Cherreads

Chapter 37 - 37

චටාස්...!!!

ඒ ගහපු ගැහිල්ලට මගෙ ඇස් දෙක වැහිලා ගියා.....

ඒගහපු ගැහිල්ලට මගෙ හුස්ම හිර වෙලා මට කතා කරගන්න වචන නැති උනා...

ඒ ගහපු ගැහිල්ලට මගෙ කන් අඩි පසාරු කරගන ගියා...තත්පර ගානක් කන් ඇහෙන්නෙ නැති උනා වගේම අඩන්න කදුලු ඉනුවෙත් නැති උනා....

චටාස් .....

තව පාරක් ....

චටාස්...

පාර පිට පාරවල්...පාර පිට පාරවල්...

වේදනාව ඉවසන්න බැරිම තැන මම අග්නිගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.....

ගහන්න එපා අග්නී කියලා ...

මට නෙවෙ ....එයාට.....

ඒ හැම පාරක්ම ගහගත්තෙ මට නෙවෙ දෙයියබෙ එයාට ....

එයා අලුත් වේදනාවක් දෙන්න පුරුදු වෙලා....එයා මට ගහනවා වෙනුවට එයාටම ගහන්න පුරුදු වෙලා....

අනේ...අග්නීහ් ...එපා...එපා...අනේ..අගෙ....අග්නී...හ්....මාව මැරේවි...එපා අග්නි...අනෙ මං උඹට වදින්නම්.දෙයියො එපා....

යකෙක්ට දෙයියො කියලා කියන්න....

ඒ මොන විහිලුවක්ද...

එහෙම බැලුවම යකෙක්ට ආදරේ කරන එක විහිලුවක් නෙවෙද ....

මම අග්නිගෙ කකුල් අල්ලන් ඇඩුවා..දැන් ඇති නවත්තන්න නවත්තන්න නවත්තන්න කියලා ...වස්දන්ඩෙ කෑලි මටවත් හොයන්න බැරි තරමට පොඩි පට්ටම් වෙලා තියනකොට මම ඇඩුවා...ඒ ගහන හැම පාරක්ම වදින්නෙ මගෙ හදවතට ....මගෙ පපුවට....මගෙ ආත්මෙට...

දෙයියනේ අග්නීහ් ..ඕක නවත්තපන්....ඕක නවත්තපන්...කිව්වම අහලා ඕක ..නවත්තපන් යකෝ....ඕක නවත්තපන්.....යකො....

චටාස්.....

මම.අග්නිට ගැහුවා ...විශ්වාස කරන්න පුලුවන්ද ....මම යකෙක්ට ගැහුවා....යකු ඕන තරම් මිනිස්සුන්ට ගහනවා...මම අග්නිගෙන් ඕන තරම් ගුටි කනවා....ජීවිතේ පලවෙනි වතාවට මම යකෙක්ට ගැහුවා.....එයාගෙ කකුල් ගාව වැටීගන උන්න මට තවත් හෙන පුපුරන සද්දෙ අහන් ඉන්න පනක් නැති උනා.....මගෙ කන් අඩි පැලිලා ගියා...හදවතට දරන්න පුලුවන් සීමාව පන්නලා තිබුනා අවසානෙදි මම එයාගෙ කම්මුලට අත දිගෑරලා ගැහුවා....

මෙච්චර වෙලාම ගහක් ගලක් වහෙ ඉදන් එයාට ගහගත්තු අග්නිට දැනෙන්නෙ වත් නැති මගෙ කම්මුල් පාරට ඒ ඇස් වලට කදුලු ඉනුවා.....

" මට සමාවෙයන්..."

අග්නී....

" උඹ ගාව ඉන්නම ඕන තැන උඹව තනි කෙරුවට...."

අනේ...අග්...නීහ්...

" මට.සමා වෙන්න ....සීතලේ ගැහෙන හැටි දැක දැක පැත්තක් බලන් උන්නය....අග්නී...අග්නී අග්නී ගගා හොයනකොට ඇහුන් නෑ වගේ උන්නට...ශිවන් ...මම...හිතක් පපුවක්...නැති එකෙක්.....මගෙ...අම්මට...බැරි...උනා මට හැගීම් කවන්න....බඩවැලක් තියෙන්නෙ.....අම්මා කටින් දාගන්න දේ පන ගැහෙන නොදරුවට යන්න විතරක්ම නෙවෙ...අම්මගෙ...පපුවෙ ගැහෙන හැහීමුත් දරුවට දැනෙන්න ...මට....හැගීම්....දන්නෙ..නෑ....බලන්...ඉගන...ගත්තුව...ඇරෙන්න...මට....දැනීම්...දන්නෙ...නෑ....මට...උඹව...මගෙ....අත්වලින්...මරාගන්න...බැරි...කමට...මම...ඈත්...උනා...මිසක්කා මේ හිතක් පපුවක්...නැති....එකාට....උඹව..මරා...ගන්න....ඕන...උනේ...නෑ...මගෙ...ශිවන්....මම....මම...යකෙක්...මම...මහ ..නපුරු...ම...නපුරු ...යකෙක් ...තෙතමනයක් ..ගෑ...වුනේ ..වත්..නැති යකෙක්....."

අනේ...අග්නීහ්...

මට කියන්න.....මම මේ වචන කොහොම ඉවසන්නද කියලා....මෙ වචන පපුවට බරයි දෙයියනේ ...අනේ...එයා කරන්නෙ එයාවම වැරදි කාරයා කරගන්න එක....නෑ..එයාට හිතක් පපුවක් නැත්තෙ නෑ ....එයාම කිව්ව....එයාගෙ තාත්තගෙ පැත්තෙන් හිතන්න එපා අම්මගෙ පැත්තෙනුත් හිතන්න කියලා .....නෑ...නෑ...මගෙ අග්නිට....ආදරෙ කරන්න දන්නවා...අනේ...මගෙ....ආග්නිට...ආදරේ කරන්න දන්නවා.....නැත්තන්....නැත්තන්....එයා මං වෙනුවෙන් බලන් ඉන්නෙ ඇයි...මගෙ අග්නි අනේ ..එයා නරක නෑ ...

" ශිව...න්..."

එපා...අනේ...මගෙ...අග්නි එපා...මේ කතාව...ඉවරයි මගෙ අග්නි...ඇති ..මේ කතාව මෙතනින් ඉවරටම ඉවරයි...මේ ඇති මගෙ අග්නී...අනේ....මේ හොදටම ඇතිනෙ...මේ කම්මුල්...අනේ...උඹ ගහගත්තු පාරවල් රිදෙන්නෙ මටයි මගෙ අග්නී ...

"......."

මම ඒ කම්මුල් අත ගෑවා...සීතල කම්මුල් අල්ලෙ පාරට රතු වෙලා රත් වෙලා තිබුනා.....එයා බලන් උන්නා....වචනයක් වත් නොකියම...අහන් උන්නා...මගෙ දුක් අදෝනාව...එච්චරයි ....එච්චරම එච්චරයි .....එයා මට හරි අපූරු වචනයක් කිව්වා....."මැනික".

...මෙච්චර වෙලාම අඩපු ඇස් වල කදුලු අනිත් පාර ආදරෙ හන්දා ගලන්න ගත්තා ....

ගෑනු හරි පව් බන්.....කොච්චර රිදෙව්වත් "මැනික" කියලා කිව්ව ගමන් එකම එක වචනෙකින් උන් හරි ලස්සනට හිත හදාගන්නවා...උන්ට ඕනා අදරේ. ..

කවදද...කොතනද...කොහෙද මොන වෙලේ දැකපු වචනට ටිකක්ද දන්නෙ නෑ.....අහම්බෙන් උනත් ගැලපෙනම තැනදි මට ඒ වචන මතක් උනා.....

එයා මට මැනික කිව්වා.....ඒකත් නිකන්.....මට කියන්න.තේරෙන්නෙ නෑ...අග්නි ආදරේ බර කොයි තරම්ද කියලා මට මනින්න තේරෙන්නෙත් නෑ....ඒඑ ආදරේ හරි බරයි ..වෙලාවකට මහමෙරු පරවතේටත් වඩා උසයි ...කිරි මුහුදටත් වඩා ගැඹුරුයි .....

එයා මාව තනි අතකින් වඩා ගත්තා...වඩා ගත්තා කිව්වට මගෙ අඩුවල මගපට ඇගිලි දෙක බිම ගෑවුනා . .

" උඹ හිටන් ඉන්නෙ බලු බෙට්ටක් උඩනෙ මැනික"

මගෙ දෙයියනේ අග්නීහ් ...

අර හැම හැගීමක්ම එක වචනෙකින් කාලා දැම්මා....මේ යකා මගෙ හැගීම් කලතවනවා.....ගොරකා කැලේට ආව තැන ඉදන් වෙච්ච දේවල් හිස් පිටුවක අකුරු කෙරුවොත්...ඕනා නම්...පිටු බාගයක්...පිටුවක් යාවි ...ඒත්....ඒ පිටුව....පිටු බාගෙ අස්සෙ හරි පුදුම දෙයක්.තිබුනා....හැගීම් තුන් වර්ගයක්.....එයා හැගීම් තුන් වර්ගයක් මට එකම අවස්තාවෙ විදින්න දුන්නා...

ඒක ලේසිනෑ.....මුලදිම පපුව පලාගන අඩන්න හදපු මට....ඊලග තත්පරේදි එයා මැනික කිව්ව....ඊලග තත්පරේදි එයා මට නොහොබිනා කතාවක් කිව්වා.....අඩපු මම අවසානෙදි හිනා උනා....

.මගෙ අග්නි....දෙයියන් පල්ලයි ...උඹ අධිමාත්‍රාවක්....!!!!

අග්නී....

"ශ්ශ්...එපා කතා කරන්න.....මගෙ ශිවන්.....උඹ ඕනාවට වඩා අඩනකොටත්...මට බයයි.....ඕනාවට වඩා ආදරනීය වෙනකොටත් මට බයයි....ඕනාවට වඩා හිනා වෙනකොටත් මට බයයි මගෙ ශිවන්..."

තනි අතෙන් එල්ලන් උන්න මාව එයා ඇගට හේත්තු කරගන එහෙම්ම ගස් කදකට හේත්තු වෙලා කියවන්න ගත්තා එයාට බයලු....ඕනාවට වඩා හිනා වෙනකොටත් බයලු ...ඕනාවට වඩා අඩනකොටත් බයලු....ඕනාවට වඩා ආදරනීය වෙනකොටත් බයලු....මම ඒ ඇස් දිහා බැලුවා....."මගෙ ආදරනීයම යක්ශ ආත්මය..."මම හිතින් මිමිනුවා...

මගෙ අග්නී.....

" මං බයයි ...යක්කුන්ටත් බය හිතෙනවා ශිවන් .....මෙන්න මෙතන..මේ හමට යටින්....ඇටකටු අස්සෙ හැංගිලා තියන දේ ගැහෙන එක නැති උනොත් උඹලා ආය කවදාවත් ඇස් අරින් නෑ...උඹලට....මොන දේවත්...ඕනාවට වඩා දරන්න බෑ....එහෙම....එකේ...මට...බයයි ...උඹ වැඩි පුර අඩනකොට.....වැඩි පුර හිනා වෙනකොට ...වැඩියෙන් ආදරේ කරනකොට ...".

එහෙනම්....ඇයි මාව දාලා ගියේ අග්නි...

"..."

උඹ නැතුවත් මගෙ පපුව ගැහෙන්නෙ නැති වග උඹ දන්නෙ නැද්ද මගෙ අග්නි....

මම එයාගෙ මුලු මූනම අත් දෙකෙන් අල්ල ගත්තා .එයා බලන් ඉන්නවා...අනේ....ඒ ඇස් වල කදුලු පටලයක් බැදිලා....මට මගෙ ඇස් වල කදුලු හිදිලා ගියත් කමක් නෑ....ඇස් ගෙඩි පිපිරුවත් කමක් නෑ....අනේ ඒත් එයා අඩනවා බලන්න බෑ....

සමහර විට....ඒක වෙන්න ඇති මැරෙන්න තරන් ආදරෙයි කියන්නෙ...එයා ඔහේ මා දිහා බලන් උන්නා....මම මොකුත් නොකියම එයාගෙ බෙල්ල වටේ මගෙ අත් දෙක ඔතා ගන්නකොට එක අතකින් මාව උස්සන් උන්න එයා අනිත් පාර අත් දෙකෙන්ම උස්සගත්තා....ඒ ටිකකිම්ම මාව වඩාගන එයා අදත් කටු දිවුල් ගහට බඩගාන්න ගත්තා....

මරු...යක්කු ගස් නගින වෙලේ යකෙක් එක්කම ගස්.නගින්න වෙනකොට ....කජු අතු අස්සෙන් එන සිනි ගද...ගොරකා ගස්වල අතු හෙල්ලෙන හැටි...මේ ඔක්කොම අස්සෙ මම හිමීට කකුලෙ යටි පතුල බැලුවා ඇත්තටම මට බලු බෙට්ටක් පෑගිලාද කියලා ....

අම්මෝ...නෑ....බලු බෙට්ටක් පෑගුනා නම් ඉදීවි....චික්කෙ ....ගන්දස්සාරෙ බැරුව යාවි....

..අග්නී....

"ම්ම්ම්ම්...."

අග්නී.....

" ම්ම්ම්ම්....."

මගෙ අග්නියෝ.....

" මොකද යකො...."

මට හිනා ගියා ....පපුව පාරවන වේදනා දැන් කොහෙන් ගියාද නෑ....එයා මාවත් උස්සන් කටු දිවුල් ගහේ මැදකට නැගලා අවසානෙදි දෙබොක්කක ඉදගන මාව උකුලට ගත්තා..මගෙ අඩු දෙක පහලට එල්ලෙනවා...මම එහෙම්ම ඒ පපුවට හේත්තු වෙලා බොරූවට අග්නී අග්නී ගගා කියවනකොට අග්නියට අග්නිව වැහෙන්න ගත්තා වගෙම මගෙ උරහිසත් හැපුවා ..මහ පිස්සු යකෙකෙ මේකා...මගෙ දික් දන්ඩා.....

අග්නී ...

"ම්ම්ම්..."

ඔයා කොහෙද අග්නි ගියේ....

මම එයාගෙ මුන පැත්තට හැරිලා කොහෙද ගියේ කියලා අහනකොට අතක් කටේ දාගන නියපොතු හප හප උන්න අග්නියා මාව තඹේකට නොගෙන නියපොතු හපන්න ගත්තා .හොදම දෙ මේකා මේ හපන්නෙ උගෙ අතේ නියපොතු නෙවෙ මගෙ අතේ නියපොතු ...

.ඌ....ව්හ් ....හමත් එක්ක ගලවනවා....අග්නි එපා ..කැතයි ..හපපුවාම...ගෙදර කටර් එක තියනවා ...

මම කෑ ගැහුවා...මම කියන කරන දේ ගානකට නොහෙන මගෙ අතේ තිබුන නියපොතු කන අග්නියා ඊලග පාර අවසිහියෙන් ඉදන් මගෙ මහපට ඇගිල්ලෙ නියපොත්ත කාලම දානකොට මම මැරෙන්න හැදුවා....

" ම්හුක්.."

ම්හුක් ගාන්නෙ....එපා...අග්නි...මේ හිරමන දත් වගේ....කැත....ගෙදර නියකටර් එකක් තියනවනේ...

" ඒ ගෙදරනෙ....දැන් ඉන්නෙ ගෙදර නෙවෙනෙ...මේ මගෙ ගාව දත් දෙකක් තියනවනේ....."

යෝ.....හ්...අග්නී ...හ්...බිබික්කමක් වෙන්න එපා අප්පා...

"හා...."

නවත්තපන් ඕක දෙකක් අනින්ඩ කලින්...

"බෑ....ඇයිඑ.....ඈ...ඇයි ඒ...."

වැඩක් නෑ....මේ අග්නියට එක එක වෙලේට එක එක වෙස් පෙරලෙනවා....වැඩිය මොකුත් කියන්නත් බෑ...අග්නියට තරහා යන්නෙ හිතන්න බැරි වෙලේට මේකා මාව අල්ලා විසික් කෙරුවොත්.....ඇට කටු ගේන්ඩ වෙයි.....

මම අග්නිට හේත්තු උනා අහන දේකට උත්තරයක් නොදෙන අග්නි මගෙ අත් දෙකේම නියපොතු කාලා දාලා තිබුනා.....

අග්නී.....

"ම්ම්ම්ම්ම්"

මං ආයම කතා කෙරුවා ...මට දැන ගන්න ඕනා උනා එයා කොහෙද මාව දාලා ගියේ ගියේ කියලා....එයා කොහෙද මගෙ ඇස්වලින් වහන් වෙලා උන්නෙ කියලා ....

අග්නි ඔයා කොහෙද අග්නි ගියෙ.....මං කොච්චර හෙව්වද අග්නී...මට....මට වේදනයි අග්නී...

"මං කොහෙ යන්නද මැනිකෙ....අනික...උඹලගෙ අම්මා පහන නිවලා ගියෙ මට එහෙ මෙහෙ ඇවිදින්ඩ නෙවෙ...උඹලා දෙන්නව බලාගන්ඩ කියලා ....ඉතින් මං මේ හතර දිග් බාගෙම රකින්ඩ එපැයිනෙ.....ඇරත්....මම හැම වෙලේම උඹල දෙන්නව හුරතල් කරන් ඉන්නකොට අනිත් ඒවා කව්ද බලන්නෙ ශිවන්...."

ඒත්...අග්නි...

"උඹලගෙ මිනිස්සු උනත් දෙයක් වෙච්ච ගමන් සමාදාන වෙනවද.....ම්ම්ම්...නෑනෙ.....ගින්නක් උනත් නිවෙන්ඩ කල් යනවා....වෙලා යනවා....රස්නේ බාල වෙලා..බාල වෙලා නිවිලා යනකන් ඉවසන්ඩ වෙනවා....මම නැති ටිකට උඹ කරන්න හදන්නෙ තව ගිනි පත්තු කරන එකනෙ ..."

එයා කියනවා එයා මාව දාලා ගියේ නෑලු...ඒත් ඉතින් මම කතාකරනකොට නාවෙ...එක අතකට එයා හරි...ගින්න උනත් නිවෙන්න වෙලා යනවා නේන්නම්....

මගෙ අග්නී.....

" මන්...."

මම අග්නිට තුරුල් උනා...පුංචි එකා උන්නෙ චුට්ටන්ගෙ ගෙදර හන්දා මට බයක් නැති වෙනකොට මම මගෙ අග්නිට තුරුල් උනා...ඊයේ රෑ මාව තනිකරපුවල.වාඩුව ගන්නමද කොහෙද මම එයාට තුරුල් වෙනකොට අර හුරතල් වෙන්න හදන අග්නි පරිනත වෙලා මට ඕන විදිහකට අතට ඉන්න දෙනකොට මං ඒ උකුල උඩ හරි බරි ගැහිල ඉදගන අග්නිගෙ පපුවට ඔලුව තියා ගත්තා ...

අග්නී....

"ම්න්..."

මට කතාවක් කියලා දෙන්ඩකො....

"කතාවක්....?"

ම්ම්...ඔව්.....

"මගෙ පැංචගෙ අප්පච්චිට දැන් මොනවා ගැනද දැනගන්ඩ ඕනෙ....යක්කු පෙරේතයො ගැන ඇරුනම..මං ඔය ලස්සන කතා නම් දන්නෙ නෑ මැනිකෙ....".

එයා කිව්වා යක්කු පෙරේතයො ගැන ඇරෙන්න වෙන කතා දන්නෙ නෑය කියලා ...ඒක ඇත්ත....එයා කොහෙ දැනන් ඉන්නද....

අග්නි.....ඇත්තද අග්නි....මල මිනියක් ගෙයින් පිටට ගන්නකොට ගෙයි වැටකඩුල්ල පනිනකොට යක්කු එල්ලෙන්නවා කියන්නෙ...

"ම්න්....නැත්තන් මොකටද එක මිනිහෙක් උස්සන්න මිනිස්සු හත් අට දෙනෙක් ....මැනිකෙ....මම යකෙක්...ඒක ඇත්ත....ඒත් මන් දෙයියන්ට කැප වෙච්ච එකෙක්.....යක්කු හොල්මන් ප්‍රේත කුම්භාන්ඩ....මුන්ට පය ගහන්ඩ පුලුවන් සීමාවල් තියනවා.....උඹලා නිදා ගන්නකොට ඇයි ගාතා කියන්නෙ....හිත ගැස්සෙනකොට මොකටද ගාතා කියන්නෙ.....උඹලට දැනිලා තියනවද...බුදියගන ඉන්නකොට එක පාර ඇද පැත්තට පැත්තට යනවා. උඹලව වැටෙන්ඩ යනවා.....ම්ම්...උඹලා ගැස්සිලා ඇහැරෙනවා....ම්ම්ම්"

ඔ...ව්....ඒකට එක එක හේතු කියනවනෙ අග්නි....විද්‍යාව...

" කට පියවපන්කො.....උඹ ඔය කියන්ඩ හදන සාත්තරේ ගැන මම දන්නෙ නෑ...ඒත්...යකෙක් විදිහට මං කියන දේ කන් ගනිල්ලකො.....උඹලා කියනවා නේද මැරිලා වගේ නින්ද යනවා...මැරිලා වහෙ නින්ද ගියා කියලා ....ම්ම්.....ඕන් ඔය වෙලාවට උඹලා නොදැනුවත්ම උඹලාගෙ ආත්මෙත් සැරිසරනවා...හරි...සමහරක් එනවා...සමහරක්....ආය එන්නෙ නෑ.....ඕන් ඔය වෙකාවට යක්කු පෙරේතයො...කගෙ හරි ඇගට රිංගන්ඩ බලාගන ඉන්න උන් අර ශරීර කදට ඇතුල් වෙන්ඩ පොරකනවා.....මේ සරීර කූඩුවට ආත්මයක් රිංගවන එක මගෙ ශිවන්...හරියටම අතට ගැලපෙන අත් මේස් එකක් දානව වගේ .....ඒක හරියට ගැලපෙන්ඩ ඕනා...යක්කු පෙරේතයො කොච්චර රිංගන්ඩ බැලුවත්...උඹලගෙ ආත්මෙ වැඩිය දුරකට නොයා උන්නොත් ඩාන් ගාලා සරීර කූඩුවට රිංගනවා...ආන් ඒ වෙලාවට තමා උඹලව ඔය ගැස්සෙන්නෙ....හැබැයි ඉතින්...උඹලගෙ ආත්මෙට ආපිට එන්ඩ මග වැරදුනෝතින්.....ආපිට එනකොට තව එකෙක් අල්ලගන උන්නොතින් හරි වෙන්නෙ...එක්කො...උඹලා මැරිලා වගේ ජීවත් වෙන එක...නැත්තන් මුලු සර්වාංගෙම අසුද්දයෙක්ට අහුවෙන එක.... "

මම අහන් උන්නා...අහන් උන්නට වඩා මම කෙරුවෙ අග්නිගෙ අස්සෙ හැංගුන එක....එයා කියන අකුරක් ගානෙම මම අහන් උන්නා මිසක්කා ආයම මැදින් ඇඩ් දාන්න ගියේ නෑ....මොකද භූත විද්‍යාව වගේම විද්‍යාව පටලවගන්න ගියෝතින් මට මැරුන් කන්න වෙනවා.....විද්‍යාවෙ කියන හැටිය ඔය ගැස්සෙන්නෙ නිදාගන ඉන්නකොට මුලු සර්වාංගෙම අංගභාග තත්වෙකට දෝ මැරිලාදො කියලා හොයලා බලන්ඩ මොලෙන් පනිවිඩයක් යවන එකලු...මට ඔය ගැන දැනුමක් නෑ..මොකද මම දොස්තරයෙක් නෙවෙ ...

" උඹලා කොඩි වින ගැන දැනගන්න ඕනා....ආපිට කොඩිවිනයක් කපන්ඩ දැන ගන්ඩ ඕනා.....පිල්ලියක් ආපිට හරවන්න දැනගන්න ඕනා.....ඔව්වා සෙල්ලම්.වැඩ නෙවේ මගෙ ශිවන් ..ඔව්වා මහ බලගතු වැඩ....සාත්තර කෙරුවාව විහිලුවට ගන්ඩ හිතන්ඩ වත් එපා...උඹලා පොරොන්දු දෙන්නෙ යහපත කරනවා කියලා මිසක්කා ....අහිංසකයන්ට වින කටිනවා කියලා නෙවෙ....තේරුනාද....වශී ගුරුකම්....ඔල්මාදෙ ඉහට ගැහීම්....ඔව්වා උඹලට ඇකැපයි....උඹලා වෙද හෙද පොත් වලටාත ගහන්ඩ ඕනා....හැම තෙලකටම ඉහලින් ඉන්න ඒ බලගතු තෙල හදන්ඩ ඉගන ගන්ඩ ඕනා...තේරුනාද උඹට....ම්ම්ම්..."

එයා මාව තුරුල් කරගන එකින් එක කියලා දෙනවා....එයා කියනවා වගෙ ඔව්වා හදන්ඩ වෙලා තියනවා...මන්තර මතුරන්ඩ පොත් කටපාඩම් කරන්ඩ වෙලා තියනවා ඒ අකුරු වලට පන පොවන්ඩ ලඝු ගුරු අකුරු වලට පන පොවන්ඩ වෙලා තියනවා.....මම ඈනුමක් ඇරියා... ගොම්මන පහු වෙලා රතු පාට වලාකුලු අතුරුදන් වෙවි මුලු අහසම කලු පාට වෙන්න හදනකොට කටු දිවුලේ අතුවල තිබුන වඩු කුරුලු කූඩු ලාවට හෙලවෙන්න ගත්තා ....

අග්නී....

"ම්න්...."

කොඩි වින හැදුනෙ කොහොමද....

"කොඩි වින්ද....ම්ම්ම්...උඹලා මේවා අහන්නෙ යක්කු ජවුසන් නටන වෙලේනෙ මැනිකෙ ...."

අනේ අග්නී.....ඔයා ඉන්නවනෙ මගෙ ගාව....

මම එයාට කරදර කෙරුවා...කූරු ගෑවා...හොරාවට හැපුවා....අග්නියගෙ පපුවට අත තිබ්බා.....අග්නියා පිස්සු වැටෙන තැනකට මාත් අත තිබ්බා....මගෙ වගේ නෙවෙ...අග්නියගෙ පපුව අතට පුරවලා අහුවෙනවා.....මං චුට්ටක් මිරිකුවා....ආයම ඇද්දා.....ආයම අත ගෑවා...

" උඹලා කොඩිවින ගැන අහන්නෙ මේ බොලද වැඩ කර කරද...."

මට ලැජ්ජා හිතුනා.....අග්නිගෙ පපුව මිරික මිරික උන්න මට එයාගෙ වචන එක්ක අවංකවම ලැජ්ජාවක්.දැනුනා...ඒත් ඉතින් මොකට ලැජ්ජා වෙන්නද...අග්නිට පුලුවන් නම්...ඇයි මට බැරි...මගෙනෙ....මම එහෙම්ම ඒ පිරුන පපුව මැදට මූන ඔබාගන්නකොට අග්නියා මගෙ හිස් මුදුනට ආදරීය හාදුවක් තිබ්බා ...

මං ඒකට ආසයි ...කට උල් කරලා සෝබනේට දෙන හාදුවකට වඩා නහය තියලා සුවද උරන හාදුවට මම ආසයි...ඒ හාදුව හරිම ආදරනීයයි.....

" උඹලය දැන් දැනගන්නම ඕනෙද ...."

ම්ම්...කියලා දෙන්නකො....

"ම්ම්ම්..කෝ ඔය පෙරේතකම් කරන එක නවත්තලා ඩීංගිත්තක් උඩට වරෙන්කෝ උඹව ලෙස්සලා ගිහින් වැටුනොතින් දෙකට මැදිම කොන්ද කඩලා යාව්"....

කරන්න දෙයක් නෑ...මගෙ කට නලියෑවා...අත් දෙක කොකියෑවා.....හිත කීව්වෙම අල්ලපන්...මිරිකපන් අතපත ගපන් කියන එක වෙනකොට අල්ලලා විතරක් මදි මම කටෙත් ගහගත්තා .....තහනමක් නෑනෙ.....

අග්නි මාව උඩට ඇද්දා....ඒත් මගෙ කටට අනු වැටිලා....මම නෙවෙ අතෑරියෙ ...කූඩල්ලා වගේ එල්ලීගන උන්න මිසක්...මම අප්පච්චි කෙනෙක් කියන එක පවා අමතක උනා....

නෑ..එක අතකට...ආදරේ කරන්න...විදින්න...හුරතල් වෙන්න ඇයි වයසක්.....

මම හොදට හරි බරි ගැහිලා කතාව අහන ගමන් කට ගැස්ම සූප්පු කරන්න ගත්තා ...

"ඕන පෙරේත කමක් කරපන් මැනිකෙ ඔය ඉස්සරහා තියන දොරපියන් සයිස් දත් වද්දන්නෙ නැතුව ...තේරුනාද....?"

ම්හුක්...පටන් ගන්නකො....

" යෝ.....හ්....කොට මගුලගෙ හුරතලේ...ඉතින් බලපන්කො...උඹලා හුරතල් වෙන්න ගත්තම යකෙක්ට උනත් සිල් බිදින්න ...කරගන්න මගුලක් කර ගනිල්ලකො.වැටෙන් නැතිව ...ඔන්න අහගනින්...ආ...මැදින් කතා කෙරුවොත් කට තලනවා මම්...."

ම්ම්ම්.....

"මැනිකෙ..කොඩිවිනෙ උප්පත්තිය ගැන කියන කොට ඕන යකෙක්ට මතක් වෙන එකක් තියනවා "හත් අඩියෙ ගුරුකම" කියන කොඩි වින කපන මහ ශාන්තිකර්මෙ කියවෙන " වින උපත " ගැන කවි දෙක තුනක්...දෙක තුනක් කිව්වට දෙක තුනක් නෙවෙ ඊට වැඩි...මං උඹ අහන හන්ද එකක් දෙකක් කනට කොදුරන්නම් මේක ඇවිත් යකාගෙ අඩවිය හන්දා....."

එයා මගෙ ඔලුව අත ගගා කියවන කොට මම හොරා වගේ උන්නා.....

" පළමු කප නැසුණි මේ කුළු වසින ජල ගලා

දෙවැනි බඹ උපත සම්මත නිරිඳු රජ

කළා

එවෙනි දෙව් ලොවට ගුය කල ගන්න බැරි වෙලා

පෙනුනි රජ හැදින වසවතු බිසව සිහි වෙලා"

"ඕන මැනිකෙ එක කවියක් හරි.....තව තියනවා ඒත් ඔය කවි ඔහොම ආවට ගියාට කියන්ඩ බෑ.....උඹලගෙ දැන් ඉන්න හොර මායියලා කපු ගොයියො කරන්නෙම තනිකර හොරට අඩව්ව කියන එක.....ඇති යකෙකුත් නෑ .ඒකලා නිස්කාරනේ දුම්මල ගගහා නටන එක...ඔන්න ඉතින් කතාව මේකයි....

උඹල අහල තියනවද වසවර්ති මාරයා කියල එකෙක්....ආන් ඒකටයි විශ්නු දෙයියන්ටයි ගනුදෙනුවක් තිබුනා...කතාවෙ හැටියට විශ්නු දෙවියන්ගෙ නංගි වෙච්ච මැනික්පාල කුමාරිව තීන්දු කරලා තිබුනෙ මේ වසවර්ති මාරයටලු...ඒත් මේ විශ්නු දෙවියො මොකක්ද කරන්නෙ.....වසවර්ති මාරයට දෙන්න උන්න නගා පොඩ්ඩව වෙන මගෝඩියක් කරලා... මහාසම්මත රජ්ජුරුවන් වහන්සේට බන්දලා දෙනවලු....හරි .. "....

ම්ම්..හ්...හරි.....

"ඉතින් හිතපල්ලකො මැනිකේ...සහේට ගන්ඩ උන්න නෑම්බිව වෙන එකෙක් ගත්තම මොන යකාටද තරහ නොයන්නෙ....."

ම්ම්....හරියටම මගෙ අග්නිට වගේද...

එයා අහනවා කාටද තරහා නොයන්නෙ කියල...ඇත්තනේ...තරහා නොයන්නෙ කාටද....අග්නි මගෙ දිහා බලන් ඉදලා මෆෙ කම්මුලක් මිරිකුවා ...

"කටවහන් කියන දේ අහපිය...තොට මගෙන් ගුටියක් කෑවෙ නැත්තන් උන වගේ...කොට මගුල මගෙ....කෝ..ඉතින් අහගනිල්ලකො මැනිකෙ.... සහේට ගන්ඩ උන්න ගෑනු පරානෙ වෙන ඒකෙක්ට අයිති උනත් හරි ඕකට වසවර්ති මාරයා තරහා ගන්නවා ....මේකගෙ හිතට දැන් විසුමක් නෑ....ඇයි ඉතින් මේකගෙ වස්තුවක්නෙ.....තරහව හිත අස්සෙ ගොජ ගොජ ගානවා .....මේකට ඕක අතාරින්ඩ බෑ....හිතනවා පලි ගන්ඩ....පලිගන්ඩ ඕනා කියන චේතනාවෙන් උන්න වසවර්ති මාරයා කල් බලනවා....මේකා මොකද දන්නවද කරන්නෙ...මහාසම්මත රජ්ජුරුවො මාලිගාවෙන් එලි බහින වෙලාවක් බලලා වසවර්ති මාරයා මොකක්ද කෙරුවෙ මහාසම්මත රජ්ජුරුවො වගේ වෙස්වලාගන සිරියහන් ගබඩාවට රිංගුවලු...."

අපෝ....මහ හොද නෑනෙ.....ඉතින්...

"යෝ...හ් පොඩ්ඩක් ඉදිල්ලකො.....අර නොදරුවට එක පාරයි කතාව කියලා දුන්නෙ ඒකා මික් නොගා අහන් උන්නා ...උඹට තමා බැරි....."

හා ඉතින්...කියන්නකො... ඉවසීමක් නැති උනානෙ.....

"උඹට ඉවසීම නැති උනාට මට තියෙන්නෙ කටනෙ....ඔන්න අහගනින්....යෝ...ඉතින් ඒ මදිවට ඈනුනුත් අරිනව...උඹ වැරදිලා අප්පච්චියෙක් වෙලානෙ.....දොන්ත මගුල....ඔන්න ඉතින් වසවර්ති මාරයා මහාසම්මත වගේ වෙස්වලාගන ආවා උනත් මැනික්පාලට ඕක සැක හිතුනලු....සමුනගෙ වෙනසක් තේරුනාලු....ඉතින් මැනික් පාල මොකද කරන්නෙ මෙන්න මෙහෙම අහනවලු...

"ඇයි ස්වාමිනි අද කලිම්ම' කියල...හරී.....

පස්සෙ ඉතින් වසවර්ති මාරයා මොකද කරන්නෙ ඒකගෙ ඇත්ත වේසෙට එනවා...ඇවිදින් කියනව මගෙ ශිවන් ..."විශ්නු මාව රැවැට්ටුවා ඒකෙ පලිය මං තමුන්ගෙන් ගන්නවා "කියලා....ඒ කියලා වසවර්ති මාරයා විෂ දූමයක් පිටකරන පොළගෙක් මවලා මැනික්පාල බිසවගෙ පැත්තට දමලා ගහනවා...ඕකෙන් මැනික් පාල බිසව ලෙඩ වෙනවා ....ඔන්න ඔතනින් තමයි මැනිකෙ වින ඉපදුනාය කියලා කියන්නෙ....මන්තර සාත්තරේ එන පළවෙනි විනය තමයි ඒක....."

ඊට පස්සෙ ...

"ඊට පස්සෙ වෙන දේ මං පස්සෙ කියන්නම්....දැන් ගෙදර යන්ඩ වරෙන්..."

අනේ අග්නී.....

"උඹට මෙතන පෙරෙත කම් කර කර කතා අහන්ඩයි....අරහෙ අර නොදරුවා එක එකාගෙ ගෙවල් වල ඉන්ඩයි....දැන් රෑ බෝ උනා...වරෙල්ලැ ගෙදර යන්ඩ...."

වැඩක් නෑ....එතනින් එහාට මට කතන්දරත් නැති උනා....අත පත ගගා උන්න වස්තුවත් නැති උනා...ඒ උනාට මගෙ අග්නි කියලා දෙන විදිහට හිත ඇදිලා යනවා .....හරියටම අරාබියෙ නිශානන්දය වගෙ.....එයා කතාවෙ අකුරු වලට පන පොවනවා .....කොච්චර මගින් කතා අහන්ඩ එපා කිව්වා එයා මම මගින් හැලේවි කියලා ඉදලා හිටලා මගෙනුත් මොකක් හරි අහනවා .....

එයා මාව තනි අතෙන් වඩාගන බැස්සා ...හැබැයි බිමින් තිබ්බෙ නෑ....තනකොල සීතල වෙනකොට පොලොන්ගු බඩගානවා කිව්වා ...ඒ පාර පොලගෙක් කියනකොට මට මතක් උනේ වසවර්තියා මවපු පොලගා වෙද්දි මං මගෙ අඩු දෙක පුලුවන් තරම් උස්සගත්තා .....

අග්නී....

"ම්න්..."

මං ලමයව අරන් එන්නම්....

"මාත් එන්ඩද....?"

එපා මේ අඩි දෙක තුනනෙ...ඇරත් ඔයා චුට්ටන්ගෙ රොටියත් හොරකම් කරලා අග්නී....

ලමයව ගේන්ඩ කියලා හැරුන මං චුට්ටන්ගෙ රොටිය ගැන අහනකොට අග්නියා අහක බල්ස්න් ඔලුව කහන්ඩ ගත්තා ...අනෙ මුගෙ බොරුව ....මං එන්ඩ ආවා...එයා එහෙම ඉන්නකොට මන් එන්න ආවා .....හැබැයි මගෙ මූනෙ එයා නොදැකපු හිනාවක් ඇදිලා තිබුනා....අඩපු ගුටි කන්න ගියපු මං අවසානෙදි හිනා උනා..කලින්ටත් වඩා මට මගෙ අග්නිගෙ ආදරේ තදිම්ම දැනෙනකොට මං චුට්ටන්ලගෙ ගේට්ටුව ඇරන් වත්තට ඇතුල් වෙනකොට නිඛිල් ඉන්නවා .....මොනවදෝ ගිලිනවා ....

සුදු පුතා .....මොනවද මේ කන්නෙ.....

අප්පු..ච්චියෙ...අප්පු...අප්ප්...අපු....අප්පුච්චියේ...

මාව දැක්ක විතරයි මගෙ බටු ඇටෙ අතේ තිබ්බ එකට් බිම දාලා දුවනකොට චුට්ටන්ලගෙ මල්ලියා....වයිරන් වැටුන පූසා ඇවිදින් අතින් වැටුන එකට ඉවකෙරුවා ....

ඒක පපඩමක්...පපඩමක් අස්සට බත් දාලා...අමන්දියා ලමයට බත් කවලද කොහෙද .....

අයියෙ මේ....මන් නිඛිල්ට බත් කැව්වා ....

මන් හිතුවා හරි...ඒකි කොල්ලට බත් කවලා....මන් කෙල්ල එක්ක හිනා වෙලා තවමත් කටේ බත් තියන් ඉන්න ලමයා දිහා බැලුවා ..

මගෙ පුතා බයි කෑවා .....

අප්පු..ච්චියෙ....අපානෙ...

මොනවද ....

අපානෙ....පුතා...කීන්න..

එහෙනම්....

පුතා...නකෙක්.....නෙ....

යෝ...හ්...නිඛී...ල්ල්ල්ල්!!!

මන් අමන්දියා දිහා බැලුවා ...කිව්වත් වගෙ ඒකි ඇස් ලොකු කරන් මා දිහා බලන් උන්නා...කෙල්ලට මලපෙරේත දිස්ටිය ගහලවත්ද .....ඒ අස්සෙන් පොඩි ඇටයා එකම ඒකා පුතා නෙවෙ යකෙක් යකෙක් ගානවා.....මම ඒ කට වැහුවත් මේකගෙ තියන ඇට්ටර කමට මගෙ අත ගසා දලා ආයම පුතා නකෙක් කිව්වා....

ම්.....ම්ම්...හ්හ්.....අප්පු...චච්චියේ.. .පුතා.නෙමෙනේ....ත...නකා...නේත....

කව්ද නිඛිල් ඔය බහුබූත ඉගැන්නුවෙ.....මේ අමන්දි නැන්දත් බලන් ඉන්නවා....ඉක්කෙ ...අපි දන්නෙ නෑ.... යක්කු අල්ලන් ගියෝතින් ආ...මගෙ පුතා ගුඩ් නයිට් කියන්ඩ යන්ඩ...හොද පුතානෙ..

අපා....අපා.....පුතා.....කී...න්ඩ...අපානෙ.....අනේ.....වන්...ඉනයෝ...අග්ගියේ....හ්හ්...පුතෙ...ක්.....කී...න්ඩ....අපානෙ.....

නකෙක්....නේ....හ්හ්...වන්..ඉනයො....හ්හ්.....පුතත් ..නකෙක්...නේහ්හ්.....

නිඛිල්...කටවහපන් ...

ම්හුක්....අග්ගියේ....හ්.....නකෝ...අපානෙ...ගහ....න්න....නකාත....

පුතාත....

🤭ආය එන්නම්....

පුම්චි පැතියා බුජි...ඔය.ලමයිනුත් බුජියන්ඩ....

මම.....

Ferdeesha ❤️💚😘 ...

More Chapters