Cherreads

Chapter 54 - 54

-SYASH POV....

නිර්...වාන්....

මගෙ අතේ තිබුන හෙල්මන්ට් එක බිම වැටුනා...අවසානම.පාරට මං එයාව දැක්කෙ ඉස්කොලේන් අවුට් උන දා...එදයි පස්සෙ නිර්වාන් කියන චරිතෙ ජීවත් උනේ හැමදාම රැයක් ගෙවෙනකන් අඩල අඩලා ඉදිමෙන මගෙ ඇස් වල වගෙම ලොලු නැන්දට එබිලා බලන්න අමාරු මගෙ යටි හිත අස්සෙයි හීන වලයි විතරක් වෙනකොට මං මගෙ පපුවට අත තියා ගත්තා ...මොකද ...මගෙ පපුවෙ ඇම්මක් ආවා.....මගෙ පපුව හිරකරන්න ගත්තා ....

ඉස්සර තරම් වත් දරාගන්න අමාරු මගෙ හිත මගෙ හදවත දැන් නොසෑහෙන්න දුර්වල තිබුනා....

මට හාර්ට් ඇටෑක් ද මන්දා.....

මගෙ ඇස් ඉස්සරහ උන්නෙ දැන් දොස්තර මහත්තයෙක් වෙන්න ඉගන ගන්නවයි" ලූ" කියන නිර්වාන් වගේම කාලෙකටකලින් නිර්වාන්ගෙ වචනවලට මාව බලාගත්තු ශෙනිරු වෙනකොට මං මගෙ අත මිටමොලවලා පපුවට දෙක තුනක් ගහගත්තා ....

චූටියා....ඇයි.....

න්..නෑ...මගෙ පපුව...හිර කරනවා...ල්..ලොකු....

සයාශ් .....

මගෙ පපුව ඇත්තටම හිරකරන්න ගත්තා...උපන්දිනෙ දවසෙම මාව මැරිලා යන්න යනවද මන්දා...පපුවට තියාගන්නවත් එක්කම නිර්වාන් බය වෙලා වගෙ දිහාවට එනවත් එක්කම මං එයාට මගෙ ගාවට එන්න එපාය කියන්න අතක් ඉස්සරහට දික්කෙරුවා ..හැබැයි මං කටින් එක වචනයක් වත් කිව්වෙ නෑ..මොකද මෙච්චර දවසකට දරාගන උන්න මගෙ පපුවට දරාගන ඉන්න ගහපු හැම මුක්කුවක්ම කඩාගන ගියා. .එක හරි වේදනාවක්....

හරියටම තට්ටු ගානක් දරාගන ඉන්න පුලුවන් වෙන විදිහට පහලටම දාන ස්ලැබ් එකට ගහන පලංචි කනු වගේ වගේ මෙච්චර දවසක් දරාගන උන්න මගෙ පපුවෙ තිබුන හැම පලංචි කනුවක්ම කඩාගන ගියා...ඉතින් මගෙ හදවත එක පාරම අර නහර වැල් ගලවන් පහලට වැටුනා.....මං ඉතුරු වෙයිද....මං ඉතුරු වෙයිද ඉතින්...???

චූටියා ..චූටියා... ලොකු නැන්දේ ....

සයාශ් ....සයාශ් .....චූටි....

මන් හොදින්.....මං හොදින්...නිර්වාන් ...මං....හුගක්....හොදින්.....

මං නිර්වාන්ට මාව අල්ලන්නවත් දුන්නෙ නෑ....හොරෙන් වත් මට අවස්තාවක් දියන් කියලා මැසේජ් සිය දහස් වතාවක් දාපු ඒ එකම මැසේජ් එකකට වත් උත්තර නොදුන්න නිර්වාන්ට මං මාව අල්ලන්නවත් නොදි පැත්තකට උනා...

චූටි....චූටි....ඇයි පුතේ. .. 

මං කෙලින් උනා...පපුවට දෙපාරක් තුන්පාරක්ම මිටමොලවලා ගහගත්තු මං කෙලින් උනා...නිර්වාන් එක තැනක....සනාශ් මග්ව් ළඟ....ශෙනිරු තව තැනක.....ලොකු නැන්දා අපි හතර දෙනා දිහා බලාගන...

ලොකු නැන්දෙ 

එන්න ගෙට....

මාව අනතමනත වෙලා ගියා....නිර්වාන් ලොකු නැන්දට කාලෙකට පස්සෙ නිකම්ම නැන්දෙ නොකියා ලොකු නැන්දෙ කියනකොට මගෙ දිහාවගේම ලොකුවා දිහා බලන් උන්න ලොකු නැන්දා තත්පර ගානකට පස්සෙ ඒ දෙන්නට ගෙට එන්න කිව්වා...හැබැයි මගෙ නිර්වාන් ...

අනෙ මට අදත් මගෙ කියලා කියවුනා...මට එපා කියලා දිවුරුවත්.....කාලෙකට කලිම් කට පුරාවටම මගෙ මගෙ මගෙ කියලා කිව්වත්....එදයින් පස්සෙ මගෙ කියලා කියන්න අයිතියක් නැති උන නිර්වාන්ට මට ආයමත් මගෙ නිර්වාන් කියලා කියවුනා....

දන්නෙ නෑ...මම මගෙ කිව්වට.....තව දුරටත් මං නිර්වාන්ගෙ නෙවෙ වෙන්න ඇති ...දොස්තර කෙනෙක් කියන්නෙ නිකන්ද...මං කව්ද....මං මෙ රැවුලත් කොන්ඩෙත් වවාගන නයිපනික්කි බැග් එකක් කරේ ගහන් තුන්සිය හැටපස් දවසෙම කැම්පස් ටී ශර්ට් එක ගහන් යන නලු උන හැදුන එකෙක්...මගෙයි එයාගෙයි හීන දැන් හරි පරස්පරයි ....දවස්ක් ඒවි...මාවත් රටක් අදුනන..ඒත් ...ඒ වෙනකන්...මං කියන්නෙ නොදන්න මනුස්සයෙක්...

" මගෙ" නිර්වාන් .....කමක් නෑ...මං තව පාරක් මගෙ කියලා කියන්නම්....කාටවත් මගෙහිතට එබෙන්න බෑනෙ...මගෙ නිර්වාන් ඔලුව වැනුවා....නැන්දට ඇතුලට එන්න බැහැයි කිව්වා....සමහරක් විට යමින් එමින් ගමන් අහම්බෙන් දකින්න ඇති.....කමක් නෑ....නැතිව වෙන විශේශයක් නැතිව ඇති...කිව්වත් වගේ...එයා මට දුන්නෙ හරි ගෞරවාන්විත සමුදීමක්...අබමල් රේනුවකින් වත් මගෙ චරිතෙට හානියක් නොකරම එයා මට දුන්නෙ හරි ගෞරවාන්විතව සමුදීමක්...ඒත්.....ඒ ගෞරවාන්විත සමුදීමෙන් පස්සෙ මං ආත්මයක් නැතිව ජීවත් වෙච්ච එකෙක්....

මං බිමට වැටුන හෙල්මට් එක අතට ගත්තා...ඇතුලට එන්න බැහැයි කියපු නිර්වාන් මගෙ දිහා බැලුවා...බලලා ලොකු නැන්දා ගාවට ගියා....

තරහක් නැතිනම්...මට ටිකක් සයාශ් එක්ක කතා කරන්න දෙනවද...

.....

ලොකු නැන්දා උත්තරයක් නොදී ගෙට ගියා...හා කිව්වෙ වත්....එපා කිව්වෙ වත්....ඒ තියා නිර්වාන්ට බැන්නෙවත් නෑ...නැන්දා ගෙට ගියා...සනාශ් බිම බලන් උන්නා....ශෙනිරු කියන්නෙත් දැන් ලොකු මනුස්සයෙක්...වයසට වඩා ඒදෙන්නම හැදිලා උන්නා...වයසට වඩා ඒ දෙන්නම පරිනත වෙලා උන්නා...

සයාශ් ....මට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද ...

.

මගෙ ඇගම හිරිවැටුනා...නිර්වාන් .....ඒ කටහඩ ...ඒ වැනිලා ෆර්ෆියුම් එකේ සුවද....ඒ උනුසුම මේ හැමදේම එදා වගේමයි.....හැබැයි...දැන් මං ආගන්තුකයි.....

.පුලුවන් නිර්වාන් .....කියන්න....

අපි අතනින් වාඩිවෙමුද....

මං මගෙ හිතේ ගැස්ම හංග ගත්තා පපුව කොයි තරම් ඇදුම් කෑවත්....පපුව කොයි තරම් ගිඩි ගිඩි ගෑවත් මං ඒ හැම හැගීමම හංගගත්තා. 

අපි අතනින් වාඩි වෙමුද අහපු නිර්වාන් පෙන්නුවෙ මෙච්චර කාලෙකට නොතිබුන...ළඟදි ගෙනාව සේපාලිකා ගහයට තිබුන සිමෙන්ති බංකුව.....ලොකු නැන්දා කොච්චර මිදුල අතුගෑවත්...දවස ගානෙ අතු ගෑවත්....මේ හරිය ඉතිරි කරනවා...මොකද....සේපාලිකාවො නටුවෙන් ගැලවුනත් සුවද දෙනවා....අනේ උන් හුගක් කල් නොමැරි ඉන්නවා...අවසානෙදි දවස් ගානක් පන ඇදල ඇදලා දුඹුරු පාට ගහනවා..ඒ වෙනකන් එතන හැමදාම නටුවෙන් ගිලිහුන සේපාලිකා මල් බර ගානක් සුධර්මගෙ ඉදල් පාරෙන් බේරිලා ඉන්නවා...මාත් හරියටම සේපාලිකාවක් වගේ...නටුවෙන් ගැලවිලා බිම වැටුනත්....මැරෙන්න බැරිව ඔහේ පන අදින...

මං හෙල්මන්ට් එක අතේ තියාගනම සිමෙන්ති බංකුවට යනකොට මං බලාගන ශෙනිරු සනාශ් ගාවට ලන්වෙනවා....ඒත් සනාශ් කෙරුවෙත් අවසානෙදි මං කරපු දේ...අපිට රිදෙන්න කියලා අමුතුවෙන් හිතක් නැති එකේ..ආයම කොහෙන්දො ඇවිදින් එක තත්පරේකට හරි පෙනිලා යන්න ඇවිත් එයාලා කරන්නෙ කබල බැදපු තුවාලෙ කබල ගලවන එක කියලා උගෙත් යටි හිත කියනවා ඇති.....හරියටම දැන් මට වගේම....!!!

කියන්න නිර්වාන් ...

මං ඒ මුන දිහාවත් නොබලා බිම වැටිලා තිබුන සේපාලිකා මල් ගොඩ දිහා බලාගන එයාට කියන්න කියනකොට මගෙ අතේ තිබුන ඵෝන් එකට කෝල් එකක් ආවා..."සේවිර් කනිශ්ක....."සේව් නොකරපු නම්බරේ ..ඒත්...මේකෙ අයිතිකාරයා තණමල්විල කිතුලා....!!

..කව්ද....කුප්පියද...කොක්කද.....?

නිර්වාන් හරි හිමීට මිමිනුවා...තරහවක් වත්...වේදනාවක් වත් ඒ කටහඩේ තිබුන් නෑ...එයා ඇහුවා මගෙන් කුප්පියද කොක්කද කියලා ....ඒකියන්නෙ නිර්වාන්ට දැන් කොක්කක් ඇති....

මම හිනා උනා..... මොකද...මගෙ ජීවිතේට ගහපු එකම කොක්ක නිර්වාන් හන්දා...

සයාශ් ...

.....

කොහොමද ඔයාට ...

මං හොදින්...

එයා මගෙන් හොදින්ද අහනවා....මම කොච්චර වේදනාවෙන් උන්නත්...ඒත් මට එයා වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම උත්තරෙ මං හොදින් කියලා ..මොකද ...එයා කියලා ගියෙ මට සතුටින් ඉන්න කියලා ....ඔව්...මං ඒ පොරොන්දුව ලෝකෙට පේන්න රකිනවා...ඒත්....එක බඩවැලෙ උන්න සනාශ්ට දැනෙනවා....මං එයාට මම හොදින් කිව්වා....මොම එයා මගෙන් අහන්න බලාපොරොත්තු වෙන උත්තරෙ ඒක හන්දා...

ඔයාට කොහොමද .....

මමත්...හොදින්.....

ම්ම්ම්....තවම...මැච් වලට යනවද....

ම්න්....යනවා....ඉස්සර වගේමයි....මගෙ ජිවිතේ...වෙනසකට තියෙන්නෙ මං මේ කාලෙ ඇතුලත "ඔයාගෙන් පස්සෙ" වෙන කෙනෙක්ට ආදරේ කරපු එක විතරයි .....

දන්නවද...මගෙ නලල පසාරු කරන් යන්න වෙඩි උන්ඩයක් වැදුනා වගේ උනා.....එයා කිව්වා මගෙන් පස්සෙ එයා වෙන කෙනෙක්ට ආදරේ කරපු එක විතරලු වෙනස් උනෙ...ඒ කියන්නෙ...නිර්වාන් එයාගෙ සතුට හොයාගන....මට වේදනාවයි..ඒත් දොස් කියන්න අයිතියක් නෑ....මොකද ..එයා මට සතුටින් ඉන්න කියලා ගියේ...එයත් සතුට හොයාගන්නම් කියන දෙබඩි අර්තෙත් එක්ක වෙනකොට මං මොන හිතකින්ද බනින්නෙ.. ඇරත්.....ඇරත්....එයාට මං විතරමද ඉන්න ඕනෙ....නැනෙ ...

මං ලාවට හිනා උනා..හරියටම එහෙමද අහන්න වගේ...

එයා කොහෙද .....

ගෙදර .....ගෙදර ඉන්නවා.....

එහෙමද....ලස්සන කෙනෙක්ද.....

සමහර විට මං මහ ඕන් නැති ප්‍රශ්නයක් අහන්න ඇති...මං එයාගෙන් එයා ලස්සන කෙනෙක්ද අහනකොට එයාගෙ මුනෙ හිනාවක් ඇදුනා.....හැබැයි මට හිතුනා....මං අහපු ප්‍රශ්නෙ එයාට නෙවෙ...මට‍යි අදාල නැත්තෙ කියලා ....නිර්වාන් ගෙ ලස්සන එක්ක එයාට හම්බෙන කෙනා ලස්සන නැතිවද.....

ම්ම්ම්...එයා ලස්සනයි.....ඔය ඇරුනම මං දැකපු ලස්සනම කෙනා එයා....

ම්ම්ම්ම්....

මං හූමිටි තිබ්බා....මං හිතුවා වගේම එයාට මගෙ උපන්දිනෙ මතක නෑ...සාධාරනයි ...අවුරුදු කීයක්ද...මගෙ ඵෝන් එකට ආයමත් කිතුලගෙන් කෝල් එකක් ආවා...එයා ආයම බැලුවා..මේ වෙලාවෙ මට රිදුනා.....කොච්චර කමක් නෑ...කමක් නෑ කිව්වත්.....තව දුරටත් මට මගෙ කියන්න අයිතිය නෑ කියලා දැනෙනකොට මට දුක හිතුනා...මං ඵෝන් එක ආන්ස්වර් කෙරුවා ...

කියන්න අයියෙ...

ම්ම්ම්...ප්‍රශ්නයක් නෑ.....මං කැමති.....

ස්ක්‍රිප්ට් එක කියෙව්වා .....අවුලක් නෑ...හ්ම්....කව්ද.අයියෙ co character එකට ඉනෙ....?

ශාක්‍ය ...???.අයියෙ ශාක්‍ය කැමති උනාද?

මං සිමෙන්ති බංකුව උඩ ඉදගනම කතා කෙරුවා ....මං බලාගන නිර්වාන් අහගන උන්නා....එ චුට්ටකිම්ම ඵෝන් එක එබුවා.....කෝල් එක කට් උනා....එයා ඵෝන් එක ඔබනවා...මං හිතන්නෙ මැසේජ් එකක්ද කොහෙද ...නිර්වාන්ට දැන් දිගට මැසෙජ් ටයිප් කරන්නත් පුලුවන් .....හුගාක් දේවල් වෙනස් වෙලා...බලන් ගියහම වෙනස් වෙලා නැත්තෙ මං විතරයි ....

කියන්න නිර්වාන් ....

අලුත් ඩ්‍රාමා එකක්ද...

ම්ම්ම්ම්.....short film එකක්...

ෆිල්ම් එකක්....?

ම්ම්...විනාඩි පහලවක.....bromance එකක්?

Bl ද.....නැත්තන් bromance ද ..?

කැටගරි එක තවම ලන්කාව ඇතුලෙ නැති නිසා....දාන්න වෙන්නෙ bromance .....

ශාක්‍යද ඉන්නෙ

හ්ම්ම්ම්.....

ඒක හොදයි සයාශ් ...ඔයා දන්න කෙනෙක් නිසා ඔයාට අපහසුවක් නෑ...නොදන්න කෙනෙක් උනා නම් තමයි අපහසු....

ම්ම්...එහෙම විශේශයක් නෑ...මොකද මං ජීවත් වෙන්නෙත් මාව නොදැනනෙ...ඒක නිසා....කෙනා කවුරු උනත්...ස්ක්‍රිප්ට් එක හොද නම් මං කරනවා.....

ඔව්.නේද...මං ඔය සම්බන්දව දන්නෙ නෑ.....

ම්ම්ම්ම්

........

.......

එතනින් පස්සෙ එයයි මායි අතර තිබ්බෙම දිග නිහැඩියාවක් .....ඉස්සර ශාක්‍ය ගාවට ගියත් මරන්න හදන මාව අද එයාම හරි සැහැල්ලුවට දාලා කතා කෙරුවා .....ඔයාට පහසුයි නම් හොදයි කියලා කිව්වා...අනේ නිර්වාන් උඹට ඔය තරම් ඉක්මනට හිත හදාගන්න පුලුවන් උනාද නිර්වාන් .....

ඔයාගෙ ගෑනු ළමයා...

හිත රිදෙන බව දැන දැනත් මං ආයම එකම දේ අහනකොට මගෙ දිහා බලන් උන්න නිර්වාන් ආයම හිනා උනා..... මං අහල තියන විදිහට....අපි කෙනෙක්ට ආදරේ නම්...එයාගෙ නම කිව්වත් ඇතිලු මුනට හිනාවක් එන්න.....මං එ හිනාවම නිර්වාන්ගෙන් දැක්කා...සමහර විට මෙඩිකල් ෆැකල්ටියෙ ම වෙන්න ඇති.....

ගමනක් යමුද...

හ්ම්.....

මං.ඔලුව වැනුවා...පුරුද්දට වගේ....යන්නෙ කොහෙද කියලා නාහම මං නැගිට්ටා ...මොකද ...මට කවදාවත් නිර්වාන් එක්ක යන ගමං වල ප්‍රශ්න තිබුන් නෑ....මගෙ කෙස් ගහකට වත් හීරුමක් නොකර මාව ආපහු ගෙදර ගේනවා කියන්න මං දැනන් උන්නා....ඒත් අද...එයා මගෙ නෙවෙ උනත්...මං තැන නාහම නැගිටල හ්ම් කිව්වා...

කොහෙද යන්නෙ අහන්නෙ නැද්ද

එහෙම විශේශයක් නෑ....යන තැන ඔයාට වැදගත් උනහම ඇති.....මං දැනගන්න ඕන නෑ.....

ඒත් යන තැන දැනගන යන්න සයාශ් ...

සමාවෙන්න ....මං පුරුද්දට නාහා උන්නෙ...

ආ.....හ්...ඒක මිසක්...එහෙනම් කමක් නෑ....

එයා නැගිට්ටා...නැගිටල සාක්කුවට අත දැම්මා....යතුරක් අතට ගත්තා ...ඒක කාර් කී එකක්....හරි...මොකක් හරි වාහනේක....එහෙනම් දැන් එයාට බයික් එක නෑ...

නිර්වානයා කොහෙද යන්නෙ...

අරයව බලලා එන්නම්...

සයාශ් එක්ක....?

ම්ම්ම්.....එයාට බලන්න ඕනා කිව්වා.....

කාට...සයාශ්ට.....??

..නෑ...එයාට මෙයාව බලන්න ඕනා කිව්වා ...

මං සනාශ් දිහා බැලුවා...ඌ ඇස් කරකවලා මොනවද...මොනවද අහනවා....මං කොහොම කියන්නද අයියෙ....මගෙ නිරූ දැන් තවත් කෙනෙක්ගෙ කියලා ...මං කොහොම කියන්නද....මං නොකා නොබී අඩලා තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ ආදරයක් වෙනුවෙන් කියලා ...මං හිනා උනා...හිනා වෙලා.ඔලුව දෙපැත්තට වැනුවා...හරියටම මොකුත් නෑ බන් කියන්න වගෙ...ඒත් ඌට බොරු කරන්න බෑ...සනාශ්ගෙ මුන වෙනස් උනා...ඌ නැගිට්ටා හැබැයි මං ඉස්සර උනා....ඌව නැවැත්තුවා....මොකද....මහ වැසි වලට අගුපිලවල් වලට ගොඩ උන මිනිස්සු වැස්සෙන් පස්සෙ යන්න ගියා මිසක්කා...අගුවෙ නැවතුනෙ නෑ ....ඇරත්....අපිම යන්න කියලා ....අපිම බනින්නෙ කොහොමද .....අපි අසාධාරනයි.....

යමුද....

තනිම සුදු පාට කැබ් එකක්....මේක අර එයාගෙ ඇමති තාත්තගෙ වත්...මන්ත්‍රී අම්මගෙ වත් නෙවෙ...කෙලිම්ම එයාගෙ.....

මම ඉස්සරහට නැග්ගා...ඒත් හිතකින් නෙවෙ...මට හිතක් නෑ...සමාන්තරව ඉදන් එයා එක්ක යන්න.... ...ඒත් මට පස්සට ගිහින් එයාව ඩ්‍රයිවර් කරන්නත් බෑ...කමක් නෑ...මෙතනින් පස්සෙ එයා නෑ කියන එක හිතන් ජීවත් වෙන්න හරි මට දැන් හේතුවක් තියනවනෙ...අඩුම ගානෙ අදින් පස්සෙ මගෙ ඇස්වලට අඩන්න තවත් හේතුවක් නැතිව යනවනෙ...

මම ශීට් එකට හේත්තු උනා...ඔලුව තියා ගත්තා එෆ් බී එකෙන් මැසෙන්ජර් එක පිරෙන්න බර්ත්ඩේ එකට විශ් කරපු මැසෙජ් තිබ්බා ඒත් මම නෙවෙ ඒ එකක් වත් ඕපන් කෙරුවෙ...වට්සැප් එක එහෙම්ම තිබ්බා.....යන්නෙ කොතන උනත් මට නිර්වාන් එක්ක කතා නොකර යන්න තිබුනා නම් හොදයි කියලා හිතෙනකොට මන් අශෝකහදගමගෙ ෆිල්ම් එකක් උන අසංධිමිත්තව බලන්න හෙව්වා....එයා නෑ...ඇයි ඒ...එත් ලින්ක් එක හරි ඇති .. ....

මෙක හොදයිද ....

මොකක්ද....

කැබ් එක.....

ම්ම්..හොදයි.....

මම නිර්වාන්ව මග අරින්න අසංධිමිත්තව හොයනකොට නිර්වාන් ඊට කලින් මාව අල්ලගත්තා ....එයා අහනව කැබ් එක හොදද කියලා ....ඔව් ..හොදයි නොකියා මං මක්ක කියන්නද .නරකයි කියන්නද.......

ඇයි සයාශ් දැන් වැඩිය කතා නොකරන්නෙ....

මට ඕනෙ ගොලුවෙන්න .....

ගොලුවෙන්න....???

ම්ම්ම්...ස්නොව්බෝල් ගෙ පපා වගේම අය මේලෝකෙ තව කොතනක හරී ඉන්නවද බලන්න...එතකොට මට පුලුවන් ෆික්ශනල් කැරැක්ටර් එකක් යතාර්තයක් උනහම ඊට වඩා ආදරෙ විදින්න... මට ඕනෙ...එයා ලව්වා මාලු ටැංකියක් ගෙන්න ගන්න.... හැබැයි...නත්තල් තරුව කඩන්න නොදි හයිය කරලා බදින්න....එතකොට....එතකොට .ඒ පපා...කවදාවත් මාව දාලා යන එකක් නෑනෙ.....

.......??

සමාවෙන්න...ඔයාට තේරෙන්නෙ නෑ....ඔයාට තේර්‍ර්න්නෙ නෑ...සමාවෙන්න...

මං බිම බලාගත්තා ...මොකද එයා කොහෙ දන්නවද ...එයා අහනවා ඇයි දැන් කතා නොකරන්නෙ කියලා ....මං කතා කෙරුවා කියලා මට මොනවා හම්බවෙනවද ගොලු උනෝතින් අඩුම ගානෙ පපා කෙනෙක් වත් හම්බවේවි.....පාටපාට මාලු පිරුන මාලු ටැංකියක් ගෙනත් දේවි...ඒ විතරක් නෙවෙ ..එයත් මා එක්කම ගොලු වේවි.....

තේරෙන්නත් ඔයා කියන්න එපැයිනෙ....ම්ම්ම්..කව්ද ස්නොව්බෝල් ....කව්ද පපා එතකොට ....

ආදරනීය මිනිස්සු දෙන්නෙක්....ආදරේ ගැන උගන්නපු මනුස්සයෙක්...මට ඕනෙ.....මං ගොලු උනොත්...එයත් මා එක්කම ගොලුවෙනවා බලන්න...හැබැයි.....එයාම මගෙ කටහඩ වෙනව බලන්න....

ඔයාට ආදරේ කරන්න කෙනෙක් නැද්ද සයාශ් ...

.ඉන්නවා...අපො නැත්තෙ මොකද.....මට ඉන්නවා...වචනෙකින් වත් රිදවන්නෙ නැති හුගක් දෙනෙක් ඉන්නවා....

.....හුගක් දෙනෙක්....??

ම්ම්ම්ම්.....

මගෙ ඇස් වලට කදුලු බැදුනා...එයා අහනවා මට ආදරෙ කරන්න කෙනෙක් නැද්ද කියලා.... මන් කොහොම කියන්නද...මේ ගෙවුන අවසානම තත්පරේදි පවා මන් ආදරේ කෙරුවෙ උඹට කියලා ....අවසානෙදි මං මේ තාක් වෙනකන් කියවපු හැම කතාවකම උන්න ආදරනීය ටොප් කැරැක්ටර්ස් ගැන කිව්වා....පප්පියගෙන් චුට්ටයි....චෙප්පගෙන් චුට්ටයි...පපාගෙන් චුට්ටයි..... ....අග්නිගෙන්....නිතේශ්ගෙන්...අකීගෙන්.....ඒ හැමෝගෙම්ම විතරක් නෙවෙ.....අර වයසක උන්දා සන්ධීර්ගෙනුත්...එ හැමෝගෙම්ම චුට්ට චුට්ට අරන් මං ආදරනීය චරිතයක් මගෙ හීන ලෝකෙන් මවාගන කියවනකොට මං බලාගන නිර්වාන් මගෙ දිහා බලන් ඉදල මගෙ ඔලුව අතගෑවා...

..මට සතුටුයි ...ඔයාට ආදරේ කරන්න කෙනෙක් ලැබුන එකට....

එහෙමද....ඔයා මට සතුටින් ඉන්න කියලා ගියහම...මං එහෙම නොවී කොහොමද ...අනික...ඔයත් තනියෙන් නෙවෙනෙ...ඒක මටත් සතුටක්.....

..ඉතින් ඔයාගෙ පපාද චෙප්පද කියන කෙනා කොහෙද ඉන්නෙ...බලන්න එන්නෙ නැද්ද.....කැම්පස් එකේද

ම්ම්ම්....සින්නෙක්....

ස්..සින්නෙක්????

.හ්ම්...සින්නෙක්...

ඒ.කියන්නෙ කොක්කක් ඉන්නවා

හ්ම්...

එහෙනම් නෑ කිව්වෙ.....

මං ආදරෙ කරන්නෙ දැන් ලෝකෙට නොකියා....වස්වැදුනම...සෙත් කවි කියන්න කවුරුත් නැති හන්දා...

කොහොම උනත්...සතුටින් නම්...එච්චරයි ....මං බයේ උන්නෙ.... .

මොකටද....

ඔයා තනියෙන් කියලා ...

බයවෙන්න එපා...මට හුගක් අය ආදරේ දෙන්න ඉන්නවා.....

මං අහක බලාගත්තා ...හිතට එන වේදනාවට මං කටට එන දේවල් ඔහේ කියවනකොට නිර්වාන් හිනා උනා...එයා බය උනාලු.....එයා බය උනෙ මං තනිවෙන හින්දා නෙවෙ....මං තනියෙන් ඉන්නකොට එයා ආදරේ කරන හන්දා....

දැන් ඔයා මා එක්ක යනඑකට....එයා මොකුත් කියන එකක් නැද්ද....

.නෑ.....

සැකහිතන්නෙ නැද්ද....

.නෑ.....සැක හිතන්න.....දෙයක් උනේ නෑනෙ....

හ්ම්.....හ්ම්...එහෙනම් එච්චරයි ....

බය වෙන්න එපා..මං ඔයාට ප්‍රශ්නයක් වෙන්න දෙන්නෙ නෑ....ගිය දේවල් ගියා.....මටම විසිතුනයි.....ඔයාට විසිහතරයි...තව අවුරුද්දයි...ඔයා ජීවිතෙ හතරෙන් එකක් ගෙවලා ඉවර කරනවා...

ඒක ඇත්ත....මට ආයම වැටෙන්න බෑ...මං හරි අමාරුවෙන් නැගිට්ටෙ.....

....

මං මගෙ ඔලුව ආයම හේත්තු කරගත්තා ...එයා කියනවා ආයම වැටෙන්න බෑලු...ඒ කියන්නෙ එයා නැගිටලා ඉවරයි....ඒත් නිර්වාන් මන් තවමත් වැටුන තැනමයි බන්....

බහින්න...

මේ...කො....ඉස්කෝලේ .....???

ම්ම්ම්ම්

අද.....මේවෙලෙ....ළමයි ඇතිනෙ...ඔයා ආවෙ වැඩකටද...

අද පෝයනෙ ....ඔයාට මතක නැද්ද....???

මං බලාගන උන්නා.....ඉස්කෝලේ ....මං දකින්න සෑහෙන කාලෙකට පස්සෙ.....අද පෝයලු....ඔයාට මතක නැද්ද අහනවා..මට මාව අමතක එකේ....දින වකවානු මතක හිටීද.... නිර්වාන් මගෙ දිහා බලාගන ඉන්නකොට මං ලාවට ඔලුව වනලා නෑ කිව්වා....

මං හුගක් දේවල් අමතක කරනවා නිර්වාන් .....

මට දුක හිතුනා...හීන අස්සෙ තියන් පරිස්සම් කරලා තියෙන්නෙ අනුන්ගෙ වස්තුවක් වෙනකොට .....මං එයාගෙ මූන බලාගන මං හුගක් දේවල් අමතක කරනවා කියලා කැබ් එකෙන් බැහැලා ඉස්කෝලේ ගේට්ටුව ගාව හිටගත්තා .....

මෙතන තමයි ඒ දෙන්නා අපිදෙන්නා එනකන් බලන් උන්නෙ....

.නිර්වාන් ...ඇයි අපි මෙහෙ ආවෙ...

මට නැති උන දෙයක් තියනව අරන් යන්න...

.ම්ම්ම්....හා...ඔයා බලන්න...මං මෙතනින් අපේ ක්ලාස් එකට ගිහින් එන්නම්

ම්න්...

සිකියුරිටි අන්කල් එයාමයි..අනේ මූන වයසට ගිහින්...පොඩි ගේට්‍ටුවෙන් ඇතුලට ආව මම නිර්වාන්ව දාල කෙලින්ම ආර්ට් කොමර්ස් බිල්ඩින් එකට දිව්වා...

මෙතන ඉදන් තමයි අපි කොටු පැන්නෙ...

මෙතන සැලා..මෙතන ඩිපූටියා...

.මේ මුල්ලෙ එයයි මායි .....

මං මට පහුවෙන පහුවෙන හැම තැනක් ගැනම මටම කියාගත්තා .....

මේක....මේ තියෙන්නෙ.....

පපුව ගැහෙන බව...පපුව රිදෙන බව දැන දැන උනත් මං උඩට දිව්වා ..මග දුරක් උඩට දුවන කොට මට හති වැටුනා.....ඒත් මං දිව්වා..අවුරුදු දාහතක...දහ අටක සයාශ් දුවපු පාරෙ අවුරුදු විසිතුනක සයාශ් පපුව අල්ලන් දුවලා දුවල අවසානෙදි ආර්ට් එකට ආවා....

මට ඇඩෙන්න ආවා...ඒ පන්තිය ඒ විදිහමයි....

මේ තියෙන්නෙ....අනේ..මෙ තියෙන්නෙ මගෙ මේසෙ...

මං මේසෙ ගාවට දිව්වා.....එදා වගේමයි ..ඒත් තීන්ත ගාලා....මගෙ බලි කුරුටු මැකිලා ගිහිල්ලා...

මං එහාට දිව්වා...මෙහාට දිව්වා ..... ..කලු ලෑල්ලෙ මට හිතෙන හැම දේම ලිව්වා...ඇස්වලට උනන කදුලු කැට පහලට වැටෙන්න වැටෙන්න මං මේ පන්තියෙ උන්න අර දගකාර සයාශ් විදිහට දුවල පැනල අවසානෙදි ආයම මගෙ මේසෙන් ගිහින් ඉදගත්තා ..ඉදගන මේසෙට ඔලුව තියාගන අත් දෙකම මේසෙ ඇතුලට දැම්මා...ඒ එක්කම මට මොකක් හරි කොලයක් අහු උනා.....

අනිවාර්යයෙන්ම රොකට් එකක් හදලා ඇති..ආර්ට් එකෙන් කොමර්ස් එකට යවපු....

මං අතට අහු උන කොලේ එලියට ගත්තා ...

හතරහට නවපු කොලයක් ...කාගෙ හරි ලියුමක්ද මන්දා....මං එහෙම්ම කොලේ දිගෑරියා.....

මේ අකුරු ...

මං මේ අකුරු අදුනනවනෙ.....

.තත්පරයක් ගියෙ නෑ මගෙ ඇස්වල කදුලු ආයම උනු උනා.....

"නිරූගෙ චූචියා නැතිවෙලා....

පුළුවන් නම් හොයලා දෙන්න..."

මෙතන ඉන්න..නිරූගෙ.. චූචියගෙ නිරූගෙ.. චූචියා නැතිවෙලා පුලුවන් නම් මට හොයලා දෙන්න...

නිර්වාන් ආදරේ කරන්න ඇත්තෙ සයාශ්ට...ඒත් මගෙ ඇතුලෙ ජීවත් උන නිරූ වැඩිපුර හෙව්වෙම සයාශ්ව නෙවෙ....චූටියව.....

මං "ඔයාගෙන්" පස්සෙ ආදරේ කෙරුවා නම්...ඒ සයාශ්ට ....ඒත්...මං හැමදාමත් ආදරෙ " චූටිට...." මට ඔයාව නෙවෙ...මගෙ පරන චූටිව ආපහු මට දෙන්න....!මෙච්චර කල් මම ජීවත් උනේ මගෙ චූටි නැතිව.....ඉතින්.....මෙතනින් එහා තවත් නම් බැහැ....

සයාශ්ව නෙවෙ...මට ඕනෙ ආයම මගෙ පරන චූටිව.....!මොකද..මට තියනව එයාට දෙයක් කියන්න.....

.ඒ වෙනමොකුත්ම නෙවෙ...

මං උඹට හැමදාම ආදරේ කෙරුවා චූටි කියන්න....

මං උඹට මේ දැනුත් ආදරේ කරනව කියලා කියන්න....

මං උඹට හරි ආදරෙයි මගෙ ලමයො කියන්න.....!!!!!!

මගෙ රත්තරන් ට සුභම සුභ උපන්දිනයක් කියන්න....

.උඹගෙ උපන්දින තෑග්ග මං කියන්න.....!!!

 න්..නිර්වාන්ගෙ..අකුරු .....මේ ඔක්කොම....නිර්වාන්ගෙ.. .අකුරු.....මගෙකකුල් පන නැතිවෙන්න ආවා...එතකොට එයා ආදරෙ කරනවා කිව්වෙ....

මං ඒ කොලේ මගෙ පපුවට තද කරගත්තා .....ඇස්වලින් වෙනදටත් වඩා කදුලු කැට හෝ ගාලා වැටෙනකොට මං නිකමට වගෙ සයන්ස් එක දිහාවට බෙල්ල හරවනකොට කෙටි බැම්මට හේත්තුවෙලා වෙලා නිර්වාන් මගෙ දිහා බලන් ඉන්නවා..ඒකත්..අර අවුරුදු ගානකට උඩදි මගෙ දිහා බලන් උන්නා වගේම....

න්...න්....

මට ගොත ගැහුනා...එයා ඉන්නවා මා දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි මගෙ දිහා බලාගන අත් දෙක දෙපැත්තට කෙරුවා ...ඇවිද්න් මට තුරුල් වෙයන් කියන්න....!!!!

න්..නිරූ....න්..නි...රූ.....නිර්වාන් .....

මං ආදරේ කරන එකම කෙනා හැමදාම උඹයි චූටි...හැබැයි...මෙ ඉන්නෙ මගෙ චූටි නෙවෙ...මං ...තකහනියක්ම....

මෙතනට ආවේ....

උඹට නැති උන දෙ.....

ඒ උඹයි චූටි....

එයා මාව තුරුල් කරගත්තා ..නිකන් නෙවෙ කිටි කිටියට....නැති උන දෙයක් අරගන යන්න ආවෙ කිව්ව නිර්වාන් ඇවිදින් තිබුනෙ අවුරුදු ගානකට උඩදි උන්න චූටිව ආපහු එක්ක යන්න වෙනකොට අවුරුදු ගානක ඉදන් අඩපු මං නිර්වාන්ගෙ පපුවම.මගෙ කදුලු වලින් හෝදනකොට එයා මාව ජීවිතේ කවදාවත්ම ඉඹපු නැති ගානට ඉම්බා.....

න්..නිරූ....මට..වඩා...ලස්සනයි...කිව්වෙ...

ඔව්...උඹට...වඩා....මගෙ චූටි ලස්සනයි.....මට ඕනෙ..ඒ පොඩි කොල්ලව....මං..මෙ චරිතෙට බයයි සයාශ් ..මට ඕනෙ උඹව....මගෙ ගාව උන්න මගෙ පිස්සු කොල්ලව...කට ගාව තිබුන බත් ඇටේ පිහදගන්න කිව්වම මාව ඉඹපු පිස්සු කොල්ලව..මගෙ කලිසම පුච්චපු...මාව ලැජ්ජා කරපු.....මගෙ පිස්සු කොල්ලව.සයාශ් .....මං උඹ නැතුව නොමැරි මැරුනා සයාශ් ...තවත් බෑ...මට ආපහු මගෙ චූටිව ගෙනත් දියන්....

අනේ.මං උඹට හරි ආදරෙයි නිරූ.. 

මං ඒ උරහිස්වල එල්ලුනා..කකුල්.උස්සන් වදුරු පැටියෙ වගේ ඇගේ එල්ලුනා....ගනින්න බැරි තරම් හාදු දීලා දීලා අවසානෙදි නිර්වාන් මාව කවදාවත් ගලවගන්න බැරි තරම් තදින් තුරුල් කරගන.සෑහෙන්න වෙලාවක් උන්නා....

චූටි.....

ම්හුක්...

යමුද.....

ම්හුක්....

වඩාගන යන්නද....

ම්හුක්...

විසික් කරනවා උඹව....

.එයා මාව හෙලෙව්වා ..මගෙ පස්සට තට්ටු කෙරුවා....අපි යමුද ඇහුවා..ඒත්...මට ලෝබ හිතුනා.....එයා මාවම මගෙන් ඉල්ලනකොට ඇස්වල තිබුන වෙදනාත්මක කදුලු බින්දු එලවලා දාපු මං සතුටු කදුලු පිටින් නිර්වාන් ගෙ මූන දිහා බැලුවා....බලලා හිනා උනා.....

විසික් අරන්න....ආ..ආ...හරිම අගෙයි...නිර්වාන් ...හරිම...අගෙයි...ආ.....මගෙ ළමයා කිය කිය ප්‍රෙමයෙන් මුසපත් උන ප්‍රේමවන්තයට තෙපලන වදන් නම්..හරිම අගෙයි....ප්‍රීති...ප්‍රිතී ඈ...

ඔන්න ඉන්නවා මගෙ පිස්සා...යමුද මගෙ ලමයො...

ම්හුක්....හා.....

..ශීට් බෙල්ට් එක දාගන්න....

නිරූ....

ම්න්...

අපි ආයම ආවා..හැබැයි....ඇතුලට ගියපු නිර්වානුයි සායාශුයි වෙනුවට....නිරුයි චූටියි වෙලා.....

හිනාව පිරුන මූනෙන් මං දූවල ඇවිත් එයාගෙ කැබ් එකට නැග්ගා...නැගලා ඵෝන් එක අතට ගන්නකොට නිර්වාන්ට එකපාරම ආච්චි වැහුනා.. 

න්..නිරූ...

ගනින් මේහාට දැන් ඕක....

මොනවටද...

කෝ මෙකේ අර චෙප්පද...පපාද...මොකාද කියපු පකා...

ආ..ආ....

හොයපන් හොයපන්....පපා ලව්වා මාලු ටැංකි ගේන්ඩ....උඹට මාලු ටැංකියක් ගෙනත් ඒකෙම්ම ඔලුවට ගහලා මමම බෙහෙත් කරනවා

මට හිනා ගියා ...මීට ටික වෙලාවකට කලින් මට හරි සතුටුයි ගගා උන්න නිර්වානයා මෝඩයා වගේ මගෙ කන්ටෑක්ට් ලිස්ට් එක පීර පීර චෙප්පවයි පපාවයි හොයන හැටි මං බලාගන උන්නා...

කෝ දැන්....

මොකාද...

අර ගොලුවෙන්ඩ ඕනා කියපු මහ ගොලුවා

යෝහ්...ම්හුක්...නිරූ....එහෙම කෙනෙක් නෑනෙ.....

නැතිවෙන්න බෑ ....උඹ දැන් මට මේක හොයල දෙනවද නැද්ද...

ඇයි...නොදුන්නොත් මොනවා කරන්නද උඹ....මගෙ පපා මට එ...ඒ....ඒහ්.....අනෙ..නිරූ.....ඒ..එපා...

මගෙ හිනාව එක තත්පරෙන් අතුරුදහන් උනා....කාතුන් කතාවක උන්න කැරැක්ටර් දෙක කන්ටෑක්ට් ලිස්ට් එකේ හොයපු නිර්වාන් මීට අවුරුදු ගානකට උඩින් කෙරුවා වගෙ මගෙ සිම් එක ගලවලා කටේ දාන් හැපුවා ....

නි....නි..රූ...

.

උඹ මගෙ....මගෙ කියන්නෙ මගෙම විතරයි ....

අනෙ...සුතර්මා ...හ්...දරු පැටියට කරදරයක් නෙ.....ම්හුක්!

🤭🤭👉👈...

දියවෙන ඍතු එක්ක එනකන් පරිස්සමින් ඉන්ඩො...

මං ජොබි

Nedeesha !!!

More Chapters