එනකම්ම ත්‍රීවිල් එකාගෙ නිමක් නැති ප්‍රශ්නවලට උත්තර දීපු මගෙ කටේ කෙල හිදුනා....
දෙයක් පටන් ගත්තොතින් ඌ ඒක ඉවර කරන්නෙ තවත් හත් ගව්වක් කතාව ඈතට ඇදගන ගිහින් වෙනකොට මට මුගෙ බෙල්ල අනිත් අතට අඹරවන්න හිතුනා
ඉදගන ඉන්න බෑ යටි බඩ වේදනා දෙනවා...තට්ටම් වලින් එන වේදනාවට ඇස් වලට කදුලු මතු වෙනකොට උදේ කොමඩ් එකේ ඉදගන්නකොට දැනුන වේදනාව මතක් වෙලා මං තවමත් ජීවත් වෙන්නෙ කොහොමද හිතුනා ...
අරූගෙ වැඩේම කියවනවා ...අනෙ හුත්තිගෙ පුතෝ මේක නවත්තපන් මං කතරගමට පයින් යන්නම් කියන්න කටට ආවා උනත් ශ්‍රද්දාවෙන් ආව ගමන කිල්ලට අහු කරගන්න හදපු මම මටම දොස් කියා ගත්තා .....
මල්ලිට කියන්න මල්ලිගෙ නෝනා මැරුන දා පාන්දර ඇපේ ගෙදර ඉස්සරහා පූසෝ දෙතුන් දෙනෙක් කා ගත්තා .....ඇරත් බස්සෙකුත් එක දිගටම අඩන්න ගන්නකොට අපි නම් හිතුවා මොකාක් හරි නරකක් තමයි කියලා ...
මං මගෙ නලල තනි අතකින් මිරික ගත්තා ...ඇත්ත පූසො කා ගන්නකොට අසුභයි කියනවා...උලලේනියෙක් අඩනකොට අසුභයි කියනවා ..කණ කොක්කු අඩනකොට අසුභයි කියනවා...කෑරලෙක් ගෙට උඩින් පියෑඹුවාම අසුභයි කියනවා ...
හරි....කෑරලෙක් පියාඹන්නෙ නැතිව ඌ ඇවිදන් යන්නද??
බස්සෙක් අඩන්නෙ නැතුව ඌ ගොලු වෙන්නද??
උලලේනියෙක් අඩන්නෙ නැත්තෙ කවදද...උන්ට කරදර වේදනා දැනෙන්නෙ නැද්ද...??
පූසෝ පූසෝ කා නොගත්තෙ කවදද...??
මට තේරේන්නෙ නෑ....සීයට පනහක් උන්ව සාධාරනීකරනය කෙරුවොත්.....අනිත් පැත්ත නරකට හිටිනවා ....කොළඹ හතේ වගෙ නෙවෙ...ගම්වල මිනිස්සු අපි ඔව්වා විස්වාස කරනවා.....සමහර කියමන්වල ඇත්තක් නැත්තෙම නෑ.....
මට හැමදාම ජීවත් වෙන්න සිද්ද උනේ වැට උඩ.....සමහරක් දේවල් බොරු කියලා පැත්තට දාන්න උනත්....මට ඒ කතාව අම්මගෙ දේවාලෙ ගාව පිලිගන්න සිද්ද උනා....
මන් අහන් උන්නා....මට ඌ කියන දේවල් මෙලෝ කමකට වැඩක් නැති උනත් මට ඒකගෙ කච කචේ කන්දොස්කිරියාවක් උනා....ඌට මගෙ ගෑනි ගැන දුකයිලු.....මට වේදනාවක් වත් දැනුන් නෑ....ඒත් ඌ කම්පා වෙනවා නොසෑහෙන්ඩ ..
අම්මා නැති දරුවා ගගා මගෙ ලමයා ගැන දුක් වෙනකොට ඒකව බලන්ඩ අප්පච්චි ලා දෙන්නෙක් ඉන්නවා ඒ මදිද අහන්ඩ මට දිව නැමුනත් මං ඉවසන් උන්නා...
අවංකවම හන්දියෙ ත්‍රීවිල් පාක් එක තියෙන්නෙ හයර් දුවන්නම නෙවේද කොහෙද ....මුන්ට අන්දන්න ඕනා චීත්ත .....
මං ශීට් එකට ඔලුව ගහගත්තා ....ඇදන් උන්න සුදු ශර්ට් එකෙන් අග්නිගෙ සුවද එනකොට මං ඊලග කෙම්මුරේට තව දවස් කීයද ඇගිලි ගැන්නා.....අද බ්‍රහස්පතින්දා .....හෙට නෙවෙ අනිද්දා .....
මට හුස්මක් පිට උනා....යටි බඩ ඇතුලට ලෝදිය මුට්ටියක් හලලා වගෙ.....
ඵෝන් එකක් ගන්න ඕනා...ඔෆිස් යන්නත් ඕනෙ...
ඒ අස්සෙන් ඒවත් මට කල්පනා උනා .....
මල්ලි....
ආ...ආවද අයියෙ....
වැස්සක් වැහැලා පෑව්වා ....නාය ගිහින් ගිහින් අවසානෙදි හැමදේම සාමකාමි උනා...අරූගෙ කන්කරච්චලෙ ඉවසන්න බැරිව ඇස්වහන් මගෙ මනෝලෝකෙක තනිවෙනකොට අවසානෙදි මිනිහා මට කතා කෙරුවා ....
මං ඇස් ඇරියා වහන් උන්න ඇස් දෙක ඇරියා ....ඇරලා ඌ ගානක් කියන්න ඉන් උගෙ අතට වැඩියෙනුත් සල්ලි මිටමෙලෙව්වා....වෙන මොකටවත් නෙවෙ...උගෙ පලවෙනි හයර් එක මං හන්දා ...
එහෙනම් මල්ලි....ප්‍රාර්තනා කරන දේ....ඒ විදිහටම ඉශ්ඨ වෙන්ඩ කියලා ප්‍රාර්තනා කරනවා .....දුක් කරදර කාටද නැත්තෙ මල්ලි...පොඩි එකාටත් හොද අම්මෙක් හම්බෙන්ඩ කියලා...
නෑ...අයියෙ මං මේ නරබිල්ලක් දෙන්ඩ අවසර ගන්ඩ අයියෙ ආවෙ....ප්‍රවේසමෙන් යන්ඩ ...ඊයෙ රෑ අපේ ගෙට එහා පැත්තෙත් පූඩො දුසිමක් මරා ගත්තා .....
අරූගෙ මූන සුදු මැලි වෙලා ගියා .....ඉවසලා ඉවසලා බැරිම තැන ඒකා මගෙ කටින් වස්වද්ද ගන්න හදනකොට මං අග්නි කියපු දේ කියලා එන්ඩ හැරුනා .....
කාචරගාම....
මං දකුනු කකුල බිමට ගහන්ඩ කලින් ඇස් උස්සල බැලුවා ...මහසෙන් ගෙ අඩවිය....ස්කන්ධකුමාරගෙ අඩවිය.....කදසුරිදුගෙ අඩවිය....කාර්තික්‍රෙයගෙ අඩවිය...මුරුගන් ගෙ අඩවිය...ශිව පාර්වති ගෙ පුතා උන....ගණේශාගෙ සහෝදරයා උන තිස් හත් නාමයක් පට බැදුන මුරුගන් ගෙ අඩවිය දිහා මං බලන් උන්නා.....
කල්පගානකට කලින් අධීර මහේන්ද්‍රන් උන මම දුව පැනපු ස්කන්ධකුමාර අඩවිය.....පරවානි මොනරගෙ පිට උඩ ඉන්න මිනිස්සුන්ගෙ දුක් අදෝනා අහන ස්කන්ධ කුමාර දේව අඩවියට මං පය ගහනවත් එක්කම දූවිලි වලාවක් උඩට නැග්ගා ....
මං ප්‍රදානම ද්වාරය පහු කෙරුවා ...මීට කලින් සාමාන්‍ය මනුස්සයෙක් ...සාමාන්‍ය අප්පච්චි කෙනෙක් .....උන මං අද පය ගැහුවෙ කල්පෙකට කලින් දීපු පොරොන්දු රැක්ක යක්ශ ආත්මෙකට සින්නක්කර උන අග්නිගෙ අඹුව වෙච්ච අධීර මහේන්ද්‍රන් විදිහට .....
රටකජු ගොටුවකින් පටන් ගත්තු ඇයි හොදැයිය ආදරේකට පෙරලගත්තු අග්නි අමරේන්ද්‍රන් ගෙ අධි මාත්‍රාව වෙච්ච ලවන් අතින් අත් වැරද්දෙන් පන ඇරපු අධීර මහේන්ද්‍රන් විදිහට ...
තියපු පලවෙනි අඩියත් එක්කම කොදු නාරටිය පුරාවටම හිරියක් යනකොට මට ලාවට වගේ සීනු සද්දයක් ඇහුනා.....

ටිලිං....
ටිලිං...
ටිලිං....
මිනිස්ස්සු මාව පහු කරන් යනවා...
මිනිස්සු මාව හප්පන් යනවා ...
ඒත් මම උන්නෙ තවම හිටගෙන ඇස් පියාගන.....දේවාලෙ වදින සීනු සද්දෙට තවත් ගව් ගානක්.....කල්පයක් තරම් දිග ගව් ගානක් ඈතින් තවත් සීනු සද්දයක් එනකොට මගෙ මූනට හිනාවක් ඇදුනා....."ලවන්..."
ඔව් ...ඒක එයාගෙ...කල්පෙකට කලින් මගෙ ගාව උන්න එයාගෙ සීනු සද්දෙ.....එයා දැනගන....එයාට දැනිලා ....මම ආවයි කියන්න ...එයා වෙනුවෙන් පින් දෙන්න මං ආවයි කියන එක එයාට දැනෙනකොට එයාට දැනුනා කියන්නදෝ මට උඩු හුලගෙ ගුලිකරලා පනිවිඩ එව්වා .....මම ඇස් ඇරියෙ නෑ....මම මිනිස්සුන්ට මාව හප්පන් යන්න දුන්නා ..මම මිනිස්සුන්ට මාව තල්ලු කරන් යන්න දුන්නා .....ඒ හැමෝටම මාව පෙරලගන හරි යන්න ඉඩ දීලා මං තවත් තත්පරයක් ඇස් පියාගන කල්පෙකට කලින් දුව පැනපු මාවම හොයන්න ගන්නකොට කවුරු හරි කෙනෙක් මගෙ දකුනු අත අල්ලගත්තා කියන දේ මට දැනුනා ....
ඒ අත.....උනුසුම්.....
මට එච්චරයි දැනෙ මම ඇස් ඇරියා ...ඇස් ඇරලා මාව අල්ලන් ඉන්නෙ කව්දැයි බැලුවා ...
වයසක උන්දෙක්....

අත්තම්මා ....මොකද මේ....
මං ඇහුවෙ වචන දෙකයි ... උන්දැ මාව අල්ලන් උන්නෙ වැටෙයි කියලා වගෙ.....මං ඒ මූන දිහා බැලුවා . ගනින්න බැරි තරම් මූනෙ රැලි පිරුන උන්දා මා දිහා බලලා ලාවට හිනා වෙනකොට ඒ මූන මං කොහේදි හරි දැකලා තියනවා කියලා දැනුනත් ඒ කොහෙද කියන්න මට නිච්චි නැති උනා ....උන්දා හිටන් උන්නෙ තනි කකුලෙන් ....වචනයක් කතා නොකරපු උන්දා රොඩී කිරි අත්තම්මෙක් හා සමාන රූපයක් ගන්නකොට මං ආය ආයම ඇහුවා උන්දැ කව්ද කියලා ....මට වෙලාවට කලියෙන් මුරුතැනට අත ගහන්ඩ ඕනා...
අත්තම්මෙ ඔහේව කොහෙට හරි එක්ක යන්ඩ ඕනෙද.....?
මං ආය ඇහුවා....ඒත් උන්දැ නෙවෙ උත්තර දුන්නෙ ..මං ඉස්සරහට යන්න අඩියක් තිබ්බා ඒත්ගෑනි නෙවේ මට යන්ඩ දුන්නෙ..උන්දැට ඕනෙ මාව නතර කරවන්ඩද...මගෙ ගමන භාදා කරවන්ඩද ...???මං ඒ මූන දිහා බැලුවා...මාව අල්ලන් උන්න අත එන්ඩ එන්ඩම තද වෙන කොට උන්දැ කෙරුවෙ මාව සුනංගු කරන එක වෙනකොට මම ඒ අත ගසලා දැම්මා...
ඇත්ත කියපන්....උඹට ඕනෙ මාව සුනංගු කරන්ඩ....අත ගනින්....
මම ඒ අත මගෙ අතින් ගලවගන්ඩ හැදුවා....එන්ඩ එන්ඩ එකා දෙන්නා එකා දෙන්නා තවත් දේවාලෙ බිම වහගන්නකොට දේව කන්නලව්ව පටන් ගන්ඩ ළඟ වෙනකොට මට මුරුතැනට ආතගහන්ඩ බැරි වෙන්ඩ ගෑනි මාව තව තව සුනංගු කරනකොට මම ඇගේම හයිය එකතු කරලා ගෑනිව තල්ලු කරලා දානකොට මගෙ සර්වාංගෙම හිරිවට්ටවන් උන්දගෙ රූපේ ඇස් පනා පිටම නැති උනා.....
උන් භාදා කරවනවා.....මොකාද මොකීද මොක්කුද කියන්න දන්නෙ නැති උනත් මම නොදැනුවත්ව මගෙ පස්සෙන් තව තව උන් ලුහුබැදන් එනවා කියන්ඩ මට එක එක දේවල් දැනෙන්ඩ ගන්නකොට මම බැරි බැරි ගාතෙ මුරුතැනට අත ගහන්ඩ දිව්වා...
දෙවියන්ට ස්තූති වෙන්ඩ.....බත තවම ලිපට කරලා නෑ.....මම එතන උන්න පිරිමි පරානයක් ගාවට ගිහින් මගෙ හිතෙ තිබුන කාරනාව කනට කොදුරනකොට එයා එතන උන්න මුදුන් අත්තකට ඒක කිව්වා වගේම මට මුරුතැනට අත ගහන්ඩ අවසර.ලැබෙනකොට මම ඉන්න දෙවි දේවතාවුන් ඔක්කොම සිහිකරන් මුඛවාඩම වගේම ඔලුවට ජටාව ගැටගහත්තා .....
කැකුලු හාල්...කිතුල් හකුරු කජු මද වියලි මිදි මුං ඇට එනසාල් බටර් පොල්.....
මුරුතැන් බතට ඕන කරන දේවල් පිලිවලට තියනකොට පිරිමි පරාන විතරක් අත ගහන මේ මුරුතැන් දානෙට ඕන කරන හැම දේම පිලිවලය හදලා තිබුනා....
පොල් හීනියට ගාගන ලිපට කරගන පැහෙන කිරි එකට හෝදපු කැකුලු හාල් එකතු කර ගන්නවා....පස්සෙ බත ඉදීගන කොට තම්බගත්තු මුං ඇට ඒකට එකතු කරගන්නවා...ඒ කිරි බතටම වේලපු කජු මද පොඩ්වට කපලා හකුරුත් පොඩි වෙන්න කපලා ඒකටම වියලි මිදි වගේම ඕනකරන තරමට බටර් එකතු කරගන්නවා ...
ලිප් ගල් තුන උඩ ඉදෙන මුරුතැන් බතේ කිරි සුවද උඩු හුලගෙ යනකොට ඒ සුවද ඉව නොකර උන්නා.....දෙයියන්ට පූජා කරන්ඩ කලියෙන් සුවද වත් හොරකන් කරන්න මට හිතක් නැති වෙනකොට මම ගාපු පොල් ගෙඩිය පවා ගෑවෙ මගෙ අග්නිගෙ හිතේ තියන ප්‍රාර්තනාව ඉශ්ට කරන්න කියලා .....දර් ළිප ගාව නැවීගන පිම්බෙ මගෙ අග්නිගෙ හිතේ තියන ප්‍රාර්තනාව ඉශ්ට කරන්න කියලා...හීනියට ගාපු කපුරු පෙති දිහා බලාගන ප්‍රාර්තනා කෙරුවෙ මගෙ අග්නිගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්න කියලා...කොටිම්ම මේ මුරුතැන් බත් වෙනුවෙන් අත ගහපු මම ප්‍රාර්තා කෙරුවෙ ඒ ආදරනීයම යක්ශ ආත්මෙ ප්‍රාර්තනා කරන දේ යථාර්ථයක් කරන්න කියලා .....
පිරිමි පරාන ටික අත ගහපු මුරුතැන දෙයියන්ට පූජා කරලා ඉතිරිවා මිනිස්සුවෙනුවෙන් බෙදෙන කොට මම ප්‍රාර්තනා කෙරුවා ඒ පින් බලෙන් මගෙ අග්නිගෙ හිතේ තියන් ප්‍රාර්තනා ඉශ්ට වෙන්න කියලා....
කපුවගෙ දේව කන්නලව්ව....ඇවිලෙන හදුන් කූරු වල සුවද පොල්ගෙඩිය උඩ ඇවිලෙන් කපුරු පෙත්ත දිහා බලන් උන්න මම අවසානෙදි අග්නි නමින් වෙන් උන පූජා වට්ටිය දීලා අත්දෙක වැදගන කාචරගාමෙට අධිපති බුදු රදුන්ගෙ ධර්මය අහලා සෝවාන් මාර්ග ඵල ලබපු මහසෙන් දෙවියන් දිහා බලන් උන්නා.....සමහරෙක්ට මහසෙන්...සමහරෙක්ට ස්ක්නද කුමාර්...සමහරෙක්ට මුරුගන් වෙච්ච මොනරා පිට උන්න ,විජිතපුර සටනෙන් දුටුගැමුනට එලාරව පරදවන්න කඩුවක් දුන්න වැඩහිටිටි කන්දෙ වැඩ උන්න කඳ සුරිදු දිහා බලාගන මම ප්‍රාර්තනා කෙරුවා .....මගෙ අග්නි වෙනුවෙන්...මම වෙනුවෙන්....කඩවර පිහිටෙන් වරම් අරගන්ඩ මට පිහිට වෙන්ඩ කියලා මම ප්‍රාර්තනා කෙරුවා .....

සුරිදුනි කතරගම....කල්පයක් මං වෙනුවෙන් බලන් උන්න මගෙ අග්නි...
කල්පයක් මං වෙනුවෙන් ඉදුල් නොවුන මගෙ අග්නි....
ඔබවහන්සෙ වෙනුවෙන් කාලයක් වැඩ කරපු මගෙ අග්නි.....
මගෙ පුංචි එකාගෙ අප්පච්චි....ඒ වගේම ඔබවහන්සෙ ඉස්සරහා කල්පෙකට කලින් දුව පැනපු .....ඇත්ගොව්වන්ගෙ පරපුරෙන් ආව...හේතුව නොඩ්ජන්න නොකල වරදකට ආදරෙ කරපු එකෙක් අතිම්ම මැරිලා ගියපු මගෙ ප්‍රාර්තනාව ඉශ්ට කරන්ඩ .....
මං කතරගම දෙයියො ඉස්සරහා කන්නලව් කරලා කඩවර දේවාලෙට එන්න එන්න ආවා ..මුලු දේවාල බිමේම උන්නෙ කද සුරිදු පිහිට ඉල්ලන් ආව මිනිස්සු වෙනකොට නා නාප්‍රකාර පැතිවලින් ආව උන් උන්නා.....දඹානෙ ඉදන් ආව කැලෑපොජ්ජෙ අයිතිකාරයො..ඒ මේ අත මන්ගජ්ජනකොට මේ ඇත්තො උන් දිහා බලන් උන්නා. ....වරම් ඉල්ලන් ආව මිනිස්සු....හුලවාලියො....රොඩී කුලේ උන් වශී ගුරුකම් කරන එකී මෙකී නොකී හැජ එකෙක්ටම කාචරගාමෙ තහනමක් නැතිවෙන කොට මං කඩවර දෙයියො මුනිච්චි වෙන්ඩ ආවා...
හදුන් කූරුවල සුවද අහස පුරාවටම සීසීකඩ යනකොට රමන වේදනාව සැරින් සැරේ දැනුනා..යටි බඩ කොර වෙනකොට ගම්මිරිස් ඇට දැන් කෝපි ඇට වෙලා තිබුනා ...කිව්වත් වගෙ මගෙ යකාගෙ අත් ගුනෙ කට ගුනෙ ගන්දා රෑ වරුවෙන් ගම්මිරිස් ඇට කෝපි ඇටයක් තරම් වෙලා තියනකොට මට සර්වාංගෙම වේදනා දැනුනා ....
කඩවර ....මහානුභාව සම්පන්න ස්කන්ධ කුමාර දෙයිහාන්දුරුවන් වැඩ ඉන්න මහ්ස දේවාලෙටත් අෂ්ඨ ඵල බෝධීන් වහන්සේටත් වම්පැත්තට වෙන්න මැණික් ගගට බහින්ඩ තියන ජීවමාලි තොටුපලට කලියෙන් තියෙන්නෙ මහානුභාව සම්පන්න කඩවර දෙයිහාන්දුරුවන්ගෙ මාලිගාව උනා... ....කතරගම දෙයිහාන්දුරුවන්ව රැකවල් ලාගන ඉන්න කඩවර ගැන කියනකොට මිනිස්සු බයේ වෙව්ලනවා .....කඩවර හොදට හොදයි නරකට නරකයි කියන්නෙ කට කහනවට නෙවෙ වෙනකොට මිනිස්සු එදා පටන් අදටත් කඩවරට බය උනා...
කතරගම දෙයි හාන්දුරුවො වෙනුවෙන් පූජා වට්ටියක් දුන්න මං කඩවර දෙයියන්ටත් පූජා වට්ටියක් ලැහැස්ති කෙරුවා ....හැබැයි වෙනස්....ස්කන්ධ කුමාරයාට පලතුරු පූජා වට්ටියක් පූජා කෙරුවා උනත් කඩවරට පලතුරු පුලුටු පවා තියන්න ඕනා ...මම හදපු දොල ගොටුව ඊසානෙට තිබ්බා...ඒක කඩවර දිසාවයි ...කඩවර පූජාවටම වෙන් වෙච්ච රුක්කත්තන ඇවරි කණුවක් උඩ මන් දොලගොටු තිබ්බා .....
සංසාරෙ කොතනක හරි මං අග්නිගෙ වෙනවයි කියලා පලි ගහලා හුස්ම ඇරපු තැනම මන් වැඩදගන උන්නා....මලගිය ඇත්තො ගෙනත් දුන්න වරමෙන් කඩවර පිහිටෙන් ජීවකයෙක් වෙන්ඩ...යකැදුරෙක් වෙන්ඩ මන් කඩවර ගෙන් අවසර ඉල්ලුවා ....
මට හයිය ඉල්ලුවා ....අව්ලපු පහන දිහා බලන් අත් දෙක වැදගත්තු මම කඩවර කන්නලව්ව් මුමුනන්න ගන්නකොට මං බලාගන මට එහාපැත්තෙන් උන්න තවත් බඩ දරු කැකුලියෙකුයු අප්පිල ඇත්තෙකුයි කඩවර ගොටුවක් හදනවා.....
මම හිතේ භක්තියෙන් කඩවර කන්නලව්ව පටන් ගත්තා....
පස්වාන් දහසකට තෙද වරම් බල වරම් අණ වරම් ඇති සෙනවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස,රාහුලු දාහක් ලෝහුලු දාහක් ද නිමෙනා අතර තුරේදි අතර තුරේදි කතරගම කන්ද්ස්වාමින් වහන්සෙ කැටුව මුහුදු කරදිය වළල්ලෙ සත් වාරයක් ගමන් කරමින් ඇසුර භවනයට වැඩ අසුරයන් සමග යුධ කොට දිනාසූර්‍ය මන්ඩලය උනු කරවා කතරගම අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරනේ මුරතේවේ වැඩ වාසන සෙනවිරත්න කඩවර හාමුදුරුවනේ,මාගෙ පුද පූජා බලා ඒ කෙරේ බැල්ම ලා මාගෙ අභිමතාර්ථ ඉෂ්ඨ කර දෙන්නටත් මා කීවා අසන්නටත් මා කීවා කරන්නටත් කතරගම කන්දස්වාමින් වහන්සේගෙන් වරම්...තවද ලංකාවෙ අග්‍රරාජධානිය කොට දෙවිවරුන්ට අයත් ලෝක එක්දහස් අටක් පාලනය කොට පද්මාසුර නම් අසුර රාජාධිරාජයගෙ මහ සෙනවි පදවිය දරා ප්‍රකටව සිටින ඔබ වහන්සේට කරන කන්නලව් දිව නෙතින් බලා ..දිව කනින් අසා ගැත්තන්ගෙ සකල දෝෂාන්ධකාරය දුරුවන් කර දී පිනට පිහිට වෙනවයි.සිය වැරදි දහස් වැරදි තිබුනත් කමා කරනවයි.සතුරන් මැඩ ගැත්තන්ට සෙත සලසනවයි .ඔබ කීර්ති පස්වාන් දහසකට ආයි බෝ වේවා..!!
මං අත් දෙක වැදගන සෑහෙන්න වෙලාවක් වැදන් ඉදලා මගෙ හිතේ තියන්ස් දේ කඩවර දෙයියො ඉස්සරහා කියලා ඇස් අරින්ස්කොට අර කැකුලියි ඒකිගෙ අප්පිලඇත්තයිත් වැදගන ඉදලා මැදිවයසෙ උන්දා මා දිහා බැලුවා ....
බලලා ලාවට හිනා උනා ....බලලා අහස දිහා බැලුවා ...
උඩතැනින් කෝදුවෙන දියපොජ්ජ වැටෙන්ඩ ලගයි ...ඔය හූරා කොලොම් පොජ්ජෙන්ද.....

මට මෙලෝ මලදානයක් තේරුන් නෑ ..කොලොම් පොජ්ජ විතරක් ලාවට තේරෙනකොට මං ඔලුව වනලා මම නොදන්න වැදිබාසවක් මැව්වා...
මාතර පොජජෙන්.....
මේ මයෙ කෙලි පොජ්ජ....හිච්චෙක් බඩපොජ්ජෙන් මංගච්චන්ඩයි.....
මං ඔලුව කැසුවා .....මේ මගෙ කෙලි පොජ්ජ කියලා කෙල්ලගෙ බඩ ගෙඩියට අත තියනකොට ඒකි මා දිහා බලලා මහා ලැජ්ජා හිනාවක් දැම්මා.....
අප්පිල ඇත්තො...මේ හූරට උඹ කතා දමනවා මෙලෝ සමයමක් තේරෙන්නෙ නැතුවා....අම්මිලැත්තො වගෙ ඒකගෙ සනුහරෙ අකුරු කොරාපන්.....
දෙයි හාමුදුරුවන්ට ඔප්පුවෙන්ඩ...මේකි කියන මෙලෝම මගුලක් නොතේරුන මම ඒකිගෙ දත් ඇන්ද දිහා බලන් උන්නා....
මේකි ඔය කියන්නෙ....ඒකිගෙ අම්මා වගේ සිංහලෙන් කතා දමන්ඩ කියලා...
අ...ආ....ආ...
මම කල්පනා කෙරුවා .....මාව දන්නවා නම් කමක් නෑ....ඒත් ජීව්තේට නොදැක්ක මාව දැකලා මුන් දෙන්නා කතා කරන්නෙ.....මොනවත් කියන්ඩත් බයයි උරහිස උඩ තියන කෙටේරි පොජ්ජෙන් බෙල්ලට මංගැජ්ජුවොත් මගෙඅග්නියට අඹුවක් නෑ....කොලුවට අප්පුච්චියෙක් නෑ.....
අපිලා දඹානෙන්.....මේන් මේකිගෙ හිතුවක් කාර කමට මචනලැත්තො(මස්සිනා) එක්ක කටු පදුරු ගානෙ බඩ ගාලා ඒකගෙ හන්තානන් පොල්ල (පුරුශ ලිංගය) මේකිට ඔබලා දැන් හිච්චෙක් එන්ඩයි...ඒකා ඕන් රැහෙනුත් අතුරුදන්...වාඩිය ඇතුලෙ එකම අංකර පොජ්ජයි....
ආ....හ...ක්....අනවශ්‍ය තොරතුරක්....මම ආයම ඔලුව කැසුවා....ඒකිගෙ මිනිහා ඒකිව අතරමන් කරලා ගිහින් ඌව ගෙන්නගන්ඩ කියලාකඩවරට පලිගහන්ඩ ආව බවක් ඒකි ඔක්කොම කලවම් බාසාවෙන් තේරුම් කරලා දෙනකොට මේ මගුල් මට කියන්නෙ ඇයිදැයි හිතුනා....
මේකගෙ අප්පිලැත්තො වහන් වෙලා හූරා.....
ඒකි හිනාවෙනවා ඒ අස්සෙන්....මේකි යන්ඩ කලින් මාව දපනෙ දාගනීද .....???එහෙම උනොත් මටත් වෙන්නෙ එහෙ
ගිහින් කිරි කොරහා නට නට ඔටා දමඥ්ඥා මර මර ඔටා දමඥ්ඥා ..මොමියා මොමියා මෝ දෙයියා ගාන්ඩ.....
මං අඩියක් පස්සට උනා...අරූ මාව නිකන් හරි දැකොත් මෙතන ඉදන් ගෙදර යනකම්ම පොල්වෙ ගහයි.....මොකද අග්නියට මං වගෙ බස්වල එන්ඩ ඕන් නෑනෙ.....
මං යන්ඩ හැදුවා ...ඒත් මේකිගෙ අප්පා මේකිව ඇහැගහන් ඉන්ඩයි කියලා ඒකිගෙ අම්මව හොයන් එන්ඩයි කියලා යනකොට මට අනුන්ගෙ බඩදරු ගෑනු රකින්ඩ වෙනකොට යකො කැකුලියො රොත්තක් ආවෙ නැතැයි.....මේ මොන හෙනයක්ද මේ කඩාපාත් උනෙ බුදුන්ට මාර දූතියො ආවා වගෙ මුනුත් මාව යට කරගන්ඩ ආවද....? කැකුලියො රොත්තයි මං තනියෙන් ඒකිලාගෙ සිරික්කිය සූලිරි කැට කඩනවා වගේ වෙනකොට අසරන උන මම හරි අමාරුවෙන් හිනාඋනා....
මේ හුරගෙ හිනාපොජ්ජ හරි සිරියාවයි ....
මම හිනාව නැවැත්තුවා ....ඒකිලා ඒ පාර මගුල් කියවන්න ගත්තා මට බය හිතුනා .....කුවේනිත් විජේකුමාරයව අල්ලගත්තා . ..අනික අපෙ උනුත් රොඩි හුලවාලි වශී ගුරුකම් කරනව වගෙ තමයි...මුනුත් නිකමට හරි මට මැතිරුවොත් දඹානට ගිහින් නවතිනකන් හොයා ගන්න වෙන්නෙ නෑ ...ඒකත් අග්නියා දැනගත්තොත් හනුමා ගිනි තිබ්බට හපන් වෙනවා ....
මේක කරන්ඩ බෑ අනුන්ගෙ කැකුලියො රකින්ඩ ගියෝතින් ආව වැඩෙ මගෑරෙනවා....ඉර මුදුන් වෙන්ඩත් ලගයි ..මට ඇතෙක් හොයාගන නාවන්ඩත් තියනවා ....
අරකිලා ටික මොන මොනවාදෝ කිය කිය හිනා වෙනකොට එතන උන්න නාඹර කැකුලියෙක් මගෙ ගාවට ආවා...
ඔය හූරා ගඩා ගෙඩි කොටාබානවැයි ...
ග්..ගඩා..ගෙඩි .....අපො එපා මනාපයක් නෑ....මේ ඇත්තන්ගෙ බඩ පොජ්ජ අද හොදනෑ...උඹලගෙ අප්පිල ඇත්ත්ට එන්ඩ කියාපල්ලකො..අහක යන කූඩු මගෙ ඔලුවෙ ගහලා ගියෙ..මටත් හිච්චෙක් ඉන්නවා...මේ ඇත්තත් ගෙදර පොජ්ජට මංගජ්ජන්ඩ ඕනා.....
ඒකි උරහිසක එල්ලන් උන්න රෙඩි කඩමාල්ලෙන් හෙන කෝන් ගෙඩි වල්ලක් ගන්නකොට මං බඩට අත තියන් එපාය කියලා ඒකිලාගෙම්ම වචන අහුලගන මට යන්ඩ ඕනා කියලා කියනකොට අරකි මගෙ අතට අර කෝන් වල්ල බලෙන් මිටිමෙලෙව්වා ...
මංගජ්ජන් පලයන්...උඹෙ හිච්චට ....ඒකලා මනාපයි....

මම කෝන් වල්ල දිහා බලලා කෙල්ල දිහා බැලුවා...
මේ...පැනි කෝන්ද?
කැලෑ පොජ්ජෙ මංගජ්ජනකොට ගඩා ගෙඩි අහුරු පිටින්....හූරලා අපිලත් එක්ක වරිග පොජ්ජට මංගැජ්ජුවා නම්....
මම පැනි කෝන් වල්ලෙන් ගෙඩියක් තෝරන් කනකොට ඒකි මොන මොන.මගුලක්දෝ කියලා මගෙ අතින් ඇද්දා....මම අත ගසලා දැම්මා....
පොඩ්ඩක් ඉදපන්කො මේක කනකන් මොන මගුල් පොජ්ජෙද මාව මංගජ්ජන් යන්ඩ හදන්නෙ....
මම උන්නෙ මොන මගුලෙ සිහියෙන්ද කියන්න මම වත් දන්නෙ නෑ....ඒකි මාව අදිනකොට මම ඒ අත ගසා දාලා කෙරුවෙ තව කෝන් ගෙඩි දෙක තුනක් කඩාගන ඉස්සරහා දත් වලින් ලෑටි ගාන එක වෙනකොට අර ගැබ්බරි ඇවිදින් අරකිගෙ කනට කරලා මොන මොනවදො කියනකොට අරකි ලැජ්ජාවෙන් මුන වහගත්තා ....
ඔය හූරා හදි ගැහෙන්ට ඕන් නෑ...මේ කැකුලිට උඹලව දැකලා හදුන්පොත කීන් ගාන්ඩ අරගන...
මොකක්....??මොන පොත....
හදුන් පොත ... උඹලගෙ මේන් මෙතන ගැහෙන්නෙ ..ආන්...ඒ කාරනාව....ඒ කැකුලිට උඹලා ගැන ආලවන්ත කමක් දැනිලා.....
මගෙ කටේ තිබුන කෝන් ගෙඩිය ආපිට එලියට වැටුනා.....ඒකි නියපොත්තලුත් හප හප බලාගන ඉන්නකොට මං දැක්කා කෙටේරිය උරහිසෙ ගහන් එන ගැබ්බරීගෙ අප්පච්චිව...කටින් වැටුන කෝන් ගෙඩිය වැලි වලින් වහපු මම ආයම ගානක් නැතිව තව කෝන් ගෙඩියක් කටේ ඔබාගන මට මනාපයි කියලා කියපු එකී එක්ක ලාවට හිනා වෙනගමබ් ඒකි මගෙ දිහාවට දික් කරපු පැනි මුලක්ද මොකක්ද ගන්න අත දික්කෙරුවා විතරයි මගෙ පිට මැදට කවුරු හරි ගහපු ගැහිල්ලය පපු කැහුතුකඩාගන එලියට වැටෙන්න ආව වගේම කාපු කෝන් ආපිට ඔක්කොම වමනෙ කෙරුවා ...
" මං තෝව මෙහෙ එව්වෙ වැද්දොත් එක්ක ජවුසන් කෙලින්ඩනෙ....වර හොද සිහියට...පල වතුරට...."
මගෙ ඇස් දෙකෙන් කදුලු බේරුනා...කෝන් කාපු මට දැනුනෙ බුලත් විටට හුනුයි දුන් කොලයි ඕනවටත් වඩා ඔබාගන කාලා මත් උනා වගේ හැගීමක් වෙනකොට මම මගෙ වටේ උන්න ටික දිහා බලලා පස්සෙන් පස්සට එනකොට අර කෙල්ල මගෙ ගාවට එන්න හැදුවා වගේම ඒකි එනවා එක්කම් ඒකිගෙ ඔලුවට කපුටියක් පිටින් කපුටු කූඩුවක්ම ඔලුවට වැටිලා කාක්කො මංගල්ලයක් ඇවිදින් ඒකිව වහගත්තා ....ඒකිට කාක්කො කොටන්ඩ ගත්තා ....
බ්වෑක්.....
මම වමනෙ දැම්මා.....ගහපු ගැහිල්ල කවුරු උනත් මට ඇහුන කට හඩ එක්ක ඒ නම් මගෙ අග්නිගෙ කට හඩ කියන එක මතෙන් වගේ දැනුනා....
මාව අද මරාවි...
බ්වෑක්....බ්වෑක්...
මම දිව්ව...කොන් වල්ල සීසීකඩ විසික් වෙනකොට කෑවෙ කෝන් ගෙඩියක් උනාට හත් මාසෙක දේවල් එලියට එන්න තරම් මම වමනෙ දදා දිව්වා ....අවසානෙදි මැනික් ගගට බැහැගන්ඩ අඩිදහයක් පහලවක දුර තියලා මම එතනම තිබුන ගහක් බදාගන ආයම ඔලුව ගහනකොට කවුරු හරි මගෙ උරහිසට අත තිබ්බා...මම දන්නෑ මොකාද කොයන්ඩ...ඒත් මට ඔලුව උස්සන්ඩ බය හිතුනා...මීට කලින් මොන මගුලක් වෙන්ඩ ගියාද නොදන්න මම බයටම ඔලුව ගහන් ඉන්නකොට මගෙ උරහිසට අත තිබ්බ කෙනා ඊලග පාර මගෙ පිට කොන්ද දිගේ අත ගානවා දැනුනා මම ඇස් දෙක පියා ගත්තා ...පියා ගත්තෙ නෑ මට ඉබේටම ඇස් පිය උනා...
උඹලව සුනංගු කරනවා නේද...
සුලු සුලුවෙන් හරි බාදා කරනවා නේද.....
මාව නිකන් කරකවලා ඇතෑරියා වගෙ උනා....වෙච්ච දේවල් ඇහෙන් දැක්කා වගේ කියනකොට මම ඔලුව ඉස්සුව.....
කපු මායියෙක්.....
ඔ...ඔයා.....
මම...උඹලට නම දැනගන්ඩ ඕනද.....

එ...එහෙමයි...මෑනියනි...
උවමනා නෑ...මන් මේ නිකම්ම නිකන් අඩව් අල්ලන මායියෙක්.....
මට පිලිගන්න හිතුනෙ නෑ...උන්න විදිහ ඒ බලන බැල්ම එක්ක මට මේ ඉන්නෙ නිකම්ම නිකන් අඩව් අල්ලන මායියෙක් කියන්ඩ හිතුනෙම නෑ....මම මගෙ ඉස්සරහා උන්න කපු මායියගෙ උඩ ඉදන් යටටම බැලුවා...අනිවාර්යයෙන්ම මේ ලග පාත සාත්තර පොලක් දාගන ඉන්න කෙනෙක් වත් වෙන්ඩ ඕනා....
උඹලට කරගන්ඩ ආව කාරියක් තියනවා නම් කරගන පලයල්ලා.....අර රැහෙ එකිලා උඹලට වහ වැටිලා.....ගිලපු දෙයක් තියානව නම් ඇගිල්ල ගහලා හරි වමෑරපල්ලා.....
ම්...මෑනියනි.....
මට කතා කරන්න දුන්නෙ නෑ..ගිලපු දෙයක් තියනවා නම් ඇගිල්ල ගහලා හරි වමෑරපල්ලා කියපු කපු මායියා කොන්ඩෙත් වන වන ආවේසෙන් වගෙ යන්න යනකොට එයා ආයම හැරිලා බැලුවා ...
මං වාසල මෑනියො...උඹලට වැඩක් පොලක් කරගන්ඩ තියේ නම් වරෙල්ලා....
වැඩක් පොලක් කරගන්ඩ තියේ නම් වරෙල්ලා කිව්ව කපු මායියා යන්ඩ යනකොට මං ඇගිල්ල ගහලා පිත පවා එලියට එනකම්ම වමනෙ කරලා කරලා අවසානෙදි පන නැතිව ගහට හේත්තුවෙනකොට ඈතම ඈතින් ආයමත් සීනු සද්දයක් ඇහුනා.....හිටගන ඉන්නවත් පන නැති මම සීනු සද්දෙ කොහෙන් ආවද කියලා බලන්න ඔලුව හරවනකොට මං තනි පන්ගලමෙ එන ඇතෙක් දැක්කා...කකුලට දම්වැලුත් නැති...ඒකව රකින්ඩ කියලා ඇත් ගොව්වෙකුත් නැති එකෙක්.....බෙල්ලෙ තිබුන සීනුව ඌ තියන අඩියක් අඩියක් ගානෙ හෙලවෙනකොට ඒකා වතුරට බහින හැටි බලන් ඉදපු මාත් හෙමීට වතුරට බැස්සා ....
අග්නි කිව්ව විදිහට මුරුතැන අග්නි වෙනුවෙන් . ..කඩවරේ මං වෙනුවෙන් හස්තියෙක් ලවන් වෙනුවෙන් .....තවත් බලන් උන්නොතින් මට තවත් භාදා වෙයි කියලා හිතෙද්දි මත් ගතිය යන්න මං වතුර ටිකක් අරන් මූන තෙමාගන වතුරට බැහැපු තනිකඩයා ගාවට බයෙන් බයෙන් ලන් උනා....
හේ කැකුලි....කැකුලී....🙈🙈ජොබී කැකුලා නිදහාස්ස්...!!!
ජෝබී මංගජ්ජනවා....ඔය කැකුලියො ටික...කැකුලො ටික පයිස්සමින්...🤭🤭
මම
Ferdeesha ❤️💚😘 ...