Cherreads

Chapter 34 - 34

බාප්පෙ ...

මං කෑ ගැහුවා බාප්පෙක් නැති මම ,මමවත් නොදන්න බාපෙක්ට කෑ ගැහුවා .....තාත්තට මාව ආන්බාන් කරගන්න බැරි තැන එයා මාව උස්සන් එලියට එනකොට ගෙයි මිදුල පුරා එකම කඩි ගුලක් වගෙ තිබුනා ....

බ්බ්...බයයි ...බ්බ්...බයයි.....ද්ද....දාලා යන්න එපා.....අනේ....ද්දා...ලා යන්න එපා...

නෑ නෑ ඔයාව දාලා යන්නෙ නෑ....ඔයාව දාලා යන්නෙ නෑ.....

මං එයාගෙ ඇගෙ එල්ලීගන දාලා යන්න එපා බයයි බයයි කියනකොට සෙනග අස්සෙම්ම මාව උස්සන් එයා එයාගෙ කලු පාට වාහනේට නැගගන්නකොට අනෙ සිල් ගන්න ගියපු අම්මා ස්වාසෙත් නැතුව දුවන් ආවා ...

අනෙ මගෙ පුතා....

අම්මා කෑ ගහනවා මට මොකුත් වෙලා නෑ කිය කිය තාත්තා අම්මව පරක් කරන්න හදනකොට ඒ අදෝනාවලට මම තවත් බය උනා.....මං.තව තව එයාගෙ ඇගෙ එල්ලුනා....මට ඕනෙ හැංගෙන්න තැනක්...කව්ද කින්ද මන්ද හොයනවට වඩා මට ඕන උනේ ආරක්ශාවක් විතරක් වෙනකොට මං එයාව කිටි කිටියට මිරික ගත්තා ..එයාව කිටි කිටියට තද කර ගත්තා .....ඉවසන්නම බැරි තැන මං ආයම දුවන්න හදනකොට අම්මට කියලා කියලා තාත්තා අම්මගෙ කලබක ගතිය නැති කරන් වාහනේට නග්ගව ගත්තා උනත් මගෙ අත් දෙක දැකපු අම්මා ආයම අඩන්න ගත්තා .....

ඇයි අප්පා ....ඇයි...මේ....අම්මගෙ පුතාට රිදෙනවද....

අශාන්‍යා ඔයා අඩලා තවත් ඌව කලබල කරනවා ....

අඩලා කලබල කරනවා කියන්නෙ මගෙ කොල්ලට රිදෙනවා කියලා කියාගන්නවත් හයියක් තියනවද අකිල...මගෙ දරුවට අම්මෙ මට ...වේදනයි කියලාවත් කියා ගන්න පුලුවන්ද ...ඇයි උඹලා ඔච්චර මගෙ කොල්ලට රිදවන්නෙ....

ලේ පාට අත් දෙක අත ගගා අම්මා තාත්තට පවා බැන්නා....තාත්තට බනින වාරයක් ගානෙම මගෙ අත් දෙක සිල් ගන්න ඇදගන ගියපු උතුරු සලුවෙන් එතුවා...

වාහනේට යට උනේ මොකාද මගෙ තාත්තා කොහෙද ගියේ මේ කිසිම දෙයක් හොයනවට වඩා බය උන පාර මට කම්පනේ දරාගන්නම බැරිව නොදරුවෙක් ගානට වැටෙනකොට සමහර තැන්වලදි මගෙ කටහඩ මට නැතුව ගියා..... .....

මාව ගැහුනා.....ඔලුව පුරාවටම වීදුරු කටුවලින් සූරනවා වගෙ හැගීමක් දැනෙනකොට මං එයාව හපා ගත්තා .....ඒත් එයා නෙවෙ මොකුත් කිව්වෙ.....එයා නෙවෙ මාව ඇදලා පැත්තට කෙරුවෙ අම්මයි තාත්තයි ඉවරයක් නැතුවම කියවනකොට එයා කෙරුවෙ එක දෙයයි පුරුදු කාරයෙක් වගෙ මගෙ පිට දිගෙ අත ගාපු එක...මගෙ ඔලුව අතගාපු එක........

අනේ...ඩොක්ටර් ලමයව සිහි නැති කරවන්න බැරිද...

මං උන්නෙ ඉස්පිරිතාලෙ .....අම්මා තාත්තා ගාවට වත් නොයා ඔලුව වන වන එයාව විතරක් අල්ලන් මන්තරයක් ජපකරනවා හා සමානවම දාලා යන්න එපා ...දාලා යන්න එපා ගගා ගොත ගගහ උන්න මං කෙරුවෙ ඉවරයක් නැතුවම ඔලුව වනපු එක වෙනකොට මගෙ අම්මා මාව සිහි නැති කරන්න කිව්වා...මැහුම් දානකොට මට රිදෙයි කියන වේදනාවටම මට සිහි නැති කරන්න කිව්වා....එක පැත්තකින් නලල අනිත් පැත්තෙන් අත් දෙක ....ඒත් මම කෙරුවෙ හැංගෙන්න හදපු එක වෙනකොට එයාලා බලෙන් වගෙ මාව ඇදකට දාගන්නකොට එයාගෙ ඇදුමෙ කොනක් අල්ලන් උන්න මං ආයම බෙරිහන් දුන්නා ..සමහරු මම පිස්සෙක් කියලා හිතුවා...සමහරු බය උනා...සමහරු හැංගුනා...ඒත් මගෙ ගාවින් හෙලවුන් නැතිව උන්නෙ මගෙ අම්මා තාත්තා වගේම එයා විතරක්ම වෙනකොට එයාව අතාරින්න බෑම කියපු මම ඔලුව වන වන කෑ ගහනවත් එක්කම ලොකුම ලොකු ලයිට් එලියක් මගෙ මූනට වැටිලා මගෙ ඇස් දෙක පියවිලා ගියා .....

මොන මගුලට ඒ යකා වාහනෙ අස්සට රිංගන්න ගියාද ....මං මේ මහත්තයගෙ වාහනෙ බලනට ටිකටනෙ මේ ඔක්කොම...

ඒමනුස්සයට අමාරුලුද....?

ම්න්...

අනෙ ඒකෙන් මේකෙන් මගෙ ලමය බය උනා ... 

දැන් ඉතින් ඇමතියලා ඇවිත් නහින්න හදයි.....දීපු දා ඉදන් මට සැනසීමක් දුන්නෙ නෑ...

ඒක ඔයාගෙ වරදක් නෙවෙ .....

මගෙ වරදක් නෙවෙ උනත් මහත්තයා ....ඒකා ඇමතියා ගාව ඉන්න එකෙක්...ඔය මනුස්ස නොමැරී බේරුනොත් ඇති ...ජන්ද කාලෙ ඔවුන්ට අනක් ගුනක් නෑ....ඇවිත් ගිනි තියයි පවුල පිටින්ම....

ම්න්....ගිනිතියයි...

.......

........

අත් දෙක වේදනා දෙනවා.....මගෙ ඔලුව වේදනා දෙනවා ....මගෙ උගුර කට තොල කට සම්පූරනම වේලිලා ගිහින් තියනකොට සිහිය ගියපු මගෙ ආයම සිහිය ආවා වගේම ඔලුව කැක්කුම හන්දම ඇස් අරින්නෙ නැතිව ටික වෙලාවක් මං ඇස් පියාගන ඉදලා හරිම අමාරුවෙන් ඇස් අරිනකොට මට අම්මා තාත්තව බොද වෙලා පෙනුනා ...මන් අමාරුවෙන් උනත් තවත් චුට්ටක් ඇස් ඇරලා බැලුවා .... අම්මගෙ තාත්තගෙ බොද වුන රූප ළඟ තවත් බොද උන රූපයක් .....කලු පොරවගත්තු රූපයක් .....

ඒ එයා.....

පිස්සුවෙන් වගෙ කෑ ගහනකොට මාව වඩාගන උන්නෙ එයයි....

තාත්තට මාව වත්තම් කරගන්න බැරි තැන මාව වත්තම් කෙරුවෙ එයයි...

ඇස් දෙක ඇරපු මන් මගෙ තාත්තා දිහා බලන් උන්නා....

ත්ත්....ත්...

මට කාටත් වඩා තාත්තව ඕන උනා....වාහනේට යට උනෙ මගෙ තාත්තා නෙවේ කියන එක මගෙ පපුවට ලොකු සැනසීමක් ගෙනාවා උනත් ඒත් තවත් කාගෙ හරි තාත්තා කෙනෙක්නෙ යට උනේ කියන එක මගෙ හිතට වද දෙන්න ගත්තා .....

අනෙ එයාව මැරෙන්න එපා....අනේ එයාට මොකුත් වෙන්න එපා...

මගෙ හදවත දෙයියන්ගෙන් ඉල්ලුවා .....අම්මා තාත්තා නැතිවෙනවට කව්ද කැමති...මං ඇඩුවා වගේම මං කෑ ගැහුවා වගේම ඒ ලමයිනුත් අඩාවි....

ත්ත්...තාත්...තේ....

ඉදලා ඉදලා මන් තාත්තට කතා කරනවා එක්කම තාත්තා මගෙ ගාවට දුවන් ආවා තාත්තා විතරක් නෙවෙ අම්මත්.....එයා විතරක් ලගට එන්නෙ නැතිව ඈත ඉදන් බලන් ඉන්නකොට මගෙ තාත්තා ලගට එනවත් එක්කම මං පොඩි එකා වගෙ තාත්තගෙ ඇගෙ එල්ලුනා ...කතා කරගන්න අමාරු මට ඔච්චරයි පුලුවන් ..

මට මොකුත් උනේ නෑ....තාත්තට මොකුත් උනේ නෑ....මේ ඉන්නෙ ...තාත්තා ..කෝ හොද කොල්ලනෙ ඔලුව උස්සපන්කො....මේ අම්මත් බය වෙලානෙ.....

තාත්තගෙ ඇගෙ එල්ලුන මාව අත ගන ගනන් තාත්තා එයාට මොකුත් උනේ නෑ කියලා කොච්චර කිව්වා උනත් මම නෙවෙ ඔලුවක් ඉස්සුවෙ...මං තාත්තව තද කරලා අල්ලගත්තා ...

ත්....තාත්තෙ...ය්ය් ..යන්න එ .එපා...තාත්තෙ.....

නොයා බෑනෙ ....තාත්තා යන්ඩ එපැයිනෙ....අර ගේ ගාව සෙනගනෙ.....මගෙ පුතා උඹ....තාත්තට මොකුත් වෙන්නෙ නෑනෙ....

තාත්තා මගෙ ඔලුව අත ගගා මගෙ හිත හැදුවා ...තාත්තට මොකුත් වෙන්නෙ නෑනෙ කියලා කියනකොට මම තාත්තව තදින් අල්ලන් උන්නා.....

මගෙ පුතා.....අම්මගෙ වස්තුව...කෝ අම්මට නලල පෙන්නන්න.... අත් දෙක...

තාත්තගෙ ඇගේ එල්ලීගන උන්න අම්මා මාව තාත්තගෙන් ගලව ගත්තා ගලවගන මගෙ අත පය නලල දිහා සිය පාරකට වඩා බලලා ලොකු හුස්මක් ගත්තා....

දවල්ට මොනවද ඔයාට ඕනෙ?

ග්ග් ගෙදර ...ය්ය්...යන්න ඕනනෙ

අදම යන්න බැරුවෙයි ..හෙට තමා යන්න වෙන්නෙ.....

ඇ...ඇයි....

එහෙම තමයි....

මම මගෙ ඇදුම් දිහා බැලුවා....ලේ ගෑවිලා ලේ ගදයි.....අදම යන්න බැරි වෙයි කියනකොට මම එහෙම්ම ඈත ඉදන් අපිදිහා බලන් ඉන්න අලුත් කස්ටර්මර් දිහා බැලුවා .පව් මම එයාව හෙන හයියෙන් හැපුවා....රිදෙනවා ඇති 

අම්මා තාත්තා එක්ක ගිහින් එන්නද . ....තව චුට්ටකින් ආයම එන්නම්...මේ ඇදුම් පිටින් ඉන්න බෑනෙ... ම්ම්ම්....මගෙ පුතා ඉන්නවනෙ

අම්මා මගෙ මූන අතගෑවා...වයස දහ අටක් උනත් අම්මා මට හැමදාම සැලකුවෙ පොඩි එකෙක්ට වගෙ....අම්මගෙ ආදරේ අද වෙනකන් එක අංශුමාත්‍රෙකින් වත් වෙනස් උනේ නෑ...එහෙමයි කියලා තාත්තගෙ ආදරෙ වෙනස් උනෙත් නෑ...ඒත් තාත්තා මම ලොකු වෙන්න ලොකු වෙන්න මාව ගෙයින් එලියට අරන් වෙන කොල්ලො වගේ කරන්න හැදුවට අම්මා කෑ ගැහුවා...අම්මා බය එකම දේ මට වේදනාවක් දැනුනත් කරදරයක් උනත් කෑ ගහගන්න බැරි වෙන හින්දා....කම්පනයක් එන හැම තැනකම මට දරාගන්න බැරි හින්දා.....

සිය වතාවකට වඩා ඉඹපු අම්මයි තාත්තයි යන්න ගියා....අවසානෙදි එයත් යන්න ගියා...අඩුම ගානෙ මගෙ ලගට වට් ආවෙ නෑ....එයා මා දිහා ඈතින් ඉදන් බලන් උන්නා මිසක්කා දැන් කොහොමද කියලා වත් ඇහුවෙ නෑ 

ඒකත් එකට එයා කොහෙද අපේ තාත්තා එක්ක....කෑම එක දීලා ඇවිත් විනාඩි කීයද.....

එයත් එයාගෙ වාහනෙ බලවගන්න ආවද...??

ඒ කොහොම උනත් එයගෙ වාහනේ බලන අතර තුර අරූට උගෙ ඩක්කුව ගෙනියන්න ඉවසීමක් නැතුව ඇතුලට රිංගලා....

ඔතන තාත්තා උන්නා නම්...මාව මැරෙන්න ගියා....ඒත් මේ මනුස්සයගෙ ගෑනි දරුවො....

මම බැන්ඩේජ් කරලා තියන අත දිහා බලන් කල්පනාඅ කෙරුවා ...තුවාල ඇදුම් කනවා...නලල වේදනා දෙනවා...

ආ මේක බොන්න.....

මම උන්නෙ මගෙ අත් දෙක දිහා බලාගන .....ඒ එක්කම මට කටහඩක් ඇහුනා...වෙන කවුරුත් නෙවෙ....අර අලුත් කස්ටමර් .....එයාගෙ අතේ මයිලෝ එකක්.....!!!!

ඒ කියන්නෙ එයා ගිහින් නෑ....

ඕ..ඕයා...ගියෙ නෑ...ද...

ගියා නම් මෙතන ඉන්න බෑනෙ

තියන නපුරු කම...ලෙඩ වෙලා කියල වත් හිතන් නෑනෙ.....

මම එයාගෙ.අතේ තිබුන මයිලො එක ගන්න හැදුවා උනත් එයා දුන්නෙ නෑ..ඇයි යකො දැන් මේක බොන්න කිව්වෙ බොරුවටද...ලෙඩ ගානෙ ඉන්න ලමයව මහන්සි කරවනවනෙ....

ඉ...ඉතින්...ද්දැන්...බොන්න කිව්වෙ....

අල්ලගන්න පුලුවන්ද ....

බ්බ්.....බෑනෙ....ම්ම්...භ්භ්...භ්භ්

යෝහ්...වචනයක් කියන්න දෙන්නම නෑනෙ....වචනයක් කියන්න දෙන්නෙම නානෙ.....බෑ කියලා කට වහන්න හම්බුන් නෑ..අඩුම ගානෙ වචනෙ සම්පූරනම කරන්න හම්බුන් නෑ...එයා මගෙ කටට මයිලෝ බටේ එබුවා....ම්හුක්....රසත් එක්ක අප්පා...එකක් මදි හැබැයි...දෙකක් වත් පෙව්වා නම් හොදයි.....ඒත් ඔව්වා කියලා මගෙ දත් ගලවලා අතට දෙන්නද....

මම හොරා වගේ බටේ කටේ ගහන් මයිලෝ එක උරවන්න ගත්තා ...යෝ....හ්...රවාගන ඉන්නවනෙ.....

බඩට යන එක දිරවයිද.....නෑනෙ....කොයි වෙලෙත් ඉන්නෙ පුම්බන්.....පුම්බන්....

එයා මා එක්ක චුට්ටක් හරි යාලු උනොත් කියන්න ඕනා ඔය එහෙන් මෙහෙන් පැනලා තියන සුදු ගස් කලු පාට කරන්න කියලා ...අපේ තාත්තගෙත් ඔලුව සුදු වේගන එනකොට තාත්තා ජොන්සන්ගෙ සැලුන් එකට දුවනවනෙ....එයාටත් යන්න කියන්න ඕනා...ඒත් ඉතින් යාලු උනොත් විතරයි ....නැත්තන් ඔව්වා කියන්න ගිහින් මාව එල්ලුම් ගස් යවයි.....

සුරුස්.....සෲ.....ස්

ඉ...ඉවරයිනෙ.....

තව ඕනෙද....

ම්ම්.....ත්...තියනවද....

නෑ....

මයිලෝ එක ඉවර උනා....අවසානෙදි සුරුස් බුරුස් ගානකම්ම උරවපු මම එය්ය දිහා බලලා ලැජ්ජාවක් නැතුවම ඉවරයිනෙ කියනකොට එයා මගෙ මූන දිහා බලලා තව ඕනෙද ඇහුවා...මම තියනවද ඇහුවා....එයා නෑ කිව්වා...මේක පුදුම නරක කමක් තමයි...

එ...එහෙනම්...අහන්...නෙ....

ඇහුව පලියට ගෙනත් දෙන්න ඕනද ම්ම්

........

මම කට පියා ගත්තා ..වෙන වෙලාවක් නම් මම මේකට බනිනවා...ඒ උනාට එයානෙ මාව වඩන් ආවෙ....මම හැපුවා....ඒ ඔක්කොමත් කරලා මම කොහොමද බනින්නෙ....මම කට පියාගන හොරා වගේ ඉන්නකොට එයා මයිලෝ එක පෙට්ටිය උරේ දාගන කල්පනා කෙරුවා...

ඔයාට බාප්පා කෙනෙක් ඉන්නවද සංජාන?

විනාඩි ගානක්....අඩුම පැය කාලක් වත් එයා ජනේලෙන් එහා ලෝකෙ දිහා බලන් ඉදලා මගෙන් බාප්පෙක් ඉන්නවද ඇහුවා...ඒකත් මහ බිදුන කටහඩකින්....මට තේරෙන්නෙ නෑ එයාට සැරින් සැරේ මොනව වෙනවද කියලා .....

න්න්...නෑ...නෙ...

ම්න්....

....

එහෙනම් කෑ ගැහුවෙ....

ද්ද්....දන්නෙ නෑ....

ම්න්...

.එයා මගෙන් අහනවා ඇයි බාප්පෙ කියලා කෑ ගැහුවෙ කියලා ....ඇත්තටම මම දන්නෙ නෑ.. ඇයි කියලා ...ඒකට හේතුව මම කොහොමත් දන්නෙ නෑ...මොකද මට බාප්පලා නෑ...ඉන්නෙ මාමලා පප්පලා විතරයි ...ඉතින් මම දන්නෙ කොහොමද ... 

..එයා ඇස් දෙක හීනි කරන ආයම කල්පනා කරන්න ගත්තා සමහර විට එයාට බාප්පෙක් ඉන්නව ඇති....

ම්ම්...මට.....ස්ස්...සමාවෙන්න...මහ...ත්තයා...

මම ඉදල ඉදලා එයාගෙන් සමාව ඉල්ලුවා.....එයා ඇයි කියලා ඇහුවෙවත් මා දිහා බැලුවෙ වත් නෑ.....ඒත් මම ඒකට බැන්නෙත් නෑ තරහා ගත්තෙත් නෑ....එයා වෙලාවෙ හැටියට ඒ උදව්ව නොකෙරුවා නම්...

මම මගෙ ඇදුම දිහ බැලුවා බලන් ඉදලා ඉව කෙරුවා .. ගන්දස්සාරෙ බෑ...බීපු මයිලො එලියට එන්න වගෙ .

බ්...බ්බ්...බ්වෑක්.....

බලන්න එපා එපා එපා කියලා උඩ හිත කිව්වා උනත් යටි හිත කිවේම බලපන් බලපන් බලපන්ම කියලා වෙද්දි මම ටී ශර්ට් එක දිහා බැලුවා බලන් ඉදලා ලේ සිනි ගද ඉව කරලා අවසානෙදි ඔක්කාරෙ කෙරුවා විතරයි එයා දඩ බඩ ගාල නැගිට්ටා ...

ඇයි....

ව්ව්....වමනෙට වගේ...නේ.....

දාන්න ඕනද?

න්න්...නෑ. ...

එහෙනම්...

ම්ම්..මේකෙ...ගද...එ...

ගලවන්න .....

මේකෙ ගද එනකොට අමාරුයිනෙ කියන්න දුන්නෙ නෑ....මට ගලවන්න කිව්වා....ඇයි යකො...අමාරුයිනෙ කියන එක අහලා ගලවන්න කියන්නෙ නැතුව කටින් වචනෙ එලියට එන්න කලින් එයා තීන්දු තීරන දෙන්නෙ..මේක මහ මගුලක් උනානෙ...

මම හිතින් බැන්නා.....මීට කලින් හරි යටහත්ව සමාව ඉල්ලපු මම ඊලග පාර එයාට මම හිතින් බැන්නා...

..ග්ග්..ගලවලා.....අ...අදින්නෙ...ම්ම්...

මේක ඇදගන්න.....

ගලවලා අදින්නෙ මොකක්ද...මොකක්ද...මොකක්ද....මොකක්ද...!!! මගෙ හිත ඇතුලෙ ඉන්න අධ්‍යාත්මික සත්වයා යක්ශාරූඪ උනා. අත්වල තුවාල දෙපිටින් පල කියලා මට ඒකගෙ පිට පුපුරන්න ඩෑස් දෙක තුනක් අතාරින්න හිතුනා ඒත් මයිලෝ එක පොවපු ගුනේ ඉතුරු කරන්න ඕනා හින්දා මම ඉවසන් ඉන්නකොට එයා ඇදන් උන්න ටී ශර්ට් එක ගලවන්න ගත්තා ...

.කැලැලක්.....

.එයාගෙ යටි බඩේ කැලලක් තිබ්බා... .....අත් වලත් තැන් තැන් වල කැලල් තිබ්බා..හැබැයි ඒවා පිච්චුන කැලල්....ඒත් යටි බඩේ තිබුන කැලල පිච්චුන එකක් නෙවෙ...ඒක නිකන්...අර කැපුන පාරක් වගේ..... කොටිම්ම කිව්වොත් එයාගෙ වහගන ඉනන් ඇදුම් අස්සෙන් කැලැල් තිබ්බා. . ...

ම්ම්...මහත්ත...යා ....

ම්න්.....

ඇ..ඇයි...මේ...මෙතන....

බාගෙට ඉස්සිලා තිබුන යට බැනියම අස්සෙන් කැලල දැකපු මම ඇයි මේ අහන කොට එයා ඉක්මනට ඒක වහගත්තා වහගන එයාගෙ ටී ශර්ට් එක මගෙ කකුල් දෙක උඩට දැම්මා..හරියටම අනුන්ගෙ මගුල් හොයන් නැතුවමේක ඇදගනින් කියන්න වගේ.....

ඇදගනත් බෑ ඇදගන්නෙ නැතුවත් බෑ

අල්ල වැහෙන්න බැන්ඩේජ් පටි ඔතලා තියනකොට මට සමහර ඇගිලි නවන්න බැරි උනා...එක්කො හිරි වට්ටපු තැන් වල හිරි යනවද ..නැත්තන් මැහුම් ඇදුන් කනවද මන්දා මගෙ අත්වල ඇගිලි නවනකොටත් මට වේදනාවක් දැනුනා .....

ආහ්....ව්

ඇදන් උන්න ටී ශර්ට් එක ගලවන්න ගියපු මට කෙදිරි ගෑවෙනකොට එයා මා දිහා බැලුව....ඒ ඇස් තවමත් හීනීයි....ඒක එයාගෙ විලසිතාවද මන්දා ..හැබැයි මගෙ ඇස් වලට නම් කදුලු ඉනුවා තුවාල එක්ක මට තව දුරටත් විහිලු කරන්න බැරි උනා...

ඉන්න.....

ම්ම්....හ්....ර්...රිදෙනවනෙ....

ඒක තමයි ඉන්න කිව්වෙ...නලලෙත් තුවාලයක් නේද 

එතනින් එහාට එයා මට ආය තනියම ගලවන්න දුන්නෙ නෑ....එයා මගෙ ටී ශර්ට් එක ගැලෙව්වා න් බැනියම් කර මගෙ නලලෙන් හරි හිමීට ප්‍රවේසමට ගලවලා අවසානෙදි සම්පූරනම ටීශර්ට් එක ගලවලා දානකොට මම උරහිස් අකුලගත්ත . මට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ හිතුනා...

කෝ අත් දෙක උස්සන්න....

එයා ආයම මට අත් දෙක උස්සන්න කිව්වා වගේම මම අත් දෙක ඉස්සුවා....හැබැයි තත්පරයක් වත් යන්න හම්බුන් නෑ එයා මගෙ උස්සන් උන්න අත් දෙක පහත් කෙරුවා ඒ ඇස් අමුතු උනා....

මෙච්චර වෙලාම හීනි වෙලා තිබුන ඇස් තව හීනිවෙලා ඇහිබැම මුහුදු රැල්ලක් හා සමානවම රැලි වැටුනා. ..

ස්....සංජාන....

ඇ..ඇයි.....

එයා බලන් උන්නෙ මගෙ උරපත්ත දිහා.....උරපත්ත දිහා බලන් උන්න එයා මගෙ නම කියලා එක පාරම මාව චුට්ටක් ඉස්සරහට නවලා මගෙ පිටදිහා බැලුවා... බලලා මගෙ දිහා බලලා එක පාරම එක අතකින් කට වහන් අනිත් පැත්ත හැරුනා 

ම්ම්..මහත්තයා ... ඇ..ඇයි...

එයා නෙවෙ මගෙ දිහා බැලුවෙ .... කට වහගත්තු අතින්ම එයා මුලු කොන්ඩෙම අවුල් කරගත්තා ..කොටින්ම එයාගෙ හැසිරිම වෙනස් උනා .....එයා කලබල උනා...සැරින් සැරේම මගෙ දිහා බලපු එයා අනිත් පාර මගෙ ගාවට ආවා....

...සංජාන .....සංජාන.....ඒකද ඔයාගෙ නම...??

ඔ..ඔව්....

ඒක විතරමද.....ඒක....විතරමද...සංජානට පසේ හරි....ඉස්සරහට...හරි ....නමක් නැද්ද...???මේ කැලල....මේ කැලල....ඇයි මේ කැලල...කියන්න පුලුවන්ද ...

එයා කලබල උනා....එයා කලබල වෙලා මගෙන් නම ඇහුවා....ඒ මදිවට මගෙ උරහිසට තට්ටු කරලා කැලල ගැන අහුවා ....

ම්ම්..මම....ද්ද්....දන්....

දන්නෙ නෑ...හරි...මට..මට ඔයගෙ සම්පුර්නම....සම්පූරනම නම කියන්න...

කැලල ගැන මතක නෑ කියන්න හැදුවත් එයා ආය ආයම මගෙ නම ඇහුවා...මගෙ සම්පූරනම නම ඇහුවා.....ඇයි ඒ....මොකටද.....එයා බලන් උන්නා..මම නම කියනකන් බලන් උන්නා එයා හැසිරුනේ මරනෙන් නැගිටපු මනුස්සයෙක් දිහා බලන් ඉන්නවා හා සමාන වෙනකොට මම මගෙ නම කිව්වා....

සංජාන...

එච්චරද ...

න්න්...නෑ.....

සම්පූරනම නම...මට ඕනෙ...සම්පුර්නම නම.....

යෙ...යෙවීන්...ස්ස්....සංජාන.....ප්....ප්‍ර..

යෙවීන්.....!!!!!!

🤭ගුම් මෝනිම් තූයූ....

ජොබියා නිදහාස්...

.ආය එන්නාම්

අග්ගියා එක්ක රෑට එන්නාම්....

මම

.Ferdeesha ❤️💚😘 ....

More Chapters