Cherreads

Chapter 23 - 22

එයා තල්ලු කරපුපාරට මාව ඇතුලට වීසි වෙලා ගියා මදිවට ලොරිය පස්සට අරන් ආපහු පාරට දාපු දැමිල්ලට හරියට ඉදගන්නවත් හම්බ උනෙ නැති මාව ඉස්සරහට වීසි වෙලා ගියා....

එක අතකින් ස්ටියරින් වීල් එකත් අනිත් අතෙන් මගෙ බෙල්ල පිටිපස්සෙනුත් අල්ලගත්ත සමුද්‍ර කෙරුවෙ වීසි උන මාව ආපිට ශීට් එකට තල්ලු කරලා ගුගුරපු එක...

කට පියවපන්....ආය වචනයක් කතා කරන්න එපා කියපු එයා උන්නෙම දත්මිටි

කාගෙන වෙද්දි මට අඩන්න කදුලු මදි උනා....

මට ඒ මූන බලන්න බය හිතුනා.....කොටින්ම මට සමුද්‍ර එක්ක යන්න පවා බය හිතුනා...ඇස් කොන්වලින් පටන් ගත්ත ගිනියම මහ මුහුදට අමු අමුවටම ගිනිතියාගන ගියෙ ලැව් ගින්නක් හා සමාව වෙද්දි මම බලාගන සරමෙන් පිට පැනලා තිබුන සුදු කලවෙ පවා වෙව්ලනවා....

ඒ තරම් තරහවකින් සමුද්‍රව වෙව්ලනවා....සීදේවි...මයෙ අම්මෙ...සුදු මැනික...මයෙ වස්තුව කියන්ඩ පුලුවන් ආදර කතා අහුරු ගනන් කියාපු මනුස්සයටම අද ඒ වචන අමතක වෙලා....වාන් දාන තරම් ආදරයක් පුරවන් උන්න ඇස් වලට පවා අද ආදරෙ පාට අමතක වෙලා.....කොටින්ම මගෙ ඇහෙන් කදුලක් වට්ටන්න බය මනුස්සයා මාව අඩව අඩව ගුගුරනකොට මට කාගන යන වාහනෙන් එලියට පනින්න හිතුනා.....

මං ඇඩුවා...අනෙ අයියෙ මං කරපු දෙයක් නෑ...මං නෙවෙ අයියෙ මට ඌ එක්ක මොකුත් නෑ කිය කිය එයාගෙ අත අල්ලපු ගමන් එයා කෙරුවෙ ඒ අත ගසලා දාපු එක...

අත් දෙකෙම්ම අල්ලන් එයාගෙ පපුවට තදකරගන්න මගෙ අත අමු අමුවටම ගසලා දාපු එක... ඒ විතරක් නෙවෙ මගෙ දත් මිටි කාගන ගුගුරපු

ඔය ඇඩිල්ල නවත්තපන් ආ...මගුලට අඩනවද??හුම් කියන්ඩ එපා...නවත්තපන්....නවත්තපන්...

අ..අනේ අයියෙ....මං මොකුත් කෙරුවෙ නෑ අයියෙ...නවත්තන්න කියන්නෙ....මං නෙවෙනෙ.....

මං දැන් උඹගෙන් ඇහුවද....ම්ම්ම්.....මං දැන් උඹගෙන් ඇහුවද.....නෑනෙ....මං ඇහුවා නම් විතරක් උත්තර බැදපන් හරි...මං ඇහුවෙ නැත්තන් එපා....එපා කියන්නෙ....ආය....එපාම තමයි...

මට අවසර නැති උනා.....මං වැරදි නෑ කියන්න මට අවසර නැති උනා....මම නෙවෙ වැරදි ඌයි මට එහෙම කෙරුවෙ කියලා කියාගන්නවත් අපි අතර එහා මෙහා වෙන වචන ගනුදෙනුව අස්සෙ ඉඩක් නැති උනා....මගෙ දිහාවත් නොබල මට ගුගුරපු එයා කරපු එකම දේ අත මිටමොලවන් අර කලවෙට ගහගත්ත එක වගේම දත්කූරු හපාගන ඩ්‍රයිවින් කරපු එක....

වාහන එහෙන් යනවා...මෙහෙන් යනවා...එයා මේ යන යාමට මගෙ බඩ පපුව ගිනි ගන්නවා.....කතා කරගන්නත් ඉඩක් නැති මං උන්නෙ බය වැඩි කමටම හුස්ම හිරකරගන වෙනකොට ඇඩිල්ල වැඩිම උනොත් නොදරු කාලෙ ඉදන් හුස්ම අල්ලන්න බැරිවෙන මම කටට අත තියාගනම මගෙ පපුව අත ගාගත්තා.....

ආයම

හුස්ම හිරකරගනම අනෙ අයියෙ ඇති කියල අහවරක් නැතුව අර කලවෙ රතුවෙනකන් ගහගන්න ගහගැනිල්ල නවත්තන්න අත දික් කර කර ආයම බයටම අත මගෙ ලගට ගත්තා.....

පුරුදු පාරෙ පුරුදු හැමදේම පහු උනත් අද පුරුදු වංගුව මග ඇරුනා...

..ගෙදරට හැරෙන අරලිය මාවත පහු උනා...ඒ වෙනුවට එයා කෙරුවෙ තම තමන්ගෙ පුද්ගලික කාරනා එක්ක තදියමෙ යන වාහන වලට..ඉස්සර කරන් යන බස් එක අල්ලන්න යන අනිත් බස් එකට කන් අඩි බීරිවෙන හෝන් ගහ ගහ ලොරිය ඉස්සර කරන් ගිහින් සමරසුන්දර මාවතට හරවපු එක...

සමරසුන්දර මාවතෙ.....????ඒ ඇයි ....

කතා කරන්න තහනම් මම කොහොම කියල මේකොහෙද යන්නෙ අයියෙ කියලා අහන්නද.....

මට පුලුවන් කට පියාගන යන්නෙ කොහෙ උනත් ගමනාන්තෙ වෙනකන් ඉවසන් ඉන්න එක විතරක්ම වෙනකොට ඇහි කොන්වලින් එලියට බේරුන කදුලු වලට තව තව මගෙ කම්මුල් තෙත් කරන්න ඉඩ දුන්න මං හූල්ලගන වගේ ඉහලට ඇදන් එයා දිහා බලාගන උන්නා.....

දන්නවද හිතවත.....ඉර ගිනියමටත් වඩා ගිනියම් එකම දේනම් ඇහිදාර පන්නන වැටෙන කදුලු කියන්න...!

ගනින්.....අරන් හෝදගනින්.....අම්මගෙ රෙද්දෙ යනවද දකුනට සිග්නල් දාල වමට හරවන්නෙ....පකෙ ඩ්‍රයිවින් පිස්සු හුත්තන්ගෙ....ඇනුනම එනවා අපිට අරින්ඩ..... .....ස්කූටරයක් ගත්තම කුසියෙ බත් කන එකාව ඉදන් හප්පන් යනවා....නවත්තන්ඩ කලින් කකුල් දෙක එලියට දාගන්නවා ....මගුලෙ යනවා මේකිලා....

.බලාගන යනවා අයිසෙ .....!

මගෙ දිහාවට වතුර බෝතලයක් වීසි කරපු හෝදගනින් කියලා මට සැර උනා....ඒවිතරක් නෙවෙ පාරෙ යන උන්ටත් එයා කෑගැහුවා....ලොරියට ඉස්සරහින් ගියපු ස්කූටර් සිග්නල් එක දැම්මෙ එක දිහාවට උනත් හැරෙව්වෙ තව දිහාවකට වෙනකොට නහුතෙටම නැගන් උන්න සමුද්‍ර ඒකි හැරෙනවත් එක්කම බෙල්ලත් එලියට දාලා කෑගහල ආයම මගෙ දිහා බැලුවා.....

අර වතුර බෝතලේ තවම ශීට් එක පල්ලෙ....එයා වීසි කරපු පාරට බෝතලෙ ශීට් එකෙනුත් බිමට රූටලා වැටුන වැටිල්ල තවම බිම වෙද්දි බිම තිබුන බෝතලේ දිහා එක්පාරක් බලපු එයා අනිත් පාර මගෙ දිහා බලපු බැලිල්ල එක්ක හිතන්නත් කලින් මගෙ ඇස්වලින් කදුලු වැක්කෙරුනා.....

කිව්වට විස්වාස කරන්න මගෙ බඩ බොකු පවා සීතල වෙලා ගියා ....ඒ බලපු බැලිල්ලට මගෙ කොන්ද දිගෙ හිරියක් ගියා...ආදරෙ අතින් ....පරිස්සම අතින් සමුද්‍ර කියන්නෙම මගෙ අප්පච්චි ගෙම අනුරූපයක් උනත් මට බැරි උනා....මට බැරි උනා මේ තරහව කාට සමාන කරන්නද කියලා....මගෙ අප්පච්චි ට තරහා යනවා....කෑ ගහනව මං අනන්තවත් දැකලා තියනවා....ඒත් මේ තරම් තරහවක්....

නෑ...දෙයියනෙ නෑ....අනෙ මං දැකලා නෑ...

අමාකර ගනින් ඔය බෝතලේ .....උඹට ඇහෙනවද මං කියන දේ....අ ර ග නි න් ඔ ය බෝ ත ලේ...

මන් උඹට කිව්වා...ඔය ඇඩිල්ල

න ව ත් ත ප න් ආ....කියපන් ...ඇයි අඩන්නෙ...ආ...මං තොට ගැහුවද....ම්ම්ම්..නෑ....මං තොට බැන්නද....ඒත් නෑ.....කට වහන්ඩ කිව්ව කියලා අඩන්නෙ ??ගනින්..ගනින්...ගනින් ඕක...අරන් හෝදගනින්....ගනින් කිව්වම අහලා...කට දිහා බලන් ඉන්නෙ කිව්වම අහල ගන් ඕක....

එයා කෑ ගහනවා...කට දිහා බලන් මොකද කරන්නෙ අහනවා....ඒත් එයා දන්නෙ නෑ දැනටමත් මගෙ අතපය ගල් වෙලා ගිහින් කියන්න....

උඹ මට මුරන්ඩු කම් කරනවද...????හරි.....ඒ තරම්ම උඹ දැන් මුරන්ඩු වෙනවා...එහෙමද...හිටපන්....හරි උඹට බෑනෙ....හරි ....ඔහොම්ම ඉදින්....උඹට මම....අද....

අ..අනෙ...අනෙ..අයියෙ...සමුද්‍ර....ප්..පින්....පින්....ස්...සිද්ද වෙයි....ම්..මං...ගන්නම්.....මං ගන්නම්...අයියෙ....

මං කෑ ගැහුවා...පින් සිද්ද වෙයි අයියෙ කියල මං අත් දෙක එක එකතු කෙරුවා....වෙන මොකටවත් නෙවෙ.....වතුර බෝතලෙ ගනින් ගනින් ගෑවත් අත පයක් වත් හොලවන්න බැරිව ගල් ගැහිලා උන්න මගෙ දිහා බලන් උන්න එයා ඩ්‍රයිව් කරන එකත් අමතක කරලා ස්ටියරින් විීල් එක අතැරලා දෙකට නැවෙන්න හැදුවා විතරයි මං කෑ ගැහුවා.....

අඩ අඩම අත් එකතු කෙරුවා...

හෝදපන්....සුවදක් වත් එන්ඩ බෑ හරි ...උඹට තේරෙනවනෙ...මං උඹව මූදෙ ඔබනවා..හෝදපන්....හෝදපන්...

මාව මූදෙ ඔබනවලු....සුවදක් වත් එන්ඩ බෑ.....කිය කිය හෝදපන් ගාපු ඒ ඇස් වල රතු පාට වැඩි කමටද මන්දා ලස්සන නිල් පාට අතුරුදහන් වෙලා තිබුනා....ඒ ඇස් තරහට රතු වෙනකොට මගෙ අලු ඇස් අඩලම රතුවෙලා තඩිස්සි වෙලා ගියා...

වතුර අහුරු අහුරු ශීට් එකට වැටි වැටි හතර අතම තෙමිලා ගියා....

ඒත් එයා නෙවෙ වචනයක් කිව්වෙ...අතට අහුවෙන වතුර අහුරට වඩා ඇහෙන් වැටෙන කදුලු වලටම මගෙ තොල්පට හේදුනත් මං මගෙ කටෙ හම යනකම්ම මිනාල්ගෙන් ඉතිරිඋන මින්ට් සුවද එලවන්න මගෙ කට හේදුවා....මුලු බෝතලේම ඉවර වෙනකම්ම මං අඩ අඩම මගෙ කට හේදුවා...කොටින්ම මං මගෙ යටි තොල හීරෙනකම්ම අතුල්ලගත්තා.....

මට රිදෙනවා...ඇඩෙනව...බයට දුකට ඉකි ගැහෙනවා....වෙනදට යන පාරෙන් නොයා කවදාවත් නොගිහින් තිබුන සමරසුන්දර පාරට හරවපු එයා අවසානෙදි එකම දිගට හෝන් එක ගහගන ගියපු එයා එකපාරම කපලා ඇගපත පවා හිරි වැටීගන යන තරම් සද්දෙකින් බ්‍රේක් ගැහුවා... ඒ එක්කම මෙච්චර වෙලාම අඩ අඩම කට හෝද හෝද උන්න මං ඔලුව ඉස්සුවා...

බ්‍රාස්.....!!

බැහැපන්.....දැන් බැහැපන්....

.........

මං හිතන්නෙ මෙච්චර වෙලාම අයියෙ කියාගන්න හරි පන තිබුන මගෙ කටෙ පන ගියාද කොහෙද .....අයියෙ කියලා හරි අකුරු ගැටගහන්න පුලුවන් මගෙ කටට ආයම අකුරු ඉනුවෙ නැද්ද කොහෙද .....සහරාව වත් මගෙ උගුර කට තරම් වේලුම් කාලා නැතුව ඇති.....ෆූජියෙන් ඉපදෙන ගිනියම වත් මගෙ පපුව තරම් ගිනියම් නැතුව ඇති.....

එයා ලොරිය නවත්තලා ....

හැබැයි තව වාහනයක් ඉස්සරහින් හරස් කරලා.....

තනි සුදු හයිලක්ස් කැබ් එකක මග අහුරපු එයා ලොරිය නවත්තලා මගෙ දිහා බලාගන දත් මිටි කාගන බැහැපන් කිව්වා.....එක පාරක් නෙවෙ දෙපාරක්....

මං කොහොම බහින්නද...ඒක.....අනේ ඒක මිනාලයලාගෙ වාහනෙ.....පිටිපස්ස වීදුරුවම වහගන රඹුක්වැල්ලයා ඉන්නකොට මේ මිනාල් යන වාහනෙ කියන්න අමුතුවෙන් මට කියන්න දෙයක් නැති වෙද්දි අනෙ මං බෑ කියන්න ඔලුව වැනුවා....

බෑ.....??උඹ ඔය බෑ කියලද කියන්නෙ.....????හරි...හරි....ඔහොම්ම ඉදු...බහින්න් බැරි නම්...මං බස්සලා ගන්නම්...හරි....ඔහොම්ම ඉදින්...ඔහොම්ම ඉදින්...ඔහොම්ම ඉදුකො ආ.....

මගෙ අත් වෙව්ලනව මුලින් බෑ කිව්වත් මොකද පහු වෙනකොට බැහැගන්න ඕන උනත් මටදාන් උන්න බෙල්ට් එක පන්න ගන්නවත් මගෙ ඇගිලි පන නැතිවෙලා ගියා...තරහ වැඩිකමට එකම වචනෙ....එකම වචනෙ දහ වතාවකටත් වඩා කියවපු එයා අනිත් පාර වාහනෙන් බැහැලා දොර වහපු වැහිල්ලට මං හිතන්නෙ දොර ගේන්න ගේන්න හදපු කම්පැනි එකටවත් බැරි වෙනවා.....

මුලු වාහනේම දෙදුරුම් කෑවා.....

හරි ...දැන් බැහැපන්කො....

මොකද වඩම්මන්ඩ ඕනද උඹව ම්ම්ම්.....නෑනෙ....වරෙන්...වරෙන්....නැට්‍ටුවො ගෙනල්ලා....බෙර ගහලා ..හූ කියලා වඩම්මන්න තිබ්බා...හැබැයි දැන් බෑ...බැහැපන්...බැහැපන්....මගෙ මුන දිහා බලන් නොයිද බැහැපිය !

.

අයිසෙ මොකක්ද ඕයි කරන්නෙ යන පාරෙ මැද මාලු ලොරියක් නවත්තලා...මේක ගන්නවා ඕයි .....පිස්සු යකෙක් තනිකර...බේබි චුට්ටක් ඔහොම ඉන්ඩ...ඒයි ....මේ අයිසෙ තමුසෙගෙ කන බීරිද ඕයි ..මෙන්න මේක ගන්නවා...තමුසෙට වාහනේ පේන්නෙ නැද්ද කාගෙද කියලා.....

මිනාලයගෙ ඩ්‍රයිවරයා.....

ඒයි ඕයි ගාගන කෑ ගහන් බැස්ස මිනාලයගෙ ඩ්‍රයිවරයා මාව ලොරියෙන් එලියට ඇදලා ගත්ත සමුද්‍රට කෑ ගැහුවා....අනෙ උඹ හදන්නෙ දානමාන නැතුවම මලගම් යන්ඩ මිනිහො...

කෙලින් හිටගනින්.....

අ...අයියෙ...අනෙ...අර මනුස්සයා...

බල්ලො බිරුවට කදු පාත් උනාද ම්ම්ම්...උඹ දැකලා තියනවද....උඹ නුවරනෙ....ආ....නුවර කදු එහෙම පාත් වෙලා තියනවද ...නෑනෙ...බුරන බල්ලට බුරන්ඩ දීලා....කෙලින් ඉදන් කදුලු පිහදගනින්....උඹ මගෙනෙ.....ආ....???

......

ඇයි....උඹට දැන් ඒකටත් උත්තර නැත්තෙ එක කිස් එකයි උගෙ උනාද....ම්ම්ම්...එක පාරයි උඹ ඒකගෙ උනාද...ආ අමාකර ?????

අනෙ..අනේ...නෑ...අයියෙ....මේ අහන්නකො.....

ඒ...ඒ.....වැල් වටාරම් එපා...මගෙ නම්...කදුලු පිහන් කෙලින් හිටගනින්...හරි.....මගෙ නම් වක ගැහිලා ඉන්ඩ බෑ...කෙලින්...කෙලින් හිටගන වරෙන්.....

වරෙන්...වරෙන්.....උඹ එනවද...නැත්තන්....

එ..එනවා...එනවා අනෙ අයියෙ...මොකුත් කරන්න එපා අයියෙ....

අනෙ අයියෙ රන්ඩුවලට පැටලෙන්න එපා අයියෙ....

එක තත්පරේකට මගෙ මුලු සර්වාංගෙම ලේ ගමනා ගමනෙ ඇනහිටිද කොහෙද ...මගෙ නම් වක ගහන්නෙ නැතුව කෙලින් ඉදින් කියපු එයා අනිත් පාර මාවත් අතින් ඇදගනම කෙලින්ම මිනාලයගෙ වාහනෙ ගාවට යනවත් එක්කම බේබි ඇතුලෙ ඉන්න බේබි ගගා වෙනම ශිල්පයක් දාපු ඩ්‍රයිවරයා මොනවා හරි කියාගන ආවා විතරයි ඌට වැඩි දුර කියන්න හම්බුන් නෑ ....සමුද්‍රගෙ රලු අතින් ඒකගෙ මූන මිරිකලම අල්ලන් අනිත් අතට තල්ලු කරලා ඇරිය විතරයි ඒකාව අඩි දෙක තුනක්ම පස්සට වීසි වෙලාගියා....ඒ එක්කම මෙච්චර වෙලාම ඇතුලෙ උන්න මිනාලුත් එලියට බැස්සා.....

නිකන් නෙවෙ...මිනිහා අව්කන්නාඩි දෙකකුත් දාන් ඇදන් උන්න ශර්ට් එකෙ බොත්තම් දෙකතුනකුත් ගලවගන...

මිනාල්.....

ඌගෙ සර්වාංගෙ ගැන කියනවා නම්...ඌ මගෙ සමුද්‍රට වඩා ඕනා නම් අගලක් දෙකක් මිටි ඇති.....ඉස්කෝලේ යන එකෙක් උනත් මිනාල්ට තිබුනෙ තවමත් හිරිමල් යෞවනෙ දොරකඩ ඉන්න උන්ට අයිති සර්වාංගෙකුත් නෙවෙ.....උගෙ අප්පගෙ සල්ලි වලට පිහිට වෙන්න බීපු විටමින් වලින් වගේම ජිම් එකෙ යකඩ වලට පිහිට වෙන්න හැදුන සර්වාංගයක්....ඒකෙත් හැටි ...ඇමතියගෙ හැලි අරක්කුවෙ පදමබලන කොල්ලන්ගෙ සර්වාංග තනිකරම සිලි උර වගේ...පරඩැල් වගේ ..ඒත් එකගෙ පුතා...????

අරුන්ගෙ අනාගතෙ හබක් කරන ඇමතියා තමන්ගෙ පුතාගෙ අනාගතේට විතරක් මල් වැටුන පාරවල් හදනවා....

අයිසෙ ....තමුසෙගෙ අම්භ්භ්භ්...

කන පලාගන්නෙ නැතුව අහකට පල...ආවා හැමනෙන්න .....

අරකව වීසි වෙලාගියා... වීසි උන එකා ගැන වගේ වගක් නැති මිනාලයා කෙරුවෙ උගෙ ලොකු කමට....අප්පගෙ හයිය පෙන්නන ඕන කමට උගෙ පිලිවලට තිබුන ඇදුම තවත් හද හද දාන් උන්න අව් කන්නාඩිය පොඩ්ඩක් පාත් කරලා එ ගැට්ටට උඩින් අපි දිහා බැලුවා....

දයාසිරි?මොකද අයිසෙ මෙ ....ආ..ආ....දැන්නෙ මේ කලබලේට හේතුව තේරුනෙ .....මිස්ටර් හැන්නදිගේ.....හැන්නදිගේ ඇන්ඩ් සන්ස් එක වැරදි තැනකනෙ පාර්ක් කරලා තියෙන්නෙ.... මගෙ වස්තුවත් ඉන්නෙ....බේබ්....අඩලා???

......

සිහත්....සිහත්....මං අච්චර ආදරෙන් හාදුවක් තියලා ආවෙ ආදරෙයි කියලා...ඒත්...මාලු කාරයෙක් එක්ක කොහෙද මේ රස්තියාදුවෙ යන්නෙ.....මං කිව්වනෙ.....බල්ලො එක්ක ලැග්ගොත්...මැක්කො එක්ක වගේමයි ....මාලු කාරයා එක්ක ලැග්ගොත්...පිලිහිඩ්ඩ පිටින් නැගිටින්න වෙනව කියලා ...

........

දයාසිරි....

බේබි...

වාහනේ ගන්න....සිහත් ගිහින් දාන්නද ....දාන්නද නෙවෙ...මට අයිතිය තියනවනෙ....එන්න...මං හොදින් කියනකොට එන්න හොදද දෙපාරක් නෑ...දෙවනි පාර ඔය අත මං අර අතින් උදුරගනි...හැබැයි.....බබො මං සාමන්‍යෙන් ෆර්ෆියුම් ගෑවට පස්සෙ....ඒ සුවද මැකෙන්න දෙන්නෙනෑ...තේරෙනනෙ....මල් සුවදක් උඩට පිලිහිඩ්ඩ වැටුනොත්...

මගෙ ඇස් වල කදුලු නලියනවා...මාව අල්ලන් උන්න සමුද්‍රගෙ කටින් නෙවේ එක වචනයක් පිට උනේ....ඒ වෙනුවට මට දැනුන එකම දේ නම් ඒ අත වෙව්ලපු එක විතරක් වෙනකොට ඒ මූන දිහා බලන්න හැරුන මගෙ ඇහෙන් වැටුන කදුලක් ඒ අත උඩට වැටුනා...ඒ එක්කම සමුද්‍ර සුනාමියකටත් වඩා රුදුරු බැල්මක් එක්ක මගෙ දිහා බැලුවා...ඒ ඇස්වල එකම කදුලක් තිබුන් නෑ....

ඒත් මට කදුලු ඉනුවා....මගෙ ආදරේ වෙන එකෙක් අතින් හෑල්ලු කරනකොට එයාට වඩා මට රිදුනා...ඒත් සමුද්‍රගෙ.....නෑ...සමුද්‍රගෙ ඇස් වල කදුලක හේයාවක් වත් තිබුන් නෑ.....

අයිසෙ.....වාහනෙගන්නවා....බේබිට යන්න පරක්කු වෙනවා...ඔය ළමයා...මිනාල් බේබි එන්නකියනවා ඇහුනනෙ....

මං දන්නෙ නෑ.....අහලා තියනවා විතරයි ....සුනාමිය ගහන්න කලින් මුලු මූදම නිහඩ උනාලු.....නිස්කලන්ක උනාලු.....අවසානෙදි මුලු මුහුදම හිදිලා හුස්මක් ඉතිරි නොකර හූරාගන යන රැල්ලක් ගොඩ ගැහුවලු....

මං දැන් දකින්නෙත් ඒ මුහුදමයි...!

මිනාල්ගෙ එකම වචනෙකි වත් පිපිරුම් නොකාපු එයා මගෙ ඇස් වලින් ගිලිහුන කදුලු බිදුවත් එක්ක මා දිහා බලලා එක පාරම අර අතෑරියා....

"ගහපන්"

අ...අයියෙ ....

ඇහුනනෙ....මං එක වචනයයි කිව්වෙ....

ග හ ප න්!මට අත උස්සන්ඩ බෑ.....ඌ ඉස්කෝලේ යන එකෙක්....හැබැයි තරහා නොගෙන ඉන්ඩ බෑ....උඹ මගෙ හන්දා....තව එක පාරක්...දෙපාරක් මං උඹට තේර්‍ර්න සිංහලෙන් කියන්නම්....ගහපන්...

එයා වෙව්ලනවා.....මං හිතන්නෙ මහ මුහුදම හිදුනා...මහ පොලො ගර්බෙට ඇදීගන ගියපු මුලු වතුර කදම දරාගන්න බැරි පීඩනේකින් කැලතෙන හැටි මං ඒ ඇස් වලින් දැක්කා...මට හාදුවක් තියාපු මිනාල් ඉස්කෝලෙ යන එකෙක් එ හන්ද එයාට අත උස්සන්නබෑ කියපු එයා මහ සද්දෙන් නැති උනත් අහන් ඉන්න උන්ව හීතල වෙලා යන කටහඩකින් අරූට ගහන්න කිව්වා...

ගහන්න....මං කොහොමද දෙයියනෙ ගහන්නෙ....අද මං ගහයි...හෙට...???හෙට ඉදන්....

අයි ..යෙ.....සමුද්‍ර...

ගහපන්.....

තව එක වතාවක් දෙන්නම් කියපු එයා ආයම මගෙ මූන දිහා බලාගනම අරූට ගහන්න කිව්වා...

මං දන්නව....මං දැන් මොන වැල්වටාරම කිව්වත් වැඩක් නෑ....එයාට ඇහෙන් නෑ......එක පැත්තකින් මිනාලයා.... මිනාලයගෙ හයිය අරන් පිස්සට හැතැප්ම නෑ වගේ ඉදන් ඇමති පිත්තම කියවන ඌ ගාවම ඉන්න දයාසිරියා.....මං කොහොමද ගහන්නෙ....

ගහපන්....

එයා අවසානම පාරටත් කිව්වා.....දෙපාරක් කියන්නම් කිව්ව එයා අනිත් පාර හිනා උනා...ඒ හිනාව...මං හිතන්නෙ නෑ කිසිම මනුස්සයෙක්ට මෙහෙම හිනාවක් ඇති කියලා...ඇදන් උන්න සරම් කොන එක කකුලකින් ගත්ත එයා ඒ පැත්ත උස්සගනගම මිනාලයා ගාවට ගියා ...

මොකො හැන්නදිගෙ .....ගෙදරින් දෙන බත් කාල ඇතිවෙලාද මේචන්ඩිකම් දාන්නෙ ආ.....නැත්තන්

අයිසෙ මේ මේ තමුසෙලා පාරෙ යන් මිනිස්සුන්ට පාඩු.....හ්හ්හ්

චටාස්....!!!

මට ඔච්චරයි ඇහුනෙ...මටවත් නොදැනිම මගෙ අත් දෙක කන් දෙක ගාවට ගියා ..දෙයියනෙ එයා ගැහුවා....කම්මුල පුපුරන තරම් පාරක් එයාගැහුවා...කාටත් නෙවෙඩ්‍රයිවර් කාරයට....

මං උඹට කිව්වා..ගහපන්....ගහපන්...කියලා දෙපාරකුත් කිව්වා...උඹගහනවද.....නැත්තන් ...

දිගින් දිගටම...මූට මගෙන් කන්න වෙනවද....ම්ම්ම්.....ගහපන්....

අයිසෙ මේ අමාකර මොකක්ද මේ ආ....

චටාස්....

.ගහපන්....ම්ම්ම්....මූ මැරෙයි හරි....ගහපන්...ගහපන්.....සින්හල දන්නවනෙ....ගහපන්....

චටාස් ....

හරි ...උඹ තවම ඔතනනෙ.....

අ...අයි....බ් .බෙබී....

චටාස්....

.ගහපන්....ම්ම්....තව කියන්න ඕනද ???.....කට ගෙවෙනකන් මහපාරෙ අතුල්ලන්නද...කොහොමද ඕන ??මට තව වැඩතියනවා...කියපන්....ම්ම්ම්...කෝකද ඕන.....???මං මේ කට අතුල්ලන්න ගත්තොත්.....මූන ගෙවෙනකම්ම අතුල්ලලා දායි....ගහන් නෑනෙ...නේ.....හරි .....බලන් ඉදපන්...

චටාස්.....//

කම්මුල් පාරවල් පහයි.....එකම කම්මුලට කම්මුල් පාරවල් පහක් ගහපු එයා දයාසිරියගෙ බෙල්ලෙන් අල්ලන් මහපාරෙ දනගස්සන් කට උලන්නද අහනවත් එක්කම මන් මිනාල් ගාවට ගියා...යටි තොලට දුන්න හාදුව හන්දාඅරමනුස්සයගෙ කට ගෙවෙනකන් පාරෙ අතුල්ලයි කියන බයටම,බය වැඩි කමට එකතැන දරදඩු වේගන උන්න මං මිනාලයා ගාවට ගිහින් හිටගත්තා විතරයි මිනාල් මගෙ දිහා බලාගන උන්නා....

ආදරෙයි කියපු පලවෙනි දවසෙම ගහනවද.....???

චටාස්!!

එක කම්මුල් පාරයි.....මං දන්නවා...ඒකෙ සැරකියන නාමයක් තිබුන් නෑ...පලවෙනි දවසෙම ගහනවද අහපු මිනාලයට මං කන හරහා පාරක් ගැහුවා විතරයි ඌ මගෙ දිහා බලාගන ඉදලා කොන්ඩෙ හදාගන ලගට ආවා...

සිහත් තමුසෙ තවමත් මේ පිලිහිඩ්ඩට වහවැටිලද ඕයි....බලනවා ඕයි කරන නූගත් වැඩ...සරමකුත් ඇදන් ...කොහෙ ගියත් සරම පිටින්....තමුසෙට ඕනෙ මේ වගෙ නූගතෙක්ද ළඟින් යන්ඩ බෑ මාලු ගද..... ආ සිහත්...තමුසෙට මෙච්චර හොද ජීවිතයක් දෙන්න අඩගහනකොට මාලු දැල් අස්සෙ ලගින්න යන්නෙ පිරිමි දැකලා නැතුවද ....නූගතෙක්..අටවත් පාස් නැති මාලු කෑල්ලක් එක්ක තමුසෙ කොහොමද ඕයි තැනකට යන්නෙ....??තමුසෙගෙ ෆැමිලි එක බලනවා.....සිහත් ..මල්වලට කවදද ඕයි නිලමැස්සො වැහුවෙ...ලස්සනම මල් අයිති උනෙ බඹරුන්ට කියන්න තමුසෙ දන්නෙ නැද්ද...

මාව පුපුරන්න තරම් ...මෙච්චර වෙලාම අඩ අඩ උන්න මට දැනුනා කදුලු හැලිලම තෙත් උන කම්මුල් යටින් මට මගෙ ලේ ගොජ ගොජ ගානව දැනුනා...

නූගතා ..පිලිහිඩ්ඩා....කියන්න පුලුවන් බලු කතා ඔක්කොම කිය කිය ඇහේ මූනෙ තියාගන රකින මගෙ සුදු අයියට කියන්න ඕන කතා ඔක්කොම කියපු මිනාලයා මට උගෙ ගාවට එන්න අත දික් කරනවා එක්කම එකපාරම මගෙ පිටට රස්නයක් වගේම ලාවට වගේ කසිංජිය මුහු උන සුවදක් දැනුනා....

වෙන කාගෙන්වත් නෙවෙ....අරකා පිලිහිඩ්ඩා ගගා අපහස කරන මගෙ පෙරාපු රත්තරන් කද වගේ උන්න සමුද්‍රගෙ සුවද...

පාර සැර මදි නැද්ද....ම්ම්ම්... උඹට ගහන්න මිසක්....අතගාන්න කිව්වෙ නෑ...නූගතා උනාට කමක් නෑ...දැනට මේ අත අල්ලන්නම් හරි.....පිලිහිඩ්ඩ තියනවා නම්....ගෙදර ගිහින් හෝදගනින්.....හැබැයි දැනට මට අල්ලන්න දියන්...

.එයා මගෙ අත අල්ලගත්තා...පිලිහිඩ්ඩ තිබ්බොත් ගෙදර ගිහින් හෝදගනින් කියපු එයා මගෙ අතෙ මැනික් කටුව ගාවින් අල්ලන් මිරිකගත්තා....ඒචුට්ටකින්ම මට දැනුනෙ එක තත්පරේකට මාව නූල්සූත්තර රූකඩයක් උනා වගේ හැගීමක් වෙද්දි මං බලාගන මිනාලයව වීසි වෙලා යනවා...අව් කන්නාඩි දෙකෙ පියන් ගැලවිලා සීසිකඩ යනවා ...

චටාස්!!!!

...කම්මුල් පාරක් ....දෙයියනෙ සමුද්‍ර මගෙ අත අල්ලන් ගහල තියෙන්නෙ මිනාලයව වීසි වෙන තරම් කම්මුල් පාරක් වෙනකොට මිනාලයට ගහපු තරහට දයාසිරියා නැගිට්ටා විතරයි සමුද්‍රගෙ එක බැල්මයි.....තොල කටනේවෙ දතකුත් ගැලවෙන්න කාපු දයාසිරියා වීසිවෙලා ගිහින් වැටුන මිනාලව නැගිට්ටෙව්වා....

දෙයියනෙ...ඒකගෙ කට දෙපැත්තකින්ම පුපුරලා මදිවට තොල් හිල්වෙලා ගිහිල්ලා....

උඹ...උඹ....එහෙනම්....මූ එක්ක....එකතුවෙලා...මට..ගැහුවා.....

උඹට මූගෙ මාලු ඒ තරන් රහ වැටුනද....???උඹට තේර්‍ර්‍යි....සිහත්....උඹට තේරෙයි...මගෙ ගාවට නාව එකේ මෝඩ කම....උඹට....තේරෙයි...

මිනාලයගෙ සුදු මූන පුරාවටම මගෙ අත් පාර හිටලා රතුවෙලා ගිහින් තිබුනා...කතා කරන කට අරින වාරයක් වාරයක් පාසාම ලේ පිරුන කෙල ගුලි ගුලි බිමට ගහපු මිනාලයා ආය ආයමත් නූගතා පිලිහිඩ්ඩා කිය කිය මගෙ සමුද්‍රට අපහස කරනකොට මෙච්චර වෙලාම මාව අල්ලන් උන්න අත එයා එකපාරම අතෑරියා...

එයා අතෑරියෙ මගෙ අත උනා...හිතවත දැනුනෙම ගැලවිලා බිම වැටුනෙම මගෙ පපු පදාසෙ ගාන!

උඹට හැමදාම වෙන්නෙ මූ එක්ක මාලු ලෑලි ගානෙ බඩගාන්න...පිනට පයින් ගහන්ඩ එපා සිහත්...මනුස්සයෙක් තෝරගන්නකොට පාරෙබැහැලා යන්න පුලුවන් එකෙක් තෝරගනින්...අටපාස් එකෙක් එක්ක උඹට මොන අනාගතයක්ද?උඹගෙ තාත්තා මේමගෙ පුතාගෙ කොල්ලා කියලා පෙන්නන ඕන මේ පිලිහිඩ්ඩවද .....

කියපන් අමාකර ...උඹට මේ නූගත් පිලිහිඩ්ඩාව අතාරින්න ඕනද....නැත්තන් වෙනස් කරන්න ඕනද.....??සරම ලැජ්ජද...මං මූ වගේ කලිසම ගහලා ලැල්ලට යන්නද ...කියනවා මොකක්ද තමුසෙට ඕන...දැන් කියපන්....පහුවට ඥන් පඥන් ගාන්ඩ එපා.....උඹට මං මුලින් කිව්වා...මූ කියන්න වගේ..මං මූදු කාරයා....නූගතා....ඕන එකක් ඔට්ටුයි මට ...යන්ඩ ඕනා නම්.....කියපන් ..දැන් දෙනවා...උඹට ලැජ්ජ වෙන්න දෙන්න බැරි එකත් මගෙ ආදරෙ කොටසක්....නම්බුව හැමවෙලාවෙම නම්බුව ගැන කියනවනෙ.....මගෙ ආදරෙ කියන්නෙ මේකට...රකින එක රකිනවා ආය ලොවෙත් නැතිවෙන්ඩ හරිය.....හැබැයි...යන්න ඕනා කිව්වොත් ආදරෙ වෙනුවෙන් යන්න දෙන එකත් මං යන්න දෙනවා නම්බු ඇතුව....

මාව ගිනිගත්තෙ නැති ටික විතරයි .....මාව අමුවෙන් පිච්චුවා නම් මීට හොදයි.....දෙයියනෙ සමුද්‍ර ...උඹට හයිය තියනවද බන්....අත්දෙකෙ පරිස්සමට තුරුල් කරගන්න මාව වෙන එකෙක්ට දෙන්න....

මගෙ යටි තොල් වෙව්ලුවා.....අඩලා අඩලම ඉදිමුන ඇස් වලින් උනු උනු කදුලු කැට පෝලිමක් ගලාගන යන වෙලාවක එයා දිහා බලාගන උන්න මං ආයම මිනාල් දිහවට හැරුනා.....තවත් කම්මුල් පාරක සද්දෙ ඇහුනා....

චටාස්!!

ඩෙනිම ගහන වලත්තයට වඩා...සරම ගහන පිලිහිඩි ගද එන නූගතා ගාව සැපයි මට....උඹ කිව්ව ලස්සම මල් අයිති බඹරුන්ට කියලා....ඇත්තට.....එහෙමම් මේකත් අහගනින්....වලත්ත බඹරු ලස්සන මල් වටේ කොච්චර කරක් ගැහුවත් උන්ට රොන්ගන්න තියා පෙති උඩ වහන්නවත් වරම් තිබුන් නෑ...උඹගෙ මහ ලොකු සල්ලිය ගැන කියනවා....පුලුවන් නම්.....එක රුපියලක් දියන්....උඹගෙ මහ එකාගෙ දාඩිය සුවද දැනුන.....තියනවා නම් දැන් දියන්....උඹ නූගතා....උඹයි නූගතා මිනාල්...තමන්ගෙ අත් දෙකෙන් වතුර ඇදල බලපන්....සත්තයි උඹ එක වතුර බිදක් අහක දාන්න දෙන්නෙ නෑ.... මොකද මහන්සියෙ තරමයි එක බිදුවක අගෙයි උඹ ඩ්ගන්නවා.....

පිලිහිඩි ගද...හරි ..උඹට ගදයි....ඒක සාදාරනයි...හැබැයි මට ....මට සුවදයි...උඹට දැනෙන දේ මට දැනෙන්න ඕන කියලා නියමයක් නෑ.....උඹට මගෙ හිතෙ ඉඩක් අදත් නෑ...හෙටත් නෑ...මේ ලෝකෙ ඉන්න අන්තිම පිරිමියා උඹ උනත්....ඒත් නෑ...උඹ මට පුස්සක් විතරයි ..දල ඇතෙක් ලගතියාගන ඉන්න මට.....කැනහිලු අදාල නෑ.....

අනිකා.....උඹ!!

මාව වෙව්ලනවා...මෙච්චර වෙලාම අඩ අඩ උන්න මමම දැන් වෙව්ලනවා...අනෙ අයිය ගගා අඩා වැටි වැටි උන්න මං මිනාලයට තව කම්මුල් පාරක් ගහල එ ආවේගෙන්ම මගෙ සමුද්‍ර දිහා බැලුවා....

අනිකා උඹ.....ලේසිද යන්න දෙන්න....යන්න ඕනා කිව්වොත් යන්න දෙනවා කියන්න තරම් උඹ මොකක්ද කියවන පොත?????ඕන එකක්.....ඕන එකක්ද....හරි....ඕන එකක් ඔට්ටු නම් පෙන්නපන් මන නැති එක විනාඩියක් උඹ ගෙවාගන්න විදිහ....පෙන්නපන්....

මන් බලාගන උන්නා....එයා වෙන කොහෙවත් නොබලා මා දිහා බලාගන ඉන්නවා....ගුටි කාපු දයාසිරිය මූන අල්ලන් මිනාලයගෙ පැලුන තොල බලන්න යනවත් එක්කම මං අහගන මිනාලයා දයාසිරියට බල්ලට වගේ බනින්න ගත්තා....

උඹට පුලුවන්ද ...????

පෙන්නපන්...එක විනාඩියක් මං නැතුව ඉන්න පුලුවන් කියල මාව මෙතනම දාලා ගිහින් පෙන්නපන්...පුලුවන්ද ...

........

බෑනෙ...???උඹට බෑනෙ....සමුද්‍ර හැන්නදිගේ....උඹට පුලුවන්ද බැරිද.....බෑනෙ....

මං සමුද්‍රව හෙලෙව්වා.....ඒත් එයා නෙවෙ වචනයක් කිව්වෙ....ඒ වෙනුවට අර තරහෙන් පිරුන ඇස් වලට යන්තන් හිනාවක් මෝදූවේගන එනවා.....තරහවෙත් දුකෙත් අවසානෙ උන්න මගෙ ඇස් වලින් කදුලක් වැටෙනවා එක්කම මං සමුද්‍රගාවට තව අඩියක් ලන් උනා...

පහත්වෙයන්.....

ම්න්....

මැ රු ම් නො කා ප හ ත් 

වෙ ය න් 

කොපි කරනවද ම්ම්ම්...

පහත් වෙයන්...

හ්ම්....

චටාස්!!!!

මේ පාර උඹ මාව දෙන්න හැදුවට!!!

චටාස්...!!!

...මේ පාර...උඹ මගෙ පන කියන එක මෙච්චර ලේසියට අමතක කෙරුවට

චටාස්!!!

මේ පාර.....නිකමෙක් හන්දා...උඹ...උඹවම...නූගතා....කියලා...හන්වඩු....ගහගත්තට...

කම්මුල් පාරවල්.තුනයි....ඒ කම්මුලට මගෙ අතින් කම්මුල් පාරවල් තුනයි....ඒත් එයා නෙවෙ මොකුත් කිව්වෙ...නැවීගන උන්නා මිසක් එයා නෙවෙමූන හැරෙව්වෙ...හතර වෙනි එක....හැබැයි හතරගහන්න අත ඉස්සුවා විතරයි ....මට ගහන්න බැරි උනා.....යක්සාවේසෙන් පුපුර පුපුර උන්න මිනාලයා බල්ලට වගෙ බැනුම් අහපු මිනාලයා බලාගන ඉන්නකොටම සමුද්‍ර මට රිදෙන්නම හාදුවක් තිබ්බා...මිනාලයගෙ ඇස් පනාපිටම සමුද්‍ර මාව තුරුල් කරගන හාදුවක් නම් වූ බර්මියුඩාවකට මාව ඇදගන ගියා....

නිකන් නෙවෙ මාව ඒ ඇගට කිටි කිටියට තද උන....කොටින්මමගෙ හුස්ම යනකම්ම මගෙ පපුව ඒ පපුවට තද උනා.....මින්ට් රහ යනකම්ම හෝදපන් ගගා මැරෙන්න ගියපු සමුද්‍ර මගෙ යටි තොල් හිල් කෙරුවා.....අවසානෙදි නපුරුම ආදරේකට ලේ රහත් මුහුවෙන යාමෙකදි මගෙ ඇස්වලින් කදුලු කැටයක් ගිලිහෙනවත් එක්කම සමුද්‍ර මාව අතෑර්‍රියා.....අතෑරලා එයාම තුවාල කරපු තොල්පට හිමීට පිරිමැද්දා.....

මැරෙන තාක් උඹ මේ සමුද්‍රගෙ විතරයි .... විතරයි කියන්නෙ කමා නැ.....කෙලින්ම තිතක් විතරයි .ආදරෙ කරන එක කරන්ඩ ඕන ආය ලොවෙත් නැතිවෙන්ඩ....තේරුනාද උඹට ම්ම්ම්....!විදින එකත් විදපන් ලොවෙත් නැතිවෙන්ඩ.....හැබැයි ආදරෙ කරන්ඩ ගත්තම කෙදිරි ගාන්ඩ බෑ හරිය!

..

.

🙂කිස්සෙක දුන්න සමුජ්ජයියා මිනාලයට.....අඩෙ තොට මෙච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන්ද .....මෙතන...!!! Hmmm

More Chapters