Cherreads

Chapter 40 - 40

මට මෙතනින් පහලට පනින්න හිතුනා...හෙඩ් පොපිට් අයියා පන්තියෙ මුල්ලක තිබුන පුටුවෙ ඉදගන ඇහිබැමකුත් උඩ ඇරන් මන් දිහා රවාගන බලන් ඉද්දි ඉස්කෝලේ ඉන්න විනයභාර ස්ර්ගෙත් මුල් ගල මෙතන බව නොදන්න පැගිරි විසෙ ගහපු නෑම්බියො දෙන්නා බොරු සෝබන කැටයම් දදා අතේ උන්න අපේ පරීව නලව නලව මගෙ ගාව ඇඹරෙනකොට මට ඇදිවතේම මූත්‍රා පහවෙන්න වගේ ආවා...

අනේ...සුතර්මා ...දරු පැටියට අද දවල්ට බත් තියන්න එපා..... ම්හුක්...

සයා...ශ් ... අයී.....යෙ . ...මේ...අනේ....

ඒ..ව්...මේකි ඒක ඇදපු ඇදිල්ල...මාවත් ඇදිලා යනවා....

මගෙ ගාව උන්න මූන රවුම්ම රවුම්..කොන්ඩෙත් ඉනෙන් පහලට තිබුන කෙල්ල ඒකිගෙ කොන්ඩ කරලක් අතගාන ගමන් සයාශ් අයියෙ....මේ අනේ අහනකොට මන් බලාගන තව සුලු වෙලාවකින් සක්‍රිය වෙන්න තියන බෝම්බෙන් ගිනි පුපුරු එලියට විසි වෙනවා .....

කියන්න නංගි මොනවා හරි උවමනාවක්ද...

.උවමනාවක් නෙවෙ ...හැබැයි. ....

ඔ...ව්...හැබැයි මොකක්ද ?...

මෙන්න මේක...මේක දෙන්න ආවෙ...

මාව රත් උනා..නිර්වාන්ගෙ ඇස් ඉස්සරහම අරකි මගෙ අත අරන් සුදු පාටට හුරු හතරහට නවාපු කොල කෑල්ලක් තියනකොට එන පොට හොද නෑ කියන්න වගෙ අනිත් එකිගෙ අතෙ උන්න පරිගේසනුත් මහ අමූතුවට අඩනකොට මං උන් දෙන්නට නොපෙනෙන්න නිර්වාන් දිහා බැලුවා ...

මාව ෆුල් හොල්මන් වෙලා ගියා ....අනෙ අප්පච්චි ..නිර්වානයා දත්මිටි කාගනනෙ.....

මෙ මොනවද නංගි....

ඕක බලන්නකො....හැබැයි ...ඉතින් එක පාරම උත්තර දෙනවට වඩා...චුට්ටක් හිත්ලා කියනවද ...

මේක love letter එකක් නම්...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි නංගි....මේක ආපහු අරගන යන්න...හොදද ..... 

ඒකි දුන්නෙ අදර හසුනක් කියන්න හොදටම දන්න මන් ඔවුන් දෙන්නගෙ ජීවිතෙ බේරන්නත් එක්කම ඒක නොගෙන ආපිට යවන්න් හැදුවා..මොකද ....මේක ගත්තා කියන්නෙ මුන් දෙන්නට ආයම කවදාවත් විභහගෙකට ඉදගන්නවත් නිර්වාන් ඉඩක් තියන්නෙ නැති බව මට ඉවෙන් වගේ දැනුනා...ඉවෙන් නෙවෙ....නිර්වාන්ගෙ මූන එක්ක මට ඒක ආය නිට්ටාවටම කියන්න පුලුවන් උනා.....

ගන්නත් කලින් ඔයා බෑ කියන්නෙ....ඇයි සයාශ් ඔයාට කවුරු හරි ඉන්නවද.....

මේක ඊටත් හපන්....මේ අනිකි.....මුන්ට ගයිඩ් කරන්න එන උන් නම් ඊටත් අන්තයි ...මං ආයම නිර්වාන් දිහා ඇස් කොන් වලින් බැලුවා...නිර්වාන් උන්නෙ මං දිහා බලාගන...මෙච්චර වෙලාම මිටිමොලවන් උන්න අත් දෙක තිබුනෙ එයාගෙ කලවා උඩ වෙනකොට ...ඒ අත්වල ඇගිලි රටාවකට උඩපහත ගියා....

මං නෑ කියලා කිව්වොත් මට ස්තාන මාරුවක් හම්බවෙනවා...මට ඉන්නවා කියලා කිව්වොත්...ආනේ....ලබ්බ...ඕන පුකක් ප්‍රීතී වෙසක්...මුන් දෙන්නා තියන තරහවට විනයගෙ කනට යැව්වොත් මට කවුරු හරි ඉන්නවා කියලා ...මමත් කරන්නෙ චීත්තයක් ඇදන් මුන් දෙන්නව පාවා දෙනවා ආය එකෙම්ම...මුන්ට ගිය රටනෙ.....හයිෆයි පාර්ට් එකක් තිබ්බට මට පාන් ඈ....

ඔව් නංගි...මට කෙනෙක් ඉන්නවා....

ආ.....ඉන්නවද.....කොහෙද ....අර....

හොරොව්....පතානද.....මොන පතානද කියන්නෙ එහෙද..අම්මො අනේ.....වතුරවත් නෑලු නේ....එහෙ.....

ඔව් අපි කුනු උනානෙ නංගි...රීලා එහෙම පුක හේදුවෙ නෑ..බටු කොලේකින් පිහ දැම්මා...

ඊයා...හ්..අනේ.....අනේ....සයා....ශ්...

ඔන්න ඔන්න...ඔන්න පුතේ ....දැන් නම් මේ තාරාවටත් තරහ යන්න එන්නෙ ආ.....ඔන්න දැන් ඉතින් නිරූගෙ චූචියටත් තරහ යන්න එන්නෙ...මුන් නිකන් ඈත ගමක් කිව්වම හැසිරෙන්නෙ හරියටම ගමේ ඉන්න ඔක්කොම ගොඩයො වගේනෙ...හා නංගි...උඹට එහෙනම් ගෞරවයෙන් බුදු සරනයි...මට සිද්ද වෙනව මගෙ පෙම්වතා ලව්වා උඹලා දෙන්නටම හොද ස්තාන මාරුවක් ලබා දෙන්න...ඇරත් බලපියකො අරකි කිව්වනෙ වතුර නෑකියලා ...හා..හා....හා..අමොර්..අමොර්....පිච්චමල්බිසව්තමෝ ලා දෙන්නා අහසින්නෙ වැඩම කරලා තියෙන්නෙ

මට ලියුම දීපු එකි වතුරත් නෑලුනේ කිව්වා විතරයි සනාශයා ගාව ඉනන්කොට මට එන හැකර කට ඇරපු මං ගානක් නැතුව ඒකිට කැපිල්ල දැම්මා....

ඊයා ...අනේ...සයාශ් ගාන්නෙ ඇයි නංගි..අපේ ගමේ මොකක් හරි අවුලක්ද..ම්ම්ම්ම්....මෙහෙමයි නංගි...මගෙ එකී ගමේ ඒක හරි....ඒකිට උඹලට වගේ ඔය ක්‍රීම් උලන්න කරන්න සල්ලිනෑ...හැබැයි හිතන්න එපා ගමේ කිව්ව ගමන් ඒකි පොල්ගහ ලකුන බාටෙ දාන..මල් මල් චීත්ත ගවුම් අදින....ඇහිබැම කැලෑවක් වගේ වවන් ඉන්න දඹානෙ කෑල්ලක් කියලා .....

න්න්....නැ....අයියෙ ....එහෙම නෙවෙ....

නෑ...නැ...නෙවෙ නම් මොනවද....වතුර නෑ ඊයා බීයා ගාන්නෙ අපිට හොදට වතුර තියනවා නංගි ....නිකන් බොරු පොශ් ලයින් අල්ලන්න එපා...මෙහෙට ආවම ඔලු කරවෙනවා....

නෑ අයියෙ....අහන්නකො.....එහෙම දෙයක් හිතලා කිව්වෙ නෑ...ඇරත්....ඔයා දැන් ගමේ ඉස්කෝලේ නැති එකේ.....එයා

අපෝ...නෑ...එයා වෙනස් වෙන්නෙ නෑ...එයාගෙ පන මම...මගෙ පන එයා...දැන් හරිනෙ....ආ පයින්ම යන්න පුලුවන් නංගි...

මං කෙල්ල දිහා රවාගන බලාගන උන්නා....මෙතනින් පස්සෙ මම නෙවෙ අකේන් දිහා බැලුවෙ....මට ලියුම දෙන්න ආව එකීගෙ මුන තනිකරම ගොරකා කෑල්ලක් වගේ ඇකිලිලා යනකොට අපේ පරිගේසන්ව වඩන් උන්න එකී බොරූවට පූසගෙ අතපය වල තිබුන ඇද කුද හොයන්න ගත්තා ...

හරි අයියෙ....සොරි...වැරදි දෙයක් කිය උනා නම්...ඒත්.....අයියගෙ හිත වෙනස් උනෝතින්

වෙනස් උනෝතින් මං ඊලග පාර කොල්ලෙක් එක්ක යාලුවෙනවා....එතකොටත් නංගිට චාන්ස් එකක් නැ...ඌව සෙට් උනෙත් නැති උනොත් මං සුගර් මමි කෙනෙක් සෙට් කරගන්නවා....ඒකත් සෙට් නැති උනොතින් මං සුගර් ඩැඩී කෙනෙක් සෙට් කරගන්නවා....එතනිනුත් සෙට් උනේ නැත්තන් නංගි මං ඔයාට චාන්ස් එකක් දෙන්නම් හොදද....

........න්..නෑ...ඕන් නෑ.....අයියෙ...අපි...යන්නම්..

අනේ...ඇයි ඉතින්.....වටබඩුවලට කැමති නැද්ද...

.

මට හිනා යන්න ආවා....කොච්චර කිව්වත් ආයමත් චාන්ස් එකක් දෙන්න පුලුවන්ද අහපු කෙල්ලට කියපු කියුම් මේ වචන මේ බොරු මගෙ කටට කොහෙන් ගලාගන ආවද කියන්න නොදන්න මට එකපාරම බකස් ගාලා හිනා යන්න ආව උනත්මං කට තද කරගන ඉදලා ඉදලා මගෙ අතට ගුලි කරාපු ලියුම දිහා බැලුවා...

..අයියෙ...ඕක....

මේක තිබුන දෙන්....

..නෑ කමක් නෑ දෙන්න...ඔයා අකමැති එකේ ඕක තියන් ඉදලා වැඩක් නෑනෙ

නෑ...හදිස්සියේ වත් මට මගෙ කෙල්ලව එපා උනොත්....ඒක නිසා මේක තියාගන්නම්...දැන් නංගිලා දෙන්න පරිස්සමින් පඩිපෙල බැහැන් හයියෙන් යන්න.....

ආ...හෝව්..හෝව්...යන්න කලින් ඔය පූසව දීලා යන්න.....

මේකව මේ අපිනෙ හොයා ගත්තෙ.. 

ඔව්...හොයාගත්ත කියන එකේ තේරුම අයිති කරගන්නවා කියන එක නෙවෙනෙ....

මං පූසව ඇදලා ගත්තා.....යන්තමට නිර්වාන්ගෙ උදහසෙන් බේරුන මම අරකිලා දෙන්නගෙ ඇබරිලා ගියපු මූන දිහා බලන් විරිත්තන ගමන් කෙල්ලගෙ අතේ මනමාල කම් කර කර උන්න පරිගේසන්ව ඇදලා අරන් ඔලුවට ටොක්කක් ඇන්නා...

තොටත් මැනයාව තනිකරම....

යෑ.....ව්ව්...

යෑව් තමයි...යෑව්....දැන් උඹගෙ තාත්ත ගාවට ගිහින් උත්තර බැදපන්....

ම්හුක්.....අනේ...සුතර්මා .....පොඩි බෑනට නම් නප්පියට තද වෙලානෙ......දරුපැටියට ගහයිතො...මන්තා.....ම්හුක්...අඒ..නිර්වාන් ..ඇයි අප්පාවෙ....උඹ නම් අපායෙන් නෙරපපු එකෙක්ද කොහෙත...

.සයාශ් ....

ඕ....ඇයි....ඕ නිර්වාන් ..මේ එනවා...මේ මග අනේ...මග...

මං පරිගේසන්ව අනිත් අතට වඩාගන්න ගමන් අරකිල දෙන්නාද දුන්න ලියුම සාක්කුවෙ ඔබාගත්ත ....ගෙදර ගියාට පස්සෙ සැලා එක්ක මේක කියවලා යම් කිසි අදහසක් වත් ගන්න බැරියෑ...

පෙම් හසුන්...ඔබ ලියු....

කවි පේ...ලි...සුන්තරයි.....👉👈

මොනවද කිව්වෙ....

ආ...මේ...මොකුත් නෑ නිරූ....එයාලා මෙ

ම්ම්ම්...ඇත්තට....මාව බීරෙක් වගේ පේනවද මගෙ චූටිට....ම්ම්

චූචියට....ම්හුක්...න්...නිර්..වාන්....එපානෙ...අනේ....මට...කිචීනෙ...අයියො...

මං ඇඹරුනා....පූසවත් වඩාගන උන්න මං නිර්වාන් ගාවට ගිහින් හිටගන්නවත් එක්කම මෙච්චර වෙලාම දත් මිටිකාගන වගේ උන්න එයා එකපාරම මගෙ බදවටෙ අතයවලා මාව ඇදලා අරන් එයාගෙ කලවයක් උඩින් ඉන්දවගන්නකොට මං ඇඹරුනා...

මොනවද කිව්වෙ...

ඒකෙල්ලද...

ම්න්....

ම්හුක්...මට බයින්න එපානෙ ඉතින් චූචියා කැමති

කොච්චරක් ආදරෙයිද නිර්වාන්ට?

ම්හුක්....නිරූට...මගෙ නිරූටද නිරූ...මෙතන ඉන්න...මේ මාව අල්ලන් ඉන්න නිරූතද...මේ අපේ පරීගෙ තාත්තටද නිරූ. ...

මං කට උල්කෙරුවා ....ඇස් දෙක බෝල කෙරුවා....සුනාමියක් උනත් ගහන්නෙ මීක් නොගා ඉදල වෙනකොට නිර්වානුත් පුදුම සාන්තදාන්ත කමකින් ඉන්නකොට මගෙ යටි හිත අම්මට සිරිවෙන්න බය වෙලා උන්නා.....

.එයා මා දිහා බලාගන ඉන්නවා.....ඇස් පිල්ලමක් වත් ගහන්නෑ....අඩුම ගානෙ හුස්ම ඉහල පහල දානවා වත් දැනෙන්නෙ නෑ....මිනිහා මෙහෙම උන්නට එක්කො මගෙ දිහා බලන් අර කෙල්ල කියවපු හියුමන් එන්සයික්ලොපීඩියා එක ගැන මතක් කරනවා වත්දෝ.....??

පිට්ටනියෙ ඉන්න ලමයිගෙ කෑ කෝ සද්දෙ...කාගෙ හරි නමක් කිය කිය කෑගහන සද්දෙ විතරක් නෙවෙ..අවසානම දවස් ටික හින්දද කොහෙද ස්කෝලෙ බෑන්ඩ් සෙට් එකේ සයිඩ් ඩ්‍රම්ස් උස්සපු උන් ඒවා පලන සද්දෙ මැද මං නිර්වාන් ලොකු මනුස්සයෙක් කියන්න බාහිර ලෝකෙට පෙන්නන ලොකුම සාදකේ වෙච්ච අර උගුරු ගැටේ ඉහල පහල යන හැටි බලන් උන්නා...

එයාට තියෙන්නෙ හරි ලොකු උගුරු ගැටයක් . හපන්නත් හිතෙනවා.....අතගාලා බලන්නත් හිතෙනවා...අපේ අප්පච්චිගෙත් මෙහෙමයි.....චූටි කාලෙ මං ඒක උඩට ඇගිල්ල තියලා අප්පච්චිට කෙල ගිලින්න කියනවා....එතකොට ඒක උඩපහල යනවා.....

අනේ දැන් මට ආයම ඒක කරන්න ඕනෙනෙ...

ඒ ඔක්කොටම කලියෙන් මං එයා මගෙන් අහපු ප්‍රශ්නවලට උත්තර දෙන්නත් ඕනෙනෙන්....

නිරූ . ...

ඒ තරම්ම අමාරුද මං අහපු ප්‍රශ්නෙ....

ඉතින්...මං ඇහුවෙ....කොයි නිර්වාන්ටද කියලනෙ....

ඒ තරමටම ඔය හිත ඇතුලෙ තව නිර්වාන්ලා ඉන්නවද....

න්...නෑනෙ.....

එහෙනම්...

ඒත්.....චූචි...ආසයිනෙ.....ඒක අහන්න....කොයි...නිර්වාන්ටද....කියලා....

මෙච්චර වෙලාම එක කකුලක් උඩ ඉදන් උන්න මං අනිත් පාර කකුල් දෙකම උඩ මගෙ කකුල් හරහට දාලා ඉදගන්නකොට මගෙ අතේ උන්න පරියට මොකක් හරි දැනිලද කොහෙද ඌ මගෙ අත් වලින් ලෙස්සලා ගිහින් කෙටි බැම්ම උඩ ඉදන් අහක බලාගත්තා ..කොටිම්ම ඌ නිකන් උගෙ අම්මයි තාත්තයි කොටු පනිනකන් ඔත්තු බැලුවා වගේ දෙයක් වෙද්දි මං හිමීට නිර්වාන් දිහා බැලුවා... 

කොයි නිර්වාන්ටද කියලද දැනගන්න ඕනෙද...

ම්ම්..ඔව්නෙ....

මම ඇස් දෙක තවත් චුට්ටක් බෝල කෙරුවා ...හැමදාමත් වගේ මේ නිර්වාන්ගෙ කට හඩ හරි ගැඹුරුයි ..තරහා ගියහම යක්සාවේස වෙන නිර්වාන් නිවිලා ඉන්නකොට පතුලක් නොපෙනන මහ මුහුද වගේ හරි ගැඹුරු හැගීම් තියන කෙනෙක් වෙද්දි එයා මගෙ බද වටේ තිබුන අත අයින් කරලා එහෙම්ම මගෙ ඔලුව එයාගෙ පපුවට තියාගත්තා .... 

න්...නිරූ...

ශ්ශ්....අහන් ඉන්න...

ඒක...ගැහෙනවනෙ හුගක් ...වේගෙන්...

එයා අහන් ඉන්න කිව්වත් මට ඒක නොකියම ඉන්න බැරි උනා..එයා මට මීක් නොගා ඉන්න කිව්වත්....එයාගෙ හදවත එලියට පනී කියන බයටම මට නොකියා ඉන්න බැරි උනා....

දන්නවද.....චූටි.....අහල තියන විදිහට ....හදවතක් වේගෙන් ගැහෙන්නෙ.....අසීමාන්තිකව බය උන තැනයි....අසීමාන්තිකව ආදරේ කරන කෙනා ළඟ ඉන්නකොටයි විතරයි ...

නිර්වාන් ....

මට කතා කරගන්න බැරි උනා...ශෙනිරු කොයි වෙලෙත් සනාශ්ව හුරතල් කෙරුවත්....ගනින්න බැරි තරම් ආදරේ කෙරුවත් නිර්වාන් කොයිම වෙලාවක වත් මාව හුරතල් කෙරුවෙ නෑ.....කොයිම වෙලාවක වත් මට ගනින්න බැරි තරම් ආදරෙයි කිව්වෙත් නෑ.....

හැබැයි ඉදලා ඉදලා නිර්වාන් ආදරෙයි කිව්වොතින් . සත්තයි ....මගෙ හුස්ම නවතින්න එනවා...

මිනිස්සු කියනවා කවදාවත් අම්මා අප්පච්චි වගේ ආදරයක් තවත් කාගෙන් වත් බලාපොරොත්තු වෙන්න එපාය කියලා ..මොකද....අම්මා අප්පච්චි වෙන්න පුලුවන් ඒ දෙන්නටම විතරක් හන්දා....අම්මා අප්පච්චිගෙ ආදරේ දෙන්න පුලුවන් ඒ දෙන්නට විතරක්ම හන්දා...ඒත්...මට නිර්වාන්ව හම්බ උන දා ඉදන්....ඒ කතාව අමූලික බොරුවක් කියලා හිතෙනවා....

අම්මලා කොයි වෙලෙත් කට පුරා ආදරෙයි කිව්වත් අප්පච්චිලා කරන්නෙම හංග හංග ආදරේ දෙන එක ...නිර්වානුත් ඒ වගේමයි...ආදරේ දෙන්නෙම හංගලා....

මොනවද දැනුනෙ....මොන නිර්වාන් ගැනද කියන්න ඔයාට උත්තරයක් හම්බ උනාද චූටි.....

මගෙ ඇස්වලට කදුලු පිරුනා.....

එයා උත්තර අහනව.....මොන නිර්වාන්ද කියන්න උත්තරයක් හම්බුනාද අහනවා මට ආයම අමුතුවෙන් උත්තර මොකටද...හිතේ තියන බොලද කමට ඇහුවා මිසක්කා....මගෙ යටි හිත ඇත්ත උත්තරෙ නොදන්නවා නෙවෙ.....

අශේන්ද්‍රන් ....

එයාගෙ ඇස් දෙක ගැස්සිලා ගියා...කොයිවෙලෙත් නිරූ...නිරූ....නිර්වාන් කියන මං කවදාවත් නැතිව ජීවිතේ පලවෙනිම පාරටම අශේන්ද්‍රන් කියනකොට එයාගෙ ඇස් දෙක වෙනස් වෙන හැටි මං හොදටම දැක්කා.....

ඇස්දෙක චුට්ටක් වහගන්නවද.....

ම්න්.....

මටපව් කියලා හිතුනා...වෙනදට එයා මට කියන හැම වචනයක්ම ආපිට මං එයාට කියනකොට එයා නිකන් දුකෙන් වගේ ම්න් ගෑවා.....

ඔයා මොකක්ද කරන්න හදන්නෙ.....

ඇස් පියාගන්නකො...

ම්න් ගෑවත් එයා ඇහුවා මම මොකක්ද කරන්න හදන්නෙ කියලා ...මට එයාට හාදුවක් තියන්න ඕනෙ.... ඒත් එයා මාව එක තත්පරේකට නවත්තගත්තා ....ඒ නවත්තගත්තු එයා මගෙ අත් දෙක අල්ලගත්තා ....වෙනදටත් වඩා හුගාක් තදින්.....

සයාශ් ....දෙයක් කියන්නද.. .

.....

මෙච්චර කල්..කාගෙන් වත් වචනයක් නාහ උන්න නිර්වාන් කියන මනුස්සයව අද හෙටම තනිකරම ජෝකර් කෙනෙක් වේවි.....එක.එකාගෙ....සාප වදීවී....

නිර්වාන් ...

ශ්ශ්.....මං කියන දේ අහන් ඉන්න....මං කියන්නෙ....වෙන්න ...යන දේ...වෙන්න....තියන දේ.....සමහර කරුම..දෙමව්පියො විදිහට එනවා සයාශ් .....කොච්චර ..කොහොම උනත්....අර මිනිහා හෙට අනිද්දම අපේ ගෙට රිංගනවා....සංජනගෙ අම්මා නැති වෙලා සතියක් යන්නත් කලින්.....

මට තේරෙනවා...නිර්වාන් .....

මං කියන්නෙ.....එක දෙයයි.....උඹ කවදාවත් මාව අතාරින්නෙ නෑ කියන විශ්වාසෙ තියනවා නම් විතරක් ...මට හාදුවක් තියපන්...වෙන කොහෙටවත් නැතිව නලලට...කරුනාකරලා මට බලාපොරොත්තු දීලා...අප්පච්චි වගේ අතරමග දාලා යනවා නම්....කවදාවත් හිනාවෙන්න බලන් මාව අතරින්න එපා සයාශ් ...තැලිලා තැලිලා ඉන්න මං..හරි ගුනමකු මනුස්සයෙක්....මට ඉතුරු උඹ විතරක් උනහම ...

එපා...තව කියවන්න ඕන් නෑ...මං විහිලු කෙරුවට....ජීවිතේ බර දන්නවා නිර්වාන් .....මං කවදාවත් අතාරින්න බලන් ආදරෙයි කිව්වෙ නෑ....

මන් එයාගෙ කම්මුල් දෙකම අතින් අල්ලගත්තා ...සංජනගෙ අම්මගෙ මරනෙත් එක්ක හැම පැත්තෙම්ම තැලුනෙ නිර්වාන් ...සංජන අනාත වෙන්න හේතුව උනේ නිර්වාන් ගෙ අම්මා උනත්....සංජන වෛර බැන්දෙ නිර්වාන් එක්ක...එයාගෙ අම්මගෙ මරන උනුසුම වත් යන්න කලියෙන් අර මිනිහා නිර්වාන් අම්මා එක්ක යන්න ගත්තම උන්ගෙ දේවල් වලට නිර්වාන්ටත් එක්ක බැනුම් අහන්න වෙන්නෙ...මිනිස්සු මොන කතා නම් නොකියයිද.......

මට ඒ එක දේකින් වත් වැඩක් නෑ...මං ආදරේ කරන්නෙ නිර්වාන්ට මිසක් රටේ ලෝකෙ මිනිස්සුන්ට නෙවෙ....කටවල් තියන උන්ට මොනව කියන්න බැරිද....

මං හිනා උනා.....ඇස් වල බැදුන කදුලු පටල එක්ක මං හිනා උනා.....හිනා වෙලා එයාගෙ ඇස් දෙක මගෙ අතකින් වැහුවා...ඒ වහපු මන් එහෙම්ම ඉස්සිලා නිර්වාන් ගෙ නලලට ආදරේ පිරිච්ච හාදුවක් තිබ්බා .....

මං හරි ආදරෙයි අශේන්ද්‍රන් ....

දන්නවා.....

මන් හිනා උනා.....එයාගෙ කකුල් දෙක උඩ ඉදන් උන්න මං අර සීරියස් චරිතෙ පැත්තක දාලා ආයම පරන විකාර කොල්ලම වෙන ගමන් එයාගෙ කකුල් දෙක උඩ දැගලුවා ....එහාට මෙහාට වැනුනා....එයාගෙ බැජ් එක ගලවලා මගෙ සාක්කුවෙ ගහගත්තා ....එයාගෙ කොන්ඩෙ මගෙ ඇගිලි තුඩු වලින් එහා මෙහා කෙරුවා ...ඒත් එයා නෙවෙ මොකුත් කිව්වෙ...ඒ වෙනවුට එයා කෙරුවෙ මං දිහා බලාගන ඉන්න එක විතරක් වෙනකොට අනිත් පාර මං එයාගෙ උගුරු ගැටේ උඩින් මගෙ ඇගිල්ල තිබ්බා...හරියටම අප්පච්චිට තියන්නා වගේම.....

නිරූ....

ම්න්...

කෙල ගිලින්න

ම්න්.....

ඒ වගේමයි..මගෙ ඇගිල්ලත් එක්ක එහෙට මෙහෙට යනකොට මං එයාට වද දුන්නා..... ආය ගිලින්න ආය ගිලින්න ගගා...එක පාරක් දෙපාක් මගෙ පදේට නටපු එයා අනිත් පාර එහෙම නොකර උන්නා...

එපා දග කරන්න....

ම්හුක්.....අනේ

ඇයි ඔච්චර දඟ....ම්ම්.....

ම්හු...ක්....

මං ආයම දැගලුවා .....මගෙ දිහා බලන් උන්න නිර්වාන් අනිත් පාර මගෙ කලවයට උඩින් අතක් තියා ගත්තා ..... ඒ විතරක් නෙවෙ ...ඒ...අත එයා හරි හිමීට උඩට පහලටත් ගෙනිච්චා ...ඒ විතරක්ද.....ඒ ඇස් ඒ මදිවට හීනිත් උනා..... හරිම සරාගි වල් ඇස් දෙකක් .....යෝහ්.....සන්සාරෙ .....හිරි වැටෙනවනෙ.....

පන්ති පේලියෙ කවුරුත් නැති හන්දා....එයයි මායි අතර මොකක් හරි සිත්ත වෙන්න යනවතෝ....මන්තා.....

අනේ සුතර්මා ..දරුපැටියව පොපියනවනෙ.....ම්හුක්....අර දරු පැටියා වැරදි දෙයක් වත් හිතයිතෝ...මන්තා....ම්හුක්...

මං ඇඹරුනා....එයා මගෙ කකුල අත ගගා ඉදලා එක ඇහි බැමක් උඩ ඇරියා...

මොනවද අර තිලෝක සුන්දරී කිව්වෙ...ම්ම්ම්....

ත්...ත්..මොකී.....

ඇහුන් නැද්ද...නැත්තන්...ඇහුනත්....නෑහුනා වගේ රගපානවද ම්ම්ම්.....

නිරූ...

මොනවද ඒකි කිව්වෙ...මං අහන්නෙ...තත්පර දෙකක් විතර තමුසෙගෙ අත අල්ලන් උන්න එකී...මොනවද ඒකි කිව්වෙ.....

ආ...ආ...ආ..හරිම අගෙයි...හරිම අගෙයි..පූජනීයයි ..ආතරේ...පිවිතුරුයි මේ ආතරේ.....හරිම අගෙයි නිර්වාන් ....හරිම අගෙයි...එක ස්පර්සෙකින් මගෙ හදවත නොමග යවපු අයුරු නම් බොහොම අගෙයි...අමොර්...අමොර් ...අපේ කාලේ...හිම්චි අරිසෙන් අහුබුජු.....තිලෝක සුන්තරී.....හරිම අගෙයි...රහසින්වත් පව් නොකරපු තැනත්තා..අමොර් ..අමොර් ...පිච්චමල්බිසව්තමෝ ගානට නාස් ලනුව පැලදුව අයුරු නම්..හරිම නෙත්කලුයි ඈ...ප්‍රීතී...ප්‍රීති..නිර්වාන් ...

ඒ අස්සෙන් වෙලාවත් බලලා....ම්ම්ම්....ආතරේ මන්තිරේ..සදලු තලවලට අද හොදටම එලිය වැටීගන එන්නෙ.....

එ..ඒකිද . ....

ම්න්.....ඇයි ..දෙන්න උත්තර නැද්ද ... ..

තියනවා අනේ ..ඒ උනාට ඔයා ඔහොම බලන් ඉන්නකොට මතක අමතක වෙනවනෙ...

.....

නිර්වාන් ...මතක අමතකයිලූ👉👈

දෙවනි ලේන් එකේ....හතරවෙනි ගෙදර ඉන්න තිලෝක සුන්දරීට අර ස්ටේජ් එක උඩ දනගහන් ඉන්නවා බලන්න ආස නම්...මට නොකියා ඉන්නවා...හැබැයි...තමුසෙ කටින් නොකියන දේවල්..ඒකි මේකෙ ලියලා ඇති නේ....ම්ම්ම්

හත් දෙයියනේ.....තිලෝක සුන්තරී ..අනේ උඹට ගෞරවයෙන් බුදු සරනයි නගේ.....

යෑ...ව්ව්...

පරී...කටවහපිය ...!

මම ඒකිට බැන්නත්....මම කතා කරන්නෙ මොනවද කියන එක නැහුන නිර්වාන් මෙච්චර වෙලාම පොරවන් උන්න බැටලු හම පොරවලා අනිත් පාර පරන අලුගෝසු කිට් එකම ඇදගත්තා මදිවට කකුල අතගාන මුවාවෙන් මගෙ සාක්කුවට අත දාලා ලියුම අරගන තිබ්බා...මම කටින් නොකියන දේවල් ඒකි මේකෙ ලියලා ඇති කියනවත් එක්කම තාත්තගෙම පුතා වෙච්ච පරිගේසනයා කෙලිම්ම තාත්තා කුටු කුටු ගාලා ඉවර වෙනවත් එක්කම යෑව්.....ගෑවා.....

..නිර්වාන් ....මං ඒකි එක්ක හුරතල් උනෙ නෑ....

අත අල්ලන් උන්නා නෙ....

අත ඇල්ලුවා කියන්නෙ අනේ...

අල්ලනකොටම අත ගසගන්න තමුසෙට කල් තිබුනා....

නෑ..අනේ...නොහිතපු වෙලාවකනෙ ඇල්ලුවෙ....

ම්න් ...ඇත්තට....ඕනම....ක්‍රියාවකට...ප්‍රතික්‍රියාවක් තියනවා සයාශ් දන්නවද....ම්ම්ම්

.නිවුටන්ද ඒක කිව්වෙ ...

කිව්වෙ කව්ද කින්ද මන්ද අදාල නෑ....කියවනවකො බලන්න මේක....

මම උකුලෙන් බැස්සා.....මොකද මට තව දුරටත් එයාගෙ කකුල් උඩ ඉදගන ඉන්න බැරි උනා...ඒක නිකන් සක්කර දෙයියගෙ පඩුකුල් අසුන රත් වෙනවා වගේ ගිනි පිට කරන්න ගන්නකොට අරකි සුවද ගහන පෑනකින් ඔටෝ ලියන කොලේක ලියපු පෙම් හසුන අරන් මං පැත්තකට පැන්නා.....

ම්හුක්....ලියුම බලන්නත.....රටකජු...කන්නත...මගෙ හිත විමසනවා.....මගේම ලියුමේ..මොනවා බලන්නත...මම...රටකජූ....කනවා...අනේ...චින්තක..දරුපැටියට බෑනගෙන් කරදරයි....

මං ලියුම දිගෑරියා...නිර්වාන් පුරුදු විදිහටම රවගන ඉන්නකොට ලියුමේ ආමන්ත්‍රනේම දැකපු මට දෑස පලාගන කදුලැලි හෝ ගාලා එලියට පැන්නා.....

කියවනවා ඉතින්.....

ම්ම්....මගේම ස්....සයාශ් අයියා වෙත...

ම්ම්...මගේම.....හ්ම්හ්ම්...ඉතුරු ටික.....

අනේ..නිරූ...මං මේකිට ආස නෑනෙ...මං කිව්වනෙ...මට කෙනෙක් ඉන්නවා.කියලා ...

ඕකෙන් කොපි කීයක් නෝටිස් බෝර්ඩ් එකේ වැටෙන්න ඕනෙද ම්ම්ම්....

හ්හ්..හා...හා..අනෙ...කියන්නම්.....

මං ආයම අර ලියුම කියවන්න ගත්තා ...මේක අතිසයෝක්තියෙන් ලියාපු සන්නසක් වගෙ දෙයියනේ....

අයියෙ...මට ඔයා ගැන ආදරයක් ඇති උනේ....ඔයා එදා අර කියපු සින්දුවත් එක්ක....ඔයාගෙ කටහඩ...අනේ ඇත්තටම ඒක වශියක්...හරියටම ....හ්..හරියටම ....

මොකද ගොත ගහන්නෙ... ම්ම්ම්

අනේ..නිරූ...මේකි...ලියලා තියෙන්නෙ මගෙ කටහඩ කොවුලෙක් වගේ කියලනෙ...

විකාර....

ඒකනෙ...අනේ...විකාර නේන්නම්...කොවුලෙක්...එව්...ඌ කලුත් එක්ක.....මේකිට තිබුනා සිහාන් මිහිරංග කියන්නවත්.....

මොකක්ද තමුසෙ කියාපු සින්දුව

ඇස ගැටෙනා...දස..දහසක්👉👈

ම්න්...ම්න්....

මං ඇඹරුනා..එතනින් එහාට තිබුනෙ සංදේශ කාව්‍ය වල දූතයා මගවැනුම කියන්නා වගේ මේකි මගෙ සරීර අවයව වර්නනා කරල තියන හැටි වෙනකොට කට ගැන තිබුන වර්නාව දැකලා මට වහ කන්න හිතුනා.....

එව්...අවයව ජාවාරම් කාරියෙක්ද කොහෙද .....

මං බලාගන උන්නා...මට මෙක කියවන්නත් බෑ....නිර්වාන් බලාගන ඉන්නවා.....

මොකද ....ඇයි..කියවන්න අමාරුද....

ඔව්නෙ....නි..ර්වාන් ...

මොනවද තියෙන්නෙ...

මගෙ...කට....ලස්සනයිලුනෙ...

දැක්කම හපන්න හිතෙනවලුද....

ඔයා හරියටම ඒක කිව්වෙ කොහොමද අනේ...ඈ....නිරූ....

දැන් හරි .....මගෙ දෙයක් ....තව එකෙක් වචනෙකින් හරි විදිනවා න්ස්ම්...ඒකත් ඇති මට තරහා ගන්න...තේරුනාද මගෙ චූටිට ....ම්ම්ම්ම්ම්...

...

අද ක්ලාස් ....අනිවාර්යයෙන්ම හවස ක්ලාස් එනවා....තේරුනාද ....නාවොතින් ....

ගෙදරට ඇවිත් අරන් යනවා .....

.....

තව දෙයක්...මං මහ නපුරු මිනිහෙක් .....එක දන්නවනේ.....ඒක නිසා....වැඩිය හිත රිදවගන්න එපා...මොකද මං තමුසෙට ආදරෙයි .....

....

තව එකක්....තමුසෙගෙ නාඩගම් නැටිල්ලත්...මෙතනින් ඉවරයි ...

.......

මගෙ ඇස්වලින් කදුලු පේලියක් පහලට කඩන් වැටුනා ...කටට ලේ රස දැනුනා...අතේ තිබුන ලියුම් කෑල්ල නිර්වාන්ගෙ අතට ගුලිවෙනකොට එතනම තිබුන බිත්තියට මාව තද කරගත්තු නිර්වාන් තත්පරයක් යන්න කලින් අරකිගෙ ලියුමෙ තිබුන වචන යතාර්තයක් කෙරුවා ...නිකන් නෙවෙ ...හාදුවක් වෙනුවට රිදවුමක් විදිහට ...මං හිතන්නෙ මගෙ කට අනිවාර්යයෙන්ම ඉදිමේවි ...එයා අර කෙල්ල අතින් අල්ලපු තත්පර දෙකෙත් තරහව පිරිමැහුවා.....ඒකිගෙ වචනවලටත් තරහව පිරිමැහුවා.....අවසානෙදි මං මහ නපුරු මිනිහෙක් කියපු එයාම මන් තමුසෙට ආදරෙයි කියන ගමන් මගෙ සාක්කුවෙ ගහන් උන්න එයාගෙ බැජ් එක ගලවගන එයා පහලට ගියා ....වෙන කොහෙටවත් නෙවෙ ...හෙඩ් prefect අක්කා ගාවට .

..

චූටියා .....ඇයි මේ....

නෑ මොකුත් නෑ ....

ඉස්කෝලේ ඇරුනා .....ග්‍ර්වුන්ඩ් එකේ උන්න ළමයි දාඩිය නාගන ගෙවල් වලට යනකොට රිලේ දුවපු ඩිපූටියට කෑ ගහපු සැලාගෙ කටහඩ බල්ලො කාලා වගෙ වෙද්දි මං ඉදිමිලා තිබුන කට වැහෙන්න කටට මාස්ක් එකක් දාගන ලොකුව එනකන් කොට බැම්මට හේත්තුවක් දාගන උන්නා.....

මොකුත් නෑ කියන්නෙ....කැහ්..කැහ්....මගෙ උගුර නෑ වගේ.....අරකට කෑ ගහලා...ඌට කෑ ගැහුවත් වැඩක් නෑ..අබේසේකර පරම්පරාව ඉබිමස් ගිලපු උන්ද කොහෙද ...මූට ඒ දුවපු දිවිල්ලට ඉන්දියාවටම දුවන්න පුලුවන් කම තිබ්බා....

මං මීක් නොගා උන්නා....මගෙ යටි තොල කාපිරියෙක් ගෙ වගේ ඉදිමිලා තිබුනා මදිවට නිර්වාන් ගෙ දතක පාරක් ගිල බැහැලා තිබුනා.....

චූටියා....ඇයි උඹ කතා නැත්තෙ...?ඇරත් මං අහන්න උන්නෙ .....අර කෙල්ලො දෙන්නෙක් පූසෙක් අතේ තියන් මායන් උනා....උඹට කියන්න ඌ මේ අපේ අර පරිගේසනයා වගේමනෙ.....ඒකිලා දෙන්නා ඌව අරන් ගියෙ හොද වෙලාවට අර එකොලහ වසරෙ උන් උන්ගෙ නිවාසෙ උන්ට කන්න ගෙනාව මොනවද පූසෙක් කාලා ගගා ඒකවද කොහෙද මරන්න බලාගන උන්නෙ....

.......

උඹට කියන්න චූටියා ඌ ඒම පාට...ඒම සක්කිලි මූන ඈ..... ඔක්කොමත් හොදයි...ඔය පඩත්තරයට ආදරෙ හිතීගන එනකොට මූ අල්ලන ලයින් එක තමයි අල්ලන්නෙ නැත්තෙ....ඒ ඌ වගේමයි චූටියා... ඒ උනාට මූ මහ හොරෙක් වගේ.....අපේ එකා ගිලලා ගිලලා බුදි ඇති ...

බෑග් එකේ පටිය හද හද උන්න සැලා කෙල්ලො දෙන්නෙක් අතේ තියන් උන්න පූසා අපේ එකා වගේමයි කිය කිය කියවනකොට ඒ ඉන්නෙ අපේ නාම්බා තමයි කියලා කියන්නවත් කට ඇරගන්න බැරි මං අනිත් පාර බාගෙට වහලා තිබුන බෑග් එක ඇරලා අත පය හතරම උඩ දාන් දිවත් එලියෙ දාන් උන්න පඩත්තර පරිගේසන්ව පෙන්නුවා අරූගෙ ඇස් දෙක නලලට ගියා.....

අම්මටම සිරි...ඒ චූටියා...මේ...මූ....මූ මොන මගුල කරනවද.....මෙහෙ....වහපිය...වහපිය ඕක....මේ පඩත්තරයා මොනවා කරනවද මෙහෙ...මූ අර නිවාසෙක හදාපු පාන් වගයක් ගිලලලු...ඒව්...වහපිය....

මං අරුගෙ මුන දිහා බලලා බෑග් එක වහලා දාලා කාත් කවුරුත් නැති වෙනලන් ඉදලා මාස්ක් එක ගැලෙව්වා ....

.ල්..ලොකූ...මේ...

චූටියා.....ඇයි මේ....උඹ මොන මගුලද කටට කරගත්තෙ?උඹ කට කඩිගුලක් අස්සට වත් ඔබාගත්තද...?

ම්..මම..නෙවෙ....ලොකු.....

එහෙනම්....

න්...නිර්වාන්...මගෙ...කට...කෑවා...බන්

මො..මොකක්.....අර අරකා....ඒ මොන මගුලටද....කෝ පෙන්නපිය බලන්ඩ....යකො...මේ දත්පාරවල් ...මූ උඹගෙන් බඩසමක් වත් බලාපොරොත්තු උනාද

අනේ...කට..වහන් ඉදින්කො.....ලොකු....

කට වහන් කියන්නෙ...මොකක්ද උනේ කියකො....ඕකගෙ දත් ගලවන්ඩ ගිහින්...මේ බලපිය...යටි තොලේ දත් තුනක් හිටලා...ඇත්ත කියපන් චූටියා..කාත් කවුරුත් නැති වෙලේ ඒකා උඹට අයුතු යෝජනාවක් වත් කෙරුවද.....

මං ආපහු මාස්ක් එක දාගත්තා ...වෙච්ච දේ ආපිට කියන්න කලින් සැලලිහිනියා මරු කියවන්න ගත්තා ...ඌ හීනෙන්වත් නොහිතන හේතුපවා කියනකොට අවසානෙදි මං වෙච්ච කෙරිච්ච දේ අකුරක් නෑරම කියනකොට අරූ අතේ තිබුන නියපොතු පහම කාලා ඉවර කෙරුවා ....

ඔන්න ඕකයි උනේ..ලොකුවා....

තිලෝක සුන්දරී....ම්ම්ම්...ම්ම්....ඒකි කීයෙ වසරෙද කියපන් ටිකක්. .....

එකොලහේ වත් වෙන්න ඇති ....

සුදුම සුදුයිද

ම්ම්....ඔව්....

කොන්ඩෙ දිගයි....

ඔව්.....

අගපසග ....ඔක්කොම හෑව්

ම්ම්ම්....ඔව්....ඇයි ?

හරි...එහෙනම්.....බඩුම තමයි...බඩු බනිස් ....උඹගෙ පෙම්වතා ගානට ගින්න දීලා....

ඇයි සනාශ් ...

මට ලියුම දුන්න කෙල්ලගෙ හැඩරුව කියන ගමන් ලොකුවා එක්ක හෙමින් හෙමින් පඩි පෙල බැහැපු මං උඹගෙ පෙම්වතා ගානට ගින්න දීලා කියනවත් එක්කම මං උගෙ අතින් අල්ල ගත්තා ....

.චූටියා....චූටියා...නයාට ගහල පොල්ල වරද්දගත්තොත්....ඌට බිත්තරයක් වත් දීලා සේප්මන්ට් එකක් දාගන්න පුලුවන් .....හැබැයි ....චින්තකගෙ පොඩි බෑනා එක්ක ....මං හිතන්නෙ නෑ

කියන ලබ්බ හරියටම කියපන්කො සනාශ්....අරූ මොකක්ද කරලා තියෙන්නෙ...ආව්...හ්...කට ඇරගන්නත්...බෑ...

මං කටට අත තියා ගත්තා .....තුවාල උන කට එහා මෙහා කර කර වෙච්ච දේ අහනකොට වැඩියෙන් කියවන්න ගියපු මගෙ කට ඇදුම් කෑවා...

උඹට බලන්නම ඕනෙ නම්...සිසිරයගෙ කාමරේ පැතත බලපන්....

මං විනයභාර සර්ගෙ කාමරේ දිහා බැලුවා ....විනාඩියක් දෙකක්...තුනක් යන්න ඇති ....සුදුම සුදු වගේම බලල් ඇස් තියන HF ඉශානි අක්කා විනය භාර සර්ගෙ කාමරෙන් එලියට එනවත් එක්කම තිලෝක සුන්දරිත් ආවා...සුදු ගවුමෙ නූල් කෑලි එල්ලෙනවා ඒකිගෙ ගවුමෙ වාටිය ලෙහලද???

අනේ..අක්කෙ.....සර්ට කියන්නකො අක්කෙ...අම්මා මාව හමගහයි අක්කෙ

ඔයාගෙ එකවැරද්දක් නෙවෙනෙ නංගි ..නියපොතු වවලා....කොන්ඩෙත් ලේයර් කරලා.....අනික..පාර්ටි එකක් තිබ්බා කියලා ඇහිබැම හදනවද...

අනේ...අක්කෙ....

කරන්න දෙයක් නෑ නංගා...මේ සතිය ගෙදර ඉදලා ලබන සතියෙ එනකොට ඔව්වා වවාගන එන්න.....

ලොකු...ඒකිව....

සස්පෙන්....!

මාව රත් උනා.....නිර්වාන් ගියපු යෑමට කුඩේ කුඩු වෙන්නම ගින්න අවුලලා තියනකොට සතියක් ඉස්කෝලේ තහනම් උන කෙල්ල.අඩ අඩ අනේ අක්කෙ..අනේ අක්කෙ ගානකොට මට එකි ගැන දුකක් දැනෙද්දි මං එහෙම්ම සැලාවත් එතනම දාලා නිර්වාන් අනිවාර්යයෙන්ම ඉන්නව කියලා දන්න ඉස්කෝලේ පිටිපස්සෙ ගේට්ටුව ගාවට දිව්වා.....

නිර්වානයා....මේ අහපන්...

අතෑරපන් ශෙනිරු....මාව...

අත අරින්න.....ඇයි...අතෑරියාම උඹ ගිහින් ඌට දෙකක් අනිනන්ද.....?

මාව අතෑරපන්...මං කාටත් මොකුත් කරන්නෙ නෑ...මාව අතෑරපන් ශෙනිරු ....

හරි..මං අතාරින්නම්.....මං අතාරින්නම්....ඔක්කොටම කලින් උඹ සංසුන් වෙයන්..උඹව පුපුරයි නිර්වාන් ....උඹව පුපුරයි යකො...

හරි.....මං ..සංසුන් වෙන්නම්...මං...හොදටම...සන්සුන් වෙන්නම්.....උඹ...කියනවා වගෙ....මං හොදටම...සන්සුන් වෙන්නම්.... හැබැයි ....මගෙ...අතේ...පයේ...හිරි ගියාට පස්සෙ..හරි....මං...ඌට...ඊයෙ...රෑම මේක නවත්තපන් කිව්වා....හරි....මං ඌට....අවස්තාවක් දුන්නා...ආය නෑ...ආය....නෑ.....ආය...කොහොමත් නෑ....ආයම..දෙවනි වතාවක් කොහොමත් නෑ.....යකො

නිර්වාන් ...නිර්වාන් ...නැවතියන් ...

නිර්වාන් ...!!!!

න්..නිරු.....ශෙනිරු...අයියෙ.....

නිර්වාන් නැවතියන් නිර්වාන් .....කිව්වම අහලා ඔහොම නැවතියන්...යකො නිර්වාන් ...නැවයතියන්....

නිරූ....ශෙනි...රු....අයියෙ...හ්

සනාශ්ව උන්න තැනම දාලා නිර්වාන්ව හොයාගන ආව මම දැක්කෙ පොරකාගන්න ශෙනිරුවවයි නිර්වාන්වයි වෙනකොට හේතුව මොකක්ද නොදන්න නමුත්.....මොකක් හරි ලොකු හේතුවක් කියලා කියන්න පුලුවන් දේකට නිර්වාන්ට යක්සාවේස වෙලා උන්නා...උදේ ආව පිලිවලටම ආපහු ගෙදර යන නිර්වාන් ගෙ ඇදුම් අපිලිවෙල වෙලා තිබුනා.....අත් දෙකම පිටිපස්සට කරලා හිරවෙන්න අල්ලන් උන්න ශෙනිරු පුලුවන් තරම් නිර්වාන්ව සන්සුන් කරන්න හැදුවත්..හොදින් ඉන්නකොට ඉන්න නිර්වාන් කියන්නෙයි....තරහා ගිහම ඉන්න නිර්වාන් කියන්නෙයි තනිකරම අහසට පොලව වගේ වෙනකොට යකාවගේ උන්න නිර්වාන් ශෙනිරුවත් තල්ලු කරල දුවනකොට මමත් ඒ පස්සෙන් දිව්වා උනත් උන් දුවන වේගෙ එක්ක මට දුවනවා තියා හිතා ගන්න බැරිඋනා ....

ශෙනිරු ....

මං කෑ ගැහුවා ....හයියෙන් දුවන්න කොහොමත් බැරි මං ශෙනිරූ ගග් කැ ගැහුවත් නිර්වාන් ගෙ සිහියෙන් දුවන ශෙනිරුට මාව ඇහුන් නැ විතරක් නෙවෙ..එයාගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක වැටෙන එක පවා ශෙනිරුට දැනුන් නැති වෙනකොට මම බිම වැටුන ඵෝන් එක අරගන බැලුවා.....

දෙයියනේ...

ලොක් එකක් නොදා තිබුන ඵෝන් එක අතට ගත්තු මාව කරකවලා ඇතෑරියා වගේ උනා...

ඒක පින්තූරයක් ...නිර්වාන් වගෙම නිර්වාන්ගෙ අම්මා ඉන්න....

තනිකරම .....හහා...රියැක්ට් ඇන්ග්‍රි රියැක්ට් ගොඩක් මැද නිවන් සුව ප්‍රාර්තනා කරපු කමෙන්ට් දහස් ගනනක් එක්ක කියවන්න බැරි තරම් නරක කමෙන්ට් ගොඩක් ඒ පින්තූරෙ යටකරන් තිබ්බා....

"නිවන් සුව.....අම්මටයි පුතාටයි දෙන්නටම"

මුගෙ මූනත් අරූගෙම මුනමයි....

අනුන්ගෙ මිනිස්සු අල්ලගත්තු ලැජ්ජ නැති අම්මයි පුතයි

තොපිට හෙනගහනවා යකො ....

පොඩි ඇමතියටත් නිවන් සුව....

හෙනගහපන් උඹලට.....

මට තව දුරටත් ඒ කමෙන්ට්ස් කියවන්න බැරි උනා.....මාව උකුලෙ තියාගන වේදනාවෙන් කියවපු නිර්වාන්හෙ වචන විසිහතර පැයක් යන්න කලින් යතාර්තයක් වෙලා තිබුනා.....නිවන් සුව...නිවන් සුව.....නිර්වාන්ගෙ පින්තූරෙ පුරාවටම තිබුනෙ සාප කිරීම් එක්ක නිවන් සුව වගෙම බලන්න බැරි කමෙන්ට් ගොඩක් වෙනකොට මගෙ අතින් ඵෝන් එක අතෑරුනා...

චූටි.....

චූටියා.....

.චූටී.....හ්

නි....ර්වාන් .....ගියා...න්..නිර්වාන් .....

චූටි...සයාශ් ...සයා.....ශ්!

....😩මං ආයමත් ආව පුතේ....

ආයමත් කොටසකින් එනකන් පයිස්සමින් ඉන්ඩෝ.....හ්

මම

...

ජොබී....

Nedeesha ....

More Chapters