මොන මගුලටද රෑ දහයට එනවා කිව්වෙ...??
මොකක් හරි සප්‍රයිස් එකක් දෙන්නවත්ද...????
හරිම අගෙයි මන්ත්‍රී පුතුනුවන්ගෙ බලපෑම් කිරිල්ල නම්...අම්මගෙ ගැම්ම වෙන්න ඇති....කියන්න බෑ මේකා මෙහෙම ඉදලා මන්ත්‍රීයෙක් වෙන්නත් පුලුවන් ...
මගෙ මුන දැන් අර කනේ මලක් ගහන් ඉන්න කොල ගෙම්බා වගේ...දහ අතේ කල්පනා කරනවා.....ඇරත් දහය...
සුදුවෑන් සවාරියක් වත්ද...???
සමහර විට හෙඩා තව අවුරුදු දෙක තුනකින් දියවන්නාවට බහින්න ප්‍රැක්ටිස් වෙනවද දන්නෙත් නෑ.....
අනෙ අම්මෝ...මූ නම් ලැට් වලක් විවුර්ත කෙරුවත් නිර්වාන් අබේසේකර කියලා නම දාගනී...අරුත් චන්දෙ ඉල්ලයි.....
අරුත් ලැට් පෝච්චියක් බෙදුවත් ශෙනිරු අබේසේකර කියලා ගහයි ...පස්සෙ ඌයි මූයි දෙන්නම එකතු වෙලා සාරංගයා එක්ක හාපික් ඇඩ් වලට ඌට හෝදන්න කක්කුස්සි හද හද ඉදී....රතු එක අතනට ...නිල් එක මෙතනට !
උන් දෙන්නම සුදු සරුන් දෙකක් ඇදලා බෙල්ලට රතුපාට සාටකත් දායි....අමෝ...අමෝ....හිම්චි
අප්පච්චිලා දෙන්නා.....
දැන් සැප්තේ.....
අල ළූනු කෑවතේ...
අපේ කාලෙ නම් මෙහෙම උනේ නෑ අපේ හාන්දුරුවනේ ගායි මුන් දෙන්නත්....
මං මට දහය වෙනකොට ගේට්ටුව ගාවට ඇවිත් ඉන්නයි කියලා බල කරලා යන්න ගියපු හෙඩා ගැන කල්පනා කර කර උන්නා...කමක් නෑ....ඒකා හෙඩා උනත් මගෙ කුලුදුල් ආදරේට උදව් කරනවා කිව්වනෙ ...ඒකම මදැයි ඉතින් ඕකා ජන්දෙ ඉල්ලුව කාලෙකට මගෙ මනාපෙත් හෙඩාට දෙන්න...
මට එහෙම්ම මගෙ ඉංග්‍රීසි මිස්ව මතක් උනා...හිනාවෙනකොට කම්මුලකුත් වල ගැහෙනවා...
මගෙ අමල් බිසෝ...දොර අරින්න එපා.....නුඹ පරිස්සමින් ඉදපන්.....!!!
ම්හුක්....අප්පච්චියේ .....අප්පච්චිගෙ පොඩි ලේලි වැඩිමල් නෙ....!!!!
අක්කි බබෙක් එක්ක පවුල් කනකොට සමවයස් බක පන්ඩිතියො වගෙ නෙවෙ .....අක්කි බබාලා ගාව තියෙන්නෙ නිකැලැල් නිර්මල ආදරයක් කියලා එෆ් බී වෝල් එක පුරාවටම තියෙන්නෙ.....කමක් නෑ....මගෙ ඉංග්‍රීසි මිස් අපේ අම්මවයි අප්පච්චිවයි මාවයි හොදට බලා ගනී...
මං ආයම කොට්ටෙ උඩට වැටුනා කටු බොඩිය වැහෙන්න දාගත්තු යට බැනියම පිටින් හෙඩාගෙ කට කාපු එක මගෙ හිතින් අමතක කරවගන්න මං ඉංග්‍රීසි මිස් ගැන හිතුවත් සැරින් සැරේම මට හෙඩාගෙ අර රෝස පාට කට මතක් උනා...
ම්හුක්.....ඉස්ටෝබෙරි රසකුත් ආවා.....මං හිතන්නෙ අර වැස්ලින් එකෙ ස්ටෝබෙරි ලිප්බාම් එක වෙන්න ඇති....උන්ට ඉතින් ගාන්න බැරි ඈ...ඒ...ව් කුනා...ඒකට මොකද මගෙ අතේ තිබුන මයිලෝ එකත් උදුරන් බිව්වා .....
නරක හෙඩා....නරක වැඩ කරනකොට ඉතින් නරකයා...
මං අනිත් පැත්තට හැරුනා ...මං හිතන්නෙ අපෙ ලොකූ චූටි අයියට පනිවිඩේ දෙන්න නැතිව ඇති එහෙම උනා නම් චූටියා උනඩුක පුච්චෙට සමනල් ගැට වැටුන එකා වගෙ නහින්න ගියා .....හුස්මක් උඩට අරන් පාත දාන්න කලින් අප්පච්චිට කියන්න ගියා...පව් අප්පච්චි යන්න ඉන්න එකෙ අප්පච්චිට හිතට තවත් ගින්දර දාන්නෙ මොකටද ....
නිදිත් මතයි.....නින්ද යන්නත් එනවා.....අද ලොකූට පන්තිත් නෑ....මට නිකන් උන ගැනෙන්න වගෙ....කටත් තිත්තයි ....කන්නත් බෑ වගෙ ...ලොකු නැන්දට කියන්න ඕනෙ අද දවල්ට බත් කන්න බෑ...මට උන කියලා ....හැබැයි ඉතින් කොත්තුමී කන්න පුලුවන් උනක්....
ම්හුක්..උන දෙපිටින් ගියත් කොත්තුමී කනකොට නම් උන නෑ අප්පා ...
මං එහාට හැරුනා.....ආපහු මෙහාට හැරුනා.....එහාට ආයම මෙහාට ....හැරෙන්න ඕන විදි දහයක් විතර හොයාගන නිදාගන්න පොසිශන් එකක් හොයාගත්තු මං අවසානෙදි මුර්දජ ණ යන්නක් වගෙ වකුටුවෙලා ඇස් පියාගත්තා ....ඒ චූට්ටකිම්ම මට නින්ද ගියා ...ඇයි ඉතින් ගෘහවිද්‍යා කරන මිසුයි සෞඛ්‍ය කරන මිසුයි කිව්වලුනෙ මට හොදට විවේක ගන්න කියලා ....ඉතින් මේ විවේකෙ ගන්න ගමන්.....අම්මො.....ගෘහ විද්‍යාව තමයි....අපෙ ඉස්කෝලේ ගෘහ විද්‍යා මිස්ම තමා ප්‍රා තා කූ කෙරුවෙත්.....යෝ...ඩබල් පීරියඩ් වැටුන දාට ලැට්වලවල් පවා කප්ප ගත්තා ...
හරියන්න එපා ඔය ගෑනිට ....ම්හුක්....පුංචි අත්වලට උදලු බද කොච්චර රලුද.....
නින්ද යාගන ආව මං පරන ඉස්කෝලේ මිස්ටත් හිතින් බැනලා දවල්ට කන කොත්තුමීය ගැනත් හීන මව මව අනිත් පාර නම් ඇත්තටම නිදාගත්තා ....
*
*
*
චූටී....චූටි.....ඔයාට කොහොමද චූටි...
ම්හුක්....ලොකු.....න්...නැන්දෙ....කොත්තු...මී....එකක්...
චූටී....මං ලොකූ...
බිත්ත...රේකුත්....දා...න්නකො.....චූටිගෙ...ඇගට....සත්තිය....කියන...නා..මයක්....න්..නෑනෙ....
මෝඩයො.....කන බනේ නැතුව නැගිටපන් ...ඉස්කෝලේ ඇරුනා....මං ලොකූ.....
ම්හුක්....රෑට.....ආප්ප........මැද. ...කන්නෙ නෑ....වටෙ ....විතර...යි ...ලොකූ...මැද.....ම්හුක්.....
.යකො චූටියා...නැගිටපියකො... .....
චටාස්!!!
උ...ඌව්.....හ්...ල්ල්..ලොකු....න්....ලොකුවෝ....ඇයි...යකෝ....හ්...ම්හුක්....
මං නැගිට්ටා...මං නැගිට්ටෙ නෑ.....සැප නින්දක උන්න මාව ලොකුවා ඇවිදින් නැගිට්ටෙව්වා...හීනෙන් ලොකු නැන්දා එක්ක කතා බහක උන්න මම තට්ටමට වැදුන වැදුන පාරත් එක්කම පුකත් අල්ලගනම නැගිට්ටා...
කොත්තුමීත් නෑ...ආප්පත් නෑ...මොකුත් නෑ.....පුක දෙදුරුම් කන්න වැදුන පාර විතරයි ...
ගුටි කාගන නැගිට්ට මං කට කොනකින් පෙරුන කෙල පාරත් පිට අල්ලෙන් පිහදදා මඥ්ඥන් වෙලා වගේ බලන් ඉන්නකොට මං බලාගන හිච්චි පිනයි ඒකගෙ වල්ගෙ ඩිපූටියත් ඉන්නවා.....මුන් දෙන්නට මේ ඉස්කෝලේ වෙන වැඩ නෑනෙ...දැන් කීපාරක් නම් ලෙඩ්ඩු බලන්න ආවද....ඉස්කෝලේ ඇරෙන වෙලේ මුන් ඉන්න ඕනෙ ළමයි දිහා බලන් නේද....
බය ඇති බය ඇති මං මැරෙයි කියලා .....ඇයි ඉතින් උන් දෙන්නා හන්දනෙ මට මෙහෙම උනේ...
පෙට්ටි කට තද කරන් මගෙ උඩ ඉදන් පහලටම සනාශයා නිරීක්ශනේ කරනකොට මං බලාගම අපේ එකාගෙ අතපය විසික් වෙන දිහා ඇස් පිල්ලමක් වත් නොගහ ඩිපූටියා බලන් ඉන්නවා....
අමෝර්...අමෝර්.....ඉසුරුමුනී...පැම් යුවල....හරිම අගෙයි...හරීම අගෙයි මිලිටරි පොලිස්කාරයගෙ ක්‍රියාකලාපෙ නම්.....
මං එහෙම්ම තම්බි හරක් දිහා බලන්නා වගේ මා දිහා ඇස් දෙක හීනි කරන් උන්න හෙඩා දිහා බැලුවා....ඒ අනිකා...මූ නම් තනිකරම බුදුහාමුදුරුවො පස්සෙ පන්නපු දේවදත්තයා වගේ....පේන්නෙ නැද්ද මන්ත්‍රී හයිය....
අමෝර්...අමෝර්....හිම්චි රංජන් රාමනායක.....මූත් කවදා හරි කැබිනට් මන්ඩලේට ගිහින් අර මේසෙට දඩ දඩ ගගා ගහ ගහ දිවුරයි නේ...බුදුන් පල්ලයි...ජේසු පල්ලයි ගගා....අමෝ....රටේ අනාගතේ නේන්නම් මේ.....
උඹට කොහොමද දැන්....
කොහොමද අහන්නෙ උඹට පේන්නෙ නැද්ද මං බුදියන් උන්නෙ අමාරුවෙන් කියලා ...ඇයි යකො.....
මම උන්නෙ පෙරේත තට්ටුවක් දිහා බලන් ඉන්න උන් දෙන්නෙක් වගෙ අපි දිහා බලන් ඉන්න හෙඩා වගේම ඩිපූටියා දිහා වෙනකොට මෙච්චර වෙලාම සහෝදර ප්‍රේමෙ උතුර උතුර උන්න අපේ සැලලිහනියගෙ සහෝදර කැක්කුම දැන් දැන් පෑල දොරෙන් පැනලා යනගමන් තිබ්බා වගේම ඒකා අර පෙට්ටි කට එහා මෙහා කර කර මගෙන් මට කොහොමද ඇහුවා...මාත් ලෙඩ පැත්තක දාලා ඌට සද්දයක් දැම්මා.....
නැගිටපන් දැන් ගෙදර යන්න ඕනා....උඹ ආයම පලයන්කො මගෙ දෑහට පේන්න පිට්ටනිය පැත්තෙ උල තියනවා....
යෝ ...පිට මිනිස්සු ඉස්සරහා බනින්න එපා අප්පා....මගෙ ඇගපත වේදනාවයි....
බුදියලා වෙන්න ඇති වේදනාව....
යෝ..නෑ අප්පා..... මාව දහ දෙනෙක් විතර වටකරන් ගහලා වගෙ වේදනාවයි.....
නැගිටපන් නැගිටපන්...උඹ පලයන් අදත් චුටි අයියා එක්ක මං බස් එකේම ගාටන්නම්.....
කමක් නෑත මගෙ ලොකූ....චූටි ගියාට....
කමක් නැති හන්දා තමයි කියන්නෙ.....නැගිටපන්.....මටදැන් දැන් උඹ එක්ක ආපහු තරහා යාගන එන්නෙ... . උඹ කරගන්න වැඩ හන්දා මටත් සැනසීමක් නෑ.....උඹ හන්දා විතරක් නෙවෙ ඔය නොදන්න බිජ්ජවල් වලට අත දාන උන් හැමෝ එක්කම මට දැන් තරහා යාගන එන්නෙ...
ම්ම්ම්.....ඒකනම්.....මට නෙවේද මන්දා කිව්වෙ...ඩිපූටියටද මන්දා ඒ නම් බැන්නෙ...
යට බැනියම පිටින් උන්න මං ලොකූ ලව්වම මගෙ බොත්තම් ටික දාගන්නකොට අපේ එකා ආයම බනින්න ගත්තා වගේම මන් බලාගන අපේ අප්පච්චි ගෙ ලොකු බෑනා වෙන්න බලන් ඉන්න ඩිපූටියගෙ පෙම්බර මුන දියාරු වෙලා යනවා.....ඔව්වා ඔහොම තමා ඩිපූටියෝ....
සනාශ්....
මොකද....ඒපාර මොකක්ද කරන්න හදන්නෙ.....
.....
පොඩ්ඩක් ඔය සැර බාලකරපන්කො ලොකූ....
මං මැදින් පැන්නා...මෙච්චර වෙලාම ලොකුවගෙ ගැස්සිලි පැද්දිලි බලන් උන්න ඩිපූටියා සාන්තුවරයෙක් වගේ හරීම ඉවසීමෙන් අපේ එකාට කතා කෙරුවත් මං බලාගන ඒකා අත මිටිමොලවන් උන්නා....අර කොල්ලා කිව්ව විදිහට හෙඩා ඩිපූටියා කියන්නෙ මිනිස් වෙස්ගත්තු යක්කු දෙන්නෙක් වෙනකොට මට අපේ එකාගෙ මේ හැකර කට හන්දා ඌට දත් නැතුව බත් කන්න අවුරුදු හැට හැත්තෑව වෙනකන් ඉන්න ඕන වෙනඑකක් නැති වෙයි කියලා හිතුනා....ඒක හන්දම මං මගෙ සහෝදර ප්‍රේමෙන් ඇබිත්තක් එලියට දැම්මා ....
උඹත් කටවහන් ඉදින් චූටි.....ආව මෙතන සැර බාල කරන්න කියන්න.....ඉක්මන් කරලා ගෙදර පලයන් තවත් මෙතන තැපගන ඉන්නෙ නැතුව ...චූටි අයියා ගියෝතින් උඹටත් මට වගේම බස් එකේ තමා මොකද අපිට වෙන උන්ට වගේ යාන වාහන ණෑනෙ.....
ආ...හරිම අගෙයි...හරීම අගෙයි....සහෝදරයගෙ කතා විලාසෙ හරිම අගෙයි....ප්‍රීතී...ප්‍රීති....
මූ නම් තනිකරම පොඩි නැන්දගෙම හැකර කට අරන් ඉපදිලා තියෙන්නෙ .....
මහ එකා වගේ හෙඩාට වගේම ඩිපූටියට මදි නොකියන්න හින්ට් ගහන සනාශ් දිහා බලන් උන්න මම අනිත් පාර ඩිපූටියා දිහා බලලා විසබීජ සීයට අනු නවයයි දසම නවයක් මරන ක්ලෝගාර්ට් දත් බෙත් වලින් මැදපු දත් ඇන්දම දාලා මම ඩ්පූටියා එක්ක හිනා වෙලා නොදන්න කමට කියවන අපේ සැලලිහිනියා වෙනුවෙන් මං සමාව පොඩ්ඩක් විතර බාජනේකට දාගත්තා ....ඒකා රවාගන ඉදලා අහක බලාගත්තා ...
සනාශ් පුලුවන් නම් විනාඩියකයට එලියට එන්න...
ඇයි මොකටද....?
මොකටද කියලා මෙතන කියන්න ඕනා නම් මං තමුන්ට එලියට එන්න කියන්නෙ නෑනෙ සනාශ් නේ.....?
...
යමන් යමං....විනාඩියනෙ.....පුපුරන්න තියන බෝම්බෙ ඉක්මනට නිශ්ක්‍රීය කරපන් ලොකූ...උඹට පුලුවන් ...ඩිපූටියගෙ මූනට අබ දැම්මොත් පුපුරනවා....
මං ලොකූව තල්ලු කෙරුවා ..මොකද ..මට ඩ්පූටියා ඉන්න පැත්තෙන් කරවෙන ගදක් එන්න ගත්තා ...
සයාශ්....
අහෝ..මාගෙ වෙලාව පැමින ඇත...සදලු තලේට වෙලා රෝමියෝ ගැන තැවෙන ජුලියට් අක්කා වගේ මන් හෙඩා දිහ බලලා ලොකු හුස්මක් ගත්තා ....සනාශ්ව විනාඩියකට පැහැරන් ගියපු ඩිපූටියා යන්න යනවත් එක්කම කරවල කෑල්ලට කුරුමානම් අල්ලන හොර පූසෙක් වගෙ හෙඩා රවාගන මගෙ ගාවට එනකොට මම ඊලග සුනාමියට මූන දෙන්න බලන් උන්නා...
කියන්න නිර්වාන්....
කොහොමද ඔයාට.....
පපුව....නම්...දැන් සෑහෙන්න හොදයි....ඒක හොදට වැඩ දැන්....අවුලක් නෑ...
ම්න්.....
...තවත් මොනව හරි වැදගත් දෙයක් කියන්න තියනවද නිර්වාන් .....
මං හරී ප්‍රවේසමෙන් වචන එලියට දැම්මා.....මෝඩයා වගේ නිරූ නිරූ ගාපු මං දැන් ආයම එයාට නිර්වාන් ....නිර්වාන් කියන්න ගන්නකොට ඒකා අහන් උන්නා...
මං වේලාසන එන්නම්.....රෑට කන්නෙ කීයටද.....?
ඒපාර තව එකක්....දහයට එන්න කියපු එකා ඊලග පාර රෑට කන වෙලාව අහනවා.....හෙඩා අපේ ගෙදරින් කන්න එන්නවත්ද....
අපේ...ලොකු නැන්දා...ගානට හාල් ලිපේ තියන්නෙ.....
...?
මං ඉක්මනටම වෙලාව නොකියා ගානට හාල් ලිපේ තියන්නෙ කියනවත් එක්කම හෙඩා ලාවට ඔලුව වැනුවා හරියටම මට උඹගෙ ලොකු නැන්දගෙ බතෙන් වැඩක් නෑ කියන්න වගෙ ....
මං ඇහුවෙ කීයටද රෑට කන්නෙ ..එච්චරයි ...
ඇයි ඉතින්...
නිකන් බොරුවට මහන්සි වෙන්නෙ ඇයි සයාශ් ම්ම්ම්....මං දෙයක් ඇහුවම උත්තර දෙනවා...මොකද මං ඇහුවෙ උත්තර නැති ප්‍රශ්නයක් නෙවෙනෙ .මගෙ වචනත් නාස්ති වෙනවා ..තමුසෙගෙ කටත් රිදෙනවා.....
හරි ඉතින්...මං අහන්නෙ....ආ...හරි...හරි....අටට...අටහ
මාරට විතර ඇයි වදේ
ම්න්.....
මම ගස්සලා අහකබලාගත්තා .....අහල බලන් හිතින් බනින්න ගත්තා ...දෙන්න හිතයි මූට.....එකක් දොඹෙන් යන්න....
දවල්ට මොනවද කන්නෙ....
වැලි කන්නෙ වැලි....ඇයි අහන්නෙ.....ඕනෙද.....
.....??
හරි වදේ...මේක හරි මගුලක් උනානෙ.....කොත්තු මී...කොත්තු මී....අර දම්පාට උරේ එන්නෙ....ඒවා...මට බත් කන්න බෑ...කට තිත්තයි....
ඒවා හොද නෑ...
..ඒ ඔයාට වෙන්න ඇතිනෙ...මට හොදයි ....
එපා කන්න....
ඇයිජෙ .....හ්....මං කනවා...මේක හරි මගුලක් උනානෙ....
...
මං කනව මට ඕනා නම්...මං කනවා....මගෙ සල්ලි...මගෙ කට...මං කනවා....මං මොකටද නොකා ඉන්නෙ.....
...
මම කනවා...එකක් නෙවෙ...එකහමාරක් කනවා...දෙකක් කන්න බෑ වැඩී....එකක් කෑවොත් මදී...නිකන් නෙවේ....බාගෙට තැම්බීගන එනකොට බිත්තරේකුත් ගහලා දානවා.....
.....
ආවා මෙතන.....මං කනවා...ආය අහන්න එපා...මං කනවා.....
මං පුපුරන්න ගත්තා ....මට කොත්තු මී කන්න එපාය කියපු හෙඩාට මම එකට දහයක් කියාගන කියාගන යනකොට මං බලාගන එ මුන දැන් දැන් පුපුරන්න ඔන්න මෙන්න තිබ්බා...
අමෝර්...අමෝර්...හිට්ලර් නෙවෑ.....පුපුරන්න....

සනාශ් ....ඒවා කන්න හො|ද නැ|හැ
ඇයි ඒ....
හොද නා කියන්නෙ....ඔය මගුල් කෑවම කැන්සර් හැදෙනවා....
ඉතින්..හැදුන දෙන්...හැදුනොත්..ම.....ආ...ව්...අ...ව්හ්....භ්භ්.....භ්භ්...හ්හ්...
මගෙ ඇස්වලින් කදුලු පැන්නා...මෙච්චර වෙලාම එයා ගාව කට ගගහා උන්න මගෙ ඇස්වලින් කදුලු පැන්නා විතරක් නෙවෙ මගෙ යටි තොල දත් වලට තද වෙලා කටට ලේ රසක් පවා දැනුනා....
මෙච්චර වෙලාම එයා කට පියාගන ඉන්නකොට මං කියවගන කියවගන ගියා උනත් මට එතනින් එහාට කියවගන්න බැරි උනා පුපුරන්න ඔන්න මෙන්න උන්න හෙඩා මාව ඇදලා අරන් බිත්තියට තද කෙරුවා විතරක් නෙවෙ මෙච්චර වෙලාම කියවපු මගෙ කට ඇස්වලින් කදුලු මතුවෙන්නම මිරිකගන දත්මිටි කෑවා...මගෙ ඇස් වලින් කදුලු බේරුනා....එ තරන් තදට ඒකා මගෙ කට මිරිකුවා....
කරුනාකරලා ...මං දෙයක් කිව්වම අහන්න පුරුදු වෙනවා සයාශ් ....මං තමුසෙට දෙයක් එපා කියන්නෙ.... එපා හන්දා....කරන්න හොද නම්...මං එපා කියන්නෙ නෑ....කරුනාකරලා මගෙ ඉවසීමෙ සීමාව පන්නවන්න එපා...මන් හොදට හොදයි..... නරකට අන්තීම නරකයි...ඒ වගේම...මගෙ කියන්න තරම් හොදකුත් නෑ.....මං දෙයක් කියන්නෙ එක පාරයි...දෙපාරක් නෑ...පිට එකෙක් නම්....එක පාරක් කියලා අහන්නෙ නැති නම්....මං අතාරිනවා...හැබැයි.....
අයිතිය තියෙන්නෙ මට නම්.....මං මරලා හරි මට ඕන දේ කරවගන්නවා...අන්න ඒක මතක තියාගන ජීවත් වෙනවා සයාශ් හරි...
ම කදුලු පුරවන් ඒ රතු උන ඇස් දෙක දිහා බලන් උන්නා ...එයා දත්මිටි කනවා...එකම එක වචනෙකට නිර්වාන්ට මං හිතුවටත් වඩා තරහා ගිහින් තියනකොට පිට එකෙක්ට නම් අතාරිනවා...මට අයිති නම් මරල හරි එයාට ඕන දේ කරගන්නවා කියපු නිරාවන් මගෙ කට තවත් ටිකක් මිරිකලා දැම්මෙ එයාට පුලුවන් කමක් තිබ්බා නම් මගෙ කට දෙකට මැදින් ඉරලා දානවා කියන්න වගේ වෙනකොට බය උන මම හුස්ම ඉහලට අල්ලන් කදුලු හලනකොට මහෙ දිහා බලාගන උන්න හෙඩා අවසානෙදි මගෙ කට අතෑරියා...හැබැයි අර මූන වෙනස් උනේ නෑ....
දෙවනි කාරනාව.....මං රික්වෙස්ට් එකක් දැම්මා...accept කරනවා...තුන් වෙනි කාරනාව.....පැය හතරක් දෙන්නම්....තමුන්ගෙ එකවුන්ට් එකේ ඉන්න කොල්ලො බල්ලො ආතක් පාතක් නැති උන් ඔක්කොම අයින් කරනවා සයාශ් ....ඉන්න පුලුවන් .....තමුන් හොදටම දන්න උන් විතරයි ....අනිත් කාරනාව.....තමුසෙට මගෙ ගැන දෙයක් අහන්න තියනවා නම්.....ඒක.මගෙන් අහනවා...වටෙන් ගිහින් අහන් නැතුව.......මොකද ...මං ගැන දන්නෙ මම...මමම විතරයි ....හරි....
.......
මං බිම බලාගත්තා .....කදුලු පුරවන් උන්න මං බය උන පාරට බිම බලාගත්තා .....මාව මරන් කන්න හදපු හෙඩාගෙන් බැනුන් අහපු මම බිම බලන් ඉදලා අනිත් පාර ආයම ඔලුව ඉස්සුවා.....
.මෙහෙම කරන්නෙ....ඔයාලා ලොකු ලොකු මිනිස්සු හන්දද නිර්වාන් ....එක වචනෙන් දෙකෙන් මිනිස්සු ඔයාලගෙ පැත්තට ගන්න පුලුවන් හන්දද ඔයාලත් අපිට මෙහෙම කරන්නෙ.......අපි සෙල්ලම්බඩු නෙවෙ නිර්වාන්....ඇයි ඔයා පන්න පන්න පලිගන්නෙ...ඇරත්...ඔයා කව්ද මගෙ...මගෙ දේවල් තීරනේ කරන්න.....මං කන බොන දේවල්
...ආශ්‍රේ කරන උන් තීරනේ කරන්න ඔයා කව්ද නිර්වාන් ....?
මං.කදුලු පුරවන් එයාගෙන් එයා මගෙ කව්ද අහනකොට නිර්වාන් මා දිහා බලාගන ඉදලා අහක බලාගත්තා ....බලාගන ඉදලා ආයම මගෙ දිහාවට හැරුනා.....
ඇයි අකීකරු වෙන්නෙ....ම්ම්ම්...
මට තේරුම් ගන්න බෑ නිර්වාන් කොහොමද මෙහෙම වෙනස් වෙන්නෙ කියලා .....මෙච්චර වෙලාම දත් මිටි කාපු නිර්වාන් අනිත් පාර මගෙ ඇස් වල කදුලු ඇගිලි තුඩු වලින් පිහදන ගම ඇහෙන නෑහෙන ගානට ඇයි අකීකරු වෙන්නෙ අහනකොට මං බය වෙලා වගේ බලාගන උන්නා.....
මං දෙයක් හොදින් කියනකොට අහන්න....දෙවනි පාර මං හොදින් කියන්නෙ නෑ....කටින් කියන්නෙත් නෑ...මං කිව්වනෙ....මගෙ නෙවෙ නම්....මං එකපාරයි කියන්නෙ දෙවනි පාර අතාරිනවා කියලා ...හැබැයි....අයිතිය තියෙන්නෙ මට නම්...මගෙ වචනෙට පිටින් ගියෝතින් මං..මරලා හරි අදාල දෙ කරනවා ....ම්ම්ම්....ඇරත්....
සෙල්ලමට ගන්න ඕන දේවල් ...නැති දේවල් තියනවා සයාශ් ....ම්ම්...මං කැමති නෑ...මං...ලෙඩවලට බයයි....ඒ ඇරෙන්න මගෙ ගාව කිසිම වීක් පොයින්ට් එකක් නෑ...කරුනාකරලා ...මගෙ ඉවසීම නැති කරලා නිස්කාරනේ මට තරහා අවුස්සන්න එපා...මං වැඩියෙම්ම රිදවන්නෙ....පිට උන්ට නෙවෙ....මගෙ උන්ට....
දැන් ගෙදර යන්න.....ගිහින් කාලා නිදාගන්න.....මං රෑට එන්නම්...ඇයි අහන්න එපා...මං එනවා.....පරිස්සමින් ගෙදර යන්න...ආය කතා කරලා නිකන් තෙහෙට්ටු වෙන්න එපා...යන්න....
මං ඔලුව වැනුවා....නිර්වාන් ගාව රූකඩයක් වහෙ උන්න මං ලාවට ඔලුව වනනකොට එයා මට යන්න කියලා බලාගන ඉන්නකොට මම හිමින් හිමින් එලියට ආවා...මං බලාගන ඩිපූටියා අපේ එකාව ළඟ තියාගන මන් එනකන් බකන් ඉන්නවා...උගෙ මුනත් දෙක වෙලා...
අද නම් ප්‍රීති නෑ.....අද නම් සෝකජනකයි....
චූටි...
ම්න්....
අරූ මොනවද කිව්වෙ....
රෑට අපේ ගෙදර එනවා කිව්වෙ...
ඒ මොන මගුලටද...??
දන්නෙ නෑ...ශෙනිරුවා මොනවද කිව්වෙ .....
ලබන මාසෙ ස්පෝර්ට් මීට් පටන් ගන්නවලු....
ඉතින්.....
උඹටයි මටයි ග්‍ර්වුන්ඩ් එක පැත්ත පලාටෙ එන්න එපා කිව්වා...මොන මගුලක්ද මන්දා...උඹට නම් ලෙඩ කියන්න පුලුවන් ...මූ මගෙ අතක් අනිත් අතට අඹරවන්න ගියා එකට එක කියන්න ගිහින්...මගෙ අත ජොයින්ට් වලින් ගැල උනාද මන්දා.....වෙලාවකට එන්නලු....වෙලාවකට එපාලු.....මන්දා චූටි.....උබයි මායි ගමෙ ඉස්කෝලේ ඉන්න කාලෙ සතුටින් උන්නා....මෙහෙට ඇවිත් මුන් දෙන්නා හන්දා නිකන් ලේ පුච්චගන්නවා....අප්පච්චි ලාට කියන්නත් බෑ ආය මාරු කරන්න කියලා ...
ම්ම්ම්....
අද හවස වෙන ක්ලාස් එකක් කරන චූටි අයියා යන්න ගිහින් තිබුනා...චූටි අයියා එක්ක යන්න බලන් උන්න මම අවසානෙදි ලොකූ එක්කම බස්ටෑන්ඩ් එකට ඇවිත් ඔහේ බලාගත්තු අත බලාගන ඉන්නකොට ඉස්කෝලේ ඇරුන ලමයිගෙන් බාගෙට බාගයක් යන්න ගිහින් තියනකොට අපි දෙන්නා බස් එකක් එනකන් ඔහේ බලාගත්තු අත බලන් උන්නා වගේම අපින්දෙන්නවම පාස් කරගන සල්ලි කාර හෙඩා වගේම ඩිපූටුයා යන්න ගියා.....හැබැයි ඉස්කෝලේ අස්සෙ පන්න පන්න පලිගන්න උන් දෙන්නා මෙතින් ගියෙ අපිදෙන්නව දැකලා වත් නැති ගානට වෙනකොට මං බලාගන අපේ එකා කට එහා මෙහා කර කර හොරාවට බනිනවා...
චූටී...
ඕ...ලොකු නැන්දේ....
මායි මාමයි අද හවස මලගෙදරක යනවා...චූටි අයියත් එන්න වෙලා යාවි.....දෙන්නා ගහ මරාගන්නෙ නැතුව ඉන්න ඕනා...ආ....
බස් එකේ කොට කොට ගෙදර ආව මම මගෙ අඩු දෙකත් පුටුව උඩ තියාගන සිරසෙ ගිය ෆිල්ම් එක බල බල බත් කන ගමන් උන්නා...ලොකුව බත් එක අරන් උගෙ ඵෝන් එකට කොටනකොට නාගන ගෙට ආව ලොකු නැන්දා මා දිහා බලලා ගහ මරාගන්නෙ නැතිව ඉන්න කියනකොට චිත්‍ර පටියෙ උන්න සාරුක්කාන් උඩ පැනලා එකෙක්ට ගහපු ගැහිල්ලට හතර පස් දෙනෙක්ම අහසෙ පාවෙන්න ගත්තා ....
කන ඇහුනද කොල්ලගෙ....
යෝ.....ඔව්...අනේ...ඔව්.....මං ඌට ගහන්නෙ නෑ...ඌ මට ගහන්නෙත් නෑ....ඔයා යන තැන ගිහින් එන්න....චොකලට් බිස්කට් ඇල්ලුවොත් මතක් කරලා මටත් එකක් දෙකක් අරන් එන්න ආ.....
..අරූට කෙසේ වෙතත් මටම නීති දාන ලොකු නැන්දා මට අනුසාසනා දීලා දීලා යන්න යනකොට මං බත් එකේ තිබුන නියන් වැටකොලු ටික බත් අස්සෙ හැංගුවා..ඕක දැක්කොත් ආයමත් කියවයි....
චූටී....
මාලු චුට්ටක් එක්ක සුදු බත් කටක් අනපු මං බත් කට කටට ගන්නකොටම ගුටිකාපු සාරුක්කාන්ට ඒකෙ උන්න නිලිය වතුර පොවන ගමන් උන්නා ඒ එක්කම කාමරෙ ඇතුලෙ උන්න ලෝකල් සාරුක්කාන් විශ්වය පුරා විහිදී යන්නම චූටි ගානකොට පුටුවෙන් නැගිටලා දුවන්න හදපු මාව පුටුව පිටින් මුනින් අතට වැටෙද්දි පිගාන බිදුන සද්දෙ වෙනුවට ලොකු නැන්දගෙ උච්ච ස්වරෙ ඇහෙන්න ගත්තා ...
ඉවරයි....ඒකත් ඉවරයි කාපන්....මේ ඔක්කොම බිදලා කාපන්...
යෝ බනින්නෙ.....කකුල් පැටලුනානෙ...පිගානකට ඔහොම මැරෙන්න එපා අනෙ.....පේනවනෙ ඔය දැන් මැරුන එකත් යන්නෙ හිස් අතින් ...මේවා දාලා යන්න තියන දේවල් ....ලෞකික සැප සම්පත් වලට ඇබ්බැහි වෙන්න එපා ලොකු නැන්දෙ.....
උඹට දෙයක් කිව්වොතින් ඒකට කියන්න නම් දේවල් බොහෝමයි හිටපන්කො අප්පච්චි කතා කරනකන් ....
ඇයි කේලම කියන්නද....ඔව්වා ඉතින් ගමේ පුරුදු .....ටවුමට ආවා කියලා නෑ .කූඩැල්ලො මෙට්ටෙ තියන්න බෑ නෙ ..
ඇත්තමයි චූටියා මං ඔතනට ආවොත් නම් ගහන එක ගගනවා ...
කෑ නොගහා ඉන්න අනෙ ....අවදානෙද ඔයා ඉල්ලන්නෙ .....
මං බිම තිබුන පිගන් කටු ටික ඇහිද ඇහිද එහා කාමරේ ඉදන් මට බනින ලොකු නැන්දට සීනි අමාරුව හද්දව හද්දව කෑ ගස්සනකොට බත් කනවට වඩා ඵෝන් එක කාපු ලොකුවා ඵෝන් එකත් අරන් මං ඉන්න තැනට ආවා ....
චුටි...මේ...
ඇයි යකෝ.ඇයි...
ඕක තියල වර බඩුවක් පෙන්නන්න.....
වැලක්ද....
ඵෝන් එක දිහා බලන් උන්න ලොකුවා මොන මොනවදෝ කොට කොට මගෙ දිහා බලලා බඩුවක් පෙන්නන්න එන්න කියනකොට මං ඉදුල් අස් කරන එක පැත්තක දාලා ඒකා ගාවට ගියා ....
ගෲප් චැටක්....කොමර්ස් එකේ උන්ගෙ ගෲප් චැටක්...
ඇයි ලොකූ.....
ඉංග්‍රීසි මිස් ට්‍රාන්සර් වෙනවලු ....
මො....මොකක්....මගෙ නිශේලා ...??
....??
නෑ මං කියන්නෙ....අපේ නිශේලා මිස්?
ඔව්.....යකො ඔව්...
මට නිකන් පොල්ලෙන් ගැහුවා වගේ උනා...අර හීන මාලිගා ඔක්කොම කකුල් ගාව කඩන් වැටුනා වගේ උනා....මගෙ ඇස් පනාපිට මංගල ජායාරූපෙ ගිනිගන්නකොට මට ඉංග්රීමිස්ගෙ රවුම් මූන මතක් උනා.....
ආදරෙයි කියන්නත් කලින් දෛවය මට හරස් වෙලා .....මං එහෙම්ම ලොකුවා දිහා බැලුවා ...
මිස් ඒකට කැමති වෙලාද ලොකූ...
ඔව් ලු.....මිස් ඕක ඉල්ල ඉල්ල උන්න ට්‍රාන්සර් එකක්ලු...ඉස්කෝලෙන්ලු දීලා නැත්තෙ...මේ පාර දීලලු....හැබැයි ඉල්ලපු පලාතට නෙවෙලු..
කොහෙටද ....
වනාතවිල්ලුවට.....
මො...මොකක්....වනාතවිල්ලුවට...යකෝ.....දොටේනෙ...
හරිම අගෙයි. ...හරිම අගෙයි පබාවති මට දුන්න වේදානාව....හරිම අගෙයි.....ප්‍රීතී....ප්‍රීති....මෙච්චර මෙහෙ සැප තියෙද්දි මේ ඇදුරුතුමී මොන මගුලටද වනාත විල්ලු රිංගන්න ගියෙ ...
අනේ අප්පච්චි .....අප්පච්චි ගෙ ලේලි පොඩ්ඩ දුරස්වෙන්න නෙ යන්නෙ....
මට දුන්න දුක් ගින්න ඇවිලෙයි ඉතින්...
මගෙ මූන දැන් දුකෙන් ඉන්න කොල ගෙම්බා වගේ...මං අරුන්ගෙ වට්සැප් ගෲප් එකට් බෙල්ල දානකොට මං බලාගන එක පාරම දොලහෙ කොමර්ස් එක මැදට ඩිපූටියගෙන් ස්ටිකර් එකක් ආවා අපේ එකා ෆුල් හොල්මන් උනා....
එව්....මේ මොකද මේ යන තැන මූනෙ.....මේක නම් පෙර පවක්...මේක නම් පෙර පවක් චූටියා ....යෝ උඩ මැසේජ් වල මං මූට පලු යැව්වා ...දැන් ඒවා ඩිලීට් කරන්නත් බැරිව ඇති යකෝ.....my time has coming .....
ඩිපූටියගෙන් මැසේජ් එක ආවා විතරයි අපේ එකාව සුදුමැලි වෙල යනකොට මං හෙඩාව මතක් වෙලා කාමරේට දිව්වා දූවලා ගිහින් ඒකගෙ රික්වෙස්ට් එක accept කෙරුවා ...මං දන්නවා...කාට බැරි උනත් හෙඩාට පුලුවන් මගෙ ඉංග්‍රීසි මිස්ව හද්ද දොටේ යවන එකෙන් බේරගන්න....
මං ඩෝන් ගාලා රික්වෙස්ට් එක ඇස්සැප් කරලා මැසෙන්ජරේට දූවලා ගිහින් හෙඩාගෙ කොලපාට ඩොට් එක තියනවද බැලුවා ....
අර ඉන්නෙ ...අර ඉන්නෙ....අම්මො....නිර්වාන් උඹ නම් දෙයියෙක් නෙවෙ දේවාලයක් .....
හායි කියලා ටයිප් කරපු මං ආපහු ඒක ඩිලීට් කරලා ඒ වෙනුවට දුකෙන් ඉන්න රෝස පාට ඌරගෙ ස්ටිකර් එකක් යැව්වා විතරයි නිර්වානයා සීන් කෙරුවා ...
....?
නිරූ.....
ඌරෙක් යවපු මං අනිත් පාර ආයම නිර්වාන් වෙනුවට නිරූ කියලා යවලාඅඩන කූඹියව යැව්වා .....ඒකා ආයම මට ප්‍රශ්නාර්තයක් එව්වා ....
.....?
මගෙ ඉන්ග්‍රීසි මිස් මාරු වෙන්නනෙ යන්නෙ නිර්වාන්.....
දන්නවා .....පස්සෙ txt එකක් දාන්නම්...ඔයා නිදාගන්න. මං study කරන ගමන් bye!
අනේ මේ අහන්නකෝ නිර්වා....
"You can't reply to this conversation lern more....."
.
😂ආයම කොටසකින් එන්නා.....ම්ම්ම්ම්
පයිස්සමින් සතුටින් ඉන්ඩෝ. .....
මම
Ferdeesha ❤️💚😘 ...