Cherreads

Chapter 66 - 66

ඒක හීනයක් නෙවෙ ...ඒක හීනයක් නෙවෙ.....

පිටතින් ඇහුන ගෑනු කටහඩ වගේම මගෙ ගාව උන්න භෛරව් සැරින් සැරේම මගෙ ඔලුව අත ගගා ඒක හීනයක් ඒක හීනයක්....නිකන් නෙවෙ ඒක හීනයක් වස්තුව ගගා මගෙ හිත රවට්ටනකොට මට අග්නිව මතක් උනා....

මගෙ යටි තොල උඩු තොල වෙව්ලන්න ගත්තා...

මට කියපන් භෛරව් ....මට කියපන්...මාව මරන්න තරම් අර ගෑනිගෙ හිතට තරහවක් ආවෙ....ඒකිගෙ දුව මගෙ අග්නිට ආදරේ කරලද...??

මගෙ අග්නි ඒකිට බලාපොරොත්තු දීලද...

මගෙ අග්නි අතින් ඒකි අනාත උනාද...

මනුස්සයෙක් මරන්න තරම්.....මනුස්සයෙක් මරන්න තරම් හිතට වෛරයක් එන්න එසේ මෙසෙ වරදක් නෙවෙ වෙන්න ඕනා කරලා තියෙන්නෙ.... ...මට කියපන් භෛරව්....මාව තවත් අසරන කරන්න එපා...

මම භෛරව්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා ...එලියෙ උන්න ගෑනි මහත්තයා මහත්තයා ගානකොට මගෙ ඔලුවට බලෙන් හීනයක් කියලා වෙච්ච දේවල් ඔබන්න හදපු භෛරව්ගෙ කොලර් එකෙන් අල්ලගත්තු මම එයාව හෙලෙව්වා....අග්නිගෙ රූපේ පේන තෙක් මානෙකවත් නැතිව යනකොට මට තවත් දරාගන්න බැරි උනා.....

මාව තරහව....වේදනාව....වගෙම ඊරිසියාවෙ අන්තෙ දරා ගන්නම බැරි තැන මාව මැරෙන්න එනකොට දොරෙන් එපිට උන්න ගෑනිව මරලා දාන්න තරම් කේන්තියෙන් මම අඩි හප්ප හප්ප දොර ගාවට ගිහින් මම දොර ඇරියා.....

මහත්ත...යා.....

ඇයි...??

මේක...මේක....ක්ලීන්

දැන් ඕන නෑ...අනික මේක ක්ලීන් කරන්නෙ දැන්ද.....?? වෙලාව කීයද...මගෙ කැබින් එක අනිත් දවසෙ මොකෙක් වත් ක්ලීන් කරන්න ඕණ නෑ මමම කරගන්නම්...ඇහුනනෙ....මමම කරගන්නම්.....

දඩා....ස්ස්ස්!!!!

දැන් කියපන් භෛරව් ...දැන් මට කියපන්....මාව මරාගන්න තරම්.....ඒකි අග්නිට කොයි තරම් ආදරේ කෙරුවද...මාව මරන්න තරම් තරහවක් එන්න මම උන් දෙන්නගෙ මැදට ආවද...????.උත්තර දීපන් කාලි භෛරව් ....!!!!

දඩාස් ගාන සද්දෙන් දොර වහල දාපු මම ඊලග පාර මේසෙට ගගහා කෑගහනකොට කාලි බලන් උන්නා...කාලිගෙ ඇස් දෙක වෙනදා වගේම හීනි වෙලා ඇහිබැම ඇකිලිලා තියනකොට එයා පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා ...

" දෙයක් අහන්නම්....මට අවංක උත්තරයක් දෙනවද...??"

මොකක්ද....මොකක්ද මම උඹට දෙන්න ඕනා උත්තරේ...මට කියපන්.....

........

මට කියපන් කාලි....මට කියපන්...උඹලා මාව හෙම්බත් කරනවා.....උඹලා දෙන්නම මට නොසෑහෙන්න රිදවනවා...මගෙ ඇස් දෙකෙන් දැකපු දේ උඹ හීනයක් කරන්න හැදුවා .....ඒත්....ඒක හිනයක් නෙවෙ කියන්න මට හොද සිහිය තිබුනා....ඉස්සරහට ගියපු ඔරලෝසු කටු ආපහු පස්සට ගිය හැටි මම දැක්කා...මට හොද සිහිය තිබුනා කාලි.....මට කියපන්.....මට කියපන්...

........

උඹ මට කියනවද....නැද්ද...??

" කියන්නම්..."

කියපන්.....තවත් මාව පිස්සෙක් නොකර කියපන්...

මම ඇස් වලින් කදුලු හැලුවා...වේදනාවට වඩා තරහව දරාගන්න බැරි කමට මට මේසෙට ආයම පාරක් ගැහුවා...ගහලා එයාගෙ මූන දිහා ඇස් පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....

" උඹ නෙවෙ අග්නිගෙ පලවෙනි ආදරේ කිව්වොත්....දරාගන්න පුලුවන්ද ??"

මගෙ හුස්ම නැවතුනා...මෙච්චර වෙලාම කෑ ගහපු මගෙ කටහඩ නැතිවෙලා ගියා.....මම නෙවෙලු අග්නිගෙ පලවෙනි ආදරේ.....??....එතකොට ...එතකොට ...එයා කිව්වෙ...

" උඹට දැන් දරාගන්න පුලුවන්ද .....උඹ නෙවෙයි අග්නිගෙ පලවෙනි ආදරේ කිව්වම.දරාගන්න පුලුවන්ද ...???."

මම වචනයක් නොකියම බලන් උන්නා...මම නෙවේලු...මම නෙවේලු...මම නෙවේලු අග්නිගෙ පලවෙනි ආදරේ...මම එහෙම්ම බිත්තියට වාරු උනා.....එයා කියනවා මම නෙවේලු...එතකොට මගෙ අග්නී...මට බොරු කරලා.....මට ....

"ඒත් ඒකි අග්නිව රැවැට්ටුවා .....ඒකි සහමුලිම්ම අග්නිව රැවැට්ටුවා ....."

........

" අග්නි ආදරෙ කෙරුවා ...ඒක ඇත්ත...හැබැයි....අග්නි කවදාවත් උඹ එක්ක තරම් දුරක් ගියේ නෑ....."

........

" අග්නි උඹට තරම් ඒකිට ආදරේ කෙරුවෙත් නෑ...."

.......

" ඒකිගෙ රැවටීම අතටම අහු උනාට පස්සෙ...එතනින් එහා තව මොනවද....???"...

මෙතනිනුත් එහා තව මොනවද අග්නි මගෙන් හංගලා තියෙන්නෙ...??

මම දත්මිටි කෑවා....අඩන්න ඕනා තැන අවසානෙදි මම දත්මිටි කෑවා.....මට කලින් උනත් මම දත්මිටි කෑවා...

මම අහන්නෙ...මම නොදන්න.තවත් මොනවද.අග්නිගෙ තියෙන්නෙ.....උඹ කියනවා දුරක ගියේ නෑ කියලා .....හෙට අනිද්දම ඒ ගෑනි ආයම ඇවිදින් කිව්වොත් අග්නි අතින් ඒකි ගැබ්බර උනා කියලා ...

"වචන ප්‍රවේසමෙන් ...උඹ වෙනුවෙන් ඌ නොකරපු දෙයක් නෑ .....එහෙව් එකාට ඇගිල්ල දික් කරන්න කලින් උඹගෙ පැත්ත ගැනත් හිතපන් ....නැත්තන් මටත් අනක් ගුනක් නොතියම ඔය බෙල්ල අනිත් අතට කරකවන්න හිතෙයි...."

කාලිගෙ මූන වෙනස් උනා....හිතේ තිබුන වේදනාවට මම කටට එන ඔක්කොම එලියට දානකොට කාලිගෙ මූන වෙනස් වෙලා ගියා.....එයා මට සැර කෙරුවා ....ඒත් මම නෙවෙ සැර බාල කෙරුවෙ.....මට දැනුනෙ දරාගන්න බැරි ඊරිසියාවක්....මට දෙන ආදරේම ඒකිටත් දෙන්න ඇතියි කියලා හිතෙනකොට මාව ගිනිගන්න ආවා.....මං එක්ක තරම් දුර නොගියා කිව්වට....හාදුවක් උනත් දෙන්න ඇති...ඒකත් මට දෙනවා හා සමානවම පුදුම තරම් ආදරනීය ඇති කියලා හිතෙනකොට මට අග්නිගෙ බෙල්ල මිරිකලා මරලා දාන්න හිතුනා....කොටිම්ම අග්නි කියන්නෙ මගෙ මගෙ මගෙ..මගෙ...මගෙම විතරයි කියන එක මගෙ ඔලුවට පපුවට නොසෑහෙන්න වද දෙනකොට මම ආයම කාලි භෛරව් ගාවට ගියා....

ඒකි පන්නන්න හේතුව මේකයි කියලා ඇයි මට නොකිව්වෙ...මම නෙවෙ අග්නිගෙ පලවෙනි ආදරේ කියලා ඇයි නොකිව්වෙ.....කාලි....උඹ හදන්නෙ අග්නි මට ඒක නොකියා උන්නෙ මගෙ හිත රිදෙයි මට දරාගන්න බැරි වෙයි කියලා හිතලා වගේ තොත්ත කතාවක් කියන්න නම්...වචන ඉතිරි කරගනින් වෙන මොනවා හරි කියන්න...ඇයි මට කියන්න බැරි උනේ.....අග්නි කියන්න ඕන දෙයක් උඹ ලව්වා කිව්වෙ මොකටද...මට කියපන්....මට පිස්සු හැදෙන්න කලින් මට කියපන්...

"උඹ චන්ඩ වෙලා .....ඉතින් මේ හැසීරිම් දැන් දැන අග්නි උඹට කියාවිද...""?

මම ආයම මේසෙට පාරක් ගැහුවා.....මාව මරන්න හේතුව ...මං ගැන තරහා ඇති වෙන්න හේතුව දැන් දැන් දැනගත්තු මම වෙව්ලුවා....ඒකි අග්නිව රැවැට්ටුවා ....අග්නි ඒකි එක්ක දුර ගියෙ නෑ....අග්නි මට තරම් කාටත් ආදරෙ කරලා නෑ කියන වචන තනිකරම පුස් වචන ගොඩක් වෙනකොට මට පන තියන එකම වචනෙ විදිහට දැනුනෙ අග්නිගෙ පලවෙනි ආදරෙ මම නෙවෙ කියන වචනේ විතරක් වෙනකොට මම ආයම භෛරව් ගෙ පැත්තට හැරුනා....

ඒකිගෙ නම කව්ද....මොකීද ඒකිගෙ නම....කුවන්නගෙ මහ ලොකු දෝනියන්දගෙ නම මොකක්ද.....

" උඹ ඉන්නෙ තරහවෙන්..."

ඔව්....තරහවෙන් ....මාව දැන් දැන් පුපුරලා යන තරම් තරහවෙන් මම ඉන්නෙ....කියපන්.....ඒකිගෙ නම මොකක්ද....???

" උඹට මොකටද දැන් ..."

ඇයි....මට ඕන නැද්ද....???

" අග්නිගෙ අඹු සිගිත්ත.....උඹ හදන්නෙ නිස්කාරනේ තරහා අරන් මැරුන් කන්න නම්...උඹ මේකත් කල්පනා කරලා බලපන්...ඒකිව නොදැක උඹ මේ තරන් නහිනවා නම්.....උමතුවෙන් ආදරේ කරන උඹ වෙන එකෙක් එක්ක දීග කනකොට ඌ කොච්චර පිච්චෙන්ඩ ඇතිද....උඹ අප්පෙක් වෙන කොට ඌ කොච්චර පිච්චෙන්ඩ ඇතිද...???එහෙම බැලුවම.....ඌද පව්...උඹද පව් ශිවන්....????"

මම බිම බලාගත්තා ....එයා හරි .....එයා හරියටම හර්....එයා කියන්නෙ ඇත්‍ත....එයා කියන අකුරක් ගානෙම ඇත්ත.....ඒත්...අග්නිට මම ආදරේ කරන්නෙ උමතුවෙන් වෙනකොට ....මම ඇරෙන්න තව එකෙක්ට ඒ හිතේ කොනකවත් ඉඩක් නැති බව ඕනාවටත් වඩා දන්න මම ඒත් ඊරිසියාවෙ පුපුරන්න ගත්තා...ඒත් නහින්න හැදුවා ....මම.කැමති උනේ නෑ.....ඒ ආදරේ කලින් කවුරු හරි වින්දා කියන්න.....මම කැමති උනේ නෑ.....අග්නිගෙ දරන්න බැරි ආදරේ වෙනකාට හරි දුන්නා කියන එක අහන්න...කොටිම්ම....අග්නි කියන්නෙශිව වෙනුවෙම්ම මවපු අමනුස්ස පරානයක් ඇර වෙන උන්ට බලන්නවත්.අයිති නැති වස්තුවක් කියලා හිතන් ඉන්න මම ආය ආයම දත්මිටි කෑවා...

...කාලි....

"ම්ම්....."

ඒකිගෙ නම කව්ද...??

" ඇයි..."

මම උඹගෙන් ඇහුවෙ ප්‍රශ්නයක් මිසක් ආපිට මගෙන් ප්‍රශ්නයක් අහන්න කියන එක නෙවෙ....උත්තර දීපන්....මම අහන්නෙ ඒකිගෙ නම මොකක්ද ???

"කාවේරී....."

වෙසඟන...

"උඹ චන්ඩයෙක් ....."

හිතේ පැසවන ඊරිසියාව කොයි තරම්ද කියනවා නම් මට ඒකිගෙ නම ඇහෙනවත් එක්කම වෙසඟන කියන වචනෙ කටින් පිට උනා...අග්නිගෙ පිස්සු වැටෙන ආදරෙ මට විතරක් කියන්න කොයිතරම් උඩප්පරන් ගැහුවත් මම පුපුරන්න හැදුවා ...

උඹ මට කියනවා මමත් වෙන එකියෙක්ගෙ වෙනකොට අග්නි බලන් උන්නා කියලා ....ඒත්....මාව නිස්කාරනේ මැරිලා යන්න හේතුව ඒකි වෙනකොට ....මම වාවගන්නෙ කොහොමද භෛරව් ....???කොච්චර උනත් මට වේදනා නැතිද ....

"උඹට දරා ගන්න අමාරුයිනේද ??"

ටිකක් නෙවෙ.. නොසෑහෙන්න...මගෙත් එක්ක වගේ ඒකි එක්ක දුර නොගියා කිව්වා උනත්....ඒකි පන්න පන්න එන්නෙ මගෙ අග්නිට තවමත් ආදරේ හින්දා නේද .....??

"සමාව දෙන්න පුලුවන් වැරදි තියනවා බැරි ඒවා තියනවා .....ඒකි වෙන ඒකෙක් එක්ක නිදිවදින එක ඇස් දෙකට දැක්ක දාම ඌ උගෙ ආදරේ එතනම මරලා දැම්මා ....ඉතින් ආදරේ කරනකොට වරදින තැන් නැද්ද අග්නිගෙ වස්තුව ...."

ඒත්....අග්නි අතෑරියට.....ඒකි පන්න පන්න එන්නෙ ඇයි භෛරව් ....ඒකි පන්න පන්න එන්නෙ ඇයි...???

"වැරදි එකාට එච්චර ආදරේ කරපු එකා හරිම එකාට ආදරේ කරන තරම ඉවසගන්න බැරිව .....උඹ හිතනවද සක්කරයගෙ පුතා වයිමා ආවත් උඹගෙන් ඌව අයින් කරන්න පුලුවන් කියලා .....අඩුම ඌටවත් බෑ උඹෙන් ඈත් වෙන්න එහෙව් එකේ කොහෙවත් යන එකියක් ගැන හිතල ඇයි උඹ හිත නරක් කරගන්නෙ..."

මෙච්චර වෙලාම ආවෙසෙන් උන්න මාව කාලි ටික ටික නිවන්න හැදුවා කොච්චර කොහොම උනත් අරකිගෙ නම මගෙ හිත ඇතුලෙ එහ මෙහා වෙනකොට මට අග්නිව හමගහන්න හිතුනා ..උඹ ඒකිවත් බදාගන්න ඇති නේද අහ අහ ගහන්න හිතුනා ....

භෛරව් .....කවදාවත් කාටවත් ආදරේ කරලා නැද්ද ...

මම භෛරව් ගෙන් ප්‍රශ්නයක් ඇහුවා ..එයා ඒ ඔක්කොම තියාගන ඇහුන් නෑ වගෙ ඉදන් මගෙ අවුල් වෙලා තිබුන කොන්ඩෙ හැදුවා ....ඇදුම හැදුවා ...කුටු කුටු ගෑවා...

භෛරව් ....මට කියපන් උඹ කවදාවත් කාටත් ආදරෙ කරලා නැද්ද භෛරව් ....නැත්තෙ නෑ....උඹ කොච්චර මට කලබල වෙන්න එපා කිව්වා උනත්....මං විදින ආදරෙ මට කලින් තව එකෙක් වින්දා කියලා දැනගත්තම මට තරහා නොයා තියේවිද භෛරව් ...මට ඊරිසියා නොහිතෙයිද භෛරව් ....මට හීනෙකින් වත් අග්නිව වෙන එකෙක්ගෙ කියන්න බෑ භෛරව් .....මට බෑ ..කොටිම්ම මට බෑ....මට බෑ භෛරව් ....අග්නි මගෙ....මගෙ කියන්නෙ මගෙ විතරමයි...

මගෙ හුස්ම හිරවෙනවා.....

"උඹ තවමත් තරහෙන්නෙ ඉන්නෙ ....ඉතින් හුස්ම හිර නොවී තියේවිද ....උඹ නහින්ඩ හදපු හන්ද කිව්වා මිසක් මම උඹට කියන් නෑ....."

මම එයා ගාව හිටගන කියවලා කියවලා අවසානෙදි කට පියා ගත්තා ..ඒත් මං දන්නවා...අග්නි ආව ගමන් මට ආය ආයම තරහා යාවි....මගෙන් හංගපු එකට මං රන්ඩු කරාවි ....ඒත් මේ ඔක්කොටම හේතුව අග්නිට මං පිස්සුවෙන් ආදරේ කරන එක නෙවෙද ...අග්නි මට පිස්සුවෙන් ආදරෙ කරන එක නේද .....

භෛරව් .....

මං ආයම භෛරව්ට කතා කෙරුවා ...එයා හැම වෙලේම මං කියපු අකුරක් නෑරම අහන් උන්නා .....

භෛරව් ....ආදරේ කරන මිනිස්සුන්ට හුස්ම හිර වෙනවා...උමතුවෙන් ආදරේ කරන උන්ගෙ හුස්ම හිර වෙනවා .....ආදරෙකට පුලුවන් භෛරව් හුස්ම හිර කරන්න...නැතිවෙලා යයි....එයා නැති උනොතින් .....එයා නැතුව මට ඉන්න උනෝතින් කියන දේ මිනිස්සුන්ගෙ හුස්ම හිර කරවනවා....

දන්නවද භෛරව් ....මගෙ ආදරෙ අස්සෙ හැගීම් උතුරනවා ...වෙන මිනිස්සු ....මට අයිති නොවුනත් ....කොතනක හරි සතුටින් ඉදපන් කියලා ප්‍රාර්තනා කෙරුවත් ...මට ඒ තරම් දෙයක් හිතන්න කොහොමත් බෑ භෛරව් ...මගෙ වෙන්න බැරි නම් වෙන කාගෙවත් වෙන්න බෑ කියන ආත්මාර්තකාමී හැගීමක් ඇරෙන්න මට කවදාවත් අග්නිව දෙන්න බෑ.....

ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් ...ඒත්....මට මගෙ අග්නිව දෙන්න තරම් කොතනක වත් මට වෙස්සන්තර නම් වෙන්න බෑ භෛරව් ....මට වේදනයි ...ඇයි මගෙන් හැංගුවෙ කියන එක .....ඒකි තවමත් පස්සෙන් පන්නවා කියන එක මට වේදනාවක් ඇති කරනවා භෛරව් ....

"උඹ කොච්චර දුක් උනත්.....අග්නි අයිති උඹට විතරයි ...ඉතින්...දැන් ඔය අඩන එක නවත්තපන් අග්නිගෙ මැනිකෙ....."

නෑ මං අඩන් නෑ...ඒත් මේ පපුව රිදෙනවා .....

මම ඔහේ ශීට් එක උඩ වාඩි වෙලා උන්නා .....වෙනදට සියපාරකට වඩා කතා කරන මිස්ටර් සමරවීරට අද මාව අමතක වෙලා ගිහිල්ලා ...වෙනදට නිවනක් නැති ඵෝන් එකට අද නිවාඩු හම්බෙලා ......

"අග්නිගෙ වස්තුව .....දැන් ඔය ඇති උඹ කල්පනා කෙරුවා ...පරන දේවල් හිත හිත නහින වෙලේ හිතපන්කො ....ඌ උඹ වෙනුවෙන් කල්පයක් බලන් උන්නා කියලා ....."

ම්ම්ම්ම්.....උඹ කියන පමාවට මට හිත හදාගන්න පුලුවන් ....අපි මිනිස්සු කාලි....මිනිස්සු කවුරු ඉස්සරහා ගහක් ගලක් වගේ ඉන්න හැදුවත් උන් අඩන තරම් දන්නෙ ඔලුව තියන කොට්ටෙ....මම දන්නවා....අග්නිට මට ඇගිල්ලක් දික් කරන්න බෑ...ඒත්.....කාලි මම අග්නිගෙන් ගිලිහෙන කෙස් ගහට පවා ලෝභයි...මගෙ මගෙ....මගෙ කියන ආත්මාර්තකාමී ...නොවන ආත්මාර්තකාමී හැගීම හින්දා මට ,මට කලින් කෙනෙක්ට අග්නි ආදරේ කෙරුවා කියන හැගීම පුදුම විදිහට මාව රිදවනවා...

"උඹව මම තුරුල් කරගන්නද...?"

පුලුවන්ද ....

" බැරි කමක් නෑ...අනික.....මම පිට එකෙක් නෙවෙනෙ ....උඹගෙ අග්නි වෙලහට පරන නැන්දම්මව නොමරා මරනවා ඇති...මම උඹට කලිනුත් කිව්වනෙ ....විහිලු කරන වෙලාවට පපුව පිරෙන්න ...ඇස් වල කදුලු පනින්න හිනා වෙයන් ..ආදරේ කරන වෙලාවට මැරෙන තරම් ආදරේ කරපන්...මොකද තරහා ගියහම අපිට අනක් ගුනක් නෑ.....ගැහි ගැහි හුස්ම අදින්න නෙවෙ....එක පාරම මරල දානවා"

මම අඩියක් පස්සට ගියා ...හිතේ වේදනාවට කාලිට තුරුල් වෙන්න හැදුවට....කාලිත් මගෙ යටිබඩ කොර වෙන කතා කියනකොට මට තුරුල් වෙනවට වඩා පාඩුවෙ ඉන්න එක හොදයි කියලා හිතුනා...මම පැත්තකට උනා...

කාලි...

"ම්ම්ම්ම්ම්..."

කාලි මගෙ හිතට වේදනයි.....මට මේ වේදනාවෙන් බේරෙන්න ඕනා.....අග්නිට අඩගහපන් කාලි.....අග්නිට ඉන තැනකින් අඩගහපන්....උඹ කොච්චර මගෙ හිත හදන්න හැදුවත්....උඹ කොච්චර මගෙ හිත හැදෙන කතා කිව්වත්...රන්ඩු කරගන ගහමරාගන හරි මේ මගුලෙන් ගැලවෙන්න මට ඌවයි ඕනා...

මම ආයම භෛරව් ගාවට ගියා....එයා මම කියන දේ අහන් උන්නා මිසක්කා වචනයක් නොකියනකොට මටතවත් වැඩ කරන්න බැහැයි කියලා හිතුනා....මගෙ සරවාංගෙම පන නැහැ වගේ දැනුනා....ඔක්කොටම වඩා....ඒකිත් තවම ඉන්නවා කියන දේ දැනෙනකොට මට මගෙ අග්නිව ගලවගන්න....මගෙන් අග්නිව ගලවන්නබලන් ඉන්න උන්ගෙන් අග්නිව බේරගන්න නහින්න වෙනවා කියන එක මතක් වෙනකොට මට අග්නී අගනී ගගා කෑ ගගහා දුවන්න හිතුනා.....

කාලි...

මම ආය ආයම කාලි ගාවට ගියා...එක තැනක එක විනාඩියක් ඔන්න හිත දෙන්නෙ නැති මම ආයම කාලි ගාවට ගියා.....මට එක විදිහකට ඉන්නම බෑ.....මගෙ හිතට එක එක මනස් ගාත එනවා....මේ දේවල් හැංගුවා වගේ තව දේවල් කොච්චර ඇතිද හිතුනා....එයා කොච්චර කිව්වත් කාවේරි එක්ක දුර ගිහින් නෑ කියලා....මට හිතුනෙම මට හිතුනෙම ඊට වඩා දෙයක් ඇතියි කියලා .....

මොනවද....

හාදුවකින් එහා නැවතුනාද....

නෑ.....වෙන්න බෑ....

මගෙ අග්නිට හාදුවකින් එහා නවතිනවා කියන්නෙ කරන්න අමාරුම දෙයක්.....

ඇත්තටම ....

කාලි....මට කියපන්...අර වෙසගනට භෛරව්ගෙන් ළමයෙක් ඉන්නවද...?ආ කාලි....මගෙ අග්නිට...ලමයෙක් ඉන්නවද .....?උඹ කොච්චර කිව්වත්...උඹ කොච්චර කිව්වත් මට හිත හදාගන්න බෑ කාලි....මට කියපන්...අග්නිට ලමයෙක් ඉන්නවද මේතරමට මාව පන්න පන්න මරන්න හේතුව ලමයගෙ අයිතිය මගෙ ලමයට යයි කියලද....????

මම.ආයම හෛරව්ව අසරන කෙරුවා ...කිසිම හැගීමක් නැති ඒ මූන සම්පුර්ණයෙන්ම සුදුම සුදු වෙලා ගියා...මං හිතුව හරි.....අග්නිට ලමයෙක් ඉන්නවා...අග්නිට ළමයෙක් ඉන්නවා.....නිකම්ම නිකන් සම්බදයක් කැඩුනට කිසිම එකෙක් මේ තරම් ලොකු පලියක් ගන්නෙ නෑ.....

මම කෑ ගහන එක නැවැත්තුවා .....ඇස්වලින් ආව කදුලුත් පිහදාගත්තා ....අවසානෙදි එහෙම්ම එලියට ආවා .....කැබින් එකේ දොර දඩස් ගාල වහගන එලියට ආවා....

මගෙ පුතා නිඛිල් .....එතකොට මගෙ දරුවට මොකක්ද වෙන්නෙ.....ඒ ඇගෙ දුවන්නෙ අග්නිගෙ ලේ...ඒත්.....දැබ් එයාගෙ අප්පච්චි එයාගෙ තනි අයිතිය නෙවෙ ....

"කොහෙද උඹ යන්නෙ....."

........

"මන් අහන්නෙ කොහෙද උඹ යන්නෙ කියලා ...."

කැබින් එකෙන් විතරක් නෙවෙ සම්පූරන ඔෆිස් එකෙන්ම එලියට ආව මම මහපාරත් පැන්නා.....මට කොහෙ හරි යන්න ඕනා....

කොටිම්ම කියනවා නම් මට හැමෝගෙම්ම හැංගෙන්න ඕනා .....මට මේ මුලු ලෝකෙම්ම හැංගෙන්න ඕනා .....

ඒ ළමයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද ?

මග දුරකට ආව මම ආයම භෛරව්ගෙන් ඒ ළමයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද ඇහුවා .....මම මෙතනදිත් හිතුවා අග්නිට ඇති ළමයෙක් නෑ කියයි කියලා ...මම මෙතනදිත් ප්‍රාර්තනා කෙරුවා උඹ ඔය මනස්ගාත හිතන එක නවත්තපන් කියයි කියලා ඒත් නෑ .....ඒත් නෑ ....එයා මීක් නොගා මගෙ ගාවින් මට සමාන්තරව අඩිය තියනවා මිසක් එහෙම දෙයක් නෑ කියලා වත් මගෙ හිත්ස් හදන්නෙ නෑ....

"ඒත් පුතෙක් .."

මගෙ කකුල් නැවතුනා ....ඒත් පුතෙක් කිව්වා ...එතන ඉන්නෙත් පුතෙක් කිව්වා ...එතකොට මගෙ දරුවා....එතකොට මගෙ නිඛිල්....???

"උඹ ඔය මොනවද බොන්න හදන්නෙ.....විකාරද උඹට??"

මම සිගරට් එකක් අවුලව ගන්න හදනකොටම භෛරව් මගෙ අතට ගැහුවා ....අතට ගහලා මගෙන් විකාරද ඇහුවා . ....

උඹට මාව පේන්නෙ විකාරයක් විදිහට නම්.....ඒ විදිහට දැකපන් භෛරව් .....මම මේ අඩන්නෙ නැතුව කෑ ගහන්නෙ නැතුව කරන්න හදන්නෙ මගෙ වේදනාව පිට කරගන්න හදන එක.....මමත් අප්පච්චි කෙනෙක් ....මට ...මට කියන්න බෑ.....අග්නිට ....දරුවව අතාරින්න කියලා .....හිටපු ගමන් අතුරුදහන් වෙනකොට ....මට කවදාවත් හිතුන්නෑ....

"උඹට ඔය තරම් වේදනාවයි නම්....අඩපන් .....අඩලා හිත හදා ගනින්..."

අඩලා හිත හදාගන්න .....මම මොනවා කියලද අඩන්න ඕනෙ.....???ඇයි අග්නි මට බොරු කිව්වෙ කියලද.....උඹ දන්නවද මගෙ හිතේ හැගීම් දැන් කොයි වගේද කියලා ....හරියටම අවුරුදු ගානක් පැලෙන්න ආදරේ කරලා කරලා ...අවසානෙදි පෝරුව උඩදි ඌ කලින් කසාද බැදපු එකෙක් කියලා දැනගත්තම දැනෙන හැගීම් වගෙ ..... ...භෛරව් ...අග්නිගෙ ප්‍රාර්තනාව මොකක්ද ....මං ඒක යතාර්තයක් වෙන්න කියලා ප්‍රානවත් කරන්නම්.....උඹගෙ ප්‍රාර්තනා මොනවද ....එ හැමදේම යතාර්තයක් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නම්....මම ඒ වෙනුවෙන් වරම ගන්නම්.....අග්නිට කියපන් මාව අතාරින්න කියලා ...

එක පුතෙක්ගෙ අයිතිය රකින්න මගෙ පුතාට මාව නැති කරන්න එපා කියපන්...

.කුවන්නගෙ මුනුබුරාගෙ අයිතිය රකින්න මගෙ අම්මගෙ මුනුබුරාගෙ අප්පච්චිව නැති කරන්න එපාය කියපන්....

මං වෙනුවෙන් කල්පයක් බලන් උන්නත්....ලෙහුන් නැති ගැටයක් එක්ක තව ඉස්සරහට යනවට වඩා හොද නැද්ද ....මං මගින් නැවතිලා එයාලට ගැට ලිහා ගන්න දෙන එක....

කුවන්නා හරි .....ඇත්ගොව්වෙක් එක්ක කවදාවත් අග්නිට පෑහෙන්න පුලුවන්ද ...මට මගෙ දරුවා එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්න කියපන් කාලි ...මං හෙට අනිද්දම මගෙ ළමයත් අරන් ආයම කොලඹට එනවා පැය ගානක් කෝච්චියෙ ඇවිදින්...පැයගානක් මෙතන ඉදලා ගෙවල් වල මිනිස්සු නිදියගන්න වෙලාවට ගෙදර එන මට දැන් මහන්සි ....

උඹ දන්නවා....උඹ දන්නවා....මම....මගෙ අග්නිට ආදරේ කරපු තරම.......මගෙ....ආදරේ....මටවත්....දරාගන්න බැරි.....තරමට...මම.....අදරේ...කෙරුවා .....මාව මරලා දාපන් අග්නි.....මාව මරලා හරි.....ඒත් මාව අයිති කරගනින් මගෙ අග්නි කියන තැනට වැටෙන්න මම ආදරේ කෙරුවා ...

ඒත්.....ඒත්...ඇයි....හැම දේම කියන එයාට මට ඔය දේ කියන්න බැරි උනේ.....හැම..දේම.....අරක කරපන්...මේක කරපන් ගගා....ඇගිල්ලෙන් ඇන ඇන.....හැම දේම.....කියන එයාට...ඇයි.....එක කියන්න බැරි උනේ....???

"ශිවන්..."

නෑ භෛරව් රන්ඩු වෙන්න දාලා යන්න එපා කියන්න කෑ ගහන්න මරා ගන්න තරම් මට හයියක් නෑ භෛරව් .....කමක් නෑ.....

" දැන් උඹ දාලා යන්න ඕනා කිව්වට .....අග්නි උඹට යන්න දෙයිද??"

එහෙමයි කියලා.....වෙන එකෙක් අයිතිවාසිකම් කියන තැනක මට ඉන්න බෑනෙ....?

" උඹ මහ මුරන්ඩුයි...අග්නිගෙ වස්තුව.....ඇයි හැම වෙලෙම කලබල වෙන්නෙ.....වෙන්න තියන නරකම දේට උනත්.....මූන දෙන්න හිත හදාගනින්..."

මං හිතන්නෙ මම දැන් කරන්නෙත් ඒකමයි...

"අග්නිව අතාරින එකද...?"

අග්නිව අතාරින එක නෙවෙ ...අග්නිගෙ අයිතිය බලාගන ඉන්න අයට අග්නිව දෙන එක.....ඒක අත් ඇරීමක් නෙවෙ කාලි....

" දන් දීමක් කියන්නත් බෑනෙ...මොකද උඹ වෙස්සන්තර නෙවෙනෙ අග්නිගෙ මැනිකෙ....."

වෙස්සන්තරට විතරද දන්දෙන්න පුලුවන් ...අනුන්ගෙ සතුට වෙනුවෙන් තමුන්ගෙ සතුට උනත් දෙන්න හැමෝටම බැරි උනත්.....යශෝදරා කුලේ ගෑනු අතර මං වගේ එකෙක් උන්නම ඒක වරදක්ද භෛරව් .....??

" වරදක් නෙවෙ... ඒත්...උඹට ඕක කරන්න බෑනෙ..."

බැරි උනත්...මම හිත හදාගන්නම්.....මට එක දරුවෙක්ගෙන් අප්පව උදුරන් ...මගෙ දරුවට දෙන්න තරම්....මම ආත්මාර්තකාමී කෙනෙක් නෙවෙ.....මගෙ කොල්ලට ඉතුරු මන් විතරයි .....ආයම පාරක් මාව මරාගන්න එපාය කියපන්....ඒහොදටම ඇති....මැරෙන්න බය නෑ....මට මගෙ එකාව දාලා යන්න බයයි.....දාලා යන්න දුකයි....ඒකයි...

මම ඇස්වලට උනපු කදුලු බින්දුවක් බිමට වැටෙන්න දීලා ආපිට එන්න ආවා...මට තවත් කියන්න දේවල් ඉතිරි නැති තැන මම එන්න ආවා.....මට අග්නි නැති ජීවිතයක් නෑ.....ඒත්....මගෙ ලමයට මාව නැති වෙන්න දෙන්නත් බෑ....

අග්නිගෙ ආදරේ උමතුවක්.....

ඒක පිස්සුවක්...

මැරෙන්න තරන් ආදරෙයි කියන අග්නි තනිකරම ආදරේ ප්‍රතිමූර්තියක් ...

මට අග්නිට වැරදි කියන්න බෑ....මොකද...මම ඒආදරේ ඇතුලෙ හුස්ම ගත්තු හින්දා ....

.මමත් වෙන කෙනෙක්ගෙ උනා.....

මමත් ලමයි හැදුවා.....එහෙම බැලුවම....මම කොහොමද වැරදි කියන්නෙ....

ඉතින් ඒකි අග්නිව ඉල්ලන එක....මාව මරන්න එන එක සාදාරනයි

මගෙ නිඛිල් එක්ක තියන බැදීමට වඩා.....ඒ බැදිම තදයි...

ඉතින්.....

ඒ ආදරේ තරම දැන දැන මොකාද අතාරින්න කැමති...ඒ ආදරේ තරම තරම දැන දැන මොකාද තනිවෙන්න කැමති....

භෛරව් මගෙ පස්සෙන් ආවද....නැද්ද කියලා වත් බලන්නෙ නැතිව මම එන්න අවා...බීපු සිගරට් එකේ ගද යන්න හැක්ස් ටොපි පහ හයක් කටේ දාගත්තු මට මගෙ කොල්ලව මතක් උනා....අප්පුච්චියේ . ..අග්ගියේ...ගගා වචන අහුලන මගෙ නිඛිල්ව මතක් උනා.....දැන් ඉතින් ඒ අප්පුච්චියා අපිට අයිති නෑ කියලා කියන්නෙ කොහොමද ....

.ඒ අප්පුච්චියටත් මගෙ නිඛිල් වගේම පුතෙක් ඉන්නවා කියලා හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොකක් කරන්නද....

පේමන්ට් එක දිගේ ඇවිදන් ආව මම එහෙම්ම අප්පච්චිට කෝල් එකක් ගත්තා...මට මගෙ කොල්ලගෙ කටහඩ අහන්න ඕනා උනා...හුරතල් කටහඩින් අප්පුච්චියේ කියනවා අහන්න ඕනා උනා...අප්පච්චිට කෝල් එකක් ගත්තු මම එහෙම්ම පාරෙන් එහා පැත්තට පනින්න බලන් උන්නා....

හෙලෝ.....මයෙ පුතා....

අප්...අප්පච්චි ....ක්ක්..කෝ.අප්පච්චි ළමයා....?

......

නෑ..නෑ...හදිස්සියක් නෙවෙ...මට ඒකව මතක් උනා.....

කොච්චර කිව්වා උනත් මගෙ කට හඩ වෙව්ලනකොට කොහෙදෝ ඉදලා කෑ ගහන මගෙ කොල්ලගෙ කටහඩ ඇහුන මගෙ ඇස් බොද උනා.....මෙච්චර වෙලාම හිතේ හිරකරන් උන්න වේදනාව වගේම අප්පුච්චියෙ ....අග්ගියේ ගානවා එක්කා මගෙ පපුව පුච්චන් යන වේදනාව එක්කම මම ඵෝන් එක කනෙ ගහගනම පාර පැන්නා....

අප්පු...ච්චියේ...අග්ගියේ.....හ්....

බ්‍රා......ස්ස්ස්...

නි...ඛි...ල්ල්......

🙂ආය.....එන්....නා....ම්ම්ම්

ජොබික්කා....නිදහා....ස්ස්

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters