Cherreads

Chapter 20 - 20

සත්සිඳු bathroom එකට ගිහින් wash එකක් දාගෙන ඇවිත් ලෑස්ති වුණේ ගාල්ලෙ යන්න. වෙච්චි දේවල් ගැන හරි හැටි හිතාගන්න බැරුව වුණත් කොල්ලගේ හිත අස්සේ තවමත් ඒ දුක හිරවෙලා . සුදු පාට අත් දිග ලිනන් ශර්ට් එකට , ලා නිල් පාට ඩෙනිම් කලිසම ඇඳලා , සුදු පාට sneakers දෙකක් දාලා. කොල්ලගේ මූණ නම් හොඳටම මැලවිලා.

ලොකු තඩි බෑග් එකකුත් අතින් අරන් කොල්ලා එළියට බැස්සේ කාමරේ දොරත් වහගෙනමයි. ඒත් එක්කම අල්ලපු කාමරේ හිටපු දෙනුවර කොල්ලා ඉස්සරහට ඇවිත් හිටියේ පෙරමඟ සුභ නිමිති නංවන්න වගේ වුණත් මේ යන ගමන සුභ ගමනක් නෙවෙයි. පණ වගේ ආදරේ කරපු කිරි අම්මගේ මළගමට යන ගමන කොහොමද සුභ ගමනක් වෙන්නේ?

ඉස්සරහට වෙලා බලාගෙන ඉන්න දෙනුවර ගාවට ගියපු කොල්ලා දෙනුවරගේ අත් දෙකින්ම අල්ල ගත්තා.

" දෙනුවර... "

දෙනුවර යාන්තමට හිනා වෙලා සත්සිඳු දිහා බලාගෙනම උන්නා.

" පරිස්සමින් ගිහින් එන්න සත්සිඳු... පාරෙ යද්දි හොඳට සිහි කල්පනාවෙන් යන්න.. හරිද? පරිස්සමින්... "

දෙනුවර දීපු උපදෙස් ටික හිස් මුදුනින්ම පිළිගත්තා වගේ කොල්ලා යාන්තමට හිනා වෙලා හිස හෙල්ලුවා. හිනාවක් මවලා පෙන්නුවට මොකද ඒ හිත අස්සෙ තියෙන වේදනාව මෙච්චරයි කියලා කියන්න බැරි තරම් බව දන්නේ ඉතින් කොල්ලයි , හිතයි විතරයි .

" මං ගිහින් එන්නම් දෙනුවර... "

එහෙම කියලා තඩි බෑග් එකත් එල්ලගෙන සත්සිඳු මිදුලට බැහැලා යන දිහා දෙනුවර බලන් හිටියේ ඇස් මලානික කරගෙන . සත්සිඳු ගැන හිත අස්සේ ඉපදිලා තියෙන හැඟීම කෙසේ වෙතත් සත්සිඳු මෙහෙම දුක් විඳිනවා බලන් ඉන්න දෙනුවරගේ ඇස්වලට පුළුවන්කමක් නෑ. ඉතින් හිත් වේදනාවක් එක්ක යාන්තමට ඇස් කොණකට ආව පුංචි කඳුළු බිංදුවක් දෙනුවර ඇහි දාර අස්සෙම හංග ගත්තේ කාටවත්ම නොපෙනෙන්න.

ශ්‍රී සුමංගල පාර දිගේ ඉස්සරහට ඇදුණු කොල්ලා පන්නිපිටියට ගිහින් බස් එකකට නැග්ගේ කොටුවට යන්න. කොළඹ ඇවිත් ටික කාලයක් වුණාට මොකද ඒ හැටි පාරවල් ගැන අවබෝධයක් නැති හින්දා කොල්ලා කොහේ ගියත් යන්නේ එන්නේ කොටුවට ගිහිල්ලමයි. සුපුරුදු විදිහට කොටුවට යන බස් එකකට නැග්ග කොල්ලා සීට් එකක අයිනක් අල්ල ගන්න හැදුවට ඒ වෙලාවෙ නම් බස් එකේ හිටපු සෙනඟ කන්දරාව එක්ක සීට් එකක් අල්ලගන්න අදහස එහෙම්මම අත් ඇරලා දැම්මා.

කට්ටියගේ දාඩිය ගඳයි, ගහන් යන perfume වල සුවඳයි ඔක්කොම එකට මුහු වෙලා කොල්ලගේ නහය අස්සෙන් මොළයටත් , මොළය දිගේ හදවතටත් , හදවතෙන් බඩටත් ගිහින් කලින් දවසේ රෑ කාපු චොකලට් බිස්කට් ටික එළියට එන්න හරි හරියට ප්‍රතික්‍රියා කරන්න ගත්තා. එහෙම්මම තද කරලා සීට් එකේ පොල්ලක් අල්ල ගත්තු කොල්ලා ඇස් වහගත්තේ ක්ලාන්ත දාන්න ඔන්න මෙන්න තියෙද්දි.

ඒත් ඉතින් පුරුෂ ශක්තිය හිතට අරන් කාගෙන ඉද්දි සුපුරුදු බහින තැන වෙච්චි තුම්මුල්ලත් පහු වෙනතුරුම සීට් එකක් හම්බවුණු නැති එක ගැන කොල්ලා හිත අස්සෙන් ඩ්‍රයිවර් උන්නැහේටයි, කොන්දොස්තර මහත්තැන්ටයි දෙස් දෙවොල් තියන ගමන් හිටියා.

කොහොමින් කොහොම හරි කොටුවට එන තුරුම හිටගෙන ආපු සත්සිඳු කොටුවෙන් බැහැලා ඇවිදගෙන ගියේ ගාල්ල බස් එකක් හොයාගෙන . වැඩිය මහන්සි නොවී ගාල්ල බස් එකක් අල්ලගත්තු කොල්ලා එහෙම්මම බස් එකට ගොඩ වෙලා සීට් එකක අයිනක් අල්ලගෙන කවුළුව සම්පූර්ණයෙන්ම විවර කළේ හුළං ටිකක් වදින්නත් එක්කමයි.

ඈත ඉසව් වෙත දිව යන හිත හරි වේදනාකාරි වෙන විදිහට මුරණ්ඩු වෙනවා. ඒත් ඒ වේදනාව දරාගන්න බැරි හින්දම කොටුවට පේන නෙළුම් කුළුණේ ඉහළට ඇස් යොමාගෙන වෙන කල්පනාවක් නඟා ගන්න කොච්චර හැදුවත් ඔළුවට එන්නෙම කිරි අම්මව. ඒ අහිංසක ආදරණීය මුහුණ ඇස් ඉස්සරහ පිට මැවි මැවී පේන්න ගනිද්දි හිත වාවන්නෙ නැතුව වැටෙන්න එන කඳුළු ඇස් කෙවෙනි අස්සෙ හංගන්න සත්සිඳු දරන්නෙ ලොකු උත්සාහයක් .

ඒත් ඒ කඳුළු වුණත් හරි මුරණ්ඩුයි ; හිතුවක්කාරයි . ගාල්ල - කොළඹ බස් එකක දකුණු පැත්තේ සීට් එකක අයිනකට වෙලා මෙරුන් පාටට හුරුව බබළන නෙළුම් කුළුණ දිහාවට යොමු වෙච්චි ඇස්වලින් යාන්තමට ගලාගෙන එන කඳුළු බිංදු දෙකක් කම්මුල් දිගේ රූරාගෙන වැටෙද්දි කොල්ලා එහෙම්මම ඇඟිලි අග්ගිස්සකින් පිහදාගෙන ආයෙමත් නෙළුම් කුළුණ දිහාවටම ඇස් යොමු කළා.

Durdans රෝහලේ ඇඳක් උඩට වෙලා ඒ ඇස් බලන් ඉන්නේ අහිංසකයා එන්නෙ කොයි වෙලාවෙද කියලා . නළලේ ගහපු ප්ලාස්ටර් එකයි , අත වෙලපු බැන්ඩේජ් එකයි ඇරෙන්න ඉතුරු බැන්ඩේජ් ටික නම් ගලවලා අයින් කරලා. කකුලේ වෙලලා තිබුණ තැන තව ටිකක් පාට වෙලාද කොහෙද ?

දැන් ටිකක් සනීප වෙන බව මිගාන්ගේ හිත කියනවා. ඩොක්ටර් වුණත් ඇවිත් කිව්වේ ඉක්මනට ටිකට් කපලා ගෙදර යන්න පුළුවන් කියලා නිසා කොල්ලගෙ හිතට හරි සැනසීමයි. ඒත් ඉතින් ඒ ඇස් හොයන්නේ සත්සිඳු මකරන්ද කියන අහිංසකයව.

ජේකබ් උදේම වගේ ආවේ මිගාන්ව බලලා යන්න. බාබු අන්කල් හදලා දීපු බත් එකත් අරගෙන ඇවිත් ජේකබ් හැන්දකින් කවන අතරතුර මිගාන් ජේකබ් එක්ක කතාවට වැටුණා .

" ඊයෙ අරයව ගිහින් දැම්මා නේද බං? "

මිගාන් ඇහුවේ ජේකබ් දිහා බලාගෙනමයි.

" ඔව් සර්, ධර්මපාල විද්‍යාලය ගාවින්ම දැම්මා... "

" පරිස්සමට ගියානේ... "

" ඔව් සර්... "

" මොකෝ කිව්වේ කොල්ලා? "

" එහෙම විශේෂ දෙයක් නෑ සර්.. ඒ සර් හරි අහිංසක පාටයි.. යන එනකන් එකම එක වචනයක් කතා කළේ නෑනේ.. හැබැයි මොකක්දෝ කාරණයක් ගැන දුකින් හිටියෙ කියලා නම් තේරුණා සර්.. පව්... "

ජේකබ් කියපු දෙයින් කොල්ලා හරි හරියට කලබලා වුණා .

" ඇයි.. ඇයි කොල්ලා මොකක්ද කිව්වෙ උඹට? "

මිගාන් ඇහුවේ කලබලෙන් වගේ. නපුරු ගැරඬියෙක් වුණාට මොකද අහිංසකයා ගැන කියද්දි නම් ඒ හිත උණු වෙන්නේ හරි පුදුමාකාර විදිහට .

" එහෙම මොකුත් වචනෙන් කිව්වෙ නෑ සර්.. හැබැයි හරියට කල්පනා කර කර ගියේ.. මොකක් හරි ලොකු දෙයක් ගැන ලොකූ කල්පනාවක්.. සර්ට කියන්න සර්, හරියට ඇඬිලා වගේ... "

" දෙයියනේ.... "

එහෙම්මම මිගාන්ට කියවෙද්දි ජේකබ් ඒ දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඒත් එක්කම ජේකබ්ගේ උකුසු ඇස්වලින් මූණ හංගගත්තු ගැරඬියා අහක බලාගත්තේ හිත ලොකූ දුකකින් පුරවගෙන . සත්සිඳු ඒ විදිහට කලකිරිලා දුකෙන් වගේ යන්න හේතුව තමන් වෙන්න ඇති කියලා ඒ හිත මුමුණන්න මුමුණන්න කොල්ලට තවත් හිත් වේදනයි.

උදේට කෑමත් කාලා ඉවර වෙලා මිගාන් ටිකක් නිදා ගත්තේ මඟ බලන් ඉන්න ඇස්වලට ටිකක් විතර වෙහෙස හින්දමයි . සත්සිඳු කොයි වෙලාවක හරි ඒවි කියන බලාපොරොත්තුව කොල්ලගේ හිතේ කොණක තැන්පත් වෙලා තියෙද්දි එහෙම්මම ඇස් පියාගෙන ඉඳලා පැය දෙක තුනකට විතර පස්සෙ ඇස් පියන් විවර කරලා බැලුවත් සත්සිඳු ඇවිත් හිටියේ නෑ.

කොල්ලගේ හිත කොච්චර නපුරු වුණත් ඉතින් අහිංසකයා එනතුරු ඒ ඇස් මඟ බලන් ඉන්නවා. ආදරේ එහෙමයි ඉතින් . කොච්චර නපුරු හිතක් වුණත් ආදරේ කියන පුංචි වචනේ හින්දා වෙනස් වෙන අපූරුව.

සත්සිඳු ඒවි කියලා බලාපොරොත්තු වුනාට මොකද ආවෙ නැති එක ගැරඬි හිතට නම් ලොකු දුකක්. මොකද දැන් එයි දැන් එයි කියලා දහසකුත් බලාපොරොත්තු එක්ක මඟ බලාගෙනනේ හිටියේ. ඉතින් දුක හිතෙන එක අහන්නත් දෙයක් ද?

' අනේ.. ඔයා එන්නැද්ද අහිංසකයෝ? මං බලන් ඉන්නවා කියලා දන්නවනේ ඔයා.. ඉතින් ඇයි දරුවෝ පරක්කු? '

සත්සිඳු එනතුරු බලන් ඉන්න ගැරඬියගේ හිත මුමුණනවා . ගෙවෙන හැම තත්පරයක් ගානෙම ඒ ඇස් හොයන රුව වෙනුවට එක පාරටම මතු වුණේ වෙන රුවක්.

" ohh my handsome.. මොකක්ද ඩිනෝ ඔයාට වුණේ ? "

ආපු ගමන්ම කොල්ලව බදා ගන්න ගමන් ක්ලෙයාරා තොම්සන් ඇහුවේ ලෙඩ දුක කෙසේ වෙතත් තවත් සල්ලි කුට්ටියකට විදින්නේ කොහොමද වගේ අදහසකින්.

" පොඩි accident එකක් ක්ලෙයාරා.. no problem.. "

කොල්ලා යාන්තමට හිනා වෙලා උත්තර දුන්නා . කොල්ලගේ හිත ඒ මොහොතෙත් කියන්න ගත්තේ කරපු වැරදි පස්සෙන් පන්නනවා වගේ කතාවක්.

' මේවා ඉතින් මගෙම වැරදි.. කොහෙද මටත් ගාය වැඩියිනේ.. දැන් ඉතින් මේ නරි නාටක බලන්නත් එපැයි.. රෙද්ද.. කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ... '

කොල්ලගෙ හිතත් එක්කම කොල්ලා දොඩමළු වෙද්දි ක්ලෙයාරා ආයෙමත් කොල්ලව බදාගත්තේ නළලේ හාදුවක් තියන ගමන්. ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉන්න කොල්ලා ක්ලෙයාරා දිහා බලන් හිටියේ රූකඩ තොරණක් දිහා බලන් ඉන්නවා වගේ. ඉස්සර දවස්වල ඇඳන් උඩ පහස ලැබුවට මොකද දැන් දැන් නම් මිගාන්ට ක්ලෙයාරාව පේන්න බැරි තරම්.

ක්ලෙයාරා වුණත් තමන් ගැන තියෙන හැඟීම සල්ලි නිසා තියෙන ලෝභකමක් මිස ඇත්තම ආදරයක් නොවන බව කොල්ලා දන්නවා.

" ඉතින් handsome , බලන්නකෝ ඔයා හරියට කළු වෙලානේ.. ගෙදර ගිය ගමන් ආයෙමත් ජිම් යන්න ගන්න.. නැත්නම් ඉතින් මගෙ handsome කොල්ලගෙ body එක අවුල් යයි.. හරිද?"

ක්ලෙයාරා ඔහේ කියවගෙන කියවගෙන යද්දි මිගාන් යාන්තමට හිනා වී ගෙන බලා උන්නා විතරයි . ක්ලෙයාරගේ කියවිල්ල අහන් ඉඳලම මිගාන්ගේ කන් දෙක පිරිලා ගිහින්. ඒ මදිවට ඔළුවේ කැක්කුමක් ඇවිත් දෙගුණ තෙගුණ වෙලා ගිහින් .

පැයක් විතර මිගාන් හිටපු hospital room එකේ එහෙ මෙහෙ කියව කියව ඇවිදිමින් හිටපු ක්ලෙයාරා යන්න පිටත් වුණේ sunglasses දෙකත් දාගෙනමයි.

" බලන්නකෝ my handsome.. අද මට මිස්ටර් කොතලාවලගේ ෆිල්ම් එකේ ශූට් එකක් වැටිලනේ.. අනේ මට යන්න වෙනවා ඩිනෝ.. කමක් නෑනේ.. මං ගිහින් එන්නම් හරිද? "

එහෙම්මම කියලා කොල්ලගෙ නළලත් සිප ගෙන අඩියට දෙකට එළියට ගිය ක්ලෙයාරා දිහා බලාගෙන මිගාන් ලොකු හුස්මක් අරන් පහත හෙළුවා. ඒක නම් කොල්ලට ලොකූ සැනසීමක් . ක්ලෙයාරා කියන්නේ කොල්ලගේ භාෂාවෙන් නම් මලම මල දානයක්.

' අප්පේ ඇති යාන්තම්.. කියලවත් කරගන්න බැරි දෙයක්.. '

ක්ලෙයාරා ගියාට පස්සෙ කොල්ලගේ හිත මුමුණන්න වුණා . ජේකබ් ආයෙමත් කාමරයට ආවේ ක්ලෙයාරා ගියාට පස්සෙයි.

" ගියාද බං? "

මිගාන් ඇහුවේ ජේකබ් දිහා බලාගෙන .

" අර ගියේ.. අනේ මන්දා සර්.. "

" ඕවා මංම දාගත්තු වාත පීප්ප බං.. දැන් ඉතින් මංම විඳවන්න ඕනි.. මල කරුමයක් බං මේ ගෑණි දැන් නම්.. "

මිගාන් කියන දේවල් අහන් ඉඳලා ජේකබ්ට හිනා.

" ඇයි උඹ හිනා වෙන්නේ? "

" සර්.. සර් ඉතින් ඉස්සර ඔය කතා නෑනේ... "

මොනා වුණත් ජේකබ් කිව්වේ නම් හරි කතාවක්. ඉස්සර දවස්වල ක්ලෙයාරා එක්ක අරහෙ මෙහෙ යද්දි නම් මිගාන් වුණත් හරි ආසාවෙන් ගියේ. ඒකට ඉතින් දැන් දැන් ක්ලෙයාරා දෙන වදේ ඉවසගන්න බැරි තැනම කොල්ලට ක්ලෙයාරාව ඇස් දෙකට පේන්න බෑ.

" අනේ හුත්තෝ.. ඒ කාලෙ යමක් සිද්ධ වුණා තමයි.. ඒත් එහෙම කියලා මට හැමදාමත් අතීතේ එල්ලිලා ඉන්න බෑනේ.. මටත් ආදරයක් ඕනි.. මං දන්නවා මේ ගෑණි මට ආදරේ නෑ.. මේකි ආදරේ මගෙ සල්ලිවලට.. දැන් නිකන් බබා වගේ act කරනවා තව ගාණකට විදින්න... "

කොල්ලා කිව්වෙ කේන්තිය මුසු වෙච්චි කලකිරීමක් එක්ක බව තේරුම් ගත්තු ජේකබ් එතනින් එහාට එකම එක වචනයක්වත් කතා කරන්න ගියේ නෑ. ඔහේ බලන් ඉන්න මිගාන් ගාවට ගිහින් නළල පොඩ්ඩක් අතගාලා බැලුව ජේකබ් බැන්ඩේජ් එකේ තිබුණ රතු පාට lipstick පැල්ලම ඇඟිල්ලෙන් පිහ දාලා දැම්මා.

" මොනාද බං? "

" සර්ගෙ කෙරුවාවල් තමා.. මෙන්න අරයා හාදු වැස්සක්ම වස්සවලා ගිහින් බැන්ඩේජ් එකෙත් එක්ක... "

ජේකබ් කොල්ලට ඇණුම් පදයක් වගේ කියද්දි කොල්ලා නළලේ බැඳලා තිබුණ බැන්ඩේජ් එක අතගාලා බැලුවා. එච්චරම නැති වුණත් පුංචි lipstick පාරක් බැන්ඩේජ් එකේ වැදිලා තිබුණා දැක්කම කොල්ලට ආවේ පුදුමාකාර කේන්තියක් .

" රෙද්ද.. මට නම් එපා වෙනවා මේ ගෑණිව ඔන්න... "

කොල්ලා කිව්වෙ දත් මිටි කන ගමන්. ජේකබ් ආයෙමත් තද කරන් හිටපු හිනාවක් බකස් ගාලා පිට කරද්දි කොල්ලට තවත් කේන්තියි.

" අනේ හුත්තෝ හිනා වෙන්න නෙවෙයි.. අර කොල්ලට මොකද වුණේ බලපන් ගිහින්.. "

මිගාන් කිව්වේ කේන්තියෙන් .

" ඌ පරිස්සමට ඇති සර්... "

" ජේකබ්... කියන දේ කරපන්... "

ගැරඬියට හොඳටම කේන්ති ගිහින්. රෝහලේ ඇඳ උඩ ඉඳගෙන බෙරිහන් දෙනවා. කොල්ලගේ ඔළුව එකම අවුල් ජාලයක් වෙලා. එක පැත්තකින් ක්ලෙයාරා තොම්සන් ඇවිත් කොල්ලගේ ඔළුව කාලා හිත අවුල් කරලම යනවා. තව පැත්තකින් සත්සිඳු නැති නිසා හිතට වද දෙනවා.

කොහොම වුණත් ආදරේ කරන්න ගත්තු දා ඉඳන් සත්සිඳු ගැන ඒ හිත වද වෙන තරම දන්නේ ඒ හිතේ අයිතිකාරයා විතරමයි . නපුරු වුණත් ගැරඬියට තියෙන්නෙත් හිතක්නේ ඉතින්. දැන හෝ නොදැන හෝ ඒ හිතේ හිර කරන් ඉන්න උතුරලා දෝරේ ගලන් යන ආදරේ ගැන සත්සිඳු වචනයක්වත් කතා කරන්නෙ නැති එක ගැන කොල්ලට හරිම දුකයි.

මිගාන්ගේ අණ ලැබුණු වහාම ජේකබ් ඉක්මනින් රෝහලෙන් පිට වෙලා ගියේ සත්සිඳු හොයාගෙන . දැන් ඉතින් කොයි ලෝකෙන් හරි සත්සිඳු හොයාගෙන එන්නම වෙන බව දන්න හින්දා ජේකබ් ක්ෂණයකින් වාහනෙත් අරන් පිටත් වෙලා ගියේ රැජින පාරේ තිබුණ Daily Lanka පුවත්පතේ ප්‍රධාන කාර්‍යාලයට . ඒත් එතන කොල්ලා හිටියේ නැති නිසා ජේකබ් ආයෙමත් වාහනේ අරන් පන්නිපිටිය බලා ගියේ ඉගිල්ලිලා යන්න වගේ.

ගත රෝහලේ ඇඳක් උඩ තිබ්බට මොකද හිත තිබුණේ සත්සිඳු කියන අහිංසකයා ගාව. ආදරේ මෙච්චර වේදනාවක් ද කියලා ඒ හිත හරි හරියට කල්පනා කරන්න ගත්තේ පපුව කොණකින් ඇවිලී ගෙන එන වේදනාව දරාගන්න බැරි හින්දමයි. හරියට පපුව හූරනවා වගේ වේදනාවක් හිතේ පිරෙන්නේ එයා ආව නැති නිසා බව කොල්ලගේ හිත වුණත් කියනවා. ඉතින් තවමත් කොයි යම් හෝ මොහොතක එයා ඒවි කියන බලාපොරොත්තුවෙන් ඒ ඇස් මඟ බලන් ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කළේ නෑ.

හිත හරියට පාළු කාන්තාරයක් ගානයි. මුළු හිතම පාළුවට ගිහින්. කාත් කවුරුවත් තනි නොතනියට නෑ. ආදරේ කරන එයත් ළඟ පාතක නෑ. කොල්ලට හරි පාළුයි. දරාගන්න බැරි තනිකමකින් මුළු හිතම වෙලා ගනිද්දි කොල්ලා phone එකත් අතට අරන් you tube එක පැත්තේ ගියේ හිත නිවාගන්න පුළුවන් විදිහේ පද ටිකකට සවන් දෙන්න.

සියුම් ඉරි ගිය තුරුණු ළය මත

රිදෙන තැන් මිය ගිය ද ප්‍රේමෙන්

නුඹේ මතකෙන් තෙමීයයි නෙත

තිමිර සෘතුව නිමා කරමින්

කලින් සෘතුවේ අපි රැඳුණු තැන

මතක මල්පෙති බිමට ඉසිමින්

අවාරයේ පිපි මලට ලං වී

සුවඳ විඳගනු සිනා සලමින්

මේ වසන්තයෙ දී

සඳට ලං වී තනි මැකූ තරු

කඩා වැටෙනා දිනෙක අහසින්

සුසුම් කැටියම සඟවමින් ඉඳ

පිරිමි හිතකට හෙලනු රහසින්

මේ වසන්තයෙ දී...

එහෙම්මම ඒ ඇස් පියවුණේ සුව නින්දකට ඇරයුම් කරන්න ගිහින් අවසර ලැබුව ගාණට. ඒ හදවතෙත් සියුම් ඉරි ගිහින් . ඒ පැළුනු තැන් සුව කරන්න නම් අර අහිංසක ඇස් මේ හිත ළඟ මොහොතකට හරි දැවටෙන්න ඕනිමයි. ඉතින් ඒ ඇස් පියවුණේ නිකන්ම නෙවෙයි ඒ බලාපොරොත්තුවත් එක්කමයි .

මීළඟ කොටසට ...

More Chapters