යෙවීන්.....
මගෙ පුතේ . . .....
යෙවීන්.....
.යෙවීන්....තාත්තා එක්ක තරහා වෙන්න එපා රත්තරන් ..තාත්තා ආදරෙයිනෙ.....අම්මා එනවනෙ මගෙ පුතාව බලන්න....අනික....ශෙහානි ඇන්ටිත්...ආවම....මගෙ පුතාට අලුත් අම්මෙකුත් ඉන්නවනෙ ...නේද.....
ආ....ඔය කියලා දෙන්නෙ...ඔය කියලා....දෙන්...නෙ....යස....අගේට...අහකට....අහකට....පලයන්...මට පුලුවන් ඌව වෙනදා වගේ ඉස්කෝලේ ගෙනියන්ඩ .....උඹ අහකට පලයන් .....
උඹ කොහෙ යන්ඩද . කනමදයා වගේ රැයක් දවාලක් ගෙයක් දොරක් නෑ ..බිබී ඇවිදිනවා.....උඹ කවදද කකුල් දෙකෙන් ආවෙ කියපන්....
යකො...කකුල් ..හතරෙන් ආවත්...මගෙ ගාව....උඹ වගේ.....චීත්ත වැඩ නෑ.....තොපි.....චීත්තනෙ....යෙවීන්.....වරෙන් යන්ඩ.....උඹව.....බාප්පම.....ගිහින් දාන්නම්....වරෙන්....මගෙ...පුතා....ඉස්කෝලේ ..ගියහම.....උඹට කව්ද...මොනවද....කියන්නෙ...ගහපන් ...ඔක්කෝ.....ටම...උඹව....අඩවන්නෙ...කව්ද.....උන්ටත් ගහපන්.....ගහන්ඩ බැරි නම්.....ඇවිත් කියපන් බාප්පට
අහකට පලයන් නෙහාන් කතා කරගන්න බැරි ලමයට මොනවද උඹ ඔය උගන්නන්නෙ?
යෝ.....හ්.....පව්.....හරි....පවූ... .....කතා කරගන්ඩ බැරි උනේ මොකා හින්දද කියලා මතක් කරගනින් ....
බෙල්ලෙ එල්ලුන වතුර බෝතලේ තිබුන වතුර එකේ බර මගෙ බෙල්ලට දැනෙනකොට මම ඔහේ උන්නා....උදේ නිදි පැදුරෙන් තාත්තම මාව ඇහැරවලා ඇගපත් හෝදවලා ඉස්කෝලේ යන්නත් ලෑස්ති කෙරුවා ....වෙන්දට ගොත ගගහා කාමරේ අස්සෙ හෙලුවෙන් දුව දුව කෑගහන මම දැන් තනීයම තුවාය පටලවන් පයට පෑගෙන තුවාය අත් දෙකෙම්ම උස්සන් එන්න පුරුදු උනා...
.අම්මා අන්දන යට කලිසම වෙනුවට තාත්තා අන්දවන්න හදනකොට මමම ඒක ඉල්ලන් ඇදගත්තා.... .අම්මා දාන සපත්තුවම මමම දාගත්තා....කොටිම්ම අම්මා නැති යෙවීන් දැන් තාත්තට මගෙ කිසිම දෙයක් කරන්න නොදී බැරි උනත් පුලුවන් උනත් මමම තනියම කරගන්න පටන් ගත්තා .....
උන් මගෙ අම්මව අරන් ගියා ....
අම්මගෙ සුවද විතරක් ඉතුරු උන කාමරේ ඇරුනම අම්මගෙයි කියන්න කිසිම දෙයක් ඉතිරි නොවෙනකොට මම අම්මගෙන් හොරකන් කරගත්තු සමනල බූල්බෑන්ඩ් එක විතරක් මගෙ ගාව ඉතිරි උනා.....
එච්චරයි මට ඉතුරු ....යෙවීන්ව මතක් වෙන්න අම්මා ගාව හුගාක් දේවල් තිබුනත්....අම්මව මතක් වෙන්න යෙවීන්ට කිසිම දෙයක් තිබුන් නෑ....
වෙනදා වගේම තාත්තා අදත් මගේ ගාවට ඇවිදින් කතා කරනකොට මම ඔහේ බිම බලන් උන්නා...අලුත් ගෑනි ගැන කියනකොට මට අම්මව මතක් උනා.....ඒත් කෝ අම්මා....හැමදාම ඉස්කෝලේ ගාවට එන අම්මා තාත්තට හොරෙන් ඈතට වෙලා බලන් ඉන්නවා.....මම අම්මව දැක්කත් අම්මෙ කියන්න බෑ....අම්මා මාව දැක්කත් අම්මට කතා කරන්න බෑ...අම්මා කිව්වෙ සල්ලි ගොඩාක් එකතු කර ගත්ත ගමන් අම්මා ගාවට යෙවීන්ව ගන්නවා...එතකන් මගෙ පුතා අකීකරු නොවී බාප්පා එක්ක ඉන්න කියන එක වෙනකොට අම්මා ගාවට යන්න බැරි වෙයි කියන බයටම මම ඔහේ උන්නා....
ආච්චම්මා දුන්නොත් කෑවා.....බැන්නොත් අහන් උන්නා...ආච්චම්මයි අලුත් ගෑනියි හැමදාම වරුගනන් ඵෝන් එකේ එල්ලීගන අම්මට බනින හැටි මම අහන් උන්නා.....
උන් හිනා වෙනවා...
කසාදයක් කටු ගාපු උන් හිනා වෙනවා....
අලුත් ගෑනිව ගේන්න ඉන්න තාත්තා මොකුත් නොවුනා වගේ ඉන්නවා....
ඒත්...අම්මව නැති උන යෙවීන් සදහටම ගොලු වෙලා ගිහිල්ලා....
අම්මව තාත්තව දෙන්නම නැති උන යෙවීන් අසරන වෙලා ගිහිල්ලා....
කසාදයක් කටු ගෑවම තැලෙන්නෙ ළමයි කියලා බාප්පා කොච්චර කිව්වත් ආච්චම්මා නාහපු හින්දා.....
බාප්පා කිව්ව් වගේම අද යෙවීන් තැලුනා.....
යෙවීන් ඇඩුවා.....
හැම රෑකම...නොසෑහෙන්න...
අම්මෙ කියලා අඩන්න බැරි උනත් මම අම්මගෙ සමනල බූල් බැන්ඩ් එක තියාගන ඇඩුවා ....
අදත් වෙනදා වගේම බාප්පා කකුල් හතරෙන් හිටගන ඉන්නකොට තාත්තා බාප්පව තල්ලු කෙරුවා .....ආච්චම්මා හැමදාම බාප්පට බැන්නා.....අයියගෙ ගෑනිව කරගහන්ඩ ලැජ්ජ නැද්ද අහලා අම්මටත් ගහන්ඩ ගියා....හැබැයි එදා බාප්පා ආව්චම්ම පන වගේ ආරක්ශා කරන් ඉන්න.වීදුරු බඩු පිරුන සම්පූරනම සෝකේස් එකම කුඩු පට්ටම් කරල දානකොට ආච්චම්මට පපුවෙ අමාරුවට ආවා....
..යෙවීන් එන්න තාත්තා ගිහින් අරින්නම්....
මම ඇදෙන් නැගිට්ටා...කොලපාට කොටු වැටුන ලේන්සුව කොලර් එකේ එල්ලිලා තියනකොට නිල්පාට බෑග් එක තාත්තා අතට ගත්තා ....තාත්තා තල්ලු කරපු පාරට විසික් උන බාප්පා තවමත් වැටුන තැන ඉන්නකොට මම බාප්ප දිහා බලලා හිමින් සැරේ එන්න ආවා....
ආ මේ කොල්ලගෙ කෑම එක.....
මොනාද දැම්මෙ....
කිඹුලෙක් කපලා දැම්මා...
ළමයා ඔව්වා කන්නෙ නෑනෙ අම්මෙ....
කන්නෙ නෑ කන්නෙ නෑ ගාන්නෙ කන්ඩ දෙන දේ කන්ඩ පුරුදු කරවපන්.....
අම්මට ඕනා නම් මේක කාගන්ඩ.....අම්මට ඕනෙ කොල්ලව බඩගින්නෙ ඉන්දවන්ඩද?
දෙන දේ කන්ඩ උගන්නපන් රෙහාන් හුරතල් කරන්නෙ නැතුව ...
අම්මෙ....දැන් වත් ඔය කට පියාගන්ඩ.....අම්මට ඕනා උන හැම දේම උනානෙ....අවසානෙදි මම මගෙ ගෑනිව අයින් කරලා අරගෑනිව බදින්න කැමති උනානෙ...නේ....ඒ දේවල් ඒ විදිහට වේවි...අම්මට රොවිනව පේන්න බැරි උනේ ඒකි දුප්පත් හින්දනෙ දැන් ඒකි නෑනෙ....එහෙම කියලා මගෙ ලමයගෙන් තවත් පලිගන්නවා නම්...ඔය තියන රෙදි කෑලි දෙකතුනත් අරන් මෙහෙන් යන්න පුලුවන් .....ගෑනි නැති උනාට වෙන එකියෙක් එක්ක ආවට මම මගෙ කොල්ලට ආදරෙයි ...ඒක මොකා උන්නත් වෙනසක් නෑ. අම්මට මෙහෙ ඉන්න බැරි නම් මේ දැන්ම හරි යන්න ...අර මහගෙදර නිකන් පාලුවට යනවා...
යෙවීන් වරෙන් පුතේ යන්න...
කිඹුල් බනිස දාපු කෑම පෙට්ටිය මේසෙ උඩට විසික් කරපු තාත්තා අලුත් කෑම පෙට්ටියක් අරන් මගෙ බෑග් එකට ඔබාගන මාවත් අතින් අල්ලන් එන්න ආවා...ආච්චම්මා බලන් උන්නා....
යෙවීන්...
ශීට් බෙල්ට් එක දාපු තාත්තා ආයම මගෙ දිහාවට හැරිලා මගෙ ඔලුව අතගානකොට මම ඔහේ උන්නා....සංධීර් කිව්වා වගේ කාටත් නොකිය දේවල් ලියන පොතේ පිටු ගාන එන්න එන්න වැඩි උනා...ඒ හැම තැනකම හැම අකුරක්ම බොද වෙලා තිබුනා.....පෑන අල්ලන්න බැරි උනත් මම පෑනෙන් ලිව්වා .....
මගෙ පුතාට මොනවද ඕනෙ...බිත්තර බනිස්ද නැත්තන්.... ..රෝල්ස්ද.....මොනවද...
කඩේ ගාවදි නවත්තපු තාත්තා මගෙන් අහනවා මොනවද ඕනෙ කියලා .....රෝල්ස් කට්ලට් මාලු පාන් පිරුන වීදුරු සෝකෙස් එක දිහා බලන් උන්න මට අම්මගෙ බත් එක මතක් උනා....හැමදාම එලවලු දාලා...මාගරින් දාලා හදලා දෙන එලවලු බත් එක මතක් උන මට මේ මොනාටත් වඩා අම්මගෙ බත් කට මතක් වෙනකොට තාත්තා එයාට කැමති දේ අරගන කෑම පෙට්ටියට එබුවා...
එතනින් එහාට මොකුත් නෑ....මොකුත්ම නෑ.....
කෑම එක ඔබපු තාත්තා ආයමත් මාව අතින් අල්ලන් ඉස්කෝලේ ගාවටම එක්ක ආවා..හැබැයි මෙතනින් පස්සෙ මම වෙනස් උනා....මම දන්නවා...අම්මා කොහේ හරි හැංගිලා බලන් ඉන්නවා කියලා ...මම දනන්වා අදත් අම්මා කොහෙට හරි වෙලා බලන් ඉන්නවා කියලා ...ඒත් තාත්තා දකී කියලා අම්මා ඉන්නෙත් හැංගිලා වෙනකොට මමත් වැඩිය වට පිට නොබලා උන්නා...මට ඕන උනේ තාත්තව ඉක්මනට යවාගන මාව හොරෙන් බලන්න එන අම්මව හොයා ගන්න වෙනකොට මම තාත්තා අතේ තිබුන බෑග් එක ඉල්ලන් මගෙ කරේ දාගත්තා ....
මගෙ පුතා තනියම යනවද....තාත්තා එන්න ඕනා නැද්ද...
තාත්තා අහනවා එයා එන්න ඕන නැද්ද කියලා .....අනේ නෑනෙ....මට අම්මව හොයා ගන්න ඕනනෙ.....තාත්තා මගෙන් එහෙම අහනකොට මම එපා කියන්න ඔලුව හොලවලා එන්න හැරුනත් තාත්තා මාව අල්ල ගත්තා ....
මගෙ පුතා පරිස්සමින් ....තාත්තා ඉස්කෝලේ ඇරුන ගමන් එක්ක යන්න එන්නම්....අද ශෙහානි ඇන්ටිත් එනවා කිව්වා...ඉස්කෝලේ ඇරුනම අපි යමු මගෙ පුතාට අලුත් සූට් අරන් එන්න ....මගෙ කොල්ල ලස්සනට ඉන්න එපැයිනෙ....
තාත්තා මගෙ ඔලුව අතගගා අලුත් ගෑනි එක්ක අලුත් සූට් ගන්න යමු කියනකොට මම බෑ කියන්න උරහිස් ඇකිලුවා.....මට ඕනනෑ....මගෙ අම්මව එලවගත්තු ගෑනිව මගෙ ලගටවත් ගන්න ඕන නැති වෙනකොට මම උරහිස් අකුලන් එන්න හැරුනා.....හැබැයි ගේට්ටුව ගාවට විතරයි ... .මම ආපිට හැරිලා බැලුවා....තාත්තා කාර් එකට නැගලා යන්න යන හැටි හොරෙන් බලන් උන්න මම ආපහු ගේට්ටුවෙන් එලියට ඇවිදින් අදත් අම්මා ඇවිත්ද බැලුවා....
අම්මෙ....
මම මගෙ හිතින් අම්මට කතා කෙරුවා
අනෙ...අද අම්මා ඇවිත් නැද්ද...අම්මෙ.....අම්මෙ.ගගා මම මගෙ හිතින් අම්මට කතා කර කරම අම්මව හොයනකොට අම්මගෙ රූපෙ නැති වෙනකොට මගෙ ඇස් වලට කදුලු පිරුනා ....
මම පාර පනින්න හැදුවා ....ඉස්කෝලෙට එන ළමයි ගොඩේ මම අනිත් පැත්තට දිව්වා...අම්මව හෙව්වා.....පාරෙ වාහන එකා කාරෙට යනකොට මාව ලමයිගෙ ඇගේ හැප්පිලා වැටුනා.....ඒත් මම නැගිට්ටා ....
අනේ අම්මෙ...
මම අම්මව හෙව්වා....එයා ඇවිදින් නෑ.....වෙනදට අම්මා හැංගිලා ඉන්න ගහගාව අද අම්මා නැති වෙනකොට මම කදුලු පෙර පෙර අම්මව හොය හිය දුවලා පාර පනින්න හදනවා එක්කම කවුරු හරි මාව ඇදලා ගත්තා ...
අම්මගෙ වස්තුව ....
අනේ ...ඒ ඉන්නෙ අම්මා..... ඒ ඉන්නෙ මගෙ අම්මා....අම්ම ඇවිල්ලා.....අම්මා...ඇවිල්ලා.....අනේ....ඒ උන්න මගෙ අම්මා වෙනකොට ගොලු මම අම්මව දැකලා අත් දෙක ඉස්සුවා ....වඩාගන්න කිය කිය උඩ පැන්නා...
අම්මගෙ රත්තරන් ...කොහෙද මේ තනියන දුවන්නෙ.....අම්මා එදා කිව්වනෙ....අම්මා තාත්තට හොරෙ බලන්න එන්නෙ .... මගෙ පුතා අකීකරු කම් කරන්න එපාය කියලා .....
..මාව වඩා ගත්තු අම්මා ඉවරයක් නැතුවම මාව ඉඹිනවා...ඉඹ ඉඹ අඩනවා.....මම අම්මගෙ බෙල්ල බදාගන උරහිස උඩ ඔලුව ගහගන්නකොට අම්මා අත් දෙකෙම්ම මාව තුරුල් කරගත්තා.....
මගෙ පුතා මොනවද අද කන්න ගෙනාවෙ කෝ අම්මට පෙන්නන්න....
අම්මා උන්නෙ තවමත් මාව වඩාගන...එයාට මාව බිමින් තියන්න උවමනාවක් නැතිද කොහෙද ...මාව වඩාගන උන්න අම්මා අවසානෙදි මගෙ බෑග් එක අරගන කැම පෙට්ටිය ඇරලා බැලුවා එයාගෙ මූන අමුතු උනා.....ඒකෙ තිබුනෙ මාලු බනිසක්....
මගෙ පුතාට දැන් කවුරුත් එලවලු බත් හදල දෙන්නෙ නැද්ද ...
අම්මගෙ රත්තරන්ට දැන් කවුරුත් කවන්නෙත් නැද්ද ...
අම්මා.ආයාම අඩනවා.....අනේ මට අම්මා එක්ක පැනලා යන්න ඕනා උනා....ඉස්කෝලෙටත් නොයා මට අම්මා එක්ක යන්න ඕන වෙනකොට මම අම්මව හෙලෙව්වා ....අම්මෙ මාව අරන් යන්න කියන්න බැරි කමය අම්මව හෙලෙව්වා .....
කමක් නෑ...අම්මා....මගෙ පුතාට අද බඩුවක් ගෙනාවනෙ...අම්මගෙ සුදු පුතාට.....අම්මගෙ රත්තරන්ට ....මේ...කෝ එන්නකො පෙන්නන්න.....
මායි අම්මයි දෙන්නම උන්නෙ
අපි දෙන්නම හොරෙන් කතා කරන පිහිඹියා ගහ යට වෙනකොට අම්ම එතන තිබුන සිමෙන්ති බංකුවෙ ඉදගන මාවත් උකුලට ගත්තා...අරගන එයාගෙ බෑග් එකෙන් පොඩි පෙට්ටියක් එලියට ගත්තා....
අනේ ...ඒ එලවලු බත්....මම දන්නවා...අම්මා පෙට්ටිය අරින්නත් කලින් මම දන්නවා...ඒ සුවද මම අදුනනවා....අනේ....කාලෙකට පස්සෙ මගෙ අම්මා මට එලවලු බත් හදන් ඇවිල්ලා. . .....
කෝ.....ආගාන්න රත්තරන් ...
මම ආ ගෑවා....මට පුලුවන් උපරිමේටම කට ඇරියා ...අම්මා ගිය දා ඉදන් අම්මගෙ කෑම අම්මගෙ ආදරෙ මග ඇරුන මම මට පුලුවන් උපරිමේටම කට ඇරියා....
රසද.....ම්ම්....
බත් එකෙ තිබුන පුංචි මස් කාලි බැදුන බිත්තර කෑලි මේ ඕකොම එකින් එක කවනකොට අනේ බෙල් එක ගැහුවා....මට යන්න බෑ....අනේ අම්මව දාලා මට යන්න බෑ....මට අම්මව ඕනෙ...මම කදුලු පිරුන ඇස් වලින් අම්මදිහා බලන් මට යන්න බෑ කියලා ගොලු බාසාවෙන් කියනකොට අනේ කවදාවත් නැතුව අම්මත් හා කියන්න ඔලුව වනනකොට මෙච්චර වෙලාම අඩ අඩ උන්නමම අනිත් පාර හිනා වෙන්න ගත්තා....
මට අම්මව ඕනා...
ආච්චම්මගෙ ඇල්වතුර රහ කෑම කාලා...
බැනුම් අහන් කන බත් පිඩ කාලා හුස්ම ගත්තු මට අම්මගෙ බත් කට මහ මෙරක් වගේ වෙනකොට මම එයා කවන කවන කටට කටෑරියා .....
යෙවීන්....මගෙ පුතාට කොහෙ හරි යන්න ඕනද.....අම්ම දැන් වැඩට යනවනෙ.... මේ ...අම්මා ගාව සල්ලි තියනවා...ඔහොම ඉන්නකො.....පෙන්නන...
මට දුක හිතුනා...අම්ම වැඩට යන්නෙ මං හින්දා...මාව අම්මා ගාවට ගන්න ඕනා හින්දයි වැඩට යන්නෙ.....මම අම්මා දිහාබලන් උන්නා...අර බෝල කම්මුල් ඔක්කොම දැන් වල වෙලා....ඉස්සර ලස්සනට උන්න අම්මා දැන් කැත වෙලා.....ඒ වෙනුවට අලුත් ගෑණි දැන් තාත්තගෙ සල්ලි ගන්නවා...ඒගෑනිට තාත්තා හුගාක් දේවල් අරන් දෙනවා....මගෙ අම්මා දැන් පරන පාට ඇදුම් අදිනවා.......
මේ.....අම්මට ඊයෙ හම්බුනේ....මේ බලන්නකො....අම්මා මේක ගෙනාවෙ මගෙ පුතාට සූට් එකක් අරන් දෙන්නමයි .....
අම්ම මට එයාගෙ පර්ස් එක ඇරලා පෙන්නුවා.....ඇත්ත ඒකෙ සල්ලි තිබුනා..හැබැයි තාත්තගෙ වගේ මිටියක් නෙවෙ...චුට්ටක්....මට දුකයි ...වේදනාවයි.......තාත්තා අම්මව එලව ගත්තා කියන දේ මගෙ පපුවට ඕනාවටත් වඩා වද දෙනකොට අනේ අම්මෙ මට අලුත් සූට් එපා මට ඕනෙ අම්මවයි කියන්න තරන් වේදනාවක් දැනුනා...ඒත් මම කොහොම කතා කරගන්නද........
අම්මා සූට් එකක් අරන් දෙන්නම්ද...
අම්මා මගෙ ඔලුව අත ගගා මගෙන් සූට් එකක් අරන් දෙන්නද අහනකොට මම එපා කියන්න ඔලුව වැනුවා.....මට එප...අනේ....මට අම්මගෙ සල්ලි වලින් සූට් එපානෙ....යෙවීන්ට ඕන අම්මව විතරයිනෙ.....
යෙවීන්ට ඕනා අම්මා විතරමනේ...
මට ඉකි ගැහුනා...අම්මා නැතුව තැලෙන මම ඉකිගැහුවා...
අම්මා නැතුව හැම රෑකම අඩන මම අම්මව හොලව හොලව කතා කරන්න හැදුවා .....
ඔලුව හොලව හොලව හුස්ම අල්ල අල්ල වචන මැරුන මම වචන එකතු කෙරුවා ...අම්මෙ කියා ගන්න බැරි තැන මන් මගෙ කොන්ඩෙ අත් දෙකෙම්ම ඇදගන මම අවසානෙදි යටිගිරියෙන් අම්මේ අම්මේ ගගා ආයම බෙරිහන් දුන්නා....අම්මගෙ ඇගේ එල්ලුනා...අවසානෙදි මම අඩාගනම අම්මේ...කිව්වා...
අම්.....අම්....අම්මේ.....හ්....අම්...අම්.....මෙහ්.....!!!!
ඇයි මගෙ රත්තරන් ....අනේ.....අම්මෙ කියපන්.....අනේ...මගෙ මැනිකෙ.....ආය අම්මා කියපන්....අනේ....යෙවීන්.....අනේ..මගෙ රත්තරනේ .....අම්මා..... කියපන් මගෙ රත්තරන් ...අම්මා කියපන්...
මගෙ පුතාට මොකක්ද ඕනේ....මේක.....මේ.....මේක හොදද....
මම උන්නෙ අම්මගෙ අතේ එල්ලීගන.....ඉස්කෝලේ නොයා හොරෙන් මාව එක්කන් ආව අම්මා ලොකුම ලොකු ඇදුම් කඩේ අස්සෙ ඉදන් මොකක්ද ඕනෙ මොකක්ද ඕනෙ අහනකොට මම ඒ ඔක්කෝටම එපා කිව්වා...මම ඒ ඔක්කොම.පැත්තකට දාලා වෙන වෙන චූටි චූටි සෙල්ලම් බඩු අත ගෑවා පව්.....අම්මට සල්ලි නෑ....
අම්මා පාට පාට ඇදුම් ගොඩක් අරන් මගෙ ගාවට එනකොට මම පුලුන් පුරවපු සෙල්ලම්බඩු ගොඩක් අස්සට අත දාගන උන්නා. .
සුදු පුතා මේ.....මේක අදිමුද ...මේ ඔයා ආස පාට....කලුයි.....අලුයි මේ.....බැට් මෑන්....මේක ගමුද.... මගෙ රත්තරන් ආසයිනෙ.....
මම සෙල්ලම් බඩු ඔක්කොම පැත්තක දැම්ම....දාලා අම්මගෙ අතේ තිබුන බැට්මෑන් ඇදුම දිහා බැලුවා....
"සංධීර් ...."
බැට්මෑන් කියනකොට මට මතක් උන එකම කෙනා සංධීර් වෙනකොට එයා ආයමකවදාවත් ඒ නෑනේද කියන එක මතක් උන මම අම්මගෙ අතේ තිබුන ඇදුම ඉල්ලගත්තා ...
ඇදල බලමුද....
අම්මා හිනාවෙවි ඇදලා බලමුද අහන ගමන් මාව අතින් අල්ලන් ඇදුම් මාරු කරන කාමරේ පැත්තට එක්ක ආවා.....
රෙහාන් මේක...මේ ඇදුම.....
ලමයා ආස කලුවලට ශෙහානි.....
ලමයිට කළු අන්දන්න විකාරද රෙහාන්...
ඒ ලමයා ආස පාටනෙ ...
අම්මට වගේම විකාර ඇති.....
ශෙහානි.....ඕන එකෙක්ට ඕන එකක් කියනවා.....ලමයට මොකුත් නොකියා...අර දික්කසාද ගෑනිට මොලුත් නොකියා.....
හරි...හරි බබෝ...ඇයි ඉතින් මේ...මම ඇත්තනෙ කිව්වෙ....අනික...අද හෙටම මම ඔයාගෙ ගෙදර ආවම....මමනෙ එයාගෙ අම්මා...
......
මම උන්නෙ අම්මා ගාව හිටගන.....අම්මගෙ ඇස් වල කදුලු .....එයාමගෙ ඇදුමේ හැඩ බලනවා....ඒඋනත් ඊට එහායින් මට තාත්තගෙ වගේම අළුත් ගෑනිගෙ කට හඩ ඇහුනා.....ඒකියන්නෙ අම්මටත් ඇහිලා...
මගෙ රත්තරන් ....හුගාක් ලස්සනයි...ඇස් ...වහ...ක්..නම්....වදින්න....එපා...මගෙ...පුතාට....
ඉස්කෝලේ ඇදුම වෙනුවට අම්මා අරන් දුන්න අලුත් සූට් එකෙන් උන්න මාව තුරුල් කරගත්තු අම්මා මම ලස්සනයි කිව්වා...මාව අතගෑවා....මගෙ මූන ඉම්බා...තව තව හුගාක් දේවල් කියනකොට මම අම්මගෙ ඔලුවෙ තිබුන පොඩි කොන්ඩ කට්ට ගලව ගත්තා....
එන්න යමු...
ඇදන් උන්න සූට් එක ගලවලා ආයම ඉස්කෝලේ ඇදුම අන්දව ගත්තු අම්මා මාව අතින් අල්ල ගත්තා ....ඒ කියන්නෙ අම්මට තාත්තගෙ වත් අලුත් ගෑනිගෙ වත් කටහඩ ඇහුන් නැද්ද...?? නැතුව ඇති.....මේ සෙනග ගොඩේ ඔව්වා ගානක් නැතුව ඇති නේ......
අතට ගත්තු ඇදුමත් අරන් මම අම්මගෙ අතේ එල්ලීගන බයෙන් බයෙන් වගේ එලියට ආවා...වෙන මොකටවත් නෙවෙ තාත්තා දකී කියලා .....අම්මට ගානක් නෑ...අම්මා තව තව ඒවා බලනවා....ඒකියන්නෙ අම්මා දන්නෙ නෑ.....අනේ තාත්තලා ගිහින් උන්නොත් හොදයි .....තාත්තා ගිහින් උන්නොත් හොදයි...
මගෙ හිත කෑ ගැහුවා....
සුදු පුතාමේ ...මෙක...මේ....අ...හ්....ව්
අම්මා තවත් කාර්ටුන් ඇදපු ටී ශර්ට් එකක් පෙන්නන්න හැරෙනවත් එක්කම එයාව කාගෙ හරි ඇගක හැප්පුනාවගේම ඒ හැප්පුන කෙනා වෙන කවුරුත් නෙවෙ....බෑග් එකක් පිරෙන්න රෙදි තෝරන් උන්න තාත්තා වෙනකොට අලුත් ගෑනිව දැකපු මම අම්මගෙ පිටිපස්සෙන් හැංගුනා....
.යෙවීන්....රොවිනා....
......
..යෙවීන්...තාත්තා ගාවට එන්න....
.......
.යෙවීන්....සුදු පුතා....තාත්තා ගාවට එන්න...
රෙහාන් දරුවා ඉදපු දෙන්
මම තමුන්ට මාසෙට එක පාරක් බලන්න ඉඩ දුන්නනෙ....එහෙම එකේ දැන් තමුන් කරන්නෙ ලමයව ඉස්කෝලෙන් අරගන්න එකද.....
බලන්නකො රෙහාන්...මෙහෙම ගිහින් දරුවා නැති උනත් අපි දන්නෙ නෑනෙ....යෙවීන් ...එන්න ඇන්ටි ගාවට....
තාත්තා අම්මට බනින්න ගත්තා...අලුත් ගෑනිත් තාත්තව අවුස්සන්න ගන්නකොට මම අම්මව තදින් මිරිකගත්තා ..... .අම්මව දාලා යන්න බෑ කිව්වා....ඇගිල්ලක් ගහන්න ඉඩනැති සෙනග ගොඩේ උනත් තාත්තා අම්මට බැන්නා.....
රෙහාන්.....මට මාසෙකට එක පාරද මගෙ දරුවට අම්මා වෙන්න පුලුවන් .කොහෙවත් යන ගෑනියෙක් මගෙ ලමයට අම්මා වෙන එක මම බලන් ඉන්නද රෙහාන්...
.කට පරිස්සම් කරගනින් රොවීනා...යෙවීන් වරෙන් තාත්තා ගාවට..... ....ශෙහානි ගන්නව ලමයව.....
බෑ .අනේ බෑ ....අනේ....බැ....මගෙ අම්මව දාලා යන්න මට බෑ...
තාත්තා වගේම අලුත් ගෑනි මාව අම්මගෙන් උදුර ගන්නකොට මං අම්මව මිරිකගත්තා .....මං අම්මව හොලව හොලව දෙන්න එපා කිව්වා ....අම්මගෙ අතේ තිබුන බැට් මෑන් සූට් එක බිම වැටිලා අලුත් ගෑනිගෙ කකුල් වලට පෑගෙනකොට තාත්තා අම්මගෙ අතින් ඇදන් වෙන පැත්තකට යනකොට මාව අලුත් ගෑනි මිරිකගන උන්නා....
තමුනුත් ඕනවට වඩා වාතයක් වේගන ආවොත් අම්මන්ඩි වගේම එලවලා දානවා .....වදකාරයා....උඹත් ඇඩුවොත් උස්සලාවිසි කරනවා එලියටම දැනගනින් ඒක ගොලුවා ....
තාත්තා අම්මව ඇදගන යනවා එක්කම කාගෙත් මූන ඉස්සරහා මට ආදරෙන් උන්නත් මම තනි වෙන හැම තැනකම මාව බය කරන අලුත් ගෑනි ආය ආය මාව හොලවනකොට වෙනද වගේම බය වැඩි කමටම මට ඉස්කෝල කලිසමේම චූ ගියා ....එයා බනිනවා මාව එලවනව විසි කරනවා කියනකොට වෙනදටත් වඩා බය උන මම එයාගෙන් ගැලවිලා දුවන්න ගත්තා .....
සෙනග ගොඩේම දුවන්න ගත්තා ....ඇදගන උන්න ඇදුමයි දාගන උන්න සපත්තු දෙකයි හින්ද අලුත් ගෑනිට දුවා ගන්න බැරි වෙනකොට මම වැටි වැටි දිව්වා ....අඩ අඩ දිව්වා .....
යෙවීන් .....යෙවීන් නවතින්න ...
යෙවීන් ....යෙවීන්......
මම දිව්වා ...අලුත් ගෑනි ගෑනි යෙවීන් යෙවීන්....යෙවීන් ගානකොට මම දොරෙන් එලියට පැනලා දිගටම දිව්වා .....
දිගටම දිව්වා .....
තවත් දිගටම දිව්වා ....
නැවතීමක් නැතිව.....ඉන්නෙ කොහෙද නොදැන සෙනග අස්සෙන් කඩාගන බිදගන දිව්වා .....කරේ තිබුන ඉස්කෝල බෑග් එකෙන් මග දිගට පොත් හැලෙනකොට මම දිව්වා ....කොහෙද දුවන්නෙ නොදැන මගෙ පොඩි කකුල් වලට පුලුවන් තරම් හයිය අරන් මං සෑහෙන්න දිව්වා ......
අඩ අඩ හති දදා දුවපු මම අවසානෙදි නවත්තලා තිබුන සෙනග පිරුන බස් එකක් අස්සට නැගලා සෙනග ගොඩේ හැංගෙනවත් එක්කම බස් එක අද්දපු පාරට මාව ඉස්සරහට වීසි වෙලා යකඩ බාර් එකක ඔලුව වැදුන පාරත් එක්කානේ මට ගොත නැතුවම ගොලු නැතිවම අම්මේ...කියලා කෑ ගැස්සුනා.....
අම්මෙ...හ්හ්!!!!....
යෝ...ඔයා අදත් හීනෙන් බය උනාද.....සංජාන ....සංජාන .....මේ දොර අරින්න...පුතා ....මේ දොර අරින්නකෝ...මං කියලා තියනව නේද දොර වහන් නිදා ගන්න එපාය කියලා .....
අම්...අමේ....හ්.....අම්...මේහ්....මං ...මං ....
දොර ඇරපන් කොල්ලො.....නැත්තන් අම්මා ඇතුලට එනවා ...
එ..එ...එපා.....!
මගෙ මූනට දාඩිය දාලා තිබුනා ....මගෙ තුන් මූනින් දාඩිය වැක්කෙරෙන්න තිබුනා ...හැමදාම දකින නපුරු හීනෙක අවසානම කොටස හින්දා මම හැමදාම බය වෙලා විකාර කියවන්න ගන්න හින්දම අම්මා මට කවදාවත් දොර වහන්න නොදෙනකොට මම ගිහින් දොර ඇරියා ....ඒ හීනෙ හරි නපුරුයි .....උනේ මොකක්ද කියන්න කිසිම දෙයක් මතක නැති උනත්...මතක තියන පුංචි කොටස මාව හැමදාම රිදෙව්වා.....
මගෙ හීන අස්සෙ හැමදාම පොඩි කොල්ලෙල් කකුල් කැඩෙනකන් දුවලා දුවලා අම්මේ ගාලා යටි ගිරියෙන් කෑ ගහලා අඩන සද්දෙ එක්ක මටත් ඇඩෙනවා....නිදාගන උන්න මාත් අම්මේ....ගාලා කෑ ගහනවා ....
අම්....මා.....
මම ගොත ගගහා අම්මට කතා කරන ගමන් දොර ඇරියා

(අශ්යාන්යා වීරතුංග)
මම දොර අරිනකොටම උන්නෙ අම්මා....උපන්දිනවලට දාන තොප්පියකුත් දාගන.....පොඩි කේක් එකක් .... දහ අට කියලා තිබුන ඉටිපන්දම් දෙකක් කේක් එක උඩ ඇවිලෙනකොට " මගෙ අම්මයි"
කියන ඒ ආදරනීයම ගැහැනිය මගෙ ඉස්සරහා හිටන් උන්නා....මම ඒ එක්කම එයා එක්ක හිනා උනා.....

"Happy birthday sanjana"
සුභ උපන්දිනයක් වේවා මගෙ පනට.....!!
...
ම...මට....ද්ද්.....දහ....අට...යි....ද??
ජොබියා නිදහා....ස්....
🥺ආයම එන්නාම්...
මේ ළමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න...
මම
Ferdeesha ❤️💚😘 ...