සීයා තාත්තේ....
ඔන්න එනවා...ඔන්න එනවා හාමිනෙ.....යසයි ගොරකයා එන වෙලාව....
මම උන්නෙ අතට බෙදලා දුන්න කිරිබත් එක දිහා බලාගන...ගලේ අඹරපු රතුම රතුපාට ලුණු මිරිසෙ තැනින්න් තැන තිබුන උම්මලකඩ කෑලි අග්නිව මතක් කරනකොට කඩේට ගියපු අර මාෆියා කාරයා සිලි උරේකුත් එල්ලන් ගිරියෙන් වගේ බෙරිහන් දීගන මැද මිදුලෙන් කුසියට එනකොට බෙලිමල් පොල් කටුවක් තොල ගගා උන්න වෙදමහත්තයා අරකට දෙහි කපන්ඩ ගත්තා ...
අනෙ සීයා තාත්තෙ නිකන් ඉන්න ලමයටනෙ මේ ගොරකයා කියන්නෙ...ඈ පුතේ උඹල අපෙ සීයා තාත්තගෙ අලුත් සිස්සයෙක්ද?
මං උන්නෙ ඇගිලි තුඩින් කිරිබත් ගුලියක් අබරන ගමන් ....අරූගෙ වයස ඕනා නම්....ආරන්‍ය්ට වඩා පොඩ්ඩක් වැඩි ඇති....මූ මට මහ එකා වගෙ පුතේ කිව්වා ....වෙද මහත්තයා හැමෝටම කතා කරන්නෙ මේ විදිහට හින්දා වෙන්ඩ ඇති ඕකත් ඔහිම කතා කරන්නෙ...ඇරත් සීයගෙ පස්සෙ මූත් වෙද කම අරන් යන්ඩ එපැයි..
උක්කුන් පුතා...උඹලටත් කිරි බත් බෙදන්ඩද.....
එව්ව්ව්...අත්තම්මෙ මං හැමදාම කියනවා ...පිට මිනිස්සු ඉස්සරහා ඔය භූත නම කියන්ඩ එපාය කියලා ...නම කියන්ඩකො අනෙ.....ලස්සන නමක් තියෙන්නෙ ඒකනෙ....අනෙ ඩිංගිත්තක් අහකට වෙයන් පුතෙ මේ වෙද හාමිනෙ මාව පන පිටින් දිවන් ගත කරන්ඩ යන්නෙ.....

"මාෆියා..."සංජාන නම උනාට මගෙන් පන්සීයක් උදුර ගත්තු වෙලේ ඉදලා මං මේ පොඩි ඇටයට හිතින් කිව්වෙම මාෆියා කියලා ....ඒකගෙ අත්තම්මා මූට උක්කුන් පුතා කියනකොට මූ නහින්න හැදුවා වගේම මං ඉදන් උන්න ලී බංකුවෙම මට එහා පැත්තෙන් ඉදගන මට පුතෙ කියලා කිව්වා ...මුගෙ අම්මන්ඩි කමට දෙන්ඩ හිතයි විජලනේ වෙන්ඩ....
මේ....ඔයා අපේ සියා තාත්තගෙන් වෙද කම ඉගනගන්ඩද ආවෙ ?
ඒකා ආයමත් මගෙන් අහනවා මං උගෙ සීයා තාත්තගෙන් වෙද කම අහගන්ඩ ආවද කියලා අනෙ මං ඉගන ගන්ඩ ආව බිබික්කමක් නෑ...හැබැයි.....කියන්න බෑ...කාලයක් යනකොට මට ඉගන ගන්න සිද්ද වෙන්නත් පුලුවන් .....මොකද ....මගෙ කොලුවට මීටත් වඩා දෙයක් වෙන්න තිබුනොත් ....පැහෙන කිරිකල එකට හතක් උනත් මම ඔලුවට හලා ගන්නවා...
නෑ.....වෙලාවක් බලාගන්ඩ...
ආ....එහෙමද....මං හිතුවා වෙදකම ඉගන ගන්ඩ කියලා ..අපරාදෙ ..
මම කෙටියෙන් උත්තරයක් දීලා කිරිබත් පිඩක් කටේ ඔබාගත්ත .....ඇත්තටම රසයි....කිරි රස වගේම පදමට තිබුන ලුණු රස එක්ක කිරිබත ඇත්තටම රසට තිබුනා.....
එතකොට ඔයා කොහෙද ....
මේකා කටෙ එක පැත්තක පුරවගන ආයමත් මගෙ දිහා බලාගන කොහෙද කියලා ඇහුවා ...මොනවා උනත් ඒකට තිබුනෙ දිගැටි ඇස් දෙකක්....බිබික්කම් මූනක්.....
මාතර....
දකුනෙ...අපෙ...අම්මෝ....මේකා මේ දකුනෙ බිබික්කමක්ද.....ඒ උනාට අපෙ සීයා තාත්තට ඇහෙන්න නම් ඔයා දකුනෙ කියන්න එපා ඒයි....
ඒ මොකද ....
කියන්න එපා...ඒක පුද්ගලික හේතුවක්.....
අග්නියා කියනවත් වගේ මේකට මසක්කන්ද කොහෙද ...මං දකුනෙ කියලා කියන්න එපා කියලා කිව්වා..ඒකත් පුද්ගලික හේතුවක්ලු....වෙද මහත්තයට දකුනෙ උන් අරහන්වත් ද ...
අපේ අම්මයි අප්පච්චියි මාව එව්වෙ අව් පලහිලව්වක් වෙලානෙ අනේ....ඒකත්..මේ....කොලුවෙක් එක්ක....කොහෙද .....ඉතින් .....මටත් තේරෙන බිබික්කමක් නෑනෙ අනේ...
කැහ්...කැහ්....කෑ...හ්....
යෝහ් ...පුතේ.....හෙමින් කාපල්ලකො...
මට කැස්සක් ඇල්ලුවා....මාව දැක්කෙත් අදමයි...මෙ යකා අමු කලාදෝ මන්දා...මම ඒකා දිහා බැලුවා....උන්ගෙ අම්මයි අප්පච්චියි ඒකව මෙහෙ එවලා තියෙන්නෙ ලව් පලහිලව්වක් වෙලාලු...ඒකත් කොල්ලෙක් එක්ක කියනකොට මට කකා උන්න කිරිබත් පිඩ පිට උගුරෙ ගියා වගේම ඌ දමාගන මගෙ පිට අත ගාන්න ගත්තා ....මොනවා උනත් මම බලාගන මම මාතර කිව්වා විතරයි කොල්ලගෙ මූන මලානික වෙලා ගියා.....
ඇත්තටම මූ හීබිජ්ජා වගේ උන්නට කොල්ලෙක් එක්ක පැටලිලා වත්ද?
වැරද්දකුත් නෑ....කවුරු කාට ආදරේ කෙරුවත්.....වැරද්දක් නෑ...හැබැයි ඉතින් ආදරේට සීමාවක් නෑගගා වැලලිලා අසම්මතේට ආදරේ කරනවා කියන එක අනිත් අතට තේරුම් නොගෙන ...දරු පවුල් කඩා කප්පල් නොකර ...අන්න ඒවටයි අසම්මතේ කියන්නෙ....
වෙන මොකට වත් නෙවෙ..මිනිස්සු කියනවා ආදරේ ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙ ගගා සින්දුවක් එන්නත් කලින් හෑලි ලියන උන් ගෑනියෙක් ගිහින් දරු පව්ලක් තියන මිනිහෙක්ගෙ ඇගේ එල්ලුනොත්.....ඒ අසම්මතෙ සාදාරනයිද??
අන්තීමට අම්මා තාත්තා වෙන වෙන උන් එක්ක ආදරේ කරන්න ගන්නකොට හොදට තිබුන පවුල සීසීකඩ යනකොට ආදරේ පැටලෙන එකද හොද .....
ගෑනියෙක්ට තව මිනිහෙක් ගන්න පුලුවන් ...මිනිහෙක්ටත් තව ගෑනියක් ගන්නත් පුලුවන් ...ඒත් දරුවන්ට....අම්මෙක් තාත්තෙක් ගන්න පුලුවන්ද ...
බෑ....
කොහෙත්ම බෑ...
අසම්මතේට ආදරේ කරන්න පුලුවන් හැබැයි කාගෙත් ඇස්වලට කදුලු නොදී...දැනෙන තැන නවතින්න පුලුවන් කාගෙවත් කටින් වස් වද්ද ගන්නෙ නැතිව ...
මන් ඇම්බැට්ටයා දිහා බැලුවා ඒකා බෙදපු කිරිබත් එක අත ගගා උන්නා...ඇත්තටම ඒකට රිදෙන්න ඇති...කවුරු කොහොම මොන තහනම් කෙරුවත්...අවංකවම ආදරේ කරන මිනිස්සුයි අහිමි වීමෙ වේදනාව දන්නෙ...ඉතින් ඌ ආදරේ කරන්නෙ කොල්ලෙක්ට නම්.....අපි කියලා මොනවා කරන්නද ...ඔව්වා පෙර ආත්මවල ඉදන් එන දෙයක් කියලා එක පැත්තකින් කියන්න පුලුවන් ....ඔව්වා හෝමෝන හින්දා ඇති වෙන දේවල් කියලා විද්‍යාව පැත්තෙන් කියන්න පුලුවන් ඒ කොහොම උනත් උගෙ හිත දන්නෙ ඌ මිසක් වෙන කව්ද ..
ඇයි කන්නෙ නැද්ද .....
මම ඒකගෙ මූන දිහා බලන් ඉදල ඉදලා බැරිම තැන කතා කෙරුවා ...ඒකා අඩන්න වගෙ ....පව්....
මට ඇති ..කන්න බෑ....ඔයා මාතර කිව්වා විතරයි මගෙ හර්ද වස්තුව කැඩෙන්න වගෙ එනවා...
පුතුකියෝ...කූකූ...කූ..කූ....පුතුකියෝ....
එන්ඩෝ කුක්කු බයි කන්ඩෝ.....මේ අත්තම්මා කුක්කු බයි හදලෝ.....
ඒකට කන්න බෑ කිව්වා..මං මාතර කිව්වා විතරයි ඒකගෙ හර්ද වස්තුව ගැලවෙන්න ආවා කිව්වා....අඩුම ගානෙ ඵෝන් එකක් වත් නැද්ද ඒ කියන්නෙ.....නැතුව ඇති..නැත්තන් ඉතින් ඉතින් ඒකට කතා කරන්න තිබුනනෙ ....
කිරිබත් එක අත ගගා උන්න කොල්ලා නැගිට්ටා... නැගිටලා කාට හරි කෑ ගැහුවා ..පුතුකියෝ පුතුකියෝ ගෑවා....එක්කො නහටු පූසෙක් වෙන්න ඇති...නැත්තන් බලු ඇටයෙක් වෙන්න ඇති.....
පුතුකියෝ...යෝ...එන්නකො පුතේ...මට අර වැදි බන පාඩම් කරන්නත් තියනවා....සීයා තාත්තට මොලේ නෑනෙ මට පුලුවන්ද අප්පා ඔව්වා ඉගන ගන්න...
මම හිතුවා හරි...පුතුකියා කියන්නෙ බලු ඇටයෙක් තමා....ඇටයෙක් කිව්වට ඒකා කුක්කෙක්....ඊයෙ පෙරේදා ඇස් ඇරපු එකෙක්ද කොහෙද .....

කොහෙන්ද ඔය හඩ්ඩව හොයා ගත්තෙ.....
මම කකා උන්න එක පිටින් ඒකගෙ බලු නට්ටා ගාවට ගියා ..ඇත්තටම මම නට්ටා නට්ටා කිව්වට ඒකා නට්ටෙක් නෙවෙ.....ඇබිත්තන් කුක්කෙක්...හැබැයි කාලගෝලයා වගේ බඩ ඒකගෙ...ගිල්ලවලමද කොහෙද මූන කුරුම්බැට්ටයක් වගේ...අත පය හතර තවම ගිනි කූරු වගේ...බඩ ගෙඩිය කලයක් වගේ.....
යෝහ්හ්...නට්ට කියන්න එපා කොල්ලට ඇහුනා නම්....
.
ඒකා බලු පැටියගෙ කන් දෙක වැහුවා..හරියටම ඇහෙයි කියල වගේ...කියන්න නොතේරෙනවා උනත්...වෙද ගෙදරට පය ගහපු තත්පරේ ඉදන් මට වචන වලට තේරුම් කරන්න බැරි මහ මොකක්දෝ දැනුනා....ඇයිද කියන්න මම දන්නෙ නෑ වෙලාවකට අඩන්න...වෙලාවකට හිනා වෙන්න...ඒක වැට උඩ තියන හැගීමක් හා සමාන දෙයක් වෙනකොට මම කිරිබත් කෝප්පෙ උඩට වැටීගන ඉස්පාසුවක් නැතිවම ගිලින බලු පැටියා දිහා බලන් උන්නා...
ඔයාගෙ කොලුවා දැන් කොහෙද ඉන්නෙ උක්කුවො....
නම සංජාන උනත් ඒකට ගෙදරට කතා කරන්නෙ උක්කුවා කිව්ව හින්දා මම ඒකට උක්කුවා කිව්වා.....එච්චරයි මූ රතිඤ්ඤා කරලක් වගේ පුපුර පුපුර නහින්ඩ හැදුවා ....
ඇත්තමයි කොල්ලො මම ගහනවා තොට පිට පුපුරන්න....මං කිව්වා..මන් කිව්වා අත්තම්මට පිට මිනිස්සු ඉස්සරහා මට ඔය වහංගත නම කියන්ඩ එපාය කියලා ....කොච්චර කිව්වත් අහන් නෑ..කොච්චර කිව්වත් අහන් නෑ... අපරාදෙ මට අර කොල්ලා එක්ක පැනලා යන්න තිබ්බෙ ....පතිවතත් කැඩුන එකේ මෙහෙ තියන් මොකටද ..
මගෙ අත ඉබේම කටට ගියාමේ යකා කියපු කතාව එක්ක....මූ අග්නියගෙ අනිත් එක....ලැජ්ජාවක් නැතිවම මට මේකා අර කොල්ලා එක්ක පැනලා ගියා නම් හරි කියන එක මූ ගානක් නැතිවම කියනකොට මගෙ අත ඉබේටම කටට ගියා....බලු පැටියට නට්ටා කිව්ව එකයි ඒකට උක්කුවා කියපු එකටයි දෙකටම මේකට නප්පියටම තද වෙලා නහින්න හැදුවා.....
හරි ..හරි.....කොලුවා කොහෙද ඉන්නෙ
යෝ ..හිමින් පුතේ හිමින්.....සීයා තාත්තට ඇහුනොත් උඹටයි මටයි දෙන්නටම නම ගම පවා අමතක වෙන්න ගුරුකම් කරයි ...යෝහ්...මන් කියලා තියෙන්නෙ ඒ සම්බන්දෙ නෑ කියලා.....
ඇබිත්තන් කට වටේම කිරිබත් ගාගන කාපු බලු පැටියා ඒකගෙ කුරුම්බැට්ටි ඔලුව ගස ගස කය පුරාවටම තිබුන බත් ඇට දිවෙන් පිහිද ගත්තා ...ඒ එක්කම උක්කුවා...( මට බෑ ඒකට සංජාන කියන්න..) බලුකුක්කව වඩාගන මහ අම්මන්ඩි වගේ පිට අත ගෑවා...අත ගගා මා දිහාත් බලලා කුසිය පැත්තත් බලලා ආයම වෙද කාමරේ දිහාත් බැලුවා....
ඒකා මාතර අනේ ඉන්නෙ...ලස්සනයි ...සුදුයි උසයි .....හීනි ඇස් තියෙන්නෙ .
ආ....හා හා ..ඇති....
මම ඊට වඩා ඌට කියන්න දුන්නෙ නෑ...වෙන මොකටවත් නෙවෙ මට හිතුනෙම මූ ඒකගෙ කොලුවා ගැන අතිශයෝක්තියෙන් කියන්න යනවා කියන එක වෙද්දි මම ඉක්මනට කතාව නැවැත්තුවා...
මොකාද මේකගෙ නම....
මේකගෙ කියන්නෙ....පුතුකියගෙද ...
ඔ...ඔව්...ඔව්....
මැනික් පුතා...
මොකක්....මැනික්....?එව්....බල්ලන්ට එහෙම නම් දානවද ....
ඇයි බැරිද....බැරි කමක් නෑනෙ...අනික මේ ඇස් දෙක .....මැනික් වගේනෙ .....
මම අහන් උන්නා...වෙලාවකට මට මේ කොල්ලා කියන බහුබූත එක්ක ඔලුව පුපුරන්න ආවා ...මැනික් පුතාලු බල්ලගෙ නම.....කාපු කිරිබත් පිඩක් ගානෙ මගෙ ඔලුවත් අවුල් වෙන්න එනකොට මම එයාගෙ අතේ තියන් උන්න බලු පැටියා දිහා බලන් උන්නා....
උක්කුවො....උඹගෙ මැනික් පුතාටත් අම්මා නෑ...මගෙ පුතාටත් අම්මා නෑ.....
මම කියන්න හිතන් උන්න දෙයක් නෙවෙ...ඒත් මගෙ කටින් ඒ වචන පිට උනා මගෙ පැටියත් තනී උනා නේද කියලා මතක් උනා.....
මම කොලුවගෙ අතේ උන්න බලු පැංචගෙ ඔලුව අත ගෑවා ...ඒකට තවම තිබුනෙ ඇගිලි පුරුකක් සයිස් කන් දෙකක්....මේ පාර මම අරූට උක්කුවා කිව්වට ඒකා මා එක්කලා නහින්න හැදුවෙත් නෑ...මගෙ පුතාටත් අම්මා නෑ කියනකොට කොල්ලා අනේ කියලා ලාවට මිමිනුවා .....
පුතුකියො....
මං ඒකා බලු පැටියට කතා කරනවා වගේම පුතුකියෝ කිව්වා....කොල්ලා මොකුත්මනොකිය මා දිහා බලන් උන්නා වගෙම මට ලාවට ලාවට වගේ මත් ගතියක් දැන්නෙන්න ගත්තා .....
පුතුකියෝ....උඹ දන්නවද....මිනිස්සු හුගාක් පිරුන මේ ලෝකෙ ඇතුලෙ.....මනුස්සයෙක්ට වගේම සතෙක්ට මනුස්සයෙක් හම්බෙන්නෙත් කලාතුරකින් කියලා .....එහෙව්...එකේ....උඹට.....
උක්කුවව හම්බුනා...උඹව බලාගන්න.....හරියටම ...මගෙ....පුතාට අම්මා නැති වෙනකොට තවත් අප්පච්චියෙක් හම්බුනා වගේ ..උඹල.....ට ..
සීයා තාත්තේ ...මෙන්න මේ අලුතෙන් ආව ගෝතයට කැරකිල්ල අල්ලා...මූව වැටෙන්ඩ යන්නෙ...මෙහෙ වරෙල්ලො...මේකව අල්ලපියෝ.....සීයා තාත්තේ....වැඩේ...හරියෝ...මෙන්න මූ....වැනෙනවා....අනේ පුතුකියෝ....අර සීයා තාත්තව අඩගහන් වරෙන් කොල්ලො....මෙන්න මේකා දපනෙ දාලා වැටෙන්ඩ යන්නෙ ..
උක්...කුවෝ....
ඒකා කිව්වා හරි .....මාව වැටෙන්ඩ යන්නෙ....කාපු බීපුවා ඔක්කෝම ආයම උඩට එන්න හදනකොට මම කටට අත තියා ගත්තා...කිරිබත් තසිම සීසිකඩ විසිවෙලා ගිහින් තිබුනා..ඒකා වෙදාට බෙරිහන් දුන්නා...ඌ කෑගැහුවෙත් වැඩේ හරී....වැඩේ හරී කියලා වෙනකොට මම ඒකගෙ මූන දිහා බැලුවා...ඒ කියන්නෙ අංකුට්ටා වගේ උන්නට උක්කුවත් දන්නවා....
අනේ..පුතේ...අපේ නාකි වෙදා නෑනෙ....උඹලට වමනෙට වගේද.....දාපන්...දාපන්...අත්තම්මගෙ ඇන්තූරියම් පැලේ අල්ලම දාපන්.....මගෙ පුතුකියට පනු පෙත්තක් ගන්න සල්ලි දුන්නෙ නෑ.....
මට විකාර වගේ...ඒ අස්සෙ ඌ මාව ඇදගන ගිහින් රතු කැට වගේ දිලිසෙන ඇන්තූරියම් පැලයක් ඉස්සරහා ඔලුව බෙල්ම්ම නවනකොට මෙච්චර වෙලාම කැලති කැලති තිබුන බඩටත් තව බෑ කියල කියන්නද කොහෙද නහයෙන් කටෙන් වාන් දානවා වගේ වමනෙ යනකොට අරූ මාව එහටත් තල්ලු කෙරුව මෙහාටත් තල්ලු කෙරුවා අවසානෙදි ඇන්තූරියම් කොල උඩ නොදිරපු කිරිබත් ඇට හිටිනකොට මූ මාව ආයම ඇදන් ගියා .
එක පාරක් ඇති ...දැන් මේ බේසමට දාපන් පුතේ ....
අත්තම්මෙ.....අත්තම්මෙ....මේන් මේ දකුනෙ එකා වමනෙ නානවා.....ඇයි අප්පා...අත්තම්මෙ වරෙන්කො....වෙද හාමිනෙ එනකොට මේකට රෙද්දෙ රෙවිලා ඉවරයි ..උඹලා නාවොතින් මම ඊයෙ හැන්දෑවෙ ඉගන ගත්තු විරෙක කරන කවිය කියලා මූට බඩ විරේක කොරනවා....
උක්..කුවෝ...එපා....හ්.....
සුදු පාට බේසම දිහා බලපු මට කැරකැවිල්ලට වගේ එනකොට මම ආයම වමනෙ කෙරුවා .....කහමකහ පාටට කටම අපුල කරවගන වමනෙ පාර යනකොට මූ අත්තමට කෑ ගහලා...කෑ ගහලා නැතිම තැන මූ ඊයෙ හවස ඉගන ගත්තු වස් කවියක් කියන්න හදනකොටම මම වමනෙ දාන එක පැත්තක තියල නැගිට ගත්තා .....
ඇයි පුතේ ....උඹ වමනෙ කොරලා ඉවරද....
උක්..කුවො....උඹලා මට මොන මගුලක්ද...මේ කෙරුවෙ ....
අත්තම්මා බඩ සුද්ද වෙන්න උඹට මොනවද ගුලියක් දැම්මා...දැන් ඉතින් වමනෙ කරපන්....
අනේ....හ්.....
අනේ අනේ නෙවෙ.....කෝ හොද පුතානෙ....වමනෙ කරපල්ලකො පුතෙ ..මට කවි පාඩන් කරන්නත් තියනවා...පුතුකියව නාවන්නත් තියනවා...ඒ අස්සෙන් උඹ වමනෙ දාන එක බලල කලු ගුලිය වැටෙනවද බලන්නත් ඕනා...අනිත් පැත්තෙන් මගෙ කොල්ලට හොරෙන් වත් ලියුන්
කඩදහියක් ලියන්න ඕනා...අනේ...වමනේ දාපියකො පුතේ...
බ්වෑ....ක්....
මගෙ ඔලුව පුපුරන්න ආවා....සංජානයා ....උක්කුවා.....ඌට තිබුනෙම මහ බෝක්කු කටක් වෙනකොට බේසමේ තිබුන වමනෙ එක දැකපු මට ආයම වමනෙ ගියා...ආයම ගියා...ආයම ගියා...තුන් පාරක්ම එක පිට එක පිට වමනෙ යනකොට උක්කුවා ඒකට කෝටුවක් දාගන කැලැත්තුවා...මොන ලබ්බ හොයනවදො මන්දා .....
කෝ නෑනෙ...මන් හිතන්නෙ බඩ විරේක කරවන්නම ඕනා....
මූ ආයම ඔලුව කැහුවා...
අනේ...කොල්ලො උඹ මොන ....ලබ්බද ..ඔය ..හොයන්නෙ.....
මම කොන්දට අත තියා ගත්තා ...මෙච්චර වෙලාම කොන්ද කුදු කරන් උන්න මම හුස්මක් ගන්න කෙලින් වෙනගමන් මුනු මුනු ගගා මගෙ දිහා බලපු උක්කුවව මම මරන්න ගියා.....
ලබ්බක් හෙව්වෙ නෑ කොල්ලො...කෝ උඹේ බඩේ තියන කලු ගුලිය .....සීයා තාත්තා කිව්ව...ඇහැ ගහගන උන්නොත් මට පන්සීයක් දෙනවා කියලා ....අනේ ඉකමනට දාපියකො...
මම වැලි පොලවෙ දන ඔබා ගත්තා ....වමනෙ ගිහින් ගිහින් යන්න දෙයක් නැති වෙනකොට මට අග්නියව හොයන් ගිහින් මරන්න හිතුනා....
උක්කුවෝ...මෙන්න මේ තැඹිලි වතුර එක පොවපන්....සීයා තාත්තා තෙල් සාත්තුවක්.....
මම උන්නෙ අරූ මගෙ ගාවින් තියපු හිස් බේසම ගාව.....වෙද හාමිනේ ආයාම තැඹිලි වතුර වීදුරුවක් ගෙනත් උක්කුවගෙ අතට දෙනකොට මම බැහැයි කියන්න වෙද හාමිනේගෙ මූන බැලුවා...
ඔය ලමයා බඩ සුද්ද නොකරගන කොහොමද මේවා කරන්නෙ.....ඔක්කොටම කලින් බඩ සුද්ද කරගන්ඩ ඕනා.....හ්ම්..හ්ම්...බිව්වා නම්.....
ඒකනෙ.....අනෙ පුතේ මේක බීපන්කො ලමයො...අපෙ අත්තම්මත් ඔහොම උන්නට මන්තර ආච්චි කෙනෙක් තමයි.....මාත් කවද හරි ඔව්වා කරන්ඩ එපැයිනෙ....ඔක්කොටම කලින් වසී ගුරුකම් ඉගනගෙන අත්තම්මයි සීයා තාත්තයි වසී කරන් මගෙ ලව් පල හිලව්වට කැමති වෙන දෙයක් කර ගන්ඩ ඕනා....කෝ ඉතින්...මෙක බීපල්ලකො පුතෙ ..බිබික්කම වගේ බලන් ඉන්නෙ.....උඹට බබෙක් ඉන්නවා කිව්ව නේ. .....ඔහොමද තාත්තලා...කෝ බීපන්...
අරූ හුස්මක් නොගෙනම කතා කෙරුවා ...ඌ කතා කරන්නෙ නෑ...තනිකරම ජේද කියවන්නෙ.....වෙද මහත්තයා විතරක් නෙවෙ වෙද හාමිනෙත් ගුරුකම් දන්නව කියපු උක්කුවා ඒකත් කවදා හරි මේ සාත්තරෙ කරනවා කිව්වම මට හෙන අසරන කමක් දැනුනා..... ..
මම අතේ තිබුන තැඹිලි වීදුරුව දිහා බලන් උන්නා.....මය මගෙ පුතාව මතක් උනා....එ අහිංසක මුන මතක් උනා....අප්පුච්චියෝ.....අප්පුච්චියෝ....
අම්මියේ....අම්මියෙ.....ගාන කොලු පැටියව මතක් උනා...මට ඒකව බේරගන්න ඕනා...මට ඉතුරු එච්චරයි ..මගෙ කියන්න.....මට ඉතුරු එච්චරයි ...ඒ අහිංසක ඇස් දෙක මතක් කර කර මම කොහොමද නොබී ඉන්නෙ...
අග්නී....,එක පැත්තකින් මගෙ නිඛිල්ව මතක් වෙනකොට මට අනිත් පැත්තෙන් අග්නිව මතක් උනා....මැනිකෙ මැනිකෙ ගගා කතා කරන අග්නි පව් කියලා හිතුනා...එයාට තවත් බලන් ඉන්න බෑ කියපු හැටි මතක් උනා ....මං තැඹිලි වීදුරුව දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි හුස්මක් නොගෙන බීගන බීගන බීගන ගිහින් වැලි පොලවෙ දන ඔබාගන වමනෙ කෙරුවා ..උක්කුවා කටට නිවනක් නොතියම කියවනකොට මං අවසානෙදි හෙම්බත් වෙලා ඉදගත්තා .
කෝ පුතේ ඒක...
අනෙ ..උක්කුවා ....මට නම්....
ඔයාට මන්චි චොකලට් බිස්කට් එකක් දුන්නොත්....
අනේ...රෙද්දක් ...කියන්ඩ.....බ්වෑක්...
අරූ මහ මොකෙක්ද මන්දා ..කමකට නැති උක්කුවා හුස්ම අල්ලන්න බැරිව ඉන්න මට මන්චි චොකලට් බිස්කට් එකක් කියනකොටම මම ඒකට බනින්න කට ඇරියා උනත් මට බනිනවට වඩා සිද්ද උනේ වමනෙ කරන්න වෙනකොට අවසානෙදි උන් බලාගන උන්න...උන් බලාපොරොත්තුවෙන් උන්න කලු ගුලිය එලියට එනකොට උක්කුවා මගෙ පිට අත ගෑවා.....
හරි..හරි.....දැන් හරි...ඒක ආවා....යෝ....ඉතින්....මෙන්න් මේක එලියට දම්ම ගන්න නෙ මේ ඔක්කොම කෙරුවෙ ...දැන් හරී...දැන් හරි....කෝ වරෙල්ලා පුතේ මං උඹලව එක්ක යන්නම්.....
එපා...එපා...මං...
ඔන්න ඔන්න ඉතින් බකපන්ඩිත කමයි අලි ඔලුවයි....අනේ දකුනෙ බිජ්ජො වරෙන් යන්න.....
ඒකා එක්ක බෑ...මූ අනිවාර්යයෙන්ම අග්නියගෙ සහොදරයෙක්...මූ මොන මගුලටද දෙයියනෙ මෙච්චර නම් හදන්නෙ...තනියෙන් යන්න ගියපු මට මටත් වඩා කොට උක්කුවගෙ කරට වාරුවෙලා දෙකට නැවීගන වගෙ පිලට යන්න වෙනකොට ඒකගෙ බලු පැටියා හුලගෙ යන ශොපින් උරයක් පස්සෙ පැන්නුවා...
යෝ....පුතුකියෝ....අහකට වෙයල්ලකො පුතේ...මූ හත් බබියෙක් වගේ.....හයෙ හතරෙ ඇද පලුවක් වගෙ මට කෙලින් වෙන්නත් බැ...
.ඒකා මට බැන බැන දෙකට නැවීගන මාව එක්කන් ඇවිත් දිග බංකුවෙන් ඉන්දවනකොට වෙද හාමිනේ ආයම ආව...අනෙ දෙයියො....ආය නම් මොන මගුලක් වත් බොන්ඩ බෑ....
ආ...ඔය ලමයා මේක බීලා හිටින්ඩ ..
අනේ...වෙද හාමිනේ.....දැන් නම්.....ඇල් වතුර හැන්දක් බිව්වත් මගෙ උගුර ගිනි ගන්න වගේ...
ආ.....එහෙම කියල බෑනෙ ලමයො..නේ අත්තම්මෙ.....ඕක බීපල්ලා....මං සීයා තාත්තට කියල එන්නම් දකුනෙ එකා ගුලිය වමෑරියා කියලා ....
අරූ යන්ඩ ගියා.....දෙයියන්ට පින් අයිති වෙන්න....බොන්න බෑ ගගා නහයෙන් ඇඩුවට වෙද නෝනා ගෙනත් තිබුනෙ නෙස්ටමෝල්ට් වෙනකොට මම හිමින් හිමිම් උගුරෙන් උගුර කටින් පිඹ පිඹ බොන කොට වෙදහාමිනේ ඔසරි පට ඉනේ ගහන් අත් දෙක පිටිපස්සට බැදගන මට පිටු පාලා හිට ගත්තා ....
ගැබ්බරි මැරුනයින් අර කොලු පැටියට අම්මෙක් නැති උනා...
මොකක්...?ගැබ්බරි....කොලු පැටියා ...
වෙද හාමිනෙ....
මම බිබි උන්න නෙස්ට මෝල්ට් එක පැත්තක දාලා වැනි වැනිම වෙද හාමිනේ ගාවට ගිහින් හිට ගත්තා ...ඒ ඇස් තිබුනෙ වෙන කොහෙදෝ....ඈතක...අනතයක් නොපෙනෙන තැනක.....ගැබ්බරී කිව්වෙ කාටද.....කොලු පැටිය කිව්වෙ මගෙ නිඛිල්ට වෙන්න පුලුවන් ...ඒත් ගැබ්බරි.....
වෙද හාමිනෙ...
මං ආයම කතා කෙරුවා ....
ගැබ්බරි කිව්වෙ .....කාටද වෙද හාමිනෙ....
ඉනේ ගහන් උන්න ඔසරි පට ඉබේම ලෙහිලා බිමට වැටෙනකොට වෙද හාමිනෙ මා දිහා බැලුවා ....
ගැබ්බරී කිව්වෙ...උඹගෙ අඹුවට ...ඒකි මැරෙද්දි සති දෙකක ගැබ්බරියක්...ඇයි...කිව්වෙ නෑ ...කොහෙ කියන්ඩද ...ඔක්කොම වහන් වෙලා යනකොට .....උඹලා දැන් වත්සුනංගු නොවී ආවා මදැයි ....
අනේ දෙයියනේ සරන්‍යා....
මාව බිම ඉන්ද උනා....එයාට දරුවෙක් ලැබෙන්න ඉදලා.....අනෙ ඇයි දෙයියනේ ඒකි මට නොකිව්වෙ ..
බිම ඉදගත්තු මන් මගෙ ඔලුව අත් දෙකෙම්ම බදා ගත්තා ...
උඹලා නාඩා හිටියොතින් හොදයි .....අඩන්ඩ කදුලු ඉතිරි කරගනින්....උඹලා මේ ගෙවන්නෙ පවක් කියලා වත් හිතපල්ලා .....අදාල එකාට...අදාල එකාව හම්බෙනකන්...උඹලට ඔය පව ගෙවන්ඩ වෙයි....
මම වෙද හාමිනේ දිහා බලන් උන්නා...කියන මෙලෝ දෙයක් මගෙ ඔලුවට නොගියපු කොට සාරාන්‍යා ආයම අම්මෙක් වෙන්න උන්නෙ කියපු එකට මට උන් හිටි තැන් අමතක උනා.....
අනේ....දෙයියනේ.....දරුපැටියා ...අනේ....ඇයි දෙයියනේ එහෙම දෙයක් උනේ....
අත්තම්මෙ...අත්තමේ..
මොකද උක්කුන් ලමයො.....බෙරිහන් දෙන්නෙ...
සීයා තාත්තා දකුනෙ එකාව ගේන්න කිව්වා...
උක්කුන් පුතා.....උඹට කියලා තියව නේද ඔහොම කතා කරන්න එපාය කියලා....ආ
ම්හුක්...ඉතින් මේකගෙ නම දන්නෙ නෑනෙ...
නම දැන ගන්න උඹ නම අහගන්ඩ එපැයි...ඔය ලමයා මේ උක්කුවා එක්ක වෙදමහත්තයා ඉන්න කාමරේට ගියා නම්....
මම උන්නෙ ඔලුව බදාගන.... උන් කියන කිසි දෙයක් මගෙ ඔලුවට ගියේම නෑ....මට වෙද මහත්තයගෙ කාමරේට යන්න කිව්වත් මම උන්නෙ හෝන්දු මාන්දු වෙවී නැගිට්ටා න් නැගිටිනවා එක්කම මගෙ අත වැදිලා ලි බන්කුව උඩ තිබුන නෙස්ටමෝල්ට් එක බිම වැටුලා බිදිලා ගියා ..
කාරි නෑ ....උඹලා යමලලා.....
මම නෙස්ටමෝල්ට් එකට අත ගහන්න ගියා විතරයි වෙදහාමිනේ මාව අහක් කෙරුවා .....
උක්කුන්පුතා ..අන්න උඹලගෙ අම්මලා අද එනවලු....උඹ වසවර්ති කමට කට ගහන්ඩ ගිහින් අප්පච්චිගෙන් ගුටි කන්ඩ හදනවා නෙවෙ ..ආ...විසින් විඩේම අප්පච්චි අහනවා උඹ ගැන ...අර ඇම්බැට්‍ටයවත් හොයන් ගිහින් දෙක තුනක් අනින්ඩ කලියෙන් ඔව්වා නවත්තලා මේ තියන දෙයක් එකටම ඉගන ගනිල්ලා...
ම්හුක් ...අත්තම්මා කිව්වෙ නැද්ද මං කිරි මහත්තයා එක්ක කතා බහක් නෑ කියලා...
මොකාද බොල කිරි මහත්තයා....
මගෙ එයා අනේ .....ආදරේටනෙ කිරි මහත්තයා කියන්නෙ....
මන් කිව්වෙ....උඹව කෝවක දාලා වත් මකන්ඩ බෑ...පලයන්...පලයන් මේ කොලව අරගන ..ඒ ගිහින් ඇවිත් අර කුරුදු ලීය රැහැපන් ...
ආ....ඒ මොකද....ඇයි යකො වෙද ගෙදර ඉන්නෙ මිනිස්සු ඕන තරම් ....
වෙද ගෙදර ඉන්න උන්ද දැන් වෙද කම ඉගන ගන්ඩ ඕනෙ උඹද ..
මගුල එපා වෙනව....එහෙනම් මට රුපියල් පන්සීයක් වත් දීපල්ලා...
මම උන්නෙ කනුවට හේත්තු වෙලා....අරූට උන්ගෙ අත්තම්මා කුරුදු ලියක් රහින්ඩ කියනකොට මූ එතනත් පන්සීයක් ඉල්ලුවා...යකො දවසට මු එක්දහස් පන්සීයක් බලෙන් ගන්නවා....
වරෙන් පුතේ යන්ඩ...සීයා තාත්තා උඹලා එනකන් බලන් ඉන්නවා....
ඒකා මා දිහ බලලා වරෙන් පුතේ යන්න කියනකොට මම ඒකා එක්ක හෙමින් හෙමින් වෙද කාමරේට ගියා....
සීයා තාත්තේ...මෙන්න මං මේකව එක්ක ආවා...
ම්ම්ම්....
ම්ම්ම් ගාන්නෙ අර පන්සීය...මෙන්න මං මූ වමනෙ දැම්ම ගුලියත් ඔතාගන ආවා.....
මට ආයම වමනෙ යන්න ආවා...මේකා අර වමනෙ ගියපු කලු ගුලිය මේස උඩ තියනකොට මට ආයම ඔලුව කරකවන්න ආවා.....මම එහෙම්ම මේසෙ ගාව තිබුන පුටුවෙන් ඉදගත්තා ....
උකුන් පුතා...ඉදා....මේක අරන් ඔය දොරත් වහන් යමල්ලා...ජනෙල් අස්සෙන් එබි එබි බලන්ඩ දොරවල් අස්සෙන් රිංගන්ඩ හදන්නෙම නැහැ තේරුනානෙ උඹට . ..
මෙතන තියෙන්න හාරසීයනෙ.....කෝ අනිත් සීය ...මේ දකුනෙ එකාව ආම්බාන් කරන්න ගියහම කොදු කැඩෙන්ඩ එනවා අනික මූ වමනෙ දැම්මෙ අත්තම්මගෙ ඇන්තූරියම් පැලවලට ..මං ඒවත් හේදුවා....අරහෙන් අත්තම්මා කුරුදු රහින්ඩලු.....අනිත් පැත්තෙන් අප්පච්චිලා එනවලු ..මගෙ ඔලුවෙ කීයක් ජාති තියනවද ....
ඉදා ගනින් මේක ....කියවන්ඩ ගත්තම කියෝගනම ඉන්නවා...උඹ අහු මුලු ගානෙ ඉදන් එබෙනවා නෙවෙ....
අරූට වෙද මහත්තයා දීලා තියෙන්නෙ හාරසීයක් කියලා මැරෙන්ඩ හදලා වෙදමහත්තයගෙන් ඉතුරු සීයත් ඉල්ලන් යන්ඩ යනකොට වෙදමහත්තයා ග්ිහින් දොර වැහුවා ...වහල ඇවිත් අර පොට්ටනිය මේසෙ උඩින් තිබ්බා ..
ඔය ලමයට පේනවා ඇතිනෙ මොනවද මෙතන තියෙන්නෙ කියලා ....
එය්ය ඇහුවා මෙතන තියෙන්නෙ මොනවද කියලා පේනව ඇතිනේද කියලා ...තෝන්තුවෙන් වගේ උන්න මට අර පබලු ගොඩ දකිනකොට තවත් ඔලුව තෝන්තු වෙනකොට මම බලන් ඉදලා වෙදමහත්තයා දිහා බැලුවා...
මගෙ ගෑනිට තව...
මට අහන්න ඕනා උනේ පබලු ගැන නෙවෙ....මට දැන ගන්න ඕනා උනේ ඒ දේ ගැන නෙවෙ...සාරන්‍යා ගැන වෙනකොට මම ආයම ඒක අහනකොට වෙදමහත්තයා ඇරලා තිබුන ජනෙල් පියන් දෙක වහලා දාලා බුදු පිලිම වහන්සෙ ගාව හදුන් කූරු දෙකක් අවුලලා වැදගන ඉදලා මා දිහා බැලුවා...
ඒකා ඉපදෙන්න ඕනයි කියලා ලියවිලා තිබුන එකෙක් නෙවෙ ..
වෙද....
නාස්ති කරන්ඩ කාලයක් නෑ .උඹට කරන්ඩ වැඩ ඔලුවටත් උඩින්.....මන් මෙ කියන දේ හොදට අහගනින් කොල්ලො.....
වෙදමහත්තයා බර අඩි තියන ගමන් මුලු කාමරේම ජනෙල් පියන් වහ වහ අවසානෙදි දොරත් වහලා දැම්මා...වහල දාලා මගෙ ඉස්සරහින් ඉදගන අර මල්ලෙ තිබුන එකට පැටලුන ගුලි ගැහුන පබලු මාලෙ අතින් ඇල්ලුවා ...
මෙතන තියෙන්නෙ ...නිකම්ම නිකන් පබලු ගොඩක් නෙවෙයි....
මෙතන තියෙන්නෙ නිකම්ම නිකන්..පැටලුන තංගුසක් නෙවෙයි....
මෙතන තියෙන්නෙ කතාවක්.....උඹ වෙනුවෙන් ඒකා කල්පයක් පුරාවටම බලන් උන්නා....ඒක උඹ වෙනුවෙන් පෙරුම් පිරුවා..උඹ හොදට බැලුවොතොන් තේරෙයි....මෙතන තියෙන්නෙ එකකට එකක් නොගැලපෙන පබලු කියලා...මේ එක පබලුවක් අස්සෙ කතා ගොඩාක් හැංගිලා තියනවා....එක පබලුවක් අස්සෙ චරිතයක් තියනවා...උඹකා හොදා මතක තියා ගන්ඩ ඕනා....උඹ මෙ වැල ගලවපු වෙලේ ඉදන් . උඹට ඉන්ඩ බැරි වේවි...උඹ අඩාවි .....උඹ අවසිහිය වේවි ..හැබැයි ...උඹට මෙතනින් කතාවක් පෙන්නාවි...උඹ මේ මුලු මාලෙම ආයම ආපිට හරි ගස්සන්ඩ ඕනා...අදාල එකාව අදාල එකාට ලැබෙන්ඩ සලස්සන්ඩ ඕනා.....උඹට පේන දේවල්...දැනෙන් වේදනා කොයි තරම් අමාරු උනත්...උඹට මේ වැල හරි ගස්සන් නැතුව නැගුටින්ඩ බෑ...හරි...
මම අහන් උන්නා...වෙදමහත්තයා කතා කරන වචනය වචනයක් පාසාම තිබුනෙ මම නොදන්න ආවේගයක් වෙනකොට මම අර මාලෙ දිහා බලන් උන්නා....
ගැලපෙන් නැති හැම තැනක්ම ගලපලා.....අවසානෙදි ඔය මාලෙ ආයම අමුනපන්....එක වගේ පාට එක ගාවට දාපන්.....තද පාටෙ ඉදන් ලා පාටට වෙනකන් එකට අමුනපන් .රතු අස්සට කොල ගහන්ඩ බෑ ..නිල් අස්සට සුදු ඔබන්ඩ බෑ කල්පනාවෙන් කරපන් ඕක .මාලෙ අවසානම කෙරවලට අර කිරි පබලු අහුර අමුනපන්...හෝරා ගාන කීය උනත් ..ඕක අමුනල මිසක්....මෙතනින් නැගිටින්ඩ හිතන්ඩ වත් එපා....
.....
හම්ම්..දැන් පටන් ගනින්....
🙄ආය එන්නම් ඈ...
තටා .බායි ...පයිස්සමි ..න්.....ආතරෙයි.....
චුක්...චුක්..චුක්...
Ferdeesha ❤️💚😘 ....