Cherreads

Chapter 23 - මගේ මාල ගිරවි

'රෙශඛ්‍ය ඔයා එන්නේ කීයටද?' කී වතාවක් වෙලාව බැලුවද? මන් මේ කොල්ලට ඇබ්බැහි වෙලා. 

"තුර්ශ.."

"එයි යකෝ එයි! කීවෙනි පාරටද උඹ ඕක අහන්නේ?" පොත් කියෝනවා. ඕකට වඩා වෙන වැඩක් නෑ. තව පොත් වල මොනාදෝ කුරුටු ගානවා. මොනා ලියනවද මන්දා! 

"මට පාලුයි!" මන් පැත්‍තකට හැරිලා කොල පාට ගාර්ඩ්න් චෙයර් එකේ ඇන්දේ පැත්තකට මූන ගහගත්තා. කිව්වම තුර්ශ පොත ගර්ඩ්න් චෙයර් එකෙන් තියලා මගේ පැත්තට හැරුනා. 

"ඇත්ත කියපං! උඹලා දෙන්නා මට හොරෙන් ලව් කරන්න පටන් අරන් නේද?" එහෙම ඉතිං මූනට අහපුවම ලැජ්ජයිනේ.

"ඔහෙප්පලයං! මොකද දෝ කැපිච්ච පණුවා වගේ ඇඹරෙන්නේ? මූන නිකන් පිනි ජම්බුව වගේ! අනේ පකෝ! හිතුව මදි මාව තමබන්න. හිටපංකෝ අර කොලොප්පන්දූවේ මහරජතුමා වඩිනකන්. කලිසම ගලවනවා ඔලුවෙන් ඕකගේ!" 

"උඹ තරහද බං?" මන් තුර්ශගෙන් ඇහුවේ හිතේ තිබ්බ වරදකාරී හැඟීම නිසාමයි. මන් ඌගේ මල්ලිව දැලේ දාගත්තා වගේ දෙයක් හිතයිද කියලා මන් බය වුනා. 

"හුත්තක් කතා කරනවා! පිස්සුද ගස් ලබ්බෝ!!! සල ල ලා! උඹ මගේ මස්සිනා වෙනවා නේ ඔට්ටපාලු ගං කබරයෝ!" තුර්ශ මන් ඉඳන් හිටපු පුටුව පිටිපස්සට ගිහිං මගේ පපුව වටේ අත දාන් කම්මුල මගේ ඔලුවට තියන් දෙපැත්තට වැනුනා.

"උඹ මගේ පනනේ!" මන් ඌගේ අත් දෙක අල්ලන් කිව්වම

"උඹ මගේ යටිබඩ!" කියලා ඔලුව ඉඹගෙන ඉඹගෙන යනකොට අපේ ප්‍රේම ජවනිකාව රාජ උදහසට ලක් වුනා.

"ලොකූ පලයං එහාට!!!" රෙශඛ්‍ය තුර්ශව උරහිසෙන් අල්ලලා එහාට කරද්දි තුර්ශ,

"ආ! මොකෙක්ද තෝ? සවේන් ගේ පන මන්. මන් මොකටද එහාට යන්නේ? නැද්ද සවේ? උඹ කියපන් දැන් උඹමනේ කිව්වේ! අනික phone එකෙත් මාව save කරන් ඉන්නේ එහෙම මංජුපකෝ! උඹ ආවා කියලා මෙතන අපේ ලව් එක වෙනස් වෙන්නේ නෑ" 

"සුදු අයියේ! ඔයාගේ phone එකේ මූගේ නම 'වැඩිහිටි තොත්ත බබා' කියලා save කරගනිං! මිනිහා රට යවලා ආවා මෙතන මන් නැති වෙලේ මගේ මිනිහා එක්ක ලව් කරන්න." 

"උඹ පෑරුවේ මගේ හිත මංජු! තොට මේ ලොකු අයියට වඩා පස්සේ ආපු අඟ ලොකු වුනා එහෙනම්! අහෝ උඹේ අතින් වැරැද්දක් තමා වෙනවා මංජු!" තුර්ශ පිට අල්ලා නලලට තියන් උඩ බලන් නාට්‍යානුසාර රංගනයකට ප්‍රවිශ්ඨ වුනාම, 

"මගේ අතින් වැරදි වෙන්න පුලුවන් ලොකූ. මොකද කකුලෙන් වැරදි කරන්න මන් දන්නේ නෑ!" කියලා පෙර දැනුම් දීමකින් තොරව මගේ මූනට පහත් වුනාම මාව නිකන්ම පස්සට ගියා.

"රස ආහාර කවලා රණ් කූඩුවේ දමලා 

ඇති කරන්න ගත්ත මාල ගිරවී

අත හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා

හිතුවද ඈ දාලා යයි කියාලා"

"අහ්?"

"රස ආහාර කවන්න යන් මගේ මාල ගිරවී!" කියලා බෑග් එක තුර්ශගේ අත් දෙක උඩට විසික් කරලා මාව අත් දෙකට උස්ස ගත්තම මන් එයාගේ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා අල්ල ගත්තා. 

"රෙශඛ්‍ය" 

"ම්ම්ම්ම්?"

"ඔයා පරක්කු වුනා"

"මීට වඩා වේලස්සනින් එන්න බෑනේ සුදු අයියේ"

"හ්ම්! මට පාලුයි!" මන් මූන නරක් කරගත්තම,

"හුරතලේ! එහෙනම් හෙට ඉස්කෝලේ යන්!" 

"යන්!" 

"හොඳ වෙලාවට මන් ඇර කවුරුත් ගෙදර නැත්තේ. නැත්තම්

මේ කෝලම් දැකලා අපේ අම්මටයි තාත්තටයි පපුවේ අමාරුව හැදෙනවා" තුර්ශ කිව්වම,

"උඹලගේ කෝලම් තියෙන්නේ කාමර මුල්ලෙනේ. අනේ මේ ලොකූ! කිව්වා කියලා හිතා ගනින්!" 

රෙශඛ්‍ය මාව කෑම මේසේ පුටුවක් උඩින් තියලා තුර්ශට මැද ඇඟිල්ල පෙන්නලා බත් බෙදන් ඇවිත් මගේ ඉස්සරහින් පුටුවක් ඇදන් ඉඳගෙන මගේ කකුල් දෙක මැද්දෙන් පුටුව එක ඇඟිල්ලකින් අල්ලලා තව එයා ළඟට ඇදගෙන වෙන්දා විදිහටම අනලා අනලා බත් කවනකොට මන් නම් ඇස් එයාගෙන් ගත්තෙම නෑ.

රිවිර අංකල් මාවයි තුර්ශවයි ඉස්කෝලෙන් බස්සලා ගියාම අපි දෙන්නා පන්ති වලට දිව්වා. මන් නිසා තුර්ශටත් සෑහෙන්න වැඩ පාඩු වෙලා ඇති. බෑග් එක තියලා මන් ආයේ තුර්ශගේ පන්තියට ගියාම දේශාන් මගේ කරට අතක් දා ගත්තා

"සතුටුයි බන් උඹව දකින්නත්! තැන්කූ ඉස්කෝලේ ආවට!" 

"අඩෝ උඹ මොකටද මට තැන්කූ කියන්නේ?" 

"ඇත්ත උඹට නෙමේ, සයෝද් මල්ලිට තමයි තැන්කු කියන්න ඕනා" කියලා කිව්වම මගේ කණ් දෙක රතු වෙනවා.

"අහ් අහ් අහ්! මොකෝ උඹ?" දේශාන් මගේ පස්සට එකක් දුන්නම මන්

"නිකං හිටපන්කෝ බන්!" 

"හරි හරි ඕවා ඉතින් ඉස්කෝලේ ලොකු ලොකු උදවියට අයිති එව්වනේ. සොරි සොරි!" දේශාන් මූන පිම්බුවම තුර්ශ,

"අහ් ඔව් ඔව් ඔය ඩිකී අයිති කොලොප්පන්දූවේ මහ රජතුමාට. ඔව්වාට අත තියලා රාජ උදහසට ලක් වෙයි උඹව" 

"ටහිකෙනවා!" කියලා දේශාන් මගෙන් එහාට වුනාම මට හොඳටම හිනා.

බෑන්ඩ් එක ප්‍රැක්ටිස් වෙන සද්දේ මෙහෙටම ඇහෙනවා. රෙශඛ්‍යට ඉස්කෝලේ නැති වුනත්, බෑන්ඩ් ප්‍රැක්ටිස් තියනවා. ඒකයි එයා ඉස්කෝලේ එන්නේ. පලවෙනි පීරියඩ් එකේ තිබ්බේ පොලිටික්ස් ඒක කරන්නේ අපේ පන්තිභාර සර්.

"අහ් සවේන් පුතා ඉස්කෝලේ ඇවිත් තියෙන්නේ. අපිට ආරන්චි වුනා කරදරයක් වුනා කියලා. කොහොම හරි මඟ ඇරුන පාඩම් ටික කරගන්න ඕනා යාලුවන්ගේ උදව් අරන්."

"හොඳයි සර්!" 

"මචං උඹේ නෝට් ටික ලියලා දෙන්නම් උඹේ පොත් ටික දීපං!" රවිහස් කිව්වම මන් හිනා වුනා, 

"තෑන්ක්ස් බන්, මට පුලුවන්. උදව්වක් ඕන වුනොත් කියන්නම්!" 

"එල! උඹ ප්රැක්ටිස් පටන් ගනිං. තරඟය ළඟයිනේ?"

"ඔව් බන් පටන් ගන්න ඕනා!" සමස්ථලංකා නැටුම් තරඟයට ප්‍රැක්ටිස් සෑහෙන්න මඟ හැරුනා. අදම සර්ව හම්බෙන්න යන්න ඕනා. 

"හරි අපි msq ටිකක් බලමු ළමයි! කාටද කියන්න පුලුවන් ස්වාධිපත්‍ය්ය කියන්නේ මොකක්ද කියලා?" මන් අත ඉස්සුවා.

"කියන්න සවේන්"

"ස්වාධිපත්‍යය කියන්නේ උත්තරීතර බලය හෝ අධිකාරියට"

"බොහොම හොඳයි! සවේන් ගෙදර හිටියට මීටරෙන් ඉන්නේ නේද?"

"සර් මන් කලින් ඒ ටික බලාගෙන තිබ්බා" මන් ඔලුව කස කස කිව්වම සර් හිනා වුනා.

පීරියඩ් දෙකම ඉවර වෙලා බෙල් එක ගැහුවම ඊළඟ පීරියඩ් එක ඉංග්‍රීස් නිසා කට් එක අනිවාරෙන් වැටෙනවා. මන් තුර්ශගේ ක්ලාස් එක පහු කරන් යන කොට ඌ මට රැව්වාම මන් ඌට මැද ඇඟිල්ලට උම්මා එකක් දීලා පා කරා. උන්ට නම් ගැලවෙන්න වෙන්නේ නෑ මීඩියා සර් ගෙන්. 

කැන්ටින් එකට ගිහින් කූල් ක්‍රීම් සෝඩා දෙකක් අරන් පිට්ටනියට යනකොට බෑන්ඩ් ප්‍රැක්ටිස් තාම යනවා. පැවිලියන් එකෙන් ඉඳගත්තම රෙශඛ්‍යට මාව දැක්ක ගමන් ලොකු හිනාවක් ගියා. අව්වේ ඉඳලම සුදු මූණ රතු වෙලා. 'බ්‍රේක්' කියලා අනික් අයට සන් කරලා mace එකත් අරන් දුවලා දුවලා එනකොට මන් ක්‍රීම් සෝඩා එක දික් කරාම හිනා වෙලා අරන් ඒක උඩට කරලා බොනකොට දාඩිය බේරෙන උස් පහත් වෙන උගුර දණ්ඩ දිහා බලන් ඉන්න ආසයි. 

"තවුසේ මට වශී වෙලා නේ?" එහෙම ඇහුවම මාව ගැස්සුනා

"ඔබ හින්දා බෑ මට මෙව් තරම් ඉවසන්න කල්පනා!" කිව්වම

"කවුද ඕයි කල්පනා? බාවනවා!" කියලා mace එකත් බිමින් තියලා මගේ ළඟින්ම වාඩි වුනාම මන් තව ටිකක් එයාගේ ඇඟේ ගෑවෙන්නම වාඩි වුනාම එයා මගේ කර වටේ අත දාගෙන මාව තව තුරුල් කරගෙන මන් දිහා බලන් ඉන්නකොට ඒ හැඟීම් පිරුණු බැල්ම මගේ ඇස් පසාරු කරන් යන්න තරම් තියුණුයි. කොයි තරම් වෙලාවක් අපි එහෙම බලන් හිටියද දන්නේ නෑ. නිහැඬියාව බින්දේ එයාමයි.

"තවුසේ ඇයි ඔච්චර ලස්සන?" මට දැන් ලැජ්ජයි! මන් අත් දෙකෙන් මූන වහගත්තේ මූණ රතු වෙන එක හංගන් ඉන්න.

"මහ කෝලමක්!" කියලා කෙස් අවුස්සලා,

"මන් ආයේ යන්න ඕනා සුදු අයියේ. බත් කන්න එන්න 12 Commerce E ක්ලාස් එකට. ඒකේ කවුරුත් නෑනේ"

"හ්ම් එන්නම්" කිව්වම එයා නැගිටලා යන්න හදනකොට,

"රෙශඛ්‍ය"

"හ්ම්?"

"හිත මාගෙ කරකවා

ඔබ ලඟට ගත්තෙ මා" කිව්වම මගේ මූණට පාත් වෙලා,

"හිත මෙල්ල නෑ දැන් නම්

ඔබ මා වශී කලා"

"සවේන් වරෙං කන්න!" තුර්ශ කොට තාප්පෙන් ඔලුව දාලා කිව්වම,

"බෑ! මන් යනවා උඹේ මල්ලිට කියලා බත් කවාගන්න!"

"හුකනවා පද්මාවතී!" දේශාන් කෑ ගැහුවාම මන් උන්ට සැලුට් එකක් දාන් යනකොට

"මගේ ඇස් වලින් ගාමිණී එනවා. මන් කැරි!" හශිර කිව්වම විහඟ ඌගේ කටේ සර්වියට් එකක් ඔබනවා මන් යන්තන් දැක්කා.

මන් හිස් පන්තියට ඔලුව දැම්මම රෙශ්ඛ්‍ය ෆෑන් එක යටට වෙලා කකුල් දෙක පුටුවක් උඩින් දමාගෙන අත් දෙක බැඳන් නිදි කිරනවා. අවුවෙම ඉඳලා කොල්ලා හොඳටම තෙහෙට්ටු පාටයි. මන් හෙමින් ගිහින් මූණට ලන් වුනේ ඒ මූණ හොඳටම බලාගන්න. මූණ රතු වෙලා කම්මුල් වල සන් බර්න්ස් උත් ඇවිල්ලා. කොන්ඩේ මූණට වැටිලා ඒවා දාඩියටම නලලට ඇලිලා. එයාගේ හුස්මත් මගේ තොල් වල වදින තරම් ලන් වෙලා කියලා තේරුන ගමන් මන් මූණ එහාට ගන්න හදනකොටම මගේ අතින් ඇල්ලෙනකොටම ඒ ඇස් ඇරුනා. අපි දෙන්නගෙම ඇස් එකම විදිහට එහෙට මෙහෙට වෙනකොට වා තලය නිකන්ම උණුසුම් වෙනවා. 

"බත් කන එක පැත්තකින් තියලා සුදු අයියේ මන් තවුසෙව කන්නද?"

"රෙශඛ්‍ය!"

"ඉඳගන්නවා!" කියලා කකුල් දෙක පුටුවෙන් අරන් මාව ඒකෙම ඉන්දලා බත් මුල ගලවනකොට,

"කූණිස්සෝ!"

"තවුසේ කූණි කන්න කැමතිද?"

"ඔව්! ගොඩක්!"

"ඒකනේ මන් කිව්වේ අපි ගැලපෙන්නේ නැත්තම් මගේ නම ජිරිබිරිස් කියලා වෙනස් කරනවා කියලා!"

"යැයි යැයි තමයි!" මන් කිව්වම රෙශඛ්‍ය මගේ ඔලුව එක ඇඟිල්ලකින් තල්ලු කරා.

"අද ඔයාට පන්ති නේද සුදු අයියේ?" බත් කටක් කවන ගමන් ඇහුවම

මන් 'ඔව්' කියලා ඔලුව වැනුවා

"යනවද?"

ආයේ මන් 'ඔව්' කියලා ඔලුව වැනුවා.

"මගේ ක්ලාස් එකත් 7ට ඉවරයි. මන් ඔයාව ගන්න එනකන් ඉන්න!"

"ඔයා මාව ගන්න එනවද?"

"ඇයි එපාද?" මූණ නරක් වුනාම තව කියුට්

"එන්න!" එහෙම කිව්වම හොඳ හිනාවක් ගියා කොල්ලට.

මතු සම්බන්ධයි.....

කලින් චැපියේ අරලිය ගහේ කතාව ඇත්තක් කියන්න අමතක වුනා. අර තාන්‍ය අයියා එක්ක ඉඳන් හිටපු අරලිය ගහමයි ඒ. ඒ අරලිය ගහේ ඉස්සර අපේ සීයා ඝණ්ඨාර කුලුන හදන්න කලින් ඝණ්ඨාරේ බැඳලා තිබ්බා. ඕක ගහන්න උසත් නෑ අපි. ඒ ගහේ පාර විතරක් සෑහෙන්න කල් පේන්න තිබ්බා. හැබැයි දැන් ඒ අත්ත තියෙන්නේ ගොඩක් උඩ. පේන්නේ නෑ. 

More Chapters