Cherreads

Chapter 65 - 65

එයාව අතෑරපන්..."

අතෑරියෙ නැත්තන්.....

" එහෙම නොවුනොත්....උඹට රිදේවි නොසෑහෙන්න...උඹට රිදේවි ඉවසන්න බැරි වෙන්න....."

අන්...අනේ...අග්.....අග්නීහ්........අග්...කැහ්....කැහ්.....

මම උන්නෙ පුටුවට හිර වෙලා...මට කතා කරගන්න පුලුවන් උනෙත් වචන දෙක තුනයි.... ඊට එහා වචනයක් වත් කතා කරනවා තියා මට ඇස් ඇරගන්න බැරි උනා...මල් වලින් එන සුවද මාව අඩ පන කෙරුවා.....ඒ මල් වලින් එන සුවදමගෙ සර්වාංගෙම තියන ශක්තිය උරා ගත්තා...හරියටම බාදුරා මලකට වැටුන පූච්චෙක්ට කබල ඇරෙන්න සර්වාංගෙම යුශ මලෙන් උරා ගන්නවා හා සමානවම ඒ මලෙන් මගෙ ඇගේ සම්පූරනම සාරය උරා ගත්තා....

අග්නි මොකුත් නොකියම බලන් ඉන්නවා...එයගෙ ඇස් දෙක විතරක් ගින්දර් පාට වෙලා තියනකොට අමනුස්ස පිල්ලිය මගෙ බෙල්ල එන්න එන්නම හිර කෙරුවා .....අනේ....අනේ....මගෙ බෙල්ලෙ තියන මාලෙ.....

භෛරව් ගෙ රුද්‍රාක්ශ මාලෙ....අනේ ඒක....ඒකෙ කිසිම බලයක් නැද්ද....ඒකෙන් වත් මට පිහිටක් නැද්ද....

මම දැගලුවා...එන්න එන්නම හුස්ම හිරවෙනකොට මම කකුල් ගහන්න හැදුවා. බැරි බැරි ගාතෙ දුවන්න හැදුවා...ගිනි ගත්ත කාක් කුනෙන් කලු පාට දුම් වලාවක් මතු වෙනකොට මාව අල්ලන් උන්න අමනුස්ස පරානෙ හිනා වෙන්න ගත්තා ...ඒ ගෑනි හිනා වෙනවා ....ඒ හිනාව මොන තරම් අහන් ඉන්න වේදනාවක්ද කියනවා නම් කන් බෙර පුපුරලා යන්න ආවා....මට ඒ වේදනාව...ඒ හිනාව දරා ගන්න බැරි කමට මං ‍යටි තොල් හපාගන අත් වලින් පුටු ඇන්ද මිරික ගත්තා . ..

....අග්නි...අමරේන්ද්‍රන් ...ඉතින්.....උඹ ආයමත් කොහොම හරි උඹේ පුංචි වස්තුවව හොයා ගත්තා.....ඉතින්.....දැන් ඊලග අඩිය මොකක්ද ...මුට කඩවර වරම් අරන් දෙන්ඩ ...ඒකද දැන් කරන්න ඉන්නෙ ....ඊට පස්සෙ ...ඊට පස්සෙ මොකක්ද .....??? උඹේ නමින් තව උන් ජාතක කරවන්ඩද ??

අනේ....අග්....නීහ්...අග්....නීහ්....අග්.....නීහ්.....

මම මගෙ හිතින් කෑ ගැහුවා ...මාව අල්ලන් උන්න අමනුස්ස පරානේ වෙන්න තියන දේවල් එකින් එක එකින් එක කියනකොට මගෙ අග්නි දත් මිටිකෑවා .....එතන තිබුන මල් වාස් එක කුඩු නොකර අතින් පොඩි පට්ටම් කෙරුවා ...

මෙච්චර වෙලාම ගිනි ගත්තු කාක් කුනෙන් කලු දුමක් ගිහින් ගිහින් අවසානෙදි තවත් අමනුස්ස පරානයක් මතුවෙනකොට මාව අල්ලන් උන්න පිල්ලිය ඒ දිහා බල බල හිනා උනා ...

ඉතින්....අයියයි මල්ලියි හිතන් ඉන්නෙ උඹලගෙ වස්තුව රකින්න නම්.....ඉතින්.....රැකලා බලපන්....ඉතින් වරම අරන් බලපන් ....මූට ගන්න පුලුවන්ද....උඹගෙ හීන යතාර්තයක් කරන්න පුලුවන්ද කියලා කරල බලපන්...

" ඇත්තට.....දැන් උඹ හිතන් ඉන්නෙ...ඒකව එහෙම අල්ලන් මාව වචන වලින් බය කරන්නද...උඹට පුලුවන් මෙතනත්ම උනත් එයාව මරල දාන්න .....එහෙම මරලා දැම්මොත්.....උඹට පුලුවන් උඹගෙ ජීවිතේ උඹට උඹට වටිනම දේවල් උඹගෙ ඇස්පනා පිටම නැති කරගන්න.....උඹ වේදනාවෙන් කෑගහනකොට ....මට බලන් ඉන්න...උඹ කදුලු හල හල කෑ ගහන හැටි මට බලන් ඉන්න....".

.අග්නිගෙ වචන....ඒ හැම එකක්ම අග්නිගෙ වචන වෙනකොට ඒකි ඒකිගෙ අතේ තිබුන මොකකින් හරි අග්නිට දමලා ගැහුවා....බෙල්ලෙ තිබුන මාලෙන් කිසිම දෙයක් කරගන්න බැරි වෙනකොට මම පන ඇද ඇද බලන් උන්නා....අග්නි කියනවා මාව මරන්න කියලා ...අග්නි කියනවා...පුලුවන් නම් මරලා පෙන්නපන් කියලා ......එයා හිනා වෙනවා...අග්නි ගානක් නෑ වගෙ හැසිරුනා උනත් එන්න එන්නම ඒකිගෙ ඇගිලිවලට තද වෙන මගෙ බෙල්ලෙ හිල්.වේගන යනකොට එයා ජනෙලෙන් එලිය බලාගන ලාවට ඔලුව හොලවනකොට මාව අල්ලන් උන්න යක්ශ පරානෙ වගේම මාත් එලිය් බැලුවා.....

භෛරව් ...ඒ උන්නෙ වෙන කවුරුත් නෙවෙ කාලි භෛරව් වෙනකොට එයාගෙ අතේ අමනුස්ස පරානෙගෙ තෝල්කයා උන්නා...කාක් කුනෙන් පන ගහපු අනිත් පිල්ලිය උන්නා.......

" ඉතින්.....මොකද කියන්නෙ.....උඹ මේ බෙල්ල කැඩුවොත් ....මට පුලුවන් ඌට කවදාවත් අපායෙදි හුස්මක් ගන්න වත් නිදහසක් නැති කරලා දාන්න...අමු අමුවෙම ඒකව හම ගස්සන්න...රජකාලෙ දඩුවම් වගේ දලු දෙක කිටි කිටියට එකට තියලා ගැට ගහපු පුවක් ගස් දෙකක කකුල් දෙකෙන් එල්ලලා ඒකව දෙකඩ කරන්ඩ...නැත්තම්....උඹම රා පොවපු ඇතාව හොයාගන ඒක ලව්වා පාගවන්ඩ..."

මොකක්...එයා කිව්වෙ උඹම රා පොවපු ඇතා කියලා ...එ කියන්නෙ.....ඒ කියන්නෙ.....මේ ඉන්නෙ ඒ ගෑනියි...මේ ඉන්නෙ අධීරගෙ ලවන්ට රා පොවලා එවපු ගෑනී........

"උත්තර දීපන්....ඇයි....ඇයි උඹ දේ කෙරුවෙ...උත්තර දීපන්....උඹ කොහොමද අග්නිගෙ වස්තුවට අත තිබ්බෙ...උත්තර දීපන්...උඹ මොන ජාතියෙ තරහවක්ද ඒ පිරි මැහුවෙ .....උත්තර දීපන්....උත්තර දීපන්...කුවන්නා....උත්තර දීපන්..."

.කුවන්නා...ඒගෑනිගෙ නම කුවන්නා....මාව මරපු ගෑනිගෙ නම කුවන්නා....ඒකිගෙ ඇස් ගැස්සුනා...මගෙ අග්නි ඒකිගෙ නම කියලා කෑ ගහනකොට ඒකි මාව අල්ලන් උනත් අඩියක් දෙකක් පස්සට ගියා ....

මගෙ බෙල්ල හිර වෙනවා....තවත් හිර වෙනවා...එන්න එන්නම නහර වැල් පවා ඇඹරී ඈඹරි යන තැනටම ඒකිමගෙ බෙල්ල හිර කෙරුවා ... ගෑනු අත් උනත් ඒකිගෙ අත් හයියයි.....ගෑනු අත් උනත් ඒකිගෙ සර්වාංගෙම හයියයි.....මම දගල දගල ගැලවෙන්න හැදුවා...එකිගෙ නියපොති පාරවල් මගෙ බෙල්ල පුරාවටම හිටිනකොට මෙච්චර වෙලාම එලියෙ උන්න භෛරව් ඇතුලට ආවා...ඒදෙන්නගෙම ඇස් රතු පාටයි....තරහවෙ උපරිමේ ඉන්න දෙන්නගෙම ඇස් වලින් ගිනි පුපුරු පිට වෙයි කියලා මම බය උනා.....

අනේ.....අග්....නී.....

ඉදල ඉදලා බැරිම තැන මම කොදුරන කොට අග්නි තවත් දත් මිටි කෑවා.....

"ඉතින් කුවන්නා ...උඹ ආයම ආවා....අග්නිගෙ අඹු සිගිත්ත හොයාගන උඹත් කොහොම හරි ආවා...මොකද ... ඔච්චර යක්කු මෙල්ල කරන උඹ මේ වැඩේට විතරක් මෙච්චර කල් ගත්තෙ....ම්ම්ම්ම්ම්ම්"

"ඇයි ....උඹට තිබ්බනෙ මේකව හොයාගන ගිහින් උපන් ගෙයිම මරලා දාන්න....මේකා ඉන්න ඉසව්ව හොයන් බඩවැලෙම්ම මේකගෙ බෙල්ල ඔතලා දාන්ඩ...."

ඒ අග්නියි භෛරවයි...ඒ දෙන්නා යක්ශාවේසෙන් එක එක දේවල් කිය කිය අපි වටේ කැරකෙනකොට කුවන්නගෙ අනුරූපෙ විලිස්ස විලිස්ස ඒ දෙන්නා දිහා බැලුවා ....

"ඉතින්.....ප්‍රාර්තනා කරපු විදිහටම උඹ ආයම ඉපදිලා එහෙම නේද කුවන්නා. .....??හැබැයි ..ඒ ප්‍රාර්තනාව මගෙ මිසක් උඹගෙ නෙවෙ ....ඒ පලි ගැනීම මගෙ මිසක්....උඹගෙ නෙවෙ .....ඒ හැම ප්‍රාර්තනාවක්ම අග්නි අමරේන්ද්‍රන් වෙච්ච මගෙ මිසක්....උඹගෙ නෙවෙ කුවන්නා...උඹගෙ නෙවෙ ....."

"උඹ කැමතිද කුවන්නා....උඹගෙ විදවීම ගැන අහන්ඩ ....උඹ කැමතිද උඹගෙ අවසානම හුස්ම යන හැටි අහන්ඩ.....උඹ කැමතිද .....කාලි භෛරව් ගෙ එකම සහෝදරයා ...අග්නි අමරේන්ද්‍රන් ගෙ ඉස්සරහා උඹ මැරිලා යන හැටි අහන්ඩ....."

නවත්තපියව්.... ....අවජාතක යක්ශ පරාන දෙක.....තොපිට කවදාවත් ඔය හිතේ තියන දේවල් කවදාවත් කරගන්ඩ හම්බෙන් නෑ...කවදාවත් නෑ ....කවමදාවත් නෑ.....අග්නී.....අග්නි...මහ ලොකු....අග්නි....අමරේන්ද්‍රන් .....උඹට ඔය අහස උසට පොදි බැදන් ඉන්න ඒ බලාපොරොත්තු කකුල් ගාවම සමතලා වෙලා යන හැටි දැන් බලාගනින්.....එක පාරකුත් මරපු මට....තව පාරක් මරන එක අමාරු නෑ...

අමනුස්ස පරාන තුනක් හතරක් මැද උන්න මම උන්නෙ එහාටත් නැතිව මෙහාටත් නැතුව ....මගෙ අග්නි මාව ගනන් ගන්නෙ නෑ වගෙ උන්නට ඒකිහෙ අතින් මගෙ බෙල්ල හිල් වෙන වාරයක් ගානෙම එයාගෙ ඇස් හීනි උනා ...එය වගේම භෛරව් කතා කෙරුවෙ පහත් උනත් ගැඹුරු කටහඩකින් වෙනකොට මාව තියන් උන්න ගෑනි මාව හොලව හොලව බෙරිහන් දෙනකොට දාලා තිබුන ලයිට් එකට දරා ගන්න බැරිවද කොහෙද සම්පූරනම පිපිරිලා කුඩු පට්ටම් වෙලා ගියා. ..පිපිරිලා විසි උන වීදුරු කටු සීසීකඩ විසික් වෙලා යනකොට සමහරක් මගෙ ඇගේ වැදීගන මාව කපාගන ගියා .....

අග්නි වගේම භෛරව් උන්නෙ දරා ගන්න බැරි තරහවකින් වෙනකොට මාව අල්ලගන උන්න අමනුස්ස පරානෙ එකපාරක් මරපු මාව තව පාරක් මරන එක මහ දෙයක් නෙවෙ කියන ගමන් මාවත් ඇදගන යන්න යනකොට අග්නි පන නැතිව තිබුන මගෙ අතකින් අල්ල ගත්තා ....ඒයා මගෙ අත කොයි තරම් තදින් අල්ලගත්තද කිව්වොත් මට දැනුනා මගෙ අතේ ඇටකටු පපඩම් කුඩු කරනවා වගේ කුඩුවෙලා යනවා...

"හිතුමනාපෙට අරන් යන්න මගෙ දේවල් ....?හීන වලට බලෙන් රිංගපු උඹ තවත් වැරද්දක් කරගන්නවා ....කුවන්නා .....උඹට පුලුවන් යන්න.... උඹව මගෙ අතින් මරන එක ඒකාන්තයි ...හැබැයි කොතනකවත් මගෙ අඹුවගෙ දෙවනි මරනයක් ගැන ලියවිලා නෑ... ....ඉතින් උඹට පුලුවන් ....මට අයිති මගෙ වස්තුව මට දීලා යන්ඩ..."

..නොදුන්නොත් ????

"නොදුන්නොත්....මොනවා වෙයිද.....කියන්න උඹ දන්නවා ....උඹගෙ අනුරූපෙ මෙතන උන්නත්....වදින හැම පාරක්ම උඹට වේදනා විදින්න වේවි.....කුවන්නා....මේක ඒසේ මේසෙ වෛරයක් නෙවෙ ....මේක සංසාරගත වෛරයක් ...සමහර විට මට උඹ ගැන තියන වෛරය උඹ ගාව ඉන්න මගෙ වස්තුවට තියන ආදරේටත් වඩා වැඩි ඇති ...උඹ ගොඩින් බේරන් යන්න කැමති නැතිනම්....අපිට පුලුවන් එයා වෙනුවෙන් මරාගන මැරෙන්ඩ".....

අනෙ....අනෙ අග්නි එපා....ඕකනම් කරන්ඩ එපා මගෙ අග්නි.....

මාව මරලා දාන්න අරන් යන්ඩ හදපු කුවන්නව වචන වලින් මරන්ඩ හදපු අග්නි මං වෙනුවෙ ඒකි එක්ක මරා ගන්න ලැහැස්ති උනා .....ඒකිගෙ අතේ උන්න මට ස්වාසෙත් නැතිව එහා මෙහා වැනෙනකොට අර මුසල පහයි කාලෙ වෙලාව එක්ක එයාලා මරා ගන්න පටන් ගත්තා .....

මෙච්චර වෙලාම අපි උන්න මගෙ කැබින් එක ඇතුලෙ වෙනස්ම ලෝකයක් මැවෙන්න ගත්තා ....අග්නිගෙ ඇස් දෙක තිබුනෙ කුවන්නා ගාව වෙනකොට භෛරව්ගෙ ඇස් දෙක කාක් කුනෙන් පන ගහපු අමනුස්ස පරානෙ එක්ක වෙනකොට කුවන්නා මාව එහා මෙහා වීසි කෙරුවා ....

"ශිවන් කකුල් වලට පන ගනින් ශිවන් ...."

ඒ අග්නිගෙ වචන...වෙනස්ම ලෝකෙක ගිනි ජාලාවක් මැද ඇත්තක්ද හීනයක්ද කියලා තේරුම් ගන්න බැරි උනත් කුවන්නා අතින් තැලෙන මට වේදනාව උපරිමට දැනුනා .....අග්නි එක්ක සටන් කරන කුවන්නා කෙරුවෙ පුලුවන් තරම් මාව රිදවපු එක වෙනකොට අග්නි මේ හැම එකම දිහා බලන් උන්නා.... ..

ඉන්න තැන කොතනද කියන්න දන්නවා උනත් දැන් මම ඉන්නෙ තනිකරම ඇත්තම තැනකද මනඃකල්පිත තැනකද හිතන්න බැරි තැන අනතමනත වෙලා ඉන්නකොට ඉදලා ඉදලා අග්නි අතින් වැදුන පාරත් එක්ක කුවන්නව වීසි වෙල යනවත් එක්කම භෛරව් අර උහුලන්න අමාරු සුවද ගහන මල් පෝච්චිය පොඩි පට්ටම් කරලා දැම්මා ...හැබැයි පොඩි පට්ටම් කරනවා එක්කම ඒ හැම මලකිම්ම රතුම රතු පාට කුනු ලේ වැක්කෙරිලා ගියා .....

එතනින් පස්සෙ උනෙ තනිකරම මන්තර ගුරුකම් එක්ක සටනක් වෙනකොට අග්නි කුවන්නා එක්ක වගේම භෛරව් අනිත් අමනුස්ස පිල්ලිය එක්ක සටන් කරපු එක වෙනකොට මම බයට මුලු ගැන් උනා.....

පුපුරපු බල්බ් ඒකේ වීදුරු කටු සීසීකඩ විසි වෙලා තිබුනා .....අග්නිගෙ අතින් වදින පාරවල් එක්ක කුවන්නා යටි ගිරියෙන් කෑ ගැහුවා ....අග්නි කාපු පාරවල් වලට අග්නිත් කෑ ගැහුවා යටි ගිරියෙන් කෑ ගහන අඩන සද්ද අහන් ඉන්න බැරි තරම් වෙනකොට අග්නිගෙ මූන පව බලන්න බය හිතුනා.....

"උඹ අල්ල ගත්තෙ වැරදි කෙනාව.....උඹ එදත් අල්ල ගත්තෙ වැරදි කෙනාව.....උඹ අද අල්ලගන්න ආවෙත් වැරදි කෙනාව .....කුවන්නා .....".

උඹ උඹ හදන්නෙ මාව මරන්ඩ නම්....මරපන් මාව .....මරපන් .....හැබැයි තනියෙන් නෙවෙ ....මන් යන්නෙ මූවත් අරගන....මං යන්නෙ මුගෙ බෙල්ලත් කඩාගන.....එතෛන් පස්සෙ හැම දේම ආයම නැතිව යාවි...එතනින් පස්සෙ උඹට කිසිම බලාපොරොත්තුවක් නැතිව යාවි... ඒ වගේම උඹව පිච්චිලා අලුවෙලා යාවි .....එතනින් එහාය මේ හැම දේම නැතිව යාවි .... 

කුවන්නා .....ඒකි මං ගාවට ආයම ආවා ..ඒකි අඩියෙන් අඩිය මගෙ ගාවට ආවා ....කුවන්නා ගාවින් එන්නෙත් උහුලන්න අමාරු පෙරේත කුයිලයක් වෙනකොට බිම ඉදන් උන්න මම පස්සෙන් පස්සට රීට්ටුවා .....භෛරව්ගෙ අතින් දෙකට ඉරුන කුවන්නගෙ තෝල්කයව බලාගන ඉන්නකොට අලුවෙලා ගියා ...කුවන්නව වෙව්ලනවා ....ඒ ඇස් රතු වෙලා ...යටි තොල් සට සට ගාලා වෙව්ලනවා...යක්කු ගොඩක් මැද උන්න එකම මනුස්ස පරානෙ උන මට තැලුම් පාරවල් ඉවසන්න බැරිව පස්සෙන් පස්සට යනකොට මගෙ බඩ ආයම කැලතෙන්න ගත්තා...එදා දැනුන වේදනාවල් ආය ආයම උඩට මතු වෙන්න ගත්තා....කොටිම්ම කුවන්නගෙ ඇස් දිහා බලපු මට කල්පෙකට කලින් උන්න අධීරව පේන්න ගත්තා...බෙල්ල ගාවා වැවුන කොන්ඩ කුරුල්ලෙක් බැදගන දුව පනින අධීරව මම දැක්කා....අතේ හෙන්ඩුවක් වත් නැතිව ඇත් පැටියෙ එක්ක එහා මෙහා යන මාව මම ආයම දැක්කා...

මම අග්නිව දැක්කා... අග්නි පවා ඉන්නවා...

මාව එන්න එන්නම ගිනියම් වෙන්න ගත්තා.....

කුවන්නා....උඹයි නිස් කාරනේ මාව මරලා දැම්මෙ...

කුවන්නා උඹයි නිස්කාරනේ උගෙ ඇස් වලට කදුලු දුන්නෙ... 

මම දත් මිටි කෑවා....බයහන්දම බෙල්ලෙ තිබුන රුද්‍රාක්ශ මාලෙ මම කිරි කිටියට මිරිකන් ඉන්නකොට මටත් නොදැනිම මගෙ ඇගිලි තුඩු පැලිලා එයින් ආව ලේ වලින් රුද්‍රාක්ශ මගෙ ලේ දලින් පෙගිලා යනකොට මෙච්චර වෙලා පන පොවපු නැති මාලෙ පන ගහන්න ගත්තා.....

කුවන්නා...උඹ මාව මරලා.දැම්මා....

මම කෑ ගැහුවා ....එදා දැනුන මරන වේදනාවම අඩුවක් නැතුව දැනෙනකොට මම කෑ ගැහුවා මෙච්චර වෙලාම මගෙ ඉස්සරහට ආවෙ කුවන්නා උනාටෛ ඊලග පාර ඉස්සරහට ගියෙ මම වෙනකොට මට දැනුනා මගෙ නලල මැද ගිනියම් වෙනවා .....මෙච්චර වෙලා නිදාගන උන්න අග්නිගෙ සලකුන නලලෙන් මතුවෙනකොට කුවන්නගෙ ඇස් දෙක ගැස්සිලා ගියා ....අග්නි වගේම භෛරව් කට කොනින් හිනා වෙන ගමං උන්නා .....

"කුවන්නා....මගෙ අඹු සිගිත්ත චන්ඩ වේගනයි එන්නෙ...උඹ රිංගුවෙ අනුන්ගෙ හීනවලට ....උඹ ඇඩෙව්වෙ මට අයිති එකාව .. ...උඹට පුලුවන් අග්නිගෙ වස්තුවගෙ තරම බලා ගන්ඩ....."

අග්නි දත් මිටි කෑවා .....මගෙ ඇස්වලින් වේදනාවෙ කදුලු ගලනකොට එදා අග්නි අඩපු හැටි මම අග්නිව ප්‍රාර්තනා කරපු හැටි ඇත්පැටියා මාව පොලවෙ ගහලා පාගලා දාපු හැටි ඒ වේදනාව....මරන වේදනාව ආය ආයම අලුත් වෙනකොට මං කුවන්නගෙ බෙල්ල මුලිම්ම අල්ල ගත්තා .....

උඹයි.....උඹයි මාව මරා ගත්තෙ.....උඹයි මාව නැත්තට නැති කෙරුවෙ ...උඹ ඉපදිලා ඉන්නෙ මොන ස්වරූපෙන් උනත්...අනිවාර්යයෙන්ම මං උඹව මරනවා ...මට බැරි උනත් මං මගෙ අග්නි ලව්වා හරි උඹව මරවනවා ...මන් උඹව නැති කරනවා ....

පුලුවන් නම් කරපන්....ඉස්සර වෙන එකා මොකාද ඌයි දිනන්න.....උඹ අග්නිගෙ හයිය අරන් මාව මරන්ඩ ආවා නම්.....මරලා බලපන් මං උඹට කිසිම තැනක සැනසීමක් දෙන්නෙ නෑ....දවසක් හිනා උනොත් උඹව අවුරුද්දක් උඹව මං අඩවනවා...

කරලා බලපන්.....කරලා බලපන් කුවන්නා....කරලා බලපන්....උඹ මොන දේ කෙරුවත්....මම අයිති අග්නිට.....මම අයිති....අග්නිට...මම අයිති අග්නි අමරේන්ද්‍රන්ට.... 

මෙච්චර වෙලාම අඩියෙ අඩිය ලන් උන මම අවසානම අඩිය ලන් වෙනවත් එක්කම කුවන්නගෙ බෙල්ල මුලින් අල්ලගන උන්න මම ඒකිව ඇදගන ගිහින් බිත්තියකට ගැහුවා ....වෙනදට ඇගට දැනුන හයියට වඩා හයියක් මගෙ අත් ගොබ වලට දැනෙනකොට දර දඩු වෙලා ගියපු මගෙ අතට හිර උන කුවන්නා බිත්තිය අත් වලින් සූරන්න ගත්තා ...කකුල් බිමට ගගහා දගලන්න ගත්තා ....මුලු කාමරේම තත්පර ගානකින් අන්දකාරෙ වෙලා යනකොට ඊලග තත්පරේදි ඒකි මාව අල්ලගත්තා ....අල්ලගන උස්සලා පොලවෙ ගැහුවා .....

ඇටකටු කුඩු පට්ටම් වෙන වේදනාව දැනුනත් අග්නිට වත් භෛරව්ටවත් එන්න බැරි උනා ...මොකද මේ පියවන්නෙ සංසාරගත වෛරෙක ගනුදෙනුවක් වෙනකොට ඒ දෙන්නා බලන් උන්නා...ඒකි ලගට එනවා....පොලවට තියන අඩියක් අඩියක් පාසාම පොලව පවා දෙදුරුම් කනකොට එක පාර නැගිටගන්න බැරිව ගියපු මම අත් වලින් ගගහා තට්ටම් වලින් පස්සට රීට්ටුවා .... 

.ඒඇස්වල තරහව උතුරුනවා.....

..ඒ ඇස් වල වෛරය උතුරනවා ...අමනුස්ස පරානයක් ගාව උන්න මම අවසානෙදි ගිහින් ආයම බිත්තියෙ මුල්ලකට හේත්තු වෙනකොට ඒකි ආයමත් මාව ඒකි ඇදලා ගත්තා ....එතනින් එහාට ඇහුනෙ මගෙ කටින් පිට වෙන වේදනාත්මක විලාප වගේම කුවන්නගෙ විලාපෙ විතරක් වෙනකොට පාරට පාර ගානෙ අපි පොර බැදුවා .....

..උස්ස උස්ස පොලවෙ ගහනකොට ඇට කටු වලින් දැනෙන දැනෙන වේදනාව උහුලන්න බැරි වෙනකොට ඇස්වලින් වැටෙන කදුලු නාස් පොල්ල පහු කරන් පොලව තෙමුවා .....

ඔලු කට්ටෙන් දැනුන වෙදනාවට මට ඒ හැම දේම බොදවෙලා පේන්න ගත්තා ... . කම්මුල හරහා වැදුන පාරට කන් බෙර හිල් වෙලා යන්න එනකොට මම ඇගේම හයිය එකතු කරලා කුවන්නගෙ කෙස් වැටියෙන් අල්ලන් ඒ ඔලුව පුලුවන් තරම් බිත්තියෙ ගැහුවා .....

..ඩන්...

ඩන්.....

ඩන්.....

ඔලුව වදින වදින වාරයක් ගානෙම මං කෑ ගැහුවා .....මං කෑ ගගහම ඇඩුවා ...අඩ අඩ ඇයි මාව මැරුවෙ ඇහුවා .....මොන වරදක් කෙරුවටද අහිංසක මාව මරා ගත්තෙ ඇහුවා ....

මොන වරදක් කෙරුවටද උඹ මාව මරාගත්තෙ ඇහුවා.....ඒකිගෙ ඔලුව හත් කඩකට පුපුරලා යන්න ඔන්න මෙන්න ටිබුනත් ඒකි හුස්ම ගත්තා....යක්ශ පරානයක් ලේසියකට මැරෙන්නෙ නැති වෙනකොට පෝර්සිලේන් බෝනික්කෙක් කුඩුවෙනවා හා සමානවම කුවන්නගෙ මූන පුරාවටම ඉරි ගියත් ....ඔලුව හතර පැත්තෙම විවර උනත් ඒකි හිනා උනා.....ඒකි හුස්ම ගත්තා .....ඒකි හිනා උනා....ඒකි....කෑ ගගහම හිනා උනා.....

උඹට දැන ගන්න ඕනද....උඹට දැනගන්න ඕනද හේතුව...

.උඹව මරාගත්තු හේතුව...

.උඹව මරාගන්න එකම හේතුව...

උඹව පාගලා පොඩිපට්ටම් කරල දැම්මට හේතුව ......

කෙලින් ඉන්ඩ පන නැති මම වැනුනා.....සර්වාංගෙම පුරාවටම තිබුන තැලුම් පාරවල්.මාව නොමරා මරනකොට කුවන්නගෙ හිනාව ඒ විරූපි මූන මට බලන්න බැරි තරම් බය හිතුනා...ඒ හිනාව .....ඒ අමනුස්ස කුයිලෙ.....මේ ඔක්කොම එක්ක ඒකි මගෙන් අහනවා හේතුව දැනගන්න ඕනද කියලා ....ඒකි අහනවා.මාව මරාගත්තු හේතුව අහන්ඩ ඕනද කියලා ....ඒකි අහනවා මාව නැති කරලා දාපු හේතුව අහන්ඩ ඕනාද කියලා ...ඒකි හිනා උනා....

ඒකි දත් විලිස්ස විලිස්ස හිනා උනා.....හතර වටිම්ම අන්දකාර වෙලා ගිහින් තිබුනා.....අග්නිගෙ මූන සම්පූරනම වෙනස් වෙලා තිබුනා.....වැහි වලාකුලු අහස වහගන්නකොට වැස්සක් වහින්න හිතලවත් නොතිබුන අහස අඩන්න බලන් උන්නා...

උඹව මරාගන්ඩ එකම හේතුව.....ඌ මගෙ එකී වෙනුවට උඹව තෝර ගත්තා....

උඹව මරාගන්ඩ හේතුව...ඌ මගෙ එකී වෙනුවට උඹට.ආදරේ කරන්ඩ ගත්තා...

උඹව පොඩි පට්ටම් කරන්ඩ හේතුව...ඌ උඹට උමතුවෙන් ආදරේ කරනවා දැකලා මගෙ එකී හූල්ලන්ඩ ගත්තා....

කොටිම්ම...උඹ වගේ එකෙක් පෑහෙන්නෙ නැති බව දැන දැන...ඌ ඇත් ගොව්වෙක්ගෙ එකෙක්ට කර ගහලා....රැහෙන් පිට යන්ඩ හැදුවා .....

උඹව මරා ගන්ඩ හේතුව ඒකයි ...උඹව නැති කරන්ඩ හේතුව ඒකයි...

මම අග්නි දිහා බැලුවා ....අග්නි උන්නෙ වෙව්ලන ගමන්...ඒකි මාව මරාගන්ඩ හේතුව ඒකිගෙ දුව පිස්සු වැටුන අග්නි මට පිස්සු වැටුන එක.....ඒකි මාව මරාගන්ඩ හේතුව මගෙ අග්නි මාව තෝර ගත්තු එක .....ඒකි මාව පොඩි පට්ටම් කරන්ඩ හේතුව ඒකිගෙ දුවගෙ වේදනාවට...

"උඹ හිතනවද .....උඹ කීපරක් මූව මැරුවත් මං අතාරියි කියලා ...උඹ තව කල්ප කාලාන්තරයක් උඹගෙ එකීව මගෙ කරේ ගහන්ඩ හැදුවත්....මම කර ගහයි කියලා ...මම උඹගෙ මරනය ප්‍රාර්තනා කෙරුවා කුවන්නා.....මම උඹගෙ මරනය මගෙ අත් වලින් වෙන්ඩයි කියලා ප්‍රාර්තනා කෙරුවා .....මං පලි ගැහුවා ....උඹ අනිවාර්යයෙන්ම මැරෙන්ඩ ඕනමයි කියලා මං පලි ගැහුවා උඹ විතරක් නෙවෙ ඌව මරාගන්ඩ අත් උදව් දීපු හැම එකාම මැරෙන්ඩ ඕනා විදව විදව මැරෙන්ඩ ඕනා...."

 අග්නිගෙ ඇස් දිලිසන්න ගත්තා ...කලුවර වෙලා තිබුන අහස තව තව කලුවර වෙන්න ගත්තා ...කුවන්නගෙ අනුරූපෙ ලේ පෙරාගන බලන් ඉන්නකොට අග්නි එක අතකින් මාව ඇදලා එයාගෙ ගාවට ඇදලා ගත්තා ...අමනුස්ස පරානයක් එක්ක පොර බදපු මට හිටන් ඉන්නවත් බැරි උනත් කුවන්නා මාව මරපු හේතුව දැනගත්තු මම ඒකිගෙ විරූපි මූන දිහා බලන් ඉන්නවා එක්කම අග්නි එයාගෙ පිට කොන්ද හරිය අත ගෑවා ...ඒ මූන එන්න එන්නම සුදු මැලිවෙලා මුලු මූනෙම මුලු ඇගේම නහර පෑදෙන්න ගත්තා .... 

එයා වේදනාවෙන් ඇඹරෙන්න ගත්තා.....ඒ වගේම කුවන්නගෙ මූන එන්න එන්න වෙනස් වෙන්න ගත්තා...මෙච්චර වෙලාම දත්මිටිකාගන උන්න අග්නි කෑ ගහගන මාවත් මිරිකගන එයාගෙ පිට කොන්ද අත ගගා උන්න අත සම්පූරනම ලේ ලේ වලින් නෑවිලා යනකොට එයා එක පාරම අසිපතක් ඇදලා ගත්තා ....පිට කොන්ද දෙබෑ කරන් එයා ඇද්ස්ලා ගත්තෙ අසිපතක් වෙනකොට කුවන්නා යටි ගිරියෙන් හූ තියන්න ගත්තා .....ඒකි ලතෝනි ගහන්න ගත්තා ....අග්නි ගාව උන්න මම කන් දෙක වහගන බිත්තියෙ මුල්ලක ගුලිවෙනකොට වේදනාවෙන් තරහවෙන් උන්න අග්නි අර අසිපත අරන් කුවන්නගෙ පපුව පසාරු වෙන්නම ඇන්නා.....ඉස්සරහින් බැහැපු අසිපත පස්සෙන් මතු වෙන්නම ඇන්නා...

තරහව වේදනාව කොයි තරම්ද කියනව නම් එයාගෙ කම්මුල්වල මස් පිඩු පවා හෙලවෙනකොට කුවන්නා වේදනාවෙන් ලතෝනි ගැහුවා වගේම ඒකිගෙ සර්වාංගෙම පුරාවටම හිල් හිල් මතු වෙලා ඉහද පනුවො මතු වෙන්න ගත්තා ....

"මේක තවම පටන් ගැන්ම විතරයි කුවන්නා.....මෙ ලකුන.....හැමදාම හිටිවී....උඹ ණය පියවන හරි දවස එනකන් මේ සලකුන උඹගෙ පපුවෙ හිටීවි..."

අ...ග්....නී...හ්හ්.....

එන්න එන්නම පනුවො වහගන්න කුවන්නා පසාරු කරන් ගියපු අසිපතෙන් බේරේන්න හදනකොට අග්නි දත්මිටි කාගන ඒ අසිපත තව තව තද කෙරුවා ...

මේක පටන් ගැම්ම විතරයි ...මේක පටන් ගැන්ම විතරයි කියනකොට බිත්තියට වාරු වෙලා උන්න මම අග්නිගෙ දෙකඩ වෙලා තිබුන පිට කොන්ද දිහා බලාගන උන්නා වගේම මාව කැරකෙන්න ගත්තා .....අමනුස්ස කුයිලෙ පිරුන කැබින් එක පුරාවටම කුවන්නගෙ සර්වාංගෙන් මතු උන ඉහද පනුවො බඩගානකොට අසිපත ඉතිරි වෙන්න කුවන්නව සම්පූරනම නැතිවෙලා ගියා .. ...අමනුස්ස පරානයක් එක්ක පොර බදපු මට ඇස් දෙක ඇරගන වත් ඉන්න බැරි තරම් මාව කැරකෙනකොට යටි බඩට වැදුන පාරක් හින්දම මෙච්චර වෙලාම බඩ කැලති කැලති උන්න මට එතනම වමනෙ තලියක් යනකොට මං අහම්බෙන් වගෙ අර මූසල ඔරලෝසුව දැක්කා.....

පහයි විස්සයි .....

පහයි කාලෙ ඔරලෝසුවෙ විනාඩි පහක් ගෙවිල ගිහිල්ලා....

එතකොට මෙ හැම දේම උනෙ විනාඩි පහක් ඇතුලතද ...???

මගෙ ඔලුව සම්පූරනම විකාර වෙන්න එනකොට මාව පස්සට විසි උනා වගේම වැටෙන්න ගියපු මාව භෛරව් අල්ල ගත්තා ....අල්ලගන පුටුවෙන් ඉන්දෙව්වා ...

"උඹට තෙහෙට්ටුයි ....දැන් නැගිටපන් ...නැත්තන් උඹ මැරේවි ....උඹව පිස්සෙක් වේවි....දැකපු දේවල් අමතක කරපන්....ඒවා උඹට අයිති නෑ"

මාව පුටුවෙන් ඉන්දවපු භෛරව් මට නැගිටින්න කියනවා ...මං නැගිටලා තමයි ඉන්නෙ ...මං නැගිටලා තමයි ඉන්නෙ ......මම නැගිටලා තමයි දෙයියනේ ඉන්නෙ ....

භෛරව් .....මම....මම..නැගිටලා....තම..යි ඉන්නෙ....භෛරව් .....මම....මම....නැගිටලා තමයි.....ඉන්නෙ.....

"නෑ වස්තුව....උඹ ස්වපනයක් අස්සෙ ඉන්නෙ...."

භ්...භෛරව් ...දෙයියනේ....උඹමොනවද මේ කියවන්නෙ ....උඹ මොන විකාරයක්ද මේ කියවන්නෙ....මම....දැක්කා...මම දැක්කා...මම දැක්කා....මාව....මාව.....

මට කතා කරගන්න බැරිඋනා... භෛරව් කිව්වා මම ඉන්නෙ ස්වපනයක් අස්සෙ කියලා ...අනේ දෙයියනේ ඒක වෙන්නෙ කොහොමද ...මම කොහොමද ස්වපනයක් අස්සෙ ඉන්නෙ.....ඒක බොරු.....ඒක බොරුවක් .....ඒක අමූලික බොරුවක්...මම දැක්කා..මගෙ භෛරව්ගෙ ...

"උඹ මොනවද දැක්කෙ.....ම්ම්ම්ම්ම්"

ටික්.....ටික්...ටික්...ටික්...ටික්...

භෛරව් අහනවා....මම මොනවද දැක්කෙ කියලා ...???

මම මොනවද දැක්කෙ....???

භෛරව් කියනවා මම ඉන්නෙ ස්වප්නයක් අස්සෙ කියලා ...

මම එහෙම්ම මගෙ ලේ ගෑවුන රුද්‍රාක්ශ මාලෙ අතගෑවා....ඒකට බොරු කරන්න බෑ...අනේ.....ඒත් ....ඒක...ඒක.....ඒක තිබුන විදිහමයි ...ඒක වෙන්න බෑ....

රෝම ඉලක්කම් තිබුන බිත්ති ඔරලෝසුවෙ කටු කැර කෙනවා...කට්ට දුවන හැටි විතරක් නෙවෙ....ඔරලෝසුවෙ ඇතුලෙ තියන දැති රෝද පවා දුවන හැටි මට ඇහෙන්න ගත්තා... . ..

ටික්...ටික්.....ටික්...ටික්...

ඔරලෝසුව කැරකෙනවා ...

හැබැයි පිටිපස්සට ....

ඉස්සරහට දුවන්න ඕන කට්ට කැරකෙනවා...

හැබැයි පිටිපස්සට....

ඔරලෝසුවෙ තිබුන රෝම ඉලක්කම් ඔක්කොම බොද වෙනවා.....කොටිම්ම කිව්වොත්.....

ඉලක්කම් ඔක්කෝම පා වෙනවා.....

ර්‍රොම ඉලක්ක්ම් මාරුවෙනවා

මගෙ ඔලුව පුපුරන්න එනවා.....

ටික්.....

ටික්....

ටි.....ක්...

ටීක්.....

පහයි විස්සයි.....

"පහයි කාලයි..."

පහයි දහයයි...

පහයි පහයි....

පහයි.....

හතරයි....

තුනයි.....

දෙකයි...

එකයි....

දොලහයි....

එකලොහයි.....

දහයයි.... ....!!!!!

" දැන් ඇහැරෙන්න...."

ටී......ක්ක්ක්

මහත්තයා....!!!!

මම ඇතුලට එන්නද....??

........!??

🙂ජොබික්කා නිදහාස්ස්ස්.....

ආයම එන්නා.....ම්

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters