රොබරෝසියා මල් පිපුනාම මහනුවර හරිම ලස්සනයි
සැබෑ ආදරය හමුවුනාම ජීවිතත් හරිම ලස්සනයි"
ප්‍රේමය?
එය කුමක් ද?
සත්‍යය වූ ප්‍රේමය වූ කලී කිසිදු පෙරලා බලාපොරොත්තු වීමකින් තොරව සිදු කරලන්නා වූ එක්තරා උත්තරීතර කැප කිරීමකි. සමහර පුද්ගලයින් ප්‍රේමය නිසා කෙතෙරම් විදවනවා ද යන්න සිතා ගැනීමටවත් නොහැකිය. තමාට කවදාවත් ම නොලැබෙන බව දැන දැනත්, කිසිදා ළං වීමට බැරි බව දැන දැනත් සමහර පුද්ගලයින් තව තවත් සිතින් ප්‍රේමයේ බැදෙති.
එසේ ප්‍රේමයෙන් බැදීමට ස්පර්ශයක් වත් අවශ්‍ය නොවන අතර එක් ඇස් බැදිමකින් ආත්ම ගණනාවක් පවා බැදීමට පුලුවන. සෑම කටුක කාර්තුවකටම පසු වසන්තය පැමිනෙනවා සේ කවදාවත් නොලැබෙන හිතකට එතෙරම් ම පෙම් කරපු හිත් වලට දරා ගැනීමටවත් නොහැකි අවංක ආදරයක් අනිවාර්යයෙන්ම මුන ගැසෙන්නට අවශ්‍යය.
ඉතිං මේ සුවහසක් තරුණ තරුණියන්ගේ ජීවිතවල සත්‍ය කතාවයි.
Tina _