Cherreads

Chapter 4 - 04

මට කරකියා ගන්න දෙයක් නැති උනා....එහෙන් බෝලෙ මහ මුහුදට බිලි වෙනවා....මෙච්චර වෙලාම බෝලෙ පස්සෙ දුවාපු සමනලයා අනිත් පාර අයි අයි අමාකරයො පුතාග් නටන අයියා ගගා බෙරිහන් දෙනකොට මට වහදාපු පාන් දෙන්ඩ කියාපු එකා අපෙ එකා කියපු වචන දෙක තුනම අකුරෙන් අකුර ඈත් කර කර කියනකොට මට අපේ එකාවත් මුහුදට විසි කරන්න හිතුනා...

අනෙ දැන් ඉතින් අදත් වහ දාපු පාන් කාපන්කො...

චූටි.....

ඇයි ම්හුක්....නටන අයියනෙ.....පුතාගෙනෙ..නේ....ඇයි අයියා නෙමෙත.....ඒනම්..අයියා නෙමේ නම්....මාමෙක්ත....ඕ...නටන අයියා මාමෙක්ත අමාකරයො ...ඔයා මාමෙක්ත.....ආ අයියො.....

මා.....මා...?

අ..අනේ..අයියෙ සමාවෙන්න..එදා අයියා මෙයාට මොනර පිහාටු දුන්න හන්දයි ඔහොම පිස්සු තද වෙලා වගේ කියවන්නෙ....මෙයාට පොඩි කාලෙ ඉදන් මෙහෙමයි අඩු මාසෙන් හන්දා වෙන්න ඇති...ටිකක් තද වෙනවා

යෝහ්...පිස්සු තද වෙලා කිව්වා...ඒම තද වෙලා නෑනෙ නටන මාමෙ....අමාකරයට තමා දැන් තද වෙලා තියෙන්නෙ...ඔව්....අපේ අමාකරයට තද වෙලා කියලා අප්පිච්චිත් කියනවනෙ....අනේපුතාගෙ බෝලෙ ආන් දෙන්නකො.....

මූව නම් බොරුවට නෙවෙ ඇත්තටම කානුවකින් ඇහිදන් ඇවිදින් අම්මා ගාව තියලද මන්දා...මාවයි අරකවයි තවමත් අත් දෙකෙ මිරිකන් වගෙ උන්න නැට්ටුක්කාරයා බෝලෙට හෙන ගැහුවත් කමක් නෑ කියලා අපි දෙන්නවම පොල් ගෙඩි දෙකක් කිහිල්ලෙ ගහන් ඉන්නා හා සමානව ගහගන ඉදන් අපේ දැලඹුවා කට උල් කර කර කියවන වචනයක් වචනයක් ගානෙම අහන් ආය ආයම ඒක කියවනකොට අර පාන් කෑල්ල කාලා මාව මැරිලා ගියා නම් මීට වඩා හොදයි කියලා දස දහස් වතාවක් හිතෙනකොට මං මාව අල්ලන් උන්න දරදඩු අතෙන් ලෙස්සිලා කොහොම හරි බිමට බැහැගත්තා...

උඹ ඔය නටන මාමා එක්කම පලයන් සමනල්....ඊයෙ ඉදන් මූට පුදුම උනක් තියෙන්නෙ පුතාගෙ නටන අයියා පුතාගෙ නටන අයියා ගගා නහින්නෙ...මූ කවදාවත් මට අයියා කියන්නෙ නෑ...කිව්වොත් අමාකරයා...මේකා ඕකා ඕක කියන වාරයක් වාරයක් ගානෙම මට මතක් වෙන්නෙම බක්කරයක් ....ඒත් නැත්තන් අටපිරිකරක්.....ඒත් ඒ දෙකම නැත්තන් ගලි බවුසරයක්....අහවල් එකට ගලි බවුසරයක් මතක් වෙනවද මන්දා...ඒත් මූ මට ඕක කියනකොට මතක් වෙන්නෙ ඕක.....

ඔහෙ ඔය කොහෙදැයි යන්නෙ.....ඒහ්...හිච්චා...

මහ මුහුද හිටු කියලා රැලි ගහනව.....වෙරලට ඇවිදින් බිදෙන වාරයක් වාරයක් ගානෙම මුහුදු හුලගට තෙතක් එකතුවෙනකොට ගංවතුරත් එක්ක පාවෙලා ආව ගස් කොටන් මෝය කටෙන් මහ මුහුදට වැටිලා ඒකොටන් පවා රැල්ලත් එක්ක වෙරලට ගොඩගහලා තිබුනා...මහ මුහුදෙන් වෙරලට එන රැල්ල ඇවිදින් මුහුදු වතුරට තෙමිලා තෙමිලා දියබරියන් උන ගස් කදන් වලත් වැදිලා ඒ තුවානමත් කසිංජි හුලන් රැල්ල එක්ක කොහෙටදො යන්න යනකොට තවමත් සමනලයව තනි අතින් මිරිකන් උන්න අර නැට්ටුක්කාරයා මගෙන් කොහෙද යන්නෙ ඇහුවා...මං කොහෙ ගියත් එයාට මොකද....

අර බෝලෙ දැන් වෙන රටකට යනවා..ඕකට මොකක් හරි උනොත් අරූ මැරෙන්න හදනවා...මූත් මෙතන අයියා හුයියා ගාන් උන්නට මුගෙ කටත් මමනෙ දන්නෙ....ඕකගෙ මායම විතරයි...නටන මාමා දන්නෙ නෑනෙ මුගෙ කෙරුවාව...

බෝලෙ ගන්න.....

බෝලෙ ගන්ඩ...ඔහෙට පීනන්ඩ ඇහැක්ද....

ම්..මොකක්....ඇහැක්...මොන ඇහැ?..අනික....ඇයි ඔයා හැම වෙලාවෙම ඔහෙ ඔහේ ගාන්නෙ....මන් කරපු වැරද්ද මොකක්ද...අපෙ අප්පච්චි කාගෙන්වත් ඔහොම අහන්න අපිව හැදුවෙ නෑ....අපි උඩරට මිනිස්සු අයියෙ...

ඔහෙ ඔහෙ ගාන එක අපේ තත්වෙට මදි....අනික...අනික ඔයා අච්චර පාන් ගොඩක් තියන් ඇයි අයියෙ වහ දාපුවම දුන්නෙ. . ....තවමත් මගෙ ඔලුව බරයි....අපි අහිංසක මිනිස්සු.....අලුතෙන් ආව කියලා අපි ඔයාලගෙන් වහ දාපුවා කන්න ඕන නෑනෙ..... ඔයාලට මේවා ලියල දීලා නෑනෙ අයියෙ ....අනික අපෙ අප්පච්චි දික්වැල්ලෙ ඕ අයිසි.....ඔයා කොහොමද ඔහොම කතා කරන්නෙ....සමනල් එනවා ගෙදර යන්න...මේවා මේ අයට ලියලා දීපුවනෙ.....

බෝලයක් ඕන නෑ

මන්දා මට තරහා ගියා ...හිත යටින් කාට දෙහි කැපුවා උනත් කවදාවත් කාගෙවත් හිතක් රිදවන්න වචනයක් කියන්නෙ නැති මං ගෙවුවෙම හරි නිවුන තැම්පත් ජීවිතයක් වෙනකොට වහ දාපු පාන් කෑල්ලෙ තරහව තවමත් හිත අස්සෙ එහා මෙහා යද්දි සමනලයව වඩාගන වගේ උන්න නැට්ටුක්කාරයා ඔහෙ ඔහෙ ගෑවා මදිවට ඇහැක් ගැන කියනවත් එක්කම මං වික්ටෝරියාවෙ වේල්ල ඇරියා වගෙ කියවගන කියවගන අවසානෙදි අතේ උන්න සමනලයටත් බැනලා එන්න හදනකොට අරකා බෝලෙ ඉල්ලලා මැරෙන්න හැදුවා වගේම මගෙන් බැනුම් අහගත්ත නැට්ටුකාරයා ඇස් හීන් කරගත්තා...හුලන් රැල්ල එක්ක ගහගන යන්න හදන අව්වට මලකඩපාටට දිලිසෙන කොන්ඩෙත් තනි අතින් හද හද අතේ උන්න අපේ කානු කාරයව බිමින් තිබ්බා ..

අරු මහපොලවෙ පස් කෑවා....එහෙන් බෝලෙ යනවා..මෙහෙන් මූ අඩනවා...අනිත් පැත්තෙන් අරකා ගල් ගිලල වගේ මගෙ දිහා බලාගන උන්නා ...අන් හිතන්නෙ අප්පච්චි දික්වැල්ලෙ ඕඅයිසි කියපු හන්දා බය උනාද කොහෙද .....

..බෝලෙ...අනේ...අමාකරයො....බෝලෙ...නටන මාමෙ ..බෝලෙ ..සමනල් පුතාගෙ බෝලෙ....අයියො එක බෝලයයි පුතාට තියෙන්නෙ .අරන් දීපියො...අනේ මගෙ නටන මාමෙ .....පුතාගෙ..පුතාගෙ ... අරන් දීපියෝ.....

මම නෙවෙ වචනයක් කිව්වෙ...මුහුදු රැල්ල එක්ක බෝලෙ එන්න එන්නම පස්සට යනවා...කියව කියව වඩාගන උන්න වෙලාවෙ මට බෝලෙ ගන්න මාව ඇතෑරියා නම් ඉවරනෙ....කොහෙද මේවා අයිතිකරගනනෙ...

පොඩ්ඩක් ඉන්නවා චූටි අරන් දෙන්නම්...මැරෙන්න හදනවා...මං කිව්වනෙ බෝලා අරගන මෙහෙ එන්න බෑ කියලා....පුදුම උනක්නෙ තිබ්බෙ දැන් හරිනෙ

තෙත බරියම් උන වැල්ලෙ එරි එරි මං රැල්ල ගහන මුහුදට අඩිය තිබ්බා...රැල්ල ගහනවා.....රැලි බොක්කෙ බිදිලා ගොඩට එන රැල්ල ආපිට මහ මුහුදට ඇදෙන්නෙ තවත් රැල්ලක් එක්ක වෙනකොට මං රැල්ල පාගගනම බෝලෙ ගේන්න මහ මුහුදට යනවත් එක්කම මොකෙක් හරි එකෙක් මගෙ බෙල්ලෙන් අල්ලා වීසි කෙරුවා..කොටින්ම කුනු මාලුවෙක් ගානට මාව වීසි වෙලා ගියා...

ඔහෙට මොලයක් කියන දෙයක් නැද්දයි හිච්චො....

මමයි අයියෙ ඔයාගෙන් ඒක අහන්න ඕන....අම්මා අප්...පා.....ද මෙහම වීසි කරන්නෙ...මන් සැරේකුත් කිව්වනෙ අපෙ අප්පච්චි ඕඅයිසි...ක්.....අ..අ.අනේ...අනේ..අයියෙ...හ්....!!!!!!!

අරකා...අපෙ කානු කාරයා නහින්ඩ හදන නටන අයියා හුයියා.....මගෙ බෙල්ලෙන් අල්ලන් වීසි කෙරුවා මදිවට මගෙන් මොලයක් නැද්ද අහනවත් එක්කම ඒකටත් එකට දහයක් කියලා තවත් පාරක් අප්පච්චි ඕ අයි සී කියලා කියනවත් එක්කමගහපු රැල්ලට මාව ඉහෙ කනේ ඉදම්ම මූදු වතුරට නෑවිගන ගියා විතරක් නෙවෙ ඉන්දවිලා උන්න මාව අර රැල්ලත් එක්ක ආපිට මහ මුහුදට ඇදීගන යනවත් එක්කම වැවක පිනන්ඩ තියා පූල් එකටත් බහින්න බය මං නැට්ටුකාරයගෙ කකුලෙ එල්ලුනා...

අ...අ..අනේ....අයියෙ...හ්....යනවනෙ....බ්..බේරග...නිල්..ලා...අප්...පච්චි.....

බයටම මං බෙරිහන් දුන්නා....මගෙ කරුමෙ මොනතරම්ද කියනවා නම් අනෙ මං අර මනුස්සයගෙ කකුලෙන් අල්ලපු පාර ඇදන් උන්න සරම කඩාගන වැටුනා...අනේ අප්පච්චි නැට්‍ටුක්කාරයා බොක්සර් එක පිටින්....

එනවා මෙහෙට....ඕඅයිසී ලොකුද?මොලෙ කලදක් නැති එකෙක්...

කකුලෙ එල්ලීගන එයා මාව ඇදල ගත්තා....රැල්ලත් එක්කම සරමත් ගහන් මහ මුහුදට යනකොට මේ වෙනකොටත් අපේ එකාගෙ බෝලෙ හොයන්නවත් නැතිව ගිහින් තිබුනා...

මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ.....නැට්ටුකාරයා උන්නෙත් බොක්සර් එක පිටින් වෙනකොට හිටගස්සලා තිබ්බ තැනින් හිටි පිලිමෙ වගේ හිටන් උන්න මං නෙවෙ ඇහැක් වත් කරකවල බැලුවෙ....අනේ ලැජ්ජයිනෙ....කකුලෙ පච්චෙකුත් කොටාගන....ඔහෙ කොටාගන තියෙන්නෙ කාට පේන්නද මන්දා....වනචර මනුස්සයෙක්ද මන්දා...

ඒහ්.....මේහ්...මේ බලනව...

එයා මට ඔලුව උස්සන්නලු...ඒත් මං නෙවෙ ඔලුව ඉස්සුවෙ....යටකලිසම පිටින් ඉන්නකොට මං කොහොම කියල බලන්නද.....මං හිතුවා හරි වනචරයි වගේ නැත්තන් ඔහොම ඉදන් ඇයි බලන්න කියන්නෙ...කලිසම ගලවලා පෙන්නයිදො...මං විතරක් උන්නා නම් ඕක කොහොම හරි අමතක කරගන්න පුලුවන් කානුවෙන් ඇහිදන් ආව එකත් ඕක දැක්කොත් ගෙදර ගිහින් ඕකත් කියයි.....

ඔලුව උස්සන්න කියපු වාරයක් ගානෙම මං මගෙ බෙල්ල තව තව පාත් කරගත්තා.....කොටින්ම ඇහැක් උස්සල වත් බැලුවෙ නෑ

ඔහෙට සිංහල තේර්‍ර්න්නෙ නැතුවයි...හිච්චා මේ බලනවා....

ක්...කමක් නෑ..අයියෙ...මට මෙහෙම හොදයි.....එ..එක්කො....අයියට මගෙ කලිසම දෙන්නද...අ..අයියෙ...

මං දන්නෙ නෑ මං මොන හිතකින් ඒක ඇහුවද කියලා ....සරම ගහගන මුහුදට ගිය පලියට මං මොන මගුලට කලිසම ගලවලා දෙන්න ඇහුවද කියන්න දන්නෙ උඩ ඉන්න දෙවියොම විතරක්ම වෙනකොට මං මගෙ කකුකෙ ඇගිලි දහයෙන්ම මුහුදු වැල්ල මිරිකගන්නවත් එක්කම අරකා කෑ ගැහුවා..ඒ ගැස්සුන ගැස්සිල්ලට මට ඉබේම එයා දිහා බැලුනා.....එයා ආයම සරම ඇදගන....තෙත බරියන් උන සරම එයා ආයම ඇදගන...ඇතියාන්තන් මට මගෙ කලිසම දෙන්න වෙන්නෙ නෑ....එයා ඒ හිතන තරම් වනචරත් නෑ වගේ....එක්කො අපෙ අරකා ඉන්න හන්දා වෙන්න ඇති....

මේ බලනවා අයිසෙ.....ඔහෙගෙ අප්පා හුප්පාගෙ පොලිස් කෙරුවාවෙන් මට වැඩක් නෑ හරිය...මොකක් හරි මගුලක් උනොත් මොකො අප්පා එහෙ ඉදන් පීනන්ඩද....??මහ මුහුද ගැන දන්නෙ නැත්තන් බහින්නෙ නැතුව ඉන්ඩ ඕන...ඔය ඕඅයිසි කාරයා කියල දීලා නැද්ද රැලි දෙකක් එක්හුවෙන තැන හොද නෑය කියල....මොකක් හරි කිව්වම කට නම් තියනවා අප්පා ඕඅයිසි කියන්ඩ....

මේ ලොකූට ඕඅයිසි නෙවෙ මැදමුලෙන අප්පච්චි ආවත් ඔට්ටුයි....පීනගන්ඩ දන්නෙ නෑ....ඇදගන ගිහින් මැරිලා ගියහම තේරෙයි...මගුලක් කියනවා අප්පා ඕඅයිසි ගගා...

ඒකා මට දිගට හරහට බනිනවා....අප්පට බැන්නත් මං නෙවෙ දැන් මීක් ගෑවෙ....oic නෙවෙ මැදමුලනෙන් ආවත් අදාල නෑ කියලා ගහගන්න වගේ කතා කරපු නැට්ටුකාරයා මට රැලිදෙක එකතුවෙන තැන පෙන්න පෙන්න බනිනකොට අරූ මේ ඕකොම අස්සෙ ඌට රැල්ලක් පාගවන්න කිව්වා විතරයි මං ඒකට එකක් ඇදලා ඇරියා...අරකා හූ තිබ්බා....බල්ලට වගෙ බනිනකොට තව රැල්ලක් ගැන කියනවා...

මේ ඔක්කොම මුගෙ බෝලෙ හන්දා.....මුගෙ වහංගත බෝලෙ හන්දා..අරූ මට ගැහුවත් එක්ක....හිතුනොත් මං කියනවා ආය අතපය උස්සන් ආවොත් මං කාන්තා හා ලමා මෙව්වා එකට යනවා කියලා ...අපිව අනුන්ගෙන් ගුටි කන්න හදලා නෑනෙ

අනෙ අමාකරයො පුතාට රැල්ලක් පාගවපල්ලකො....අනේ ..නටන මාමේ...පුතාට...සුදු පුතාට...රැල්ලක් පාගවපියෝ.....අනේ..අනෙ....රත්තරනෙ ..මගෙ පැටියෝ....අනේ...අපෙ තේජකගෙ මාමෙ.....

චටාස් ....කට වහපන්!

උ...උව් ....ඌව්...ඌයියා....අ..අනේ...අ...අම්මියෙ...හ්...අමාකරයා ගහනවනෙ....රැල්ලක් පාගවන්ඩ කිව්වම ගහනවනේ....රැල්ලක්....අනෙ....රැල්ලක්.....මට...පාගන්ඩ දියල්ලකො..අනෙ..අනෙ...නටන මාමේහ්...රැල්ල පාගවන්ඩ බැරි නම්එක්කො මාව කරෝල වාඩියකට දෙන්ඩ කියපියෝ...මෙහෙ ඉන්ඩ බෑ අමාකරයා ලමයට ගහනවා.....

රැලි....රැලි තමා උඹට මදි උනේ වරෙන් ගෙදර යන්න...වහන්ගත බෝලයක් හන්දා දැන් වෙච්ච දේවල් පේනවනෙ...එනවා මල්ලි ගෙදර යන්න.....

කිව්වම...අහ...ලා...එනවකො....සමනල්....නැගිටපන්....මල්ලි සැරයක් කිව්වම අහලා නැගිටපන් චූටි....

අරකා බිම පෙරලුන...වැලි අහුරු අහුරු අරන් ඒකගෙ ඔලුවෙ හලාගත්තා රැල්ල පාගවන්ඩ බැරි නම් ඒකව කරවල වාඩියකට ගිහින් දාන්න කියපු ඇටයව මං අතින් ඇදලා ගන්න හදනවත් එක්කම මට දෙහි කපාපු නැට්ටුක්කාරයා වැලි කකා නහින අරකව උස්සලා හිටගැස්සෙව්වා...

මෙ පුංචි එකාව කන්ඩ හදන්නෙ ඔහෙට මොලේ නැද්දයි හිච්චො....

නැද්දයි නැද්දයි තමයි...දැන් ඔහේම නේ අයියෙ කිව්වෙ හොද නෑ කියලා .....

කොච්චර කිව්වත් අහන්නෙ ඈ...සිංහලත් තේරෙනවා මදිද මන්දා...මං දැන් සැරයක් කිව්වා මට ඔහෙ ඔහෙ ගාන්ඩ එපා කියලා ඒකා කියන්නෙම ඔහෙ ඔහෙ කියල වෙද්දි මලපැනපු මං මාත් ඒකට ඔහෙ කිව්වා...ඒකට මට ඔහෙ ඔහෙ කියන්ඩ පුලුවන් නම් ඇයි මට බැරි....

හිච්චට කරිජ්ජ පාගන්ඩ ඕනයි...

අනේ...නටන මාමියේ....පුතාට පාගවපල්ලකො....ඒ බිරිජ්ජ පාගවපල්ලකො නටන මාමෙ....

සමනල්!!මෙහෙ එනවා යන්ඩ...අප්පච්චි ඇවිල්ලත් ඇති

කමක් නෑ....ආව දෙන්කො...අනේ...ආවදෙන්කො.....

අප්පිච්චි පුතාගෙ නටන මාමා බිරිජ්ජ පාගවන්ඩ යන්නෙ...අප්පිච්චි බිජ්ජ පාගන්ඩ වරපියො....තේජක...

ඔහෙ උන්න දෙන් ඔහෙට ඕන නම් යන එකයි හරිය .....ආය මක්ක වෙනවදයි හිච්චට කරිජ්ජ ටිකක් පෑගෙව්වම.....

මට යකා ආවේස උනා....අහංකාර නැට්ටුකාරයා මට බැනලා බැනලා සමනලයගෙන් කරිජ්ජ පාගන්ඩ ඕනද අහනකොට අපේ එකා කරිජ්ජ වෙනුවට බිරිජ්ජ කිය කිය ඉදල අවසානෙදි බිජ්ජක් පාගන්ඩ එන්ඩ කියනවත් එක්කම මං අරකව ඇදගන යන්න හැදුවත් ආයමත් ඔහෙ කියලම පටන් අරගත්ත නැට්ටුක්කාරයා අරූව අත් දෙකට යටින් අත් දාලා උස්සගන වගේ රැල්ල පාගවන්න ගත්තා.....

මං මෙහෙන් නහින්න හැදුවා ....ඔච්චර එහාට ලමයව ගෙනියන්න එපා ගගා බෙරිහන් දුන්නා.....දැන් එන්න රැල්ලක් නැ...එයා රැලි බොක්කත් පහු කරන් අපෙ එකාගෙ ඉන ගාවටත් ඉහලට වතුර මට්ටම එනකන් අරන් ගිහින් තිබුනා...

අනෙ අයියෙ ඕකව ගේනෙන්කො..ඕකව මූදට ගියොත් ඔහෙ එන්නෙ නෑ අපෙ අම්මට ළමයි හදලා දෙන්ඩ මාව හමගහයි...ඕකව ගෙනෙන්කො අයියෙ...

මං කෑ ගැහුවා....ඔහෙ අපිට ළමයි හදලා නෑනෙ ගගා උඩ පැන්නත් මගෙ කටහඩ මහ මුහුදෙ රැලි බිදෙන සද්දෙටයි හුලන් පාරෙ සද්දෙටයි යටවෙලා ගියා...

ඇත්තමයි අයියෙ මං මූදෙ පනිනවා ඔහෙට තේරෙන්නෙ නැතිද ...සමනල් ගොඩට ව...ව්...ව...ඔයාට මං කිව්වනෙ ඔච්චර එහෙ ගෙනියන්ඩ එපා කියලා.....මොනවා හරි උනා නම් මට මූදට තමයි පනින්න වෙන්නෙ....

...දැන්හරිනෙ හිච්චට

ඔව්නෙ..හරිනෙ හිච්චට ..අමාකරයො මේ...අයි අයි..පුතා නෑවනෙ....

ඔව් ඔව් ගෙදර වතුර නෑනෙ මෙහෙන් නාන්න එනවා යන්න සමනල්

ඔහෙට කරිජ්ජ පාගන්ඩ ඕන නැතයි

මට ඕන කරිජ්ජක් නැතයි...මෙහෙ එනවා සමනල් යන්ඩ.. ..තවත් මායන් වෙනවා මට දැන් කරිජ්ජ තමයි මදි උනෙ.....

මං අරකව නැට්ටුක්කාරයගෙ අතින් උදුර ගත්තා....උදුරගත්තා කියන්නෙ පොඩි අත මිරිකලම අල්ලගන ඒකවත් ඇදන් ගෙදර එන්න හදනකොට නැට්ටුකාරයා මගෙනුත් කරිජ්ජ පාගන්නෙ නැද්ද ඇහුවා...ඇයි ඔව් කිව්වා නම් මාවත් වඩාගන ගිහින් පාගවන්න වෙන්න ඇති...කව්ද දන්නෙ මාව ඔය රැල්ල පාගවන්න කියලා අරන් යන්නෙ වනචර කමක් කරන්නද කියලා ..ඔය අප්පච්චි කියන්නෙ පිරිමි ළමයි කියලා නෑලු ඇතිල්ලෙන්ඩ එනවා නම් ගහපන් කියලා ...කව්ද දන්නෙ යට කලිසම පිටින් ඉන්නකොටත් මට බලන්න කිව්ව මනුස්සයනෙ....

අනෙ අමාකරයො...ඌ..යියා.....ඌයි....යා...අත....අත...රිදෙනා....හෙමින් අල්ලපියො

ගන්නව මේ ප්ලාස්ටික් කෑලි...ඔන්න බලනව මල්ලි අප්පච්චි ඇවිත් උන්නොත් බැනුම් අහන්න වෙනවා.....

මං අරකට බැන බැන උගෙ ප්ලාස්ටික් කෑලි ඇහිදිනකොට අරකා මාව පඩේකට වත් ගනන් ගන්නෙ නැතුව සිප්පි කටු ගොඩක් පස්සෙ දුවන්න ගත්තා.....සුදු වැල්ල පුරාවටම සිප්පි කටු වැහි වැහැල තිබුනා..සිල්ලු වැවුන වැල්ල පුරාවටම නොතිබ්බ දෙයක් නෑ.....ඉහින් කනින් මූදු වතුර නාගත්ත අරක සිප්පිකටු පස්සෙ දුවනකොට මන් ඒකගෙ ප්ලාස්ටික් කෑලි එකතු කරන ගමං මොකටත් අර ඔහ්ව් ඔහෙ ගාන එකා දිහා බැලුවා.... අන්න එනවා...අන්න එනවා...අත් දෙකෙන් එකයි සිප්පිකටු.....දැන් ඕක අපෙ එකාට දුන්නොත් කනක් ඇහෙන්න නැ මූ මේකා එක්ක යන්න හදයි

ලොකූ.....

මොකො තල්ලුවක් ඕනයි?ආ..මෙන් හිච්චට...මෙන් මේක මුරුක්කුවක්.....

මුරුක්කුවක්.....

ම්න්.....

අපි කන මුරුක්කුවක්ද නටන මාමෙ...

අයි..අයි...අනේ අමාකරයො මෙ පුතාට මුරුක්කුවක් දුන්නා....මේ මේවා.....මේක..මෙකත් සමනල්ටද නටන මාමෙ....මේකත් චූටි පුතාටද.....මේ කන මුරුක්කුවක්ද....

නොදරුවා....නෑ එහෙම එකක් නෙවෙ කො අත් දෙක අල්ලන්න

අතින් කටින් අරූගෙ ප්ලාස්ටික් කෑලි උස්සන් උන්න මං රවාගන බලාගන උන්නා. .අරකගෙ අත් දෙක අල්ලන්න කියලා අත් වලට දාන්න හැදුවත් උගෙ අත් චූටි හන්දා අහුලපු සිප්පි කටු බිමට හැලුනා...

ආ මෙකට දාන්න හැලෙනවනෙ

රව රව උන්නත් මොකද මන් ගිහින් අරූගෙ ප්ලාස්ටික් කෑල්ලක් අල්ලනවා එක්කම නැට්ටුකාරයා සිප්පිකටු අහුර ප්ලාස්ටික් බාල්දියට දාලා මාව තඹේට මායින් නොකර ආපහු වෙරලට බහින්න ගත්තා.....

උදේ පායපු ඉරමලගම් යනකොට මෙච්චර වෙලාම හොඩගහල තිබුන බෝට්ටු එකින් එක එකින් එක මහ මුහුදට ගාටන්න පටන් ගත්තා ....යන්න තදියමක් තිබුනත් මොකද මේ වගෙ දෙයක් ජීවිතෙ කිසිම දවසක දැකල නොතිබුන මං පොඩි එකාවත් අතින් අල්ලන් බලාගන උන්නා....

රැල්ල ගහනවා...ආපිට මහ මුහුදට ඇදෙන්වා....පාට පාට බෝට්ටු එක යාන්ගෙට මහ මුහුද දෙබෑකරන්න බලන් ඉන්නකොට දරුපවුල රකින්ඩ නින්ද කැපකරන් ..ජීවිතෙ කැපකරන් ධීවර අප්පච්චිලා අර බොට්ටු දෙපැත්තෙ හිටගන එකම වෙලාවක එකම තාලෙට ඕඩි හෙලෙයි..හෙලෙයියා ගගා ගොඩ බිමෙ තිබුන බෝට්ටු එකින් එක මහ මුහුදට තල්ලු කරන්න ගත්තා...

.ඇත්තටම ඒක හරි අපූරු සිදුවීමක්...එක බෝට්ටුවකට දෙපැත්තෙන් හතර දෙනා හරි පස් දෙනා ගානෙ අටක් දහයක් උන්නත් මහ මුහුදට දාන බෝට්ටුවට නැග්ගෙ මනුස්සයො දෙන්නයි....එතන තිබුනෙම මිනිස්සුන්ගෙ එකමුතු කම...එක බෝට්ටුවක් මහ මුහුදට දාපු මිනිස්සු අනිත් බෝට්ටුව ගාවට යනවා.....උන් හිනා වෙනවා...එකම වෙලාවකට ඇගේම හයිය දාලා අර බෝට්ටුව මහ මුහුදට තල්ලු කරනවා....

ඕඩි හෙලෙයි හෙලෙයියා....

ඕසි හෙලෙයි හෙලෙයියා...

මං හිතන්නෙ බෝට්ටු පනහකටත් වැඩිද මන්දා..... හීනියට එන පිලී ගදත් කසිංජි පුසුඹ ගහන වෙරලකරේ පුරාවටම එන්ජි වලින් ආව පෙට්‍රල් සුවද....ප්‍රෙට්‍රල් මැක්ස්වලින් එන සුවද ...ජම්පර් වලින් එන භූමිතෙල් සුවද මේ හැම දේම එක්ක ධීවර අප්පච්චිලාගෙ ජීවන සුවද එක්කාහු කරපු මේ වෙරලකරේ මගෙ හිතට මට වචන කරන්න අමාරු අමුතු හැගීමක් ගෙනාවා.....ජීව්තේ ජීවත් කරවන්න මොන තරම් අමාරුද...මාලු පන්සීයක ගාන අහලා අපෝ ගාන වැඩී ගාන වැඩී ගගා කේවල් කෙරුවට මොකද කාටද පුලුවන් එක අතක ජීවිතෙ ගුලිකරන් මහ රෑ මහ මුහුද එක්ක ඔට්ටු වෙන්න....

දරු පවුල රකින්න හීන දිනන මොකාටද පුලුවන් ගැඹුරක් නොදන්න මහ මුහුද එක්ක ඔට්ටුවෙන්න.....කුනාටු ගහන අසිනි වැහි වහින දාකටත් බයක් දැනුනත් බය හංගන් මහ මුහුදට යන්න පුලුවන් කාටද....

එහෙම මිනිස්සු ඉන්නවා....ඒ දරුපවුල වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන අප්පච්චි ලා නම් වෙච්ච මිනිස්සු!!!

මං බලාගන උන්නා ..මට මොනවා කියලා සැර කෙරුවා උනත් මොකද අර නැට්ටුක්කාරයා හරි හරියට අර බෝට්ටු රෑනට රැලි බොක්ක පහු කරන්න උදව් කෙරුවා.....අවසානෙදි අනෙ මුලු වෙරකරේම පාලුවට ගියා.... ඕඩි හෙලෙයි සද්දෙ වෙනුවට ඇහුනෙ බෝට්ටු ඇන්ජින් සද්දෙ විතරක් වෙනකොට දියඹට ඇදෙන බෝට්ටු අහුර දිහා මං බලාගන උන්නා...

" ආප්පච්චිලා හැමෝටම තෙරුවන් සරනයි...පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න"

දම්පාට අහස් විලක...සීනි පුලුන් පාට වලාපටවල් එහා මෙහා පීනන මොහොතක ආපිට ගෙදරට එන්න හදාපු මගෙ අවසානම ප්‍රාර්තානව උනෙ ඇම අප්පච්චි කෙනෙක්වම උඩ ඉන්න තිස් තුන් කෝටියම බලාගන්න ඕන කියන ප්‍රාර්තනා ව වෙද්දි මං බලාගන අර නැට්ටුක්කාරයා මුහුදු වතුර නාගන ඇදන් උන්න සරමත් කොනකින් උස්සන් යන්න යනවා.....

නපුරෙක් උනාට හිත හොද නපුරෙක්ද කොහෙද !!

සුදු මහත්තයා ඔය ඔතන තියන ගහටත් දාන්න..

මං උන්නෙ වතුර බාල්දියක් උස්සන් යනගමන්.....සාගරිකගෙ වැඩේම ගේට්ටුවෙන් එලියට හොම්බ දාගන එහා මෙහා යන ලමයිට බොරුවට බුරපු එකත් එක්කො ලගට ගෙන්නවන් ඔලුව අතගාවගත්ත එකත් දොන්තෙට බුරාපු එකත් වෙනකොට අරකා ඒකගෙ නටන අයියා දුන්න සිප්පි කටු එක්ක ඔට්ටු වෙනගමං උන්නා.. ඇගපත හේදෙව්වට මොකද ඌ ආයම බිම බඩගානවා...

මෙච්චර වෙලාම දම්පාටින් තිබුන අහස් විල අංශුවෙන් අංශුව අංගාර පාට ගහන්න ගත්තා.....බන්ඩාරවෙලට හාත්පසම වෙනස්.....එහෙ උන්නා නම් මේ වෙනකොටත් මං ස්විටර් එකක් ඇදගන කාමර්‍ර් පොත්මේසෙ ගාව දුම් දාන කෝපි එකක් එක්ක තනිවෙලා....

ඒත් මෙ වෙරලකරෙ කියන්නෙ ඊට හාත්පසම වෙනස්...හවස් වෙනකොට කූඩු වෙන මිනිස්සු වෙනුවට හවස් වෙනකොට කූඩ්වලින් එලි බහින මිනිස්සු විතරමයි උන්නෙ....හැන්දෑ යාමෙ මද්දහන කියලා නෑ කොල්ලො කුරුට්ටන්ට මෙ මුලු පාරම සින්නකර උනා...එ විතරක් නෙවෙ...මුලු දවල් කාලෙම ආවෙ මාලු බදින පිලී සුවද... ආයහවස් යාමෙ ආවෙම මාලු තම්බන සුවද ගෙවල් වල හොදි රත් කරන සුවද...අර ජාඩි මාලු සුවද..... මං දන්නෙ නෑ මගෙ ජීවිතෙ මං පලවෙනි පාරට කාපු අමුතු රහ මාලු ජාතිය ජාඩි මාලු කිව්වොත් මං හරි....

රතු හාලෙ බතට පොල්සම්බෝලයක් එක්ක අර ජාඩි මාලුව එකතු උනා කියන්නෙ ...අනෙ දෙවියනෙ ඒකනෙ දිව්‍ය ලෝක රස...අනික ඒ පොල්සම්බලෙ අනන්නෙත් අර ජාඩි මාලුවෙ තියන ලුනු ඉස්මෙන් ....මන්දා.....මගෙ ජීවිතේට මං කාපු රසම බත්පත තිබුනෙ බඩින් උන්න මගෙ අම්මට දොලදුක් බත් පත දුන්න අර වයසක අත්තම්මාගෙ ගෙදර!!!

මෙහෙම දොලදුක් කැම හම්බෙනවා නම් අම්මට තව නංගි මල්ලිලා දුසිමක් හම්බුනත් කමක් නෑ කියලා හිතෙන තරමටම මං මෙ සම්බෝලෙටයි ජාඩි මාලුවටයි පෙරේත කම් කරන්න ගත්තා...

සුදු මහත්තයා ඉවරද...

ඔව්...

අම්මගෙ පන වගේ තිබුන හැම මල් පැලේකටම වතුර දපු මං මෙලෝ රහකට නැති ඇන්තූරියම් පෝච්චියක් අස්සෙ උන්න ගෙම්බටත් වතුර එකක් ගැහුවා...මට තේරෙන්නෙ නෑ අම්මා මොනවට මේ කමකට නැති මලය වහ වැටීගන ඉන්නවද කියලා ....තනිකරම බුලත් කොලේකට නැට්ටක් ගහලා වගේ 

අප්පච්චි එන්න තවත් රෑ වෙනවලු...ස්ටේශන් එක මාරු උන හන්දා ටික දවසක්‍ යනකන් අප්පච්චි එන්න කොහොමත් රෑ වෙයි....අද සිකුරාදා ....අප්පච්චි රෑට රෑවෙලා ඇවිත් හෙටත් උදෙම්ම යයි.....ඒකෙන්වෙන්න මට අම්මා එක්ක ඩොක්ටර් ගාවට යන්න ...අර බබ්බු බබ්බු ඉන්න ෆයිල් කවරෙ මගෙ අතට දුන්නොත් තමා හරි වැඩේ වෙන්නෙ....

ඒකට රෝස පාට පිටකවරෙ දැම්මෙත් මම....මෙහෙ ඉන්න කවුරු හරි හිතයි මගෙ බබා කියලා ....අපෙ අම්මා මගෙ ගාව ඉන්නකොට අම්මා වගේ නෙවෙ වෙලාවකට අක්කා වගේ වෙලාවකට නංගි වගේ...කව්ද දන්නෙ මං අඩුවයසෙන් පැනලා ගිහින් බබෙක් හදාගන කියලා කවුරුත් හිතුවොත්.....

තිබුන හැම මල් පැලේකටම වතුර දාපු මං පේමන්ට් එකේ ඉදගත්තා....අංශුවෙන් අංශුව අන්දකාර වෙලා ගියපු අහස මුලුමනින්ම අන්දකාර වේගන ගිහින් තවමත් හරි හැටි නොමේරුව චන්දන එලි තීරු හීන් සීරුවට මහ පොලවටත් නිල් මුහුදටත් හාදු තියන්න පටන් අරන් තිබුන....කසිංජිය බැදුන ලාම්පු ගැස්සි ගැස්සි උනත් මුලු පාරම එලි කරවනකොට නිවාඩු නැතිවම එහා මෙහා යන හුලන් කැටිය එක්ක රටේම නැති සුවදවල් අරගන එනකොට මං අහගන අහෙන නෑහෙන ගානට ටිලින් ටිලින් ගාන සද්දයක් ඇහෙනවා....

අම්මෙ...කඩල කරත්තෙ එනවා....

හුලන් අතට ගහගන එන දාහක් සුවද ජාති අතරින් මේ එන්නෙ මොන සුවදද...මෙ එන්නෙ මොන සුවදද කියලා තෝරගන්න බැරුව උන්න මං ඔලව උස්සලා එබිකම් කරලා බැලුවා..කනෙ තිබ්බා වගෙ.....ලගපාත ගෙදරක උන්න ගැටයෙක් කඩල කරත්තෙ එනවයි කියනවත් එක්කම මාත් ඔය කියන කඩල කරත්තෙ බලන්න අඩියට දෙකට ගේට්ටුව ගාවට ගිහින් බෙල්ල දැම්මා...

ඔව්මයි...ඇවිදින කඩල කරත්තයක්....

හුලන් පාරත් එක්ක නටන රතුම රතුපාට ගිනි දැල්ලත්....ටිලින් ටිලින් ගාන සද්දෙත් අමූතුම සුවදත් අරගන එන්නෙ කඩල කරත්තයක් වෙනකොට මං බලාගන කොල්ලො කුරුට්ටො කඩල කරත්තෙ ගාවට වටවෙනවා....

මටත් ඕන....

කඩල කව්පි මුංඇට කියන්නෙ..මගෙ උගුරෙන් පහලට බස්සවගන්න අමාරුම ජාති උනත් මොකද මේ අමුතු කඩල සුවදට මගෙ යටි හිත අද කොහොම හරි කඩල ගොට්ටක් අරන් කාපන්මයි කිය කිය මාව අවුස්සනකොට මං ගෙවල් පැත්‍ත බැලුවා....

අරක සිප්පි කටු එක්ක....ඕකට දැන්.සිප්පි කටුයි මොනර පිහාටුයි එක්ක ඉදලා වෙන පිස්සුවක් එනවා.....ඒකා සින්දු කියනවා...එහාට දුවනවා මෙහාට දුවනවා...

.

මතකයි අම්මෙ....ඔබෙ...දරු නැලවිල්ල...

මා...පොඩි කාලෙ...පතබාපු..තොටි....ම්හුක්....බයිගිනි අප්පා....අම්මියෙ කුක්කු ටිකාක්..පුතාට බයිගිනීනෙ....කුක්කු පිටි...ටිකා...ක්....මයිලෝ දාපු ඒව ටිකා...ක්..

චූටි.....සමනල්..සුදු බබා මෙහෙ එන්න.....

කොච්චර බැන්නත් මොකද සමනලයා කියන්නෙ වෙලාවකට මගෙ ඇමක් වෙනකොට පිලෙ ඉදන් සිප්පි කටු එක්ක ඔට්ටු වෙන කොල්ලට මායමක් දාලා ලගට අඩගහගත්තා..මූ මේ වෙලාවෙ කුක්කු ඉල්ල ඉල්ල මායන් වෙන එකේ මෙකා ලව්වා කඩල ඇටයක් ගන්න තිබ්බ නම් මොනවා වෙනවද...

ඇයි අමාකරයො...ඇයි අනේ...

ඔයාට බඩ්ඩක් පෙන්නනද...

බඩ්ඩක්...කාගෙ බඩ්ඩද අනේ...

සිප්පි කටු දෙකක් එකට එක පූට්ටු කර කර ආව පොඩ් දලඹුවා අනිත් පාර ඇසුත් කරකව කරකව කාගෙ බඩ්ඩද අහ.අහ ඇස් කරකවනකොට වත්ත පුරා එහා මෙහා දුව දුව උන්න සාගරිකත් ගේට්ටුව ගාවට ඇවිදින් මගෙ ගාවින් ඉදගන ඒකගෙ කන් දෙකත් පස්සට දාගන හොම්බත් ඉහලට උස්සන් නානාප්‍රකාර සුවදවල් වලට ඉව අල්ලන්න ගද්දි මං සමනල්ට කඩල කරත්තෙ පෙන්නුවා.....

(සාගරිකා )

චූටි කඩල කමු බබා?

ක ඩ ල....

ඔව්...ඔය කරත්තෙ එන්නෙ කඩල.....

හුම්...කමු....

කමු කියන්නෙ නිකන් දෙන්නෙ නෑ....

සල්ලි දීලා ගමු ඉතින්

සල්ලි දීලා ගමු කියන්නෙ..උඹ ගාව සල්ලි තියනවද...අම්මගෙන් ඉල්ලන් එනවකො බබා...

අම්මගෙන්....

හ්ම්.....ඔයා කිව්වොත් දෙයි...අයියා කිව්වොත් බෑ කියයි...හොද බබාන්.....සීයක් ඉල්ලන් එනවා හරිද....

තැඹිලිපාට කොලයක්ද.....

ඔව්...ඒකක්...ඉක්මන්‍ට යනවා අර කරත්‍තෙ එනව...

මායන් දාල..මායන් දාල..මං සමනල පැටියව අම්මා ගාවට එලවනකොට ඒකා තටු කඩාගන ගෙවල් දිහාවට පියාඹන්න ගත්තා...ඒකගෙ පස්සෙන්ම සාගරිකත් දුවනකොට මං බලාගන කූඩුවෙ උන්න සුසංගතා ඒකගෙ තටු පුම්බනවා.....ආයම ලාවට හුරුවමක් බානවා...ඕකා ඔහොම කරන්නෙම සින්දුවක් කියන්න යනකොට .....දැන් ඉතින් මූ ලව්වා සින්දු කියවන්න ඕන නෑ....ඇයි ඉතින් රෑ එලිවෙනකනුත් මෙහෙ බජව් යනව..ඔය කියනකොටත් ලගපාත ගෙදරක එකෙක් කනපැලෙන්න සින්දුවක් දාලා....

පුදුම පරාර්තකාමි මිනිස්සු තමයි...තමන්ට විතරක් නෙවෙ ගමටම අහන්න දෙනවා...

මුලු ගතම වෙහෙසුනා...දාඩියෙන් නෑවුනා...

කුස ගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා...

කඩල කරත්තෙ ටින් ටින් ගාගන ඉස්සරහට එනවා...ටික දුරක් එනවා කාටහරි කඩල අහුරක් විකුනනවා.....

අහල පහල ගෙවල් වලින් එන සින්දු සද්දෙ මුලු වැල්ලකරේම බද්දට අරගන තියන වෙලාවක සල්ලි ගේන්න ගියපු සමනලයා කෑගහගන ගේට්ටුව ගාවට එනකොට ලාවට වගේ හුරුවම් බබා උන්න සුසංගතා අනිත් පාර බෙල්ල ඉස්සුවා.....මූ ඔය උරුම්පූට්ටු වෙන්නෙ කොහෙන් හරි ඇහිච්ච සින්දු කෑල්ලක් කියාගන්න.....

"මුලු ගතම වේසුනා......ටෲ......වේසිලා...දුක් විදලා....."

සුසංගතා!!!

මං ඉක්මනටම සමනලයගෙ කන් දෙක වැහුවා...ඕක මේකට ඇහුනොත් ඒ මොකක්ද කියලා එන එන හැම එකාගෙම්ම අහයි...

කෝ සල්ලි...

ම්හුක්...බයි කන්න තියනව කියල සල්ලි දුන්නෙ නෑනෙ අමාකරයො...කඩල ඕනනෙ.....පුතාට බයි එපානෙ....කඩලනෙ ඕන.....

බත් කන්න තියනවනෙ කියලා අම්මා සල්ලි දීලා නෑ..දැන් මේකා මෙහෙන් නහිනවා...අරකා කුනුහර්ප පල පල අනිත් පැත්‍තෙන් මායන් වෙනව....නිකන් උන්න ලමයව අවුස්සපු මටම දුක හිතෙනකොට මං ලමයට කඩල කරත්තෙ නවත්තගන්න කියලා සල්ලි අරන් එන්න ගෙට ආවා....

"මුලු ගතම වේසුනා.....වේසුනා....ආ....අමාකරයො........වේසිලා...දුක් විදල....."

මේ හුත්තිගෙ පුතාගෙන් තියන කරදරෙ කටවහපන් !!

.යනයාමටම කූඩුවට අතින් ගහපු මං ඒකටත් බැනගන උඩට දිව්වා...

සුදුමහත්තයා මල්ලි කෝ

ගෙට්‍ටුව ගාව...ඌට කඩල ඕනලු

ඔය ළමයා බත් කන්නෙනෙ නෑ සුදු මහත්තයා ...එපා අරන් දෙන්න ...

මං නෙවෙ නැවතුනෙ....බත් කන්නෙ නෑ අරන් දෙන්න එපා ගගා අම්මා දහසක් කතා කියනකොට ඒ කතා කනකට නොගත්ට මං ල් වැඩිහිටි දිමනාව දෙන්නා හා සමානව අප්පච්චි දෙන පොකට් මනියට අත තිබ්බ මං සීයෙ කොලයක් උස්සන් ආපිට පහලට දුවන් එනකොට මගෙන් බැනුම් අහපු සුසංගතා කරබගන උන්නා...ඒත් ගේට්ටුව ගාව හිස් වෙලා...

චූටි....සමනල්!!

ගේට්ටුව ගාවට යන්නත් කලියෙන්ම මං කෑ ගැහුවා...

ගේට්ටුව ගාව උන්න කොල්ලා නෑ.....ආවටත් වඩා වේගෙන් ගේට්ටුව ගාවට දුවපු මං ලමයව හෙව්වා.....අර ඉන්නෙ....

මගෙ පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා..මං හිතන්නෙ මගෙ හුස්ම වැටෙන්න ගත්තෙ දැන්...හැබැයි ඒකා උන්නෙ අර නැට්ටුකාරයා ගාව කියන එක දැක්ක ගමන් මගෙ හුස්ම ආයම නැවතුනා.....

සමනල් හිනා වෙනවා.....සරම් කාරයා තනිකරම මගෙ අප්පච්චි වගේ...වක්කඩ කැඩුවා වගෙ කියවන හැම මොහොතකම අප්පච්චි කෙරුවෙත් එකා ගෙ උසේ ගානට දෙකට නැවෙන එක වෙනකොට මං බලාගන අරකා අත් දෙකෙම්ම කට වහන් හිනා වෙනවා...

මොකක්ද අයියො....ආය කියන්නකො ...අනේ ආය කියන්නකො .....

මොකක්ද....

ඔයාගෙ නම..පුතාගෙ නම සමන්ල්නෙ....නටන මාමගෙ නම කියන්න..අර අරක...අර අන්තීමට කිව්වෙ....

හැන්නදිගෙ.....

හිහි...හැන්ද දිගේ.....හැන්ද දිගෙ .

හුරතලයක්නෙ මේක...තව ඕනද...

එපානෙ....එකක් ඇතිනෙ...මේ මොනාද මේ කෑලි කෑලි....

උම්මලකඩ....ආස ද

උම්මලකඩ....ඔව්නෙ...ආසයිනෙ....අනේ දිග හැන්දො පුතා ආසයිනෙ....

කෝලම...මේන් මෙයැයිට තව උම්මලකඩ ඕනයි කියන්නෙ....සල්ලි දෙන්නම් චුට්ටක් දාලා දෙනවයි...

මං බලාගන උන්නා..හැන්නදිගෙ...ඔච්චරයි මං දන්නෙ....නැට්ටුක්කාරයා ගෙ සම්පූරනම නම මං දන්නෙ නෑ...ඒත් අපේ සමනලයා උගෙ ජාතකෙත් කියල නැට්‍ටුක්කාරයගෙ ජාතකෙත් අහගන අවසානෙදි හැන්නදිගේට හැන්ද දිගෙ ගගා අත්පුඩි ගගහා හිනා වෙනකොට මං බලාහන අර නපුරු මුනෙ හිනාවක් ඇදෙනවා....

මට ඔහෙක් මෙහෙක් ගගා කතා කෙරුවත් මොකද නටන මාමා සමනලයට නම් අවංකවම ලෙංගතු වෙලා කියන කාරනෙ මට දැනුනා....මොකද පුංචි හිතක් හරි පරිස්සමට අල්ලගන්න පුලුවන් අවංක හිතකට විතරයි.....

සමනල්...

මෙච්චර වෙලාම ගේගාව ඉදන් නැට්ටුක්කාරයගෙයි සමනල් පැටියගෙයි මුකුලුව බලාගන උන්න මන් අනිත් පාර කඩල කරත්තෙ ගාවට ගිහින් එයා ගාවට ගිහින් කොල්ලට කතා කෙරුවා..ගෙදරදි කඩලඇටයක් උගුරෙන් පහලට නොයන සමනලයා කඩල පුරෝගන....

උම්මල කඩ කෑලි...කපාපු පොල් කෑලි.....තවත් අමූතුම රසවල් ගොඩක් එක්ක පලාතම සුවද කරපු කඩල කන්ද දැක්ක මට ඊලගට කියන්න ඕන මොනවද කියන්නත් අමතක වෙලා ගියා...

බූමිතෙල් ලාම්පුවෙ දැල්ල රතට රටේ නටන්නෙත් හුලන් කැටියෙ තාලෙත් එක්ක වෙනකොට මං බලාගන කඩල ගොට්ටට අත දදා සමනල පැටියා හාස් හූස් ගගා රහ කරනවා...අතෙ ගුලි කරන් උන්න සීය දිහා බලපු මං තනි කලු යකා සරමක් ඇදන් උන්න එයා දිහාවට දික් කරනවා එක්කම එයා අනිත් අතින් මට කඩල ගොට්ටක් දික් කෙරුවා...

මං එක අතකින් සීය දික් කරනකොට එයා මට අනිත් අතින් කඩල ගොටුව දික් කෙරුවා.....

ඒ ඇස් ලාවට හිනා වෙනවා....මූන පුරාවටම වවාපු කලු රුවුල....ඇබිත්තක් වෙන්න අල්ලලා ගැටගහන් උන්න අව්වට දිලිසෙන ,පාට කරාපු කොන්ඩෙන් කෙස් අහුරක් නලල හරහා වැටෙනවත් එක්කම කඩල සුවදට බූමිතෙල් පුසුඹෙනුත් ඇබිත්තක් මුහුකරන භූමිතෙල් ලාම්පුවෙ රතුම රතු ගිනි දැල්ලෙ එලියෙන් මං ඒ මූන හරි ලස්සනට දැක්කා...!!

ජීවිතේ පලවෙනි පාරට මං පිරිමි පරානෙකගෙන් හරි අමුතු ලස්සන හිනාවක් දැක්කා...මගෙ සීය ගානකට වත් නොගත්තත්...මගෙ අතට කඩල ගොටුව හිරකරාපු එයා මට දුන්න කඩල ගොටුවෙන් කඩල ඇටයක් ගත්ත එයා මගෙ මූන දිහා බලාගන මොනවා හරි මුනුනලා යන්න ගියා...

"අමාකර.....ලස්සන නමක්"

ඔබෙන් මා නිවෙමි...

සදාකල් හිදිමි!!

.🥺🥺🥺🌊🌊!!!

More Chapters