"සවේන්, මන් නිදා ගන්න යනවා බන්. ඇහැරන් ඉන්නේ නැතුව නිදා ගනින්. හෙට උදේම දානේ දෙන්න යන්න එපැයි" තුර්ශ මගේ කොන්ඩේ අවුස්සලා
"මංජු මූව කකුලේ දාලා හරි නිදි කරවපන්. මන් යනවා!" තුර්ශ කාමරෙන් එලියට ගියාම සයෝද් ඇවිත් මගේ එහා පැත්තෙන් ඇල වුනා
"අද නිදාගන්න ඕන හරිද?"
"හ්ම්!" අයුශ් නැති වුන දවසේ ඉඳන් නිදි පෙති නැතුව නින්ද යන්නේම නැති වෙලා. බලන බලන හැම තැනම අයුශ්වමයි පේන්නේ තනියෙන් නම් ඉන්නම බැරි ගානයි. මන් නිසා අයුශ් නැති වුනේ කියන හැඟීම මගෙන් අයින් කරගන්නම මට බැරි වුනා. කවුරු කොහොම කිව්වත්, මන් අයුශ්ගේ ජීවිතයට ආවේ නැත්තම් එයා තාම ජීවත් වෙනවා.
"මේ පැත්ත හැරෙන්න සුදු අයියේ!" සයෝද් මගේ ශර්ට් වාටියෙන් අල්ලලා ඇද්දම මන් එහා පැත්ත හැරිලා එයාගේ මූන දිහා බැලුවා.
"අනිද්දට මන් ඉස්කෝලේ යන්න ඕන. ඔයා මේ විදියට ඉන්නකොට මන් කොහොමද යන්නේ කියන්නකෝ? මන් හවසට ආයේ එනවා තමයි. ඒත් දවල් වරුවේ ලොකුත් නැති වුනාම කොහොමද ඔයා ඉන්නේ? අපි ඉන් අනිද්දවත් ඉස්කෝලේ යමුද සුදු අයියේ හ්ම්?"
"හ්ම්" මන් කිව්වම සයෝද්,
"තාම පේනවද එයාව?"
"ඔව්! මට පිස්සු වගේ සයෝද්!" මන් අත් දෙකෙන් මූන වහගත්තම සයෝද් මගේ ඔලුව අත ගෑවා.
"ටිකක් කල් ගියාම අමතක වෙයි සුදු අයියේ. මන් ඉන්නවනේ"
මන් අත් දෙක ආයේ පහලට දාලා එයා දිහා බැලුවා. ඒ ඇස් වල තිබ්බේ වද විම විතරයි. මට සයෝද් ළඟ දැනුනු ආරක්ශාකාරී හැඟීම කොයි තරම්ද කියනවනම් එයා මගේ දිහා බලන් ඉන්නකන් මට නින්ද ගියත් එයාට නින්ද ගිය ගමන් මට පුදුමාකාර බයක් දැනෙනවා. ඉතින් එලි වෙනකන් මන් ඇහැරන් ඉන්නවා. සයෝද්ගේ හිතේ මන් ගැන තියන හැඟීම මන් නොදන්නවා නෙමේ. වචනෙන් නොකීවත් ඒ හැඟීම් සයෝද්ගේ, වචන වලින්, ඇස් වලින් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් හොඳටම මට දැනුනා. ඒත් කිසිම වෙලාවක එයා මාව අපහසුතාවයට පත් කරේ නෑ. අනවශ්‍ය විදිහට මට ලං වුනේවත් නෑ. සයෝද් මගේ ළඟින් නිදාගන්නෙත් මගේ උවමනාවට. තුර්ශ මේ දවස් හතේම නිදාගත්තේ ආච්චි අම්මා එක්ක. මේ මිනිස්සු මන් නිසා පුදුම විදිහට වද වෙනවා. අයුශ්ගේ දේහය වුනත් ලංකාවේ හොඳම මල්ශාලාවෙන් කරවලා තිබ්බේ. ඇඳුම් වුනත් අලුත්ම හොඳම ඇඳුම්. ආපු මිනිස්සු හැමෝටම දවස් හතේම කන්න බොන්න දුන්නා. මන් හිතන්නේ මන් ඉක්මනට යතා තත්වෙට පත් වෙන්න ඕන. නැත්තම් හැමෝටම මන් නිසා වදේ. තාත්තා මට ගෙදර යමු කිව්වත් තුර්ශ මාව යවන්න කැමති වුනේ නෑ. රිවිර අංකලුත් කියපු එකේ තාත්තා මට කැමති දවසක් ඉන්නැයි කියලා කිව්වා.
"මොනාද සුදු අයියේ කල්පනා කරන්නේ?"
"මට ආයේ හිටියා වගේ වෙන්න ඕනා සයෝද්. ඔයාලාට මන් නිසා හරියට වදේ."
"ඔයාව මන් හිටියටත් වඩා හොඳ කරනවා" සයෝද් මගේ ඔලුව අත ගෑවා. "ඔයාට මට නින්ද ගියාම ඇහැරෙනවා නේද?"
"හ්ම්?"
"මන් නෝට් කරා. මන් ඇහැරන් ඉන්නම් ඔයා නිදාගන්න ඕන අද!"
"සයෝද් ඔයා නිදාගන්න ඕනා!"
"කියන විදිහට කරනවා! නැත්තම් මන් තවුසෙව ඇත්තටම කකුලේ දාලා නිදි කරවනවා!" එහෙම කිව්වම මට යන්තන් හිනාවක් ගියා.
"සුදු අයියේ," සයෝද් මගේ ශර්ට් වාටියෙන් ආයේ අල්ලගෙන,
"හ්ම්?"
"ඔයා මගේ ළඟට එනකන්, මන් ඔයා ළඟට එන්නේ නෑ. කැමති කාලයක් ගන්න. හැබැයි මගේ ළඟට එනවා නේද?"
එහෙම කිව්වම මට ඒ ඇස් දිහා බැලුනා. කලුපාට ඇස් ලොකු වෙලා මගෙන් උත්තරයක් ලැබෙනකන් බලන් හිටියා.
"සයෝද්..."
"රෙශඛ්‍ය!"
"හා?"
"රෙශඛ්‍ය කියන්න. හැමෝම කියන එක ඔයා කියන්න එපා මට. ඔයා මගේ ජීවිතේ හැමෝම ඉන්න තැන ඉන්න ඕන නෑ."
හිත මේ තරම් තැලිලා පොඩි වෙලා දුකෙන් මිරිකිලා තියෙද්දිත් මගේ පපුව තුල පුංචි පුංචි පොහොට්ටු පිපෙන්න අරන්. ඒක කියාගන්න බැරි හැඟීමක්. ආදරය... ඒක නැතුව මට ඉන්න බෑ. අවුරුදු තුනක් ආදරය වෙනුවෙන් බලන් හිටියා. අන්තිමට ඒ ආදරය මන් හොයාගෙන ආවාම මන් හිතුවා ආයේ ආදරය කරන මිනිස්සු දිහා බලලා මට හූල්ලන්න ඕන නැති වෙයි කියලා. මන් කොල්ලෙක් වුනත්, මට තව කෙනෙක්ගේ ආදරය ළඟ කෙල්ලෙක් වගේ හුරතල් වෙන්න ඕන වුනා. මන් දන්නේ නෑ ඒක ලැජ්ජ වෙන්න ඕන දෙයක් ද කියලා. ඒත් අයුශ් මාව ඒ විදිහට ආදරය දුන්නා. ආරක්ශාව දුන්නා. හරියට තුර්ශ සුදු නංගිව බලාගන්නවා වගේ. මට ඕන එහෙම ආදරයක්. සමාජය ඉස්සරහ කොයි තරම් පිරිමියෙක් වුනත්, මන් ආදරය කරන පිරිමියා ළඟ තවත් පිරිමියෙක් වෙන්න ඕන වුනේ නෑ. ඒක ලෙඩක් ද කියලා මන් දන්නේ නෑ. ඒත් මට ඕන වුනේ එහෙම ආදරයක්. 'එයා මාව බලාගන්නවා' කියන හැඟීමට මන් පුදුම තරම් ලෝභ කරා.
ඒ ආදරේ දැන් නෑ. මට ඒ ආදරේ බලාපොරොත්තු වෙන්නවත් බැරි විදිහට ඒ ආදරේ මාව දාලා ගොඩක් දුර ගිහින්. මන් ගුණමකුවෙක් ද නැද්ද කියලා මන් දන්නේ නෑ. ඒත් මගේ හර්ද සාක්ශියට බොරු කරන්න මට බෑ. සයෝද් ළඟ මට දැනෙන 'එයා මාව බලාගන්නවා' කියන හැඟීම අයුශ්ගෙන් දැනුනට වඩා සිය දහස් වාරයන් වැඩිපුර මේ දවස් හතට මට දැනුනා. හරියටම තාත්තා කෙනෙක් වගේ එයා මාව බලාගත්තේ. වයසින් බාල වුනත් පුදුම වගකීමකින් මාව බලාගත්තා. එයාට මාව කොයි තරම් ආදරණීය විදිහට අල්ලන්න ඕන වුනත් එයා කොයි වෙලාවකවත් මාව එහෙම ඇල්ලුවේ නෑ. මට තනියෙන් ඉන්න ඕන වුන වෙලාවට මන් මුකුත් නොකිව්වත් එයා ඒක තේරුම් අරන් රීඩිං නුක් එකට ගිහින් ඉඳගෙන phone එකේ ගේම් එකක් ප්ලේ කර කර විටින් විට මන් දිහා බැලුවා.
සයෝද් ඉන්නකොට වෙන කවුරුත්ම මගේ ගැන වද වෙන්න ආවේ නෑ. මට ඒකෙන් පාඩුවේ ඉන්න පුලුවන් වුනා. මන් කටින් නොකියන දේ පවා එයා තේරුම් ගත්තේ හරිම පහසුවෙන්. වොශ් රූම් යන්කොට දොර ලොක් කරන්න දෙන්නේ නැතුව අල්ලන් ඉන්නවා. නාගෙන් එනකන්ම දොර අල්ලන් ඉන්නවා. මාව තනියෙන් විනාඩියකටවත් තිබ්බේ නෑ. එයා එලියට ගියත් කාව හරි මගේ ළඟින් තියලමයි ගියේ. මේ දවස් හතට ජීවිත කලෙටම හරියන්න සයෝද් මාව බලාගෙන තිබුනා. ඒවගේම එයා කියන දේකට මට විරුද්ධ වෙන්න කොහොමටවත් බැරි වුන නිසා වෙන්න ඕන හැමදේම එයා මන් ලව්වා හොඳ සූක්ශම විදිහට කරවගත්තා. වෙන කා ළඟ මුරණ්ඩු වුනත් සයෝද් ළඟ මට එහෙම වෙන්න බැරි වුනා. ඒක මොන වගේ දෙයක් ද කියලා වචනෙන් කියන්න ආමාරුයි.
"නිදාගන්න දැන් කල්පනා නොකර. මන් ඉන්නවානේ!" එහෙම කිව්වම මන් එයාට ටිකක් ලන් වුනාම එයා එහාට වෙලා එයාගේ කොට්ටෙන් බාගයක් ඉඩ දුන්නම මන් එතන ඔලුව තියාගත්තම එයා මගේ නහයට නහය තියාගත්තා. මගෙ ශර්ට් වාටියෙන් අල්ලන් ඉන්නවා මට දැනෙනවා. ඉතිං මට නින්ද ගියා.
උදේ දානය පන්සලට දීලා ඉවර වුනාම සයෝද් මාව එක්කගෙන ගියේ වැලි මලුවේ බෝ ගහට ඉස්සරහින් වලා බැම්මට හේත්තු වෙලා තිබ්බ අරලිය ගහක් යටට.
"සුදු අයියේ ඔයාට පේනවද මේ අරලිය ගහේ අත්තේ මේ තියන පාරවල්?" සයෝද් උස මහත අත්තක් අල්ලලා කිව්වම මන් ඒක දිහා බැලුවා. ඒක හරියට ගොඩක් කාලෙකට කලින් තදට බැඳලා තියපු ලනු පාරක් වගේ.
"හ්ම් ඔව්"
"එතන තමයි අපේ සීයා අන්න අර ඝණ්ඨාර කුලුන පූජා කරන්න කලින් මේ පන්සල හදපු දා ඉඳන් ඝණ්ඨාරේ එල්ලලා තිබ්බේ"
"ආ..."
"මට කියන්න ඕන වුනේ ඒක නෙමේ. ඒ ඝණ්ඨාරේ මේ ගහෙන් ගලවලාත් දැන් අවුරුදු ගානක් වෙනවා. එත් ඒකේ පාරවල් තාම තියනවා. ඒත් ඔයාට පේනවද ඒ තුවාල වලට උඩින් කඳ ආයේ ඒ තුවාල හොඳ කරලා දැන් එතනින් තව අතුත් දාලා ඒ අතු වල මලුත් පිපිලා තියනවා?"
"ඔව් පේනවා."
"සුදු අයියේ අයුශ් ඇති කරපු තුවාලේ මේ ගහට ඝණ්ඨාර ලනු වලින් උන තුවාලේ වගේනම්, මන් ඔයාව මේ ගහේ පොත්ත වගේ හොඳ කරන්නම්. අපිට පුලුවන් මේ ගහ වගේම තුවාල උඩින් උනත් අලුත් අත්තක අලුත් මල් පූදන්න!"
"රෙශඛ්‍ය!"
"ඔයා ඒක කිව්වා!" එයාගේ ඇස් සතුටෙන් දිලිසුනා.
"ඔව් මන් කිව්වා" මන් හිනා වෙලා අරලිය ගහටම හේත්තු වුනාම එයා මගේ ශර්ට් එකේ වාටියෙන් අල්ලගෙන තව හිනා වුනා.
"ආයේ ඔයා බය වෙන්න ඕන නෑ සුදු අයියේ... මගේ exam results ආපු ගමන් මන් අම්මටයි තාත්තටයි කියන්නම්."
"රෙශඛ්‍ය ඔයාට පිස්සුද?" මන් කෙලින් වුනා.
"මන් කිව්වනේ බය වෙන්න එපා! අපේ තාත්තා ඔක්කොම බලාගනී! අපේ අම්මට හඳහන් කොපිය තිබ්බොත් ඔක්කොම හරි. " සයෝද් හිනා වුනාම
"ගැලපුනේ නැති වුනොත්?"
"ගැලපුනේ නැති වුනොත්, මන් මගේ නම ජිරිබිරිස් කියලා වෙනස් කරනවා සුදු අයියේ!"
"ඒ තරම් විශ්වාසද?"
"ආ හරි බලනවකෝ ගැලපෙන්නේ නැද්ද කියලා. ගැලපුනොත් එහෙම තවුසේ මට උතුමාණනි කියලා කතා කරනවා!"
"බෑ!" මන් කිව්වම රෙශඛ්‍ය ගහේ අත්තක් අල්ලලා හෙලෙව්වම වතුර බින්දුයි වැටෙන අරලිය මල් වලිනුයි මාව නෑවුනා!
"රෙශ්ඛ්‍ය ඕක නවත්තන්න!" මන් අත් දෙකත් ඔලුවට අල්ලන් ඇස් දෙකත් බාගෙට වහන් කෑ ගහද්දි,
"කියනවා උතුමාණන් කියනවා කියලා!!!"
"හරි හරි කියන්නම්!"
සීතල වතුර බින්දු ඇඟට වැටුන නිසාද,හිනා වුන නිසාද, ආදරය දැනෙන නිසාද කියලා හරියටම නොදන්නවා වුනත් මට ලොකු සනීපයක් දැනුනා.
හවස මරණෙට ආපු තරමක්ම සෙනඟ බනටත් ඇවිත් තිබුනා. බන ඉවර වෙලා මන් ටිකක් එලියට ගියේ මරණෙ වෙලාවෙදී කතා කරන්න සිහියක් නොතිබුන නිසා මග ඇරිච්ච අයට ස්තූතියි කරන්න. පරණ ඉස්කෝලේ යාලුවෝ හැමෝම වගේ ඇවිත් හිටියා. එයාලා මාව දැකලා මූනවල් බිමට හරවගත්තේ තිබ්බ වරදකාරී හැඟීම් නිසා කියලා මට තේරුනා. ඉතින් එයාලා මන් ළඟට එන්න කලින් මන් එයාලා ළඟට ගියා.
"සවේන් අපිට සමාවෙයන් බන්!"
"දැන් වෙච්චි දේ වෙලා ඉවරයි බන්! උඹලා අයුශ් ගේ මරණෙන් හරි පාඩමක් ඉගනගත්තනම් අයුශ් ගේ නැති වුන ජීවිතේට වටිනාකමක් ලැබෙයි. ආදරය කියන්නේ ආදරයට. ඒක කාට කා වෙනුවෙන් ඇති වුනත් වෙනස් වෙන්නේ නෑ. අපි උඹලට වඩා වෙනස් ඇති උඹලගේ ඇහෙන් බලනකොට. ඒත් ඒ වෙනසෙන් ඔබ්බට බලලා ආදරය, ආදරය විදිහටම දකින්න බලපං එතකොට අඩුම ගානේ උඹලට මිනිස්සුන්ව උන්ගේ ලිංගිකතාවය නිසා කොන් කරවන්න හිතෙන්නේ නැති වෙයි."
"සමාවෙයන් බන්. ආයේ වෙන්නේ නෑ!"
"සවී!" හුරුපුරුදු කටහඬට මන් හැරුනම
"මෙතුල"
"මන් ආවා සවී අයුශ්ගේ මරණෙටත් ආවා. ඒත් ඔයාව බලන්න එන්න බැරි වුනා ඔයා කාමරෙන් එලියට ආවේ නෑ නේ." මෙතුල මගේ අතින් අල්ලගෙන පිට අල්ල මාපට ඇගිල්ලෙන් පිරිමැද්දා
"සවී මේ හැමෝම ඉන්න තැන මන් ඔයාගෙන් ඉල්ලනවා, මගේ ළඟට එන්න සවී. මන් ඔයාව බලාගන්නම්" මාව ගැස්සුනා. හැමෝම දැන් ආයේ කුටු කුටු ගානවා.
"මෙතුල, උඹ ආවද?" සඳරුයි දේශානුයි ආවම මන් අත ඉක්මනින් මෙතුලගෙන් මුදා ගත්තා.
"අහ් දේශාන්, සඳරු" මෙතුල ආයේ මගේ අත අල්ලගත්තම සඳරු මගේ අත දිහා බලලා,
"උඹ සවේන්ට ආයේ අර විකාරේ කියන්න නෙමේ නේද ආවේ?"
"සඳරු මොකක්ද ඒ කතාව?" මන් ඇහුවම,
"නෑ නෑ බන් ඒක වැඩක් නෑ. උඹ පලයං ඇතුලට" සඳරු කිව්වම මන් අත ආයේ ගත්තා.
"නෑ ඉන්න. මන් ඒක එයාට කිව්වා සඳරුවා!"
"උඹට පිස්සුද හුත්තෝ මේ දවස් හතයි තාම අයුශ් නැති වෙලා උඹ සවේන් ඉන්න තත්වේ බලපං!"
"එහෙනම් මූට අර අර සුදු අලියෙක් වගේ එකා එක්ක තුරුල් වෙලා ඉන්න හොඳයි!" මෙතුල නම් ඕනවට වඩා වැඩී!
"මෙතුල!!!' මට කෑ ගහන්න බැරි නිසා පහත් කට හඬින් ගෙරෙව්වම,
"මොකක්ද මෙතන වෙන්නේ?"
"රෙශ්ඛ්‍ය!" දැන් නම් මෙතන පිපිරීමක් වෙන්නයි යන්නේ. රෙශඛ්‍ය මගේ ඇඟිල්ලකින් ඇල්ලුවම මන් මුලු අතෙන්ම එයාගේ අත අල්ලගත්තම එයා අපේ අත් දිහා බලලා ආයේ මන් දිහා බැලුවා. මන් ඔලුව උඩට පහලට කරාම මෙතුලගේ ඇස් වල තිබ්බේ කේන්තියයි ඊරිසියාවයි විතරයි.
"අයියේ ඔයාව මන් අඳුරන්නේ නෑනේ. ඔයා 'මගේ' සුදු අයියගේ 'යාලුවෙක්' වෙන්න ඇති නේ?" රෙශඛ්‍ය වචන බර කරලා අහද්දිත් හොඳටම හිනා වුනා.
"නෑ මන් 'යාලුවෙක්' නෙමෙයි මල්ලි!" මෙතුල රෙශ්ඛ්‍ය දිහා බලලා ආයේ මන් දිහා බැලුවා
"සවී මන් ආයේ ඔයාව නැති කරගන්න මෝඩ වැඩේ කරන්නේ නෑ සවී!"
"අයියේ මේ!" රෙශඛ්‍ය හිනා වුන විදිහ නම් අල්ලන්නෙම නෑ මගේ අත අත අරින්න හදද්දි මන් එයාගේ අත තද කරලා 'එපා' කියලා සන් කරාම,
"පස්සේ බලාගමු අයියේ!" කියලා තදින් කියලා මගේ අතත් අල්ලගෙන ටෙරස් එක උඩටම ගිහින්,මාව එයාගේ ඉස්සරහින් හිටවගත්තා.
"කවුද ඒ?"
"යාලුවෙක්. කලින් ඉස්කෝලේ"
"කලින් ඌ ඔහොම කියලා තියනවද?"
මන් බිම බලාගත්තම,
"ඇයි කිව්වේ නැත්තෙ?"
"එච්චර හිතුවේ නෑ"
"මට නොකියපු තව දේවල් තියනවද කියලා හොඳට කල්පනා කරලා මට කියන්න සුදු අයියේ. ආයේ ප්‍රශ්න තියෙන්න ඕන නෑ. තේරුනාද?"
"ඔව්"
"මොකක්ද ඌගේ නම?"
"මෙතුල"
"ඉස්කෝලේ?"
"ඉසි... රෙශඛ්‍ය එපා!"
"හරි! මන් මුකුත් කරනවා කිව්වේ නෑ නේ. දැනගන්නයි ඇහුවේ!" රෙශඛ්‍ය මගේ ළඟට ඇවිත් අත් දෙක අල්ලගෙන මූනට එබුනා.
"එක පකෙක්ට අල්ලන්නවත් බෑ තවුසෙව මීට පස්සේ තේරුනාද?"
"රෙශ්ඛ්‍ය!"
"මංජු අන්න වජිර බාප්පා ගෙදර යන්න උඹව හොයනවා!" තුර්ශ ඇවිත් කියද්දි මගේ හිත පොලවටම වැටුනා වගෙයි දැනුනේ. එයා ගෙදර යනවා. මන් කොහොමද ඉන්නේ?
"සවේන් අයියේ මන් හෙට ඉස්කෝලේ ගිහින් ඔයාට දවල්ට බත් කවන්න එන්නම්."
"හ්ම්!" තුර්ශ ඉන්න නිසා මගේ නමින් කතා කරනවා කියලා තේරුනත් සුදු අයියේ කිව්වේ නැති වුනාම මට දුකයි.
"පරිස්සමෙන් ඉන්නවා නේද?"
"හ්ම්" මට ඇඬෙනවා. එයාට ඉන්න බැරිද? යන්නම ඕනද?
මගේ මූණ අත් දෙකටම අර ගත්තම මන් කඳුලු හංගන්න අහක බලා ගත්තත්,
"අනේ අයියේ හරියට කියන්න. නැත්තම් මට ඉස්කෝලේ ගිහින් නිවනක් නෑ"
"සයෝද්!"
"කියන්නකෝ"
"පරිස්සමෙන් ඉන්නවා රෙශඛ්‍ය. ගිහින් එන්න"
"පොරොන්දු වෙන්න මෝඩ වැඩ කරගන්නේ නෑ කියලා" තවමත් ඒ අත් දෙක මගේ මූන අල්ලගෙන. ඉතින් මාත් ඒ මූණ අත් දෙකටම ගත්තා.
"පොරොන්දුයි!"
මතු සම්බන්ධයි.....
Ending SongBY PAISLEY REKDALSHAREYou'd never call the branches
arms, though in certain
lights don't pine and man
look like hands
conjoined where bark
meets flesh, where man
holds pine to saw
away the rotted limbs
he knows must fall?
And if you'd never call
it luck when you watch him
slip and break his back,
won't you learn to call it
blessing later, to supple
the muscles of his
cracking hips, tear
into the edges of his pain
till they dissolve
up through your arms and you
can't feel the difference
of your bodies?
What else to call
a point of rupture
but a join, where you
become another aspect
of the break: we wound
so as to save, we hurt
so as to heal—
What else to know
of loss but how
a man's breast might cool
beneath your fingers,
whatever tenderness
that's left no end
to passion but
its branching out. Oh
wasn't that the point
of love: to join the end
to its beginning, save
some semblance of a whole
by splitting it to half?
Wasn't that the hope
with which he sounded out
the weakened wood
before he cut, the care
with which you bound
the fallen branches up
once he let them go?