Cherreads

Chapter 87 - 87

දහම්.....දහම්...

අනීතා...මට දැන් එකම එක කියලා කියලා...කියලාම මගෙ කට කැඩෙන්න එනවා.....කරුනාකරලා මගෙ ඇගේ එල්ලෙන් නැතිව දැන් යමං අනීතා ..මට මහන්සී.....උඹලගෙ මේ නාඩගම් බපන් ඉන්න අනිත් උන්ට මහන්සී....උඹට මගෙ ගැන හිතලා බැරි නම්..දෙයියන්ගෙ නාමෙට අර කොල්ලා දිහා බලපන්...ඌට වයස තිහත් පහු වෙන්ඩ ලගයි දැන් ....වෙන උන් අවුරුදු තිහට කොච්චර දේවල් කරනවද .මූ...මූ ඉපදුන දා ඉදන් කෙරුවෙ දුක් වින්ද එක....

අනේ...බුදු පුතේ ..මේ අප්පච්චිට සමාව දියන් ....දන්නවා නම්...මේ තරන් කරුමයක් ගෙවන්ඩ තියානවා කියලා මං ජීවීතේටවත් උඹව හදන් නෑ නිතේශ් ...

අනේ ..අප්පච්චි .....

මට වහකන්න හිතුනා.....කෑගහලා ...කෑ ගහලා අවසානෙදි අප්පච්චි බැරිම තැනද කොහෙද මගෙ දිහා බලලා අත් එකතු කරලා වැන්දා....වැදලා සමාව ඉල්ලුවා ...සිංහල කියන දේ වචනයක් තේරුම් ගන්න බැරි අම්මා ආයම අප්පච්චි ඇගේ එල්ලෙන්න ගත්තම අප්පච්චි අම්මව තල්ලු කරලා ඇරියා .....

දහම්....අනේ ..මන් ඔයාට ආදරෙයි...

ආදරෙයි ...ආදරෙයි.....අනීතා...උඹ මට ආදරෙයි කියලද කිව්වෙ....

ඔව්.....මං...ආදරෙයි....

පෙන්නපන්....කෝ...කෝ කොහෙද උඹේ ආදරෙ...මෙච්චර කල් ඒ ආදරේ තිබ්බෙ....මෙච්චර කල් කොහෙද ඒ ආදරේ තිබ්බෙ... උඹ ආදරේ කරන්න දන්නෙ නෑ..උඹ දන්නෙ අයිති කරගන්න ...අයිති කරගන්න තැන හැගීම් දැනීම් නැති නම් කොහෙද අනීතා ආදරයක් ...අනික...ආදරෙ දන්න මිනිස්සු කවදාවත් ...වෙන මනුස්සයෙක්ගෙ කූඩුවක් හීනෙකින් වත් බිදින් නෑ...උඹ තනිකරම වැරදිලා මනුස්ස ආත්මයක් හම්බ උන යකින්නියක්...

අනේ...දහම්....තේ...රුම්...ගන්නකෝ....මං....උඹට...ආදරෙයි...දහම්.....

ආ...ඇත්තදූ.....අනේ....අප්පච්චියෝ...අහු වෙන්ඩ නම් එපා...අහුවෙන්ඩ නම් එපාමයි අප්පච්චියො...මේ ගෑනියා ගාව ආදරේ නෑ....මේ ගෑනියා ආදරේ නම් අපේ නිතේස් අයියව බලාගන්ඩ එපැයිනෙ...

තෝ කටපියවපන් රොඩියා...කොහෙවත් යන හිගන හැත්තක් මෙහෙ රින්ගන්....

අනේ..මේගෑනියෙ.....උඹ මගෙන් දැන් කනවා ආ....ඇත්තමයි...මට එන තරහවට ...තරහවට.....ම්හුක්...අපේ...නිතේස් අයියටයි...විතේන් අයියටයි...මේ කරන අපරාද වලට...අනේ ..සෙනෝන්...ගහපියකො මෙන්න මේකිට...ගහපියකෝ...මාව නලියනවා....

මට ගහන්න..මට ගහන්න කොහෙන්ද තොට හයියක්...ආ රොඩියො.....පදුරු අස්සෙ ලැගලා ජාතක උන වේස හැත්තක් හින්දා...මිනිස්සු බේර්න්ඩත් බෑ...ළමයෙක් හදා ගන්ඩත් බෑ....තොපි හරී ආසවෙන් ඇති මුන්ව පංගරාත්තු කරන්න වේස ගෑනුට ජාතක වෙච්ච ...

වේසි...යා...උඹ....සෙනෝන්...අතෑරපිය මාව.....අද ...මම....මේ....කිට.....පලිගු....වාඅ...උසි...දෝනියෝ...උසී....කාපි...ය...කාපිය...මේ ..නාකි...පාපිස්සවයි...ඔක්කොමව.....දෝනියෝ....උසි.....මට...වේසාවා...කියන්නෙ...අර...ඉන්නෙ....අර...ඉන්නෙ....ඉදා...තොට...ඩෑස්....එකක්...මටත්..ගැහුවනේ...ඉදා...ඉදා...ඉදා...තොට...ඉදා....තොට.....නාකි...පාපිස්සා...

දහම්.....ගනින්..මේකව...අහකට...ගන්...මේ පරයව...අහකට.......

සීවරන් දෙයියනේ....අපෙ....මහත්තයා...අහකට...පලයන් ...වේස කොල්ලෝ...අහකට.....දහම්..මේකව..බේරපන්..දහම්....දෙයියන්ගෙ...නාමෙට...මේක...බේරපන් දහම්....

දහම්....තෝත්...මට බැන්නා..නේ අත්තම්මෙ...ඉදා....තොටත්....ඉදා...ඉදා....

උසි පලිගුවා...උසි.....!!!

මං හිතන්නෙ මෙච්චර වෙලාම කටින් කට ගියපු ඩියෝනයා අනිත් පාර නම් පරලමවෙලා ගිහින් වගේ අම්මට ගහන් කියලා ගියාට අම්මගෙ පැත්තට පලිගුවව උසිගන්නලා ගිහින් ඒකා පොඩිය පොඩියෙ ඉදන් සීයා තාත්තගෙ ඇගේ එල්ලුනා...ඌට ගහපු පාරට මූ සියපාරක් විතර අත මිට මොලවලා පිට මැදට ගහනකොට පොල් කැඩුවා හා සමානව ගහගන ගහගන යනකොට අත්තම්මත් මැදට පැන්නා....මැදට පැනපු අත්තම්මා පවාගුටි කෑවා....

ඒත්...අපි නෙවෙ මැදට පැන්නෙ...මිනිස්සුන්ට කාලයක් තිස්සෙ විදවලා...විදවලා තැලිලා...තැලිලා....පෑගිලා...පොඩි වෙලා ඇති උනාම...උන් අවසානෙදි යක්කු වෙනවා... යකඩෙ තලන්න තලන්න මුවහත් වෙනවා වගේ.....අවසානෙදි උන් මුවහත් වෙලා උන්නා.....වේස පද අහ අහ....අහස පොලව නූහලන කතා අහ අහ උන්න උන්ගෙ හිත් තැලිලා...තැලිලා....අව ගල් වෙලා යනකොට වයස නොබලා අත දිගෑරලා ගැහුවා.....වේදනාව...දුක.....තරහව මේ ඔක්කොම එකට එකතු වෙනකොට ඩියෝනයා යකෙක් වෙලා උන්නා ....අපි කවුරුත් බේරන්න නොයා බලන් උන්නා..මොකද කොයි පැත්තෙන් බැලුවත් වැරදි මොල්ලිගොඩ පරපුර විතරක් වෙනකොට උගෙ වාඩුව ගන්න දීලා අපි බලන් උන්නා...

දැන් ඇතිනෙ....මටත් රිදුනා...මටත්....රිදුනා...මූනට ගහපු පාරට වඩා...උඹලා පපුවට ගගපු පාර ලොකු උනා....උඹලා කියපු වචන වලට රිදුනා ....වේසකම් කරලා ඉපදුනා නම්...අපි කාටත් උප්පැන්න තියෙන්න නැති උනානෙ...ඒ උනාට උඹලගෙ මහ එකා තමා ලොකුම වේසාවා...දැන් වත්...අපේ නිතේශ් අයියටයි අප්පච්චියටයි පාඩුවෙ ඉන්න දීලා පලයව්කෝ....මකබෑවිලාවත්....

පලයව්කො...අනේ...පලකො...සෙනෝන්....මේ..මේකව...එලියට වීසි කරපන් සෙනෝන්.....

අතගනින් පරයා...තොපෙ වේස ගුබ්බෑයම් වල ලගින්ඩ බලන් ආවෙ නෑ....දහම්....උඹ මූ ගහනකන් බලන් උන්නා....උඹට මේවට විදවන්න වෙයි දහම්....එකෙක්ට නෙවෙ....තොපි ඔක්කොටම විදවන්න වෙයි....මේ මොල්ලිගොඩ හාමුගෙ හැටි තොපි දන්නෙ නෑ.....නිතේශ් ....උඹ..අපේ...වචනෙට පිටින් ගියෝතින්...උඹට වලව්වෙන් වැලි කැටයක තරම් දෙයක් හම්බ වෙන්නෙ නෑ නිතේශ් ....

අනේ.....ඇත්තදූ....පලයන් පකිච්චො යන්ඩ...ආවා මෙතන යැයි යැයි ගාන්.... අපෙ නිතේස් අයියට ඔය බඩු පොට් එකේන් ඕන් නෑ.....තන්නාස කාරයා...ආය සිල්ගන්ඩ යන්ඩ එපා....මග දිගට බුදුවෙයි....ඒ තරම් ස්‍රද්දාවක්නෙ මොල්ලිගොඩ උත්තමයට තියෙන්නෙ..අම්මෙ....පින් කදක්....සාදු කාරයක් දෙන්න හිතෙනවා හාමුට...දැන් උන්නා ඇතිනෙ...යමල්ලා....

යනවා තමා පරයො ....මෙහෙ ලගින්ඩ ආවෙ නෑ...පරිස්සමින් හිටපියව්...මේකට වාඩුව ගන්නවමයි..දහම්...නිතේශ් ....උඹලා දෙන්න කොහොම නැටුවත්....මතක තියාගනියව්...තොපි අපේ උන්...අපි කියන දෙයක් මිසක්...අපෙන් පිට දෙයක් බෑ කියලා ...නිතේශ් ....උඹ හිතන් ඉන්නවා නම්...අරකව බැදගන පවුල් කන්ඩ....හොද හිතින් ඒවා අමතක කර ගත්තොත්...හොදයි...අනීතා...යමන් යන්ඩ.....

අප්පච්චි ...

උඹට සිංහල තේරෙනවද අනීතා...මෙ වේස ගුබ්බෑයම් අස්සෙ රිංගලා ලැජ්ජා නොවි පලයන්...මේ කරපුවට ඔවුන්ට වන්දි ගෙවන්ඩ කාලයක් එනවනෙ...එදාට බලමු.....දහම්....උඹගෙ කෙරුවාවල්...ඔක්කොම නවත්තන්ඩ බලන් ඉදින් ...උඹ හිතනවා නම්...අනීතව වීසි කරල මේ කොහෙවත් යන එකී එක්ක පවුල් කන්ඩ....ඒවා හීන...ඒකත් මතක තියා ගනින්.....

වැස්සක් වැහැලා පෑව්වා වගේ උනා.....අත්තම්මා....සීයා තාත්තා අම්මා....ගින්නක් අවුලලා යන්න ගියා....ඒ උනාට උන් ගින්න ඇවිලුවා මිසක් නිවලා නොගියපු කොට තවමත් ගෙ අස්සෙ ගිනිදර පත්තු වෙනගමන් තිබුනා....එයාගෙ මගෙ ගේ සම්පූරනම උන් කාලා තිබුනා...ආදරෙන් පරිස්සම් කරපු ආදරනීයම මතක උන් නැත්තටම නැති කරලා තිබුනා....මෙච්චර කල් ගෙදර බිත්ති වහන් උන්න එයාගෙ මගෙ හිනාව තවදුරටත් තිබුන් නෑ...මුලු ගෙදරම හිනාව උන් පැය ගානකින් මරලා දැම්මා....

රටා තියලා හැඩ කරපු වලන් සෙට් එක තව දුරටත් තිබුන නෑ...ඒ හැම දේම කුඩු පට්ටම් වෙලා ගිහින් තිබුනා...මම ගෙයි පුරාවටම ඇස් යැව්වා...මොල්ලොගොඩ වලව් කාරයෝ තනිකරම හුලි හුලගක් ගැහුවා වගේ ඇවිදින් හැමදෙම නැති බන්ගස්තාන කරල ගිහින් තියනකොට මම එයාගෙ මගෙ ඵොටෝ වල කෑලි එකතු කෙරුවා .....

පපුවට දැනෙන වේදනාව වචන කරන්න බැරි තරම් උනා...ඒ හිනව ආය එකතු කරන්න බැරි වෙන්න ඉරිලා ගිහින් තිබුනා....

තේශී.....

ම්ම්.....හැම් දේම ඉවරයි විතේන් .....උඹම දන්නවා මැනිකෙ ...මේක නිකම්ම නිකන් ඵොටෝ එකක් නෙවෙ කියලා...මේක අස්සෙ...උඹගෙ මගෙ ජිවිතේ තිබුනා....මතක...හිනාව...ආදරේ...හැම දේම තිබුනා..ඒත්...අද...දැන්.....එක තත්පර ගානකින්...ඒ ඔක්කෝම කුඩු වෙලා ගියා විතේන්...මේ මිනිස්සු කොහොමද මැනිකෙ මෙච්චර නපුරු වෙන්නෙ..... මේ මිනිස්සු කොහොමද මේ තරම්....තිරිසන් වෙන්නෙ මැනිකෙ....උන්....කොහොමද...මෙහෙම...කරන්නෙ.....

අනේ...සුදු අප්පො...මම ඉන්නවනේ.....

උඹ උන්නට....මේ හැමදේම මට වටිනවා විතේන් .....මට මේ හැම දේම වටිනවා...උන්ට වටින්නෙ වෙන වෙන දේවල් උනාට...මට වටින්නෙ උඹව මගෙ විතේන් .....මට උඹව වටිනවා විතේන් ....මට උඹව නම් නැති කරගන්නඩ බෑ...මැනිකේ....

මම අතේ තිබුන ඵොටෝ කෑලි ටික බල බල අවසානෙදි ඒ ඕකොම එකතු කරලා ඩසට්බින් එකට ශැම්මා...ගෙයි ඇතුලෙ අමු සොහොනක් වගේ වෙලා තිබුනා...කවුරුත් කා එක්කවත් වචනයක් කතා නොකරම එ ඒ මිනිස්සු උන්ගෙ ලෝකවල ඉදන් තනියම හූල්ලන්න ගත්තා ....ඩියෝනයා පලිගුවගෙ අත් දිහා බල බල වීදුරු කටු ඇනිලද හෙව්වා.....ශෙනෝන් ඔහේ උන්නා....අම්මා අප්පච්චි තාත්තා ....ඒ අයගෙන් කිසිම කෙනෙක් උන්නෙ මේ ලොකේ නෙවේ වෙනකොට මම උන් කුඩුපට්ටම් කරපු ආදරෙ මතක සටහන් කුනු කූඩෙට දාන්න එකතු කෙරුවා ...

යටි පතුලට ඇනුන වීදුරු කටු අඩිය තියන කොට වේදනා දුන්නත් මහෙ හිතේ ඊට වඩා වේදනාවක් තිබුනා....අම්මගෙ සාප කිරිම්...සීයා තාත්ත්ගෙ ගෝරනාඩු ...අප්පච්චි කියපු කතා...මේ ඔක්කොම.හිත ඇතුලෙ තෙරපි තෙරපි වද දෙනකොට මගෙ අම්මට මං ගැන එකම එක අංශු මාත්‍රෙක තරම් ආදරයක් තිබිලා නෑ කියන දේ හදවතටම දැනෙනකොට මට පුදුමාකාර අසරන කමක් දැනෙන්න ගත්තා ...

මම එහෙම්ම අප්පච්චි දිහා බැලුවා .එයා බලාගත්තු අත ඔහේ බලන් ඉන්නවා....

අප්පච්චි පව්...අප්පච්චි විදලා තියෙන්නෙ එසේ මෙසේ වේදනාවක් නෙවෙ...කසාද ගෑනි උනත් ..නමට නම්..මොකටද....එහෙම බැලුවම ....අප්පච්චි එයාගෙ අම්මා ගාවට නැවෙන එක අහන්න දෙයක්ද...එක අතකට මගෙ විතේන් හරි....අප්පච්චිට දැන් වත් ජිවත් වෙන්න දෙන්න කියපු කතාව සීයට දාහක් හරි...ඩිවෝර්ස් උනා උනත්...එයාගෙ තාත්තා තවමත් අම්මට ආදරෙයි ..ඒක ඒ මනුස්සයගෙ වචන වලින් තේරෙනවා...එයාගෙ අම්මගෙ ආදරේ තියෙන්නෙ එයා ගාව නෙවෙ කියන එක තේරුම් අරන් යන්න දෙන්න තර ඒ මනුස්සයා කොච්චර හිතනවද....ඒත්...මගෙ අම්මා.....මගෙ අම්මා අවසානම මොහොත වෙනකම්ම අපි දෙන්නව තෝර ගත්තෙ නෑ...මුනිච්චාවට ආදරෙයි කිව්වා මිසක්කා...

මම අතුගෑවා....එක අස්සක් මුල්ලක් නෑරම අතු ගාල දැන්ම්මා...ඒ උඩට වැකුම් එක ගෙනල්ලා මුලු සාලෙම වැකුම් කෙරුවා ....මෙච්චර කල් අපේ ආදරනීයම මතක දරාගන උන්න යකඪ ඇන විතරක් අද බිත්තියෙ තනිවෙලා තිබුනා....ඒ හැම මතකයක්ම කුඩු පට්ටම් වෙලා තිබුනා.....නැ...උන් කඩු පට්ටම් කරල තිබුනා....

රසානි ...

පහන්....

මෙච්චර වෙලාම ජනේලෙන් එලිය බලන් උන්න තාත්තා අම්මට කතා කෙරුවා ...එ කටහඩ පුරාවටම තිබුනෙ තරහවක් ඇර වෙන කිසිම හැගීමක් නොවෙච්ච කොට මම බලාගන උන්නා....ඊලග පාර මොන ගින්නක් ඇවිලෙයිද කියලා .....

යන්න ලෑස්‍ති වෙන්න....

පහ....න්..

ඇයි...කන් ඇහෙන්නෙ නැද්ද..යන්න ලෑස්ති වෙන්න කිව්වෙ...අනිකා...විතේන්...උඹ....උඹටත් එක්ක මම කියන්නෙ...එක එකාගෙන් වෙස පද අහන්න මම ළමයි හැදුවෙ නෑ විතේන්...කරුනාකරලා යන්න ලෑස්ති වෙයන්...

තාත්තී.....

කටපියාගන යන්න ලැස්ති වෙයන් විතේන් ...මං මෙච්චර කල් උඹට ඕන ඕන දේ කරන්ඩ ඉඩ දුන්නා..උඹම දන්නව විතේන් මං මේ මගුලට කැමති උන එකෙක් නෙවෙ කියලා ...මොල්ලිගොඩ දිසානායක කියනකොටම මං උඹට කිව්වා .....උඹටත්...උඹේ තාත්තා වගේ අඩන්ඩ ඕනා නම්...අම්මා වගේ හූල්ලන්ඩ ඕනා නම්.... ඔය මගුල කරපන් කියලා ....උඹට මං ජීවත් වෙන්ඩ අවසතාව හැමදාම දුන්නා පුතේ..පාරෙ ඉන්න හිගන්නෙක් හරි කමක් නෑ....දිසානායක ලාව එපා කිව්වා ...උඹ ඇහුවෙ නෑ.....මොල්ලිගොඩ උන්ගෙ උන් එපා කිව්වා ...උඹ ඇහුවෙ නෑ විතේන් ...දැන්...උඹත් අලි වගේම විද්වන්න ලෑස්ති වෙනවා .....

යන්ඩ ලෑස්ති වෙයන්.....

තාත්තා ...අනේ.....

මාව කරකවලා අතෑරියා වගෙ උනා....එයාගෙ තාත්තා මෙච්චර වෙලා ඉදලා ඉදලා අම්මටයි එයාටයි යන්ඩ ලෑස්ති වෙන්න කියනකොට මාව ගිනි ගන්නවා වගේ උනා.....දෙයියනේ මගෙ විතේන්ව අරන් යන්න...අනේ බෑ...අනේ බෑ...කීයටවත් බෑ...මං කොහොමද ඌ නැතුව ජීවත් වෙන්නෙ ..මං කොහොමද ඌ නැතුව හුස්ම ගන්නෙ ...

ඇවිලුන ගින්දර හතර වටිම්ම ඇවිලෙන්න ගත්තම ගින්නට මැදි උන මම පුදුමා කාර තරම් අසරන උනා...ළඟ උන්න විතේන්ගෙ අත මට ඉබේටම මගෙ අතට පැටලෙනකොට මම මගෙ අප්පච්චි දිහා බැලුවා ...හරියටම අනේ අප්පච්චි මගෙ විතේන්ව නම් අරන් යන්න බෑ කියල කියන්න කියන්න වගේ.....

විතේන් ...උඹට කන් ඇහුන් නැද්ද විතේන් ...

තාත්තා ....මට එයාව දෙන්න බෑ..මට මගෙ විතේන්ව අරන් යන්න දෙන්න බෑ තාත්තා ...අනේ දෙයියන්ගෙ නාමෙට මට මගෙ කොල්ලව නම් ගෙනියන්න දෙන්න බෑ තාත්තා පින් අයිති වෙයි....

මං මගෙ විතේනව අත් දෙකෙම්ම තුරුල් කරගත්තා ..එක දිගට එක දිගට ඔලුවට ප්‍රශ්න් වැටිලා වැටිලා මාව පුදුමාකාර තරම් අසරන වෙලා ඉද්දි එයාගෙ තාත්තා ඒ දෙන්නට යන්න ලැහැස්ති වෙන්න කියනකොට මාව කරකවලා අතෑරියා වගේ උනා...

පහන් ....ඒ දෙන්නට දෙන්නා ආදරෙයි....කරුනාකරලා ඒ දෙන්නව ඈත් කරන්න එපා....

උඹ ඕක කටින්ද කියන්නෙ...ආ දහම්....අවුරුදු ගැනකට කලින් උනෙත් අද උන දේමනේ නේද ..ඒක මම කාටවත් අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕන් නෑනෙ නේද...ආ දහම්....එදත් ඔය වලව්වෙ හැත්ත කෙරුවෙ මේ නාඩගමමයි....අදත් කරන්නෙ ඒකමයි...තමුනුත් එදා එයාව ඕනෙ එයාව ඕනෙ ගගා කෑ ගැහුවෙ මේ විදිහටමයි....අවසානෙදි ....අවසානෙදි උඹ ඒකිව බැන්දා...උඹව බැන්දෙව්වා ...ඒ වෙච්ච දේම ආයම වෙයි....ඒකම අකුරක් නෑරම වෙයි මගෙ කොල්ලා එක පාරකුත් මැරෙන්ඩ වැටුන එකෙක්....ආය...ආය ඌට මොනව වත් වෙනවා බලන්ඩ මට බෑ..කරුනාකරලා උඹලා ඔය ඉන්න විදිහට ඉදලා මට මේ ගෑනිවයි....ලමයවයි අරන් යන්ඩ දීපල්ලා .....

පහන් පලීස්....

රසානි .....අවුරුදු ගානකට කලින් වෙච්ච දේවල් ආය ආය වෙනව කියන්නෙ .. උන් දෙන්නත් අපි වගේ විදවනවා කියන එකා නේද් රසානි ...ආ...කොල්ලා පරසක්වල ගහපු හන්දා මිසක්....නැත්තන් මේකට මං කැමති උනාද රසානි...ආ....අනික ඩිවෝර්ස් උනා උනත්...මුගෙ අම්මා තාත්තා හැටියට ...කොල්ල ගැන තිරන ගන්නකොට අම්මා හැටියට උඹ මගෙ පැත්ත ගන්නවා මිසක්..මොන මගුලද කියන්නෙ ...

මං අහන් උන්නා.....එයාගෙ තාත්තා මගෙ අප්පච්චිට හපන්.....එයාගෙ අම්මා සැරින් සැරේම කිව්වත් ඒ එකක් වත් කනකට ගත්තෙ නැති වෙනකොට කිව්වෙම ඒ දෙන්නට යන්න ලෑස්ති වෙනවා කියලා ...මං මගෙ විතේන් දිහා බැලුවා ...එයා ඇහිපිල්ලමක් වත් නොගහා එයාගෙ තාත්තා දිහා බලන් උන්නා....

තාත්ති....මං එකපාරකුත්...මැරුන මිනිහෙක් ...මං ආයම පන ගැහුවෙ මේ මනුස්සයා නිසා...මගෙ නිතේශ් නිසා ...කරුනාකරලා ...මාව ආයම මැරුන කෙනෙක් කරන්න එපා....ආදරෙ ගාවදි...අපි හැමෝම විදවනවා ....මොන දේ උනත්...අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා ....මට එයා නැතුව බෑ වගෙ තමයි...එයාට මං නැතුව බෑ ...අනික...වටේ මිනුස්සු කොච්චර ඇවිලුවත්...අපි දෙන්නා අතරෙ ප්‍රශ්නයක් නැති නම්....අනේ..පින් අයිති වෙයි...අපි දෙන්නා මැදට ගින්දර දෙන්න එපා....

එයා මගෙ අත තදින් අල්ලගත්තා .....එයාගෙ තාත්තා යන්න ලෑස්ති වෙන්න කියපු වාරයක් ගානෙම එයා කිව්වෙ අපි දෙන්නා මැදට ප්‍රශ්නයක් නැතිනම් ප්‍රශ්න අවුලන්න එපා කියලා වෙනකොට මගෙ අප්පච්චි එයාගෙ තාත්තා දිහා බලන් උන්නා....එයාගෙ අම්මා එයාගෙ තාත්තා දිහා බලන් උන්නා.....

ඇත්ත...එයා කියන්නෙ ඇත්ත....පිටින් ප්‍රශ්න කොච්චර ආවත් එයයි මායි අතර ප්‍රශ්නයක් නැත්තන්.... ඒ මැදට වෙන ගින්දර ආවම....??

තාත්තා ...විතේන්ට මාව වගේම....මට මගෙ විතේන්ව ඕනා...අම්මා අත්තම්මා මොන දේ කිව්වත්....මගෙ හිත තියෙන්නෙ මගෙ ජීවිතේ තියෙන්නෙ විතේන් ගාව නම්.....එයාව මගෙන් ඈත් කරලා පව් පුරවගන්න එපා තාත්තා...මට ජීවිතේ දුන්නෙ ඌ....ඌට ජීවිතේ දුන්නෙ මම ...එහෙම එකේ....පිටින් කරදර එනකොට අපි දෙන්නා වෙන් උනේ නැති නම්.....අපි දෙන්නා මැදට නැති කරදර ගේන්න එපා තාත්තා ...මට මගෙ අප්පච්චි කිව්ව්ත් විතේන්ව අතාරින්ඩ බෑ....බෑ නෙවෙ මම අතාරින් නෑ ...ඒක නෑ කිව්වොත් නෑම තමා....අනේ කරුනාකරලා තවත් වද දෙන්න එපා...මට තවත් මේ මගුල් ඉවසන් ඉන්ඩ තරම් හයියක් නෑ...එක පැත්තකින් වත් මට හයියක් වෙයලකො.....

එයාගෙ තාත්තා එයාව අරන් යනවා කියපු වෙලෙ ඉදන් පපුව ඇතුලෙ

මන් දන්නෙ නෑ...උඹලා ඕන මගුලක් කරගනිල්ලා...හැබැයි...නිතේශ් ..මං උඹට දැන් කිව්වා කියලා මතක තියාගනින් ...මූ උඹව ඕනෙමයි කියලා නැහුන හින්දා කැමති උනා මිසක් ...මං උඹේ වාසගම ඇහුවම බෑමයි කිව්වා...මොන දේ උනත් ..මට මගෙ කොල්ලගෙ සතුට වටින හින්දා මං හිත හදාගන කැමති උනා ....මන් මේ කියන එක හොදට අහගනින් පුතේ ...මට ඉන්නෙ මෙච්චරයි .....අවුරුදු ගානකට කලින් උන දේ...ආය ආයම උනොත්....මං උඹලගෙ හුලගක් වත් මගෙ එකාගෙ ඇගෙ වදින්න දෙන්නෙ නෑ අරන් යනවා තේරුනානෙ නෙ.....??

දහම්...මං උඹටත් එක්ක කියන්නෙ.....ආය මොකක් හරි උනොතින්...පින් අයිතිවෙයි.....අපේ ජීවිත මැදට එන්ඩ හිතන්ඩවත් එපා...මං ගැන නොදන්න ම්නිහෙක් නෙවෙයිනෙ උඹ...නේ....

මම එහෙම්ම බිම ඉදගත්තා ...කියන්න ඕනා ටික කියල දැම්මට පස්සෙ එයාගෙ තාත්තා මා දිහා රවාගන බලන් ඉදලා ඊලග පාර බැනගන බැනගන ගිහින් ඕන මගුලක් කරගනිල්ලා කියලා කෑ ගහලා මගෙ අප්පච්චිටත් බැනලා එලියට යන්න ගියා වගේම මගෙ අප්පච්චිත් ඒ පසේම දිව්වා....

තේශී.....

මැනිකෙ ...අනේ මට පෙන්ඩෝල් දෙකක් ගෙනත් දියන් මැනිකෙ මගෙ ඔලුව පුපුරන්න වගෙ...

පුපුරන් නැතුව තියෙයිද....අර නාකි පාපිස්සොයො ටික මේ ලමයගෙ ඔලුව කනකොට ....අනේ ඇත්තමයි...රසානි ඇන්ටියෝ....මේ ලමයටත් දැන් තරහා ගිහින් ඉන්නෙ හරියට ...ඔයාලා හනිමූන් යන එකත් මග දාලා ආව එකේ...කන්න වත් දෙයක් හදන්නකො...ඩියෝන් බබාට සත්තිය නෑ රන්ඩු කරලම....බඩගිනීනෙ....අප්පා.....

කඩකට පැලිලා යන්න තරම් ඔලුව කැක්කුම අල්ලනකොට මම එයාගෙන් පෙනඩෝල් දෙකක් ඉල්ලල එහෙම්ම බිත්තියට ඔලුව හෙත්තුකර ගත්තා..ගෙයි ඇතුලෙ තිබුන බඩු බාගෙට බාගයක් කුඩු පට්ටම් උන හින්දදෝ වචනයක් කතා කෙරුවත් දෝන් කාර දෙනකොට මෙච්චර වෙලාම පලිගුවගෙ අත පය දිහා බල බල උන්න ඩියෝනයා අම්මට බඩගීනි කියලා කන්න හදවගන්න ගියා.....

සුදු මහත්තයා.....

ම්ම්ම්....

ආ....මේක බොන්න....

එයා මගෙ අතට පැනඩෝල් දෙක දීලා මා ගාවින්ම බිම ඉදගන මගෙ උරහිසට ඔලුව ගහගන මගෙ අත් ගොබේට අතක් තියා ගත්තා ...

විතෙන් ....ඔයාට ආයම උනද?

මන් එයාගෙ මුන දිහා බැලුවා....කරදර පිට කරදර එනකොට මට එයාගෙ මුන දිහාවත්.....එයාගෙ ඇගේ උනුසුම වත් ගානක් නැතිව ගිහින් තිබුනා වගේම ඒ ඇස් මලානික වෙලා තිබ්බා මං දැක්කා....

ඇගට ටිකක් උන වගේ .....ඒක එච්චර ලොකු දෙයක් නෙවෙ තේශී....එදා ආපුපිම්මනෙ තාම...එක දවසක් සැනසීමක් තිබුන් නෑනෙ....මේ වෙන දේවල් වලට උන ගැනිලා බේරුනොත් ඇති නිතේශ් .....

බෙහෙත් ටිකක් ගන්න යමුද...දැන් දවස්තුනකටත් වැඩීනෙ....ප්‍රශ්න ප්‍රශ්න කියලා ලෙඩ වෙවී ඉන්න බෑනේ මැනිකේ.....අර යක්කු මැරිලා ගිය දාකට ඇරෙන්න මටයි අප්පච්චිටයි නම් කවදාවත් සැනසීමක් නැතිවෙයි විතේන් ...

එයා මගෙ උරහිස උඩ ඔලුව ගහන් ඉන්නකොට මම එයාගෙ අතට මගෙ අත පටලව ගත්තා ...ඒ අල්ල පවා රස්නෙයි..බෙහෙත් ටිකක් ගන්න එන්න කිව්වත් බෑ කියපු එයා මගෙ උරහිස උඩම නිදි කිරා වැටෙන්න ගන්නකොට මම එහෙම්ම එයාව උස්ස ගත්තා...එයාට තෙහෙට්ටුයි....මට තෙහෙට්ටුයි.....අපි වෙනුවෙන් ...අපේ ආදරේ වෙනුවෙන් වලව්වෙ මිනිස්සු එක්ක හැල හැප්පිලාම අපි දෙන්නටම තෙහෙට්ටුයි.....

සුදුමහත්තයා ....

පොඩ්ඩ්ක් ඉන්න ඔලුවට ඕඩිල්කෝන් ටික දාන්න....මට පැන්ඩෝල් දෙකක් දුන්න වෙලේ ඔයත් දෙකක් බොන්න එපැයිනෙ දරුවො...

අනේ..මට මොකුත් බොන්න බෑ තේශි.....මගෙ ඇගට අමාරුයි...ඇගට වඩා...මගෙ හිතට අමාරුයි තේශ්.....සුදු මහත්තයා ...මට කියපන්....අනේ උඹ මාව දාලා කවදාවත් යන්නෙ නෑනේද....මොන දේ උනත්..මා ගාව ඉන්නව නේද.....

මගෙ ඇගිලි එයාග් හිස කෙස් පුරාවටම ඕඩික්ලෝන් අරන් ගියා....ඕඩික්ලෝන් වල සුවද මුලු කාමරේ පුරාවටම කැරකෙනකොට එයා මගෙ මූන දිහා බලන් උන්න මගෙ විතේන් මගෙ අතින් අල්ලගත්තා .....උන අමාරුවටද කොහෙද ඇස් දෙක රතු වෙලා තොල්පට පවා වේලිලා ගිහින් තියනකොට එයාගෙ ඇස් වලට කදුලු පටලයක් බැදිලා තිබුනා...

මාව අවිස්වාසද විතේන් උඹට...

න්න්...නෑ....සුදු මහත්තයා ...අනේ...කවදාවත් නෑ....

එහෙනම්...මේ ඇස්වල කදුලු ඇයි.....මම උඹව කවදාවත් අතාරින් නෑ කියන්න උඹදන්නවනෙ මැනික....එහෙනම්...එහෙම කියන්නෙ ඇයි විතේන් ....

මම එයාගෙ ඔලුව අත ගෑවා...කොච්චර කිව්වත් බෙහෙත් ටිකක් ගන්න යන්න ආවෙ නැති එයා වදෙන් පොරෙන් පොවපු කිරි එකත් ආපිට වමනෙ කරනකොට මට පුදුමා කාර අසරන කමක් දැනුනා. .ගෙයි ඇතුලෙ සතුට කියන නාමයක් හොයා ගන්න බැරි උනා..හිනාව කියන දේ කොහෙන්වත් හොයන්න බැරි උනා.....

අපි දෙන්නටම බැනලා ගියපු තාත්තා ආයම අප්පච්චි එක්ක ගෙදර ඇවිත් තිබුනා ....කැම.මේසෙ උඩ තිබ්බෙ එක හොද්දයි බතක් වෙනකොට කන්න ඉල්ලපු ගඩාපියා පවා කන්න බෑ ගාලා පැත්තකට උනා.....

උන් බඩේ ගින්දර උදුරගන ගිහින් හිතේ ගින්දර ඉතුරු කරල

ගිහින් තිබ්බා...

විතේන් ...

ම්ම්ම්

සුදු මැනික....දැන් ඇතිනෙ මැනිකෙ ඔය නිදා ගත්තා ...

තේ..ශී...මගෙ ඇගට හෙන අමරුයි....සුදු අප්පො....

මං බෙහෙත් ටික ගන්න යන් කිව්වට ඔයා අහන්නෙ නෑනෙ විතේන් දැන් දවස් කීයක්ද මේ උන....ඇයි දරුවො ඔච්චර මුරන්ඩූ....

අම්මා...අම්මා....

බඩේ ගින්ඩදර නැති තැන එයපු එක හොද්දයි බතයි කෑම මෙසෙ තනි රැක්කා....අම්මා එයාගෙ කාමරේට ගිහින් දොර වහගන්නකොට මං බලාගන අප්පච්චි සිගරට් එකක් පිට එකක් බිව්වා වගේම තාත්තා කා එක්ක වත් කතා නොකර උන්නා....ඇග අමාරුවටද කොහෙද මගෙ විතේන් පැයක් දෙකක් එක දිගට නිදාගන්නකොට එයා ගාවින් කොහොටවත් යන්න එපා කියපු මගෙ ටී ශර්ට් එකෙ කොනක් අල්ලන් නින්ද ගියපු එයාව මම ඇහරවනකොට එයාව ගිනි කබල වගේ රත් වෙලා තිබුනා.....

අම්මා....

එයා ඇදේ ඉන්නකොට මම අම්මව හොයාගන ගියා ...

ලොකු පුතා ඇයි...

අම්මා විතේන්ට උනනෙ ....බෙහෙත් ටිකක් ගන්න යමු කිව්වට අහන් නෑනෙ....

වහල තිබුන දොරෙන් එපිට ඉදන් මම උත්තර බදිනකොට මං බලාගන විතේන්ගෙ තාත්තා අපේ කාමරේට යනවා ඒ එක්කම අප්පච්චිත් යනවා...

දහම්...කරුනාකරලා පැත්තට වෙන්න...මං බලන්නම්....

ඔය මුරන්ඩු කම දැන්වත් නවත්තනවා..මේ කොල්ලට උන....කියන මගුල තේරුම් ගන්න බැරිද උඹට ..මගෙ වැරදි වලට ලමයිගෙන් පලි ගන්න එපා පහන්....

අර මිනිස්සු දෙන්නා ආයම කා ගන්නව නේද ඔවුන් දෙන්නව එලවන්න තිබ්බෙ වලව්වට....මං අද ඔවුන් දෙන්නවම මරල හිරේ යනවා....එක මගුලක් ඉවර උනා විතරයි...ආයම මගුලක් පටන් ගත්තා...නවත්තපියව් තොපි දෙන්නම ඕක.....

අප්පච්චියි තාත්තයි එතනටත් ගිහින් රන්ඩු කරගන්න පටන් ගන්නකොට මෙච්චර වෙලාම ඇතුලෙ ඉන්න අම්මා ආවා වගේම ඒ එන ඒමටම එයත් කෑ ගැහුවා ...කෑ ගැහුවා විතරක් නෙවෙ කෑ ගහගන අඩියට දෙකට කාමරේට ගිහින් කෑ ගහනකොට මං අහගන මගෙ විතේන් වමනෙ කරනවා...

හිතේ සැනසීම කියන දේ අංශු මාත්‍රයක් වත් නැති උන මම එයා වමනෙ කරන සද්දේ එක්ක කාමරේට දුවන කොට එයා අම්මගෙ ඇගට හේත්තු වෙලා පරඩැලක් වගේ ඉන්නකොට මගෙ පපුව ඇවිලිලා ගියා.....උන් කෙරුවෙම අපිව ලෙඩ කරවපු එක...

වලව්ව්වෙ උන්ට සාප වෙන්න ඕනා...මේ කරපු අපරාදෙට...මම හිතින් සාප කෙරුවා ...මම හිතින් වලව්වට හෙන ඉල්ලුවා.....මෙච්චර කල් මොන දේ කෙරුවත් මම ඉවසන් උන්නා මිසක්කා කවදාවත් වෛර බැන්දෙ නැති උනත් මගෙ හිත වලව්වට වෛර කරන්න පටන් ගත්තා .....උන් මැරිලා යනවා නම් කියලා ප්‍රාර්තනා කෙරුවා .....ඔලුව කැක්කුමයි කියපු මගෙ විතේන් ආයම කොට්‍ටෙට ඔලුව ගහනකොට ඕඩික්ලෝන් සුවද කපාගන වමනෙ වල අපුල ගතිය මුලු කමරේම වහගත්තා ....

😒මහ හොද නෑ මේක ලියන ඕතරී නම්.....😒

හුහ්...ජැක්කනෙ...ජැක්කනේ.....

ගඩාපියා...ගැහුවා...ජැක්කනේ....🙈🙈

සෑට හිච්චා එක්ක එන්නාම්ම්ම්.....

මම

Ferdeesha ❤️💚😘 .....

More Chapters