වෙලාම බර වචන කියලා තෙහෙට්ටු වෙලා උන්න මට ආයම එයාගෙ දොන්ත වස්තරෙ වෙන්න හිතෙන වෙලාවක මං මගෙ කට උල් කරගන ඇකිලිලා තිබුන මොනර පෙදෙ කෙලින් කරගත්තා විතරයි එයා මාව උස්සලා වගෙ අරන් කකුල් දෙක උඩ ඉන්දවගත්තා ....මං නිකන් බින්කුන්ඩා වගේ එයා ගාවට ඇදිලා ගියා විතරයි මාව ඒ උකුලෙම ඉන්දවගන එයා එහෙම්ම පාර හරස් වෙන්න නවත්තලා තිබ්බ ලොරිය ආපිට අයිනට කරගත්තා.....

නුවර වහන්ගතෙ මගෙ.....

ම්හුක්...යෝ පප්පියො...ඔහොම කියන්නෙනෑ ඒයි....වහන්ගතයො කොහෙද අනෙ නුවර ....ඔයා දන්නවනෙ පපියො ඔයාගෙ සීදේවි...මේ මෙතන ඉදන් ඉන්න සුතු චූචියා ...කැතයා...පප්පගෙ සූකුරුවා.....

ඇති....ආ...වදින්නම්....උඹ නුවර වන්නම අල්ලන්න යන්නෙ...පප්පගෙ සූකුරුවා නෙවෙ....පප්පගෙ ඉස්කුරුප්පුවා උනත් පටන් ගන්න නම් එපා...ඇන්කරෙ විහික් කරනවාවගෙ මං උඹව විහික් කරනවා...අරකගෙ ඇමති පිත්තම අහලා අහලාදැන් උඹත් පටන් ගන්නද යන්නෙ...කටවහප්.....

ම්හුක්....යෝහ්...අනෙ ඇත්තමයි සමුජ්ජ ඔහොම නම් බෑ පවුල් කන්න හරිත....මේ අහන්න...මේ අහන්න්කො.....ඩේ...හ්....අහක බලනව නේත....අඩෝ....අඩේහ්...ඒහ්...මිනියො.....මිනිහො....සමූජ්ජ ඉන්ජීවර් හැන්ජජිගේ....යෝහ් ..පප්පෙ....පප්පෙ.....පප්පා තාත්තෙ.....හ්..මේබලන්ඩකො....ඇස් දෙකා හරවනවා නේත.....හප් චුප්...බලකො....ඇයි අඩා මේ මිනිහා අහක බලනවනෙ....අහක බලන් ඉන්නෙ මල්ලි ඇයි අපි කලුද...ඇයි අපෙ කලුත.....

මං නෙවෙ නැවැත්තුවෙ.....මෙච්චර වෙලාම ගිනිගලකට එහා රත් වෙච්ච මගෙ පපුව දැන් හිමි හිමීට නිවෙනවා...යන්තන් හිනාවක් ඇස් වල හන්ගන් එයා අහක බලනව....නුවර වන්නම පටන් ගන්නව කිය කිය බැන බැන ඇන්කරෙ විහික් කරනවා වගේමාවත් විහික් කරනවා කියපු එයා මගෙන් ඇස් හන්ගනවා...ලාවට හිනා වෙනවා....හන්ග හන්ග ලෝබකම් කරන ආදරේ විදගන්නම මන් කරපු එකම දේ කට උල් කර කර හුතලේට කතා කරපු එක වෙනකොට අවසානෙදි මං ඒ මූනම මගෙ අත් දෙකෙන් අල්ලගත්තා....

පිරිමිකම ඉහවහ යන තනි කලු රැවුල....තැනින් තැන මුදු ගැහුන ලා මලකඩපාට කොන්ඩෙ...නපුරු ඇස්...ගන ඇහිබැම....ඔක්කොමත් එක්ක රැවුලට මුවා උන ලාරෝස මෘදු නැති දෙතොල.....

දෙපාරක් නොහිතම මං ඒ දෙතොලට බර උනා....ආදරෙ විදින එක විදින්න ඕන ලොවෙත් නැති වෙන්න කියපු එයාටම මං ආදරෙ පිරුන හාදුවක් තියනවා එක්කම මගෙ ආදර සමුදුරට හුස්මක් පිට උනා...

වස්තුව....මගෙ....තුරුල් කරගන්න ඕන උඹව.....මගෙ ගාවින් ඉදින්....ඒ ඇරුනම මට වෙන මොකුත්ම එපා.....මට උඹ ඇරුනම වෙන කිසිම දෙයක් එපා අමාකර....දාහක් මිනිස්සු නූගතා කිව්ව දෙන්.....මට රිදෙන් නෑ...හැබැයි උඹට රිදුනොත්...මට රිදෙනවට වඩා....පාලනෙ කරගන්න බැරි වෙනවා සුදු චූටි...

එයා මුමුනනවා...මීට ටික වෙලාවකට කලින් මාව මරන්න හදපු මනුස්සයම මගෙ මගෙ කම්මුල් පිරිමැද මැද වස්තුව මගෙ කියන ගමන් මාව ඒ පපුවට තුරුල් කරගන්නවා එක්කම මං කරපු එකම දේ ඒ අත් දෙක යටින් අත යවලා එයාව තුරුල් කරගත්ත එක...මට පුලුවන් උපරිම තද කරලම තුරුල් කරගත්ත එක....

එයත් මාත් හම්බ වෙලා මහ කාලයක් නෑ....ඒත්...මේ ආදරෙ දැනෙන තරම...තනිකරම කල්ප කාලාන්තෙක ඉදන් ආදරෙ කරනවා වගේ....

සමුද්‍රගෙ පපුව ගැගෙනවා....පපුවෙ වම්පැත්තට කම්මුල තදකරන් උන්න මට එයාගෙ හදවත ගැහෙන සද්දෙ ඕනාවටත් වඩා ඇහෙනවා....

මේ ඉන්නෙ මොනර පිහාටුවක් ඉල්ලන්න ගිහින් වැටෙන්න ගියපු පාර මාව අල්ලගත්ත නිල් ඇස් දෙකේ අයිතිකාරයා....

මේ ඉන්නෙ එක පෝස්ට් එකක් හන්දා මුරුක්කු ගෝනියක් ගේනව මගෙ ආදර පරානෙ.....

ඇත්ත කියපන් මගෙ සමුද්‍ර....උඹ දැක්ක පලවෙනි දවසෙම මාව අතින් වෙනුවට හිතින් නේද අල්ලගත්තෙ??

සුදු අයියෙ....

ම්ම්ම්න්...

දන්නවද.....කතාවක් තියනවා සමුද්‍ර....හංසයෙක්ට මුලු ජීවිත කාලෙටම ඉන්නෙ එකම සහකාරයයි ලු...දන්නෙ නෑ...මට කා ගැනවත් කවදාවත් කිසිම හීනයක් තිබිලා නෑ....ඒත්....මට හීනයක් තියනවා....ඒ හීනෙ හැම කොනම ඔයා ඉන්නවා...අනිත් මිනිස්සුන්ට වගෙ ආසාවල් තියනවා...ඒ හැම තැනම ඔයා ඉන්නවා...

මන් හරි ආසයි සුදු අයියෙ උඹගෙ පපුවට බර වෙලා මෙහම ඉන්න.....මං විතරක් නෙවෙ...ආදරෙ කරන මිනිස්සු හරි ආසයි ආදර්නීය පපුවකට බර වෙන්න....ආදරනීය උරිස්සකට බර වෙන්න....එතකොට ඉබේටම ඇස් පියවෙලා යනකොට පපුවට දැනෙන පිරිසිදු හැගීම් විදින්න මිනිස්සු හරි ආසයි...මගෙ අම්මා අනන්තවත් අප්පච්චිගෙ උරිස්සට බර වෙනවා....එහෙම කරන හැම වතාවෙම ඒ ඇස් ඉබේටම පියවෙනවා මං දැකලා තියනවා....

මට ඕන මේ උරහිස උඩට හැමදාම මෙහෙම වාරු වෙන්න.... කරුමෙ කියන්නෙ.....උඹ මගෙ ගාව ඉන්න වරුව පවා මට දැන් තත්පර වෙලා දැනෙනවා.....උඹ නැති තත්පර මට කල්ප ගනන් දිගයි වගෙ දැනෙනවා....එ ඇයි සුදු අයියෙ එහෙම....

" මේකට මගෙ අම්බරේ කියන්නෙ නිකන්ද ම්ම්ම්...උඹ මගෙ අම්බරෙ අමාකර..."

එයාගෙ පපුවට ඔලුව තියාගන උන්න මන් අනිත් පාර කෙලින් උනා.....මෙච්චර වෙලාම රතුවෙලා තිබුන ඒ ඇස් ආයමත් අර නිල්මහ සයුරෙ පාට අරන් තිබුනා...මෙච්චර ඉක්මනට නිවෙන්න .....

නැ....ඒකෙ වෙන්න බෑ.....ලැව් ගින්නක් හා සමානව ඇවිලුන එයා මේ තරම් ඉක්මන්ට නිවෙන්න....

ඒක වෙන්න බෑ...ඒක කොහොමත් වෙන්න බෑ....ඒත් මං එක දෙයක් විස්වාස කරනවා.....මේ ලැව් ගින්න මේ තරම් ඉක්මනට නිවුන එකම හේතුව මගෙ ආදරෙ කියලා...

මේ ප්‍රාතිහාර්‍යට එකම හේතුව මගෙ ආදරේ කියලා.....

මං උඹට මහ හුගක් ආදරෙයි මගෙ සුදු අයියෙ....දන්නවද මට උඹව හුගාක් වට්නවා....ලෝකයක් තරම් වටිනවා.....අම්මා අප්පච්චි සමනල් ...මේ ඉන්නෙ මගෙ ලෝකෙ අයිතිකරගත්ත මිනිස්සු....උඹත් දැන් ඒ මිනිස්සු අතර ඉන්නවා...දන්නවද අයියෙ...කතාවක් තියනව සමුද්‍ර....හංසයෙක්ට මුලු ජීවිත කාලෙම ඉන්නෙ එකම සහකාරයලු.....

මං එයාගෙ දිහා බලාගන උන්නා.....කියන්න කතා දාහක් හිත අස්සෙ තිබුනත් මට බර කරලම කියාගන්න පුලුවන් උනෙ ඔයටික විතරක් වෙනකොට සමුද්‍ර මගෙ දිහා බලාගන ඔලුව අතගෑවා.....අවසානෙදි මගෙ නලලට හාදුවක් තිබ්බා....ආදරෙ ඉහවහ ගියපු හරි බරහාදුවක්.....

හංසයෙක්ට ඉන්නෙ එක සහකාරයෙක් විතරනම්....සුදු චූටි මගෙ හංසයා වෙනවද!!!!

*

*

*

ම්හුක්....පප්පෙ....

ගුටි නොකා ඔය ශිට් බෙල්ට් එකදාගනින් සීදේවි ...ඔහෙට මොන්ගලෙ ගහලද තවත් මෙතන ලැගන් තොරන් පෙන්නන හදන්නෙ...මරුවට හිටි.....පිස්සුවක් ඇතෑ ආය....ඕද දාගනින් ගුටි නොකා...

.මොන්ගලෙ ගහලද අහන්නෙ..හරි සෝක් ඈ....හරිම සෝක්....සමුද්‍ර ඔහෙගෙත් වෙස් පෙරලිල්ල....ඇයි වදේ උම්මි එකක් දෙන්නෙ...දෙකක් වත් දියල්ලකො.....කට උල් කෙරුවා විතරනෙ ඇදලා විසි කෙරුවනෙ...

යෝහ්....මාව ගනන් ගන්නෙ නෑනෙ.....ඔන්න...ඔන්න ඇහෙන්නෙ නෑ වගේ ඉන්නවා......අපෙ අප්පච්චි නම් කවදාවත් අපෙ අම්මා කියන දේ ඇහෙන්නෙ නෑ වගෙ ඉන්නෙ නෑ අයියෙ ඔයා මෙව්වා ඉගන ගන්න....පවුල් කන්න නිකන් බෑනෙ අයියෙ...ඔයයි මායි දවසක පවුලක්...ඔයා ඔහොම කනට ගත්තෙ නැත්තන් මගෙ මෙව්වා එකට මොකද වෙන්නෙ අනික.....ඇරත් ගෙයි ගිනි පිටට දෙන්න බෑ...ඒ කියලා ඔයා මාව මෙහම සතේට ගනන් නොගෙන ඉන්නකොට මේව්වා මට ඔයාලගෙ අම්මට නොකියා ඉන්නත් බෑනෙ...ආදරෙ කර කර ඉන්නකොට ඔහොම එක පාර බොක් ගාලා මගින් නවත්තෙන්නෙ නෑ සමුද්‍ර....දන්නෙ නැද්ද....????අනික අපි වලව්කාරයො...ආවට ගියාට මෙහෙම වීසිවෙන්නෙ නෑ....මොනරවිල හාමුගෙ පපුව පැලෙයි දරු මුනුබුරු පැටියව මෙහෙම වීසි කෙරුවා කියලා දන්නවා නම්...

අනික ඔයා දන්නවනෙ අයියෙ ....අපි නුවර මිනිස්සු ....ආදරෙ කරනකොට ඔහොම කා කොටාගන්නෙ නෑ....ඔයා දැකලා තියනවද මොනරවිල ලොකු බෑනා කවදාවත් මොනරවිල ඒ ඒහ්.....ඒහ්....භ්භ්.....භ්භ්.....ය්..යෝහ්....හෙමින් එලෝපියකො.....කටත් ඇනුනා....ම්හුක්....මං මොකක්ද කිය කිය උන්නෙ.....අපෙ මොනර විල ලොකු බෑනා....අපෙ අම්මට...ඒ කියන්නෙ මොනරවිල පොඩි මැ.....භ්භ්....භ්භ්...භ්.....ව්..වැටෙයි....ය්.....අනෙ.....සී...යත්....භ්භ්.....

දාගන් ඔය සීට් බෙල්ට් එක.....තාමත් මොනරවිල ලබ්බක් කියනවා....අරකගෙ ඇමති පිත්තම හොදයි තව...ඇයි යකො මොන මගුලක්ද ඔය.....ඇත්තමයි සීදේවි ඔහෙ තවත් මොනරගෙ ලබ්බයි නුවර වැනුමයි වනන් ආවොත් අම්මාපා....බිස්නස් එක යකාට පල කියලා නුවර මාකට් එකෙ තියන මාලු ලෑල්ල මං ගලෝලා විහික් කරනවා වැවට....ඇයි අඩෙ මේ මොන රෙද්දක්ද කියකො.....අර මහ එකා අහන් ඉන්නවට අහන් ඉන්නවා....කනුත් එක්ක කැක්කුමයි....

මං හිතන්නෙ මගෙ මූන තනිකරම ඔය බත්තලන් ගුන්ඩුව පැත්තෙන් අල්ලගත්ත මන්දපෝශනෙ හැදුන අලගුඩුවෙක් වගේ වෙන්න ඇති ... එයාගෙ කකුල් දෙක උඩ ඉදන් උන්න මට එක හාදුවක් විතරක් දීපු එයා මාව ආපිට ශීට් එකට වීසි කෙරුවෙ දැලකින් ගලවන සාලයව පෙට්ටියට වීසි කරන්නටත් අන්තෙට වෙලා යද්දි මාව ගනන් නොගත්ත එකට මං මගෙ මොනර පෙදෙ උස්සන් නුවර කස්තිරම දිගාරින්න ගත්තා විතරයි සමුජ්ජ නම් වූ මගෙ හුජ්ජ දෙබරගෙත් කට ඔහෙක් වෙලා මෙහෙක් උනා....

කොච්චර වාත්....අයියෙ අපි අරහෙමයි...මෙහෙමයි ගෑවට මාව තඹේට ගනන් නොගෙන් එහෙන් කප කප..මෙහෙන් කප ගත්තු ගැනිලි එක්ක කට කඩාගන ශීට් බෙල්ට් එක දාගනින් කිව්වත් ඊට වඩා වලව් වැනුම ලොකු කරන් උන්න මාව ගිහින් එකපාරම එයාගෙ කකුල් දෙක උඩ පත බෑවිලා කකුල් දෙකත් දිරාපු බෙදුම් කට්‍ට වගේ දෙපැත්තට පලල් වෙලා ගියා.... ඒ අස්සෙන් මගෙ නහටත් මක්කද ඇනුනා විතරයි

මගෙ කට ඔහෙක් වෙලා...ඇස් දෙකත් මෙහෙක් වෙලා ගියා...ම්හුක්...මගෙ අම්මෙ....ඒකෙ ගනකම අප්පා....ඔය ඇනුනෙ ඉතින් අරකනෙ...

මං උන්නෙ ආයම ඔරෝගන..... තැලුන මල් කෙහෙකන් ගෙඩිය වගෙ තැලුන මන් ශීට් බෙල්ට් එකත් දාගන නහයත් අත ගගා එයා දිහා සැරින් සැරේම බැලුවත් දිග හැන්දා නෙවෙ මගෙ දිහාව බැලුවෙ....අඩුම ගානෙ මගෙ මිනිහා නෙවෙ එයාගෙ සීදේවි එක්කනෙ යන්නෙ කියලා කොහෙන් වත් ඇල්ලුවෙ...

ඇයි යකො....මේකට ලාදුරුද මන්දා...මං ඕනතරම් දැකලා තියනවනෙ ඔය කපල් යනකොට එහෙන් මෙහෙන් අල්ලගන්නවා.....

මං ඇස් හීනි කරගත්තා....හීනි කරගත්තා මදිවට මං සමුද්‍රගෙ කකුල් දෙක මැද දිහා බලාගන උන්නා....එක්කො මේක රබර් එකෙක්ද...ලොකුයි කියලා පෙන්නන ඇදන් ඉන්න එකෙක්ද....මන් ඕන තරම් ඔය වගේ එව්වා දැකලා තියනවා අර බබ්බු හදන වීඩියෝවල ඇඩ් එහෙම යන්නෙ....

ඇයි වදේ....හැමදාම අර කොරියන් අක්කයි කලු බල්ලයි ඉන්න කෑම කන වීඩියො එක කී අවුරුද්දක ඉද බලනවද.....ඇරත් මං දැන් බදින්න ඉන්නෙ...ලොකුත් එක්ක....අනික මට අපෙ අම්මගෙ මහත්තයයි....අප්පච්චි ගෙ නෝනයි වෙනස් කමක් කෙරුවොත් මට පැනල යන්න වෙනවනෙ.....පැනල.ගිය රෑම මොනරවිල නම්බුව නැති කරන්න මට පුලුවන්ද මං අහන්නෙ..... ....අත්තම්මගෙ මුනුබුරු පැංචා ඒ නම්බුව රකිනවනෙ අත්තම්මියෙ...ඔවූ ..පුතා රකිනවනෙ....

තත්පර ගානක් සමුද්‍ර දිහා බලාගන උන්න මං අනිත් පාර මගෙ ශර්ට් එකෙ බොත්තමක් දෙකක් හලවගත්තා...ඒ විතරක් නෙවෙ.....හරියට ඉදන් උන්න මං එයාගෙ පැත්තටත් චුට්ටක් හැරිලා අවදානෙ මගෙ පැත්තට ගන්න අර කච කච සද්දෙන් නැතුව ඇහෙන නෑහෙන ගානට කතා කෙරුවත් මොකද හැන්දා දුන්න උත්තරෙ එක්ක මට ලොරොයෙන් පැනලා මේ ලොරියටම යට වෙලා මැරෙන්න හිතුනා.....

මාර දාඩියයි නේ අයියෙ....දාඩිය වැක්කෙරෙනවා අප්පා...

ම්න්...ගෙදර ගිහින් නාපන්....

කමක් නෑ...මේ මොනර පැටියා පහු බහින් නෑ.....අඩන්න ඕන ලුනෙ කිරි එරෙන්න...මට වෙන මොකුත් ඕන නෑ...උඹට ලාදුරුද කියලා බලාගන්න විතරයි ඕනෙ....අරක හොදාකාරවම මගෙ නහය කටෙ ඇනුනා.....ඇයි යකො ම්හ්හ්ක්ක්...කියලා වත් කෙදිරි ගෑවෙ නෑනෙ.....

සමුද්‍ර...ඒයී...මේ අනෙ.....මගෙ ෆර්ෆියුම් එක සුවදද බලන්නකො....

පොඩ්ඩක් හෝව් මට කෝල් එකක්...

මගෙ මූන දෙක උනා.....ආයම චුට්ටක් ලගට ගියපු මං මගෙ ෆර්ෆියුම් එක සුවදද බලන්න කියන ගමන් අර ගලවන් උන්න ශර්ට් එකෙ තවත් බොත්තමක් පන්නන් එයා පැත්තට බර උනා විතරක් තෝර දැලකට අහු උන හාල්මැස්සව පඩේට මායින් නොකර ඇදලා අරන් කාක්කන්ට දානව වගේ මාව පැත්තකට කරපු අපෙ අප්පච්චි ගෙ ලොකු බෑනා යැයි යැයි යෑ...අම යුවර් බටප්ලයි ගාන චයිනිස් කට්ට ආන්ස්වර් කරලා මගෙ දිහා බලාගන ඇස් හීනි කරගත්තා...

ඔය මොකද ඔක්කොම ගලවන්...දාගනින් පිස්සුද?හෙලෝ....

"හෙලෝ...සමුද්‍ර හැන්නදිගෙ.....මේ දික්වැල්ල පොලිසියෙන් කතා කරන්නෙ...තමුන්ට විරුද්දව පැමිනිල්ලක් තියනවා"

දික්වැල්ල පොලිසියෙන්...එයාගෙ අවදානෙ ගන්න දාඩියයි කියපු මට ඊලග පාර නම් ඇත්තටම දාඩිය දැම්මා....ඵෝන් එක කනෙ තියන් ඉන්න එකාට විතරක් නෙවෙ අහල ගම් හතකට පවා එහාපැත්තෙන් ඉන්න එකා කියන එක ඇහෙන්න තරම් චයිනි එකෙන් ආව කටහඩෙ සද්දෙ එක්ක මට ඉබේටම අර ඇරන් උන්න බොත්තම් ටික පියවිලා ගියා.....

අ...අයියෙ.....

ම්න්....දෙයක් අහන්නද.....

ම්..මොකක්ද අයියෙ....

හැබැයි....හැන්ගිලි බෑ....බොරු බෑ....හරි....ඇහුනනෙ එහා පැත්තෙන් කියපු එක...පැමිනිල්ල වෙන කාගෙන් වත් නෙවෙ....උඹට් උගෙන් ඉස්කොලේ ඇතුලෙත් කරදරද ම්න්....

මං හිතන්නෙ මගෙ පපුවෙ තිබුන අර සැනසීම ආයම හිදිලා ගියා.....මෙච්චර හරියක් කරපු මිනාලයා ගෙදර යනවා වෙනුවට කරලා තියෙන්නෙ දික්වැල්ල පොලිසියට යනඑක වෙනකොට මෙච්චර වෙලාම ආදරෙන් උන්න එයා අනිත් පාර මගෙ දිහා බලාගන කිසි හැගීමක් නැති සීතල මූනක් එක්ක හන්ගන්න හදන්න එපා ඌ උඹට ඉස්කෝලෙත් කරදර කරනවද අහනකොට මං බිම බලාගත්තා...මට විතරක් නෙවෙ ඌ මගෙ චූටි මල්ලිට කරපු දේ දන්නවා නම් මිනාල් උඹව අද මේ මනුස්සයා මරනවා ..උඹ හදන්නෙ නිකන් ඉන්න එකාව මාරයෙක් කරගන්න....

කෝ උත්තර ම්ම්...ඔලුව උස්සලා.....කෝ කෝ...මං ඇහුවෙ කරදරයක් උනාද....නැද්ද...නිකන් ගහෙන් ගෙඩි එන්නා වගේ කවුරුත් ඔහොම කරන්නෙ නෑ අමාකර ....ම්ම්...දැකපු ගමන් ඉඹලා දුවන්ඩ ඌ පිස්සෙක් නෙවෙනෙ.....

...........

අමාකර ....මං දැන් මේ හොදින් අහන්නෙ....දෙපාර පන්නන්න එපා...මං ඇහුවෙ කරදර උනාද....නැද්ද....එක්කො ඔව්....නැත්තන් නෑ....හැබැයි ඒ කියලා පහු දවසක උත්තරෙ සාරද්‍ය බාවය ..නිරවද්‍ය බාවය අහු උනොත් .....එදාට...

අයියෙ....

උත්තර එපා....ම්න්....ඔහොම ඉදින්කො..හැබැයි මං අහන්නෙ නියපොත්‍තෙන් කපන්න තියන දේ පොරවෙන් කපන එක නවත්තන්න....හන්ග හන්ග ඉදල.....

මං එකපාරම ඒ අත මිරිකලම අල්ලගත්තා දික්වැල්ල පොලිසිය කියලා ලියවුන බෝර්ඩ් එක පේන මානෙදි මං එයා ඉස්සරහා හන්ග හන්ග උන්න දේවල් හිමීට හිමීට එලි දැම්මා....

............කාලකන්නියා.....පොඩි එකාගෙ නහයෙන් එකයි හොටු....නොදරුව යන මගට පප්පෙ කට දයියා කිව්වා....ම්න්..බැහැපන්කො...බැහැපන්කො.....

*

*

*

ඕඅයිසි මහත්තයා.....??

ඉන්නවා...ඇතුලට යන්ඩ....

හැන්නදිගෙ මොකො කේස් එක...

එහෙම කේස් එකක් නෑ ප්‍රේමදාස මහත්තයා .....ඔහෙලා දන්නවන්...අපි එහෙම කේස් දාගන්න උන් නෙවෙ කියලා...අපිට දැම්මොත් ඇරෙන්න...ඕඅයිසි මහත්තයා හම්බෙන්ඩ .....

ඇතුලෙ ඉන්නවා...

ඔය ගෑනුන්ගෙ පුකමිරිකපු එකා.....අයිසෙ ඔය ඈඩියාව නවත්තනවා ඕයි.....තමුසෙ ආව වෙලේ ඉදන් දැන් ලෙඩ කියක් මතු උනාද...එනකොටම තමුසෙට අපස්මාරෙ ...දැන් පපුවෙ අමාරුව...තමුසෙලා වගේ උන් මැරිලා ගියත් පාඩු නෑ...කෝ ඔය කෝච්චි අස්සෙ මාලෙ කඩපු එකා.....

මම.උන්නෙ දික්වැල්ල පොලිසිය අස්සෙ...මට ඉස්සරහින් ගියපු සමුද්‍ර ඇරන් උන්න ශර්ට් බොත්තම් දෙක තුන පියවගන ඉස්සරහට යනවත් එක්කම ඉස්සරහට හම්බුන ප්‍රේමදාස කියලා උන්න පොලිස් මහත්තයා මොකෝ කේස් එක කියනවත් එකම කේස් එකක් නෑ කියලා ඕඅයිසි මහත්තයා හම්බෙන්න කියලා ඇතුලට යනවත් එක්කම මං අහගන තව පොලිස් මහත්තයෙක් රිමාන්ඩ් කරපු උන්ට කෑගහනවා.... එයාගෙ පස්සෙන් ගියපු මං එහෙම්ම අප්පච්චිගෙ නම ගහලා තිබුන බෝර්ඩ් එක දිහා බලාගනම කාමරේට ඇතුල් උනා.....

O.I.C

THEJAKA AMANTHA SOLANGAARACHCHI

ඕ අයි සි මහත්තයා ....

මං හිතුවා හරි....මිනාලයා ඉන්නවා.....නිකන් නෙවෙ ඒකට මේ වෙනකොට බොන්න ඔරේන්ජ් ක්‍රශ් එකකුත් දීලා මදිවට දයාසිරියා ලව්වා ඒකගෙ මූනට අයිස් තව්වෝනවා.....එක පැත්තක මිනාලයයි දයාසිරියයි ...අප්පච්චි ගෙ මේසෙ ඉස්සරහම වයසක අත්තම්මෙක් එක්ක තව මැදිවයස් පිරිමියෙක් වගේම ගෑනු කෙනෙක් උන්නා...ඔය ඔක්කොමත් එක්ක එලවලු මල්ලක් එල්ලගන කිරියගෙ පිය යානාව උන ලියනගේ අංකල් උන්නා... එක්කම මා දිහාවගේම සමුද්‍ර දිහා බලපු අප්පච්චි අපි දෙන්නට පුටු දෙක ඇස්දෙකෙන් පෙන්නල ආයම අර වයසක අම්මා දිහාවට හැරුනා...

(ලියනගේ)

මෙහෙමයි මහත්තයා ...කසද බැන්දට....හදපු අම්මව අතරමන් කරන්න බෑනෙ...මං අහන්නෙ හිතක් තියනවද පාරක දාලා එන්න....බලනවා අයිසෙ ඒක මොන තරම් අමානුශීයද??දහයෙ සිලි බෑග් එකකට රෙදි කඩමලු දෙකක් දාලා තමන්ගෙම බයික් එකෙ දාගන ගිහින් බස් හෝල්ට් එකක දාල එන්න තමුසෙට හිතක් තිබුනද...??අනික හරි හමන් පෙනීමකුත් නෑ...කන් ඇහෙන්නෙත් නෑ...අයිසෙ දැන් නේද අම්මව බලාගන්න ඕනම වයස.....

......එහෙම නෙවෙ සර්...අම්ම ඉස්සර වගේ නෙවෙ...අම්මා බුලත් කනවා මිදුල පුරාවටම කෙල ගහනවා....ඇගෙ ම ජරා කරගන්නවා...තේරුමක් නෑ.....නෝනට බබාලගෙ වැඩ එක්ක බෑ.....ගෙදර කොයි වෙලෙත් රන්ඩු.....ගෙයි ඇතුකෙ බුලත් කෙල...මෙක කරන්න බෑ මහත්තයා .....

මායි සමුද්‍රයි දෙන්නම ඉදගත්තා...අපි දෙන්නා ඉදගන්නවත් එක්කම ඔරෙන්ජ් ක්‍රශ් වීදුරුවෙ දාරෙ වටේ ඇගිල්ල යව යව මෙතනත් ඇමති සැප ඒ ලොකු කම ඉහට ගහන් උන්න මිනාලයා කකුලක් පිට කකුලක් දානගමන් මා දිහාවත් සරම ඇදන් උන්න මගෙ සමුද්‍ර දිහාවත් බලලා නක්කලේට හිනාවෙනගමන් අප්පච්චි දිහා බැලුවා...

ඕයිසි මහත්තයා ...අපෙ කාරනාව....

එක තත්පරයක් දෙන්ඩ පුතා.....වැඩිය එපා එක විනාඩියක් දෙකක් දෙන්ඩකො ....

මං අප්පච්චි දිහා බලාගන උන්නා...අරකා අප්පච්චි ට නම්බු දීලා මහ උද්දච්චෙට කතා කරනවත් එක්කම අපෙ අප්පච්චි ත් ඌට පුතා කියලා කතා කරනකොට ඌ මගෙ සමුද්‍ර දිහා බලලා කින්ඩි හිනාවක් දැම්මා...හරියටම උඹට පේනවනෙ කියන්නා වගේ....ඌට එක වතාවක් පුතා කියපු අප්පච්චි මා දිහාවත් සමුද්‍ර දිහාවත් නොබලා කෙලින්ම අර වයසක අම්මලා දිහාවට හැරුනා..

දැන් තමුන් කියන්නෙ අම්මා හැම තැනම ජරා කරනවා.....ඇගේ ජරා කරගන්නවා..... ඔය හේතු හන්දා අම්මව ගෙදර තියාගන්න බෑ...ඔහොමනෙ නේ....

ඔව් මහත්තයා ....නෝනා පොඩ්ඩක්වත් කැමති නෑ අම්මව ගේනවට.....

හ්ම්....හ්ම්...දැන් ඔය ගේ කාගෙද.....මන් අහන්නෙ ඕක මහ ගෙදරද.....?

ඔව් මහත්තයා ...මහ ගෙදර ...

එතකොට අප්පච්චි ....

අප්පච්චි...උන්දෑ වෙන ගෑනියෙක් එක්ක ගියෙ අපි පොඩි කාලෙමයි....

හ්ම්...අපරාදෙ ....ව්න්නඹු ගේ ඇතුලෙම උඹගෙ බෙල්ල අනිත් අතට ඇඹරුවෙ නැත්තෙ....

මහත්තයා ...

අයිසෙ තමුසෙම හිතලා බලනවකො තමුසෙමොන ජාතියෙ පුතෙක්ද කියලා ආ...මහ එකා දාලා ගිය දා ඉදන් මේ ගෑනි නොමැරි මැරිලා තියෙන්නෙ තමුසෙලා හන්දනෙ...ජීවිත බුක්තිය වත් නොතියා ගේ ලියන්න ඇත්තෙ තමුසෙ බලයි කියලනෙ...ආ ඕයි දැන් තමුසෙගෙ ලමයිනුත් ඇගේ ජරකරගන්නවා.....ඔහොම්ම ලමයිවත් අම්මා එක්ක ගෙනත් දානවකො...මේ අහනවා...ආ අයිසෙ තමුසෙ පොඩි කාලෙ ඇගෙ ජරාකරගත්තෙ නැද්ද....කරගත්තා...අයිසෙ තමුසෙලා අපේ මුල්ම ටොයිලට් එක අම්මගෙ උකුල.....ඕයි තමුසෙලා හිතන්නවත් බැරි වාරගානක් ඔය උකුලෙ ජරා කරලා ඇති...එහෙව් අම්මව මොන හිතකින්ද ඕයි ගිහින් දැම්මෙ....අසරන කෙරුවෙ....??? අනික තමුසෙට බය නැද්ද තමුසෙගෙ ළමයි ලොකු වෙලා තමුසෙටත් ඔය දේ කෙරුවොත්...????

මන් ඇහිපිල්ලමක් වත් නොගහා බලාගන උන්නා....මං විතරක් නෙවෙ මගෙ සමුද්‍ර .....ලියනගේ.....ඒ වගේම ඇමති ගාය ගහපු දයාසිරි එක්ක ඇමතිපුතානෝ....ඒ ඔක්කොම අස්සෙ අප්පච්චි ට කෝල් එකකුත් ආවා....

පොඩ්ඩක් ඉන්නවා කෝල් එකක්.....

හෙලෝ.....හ්..හෙලො...ආ...අම්මෙ...

ඔව්.....සුදු ගෙදර....නානවා ඇති.....නැත්තන් නිදි ඇති.....නෑනෑ.....පොඩි එකා ගෙදර ....ඔව්...මං ස්ටේශන් එකේ...නෑ නෑ...මට මොකුත් එපා සුදූගෙන් අහලා ඔය ගේනදෙයක් ගේන්ඩ....හරි පරිස්සමින් බුදුසරනයි ....

නැන්දම්මා....අම්මත් නෙවෙ මගෙ නෝනගෙ අම්මා.....නේ අහනවා මිනිස්සු සීයට දාහක් සර්ව සම්පූරන නෑනෙ.....අනික අපි හැමෝම ආයම නොදරුවො වෙනවා...හිතක් පපුවක් තියන් ඔහොම කෙරුවෙ කොහොමද කියනවකො...මට තේර්‍ර්න්නෙ නෑ අයිසෙ තමුසෙලා මේ තරම් පිරිහිලා තියෙන්නෙ කොහොමද කියලා ....ලියනගේ....

සර්....

මෙන්න මේක පොඩ්ඩක් රූපා මිස්ට දාලා.....මොකක් හරි කරන්න බලනවද....වදාපු පුතාට අම්මව ගෙනියන්න බෑ කියනවා...මේ අම්මව බාරගන්න කෙනෙකුත් නෑ....කටෙ බලේට යවලා වැඩක් නෑ....ගුනයක් නැති එකාට ගුනේ නෑමයි....

සර් අර වැඩිහිටි නිවාසෙ....

ම්ම්ම්...ම්ම්...හරි පොඩ්ඩක් බලනවද.....බලලා කියන්නකො ....

මහත්තයා ....

යනවා යනවා අයිසෙ...මේ මහත්තයා එක්ක ගිහින් බලනවකො...කතා කරන්ඩවත් හිතෙන්නෙ නෑ තමුසෙලා වගේ උන් එක්ක....සමුද්‍ර ඉන්දීවර් හැන්නදිගෙ.....නේ....??

ඔව් මහත්තයා ...

පැමිනිල්ලක් තියනවා....මිනාල් චානක රඹුක්වැල්ලගෙන්...එතකොට තව සිහත් අමාකර සෝලංගආරච්චි ...

අප්පච්චි ගෙ කාමරෙ හිස් උනා...මෙච්චර වෙලාම තිබුන ඇහිරිච්ච ගතිය යන්න ගියා....වෙනදට පැමිනිල්ල ලියන්න වෙනම කෙනෙක් උන්නත් රඹුක්වැල්ලයා උගෙ තියන ගනකමට ඒක අප්පච්චි ගාවටම අරන් ඇවිත් අප්පච්චි ලව්වාම ලියවන්න හදලා තියෙද්දි මං අතේ තිබුන රතුපෑන දිහා බලාගන ඉදලා අප්පච්චි දිහා බැලුවා...

අප්පච්චි .....

මෙතන නෑකම් නෑ.....අප්පච්චිලා නෑ..... අප්පච්චි ගෙදර...මෙතන ඉන්නෙ ඕඅයිසි.....හරි....

හැන්නදිගෙ...රඹුක්වැල්ල ....සෝලංගආරච්චි ....එහෙමනෙ...එතකොට දයාසිරි ...

අපිහතර දෙනාම දැන් ඉන්නෙ එක පේලියට...අරූට විතරක් වෙනම සැලකුම් දුන්න අප්පච්චි මගෙ සමුද්‍ර දිහාව බලන ගමන් පෑන කරකවන්න ගත්තා...මට ඉබේටම සමුද්‍රගෙ අත මිරිකුනා...

හැන්නදිගෙ.....ඇත්තද මේ කතාව...තමුන් පිලිගන්නවද රඹුක්වැල්ලට ගැහුවා කියන එක.....

එහෙමයි ලොකු මහත්තයා ගැහුවා.....

එතකොට සිහත් සෝලංගආරච්චි ??

අංකල් සිහත් නෙවෙ...ඔය සරම් කාරයා.....හැන්නදිගෙ...

රඹුක්වැල්ල ...මං හිතන්නෙ පුතා මං මේ සෝලංගආරච්චි ටම කියපු කතාවම තමයි ඔය ලමයටත් කියන්න වෙන්නෙ...නෑකම් නෑ....හරි....මහත්තයා කෑලි ඕන නෑ.....මං පුතා කියන්නෙ වයස බලලා....හැබැයි මට නෑකම් කියන්ඩ බෑ....මං කතා කරන්නෙ සෝලංගආරච්චිට...ඔයාටත් අවස්තාව තියනවා හරිද....?

සිහත් සෝලංගආරච්චි ....

සර්....

පිලිගන්නවද ගැහුවා කියන්න....

එහෙමයි....

අප්පච්චි කෙලින්ම සර් උනා....ගහපු එඅ පිලිගන්නවද ඇහුව එකට මං ඒ අත මිරිකගනම උත්තර බැන්දා ....

එතකොට දයාසිරි ....දයාසිරි මේ සිද්දිය දෑහින් දැක්කා වගේම....දයාසි‍රිත් හැන්නදිගේගෙන් ගුටිකෑවා.....එහෙමනෙ....

එ..එහෙමයි ලොකු මහත්තයා ...මේකා අපෙ බේබිට

ඒ...ඒ...වැල්වටාරම් එපා...තාම මං කෙටි උත්තර විතරයි බාරගන්නෙ...ප්‍රශ්නෙ පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනකොට විතරක් අපි ලොකු උත්තර ගම්මුම්ම්ම්.....එතකොට මිනාල් රඹුක්වැල්ල ....මේ දෙන්නම එකතුවෙලා තමුන්ට අත ඉස්සුවා....

ඔව් සර්...

මීක් නෑ....තත්පර ගානකට අප්පච්චි ගෙ කාමරෙ ඇතුලෙ මීක් සද්දයක් නැතුව ගියා....බාල්කෙ එල්ලුන තටු තුනෙ ෆෑන් එකෙන් එන සද්දෙ ඇරුනම වෙන කිසිම සද්දයක් නැතිවෙද්දි අප්පච්චි ශීට් එකෙ පත්තට බර වෙන ගමං අතෙ තියන් උන්න රතුපෑන කරව කරකව මිනාලය දිහ බලාගන ඉදලා ඉදලා එකපාරම සමුද්‍ර දිහා වගේම මා දිහාවත් බලලා සමුද්‍රට කතා කෙරුවා....

හැන්නදිගෙ.....

මහත්තයා ....

කම්මුල රතුවෙලා....යටි තොල පැලිලා ගිහින්.....පැමිනිල්ලෙ හිස්තැන් තියනවා....වින්දිතයගෙ පැත්තෙන් විතරයි ....මට ගැහුවා..මට අරහෙම උනා.....මෙහෙම උනා...චූදිතයගෙ වැරදි විතරයි .....මට දැන් චූදිතයගෙ මානෙනුත් කතාව ඕන....ඒකියන්නෙ.....මේ තුවාල වලට හේතුව.....

මිනාල් රඹුක්වැල්ලට පහර දීමට තුඩු උන හේතුකාරනාව....

...........හාදුවක්...ඔන්න ඕකයි කාරනාව.....ඇස්පනාපිට හාදුවක් තිබ්බ එක....

හාදුවක්....කාටද.....???

අමාකරට.....??

සිහත් සෝලංගාරච්චි.....

සර්.....

මෙක කැමැත්ත ඇතුවද....නැතුවද??

අකමැත්තෙන් සර්.....මගෙ කිසිම කැමැත්තකින් තොරව...

.බලහත්කාරෙන් ද???අකමැත්තෙන් කියන්නෙ බලහත්කාරෙන්...මිනාල් රඹුක්වැල්ල ....පැමිනිල්ලට තව කොටස් කීයක් එකතුවෙන්න ඕනද ම්ම්ම්ම්??

.....🥲🥲🥲🤌මන් කිව්වනෙ මිනාල්....ගෙදර පල කියලා.....!!

More Chapters