Nirvaan pov...
කරුනාකරලා ...උඩට....එන්න...
මම දත්මිටි කෑවා....ඒ විතරක් නෙවෙ...එතනම තිබුන උස ලෑම්ප් එකට පයින් ගැහුවා...ඒ තරමට...ඒ තරමට මට මගෙ ඇගේ ලේ කෝප උනා....
මං දන්නෙ නෑ...කවද හරි මගෙ නහරයක් ගහලා යනවා....දරා ගැනීම...ඉවසීම කියන දේ එක අංශු මාත්‍රයක් වත් නැති මට අම්මා එක්ක එන කේන්තිය පිටකරගන්න තැනක් නැති උනහම මම මුලු ගෙදරම බඩු පොඩි පට්ටම් කෙරුවා....
මට ඒ තරම් කේන්තියි.....මට ඒ තරම් ඉවසීම නෑ....කොටිම්ම තරහවෙ අවසානෙ නිර්වාන් කියන්නෙ මානසීක ලෙඩෙක්...උන්මන්තකයෙක් කියන චරිතෙට හැරෙනකොට ඒ හැම දේටම වගකියන්න ඕන ගෑනු චරිතෙ අම්මා විතරයි කියන්න මගෙ ලේ නහරවලට පවා කා වැදිලා තිබුනා....
නිර්වාන් .....මට උඹ එක්ක දැන් කතා කරන්න දෙයක් නෑ...උඹට පැය දෙකයි ක්ලාස් ....එතනින් එහා
එතනින් එහා මං මොකුත් කරන් නෑ...පුලුවන් දෙයක් කරපන්...මං හෙට කොහෙවත් යන්නෙත් නෑ...උඹට පුලුවන් මොනවද...ඒක කරපන්.....උඹට පුලුවන් කෑගහන්නෙ ඒකත් කරපන්....උඹට පුලුවන් මට ගහන්නෙ...ඒකත් කරපන්....ඒ ඔක්කොමත් කරලා....ඒ හැම දේමත් කරලා...උඹට මාව මෙල්ල කරගන්න බැරි උනොත්...පන්සලෙ ඇතාට හෙන්ඩුව තියනවා වගෙ....උඹට පුලුවන් ....උඹට....උඹට ...
නිර්වානයා...නිර්වාන් ...ඇති....ඇතී...මේ එ අහපන්...වරෙන්...වරෙන්.....වරෙන් උඩට යන්න..කෝ...හොද එකා වගේ වරෙන් නිර්වාන්....
නිරූ...
මේහ්...ටානියා...අම්මගෙ රෙද්දක් නොකර ආව දිහාවකට පලයන් ආ....ආව මෙතන නිරූ ගාන්...උඹට මුගෙ අතින් මැරෙන්න ඕනා නම්...ඉදපන්...නැත්තන් පලයන්....
අනේ...අන්ටී...
ශෙනිරු ....
අනෝමා ඇන්ටී...කරුනාකරලා ....ඔයා පාඩුවෙ ඉන්න...හරිද ..මුගෙ හැටි දැන දැන නිකන් බොරුවට මූව තවත් ලෙ....මට මෙතනින් එහා කියන්න බෑ....කරුනාකරලා එක්කො ඔයා උඩට එන්න....නැත්තන් ....ඔන්න ඔය බාර් කාරිව යන මගුලක අරන් යන්න...
මං උන්නෙ දත් මිටි කාගන....කොච්චර හයිය තිබ්බත් තරවෙ අවසානෙ මට මගෙම විශ කැවිලා අඩපන වෙලා යනවා හා සමානව අඩපන වෙනකොට ශෙනිරුවා ඇවිදින් මගෙ අත පයහතරම කිටි කිටියට අල්ල ගත්තා වගේම ආයමත් ටානිය මගෙ ගාවට එන්න හැදුවා...මේ ඔක්කොමත් එක්ක කවදාවත් මගෙන් මේ වගේ හැසීරීමක් ඇතියි කියලා හීනෙකින් වත් නොහිතපු මගෙ චූටි බය වෙලා කදුලු පුරවන් ඒකගෙ අයියගෙ අත මිරිකන් ඉන්නකොට මං බලාගන සීතම්මා ගෙනාව බෙහෙත් පෙති දෙක තුන දාලා උඩට දුවනවා...
ස්..ශෙනිරු....ම..මාව...උඩට...එක්ක....
පලයන්....එයා...බය...වෙයි.....මාව....
මාව වෙව්ලුවා.....අසරන කම ඉහටත් උඩින් දැනෙනකොට මම මටයි කියලා උන්න එකම සහෝදරයට මාව උඩට එක්ක යන්න කිව්වා..මොකද ...මට මගෙ කකුල් වත් දැන් වාරු නෑ...මම බය උනා...එයා මාව දාල යාවි කියලා ...මං ඒ ඇස් වල කදුලු හොදටම දැක්කා....ඒ බය වෙච්ච ඇස් දෙක මං හොදටම දැක්කා.....මට බය හිතුනා.....ඔහොමවත් කතා කරන එයා මාව පේන තෙක් මානෙකවත් ඉන්නෙ නැතිව දුවාවි කියලා .....
මගෙ දිහා බලාගන උන්න අම්මා අත් මිටමොලවන් කාට කාට හරි කෝල්.ගන්නකොට මං බලාගන ටානියා අතේ අගිලි අඹරවන ගමන් මා දිහා බලාගන උන්නා....
මාව...මෙතනින්...එක්ක පලයන්...නැත්ත...මගෙ..අත් වලින්...අරකි...මැරේවි ශෙනිරු ...
මන් කෑ ගැහුවා....මට දරන්න බැරිම තරහව මාවම මරාගන්න හදනකොට මම ශෙනිරුවට මාව උඩට අරන් යන්න කියනවත් එක්කම ඌ මාව ඇදගන වගේ උඩට අරන් ගියා ..ගිහින් කෙලිම්ම මාව ඇදට අතෑරියා ...
නිර්වානයා...තරහ ගන්න එපා...නිර්වාන් ...කාම්.ඩවුන් වෙයන්...නිර්වාන් ..කාම් ඩවුන් වෙයන්.....මං සුදූට කෝල් එකක් අරගන්නම්....ප්ලීස් ....කාම් ඩවුන් වෙයන්....
මම කොට්ටෙ හපා ගත්තා....යක්සාවෙස වෙච්ච බල්ලෙක් කවදාවත් උගෙ තරහ කාරයව අතාරින්නෙ නැතිව අනුවට්ටගන්නවා හා සමානවම කොට්ටෙ හපාගන උන්න මගෙ හකු තද වෙලා අනු වැටිලා ගියා.....
මම ඇද රෙදි මිරිකගත්තා .....තරහව පාලනේ කරගන්න බැරි මට අවසානෙදි ඇස් වලට කදුලු කැට පිරෙනකොට මට මම ගැනම මහ අනුකම්පාවක්....මහා දුකක් ඇති වෙනකොට කෝල් එකක් ගන්න ගියපු ශෙනිරු ආපිට එන්නත් කලියෙන් ටකස් ටකස් ගාන අඩි සද්දෙ පඩි පෙල දිගේ ඇහෙනකොට මම තව තව දත් මිටි කෑවා.....
නිර්වාන් ....නැගිටපන්...
නිර්වාන් ...කන ඇහුනද උඹගෙ....උඹ දැන් ඔහොම ඉන්නද කල්පනාව ආ නිර්වාන් ...කිව්වම අහලා නැගිටපන්...මං උඹට හැම සතේම වියදම් කරන්නෙ පැරදිලා ගෙදර එනවා දකින්න නෙවෙ නිර්වාන් ...කිව්වම අහලා නැගිටපන්.....
ආයමත් අම්මා.....ආයමත් අම්මා...කිසිම හිතක් පපුවක් නැති උද්දච්ච වචන....රටේම මිනිස්සු ගාව කැමරාව ගාව...මයික් එක ගාව කිඹුල් කදුලු හලන අනෝමා ප්‍රේමචන්ද්‍ර ...ජීවිතේම දේශපාලනේ කරගත්තු උද්දච්ච ගති තියන අනෝමා ප්‍රේමචන්ද්‍ර ...
මං දත් මිටිකාගන උන්නා...බය වෙලා උන්න එයා ගිහින්ද කියන්නවත් මං දන්නෙ නෑ...මගෙ ගෙදරට එයා ආව පලවෙනි දවස.....අනේ මං ඌව එදා බය කෙරුවෙ කවද හරි ඉන්න ඕනෙ මගෙ ගෙදරනෙ කියලා ...මේක ගෙයක්ද....මේක එහෙම් පිටිම්ම අපායක්නෙ....මං උඹව කවදාවත් මේ ගෙදරට ගේන්නෙ නෑ චූටි ...මං නපුරුයි ....මං හරි නපුරුයි චූටි .. ඒඋනත්...මං උබට හරි ආදරෙයි සයාශ් උඹට පේන්න රවාගන උන්නට. .උඹ දන්නෙ නෑ...මං හීනෙන් හරි හිනා උනා නම්...හිනා උනෙ උඹ හින්දා විතරයි මගෙ සයාශ්....
නිර්වාන් ....උඹ නැගිටිනවද නැත්තන්...මං නැගිට්ටවන්නද.....
නිර්වානයා ...
ශෙනිරු .....තමුන්ට පුලුවන් එලියට යන්න....ඒ යන්න කලින් කරුනාකරලා මූව නැගිට්ටවලා යනවා ....
අනෝමා ඇන්ටි....ශිහ් ..මට පේන්න බෑ මේ ඇන්ටි පැන්ටි කෑලි....ලොකු අම්මා....මට මූව නැගිට්ටවලා යනවා කියන්නෙ...මාව සතෙක් සර්පයෙක් ගානට පේනවද.....යනවා එනවා...කනවා...ඌ...මූ...මොනාද ඔයාගෙ මේ භාශාව ආ ලොකු අම්මා...
ශෙනිරු ....
මේ...මේ...මේ...ලොකු අම්මා...මං නිර්වාන් නෙවේ ආ....මගෙ අප්පච්චි අම්මා කවදාවත් මට ඔය වැදි බාසාවෙන් කතා කරලා නෑ...ඔයාගෙ ඔය රැස් ගිහින් අර කකැබිනට් මන්ඩලේට දාගන්න....නිකන් මාත් එක්ක ඇරගන්න එන්න එපා....මාත් මේ අතපල්ලෙන් වැටුන එකෙක් නෙවෙ...ඔයාට ඔයාගෙ පුතා එක්ක කතා කරන්න ඕනා නම්....කරුනාකරලා ඔය මන්ත්‍රී පට්ටම කොහෙ හරි තියලා එන්න...මොකද ...ලොකු අප්පච්චි ගෙදර එන්නෙ කාකි ඇදුම පිටින් විතරක් උනාට අර ස්ටේශන් එකෙ ඉන්න ඕ අයි සී විදිහට නෙවෙනේ...නේ....?
ශෙනිරු උඹ ඔය කාටද කතා කරන්නෙ...
මෙතන වෙන උන් නෑ...පේනවනේ..මූ ඉන්නෙ දැන් ලෙඩෙක් වෙලා....ඇයි කාටත් කියන්නෙ නැත්තෙ තමුන්ගෙ එකම පුතා දුර්වලයෙක්...ලෙඩෙක් කියලා ...ආ....ඇයි කාටත් නොකියන්නෙ උගෙ ඇග විතරයි.....ඌ මහ ලෙඩෙක් කියලා ...ලොකු අම්මා...තමුන් කෙරුවෙ තමුන්ගෙ හීන මූ ලව්වා බලවපු එක...
මගෙ ඇස් වලින් කදුලු වැටුනා...අම්මා ගාව එකට එක කියන් යන ශෙනිරු තනිකරම උන්ගෙ අප්පච්චි වගේ වෙනකොට මම තවමත් කොට්ටෙ කාගන ඇද රෙදි මිරිකන් අපස්මාරෙ ආව එකා වගේ ඉලක්කයක් නැතුව ඔහේ සුදු පාට ගාපු බිත්තිය දිහා බලාගන උන්නා....
ශෙනිරු ...මේ ඉන්නෙ මගෙ පුතා...මගෙ එකාට කරන්න ඕනෙ...නැත්තෙ මොනවද කියන්න තීරනෙ කරන්නෙ මම මිසක්....තමුන් නෙවෙ....අනික...මං තමුන්ගෙ ලොකු අම්මා මිසක්...තමුන් මගෙ මහ එකා නෙවෙනෙ...
ඇත්ත...මං ඔහේගෙ මහ එකා නෙවෙ...ඒක ඇත්ත..හැබැයි ලොකු අම්මා තනිකරම අකලට වයසට ගිය එකෙක්.....ඒකයි මෙතන අවුල...මහ ලොකුවට මේ ඉන්නෙ මගෙ පුතා...මගෙ පුතා ගගා කියවනව...තමුන් දන්නවද....තමුන් දන්නවද...මූ එක්සෑම් එකාටත් වඩා බය එකම දේ මැච් වලට කියලා .....පාඩම් නොකර හරි ඌ ට ලියන්න ගටක් තිබ්බත්....ඌ ඔය වහංගත ගෝල්ඩ් මෙඩ්ල් එක ගන්නකන් ඌට නින්දක් නෑ...ඇයි ඒ....ඇයි ඒ ලොකු අම්මා....ඒ තමුන් නිසා...ඒ තමුන් නිසා.....ත....
ශෙනිරු....ම...න්..මං කතා කරන්නම්....මට කතා කරන්න දියන්....අට පුලුවන් කතා කරන්න....මෙච්චර කාලයක්...මං මේ අපායෙ උන්නනෙ.....
මගෙ ඇස් වලින් එලියට ආව කදුලු කැටයක් නාස් පොල්ල දිගේ රූටගන ඇවිත් කොට්ටෙ උඩට වැටෙනවත් එක්කම මං නැගිට්ටා ..... නැගිටපු මං කෙලිම්ම කදුලු පිහදගන අම්මා දිහා බලලා මං වෙනුවෙන් කියවන ශෙනිරු දිහා බලලා ඌව නැවැත්තුවා.....
නිර්වාන් ....
ඇති...පහලට ගිහින් බලපන්...මොකද වෙන්නෙ කියලා ...අරලමයි...දෙන්නා බය වෙලා ඇති.....
ම්ම්ම්....
මම ඌව පහලට යැව්වා...උගෙ හිතෙ තියන තරහවටද කොහෙද ඇගේම හයිය අරන් දොර වහපු පාරට ජනෙල් ග්‍රීල් පව දෙදරලා ගියා.....මං එහෙම්ම අම්මා දිහා බැලුවා....
මොනවද ඕනෙ...ආ...මගෙන් තවත් මොනවද ඕනෙ.....හිතු මනාපෙට කෝච්ලව මාරු කරලා.....ඔයා මොනවද මගෙන් තවත් බලා පොරොත්තු වෙන්නෙ....??...
නිර්වාන් මං
ශ්ශ්ශ්....කතා කරන්න එපා...හරි..මන් කතා කරලා ඉවර වෙනකන්...ඔය කට හොලවන්නවත් එපා....මෙච්චර කල් ඔයා ඔයාට ඕන හැම දේම මං ලව්වා කරවගත්තා ...කොටිම්ම අද මට අම්මා අප්පව පවා වෙන් කරලා හොයාගන්න බැරි තරමටම තරහා යන්න එකම හේතුව තමුන්.....වෙන කවුරුත් නෙවෙ...ඒ තමුන් විතරයි ...සමනල තටුවක් කැඩුනත් අඩපු මම තනිකරම අංගුලි මාලෙක් උනේ තමුන් හන්දා...ඒ තමුන් හන්දා....
පොඩින්කාලෙ ඉදන්....අනෙ අම්මෙ...යන්න බෑ...අනේ අම්මේ...මට රිදෙනවා...මං ආස නෑ...ආස නෑ...නෑ...නෑ...කියන්න කියන්න කියන්නම තමුන් කෙරුවෙ මාව ඇදගන ගිය එක...
මං උඹට කවදා
කට පියාගනින්...මම කිව්වෙ කට පියාගන්න කියලා....මං කිව්වනෙ....මං කිව්වනෙ...මට දැන් අම්මා අප්පව වත් පේන්නෙ නෑ කියලා ...අප්පච්චි මගෙ මුනට කතා කෙරුවත්....අප්පච්චි ඉන්නෙ මම එයාගෙමද නැතිනම් අර....කරාටි කාරයගෙද කියලා හිතා ගන්න බැරුව....
නිර්වාන් .....!!!
චටාස්...!!
මගෙ කන රත්වෙන්නම කම්මුල් පාරක් වැදුනා...තරහවෙන් වෙව්ල වෙව්ල තරහව වැඩි කමටම අඩ අඩ කෑ ගහපු මම හිතේ දුකත් එලියට දාන්න ගන්නකොට මා දිහා පුරුදු උද්දච්ච කමින්ම බලන් උන්න අම්මා ඊලග පාර මගෙ කන රත් වෙන්නම කම්මුල් පාරක් ගහනකොට මම අම්මා දිහා දත් මිටිකාගන බලාගන උන්නා....ඒ අත දිහා බැලුවා...මට ඉවසීම කියන දෙ නැති තරම්...මට ඉවසීම කියන දේ නැත්තටම නැති තරන් වෙනකොට මම මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගන හිතේ තිබුන තරහවටම නලල බිත්තියෙ ඇනගත්තා උනත් අම්මා නෙවෙ ලගට වත් ආවෙ...අම්ම නෙවෙ නවත්තපන් කියලා නවත්තන්න හැදුවෙ ...
ගහපන්...තව ගහපන්....ගහලා...ගහලා....අවසානෙදි මටම මැරෙන්න හිතෙන තැනට මාව අරන් වරෙන්...
මං කෑ ගැහුවා.....පහලට ඇහුනා හො නැතා මං ඇස් රතු කරන් බෙරිහන් දුන්නා...
ඇත්ත කියනකොට අහන් ඉන්න අමාරු ඇති.....තමුන් හදන්නෙ තමුන්ට නැති උන දේවල් මං ලව්වා කරගන්න...මට පුලුවන්ද බැරිද වත් බලන්නෙ නැතුව මාව මරව මරව තමුන්ගෙ හීන බලාගන්න....
එහෙමයි කියලා උඹට වැරදුනෙ නෑ නිර්වාන් ...මන් උඹට.දෙන්න පුලුවන් හොදම දේ දුන්නා...උඹට කවන්න පුලුවන් හොදම දේ කැව්වා....
ඔව්....උඹ මට කවන්න පුලුවන් හොදම දේ කැව්වා....මොනවද හොදම දේ කියන්නෙ....අවුරුදු හයෙන් මගෙ අත්වලින් උදුර ගත්තු පාන් කෑල්ලෙන් පස්සෙ ..මං අදටත් දන්නෙ නෑ පාන් මොනරසද කියලා...මට මතක නෑ පාන් මොන රසද කියලා ....ආසාවට කන්න බනිස් ගෙඩියක් අරන් නොදුන්න අම්මෙක් උඹ.....උඹ කොටිම්ම මගෙන් දකින්නෙ....උඹ මගෙන් දකින්නෙ.....
කියපන්....මොනවද.....මොනවද උඹ කියන්න හදන්නෙ.....ඉතින් කියපන් නිර්වාන් ....කියපන්...ඇයි නැවතුනේ....ආ.....
අම්මා.කෑ ගැහුවා...මට දරා ගන්න බැරි උනා...අබේසේකර වාසගම තිබ්බට...මං අප්පච්චිගෙ දරුවෙක් නෙවෙලූ.... නෙවෙලූ..... නෙවෙලු කියන්න වටින් පිටින් ආරංචි වෙන්න ගන්නකොට මට මාවම මරාගන්න හිතුනා.....මුලින් මුලින් කටකතා හැදෙන වාරයක් වාරයක් පාසාම අප්පච්චි හැමෝ එක්කම ගහ මරාගත්තා උනත් ..පහු පහු වෙනකොට අප්පච්චි පවා කියන උන්ට ඕන එකක් කියපන් කියන්නද....නැත්තන්....ඔය කියනවා වගෙ අනෝමා මන්ත්‍රීගෙ පුතා අර කාලෙකය කලින් කරාටි මාස්ටර් කෙනෙක් උන ඇමතියගෙ කියන කතාව පිලිගත්තු හන්දද කොහෙද අප්පච්චි පවා අවසානෙදි කට පියාගන්නකොට මට මගෙ දකුනු අත අත මුලිම්ම ගලවලා දානවා වගේ දැනුනා....
මං ඇඩුවා.....නලල බිත්තියෙ ගහගත්තු වේදනාවට වඩා....අවුරුදු ගනකින් විදවන මේ වේදනාව වැඩි වෙනකොට මං අවසානෙදි කොන්ඩෙන් ඇදගන කෑ ගැහුවා....කෑ ගහපු මං එතන තිබුන මල් වාස් එක අරන් අම්මග් පිටිපස්සෙන් තිබුන මගෙ කන්නාඩි මේසෙ කන්නාඩියට විසිකරලා ගනකොට මං බලාගන වීදුරු වාස් එක ගියෙ අම්මගෙ මූනෙ ගෑවි නොගෑවි උනත්...හැමෝම කියන්නා වගේ යකඩ ගෑනියෙක් කියලා කියන අනෝමා ප්‍රේමචන්ද්‍ර වාස් එක මූනෙ වැදීගන ගියා හෝ නැතා කියලා එතනම හිටගන මා දිහා බලාගන රවාගන උන්නා....
නිර්වාන් ...මං උඹට විනාඩි දහයක් දෙන්නම්....
මට කවදාවත් තමුන්ගෙන් වෙලාවක් ඕන නෑ අම්මා.....මට කවදාවත් තමුන්ගෙන් වෙලාවක් ඕනෙ නෑ...මම තමුන්ගෙන් වෙලාවක් ඉල්ලපු හැමදාකම තමුන් මං වෙනුවෙන් වෙන් කෙරුවෙ එක විනාඩි පහයි....මගෙ ජීවිතේ කිසිම දාක මේ ගේ අස්සෙ මං අම්මා කෙනෙක් දැකලා නෑ ...නම කියලා කතා කරන්න බැරි කමට අම්ම කියලා කතා කරනවා මිසක්කා....හිටිය පලියට වදාපු මාව තමුන් නොමරා මරන්නෙ...මොන හේතුවටද කියන්න මං හොදටම දන්නවා අම්මා....
මොකටද....ඉතින් කියපන්...ආ...ඉතින් කියපන්...මොන හේතුවටද උඹව මං නොමරා මරන්නෙ.....
මන් අත මිටිමොලව ගත්තා.....මගෙ හිතේ තරහව පාලනේ කරගන්න බැරි තරහටම මම මගෙ අත් වල ඇගිලි එලට එක තද කරන් අම්මා ගාවට ගිහින් මගෙ රතු උන ඇස් වලින් අම්මා දිහා බලාගන උන්නා.....
අම්මා....මගෙන් දකින්නෙ....වෙන කාවවත් නෙවෙ.....අම්මා මගෙන් දකින්නෙ මිනිස්ටර් සිංහවංශව ...කාලෙකට කලින් කරාටි මාස්ටර් කෙනෙක් උන...අම්මගෙ....කාලෙකට කලින් උන්න වගේම...අද අප්පච්චිට හොරෙන් තියාගන ඉන්න...අර හොර මිනිහා ඌව...මොකද ....මම...අප්පච්චි ගෙ නෙවෙ...මම...උගෙ...එහෙමනේ...මගෙ...
මුනුවර..සම්පූරනම තියෙන්නෙ....මගෙ අප්පච්චි වගේ නෙවෙ.....තවමත්...උඹත් එක්ක.....
චටාස් ...!!
කට...වහපන්....උඹගෙන්...මං ඔව්වා අහන්න නෙවෙ මෙතනට ආවෙ ..
ඔව්...මං දන්නවා...හරි අමාරු ඇති ..ඌට බනිනකොට ....හරි...අමාරු...ඇති...මං...ඌට...හොර මිනිහා....කියනකොට ....
නිර්වා...
ඇති.....මෙච්චරයි ...මෙතනින්...එහාට....නෑ..හරි...මං..මින් එහා....බලන් ඉන්නෙ නෑ.....මොක...උනත්.මට...මට ගහපු..අම්මට...ආපිට ගහලා.....පව් පුරවගන්න බෑ...මං දැන් කොහොමත් හොද එකෙක් නෙවෙ....එකක්...මං පොලිස්කාරයෙක්ගෙ...අනිත් එක...මං මන්ත්‍රී කෙනෙක්ගෙ....තවත් පැත්තකින් බැලුවම...මං ඇමතියෙක්ගෙ පුතෙක්....උ එකෙක්වත් හොද උන් නෙවෙ...මට ගිහින් තියන එක ජානයක් වත්....හොද එව්වා නෙවෙ ...මං තාම අංගුලි මාලා වෙලා නෑ අම්මා.....හබැයි...එහෙම...උනොත්..මං මුලිම්ම කපන්නෙ.....උඹගෙ අත....එහෙම හිතන එක පවා...පව්...අංගුලි මාලා පවා අවසානෙදි රහත් උනා...හැබැයි...මේ නිර්වාන් අංගුලිමාලා උනොත් රහත් විමක් කොතනකවත් නෑ....කරුනාකරලා ....මගෙ.....තරහව ගාව.....තව තව මට පව් සිද්ද කරන වැඩ කරන්න ලැස්ති වෙන්න එපා.....කරුනාකරලා ....එපා...කරුනාකරලා එපා කියන්නෙ....එපා...එපා...එපා...කියන්නෙ...එපා යකෝ...පින්සිද්ද වෙයි ..මට...මගෙ පාඩුවෙ...ජීවත් වෙන්න දීල....ඉඹගෙ හීන...මගෙන් බලන එක නවත්තපන් අම්මෙ.....හ්!!!
මං කෑ ගැහුවා....ආයම පාරක් මට ගහන්න උස්සපු අම්මගෙ අත මිරිකලම අල්ලගත්තු මං වෙව්ල වෙවල කියවලා අවසානෙදි ඒ අත අතැරියා විතරක් නෙවෙ...අඩ අඩාම අම්ව තල්ලු කරලා දාද්දි අම්මා අනිත් පාර තවත් මොකුත් නොකියම කාමරෙන් එලියට යනවත් එක්කම මං මගෙ මේසෙ උඩ තිබුන පොත් පත් සීසීකඩ විසි කෙරුවා...කෑ ගැහුවා....අතට අහු වෙන හැම බඩු මුට්ටුවක්ම පොලවෙ ගැහුවා .....දැන් දැන් ටිකෙන් ටික අප්පච්චි පවා මාව මගාරින්න අරගන තියනකොට ඒ වේදනාව පවා මට දරාගන්න බැරි තත්වෙක ඉන්නකොට අවසානෙදි මං මගෙ හැම තරහවක්ම මට අතට අහු වෙන අහුවෙන හැම දේකිම්ම මම මගෙ තරහව පිට දාන්න ගත්තා ....
මට..මගෙ පාඩුවෙ ..ඉන්න දීපන්....මට...මගෙ...පාඩුවෙ...ඉන්න..දීපන්......
මට..අනේ...මගෙ....පාඩුවෙ...මගෙ....පාඩුවෙ ...ඉන්න...ඉන්න...දීලා...මට....
බේබී....බේබි...අනේ..බේබි...
මට...මගෙ පාඩුවෙ ඉනන් දීපියව්....තොපි එකෙක් ..වත්...මට කතා නොකර.....මගෙ...පාඩුවෙ...ඉන්න...දීලා....පලයව්.....!!
Sayash pov...
අනේ...ලොකූ...අනේ...ලොකූ....නිර්වාන්...මගෙ...නිර්වාන් .....
චූටියා....කලබල නොවී ඉදපන්...කලබල නොවී ඉදපන්කො....
මගෙ ඇස් රතු වෙලා තිබුනා.....උඩට ගියපු නිර්වාන්ගෙයි අම්මගෙයි කටහඩ ඉවරයක් නැතිව ඇහෙනකොට ශෙනිරු ටානියව එලවලම දැම්මා.....ඇතුලෙන් ඇහුන නිර්වාගෙ කටහඩ ඇතුලෙ තනිකරම තිබුනෙ තරහවක් විතරක් වෙනකොට දොරත් වහගන මහ උද්දච්ච ගමනින් ආව එයාගෙ අම්මා මායි ලොකුයි දිහා වත් නොබලා යන්න යනකොට මං බලාගන අර වැඩට උන්න මනුස්සයා පඩිපෙල දිගෙ උඩට දුවනවා....
නිර්වාන් හරි පව් චූටි .....නිර්වාන් නොසෑහෙන්න පව් චූටි....පීනන්න සල්ලි තිබ්බත් ..ඌ ආදරේ හිගාකනවා...අනිත් උන්ගෙ හීන වෙනුවෙන් ඌ රූකඩයක් වෙලා චූටි....
මගෙ ඇස්වලට කදුලු ඉනුවා...පීනන්න සල්ලි තිබ්බ උනත් ඌ ආදරෙ හිගාකනවා කියලා කියපු වචන මගෙ පපුවම හාරවන් යනකොට මම ලොකූවත් දාලා ඇහිල්ලක් බැලිල්ලක් නැතුවම අර පඩිපෙල දිගේම ඉහලට දිව්වා...ඒ දුවනකොටත් ඇතුලට යන්න අවසරයක් නැති සීතම්මා දොර ගාවට වෙලා බේබී...බේබී ගගා කතා කරනකොට මගෙ නිර්වාන් පාඩුවෙ ඉන්න දීපියව් කියලා කෑගුවා...ඉවරයක් නැතුවම බඩු මුට්ටු පොලවෙ ගැහුවා....
නි...නිර්වාන්.....නිරූ....ම...ම
මට..මගෙ පාඩුවෙ ඉන්න දීලා පලයව් යකො...පලයව් ....තොපි එකෙක් වත් මගෙ දෑහට පේන්නෙ නැතුවම පලයව්....
නිරූ...මේ...මම...නේ.....මම....සයාශ්....නෙ...නිරූ.....
මම දොරට ගැහුවා....ලොක් කරලා නැති උනත්....එයා උන්නෙ වියරුවෙන් වෙනකොට දොර ඇරන් යන්න පුලුවන් කම තිබි තිබි මම දොර ගාව් හිටගන අනේ නිරූ ..අනේ නිරූ අනේ....නිරූ මං සයාශ්නෙ කිව්වත් එයා කෙරුවෙ බැනපු එක කෑ ගහපු බඩු කුඩු කරපු එක වෙනකොට ගුටි කන්න් බලාගන හරි දොර ඇරපු මට හීල්ලුනා.....
අනේ දෙවියන් මේ කාමරේ....
සලාන්.....!!!!
මට එච්චරයි කියා ගන්න හම්බුනෙ ....මගෙ පය පාමුල මල් වාස් එකක් කුඩු කුට්ටන් වෙලා ගියා .....මාව ගැස්සුනා .....ඒ කාමරේම අපායක් වෙලා....පොත් සීසීකඩ .....කන්නාඩි මේසෙ කන්නාඩි කටු සීසීකඩ...ඇද රෙදි කොට්ටා පවා තැන් තැන්වල කොටිම්ම අපායක් වෙච්ච කාමරේ ඇතුලෙ එයා ඉන්නවා .....ඒ මූනෙ තිබුන තරහව...නපුරු පාට විස්තර කරන්න මට වචන නැති වෙනකොටත් මාව දැක්කා උනත් ....මාව පවා අදුනන්න බැරි තරම් තරහවකින් උන්න නිර්වාන් දෙපාරක් නොහිතම අතේ තිබුන මල් වාස් එකකින් දමලා ගහනකො මං ඒත් එයා ගාවට යන්න හැදුවා ....
න්.....නි....ර්වාන්....
එලියට පලයන්...
නිරූ...අනෙ....මෙ....මම.....නිරූ.....
සැරයක් ...කිව්වම....එලියට පලයන්....මට තොපි එකෙක් එක්ක කතා කරන්න දෙයක් නෑ...පලයව් ...තොපි...ඔක්කොම....පලයව් .....!!
අනෙ..නිරූ....මං....චූටිනෙ අයියෙ මට එන්න දෙන්නකො...මට ලගට එන්න.....ආව්හ්....ආ.....ව්හ්...න්..නි...රූහ්.....
ච්...චූටී...!
මට යාගන්න බැරි උනා...තරහව පාලනෙ කරගන්න බැරිව මාව පවා අදුනගන්න බැරි නිර්වාන් කෑ ගහනකොට මට ඕන උනෙ එක දෙයයි.....මට ඕන උනෙ එකම එක දෙයයි...අනෙ නිර්වාන් ....එපා තරහ ගන්න...එපා තරහ ගන්න කියන ගමන් එයාව එක පාරක් තුරුල් කරගන්න විතරක් වෙනකොට එයා ගාවට යන්න ගියපු මගෙ කකුලට වීදුරු කටු ඇනුනා...පඩි පෙලේ දුවන් ආව පාරට මටත් නොදැනි මගෙ එක සපත්තුවක් කකුලෙන් ගැලවිලා තියනකොට වීදුරු කටුව ඇනුනෙත් සපත්තුව නැති කකුලටම වෙද්දි මට එක පාරම අනේ හ්..කියලා කියවුනා ඒ එක්කම එයා එක පාරම මගෙ දිහා බැලුවා...
න්..නිර්.....
සයාශ්...චූටී....ඔහොම ඉන්න..ඔහොම ඉන්න....
නිරූ..මගෙ...කකුල....
අඩියයි දෙකයි....ඇද ගාව උන්න එයා අඩියට දෙකට මගෙ ගාවට ඇවිදින් එකපාරටම මාව හරහරට උස්සගන එයාගෙ ඇද රෙද්දක් වත් නැති ලොකු ඇද උඩට අරන් ගියා....
ම්හ්හ්....න්..න්....එපා...නෙ....
බලන්න දෙන්න.....
නිර්වාන් ....
කිව්වම...අහලා බලන්න දීපන්...නැත්තන් පලයන්....
එයා ආයාම සැර උනා....කකුලට වීදුරු කටු ඇනන් එයා ගාවට දුවන් ආව මාව උස්සන් ආව නිර්වාන් මගෙ කකුල බලනකොට මම බලන්න එපාය කියලා අදිනවත් එක්කම එයා මගෙ කකුල මිරිකන් කෑගහනවත් එක්කම මං එයාගෙ උරපතු වල එල්ලුනා.....කොටිම්ම මං එයාගෙ බෙල්ල බදාගත්තා .....
අනේ....තරහා...ගන්න...එපා...නෙ...අයියෙ.....
රතුම රතු ඇස් අස්සෙ කදුලු දැකපු මට නපුරු නිර්වාන් අස්සෙ ඉන්න අසනීපයි කියලා දැනගත්ත ගමන් තකහනියෙ මාව හොයන් ආව...ආදරෙ නොකියා ආදරේ දෙන නිර්වාන්ව ඕනා වෙනකොට මම එයාට තරහා ගන්න එපානෙ කිව්වා...තවමත් තරහෙන් ගැහෙන එයාව මං හරි හිමින් සංසුන් කරන්න හැදුවා.....
තරහා ගන්න එපානෙ නිර්වාන් ..අනෙ...ඔයාට...තරහා යනකොට මට හරි බයයිනෙ...මං ඉන්නවනේ....චූටි ඉන්නවනෙ...කවුරුත් නැති උනත්....චූටි ඉන්නවනෙ නිර්වාන් ....
බෙල්ලෙ එල්ලීගන උන්න මං එයාට තරහා ගන්න එපා...තරහ ගන්න එපා...මං ඉන්නවනේ...කවුරුත් නැති උනත් මම ඉන්නවනෙ කියනකොට එයා එක අතකින් මාව ඇගට තද කරගන්නවා එක්කම මං ඒ බෙල්ල අතෑරලා තරහෙන් රතු උන එයාගෙ මූන මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා ...අල්ලන් ඒ ඇස් වලට එබුනා ..
එපා නිරූ....අනේ....එපානෙ....තරහා ගන්න...මන් ඉන්නවනෙ...මං ඉන්නවා නිර්වාන් ....මං ඉන්නවනෙ.....
උඹ ඉන්නවද ....ම්ම්ම්
ඔව්....මං ඉන්නවනෙ ....
එහෙනම් පොරොන්දු වෙයන්....අනිත් උන් වගෙ....කවදාවත් දාලා යන් නෑ කියලා ...
මං බලාගන උන්නා ...මං ඉන්නවනෙ ..මං ඉන්නවනෙ කිය කිය එයාව චුට්ට චුට්ට සංසුන් කරන්න හදනකොටම මගෙ නපුරු නිර්වාන් මගෙ දිහාම බලාගන ඉදලා එයාගෙ දකුනු අත මගෙ දිහාවට දික් කරන්න පොරොන්දුව ඉල්ලනකොට මං එ මූන දිහා බලාගන ඉදලා ඉදලා අවසානෙදි එයාගෙ අත කෙලිම්ම මගෙ ඔලුවෙන් තියා ගත්තා .....
මං පොරොන්දු වෙනවා අයියෙ.....කවදාවත් දාලා යන්නෙ නෑ කියලා ...මං පොරොන්දු වෙනවා
මා එක්ක ඉන්නවා නම් මාව කොතනකවත් අවිස්වාස කරන්න එපා සයාශ් ....මට පිස්සු හැදේවි සයාශ් ....චූටි මට...පිස්සු හැදෙන්න එන්නෙ සයාශ් ....මගෙ ඔලුව පුපුරන්න වගේ...මගෙ ඔලුවට මහ බරයි... මට මේ තරහා පාලනේ කරගන්න බැරිව ගිහින් මාව කොයි වෙලෙ හරි නහරයක් ගහලා ගිහින් මැරිලා යයි සයාශ් ...
අනේ...නිරූ....!
මං අතින් ඒ කට වැහුවා...එයා කිව්වා තරහව දරා ගන්න බැරිව නහරයක් ගහකා ගිහින් මැරෙයි කියනවත් එක්කම මං ඒ කට වහල දානකොට එයා මගෙ දිහා බලාගන උන්නා.....ඒ නපුරු ඇස් රතු වෙලා කදුලු පිරුනා.....
චූටි...
........
උඹ මට තවමත් උත්තරයක් දුන්නෙ නෑ සයාශ් ....
න්....නිරූ....
උඹට උත්තර දෙන්නම අමාරු නම්..."මං උඹට ආදරේ කරන්නම්...උඹ මට ආදරේ කරන්න එපා චූටි.....ඇත්තටම උඹ මට ආදරේ කරන්න එපා චූටි....එපා...උඹට රිදේවි .....
නිරූ..අනේ...එපානෙ...ඔහොම කියන්න එපා...නිර්වාන් .....
චුටි..... දවසක...මට ....උඹව...මගෑරුනොත්...මං..මේ කියන අකුරක් ගානෙම මතක තියාගනින්....සයාශ් .....
චූටි....මං උඹට ඇත්තටම ආදරෙයි සයාශ් ....උඹ නොදන්නවා උනාට.....උඹගෙ හුරතලේට....වැඩියෙම්ම කෙනා මමයි...සනාශ් ...ඉවරයක් නැති කියවිල්ල.....අහන් ඉන්න ආස කෙනා මං....මගෙ ජීවිතේ එක...අංශුමාත්‍රෙකින් හරි..මුනට හිනාවක් ගේන්න පුලුවන් උන කෙනෙක් උන්නා නම්...ඒ උඹ විතරයි සයාශ්...
වෙලාවකට...මට..හරි...බයයි....අල්ලන්...ඉදලා...ඉදලා...බැරිම...තැනකදි...මට මාවම...එපා වෙලා කොහෙ හරි ගිහින් එල්ලේවි කි භ්භ්භ්.....භ්භ්...භ්භ්...
මං උඹට ආදරෙයි මගෙ නිර්වාන් ....මං..උඹට ආදරෙයි
මං උඹට ආදරෙයි අයියෙ....අනේ මං උඹට ගොඩක් ආදරෙයි!!
මං...හැමදාමත් උඹ ගාවින් ඉන්නවා නිර්වාන් ....උඹගෙ...ගාවින් හැමදාම මං ඉන්නවා .....

මගෙ ඇස් වලින් කදුලු වැටුනා...එයා කියන නපුරු කතාව අහන් ඉන්න බැරි වෙනකොට මං ඒ කටට අත තියලා කට වහලා දැම්මා වගෙම ඊලග පාර මම එයාට ආදරෙයි කිව්වා..ටිකක් නෙවෙ...මං උඹට ගොඩක් ආදරෙයි කියනවා එක්කම එයා මාව අත් දෙකෙම්ම කිටි කිටියට තුරුල් කරගත්තා ...
ම්ම්හුක්...
මොකද ම්ම්ම්....
ම්ම්ම්හුක්...
තවම ඇග රස්නෙයි නේද චූටි.....
නෑ...දැන් රස්නෙ නෑනෙ....දැන් උන හොදයි ....මං ඔයාව බදාගත්තනෙ...දැන් මට හොදයිනෙ නිරූ.....අනික උම්මියකුත් හම්බුනානෙ චූචිච....දැන් උන නෑනෙ...නිරූ....
කකුලට ඇනුන වීදුරු කටුව යන්තන් විතරක් ඇනුන හන්දා මම ගුටි නොකා බේරෙනකොට එයාගෙ ඇගේ එල්ලීගන උන්න මං පන්තියට නොයා ඉන්න හන්දා තවත් කපටි කම් කරන්න හදනකොට මෙච්චර වැදගත් වෙලාවකදිත් මේ වෙන්ඩ දොස්තරයා මගෙ උන බැලුවා...නලලට අත තිබ්බා...බෙල්ලට අත තිබ්බා.... කොහෙන් කොහෙන් හරි අර මග ඇරුන බේත් පෙති දෙක කරලියට එන්න හදනකොටම මං උන නෑනෙ . ගගා ඉදලා එයාගෙ කකුලක් උඩ ඉදන් උන්න මං කතාව මාරු කරන්න හදනකොටම ඒකා අර පුරුදු නරකයම වෙලා ඇස් හීනි කරගත්තා ...රවාගත්තා ....
නිරූ ....මේ අනෙ.....අහන්නකො...
ම්ම්ම්...
දැන් ඔයයි මායි යාලුයිනෙ....
ම්න්..
දැන්...අපි දෙන්නා අතර සම්බදයක් පටන් ගත්තනෙ....
ම්න්.....
ඉතින් දැන් ඔයත් වෙන උන් වගේ....සැරින් සැරේ අපේ පන්තියට එනවද මාව බලන්න...
විකාරද එහෙම?
ආ...ආ...ආ ඒ ඇයි....
මට පන්ති පන්ති ගානෙ එන්න වෙලා නෑ සයාශ් ....
ආ...ආ...අනේ නිර්වාන් ...උදේට් දවල්ට බලන්න වරෙන්කො අනේ...බුබියො.....
උදේට දවල්ට බලන්න එන්න තමුන් හිර ගෙදරක නෙවෙනෙ ඉන්නෙ සයාශ් ...කතාවෙන් කතාව උඹ හදන්නෙ බෙහෙත් පෙත්ත මග අරින්න නේද....ආ?
ආ..ආ...හරිම අගෙයි....හරිම අගෙයි චින්තකගෙ බාල බැනගෙ කතා විලාසෙ නම් හරිම අගෙයි ඈ...නිර්වාන් .....දරුපැටියට කතා කරන අයුරු නම් බොහොම අගෙයි ප්‍රීතී...ප්‍රීති....
මං රවාගත්තා ...ගානක් නැතුවම එන්න වෙලාවක් නෑ කියනවත් එක්කම මම රවා ගත්තා වගෙම මං බලාගන නිර්වානයා අහක බලාගන ඒකගෙ තොප්පිය හදාගන ඇදෙන් නැගිටලා ඌම හැඩි කරාපු කාමරේ ඌම අස් කරන්න පටන් ගන්නවා...
කිසිම රෝමාන්තික භාවයක් නෑනේ...ඒකට මොකද ආදරේ කරන්න ...
ම්හුක්..අනේ...අප්පච්චි ...අප්පච්චි ගෙ දරු පැටියගෙ ආතරේ ඇරඹුමම කජුලක් වෙලානෙ අප්පච්චි ... .
හා...හා නිර්වාන් ..එන්න බැරි නම් කමක් නෑ....එන්න බැරි නම් කමක් නෑ....මට ඉතින් මිනිස්සුන්ව බලෙන් ගෙන්න ගන්න බෑනෙ නිර්වාන්
ම්න්....ඒක ඇත්ත....
එක තත්පරේකටවත් මාව බලන්න එන්න බැරි නම් කමක් නෑ නිර්වාන් ...මොකටද මිනිස්සුන්ට බලෙන් කතා කරන්න යන්නෙ...හා...හා...හාකො...මට පුලුවන් හිතහදා ගන්න....
මම ඇද උඩ ඉදන් මාව බලන්න එන්න බෑ කියපු නිර්වනයා දිහා බලාගන බනින්න ගත්තා .ඌ නෙවෙ මාව ගානකට ගත්තෙ ...ඔව් ඉතින් මුන්ට ආදරෙයි කියන වචනෙ අහගන්නකන් විතරනෙ....ඊට පස්සෙ අපි බලුවෙවී යන්න ඕනා...අනේ උඹ නටපන් මන්ත්‍රී පුතුකියො...අපේ චින්තක දැනගත්තොත් මාව කානතාරෙ ඔටුවො බලාගන්න ගිහින් ආතාරියි...
ම්හුක්....
මේහ්...ඇහුනද...මට වැඩක් නෑ....ආවත් එකයි නැතත් එකයි....
ඔව් ඉතින් ආදරේ කියා ගන්නකන් විතරනෙ. .ඊට පස්සෙ අගයක් නෑනෙ....
පහු පහු වෙනකොට කොහු කොහු වෙනවනෙ.....ඒක බොරු නෙවෙ...
මම කියෙව්වා....අරූ බිම තිබුන පොත් ඇහිද ඇහිද ඒකගෙ මේසෙ උඩින් තියනකොට කවදා හරි මාත් ඉන්න ඕනා මේ කාමරේ නේත හිතෙනකොට මගෙ ඔලුව වටෙ මල් පිපෙන්න ගත්තා ....
අනේ මුනිතාස අයියෙ...ම්හුක්...චින්තකගෙ දරු පැටියට ලැජ්ජයිනෙ....
මේක සවුන්ඩ් ෆෲෆ්ද දන්නෙ නෑනෙ...
නිරූ....මේ ඒයි....
ම්න්.....
මේක සවුන්ඩ් ෆෲෆ් කරපු එකක්ද.....
...?
නැ...මං අහන්නෙ...මේ කාමරේ අනේ....පහු කාලිනව.....යම් දවසක...
මං ගාව හොර වැඩ නෑ සයාශ්....කරන එක ගමටම ඇහෙන්න කරන්න ඕනා...තනුසෙ කාලා බීලා ඇග හදාගන එනවා...මොකද ...මට ඕනෙ එක ගහනකොට දෙක වදින්න...තේරුනාද මගෙ චූටිට ම්ම්ම්.....
අනේ...හත්තුක්කේ....හ්!
ඒව්...අනේ....ඒව්...අනේ....නිර්වාන් ....උඹ මහ වලත්තයෙක් නිර්වාන් .......උඹ මහ වලත්තයෙක් .....
ඇත්ත....මං ඇවිත් වලත්තයි....චුට්ටක් නෙවෙ...නොසෑහෙන්න...දැන් මොකද ම්ම්ම්...
ඒ..ඒ...ඒ...ඔයා මොකද ලගට එන්නෙ....ඒ...අපි ආවෙ...පන්තිනෙ.....මට අනික උනත් එක්ක...මට හදිස්සි නෑ අනේ.....ඉවසන් ඉන්න පුලුවන් ....විස්ස වෙනකන්...වත් ඉමු...නිර්වාන් ....ආ.....අනේ...හෙඩ්...පිපෙට්....අයියෙ .බඩ...රිදෙනවා...නෙ...ඔහොම...ලගට...එන්න...අනේ...සුතර්මා .....මේ...බාන්නකො.....
මං ඇද දිගේ පස්සට රූටන්න ගත්තා....එක ගහනකොට දෙක වදින්න ඕනා කියනවත් එක්කම මගෙ ඔලුව ඇතුලෙ සටසට් ගාලා දහ අට දන සිතුවම් ඇදි ඇදි මැකෙන්න ගත්තා විතරයි මගෙ මුනම රතුවෙලා ගියා...අනේ...ඒකගෙ නහර පෑදුන අතම මෙහෙම නම්....
යෝහ්....යෝහ්...අනේ..අප්පච්චි ...දෙවනි දරු පැටියට ගෞරවයෙන් බුදු සරනයි....
ඒ..නිර්..නිර්....වාන්...අපි...මේ....අදම...ඒක....කරන්න...ද.....අනේ...ම්හුක්..මං...ලෑස්‍ති වෙලා ආවෙත් නෑනෙ....
උඹට සහලවම උන විකාර චූටි...
එ..එහෙනම්..ලගට...ආවෙ.....මහ...කාමුක..විදිහට ...ඒකට..නෙවෙත....👉👈
.විකාර
එහෙනම්....මොකටද....ඔයා.....හිමින්...හිමින්...ඇස් ..අඩවන්...කරන්...ලගට...ආවෙ...ඒකට...නෙවෙද..ඒකට...නෙවෙනෙ...නම්...කමක්...නෑ...මොකද...මං...තාම....මේ...
කට වහන් නැගිටපන් උඹ ඉදන් ඉන්නෙ මගෙ බයෝ පොත උඩ.....
අ..ඈ...හ්...ඒ...හ්...ම්හුක්....
අනේ...මුනිතාස....අයියේ.....හ්!!!!
අනේ...මුනිතාස....අයියේ.....හ්
ආය හෙට එන්නාම්.....
හැමෝම.පයිස්සමින් ඉන්ඩෝ.....
ආතරෙයි.....!
මම...ජොබී....පුතා!
Nedeesha