Cherreads

Chapter 10 - 10

හැගීම් සීයට අනූ නවයක් එක්ක වතුර එකම එක දශයමයක් කලවම් උන උනුසුම් වේදනා බින්දුවක් මගෙ කම්මුල් හෝදන් පහලට වැටුනා.....

ඩියුටි ෆ්‍රී එකේ මරන දැන්වීම් වල සාතිශ්‍ය සංවේගය කියන කලු අකුරු ගාව ඇහැකින් කදුලු බින්දුවක් වැටෙන රූපෙ ගාව මගෙ ඇස් නැවතුනා...ආය කවදාවත් එයා එහෙ යන්නෙ නෑ...ආය කවදාවත් මට එයා එක එක කාලෙට ලස්සනට ඇදගන යනවා බලන්න හම්බෙන් නෑ....සමහර දාට දනහිසට උඩින් අදින ෆිට් කලු සාය ..අත් දිග සුදු ශර්ට් එක...ආයම බෙල්ලට ගැටගහන ස්කාෆ් එක...නත්තල් සීසන් එකට අදින රතු ටී ශර්ට් එක. ...එක එක සීසන් එකට එක එක විදිහට ලස්සන වෙලා යන එයාව මට ආය කවදාවත් දකින්න වෙන්නෙ නෑ...

සැලරි වැටුන හැම දාකම මං වෙනුවෙන් ෆර්ෆියුම් එකක් ගෙනාවට දරුව ලැබුනත් එක්කම එයා ෆර්ෆියුම්.වෙනුවට මගෙ පුතා වෙනුවෙන් දේවල් ගේන්න පුරුදු උනා...

එයත් මට අම්මෙක් වගෙ.....මොන තරම් මහන්සි උනත් ....ඉරටත් කලින් නැගිටලා කුසියට යන.....වැස්ස වහින හැමදාකම මම කෙරුවෙ තව ගුලිවෙන්න හදපු එක උනත් එයැ කෙරුවෙ සීතල යන්න කෝපි එකක් හදන් උයපු එක....මම නිදා වැටි වැටි පොල් ගානකොට අප්පච්චි යන්න කමක් නෑ කියන එයා මට අම්මෙක් වගේම ආදරේ දුන්නා...

ආදරනීයම පිරිමි ජීවිතේ කොතනක හරි තමන් ආදරේ කරන ගෑනිට අම්මා කියලා කියනවා නම්.....අවංකවම දුගී දුප්පත් පැලක උන්නත් ඒ ගෑනි තරම් වාසනාවන්ත ගෑනියක් මේ ලෝකෙ කොහේවත් නෑ.....මොකද...අම්මෙක් කියන්නෙම ලෝකයක්.....අම්මගෙ තැනම ගෑනිට දෙනවා කියන්නෙ...ඒ ගෑනි මුලු ලෝකයක් දිනලා ඉවරයි....හැබැයි...ආදරනීයම පිරිමි මිසක් දැන් වගේ අම්මා තාත්තා නැහිලා නැහිලා හොයන සොච්චමෙන් අඩි පොලවෙ ගහල රන්ඩු කරලා ගෙදරට හාල් සේරුව සීනි බාගෙ පරිප්පු මිටක් ගන්න ඉතුරු කරත්තු සල්ලි අරන් ගැට තන පෑදෙන්නවත් හිතලා නැති කෙල්ලන්ට අම්මි අම්මි ගාන උන් නෙවෙ....ආදරේ කියන්නෙ මොකක්ද කියන කටින් නැතුව හිතින් වැලද ගත්තු මිනිස්සු අම්මා කියන නම ගෑනිටත් දෙනවා නම්....ඒ ගෑනි වාසනාවන්තයි... 

කරුමෙ වෙන්න ඇති දෛවෙ දන්නෙම ආදරනීයම මිනිස්සුන්ව මගින් උදුර ගන්න....

මම තවත් ටිකක් පෙට්ටිය ගාවට ලන් උනා. .

.ඉරත් පායන් එනවා. ..වෙනදට හදන කිරි කෝප්පෙ නෑ ...වෙනද මඩක්කුවට වැටෙන හාල් මිට නෑ....හිරමනේ උඩ නිදා වැටෙන මට අප්පච්චි ගිහින් නිදා ගන්න කියන්න තව දුරටත් නෑ..කොටිම්ම....අඩින් පස්සෙ මගෙ ගෙදර ඉර පායන එකක් නෑ...

වෙන්දට සම්පූරනම ඇදුම අදින එයා අද බාගෙ ඇදුමක් ඇදන්....උඩ පලුව විතරයි..යට පලුව නෑ...වෙනදට සැප ඇදක නිදියන එයා අද ලෑලි ගොඩකින් හදපු පෙට්ටියකට ලීපොතු පුරවලා මූනිච්චාවට වැඩ දාපු ඇදක් නොවුන ඇදක නිදාගන ඉන්නවා.....

මිනිස්සු එනවා යනවා.....එන එන එකා ඇවිත් එයා දිහා බලන් ඉදලා යන්න යනවා.....

මම එයාගෙ ඉහ උඩින්තිබුන පහනට තෙල් ටිකක් වැක්කෙරුවා ...වෙනදට සුදුවට සිනිදුවට තියන මූන අද ගල් ගෙඩියක් වෙලා තියනකොට මම එයාගෙ නලල උඩින් මගෙ නලල තියා ගත්තා ....

ඇත්ත කියපන් මැනික...උඹ නේද ඒ හාදුව තිබ්බෙ.....

" අනේ ඔහොම ඉන්න එපා ශිවන්...උඹගෙ ඉහ මොල කර වෙයි ...."

වහපු ඇස් දෙක ආයම නාරින එයා ගාවට වෙලා උන්න මාව එයා පිටිපස්සෙ ඉදන් පස්සට ඇද්දා....වෙන මොකටවත් නෙවෙ ෆෝමලීන් සැර යයි කියලා .....

මම හැරුනා...හැරිලා එයා දිහා බැලුවා...

මට මෙයාව පුච්චන්න දෙන්න බෑ අග්නී....පුච්චලා දැම්මොතින් මට ඉතිරි වෙන්නෙ අලු ගොඩක් අග්නී.....ඒත්...මලකදක් වැලලුවොත්.....

" උඹට පුලුවන් ...එයා තවම එහෙම හරි ඉන්නවනෙ හිත හදාගන්න....ඇගේ ඇට මස් දියවි දියවි යන්න ගත වෙන කාලෙ එක්ක උඹට පුලුවන් හිමින් හිත හදාගන්න.....හොදම මතක හැමදාම ඉතුරු වෙන්නෙ හදවතේ මිසක්....උඹලා ඔය අත්වල තියන් ඉන්න ගල් බාගවල නෙවෙ නේද ශිවන්...ඉතින්...එයාගෙ මතකත්...උඹ හිතේ තියා ගනින්..කවදාවත් කාටත් මකන්න බැරි එතන විතරයි ...."

....

" උඹගෙ ඔය අතේ තියන ගල් බාගෙට මාවත් වැටෙනවද ශිවන්....."

එයා මට කිව්වා මගෙ සර්න්‍යව හිතේ තියා ගන්න කියලා ...ටික වෙලාවක් එයා දිහා බලන් ඉදලා කල්පනා කරලා ආයම ඇහුවා මගෙ අතේ තියන ගල්බාගෙට එයාව වැටෙනවද කියලා....එයා ඇත්තටම ඵොටෝ ගන්න ආසද...නැත්තන් .....ඒ ඇස් දැක්කම මට පව් කියලත් හිතුනා.....මම උන්නෙත් වේදනාවකින් උනත්....මට එයා ගැන පව් කියලා හිතුනා.....කොයි වෙලෙත් මාගවට ඇවිත් ඇවිත් බැන බැන යන එයා මෙහෙම වෙනස් වෙනකොට මට අවංකවම වේදනාවක් දැනුනා.....

ම්ම්ම්..දන්නෙ නෑ...මං බලන්නම්....

" එපා..."

ඇයි .....

"මට ඕනෙ....එහෙම මතක නෙවෙ ශිවන්.....උඹට පුලුවන්ද ...මාවත්..ඔය ගල්බාගෙ අස්සෙ නැතිව....හිත අස්සෙ තියාගන්න...."

අග්..නී.....

" එහෙම තියාගන්න උඹට අමාරුද ශිවන්....ඔව් ඉතින් මම යකෙක් නේ....නේද....කමක් නෑ...ඕන් නෑ...."

අග්නී....අග්නි....

මම බලන් උන්නා....එයාම කියලා එයාම ඊලගට එක එක දේවල් කියවන්න ගත්තා ....එයාම එයාට අනම් මනම් කියා ගත්තා.... ...ඊලග තත්පරේදි එයා යන්න ගියා....අඩුම ගානෙ මට ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙ කියන්නවත් එයා ඉඩක් දුන්නෙ නෑ....යන්න ගියා ....

මගෙ පුතා .....

අප්පච්චි ...

අග්නි යන්න ගියා....නිකන් නෙවෙ....සාලෙ කෙරවලක තිබුන කාගෙද මන්දා සෙරෙප්පුවකටත් පයින් ඇනන්....මේ යකා වචනයක් කියන්න කලින් නහින්න හදනවා...මම සාරන්‍යා දිහාවට ආපහු හැරෙනවා එක්කම අප්පච්චි ආවා....මං ආයම හැරුනා...

මගෙ පුතා අර කොලුවට කැව්වා නම්....ඌ නැගිට්‍ට ගමන් නිදි පැදුරෙන් අම්මව හොයනවා .....මං මේ පෝරනේට යන්ඩ කියලා ලැහැස්ති උනේ...ඒකව අරන් යන්නවත් බෑ අඩනවනෙ....ගිහින් බලපන් අඩවන්න එපා අප්පා පව් නොදරුවා ....

මට හුස්මක් පිට උනා බරටම ....

ඇහුනද.....එයා අඩනවලු....දැන් ඉතින් අම්මිගෙ වස්තුව කියන්න වෙන්නෙ මටමද සාරන්‍යා ....ඇයි පොඩි උන්‍ට නැගිට්‍ට ගමන් අම්මවම ඕන වෙන්නෙ...උන් අඩන්නෙත් අම්මෙ කිය කිය එහෙම උනාම අපි කොහොමද ඉවසන්නෙ වස්තුව ....

මලකදේ තනිකරන්න දෙයක් නැතිවෙනකොට එයාගෙ තනි රකින්න අම්මා උන්නා.....ඒ අම්මගෙ ඇස් වල කදුලු තියෙන්නෙ ඊයෙ ඉදන් වෙනකොට මරනේ වේදනාවෙන් අපි උපරිමේටම විදවන ගමන් උන්නා....

ලොකු නංගි...අනේ මගෙ සෙරෙප්පුව දැක්කද.....

අඩන දරුවව බලන්න කියලා මම එන්න එනකොට ඊයේ රෑ ඉලව් රකිනවයි කියල මායන් වෙන්න ආව දැහැමිනි මේ උදෙම්ම නගයෙන් අඩ අඩ පුටු අස්සෙ බඩගාන ගමන් උන්නා....

මොනවද හොයන්නෙ...

අනේ අයියෙ සෙරෙප්පුව නෑනෙ ගෙදර ගිහින් මූන කට වත් හෝදන් එන්න....

මගෙ දෙයියනේ...මේකිගෙ මූන.....පැබ්ලෝ පිකාසො පින්සල පිහපු රෙද්ද වගේ....ඊයෙ රෑ උලපුවා උදේ වෙනකොට දියවෙලා ගිහින් ඇස් යට කලු වෙලා මල යකින්නක් වගේ උන්නා....ඒකි සෙරෙප්පුව හොයනවා.....හිය හොය නාහෙන් අඩනවා...තනි සෙරෙප්පුව දාගන නොන්ඩි කොටන දැහැමිනිගෙ කොන්ඩෙ තනිකරම කපුටු කූඩයක් වගෙ.....මේලි මේ මලගේ අස්සෙ මට පව් පුරවනවා....

ඇදන් උන්න සායත් එක අතකින් උස්සන් ඒකි අම්මා දෙවුන්දරින් ගෙනාව වේවැල් රාක්කෙ ගාවට යනකොට මටත් ඉබේටම සෙරෙප්පුව හොයන්න කියලා කවිච්චිය යටට නැමුනා විතරයි මතක

වැදුන පාරට මගෙ පුක දෙදුරුම් කෑවා ....

"නැගිටපිය ...ආවා මෙතන දුක අහන අයියා වෙන්න...ඇත්තටම උඹලා මහ මෝඩයො...ඇයි මේ ගෑනුන්ගෙ මායන් වලට අහුවෙන්නෙ..."

අග්නී....අනෙ දෙයියනෙ මූ මාව ගහලම කොයි වෙලේ හරි මරලා දානවා...අරකි ඉන්න හන්දා මට අත ගාගන්නත් බෑ...මං හිමීට හැරිලා බැලුවා ...

එයා ඉන්නවා ...හරියටම රුසියානු සුරංගනා කතාවල ඉන්න බාබායිගා යකින්න වගේ....

ඇස් හීනි කරන් තොල්පට තදකරන්...මේකට මොන යකා වැහෙනවදෝ මන්දන්නෙ නෑ...

අගිනිව තරහෙන් පුපුරනවා ....

යකෙක්ට උනත් යකා වැහෙනවා කියන්න මං ඒමූනෙන් දැක්කා

"දුවපන් අර ලමයා ගාවට ආවා මෙතන සෙරෙප්පුව හොයන්න...පයින් ඇන්නෙ මේකිගෙ ලාඩමට කියලා දන්නවා නම් මං තවත් හයියෙන් අනිනවා ..."

දෙයියනෙ අග්නී....ඇයි ඔහොම .....

"එහෙම තමයි..."

මගෙ ඔලුව කැක්කුමයි අග්නි...

"ඉතින්...තව ගෑනුන්ගෙ සෙරෙප්පු හොයපන්.."

එයාට කිව්වට වැඩක් නෑ....එයා දන්නෙ පොඩ්ඩ බැරි වෙනකොට පලි ගන්න...හැංගෙන්න....දැහැමිනි සෙරෙප්පුව හොයලා හොයලා නැතිම තැන නොන්ඩි කොට කොට යන්න යනකොට මං හැරිලා කාමරේට ආවා ...

සුදු මහත්තයා ...පුංචියා වඩා ගන්නද....

අපා...නේ.....අපා..නෙ....අම්..මියේහ්....

සුදු පුතා ...අප්පච්චි ගෙ වස්තුව .....

මං දොර රෙද්ද ඈත් කරලා බෙල්ල දැම්මා.....සාරන්‍යගෙ නංගි ..නංගි කිව්වට ඒකි මහා ලොකු ගෑනියෙක් නෙවෙ..තාම විස්සක්ද කොහෙද ...අනේ ඒකි අඩන කොල්ලව නලවන්න හදනවා...මට පව් කියලා හිතුනා....

එකම එක හිඩැසක් ඇති උනාම....එකම එක බැදීමක් නැති උනහම කොයි තරම් මිනිස්සු අසරන වෙනවද.....

සුදු මහත්තයා ....අප්පච්චි ගෙ වස්තුව .....ඇයි මේ අඩන්නෙ ...

අම්මියේ...

අම්මියා තාම ආවෙ නෑනෙ...

මම ලමයට බොරුවක් කිව්වා ...ඇස්වල කදුලු බල බල අම්මා නෑ කියන්න බැරි කමට තවත් බොරුවක් කිව්වා ....රැයෙන් බාගෙකුත් අඩලා ආයමත් අඩපු ලමයගෙ චූටි මූන රතු වෙලා තියනකොට මං ඇදෙන් ඉදගත්තා වගේම එයාගෙ නංගි මා දිහා බලලා අතේ තිබුන කිරි බෝතලේ දීලා එලියට යන්න ගියා....

සුදු පුතා.....කුක්කු බොන්නෙ නෑද්ද...

ම්ම්හුක්....අපානෙ....

ඇයි ඒ.....අපි දන්නෙ නෑ ...කුක්කු නොබන ලමයිව යක්කු අල්ලන් යයි....

ම්ම්..න..ක්..කු....

ඔව්...ඇස් දෙක...ලොකූ.....නැට්ටක් තිය...න....කලුම...කලු.....කැතම...කැත.....යක්කු ඇවිල්ලා කුක්කු නොබන ලමයිව අල්ලන් යනවනෙ.....

මම ඇදේ ඉදන් අඩ අඩ උන්න ලමයව මායන් දදා මගෙ උකුල උඩට අරගන සූප්පු බෝතලේ කටට ලන් කෙරුවා .....

මගෙ පුතා කුක්කි බොනව නෙද..

නානෙ...අපානෙ....ම්ම්හුක් ..අපානෙ....

අප්පුච්චියෝ...

අනේ....ඉතින්...කුක්කු නොබිව්වොත්.....යකෙක් ඇවිල්ලා ගිලියි....

" උඹට අන්දකයිප්පුද? උඹ බලන් උන්නද?"

මම හැරිලා බැලුවා....ජනෙල්.තිරේ ලාවට හෙළ උනා...වෙන කව්ද ඉතින් ...අග්නි මිසක්.....යකෙක් ඇවිත් ගිලී කිව්වා විතරයි එයා මට බනින්න ගත්තා ...

මම ආයම හැරුනා .....අවුල් උන කොන්ඩෙත් අතින් හදපු මම කිරි බෝතලෙ හොලවලා එයාගෙ කටට ලන් කරනකොට එයා අහක බලාගත්තා ....

අනේ මැනික.....කුක්කු නොබී උන්නාම මගෙ පුතා බඩ ගින්නෙනෙ....හොද පුතානෙ .අප්පච්චි ගෙ වස්තුව නේද...

අම්මිගෙ...අස්තුව...

ඔව්....ඉතින්....අප්පච්චිගෙත් වස්තුවනෙ....

ම්ම්ම්...ම්ම්....අප්පුචියෝ.....අම්...මි...අම්මි.....

අම්මියා වැඩනෙ.....ඔහොම ඉන්න අපි අම්මියට හලෝ අම්මී බබා කුක්කු බොන්න යන්නෙ කියලා කොල් එකක් අරන් කියමු....කෝ බලන්න ඵෝන් එක.....

ම්ම්ම්...යයි..යයියා...ගාන....එකත...

ඔව්.....කෝ මගෙ පුතාගෙ යයි යි යා ගාන එක....

කෝත....යයි යයි යා..කෝත....

මෙච්චර වෙලාම කෙදිරි ගගා උන්න කොල්ලට අම්මට කතා කරමු කිව්වාව් විතරයි හා කියලා ඔලුවත් වනලා එයාගෙ කොයි බට්න් එක එබුවත් යයි යයි යා ගාන ඵෝන් එක හොයනකොට දොර රෙද්ද ගාව උන්න අග්නි සෙල්ලම්.ගල් බාගෙද අහනකොට මම ඔලුව වැනුවා....

" සෙල්ලන් ගල්බාගෙද හොයන්නෙ"

නානෙ....අප්පුච්චියෝ.....නානෙ.....

ආ..නැද්ද....එහෙනම්....අපි අප්පච්චිගෙ යයි යයියා කියන එකෙන් ගමු....මගෙ පුතා මේක බොන්නකො....නැත්තන් අම්මියට දුක හිතෙයිනෙ නේද...

ම්ම්..නේත.....

එකනෙ....

එයා එක කිරි උගුරක් බීලා මා දිහා බලනකොට මම මගෙ ඵෝන් එක අරගන එයාගෙ කනට තිබ්බා.....

මෙන්න අම්මියා ඉන්නවා...මගෙ පුතා කුක්කු බොනවා ඉක්මනට එන්න කියන්න ....

රවුම් ඇස් වල තවම කදුලු පටල තියනකොට පුංචිඑකා මූනටත් වඩා ලොකු ඵෝන් එක අතින් අල්ලගන්නකොට අග්නි මගෙ ගාවට තවත් ලන් වෙලා බලන් උන්නා....

අම්මියේ...මගෙ..පුතා...කුක්කු..පිති..බොනවා...

ඉක්කනත එන්න.....අම්මියෙ.....

මම කරන්නෙ බොරුවක් ...මගෙ දරුවා ගාව තියෙන්නෙ පන තියන බලාපොරොත්තුවක් .....අප්පච්චි කෙනෙක් විදිහට මට කදුලු නවත්තන්න රටේම බොරු කොයන්න වෙනකොට එයා අම්මා එක්ක තනීයම කියවනකොට මම කිරි බෝතලේ පොවා ගත්තා .....

අම්මා එක්ක කතා කරපු එයා බලාපොරොත්තු ගොඩාක් තියාගන කිරි බෝතලේ බොනකොට ....ඒ බලාපොරොත්තු කවදාවත් ඇත්තක් වෙන්නෙ නැති බව මතක් කරන්න එයා සාලෙ මැද නිදා ගන උන්නා ....

ගේ පුරාවටම තිබුනෙ සද්ද බද්ද විතරක් වෙනකොට මං බලාගන ළඟ පාත ගෙවල් වලින් කෑම ජාති පෙට්ටි ගනන් එනවා

...ලිප අව්ලන්න අකපැයිනෙ....

කිරි බෝතලේම බීපු කොලුවට ආයම නින්ද යන්න එනකොට මම ළඟ තිබුන මේසෙ අතපත ගාලා සිබිල් වෙත්තසිංහ ගෙ උඩ ගිය බබා පොත අතට අරන් ඇදේ දිගෑදිලා පොඩි එකාව ගෙ පැත්තට හැරිලා ඒකව මගෙ අතට උඩට අරගත්තා...

ඔන්න එකෝමත් දවසක කිරී කියලා අක්කියෙක් උන්නලු.....

ම්ම්ම්ම්...

ඒ අක්කි බබා බොන්නෙ කුක්කු විතරමලූ....බයියන් කන්නෙම නෑලු

නෑලූ.....බයියන්...අපාලු....

බයියන් අපා කියලා නෑ.....බයියන් කන්න ඕනා...

මම තියන අකුරු දිහා බලාගන ඇදලා තියන චිත්‍ර එයාට පෙන්න පොතත හොදට දිගෑරන් කියවනකොට ඇද විට්ටමට එහායින් හිටගන උන්න අග්නියා හොරෙක් වගේ ඇදට ගෑටුවා...දැන් පොඩිඑකා මැද්දෙ එයා බිත්තිය අයිනේ...තත්පර ගානක් යනකොට දිගෑරපු අත උඩට සීතලක් දැනුනා. ...මෙච්චර වෙලාම තරහා පිරි.මහ මහ ඉදලා එයා පේන්න ආව...

දැන් අත උඩ ලමයයි යකයි දෙන්නයි.....

ඔන්න එක දවසක් හුගාක් වැස්ස දවසක් ආවලූ...

අප්පුච්චියෝ...මේ....මේ...පූ..තෙක්....මේ....අප්පුච්චි...යෝ ....

" පූසගෙ නම කව්ද...."

නමක් දාලා නෑ....

"ඇයි ඒ...."

අයි...ඒ...අප්පුච්චියො.....නැත්තෙ 

දන්නෙ නෑනෙ....මේකෙ දාලා නෑනෙ .....

"එහෙම වෙන්න බෑනෙ...."

ඒම....වෙන්න...බානෙ.....

ඒපාර අග්නියා ලමයට හපන් දොන්තයා වෙන්න ගත්තා. රතුපාට චීත්තපටයි කහ පාට හැට්ටා කොටෙයි සුදු පූසෙකුයි තියාගන ඉන්න කිරියා දිහා බලාග ආස් ලොකු කරන් උන්න අග්නි පූසගෙ නම අහ අහ නහින්න ගත්තා ...ඒ මදිවට එයාව පේන ඇහෙන මගෙ පුංචි එකත් ඒකටම එකතු උනා...එයත් අග්නි කියන්නෙ මොනවද ඒකත් කිව්වා.... දැන් යකයි යක් පැටියයි දෙන්නයි

මං දන්නෙ නෑ මේකෙ නමක් නෑ...නෙ.....අපි නමක් දාමු....

"ම්ම්ම්ම්"

ම්ම්ම්ම්....

"දැහැමි කියලා දාමුද ."

දහමි....තියලා....තාමු...ත...

පූසන්ට ඒ නම් එන්නෙ නෑ .උන්ට දාන්නෙ පොඩි නම්....ටුටු...කිටි.....ඔය වගේ එව්වා...දන් අහගන්නකො ....

මම ඒ පිටුවෙන් අනිත් පිටුව පෙරලුවා.

.අග්නියා එබීගන බලන් ඉන්නවා...මගෙ නිඛිලුත් බලන් ඉන්නවා.....

ඔන්න දවසක් දා හොදටෝම ජෝ වහින්න ගත්තලූ.....

"ඕකෙ යකෙකුත් ඉන්නවද....."

නෑ....

"ඇයි.....යක්කු ඉන්න එපැයිනේ....අනික උඹලගෙ මිනිස්සු වෙලාවකට යක්කුන්ව මහ පුදුම කැත විදිහට ලියනවා...අනික යකුන්ට කොහෙද නැට්ටක්.....?"

නැට්ට ඇති යක්කුත් ඇතිනෙ....

" ඉන්නවා රෙද්දක්....."

දෙයියනෙ අග්නි මේ කොල්ලා ඉන්නවා....

සෙ..ද්...දක්.....

ආ.....ආ.....

"ඉතින් උඹලා ඔය රෙදි අදින්නෙ.."

ඒ පාර උඩ ගිය බබා පැත්තක තියලා පොත අස්සට යක්කු නැත්තෙ ඇයි අහපු අග්නියා හෙමින් හෙමින් පරල වෙන්න ගත්තා ....අරහෙන් මගෙ ගෑනි මැරිලා අඩලා හෙබත් වෙච්ච හන්දා නාඩා ඉන්නවා.මෙහෙන් මගෙ පුංචි එකා නිදා වැටි වැටි ඒකා කියන කතා කියන්න ගත්තා ...

ඔන්නා ඉතින් මේ අක්කි බබා කවදාවත් බයියන් කෑවෙ නෑලු.....කුක්කු පිටිමලු බිව්වෙ.....

.....

....

අක්කියගෙ අම්....අප්පච්චියා හැම දාම කියනවලු බයියන් කන්න කියලා ඒත් අක්කියා නෙවෙලු ඇහුවෙ.....

එතන ඉදන් මම අම්මා කියලා තිබුන හැම වචනෙටම අප්පච්චි කියන්න පටන් ගත්තා ...අම්මා කියන වාරයක් ගානෙම ලමයා ආයම අම්මව අහයි අම්මව ඉල්ලලා අඩයි කියලා මම එතන අප්පච්චි කෙරුවා ....

ඔන්න ඉතින් එදා හරීයට ජෝ වහින දවසක්ලූ....මෙ අක්කි බබා....

මම උන්නෙ පොත කියව කියව ඇගිලි උරන සද්දයක් එක්ක මම හිමීට ඇස් කරකවලා බලනකොට අනේ මගෙ පැටියට නින්ද ගිහින් තිබුනා වගේම මම පොත වහන්න හැදුවා ...

" එපා වහන්න...."

ඒ මොකටද....

"මම ඉන්නවනෙ මට කියපන්....නැත්තන් මම දන්නෙ යක්කු ගහලා මැරුන ඒවා විතරයි...ඇරත් උඹලා ඔය ලමයිට බොරු උගන්නන්නෙ ඇයි ...බත් නොකා උන්නොත් කලන්තේ නම් දායි....උඩ යන්නෙ නෑනෙ..."

ලමයිට ඉතින් කියන්නෙ උන් කන් නැති හින්දනෙ....

" ඒ උනාට උඩ යන් නෑනෙ....."

උඩ යන්නෙ නෑ...ඒ උනාට උන් බයට කනවනෙ....

" ඒ කොහොම උනත් උඩ යන්නෙ නෑනෙ...."

දෙයියනෙ අග්නි.....එකම එක ආය ආය කියන්නෙ....

." ඇයි උඹට අමාරුද ...මාත් උඹට එකම.දේ ආය ආය කියන්නෙ එතකොට උඹ අහනවද....."

තමුන් මහ යකෙක්...

" ඔව් ඉතින්....මං යකෙක් නේන්නම්...හැබැයි උඹ ඔය කියනවා වගෙ නැට්ටක් ආව අන්දෙකක් තියන කැත යකෙක් නෙවෙ....උඹලා බොරුමයි කියන්නෙ...."

ඒ උනාට මේ බූල් තියනවනේ...

"ඔව් ඉතින් ..පිරිමි උනහම ඒවා එනවනෙ...."

ඇයි ඔයාගෙ යකින්න ඔය බූල් වලට ආසද

ඔච්චර වවන් ඉන්නෙ....

" උඹට ඒ පන්ඩිතකම් වලින් වැඩක් නෑනෙ....."

ඔව් ඉතින් මං කව්ද ඔව්වා.කියන්න....

" ඔන්න පටන් ගත්තා ...වෙලාවකට උඹට මාන්දම හැදෙනවා"

මම නින්ද ගිහින් උන්න පුංචි එකා දිහා බලලා හිමීට නැගිට්ටා....නැගිටලා එයාව පෙරෙව්වා ....අග්නිගෙ වැඩේම ඇනුම් පද කියන එක වෙනකොට පායගන එන ඉර හිමින් හිමින් මුදුන් වෙන්න පටන් ගත්තා...

අග්නී.....මගෙ දරුවව බලා ගන්නවද...

" ඇයි උඹ කියලද මීට කලිනුත් මම බලාගත්තෙ ....?"

......

එයාගෙ ඇනුම් පද මය හැමදාමත් සාමාන්‍ය වෙනකොට මම එන්න හැරුනා....

"ශිවන් ....."

එයාගෙන් බැනුම් අහගන මම එන්න ආවා...ඒත් මං හිතන්නෙ මට කාමරෙ උලුවස්ස පනින්න බැරි වෙන්න ඇති....එයා ආවා....නිකන් නෙවෙ ඇවිත් මාව ඉන වටේ අත දාලා අල්ල ගත්තා....මට මේ දේවල් නුහුරු දේවල් නෙවෙ....අගිනිව දන්නෙ මම.අදක ඊයෙක නෙවෙ.....මට නොතේරෙ වයසෙ ඉදන් එයා මා ගාව උන්නා.....වැටෙන කොට අල්ල ගත්තා .....ගෙයින් එලි බැස්සම එනකන් බලන් උන්නා.....ලෙඩක් දුකක් හැදුනම කොයි වෙලත් රතු වෙලා තියන ඇස් දෙක මලානික කරන් මා දිහා බලන් උන්නා.....ලොකු වෙන්න ලොකු වෙන්න අකීකරු කම් කෙරුවොති අහන්නෙ බලන්නෙ නැතුවම ගහන්න බනින්න ගත්තා ...වෙලාවකට ආදරෙන් කතා කෙරුවා ...තරහ උන දාට මගේ ගාවට පැත්ත පලාතෙ නෑවිදින් උන්නා....

ඉතින්....මට එයගෙ මේ දේවල් පුදුමයක් නොවුනකොට මම එහෙම්ම හිටපු තැනම නැවතුනා ....

" බනින්නෙ තරහවකට..නෙවෙ මගෙ ශිවන්.....උඹ කතා බතා නැතුව ඔහේ පැත්තක් බලාගන ඉදී කියලා ...නොකා නොබී ඉදී කියලා .....උඹලගෙ මිනිස්සුන්ට දරාගන්න අමාරුයි....මං ඒක දැකලා තියනවා...ඒත්...අනිත් උන් දිහා බලන් උන්නට ....මට උඹ දිහා එහෙම බලන් ඉන්න බෑනෙ මගෙ රත්ත‍රනේ...උඹලා අඩන්න කල්පනා කරන්න ගත්තොතින්...අර පොඩි එකාට මක්කයි වෙන්නෙ....."

වෙලාවට මාව අලු කරන්න හදන....වෙලාවකට මාව නිවන්න හදන මෙ අග්නි ගාව මම හැම වෙලේම මගෙ දුක තුනි කරගත්තා එයා මට කන්න කන්න බඩගින්නෙ ඉන්න එපා එපා කියලා කියනකොට මම එයා දිහාවට හැරුනා.....

මට බඩගින්නක් කියන දේ දැනෙන්නෙ නැත්තන් මම මොකද කරන්නෙ අග්නි....

.." උඹට දුකයි....වේදනයි.....ඒත් මැනික....ඒකි දැන් ගිහින් ඉවරයි ...උඹත් මැරිලා හරියනවද...අහල නැද්ද කතාවක්.....උන් උඹලා දිහා බලන් ඉන්නවා කියලා ...උඹ ඔහොම උන්නොත්.....ඒකිට මැරිලත් සැනසීමක් නැති වේවි මගෙ ශිවන්....."

එයා මගෙ මූන ඒ සීතල ඇගිලි වලින් අත ගානවා.....මගෙ හිත හදනවා....එයා කොච්චර දේවල් කිව්වා උනත් මම අවසානෙදි ඔලුව වනලා එලියට එන්න ආවා.....

මගෙ පුතා....

එයව දාලා ආව මම ඇගපත හේදුවා.....එයාගෙ අවසානම දවස වෙනුවෙන් මම ලෑස්ති උනා...ඔරලෝසුවෙ කටු උඩ පහල කැරකිලා.කැරකිලා හෝරාවෙන් හෝරාව ගෙව ගෙව කෙරුවෙ එයාව මගෙන්...අපෙන් ඈත් කරන්න තියන වෙලාව අරන් යන එක වෙනකොට එයාගෙ ගාව හිටගන අත් බැදන් උන්න මම එන එන කෙනාට අත් දෙක එකතු කරල වැන්දා.....

මලකද ගාවට ඇවිදින් හිටගන්න උන්ගෙ හිත්වල මොනවා තියනවද...අනේ අපොයි පව් කියනවද කියන්න දන්නෙ නෑ....ඒත් උන් මෙතනට ආවෙ දුකෙන් උනත්....එලියට ගිහින් ඉදගත්තට පස්සෙ අල්ලන බීම එක බිස්කට් එක කනකොට උන් උන්ගෙ කතා අස්සෙ ඉන්නකොට හංගන් උන්න හිනාවල් වතුර යටට ඔබපු රබර් බෝලා වගේ උඩට මතු උනා...

එහෙම තමයි....ජීවිතේ කියන්නෙ තනිකරම මවා පෑමක් විතරමයි.....

අම්මියේ ....අම්මී...

චූටි මහත්තයා වැටෙයි පුතේ 

අප්පුච්චියෝ...මේ...අම්මියා...බයියනවා...මේ....අම්මී....යේ.....අම්මී.....

පැයෙන් පැය ගෙවෙනකොට .....එකා දෙන්නා එකා දෙන්නා සෙනග පිරෙනකොට මගෙ ඇස් වල කදුලු උල්පතට ආයම කදුලු උනන්න ගත්තා .....

එන එන කෙනා මා දිහා බලනවා සෙල්ලම් බඩු අරන් ඇවිත් මිනි පෙට්ටිය ගාවට ගිහින් අම්මියේ...අම්මියෙ ගගා එයාව ඇහරවන්න හදන මගෙ දරුවා දිහා බලනවා...."අයියෝ....පව් නොදරුවා" කියන කටිම්ම උලුවැස්ස පනිනකොටම කොල්ලා තවම තරුනයිනෙ ඔහොම ඉදල තව කාව හරි බදී කියනකොට මං බලාගන සාරන්‍යා ගෙ මූන ආයම දුකෙන් බර වෙනවා...

උන් කියන්නෙ මොනවද කියලා අහන්න එපා මැනික...උඹට මැරිලත් සැනසීමක් නැති වේවි.....

මම මිමිනුවා.....අනේ මගෙ කොලු පැටියට අද මගුල් වගේ....සෙනගදිහා බල බල වෙලාවකට කෑ ගැහුවා . හිනා උනා.....දොයියන් ඉන්න අම්මියා එක්ක කෙරුවා ....මහන්සි හැදුනම ජෝ ටිකක් ඉල්ලුවා ....බඩගිනි ආවම කුක්කු ඉල්ලුවා....කෝතු ඉල්ලුවා ....ආව සමහරු ලමයට අතේ තිබුන බිස්කට් එක කැව්වා .....

ඒ ඔක්කොමත් එක්ක තව හෝරා දෙක තුනකින් එයා මහ පොලවට පස් වෙන්න බලාගන වැලලෙන බව දන්න...එයව ආයම ජීවිතේට වත් දකින්න වෙන්නෙ නෑ කියන වේදනාකාරි යතාර්තෙට මුන දීගන්න බැරිව එයාගෙ අම්මා මගෙ පුතේ...මගෙ....රත්තරන් නැගිටපන්....අයියෝ....උඹට අපිව දාලා යන්න දුක නැද්ද මගෙ දුවේ කියල අඩනකොට මෙච්චර වෙලා හිටන් උන්න මම බිත්තිය දිගේ රූට්ටලා ගිහින් ඉදගන බිත්තියට ඔලුව ගහගත්තා .....

අයියෝ.....සුදු ...මං කාටද මගෙ පුතේ ආයම සුදූ කියන්නෙ...උඹට පේන්නෙ නැද්ද .....උඹට පේන්නෙ නැද්ද මගෙ පුතේ .... අර නොදරුවා උඹවම අහනවා ඒකා උඹව අහනවා....මේ අම්මා කොහොමද බලන් ඉන්නෙ...මගෙ පුතේ .....අනේ...නැගිටපන්....රත්තරනේ.....අනේ...නැගිටපන්.....මේ වයසක...අපි ඉන්නකොට උඹවම ගත්තෙ ඇයි දෙයියනෙ...

මම බලන් උන්නා...මම අහන් උන්නා....අම්මෙක් තවත් අම්මෙක් වෙනුවෙන් විලාප තියන හැටි මම බලන් වගේම අහන් උන්නා.....අප්පුච්චියො අම්මි...අම්මි ගගා එතන තිබුන පුටුවක නැගන් දොයි කියලා හිතන් ඉන්න අම්මා එක්ක කතා කරනකොට මගෙ ඇස් වල කදුලු මටත් නවත්තන්න බැරි උනා....

කසාවත්තු පෝලිමක් ඇවිත් කඩුල්ල පනිනකොට .....පෝරුවෙ අත් පැන් වක්කරපු මටම අවසානෙදි ඒකිගෙ මලගමටත් අතගහන්න වෙනකොට මට පපුව පැලෙන්න අවා....

බුදු බන මෙ කන් වලින් ඇතුලට ගිහින් හදවතට යනවද ....ඒත් නැත්තන් එලියට යනවද .....ඒත් නැත්තන් එක කනකින් වත් ඇතුලට යන්නෙ නැද්ද කියන්න මම දන්නෙ නෑ....ඇගිලි හේදෙනකොට ඇස්වලින් කදුලු කැට විතරක් ඉවරයක් නැතිවම.වැටුනා කියන එක නම් මම දැනන් උන්නා....

සාර..න්‍යා.....අනේ....හ්....යන්න..එපා....අනේ.....මට....යි...මගෙ කොල්ලටයි.....වෙන්නෙ...මොකක්ද...

ඇස්වලින් කදුලු හැලුවත්කට ගොලු කරන් උන්න මට අවසානම තත්පරේදි උහුලගන ඉන්න බැරි උනා.....අම්මී.....ගාන නොදරුවා උකුලෙ ඉන්නකොට අග්නිවත් නැති තැන මම මිනිස්සු බලාගන ඉන්නකොට සුදු මේස් දාපු කකුල් ගාව මගෙ නලල ගහගන යන්න එපා කියලා ඉකි ගහගල ඇඩුවා ...කෑ ගහල ඇඩුවා....මිනිස්සු මගෙ කදුලු වලට මොන නිර්වචනයක් දෙයිද කියලා නොදැන...දුන්නත් කමක් නෑ කියලා ගානක් නොගෙනම මම ඇඩුවා...

ගෑනු කදුලු ගැන කතා කෙරුවට පිරිමි කදුළු ම්නිස්සු දැක්කෙම හරි අඩුවෙන් ....හොදටම හොයලා බැලුවොත් ගෑනු කදුලුවලට වඩා පිරිමි කදුලු තෙත ගතිය වැඩිද කොහෙද ...

අම්ම්...යේහ්.....

උඹගෙ...අම්මා .ආයම එන්නෙ නෑ....මගෙ නිඛිල්...උඹගෙ...අම්මා....අනේ....මැනිකේ....මට කියපන්.....මං දෙන උත්තර මොනවද කියලා .....මං....දෙන...උත්තර මොනවද කියපන්...උඹට යන්න බැහැයි කියලා හිතුන් නැද්ද මැනිකේ ...යන්න බැහැයි කියලා කියන්න තිබුන් නැද්ද මැනිකේ....

අම්ම අප්පච්චි ගෙ කදුලු මැද මගෙ කදුලු හුගක් බර වෙනකොට මගෙ පලවෙනි ආදරේ මල ඉර්ස් බහින වෙලෙ මහ පොලවෙ හැංගෙන්න බලන් උන්නා.....අඩලා අඩලා ඇස්වලටත් හති වැටෙනකොට මගෙ උගුර කට වෙලිලා ගියා.. ..

වේදනාදෙන හැගීම් හින්දම ගැහෙන හදවත අවසානෙදි අනේ මට තවත් නම් බැහැයි කියන තරමට අඩා වැටෙනකොට අවසානම පාරට මම.මගෙ දරුවගෙ අම්මගෙ....මටත් අම්මෙක් උන සාරන්‍යගෙ ෆෝමලීන් සුවද එන නලලට හාදුවක් තිබ්බා...

කලින් දවසක ලමයගෙන් එන සුවදම ආව ඒ මුන අද ෆොමලීන් සුවද ගහනකොට එක මරනයේ සුවද කියන්න මම අදුන ගත්තා .....

අව්ලවපු පහනෙ දල්ල ඔහේ ඇවිලෙනකොට ඉලව්වක වේදනා සුවද ගත්තු මල් වඩම් එකා දෙන්නා එකා දෙන්නා අරගන එලි බැස්සා.....පෙට්‍ටිය වහන්න යන බව දන්න අම්මා කෙහෙ වලු කඩාගන අදත් නොමල ගේකින් අබ මිටක් හොයාගන ඉබා ගාතෙ දුවන තරමට පිස්සු වැටෙනකොට අවසානම මොහොතේ වැහුන පෙට්ටියෙන් මූන හැංගුන අම්මා ඉල්ල ඉල්ල මගෙ නොදරුවා අඩනකොට සැරයටින් යන කම්ම...නහර වැල් පෑදෙනකම්ම එකට ඉන්න පොරොන්දු දුන්න එයා මාව දාලා මගින් හැරෙනකොට මම ඇස්වලින් කදුලු හල හල එයාගෙ බරට අද කර ගැහුවා .....

වෙනදට තනියම උස්සලා හරහට අරගන්න....ආදරෙන් තුරුල් කර ගන්න එයාගෙ බරට කර ගහන්න අද මං ඇරුනම තවත් අය ඉන්නකොට ඉස්සරහම කොන් දෙකට මම වගේම එයාගෙ අප්පච්චි කර ගැහුවා...

උඹ යන්න යනවා....උඹ යන්න යනවා...උඹ යන්නම යනවා මගෙ...මැනිකෙ ....අනේ.....උඹ යන්නම යනවා....

ගෙයි උලුවස්ස පන්නන් මහ පඩියට අඩිය ගහනවා එක්කම එයාගෙ පෙට්ටියෙ බර දහගුනේකින් වැඩි වෙනකොට ඒක උර හිසට වඩා පපුවට දැනෙද්දි මාව කකුල් පැටලිලා වැටෙන්න ගියා වගේම කෙට්ටු අත් දෙකක් තිබුන කවුරු හරි මාව අල්ල ගත්තා .....

"අප්පච්චි .....බලගන..."

🤓ගුත් මෝනිම් තූයූ.....

මුව පැතියා බුජි.....ඔය ලමයිනුත් බුජියන්න....

ආයම එන්නා.....ම්ම්

මම..

Ferdeesha ❤️💚😘 ....

More Chapters