එයා මට ආදරෙයි කිව්වා...
කෝ ඒත් හාදුවක්....ආදරෙයි කිව්වට පස්සෙ තුරුල් කරගන්න ඕනනෙ....හාදුවක් තියන්න ඕනනෙ.....ඇයි....එයා කටින් විතරක් කිව්වෙ....එක්කො එයා මගෙ වදෙන් බේරෙන්නද එහෙම කිව්වෙ??...
ස්ස්....සංධීර්...
ම්න්...
ඔ...ඔයා....ඇ...අත්...තටම....ම්ම්..මට.....ආ...අදරෙයිද...න්න්..නැත්තන්...ම්ම්....
ඇත්තටම .....
ඇත්තටම ලු.....ඒත් ඉතින් බදා ගන්න එපැයිනෙ.....මම ආයම එයා දිහා බැලුවා....අම්මටම සිරි වෙලා නේද.....අයියෝ....සංධීර්ගෙ කනක් රතු වේගන එනවා.....අයියෝ..අයියො...බාප්පව ආස්‍රේ කෙරුවට වැඩක් නෑ සංධීර් ආදරේ කරන්න දන්නෙ නැද්ද කොහෙද ...නැත්තන් ඉතින් අවුරුදු හතලිස් තුනක් ගිහිනුත් කාවවත් කිස් කෙරුවෙ නෑ කියන්නෙ....එක්කො...එයා දන්නෙ නැතුව ඇති කරන්න ඕනා දේවල්.....කනකොට " මම කනවා ඔයා කෑවද " කියලා අහලා මැසෙජ් එකක් දාන්න...උපන්දිනේ ඇනිවර්සරි එක දාට දොලහා වෙනකන් ඇහැරන් ඉදලා මැසේජ් එකක් දාන්න....කොහෙ හරියනකොට කියලා යන්න ....රන්ඩු උන දාකට "අපි මේක නවත්තමු" කිව්වම මරාගන්න ...තරහ උන දාකට "මම කන්නෙ නෑ කියලා වම් අතුන් මැසෙජ් එක ටයිප් කරන ගමන් දකුනු අතින් බත් කන්න.....
අයියො...මට එයාව මුල ඉදන් හදලා ගන්න වෙයි....
ස්....සංධීර් ....
ම්න්...
ම්ම්....ම්ම්..මාව බ්බ්..බදා ගණ්නෙ නෑ?
ඇයි ?
ඇ ..ඇ...ඇයි අහන්නෙ....එ..එහෙම...ත්ත්..තමයි.....ඔයා ෆිල්ම් වල ද්ද්...දැකලා නැද්ද??
මේක ෆිල්ම් එකක් නෙවෙනෙ?
ය්ය්..යෝහ්.....සංධීර් ....ආ..අදරෙයි...ක්ක්..කිව්වම...බ්බ්...
ම්න්....බදාගන්නම්....
එයා මාව බදා ගත්තා..ඒකත් පැනලා යන්න හදන හොරෙක්ව අල්ලනවා වගේ....ඔහොම බෑ දෙයියනේ...මේක කවුරු හරි දැක්කොතින් ලිංගික අපයෝජනේ කියලා නඩුවක් ෆයිල් කරයි.....ම්හුක්...බාප්පා ගාවට පන්ති වත් යවා ගන්න පුලුවන් නම්... .....ඒත් බාප්පට කියන්නෙ කොහොමද මම ආදරේක පැටලිලා කියලා👉👈...
ස්ස්...සංධීර්....ඔ...ඔහොම ..න්න්..නෙවෙ...ම්ම්..මෙහෙම.....මේ...හෙම....අ..අනේ.....
ම්න්....
ද්ද්...දැන්....හ්හ්...හාදුවක් දෙන්න.....එතකොට....හ්හ්..හරි....
.......
ය්ය්...යෝ....ද්ද්...දෙන්න..අනෙ...
යෙවීන්...මේක මට අමාරුයි....අනික...මේක මට පුරුදුනෑ.....අනික...ඇයි කැමරාවක් ඉස්සරහා බොරුවට කරන දෙයක් කරන්න හදන්නෙ...??
ඉ..ඉතින්....ඒ...එකනෙ....ආ..ආදරෙ...ක්ක්..කියන්නෙ.....??
මං ඔයාට කිව්වා හරි නේද යෙවීන්.....ඔයා තවම ඇත්ත ලෝකෙ ගැන දන්නෙ නෑ...අනික.....කැමරාවක් ඉස්සරහා බදාගත්තට.....එතන ආදරේ නෑනෙ..... ම්ම්ම්....ඒක එන්න ඕනෙ හොතින් මිස....වෙන....මිනි..ආ..හරි...හරි ...
න්න්..නෑ...නෑ...ඕන්...න්නෑ...අ...අපි මේක...අපි.....මේක....න්න්...න්න්..නවත්තමු....ස්ස්...සංධීර්.....ල්ල්..ලෙට්ස්...බ්බ්...බ්‍රේ....
මම කියවන්න ගත්තා හාදුවක් ඉල්ලපුවාම ඒකට දාහසකුත් දේශනා දෙන්න ගත්තු සංධීර්ව තල්ලු කරලා මම මේ සම්බන්දෙ නවත්තමු කිය කිය කෑ ගහන්න ගත්තා...එය කියනවා කැමරාවක් ඉස්සරහා කරන දේවල් වලින් ආදරේ මනින්න එපාලු...ඒකට නෙවෙලු ආදරේ කියන්නෙ ....
එයා කියන කතාව ඇත්ත..කැමරාව ඉස්සරහා තියන කතාව නෙවෙ යතාර්තෙ කියන්නෙ...කැමරාවට පිටිපස්සෙන් තියන කතාවටයි ..නැත්තන් අර මිනිස්සු මොකටද අවුරුදු ගානක් ගිහිනුත් අර tu bys වලට මැරෙන්නෙ.....
අනේ මටත් ඕනෙ එහෙම ආදරයක් ...
මම සංධීර්ව තල්ලු කරපු මම අවසානෙදි ආයම හිතන්න ගත්තා.....තරහ ගියා උනත් එයා කියන කතා සම්පූරනම හරි උනත් මට වේදනාවක් දැනුනා.....යථර්තයක් නොවුනත්...මිනිස්සු කැමතියි ෆැන්ටසි අස්සෙ ජීවත් වෙන්න...වෙනමොකටවත් නෙවෙ....ෆැන්ටසි අස්සෙ හිත් රිදවීම්.නැති හන්දා .ඒත් ..සංධීර් කියන්නෙ කවදාවත් ෆැනටසිය කියන දේ මොකක්ද කියලා නිකමටවත් එබිල බලන කෙනෙක් නෙවෙ එයා හැමදාම තෝර ගන්නෙ වේදනාත්මක යතාර්තයමයි...
එයා ආයම මගෙ ගාවට ආවෙ නෑ එයා අඩියක් විතර පස්සෙන් උන්නා...මම ආයම ඔලුව උස්සලා බැලුවා.....
ස්. සංධීර්... .අපි ම්...ම්ම්..මෙක.....බ්භ්භ්.....භ්භ්....භ්භ්.....ම්ම්ම්....හ්හ්....ස්ස්...ස්ස්...
මාව එටා තුරුල් කරගත්තා ...අවසානෙදි බිත්තියට හේත්තු කරගත්තා....ගොත ගගහා කතා කරපු කට සම්පූර්නම වැහිකා යනකොට නහයෙන් අඩ අඩ ඉල්ලපු හාදුව අනිත් පාර බලෙන් දෙනකොට එක වතාවක් දෙවතාවක් දගලපු මම අනිත් පාර එයාගෙ උරහිස් වටේ අත් අත් ඔතාගන්නකොට පලවෙනි හාදුව මරන්න වගේ දීපු එයා දෙවනි පාර මට මාවම අමතක වෙන්න තරම් පතුලක් නොපෙනන ආඝාදයක් තරම් දුරකට ඒ හාදුව ඇදන් ගියා.....
.ස්ස්.....ස්ස් ස....
දඩස්!!!....
එයා එලියට ගියා....
.මාව දාලා එයා එලියට ගියා නිකන් නෙවෙ දඩස් ගාලා දොරත් වහලා.....ඒ මොකද ඒ උනේ ..එයාට ලැජ්ජා හිතුනා වත්ද ....??? අනේ මන්දා....ඔහොම ලැජ්ජා හිති හිති ආදරේ කරන්නෙ කොහොමද ...???
.ඒ අස්සෙන් බඩත් කොර වෙනවා...බඩ කැලතෙනවා...මට නිකන් මෝර්නින්ග් සික්නස් වගේ....
යෙ...යෙ...
ස්....සංධීර් .....
විනාඩි ගානක් යන්න ඇති.....වයරුත් පටල් කකුලත් බැරුව බැහැගන්න බැරිව උන්න මම බහින්න හද හද ඉන්නකොටම එයා ආවා...යෙවීන් නොකියා අර කලාතුරකින් කියනවා වගේ යෙ යේ කියනකොට මම නාකි මනමාලයගෙ මූන බැලුවා..යෝහ්...කොටහලු උන ලමිස්සි වගේ ...මට පේන්නෙ සංධීර් ටොප් නෙවෙද කොහෙද .... ඒ කියන්නෙ මට තමයි ටොප් වෙන්න වෙන්නෙ...නැත්තන් දෙයියනෙ මෙච්චර ලැජ්ජාවක්...
අර ඇප් එකට පිහිටවෙන්න මාත් සුලුවෙන් දන්න හින්දම හොදයි නැත්තන් කොහෙ වැටහෙන්නද????....
එයා බලන් ඉන්නවා.....හරියටම කුකුල්ලු හොර කමේ ගිය නරියා වගේ ඇස් දෙකත් අකුලන් මෙතන ඉනන් කුකුල් පැටියා දිහා බලන් ඉන්නවා.....නරියෙක්ම තමයි...ඉදලා ඉදලා ඇටෑක් කරන්නෙ හීක් ගෑවෙන්න....
හරියන්නෙ නෑ....ඔය දන්නෙ නෑ දන්නෙ නෑ කරන මිනිස්සු ආදරේ කරන්න ගත්තම උන්ව ආන්බාන් කරන්න අමාරුයි...එයාව හදා ගන්න ඕනා....නැත්තන් සෝමාලියාවට පාන් දැම්මා වගේ බාප්පගෙ කොල්ලව දවසින් දෙකෙන් කාලා දායි.....
මම එයා දිහා බලලා ඔලුව කස කස ඉදලා ලගට එන්න කියලා ඔලුව වැනුවා....එයා ආවා....හැබැයි ලගට ආවෙ නා....මීටරයක් දුරින් උන්නෙ ....
ය්ය්..ය්ය්..යෝහ්...ක්ක්..කොවිඩ්...න්න්..නෑ....නේ.....එ..එන්නකො.....
ම්න්.....
එයා ලගට ආවා..ළගට ආවා විතරයි දුවන්න බලන් උන්න සංධීර්ව මම ලගට ඇදලා අරන් මගෙ කකුල් දෙක එයාගෙ ඉන වටෙ ඔතා ගත්තා...
වයස උනාට මේ මනුස්සයා හරි කඩවසම්...මගෙ නේන්නම් ඉතින්...න්හුක්....තැනින් තැන කෙස් ගසුත් පැහිලා.....කමක් නෑ.....ෆාමසියෙන් හෙනා එකක් ගෙනත් මමම ඩයි කරන්නම්කො....සුදු ගස් ගලවන්න ගියොත් අවසානෙදි තට්ටෙ පෑදේවි....මේ මනුස්සයා වයස කලින් වයසට යන්න යනවනෙ .....
එයා ගල් කනුව වගේ හිටන් උන්නා....
..ස්ස් ..සංධීර්....ද්ද් දැන්..ඔයයි...මා..යි...ය්ය්..යාලුයිනෙ. නේද....??
ම්න්....
..අ...අපි....අතරෙ....ද්..දැන්....ප්ප්..පොඩි....මෙව්වා...එ..එකක්....ත්තියනවනෙ...නේද.....
ම්න්....
.ම්ම්..මෙහෙමයි.....ම්ම්..මං...ඔයාට...ක්ක්..කියලා.....ද්ද්...දෙන්නම්....හ්හ්..හාද...
ම්න්...
මෙච්චර වෙලා කකුල් දෙකෙන් විතරක් අල්ලන් උන්න මම ඊලග පාර් සංධීර්ව අත් වලිනුත් කූරු ගනකොට මන් බලගන ඒ මුනෙ ලේ පවා හිදිලා යනවා....
සෙල්ලම් කරන්න එපා...
ආ....ස්ස්...සෙල්..ලම්..ක්ක්..කරන්න එපා ..කියන්නෙ....ප්ප්..පොඩ්ඩක්...ඉ..ඉනකො....ඉතින්...
ම්න්.....
ස්ස්...සංධීර්....ඔ..ඔයාට....ට්ට්...ටොප්...ව්ව්...වෙන්න...බ්බ්...
විකාරද එහෙම?
පේනවනෙ...පේනවනෙ...උම්මා එකක් දීගන්න බෑ..දීලා දුවනවා...ඒතරම් ලැජ්ජාව...ඒකට මොකද බොටම් වෙන්න් කැමති නැ.....ඇයි වදේ...මොකද වෙන්නෙ මට ඕක දුන්නානම්...ඇගෙන් ඇටයක් යනවද....නෑනෙ.....මම රවන් උන්නා.....වෙනසක් නෑ...එයා කොහොමත් රවාගන නෙ ඉන්නෙ.....එයත් රවාගන උන්නා......
හරි ...මං ඔව්වා ගානට හදලා ගන්නම්...ඊට කලින් එයාට දාන්න නීති ටිකක් තියනවා...එයාට කොයන්න ඕනා මම ඒලෙවල් ලියනකන් පොඩ්ඩක් ඉන්නයි කියලා...අරහෙ මෙහෙ යන්න කතා කරන්න අතපත ගාන්න එන්න එපා කියන්න ඕනා...ඔව්වා කරලා ඔලුව විකාර උනෝතින් එහෙම මට විභහගෙ ලියන්න බැරිවෙයි....
හ්හ්..හරි....ම්ම්..මං...ට්ට්..බ්බ් බොටම්...වෙන්...නම්....හ්හ්..හැබැයි...ක්ක්.කොන්දේසි....ද්දෙක....ත්තුනක්...ත්ත්...තියනවා....
මොනවද...
ක්ක්..කොහෙ...ගියත්...ම්ම්.මට...කියලා..යන්න...ඕ...ඔනා....හරි....
ම්න් ...
ක්ක්..කනකොට ...එ..එහෙම...ක්ක්..කියන්න..ඕනා..ඔ..ඔයා...ක්ක්..කන්නෙ.නැත්තන්...ම්ම්..මං..ක්ක්..කනේ ..නෑ..ව්ව්..වගේ....වි..විකාර...ව්ව්...වලට...න්න්..නම්...ලෑස්ති...වෙන්න...එ..එපා...ස්ස්..සංධීර් ....
ම්න්....
ත්ත්..තව....ක්ක්....කැත....ම්ම්..මැසේජ් ...එ...එවන්න්..බෑ....
....??
ම්ම්..මං....කියන්නෙ...අ..අනේ.....ද්ද්...දැන්....
මං මැසේජ් කරන්නෙ නෑ...
ආ...ආ...එහෙම...ක්ක්..කොහොමද .....ම්ම්..මැසේජ් ...ක්ක්..කරන්ඩ..ඕනා.....ම්ම්..මැසේජ් ...ක්ක්..කරන්ඩ...ඕ..ඕනා...ස්ස්...
සංධීර්.....ඔ..ඔයාට...ක්ක්..කොහොමද...ක්ක්..කියලා...හරි ....ම්ම්..මැසේජ් ...ක්ක්..කරන්ඩ...ඕනා...න්න්..නැත්තම්....ප්ප්..පිට යනවලු.....
පිස්සු....
ප්ප්..පිස්සු...නෙවෙ...හ්හ්..හැටි....ස්ස්...සංධීර්..මා.එක්ක...න්න්..නටාගන...නම්...
එන්ඩ...එපා.....ආ...
මම එයාගෙ ඔලුවට එකක් ඇන්නා.....හිතෙ ඇති මාව දාල මෙතන වටේ යන්න....ඇයි යකො...ඒවා කොහෙද උඹ නම් මාව දාලා යන්න හැදුවොත් අපචාර් නඩුවක් හරි ෆයිල් කරලා හත් අවුරුද්දකට හිරේ යවලා මාත් උඹ එක්කම හිරේ ලගිනවා...එහෙ ඉදන් විභහගෙ ලියනවා...ඇයි යකො...
එයාගෙ ඔලුවට එකක් ඇනපු මම ආයම කියවන්න ගත්තා....
ඕ..ඔන්න..දැම්ම..ක්ක්..කිව්වා...මහ...ර්‍ර්..රෑට....වනචර....ම්ම්..මැසේජ් ...එ..එවන්න...බෑ.....අරව....ඉල්...ලලා..මෙව්වා...ඉල්ල්..ලලා...
මොනව ඉල්ලන්නද මං....පිස්සුද ලමයො?
ප්ප්..පිස්සු...හ්හ්..හම්බෙයි.....ප්ප්...පෙරකදෝරුවෙක්...න්..නේද.....දන්නෙ නැද්ද...ඔ..ඔය ක්ක්..කෙල්ල්නට...එක...එක.....වන
..චර...
ඒ වනචරයොනෙ යෙවීන්.... තමුසෙ හිතන්නෙ මමත් එහෙම එකෙක් කියලද?
හ්හ්..හා...හා...ඉතින්....ඔච්චර...ත්ත්..තරහා ගන්න...එපා...අනේ...ල්ල්..ළමයා...බය වෙනවනෙ...ඒයි.....
එයා මගෙ බෙල්ල ගලවන්න ගියා....යෝහ්....ආදරේ කරන්න ගත්තු දවසෙම නේද මේ මරාගන්න හදන්නෙ...ඔහොම නම් කොහොමද අනේ අපි දෙන්නාපවුල් කන්නෙ.....??
මම හිතින් හොරාවට් මුනු මුනු ගලාමූන වෙස් මූන කරන් ඉන්න මගෙ පෙරකදෝරු කොට්ටෝරුවො දිහා බැලුවා....
ත්ත්..තව එකක්...ත්ත්..තියනවා....ම්ම්..මේක ...නම්.....හ්හ්..හොදටම ...මතක....තියා ග්ග්..ගන්න.....ස්ස්..සංධීර්....ආය...ආය....ක්ක්.කියන්න....නම්...එපා...අනේ....
ම්න්..මොකක්ද??
ර්‍ර....ර්....රූම්...ග්ග්..ගානෙ...ය්ය්...යන්න...නම්...ක්ක්..කතා...කරන්න...එපා....ස්ස්...සංධීර්...මට....ර්...රූම්...ග්ගානෙ...යන්න...එන්න බෑ...
මම එයාගෙ උරහිස උඩ මගෙ දබැරැගිල්ලෙන් බලි කුරුටු ඇද ඇද ඉදලා රූම් යන්න නම් බෑ කියලා කියනවත් එක්කම සංධීර් මාව බිත්තියට තද කෙරුවා ....
ඌ..ඌයි...අ..අනේ....උරහිස්....ක්ක්....කැඩෙ...යි....
උඹ මම මොන ජාතියෙ එකෙක් කියලද හිතන් ඉන්නෙ යෙවීන්...රූම් ගානෙ ලගින්න...?? මොන මගුලටද?? මොනවා කරන්නද????
ස්ස්...සංධීර් ...
මේ අහනවා යෙවීන්...මට රූම් ගානෙ තමුසෙව අරන් යන්න තරම් අමාරුවක් නෑ....හරි....මට ඕනෙ නම්...ඒකට මගෙ ගෙදර තියනවා..නැත්තන්...තමුන්ගෙම ගෙදර....තමුන්ගෙම ඇද තියනවා....ඒත් නැත්තන්...මට කවදාවත් තමුසෙගෙන් ඒ දේ නැතුව උනත් ඉන්න බැරි කමක් නෑ...තේරුනාද....????
මගෙ ඇස් දෙක ලොකු උනා...හරියටම දැන් පුපුරයි දැන් පුපුරයි වගේ...එයා මාව බිත්තියට තද කර කියපු කියුම් අවසාන උනේ මම හූනා වගේ දනි පනි ගාන් ගිහින් රෝද පුටුවෙන් ඉදගන්නකොට වෙද්දි එයා එතනින් එහා වචනයක් කිව්වෙ නැ.....
හා..අපි බලමුකො...උඹගෙ ඔය උපාසක කම කවදා වෙනකන් තියේවිද කියලා ....මහලොකු පෙරකදෝරුවා ...උඹ මට අතක් තියපු දාට තමයි මාත් නඩු අහන්න ගන්නෙ....හිටපන්....හිටපන්....මාත් කලු ලොගුව දාපු ගමන් එකටම විත්තිකූඩුවට නග්ගන්නෙ උඹව සංධීර් නග්ගලා.....කිසිම ආදරයක් නැතුව කෑ ගහනවට ගහනවා උඹට බද්දක්....
.මම පුටුවෙ ඉදන් දත්මිටි කනකොට එයාට ඒක තේරිලාද කොහෙද එක පාරම නැවිලා කම්මුලට හාදුවක් තිබ්බා....මම හැරිලා බලනවා එක්කම අහක බලාගත්තා ....
යෝහ්....ආදරේ උගන්නන්න වෙලා මට....
ඔහොම ඉන්න....
රෝද පුටුවෙ ඉන්දවන් තල්ලු කරන් ආව මාව එයා උස්සන්න හදනවා එක්කම මම වටපිට බැලුවා....කලින් පාරවල් වගේ නෙවෙ අප්පා...මේ පාර හොර හිත හින්දමදන් කොහෙද මට හිතුනෙම වටේම න් අපි දෙන්නා දිහා බලන් ඉන්නවා කියලා වෙනකොට මම ඉක්මනට ඇදට නැග්ගා වගේම බෙඩ් ශීට් එක අස්සෙන් එයාගෙ අත අල්ලනකොට එයා ඉක්මනට අත ඇදලා ගත්තා උනත් මම බැන බැන ආයම ඒඅත එයාගෙන් උදුර ගත්තා.....
කොන්ඩෙ දිගට වවලා....
කරාබුවක් දමලා...
රංචු ගැහී පැන පැන යන
මගෙ පෙම්වතා.... ....
කොයිවෙලෙත් ඵෝන් එක ඔබ ඔබ මොන මොනවදෝ කරන එයා දිහා මට බලන් නැතිවම ඉන්න බැරි උනා...මටත් නොදැනිම මට සිංදු මිමිනුනා....එයානම් මම ඉන්නවද ගානක් වත් නැතුව මොකක් හරි මගුලක් ගැන කල්පනා කරනකොට මම හිතින් එයා එක්ක මල් ගස් වටේ නැටුවා...රටේම තියන හිංදි සිංදුවලට ස්ලෝමෝශන් නැටුවා...වෙලාවකට මට සංධීර්ව ශාරුක් ඛාන් වගේත් පෙනුනා....
එයා ශාරුක් ඛාන් උනාට මම දීපිකා වෙන්නද නෑනෙ...නේ?
ම්ම්ම්..ම්ම්....
මොනවද බලන් ඉන්නෙ....
.ල්ල්..ලස්සන...
....පිස්සු....වයසට නෙවෙ....
ම්ම්.....ප්ප්..පිස්සු....ත්ත්...තමා.....
මහ ජඩයා වගේමයි.....
එයා බනිනවා...මා දිහාවත් නොබලා බනිනකොට මමත් කටට අහු වෙන අහුවෙන් එක කියව කියව ඉදලා එහෙම්ම අම්මගෙ ඵෝන් එකෙන් ෆේස්බුක් එකට ගියා....
යෝ.....ප්‍රනීත්ගෙන් මැසේජ් කෝටියයි.....
ඔයා හොදින් නේද...අනේ කියන්නකො....අනෙ ඔයාට කරදරයක්ද ඇයි මැසේ නොකරන්නෙ.....
මොකද කරන්නෙ ම්ම්....
එක දිගටමටාන්...ටාන් ගාලා මැසේජ් වදිනවා එක්කම එයා මගෙදිහා බලලා මොකද කරන්නෙ අහනකොට මම ඉක්මනටම ප්‍රනීත්ගෙ සම්පූරනම මැසේජ් ටික කපලා දැම්මා...එයාට.පස්සෙ වෙලාවක කියන්න ඕනා මං ගැන මොකක් හරි විශේශ අදහසක් තියනවා නම් ඒවා හරියන් නෑ කියලා ....
..ඇයි කියලා ඇහුවොත්.....
ඒකට මොකද කියන්නෙ...
..මම සංධීර් දිහා බැලුවා .....මිනිස්සුන්ගෙ එක එක රාමු එක්ක මේ වගේ දෙයක් කියන එක ඒතරම් ලේසි නෑ.....එයයි මායිගැන මොකුත් නොකියා.....ඒ කතාව මග ඇරියා නම් හරි .....මොකද හැම එකම කොයන්න ඕනද...නෑනෙ....
ඒඋනාට ඉතින් අපි දෙන්නා හැම දේම බෙදාගත්තනෙ....
නෑ.....එහෙම නෑ...බැදපු ගෑනු මිනිස්සු ගාවත් පුද්ගලිකත්වෙ තියනවා නම් ...අපි හැංගුවම මොකද ...
ම්ම්ම්ම්...මම සුදු පාට සිවිලිම දිහා බලාගන කල්පනා කරනකොට එයාගෙම ලෝකෙක උන්නා....
.හැබැයි ඒ කල්පනාවෙ තරමට එයා කල්පන්ස කරන්නෙ මං ගැන නෙවෙ කියන්න එයාටගෙ ඇගිලි ඇද රෙද්ද තද කරන් ඉන්න විදිහෙම්ම හිතෙනකොට ගොතගහලම මහන්සි මං සංධීර්ට මැසේජ් එකක් යැව්වා ....
සංදීර් ....
ම්න්....
එයා මා දිහා එක පාරක් බලලා අනිත්පාර ම්න් ගාලා රිප්ලයි කෙරුවා ...
රේල් පීලි දෙකක් කවදාවත් එකතු නොවුනට....ඒ දෙක හැමදාම සමාන්තරයො නේද .....
ම්න්....
ඔය මිනිස්සු කොච්චර රේල් පීලි එකතු වෙන්නෙ නෑ කිව්වත්...හරියටම බැලුවොත්...එක අනන්තෙකදි ...කලාතුරකින් හරි ඒ පීලි එකතු උනා නේද සංධීර් ...
පන්ඩිතයා....
....
...
...
"මගෙ"
පන්ඩිතයා ....
එයා ඒකට ඔව් නෑ බෑ මොකූත් නොකියම පන්ඩිතයා කියලා එවලා තත්පර ගානකට පස්සෙ මගෙ කියලා එවලා එයා ඇදෙන් නැගිටලා කොට බිත්තියෙනුත් එහාට ගියා . ගිහින් ඵෝන් එක කනේ තියා ගත්තා ....
අනිවාර්යයෙන්ම ....හෙට අනිද්දා මොකක් හරි වේවි....
සංධීර් .....උඹට වගේම...මටත් පිරිමහන්න ගනුදෙනුවක් තියනවා .....උන්...මට නැති කෙරුවෙ උඹව විතරක් නෙවෙ .....
එයා ඵෝ එක කනෙ තියන් එහා මෙහා යනකොට මං මගෙ ෆේක් එකවුන්ට් එකට ලොග් වෙලා ඇමති පුතාගෙ පටන් ඒකගෙ හත් මුතුපරම්පරාවටම රික්වෙස්ට් දැම්මා ...
ඒලෙවල් ඉවර උනහමත් නිවාඩුවක් තියනවනෙ.....අපි බලමු...ඔයා ගාව මට ජොබ් එකක් තියේවිද කියලා ...තේ හදන්න හරි කමක් නෑ මන් එන්නවා.....ඇවිත් ....ම්ම්ම්..ම්ම්...එක ආවට පස්සෙ බලමු.....
අම්මගෙ වස්තුව .....අම්මා කියන දේ අහන් ඉන්න ඕන....තේරුනාද .....එක්කන් යන්න තාත්තව එවන්නම්....මොනවා හරි ඕනා උනොත් අම්මට කියන්න පුතේ...
.මන් උන්නෙ දෙවනි අම්මගෙ අත්ගොබේ හේත්තු වෙලා.....
..ඉස්පිරිතාලෙ ටිකට් කැපුවා....පුරුදු විදිහටම මගෙ ඔලුව අතගාපු සංධීර් යන්න ගියෙ හාදුවක් තියා පරිස්සමින් ඉන්නවත් නොකියා වෙනකොට මං එයාට මේ වෙනකොට මැසේජ් පන්සීය විතර දාලා එතනින් හාරසිය අනූ නමයක්ම තිබුනෙ අපි මේක නවත්තමු...අපි මේක නවත්තමු කියලා වෙනකොට එයා ඒ එකක් වත් කියවල තිබුන් නැති එකත් ඊට වඩා මට මලපන්නනකොට මන් මගෙ ඵෝන් එකෙ ඩේටා ඕෆ් කෙරුවා ඵෝන් එකත් ඕෆ් කෙරුවා ....එයාට ඕනෙ නම් හොයන් එන්නෙ නැතැයි ...
ටිකට් කපනවා කියපු හින්දම අම්මයි තාත්තයි ආවා උනත්.....මෙච්චර කාලෙකට මාව මග ඇරුන බාප්පයි අම්මයි මාව ටික දවසකට ගෙදර ගෙනියන්න අහනකොට අම්මගෙ ඇස් දෙක දිහා බලන් බැහැයි කියන්න බැරි අම්මා...මට ගිහින් එන්නයි කිව්වා ....
ඒ අම්මා කොහොමද අනිත් අම්මගෙ හිත රිදවන්නෙ...
.අම්මෙක් කියන්නෙ අම්මෙක්ට වෙනකොට අම්මෙක් කොහොමද තවත් අම්මෙක්ට රිදවන්නෙ???
අ..අ.අම්මෙ.....
ඕ.....අම්මා කුසියේ....
මං මුලු ගේ පුරාවටම කැරකුනා ...අම්මට තිබුනෙ හරි හුරුබූටි පොඩි ගෙයක් .....අනෙ මගෙ අම්මා තට්ට තනියම .....කසාදෙ කැඩුන මාත් නැති උන අම්මට හයියක් උනෙ මගෙ බාප්පා උනත්....අම්මට අපිව අසරන කරපු ඒ තාත්තටත් වඩා බාප්පා ආදරෙ කරපු නිසාමද කොහෙද බාප්පා හින්දා කතාවක් පදයක් හැදෙයි කියන බයට තවමත් තාත්තගෙ ගෙදර ගියා...
බාප්පට මේ ගෙදර නවතින්න බැරි කමක් තිබුනද .....
අම්මව බදින්න අහපු බාප්පට ඇත්තටම අම්මව බැදගන්න බැරි කමක් තිබුනද....ඒත් නෑ... ..
ගෙයි පුරාවටම තිබුනෙ මටවත් අදුනගන්න බැරි උන මගෙ ඵොටෝ වෙද්දි කොහෙවත් යන එකියක් අපේ පවුල කඩන්න කලින් අපි තුන්දෙනාම හිනාවෙලා ඉන්න පින්තූරයක් අම්මගෙ කාමරේ තිබ්බා ...
මං උන්නෙ තාත්තගෙ අතේ....තාත්තා අනිත් අතින් අම්මව අල්ලගන...
මම ඵොටෝ එකේ උන්න තාත්තා දිහා බැලුවා ....එයා හිනාවෙලා උන්නා....
මගෙ අම්මව අඩවලා උඹ අද හිනාවෙනවා නම් තාත්තෙ.....ඒ හිනාව වැඩි කල් අල්ලලා හිටින එකක් නෑ ...
මන් ඵොටෝ එක දිහා බලන් ඉදලා ඉදලා අවසානෙදි අම්මව හොයන් කුසියට ගියා....
අම්...මේ....
ම්ම්ම්...
ත්ත්....තාත්තට....ල්ල්...ලම...යි....ඉ..ඉන්නවද ....
මං වෙන මොකූත්ම නාහා අම්මගෙන් තාත්තට ළමයි ඉන්නවද අහනකොට බදින්න තිබුන බිත්තර ඔම්ලට් එකට ලුනු චුට්ටක් දැම්ම අම්මා මා දිහා ඇස් ලොකු කරලා බැලුවා ...
මගෙ අම්මා වදයි නම්....අම්මට බබෙක් හම්බෙන්න ඉන්න බෑ....
අනික ....මට මතක හැටියට බාප්පා කොයිවෙලෙත් කියනවා ඔය ගෑනි ඇමතියලගෙ කරේ ඉන්නෙ කියලා ..
කසාදෙකටු ගාන්න නම්...
මම කොච්චර දේවල් එකතු කරගන්න ඕනද ??
ලමයෙක් ඉන්නවා නම්...ලමයගෙ කස්ටඩි එක...
ම්ම්ම්...ම්ම්...
එකපාරම මොකද තාත්තා මතක් උනේ.....??
න්න්...නෑ...ම්ම්..මගෙ ...න්න්...නමින් ...ද්දා...ණයක් දෙනවා කිව්වා නෙ.....දුන්නද දන්නෙ නෑ...ඒකයි...
දෙන්න ඇති.....බාප්පා ආවම අහන්න ඕනෙ....
චා.....ස්ස්....
තෙල් රත් උන තාච්චියට බිත්තරේ වැටෙනකොට චා....ස් ගාලා සද්දයක් ආවා ....අම්මගෙන් අහලා හිත රිදවනවට වඩා....බාප්පගෙන් අහන එක ඊටත් වඩා හොදයි.....
ලමයෝ...
චාස් ගාන සද්දෙන් තාච්චියට වැටුන බිත්තරේ සුවද කුසියම වහගන්නකොට බිත්තර බදින අම්මව තනි කරන්න බැරි මම ඒ ළඟ පාත ඉදන් ඕෆ් කරලපු ඵෝන් එක ඔන් කෙරුවා ....
එයාගෙන් එක මැසේජ් එකක් වත් ඇවිත් නෑ...
ඔහොම යමුකො... ..ඔහොම යමුකෝ.....
බාප්පෙ...මාව හෙට තාත්තගෙ ගෙදර එක්ක යන්න පුලුවන්ද ?
මං බාප්පට මැසේජ් එකක් දාලා බලන් උන්නා ... ..
එයාගෙන් මැසේජ් එකක් නෑ....ඔන් ලයින් ඇවිල්ලත් නෑ...මොන මගුලෙ කොහෙ ගියාද දන්නෙ නැ.....
රෑවෙලා ආව දෙන්කො යෙ යේ ගාගන ඔය මිනිහව මකනවා මං ....
ටිං.....
මැසේජ් එකක්....මං ඉක්මනට වට්සැප් එකට ගියා....
බාප්පගෙන් .....
ඇයි උඹට එහෙ මොක බලන්නද?
එයා බැනලා...
ඒත් මට යන්න ඕනා....අපිව එලියට ඇදලැ දාපු ගෙදරට මට ආයම යන්න ඕනා ගිහින්...මගෙ අම්මගෙ තැන ගත්තු ඒ ගෑනිගෙ මූන බලන්න වගේම තාත්තගෙ ලේ තියන ඒ කොල්ලා හරි කෙල්ල දිහා හරි බලන්න ඕනා....
අම්මටත් බබෙක් හම්බෙන්න උන්නා ...මං ඒක ඇස් පනාපිටම දැක්කා.....
දැන් ඔය ඉන්න එකීටත් තාත්තගෙන් ලමයෙක් ඉන්නවා නන්....ඇයි අම්මයි තාත්තයි මාව හදා ගන්න ගත්තෙ...??
මං කල්පනා කෙරුවා ....
මේ ළමයා තාත්තගෙමද??
සංධීර් ...
මං ආයම එයාට මැසේජ් එකක් දැම්මා...එයා තවමත් ඔන්ලයින් නෑ....ඒ හන්දම මන් ආයම බාප්පට මැසේජ් එකක් දැම්මා ....
මොන මගුලටවත් නෙවෙ බාප්පෙ දානෙ කටක් කාලා එන්න...
මං ඉවර උන දානයක් ගැන ඉස්සරහට දැම්මත් මට ඕන උනේ අර ගෑනිගෙ මූන බලාගන්න වෙනකොට මං බාප්පට මාව එක්ක යන්න එක්ක යන්න ගගා වද දුන්නා...
උඹ ඒකිට ගහලලුනේද කොල්ලො....
ම්ම්ම්...ගැහුවා ....ඇයි??
මොකෙන්ද ගැහුවෙ ....
අම්මා කනෙ තියල වගේ...වැටකොලු කරලෙන් දමලා ඇරපු එක අම්මා බාප්පගෙ කනේ තියලා වෙනකොට මං ටික ටික වෙලාවක් ඉදලා ආයම රිප්ලයි කෙරුවා
ඒකිගෙ වාසනාව මගෙ අවාසනාව....වැටකොලු කරලක් හම්බුනෙ.....
උඹ නම් මගෙම එකා තමයි....අම්මට කියන්න එපා මං එක්ක යන්නම්...ගියාට කමක් නෑ කොල්ලො ඒ ගෙදර ඉන්නවා පොඩි යක්සනියක්...ඕකිගෙ නූල්පටක් වත් අල්ලන්න එපා යෙවීන් ඔන්න මං දැම්ම කිව්වා ....
බාප්පා මාව එක්ක් යන්න පොරොන්දු වෙලා අවසානෙදි තහංචියක් දානකොට මං ඒ මැසේජ් එක දිහා බලන් උන්නා.....
මට දෙන්න ඕනා ආදරේ....මගෙ අම්මා විදින්න ඕනා සැප....කොහෙවත් යන උන් විදින අපූරුව...
අම්මව තාත්තා අතාරින්න කලින් ...අර ගෑනිත් එක්ක සම්බන්දෙ පටන් ගත්තද ???
අම්මට වන්දි හම්බුනාද ???
හරියටම සමහර තැන් මතක නැති මම ආය ආයම කල්පනා කෙරුවා ....
මට තාත්තා ගැන දුකක් නෑ....
කලකිරීමක් තියෙන්නෙ ...මගෙ ඉස්සරහම අම්මට ගහපු පාර මතක් වෙනකොට මං අවංකවම තාත්තට සමාව දෙනවා වෙනුවට තාත්තව තව ඈත් කරන්න ගත්තා ..
සංධීර් ...වෛවාහක කියන්නෙ කසාදෙ තියනකොටම තව සම්බන්ධක් පටන් ගන්න එකට නේද ??
තවමත් ඔන්ලයින් නැති සංදීර්ට මං මැසෙජ් එකක් දැම්මා.....
තවමඒලෙවල් වත් නොලියපු මං සමහර දේවල් නොසෑහෙන්බ හෙව්වා ...
දික්කසාදෙක වේදනාව දන්නෙ අහිමිවීම විදපු එකා විතරක් වෙනකොට අම්මව නැතුව ගියපු යෙවින්ව මගෙ ඇස් පනාපිට ආය ආයම මැවෙනකොට මේ ලෝකෙට තවත් යෙවින්ල ඕන් නැහැ කියලා හිතුනා.....
අ...අ..අම්මා....
ම්ම්.....ඇයි...බඩගිනිද ....
න්න්...නැ...
පොඩ්ඩක් ඉන්න..බතේ වතුර.... බාප්පත් එනවා කිව්වා .....කීයට එයිද කියන්න දන්නෙ නෑ මගෙ පුතාට බඩගිනි නම් කාලා නිදා ගන්න.....
අනෙ අම්මා පව්...බතේ වතුර කියපු අම්මා හනස්ස පොඩ්ඩක් ඇතුල් කරලා මට බඩගිනි නම් කාලා නිදා ගන්න කිව්වා ...
අ..අම්මෙ.....
.
ඇයි ...
.අ..අම්මට....ද්ද්..දික්කසාදෙන්....ව්ව් ...වන්දි හම්බුනාද ....??
......මට මොකටද දරුවො ඔව්වා ....
ඇ..ඇයි...
ඇයි අහන්නෙ...මං ඉල්ලුවෙ ඔයාව...මිසක් සල්මි නෙවෙ ...
ඉ..ඉතින්...අ..අම්මට ...හ්හ්..හම්බුනාද ???අම්මට...ම්ම්..මාව...වත්.....ව්ව්...වන්දිවත්....හ්හ්..හම්බුනාද ...න්න්න්..නෑ....
යෙවීන්....ඇයි මේ....දැන් ඒක වෙලා අවුරුදු දහයක් ...ඒ මනුස්සයට පවුලක් ඉන්නවා ....
.ඔ..ඔව්.....ඒ..ම්ම්...මනුස්සයට ....ප්ප්..පවුලක්...ඉ....ඉන්නවා ...ඒක...ඇ..ඇ..ත්ත...හ්හ්..හැබැයි.....බ්බ්..බොහෝම....ට්ට්..ටික ක්කාලෙකට....
යෙවීන්.....
මං එතන තිබුන ගිනි පෙට්ටිය අතින් පිඩි කරන ගමන් මගෙ තරහව ටිකෙන් ටික පිට කෙරුවා .....
..ගෘහස්ත හිංසනය.....
ලමා අපචාර ...මානසිකව...වාචිකව...
ඔව් ..උන් මාව අපචාරෙට ලක් කෙරුවා ....හරියටම කියනවා නම්....චිත්තවේෆි අපයෝජනේ ...
පොඩි කරපු ගිනිපෙට්ටිය දිහා බලාගන උන්න මන් ගිනිපෙට්ටිය එක්ක ලාවට හිනාවෙනකොට අම්මා මගෙ ලගට ආවා....
අම්මගෙ වස්තුව .....
අ..අම්මට...ම්ම්....මාව...අයිති....ව්...වෙන්නෙ....නෑ....ක්ක්..කියනකොට ..ම්ම්..මොනවද ....ද්ද්....දැනුනෙ....අ..අම්මෙ.....??
මං අම්මගෙ ඇස් දෙක දිහා බලන් උන්නා....ඒ ඇස් ගැස්සුනා .....මට අම්මගෙන් තවත් දේවල් අහන්න බැරි හන්දම මං කුසියෙ පඩියෙන් ඉදගන්නකොට මගෙ සාක්කුවෙ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා....
සංධීර් ....
මොනවද මේ එවලා තියෙන්නෙ...
එයා මගෙ වැල් වටාරම් දුක් අදෝනාවක් මටම ආපහු එවලා මොනවද මේ එවලා තියෙන්නෙ අහනවත් එක්කම එක තත්පරෙන් දොන්ත යෙවීන්ව මතු උනා වගේම ඒ මැසෙජ් මම නෙවෙ යැව්වෙ වගෙ මන් හොර ගල් ඇහිලුවා .....
"..අපි මේක නවත්තමු සංධීර් මන් කොච්චර ආදරේ උනත් වැඩක් නෑ..."මේ මොනවද යෙවීන්...?????
.එයා ආයම මැසේජ් එකක් එවනකොට මන් බිත්තර කට්ටක් අස්සෙ ඉන්න කුකුල් පැටියෙක් යැව්වා .....යවලා ඒ මැසේජ් එව්වෙ මම නෙවෙ වගෙ රගපෑවා ....
🐣ම්ම්හුක්....
කුකුල් පැටියා....
මගෙ....
යෝ ..සංධීර් .....දුක හිතුන මමයි....දුක හිතුන් නැති මමයි කියන්නෙ දෙන්නෙක් අනේ...
"අපි මේක නවත්තමු සංධීර් ..."මාව එල්ලුම් ගස් යවන්න හදිස්සි කරන්න එපා යෙවීන්.....මරලා දානවා..
ආයම මැසේජ් එකක්....එල්ලුම් ගස් යවන්න හදිස්සි කර්න්න එපා මරලා දානවා කියලා එවපු මැසේජ් එක දැකපු මගෙ බොක්කත් එක්ක කූල් වේගන යනකොට මං බොරුවට හුරතල් වෙන්න ක්‍රමයක් හොයලා ආයම මැසේජ් එකක් යැව්වා ....
සංධීර් ගෙ ඇබිත්තමත සීතලයිනෙ අයියෝ...
පිස්සු...
සීතලයිනෙ සංධීර් ...ම්හුක්.....චුචුල් පැතියත සීතලයිනෙ සංධීර්.....
ගිනි තියාගනින්...
චුචුල් පැටියා
මගෙ.....
🐣යෝහ්.....මටත් ලැජ්ජයියකො.....
ජොබී පුතා නිදහාස්.....
ම්හුක්...චුචුල් පැතියා බුජි....ඔය කිකිලියොත් ගිහින් බුජියන්න....🐣🐣
මම.
Ferdeesha ❤️💚😘 ...