මගෙ අත් වෙව්ලුවා...හත් පාට....පොතෙ නම දැකපු මට මගෙ අත් වෙව්ලන්න ගත්තා ....
නිම්න මා දිහා බලාගන ඉන්නවා...අනිත් කෙරවලෙ ජනත් අයියා එයාගෙ එල්ලෙන මලකද දිහා බලාගන ඉන්නවා...
ව්...ව....ස්තු...මේක.....
....ආදරෙ කරන එක....හිතට නැවතුන තැන නවතින එක... තමුන්ට සතුටක් සැනසීමක් දැනෙන තැන නවතින එක .....ඇත්තටම අපි කවුරුත් එහෙම නොහිතුවා නම්....අපිට මේ ලෝකෙ ජීවත් වෙන්න අවසර තියෙන්න ගියා .. එහෙම නේ අනූ....
ඇ...ඇයි....නිම්න...ඇයි...මගෙ වස්තු.....ඇයි මෙහෙම.....ඇයි උඹගෙ අප්පච්චි මෙහෙම...ඇයි උඹගෙ අප්පච්චි නේ තරම්ම තිරිසනෙක් උනේ නිම්න.....මට උත්තර දීපන්...මේක සමූල ගාතනයක් වෙන්න කලින්..මට උත්තර බැදපන් නිම්න.....පොතක අකුරු ගොඩක් අස්සෙන් මූ කරගන යන සමූල ගාතනේට හේතුව ආදරේ කරන එකද නිම්න....
මං පොත වන වන නිම්න දිහා බලන් දත් මිටි කෑවා...මට ඈ ගහන්න බෑ...කෑ ගහලා තරහව පිට කරන්න කොහොමත් බෑ...මගෙ නිම්න මගෙ ගාවින් ඉදගත්තා...එයාගෙ ඇස් වල කදුලු පිරිලා .....
මේක....ආදරේ කරන එකට වඩා.....සමාජෙ ඉන්න මිනිස්සුන්ගෙ වැරද්ද මයුර....ආදරේ අස්සටයි...කසාදෙ අස්සටයි...ජීවිතේ අස්සටයි...සමහර කරුනු කාරනා ඇතුල් කරපු එකේ වැරද්ද .....
ආදරේ කරනකොට ...කෙල්ලෙක්ට හරියන්නෙ කොල්ලෙක් කියලා ලියපු ඒකෙ වරද....
කසාදයක් බැන්දොත්....ළමයෙක් හදන්නම ඕනෙ කියලා ලියාපු එකේ වරද....
මයුර ...මිනිස්සු කියනවා...හිතට දැනෙන තැන නවතින්න කියලා .....හිත සැනසෙන තැන නවතින්න කියලා ...ආත්මය සැනසෙන තැන නවතින්න කියලා ...ඉතින් අපි නැවතුනා....
හැබැයි.....නැවතුනාට ...රැදෙන්න පින් මදි උනා අනූ.....
මගෙ හිත තව රිදවන්න එපා නිම්න...මගෙහිත තව රිදවන්න එපා බන්....අර බලපන්...වස්තු.....ඒ මූන....ඒ මූනෙ තියන වේදනාව.....එයා අඩනවා...ආපහු ජීවත් වෙන්න ඕනා කියනවා...
මට කියපන් රත්තරන් ...නැවතුන හුස්ම ආයම වට්ටන්නෙ කොහොමද ....නැවතුන පපුවට ආයම පන දෙන්නෙ කොහොමද .....මට කියපන් මගෙ නිම්න...
ඒ කාටත් දුක නෑ...ඒ කිසිම කෙනෙක් අඩන්නෙත් නෑ...අනූ.....ඒ අම්මා අප්පච්චි ගෙ මූනෙ දුක කියන නාමයක් වත් නෑ...හරියටම .....මගෙ අප්පච්චි ගෙ වගෙ...අනුකම්පාව කියන නාමයක් තිබුන් නෑ.....උන්ට ඕනෙ....උන් පිරිසිදුයි කියන්න විතරයි ...පරම්පරාව නිකැලල් කියන්න විතරයි.....දන්නවද අනූ....සමහරු හිතන්නෙ ...තමන්ගෙ පවුල ඇතුලෙ...දේදුන්නක් පෑව්වොත්....ඒක මුලු පරම්පරාවටම ලැජ්ජාවක් කියලා ....ඒ ළමයා පිලිකුලක් කියලා ...මහා පව්කාරයෙක් කියලා ....
ජනත්ට වෙන්නත් ඇත්තෙ ඒක.....ජනත්...කියපු දේවල් වලට වඩා...හංගපු දේවල් ගොඩයි...
මං මගෙ ඔලුව බිත්තියට හෙත්තු කරගත්තා.....එහා පැත්තෙ කාමරේ රවිදුවගෙ විලාපෙ අහෙනවා...ඒත් .....ජනත් ගෙ අහිමි වීම් වේදනාව.....ඒ දුක තියෙන්නෙ රවිදුවට විතරයි ....ජනත් අයියගෙ මරනෙ දැනෙන්න රවිදුට විතරයි ....එතකොට....වදාපු හදාපු දෙමව්පියන්ට ...
නිම්න....මං නිම්න දිහා බැලුවා ..එයා කියනවා ජනත් අයියා කියපු දේටවඩා...හංගපු දෙ හුගයි කියලා ...ජනත් ආයම උන්නෙ බාල්කෙ උඩ .....කකුල් දෙක පහලට එල්ලගන...පොලිසියෙන් එනවා...කට උත්තර ගන්නවා ....ප්‍රශ්න අහනව යනවා.....ජනත් අයියා තවම එල්ලිලා....එයා එතන ඉදගන බාල්කෙට දාපු ගැටෙ අත ගානවා...එයාම දිහා බලන් ඉන්නවා.....
ඔය පොතෙ....තැනක මොනවා හරි ලියල ඇති ....බලන්න....මමම...ලියාපු අකුරු වලට වස් වැදෙනවා.....හත් ඔආට හීන තනිකරම මැරිලත් ...මාව මරලත්...මට සැනසීමක් නැති කරනවා...අනූ ...මං නැති තැන පරිස්සම් වෙන්න පුලුවන් නේද...මට සිද්ද වෙනවා...අපේ ලෝකෙට අලුතින් ආව එයාව පිලිගන්න යන්න...මේක ආදරනීය පිලි ගැනීමක් නොවේවි...
තියන හැම ප්‍රශ්නෙටම එකම උත්තරෙ මැරෙන එක කියලා ...එවෙලෙට හිතුනට...එහෙම මැරුන කෙනෙක් මේ වෙනකන් සැනසීමක් ලබලා නෑඅනූ.....එයාව ගෙනියන්න ඒවි දැන් ..මට සිද්ද වෙනවා එයා ගාවින් එක මොහොතකට වත් තනි රකින්න....
මිනිස්සු මලකදන් ගාව තනි රැක්කට....ආත්ම ගාව තනි රැක්කෙ කව්ද අනූ...පරිස්සමින් ඉන්න.....මට ඔයාව හුගක් වටිනවා.....මගෙ මරනෙට සැනසීමක් ලැබුනා හෝ නැතා....මගෙ සැනසීම ඔයා....ඒක අමතක කරන්න එපා...
මගෙ නිම්න එච්චරයි කිව්වෙ....පරිස්සමින් ඉන්න කියලා සිය වතාවක් විතර මුමුනපු මගෙ නිම්න ජනත් අයියා ගාවට ගියෙ මගෙ ඔලුවත් අත ගාලා වෙනකොට මම බිත්තියට හේත්තු වේගන හත් පාට හීනෙ පොත පපුවට තුරුලු කරන් ජනත් අයියා දිහා බලාගන උන්නා....
අරන් යන්න පුලුවන්....
මං දන්නෙ නෑ....කව්ද කාටද ඒක කිව්වෙ කියලා ....හැබැයි ඒ කියනවත් එක්කම දෙන්නෙක් කාමරේට ආවා...නිකන් නෙවෙ...යකඩ ඇදත් අරගන.....කහ ගැනුන සුදු කලිසම් ඇදලා ඒ පාටම ටී ශර්ට් දෙකක් ඇදපු කොල්ලො දෙන්නෙක්....
ශ්‍රී සිරිපුර අවමංගල්‍ය අධ්‍යක්ශකවරු
මූදු කටුව
මාරවිල....
ඔච්චරයි ...ඒ ටී ශර්ට් එකේ පිටිපස්සෙ ලියවිලා තිබුනෙ.....මේක සිය දිවි හානි කරගැනීමක් කියලා තහවුරු කරලා ඉවරද කොහෙද .....ආය දවස් ගනන් මරන පරික්ශන තියන්න වත්....වලලපු මල කද ගොඩ අරන් කපලා බලන්නවත් ඕන නැති වෙන්න හැම දේම විසදිලා හමාරයි....
ජ්..ජනත්....ඇයි ..ජනත්...
රවිදුවා....හොද කොල්ලනෙ වරෙන්කො ඉදගන්න.....
ජනත්.....ඇයි.....උඹ...මෙහෙම කරගත්තෙ....උඹගෙ....හැම දේම...කිව්වෙ...මටනෙ...මගෙ...අයියෙ...ඇයි....උඹට...මෙතනදි.....කියන්න දෙයක් නැති උනෙ....
රවිදුවා ආයම ආවා....ඉනිමගක් තියාපු කොල්ලො දෙන්නා මලකද බානවා...ඒ ඉනිමග උඩ ඉන්න කොල්ලා ගාවම බාල්කෙ උඩ ජනත් අයියා එයාව බාන හැටි බලන් ඉන්නවා.....
රවිදු.....වරෙන්කො....වරෙන්කො....හොද එකානෙ....ඔහොම අඩන්න හොද නෑ බන්.....මැරුන එකාටවත් සැනසීම නැති වෙනවා...
ය් .යකො....කල්පනයා...මැරෙන්නෙ....ස්..සැනසීම හොයන් නම්.....මේ...ලෝකෙ ඔක්කොම මිනිස්සු මැරෙනවනෙ....ඇයි.....මං අහන්නෙ....අනේ.....ජනත්...යන්න..එපා.....යන්ඩ එපා...උඹ මැරිලා නෑ...උදෙත්....උඹ උදෙත්....මා එක්ක කතා කෙරුවා....කියන්ඩ...දෙයක්....තියනවා කියපු උඹ.....මට ඒ ගැන නොකියම යන්නෙ ඇයි මගෙ අයියෙ ...
රවිදුවා.....
අහකට යමන් ක...කල්පනයා...ම්..මට අහන්න දියන්.....මට අහන්න දීපන්...මොනවද.....උඹට මට කියන්න තිබුන...කාරනාව.....මට අහන්න දියන්....අතෑරපන්....අතෑරපන්....මට කිව්වා....දෙයක් කියන්න තියනවා....වැදගත් දෙයක්...අහන්න තියනවා...එහෙම කියලා ගියෙ බන්....එහෙම....කියලා....ගියෙ ...අනේ...
ජනත්....උඹ එහෙම කියලයි ගියෙ...අතෑරපියව්....ජනත් ..අනේ....අනේ...අතෑරපන්....අතෑරපන්....යකො...මයු....රයා.....මුන්ට...මාව...අතාරින්ඩ කියපන්...මට....අහන්ඩ...ඕනෙ...අනේ....අරන්...යන්ඩ එපා.....
මගෙ අයියා මැරිලා නෑ....යකො...මොකාද...මොකාද...මගෙ අයියව අරන් යන්ඩ.....එපා....අයියො...යකො....මිනි ගෙනියන...හර්ස් එකටනෙ..දාගන්නෙ...මැරිලා නෑ....ඌ මැරිලා...නෑ...ඌව හර්ස් එකෙ දාන්ඩ තොපිට පිස්සුද....මට දෙයක් කියන්න තියනවා කියපු එකා මැරෙනවද....තොපිට පිස්සු
රවිදුවා....රවිදු....උදාර ...අල්ලගනින්...මට.....ආව්හ්...
අතෑ...රපන්.....
රවිදු...රවිදු....
උදාරයා...අතෑරපන්...
මේ සේරම දිහා මම කාමරෙ සිමෙන්ති පොලව උඩ ඉදගන බලාගන උන්නා....මල්ශාලාවෙන් එන හැටි...එයා ඉස්සරහම එයාගෙ මල කද බාන හැටි....එයාගෙ ඇස් ඉස්සරහම සුදු රෙද්දෙන් වහන හැටි විතරක් නෙවෙ...එයා මගෙ නිම්න එක්ක එයාවම ලස්සනට අන්දවන්න අරන් යන හැටි බලන්න ඒ පස්සෙන් යන හැටි...ප්‍රානය නිරුද්ද මල කද එක්ක තවත් මල උන් පෝලිමක් යන හැටි.....රවිදුවගෙ වේදනාත්මක විලාපෙ උගෙ දුක...මේ හැම දේම අහගන බලාගන උන්නා...
රවිදුවා අඩනවා....ජනත් අයියා මොනවද කියන්න තියනව කිව්වා කියලා ....
මගෙ නිම්න කියනවා එයාට කියන්න තිබුන දේවල් වලට වඩා හංගපු දේවල් ගොඩයි කියලා .....
හත් පාට හීන තවම මගෙ අත් මැද....මෙ වචන...මේ ආදර කතාව හැම දේම මගෙ නිම්නගෙ ...ඒත් නම.....ජයවර්ධනයගෙ ...කිව්වත් වගේ....ඌ මගෙ නිම්නගෙ අකුරු වලට වස් වද්දනවා...
මට...යන්න දියල්ලා බන්....මට යන්න දියල්ලකො.....
රවිදුවා අඩනවා...මම විතරයි මේ කාමරෙ....මුලු කාමරේම හිස් උනා.....මගෙ නිම්නත් අර මලගිය ප්‍රාන කාරයො එක්ක යන්න ගියා.....කාමරෙන් පිට....මොනවා වෙනවද කියන්න දන්නෙ නෑ....
සමහර විට...දැම්මම එයාගෙ පින්තූරෙ ඉස්සරහා මිනී පහන පත්තු වෙලා ඇති....සාලෙ තියන බඩු මූට්ටු ඔක්කොම එහා මෙහා කරනව ඇති...ඇයි....ගෙනාවම තියන්න ඉඩ එපැයි.....
දැනටමත් හට් ගහන තැන් වලට කතා කරලා ඇති...ප්ලාස්ටික් පුටු මග එනවා ඇති...
ජ්නත් අයියා ගිහින් පැයක් වත් යන්න නැතුව ඇති ...ඔතනින් එහා වෙන දේ මම සම්පූරනම ෆිල්ම් එකක් වගේ මවාගන ඉවර කරලා අවසානෙදි මගෙ අතේ තිබුන පොත දිගෑරියා....
කතාව පටන් ගත්තා....සල්ලි තියන කොල්ලෙකුයි...සාමාන්‍ය පවුලක කොල්ලෙකුයි...
මං උඩින් පල්ලෙන් කතාව කියෙව්වා....කතාව අස්සෙ හැගීම් කෝටියයි...අනේ මෙ හැම වචනයක්ම මගෙ නිමන වගේම ආදරනීයයි.....
.....ඔයා දන්නවද ප්‍රාර්තන...මේ ලෝකෙ මං දකින්න ආසම දේ මොකක්ද කියලා.....
ම්ම්ම්...නෑ....නිර්මල ආස මොන දේ උනත් ...ඒක හුගක් වටිනවා ඇති....එහෙම නේද.....
....හ්ම්...ඒක.....ඔයාගෙ හිනාව....ඒ හිනාව අමිලයි.....මිල කරන්න අමාරුයි....අමාවකට හද පෑව්වා වගෙ කියලා කට වචනෙට ඇහුවට ....මට නිර්මලව හම්බ වෙනකන්.....මම ඒක නිකම්ම නිකන් හිස් වචනයක් කියල විතරයි හිතන් උන්නෙ....
ඒ කොටසම ලා කොල පාට පෑනෙන් හයිලයිට් කරලා තිබුනා.....හැබැයි...අර ප්‍රාර්තන කියන නම විතරක් වෙන පාටකින් පාට කරලා තිබුනා....ඒ නමට විතරක් .....ජනත් අයියා විශේශ කරලා තිබුනා....මං පොතෙ තව පිටු දෙක තුනක් පෙරලුව ඒ එක්කම ඒ පිටු මැද්දෙන් පින්තූරයක් වැටුනා. ....
කාගෙද.....
පින්තූරෙ පිටිපස්සෙ රවුම්ම රවුම් අකුරු වගයක් තිබුනා...මං එහෙම්ම වැටුන පින්තූරෙ අතට අරන් ලියපු අකුරු කියවලා බැලුවා....
අමාවක මටත්...උඹගෙ හිනාව
මහමෙරක්...
ප්‍රාර්තන.....හසරැල්ගෙ ප්‍රාර්තන
20221010
සුභ උපන්දිනයක් වේවා මගෙ එකම ප්‍රාර්තනාව...
ප්‍රාර්තන.....මං අහන්නෙ උඹෙන් එකම ප්‍රශ්නයයි .....ප්‍රේමය අසම්මතද?
ලියවිලා තිබුන අකුරු තොගෙ කියවපු මගෙ උගුර කට පවා වේලිලා ගියා....ඒකෙ තිබුනෙ ප්‍රාර්තන...හසරැල්.....ජනත් අයියගෙ නම...ජනත් හසරැල්....
මෙතන...ප්‍රා...ර්තන..කියන්නෙ....
මං එහෙම්ම පින්තූරෙ හැරෙව්වා....
රවිදු උගෙ සම්පූරනම නම.... .....රවිදු ප්‍රාර්තන...
පින්තුරෙ ආපහු පොත අස්සට ඔබාපු මන් මගෙ කොන්ඩෙම අත් දෙකෙන් ඇදගන මගෙ ඔලුව බිත්තියට ගහගන ගහගන...ගහගන...ගහගන ගියා.....කෑ ගහලා පිටකරගන්න බැරි වේදනාව....අප්‍රකාශිත ආදරේක මලගම දරාගන්නම බැරිම තැන මං මගෙ ඔලුව මට පුලුවන් තරන් වෙගෙන් ගහගත්තා....
මොකද...මට තියෙන්නෙත් ආපිට හුස්ම පිඹින්න බැරි ප්‍රේමයක්...එක මොන වෙදනාවක්ද කියන්න මං දන්නවා.....
මගෙ පාරම රවිදුවා තෝර ගත්තොතින්.....ඌ කොහොම දරන්නද...කොලු කමට අක්කලාට කෙල්ලන්ට ටෝක් කර කර උන්නට මොකද.....ඌ මේ අඩන ඇඩිලි වලට ...අවසානෙදි මං වගෙ දුකම උහුලන්න හිත හදාගත්තොත් කොහොමද ....
එපා රවිදු .උඹ නම්..මගෙ අඩිපාරට එන්න එපා බන්....ජනත් අහනවා....ප්‍රේමය අසම්මතද කියලා ..අනේ...නෑ...බන්...මං කියන්නම්.....ප්‍රේමය කොතන වත් අසම්මත උනෙ නෑය කියලා .....මං ඌට කියන්නම්....උඹ...අනේ උඹ හරි පව් රවිදු....උඹ...පව්...ජනත් ..අයියෙ ..අනේ....උඹ ..පව් ....
ම්..මයුරයා...ඒ..ඒ...මොකද....හුත්..තො...
ඕක ..නවත්....තපන්...යකො....එක මලගයක් මදිවට තෝත් මැරෙන්නද හදන්නෙ....ඕක නවත්තපන්....යකො...
ක්..කල්පනයා...ජනත්....ජනත් අයියා.....මම....මම උඹට කොහොමද බන් කියන්නෙ...මම...උඹට....
මොකුත් කියන්න ඕනෙ නෑ වර මෙහාට තොගෙ ඔලුවට අයිස් තියන්ඩ...උඹ....උඹ මහ පිස්සු හුත්තෙක් මයුරයා.....මොන මගුලද යකො තනි පන්ගලමෙ ඉදන් කරන්නෙ.....පිස්සුද ...පිස්සුද...
මේ අහපන්....කල්පන....
අහන්ඩ...අහන එක පස්සෙ අහගන්නම්...දෙයියන්ගෙ නාමෙට වරෙන් යන්ඩ ....
කල්පන...ඇයි මේ...අම්මට සිරි මයුරයා...මොකද මේ....
උදාර මෙන්න මේ මූට ගැට්ටෙ අමාරුවක් ගහලා ඔලුව පලාගන....අයිස් තියන්ඩ එන්ඩ කිව්වට එන්නෙ නෑ....මූට වටින් නෑනෙ එකෙක් වත් නැති කාමරේක ඉන්ඩ.....
මම උන්නෙ ජනත්ගෙ මරනෙ වේදනාව මදිවට....ප්‍රකාශිතයටත් පෙරාතුවම මලගම් ගියපු ඒක පාර්ශවීය ප්‍රේමයක මලගමත් දරාගන්න බැරිව...
ඒ වචන....ඒ ආදරේ...අවසානෙදි උගෙ ප්‍රශ්නෙ....ආදරේ අසම්මතද අහල තිබුන විලාසෙ.......
අරුන් දෙන්නම මාව අල්ලන් උන්නා...මටත් නොදැනිම මගෙ ඔලුව චුට්ටක් පැලිලා තිබුනා....හිතකට වේදනාව දැනෙන තැන කායික වේදනාව නොදැනිම යන එක සාමාන්‍ය වෙනකොට මටත් නොදැනිම මගෙ ඔලුව පැලිලා තිබුනා....
මයුර.....
ඇයි බන් මේ...ඇයි මයුර....
පොඩ්ඩක් බලන්න උදාර මං අයිස් ටිකක් අරන් එන්නම්...අරූට සිහි නැති වෙනවා ඉවරයක් නෑ....මෙහෙන් මූ....මාන්දම ගහලා....මට එන තරහට තොට .....ගහලා මදි...
.කල්පනයා බැන බැනම අයිස් ගේන්න ගියා ..ඌ බැන්න විතරක් නෙවෙ...මට ගැහුවත් එක්ක....ඒත් මම නෙවෙ කටක් ඇරියෙ...
මයුර...ඇයි බන්...මොකක්ද උනේ කියපන්....
මගෙ ළඟ ඉදගත්තු උදාර දෙවනි පාරටත් මගෙන් හේතු අහනකොට ...මං හේතු හංගන....විතරක් නෙවෙ....තවත් උන්ගෙ මලගමට අපිටත් නොදැනිම සුදු කොඩි එල්ලන හත් පාට පොත උදාරගෙ අතට තිබ්බා...
මේ පොත බන්....
වැඩිම සේල්ස් තියන....මගෙ නිම්නගෙ පොත...
ඒක දන්නවා.....මුගෙ නම ලබ්බටද දාන් ඉන්නෙ....සාපකාරයා...ළමයි මරා ගත්තා මදිවට මූ ලමයිගෙ මහන්සියත් විකුනන් කනවා...මහ වෙසයි මූ....
.ඔය පොත අස්සෙ බලපන් උදාර....
මං මගෙ ඔලුව බිත්තියට හේත්තු කරගත්තා.....
ජනත් අයියා කිව්වෙ...උදව් දෙන්නම් කියලා දීපු අතම බෙල්ලට තොන්ඩුව දැම්ම කියලා ...මූම...ගෙදරට පාවා දෙන්න ඇති.....මටයි කල්පනටයි එන්න කිව්වා වගේ...මූ අනිවාර්යයෙන්ම එන්න කියන්න ඇති ..ආවට පස්සෙ....පාව.දෙන්න ඇති.....ඒ ඔලුව විකෘති කරන්න ඇති ....සම ආදරෙ පාපයක්...පිලිකුලක්..සාපයක්....කිය කිය ඒ අම්මා අප්පච්චිගෙත් හිත් වල කහට ගාන්න ඇති ..බැරිම තැනක අවසානෙදි මේ හැම දෙටම එකම සැනසීම මේක කියලා එයා යන්න යන්න ඇති ...ඒ තැනට එයාගෙ ඔලුව අරූ කන්න ඇති...
.ම්..මයුර.....
අපි ඕක කොහොමද බන් ඌට කියන්නෙ.....
මොකක්ද....මොකක්ද ඌට කියන්නෙ කොහොමද අහන්නෙ....වරෙන් මේ අයිස් ටික තියන්ඩ.....තොගෙ ගොබ්බ වැඩ වලින් අපිට වෙන්නෙ කමනිටත් මිනියක් ගිහින් දෙන්න....
අයිස් ගේන්න ගියපු කල්පන ආයම ආවා ඒකගෙ අතින් එකයි අයිස්...ෆ්‍රිජ් එක සූරලා හිම වගෙ බැදුන අයිස් අහුරයි...
ආ...ව්ව්හ්....එපා...බන්...තද...කරන්ඩ
ආව්හ්...ආව්හ් තමයි ...ඇයි ගහගන්නකොට රිදුන් නැද්ද ...කෝ උඹගෙ මහ තැන.....ගොබ්බය වගේ ඔලුව ගහගන්නකොට ඌට බැරි උනාද ඌව නවත්තන්ඩ.....
මං මීක් නොගා අහන් උන්නා.....පින්තූරෙ පිටිපස්ස කියවපු උදාර උන්නෙ කර කියා ගන්න දෙයක් නැතිව මටත් වඩා අසරන වෙලා වෙද්දි මබ් උගෙ කලවෙට අත තිබ්බා...
සමහර විට ...රවිදු මේ ගැන දන්නවා ඇතිද උදාර....
වෙන්න බෑ....එහෙනම්....මූ ඔයිට වඩා දේවල් කියලා තියනවා....අපි කොහොමද බන් මේක කියන්නෙ.....මේ හේතුවටයි ඌ මැරුනෙ කියන්න.....මූ උගෙ ඔලුව පිස්සු වට්ට ගනී මයුර ඌ නිසා ජනත් අයියට මෙහෙම උනේ කියලා ....
මොකකද උදාර ඔයා කියවන්නෙ..මොනවා ගැනද...අල්ල ගන් මේක තවත් ඉන්නවා...එන තරහට තොට ගහන්ඩ හිතනවා පිට පුපුරලා යන්ඩ....
මගෙ ඔලුවට අයිස් තද කරන් උන්න කල්පනයා ආයන මට කෑ ගහලා අපි දෙන්නා ගාවින්ම ඉදගත්තා වගේම උදාර උගෙ අතට පොතයි පින්තූරෙයි තිබ්බා.....වෙනසක් නෑ...කල්පනට උනෙත් අපි දෙන්නට වෙච්ච දේමයි...කල්පනට දැනුනෙත් අපි දෙන්නට දැනුන වේදනාවමයි.....
ම්..මයුරයා...මේක...
මන්දා....කල්පන.....කොහොමද ඕක අපි උගෙන් අහන්නෙ....මොන දේ උනත්...මට බෑ රවිදුවට මං විදින වේදනාව විදිනන් දෙන්න....ආදරෙ උනත් ...උඹලා දන්නවා මගෙ හිතේ වේදනාව....ඌ දවසක....ජනත් අයියට ආදරෙ කරන්න ගත්තා කියමු.....ජනත් අයියත් .....නිම්න වගේ ඌ ගාවට ආවා කියමු.....
අවසානෙදි අපි දෙන්නටම ඉතුරු වෙන්නෙ අසීමාන්තික වේදනාවක් කල්පන....මම දන්නෙ නෑ...මගෙ දරාගැනීම නෙවෙ....රවිදුට තියෙන්නෙ ...
ඒත් ..එහෙමයි කියලා ...අපිට ඌව නවත්තන්නත් බෑනෙ නේද මයුර.....
ම්ම්ම්...ජනත් අයියත් ..උඹගෙ බුංජියා වහේ උගෙන් සැනසීම විතරක් ඉල්ලුවොත්...මොකද කරන්නෙ මයුරයා...අපිට උගෙ තීරනෙ වෙනස් කරන්න බෑ බන්...හැබැයි...ඌ ගන්න මොන තීරනෙ උනත්....අපි උගෙ පැත්තෙන් හිටගන්නවා..හරියටම ..අපි තුන් දෙනාම...උඹගෙයි බුංජියගෙ පැත්තෙන් හිටගත්තා වගෙ.....
මං බලාගන උන්නා...උන් දෙන්නා ගාවම තියෙන්නෙ එකම උත්තරෙ....උන් දෙන්නම දුන්නෙ එකම උත්තරෙ....එහාට මෙහාට වැනුනට මොකද.....ජනත් අයියත් හොයන්නෙ සැනසීම කියලා දන්න මට අමාරුවෙන් උනත් රවිදු මොන තීරනේ ගත්තා උනත්...ඒකට එකග වෙන්න සිද්ද උනා.....
උඹලා මට ඉන්නවා වගේ....මේක...අපි උගෙ පැත්තෙන් ඉන්න ඕන වෙලාව...උඹල දෙන්නා කියන කතාව හරි කල්පන...ගන්නෙ මොන තීරනේ උනත්.....අපි උගෙ පැත්තෙ.....
මොන දේ කරන්නත් කලින් මයුරයා.....ජයවර්ධනයගෙ ඇටයක් ගලවන්න වෙනවා....
මේක....ඇස් පනාපිට ගත්තු පල වෙනි බිල්ල නම්...අපි නොදැන තව කීයක් ඇතිද කියපන්.....කොහොමත් ..උගෙ ලිස්ට් එකෙ උඹයි මායි ඉන්නවා.....තව ඉස්සරහට කීයක් ඉදීද...
එරමිනියා ගොතාගන ඉදගන උන්න මං කල්පන කියන වචනයක් ගානෙම අහන් උන්නා....ඇත්ත....මේක ඇස් පනා පිට ගත්තු පලවෙනි බිල්ල....එතකොට....තව ඉස්සරහට....
උඹ කිව්වා හරි....එයාට මොකක් හරි කරන්න.....
මට එතනින් එහා කල්පනට උත්තර බදින්න උනේ නෑ..සාක්කුවෙ තිබුන මගෙ ඵෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්තා සමහර විට ගෙදරින් වෙන්න ඇති.....
කව්ද...කමනිද.....
මං ඔලුව වැනුවා.....මොකද මාත් බලාපොරොත්තු උනෙ අම්මගෙන් හරි අප්පච්චි ගෙන් හරි කෝල් එකක් උනත්.....ඩිස්ප්ලේ එකේ වැටුනෙ ජයවර්ධන N කියලා....ජයවර්ධන නාකියා.....උගෙ ලගට මගෙ නම්බරේ අමුතුවෙන් යන්න විදිහක් නෑ..මොකද ....අපි ගත්තෙ උගෙ ගෙදර....
මූටා ආයුශ තියනවා...මූ මැරෙන්නෙ නෑ කලප්න...
ජයවර්ධනයා...
ම්න්....
මං ඵෝන් එක උන්දෙන්නගෙ පැත්තට හැරෙව්වා.....
ස්පීකර් ඔන් කරපන්.....මොන ලබ්බට දන්නෙ නෑනෙ ගන්නෙ...
මං කෝල් එක ආන්ස්වර් කරලා ස්පීකර් එක ඔන් කෙරුවා .....
හෙලො අංකල්....කියන්න....
..ආ...පුතා.....මයුර මං ජයවර්ධන අංකල්....
දන්නව දන්නවා අංකල් ඩිස්ප්ලේ එකෙ නම වැටුනා...මොකො අවුල හදිසියක්වත්ද ...
අයියො..නෑ..නෑ....හදිසියක් නෙවෙ...මං මේ පුතාලගෙ කඩේට ආවා...
ඇයි අංකල් අපෙ රොහාන්...නෑ...මං කියන්නෙ අපෙ අප්පච්චි නැද්ද....
ඉන්නවා....ඉන්නවා...පුතා අප්පච්චි ට කතා කරන්නෙ නම කියලද....
අයියො ඔව් අංකල්...අපෙ අප්පච්චි මා එක්ක බොක්කෙ ෆිට්...ඔය වෙන අප්පච්චි ල්ා වගේ අපේ ගෙදර හිට්ලර් පාලන නෑනෙ...හිටු කිව්වොත් හිටු කියන.....බෙල්ට් අරන් හම ගැලවෙන්න ගහන...ගෝත්‍රික අදහස් තියන කෙනෙක් නෙවෙනෙ අපෙ රොහාන්.....
මං උන්නෙ හිතේ කේන්තියෙන්...අරුන් දෙන්නා බලන් ඉන්නකොට මං මාව හරි අමාරුවෙන් පාලනෙ කරන් මන් ජයවර්ධනයට උත්තර බැන්දා...
ඒක ඇත්ත...රොහාන් හරි හිත හොද මනුස්සයා....
අයියො ඔව් අංකල්...අපෙ අප්පච්චි ගාව පිටට එක මූනයි...ගැනිටයි ලමයිට එක මුනක් නෑනෙ..කොතනටත් එක මූන...
ඒකනම් ඇත්ත....දැන් ඉන්න මිනිස්සුන්ව විස්වාස කරන්න හරි අමාරුයි....
අපො ඔව්...අන්කල්...ඒක ඇත්ත....උදව් කරන විලාසෙන් ඇවිත් බෙල්ලට තොන්ඩුව දානකන් හොයන්න බෑ.....මහ වේසයිනේ අංකල්....පුදුම වේසයි...අංකල් අහලා තියනවද රෙද්දෙ පිහන්න ඕන උන් ජාතක උනහම හරි වදේ කියලා ...උනුත් ඒ වගෙමයි...විස්වාස කරන්න අමාරුයි එකට ඉදලා ඇරලා යනකන් හොයන්න බෑනෙ....තෙල් නැතුව අරින්නෙ.....
අරුන් දෙන්නා මාව කොනිති ගහනවා...මාව මිරිකනවා...හිමින් කියපන් කියනවා....උගෙ කටහඩ අහන වාරයක් වාරයක් පාසාම මගෙ සර්වාංගෙම තියන ලේ රත් වෙවි නටන්න ගන්නකොට සුචිත්‍රම්මගෙ හැදියාව තියන මිනිහට මං තේරෙන නොතේරෙන කුනුහර්ප පවා කියලා ඇරියා ....
එ..ඒක..නම් ඇත්ත පුතා....ඔයා අර පොත් ටික ගත්තද....
ආ..ඔව්...අංකල්....ඒක ගත්තා.....මේ හත් පාට පොත අංකල්...මේක...මේ...අංකල්ගෙම ප්ලොට් එකක්ද....??
.ඔ..ඔව්..පුතා...ඔය ඔක්කොම මගෙ....මේ දවස්වල සේල්ස් තියෙන්නෙම ඕකට ...
ඒක එහෙම වෙන්න ඕනනෙ...අනිත් හැම පොතටම වඩා ඒ පොත හරි ආදරනීයයි...කලින් ඒවල රයිටින් ස්ටයිල් එක.....මේ හත්පාට එක්ක බලනකොට....හිතන්න බෑ අංකල්මද ලිව්වෙ කියලා...කොහොම උනත් ..ඒක මාස්ටර් පීස් එකක් අංකල්...
කොල්ලා මාව වර්නනා කරනවා.....
අයියො නෑ අංකල්...මං අංකල්ව වර්නනා කරන්නෙ නෑ...මං වර්නනා කරන්නෙ කතාවෙ කතෘව....
මං හිතන්නෙ අරූට නිකන් අන්ද මන්ද වෙලා වගේ ඇති...කියන්නෙ මොකක්ද...මං කිව්වෙම අනිත් අතට කතාවක් වෙනකොට මට තේරුනා ඌ හිනා වෙන්නෙ හිනාව මවාගන කියලා .....
අංකල් මේ හදිස්සියෙ....උවමනාවක්ද....නැත්තන් නිකන්ද...මං මගෙ යාලුවෙක්ගෙ මලගෙදරක ඉන්නෙ අංකල්....
ආ....එහෙමද.....කව්ද නැති වෙලා තියෙන්නෙ....
.අපිට වඩා අවුරුද්දක් දෙකක් වගෙ වැඩිමල් අයියා කෙනෙක්..... suicide ,කරගන
අයියො....තරුන ජීවිත....අපරාදෙ දෙයියනේ...ප්‍රේම සම්බන්දයක්ද...
අයියො නෑ අංකල්....ඒ අයියට ඒ දේවල් වලට මැරෙන්න තරන් ගැට්ටෙ අමාරුවක් නෑ...මෙක වෙන කේස් එකක්....මොන දේ උනත්...අංකල්....මේ කොල්ලට මැරෙන තැනට වැඩ කරපු එකාව හැදිගෑවෙන්න ඕනා...නිකන් නෙවෙ.....පාරක තොටක යනකොට හොද බර වාහනෙකට අහු වෙලා පත්තරයක් වෙන්න ඕනා..මං සාප කරනව නෙවෙ අංකල්....ඌ හේතු නැතුව මැරුනෙ...හැබැයි...හේතු නැතුව මැරෙනවා කියන්නෙත් ලොකු හේතුවක් අංකල්...කොල්ලට තොන්ඩුව දාගන්න තැනට වැඩ කරපු එකාව හැදිගෑවෙන්න කියලා සීනිගම ගිහින් පොල් ගැහුවත් මදි අංකල්...ඒ තරම් හිතට දුකයි.....
ම්ම්ම්ම්...මයුරට මං ගත්තෙ ...අනිද්දට....අපෙ අලුත් පොතක් එලිදානවා...කැමති නම් එන්න කියන්න....ඔයාටයි....ඔයාගෙ...
ආ...ආ..කොහෙද ...කින්ද මන්ද කියලා මට මැසේජ් එකක් දානවද අංකල්...මං දැන් මේ හට් ගහන්න යන්න යන්නෙ...
හ්..හරි....මන්
බීප්...බීප්....බීප්...
මං කෝල් එක කට් කරල දැම්මා..මොකද මාව නලියනවා මන් දන්නෙ නෑ මං මොනවද කිව්වෙ කියලා...මං දන්නෙ නෑ....ඌ මගෙන් මොනවද ඇහුවෙ කියලා ....තරහව වැඩි කමට මාව වෙව්ලනවා...මගෙ අතින් ඵෝන් එක අතෑරුනා...
මූ.මෙච්චර හරියක් කරලා තව පොත් ගැනත් කියනවා...අ මයුරයා.....මූ ඇත්තටම මොන ජාතියෙද.....
ඌට ජාතියක් ජම්මයක් නෑ කල්පන....හැබැයි....උගෙ ඊලග ඉලක්කෙ උඹයි මායි.....ප්ලෑන් එක වෙනස් කරන්න වෙනවා.....කල්පනයා....උඹ නෙවෙ හරියන එකා.....රවිදුවා....
රවිදුවා...උඹ කියන්නෙ....දැන් උඹගෙ කොල්ලා මම නෙවෙ....රවිදුවා කියලද.....
ම්න්....
ඌට කරන්න පුලුවන් වෙයිද මයුර.....ශුවර්ද.....මං කල්පනවම ගන්න කියනවා නෙවෙ.....
නෑ උදාර...ගින්නෙන් බැට කාපු එකයි....පිලිස්සුන තුවාලෙ වේදනාව දන්නෙ....මං හිතන්නෙ...කල්පනය වඩා.....රවිදු ආවොත්.....ඌට සැනසීමක් දැනේවි.....
එතකොට ...ඌ ඇහුවොත්....
ඇහුවොත් කියනවා....ම්ම්ම්ම්....
ඌට කියපන්..කල්පන මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා .....එතකොට උඹලා තනි නෑනෙ.....
උදාරයා....
නෑ....ඒක තමයි කරන්න තියන එකම දේ....මොකද ....උඹල දෙන්නව තනි කරන්න බෑ...මේක මේ සීනි බෝල වැඩක් නෙවෙ ...කල්පනට කොහොමත් අවුලක් නෑනෙ....ඒ විදිහට කියපන්...
නෑ...නෑ...මටත් අවුලක් මයුරයා....උදාරගෙ කතාව ඇත්ත...මං උදාරගෙ කියපන්කො...
මං තත්පර ගානක් උදාර දිහ වගෙම කල්පනයා බලන් උන්නා...මල ගෙදර ඉන්නෙ හින්දා මොකුත් කියන්නත් බෑ....හැබැයි...මුන් දෙන්නා ගානට පොල් පැලෙ කාගන්නවා.....කොහොම උනත්....හෙට අනිද්දා මුන් දෙන්නා ඕක කරගන්නවමයි.....
වරෙන් යන්න එලියට...මෙතන උන්නා කියලා වැඩක් නෑ....හට් ගහන්න කට්ටිය ඇවිල්ලා...කොල්ලො.කොඩි වැල් කපන්න යන්නෙ...වරෙන් මයුරයා යමු.....කෙල්ලොත් ඇවිල්ලා කෝපි හදන්න...දැන් ඉතින් ඒකිලා ගාව තියන කැටයනුත් බලන්න එපැයි..නෙ උදාර.....ආ...ආ..නෑ...නෑ.....ඒකිලා.කැටයන් දැම්මට මං ඔය ගෑනු ජාතිය ගැන එහෙම ඉන්ටරස්ට් එකක් නෑනෙ...වරෙන් මයුරයා
මං අරූව චුට්ටක් බලල එන්නම්.....
.මං ලාවට ඔලුව වැනුවා....මුන් දෙන්නා අපි කාටත් කොලෙ වහලා සෙට් වෙලා වත් දෝ...
උන් දෙන්නම එලියට ගියා...මං එහෙම්ම රවිදු උන්න කාමරෙට ගියා.....රවිදුවා ඉන්නවා.....ඇස් වැහිලා.....ඌට නින්ද ගිහින් ...මං එහෙම්ම උගෙ ඇද කොනෙන් ඉදගත්තා...ඌට නින්දෙනුත් ඉකි ගැහෙනවා....
උඹ හරි පව් බන්....මං දා...රවිදුවා...උඹ...ගෙ හිතෙත්.....ආදරයක්....තිබුනද .....නැද්ද....කියන්න දන්නෙ උඹ...ඒත් ...උගෙ හිතෙ උඹ ගැන ආදරයක් තිබිලා රවිදුවා...මන්දා.....උඹ අවසානෙදි මගෙ පාරම තෝර ගනීද....නැත්තන්.....ජනත් ට...උගෙ ආදරෙත් එක්ක සදහටම වැලලෙන්න දෙයිද කියලා ....
මට උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි බන්.....තෝරගන්න මොන පාර උනත්.....අපි ඉන්නවා...හැබැයි....උඹ...මගෙ පාර තෝර ගත්තොතින්....දරාගන්න හැටි..උපාධි පිට...උපාධි ගහල හරි ඉගන ගනින් රවිදුවා.....
උඹල හැමෝම දන්නවා....මං හුස්ම ගන්නෙ....ගිනි මැද ඉදන් කියලා...මගෙ ආදරේම හරි වේදනාවක් බන්....අපි...අතර තියෙන්නෙ....මොන තරම් ලොකු ආදරයක් උනත් ...දවසක මේ හැම දේම හරි යයි....කියන දේ මට කවදාවත් හිතන්න අමාරුයි රවිදුවා..මොකද....දවසක වෙන්නෙ.....මට අන්තෙටම කඩන් වැටෙන්න....
ඉතින්...උඹ තීරනේ කරපන්...හසරැල්ගෙ ප්‍රාර්තනාව යතාර්තයක් කරනවද....නැතිනම්....කුලුදුල්ම ආදරේ...අප්‍රකාශිත විදිහට .....අඩි හයක් යටට මිහිදන් කරනවද කියලා ....
ඒක....උඹගෙ තීරනයක්...
නින්දෙනුත් ඇස් වලින් කදුලු කැට එලි බැහැපු ඒ ඇස් දෙක පිහදල මං උව රෙද්දකින් පොරවලා එන්න ආවා වගේම උලුවැස්ස පනිනව එක්කම දොර රෙද්දෙන් එහා හිටපු කෙනාව මගෙ ඇගේ හැප්පුනා...
ජනත් අයියගෙ අම්මා....
එකම කදුලක් බිමට නොදාපු අම්මා...
මට ජනත්ගෙ වචන මතක් උනා....අම්මා රහසින් වත් අඩනවද ඇහුවා....අප්පච්චි අඩනවද අහපු හැටි මතක් උනා.....මං ඇදේ උන්න රවිදු දිහා බලලා ජනත් අයිය්ගෙ අම්මගෙ මූන දිහා බැලුවා.....
..ජයවර්ධන psychiatrist දුන්න විසදුම මේකද ඇන්ටි.....එකම ළමයා නේ...ම්ම්ම්....එකම ලමයවනෙ....මරාගත්තෙ....ඌ psychiatrist නෙවෙ...අමු psycho කාරයෙක්...තමන්ගෙම ගෑනු දරුවො මරාගත්තු තිරිසනෙක්....
මයුර.....
මං බලන් උන්නා...ඔය ඇස් වලින් එක කදුලු පොත්තක් වැටුන් නෑ.....ඇයි....ඇන්ටිලාට ඒ තරම්ම සමාජෙයි සංස්කෘතියයි ලොකු උනාද...ආදරෙ කරන එක....ඒ තරම්ම පවක්ද ඇන්ටි...
මයුර මොනවද කියවන්නෙ...ජනත් නැති උනෙ
ඇන්ටි....කොලෙ වහන්න එපා....ජීවත් වෙන උන් බොරු කිව්වට.....මල මිනිස්සු කවදාවත් බොරු කියන්නෙ නෑ...ඇන්ටිලාගෙ ඔලුව දැන් හිස්....දවසක් එයි.....ඔය හිස් වෙච්ච ඔලුව තදින්ම ජනත් ගෙ සොහොන් කොත ගාව වදින..අන්න එදාට ඇස් ඇරෙයි...උගෙ බෙල්ලට තොන්ඩුව දැම්මෙ.....ඌනෙවෙ...උඹලා කියලා ...ඌව මරාගත්තෙ...පිට උන්ට වඩා...අම්මා තාත්තා කියලා ....
ඇන්ටි....අද හෙට වලදාන්නෙ...ජනත් අයියා විතරක් නෙවෙ...ඌ ඔය දෙන්නට දුන්න අම්මා අප්පච්චි පට්‍ටමත් ඒ ගොඩට වැටෙනව කියලා මතක තිය ගන්න.....
ම...යු.....ර.....
වැඩක් නෑ...උඹලා මිනිමරුවො වෙලා ඉවරයි.....දරුවෙක්ට විතරයි.....අම්මා අප්පච්චි කියන පට්‍ටම දෙන්න පුලුවන් අදින් පස්සෙ...උඹලා නිකම්ම නිකන් ගෑනියෙකුයි...මිනිහෙකුයි...ඌ ඇහුවෙ මෙච්චරයි ...මගෙ අම්මා....රහසින් වත් අඩනවද කියන එක විතරයි .....දැන් සතුටින් ඉදපල්ලා ...ආදරේ කරන එක වරදක් කියලා ඌට දුන්න දඩුවම කොච්චර ලොකුද කියලා හිමීට හිතලා මැරි මැරි ජීවත් වෙයල්ලා...
මං ජනත් අයියගෙ අම්මගෙ මූන කලු ගහන කතා ගොඩක් ඒ මූනටම කියලා එන්න එනවත් එක්කම මං බලගන ගෑනි දොරකොඩ ගාවම බිම ඉදගන් පපුව අල්ල ගත්තා...දැන් පපුව ගලවලා අතට ගත්තා උනත් වැඩක් තියනවද ...
නෑ....ඌ යන්න ගියා.....ඌ මගෙ නිම්නලාගෙ ලෝකෙට ගියා....
විනාඩි ගානක් ඇතුලත හිස් උන සාලෙ පහනක් අවුලාපු ජනත් අයියගෙ පින්තූරෙ තිබුනා....
මට හුස්මක් පිට උනා....
සුදු ශර්ට් එකක් ඇදපු ඒ මූනෙ පේන නොපෙනන ගානට හිනාවක් ඇදිලා තිබුනා.....ඒත් එ හිනාව අස්සෙ හැංහිලා තියන වේදනව අහවර වෙන්නෙ මරනෙකින් කියලා තව පාරක් ඔප්පු කරන්නද කොහෙද ගෙට උඩින් උලලේනියෙක් අඩාගන පියෑඹුවා.....දැන් ඉතින් මරනෙ සිද්ද වෙලා අහවරයි.....
ජනත් හසරැල්...
මගෙ ඇස්වලට ආයම කදුලු මතු උනා....එයා වෙලහට එයා ගාවම ඇති....එයාට කරන්නෙ කියන්නෙ මොනවද කියලා එය ලගට වෙලා බලාගන ඇති....

ජ්....ජනත්.....අයියා....මට.....ආදරේ....
කරලද මයු....ර....ම...ගෙ ..අයියා.....මට....ආදරේ....කරලද.....ක්...කියපන්.....මයුර...ඩිම්පල්....මට ආදරේ කරලද...ඩිම්පල් ....මට...කියන්න.....හදපු....කාරනාව...මේකද මයුර...
රවිදු....උ..උඹ.....
මාව ගැස්සිලා ගියා....පහන ඇවිලෙන ජනත් අයියගෙ පින්තුරෙ දිහාව බලන් උන්න මාව ගැස්සිලා ගියා....ඇදෙ උන්න රවිදුවා මගෙ ගාවට ඇවිදින් හිටන් ඉන්නවා .....
ඌ මගෙන් අහනවා ජනත් අයියා ඌට ආදරෙ කරලද කියලා ....ඒත්.....මට දැන් හිත හදන්න නෑ කියන්නත් බෑ.....ඌට හැම දේම ඇහිලා හමාරයි....
රවි...දු.....ජනත් අයියා...
මට දෙයක් කියන්න තියනවා කියලා .....නොකියපු දේ...මේකද මයුර...මට....ආදරෙයි....කියන එකද.....මට ආදරෙ කරපු වරදට ද.....බන්...එයාට....
රවිදුවා ...රවිදුවා .....ශ්ශ්....ශ්ශ්....කෝ...කෝ...මෙ වරෙන්....මේ වරෙන්.....
මයුර.....මට....ආදරේ....කරපු....වරදටද...
බන්.....මං....මේක දරා ගන්නෙ කොහොමද කියපල්ලකො....එයා තවදුරටත් ...මේ ලෝකෙ නෑ....කියන....එක ....මං.....දරා.....ගන්නෙ....කොහොමද කියලා මට කවුරු හරි කියලා දීපල්ල දෙයියනෙ.....අනෙ ජනත්....ඇයි...බන්...
රවිදුට ආයම ඇඩුනා....ඒ ඇස්වලින් බලන් ඉන්නකොට කදුලු උල්පත් එලි බහින්න ගත්තා ...අඩලා අඩලම හෙම්බත් වෙලා උන්න ඌට ජනත් අයිය ඌට ආදරේ කරලා කියන එකත් දරාගන්න බැරි වෙනකොට මං ඌව හරි අමාරුවෙන් වත්තම් කරන් ඇවිදින් එලියෙ පුටුවක ඉන්දුවා.....
එලියෙ හට් ගහනවා.....ෆ්ලෑශර් ගහනවා....කොල්ලො කොල්ලො එකතු වෙලා කොඩි වැල් කපනවා.....උන් හැමෝම එලි වෙන ජාමෙ ආපිට ගෙදර එන ජනත් අයියව පිලිගන්න හරි හරියට වැඩ කරන දිහාව මායි රවිදුයි දෙන්නම බලාගන උන්නා....
ජීවත් වෙනකොට ...එයාව තේරුම් ....ගන්න බැරිව ගියපු ...මිනිස්සු ....අද....එයාගෙ මලකද බාර් ගන්න....හරි.....හරියට....වැඩ මයුරයා....මට....කියපන්...මයුර .....ජනත්....අයියා.....
.උඹට මං කියපු දෙ.....වචනයක් නෑර . .අකුරක් නෑර ඇහුනනම්....උඹට ඇහුන හැම දේම ඇත්ත රවිදු.....ජනත් උඹට ආදරෙ කරලා ...උඹට දෙයක් කියන්න තියනවා කියලා කිව්වෙ...ඒක.....ඒත්.....ඒ හැම දේටම කලින්....මාරයා ඉක්මන් උනා ....රවිදු....
.....මට....ආදරේ කරනවා කියලද....බන්.....එයා කියන්න.....ගියෙ....ඇයි.....මයු...ර....අනෙ....ආදරේ....කරන එක වරදක් උනේ.....කොහොමද ...දෙයියනෙ ...
නාඩා ඉදපන් ....උඹ අඩන එකෙන් වෙන්නෙ ඒ හිත තවත් රිදෙන එක...මැරිලත් සැනසීමක් නැතිවේවි .. රවිදු . ...
නාඩා ඉදින් කිව්වට....නාඩා....ඉදින් කිය කිය මගෙ හිත හැදුවට....මට කියපන්....
මන් ඉකිගහන රවිදුගෙ අත් දෙකම අල්ල ගත්තා ....
රවිදු .....දෙයක් අහන්නම් .....කල්පනා කරලා උත්තරයක් දීපන්...හැබැයි උඹගෙ උත්තරේ .....අන්න ඒක මට දෙන්න කලින් හොදට හිතපන් රවිදු....උඹ ජනත් අයියා කියන්න ගියපු දේ දන්නවා ....
ජනත් අයියගෙ ප්‍රශ්නෙ ඒකනම්.....උඹගෙ උත්තරේ මොකක්ද රවිදු .....උඹ ආපිට ආදරෙයි කියනවද....නැත්තන් ....ප්‍රතික්ශේප කරනවද.......
මං රවදු දිහා බලාගන උන්නා ...ඒ ඇස් රතු වෙලා....ඇහි පිහාටු ඉදිමිලා ගිහිල්ලා.....
මං....එයාට ආදරෙයි කිව්වොත්...බුංජියා වගෙ.....ජනත්.....ටත්...මගෙ ලගට...එන්න.....පුලුවන්ද ...මයුර....මං...එයාට.....ආදරෙයි.....කියලා....කිව්වොත්.....මට...එයාට...යන්න දෙන්න ....බෑ...මයුර.....අනේ.....උඹ මගෙන්....අහන්න....ඉක්මන්....උනා....නම්....උඹ ජීවත් වෙනවා....
උඹගෙ උත්තරේ....ඕක නම්...රවිදු....උඹට සිද්ද වෙනවා.....මං වගේම අසිමාන්තිකව විදවන්න...උඹට පුලුවන්ද .....ආදරෙ කරන ගමං විරහව විදින්න....
උඹට පුලුවන්ද .....මන් තරම්ම ඔය වේදනා විදින්න....මැරි මැරි ආදරෙ කරන්න...මූනට හිනා වෙලා.....හිත අස්සෙන් නොමැරි....මැරෙන්න.....කල්පනා කරපන් ...උත්තරෙ....මොක උනත්.....උඹට අපි ඉන්නවා ....
මන් රවිදුව තියලා ඉටිකොල කපන දාරාල්පන ජෝඩුව ගාවට ආවා.....අනිත් උන් ඔක්කොම එකට එකතු වෙලා කපද්දි මුන් දෙන්නා විතරක් තනි පන්ගලමෙ කපනවා.....මගෙ මිනිහා ගියා ගියාමයි තාම නෑ...ඒකට මොකද කිව්වෙ කොහොමද අඟූ.....තනි වෙන්න එපා කියලා .....
බලාගන පරිස්සමින් ...
හරි හරි....ඔයා ඔහෙන් කපන්න උදාර
කැහ්ම්.....කැහැම්....මිනිහා විසින් අනාත කරපු මාත් මෙ මැදට ආවට කාරි නැද්ද හාන්දුරුවනෙ .....
ආ...ආ....හරි වේසයි ආ.....කප කප උන්න එක ගත්තා...ඇත්තටම බුන්ජියා කෝ මයුරයා ..
ඌ මාව දාලා ගියා.....තනිකඩයි ආයම.....
ඇහෙන්ඩ කියපන්කො ඕක...චූචි බුංජියා ගහයි තොට රන්කිරි එලි දාන්ඩ.....
රවිදු ..ඌට මොකද මයුර...
ම්ම්ම්ම්ම්.....ඌ දැනගත්තා .....ජනත් අයියා ඌට ආදරෙයි කියලා .....මන්දා ....උදාර....මන් ඌට කියන්න පුලුවන් ටික කියලා .....හොද තීරනයක් ගනින් කියලා කල්පනා කරන්න දුන්නා...
...හ්ම්.....
ඌ....බැරි වෙලාවත් ...ජනාව ඕනෙ කිව්වොත් මයුරයා. .....ජනාටත් අපෙ බුංජියා වගේ එන්න පුලුවන්ද .....
මන් දන්නෙ නෑ කල්පන....ඒ ගැන..... .....මන් දන්නෙ නෑ...ඒ කොහොම උනත් .....ජනත් කියන්නෙ...සැනසීමක් නැතිව මැරුන කෙනෙක්...
ම්ම්ම්....
කීයටද බොඩි එක ගේනවා කියන්නෙ....
තුන විතරවෙයි කියන්නෙ ....
ම්න්.....
මන් ආයම උන් දෙන්නා එක්ක ඉටිකොල කපන්න ගත්තා .....ජනත්ව වටකටරන් උන්න මලගිය ඇත්තො එයා පස්සෙම යන්න ගිහින් තිබුනා....පැයෙන් පැය....පැයෙන් පැය ගෙවි ගෙවි යනකොට දහයෙ කනිසම පහු වෙනවත් එක්කම කෝපි හදන සුවද උඩු හුලගෙ පාවෙන්න ගද්දි ගැටිස්සියො එක පෝලිමට ඉලව් රකින කොල්ලො ගාවට ....කොල කපන කොල්ලො ගාවට....කෝපි බන්දේසි අරන් යනකොට අපි තුන්කට්ටුව ගාවටත් ගැටිස්සියෙක් ආවා.....
අම්මෙ...කැටයම.....
අයියෙ කෝපි එකක්....
ආ ඔතනින් තියන්න නංගි....මේවා වැඩි සීනිද නංගි...
නෑ....අයියෙ...
අඩු සීනිද.....ඒක හොදයි.....මට සීනි අමාරුවට දවසගානෙ බුරිය වටේට බේත් විසි එකක් විදිනවා...කෝ දෙන්නකො....සුදු අත් වලට බර ඇති....ඉදා මයුරයා...උදා.....ම්ම්...මේ කෝපි උදාර....ගන්නම් නේ.....දැන් නම් ඇත්තටම මට සීනි වගෙ නංගි ....
මන් හිතන්නෙ .....මේ එක්කම කල්පනයගෙ මලගමත් අපිට ගන්න වෙයි වගෙ...කෝපි ගෙනාව ගැටිස්සිව දැක්කා විතරයි අරූගෙ බ්‍රේක් නැති කට කතුර වෙනකොට උදාරයා ඉටිකොල කපන කතුර කිටි කිටියට මිරිකගන රවාගන බලන් උන්නා.....
ඒකි යන්න ගියා.....දැන් කෝපි තුන එක ළඟ...උදාරයා රවාගන .....
උදාර ...මේ කෝපි...මයුරයා ගනින් කෝපි එක හුරතල් වෙන්නෙ නැතුව...මන් ගිහින් අපෙ රවිදුවව බලලා එන්නම්....ආ.....නෑ.....එක්කො....පස්සෙ යනවා...පව්.....අර බිස්කට් ගේන නංගි එනවා දැක දැක යන එක...ඔයා ගන්න උදාර....මන් කපන්නම්.....
මන් බිම බලා ගත්තා ...මොකද කොහොම ශෝක උනත් අපි කියන්නෙ මල ගෙවල් පවා හාන උන් ජාතියක් හින්දා මං ඉක්මනට බිම බලා ගත්තා නැත්තන් මට හිනා යනවා.....අප්පච්චිගෙ අප්පච්චි සීයාගෙ මලගෙදර මුන් හෑවා....සීයගෙ ඵෝන් එකෙන් මුන් කමනිට කෝල් කරලා සීයා වගෙ කතා කරලා කමනිට උන ගැනුනා....
මෙතන ඊට වඩා දෙයක් වෙයි කියන බයට මං ඉක්මනට බිම බලාගත්තා වගේම දෙපැත්තට පැද්දි පැද්දි ආව කෙල්ල අපි තුන්දෙනාට බිස්කට් අල්ලන්න ගත්තා ...
අයියෙ....
බිම බලාගන ඉටිකොල කප කප උන්න මගෙ ගාවට ආව කෙල්ල ගෝල්ඩ් මාරියි චොකලට් බිස්කටුයි කලවමට දාපු බන්දේසිය අල්ලනකොට මං බිස්කට් එකක් අරන් කට පුරාවටම හිනා වෙලා ඒකිට විශේශන පදේකුත් ඇඩ් කරලා තැන්කිව් කියලා කිව්වා ....හැබැයි ...තත්පරයක් යන්න කලින් මං ඒක කිව්වෙ මගෙ කරුමෙට කියලා හිතුනා..... කල්පනයට කලින් මගෙ මල ගේ ගන්න වෙයි කියලා හිතුනා ....මට එහා පැත්තෙන් කරවෙන ගදක් ආවා....
දෙයියනෙ මගෙ බුංජියා ඇවිල්ලා...
තැන්කිව් සුදු නංගි....
චැම්කිව්....සුජු...නංගි.....යැයි...යැයි

ව්....වස්තු...ඔ..ඔයා කොයි වෙලේද...ආවෙ.....මං දැක්කෙ වත් නෑනෙ.....ම්...මේ....ඔයාට චොකලට් බිස්කට් එකක් දෙන්නද....
....ආව වෙලාව අදාල නෑනෙ....චැම්කිව් හුජු....නැංගි...අරකිටම ගිහින් කවාගනින් සවුත්තුවා...චැම්කිව්.....හුජු.....යැයි...යැයි...චපලයා.....මටෝන් නෑ...උඹව.....දික්කසාදෙ දියන්.....මං නැති තැන ගෑනු හුරතල් කරන චපලයා...වලත්තයා මං යනවා අම්මලාගෙ දිහා....උඹ ඉදින් තනියම....සවුත්තුවා.....
ඒ ඒ...ඒ..හුරතල් කෙරුවෙ නැනෙ....අනේ ...වස්තු .....නිම්න.....යන්න ..එපා.....ඔහොම ඉන්නකො.....නිම්න.....නිම්න...
නැවතියන්කො....
😒ආය හෙට ඈ...
පයිස්සමින් ඉන්ඩෝ ආතරෙයි....අහස....තරම්
මම ජොබීහ්
Nedeesha ❤️