Cherreads

Chapter 75 - 75

Nirvans pov...

සයාශ් ....උඹ කොහෙද ඉන්නෙ සයාශ් ...

මාව වෙව්ලනවා...ඵෝන් එක ඕෆ්.....පැය කීයක්ද.....පැය කීයක්ද...නිරූ ...පරිස්සමින් නිරූ .....කියපු මගෙ කොල්ලා...

අනේ ..සයා...ශ්.....සයා....ශ්...උඹ මොන මගුලෙද සයාශ්...

අනේ...උඹ...කොහෙද..මගෙ රත්තරන් ...

මන් ඵෝන් එක කනේ තියාගන මුලු පාර දිගේම දිව්වා....ලයනල් වෙන්ට් එකේ දොරවල් ගලවන්ඩ හැදුවා ..සිකියුරිටි එකේ මනුස්සයා කට කඩාගන මෙතන කවුරුත් නෑ...මෙතන කවුරුත් නෑ ගෑවත් මං පිස්සා වගේ කෑ ගැහුවා...මගෙ කොල්ලව කවුරු හරි ඇදන් ගියාද ඇහුවා....මං මුලු රටටම කෝල් කෙරුවා..මගෙ කොල්ලා ආවද...මගෙ කොල්ලා ආවද...අහ අහ මං මුලු රටටම කතා කෙරුවා ....ඒත් නෑ....ඒත් නෑ....

එක යකෙක් ඔව් කිව්වෙ නෑ....එකම යකෙක් ඔව් කිව්වෙ නෑ...

උන් හැමෝම කිව්වෙ නෑ කියලා...නෑ කියලා....නෑ කියලා විතරක් වෙනකොට මට මගෙ එකාව බලන්න අදුන් බලන්න සිද්ද උනා.....

නිර්වානයා.... නිර්වානයා....!!

ශෙනිරූ...ඌ නෑ....ඌ..... නෑ ඕයි...අනේ.....ඕයි.....ඌ නෑනෙ.....අප්පච්චට ගනින්.....අප්පච්චිට කතා කරපන්.....

මං උන්නෙ තෙත බරියම් වෙලා ....යවන්න ඕන හැම තැනටම යවපු උන් ආපිට මාව හොයන් ආවෙ මගෙ කොල්ලා නැතුව වෙනකොට මාව මහ පරෙම ඉන්දවුනා...මගෙ බලාපොරොත්තු හැම අතින්ම කඩ වෙනවා....

අප්පච්චිට අරන් කියප....න්....මගෙ...

මගෙ.....මට...කියපියව්...මගෙ එකාව මට විසි හතර පැයක් ඇතුලත හොයලා ඕනෙ කියලා ....කියපියව්...මට...ඒකව ඕනෙ පන පිටින් කියලා....මට මගෙ එකාව පන පිටින් හොයල දෙන්න කියපියව් ...

වේදනාව බය වැඩි කමට වචන පැටලි පැටලි කියවපු මං අනිත් පාර මගෙ අත් වලින් මහ පාරට ගගහා කෑ ගැහුවා....අප්පච්චිට මගෙ සයාශ්ගෙ පින්තූරයක් යවලා මගෙ එකාව පන පිටින් කොහෙන් හරි හොයලා දෙන්න කිය කිය මන් කෑ ගහනකොට මන් බලාගන සනාශ් ඇවිදින් තිබුනෙම එල්ලෙ ගහන බම්බට් එකක් අරගන වෙනකොට උගෙ මූන යක්සා වේස වෙලා තිබුනා....

නිර්වාන් ....නැගිටපන්......නැගිටපන්.....

සනාශ්.....

පැත්තකට වෙයන් ශෙනිරු ..උඹ මගෙ මිනිහා වෙන්න පුලුවන් ...මූ උඹගෙ අයියා වෙන්නත් පුලුවන් ...ඒ වගේම...නැතිවෙලා ඉන්නෙ...මගෙ මල්ලි....හරි...පැත්තකට ..වෙයන්...මං කියන ...කරන...දේවල්...මැදට....

පැන්නොත්...දෙවියො පල්ලයි....තොගෙයි...මගෙයි...

සම්බන්දෙත්...අදින්...අහවරයි....

නැගිටපන්...නිර්වාන් ....නැගිටපන්....මං....උඹට...හොදින් කතා...කරන...අවසානම....අවස්තාව...

මේක....හරි....නැගිටපන් ....

සනා....ශ්.....

ශෙනිරු.......උඹට කැක්කුමද....ආ...උඹට...කැක්කුමද....

උඹගෙ එකාට මං ගහයි....බනී කියලා....ඔව්.....මං ගහනවා.....ඌට..බැරි උනා....ඌට බැරි උනා....ඌට බැරි උනා..මගෙ එකාව පරිස්සම් කරන්ඩ...මූටද මං මගෙ මල්ලිව දුන්නෙ.....ආ...මූටද මං මගෙ මල්ලිව දුන්නෙ.....කතා කරප.....

යකො...මගෙ අම්මා වැලහින්න වෙලා.....ගෙදර උන් සීසිකඩ යනවා....මාව...අල්ලන්ඩ....

හිතන්ඩවත් ...එපා.....ශෙනිරු ....මගෙ හැටි දන්නෙ නෑ උඹ...මගෙ චූටියට මොකක් හරි උනොත්...මං...මුලින්ම...මරන්නෙ.....මූව....දැනගනි....න්...මං...මුලින්ම...මරන්නෙ.....මූව ....

තවමත් වැස්ස....අඩු වෙනවා...වැඩි වෙනවා...අඩු වෙනවා....වැඩි....වෙනවා...මගෙ ඇස් වලින් වැටෙන කදුලු ඇස්වලට හපන් වෙනකොට තරහව බය වේදනාව ඉහ වහ ගිය සනාශ් ශෙනිරුව තල්ලු කෙරුවා....ඌව අතාරිනවා කිව්වා....අතෙ තිබුන බම්බට් එක පොලවට ගහ ගහ සනාශයා කෑගහනකොට මගෙ කොල්ලව හොයලා හොයලා හති වැටුන මං මහ පාරෙ ඉදන් උන්න තැනින් නැගිට්ටා විතරයි ....මගෙ කොන්ද හරහම වැදුන බම්බට් පාරට මගෙ ඇගම දෙදුරුම් කෑවා...

සනා...ශ්....නවත්තපන්...යකො.....ඕක ....

ශෙනිරු කෑගැහුවා.....මං දත්මිටි කාගන උන්නා.....මටකියන්න දෙයක් නෑ...උගෙ වේදනාව...උගෙ චෝදනාව සාදාරනයි ...කොල්ලට තිබුන ලෙඩ දෙක උනා.....ඒකත් මගෙ අම්මා හන්දා....

උඹට.....උඹගෙ...දුක...අඩු...වෙනකන්...අට...ගහන්න...ඕනා...නම්...ගහපන්...ලොකූ....

.කොන්දට වැදුන පාරෙ සැර කියන්නෙ මට කෙලින් ඉන්න බැරිව ගියා...ඇස් වලට කදුලු ආවා.....අතේ තිබුන බම්බට් එක ශෙනිරුවා ඉදිරුවත් මගෙ මූන කට පුරවලම සනාශ්ගෙන් පාර පිට පාර වදිනකොට මං ඉවසගන උන්නා....ඌ ඇහුවෙ එකම දෙයයි....ඌ ඇහුවෙ...එකම දෙයයි...ඇහෙ මූනෙ තියන් උන්න උගෙ මල්ලිව මං ඇයි පරිස්සම් නොකෙරුවෙ කියන එක විතරක් වෙනකොට උගෙ වේදනාවට ඌ මට ගහලා...ගහලා....අවසානෙදි ඌ මගෙ උරහිස් වල එල්ලුනා....

මචන්...මගෙ.....මල්ලි....ඌ....නෑ....බන්.....මං....උඹව....මස්සිනා..කරගත්තෙ...ඇයි බන්...මගෙ...මල්ලි...නිර්වානයා....ඌ...නැ.....ඌ...මේ....හතර කොනක...වත්...නෑ.....මගෙ....චූටියා....

අනේ....ඌ...නෑ...නිර්වානයා....ඌ....නෑ...

මට...උඹව.....මරන්ඩ....තරහයි...මට...උඹව...මරන්ඩ....තරහයි....නිර්වානයා....මගෙ...මල්ලිව...හොයපන්...මගෙ...අම්මගෙ පපුව...පැලෙයි....යකො.....මගෙ අප්පච්චි ට්ත් මට වඩාආදරේ ඌට....ඌ අපේ බඩ පිස්සා...ඌ නැතුව සුධර්මා මැරෙන්ඩ හදනවා....ඌව ගෙනෙන් ගගා මාව එලෝනවා...

මගෙ ඇස් වලින් කදුලු වැක්කෙරුනා.....මහ වැස්සට තෙත බරියන් උන මගෙ ඇස් වලින් වැටෙන කදුලු වැහි සීතලට ගල් ගැහුන මගෙ මූන පුච්චලා දැම්මා....කොන්දට වැදුන පාරට මට විනාඩි ගානකට කොන්ද කෙලින් කරගන ඉන්න බැරි වෙනකොට ඌ මගෙ මූනට ගහපු පාරට දැනටම නාස් පොල්ල කැඩිලා තිබුනා.....ඌ අඩනවා...මගෙ උරහිස් මිරිකන් අඩනවා....ඌට මහන්සී කියනවා...මල්ලි හොයලා ඌට අමාරුයි කියනවා....එහෙන් සංජනලා හැම තැනටම කතා කරනවා...කොටිම්ම මුලු ඇකඩමි එකේම උන්ට මම කතා කෙරුවා...ඒත් ඒ හැමෝම දුන්නෙ එකම උත්තරයක් වෙනකොට අපි හැමෝම වචන වලට විස්තර කරන්න බැරි තරමට අසරා උනා...

නිර්...වානය...මගෙ...මල්ලි.....ඌ...

හොදින් ඇති...නේද....ඌ....මට කවදාවත් නැතුව....මගෙ...අයියෙ...පරිස්සමින් ඉදපන්.....කියලා..දාලා.....කවදාවත් නැතුව...මං මේ ටිකෙම නරක..හීන දැක්කා...නිර්වාන් ...ඌ...මට කවදාවත්..මගෙ ..අයියෙ...කියන්නෙ...නෑ.....ඌ..කවදාවත් ..මගෙ අයියෙ කියන්නෙ...නෑ....නිර්වනයා....මගෙ...මල්ලිව..හොයලා දියන්....පින් අයිති ..වෙයි...මං වදින්නම්...මං...කකුල්..ළඟ වැදලා...හරි ඉල්ලන්නම්.....

සනා..ශ්....සනා...ශ්.....නැගිටපන්....

රත්තරන් ....අපි මල්ලි හොයා...ගමු...අපි...මල්ලි....හොයා...ගමු..උඹගෙ මල්ලි ඉන්නවා..සනාශ්....ඌ ඉන්නවා....චූටියා...නෑවිදින් කොහොමද ...අර බලපන්....අර....බලපන්...සනාශ්....ඌ අර හිනා වෙලා ඉන්න ලස්සන.....ඌ..නෑවිත්....කොහොමද ...ඌනෙ....රෝමියො.....ඌ එන්ඩ එපැයි....

මගෙ පපුව පුපුරන්න ආවා...යක්සා වේසෙන් වගෙ මට ගහපු..මට බැනපු....මාව මරාගන කන්න හදපු සනාශ්ම ඊලග පාර මගෙ කකුල් ගාව වැටීගන ඌව හොයලා දියන් කියන කොට මාව පුපුරන්න ආවා....දෙවියනේ .....හදවත පැලෙන්නෙ කන්ටකගෙ විතරක්ම නෙවෙ...!!

ඌ වදිනවා.....මල්ලිව ගෙනත් දෙන්න කියලා අඩනවා...මට දැන් වදින්න දෙවි කෙනෙක් නෑ....අප්පච්චි ඩැඩා...බලන්න පුලුවන් හැම තැනටම කතා කරනකොට ලයනල් වෙන්ට් එක ඉස්සරහම තිබුන මගෙ කොල්ලගෙ පෝස්ටර් එක දිහා මං බලාගන උන්නා...

මගෙ ...රෝමියො.....රත්තරන් ...සයාශ් ..මගෙ ලමයො.....අනේ.....මං ඉල්ලන්නෙ එකම දෙයයි....ඉල්ලන ඕන දෙයක් අරන් දෙන්නම්..දෙයියො ... උඹගෙ නිරූව මැරෙන්න කලින් වරෙන්.......

.ශෙනිරු.....සංජනගෙන් අහපන් අම්මා කියන ගෑනි ගෙදර උන්නද කියලා....?????

කටවුට් එකේ උන්න එයාගෙ හිනා වෙන ඇස් දෙක දිහා බලන් උන්න මං නාස් කුහරින් එලියට පැන්න ලෙ බින්දුව පිහිදගන ඵෝන් එක කනේ තියන් එහාට මෙහාට කතා කරන සංජනගෙන් අම්ම ගෙදරද අහන්න කියපු මං මගෙ කැබ් එක ගාවට ගිහින් පිටිපස්සෙ දොර ඇරියා...

නිර්වාන් ....

මං උන්නෙ ඇතුල් පැත්ත හැරීගන.....මාව වෙව්ලනවා....වැස්ස්ට තෙමුන හීතලටද....නෑ....තරහවට.....දුකට..බය...වේදනාවෙ තරමට වෙනකොට මගෙ උරහිසට කවුරු හරි අතක් තිබ්බා...මගෙ ඇස් වල පාට තනි කරම මිරිස් පාට ගැහුවා.....

සංජන....අම්මා ගෙදරද...??ඔව් නම්..ඔව් කියපන්....නෑ...නම්...නෑ.....කියපන්....

නිර්වාන් .....උඹට....යකො.....මෙහෙ...දී...පිය...ඕක....

ලෝට් කරල තියෙන්නෙ.....වැදුනොත්.....මෙතනමයි....සංජන....ඌට මොනවා හරි උනොත්...මට උන්නත් එකයි ..නැතත් එකයි....

මගෙ අතේ තිබුනෙ පිස්ටල් එකක්.....කාගෙවත් නෙවෙ....ඩැඩාටම නොදැනුවත්වම ඩැඩාගෙන්ම ගත්තු එක වෙනකොට පිස්ටල් එක අදුනන සංජන ඒක උදුරන්න හැදුවා....

අම්ම ඉන්නවා.....කාමරේ ඒසි එක වැඩ.....

මේ වැස්සෙ.....ඒසි දාන්න.....ග්‍රීස්මෙද...නෑනෙ .... මට සැක එකම කෙනා.....අම්මා...මට සැක එකම එකෙක් නම්....ඒ...අම්මා...ඒඅම්මමයි...සංජනයා....ඒ අම්මමයි බන්....

දාපන් ඇන්ට්‍රි එකක්.....

ඇන්‍ට්‍රි දාන්න තරම් මගෙ පපුව දැන් සාමකාමි නෑ සංජන....පොත් අස්සෙ ලියලා බබ්බු වගෙ අරන් යනකන් මට බලන් ඉන්න බැ සංජන...මට ඕනෙ....ගමම හොලවලා හරි....මගෙ කොල්ලව ...

මන් දත්මිටි කෑවා ...අම්මා ඉන්නවා කාමරේ ඒසි වැඩ කියලා කිව්වත් විස්වාසයක් නැති මං ලෝට් කරාපු පිස්ටල් එක අරන් කැබ් එකට නැග්ගා....

නිර්වානයා.....

පලයන් අර පඩත්තරීගෙ ගෙදර ....දොර කඩලා හරි අරන් වරෙන් ඕකිව....පරට්ටි ආවත් හරි.....

මං හිතෙ ආවෙගටම කැබ් එකේ දොර දඩාස් ගාලා වහගන කෙලින්ම රිවර්ස් කෙරුවා ...

මගෙ චූටි...අනෙ රත්තරන් ....උඹ ඉන්න තැන කොතන උනත්...මගෙ ගාවට වරෙන් චූටි....ඉන්න තැන කොතන උනත් මාව නොමරා මරන්නෙ නැතුව වරෙන් රත්තරනෙ....අනෙ මේ නිර්වාන් පිස්සෙක් වෙයි ....මං ඉල්ලුවෙ උඹගෙන් විනාඩි පහයි ....මං ඉල්ලුවෙ....උඹගෙන් විනාඩි පහයි.....

අනෙ....ඒ විනාඩි පහට උඹ කොහෙද රත්තරනෙ ගියේ .....??

වෙලාව මහ පාන්දර එකටත් කිට්ටු කරලා තියනකොට මෙච්චර වෙලාම කොලඹම දෙවනත් කරාපු මං කෙලිම්ම ගෙදරට පෑගුවා ....කොන්ද මැදට වැදුන පාරට කොන්දම ඇදුම් කෑවත් ඒ එක වේදනාවක් වත් හිතේ වේදනාව තරම් නොවෙනකොට වාහන නැති හිස් පාරෙ මං ලෑල්ලට පෑගුවා .....

පාර තෙත පාටයි.....ඒත් මෙච්චර වෙලාම වැහපු වැහි අහවර වෙලා මෙච්චර වෙලාම කෑ ගහපු අහස ගොලු වෙලා....

මං ඒ එනගමනුත් සිය පාරකට වඩා මං මගෙ සයාශ්ගෙ ඵෝන් එකට ගත්තා...ඒ ගත්තු හැම පාරකම කිව්වෙ ප්‍රතිචාරයක් නෑ කියලා වෙනකොට මගෙ පපුව යකාගෙ කම්මල උනා. ..

අනෝමා.....හ්.....

අනෝමා.....

අම්මා.....ඇත්තටම මොන තරහව තිබුනත් වෙනදට අම්මා කියන මම අද යන යාමටම ගියේ අනෝමා ගාන් කෑ ගහගන වෙනකොට නිදාගන උන්න සීතම්මත් නිදිමත පෝරුවෙ දුවන් ආවා ...

බේබි.....

සීතා....කතාකරපන් ඔය ඇතුලෙ ඉන්න හාමිනේට . ...

බේබි...නෝනගෙ ඔලුව කැක්කුමයි කියලා නිදිනෙ....

ඔලුව කැකුමනම් ඒසි දානවද යකො.....ඒ පාර උඹටත් බොරු උගන්නවද...අරින්ඩ කියපන් මෙක නැත්තන් මං කඩාගන ඇතුලට යන්නෙ.....ඔලු....ඔලු නෙවෙ...සර්වාංගෙම කැක්කුම් හොද කරන්ඩ අරින්ඩ කියපිය මේක....

නිර්වාන් .....තමුන් මොකද මේකෑ ගහන්නෙ..මගෙ ඔලුව රදේ.....

ඔලුව රදේ...ඔලුව...රදේ.....උඹට ඔලුවක් තියනවද.....???කෝ කියපන් මගෙ සයාශ් .....ආ....හ් කියපන්.....ඔලු කට්ට කුඩුවෙන්න තියන්න කලින්...කිය....පන්..

අනෙ ආන්...ටිහ්....

දෙයියනෙ..බේ....බි

ආහ්....පරට්ටි.....තෝත්....මෙහෙද.....ම්ම්ම්...තෝත් මෙහෙද.....පල....පල...ඇතුලට ...මං තොපි ඔක්කොම මරන් මැරෙනව අද.....

අනේ බේබි...බේබි...අනෙ....දෙයියො...ඕක පත්තුවෙ....යි....

මගෙ තරහවට සීමාවක් නැති උනා.....වේදනාවට මායිමක් නැති උනා...සීතම්ම ලව්වා අම්මව ඇහැරවන්න කෑ ගහපු කන පිටිපස්සෙන් ඇහුන අම්මගෙ කටහඩත් එක්කම පැනපු ගමන් අම්මගෙ බෙල්ලෙන්ම අල්ල ගත්තු මං අවසිහියෙන් වගෙ නලලටම පිස්ටල් එක තිබ්බා විතරයි අම්මගෙ කාමරෙ උන්න ටානියා බෙරිහන් දුන්නා....

කියපන්.....උත්තර දියන්...උත්තර දියන් ටානියා...උඹ දන්නවා....මං කවදාවත් ගෑනුන්ට අත උස්සන පිම්පියෙක් නෙවෙ ටානියා....හැබැයි....මට දැන් තියන බයටයි වේදනාවටයි....සීමා නෑ.....කියපිය....තෝ දන්නවා....නොදන්නව නෙවෙ....තෝ කුනකට්‍ටි වගේ ඉදන්....

අ...අව්හ්...අනෙ...නිර්වා...න්....අනෙ කොන්...ඩෙ.....අනෙ....අන්....ටීහ්....ආන්‍ටීහ්...

පුංචි...බේබි....අනෙ නිර්වාන්

බ්ේබි....මේ දොර ඇරපල්ලා බේබි...

නිර්වාන් ...ඔය කෙල්ලව....අතෑරපන්....නිර්වාන් ....

අතාරින් නෑ....මං මේකිව මරලා හංගනවා.....කියපන් ... මට කියපිය යකෝ...කෝ මගෙ කොල්ලා.....කෝ මගෙ සයාශ් .....කියපියව්....කට ඇරලා කියපියව් යකෝ...ටානිය ...මං උඹව නම් මරනවමයි....කියපන්....කෝ මගෙ කොල්ලා.....

මං උන්නෙ ටානියගෙ කොන්ඩ කෙටියෙන් අල්ලග...අම්මගෙ නලලට තියාපු පිස්ටල් එකම ඊලග විනාඩියෙදි ටානියගෙ නලලෙ නැවතුනා.....අම්මව තල්ලු කරාපු මං ටානියව මරන් කන්න හැදුවා ...

තොට ඕනෙ මාව බැදගන්න නේ.....කියපන්.....හරි ආසයිනෙ . ....මට කියපන්....ටනියා.....මට ඇත්ත කියපන්....

නිර්වා....න්

අම්මා අත් දෙකෙම්ම කන් දෙක වහගත්තා.....ලෝට් කරලා තිබුන පිස්ටල් එකෙන් එලියට විසි උන උන්ඩයක් අම්මගෙ ඇද විට්ටම පසාරු කරන් ගියා....

කතා එපා....මං කතා කරන්නෙ....මේකිට කියල කටක් තියනවනෙ ..කියපන් ...මරල දාන්න කලියෙන් කියපියව් යකො ..තොපි දෙන්නා මගෙ කොල්ලට මොකද කෙරුවෙ.....

අ..ආහ්..ආ...හ්...අනෙ...ආන්...ටි...හ්...නිර්වාන් ...මගෙ ...බෙල්. .ල ...නිර්වාන් .....නිර්....වා....න්....අම්මා....අ...නේ.....හ්

නිර්වාන් අතෑරපන් ඔය කෙල්ලව....උඹ ඒකිව මරන්ඩද..හදන්නෙ නිර්වා....න්

ඔව්....මං ඒකිව විතරක් නෙවෙ...ඒකිව විතරක් නෙවෙ.. තොපි ඔක්කොමව මරන් මැරෙනවා....කියපන්....තොපි කොහෙද උන්නෙ ....ආ....ටානියා...උඹ කොහෙද උන්නෙ.....තොපි දන්නවද...මගෙ සයාශ්ට වෙච්ච කෙරිච්ච දෙයක් නෑ..මගෙ කොල්ලා ආ ගිය අතක් නෑ....මට කියපියව්.....තොපි දෙන්නා මොකද කෙරුවෙ.....තොපි ඌට මොකද කෙරුවෙ....කියපියව්...

මං ටානියෙගෙ කෙහෙවල්ලෙන් අල්ලන් හොලවන් හොලවන් ගිහින් අවසානෙදි ඒකිව තල්ලු කරලා ඇරියා වගේම ඒකිව ගිහින් බිත්තියක වැදුනා.....

මං කෑගැහුවා...උන් දෙන්නගෙන් එකෙක් වත් කොහෙවත් ගියෙ නෑ ගෙදරමයි ඉන්නෙ කියනව ඇහෙනකොට මට එක පාරම පහලින් කුඩු වෙන සද්දයක් ඇහුනා.....එකක් නෙවෙ...දෙතුන් පාරක්ම....

දෙවියනේ......

බේබි.....හ්...අනේ..බේබි....එන්ඩකෝ.....

නිර්...වාන්....

එලියෙ උන්න සීතම්මා කෑගහන් පහලට දිව්වා...මගෙ ගාව උන්න අනෝමා බය වෙලා වගෙ මගෙ දිහාව බලාගන ඉන්නකොට පහලින් කැඩෙන බිදෙන සද්දෙ එන්න එන්නම වැඩි උනා.....

සනාශ්...මං දන්න එකම කෙනා සානාශ් විතරයි ....ඔය විදිහට ඇවිදින් තරහව වේදනාව පිට කරන්න පුලුවන් එකම එකා සනාශ් විතරක්ම වෙනකොට මම බිම උන්න ටානියා වගේම අම්මා දිහාව බැලුවා...

ප්‍රාර්තනා කරපල්ලා...උඹල දෙන්නගෙන් එකෙක් වත් මේකට ගෑවිලා නැති වෙන්ඩ කියලා ...එහෙම උනොත්....එහෙම....උනෝතින්......බාවනවා....එකා එකාව...පරම්පරාව පිටින්....මට...දැන්...උන්නා..නැතා....

ගානක් නෑ.....හරි...

මං එතනින් එහා වචනයක් වත් නොකිය අම්මට අතේ තිබුන පිස්ටල් එක පෙන්නුවා...

උඹටත් තියලා ....ඒකෙම්ම මාත් තියා ගන්නවා...එතකොට උඹට බැනුම් අහන්න ඕනෙත් නෑ....උඹව මැරුවා කියලා මට බැනුම් අහන්න ඕනෙත් නෑ...උඹයි මායි තනිකරම සංසාර කරුම පියවන්න ආව උන් මිසක්....අම්මා පුතා නෙවෙ අනෝම...ජාති ජාතිත් උඹ වගෙ අම්මෙක් මට එපාමයි...උඹ වගේ අම්මෙක් කල්ප කාලාන්තරේකට එපාමයි.....උඹගෙන් මම බීපු කිරකුත් නැ.....උඹගෙන් මට ලැබුන දේකුත් නෑ....අවසානෙදි මටහිතනෙවා.....නව මහක් මං උඹ ගාව උන්නෙත් නෑ කියලා ...

බලාගමු....බර දවස් වල මිනියක් ඉස්සුවොත්...පෝලිමක් යනවලු....මම උඹලට අත් උදව් දුන්න එකෙක් වත් තියන් නෑ...බලපන්....

මන් එන්න ආවා..අනෝමගෙ මුන තනිකරම හිස් පිටුවක් වෙලා යනකොට මං ටානියවත් නොමරා මරන්න පුලුවන් බැල්මකින් බලල පහලට එන්ඩ ආවා....

බබී...සනා...ශ්....සනාශ්....නවත්තපන්.....සනා....ශ්....ඕක.....

අතෑපරන් ශෙනිරු ....ඌට ඕන දෙයක් කුඩු පට්ටම්.කරන්න දියන්...

මම හිතුවා හරි.....හිතුවා වගේම උන්නෙ සනාශ් ....යකඩ බම්බුවක් අතේ තිබුන සනාශ් අම්මගෙ කැබ් එක කුඩු කරලා...සයිඩ් කන්නාඩි සී සීකඩ.....මේකට හේතුව අම්මමයි කියන්න යටි හිත කිව්වත්.....ඔප්පු කරගන්න සාක්කි නැති තැන මං පිස්සෙ පිහාට්ටෙක් වෙද්දි සනාශ් කෙරුවෙ අම්මගෙ කැබ් එක කුඩු පට්ටම් කරාපු එක.....

 ******************

.අම්..මෙ........මට....මගෙ කොල්ලව ....හොයා....ගන්න.....බැරිව...ගි.....යා.....අම්මෙ...අනේ...අම්මෙ....මං.....මුලු....රෑම....මුලු...කොළඹ ...පීරුව...රත්තරන් ....අම්මෙ...ඌ.....නෑ...අම්මෙ....ඌ....ආගිය ..අතක්....නෑ.....අම්මෙ...මට පරිස්සමින් ....ඉන්ඩ...කියපු...එකාට....ඇයි අම්මෙ....පරිස්සම් ....වෙන්..ඩ....බැරි උනෙ...???

මං උන්නෙ සයාශ් ගෙ ලොකු නැන්දගෙ ගෙදර...

මුලු ගේම මලගේ වෙලා.....අම්මගෙ ඇස් වල කදුලු නෑ...ලොකු නැන්ද ප්‍රෙශර් වැඩි වෙලා ඉස්පිරිතාලෙ අරන් ගිහිල්ලා.....අම්ම තනිකරම ඇවිදින මලකදක් වෙනකොට මං අම්ම ගාව වැටීගන උන්නා...ඒ අම්මා ඔහේ බලාගත්තු අත බලන් උන්නා...මගෙ චූටියා ගේට්ටුව ඇරන්...සුතර්මා...චිම්තකගෙ නොතරු පැංචා ගෙදර ආවා කියාගන ඌ එයි කියලා අම්මා බලාගන උන්නා....

මොන මගුලටද මන්දා.....සුදු පාට ගාපු බිත්තියෙ තනි කලු සමනලයෙ වහලා උන්නා....උන් එන්නෙ මිනී පහන් ගාව කැරකෙන්න කියන එක මතක් උන මං හිතක් පපුවක් නැතුවන සමනලයව මරලා දාන්න හැදුවත් තුන් පාරක් කෙල ගහලා ඌව එලවලා දැම්මා.....

මහ පොලවට එලියත් වැටුනා....ඒත් ...මගෙ කොල්ලා නෑ.....සංජනයා....යනවා...එනවා....

ඒත්....ඒ කවුරුත් .....මට සුභ පනිවිඩයක් ගෙනාවෙ....නෑ...

අප්පච්චි ගන්නවා...ගන්නවා....ඒත්....අප්පච්චි වත් මගෙ මූනට හිනාවක් ගෙනාවෙ නෑ....ඩැඩාට කියලා අතකොලුවො කෝටි ගානක් උන්නත් ..අද ඒ එකෙක්ට බැරි උනා මගෙ ලමයව මට හොයලා දෙන්න....

මං ඉස්තෝප්පුවෙ කනුවට ඔලුව ගහන් මගෙ කොල්ල එනලන් බලාගන උන්නා.....ඒත් නෑ.....නිරූ.....චූචියා ආවා නිරූ ... ගාගන එනකන් මං බලාගන උන්නා...ඒත් නෑ...නිරූ.....චූචියට බඩගිනි....ම්හුක්....නිරූ.....චූචියව වඩා ගන්න.....හරිම අගෙයි නිරූ.....කියන්න ඌ නෑ.....මට ඉවසන්නම බැරි උනා..අම්මගෙ ඇස් වල කදුලු නැති උනත්....මගෙ ඇස්වලට කදුලු උනන්න ගත්තා......

මං ඇඩුවා....මට යාගන්න...කර කියා ගන්න දෙයක් නැති උනා.....චූටි....අයියා බලන් ඉන්නවා...වරෙන් ගගා මං මගෙ ඔලුවට ගහගත්තා....ඒ එක්කම ගේ ගාවින් පොලිස් ජීප් එකක් නැවැත්තුවා...සනාශ් ඉස්සරහට දිව්ව.....

චූටියා...උඹ...ආවද...

මං දිව්වා...අම්මත් දිව්වා...ගෙදර ඉතුරු වෙලා ඉන්න උන් ඔක්කොම ජිප් එක ගාවට දිව්වා වගේම ජිප් එකෙන් බැහැපු අප්පච්චි මොකුත් නොකියම ඇවිදින් මාව මිරිකලම බදාගත්තා.....නිවාඩුවට ආව අප්පච්චි නිවාඩු නැති කරන් මුලු රෑ එලිවෙනකම්ම හොයලා හොයලා හිස් අතින් ඇවිදින් මාව මිරිල ගත්තා.....

අප්පච්චි ...ට...සමා...වෙයන්...පුතේ.....

චූටි.....හ්.....සයාශ්.....සයාශ් ...සයාශ් ...නෑ...අනේ...චූටී.....හ්...අතෑරපියව් .....සයා....ශ්.....මගෙ...රත්තරන් ...සයාශ් ...අනේ...මගෙ....සයාශ්.....සයාශ් ...නැගිටපන් ....නැගිටපන්....යකො....සයා....ශ්.....සයාශ්...නැගිටපන්....අනේ...අම්මෙ....අනේ.....අම්මේ....හ්....අප්පච්චි .....අප්පච්චි ...අනේ....මගෙ...කොල්ලා...

නෙවෙ....මේ.ඉනෙ...මගෙ...ලමයා...නෙවෙ.....මේ...මගෙ....කොල්ලා....නෙවෙ...අනේ.....සයාශ් .....මේ උඹ නෙවෙ...කියපන්....මේ...උඹ...නෙවේ...කියපන්...අම්මෙ.....හ්....අනේ...මේ...ඉන්නෙ...මේ....ඉන්නෙ...

මට හිටගන ඉන්න කකුල් පන නැති උනා....මාව මිරිකගන මගෙන් සමාව ඉල්ලපු අප්පච්චි මට දුන්න එකම තෑග්ග මහස පොලව කම්පා කරවන තෑග්ගක්....මගෙ පපුව පලවන තෑග්ගක් වෙනකොට පොල් අත්ත උඩ බාවලා උන්න වතුරෙන් පෙගිලා උන්න මගෙ සයාශ්ව දැකපු මං පොලවෙ පස් කෑවා.....ඒ අතපය ගැට ගහලා...කටටත් කලු පටි අලවලා.....

.සයාශ් ....සයාශ් ...මේ උඹ නෙවෙ..මගෙ...රත්තරන් ...සයාශ් .....

අනේ උඹව මරලා..දාලා....අප්පච්චි ....මට කියපන්.....අප්පච්චි .....මට කියපන්.....අප්පච්චි ...

කාටත් උත්තර නෑ.....සෙනග විමානයයි...හීල්ලිලි කෝටියයි...ජීවිත කාලෙටම කවදාවත් අම්මෙක්ගෙ ආදරේ කියන්නෙ මොකක්ද නොදැන උන්න මට අම්මෙක්ගෙ ආදරේ දුන්න මනුස්ස පරානෙගෙ ඉවසීම් සීමාව බිදිලා ගිහින් අවසානෙදි සිහිත් නැති උනා...කොච්චර වාත් කොච්චර වයසට ගියත් අදත් ඒදා වගේම අම්මියෙ....අම්මියෙ....ගාන මගෙ කොල්ලාගෙ කට සදහටම වැහිලා ගිහින් තිබුනා....ඒ මූන ඉදිමිලා...නලල කලු වෙලා ගිහින් අත පය හතරම පිටිපස්සට කරලා ගැට ගහලා...

මට කියපන් මගෙ රත්තරනෙ.....උඹව පන පිටිම්මද වතුරට වීසි කෙරුවෙ.....

මගෙචූටි.....මගෙ..පුතා උඹ.....මේ අම්මට කියපන්....මගෙ පුතාව උන් පන පිටිම්මද දෙයියො...වතුරට වීසි කෙරුවෙ....මගෙ....පුතේ...අම්මා දිහා බලපන් මගෙ ....රත්තරනෙ....අම්මා දිහාව බලපන් ...මගෙ වස්තුවෙ....උඹගෙ අම්මට පිස්සු හැදෙන්න පුතෙ . ... ..අප්පච්චිට අම්මා මොනවද මගෙ දෙයියො.....කියන්නෙ...මගෙ.....රත්තරන් ...උඹ....උඅඹ අම්මව තකහනියෙ....ගෙන්නුවෙ ....මේක පෙන්..නන්ඩද....

මගෙ ..පුතා....අයියො....චූටි....උඹ...මොන...ආසවකින්ද....රත්තරන් කිව්වෙ...අම්මෙ....මම....රගපානවා...

බලන්ඩ...එන්ඩ කියලා ...උත්තර දීපියව්....උත්තර දීපියව්...මට....මේ මලකද බලන්ඩද....එන්ඩ...කිව්වෙ....මට....උඹගෙ....මල...කද....බලන්ඩද.....එන්ඩ....කිව්වෙ...මගෙ...පුතේ.....මේ...අම්මා..ආවා...මගෙ....පුතාට....අත්පුඩි....ගහන්ඩ...මේ...අම්මා....ආවා.....අනේ.....මගෙ....කොල්ලා.....

මං උන්නෙ බිම ඉදගන.....පොල් අත්තක් උඩ හිගන්නෙක් ගානට දාලා තිබුන මගෙ කොල්ලගෙ ඇස් දෙක සදහටම වැහිලා....ගිහින්...අම්මා පපුවට ගහගන්න ගහගැනිලි වලට ඒ පපුවට හුස්ම වැටෙන එකත් පුදුමයක් වෙනකොට සනාශ් සම්පූරනම ගොලුවෙක් වෙලා ගිහින් උන්නා.....මට දියවන්නාවට පනින්ඩ හිතුනා.....

චූටි ....අයියා ආව රත්තරන් ....මං....උඹට....මලුත් ...අරන් දෙන්නම්....රත්තරන් මං...උඹට .මලට ....මල් වත්තක්ම....අරන්..දෙන්නම්....රත්තරන් ...මා...දිහාව....බලපන්.....අයියා...දිහාව....බලපන්.....

යකො චූටියා.....සයාශ් ...නැගිටප....න්.....සයාශ් ....නැගිටපන්....උඹ කොහොමද මාව දාලා යන්ඩ හිතුවෙ....මට පරිස්සමින් එන්ඩ කිව්ව උඹ කොහොමද....මට මෙහෙම කරන්නෙ.....කියපන්...සයාශ් ... සයා....ශ්.....රත්තරන් ...අනේ...නැගිටපන්...මේ හැමෝම...බලන්...ඉන්නවා.....මේ..

හැමෝම....බලන්....ඉන්නවා.....සයාශ් ...අනේ...නැගිටලා....කතා...කරපන්කො...අනෙ...තරහා වෙලා...වගේ.....ඉන්නෙ....ඇයි.....රත්තරනේ...කතා...කරපන්කො....

මුන් එකෙක්..වත්...මට....උඹව අල්ලන්න දෙන්නෙ....නෑ...සයාශ් ....අනේ...කියපන්....මගෙ....වස්තුවෙ...කියපන්..සයාශ් ...මගෙ ..පන....අනේ...අම්මෙ....ශෙනිරුවා...මගෙ කොල්ලට....නැගිටින්න...කියපන්....සංජන..අනේ...අයියෙ....අයියෙ.....අයියෙ....මගෙ...ලමයට ඇස් අරින්න කියපන්....

ශාක්‍ය....මගෙ ..කොල්ලා...ආසම...එකා උඹ....උගෙ ...ක්‍රශ් ...එකත් ...උඹ....උඹ....කිව්වොත් අහාවි....වදින්නම්....වදින්නම්....අනේ...ඩැඩා....මූට නැගිටින්ඩ කියපන්කො.....සයාශ් ....නැගිටපන්....නැගිටපන්...සයාශ් ....මාව....මාරයා...නොකර...නැගිටපන්කො...රත්තරන් ....නැගිටපන්කො....අනේ....මගෙ...පන....නැගිටපන්...සයාශ් ....අනේ...නැගිටපන්කො....මගෙ...ලමයව...නැගිට්‍ටවල්ලකො...ඌට...අද හවසට යන්ඩ තියනවා...මූ මෙහෙම බුදියෑවම...කව්ද... රෝමියෝට...යන්නෙ...නැගිටපන්කො...සයාශ් .....අනේ...හ්හ්

මං කෑ ගැහුවා...මුලු දියවන්නාවම දෙදරවන් යන්න කෑ ගැහුවා.....එයා ගාවට යන්නවත් නොදී මාව අල්ලගන්න ආව උන්ට මාව අල්ලන්න හයිය මදි උනා...අප්පච්චි ...ඩැඩා....සංජන ...එතන උන්න හැමෝටම මං අඩ අඩ කිව්වා...අඩ අඩ කිව්වා...මගෙ ලමයව ඇහැරවපන් කියලා ...ඒත්නෑ...ඒත් නෑ....ඌ නිදි.....මට පරිස්සමින් එන්ඩ කියාපූ ඌට පරිස්සම් වෙන්න බැරි වෙලා...මට පරිස්සම ගැන උගන්නපු ඌට පරිස්සම් වෙන්න බැරි වෙලා...

ලුනු කදක් එක්ක මීක් නොගා බත් කාපු මගෙ කොල්ලා.....ඒ හැම දේම ඉවරයි.....

චූටි.....රත්තරන් මතකද...මං...උඹව...දැක්ක...පලවෙනි...දවස....මගෙ...කොල්ලා....මගෙ...පුච්චපු...කලිසම...පවා.....මගෙ.ගාව....තියනවා...මැනික....නැගිටපන්...රත්තරන් ...අයියා...කවදාවත් උඹ එක්ක...තරහා වෙලා නෑ.....චූටි...

උඹට...මතකද.....උඹ...මෝඩයා...වගේ....සික්...රූම්..එකේ....මාව...ඉඹලා....බොරු...කරන්න.....ගත්තා....රවන්....උන්නට...මොකද.....මං....උඹගෙ....කෝලම්...වලට...වහ....වැටුනා...චූටි...අයියට...උඹ...නැතුව....ඉන්න.බෑනෙ....වස්තුව.....නැගිටපන්....අපි...ගෙදර ....යමු...හොදද.....

නැගිටපන්කො...බන්...මං...මෙච්චර කියලත්....ඇයි.....රත්තරන් ....නැගිටින්නෙ....නැත්තෙ....නැගිටපන්කො........

සැල....ලිහිනි...යෝ....නුඹ...දන්නෙ...නෑ.....සනා..ශ්....මල්ලිට...ඒක...කියපන්....මුන්..ඔක්කොම...එදා...හිනා...උනා වගේ...ඌටත් ...නැගිටලා.....හිනා...වෙන්න....කියපන්....ඇයි ..ඌට හිනා වෙන්න බැරි .....ඌ...හැම වෙලාවෙම...හිනා...වෙනවා....නිරූ....චූචියට.....චූචියට ගගා විකාරයක් කියනවා.....ඒත්....අද....ඒ එකක් වත් නැති වෙන්න මූ යන්න ගිහින්...එහෙම වෙන්න බෑ...එහෙම...වෙන්න බෑනෙ....අනේ.....රත්තරනේ ...එහෙම වෙන්න බෑ....මගෙ දෙයියො.....

අනේ චූටී...හ්....

මං මගෙ ඔලුවට ගහගත්තා චූටි...මට උඹ නැතුව ඉන්ඩ බෑ... ආපහු වරෙන් ගගා කෑගැහුවා.....කිරි උතුරවාපු මගෙ අලුත් ගෙදරට වස් වැදුනා.....උගෙ සුවද විතරක් කාමරේ ඉතිරි කරලා ඌ යන්න ගිහිල්ලා....

මං කෑ ගැහුවා...මෙහෙ මලගෙවල් නෑ...මගෙ කොල්ලට මොකුත් වෙලා නෑ කිය කිය එන එන උන්ව මං ගෙදරින් එලෙව්වා...

මල් ශාලාවලින් එනවා....මල් තියනවා යනවා....ඒ උනාට මං කෙරුවෙ ඒ මල් වඩම් අරගන පයින් පාගලා කඩපු එක...තොපිට පිස්සු තොපි ඔකොටම පිස්සු ගාලා කෑ ගහපු මට ආපහු පරන නිර්වාන්වම වැහෙන්න ගත්තා.....මීට අවුරුදු ගානකට කලියෙන් උන්න තරහව පාලනෙ කරගන්න බැරි නිර්වාන්ව වැහුනා...ඌට විතරක් මාව නිවන්න පුලුවන් උන නිර්වාන් ආයම යකා උනා.....

නිර්වාන් ...නිර්....වාන්....නේ....නිර්වා..නයා....

මට මෙක අතරින්ඩ බෑ...මොකාද....මොකා...ද...කියපන්...අනේ...මොකාද....කියපන්....යකො....මොකාද....කියපල්ලකො.....

සයාශ්ව ගේනවා බන්....අනේ....පොඩ්ඩක් ඉවසපන්කො.....

සයාශ්ව.....තොට...තොගෙ ඔලුව නරක් වෙලාද....මගෙ කොල්ලව කවුරුත් ගෙන්ඩ ඕන් නෑ.....මගෙ එකා අර අරහෙ නාට්ටි පුරුදු වෙනවා..තොපිට පිස්සු.....

.මොන යකාද යකො මේ මල් වඩම් ගෙනාවෙ මගෙ අලුත් ගෙදරට...ශෙනිරුවා....අස් කරපන්...අස් කරපන්.....මගෙ එකා මහන්සි වෙලා ගෙදර එනකොට මේවා හැඩි වෙල තියෙන්ඩ බෑ..මං යනවා ඌට කන්ඩ හදන්න....මතක...ඇතුව...ලුණු බලලා උයන්ඩ කියලා මං කොලේකත් ලියා ගත්තා...

නිර්වාන්....නිර්...වාන්....

අම්මගෙන්...අහපන්...මගෙ චූටියා කඩල පරිපු කනවා නේද කියලා .....

ඌට රාත් ඕනා කිව්වා...එදා...

මන්දා....මට මතක නෑ....

මාව පිස්සෙක් උනා...මං පිස්සු කියෙව්වා..

වෙලා යන්න යන්න මාව පිස්සෙක් වෙන්න ගත්තා....කාකි ඇදුම් ඇදපු උන් ගෙයි පුරාවටම එහා මෙහා යනකොට ඩැඩාගෙ උන්ට නොසෑහෙන්න වැඩ තිබුනා....

මං ඔහේ උන්නා...අඩලා...අඩලා...අඩලා....අවසානෙදි මගෙ සිහිය විකල්ම වෙලා යනකොට මං එයා කියපු පරන විකාර කිය කිය හිනා උනා..... ගෙයි මුල්ලෙ ඉදගන හිනා වෙවී අප්පුඩි ගැහුවා...උර එලිය වැටෙන මොහොතෙ මං දැක්කෙ බල්ලෙක් බලලෙක් ගානට මරාපු මගෙ කොල්ලව වෙනකොට මහ රෑ වෙන්න වෙන්න ඌව ලස්සනට අන්දවගන අරන් එන්න ඇත් දල දෙකක් ගෙනත් ගෙයින් ගෙනත් තියනකොට මං හිනා වෙවි....ඔලුව වන වන...සැල ලිහිනියො...නුඹ දන්නෙ නෑ ගගා සින්දු කිව්වා...

ගේනවා...ගේනවා.....

කසකුසුව යනවා ...

ගේනවා ගේනවා කියනවා...රෝමියෝට රග නොපාම රෝමියො යන්න ගිහින් තියනකොට අඩන වැලපිලි මැද මගෙ ලස්සනම ලමයව ගෙනල්ලා සාලෙන් තිබ්බා.....ඌට තනි සුදු අන්දවලා....

සයා...ශ් ....නිරූ ආවා.......චූටියො...සාලෙ...නිඩ්ගාගන්න බෑනෙ ..බන්...වරෙන් කාමරේට යන්...ඊටත්...මේ පෙට්ටි උඩ කොහොමද බන් නිදියන්නෙ...ඇරත්...මොනාද මේ ඇදන් ඉන්නෙ....

ලොකූ....මල්ලිට කියපන් කාමරේට එන්න කියලා ...

.ඇස්වලින් කදුලු වැටුන් නෑ...ඒත් මං කියෙව්වා.....අඩන උන්ට අඩන්න පන නැතිව යනකොට මං පෙට්ටිය උඩ නිදාගන උන්න මගෙ චූටියට නැගිටින්න කිව්වා.....වරෙන් ගෙට යන්න කිව්වා.......

ඒත් ඌ නැගිට්ටෙ නෑ.....ඒත් ඌ නැගිට්ටෙ නෑ....ඒ වෙනුවට ඌ කෙරුවෙ මාව ගනන් නොගෙන ඉන්න එක වෙනකොට මගෙ ගාවින් කවුරු හරි ඇවිදින් හිට ගත්තා.....

එයා ගැන හරි දුකයි...

එයාට...කොච්චර ලස්සනට ජීවත් වෙන්න තිබුනද....නිර්වාන් ....දැන් ඉතින් මේ තනි ගෙදර මොනවා කරන්නද...ටානි බලන් ඉන්නවා.....මමත් බලන් ඉන්නවා...අපි ගෙදර යමු පුතෙ...

මං හිතන්නෙ...මට ඒ ඇහුන වචන...මට ඒක කියපු එකාව උස්සලා පොලවෙ ගහන්ම තරම් තරහවක් ගේනකොට මට එහා පැත්තෙ ඉදන් කියවන එකා දිහාව බැලුවා.....

අනෝමා.....ඒ උන්නෙ අනෝමා.....පුදුමයි...මට කෑ ගහන්න හිතුන් නෑ...මට මේ ගේම කනපිට හරවන්න ඕන උනේ නෑ...මං කෙරුවෙ දැන් ඇරපු මලකදේ උනුහුම යන්නත් කලියෙන් ආව අනෝමා දිහා බලලා මගෙ කොල්ලා ගාවට ගිහින් ඒ මූනට හාදුවක් තියාපු එක...කලුවුන නලල අතින් පිහාපු එක....ඉදිමිලා තිබුන සීතල තොල් පට ඇගිලි වලින් අත ගාපු එක වෙනකොට මගෙ අප්පච්චි ඩැඩ්යිත් දෙන්නම ආවා....ඇවිදින් මගෙ ළමයා දිහාව ඇහි පිල්ලමක් වත් නොගහම බලන් ඉන්නකොට මං අනෝමා දිහාවට හැරුනා....

බාර වෙන්න.......ඔයා කරපු වරද පිලි අරන් බාර වෙන්න...

මං කනට නෑහෙන ගානට කියෙව්වා ....

බාර වෙන්න....මොනවටද නිර්වාන් .....

සංජනගෙ අම්මව අමු අමුවෙ මරාපු එකට....මගෙ සයාශ්ව අමු අමුවෙ මරාපු එකට.....යන්න....ගිහින් බාර වෙන්න....මං ආය උඹ බන් බොලං අම්මෙ මේ මොකුත් කියන්නෙ නෑ....යන්න....ගිහින් බාර වෙන්න...මිනිමැරුමක් කරානම්....දඩුවමක් තියෙන්න ඕන....මතක බණ කියනකොට කියන්න ගුණ නොතිබුනත්...මං ඔයාව මාව බිහි කරාපු පිනට හරි වලදාන්නම්....යන්න...ගිහින් බාර වෙන්න....

නිර්වාන් .....තමුන් තාමත් හිතන්නෙ... මං මේ කොල්ලව මැරුවා කියලද.....අර ගෑනිව මැරුවා කියලද.....ඒගෑනි මැරුනෙ වැටිලා...ඇරත්.....අවුරුදු ගානක් පරන මගුල් වලට මං කර තියන්න මොකටද.....උඹගෙ මොලෙ මුන් කාල පුතෙ...වරෙන් ගෙදර යන්න...

බාර වෙන්න....මං හරි හොදින් කියන්නෙ...සාක්කි තිබුනා.නැතා....ඔයාගෙ හිත දන්නවා....ඔයාගෙ හිත දන්නවා මැරුවෙ මොකාද කියන්න.......යන්න...ගිහින් බාර වෙන්න....මල්වඩම් ඕන් නෑ ඔයාගෙන් ....යන්න.....බාර වෙන්න ....කෑ ගැහුවා මරා ගත්තා කියල මගෙ ලමයට ආයම පන එන්නෙ නෑ...ඒක හින්දා යන්න...

නිර්වාන් ...මං දැන් කිව්වනෙ....නිස්කාරනේ මාවම සැක කරන්ඩ එපා පුතේ....උඹ හැමදාම දැක්කෙ මගෙ වැරදි....අනික...මේ කොල්ලට වෙන තරහා කාරයො උන්නද කවද දන්නෙ...

එයාට කවදාවත් කා එක්ක වත් තරහ වෙන්න උවමනාවක් නෑ.....යන්න...මන් ඔයාට තුන් වෙනි පාරත් කිව්වා...ආය කියන්නෙ නෑ...යන්න....මගෙ කොල්ලට හත් දවස දානෙ වෙනකොට උගෙ හුස්ම ගත්තු උන් පස් වෙලා ඉන්න ඕනා යන්න...

.මං දත් මිටිකාගන මගෙ සයාශ් දිහා බලාගන කියවනකොට ඩැඩා මගෙ දිහාව බැලුවා.....අප්පච්චි ගිහින් දොර වැහුවා...මල ගෙදර ආව මිනිස්සු මොන මගුලට දොර වැහුවද කියන්න දන්නෙ නැති වෙනකොට මගෙ පවුලෙ...මගෙ කොල්ලගෙ පවුලෙ උන් විතරක් මල කද ගාව නොමැරි මැරි මැරි හිටන් උන්නා....

නිර්වාන් .....උඹගෙ චූටිය....අවසානෙදිම කිව්වෙ මොනාද....

ඩැඩා මගෙන් අහනවා මගෙ චූටියා අවසානෙදිම කිව්වෙ මොනවද කියන්න...මගෙ කොල්ලා මට අවසානෙදි කිව්වෙ පරිස්සමින් ඉන්න කියලා ...මං ඩැඩාදිහාව බැලුවා.....

පරි...ස්සමින්....ඉන්න...කියලා ...

නෑ.....තව කිව්වා..මතක් කරපන් ...පුතේ.....ඒකා තව කිව්වා....

ඩැඩා මගෙ කොල්ලගෙ මලකද දිහා බලාගන තව කිව්වා...තව කිව්වා ගානකොට මං මගෙ හිස කෙස් ඇදගන මගෙ කොල්ලා මොනවද මට කිව්වෙ කිය කිය මතක් කෙරුවා...මට මතක නෑ...මට මෙලෝ සිහියකුත් නෑ...

.

.මට..මතක....නෑ...මට...මතක...නෑ...දෙයියනේ.....

මං.මගෙ ඔලුවට ගහගත්තා..මට මතක නෑනෑ...ගගා මගෙ ඔලුවට ගහගත්තා.....

උඹට මතකයි පුතෙ...මතක් කරපන්....උඹගෙ චූටියා කියපු දෙ මතක් කරපන්....රෝමියෝ....මැරුනත්.....

මං අප්පච්චි දිහාව බැලුවා ....මගෙ කොල්ලා මට කිව්වෙ මෙච්චරයි රෝමියො මැරුනත් සයාශ් මැරෙන්නෙ නෑ කිව්වා.....සදාකාලික ආදරයක් තියන හාදුවකට විතරයි මැරුන මලකදකට පන දෙන්න පුලුවන් කිව්වා....එච්චරයි මට මතක් උනෙ....ඉන් එහා මොන මගුලවත් හිතපු නැත් මං කෙලිම්ම.ගිහින් මගෙ කොල්ලගෙ සීතල මූන මගෙ මූනට යට කරගන හාදුවක් තිබ්බා...නිකන් නෙවෙ...නිකන් නෙවෙ...මං ඌව උස්සලා අරන් මගෙ ඇගට තෙරපවගනම හාදුවක් තියනකොට මෙච්චර වෙලාම තනියෙන් හාදු තියාපු මගෙ යටි තොල එක පාරම දත් පාරකට අහු උනා...

ම්හු.....ක්....නි...රූ...චූචිව....මැරෙයි...ඇත්...තටම.....

ස..යා....ශ්.....

මං.එච්චරයි කිව්වෙ...මං එච්චරමයි මිමිනුවෙ.....අරකාගෙ කටහඩ ඇහෙනවත් එක්කම මං නිකන් යක්කු ගහපු එකා වගෙ ගමම හෙළ වෙන්න කෑ ගහනකොට මල ගෙදර ආව සමහරක් පන එපා කියලා වැටි වැටි දුවන්න ගත්තා....

.සයාශ්....මගෙ ..පුතෙ....ස...යාශ්...අනේ...

ල්..ලොකූ...ල්.....

මුලු ගෙදරම උන් තක් බීර් උනා.....අනෙ නැගිටපන් ගගා අඩපු පොඩි නැන්දට සිහි නැති උනා...

.අනෝමා....

ස්..සයා...ශ්.....උ...උඹ.....උඹ...

ඔව්...මම....මම....මම තමයි...මම.....උඹ මහ නරකයෙක්...ඇන්ටි....උස්සලා වීසි කෙරෙව්ව නේ...ම්ම්ම්...අනික...මගෙ මූන මට කොච්චර වටිනවද .....මූනටම ගහපුවාම හරියනවද...ඇරත්...ආහ්...මගෙ කොන්ද.....ම්ම්ම්හ්....නිරූ...අම්මා නම්...ආ..ආ...අම්ම...නෙවෙනෙ....අම්මා.නෙවෙනෙ....අමතක....උනා....වැදුන පාරවල් වලට කොහොමත් වරදිනවා...

ස්..යාශ්.....උඹ....ඉ...න්..නවා...

මං උන්නෙ මේ ලෝකෙ නෙවෙ...මෙච්චර වෙලාම මගෙ කදුලු හොලවාපු සයාශ් ..මාව නොමර මරාපු සයාශ් ...මගෙ ගාව ඉදන් මහ නපුරු විදිහට කියවනකොට මං වෙන්නෙ මොනවද හිතා ගන්න බැරිව එහෙම්ම බිත්තියට වාරු වෙනකොට පෙට්ටියෙන් බැහැපු එයා දිහාව අනෝමා බලාගන උන්නෙ බාගෙට පන ගිය එකා වගේ වෙද්දි අප්පච්චි අම්ම ලගට ආවා...

අප්පච්චි ....ඔව්....නිකන්...නෙවෙ.....අප්පච්චි උන්නෙ....යුනිෆෝම් පිටින්....

අනෝමා...ඒක පාරයි අහන්නෙ...අහන වචනෙට ....උත්තර හරියට දියන්....මොකද....මට...උඹව අල්ලන්න වත්...බෑ.....මම ඉන්නෙ රාජකාරි පිට...උඹව අල්ලන්න පුලුවන් ..පොලිස් කාන්තාවකට විතරයි...මගෙ කරුමෙට.....තාම උන් මග....හැබැයි.....පරන මිනිහා විදිහට ...මගෙ දරුවගෙ අප්පච්චි හැටියට ...මට මුලින්ම කරන්න තියෙන්නෙ...මෙච්චරයි

මං කන්දෙක වහගත්තා .....මේ අවුරුදු විසි ගානටම ....අම්මගෙ ඕනම බලු වැඩක් ඉවසන් උන්න අප්පච්චි අද ඒ සීමාව පැන්නුවා .....කනෙන් දුන් දාන්න ගහනවා කිව්වට මං කවදාවත් දැනන් උන්නෙ නෑ කනෙන් දුම් පිටවෙනවා කියලා ...අප්පච්චිගෙ අත ඉස්සුනා...ඒ වැදුන පාරට ගෙයි බිත්ති පවා දෝන් කාර දෙනකොට ඩැඩා ගිහින් අනෝමව අල්ල ගත්තා

සු....රේ....න්

මොන හිතකින්ද.....යකො...ඔච්චර .....දේවල් ....කෙරුවෙ...මොන....හිත....කින්ද ....තෝ....මෙච්චර ....පව්....කාර ..කම්...කෙරුවෙ..තෝ මේ කොල්ලව මැරුවෙ නෑ කිව්වා මගෙ ගැනිව මැරුවෙ නෑ කිව්වා....හැබැයි තෝ ඒ ඔක්කොම කරලා....

අ...අනෙ ...සු...සුරේ ..න්....මං....

මං අහන්නෙ.....උඹ.....කොහොමද .....එහෙම කෙරුවෙ ....

විජේසිරි....

සර්....

අරන් වරෙන් එලියෙ ඉන්න උන් ඔක්කොමව.....

නිර්වාන් .....නිරූ...නිරූ...අනෙ....නිරූ....

මට හිටන් ඉන්න පන නැති උනා එතනින් එහා මට කියපු කරපු.....වෙච්ච කෙරිච්ච දේවල් මායාවක් වගෙ උනා...

මගෙ චූටියව මරාපු හැටි.....සංජනගෙ අම්මා එක්ක කටින් කට ගිහින් එයාව තල්ලු කරාපු හැටි එකින් එක එකින් එක එලියට ආවා මදිවට .....මගෙ හදවතම හත් කඩකට පලන්න පුලුවන් වචන අප්පච්චි කටින් පිට වෙනකොට මං මගෙ කොන්ඩෙ අහුරක්ම ගලවගත්තා ....

තෝ....මොන හිතින්ද යකො....මගෙ.....දරුවා....මාරු කෙරුවෙ. ....

අප්ප...ච්චි .....

මට ගොත ගැහුන මං ගොලු උනා....මොන හිතකින්ද මගෙ දරුවා මාරු කෙරුවෙ කියලා අහනකොට මගෙ හුස්ම හිර උනා.....මම.....

නිර්වාන් කියන මම....අනෝමගෙ නෙවෙ.....අනෙ....දෙයියනෙ....මං.....

අනෝමගෙ....නෙවේ....මුලින්ම...

අප්පච්චිගෙ ලමයෙක් නෙවෙ කියපු මං ....අද අනෝමගෙත් නෙවෙ කියන්න ඩී එන් ඒ ටෙස්ට් කොල වගයක් අනෝමගෙ මූනෙ වදිනකොට සංජනගෙ අම්මමයි....මගෙත් අම්මා කියන්න ....සංජනයි මමයි නිවුන්නු කියන්න .....මාව ඉපදුන ගමන් අනෝමා හොරකන් කරලා ඒ වෙනුවට ළදරු මලකදක් තියන්න....තමන්ගෙ දරුවව හොදම යාලුවට හදාගන්න දුන්න කියන කතාව මගෙ පපුවට බර වැඩි වෙනකොට මගෙ ඇස්,වලට....කන් වලට....මොකූත්ම ඇහෙන්නෙ නැතිව පේන්නෙ නැතිව ගියා....

නිර්වා.....න්!!!!!

Sayash pov....

එයා ඇස් අරි සයාශ් .....ඔයාටත් තවම සනීප නෑ....

කමක් නෑ...මං බලන් ඉන්නම්....

හැමදේම හොදින් විසදෙයි සයාශ් .....

මගෙ...නිර්වාන්ට....රිදවන්න එපා.....

මෙතනින් එහා....නිර්වාන්ට නෙවෙ ....උඹලා....අපි....කාටත් රිදෙන්නෙ නෑ....සයාශ් ...මගෙ අම්මගෙ මරනෙ.....උඹගෙ මරනෙ....මේ ඔක්කොම එක්ක.....නිර්වාන් මම කියන්නෙ.....එක අම්මගෙ දරුවො කියන එක.....එයාට දරා ගන්න බැරිව යන්න ඇති.....අපි....දෙන්නම ඉපදුනෙ....පස්වෙනි මාසෙ....ඒත් ...එයාගෙ විතරක් හයවෙනි මාසෙ....පහ හය වෙලා....

මන් උන්නෙ මගෙ නිර්වාන් ගාව ....මං උන්නෙ දරාගැනීම හීන උන මගෙනිරූ ගාව...සංජන කියවනවා.....මම අහන් උන්නට..මගෙ ඇස් තිබුනෙ එයා ගාව....අනෝමා.....ජීවිතෙ කිසිම දවසක....අම්මෙක්ගෙ හැගීම් විදින්නවත් කැමති නැති උන අනෝමා අංකල් සුරේන්ට තිබුන තන්හාවට....සුරේන්ගෙම මූන අරන් ඉපදුන මගෙ නිර්වාන්ව ඒ අම්මගෙන් උදුරගන.....

නිවුන් දරු උපතකට ලක ලෑස්ති උන අංකල් සුරේන්ට උනෙ සංජනව විතරක් තුරුලු කරගන්න වෙනකොට ඒ අම්මට සිද්ද උනෙ පන ගැහුන දරුවගෙ හිලව්වට තියාපු මල දරුවව තුරුල් කරන් අඩන්න වෙච්ච එක .....

ටානියා.....

දරු කැක්කුම අහලකවත් නැති අනෝමා....ඇයි ටානියට විතරක් ...

මං ඔලුව ගහගත්තා ....දෙයියනෙ ...ටානියයි....අප්පච්චිගෙයි අනෝමගෙයි දරුවා ....

මං කොහොමද මගෙ නිරූ උඹට කියන්නෙ ....මං කොහොමද මගෙ රත්තරන් අයියෙ උඹට කියන්නෙ ....උඹට කවදාවත් ආදරෙන් වචනයක් කතා නොකරන්න එකම හේතුව....උඹව නෙවෙයි ඒ ගෑනි නව මහක් දරා ගත්තෙ ටානියවයි කියලා ....

ටානියට මොකද වෙන්නෙ ..සංජන....

ඒකිත් උඹව මරන්න අත ගැහුවනෙ....

.......

මං ලාවට ඔලුව වැනුවා ...මේ දේවල් උනේ හිතා ගන්න බැරි තරම් ඉක්මනට .....එදා අනෝම පැහැරන් ගිය මාවම දෙවනි වටෙන් පැහැර ගත්තෙ වෙන කවුරුත් නෙවෙ ..අප්පච්චි යි අංකල් සුරේනුයි සංජනයි වෙනකොට මගෙ ඔලුවට ඔබාපු දේවල් එක්ක මගෙ සිහිකල්පනාව නැතිව ගියා .....සංජනගෙ අම්මව මැරුවයි කියන සාක්ශි මැකුව හන්දම අපිට ආපිට සාක්ශි එකතු කරගන්න නම්...මරු කටට පනින්නම වෙනවා කියන එක වගේම මාවත් බොහෝම ඉක්මනින් අනෝමා අහක් කරන බව දැනුන අප්පච්චියි අංකල් සුරේනුයි විතරක් නෙවෙ...එදා රෑ දියවන්නාව පුරාවටම හැංගිලා උන්න ශෙනිරු ගෙ අප්පච්චිගෙ අය හතර වටින්ම ඉදන් අනෝමගෙ ක්‍රියා කලාපෙ බලන් උන්න හන්දම මං බය හැක නැතුව මරු කටට පැන්නා...

ඒත්....මට මරන බය දැනුනා .....මගෙ වටෙ මිනිස්සු ඉන්නවා කියලා දැනුනත්..... හෝරාවෙන් හෝරව ගෙවෙනකොට .....සම්පූරනම ප්ලෑන් එකෙ ප්‍රධාන ඇම මම කියන බයට මට බඩ පවා බුරුල් උනා...ඒත්...මන් හිත හයිය කර ගත්තා ...අනෝමා නාස්ති කරන්න හදන මගෙ නිරූ වෙනුවෙන් .....ජීවිතෙ අවසානම පාරට අතින් විතරක් අල්ලපු එයාගෙ ඇත්ත අම්මට සාදාරනෙ වෙනුවෙන් මන් හිත හදා ගත්තා ....

ඒ අම්මා ...අනෙ ඒ අම්මා අදටත් දන්නෙ නෑ...අම්මගෙ දරුවා මැරුන් නෑ කියලා ...ඒ දරුවා මගෙ නිර්වාන් කියලා ...අදටත් ඒ අම්මා දන්නෙ නෑ...

අනෝමා ....අනෝමගෙ ජීවිතේට වුණු අසාදාරන කම්වල වාඩුව ගත්තෙ අහිංසක මිනිස්සු පිටින් වෙනකොට මන් මගෙවෙඩි වැදුන උරහිස ගාව අත ගගා මගෙ නිර්වාන් දිහා බල්ස්න් ඉන්නකොට සංජන සෑහෙන්න වෙලාවක් මගෙ නිරූ දිහාව බලන් ඉදලා ඉදලා ඇද රෙද්දෙන් එයාව පොරවනවත් එක්කම මන් සංජනගෙ අත අල්ල ගත්තා .....

මගෙ...නිරූට....මහන්සී ...අයියෙ ....මමත් ...අඩවපු...මගෙ නිරූට.....තව ගුටි කන්නත් හයිය නෑ අයියෙ ...ඩැඩා...හැමදාම ....ඔය ..

දෙන්නටම ....උන්නා...කවදාවත් ....සතුටක්..නොවින්ද....එයට ...තාත්තගෙ....ඇස් ඉස්සරහට .....තව ගහ මරාගන්න.....හයිය නෑ අයියෙ ...

මන් ඇඩුවා මට ඇඩුනා..පොල් අත්ත උඩ අමාරුවෙන් උන්න මං මැරුනා කියලා හිතන් විලාපු තියපු එයාව මට එවෙලෙ බදා ගන්න හිතුනා ....මං....මැරිලා නෑ මගෙ අයියෙ....අනෙ මේක රගපෑමක් අයියෙ කියන්න කට කොකියෑවා ...ඒ විදපු වේදනාවෙ හැටියට...සංජ්න එක්කත් හැප්පෙන්න හයිය නෑ කියපු මන් සංජනගෙන් මගෙ නිරූට තව රිදවන්න එපා කියනකොට මන් බලාගන ඒ ඇස් තෙත් උනා...එහෙම්ම එයා මගෙ නිරූගෙ ඔලුව අත ගෑවා.....

ඉක්මනට සනීප වෙන්න මගෙ මල්ලි....අපිට....කතා ...කරන්න දේවල් හුගක් තියනවා.....අපි....දෙන්නම එනකන්.....අම්මා බලන් ඉන්නවා ....මගෙ....මල්ලි...මැරුන් නෑ.....මගෙ මල්ලි ඉන්නව කියලා අම්මට කියන්න ඉක්මනට සනීප වෙන්න මල්ලි....!

🙂......

More Chapters