Cherreads

Chapter 8 - 08

සමනගෙ අම්මෙ....අම්මෙ නැගිටපන්....මක්කද උඹල මෙ කරන්නෙ....නැගිටපල්ලා....

මන් අඩි දෙක තුනක්ම පස්සට පැන්නා.....වැලමදුල වගෙ උන්න සමනගෙ අප්පවත් පැත්තක දාලා සමනගෙ අම්මා මගෙ කකුල උඩ වැටුන වැටිල්ලට මගෙ පපුව ඉරිලා යන්න ආවා.....

ඒත් උන්දැ නෙවෙ මට මගෙ කකුල් ඒ අත් විලංගුවෙන් ගලවගන්න ඉඩක් තිබ්බෙ....කොච්චර පස්සට පැන්නා උනත් උන්දැ කෙරුවෙ මගෙ කකුල් වලලුකර ගාවින් අල්ලගන ලෙලිගියපු තැන්වලට නලල ගහන් මුලු කකුලෙම තිබුන ලේ පාරවල් ඇස් බැමි ඉරාගන වැටෙන උනුහුම්ම කදුලු ගුලි වලින් හෝදපු එක....

මාව හිට්පිලිමයක් උනා....

එහාටත් නෑ...මෙහාටත් නෑ...කෙලින්ම මාව ගල් පිලිමයක් උනා...සමනගෙ අම්මගෙ කදුලු තරම් ගින්දර වත් රස්නෙ නැතිව ඇති.....ගිනි කදු පුපුරාගන ගලන ලාවා වත් මේ තරම් ගිනියම් නැතුව ඇති.....

එකිලාට අඩන්නවත් කෝ හයියක්....ඒකිලාට හූල්ලන්න වත් කෝ හයියක්...මුලු සර්වාංගෙම තනිකරමදිරාපු ගෝනි පඩංගුවක් ගානයි ...ඒත් ඒකිලා මගෙ කකුල උඩට නලල ගහන් අඩන ඇඩිලි එක්ක මුලු කකුල් දෙකේම ශේශ වෙලා තිබුන පාට මැකීගන ගියත් තවමත් අලුත් කුයිලෙ ගහනලේ බිදිති හේදි හේදි ගියා.....

ඒකට.....ඒකට නයිවිස ගරුඩෙක් විදලා තියෙන්නෙ....මයෙ අම්මා....බොලාගෙ මේ කකුල් වල ලෙලි යනකන් උඹලා දුවලා මයෙ කොල්ලගෙ හුස්ම බේරලා බෙනා.....උඹලා මතු බුදුවෙන්නම ඕන....බෝගහක් නැති නම්...මට පිට දීපන් මට පුලුවන් බුදුවෙල අහවර වෙනකන් උඹට හෙවන දෙන්න....

දෙපත් කපන මහ වැහි වැහපු දෙන් මට පුලුවන් බුදුවෙලා අහවර වෙනකන් උඹව මුවා කරගන්න.....උඹ දවසක බුදු වෙන්ඩම ඕනා මයෙ අම්මා....

මගෙ නෙවෙ පපුව ගැහුනෙ...

මගෙ නෙවෙ හුස්ම වැටුනෙ.....

මට නෙවෙ නාඩි වැටුනෙ...

එක්කො මගෙ බලනහරෙ මටටත් හොරාවට ෆෝමලීන් බීලා.....සමනගෙ අම්මගෙ ඇස් වලින් වැටෙන කදුලු කැට මගෙ කකුල් හෝදනකොට ඒකගෙ අප්පාබිම වැටීගන අත් දෙක එකතු කරන් මක්කවත් නොකියා මා දිහා බලාගන උන්නා....ඒකව ගොලු වෙලා ගිහින්.....

ඉස්පිරිතාලෙ එන මග උන්දැගෙ කටහඩ මොකෙක් වත් උදුරගන...ඒත් කටහඩ උදුර ගත්‍ත මොකාට උනත් බැරි උනා ඇස් වලටත් කතා කරන්න පුලුවන් බව මතක තියාගන්න.....

උන්දැ අත් එකතු කරනවා....පයට සෙරෙප්පු කබලක් වත් නැතුව අර හැතැප්ම ගාන පයින්ම ගිහින් පයින්ම ඇවිදලම ඒ කලුල් තනිකරම ගුරුපාරෙ පාටටත් වඩා දුඹුරු පාට ගන්නකොට මන් බලාගන තවමත් හරි හැටි වේලුම් නොකාපු තුවාලෙකින් ගලාපු සැරව පාරක තෙත් ගතිය කකුල පහලට වැක්කෙරුන පාරක් තිබුනා....හිදීගන යන වැවෙ බොර පාට ගත්ත උන්දැගෙ ඇස් වලින් මගෙ දිහා බලාගන ඉදල ඉදල අවසානම තත්පරේදි ඇස් නහරත් මරාගන කදුලක් පිට උනා මේ ඔක්කොම දිහා බලාගන හිටි පිලිමෙ වගෙ උන්න මගෙත් වේලුම් කපු පපුවෙන් ගින්දර හුස්මක් පිට උනා...

නගිටපල්ලා...,සමනා යන්ඩ ගියෙ මාව අප්පච්චි කෙනෙක් කරලා....ඌගෙ අන්තීම හුස්මෙ මම ඉදලා තියනවා...ලේ නොදුන්නට මන් උගෙ අප්පා...ඌව රකින එක මගෙ දේව කාරිය....

උඹලා බුදු වෙන්නම ...ඕන....බෙනේ....අනෙ.....මතු ජාති ආත්මෙක වත් බුදු වෙන්නම ඕන....

මන් සමනගෙ අම්මව මගෙ කකුල් වලින් අහක් කෙරුවා...ඒත් උන්දා කරන්නෙම වැලහින්න වගේ අඩ අඩාම මට බුදු වෙන්න ඕන ගගා නියතවිවරන දෙන එක වෙනකොට බැරිම තැන මන් උන්දැව අර අබලන් උරහිස් වලින් අල්ලන් නැගිට්වලා තවමත් වචන නැති සමනගෙ අප්පවත් කෙලින් කරවන් මගෙ කබල් සර්වාංගෙට වාරු කරගත්ත එක.....

බුදුවෙන එක පස්සෙ වෙන්ඩ බැරියෑ...ආන් රොටි ගෙඩියක් තියනවා....වරෙල්ලා..දෙකට බෙදාගන වත් කාලා හිටින්ඩ....උඹලට ස්වාසෙත් නෑ....මයෙ කොල්ලා බේරුනා නම් මට නෙවෙ ඒ පින ඒකට බෙහෙත් පෙත්ත පොවාපු අර දොස්තර දෙයියන්ට අනුමෝදන් කරාපල්ලා...මන් වගේ එකෙක් බුදුවෙලා මොක්කු බන අහන්ඩද බන්....ඊට වඩා හොදයි සෝවාන් වෙන්නෙත් නැතුවම මගින් හැරිලා ඈතින් බලන් ඉන්නවා.....ඔය හැටි මට වදින්ඩ එපා.....ඒකෙන් වෙන්නෙ මටම රිදෙන එක සමනගෙ අම්මෙ....

මගෙ ඇස් වලට තෙතක් දැනුනා..... සමනගෙ අම්මවත් කෙලින් කරාපු මම අවසානෙදි ඒකගෙ අප්පගෙ බරත් මගෙ කෙසග කේඩෑරි වයසට වඩා වයසට ගියපු මගෙ සර්වාංගෙට උහුලන්න දෙනවත් එක්කම ඒකගෙ අප්පගෙ කටින් හීනියට ඇහුන වචනත් එක්ක මගෙ ඇස් තෙත් වෙලා ගියා....

"උඹල...බුදු....වෙයි.....බෙනා....."

බුදුවෙන්ඩ නියත විවරන මොකටද සබඳ,බුදුන්ගෙ කාලෙත් දරුපැටව් මතක් වෙලා බනමඩුවෙදි මගින් හැරිලා ආව අම්ම අප්පලත් ඉන්නකොට!!

මන්දාරම්...

ක්...කලාත්ම හාමු......

මෙච්චර වෙලාම මගෙ පැලට පස්ස හරවන් සමනගෙ අප්පව වාරු කරන් උන්න මට ආයමත් අර නිවුන කටහඩ ඇහුනා...

කිව්වට විස්වාස කරන්න...ගිනිපිට ගිනි උහුලන් ස්වාසෙත් නැතිව උන් දෙන්නගෙන් ඒ දුක උරාගන්න ගිහින් ජීවිතේ පලවෙනි පාරට මට නොතේරේන සංසාරික බැදීමක් කාන්දු කරාපු ඒ මනුස්ස පරානෙව මට තත්පර ගානකට මග ඇරුනා....

ඉහ උඩටත් වඩා දුක් කප්පර ලොකු වෙනකොට අංශුමාත්‍රීක සැනසීම කොහොම නම් අර දුක් කප්පර එක්ක හර්තාල් කරලා තමන්ටම තැනක් හදාගන්නද...දුකට යටවෙලාම නැහිලා යනවා මිසක.....

මන් ඇස් වලට උනාපු කදුලු තියාගනම මට පස්සෙන් උන්න බේබි හාමු දිහා බැලුවා....

අනේ...ඒ මුලු මූනම හිස් වෙලා ගිහිල්ලා...හරියටම මලකින් පාටත් සුවදත් බලහත්කාරයෙන් උදුරන් ගිහින් වගේ....හිනාවෙනකොට හීන් උන ඇස් වලින් ඒ හිනාව පැනලා ගිහිල්ලා.....හිනාව පෑලදොරින් පැනලා යන එක මට හුරු උනාට...කලාත්ම හාමුට???අනේ එහෙම වෙන්ඩ එපා...මොනම කාරනාවට වත් මෙ මූනෙ හිනාව හිදෙන්න එපා...

ඔයාට තනියෙන් හේ කරන්න බෑ....ඉන්න...

කාරි නෑ හාමු.....මුන්දැ කිලුටු වෙලා ඉන්නෙ...ඔය අපූරු ඇදුම් ගන්ඩ දෙයක් නැතුව යයි....කාරි නෑ හාමු....ඕන බරක් මට ඔරොත්තුයි....

මන් ඉක්මනට සමනගෙ අප්පගෙ සර්වාංගෙ මගෙ අත් දෙකෙම්ම බදාගත්තා.....කියන්ඩ පව් උනත් මක්කද වතුර උගුරක් වත් නැතුව හැතැප්ම ගනන් පයින් ඇවිදලම උන්දැගෙ කට දෙපැත්තෙන් සෙවල වැක්කෙරුනා....දත් නැති කටින් හැලුන බුලත්කෙල පැනිපාට රැවුලම තෙමාගන මදිවට වයසට යන්න යන්න නැවතීමක් නැතුවම තුන් තිස් පැයම සක්‍රිය උන කදුලු පොකුනෙන් පිටතට කාන්දු උන කදුලු උන්ගෙ තනියට කබ කැටිත් අරන් ඇවිදින් තිබුනා....

මල කදන් එක්ක ගනුදෙනුකරන මට මේ හැමදේම ඔරොත්තු දුන්නට කලාත්ම හාමුලා වගේ මිනිස්සුන්ට ඔව්වා ඔරොත්ති දෙන්නෙ නැ....ඇරත් නිකමට හරි මොකෙක් වත් දැකලා නව‍රත්න ගුරු ගෙදර කනෙ තිබ්බොත් මෙතනට ඇවිදින් උන් මෙ කබලෙන් ලිපට වැටුන උන්ටත් හයිරම් කම්පායි... බේබි ගැන කේලම් ලියලා වලව්වට යවාවි.....වලව් හාමුදුරුවෝ අනෙ මේ උත්තමයගෙ මනුස්ස කමට අච්චු කරාවි....

අනේ එහෙම වෙන්න ඕන නෑ....ඇනුම් බැනුන් වලින් මන් පදම් වෙලා උන්නට බේබිගෙ මටසිලුටු හිතට ඔය වචන බරවැඩිවෙයි...

හුස්ම ගියපු මල කද උරහෙට බර කරන් මෝචරි ලෑල්ලට බාවන මට මොකටද තවත් කනවැලක්?

මට කියාපන් හිතවත....නොකරපු වැරදිවලට මක්කට දඩුවම් විදිනවද නිදොස් හදවතක් ඔයාකාරෙට?

මන් කලාත්ම හාමුව නැවැත්තුවා...එපා හාමු කියලා මන් තට්ට තනියෙන් වයසත් එක්ක බර උන ඇටසැකිලි සර්වාංගෙ වත්තම් කරන් එන්න හදනකොට මන් බලාගන හාමුගෙ ඇහිබැම් දෙකම ඇකිලෙනවා....කොටින්ම අර මූන අමුතු උනා....

හිනාවෙනකොට පින් පාට උතුරන මූනට මක්කද වෙලා ගිහින් ...කොටින්ම කලුවර දෙබෑ කරන් අහසට වැඩපු වටකුරු හද ඉස්සරහින් වැහිවලාකුලක් හිටවලා වගේ....

හරි කෙලියක්නෙ....ඇදුම් තියෙන්නෙ කිලිටි වෙන්න තමයි....එහෙම නොවෙනව නම් මොකටද ඔය හැටි ජාති ජාති සුවද එන සබන් හදන්නෙ....එහෙනම් ඉතින් සබනුත් නැති වෙන්න ඕන...මුරන්ඩු වෙන්න එපා ලමයො....මට පුලුවන් ගානවා....ඔයාට පුලුවන්ද ....හරි පන්ඩිත ලමයෙක්නෙ....මගෙ ඇදුම් හෝදගන්න මට අත් තියනවා....ඕනබරක් ඔට්‍ටු නම් ඔහොම්ම මාවත් කරට ගන්න...

බ්..බේබි හාමු....

මට හිතාගන්න බැරි උනා....අච්චර ගම්බීරෙට ඉන්න හාමුට වෙස් පෙරලෙනවා....එකම තත්පරයක් ඇතුලත හුස්ම පිඩක් වත් ගන්නෙ නැතුව කලාත්ම හාමු කියවන් කියවන් ගිහින් බේබිවත් කරට ගන්න කියනකොටම මට හිතුනෙ කලාත්ම හාමුත් සියපත් මහත්තයා එක්ක රේඩියො එකෙ වැඩ කරනවා ඇති කියලා ...දෙයි හාන්දුරුවනෙ හුස්ම ගන්නෙ නෑනෙ...එක්කො කලාත්ම හාමු ඔය උදේට යන බෙක්පස්ට් ඩ්‍රයිව්ද මක්කද කියන එක කරනවද වත් ඇති බාග වෙලාවට....දහයෙ කනිසමට එන සියපත් මහත්තයා වගෙ නෙවෙ උදේට එන මහත්තයට පුදුම තදියමක්..

ඊටත් කෑගහලා හිනාත් වෙනවා...මක්කටද මන්දා මට දහයෙ කනිසම ඇරුනම අනිත් හැම එකක්ම ඇහෙන්නෙ මලකරච්චලයක් වගෙ....හිත බිදුන වෙලාවට මන් අනන්තවත් අනූ අටයි දශම අට අහනවා...ඒත් ...ඒ කාටවත්ම බැරි උනා අදටත් මගෙ හිත නිවන්න....

එක්කො...සියපත් මහත්තයා මගෙ ආත්මෙ සින්නක්කර කරගන තියන හැටියට මට ඒ මහත්තයා ඇරුනම වෙන කාගෙවත් කටහඩක් මගෙ පපුවට දැනෙන්නෙ නැතුව ඇති.....

මට ලැජ්ජා කරන්න එපා මන්දාරම්....එහෙම කරන්න එපා...ඔයාට බරයි.....ස්වකැමැත්තෙම්ම බර හෑල්ලු කරන්න අහන මාව එලවගන්න එපා මන්දාරම්.....ඒක මට ලැජ්ජාවකට වඩා ඔයා මාව ප්‍රතික්ෂේප කරනවා වගෙ දැනෙනවා...මට ඉඩ දෙන්න...කරුනාකරලා....

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා...මීට තත්පරේකට උඩදි එකම දිගට රේඩියො එක වගේ කියවන් කියවන් ගියපු

කලාත්ම හාමුගෙ කටහඩ මට හිතන්නවත් බැරි තරමින් නිවිලා ගිහින් තිබුනා....ඒ ඒ මූන....ඒ ඇස්....මේ හැමදේම....ඇස්වල තෙත් ගතියක් මතුවෙලා තිබුනා...ලැජ්ජාවකට වඩා මන් හාමුව ප්‍රතික්ශේප කරනවා වගේ දැනෙනවා කිව්වා.....

මන් වගේ මනුස්සයෙක්ගෙන් ප්‍රතික්ශේප වෙන්න....???මන්වගේ එකෙක්ගෙන් එහෙව් උත්තමයෙක් ප්‍රතික්ශේප වෙන්න....???

බෙබි හාමු....උඹලට මෙව්වා හුරු නෑ හාමු....

කමක් නෑ..හුරු නැත්තන් මට හුරුවෙන්න දෙන්න...ඇරත් මනුස්සයෙක්‍ට පිහිට වෙන්න අමුතුවෙන් හුරුවෙන්න දෙයක් නෑනෙ ලමයො....අල්ලන්න ඉතින් මගෙ මූන දිහා බලන් දවසම ඔහොම ඉන්නද හදන්නෙ....ම්ම්...එතකොට මේ අහිංසයගෙ කකුල් හිරිවැටෙනවා.....

හ්...හ්..හරි....

මන්දා...මටත් මොනවා වෙනවද කියලා...වෙලාවකට හුස්මක් කටක් වත් ගන්නෙ නැතුව කියවන් යන හාමුම ආයම අර සියපත් මහත්තයා වගේ නිවුන කටහඩින් කතා කරනවා මට මුලු ලෝකෙම අමතක වෙනවා...

අනෙ හාමු උඹ හදන්නෙ හුස්මකින් වත් වරදක් නොකර ඒ හිතටම පේවෙලා ඉන්න මට පව් පුරවන්නද...???

මා පුතා යසො.....හත් දෙයියනෙ...සමනගෙ අප්පොච්චා...

මං හිතන්නෙ මගෙ කසිකබල් සර්වාංගෙට දරාගන්න බැරි බරෙන් අඩක්ම හෑල්ලු වෙලා ගියා...කලාත්ම හාමුගෙ බහට කීකරු වෙන්න උන මං අවසානෙදි සමනගෙ අප්පච්චිගෙ සර්වාංග බරෙන් අඩක් ඒ උත්තමයා එක්ක බෙදාගත්තා...කොටින්ම උන්දැගෙ පිට හරහා වැටිලා තිබුන කලාත්ම හාමුගෙත් මගෙත් අත් ලියවැලක් එතෙන්නා හා සමානව එක පිට එක එතිලා තිබ්බා...මක්කද මන්දා කාරනාවකට මගෙ කන් පෙත්තක් රත ගැහුවා!!!

අප්පුච්චො.....මේන් මේකලා ඊයෙ රෑ ගිය ගමන...පැටියට බේත් වේල වැටිලා තුරුනුවන් සරනින් මයෙ කොල්ලා සනීපෙන්ලු මගෙ අප්පොච්චෙ.....කතා බතා කරගන උන්නට මක්කද බන් ඉඹට කියන්ඩ මාව මැරෙන්ඩ වැටිලා වගෙ උන්නෙ අප්පොච්චෙ...

සමන්දෙයි හා...න්දුරුවන්ගෙ පිහිටයි කොල්ලට...මා පුතා උඹලා අරන් දුවපු හන්දා තමයි...මක්කවත් නැත්තන් එච්චරයි ...කිරි අත් පය...පව් දෙයියා ඒකලාට....

කලාත්ම මහත්තයා එක්ක සමනගෙ අප්පව වත්තන් කරන් ආව මන් අවසානෙදි උන්දැව පිල්කඩ උඩින් ඉන්දලවලා සරුම් ගැටෙ තද කරගන්න ගමන් සමනගෙ අම්මා මගෙ කනට තියාපුවා එකම හුස්මට අප්පොච්චට කියනවත් එක්කම උන්දෑ මක්කවත් කියන්ඩ කලියෙන් සමන්දෙයි ඉසව්ව හොයාගන ඒ අහට අත් එකතු කරාපු අප්පච්චි දෙයියො බුදුන්ට පින් දෙන්න ගත්තා ඒ අතරෙ මං නිකමට වගේ එහෙම්ම මක්කද මන්දා අඩුවකුත් දැනුන හන්දා පිටිපස්ස හැරිලා බැලුවා....

කලාත්ම හාමු....වැටකඩුල්ල ගාව ඉදන් ආවට මක්කද පිල්කඩ ගාවදි උන්දැව වත්තම් කරලා පැත්තකට උනේම ස්තූති කතාවක් නාහම වෙනකොට මං හීන් සීරුවට බේබි හාමු දිහා බලාගන මිමිනුවා...

." බේබිට සමන්දෙයි හාන්දුරුවන්ගෙ පිහිටයි"

මා පුත යසෝද.....

ඕ අප්පුච්චා...

මේන් වරෙල්ලා ඩින්ගිත්තට....

මං උන්නෙ කලාත්ම හාමු දිහා බලාගන...හාමුගෙ ඇස් වල අර තෙත් ගතිය එහෙම්මයි.....පයින්ම ආව සමනගෙ අප්පා පිල්කඩ උඩ ඉදගන හතිලානකොට මං බලාගන ඒකගෙ අම්මා හත් අවුරුදු වතුර නොදැකපු උන්දැගෙ වයසක කකුල් දෙක අත ගගා මක්කද කියන්න හුස්ම අල්ලනවා....

සමනගෙ අම්මව තවත් දිරලා ගිහිල්ලා.....හුස්ම ඉහල පහල ගන්න වාරයක් වාරයක් පාසම උරහිස් ඇටවලට වතුර පුරවන්න පුලුවන් තරම් ගැඹුරට වල ගැහෙනවා.....ආය මස එහා මෙහා කර කර ඇට කටු පාදන්ඩ දෙයක් නෑ...එකයි දෙකයි කියලා ඔය සර්වාන්ගෙ ඇතුලෙ තියන අර කටු දෙසිය ගානම ගනින පුලුවන් තරමට ඒකිලාව වරහැලි වෙලා ගිහින්.....මක්කද මන්දා සමනගෙ අප්පගෙ සර්වාංගෙ කේඩෑරි වෙවි ගියාට ගියාට ලගක් ඉදන් උන්දැගෙ බඩත් ඩින්ගක් ඉදිමුම් කාලාදෝ හිතෙනවා...එක්කො මගෙ ඇහේ දෝසයක්.....

මන්දාරම්.....

අප්පුච්චගෙ කටහඩ කුසිය දිහාවෙන් ඇහුනත් එක්ක මං හාමුගෙන් ඈත්වෙලා එන්න හැදුවා....ඒත් මං එක අඩියක් ඉස්සරහට තියන්නත් කලින්ම බේබි මාව නවත්තගත්තා.....

කලුවා සමනගෙ අම්මා අප්පා දිහා බලාගන කෙදිරිම් කාලා කාලා අර ඇමැට්ටි උන කකුලත් අද්ද අද්ද ඇවිදින් අහන්නෙ බලන්නෙ නැතුවම හමුගෙ පයපාමුල ඉදගන්නවත් එක්කම මං බලාගන මෙච්චර වෙලාම ගෙට වැදීගන උන්න නිකිනි අත්දෙක ඉස්සරහට ගහගහ තට්ටම් වලින් රූට රූට ඇවිදින් දොරකඩ ඉදගත්තා....මොන දේට හරි මට කතාකරපු හාමුට වචන හිර උනා....ඒ චුට්ටකින්ම මගෙ දිහා බැලුවා....

බේබි හාමු....

".මහමේරුවම මේ ඉහ උඩ තියාගන කොහොමද බෙනරගම හුස්ම ගන්නෙ.....?සියපත් කියන්නෙ පුදුම වාසනාවන්ත මනුස්සයෙක්.....පොලවෙ පයගහන පිරිමියෙක්ට තුරුල් වෙනවා කියන එක වෙනම හැගීමක් මන්දාරම්.....අහසකට හරියන්නෙම හයිය මහපොලවක්.....බැරිවෙලාවත් අහසත් කඩන් වැටුනොත් දරාගන්න පුලුවන් මහපොලවක්...."

අඩියයි ..දෙකයි...බේබි හාමුට උත්තරයක් නොබැදම මං අප්පුච්චා බෙරිහන් දුන්න කුසියට පැත්තට දිව්වා.....

මගෙ පපුව ගැහෙනවා...මගෙ පපුව එලිබහින්න හදනවා...අවරයක් නැතුවම බේබි හාමු මගෙ ඔලුව අතගෑවා...ඒ විතරක් නම් මදෑ...දෙයියනෙ හාමු කතා කරන්නෙ සියපත් මහත්තයා මට වෙනකොටත් කැමැත්ත දෙන්න බලන් ඉන්නවා වගෙනෙ.....

සියපත් මහත්තයා වාසනාවන්ත වෙයි කියන්නෙ.....මන් වගේ මිනිකපන ඒකෙක් ට කරගහලද දෙයියනෙ ඒ මහත්තයා වාසනාවන්තයෙක් වෙන්නෙ.....

ඇත්ත.....මං ඒ කටහඩට සීමාවක් තිතක් නැතුවම පපුවෙම්ම ආදරෙ කරනවා...තුන් තිස් පැයම අනෙ ඒ මහත්තයව පරිස්සම් කරන්න කියනවා....ඒත් කොයිම වෙලාවක වත් මං මේ තරම් දෙයක් හිතිලා නෑ....දකින්න වරම් නැති උනාට කාරි නෑ...අහන්නවත් වරම් තියනවනෙ කිය කිය මං පැල්බැදන් ආදරේ කරන්නෙ කටහඩකට කියන්න දන්න මං මේ තරම් දේවල් හිතලා තිබුන් නෑ....ඒත් කලාත්ම හාමු....හාමු කතා කරන්නෙ සියපත් මහත්තයා මේ දේවල් මටම කියන්න කිව්ව ගානට ....සියපත් මහත්තයා මට තුරුල් වෙන්න...

ඇත්ත බේබි හාමු කිව්වා වගේ මගෙ ඉහ උඩ මං මහමෙරුව තියාගන ජීවත් වෙන්නෙ...ඒත් දැන්.....බේබිගෙ වචන එක්ක මහමෙරුවෙන් අඩක් කඩාගන් මගෙ පපුව උඩට වැටුනා වගෙ.....මඩ වතුර උනත් කාරි නෑ කියලා පොල් මුඩ්ඩ ගෙවෙනකන් අත පය අතුල්ල අතුල්ල නෑවට මොකද මට අදටත් බැරි උනා සර්වාංගෙට අරක් ගත්ත ෆෝමලීන් ගද යවාගන්න.....එහෙව් මගෙ පපුවට සියපත් මහත්තයා තුරුල් වෙන්න....මගෙ ඇස් පනාපිට ඔය ආකාසෙ කලුවර වෙයි මහත්තයො.....

මා පුතා.....මේන් මේක ගනිල්ලකො....මේක මං තියලා තිබ්බෙ බාගෙ වෙලාවට උඹලගෙ අම්මා එයි කියලා....

මගෙ පපුව ගැහෙනවා අහවරක් නෑ....ඒ අස්සෙන් තොලකටත් වේලිලා ගිහින්.....

ඒකදන්තයා කම්මුතු කාරපු කුසි කෑල්ල අස්සෙ එහා මෙහා යන අප්පච්චි මගෙ අතට කුරහන් රොටි ගෙඩියක් තියලා මක්ක මක්කද කියනවා...

මට ඇහෙන්නෙ නෑ...ඇහුනත් මට තේරුමකුත් නෑ...තවමත් මගෙ හිත ගත අන්දුන්කුන්දුන් වෙලා ගිහින්...

මා පුතා ...කොල්ලා!!

අ...අ...අප්...අප්පොච්චා.....

ඕක ගිහිල්ලා දියල්ලා..මක්ක කරනවයි තවමත් මෙතන ලැගන්...මං මේ කොත්තම්මල්ලි ටිකක් ලිපට කරන්ඩ කියලා.....කෙල්ලටත් එක්ක...උඹලටත් ඕනයි...ඔය කකුල් වල කැක්කුම් යන්ඩ ඩින්ගක් දෙන්ඩයි කොල්ලා...

එ..එපා....අප්පුච්චා....මට මොකුත් එපා.....මං මෙක දීලා එන්නම්.....

කලාත්ම හාමු...අනෙ උඹ මේ අසරනයව අමාරුවෙ දාන්නෙ ඇයි හාමු.....

අප්පච්චි දෙවංගියක්ම කොත්තම්මල්ලි හදලා දෙන්න අහනකොටත් එපා කියපු මං දෙකඩ ඉරාපු රොටී ගෙඩිය දාපු බෙලෙක් පිගානත් උස්සන් ආපිට පිල්කන්නට එනකොට මං බලාගන කලාත්ම හාමු වෙන කොහෙන්වත් නැතුව නිකිනි ගාවින් ඉදගන උන්නා.....නිකන් නෙවෙ දෙයියනෙ බේබි කෙල්ලගෙ අත් දෙකම ඒ අත් දෙකට ගුලිකරන් උන්නා...

කිව්වට විස්වාස කරපල්ලා.....ඕකිට පිට පිරිමිකුයිලක් වැදුනා නම් ඔය කලාත්ම හාමු විතරක්ම උනා...

සමනහෙ අම්මෙ...ඉදල්ලා කාලා ඉදිල්ලකො....අප්පොච්චා කොත්තම්මල්ලි ඩින්ගක් ලිපටකෙරුවා.....

සමනගෙ අම්මා තාම ඒකගෙ අප්පගෙ කකුල් අතගානව....මේක ගනිල්ලකො ගගා කතා කෙරුවට මොකද මගෙ ඇස් තිබුනෙ නිකිනිගෙ අත් දෙක අත ගගා ඒකිගෙන් මක්කද මක්කද අහන බේබි ගාවට.....

බේබි කතා කරනවා...මොනවා අහනවද මන්දා...ඒත් ඒ ඇස්වල තිබුන හැගීම මට තේරුම් ගන්න මට පුලුවන් උනා.....ඒ ඇස් පුරාවටම තිබුනෙ තනිකරම සෙනෙහෙසක් ....පෙරාපු රත්තරන් තරම් පිරිසිදු හැගීමක් කියන්න මට අදුනගන්න වැඩි වෙලා ගියෙ නෑ ...

මං බලාගන උන්නා...කලාත්ම හාමු කතා කරන් වාරයක් ගානෙම නිකිනිගෙ අත් අතගානවා.....අරකිට කියන එක තේරෙනවද නැද්ද මන්ද ඒකිත් හැම එකටම ම්ම්ම් ම්ම්ම්...ගානවා...පොලවට අත ගහන ගහන වාරයක් පාඩාම අනේ ඒකිගෙ අත් ගොරහැඩි වෙලා තිබුනා...තනිකරම කොස් කටු වලට අන්තෙටම ගොරහැඩි වෙලා තිබ්බා...තට්ටමෙන් රූටල රූටලම අනේ ඒකිගෙ තට්‍ටම් කලු ගැහිලා මදිවට එක ළඟ එක ළඟ බිබිල් දාලා ඒකිට පදාසෙ හැහිම් දැනීම් නැතිවෙලා තිබුනා.....

ආ සමනගෙ අම්මෙ.....පැටියට දැන් මක්කයි කිව්වෙ...කෙල්ලට බත් ගෙඩියක් වත් බැදන් ආයම යන්ඩ වෙයි නේද.... ....

......

පව්.....ඒකිට ඉස්පිරිතාලෙන් වත් බත් කටක් හම්බෙනවා නම් කමක් නෑ...

මං ආයම සමනගෙ අම්මලා ගාවින් ඉදගත්තා....මෙච්චර වෙලාම නිකිනි ගාව ඉදගන උන්න කලාත්ම හාමුත් වෙන ඉදගන්න තැනක් නැතුවමද මන්දා මගෙ ගාවින්ම ඉදගන්නකොට මං ආයම ගිහින් බිත්ති කන්දෙ කෙරවලටම රූටන් ගිහින් ඉදගත්තා උනත් බේබිත් කෙරුවෙ ආපිට මගෙ ගාවට රූටන් ආව එක වෙද්දි ආය එහාටත් මෙහාටත් යාගන්න බැරිව හිර උන මං අවසානෙදි පරාජෙ බාර අරන් ඉදගන උන්න විදිහටම ඉදගත්තා....

සමනගෙ අම්මා හූල්ලනවා....අප්පච්චි ආපිට සමනගෙ ගෑනිට බත් ගෙඩියක් අරගන යනවද අහනවා එක්කම උන්දෑ පපුවටවත් ඔරොත්තු නොදෙන තරම් බර හුස්මක් පිට කරලා අහස දිහා බලාගන උන්නා....

ආයම බත් ගෙඩියක් අරන් යන්න....බස් යන්නෙත් වෙලාවෙන් වෙලාවට.....ආයම තියන බස් එක අල්ලන්ඩත් ගෙදර ගිහින් බතක් මාලුවක් ලිපට කරනකොට මේ ගෑනිගෙ පන ගිහින් තියෙයි...හුස්ම වැටෙන්නන් වාලෙ වැටෙනවා මිසක උන්ට අපිට හුස්ම හිතලා ගන්න තිබුනා නම් මේ වෙනකොටත් අඩිහයක්‍ මහපොලව යට උන්ගෙ අපෙ භශ්මාවශේශ තියෙන්න ගියා....

සමනගෙ අම්මා අහස දිහා බලන් ඉන්නවා....කොහෙන් ගියත් අන්තීමට බේබි ගාවම නැවතුන කලුවා සැරින් සැරේම කෙදිරි ගගා උගෙ බලු අතෙන් බේබිගෙ කකුල රිදෙන්නෙ නැතිවෙන්න පහුරු ගගා ඔලුව තට්ටෙ කරන් මක්ක මක්කද කියනකොට රැයක් දවාලක් නැතුව මලගම් පයින්ඩ අරන් යන රැහැයියෙක් ඇවිත් වැටකඩුල්ලෙ වැහුවා මං එහෙම්ම අතට අහු උන ගල් කැටේ අර ඒකට දමලා ගැහුවා...

ඌටත් යන්ඩ එන්ඩ තැන් නැතුව...ලගින්ඩ තැන් නැතුව.....අඩාගන ඇවිත් වැහුවෙම වැට කඩුල්ල ගාව...මගෙන් ගල් පාර වදිනකොට මං බලාගන අප්පච්චි තුන් විඩක් කෙල ගහනවා.....

කුසිය හරියෙ කටු අල දෙකක් තිවුනා....මං ඒකිලාට කියල ආවෙ එනකොට .....දවාලෙට ඉස්පිරිතාලෙ බතෙන් බඩ පුරෝගනින් කියලා...අඩුම ගානෙ මැල්ලුමක් එක්ක මාලු කෑල්ලක් වත් තියනවනෙ කියල....ඒත් ඒකි හූල්ලනවා ඒකිට එහෙම හරි බත හම්බෙනවා උඹලා ඇල්වතුර සප්පායන් වෙලා බුදියන්ඩ හදනවද අහ අහ....

මට ඒකිලාව ඒකිගෙ අම්මලාගෙ ගෙදට්ට ගිහින් අරින්ඩ හිතෙනවා....ඒත්...ඒකි මා එක්ක ඕක කියන වාරයක් ගානෙම අංකරේට එනවා....මායි මුන්දැයි තනිකරම පරඩල වගෙ.....ඒත් ඒකි නෙවෙ යන්ඩ හිතන්නෙ....ඒකිට ඕන අපි එක්කම දුක් විදින්ඩ ඔය මැටි පැලෙ වැටිලා ඉන්ඩ...

මං ඔහෙ අහන් උන්නා....කටු අල තුනක් තියනවලු කුසිය අස්සෙ....ඕක තම්බගන ලුනි ඩින්ගක් ඉහාගන ආපිට යන්ඩ වෙන්නෙ හයෙ කනිසමට බලන්ඩ....හයෙ කනිසමට බලන්ඩ නම් ඊටකලින් තියන බස් එකට යන්ඩ වෙනවා...ඒත් .....ආපිට හන්දියට බඩගානවා කියන්නෙ...

මගෙන් හුස්මක් පිට උනා....ගුරුපාර දිගේ බෙනෙ ගෙදර පහුකරාන සමුපකාරෙ යන එවුන්ගෙ දිවිල්ල අඩු උනා...ගිය එවින්ගෙන් සමහරක් ආපිට පන් මලු බරකරන් ගෙවල් වලට යන්ඩ ගියා.....

උඹලා ආය යන්ඩ ඕන නෑ...හවහට බලන්ඩ මං යන්නම්...ගෑනි මගෙ නොවුනට...කොල්ලා මගෙනෙ.....අප්පුච්ච මට පන් මල්ලදියන්කො දැන් නම් පෝලිම අහවර වෙන්ඩ එනව ඇති.....

සමනගෙ අම්මගෙ හීල්ලුම් කතා බර හුස්මල් වේලුම් කාපු මහපොලවටත් දරාගන්න බැරුව ඇති.....මං බලාගන උන්දෑ දෙකට ඉරලා අතට දුන්න රොටි බාගෙනුත් කඩාගත්තෙ එක කෑල්ලයි...ඉතුරු බාගෙ ආයමත් සමනගෙ අප්පගෙ අතට ගුලි කරලා කාපල්ලා උඹලට මහන්සි දෙයියො කියනකොට සමනගෙ අප්පගෙ වෙව්ලුම් කන අත ඒ රොටී කෑල්ල ආයම උන්දැගෙ අතට මිට මෙලෙව්වා.....

දරාගන්න එකෙත් සිමාව පිට පැන්නත් ඇනුම් බැනුම් වලින්ම පදන් උන හදවතක් තිබ්බ මං අවසානෙදි සම්පකාරෙට යන්න නැගිට්ටා...ඒ එක්කම කලාත්ම හාමු මගෙඅතින් අල්ල ගත්තා....

ඔයත් කොත්තමල්ලි ටිකක් බොන්න මන්දාරම් ඔය ඇගට තෙහෙට්ටුයි...රෑ බෝවෙන්ඩ රෑ බෝවෙන්ඩ ආයම උනගනී...අසනීප උනොත් එහෙම.....

මං කලාත්ම හාමු දිහා බලාගන උන්නා.....උනක් හැදුනත් ..කැස්සක් හැදුනත් අම්මා අප්පා ඇරුනම මලවුන්ගෙ ලෝකෙට ගියපු සමනා ඇරුනම බලු බල්ලෙක් උඹට මක්කවත් අසනීපයක්ද බෙනේ කියලා ඇහුව නැති මන් ගැන කොහෙන්ද ඉදන් ආව කලාත්ම හාමු වද වෙනවා...කාගෙ කාගෙත් කතා අහන මට මේවට දැන් රිදෙන්නෙ නැත්තෙ වැරදිලාවත් මාත් මගෙ බලනහරෙට ෆෝමලින් විදන් දෝ හිතුනත් බැනුමට වඩා ලෙන්ගතුවෙන් බලන බැල්මට මගෙ වේලුම් කාපු නහර වලටත් රිදෙන්න ගත්තා....

මුනිච්චිය තහනන් බව සින්හල හෝඩියෙම අකුරු එකතුකරන් නවරත්න ගුරා දෙස්ස බනෙත් අහ අහම හාමු මගෙ පිල්කඩ උඩට වැටුන එකම මට රිදුනා සැරටම.....

බේබි හාමු ...කියාපන් රත්තරනෙ...මක්කද ඔයහැටි මගෙ පස්ස පාරෙ පන්නන සන්සාර කාරනාව??

තත්පර ගානක් ඒ මූන දිහා බලාගන උන්න මං අහක බලාගත්තා....බේබිගෙ සිනිදු අතෙ රස්නෙ නහර වැල් එකයි දෙකයි කියලා ගනින තරමට ඉලිප්පුම් කාපු මගෙ අත උඩ නැවතුන නැවතිල්ල එක්ක මැනික් කටුව ගාව තිබුන නහර වැල රත්වෙන්න ගත්තා.....

අත අල්ලලා අහක් කරන්න හිතුනත් හිත්වේදනාවක් දැනුනම වේදනාවෙ තරම ඕනාවටත් වඩා දන්න මට ඒ හිත රිදවන්න බැරි කමට මං ඒ තිරිවානා පාට අතට මගෙ ගුරුපාට අත අල්ලගන ඉන්න ඉඩ දීලා ඒ ඇස් වලින් මං මගෙ ඇස් ගලවගත්තා....

වෙලාවකට කටර් එකක් වගේ කියවන් යනකොට මලකරච්චලයක් වගේ දැනුනත් මගෙ යටි හිත වෙලාවකට ඒ කරච්චලේටත් ආස කෙරුවට තුන් හිතම වහන් ඉන්න සියපත් මහත්තයට මගෙන් වරදක් වෙයි කියන බයට මං කලාත්ම හාමුගෙ මෙ කරුනාව හිතා මතාම පැත්තකට කරලා පාඩුවෙ ඉන්න හැදුවත් මට තේර්‍ර්න්නෙ නෑ දෙයි හාන්දුරුවනෙ ඇයි මේ බේබි හාමුව මට දැන් එන්න එන්නම ඕනාවටත් වඩා දැනෙන්නෙ කියලා....

අයිති නැති උනා...නැතා.....අනෙ සියපත් මගෙ තට්ට තනිහිතින් උඹට කරන මෙ ඒකපාර්ශවීක ප්‍රේමෙට වරදක් කරන්න බෑ බන්.....

සියපත් මහත්තයො උඹට තිබුනෙ රේඩියො කාරයෙක් නොවී දොස්තර කෙනෙක් වෙන්න...එහෙම උනා නන්....මට තිබුනා මිනිකපන එක නවත්තලා පිස්සෙක් වෙන්න....එහෙම උනා නම් අනෙ උඹටයි මටයි තිබුනා හැමදාම එක වාට්‍ටුවක හම්බෙන්න.....මට කියපන්....අද රෑවත් උඹ එනවද....

බේබි හාමු කියනව අද එන්නෙත් නෑ හෙට එන්නෙත් නෑ කියලා.....අනෙ ඒක බොරුවක් වෙලා උඹ ට බැරිද මහත්තයො රෑ දහයට බැරි නම් දෙගොඩ හරියෙදි වත් ඔය වැටකඩුල්ල පැනන් මගෙ මැටි ගෙදරට එන්න?

ඇවිදින් මම සියපත් ආකාස කියලා හරි ලස්සනට උඹගෙ නම කියලා හිතම නිවන සින්දු දෙක තුනක් දාන්න....

මා පුතා යසෝද ආ.....

අප්පුච්චා...මුට්ටියෙ තව කොත්තමල්ලි නෑ?

ආන් උගුරක් විතර ඉතිරි උනා...උඹලට එපාය කිව්වනෙ....දැන් ආය මක්කද

මං නෙවෙ මොකුත් කිව්වෙ....ඒ තියා හාමු දිහාවත් බැලුවෙ....අප්පච්චි බීපන් කියනකොට බෑ කියපු මමම අනිත් පාර හාමුගෙ වචන වලට නැවුනෙ ඇයි කියන්න මාත් අහන වෙලාවක ආයමත් ඒ ඇස් මාව අල්ලගනී කියන බයට කුසියට ගිහින් ලිග්ගල් උඩ තිබුන මුට්ටිය වහල තිබ්බ නෑබිලිය අහක් කරලා පිගන් රාක්කෙ තිබුන සුද්ද කරාපු පොල් කටුව අරන් අන්තීම කොත්තමල්ලි උගුරු දෙක තුන කට්ටටදාගන්නවා එක්කම ආයමත් බේබි හාමු එහාට මෙහාට හැරෙන්න බැරි මේ කුස්සි කෑල්ලටත් රින්ගගත්තා....මන් මගෙ ඇහිබම අකුලගත්තා...

බේබි හාමු ගෙදර යන්නෙ නෑ....

ගෙදර ගිහින් මං ගුරාගෙ ගේ රකින්නද?

...........එහෙම නෙවෙ බේබි හාමු....

මන්දාරම් හදන්නෙ මාව එලවගන්න...

ඒකනෙ මං චුට්ටක් ලගට ආවත් ඈතට යන්නෙ.....මං අතින් ඇල්ලුවත් අහක බලන්නෙ....මන්දාරම් ඉන්නෙ මා එක්ක නොරිස්සුමෙන්...

අනෙ රත්තරන් හාමු...මගෙ තුන් හිතකවත් අහිතක් නෑ ....ඒත් හාමු එලි බැස්සෙ කොයි වෙලේද.... කට කොකියන එකෙක් හාමු මෙහෙ පිල් ගානෙ ලැගන් උන්නයි කියලා නවරත්න ගුරු ගෙදර ඈයන්ගෙ කනේ තියලා දැනගත්තොතින් ...හාමුටත් දෙස් අහන්න වෙයි ...අපි වගේ උන්ට නම් ඔය දෙස් අහලා පුරුදුයි හාමු...ඒත් බේබි හාමුලා වලව් ඇත්තො...අපිවගේ උන්ව වලව් වත්තකට ගාවගන්නෙ නෑ...අඩුම ගානෙ පස්ස දොරවත් කැපනෑ...එහෙව් එකේ....

..............අපි වගෙ උන්...අපි වගෙ උන්....මොකක්ද මන්දාරම් ඔයා ඔය කියන කතාව...ඇයි ඔයයි මායි එක වගේ නෙවෙද.....ඇයි මගෙ නලලෙ හාමු කියල කොටලා තියනවද.....එතකොට මන්දාරම් කරන්නෙ එම්බාම් කරන එක කියලා කොටලා තියනවද.....ඔය විදිහට කතා කරන්න එපා මන්දාරම්....

.......හාමුට තේරෙන්නෙ නෑ.....ඒක මං හිතන විදිහ නෙවෙ.....මුලු ගමක් එකතුවෙලා අපිට හිතන්න උගන්නපු විදිහ මේකයි හාමු.....

.....ගමේ උන්ට ඔක්කොටම වඩා පිස්සු....වේල් තුනට කාගන්න දෙයක් නෑ...ඒත් තුන්වේලටම උද්දච්චකම නම් තියනවා.....මගෙ කටත් වේලිලා...ඕකෙන් චුට්ටක් දෙන්නකො ලමයො තනියෙන් බදන් ඉන්නෙ.....

මගෙ කනත් එක්ක මොකක්ද වෙලා ගියා.....මං කියන දේ කනකට වත් ගත්තෙ නැති බේබි හාමු අතෙ තිබුන පොල්කටුව අරන් වටයක් කරකවලා ඉතුරු කොත්තම්මලි උගුර බොනවත් එක්ක මට මොකක්ද වෙලා ගියා....වෙනමොකටවත් නෙවෙ අනේ හාමු උඹ කට්ට් හරවලා හරවල අවසානෙදි කට ගැහුවෙ මං කට ගහපු කඩතොල්ල ගාවටනෙ!

මන්දාරම්....

බේබි හාමු....

මාත් එන්නද?

කොහෙ.....

ඔය සම්පකාරෙ යන්න.....එපා කියන්න එපා මං දන්නෙත් ඔයාව විතරයි ....ආව පමාවට දුවන්න හිතුනට මොකද....මේ ගම හරි ලස්සනයි යශෝධ...අද හෙට අනිවාර්යයෙන්ම යන්න ඕන උනත්...මට හිතෙනවා ඔක්කොම දාලා මෙහෙ නවතින්න...මං ඔයත් එක්ක එන්නද....මට ගම බලන්න ඕන....අර ගුරුපාර දිගෙ ඔයා එක්ක දිගටම ඇවිදන් යන්න ඕන.....හිදුන වැවට බැහැලා ඔයාලා අතින් අරන් බොනවා වගේ වතුර උගුරක් බීලා බලන්න ඕන...එපා කියන්න එපා මං එන්නද?

.........

එපා නම් කමක් නෑ....මන්දාරම් යන්න...මං මගෙ හිතුමනාපෙට මෙහෙ ඇවිදින්නම්...එතකොට අර මොකක්ද පොත්තක් තියන හන්දියෙදි අලියව හම්බෙලා මට ගහභ්භ්භ්භ්....භ්භ්භ්න්හ්....

ප්..පින් අයිති ...වෙයි.....මිනිකපන...එකෙක්....

උනාට...මගෙ පපුව ගැහෙනවා හාමු....

අමු අමුවට බලනහරෙ ඇදලා කරකුට්ටන් වෙන්න ෆෝමලින් ගැහුවට...මං මලකදටත් අවසානෙදි මගෙ බඩවියත රකින්න සම්මාදන් උනාට පින් දෙන එකා.....එහෙව් මගෙ ඉස්සරහා ඔහොම කතා කියන්ඩ එපා හාමු....මේක ස්වර්නමාලියට ලියෞන පින්බිමක්.....මං උඹල මේ ගමෙන් පිටවෙනකන් ඇහෙ තියන් රකිනවා කියලා වදන් දුන්නෙ එහෙව් බිමක ඉදන්.....

මන්දන්නෙ නෑ මට මක්ක උනාද කියලා...ආයමත් මුරන්ඩුකම් කරන්න ගත්ත කලාත්ම හාමු අහන්න තියා හිතන්නවත් හොද නැති කතාවක් කියනවා එක්කම මං මගෙ ගොරහැඩි අතින් වයසක් පෙනුන් නැති ලාමක මූන මිරිකගත්තා...

තරහා ගියාද මන්දාරම්...?මන්දාරම් මට දැන් දැන් සියපත් එක්ක ලාවට ඊරිසියාවක් දැනීගන එනවා....සමාවෙන්න මෙහෙම ඇහුවට...ඔය හිත සන්සාර කන්න අහුරු ගානකටම ඒ හිතට සින්නක්කර කරලා අහවරද මන්දාරම්...

තත්පරයක් ...දෙකක්....වැඩිම උනොත් තුනක්...මං ඒ කට මිරිකන් දෙස් තියලා තියලා අවසානෙදි මගෙ අත අහක් කරගත්තා.....ඒ විතරක් නෙවෙ අර අතෙ තිබුන පොල් කටුවත් උදුරලම අරගත්තා....

දෙයියනෙ මට කෑගහලා බනින්න හිතයි...ඒත් මේ මූන දැක්කම මේ ඇස් දැක්කම මට බැනගන්නවත් වචන නැතිවෙනවා.....මේ මුනකට දකින වාරයක් ගානෙම ගව්ගානක් දුර කොලොම්තොටෙ ඉන්න මන්දාරමක් පාරමී පුරන අහස්ආගාදෙ මතක් වෙනවා....

මෙච්චර දෙයක් කියලා කලාත්ම හාමු තරහද අහනවා....තරහා වෙනවා තියා මට උඹ දිහා තරහෙන් බලන්නවත් තේර්‍ර්න්නෙ නෑ හාමු....

අපරාදෙ....යශෝධ වෙනුවට යශෝධර මන්දාරම් කියලා දාන්න තිබුනෙ.....දන්නවද....යශෝධ කියනකොට මට මතක්වෙන්නෙම සොඳුරු යශෝධරාව....මන්දාරම් නොදන්නවා උනාට....මේ ඇස් හරි පින්පාටයි.....ලා කහපාටත් බොරපාටත් මැදි උන පින්පාට ඇස්....කවුරුත් ඒක කියලා නැද්ද යශෝද?

........

මං නෑ කියන්න ඔලුව විතරක් හෙලෙව්වා....කවුරුත් මගෙ ඇස් වල පින්පාට දකිනවා තියා මූනක් බලන්නෙවත් නැතිව මූන හන්ගන් යනකොට උන් කොහෙ හාමු කියන පින්පාට දකින්නද.....උදේකට දැක්කොත් ආය පන බයෙ බෑ උන්ගෙ මක්කටවත් පාඩුවෙල කියලා පහුදා ආඩපාලි කියලා යයි කියලා.....එහෙව් මගෙ ඇස් වලින් කවුරු කියලා නම් පින් පාට දකින්නද....උන්ට වැරද්දක් නොකරම උන්ගෙ ලෝකෙ ඇතුලෙ මං සම්පූර්නම වැරදිකාරයෙක් වෙලා ගිහින් හමාරයි.... පව් කාරයෙක් කරලා හමාරයි...ඉතින් කොහෙ කියලා උන් මගෙ ඇස් දකින්නද....හැබැයි උන් මගෙ ඇස් දිහා බැලුවා නම්....මට සීයට දාහක් විස්වාසයි උන් මගෙ ඇස් වල පින්පාටට කලින් වචන නොවුන වේදනාව දකින්න ගියා.....

උන් එක විනාඩියකට බෙනෙ උනෝතින් පපුව හත්කඩකට පැලිලා යාවි එක තත්පරයක් ඇතුලත...ඒ තරම් වේදනාවක් මං ගමකගෙන් උහුලනවා....

ඒ උනාට මට මේ ඇස් පින්පාටයි....මේක මෙහෙම කියනවට වඩා.....ආකාසෙකට අයිති උන මන්දාරමක ඇස් පින්පාටයි කියනකොට දැනෙනවා නේද මන්දාරම්.....?ඒක හරි ආදරනීයයි නේද...අයිතියක් දීලා කතාකරන එක.....ආකාසගෙ මන්දාරම්....මන්දාරම්ගෙ ආකාස.....සියපත් ආකාස...මන්දාරම් යශෝධ .....දන්නවද මන්දාරම් මන්දාරමයක් යට පිපෙන සියපත මොනතරම් ලස්සනද කියලා.....මන්දාරම අන්දකාරයි....ඒත් ගිනිගහන ඉර තරම් නපුරු නෑනෙ නේද.....

සහෘදය මට තේරුම් යනවා...කොයිම යාමෙක හරි මගෙ වචනත් එම්බාම් වෙලා ගිහින් කියලා.....

මගෙ ඇස් දිහා බලාගන කතා ගොඩාක් කිව්ව කලාත්ම හාමු අවසානෙදි ඇස් හීන් කරලා හිනා උනා මදිවට බෙල්ලත් චුට්ටක් ඇලකරලා මා එක්ක තරහ වෙන්නෙ නෑනෙද මන්දාරම් කියලා අහනකොට මං නෑ කිව්ව.....

මා එක්ක තරහා වෙන්නෙ නෑනේද මන්දාරම්....

නෑ හාමු....හාමු වගේ පින් කදක් එක්ක මං කොහොම තරහා ගන්නද....

එහෙනම් මාත් ඔය එක්ක එන්නම් නේද.....

....හාමු අවසානෙදි මාව අමාරුවෙ දැම්මා බේබි හාමු...

*

*

*

ස්නේහයේ....නගරයයි....හද මගෙ...

මාවතක් හෝ...නොවූ.....රාගයේ...

පාරට බැස්ස මොහොතෙ ඉදන් කලාත්ම හාමු කෙරුවෙම සින්දු මුමුනපු එක...ගෙයින් එලියට බැහැපු මොහොතෙ ඉදන් මම උන්නෙ ගොලු වේගන...කිව්වට.විස්වාස කරන්න වෙලාවකට රේඩියෝවක් වගේ කියවන් ඉන්න....වෙලාවකට සියපත් මහත්තයවත් මතක් කරවන් නිවුන කටහඩකින් කතා කරන කලාත්ම හාමුට සින්දු කියනකොට තිබුනෙම පුදුමාකාර දෘඩ කටහඩක්...හැගීම් කව්වාපු නියම පිරිමිකටහඩක්....

වේලුම් කාපු තනකොල පදුරු අහුරු මැද තැනින් තැන කොලගැහුන තනපදුරුත් අර වේලුම් කාපු උන් එක්කම එතීගන හුලන් පාර ගහන් යන අතත් එක්ක නැලවෙනකොට දූවිල්ල පිරුන ගුරුපාර දෙදරවන් ආර්මි වාහන දෙකතුනක්ම කොලු ගැටයි පටවන් යන්න යනකොට මං ඒ දිහා හැරිලා බලාගන උන්නා....

මං හැරිලා බලන වාරයක් වාරයක් පසාම කලාත්ම හමුගෙ සින්දුව නවතිනවා....කැලෑකොලපාට හමුදා ඇදුම ඇදන් තුවක්කු බදාගන යන කොල්ලො දිහා ඇස් පියවන්නෙත් නැතුව බලාගන ඉන්න මාදිහා බලන් ඉන්න හාමු මගෙ අතින් අල්ලනවා.....ඒ ලෝකෙට යන්න හදාපු මාව ආපිට හාමුගෙ ලෝකෙට ඇදලා ගන්නවා.....වේලුම් කාපු තනකොල දන්ඩක් කඩාගත්ත බේබි හාමු අවසානෙදි තනකොල මල දිහාවත් බලාගන් ආයමත් ස්නේහයෙ නගරයයි හද මගේ කියල එකපාරම.මගෙ ඇස් දිහා බැලුවා... කොටින්ම මට දැනුනෙම දහයෙ කනිසම අද වේලාසනවැඩලා වගෙ....ඒ තරමට හාමුගෙ කටහඩ මට දහයෙ කනිසම මතක් කෙරුවා....

මන්දාරම්ට ආයමත් මේ පාරෙ යනකොට මාව මතක් වෙයි නේද....

බේබි හාමු.....

නෑ....හෙටින් පස්සෙ මං නෑනෙ...මේ ගුරුපාරෙ යනකොට මන්දාරම්ට ආයම මාව මතක් වෙයි.....දන්නවද මන්දාරම්...මං හරි ආසයි මං ආදර්‍ර් කරන මනුස්සයා එක්ක ගමනාන්තෙ කොහෙද කියල අහන්නෙත් නැතුව නැවතුමක් නැති පාරක ඇවිදන් යන්න....මුලු කොලොම් තොටම නිදාගත්ත වෙලාවක කොලොම්තොට පහන් කනුවක එලිය යට ඉදන් ප්‍රේමහාදුවක් තියලා...අවසානෙදි ඒ ඇස් දිහා බලාගන " මන් ඔයාට හුගක් ආදරෙයි" කියන්න පහන් කනු යට ආදරෙත් හරි රහයි මන්දාරම්...

.......

මන්දාරම් නුවර ගිහින් තියනවද....දලදාවට ..දලදා වීදියට...

බේබි හාමු කියවන් ඉන්නවා....ආදර කතා අහුරකට පස්සෙ හීනෙන් වත් දකින්න පින් නොතිබ්බ දලදාවට ගිහින් තියනවද අහනකොට මං ඈතින් එන ට්‍රක් එක එන වේගෙ දැක දැක ඉක්මනට හාමුව ඇදන් අගලට පැන්නා...

තවත් කොල්ලො රොත්තක් පටවගත්ත ට්‍රක් එකක්...මායිම් ගමට එහාපැත්තෙන් යුද්දෙ දරුනුවටම ඇවිලෙනවා.....කෝල්ලො රොතු රොතු කීපාරක් නම් යන්න ගියාද.....ඒ මුනවල් හිස්වෙලා ගිහිල්ලා.....තුවක්කුව පපුවට හිරකරන් උන්න අත් වල නහර ඉලිප්පිලා....ඒ තරම් තදට උන් ඒ තුවක්කුව අල්ලන් උන්නා....මට ඒ තත්පරෙම්ම සමනව මතක් උනා....ඌත් මෙහෙම යන්න ඇති...

ගිය වනගියකදි ආව වෙලාවෙ සමනා කිව්වා උන්ට ඉහල තනතුරුවල ඉන්න ලොක්කො රැයවල් ගනන් නිදිමරාගන සිතියම් ලකුනු කරනවලු...අවසානෙදි එකදවසක් දවසක් වෙලාවක් එක්ක අහවල්තැනට අහවල් වෙලාවට ගහන්න ලෑස්ති වෙලා ඉන්නකොටම කාට කාටත් නොකිව්වට උන් උන්ගෙම මලගම දෑහින් දැකලා අහවරලු...

මැරුනත් පපුවට මිසක පිටට ලේ පැල්ලම ඉතුරු නොවෙන්න උන් වෙඩි වරුසා මැද ඉස්සරහට දුවනවලු.....අහවල් තැන අද අල්ලගන්න ලෑස්ති වෙන්න කිව්වම උන් උන්ගෙ තුවක්කුව මිරකගන පපුවට තද කරගන්නවලු.....

සමනා...උඹත් මෙහෙම තව කොල්ලො රොත්තක් එක්ක යන්න ඇතිනේද....උඹ නොදන්නවා උනාට උඹගෙ පැටියා අරන් මං හුස්මක් නොගෙන හැතැප්ම ගානම දිව්වා බන්.....උඹ කිව්වා බුට් සපත්තු වෙ මේස් එක ගලවනකොට හමත් හලවලා එනවා කියලා...කමක් නෑ බන් ඊයෙ රෑත් දුවපු දිවිලි වලට මගෙ කකුලෙ කෑලි කොහොමත් නෑ....

සමනා...මන් මිනීකාරයා...උඹගෙ පුතා ලොකු වෙලා අප්පච්චි කියන්නෙ මටනෙ බන්.....ඌට ලැජ්ජා වෙයි....ඌවත් මාව වගේම ගමෙන් කොන්වෙයි ...ඉස්කෝලෙ පන්තිකාමරේදි ඌවත් අඩවයි.....අප්පා මිනිකපන එක්ක් කියල නොදරුවට රිදවයි...ඌ මගෙ පපුවම අල්ලන් ඉවරයි.....

මට තවත් මිනි කපන්න හිතක් නෑ බන්....මට දැන් දුවන්න පුලුවන් ...ඕන බරක් උස්සන් මට දුවන්න පුලුවන් ....වතුර කල දෙක උරිස්සෙ තියාගන මන් ගෙදරට එනකම්ම එන්නෙ දැන් දුව දුව....මිනියක් කපලා මැරිලා ගියෝතින් පඩියක්වත් එන්නෙ නෑ.....හැබැයි මාත් උඹ වගේම හමුදාවට ආවොතින් මැරුනත් අපෙ පුතාට අනාගතයක් තියෙයි බන්...මක්ක හරි කරුමෙට මාත් මැරුනොත්.....හුස්ම යන මොහෙතෙදි මගෙ ලගට ඇවිත් ඉස්සර වගේම මගෙ කරට අත දාලා බෙනේ කියපන්...නිවන් වෙනුවෙන් පොපි මල් වෙලා අපි සදහටම පරවෙලා යන්....!

මන්දාරම්...

....

මන්දාරම්.....

....

මන්දාරම්.....

බ්..බේබි හාමු....

මාව ගැස්සිලා ගියා....හමුදා ට්‍රක් එක යනවත් එක්කම ඒ දිහා බලාගන තවමත් අගලට වෙලා උන්න මගෙ උරහෙ උඩ නැවතුන අතෙ උන්සුමත්එක්ක මාව ගැස්සිලා ගියා...

කලාත්ම හාමු....වෙන කවුරුත් නෙවෙ ...කලාත්ම හාමු...මහෙ උරහිස මිරිකගන මහ අමුතු විදිහට බලාගන උන්නෙ කලාත්ම හාමු.....

මන්දාරම් හදන්න් ඇත්තටම හමුදාවට යන්නද?

...........මගෙ කොල්ලටත් මං වගේම දුක හිතෙයි....මං නම් හිත ගල් කරගත්තා හාමු....ඒත්...පොඩි හිත්වලට දුක උහුලන්න බෑ...ඇරත් ඌත් මං වගේ ජීවිත කාලෙම කරබාගන ඉන්නද...මං ඌව රජෙක් කරනවා.හාමු.....මට ඕන මගෙ කොල්ලා ඔලුව කෙලින් තියාගන මෙ ගුරුපාරෙ යනවා බලන්න.....ඌට කවුරුත්කියන එකක් නෑ උඹගෙ අප්පා මිනිකපන එකෙක් කියල.....මං මැරුනත් ඌට කියයි උඹගෙ අප්පා රට වෙනුවෙන් මැරුන එකෙක් කියලා.....ඌ සින්හ පැටියෙක් වගේ හරි ලස්සනට ඉන්න ඕන හාමු

ඔය තරම්ම ඒ පැටියට ආදරේද මන්දාරම්.....තමන්ගෙ නොවිත්.....තමන්ගෙ ලේ නොවිත් ඒ තරම්ම ආදරෙද....

මං කලාත්ම හාමු දිහා බලාගන උන්නා.....ඇයිද කියන්න හේතු මක්කද මන්ද ...ඒ ඇස් ආයම තෙත්වෙලා...ට්‍රක් එක ගියත් හරි උඩ ගහපු දූවිලි පාර තවමත් උඩම වෙනකොට මං බේබි දිහා බලලා ලාවට හිනා උනා...

ලේ දෙන්න බැරි උනාට කමක් නෑ හාමු...ඌට මං මගෙ පන දීලා අහවරයි...ඒ ඇති....!!

මන්දාරම්.....

බෙබි....

මන්දාරම් ගියහම දහයෙ කනිසමට මොකද වෙන්නෙ....??සියපත්ට මොකද වෙන්නෙ.....?

අඩ හෝරාවක් යන්න ඇති.....වැව් යාන්ගෙත් ගල්පොත්ත හන්දියත් පේන තෙක් මානෙකදි වේලුම් කාපු තනයාන්ගෙ ඉලුක් යාන්ගෙට ඉහලින් කොකෙක් පියාඹාගන ගියා...මං එහෙම්ම හාමුගෙන් බේරුමක් නැතිම තැන ගිනිගන්න අහස් ගව්වෙන් වැහිබිදක් නැතුවම කටවල් ඇරි ඇරි ගියපු මහපොලව පාගගනම වේලුම් කාපු වැවට බැහැලා මීට කාලෙකට කලින් වැව මැද මහ උජාරුවට උන්නත් දැන් කර්කශක මහපොලවෙ මලකදක් උන ගස් කද උඩ ඉදගත්තා...මට එහාපැත්තෙන් කලාත්ම හාමුට වෙන් උනා.....

වැව හිදිගන යනවා..දවසින් දවසම වැවෙ වතුර හිදි හිදි යනවා...වැවක මලගම ගමකට මලබෙර ගස්සනවා.....

මෙච්චර වෙලාම කට පියාගන උන්න කලාත්ම හාමු ඉදල ඉදලා එකපාරම මගෙ බල නහරෙ මුලුමනින්ම ඉදිරුවා....මන්දාරම් ගියෝතින් දහයෙ කනිසමට මොකද වෙන්නෙ අහනවා.....සියපත්ට මොකක්ද වෙන්නෙ අහනවා.....

මං වගෙ එකෙක් ගැන සියපත් මහත්තයා කොහොම දැනගන්නද හාමු.....ඇරත් ලස්සනට ගලාගන යන්න තියන ජීවිතයක් ඒක.....ඒ මහත්තයා හැමදාම සතුටින් ඉන්න ඕන බේබි හාමු.....මේ සන්සාරෙ මං කරපු හැම පිනක්ම මං මෙතාක් දුන්නෙ ගෙදර බුදුන්ටයි දොරේ බුදුන්ටයි....තට්ටම් ගෙවෙනකන් බඩගගා අපාදුක් විදින නංගිටයි හාමු....ඒත්...දහයෙ කනිසම අහන්න ගත්ත දා ඉදන්....මං ඒ මහත්තයට කිසිම දවසක දුකක් දැනෙන්න එපා කියනවා.....

ඒ ඇස් අඩවන්න එප කියනවා....මං වගේ මිනිස්සු මුලු ලෝකෙටම හොරෙන් ඉපදිලා.....මුලු ලෝකෙටම රහසින් මැරිලා ගියාට කාටත් ගානක් නෑ හාමු....

ඒත්...සියපත් මහත්තයට රිදුනොත්....මට රිදෙයි...

ඒ තරම්ම සියපත්ට ආදරෙයිද මන්දාරම්....

හ්ම්.....ඔව් හාමු...මං ඒ කටහඩ අදහනවා.....

එහෙනම්...එයාව තනිකරන්න එපා මන්දාරම්....සියපත් අඩනවට කැමති නෑ කිව්වට...තව ටික දොහකින් බෝගම්බරෙත් පිටාර ගලයි ඒ ඇස් වලින් වැටෙන කදුලු කැට උහුලලම....

හ්...හාමු...

...................

සියපත්ගෙ කටහඩින් මොනවා හරි අහන්න ආස නැද්ද....?දහයෙ කනිසම අදත් අහන්න වෙන්නෙ නැති එකේ....මන්දාරම් හිතන්නකො මොකක් හරි පිනකට සියපත් ට මන්දාරම් ආදර්‍ර් කරන්න ගත්තා කියලා.....

.......

ඔයා හිතන්නෙ...එයා කොහොම එදාට ඔය මැදිරියට ගිහින් කතා කරයි කියලද.....?

මං මහෙ ඇස් හීන් කරන් කලාත්ම හාමු දිහා බලාගන උන්නා...හාමු පැලස්තර ගහන් අටවන් ඉන්න හදවතට දරන්න අමාරු හීන පෙන්නනවා....ජීවිතෙ කිසිම දවසක වෙන්න බැරි දේවල් කිය කිය අසරන මාව තව අසරන කරනවා...බැරිම තැන මං මාව අල්ලන් ඉන්න හාමුගෙ ඇස් මගඇරලා තිත්ත පැටියෙක් දඩයම් කරන්න මාන බලන පිලිහුඩුවා දිහා බලාගන හුස්මක් ගත්තා...

.සියපත් මහත්තය මට දේදුන්නක් වගේ කලාත්ම හාමු.....වැහි නැති අහසක කොහෙද දේදුනු??දේදුන්නක් දකින්න නම්...වැස්සක් වහින්නම ඕන.....වැස්සක් නැතුව කොහොමද දේදුනු.....මට දරන්න බැරි හීන දකින්න පුලුවන් හිතක් නෑ බේබි හාමු.....මිනි මහන තංගුස දාලවත් ආය හා කරලා මහන්න බැරි පපුවක් මට තියෙන්නෙ...එහෙව් මට ඔහොම හීන දෙන්න දුක නැද්ද හාමු.....?

.

මාව එක වතාවක් වත් විස්වාස නැද්ද....සියපත්ව මං මගෙ හුස්ම තරම් දන්නවා...මන්දාරම් දවසක ගිනිගන්න අහස් ගව්වත් වැහිවලාකුලු වැලදගන්නවා...ඉතින් ඉරිතැලුන ඔය හිතම ආදර වැස්සකින් තෙමන්න ඒ ආකාසට බැරිකමක් නෑ මන්දාරම්.....

......

දරන්න අමාරුම ගිම්හානෙක අවසන,සුන්දරම වස්සානයක් මන්දාරම්...එක වතාවක් මාව විස්වාස කරන්න....ඔයාට පුලුවන් නම් සියපත්ට මොනවා හරි දෙයක් ලියල දෙන්න...මං එයාට ගිහින් දෙන්න...

මං අහක බලාගත්තා.....කලාත්ම මහත්තයට තදියමක් ගහලා...ඇත්ත මං සියපත් මහත්තයට පන වගේ ආදරෙ කරනවා...ඒත් මට ඒ ආදරෙ හිතේම තිබුන දෙන් කියන තැන මම ඉන්නෙ.....අහම්බෙන් ඇහැ ගැහුනා මදිවට ජීවිතෙ කිසිම දවසක කරුනාභරිත වචනයක් නාහපු මගෙ හිත හරි හිමීට සුව කරන මේ කලාත්ම හාමු නොතේර්‍ර්න සන්සාර පුරුද්දක් එක්ක මට මගෙ ආදරෙ දිනවලා දෙන්න හදනවා....

සියපත් මහත්තයා දුකින් ඉන්නෙ කියනවා....ඒ වචන අහපු වෙලාවෙ ඉදන් මගෙ පපුව ගිනිගන්නවා....

මන්දාරම්....

ම්න්....

ඔයා හිතන්න...සියපත්ට එයාගෙ රසිකයගෙ ආදරෙ පපුවට වැදුන දාකට එයා ඒක කොහොම කියයයිද...මං හිතන්නෙ නෑ එදාට ඔය දහය කනිසම අස්සෙ විරහා ගී කියවෙයි කියලා....

මං කලාත්ම හාමු දිහා බැලුවා....ඒ ඇස් දිලිසනවා.....සියපත් මහත්තයගෙ හුස්ම පවා අදුනනවා කියපු හාමු හරිබරි ගැහුනා...හරියටම එයාට සියපත් මහත්තයා කියන දේ ටක්කෙටම කියන්න පුලුවන් බැල්මක් ඒ ඇස් අස්සෙ ලියවිලා තියෙද්දි ගිනියම් හුලන් රැල්ල ඇවිදින් ගිලා බැහැපු මගෙ කම්මුල් වගේම ලාමක පාටට තිබුන කම්මුල්වලට චුම්බන දිදි යන මොහොතක මං තවත් පාරක් මේ හාමු ඉස්සරහ පරාද උනා...

ඇත්තටම හාමු සියපත් මහත්තයා මොනවා කියයිද....?

අහන්න ඕනද....

......හාමුට කරලා පෙන්නන පුලුවන්ද හාමු....

අනිවාර්යයෙන්ම ...එක තත්පරේකට ඇස් පියාගන්න....මං ඔයාට තත්පරයක් ඇතුලත දහයෙ කනිසම ගෙනත් දෙන්නම්....

මන් ඇස් පියාගත්තා.....කලාත්ම හාමුගෙන් හරි සියපත් මහත්තයව අහන්න තියන ආසාවට මං ඇස් පියාගත්තා....ඒ චුට්ටකින්ම මට සියපත් මහත්තයගෙම කටහඩ ගත්ත කලාත්ම හාමුගෙ කටහඩ ඇහුනා...

 දයාබර හිතවත,

නිරිතදිගින් ගසා එන හුලන් රැල්ල මට පනිවිඩ පිට පනිවිඩ එවනවා....

සොදුර,

ඇහැක්නම් පපුවෙ බරම පැත්තට කන තියාපන් අනග හීසර වැදුන ප්‍රේම මර්මස්තානෙට අරක් ගන්න අහස්ගැබක්" මන්දාරමකට" අඩගහනවා!!

මන්දාරම් අඩනවා....

නෑ හාමු...හාමුට ජාති ජාතිත් පින් අයිතිවෙනව හාමු.....නොදකින දේදුන්නක හත්පාට තත්පර ගානකට හරි මට දකින්න දුන්නට.....

..........අහිංසක මන්දාරමක්!

*

*

*

තත්පර විනාඩි උනා.....තිත්ත පැටව් හොය හොය මායන් උන පිලිහුඩුවත් අවසානෙදි හිස් අතින් යන්න යනවෙලාවක සැහෙන කතා තොගේකින් පස්සෙ මං තවමත් මලගම් යන වැව දිහා බලාගන ඉමක් කොනක් පේනතෙක් මානෙක නැති කල්පනාවක උන්න කලාත්ම හාමු දිහා බලලා යන්න නැගිට්ටා.....නැත්තන් අදසම්පකාරෙ ලෑලි දොරවලුත් වහලා දානවා....

මොනවද් කලාත්ම හාමු ඔය හැටි කල්පනා කරන්නෙ.....

.

.හෙට ගැන...

මං ලාවට හිනා උනා...මහත්තයා හෙට ගැන හිතනවලු.....

හාමු මහත්තයා වාසනාවන්තයි.....මහත්තයට කල්පනා කරන්න හෙටක්වත් තියනවා....මට.....මට හෙටක් වත් නෑ....

.නෑ..එහෙම වෙන්නෙ නෑ.....මන්දාරම්ට හෙට විතරක් නෙවෙ....ලස්සන හෙටවල් ගොඩක් එනවා.....ඔබ මලක් වෙලා වන අරනෙ පිපේවි.....මා සුලන් රොදක් වී ඔබ පිස හමාවි....පුර හඳක් වෙලා ඔබ අහසෙ දිලේවි...මා ගඟක් වෙලා සද එලියේ ගලාවි..... ඔය තියෙන්නෙ සියපත් ආස කරන සින්දුවක්.....මීට කලින් නම් වන අරනක පිපුන කැලෑමලක් උන්නෙ නෑ...හැබැයි දැන් නම් ඉන්නවා.....මන්දාරම්‍ට සින්දු කියන්න පුලුවන්ද....

අනෙ බෑ හාමු....පුලුවන් ඇති...මන් ඔව්වැයි තාල නම් හොයන්න යනෙන් නෑ...තට්ට තනිදාක මිනියක් කපනකොටනිදිමතක් ඇල්ලුව ගමන් මං කරන්නෙ සින්දුවක් කියන එක.....

මං හිතනවා මන්දාරම්ට පුලුවන් කියල....බැරි වෙන්න බැ.....

අනෙ හාමු.... මොන සින්දුද.....

මට ලැජ්ජා හිතුනා...මගෙ මූන රතු උනා....ආපිට කන්ද නැගනන් ගුරුපාරට වැටුන මං දෙකය නැවිලා ගලක් ඇහිදන් ඒ ගල කැලෑ පදුරකට ගහලා මගෙ ලැජ්ජාව හන්ගන්න හැදුවත් මට හාමුගෙන් බේරුමක් නැති උනා....

මන්දාරම්...එක වතාවක් කියන්න පුලුවන්ද....වෙන මොකවත් එපා...පුරපෝය හදට ...වෙන කිසිම කොටසක් එපා මන්දාරම් "සිත ආදරයක බැදුනිද මන්දා" කොටසට විතරක් හුස්ම කවන්න පුලුවන්ද මන්දාරම්...ඉල්ලීමක්.....

මට දුක හිතුනා....හාමු මන්වගෙ එකෙක් ගාව බැගෑපත්වෙනකොට මගෙ පපුවත් මට තරවටු කරන්න ගන්නකොට මං හාමුගෙ ඉල්ලිමට පන දුන්නා....

මුතු මාලපොටක් ගෙලේ බදින දා....

හිත කෝල සිතුම් එබී බලනවා.....

"රෑ නින්ද නැතිව හීන දුටුව දා....

හිත ආදරයක බැදුනිද මන්දා....."

මන්දාරම්ට තියෙන්නෙම හරි රහ කටහඩක්...මං කිව්වනෙ මන්දාරම්‍ට ලස්සට කියන්න පුලුවන් ...මන්දාරම් ගෙ උපන්දිනේ කවදද...?

ඔව්වා කන්නෙ නෑ හාමු!

ආ...නැද්ද....ඒ උනාට මෙව්වා කන ජාතියක් වගේනෙ....කියන්නකො....මන්දාරම්ගෙ උපන්දිනෙ කවදද.....?

මං නෙවෙ කටක් හෙලෙව්වෙ.....හාමුගෙ වැඩේම කෑලා පදුරක් හාවට දුවන එක....වහ ගෙඩියක් හරි කමක් නෑ කඩාගන කටේ ඔබාගන්න හදපු එක වෙනකොට අර නිවුන හාමු වෙනුවට ආයමත් උන්නෙ රේඩියො කන්කරච්චලයක් වෙද්දි මං ආයමත් ඒ අතෙ තිබුන වහ ගෙඩි අහුරක් අරන් අල්ලා වීසි කරලා රවාගත්‍තා....

හාමුගෙ වැඩේම කියවන එක....මගෙ උපන්දිනෙ අහ අහ වද දෙන එක.....මගෙ උපන්දිනෙ මටවත් මතක නැති කොට මන්කොහොම උපන්දිනෙ ගැන කියන්නද....ඇරත් ඕක මතක තියාගත්‍තා කියල හම්බෙන දෙයක් තියනවද....?

මන්දාරම්ගෙ වැඩේම කල්පනා කරන එක....මහමෙරුව ඉහෙ තියන් ඉන්නවා වගෙ....මං මෙච්චර අහලත් තව වත් කිව්වෙ නෑනෙ.....

සමුපාකාරෙ පේන මානෙදි මං නැවතුනා...පෝලිමෙ තව දෙතුන් දෙනෙක් ඉන්නව දැකපු මං පාරවත් පනිනෙ නැතුව පූටක අවුවෙම නැවතිකා අවු රස්නෙට මූනම.රත ගහලා තිබ්බ හාමුගෙ මූන දිහා බැලුවා.....

හාමු කිව්වා වගේ මගෙ ඉහ උඩ මහමෙරුව තියාගන ඉන්න මට මාවත් අමතක එකේ ඉපදුන දවස මක්කට මතක තියන් ඉන්නවද හාමු....

මන්දාරම්.....ඉල්ලීමක්....

අසූහයේ එකොලහයි දහ අට !

එකොලහයි දහ අට...එතකොට අද...මන්දාරම්...අද දහය....එතකොට තව දවස් අටයි....මන්දාරම්ට විස්සයි....!!

මං හිනා උනා.....මගෙ ජීවිතෙ කිසිම දවසක උපන්දිනේ මතක තියාගන ඉදලා නැති මං හාමු ඇගිලි ගැන ගැන දවස ගැන කියනකොට මන් ලාවට හිනා උනා....කිසිම දවසක සුභපැතුමක් නාහපු මං ලාවට හිනා වෙලා අවසානෙදි මං මගෙ නලලට මතු උන දාබින්දු පිහදගන සම්පකාරෙන් එලියට ආව මායියගෙ මල්ල දිහා බැලුවා.....

මන්දරම්....

කලාත්ම හාමු....

තව දවස් දහයයි.....නිකමට හිතන්න....දාහත දහයෙ කනිසම අහවර කරනකොට ආකාස මුලු රටටම ඇහෙන්න එයාගෙ මන්දාමට චීරන් ජයතු පතාගන උපන්දින සුභපැතුමක් එකතු කරන් මැදිරිය අන්දකාර කෙරුවොත්!!!

බ්.....බේබි...හාමු.......

දාහත.....අනිවාර්යයෙන්ම දහයෙ කනිසම අහන්න මන්දාරම්....ආකාසට පුලුවන් මන්දාරමක් වෙනුවෙන් නපුරුම ගිම්හාන කාලෙකදි නොමියෙන වස්සානයක් වෙලා උඹ ළඟ ඉන්න.....නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා ආදරනීයම මන්දාරම් කියලා...අවසානෙදි...මම ඔයාගෙ සියපත් ආකාස කියලා එයා දහහෙ කනිසම අහවර කරයි.... අනිවාර්යයෙන්ම දාහත අහන්න...!!!

ඔයා ආස නම්....මං එයාට කියන්නම් චන්දන ලියන ආරච්චි මහත්තයගෙ සුවද තියා සින්දුව දෙන්න කියලා..... මේ අහස යටම කොතැනක හෝ ඔබ ඉන්නවා නම්....මම ඉන්නම් ඒ සුවද තියන් යලි ඔබ එනකන්!!

👉👈එහෙනම්....දාහත එනකම් පයිස්සමින් ඉන්ඩෝ....අමතක කරන්නඑපා....දහ අට මන්දාරම්ගෙ උපන්දිනෙ ....!

THANK YOU

More Chapters