Cherreads

Chapter 108 - 108

මම අත්තම්මගෙ ඇදේ කොනකින් ඉදගත්තා ...දුම්මල ගහලවත් එලවන්න බැහැයි කියන ගෙවල යක්කුන්ට දොල පිදේනි දීශි යක්කු එලවනකොට පෙරේතයො වහන් උන්න අත්තම්මා ඇදේ වකුටු වෙලා හූ තිබ්බා ....

මිනී පෙට්‍ටි තුනක් ...නෑ...හතරක්...තියන්න ඉඩක් වත් තව ටිකකින් නැත්තටම නැති වෙන්න මුලු වලව්වම සමතලා වෙලා යන හැටි බලන්න මම සැදී පැහැදිගන උන්නා.....

අත්තම්මෙ...

මම අමාරුවෙන් හුස්ම අදින අත්තම්ම දිහා බැලුවා ...ඇස් මුල් වලට කබ පවා එකතු වෙලා තියනකොට මැරෙන බව දැන දැන තවත් මරන්න හිතක් නැති මම එහෙම්ම ඇද රෙද්දෙම්ම ඒ ඇස් දෙක පිහිද ඇරියා....

උඹගෙ මේ ඇස් වල..අපි වෙනුවෙන් එක අංශු මාත්‍රෙකින් වත් ආදරයක් තිබ්බා නම්.....උඹට අපි ආදරේ කරන්න ගියා අත්තම්මෙ.. ..

ඇගිලි දෙකට හිර උන සිගරට් එකේ දුම ඔහේ පාවෙලා යනකොට දන්සලක් වදින්න ආව උන් වගේ මිනිස්සු එකා එකා කවිච්චි.....ඇදන්.....මේසා....අල්මාරි පවා එකා එකා එලියට අදිනකොට අත්තම්ම බැරි බැරි ගාතෙ නැගිටින්න හැදුවා ..ඒත් තන්හාව..ඒත් තන්හාව...මැරෙන බව දැන දැනත් පොදි ගහනවා ...ඒත් තන්හාව .....

එකා දෙන්නා එකා දෙන්නා වලව්වෙන් බඩු අරන් යනකොට අද නම් මට පෙට්ටි කර ගහන්න මිනිස්සු හොය හොය හිගා කන්න උනේ නෑ....වත්තෙ මුල්ලක කොල්ලො කැරම් ගහනකොට මං බලාගන සීයා තාත්තගෙ හොර ගෑනු පුදුමාකාර සමගියකින් කෝපි හට්‍ටි උනු කරනවා.....

බලහන්කො අත්තම්මෙ....ටම සිරි වෙන මලගෙයක්නෙ මේක...ආ..හක්....සුපිරි ....ආය...සු...පි....රි.....

මම අත්තම්ම්ම දිහා බලල කට කොනකින් හිනා වෙනකොට අත්තම්මා දත්මිටි කෑවා...මට තේරෙන්නෙ නෑ මට මොන යකෙක් වැහිලද කියලා ....අරහෙන් මගෙ ගැනි.....අම්මා....ලොකු අම්මා ...සීයා තාත්තා ...මේ ඔක්කොම මැරිලත් මම හිනා වෙනවා....

නෑ...මම හිනා වෙන්නෙ නෑ...මට හිනා යනවා ....මිනිස්සු හැම දේම අතාරින්නෙ හොයලා බලන එක අඩු උනාම... මිනිස්සු අඩන්න ඕන තැන පවා හිනා වෙන්නෙ හදවත ගලක් උනාම...කාලයක් තිස්සෙ ආදරේ බලාපොරොත්තු වෙලා...වෙලා අවසානෙදි ආදරයක් වෙනුවට හැමදාම ලැබුනෙ අනක් විතරක් වෙන තැන මම උන්ට ආදරේ කරන එක අතෑරියා සදහටම ....වෙන ගෙදරක නම් කෙල්ලො ගොඩක් මැදට තනි කොල්ලෙක් ඉපදුනාම ඒ කොල්ලට තරම් සැප හම්බෙන් නැතුව ඇති රජෙක්ට වත්....ඒත් මට...මට උනේ අනිත් පැත්ත..මං තරම් දුක් විදලා නැතුව ඇති මොන යකෙක් වත්.....

කට්ටඩි එන්න එන්න දුම්මල ගහම වාර වැඩි කෙරුවා .....හෝරාවෙන් හෝරාව ගෙවිලා යනකොට මම කෝ කුරුට්ටො ටික ලගට ගිහින් උන් එක්ක මිනී පෙට්ටි තියන්න හට් එකක් ගැහැව්වා.....මොනිසු එනවා යනවා...වෙනදට පලිගු මැනිකෙගෙ මූන ඉස්සරහට එන්න බය මිනිස්සු අද මැරෙන්නත් කලිම්ම අවසන් ගෞරවය දක්කන්න වගේ ලගට ඇවිත් බලාගන ඉදලා යනකොට මම බලාගන උන්නා....මැරෙනන් කලින් මැරුනම කර්ස්න චාරිත්‍ර තමන්ට කරනවා දකින්න අත්තම්මා එසේ මෙසේ පවක් නෙවෙ කරලා තිබුනෙ....

දෝනියෝ ...ඔය මල්ලි බබාලා ඉන්නවා...හපන්නෙහෙම නෑ.....අනේ පුතේ බලාගන මේ කෙල්ල හපයි හරිතෙ .....

මම උන්නෙ ගොක් කොල ගිරව් හද හද....වෙනමොකටවත් නෙවෙ කැර කොප්පුව සරසන්න.....වෙනකාගෙ ඒවට වත් නෙවෙ අම්මගෙ මිනිකන්දට ගහන්න...

කවුරුත් නොදැන උන්නට....අඩුම ගනෙ අම්මවත් නොදැන උන්නට .මගෙ ඇස්වලින් කදුලු වැටුනා අම්මෙ කියලා කියන්න ලැජ්ජයි කියපු වාරයක් ගානෙම අනේ අම්මේ.....දැන් වත අනේ පුතේ අම්ම උඹට ආදරෙයි කියලා මාව ලගට ඇදලා ගනී කියලා මම බලන් උන්නා....මේ අවසානම මොහොතේ පන යන්න ඔන්න මෙන්න තියලා හරි ....මගෙ පුතේ අම්මට සමාවෙයන් ....අම්මා....ඊලග ආත්මෙ වත් උඹට හොද අම්ම්ක් වෙන්නම් කියලා මම බලන් උන්නා....

අනීතා කියන නම පැත්තට දැම්මත් ....අද ඉදන්...මෙ නිතේශ් කියන්නෙ අම්මා නැති එකෙක් නේද හිතෙන කොට මගෙ පපුව පාරවලා ගියා .....

ඒත් අම්මට...අම්මට එකම එක පාරක් වත් මම මේ කොඩිවිනේ කරන්නෙ මගෙ දරුවට නේද...මගෙ කොල්ලට නේද කියලා නිකමට හිතුනා නම්.....අද කොච්චර දේවල් වෙනස් වෙන්න ගියාද .....අම්මට අවසානම මොහොතේ හිතුනනම්...මේ කොඩි විනෙන් වේදා විදින්නෙ මගෙ කොල්ලා ...නව මාසයක් කුසේ උන්න ....ලේ කිරිකරලා පොවපු එකා නේද කියලා .....අද හැම දේම වෙජස් වෙන්න තිබුනා....

කෙටි හාමිගෙ පිච්චි මැරෙනකොට....කියවපු එකත් ඇඩුවා .....ගුනාදරීගෙ අම්මා සදහටම යන්න යනකොට ...මාත් ඇඩුවා...සමහර්ස් විට ලියපු මස්ඉඹුල මහත්තයත් අඩන්න ඇති..... .....

කොච්චර කුරිරු කම් කෙරුවත්...උඹ මාව වැදුවනෙ කියන ගුනේට මගෙඇස් වලින් කදුලු වැටුනා .....

මම තව ගොක්කොලයක් හැදුවා....ඒ එක්කම මං අහගන බල්ලෙක් බුරන සද්දෙ වගේම ඩියෝනයගෙ දොන්ත කටහඩ .....

නිතේශයා ....

මම ඔලුව ඉස්සුවෙ නෑ....යකෙක් වගේ මිනිවල් කැපුවට වෙලාවකටහිනා වෙවි මිනි ඇදුම් තේරුවට මට රිදවපු අනීතා ගාව මම අසරන උනා...

මට අම්මට කවදාවත් බුදු බව ඉක්ලන්න බෑ.....ඒත් ..මාව වදාපු ගුනේ හින්දා...අම්මව අපායට යමන් කියලා සාප කරන්නත් බෑ....අම්මා මට වඩා වලව්ව ලොකු කරගත්තෙ අදක ඊයෙක නෙවෙ උනත්.....අම්මා සුශු මහත්තයා කියලා හදවතිම්ම කතා කරන දවසක් එනකන් මම බලන් උන්නා....කරුමෙ කොච්චරද කියනවා නම්....ඒ දවස කවදාවත් ආවෙ නෑ ....කවදාවත්ම ආවෙ නෑ.....එන්නෙත් නෑ...

නිතේශයා .....උඹ අඩනවද... .

ශෙනෝන් දෙවනි පාරත් මට කතා කෙරුවා අවසානෙදි මම ඔලුව ඉස්සුවා...

අම්මට හැදෙන්න ඔච්චර අවස්තාව තිබිලත්.....ඇයි බන්....අම්මා හුස්ම අරින වෙලෙත් වලව්වෙ පැත්ත ගත්තෙ ....

මම කදුලු පුරවගන ශෙනෝන් දිහා බලන් උන්නා....සීය තාත්තගෙ දකුනු කකුල කැඩෙන්න එකම හේතුව ශෙනෝන් කියන්න මම හොදාකාරවම දන්නවා...මම උන් කාටත් ඇගිල්ලක් දික් කරන්නෙ නෑ...උන් අපිට දුන්නෙ එසේ මෙසෙ වේදනාවක් නෙවෙ කියන දේ මතක් කර ගත්තු මම ඇදේ පන අදින අත්තම්මා දිහා බැලුවා.....

වෙලාවකට හූ...කියනවා.....වෙලාවකට කෑ ගහලා අඩනවා....අනිත් උන් මැරෙනකොට බාගෙට හරි අවසිහිය උනත්...අත්තම්ම මැරෙන්නෙම හොද.සිහියෙන් හින්දා කට්ටඩියො දිහා බලාගන උන්ටලගට අඩ ගගහා දෙහි කප්පලා හරි ගොඩ ගන්න කිය කිය අඩ්ස් අඩ කෑ ගහන අත්තම්ම දිහා මම බලන් උන්නා.....

නිතේශයා....මරන බය කියන එක කාටත් පොදුයි ....ඒත්...කරපු පව්....අත්තම්ම කරපු පව් උඹට ගෙවන්න බෑ....අම්මා කරපු පවු...උඹට ගෙවන්න බෑ.....අම්මෙක් කියන්නෙ.....හදවත ඉල්ලුවත් ගලවලා දෙන ගෑනියෙක්ට නිතේශ් ...උඹට අම්මෙක්ගෙ ආදරෙ දැනිලා නෑ...උඹ අම්මෙක්ගෙ ආදරේ....හරියටම විදින්න ගත්තම....අඩපු කදුලු අපරාදෙ හිතෙයි....නේ වෙන දේවල්....අදින් අමතක කරලා....හැම දේම.නරක හීනයක් කියලා හිතපන් .....

මිනිස්සු මැරුනට මතක මැරෙන් නෑ කියනවා...ඒත්.....උඹලා....අපිට මොල්ලිගොඩ මිනිස්සු ඉතුරු කෙරුවෙ මතක් කරලා හිනා වෙන්න පුලුවන් මතකයක් නෙවෙනෙ....මතක් කෙරුවත්.....ඇගේම ලේ සීතල වෙලා යන මතයක්නෙ....ඒක නිසා...ඒ ගැන අද රැයෙන් අමතක කරලා...උඹ අඩපු දවස් වලට තිත තියපන්....

ම්න්...

ශෙනෝන් මගෙ පිට අත ගගා අඩ අඩ උන්න මගෙ හිත හදනකොට යක්කු එලවලා හතර කොන්ම ආරක්ශා කරලා කහ වතුරෙන් කිලි කිලි කපපු කට්ටඩියො හෝරා ගානකට පස්සෙ උන්ගෙ අත පය වලට කටට සැනසීමක් දෙනකොට මම ඒ හැමෝටම සීයා තාත්තා පුස් කන්න මිටි බැදන් උන්න සල්ලි වලින් ලෝබ නැතුව ගෙවලා දැම්මා.....

නිතේශ් ...එපා....එපා....වලව්වට...වලව්ව....එපා...හ්හ්...එපා...

අත්තම්මා කෑ ගහනවා...එපා...එපා....වලව්වට මොකුත් කරන්න එපා ගගා මැරෙන්න හදනවා ....කහිනවා ඉවරයක් නැතුවම ලේ වමනෙ කරනවා ....ඇගේම තුවාල වලින් සැරව එනවා ...මං දන්නවා මුදුන් ලීය කඩන් වැටෙනවා එක්ක අත්තම්මගෙ හුස්ම යනවා ....ඒත් පවක් කෙරුවොත් ගෙවන්න ඕනා....

අත්තම්මා ....

මං අත්තම්මා ගාවට ගියා ....ඒ ඇස් රතු වෙලා පුපුරු ගහනවා . ...

අත්තම්මට මොනවද ඕනෙ.....

වලව් වත්තම කහපාට ප්ලෑශර් ලයිට් වලින් එලිය වෙලා තියනකොට කැට් එකේ ඩෝසර් එකක් ලයිට් ගහගන ඇවිත් වලව්වෙ කනුවක් කඩලා දානකොට අත්තම්මා කෑ ගැහුවා .....මගෙ අතේ එල්ලුනා ....නවත්තපන් කිය කියොම කෑ ගැහුවා ....

නිතේ ..ශ්.....නවත්තපන්.....එපා....හ්....එපා.....හ්....

අත්තම්මා දැගලුවා ....හයියෙන් හයියෙන් හුස්ම ඇල්ලුවා .....වලව්වෙ කෑල්ලෙන් කෑල්ල කැඩි කැඩි සමතලා වෙලා යනකොට පන වගෙ තන්හාවෙන් රැකපු දේවල් ඇස් පනා පිට එක එකා අරන් යනකොට අත්තම්මා මාව හැපුවා .....ඒත් මම නෙවෙ වචනයක් කිව්වෙ...

අර කොර උන අත පය වලින් මට ගැහුවා ...ඒත් මම නෙවෙ මොකුත් කිව්වෙ මාව මරනවාමයි කිය කියොම සාප කෙරුවා ...ඒත් මම නෙවෙ වචනයක් කිව්වෙ....හෝරා ගානකට පස්සෙ එක පෙලට මල් ශාලාවෙ හර්ස් එනකොට ඇත් දල පිත්තල පහන් බානකොට අත්තම්මා පපුවට ගහ ගත්තා ....අප්පච්චිට මට සාප කෙරුවා ...හෙන ඉල්ලුවා .....

මං තොපිට .....සාප කරනවා .....මං.....තො...පි....දෙ...න්නට....හෙන....ඉල්ලනවා .....

අත්තම්මා මැරෙන්න යන මොහොතෙ පවා කෙරුවෙ මට සාප කරපු එක....අප්පච්චිට හෙන ඉල්ලපු එක...අත්තම්මා හෙන ඉල්ලන වාරයක් ගානෙම මම බුදුගුන සිහි කෙරුවා ....අත්තම්මා සාප කරන වාරයක් ගානෙම මන් එහෙම වෙන්න,එපා කියලා ප්‍රාර්තනා කෙරුවා ....

කලු පාට හර්ස් වලින් බැහැපු කොල්ලො මිනි පෙට්ටි බානකොට වෙනදට මැස්සෙක් වහපු නැති වලව්වට අද උතුරන්න සෙනග එනකොට දුක් විදලා දුක් විදලා ඇස් පනාපිටම වලව්ව පොලවට සමතලා වෙලා යන හැටි බලන් උන්න අත්තම්මා අවසානම හුස්ම යවන්ද කොහෙද හූ තිබ්බා.....

නිතේශයා....

අත්තම්මා මගෙ අත අල්ලන් කකුලකුත් ඇද ඇද පන එකතු කරනකොට අනිත් හැමෝම දැන් ගෙනාපු මලකදන් වටේ කැරකෙනකොට ශෙනෝන් දුවගන ආවා මං ඇගිල්ල කටට තියලා සද්ද කරන්න එපා කියනකොට ඌ ලාවට ඔලුව වැනුවා ...

මගෙ.....මගෙ...ව....ල....ව්....ව ....

අත්තම්මා බිමට සමතලා වෙච්ච වලව්වෙ නටඹුන් දිහා බලාගන පන ඇද ඇද කදුලු හල හල අවසානෙදි හතිය හැදුන එකා වගෙ පපුව උස්ස උස්ස හුස්ම ගන්න කොට මම බලාගන අත්තම්මගෙ කකුල් දම්පාට වේගන ආවා.....මගෙ අත අත් දෙකෙම්ම.මිරිකන් උන්න අත්තම්මා අවසානෙදි වේදනාවටද කොහෙද මගෙ අත හපාගන්නකොට මම යටි තොල හපා ගත්තා .....

නිතේශයා ....එපා.....අන්තීම හුස්ම යනකොට එපා යකෝ....

අරූ පැත්තක ඉදන් කෑ ගහනවා...ඒත් අත්තම්මගෙ කට අනු වැටිලා වගේ තද වෙලා තියනකොට මට දැනුනා ඒ දත් වලට මගෙ අතේ මස පසාරු වෙනවා....

පිරිත් දාපන්

අතෙන් එන වේදනාව එනන් වැඩි වෙනකොට කකුලක් නම නම දිගාරින අන්තීම හුස්මට පන එකතු කරන අත්තම්මා දිහා බලපු මම පිරිත් දාන්න කියනකොට ශෙනෝන් පිරිත් දැම්මා වගේම අප්පච්චි වගේම ඩියෝනයා දුවගන ආවා...

සුදු මහත්තයා කටට රෙදි කඩක් හිරකරපන්...කටට රෙදි කඩක් හිර කරපන්.....පන යන මොහොතේ උඹේ අත හිර කරල උඹට වහන්ඩද ගනින් අත අහකට

අප්පච්චි .....කට...හොලව ගන්නවත් බෑනෙ....

අත්තම්මා අත හපන් ඉන්නවා දැකපු අප්පච්චි මට කෑ ගැහුවා.....රෙදි කඩක් ඔබපන් කිව්වා....ඒත් මට කට හොලවගන්නවත් බැරිවෙනකොට අප්පච්චි අත්තම්මගෙ කට අත් දෙකෙම්ම තද කරලා ඇරගන්නකොට මන් දත් වලට හිල් උන අත ගලවගත්තා ...මගෙ අත දත් හතර පහකට හිල් වෙලා ගිහින් තිබුනා.....අප්පච්චි අත්තම්මට රෙදි කඩක් දෙන්න ගියත් අත්තම්මා නෙවෙ ආය ඒක ගත්තෙ...වලව්ව දිහා බලාගන ...එලියෙ තිබ්බ බඩු මූට්ටු දිහා බලාගන හූල්ල හූල්ල මගෙ මගෙ ගගා අර කකුල අද්දන් වේගෙ උඩ පහත් කරන්න ගත්තා ....

කට පැත්තකින් සෙම වක්කරන් ඇද රෙදි මිරිකන් උන්න අත්තම්මා නැගිටින්න හැදුවා නැගිටින්න හැදුවා කිව්වට හරියටම පපුවෙන් ඉස්සුනා වලව්වෙ වැලි අත ගාන්න හැදුවා ..පස් මිටට පවා තන්හාවෙන් මැරෙන්න හදන අත්තම්ම හින්දා වලව් වත්ත දලදාවට පූජා කෙරුවත් වගතුවක් වෙන්නෙ නැතිවෙයි කියන බයට අප්පච්චි අත්තම්මා අතට වලව්වෙ පස් මිටක් දුන්නා...

මගෙ...ම....ගෙ....මේ....ඔ...ක්...කොම....මගෙ....

හොද සිහියෙන් උන්න අත්තම්මා අවසානෙදි ටිකෙන් ටිකම අවසිහියට එන්න ආවා වගේම මේ වෙනකොට මරන වේදනාවටමද හතට පාරකට වඩා මල මුත්‍ර ඇගේම ගිහින් තිබුනා .....වෙනදට මැස්සෙක් නොවහන මොල්ලිගොඩ වලව්ව වචනයක් කතා නොකරන උද්දච්ච මැනිකෙලාගෙ මල කදන් අවසනාම පාරට බලන්න එනකොට මොල්ලිගොඩ මහ මැනිකේ ගැහිලා ගැහිලා ගැහිලා නහයෙන් කටින් සෙම දාලා ඇස්වලින් කදුලු හලාගන දත් මිටි කාගම අතේ තිබුන පස් මිට කිටි කිටියට මිරිකගන අවසානම හුස්ම එලියට අරිනකොට වලව්වෙ සමතලා උන සුන් බුන් දිහා බැලුවා වගේම ඇස් වලින් වැටුන කදුලු පොත්තක් කොට්ටෙට වැටිලා අතුරුදහන් වෙලා ගියා වගේම මිරිකන් උන්න පස් උරෙ අවසානෙදි ඉරිලා ගිහින් පස් විසිරිලා තිබුනා....

සුදු මහත්තයා ඇස් දෙක වහපන් ...

මොල්ලිගොඩ මැනිකෙගෙ පන ගියේ මගෙ ඉස්සරහා . ...මගෙ අප්පච්චි ඉස්සරහ....අපි හැමෝම ඉස්සරහා ....අඩුකුලේ කියලා හංවඩු ගහපු මිනිස්සු ඉස්සරහ ..මොල්ලිගොඩ මැනිකෙ අවසානම හුස්ම ඇරියෙ තනිකරම නරක් උන මස් ගොඩක් වගේ ජරා ජීර්ණ වෙලා වෙනකොට සමහරක් උන් නහය වහන් උන්නා.....

අවසානෙදි ඉර නගින්න කලින්....මුලු මොල්ලිගොඩ වලව්වම නැත්තටම නැති උනා...තන්හාවෙන් ලන් කර ගත්තු හැම දේම ඇස් පනා පිට නැති වෙන හැටි බලන් උන්න කාටවත් පෙට්ටියෙ දාන් යන්න දෙයක් තිබුන් නෑ.....

මිනි ඇදුමෙ සාක්කුවක් තියා පිට පලුව වත් නැහැයි කියලා පිලිගන්නෙ නැති අත්තම්මලා ලෝභ කමින් එකතු කරපු හැම දේම එක එකාඅරන් ගියා ..තන්හාවෙන් උද්දච්ච කමින් උන්න,වලව්ව බිමට සමතලා උනා .....

මං හුස්මක් අරන් පායලා තිබුන හද දිහා බලන් ඉදලා කරපු පව් වලට වන්ද් ගෙවලා මැරුන අනීතා මැනිකෙ දිහා බැලුවා ....අම්මට අන්දවලා තිබුනෙ අප්පච්චි අරන් දීපු ඔසරියක්....

අවංක කතාව කියනවා නම්....අප්පච්චි අම්මට හිත හදන් ආදරේ කරනකොට ...අම්මත් අප්පච්චිට ආදරේ කෙරුවා නම්....රසානි අම්මා කියන කෙනාට අප්පච්චිගෙ ජීව්තේ ආයම ඉඩක් තියෙන්න නැති උනා ..මොකද ...මගෙ අප්පච්චි කියන්නෙ ආදරේ කරන්න ගත්තම ආදරේ දිගක් පලලක් ....ගැඹුරක් හොයන් නැතුවම ආදරේ කරන කෙනෙක්....

ඇත්ත ...අප්පච්චි දුක් වින්දා ....ආදරේ මග ඇරුන එකට වේදනා වින්දා ...ඒත්...කිසිම දාක....අප්පච්චි අම්මව අනීතා අම්මා එක්ක සැසදුවෙ නෑ....අද හැදෙයි හෙට හැදෙයි...කියලා බලන් උන්නා....ඒත්....ඒත් අම්මට බැරි උනා...මාව ලැබුනමත් අප්පච්චි බලන් උන්නා මට අම්මෙක් වෙයි කියලා අප්පච්චිට දැනෙන්න ආදරේ කරයි කියලා .....

නෑ...ඒ ත් නෑ....අම්මා අද වෙනතුරු මේ අවසානම තත්පරේ වෙනකන් වෙනස් උනේ නෑ....

ඒකට එකම හේතුව අත්තම්මා සීයා තාත්තා ...දුවෙක් වෙනුවට හදලා තිබුනෙ හිතක් පපුවක් නැති ගානට...ඉපදෙනකොටම අම්මගෙ හදවත ගලවලා විසපොවලා නම්බුව රකින්න ගෑනියෙක් හදපු එක.....

දුවෙක් හදන්න ඕනෙ...මල් පෙත්තක් වගේ..... මෘදු වෙන්න...දුවෙක් හදන්න ඕනා පොතක් වගේ හිස් පිටු වෙනුවට අකුරු ගොඩාක් එක්ක ජීවිතේ ගැන ලෝකෙ ගැන එකම එක ලේබල් එකකට යට නොවි තුන්සිය හැට පස් පැත්තම දකින්න පුරුදු වෙන්න....කනට දාන අරුංගලෙන් පටන් ගන්න දුක ඉවර වෙන්නෙ මරනමංචකෙන් උනත්...දුවෙක් හදන්න ඕනේ.....හැමෝගෙම හිත් වල ආදරනීයම ගැහැනියක් වෙන විදිහට ....

උන් හැදුවෙ දුවෙක් නොවුන කොට මට කොහෙන්ද ආදරනීය අම්ම්ක්.....

උන් හැදුවෙ දුවෙක් නොවුන කොට අප්පච්චිට කොහෙන්ද ආදරනීය ගැහැනියක්.....

අප්පච්චි මමයි හැමදාම අම්මගෙ පපුවෙන් හුගාක් ඇතට උනා....අපි ආදරේ හෙව්වා.....

අවංකවම මේ ලෝකෙ හොයාගන යන ආදරෙට වඩා...හොයාගන එන ආදරෙ තමයි වටින්නෙ කිව්වත්.....මායි අප්පච්චි කෙරුවෙ හැමදාම ආදරයක් හොයපු එක වෙනකොට වලව්වෙ මිනිස්සු කෙරුවෙ අපින්වෙනුවෙන් ආව මිනිස්සුනව නැති කරපු එක...

අම්මා කවදාවත් අප්පච්චි ගෙ හිතට.සැනසීමක් දුන්නෙ නෑ...පිරිමි අපි හැමවෙලෙම හොයන්නෙ නිවුන හිතකට තුරුල් වෙන්න....ඒකයි පිරිමින්ට ගෑනු පපුව උඩ සනීපෙට නින්ද යන්නෙ ..ගෑනු හැමදාම හෙව්වෙ අල්ලගන්න හයිය අතක්...ඒකයි ගෑනුන්ට පිරිමින්ගෙ අත් ගොබේ උඩ සැනසීමෙන් නින්ද යන්නෙ.....

අප්පච්චිගෙ අත් ගොබේ වෙන කෙන්ක්ට දෙන්න හිතන් උන්නත්...අවසානෙදි අම්මා නිසා ඒ තැන එයට නැති උනත්...අප්පච්චි උත්සහ කෙරුවා ...මම හිතන්නෙ...මගෙ අප්පච්චිගෙ අත් ගොබේ සදහටම හිස් වෙලා තියෙන්න ඇති.....

ඒ වගේම.....මට සැනසීමෙන් නින්ද ගිය තැන් පවා නැති කෙරුවෙ එයාලමයි...ඉතින්....

අප්පච්චිට ආයම රසානි අම්ම ගැන ආදරෙ ඇතිවෙන එක වරදක් නෙවෙ...

මම අම්මගෙන් හම්බුන් නැති ආදරෙ එයාගෙන් හොයපු එක වරදක් නෙවෙ....

අතීත මතක හරියටම ස්ටෝරු කාමරයක් වගේ...ආයම ජීවිතේටවත් ඇරලා බලනෙ නෑයි කියල හිතාගන මතක හිරකරලා වහපු දොරක් අහම්බෙන් හරි අරින්න හම්බුනෝතින් ....මං හිතන් නෑ...අපි කවදාවත් ඒ යතුර ආයම පැත්තකින් තියයි කියලා .....

මගෙ අප්පච්චි කෙරුවෙත් ඒකමයි...ආයමත්.....ස්ටෝරූ කාමරෙ දොර ඇරලා වහන් නැතිව උන්න එක...

මේ ඒ යතුරද

දුර දිනක

මා අතින් නැති වුණ

බලා වටපිට

අහුලාගන එය

රැගෙන යමි

නිවස වෙත

බිරිද එහෙ මෙහෙ

වන තුරා හිද

හරිමි හෙමිහිට

වැසුන කුටියක

අගුලු ලූ දොර

(උපුටා ගැනිමකි...ගොළු වෙන තුරුලු කරගන-ලහිරු කරුණාරත්න)

උඩු හුලගට ගහගන එන කෝපි සුවද එක්ක මට හුස්මක් පිට උනා.....

ආදරේ වැඩියෙම්ම හෙව්වෙ....කවදාවත් හම්බෙන්නෙ නැති බව දැන දැන අපි නතර වෙලා බලන් උන්න තැවල.....

නිතේස් අයියේ...

ම්ම්ම්....

කෝපි එකක් වත් බොනවත පුතේ....

එපා....

මම උන්නෙ බර කල්පනාවක...හුලගට වැනෙන කොඩි වැල්....කෝපො සුවද.....මලගෙදර ආව මිනිස්සුන්ගෙ කතා බහ එක්ක මම උන්නෙ බර කල්පනාවක ....වෙලාව මහ පාන්දර වෙන්න ඇති මං බලාගන වලව්ව පැත්තට කහ පාට රවුම් ලයිට් එලි දෙකක් එනවා.....

කාර් එකක්.....

මං බලන් උන්නා....කෝපි එකක් බොනවද අහපු ඩියෝනයා අතේ තියන් උන්න ටිකිරිමාරිය කන්න බෑ කියලා පලිගුවගෙ කටට ඔබලා මා ලගට වෙලා බලන් උන්නා...

කව්ද නිතේස් අයියෙ ඒ....

මං හිතනෙ නාද්‍යගෙ වලව්වෙන් වෙන්න ඇති.....

හිතුව හරි ඒ බැස්සෙ නාද්‍යගෙ අම්මා....ඊට පස්සෙ පොඩීගේ වාහෙලා දෙන්නා.....ගෑනිගෙ මලකද බලන්න නාව උන්..කාල කන්නි...ඔක්කොම අම්මගෙ රෙද්ද අස්සෙ රිංගන පිම්පියො.....මට නාද්‍යගෙ අම්මා එක්ක තරහවක් ඇති උනා...ඒකිට තිබුනා මේකිට ඔලුවට ඇනලා හරි කියලා දෙන්න ..බලන් ගියහම උද්දච්ච මිනිස්සු හැමෝම එකයි...මැටි වලට එකෙතුවෙන්නෙ මැටිමනෙ.....

නිතේස් අයියෙ....

පොඩ්ඩක් ඔහොම ඉදින්....

මම බොරූවට අඩාගන එන රන්දෙනිගල මැනිකෙ ගාවට යන්න යනකොට ඩියෝන් මගෙ අතින් අල්ල ගත්තා ...ඒ උනත් මම ඒ අත අතෑරලා නාද්‍යා ගෙ අම්මා..මගෙ නැන්දම්මා...පොඩීගෙ නැන්දම්මා ගාවට ගිහින් හිට ගත්තා ....

නිතේශ් ....

උඹ මොන හිතකින්ද මහ මැනිකෙ මෙහෙ පස් පෑගුවෙ.....දැන් මොන ලබ්බ බලන්න ආවද ..

නිතේශ් දැන් ඔය ඇති ...

නෑ.අප්පච්චි ...නෑ...ඇති නෑ...මුන් අම්මලා දැන ගන්න ඕනා .....පුතාල දෙන්නෙක්ගෙම ගෑනි උන ඒකිගෙ ලේලි මැරුනා ආවෙ නෑ...දුව මැරුන ගමන් දුවන් ආවා....උඹලා එකෙක් වත් ඒකි ඉස්පිරිතාලෙ ඉද්දි ආවද.....අරුන්ගෙ ඇටේ තියෙන්නෙ කකුල් මැද පාලුවටද මැනිකේ.....?

නිතේශ් ඇති බන්...ඇති...

මොනවද.....මොනවද ඇති ...මුන් දැනන් උන්නා..නාද්‍යට වෙන සම්බන්දයක් තියනවා කියලා ඒ දැන දැන තමා මගෙ කරේ ගැහුවෙ ...හරියටම හිතල බැලුවොත්...මුලු වලව්වකම මිනිස්සු මැරිලයන්න එකම හේතුව උනේ උඹලා එක වචනෙකින් වත් විරුද්ද උන් නැති හන්දා...මගෙ අම්මා උදේ දවල් ඔය වලව්වට එනකොට කියන්න තිබ්බා....නෑ....තොපි මොකක්ද කෙරුවෙ ....තොපිත් ඇහුවෙ මට වලව්ව දෙනවද...මට වලව්ව දෙනවද.....ඒකනෙ.....නේ.....එකෙක් විරුද්ද උනා නම්...අද මෙච්චර දේවල් වෙන්නෙ නෑ ....උඹේ දුව වලව්වට නාව නම්...මැනිකගෙ කෙල්ල මැරෙන්නෙනෑ ....උඹේ දුව වලව්වට නාවා නම්.....අපේ උන් මට වත් මගෙ අප්පච්චිට වත් කොඩිවින කරන තැනට එන්නෙ නෑ....ඒකි මාව නොබැන්දා නම්....අපි පිස්සො පිහාට්ටො වෙන්නෙත් නෑ ....මේ කරපු හූනියන් ආයම ආපිට කැපෙන්නෙත් නෑ.....

උඹයි වැරදි ...උඹයි වැරදි....උඹම විතරයි වැරදි ...ඇයි උඹ ඉතුරු වෙලා අවසානෙදි මගෙ අම්මා විතරක් මැරුනේ.....ආ...ඇයි ඒ....ඇයි කියපන්...ඇයි කියපන්.....ඇයි....මගෙ අම්මා මට ආදරේ නැති උනාට...මම කොතනක වත් අම්මට ආදරෙ නෑ කිව්වෙ නෑනෙ...මට අම්මා කියන්න ලැජ්ජයි කිව්වට...මම අම්මෙ කියලා කතා නොකර.උන්නෙ නෑනෙ...නේ...පලයන්...පලයන්....උඹලට දුවව ඕනේ නම් මලකද අරන් යන්න දෙන්නම්...දැන් පලයන්...පලයන්...අප්පච්චි ....මුනුයි..මුනුයි...ඒ....

.නිතේශ් ...ඇති...ඇති...නවත්තපන්....නවත්තපන් නිතේශ් ...නවත්තපන්...ඔය ගෑනි වැටිලා අතක් පයක් කැඩෙයි.....

නාදයගෙ අම්මව දැකපු පාර මම ගෑනිට එකින් එක එකින් එක කිය කියෝම ඇගිල්ලෙන් ඇන ඇන පස්සෙන් පස්සට තල්ලු කරන් යනකොට අම්මගෙ රෙද්ද අස්සෙ හැදුන පුත්තු දෙන්නා ගොන්නු දෙන්නා වගේ බලන් උන්නා....

උන්ට තිබුනා....උන්ට තිබුනා.නාද්‍යට කියන්න....උන්ට තිබුනා අම්මට කියන්න...උන් කෙරුවෙ උන් දෙන දේපල මෙච්චරයි ගගා අපේ වලව්වත් දෙනවද අහ අහ අම්මලාව තවාත් උසි ගන්නලා ඉඩම් කඩම් පස්සෙ දුවපු එක...

මම කෑ ගැහුවා...නාද්‍යාවත් අරන් පලයන් ගගා මම කෑගැහුවා...අවසානෙදි ඔසරි ඇදන් ආව මැනිකෙලා මිනියවත් නොබලා යන්න යනකොට මම ගිහින් එක පේලියට තියලා තිබ්බ මලකදන් ගොඩේ අම්මගෙ මල කද ගාව බිම ඉදගත්තා .....

උඹලත් එදා එක තත්පරේකට හිතුනා නම්.....බැනුම් අහ අහ හරි අද උඹලා හැමෝම ඉන්නව අම්මෙ.....මේ ඔක්කොම එකම එක වැරද්දකින් පටන් ගත්තු දේවල්...

මම අම්මා දිහා බිම ඉදන් බලන් උන්නා....මූනිච්චාවට හරි සුදු මහත්තයා ගගා කතා කරපුවා මතක් උනා.....

සුදු මහත්තයා අරහෙ යමන් මෙහෙ යමන් ගගා කියපුවා මතක් උනා....අම්මා එක්ක කවදාවත් ආදරනීය මතක නොතිබුනත්.....අමිහිරි මතක පවා මට මතක් උනා.....

මම එහෙම්ම නැගිට්ටා ..නැගිටලා හිටගත්තා ...කලුවෙලා ගියපු අම්මගෙ මූන දිහා බැලුවා . ....

උඹලා නමින් පින් දුන්නත්.....ඒ පින් දෙයියො ගනීද අම්මෙ...උඹ කරපු කියපු දේවල් එක්ක මම කොහොමද උඹට බුදු බව වත් ඉල්ලන්නෙ.....හොදම දේ ආය කිසි තැනක ඉපදෙන්නෙ නැතුව ඉදපන් ...මොකද ඒ සංසාරෙ කියන්නෙ ඉවරයක් නැති දුකක්.....ඉපදුනොත් විතරනෙ පින් කරන්න බැරි උනත් පව් කරන්න හිතෙන්නෙ...

නිතේස් අයියෙ එන්න පුතේ...දැන් ඉතින් උන දේවල් උනානෙ.....හෙටින් මේ ඔක්කොම ඉවර උනාම.....අපිට විතේන් අයියව හොයා ගන්නත් යන්න තියනවනෙ.....මං ඔයාව බදාගන්නද...දුක හිතුනම බද ගත්තම හොද වෙනවනෙ....ඈ....පුතේ....

එපා...මට මෙහෙම ටිකක් ඉන්න දියන් විතේන් ...

මං ඩියෝන්නෙ....

මට නමුත් පැටලෙනවා බන්...මට ටිකක් මෙතන ඉන්න දියන්...තව පැය ගානකට පස්සෙ මේ මුනූ ආය කවදාවත් මං දකින් නෑ....

මල කදන් ගාව ඔහේ බලාගන උන්න මගෙ ගාවට ආව ඩියෝනයා මාව එතනින් අරන් යන්න හැදුවා...ඒත් මම බෑ කිව්වා...මට මෙතන ඉන්න ඕන උනා...මෙච්චර කල් වලව්වෙ මලගෙදරට නාව මිනිස්සු අද මහ පාන්දර උනත් ඇවිත් ඇවිත් වලව් වත්තෙ නවතිනකොට මම බලන් උන්නා....

මන් බලාගන අප්පච්චි බිමට සමතලා උන වලව්ව දිහා බලන් උන්නා....

අවසානෙදි හැම දෙයක්ම ඉවර උනේ උන්ගෙ මලකදන් උඩින්...නම්බුවක් හින්දා උන් අවසානෙදි ජීවිතේම නැති කර ගත්තා ...

මාව දාලා යන්න කිව්වත් ඩියෝනයා මගේ ගාව කැරකි කැරකි මගෙ හිත හදන්න ඒකගෙ මායන් කතා කිය කිය ඉන්නකොට මම අම්මගෙ මුනට වහපු මැස්සෙක් එලෙව්වා .....මේ ඔක්කොම ඉවරයිලු.....ඒ ඉවර උනාම මගෙ මැනිකව හොයන් යන්න ඕනා කිව්වා...

ඒත් මම හොයන් යනකොට ....

ඩියෝන් ....

ඇයි....ඇයි පුතේ...ඇයි සෙනොන් අයියෙ....ඇයි.....

මේ හැම දේම ඉවර වෙලා යනකොට මගෙ මැනික...මට සමාව දෙයිද ඩියෝන්.....

නිතේස් ...අයියේ....

එයා මට සමාව දේවි නේද ඩියෝන්....

🥺ම්හුක්.....

🤭ගුම් මෝනි....ම්.....මුව පැතියා නැගිත්තා....ගුම් මෝනිම්.අයියෝ...

ආයම එන්නම්....ඈ...

Ferdeesha ❤️💚😘 ....

More Chapters