දාවිතාගෙ ගෑනිට විලිරුදාව හැදිලා ...නව මාසයක් රැක්ක හිච්චා එලියට පනින්න හදනවා .....
ඒකි බෙරියන් දෙනවා .....ඒකි හූ තියනවා....උහුලන්ඩම අමාරු විලිරුදාව එක්ක ගෑනු ඇග පුපුරු ගහනකොට හත් දවසක් මගුල් නොකා හද පානෙම දාවිතා එක්ක ආව උගෙ අඹුව ගැබ්බරී වෙලා රාත්තිරියක වදන්ට තනනවා...
කෙටි හාමි බලන් ඉන්නවා ....දාවිතා වචනෙන් නොකිව්වත් හිත අස්සෙන් මොර දෙනවා...දෑහැ නොපෙනන ගුනාදරී දාවිතාගෙ ගෑනිගෙ තනි රකිනවා ....
අරකී හූ තියනවා
ඔහෑ.....
වැදුම් ගෙයක් නොවුන ගේ අස්සෙන් හිච්චෙක්ගෙ ඈඩියාවක් එක්ක දාවිතාගෙ ගෑනිගෙ බඩම සැහැල්ලු වෙලා යනවා ..
බලන්ඩ එපැයි..දාවිතාගෙ මූන....අප්පොච්චෙක් උන එකේ ආඩම්බරේ....කෙටි හාමි සතුටු කදුලු මැද සමන්දෙවි හාමුදුරුවන්ට අත්දෙක උස්සලා වදිනකොට දෑහැම නොපෙනෙන ගුනාදරී එලියට එනවා...
අප්පොච්චා.....
ඇස් දෙක නැති උනාට මොකටද ....ඒකිගෙ මූනෙ හිනාව පිරිලා...අම්මෙක් නොවුනත්...ඒකිගෙ පපුවෙ තියන ආදරේ.....
කෙටි හාමියි දාවිතයි බලන් ඉන්නවා...
සරමක්ද?? කම්බායක්ද කියලා ...
දෑහෑ නොපෙනුනත්....ගුනාදරීගෙ දෑහැම බබලනවා..
"අප්පොච්චා..සරමක්!!!!!"
......!!! දාවිතාට සරමක්....
එදා දාවිතාලගෙ මූනෙ තිබුන සතුට මං ඉපදුන දා තියෙන්න ඇති...හැබැයි දරුකැක්කුමට වඩා මොල්ලිගොඩ හාමුලාගෙ කෙල්ලො ගොඩට කොල්ලෙක් හම්බුන එකට වෙනකොට මං කරුමයක් වින්දා....මං කරුමයක් ගෙව්වා .....
මං දත් මිටි කාගන තරහව පිට දානකොට අත්තම්මලා තක්බීර් වෙලා බලන් උන්නා.
ශෙනෝන්...
මං වලව්වම හෙලවෙන්න කෑ ගැහුවා ....මට යන්න ඕනා උනා..මට මේ මගුල් ඔක්කොම දාලා යන්න ඕනා උනා...මගුල අවමගුලක් උනත් වෙයන් කියලා මට මේ ඔක්කොම දමලා ගහලා යන්න ඕනා උනා..
ස්...සුදු...පුතා...
කට...කට...එකෙක් හුම් කියන්නෙ නෑ..ආ....තොපි එකෙක් කටක් අරින් නෑ....බිනරිහ් ...කන ඇහුනද.....වරෙන් මෙහාට.....
මම කෑ ගැහුවා...මේ මහ පාන්දරම මට යකා ආවේස වෙනකොට නොදන්න දේකට අත ගහපු තවමත් නින්දෙන් උන්න බිනරි මගෙ ගාවට එනකොට රිදෙන බව දැන දැනම මගෙ ගොරහැඩි අතෙන් ඒ සිනිදු අත් ගොබේ මිරිකගන මං ඒකිව කුසිය මැදට තල්ලු කරලා ඇරියා...
.දෙයි හාමුදුරුවනේ සුදු මහත්තයා
සුදු මහත්තයා...සුදු මහත්තයා තමයි .....බිනරිගෙ අම්මෙ.....ඇත්තටම තමුන්ට මේ නාකි ගෑනි කියන හැම මගුලම අහන් ඉදලා කෙල්ලව පිට පිරිමි නිදියන් ඉන්න කාමරවලට තේ අදින්න යවනවද ආ.....??ඔය ඔලුව ඇතුලෙ මොලයක් කියන එකක් නැද්ද ආ.....විනීතා මැනිකේ...ආ....????
බිනරිහ්....ඔලුව උස්සපන්.....කිව්වනෙ උඹට මම...
අඩන්න හදන කෙල්ල මූන බිමට හරවන් ඉන්නකොට අත්තම්මා මීක් නොහා උන්නා වගේම මොල්ලිගොඩ හාමුදුරුවො කුසියට වැඩියා.....තවමත් නිදි පැදුරෙන් උන්න හාමුවට අගක් මුලක් නොතේරෙනකොට කුඩු වෙලා ගියපු කිරි කෝප්පෙ දිහා බලන් උගුර පැදුවා වගේම එක පැත්තකින් අල්ලන් උන්න සරම කැහැපට ගහපු මම කෙලිම්ම අත්තම්මගෙ මූන ගාවට ගිහින් හිට ගත්තා ...
මම කිව්වෙ නැද්ද උඹට ඌට උගෙ පාඩුවෙ ඉන්න දියන් කියලා ආ මැනිකෙ....මම කිව්වද නැද්ද...නැත්තන් මම කියපුවා උඹට තේරුනෙ නැද්ද.....ආ ලොකු මැනිකේ...?
සුදු මහත්තයා .....
මොකද අනිතා මැනිකෙ.....අමාරුද.....අහන් ඉන්න අමාරුද...මැනිකෙලාට අහන් ඉන්න අමාරු නම් කරන්න කලින් හිතන්න තිබ්බා. . ඌ පිට එකෙක්....ඌ හින්දා හොදයි..මගුල් කටේ ඉන්නකොට මොනවා උනත් දන්නෙ නෑ..වෙන එකෙක් උන්නානම්.....නයිටියක් පිටින් කාමරේට රිංගවලා තේපොවන්න හදනකොට මේකිව ඇදට දාගත්තා නම්....තොපි මොකද කරන්නෙ???ආ...එ උන්න එකා කසාද බැදපුඑකෙක් නම්....තොපි මොකද කරන්නෙ...මොකද මම මිනිස්සුන්ව කාලා බලලා ගේනවද...ආ??මම මෙහෙට පිරිමි එක්ක ආවෙ මෙහෙ උන්ව කර ගස්සවන්නද ආ???උත්තර දීපියව් මාව කෑ නොගස්සා..
සීයා තාත්තගෙ ඇස් දෙක ලොකු උනා...කට ගහන්න ආව අම්මා බිම බලනකොට වැරද්ද කරපු අත්තම්මා සීයා තාත්තා දිහා බැලුවා ....
නිතේශ් .... ගිරිය පුප්පන් වලව්ව හොලවන කාරනාව කිව්ව නම්....
දැනගනත් තව නොදන්නවා වගේ රගපාන සීයා තාත්තා හාමු මාන්නෙ එක්ක අත් දෙක බැදගන්නකොට මම ලෙහුන සරම ආයම දෙපට ගැහුවා වගේම ශෙනෝන් ඩියෝන් වගේම නින්දෙන් උන්න විතේන් පවා කුසියෙ බලන් උනා...වෙච්ච දෙයක අගක් මුලක් නොතේරෙන එයා ශෙනෝන්ව ඇද ඇද මොනවා හරි කියලා ආවෙසෙන් උන්න මා ගාවට එන්න හැදුවා විතයි මම බලපු බැල්මටමද කොහෙද එයා ආ පිට ඒ කකුල පස්සට ගත්තා ....
ගිරිය පුප්පන් වලව්ව හොලවන කාරනාව අඹුවගෙම්ම අහගත්තා නම් නරදක මොල්ලිගොඩ හාමු.....මහ මැනිකෙගෙ හපන් කම් ඔය උත්තමයොත් දැනගන්ඩ ඕනා....
නිතේශ් ....
ඇයි.....මොකද.....අඹුව කියනකොට අමාරුද...කිරි වීදුරුවක් දීලා පිට පිරිමි ඉන්න කාමර වලට යවන්නෙ මොන මොන දේවල් හිතේ තියන්ද කියන්න දන්නවා ඇතිනෙ....කුලවත් කාන්තාවොලු.....කුලවත් නම් නිදි ඇදුම් පිටින් යනවද ආ???බිනරි උත්තර දීපන් කන පුපුරන්න ගහන්න කලින්...
නිතේශ් ...ඔය කෙල්ලව අතෑරපන්....
ඇයි...මොකටද...උඹලම නේද කියන්නෙ මම මුන්ගෙ අයියා අයියා ගගා...ආ....අයියා නම් දැන ගන්න ඕනෙ මේකිලා වරත්තු වැඩ කරනකොට තලන්ඩ.....එකියෙක් මැරිලා දවස් කීයද...තුන් මහ ගෙවුන් නෑ මිනිහෙක් මදිවට මිනිස්සු දෙන්නෙක් එක්ක දීග කවන්න යනවා ...ඒ අස්සෙන් මගෙ කරට තව එකියෙක් පංගරාත්තු කරනවා හිතින් මනස් ගාත හිතන් වෙද්දු ගෙන්නලා නූල් දම්මනවා...ඒ අස්සෙන් මේකිව මේ පාන්දර අරූගෙ කාමරේට යවලා කිරි පොවන්න ...ආ යකො.....ගෑනු ලමිස්සියන්ට අම්මලා කරන වැඩද මෙව්ව...ආ....පිට පිරිමි ඉන්නකොට නිදි වස්තරේ පිටින් කාමරෙන් එලියට එන සිරිතක් තියනවද...ආ බිනරි කතා කරපිය...තොට මම අච්චු කරන්ඩ කලින් කතා කරපිය..
අනෙ...අනේ...සුදු...අයියෙ...අනේ...ගහ...න්න...එපා ..දෙයි...යනෙ....අත්...අතම්මා..නෙ...
අත්තම්මා...තොපෙ අත්තම්මට දෙක තුනක් වනා ගන්න බැරි වාඩුව තමා මේ....පල ගෙට...පල...ගිහින් ඇදුමක් දාපිය...හොලව හොලව යනවා තොපි මෙහෙමද හැදෙන්නෙ....නයිටිය තියෙන්නෙ කාමරේට මිසක්කා එලියට නෙවෙ කියන්න තොට අම්මා ඉගැන්නුවෙ නැද්ද....ආ බිනරි....??
දෙයියන්ගෙ නාමෙට ඔය කෙල්ලව මරන් නැතිව අතෑරපන් නිතේශ් ...
අතාරින්ඩ....අතාරින්ඩ..මේ...මේ...මේ....
අම්මෙ...මේහ්....ඔක්කොටම උල්පන්දන් දීලා මෙතන බොරුවට අඩන්ඩ තියා ගන්ඩ එපා හරි....මම මෙච්චර කල් සද්දෙ වහලා උන්නා හරි...දැන් ඉතින් ඒවා ඉවරයි ....අනික උඹලා ඔය කිරිවලට මොනවා කලවම් කරලද දන්නෙ නෑ...කොයිවෙලෙත් දේවාල ගානෙ අස්සෙ රිංගන් එක එකාට මිරිස් අඹර අඹර.....
දෙයියනේ නිතේශ් ...නවත්තපන් නිතේශ් ඔය ගොරනාඩුව....අම්මා..මෙ කොල්ලව නවත්තන්ට කො.....
බිනරිගෙ පිට පුරවලා දෙක තුනක් අතෑරපු මම ඒකිව තල්ලු කරලා අරිනකොට වැරද්දක් කරපු නිසා අත්තම්මා මීක් නොගා උන්නා . .අම්මා අප්පච්චිට බයෙ කට වහන් ඉන්නකොට ශෙනෝන්ලා ඉස්සරහා සීයා තාත්තගෙ සායම හේදිලා ගියා...
ශෙනෝන්....ගනින් බඩු ටික...ගෙදර යන්න ලැහැස්ති වෙයන්.....විතේන් ....ලෑස්ති උනා නම්....උඹලා අරකිට ඇද රෙදි ඔතලා හරි පෝරුවට නග්ගපල්ලා.....මොක ඇන්දත් වැඩක් නෑ..ඒක ඒකි කැමැත්තෙන් යන ගමනකුත් නෙවෙනෙ.....උඹලා ඕන එකක් කරගනිල්ලා..මෙහෙ උන්නොත් මට වෙන්නෙ ලේ පිච්චෙන එක...
මම අන දුන්නා....උන් හැමෝම කට ඇරන් බලන් ඉන්නකොට හිත්ස්කින් නෙවෙ උනත් මගුලට යන්නෙ වෙන වින්නැහියෙන් පස්සෙ මිනිස්සු ඒකිගෙ මූනට "මගුලක් කරගන්නවත් පින නෑ මූසලීට "කියලා කියන කතා හන්න බයේ උන්න පොඩී යටසායයි හැට්ටෙයි පිටිම්ම කුසියෙ මුල්ලක ඉදගන්නකොට මගෙ විතේන්මගෙ තරහව පාලනේ කරන්න හැදුවා ...
නිතේශ් ....මේ අහන්නකො
විතේන්...මන් හිතන්නෙ මං කිව්වෙ තේරෙන සිංහලෙන් මිසක් අන්ඩර දෙමලෙන් නෙවෙනේ...තමුන්ට පුලුවන් ගිහින් ඇදුමක් දාන් ලැහැස්ති වෙන්න....
මේ මිනිස්සුන්ගෙ නූගත් කම් වලට ඒ කෙල්ලට විදවන්න දෙන්න එපා නිතේශ්
එතකොට තමුසෙ කියන්නෙ ඕයි නූගත් නූගත් කියලා තමුසෙ නිදියන් ඉද්දි කාමරේට කිරි උස්සන් එන එකීවත් කර ගස්සවනකන් කට පියන් ඉන්න කියලද ආ විතේන් .....උත්තර දෙනවා ....තමුසෙ මට කියන්නෙ ඔක්කොම කරනකන් කට පියන් ඉන්න කියලද ...මං තමුසෙව මෙහෙ ගෙනාවෙ ගෑනු ජෝඩු කරන්නද....ආ..හ්???
මම විතේන්ට කෑ ගැහුවා...වැරද්ද කෙරුවෙ එයා නෙවෙ උනත් මම විතේන්ට කෑ ගැහුවා වගේම පොඩීගෙ අම්මලා යන්න එපා ගගා වැද වැටුනා...මූන දෙන්න බැරි වෙයි ගග වැද වැටුනා....
අනේ..සුදු මහත්තයා උඹ ගියෝතින් මේකිට යන කලදසාව මොකක්ද...
ඇයි...ඒකිට මොනවා වෙන්නද ...හැබැයි මගුල නැවතුනොත් ඒකි ඔයිට වඩා හොදින් ජීවත් වෙයි....මිනිස්සු දෙන්නෙක් එක්ක දීග කනවට වඩා ගෙදරට නාකි වෙනවා නම්බුයි බොලව්....
මගෙ ඇගේ එල්ලිලා මට යන්න එපා කියපු සුනීතා ලොකු අම්මව මම පැත්තකට කෙරුවා...කුඩු වෙච්ච මග් එකෙන් ඉහිරුන කිරි කෝපි ඇල් වෙලා තියන කොට අත්තම්මා හුස්ම අල්ලන්නත් අමතක වෙලා උන්නා...මොකද උන්දගෙ වැඩෙ වැරෙදෙයි කියලා හිතුවත් නැති උනත් මෙහෙම වෙයි කියලා හීනෙකින් වත් නොහිතපු කොට මගුල නවතීයි කියලා බයෙ ගැහෙනකොට මගෙ විතේන් පොඩී ගාවට ගිහින් වකුටු වෙලා ඉන්න ඒකිව අත් දෙකෙන් අල්ලල හිට ගස්සවලා බිනරිගෙ අම්මා දිහා වගේම අත්තම්ම දිහා බැලුවා.....මිස්ටර් නිතේශ් කෙසේ වෙතත් දිසානායක හාමුගෙ මැනිකෙ පට්ටම ගහපු විතේන් පොඩීව එක අතකින් අල්ලන් අත්තම්ම දිහා රවාගන උන්නා....
ඔය වලවේ මැනිකෙලාට මම මේ කියන අවසාන වතාව....මං මේ වලව්වට පය ගැහුවෙ උදව් කරන්න බලන් මිසක් මේවලින් මගුල් තුලා කතා කරන්ඩ නෙවෙ විත්තිය ඔය කවුරුත් බොහෝම හොදින් මතක් කර ගත්තොතින් හොදයි...අනික බිනරිගෙ අම්මෙ....විනීතා මැනිකේ...තමුන්ගෙ දුවව නිදි පැදුරෙන් මං ගාවට එව්ව කාරනාව මොක උනත්..මගෙ හොද කමට ඒකි ඒ විදිහටම එලියට ගියා මම සල්ලාලයෙක් උනා නම් මට විනාඩියකුත් ඇති ඒකිව ගෑනියෙක් කරලා අතෑරලා යන්ඩ..අනික මම කසාද බැදපු මිනිහෙක්...තමුන්ලා පන්නන්නෙ වලව් පට්ටම් පස්සෙ නම්....ඒවා මේ විතේන්ගෙන් නම් හොයන්න බැරි වෙයි.....ඒක හොදට මතක තියා ගන්ඩ ඕනා...අනිත් එක මොල්ලිගොඩ හාමු මහත්තයා ....මහ මැනිකෙ කරන හැම එකටම උල්පන්දම් දෙන්න හැදුවොත්....තමුන්ට වලව්වත් හාමු පට්ටමත් දෙකම නැති වෙයි....
මං අහන් උන්නා එක අතකින් පොඩීව අල්ලන් උන්න මගෙ මැනිකෙ මොල්ලිගොඩලාට දෙස් තියනකොට මම බලන් උන්නා. ...පොඩිගෙ මූනට උලපු වත්සුන හෝදන් කදුලු වැටෙනකොට මට තවත් ඒකිට දුකක් දෙන්න බැරි කමට මෙල්ල උනා මිසක නැති නම් මේ ඔක්කොම දමලා ගහලා යන්න යනවා.....
මැනිකෙලා ටික මීයට පිම්බා වගේ උනා...අම්මගෙ වෙලාවෙ හොදට කමට අම්මා මේ නඩුවට මැදිහත් වෙලා නැතින්හින්දා අප්පච්චිගෙ ගුටි මුරෙන් බේරුනත් වෙච්ච ලැජ්ජාව එක්ක සීයා තාත්තව පරල වේගන එනකොට අත්තම්මට විත්ති කූඩුවට නගින්න වලව්වෙ හාමුදුරුවො සිතාසි එවනකොට මම ගස්සගන එතනින් යන්න ගියා...
පලිගු මැනිකෙ ...
මහත්තයා...
කාමරේට ආවා නම්.....මට තමුන් එක්ක නඩුවක් විභාග කරන්න තියනවා...ආවට ගියාට වැඩ කරලා මම මෙතන අනුන්ගෙන් බැනුම් අහන්ඩ ඕනෙ ගෑනු දැනගනඩ ඕනා කරන දෙයක් මිනිහට කියලා කරන්ඩ....
නිතේශ් ...මෙන්න මේ කලර් එක දාමුනේ....
මහා කුනාටුවකට පස්සෙ මගෙ මැනිකෙගෙ යාතිකාවලට මෙල්ල වෙලා යන්න හදපු මම නැවතිලා උන්නා....
සුදු මහත්තයා ....
ම්ම්ම්...
තරහ ගන්න එපා තේශි....
කරන්න බැරි වැඩ කරන්න කියන්න එපා මගෙ මැනිකේ....
ඕන කරන දේවල් ගන්න එහා මෙහා වෙවි ඉන්න මගෙ පස්ස පාරෙ එන විතේන් සැරින් සැරේටම මට තරහා ගන්න එපා කිය කිය හොරෙ රහස් මුමුනනකොට මම එයාට අනිත් පාර හොදින් කතා කෙරුවා...
පොඩි ඇස්දෙක පියා ගන්න.....
වෙලාව දශමෙන් දශමෙ ගෙවිලා යනකොට මල් කුමාරියන්ට වගේම යාලු මනමාලියන්ට නිතේශ් වගේම ඩියෝන් අන්දලා තිබුනා..මගෙන් ගුටි කෑව බිනරි බයවෙලා වගෙ ඉන්නකොට මම ඒකිගෙ හිත හදනාවත් වචනයක් නොකියපුකොට ඒකටත් මගෙ මැනිකෙ පරල වෙලා උන්නා.....
තේශි පව් තේශී....ඔහොම කරන්න එපා සුදු අප්පො....ඒකි නිදි
පැදුරෙන් ...අනික ඒකිගෙ තුන් හිතකවත් එහෙම දෙයක් තියනවා නම් ඒ බැල්මකින් වත් පේනවනෙ.....
එයා මගෙ තරහව නිවන්න හදනවා.....එයා ගතු කියනවා....ඒ උනාට එතන විතේන් වෙනුවට වෙන එකෙක් උන්නා නම්...ගෙට ගන්න උන්වම මම කාලා බලලා ගන්නවද.....දෙමව්පියන්ගෙ නූගත් කම්වලට යට වෙලා අවසානෙදි උන්ව විනාස කරලා යන්න ගියෝතින්....මොනවා කියලා කරන්නද.....බිනරි උනත් දැනගන්න ඕනා....
මම එයා දිහා බලනකොට එයා මට ඇස්වලින් බිනරිව පෙන්නුවා ....ඒකි මා දිහා බලලා බයෙන් වගේ හිනා උනා...

පව්...ඒකිව ඩියෝනයා ලස්සනට අන්දවලා...
ලොකු අම්මෙ.....පොඩීග නලල් පට තියන්න එන්න ...
මම ආයමත් පොඩීගෙ මුනට පහත් වෙලා වත්සුනු තැවැරුවා වගෙම ඒ ඇස් දෙක මේ වෙනකන් කැරකුනේම මගෙ පස්සෙන් වෙනකොට මම ඒ මූන ගාවට මගෙ මූන ලන්කරන වාරයක් ගානෙම මම බය උනා....පෙර පවක් පඩිසන් දෙන්න හරි හිතට වාවගන්න බැරි තැන ඉදුල් නොවුන දෙතොල් මං ලව්වා අහම්බෙන්කින් හරි ඉදුල් කරවගනී කියලා ....
මට තේරෙන්නෙ නෑ...මං ඒකිගෙ හිත කොච්චර නම් හදන්න හැදුවා උනත්...ඒකි මාව අතාරින්න කැමතිත් නෑ....දීග නොයා දීග යන වැඩක් ඒකි කරන්නෙ....ඒකි අහනවා මට ඒකිව මග ඇරුනෙ කොහොමද කියලා ....ඉතින් දෙයියනෙ එලිසබෙත් මහ රැජින ගාව උනත් නවතින් නැති හිත් තියනවා හිගන පැලක හදවතක් ගාව නවතින.....
මම පොඩීගෙ පිටි පස්සෙන් ඉදන් කොන්ඩගෙඩියට මල් ගහලා ඔලුව ඉරයි හදයි තියන කොන්ඩා කටු දෙක ඇමිනුවා.....ඒකිගෙඇස් මං පස්සෙ පන්නනවා...මම ඒ තොල්වලට සායම් උලනකොට .....ඇස්වල අදුන් ගානකොට ....කොටිම්ම ඒකිගෙ අරුන්ගල් පලදන්නවත් මට ඒකි නිදහසක් දුන්නෙ නෑ...ඒකි මාව දකින අවසානම දවස අද වගේ බලාගන උන්නා,වගේම ලොකු අම්මා තැල්ල තියන්න ආවා...
ස්..සුදූ..
ම්ම්ම්
පුලුවන්ද .....ඔයාටම...මේක තියන්න....
ඒකි මගෙන් තැල්ල තියන්න පුලුවන්ද අහනකොට මට ඉබේටම මගෙ විතේන් දිහා බැලුනා වගේම මොන ගින්දරක් උහුඅන් උන්නත් අප්පච්චිගෙන් පස්සෙ මාව තේරුම් ගත්තු එකම කෙනෙක් උන්නා නම්...ඒ මගෙ මැනිකෙම විතරක් වෙනකොට එය ඇස් වලින් මට අවසර දුන්නා වගේම අම්මා උන විනීතා මැනිකෙ පැත්තක ඉන්නකොට ඒකිගෙ නොලැබුන ආදරේ උන මම රතිඥ්ඥා පුපුරන සද්දෙ එක්ක ඒකිට තැල්ල තියනකොට ඒ ඇස්වලින් කදුලු කැට හෝ ගාලා පහලට කඩන් වැටුනා....

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අර නුඹ අහසේ...
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ...

මාල හතක් දාලා මගෙ අතින් හැඩ උන පොඩී දිහාඅන් බලන් උන්නා...ඒකිගෙ ඇස්වල මනමාලියෙක් ගෙ ඇස්වල තියන සතුටෙන් එකම අංශුමාත්රයක් වත් තිබුන් නැති වෙනකොට මිනිස්සුන්ව රවට්ටන්න මූනට හිනාවක් ගත්තා .....ඒකි ඉල්ලපු විදිහටම මම කෙල්ලව ලස්සන කෙරුවා...මං පස්සෙ වැටුන...ඒකි අදින් පස්සෙ නිලමෙලා දෙන්නෙක්ගෙ අඹුව වෙනකොට මට ඉබේටම හුස්මක් පිට උනා....

වල්ව්වෙ වත්ත පුරාවටම ස්ටූඩියෝ එකෙන් ආව කොල්ලන්ගෙන් පිරෙනකොට මගෙම අතින් හැඩ උන පොඩී මගෙ මූන දිහා බලාගන මාව පුච්චලා අලු කරන පුලුවන් මහ වේදනාත්මක හිනාවක් දුන්නා.....
මගෙ....සුදු.....අවසානම ...පාරට අහන්නෙ.....උඹට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවද සුදූ...
ආයම පරන ප්‍රශ්නෙ....එහෙන් විතේන් මෙහෙන් පොඩී...ඊයෙ රෑ අහපු ප්‍රශ්නෙම මං මග ඇරියත් අවසානම මොහොතෙදි ආයම ඒ ප්රඅහ්නෙ මගෙන් අහනකොට එකි උත්තරයක් නැතිව මෙතින් යන්නෙ නෑ කියන්න මගෙ මුන දිහා..මගෙ ඇස් දෙක දිහා බලන් උන්නා....
ඔව්....මම ආදරේ කරනවා.....හැබැයි...කොච්චරක්ද කියලා අහලා...උඹගෙ හිත රිදවගන්නත්.....මගෙ ආදරේ තරම ලන්සු කරන්න හදන්නවත් එපා පොඩි...උඹ එයා එක්ක උඹව සසදන්නත් එපා...මොකද....උඹ ගාව තියන දේ එයාට ගන්නත් බෑ.....එයා ගාව තියන දේ උඹට ගන්නත් බෑ...මම හැමදාමත්...උඹගෙ අයියා පොඩි.....
ස්...සතුටින්.....ඉදපන්....මගෙ...සුදු අයියෙ...ඉන්න...තැනක..සතුටින් ඉදින්....

හිතට හොරා මං
ඔබේ වෙලා දැන්
ලොවට හොරාවෙන්
පෙම් කරන්නම්.....
පොඩී යන්න ගියා.....ඒකිව එක එක අතට හරවලා උන් ඵෝටෝ ගනීවි...හිනා වෙන්න කියනකොට හිනාවේවි... එහෙ බලන්න කියනකොට එහෙ බලාවි....මෙහෙ බලන්න කියනකොට මෙහෙ බලාවි ගල් අල්ලපු ඔසරියෙ හැට්ට කරෙන් එලියට පේන පිරුන පපුව එක්ක ඒකිව හැඩට පෙනේවි.....ඒ උනත්.....හැට්ට කරෙන් එලියට පනින පපුවෙන් කවුරුත් නොදැකපු වේදනාවක් ගින්නක් මම දැක්කා උනත්..ඒ ගින්න නිවන්න මට බැරි බව දැන දැනම පැත්තකට උනා.....
කෝ....අයිචෝ.....යිචෝ...හ්..මේ ඔලුවට මොනාද අත්තමෙ ඇතිල්ලුවෙ...
කොල්ලො.....මෙ ..අන්දවනවා නම් කට පියන් අන්දවපන්....කන්දොස්කිරියාව මදිවට නෑ කමුත් කියනවා
ආ....මේ.....ඔයා කියන්නෙ මං ලව්වා මැනිකෙ කියවගන්නද...අනේ නිකන් ඉදප්න් අත්තම්මෙ....ඇයි ඒයි මෙ ඔලුවට කරෝලා තෙල් උලන්නෙ.....
ම්හුක්....සෙනෝන්...ඔය ස්ප්‍රේ එක දෙන්න ඒයි...මෙන්න මේ අම්මන්ඩිට කිව්වට අහන් නෑනෙ.....
යෝ....අත් දෙක උස්සපල්ලකො අත්තම්මෙ....පිට්ටු බම්බුවක් වගේ ඉදන්...ඊට හපන් අනේ මේ චුච්චිවල ලොකු..මේවා හැට්ටෙ අස්සට ඔබන්නත් බෑ.....වැල වගේ එල්ලෙනවා...අගස්ති මාල දාහක් දැම්මත් වැඩක් නෑ.....කෝ....මේ ලිප්සිටික් එක උලන්න ඔය ලොබු කට වහගනින්කො ඒයි...යෝ....මට වැඩ තියනව අත්තම්මෙ...
..කොල්ලා....මට ඕන මගුලක් නෑ ඉක්මන් කොරලා මාව අන්දපිය
.අන්දපිය අන්දපිය කියන්නෙමේ ළමයා ඔයැයිව ගොනාට නෙවෙනෙ අන්දවන්නෙ...
ඌහ්.....තෝ මගෙ ඇසුත් පොට්ට කරනවා...
ඇස් පොට්ට කරනවා කියන්නෙ...ඉතින් අත්තම්මෙ ඇහැ වහපියකො ඒයි....කොච්චර කැත උනත් අපි ලස්සනට අන්දන්න එපැයි...නැති නම් මගෙ නිතේස්ගෙ නමනෙ කැත වෙන්නෙ...තොට නම් මොකද ඉතින් නේද්ස් නිතේස්....යෝ...දත් ඇන්ද ඇතුලට ගනින්කෝ.....ඇත්තමයි...මට එන කේන්තියට අනිනමයි හිතෙන්නෙ දෙකක් තුනක්...මගෙ දෝනියට මොනව වෙලාද මන්දා....ඒලමයව බලන්නත් ඕනේ මෙහෙන් මේ නාකි අම්මන්ඩි බබා වෙන්න හදනවා...කෝ මේක ගාන්න කට උල්.කරපල්ලකො.....හ්
මම අහන් උන්නා...අත්තම්මගෙ මූන තනිකරම සතපහක් වෙලා ..අරූ රටේ නැති හරුප කියනවා ඒත් මට නෙවෙ ඒකව නවත්තන්න ඕනා උනේ...මම අනිත් උන්ව ඇන්දෙව්වා .....අම්මව...ලොකු අම්මව...මේ හැමෝවම අන්දවනකනුත් ගඩාපි පැටියා තරහවක් පිරිමහන්න වගේ අත්තම්මව හමගැහුවා...
අවසානෙදි ඉර එලිය බිම තෙමනකොට මම එයා එක්ක නාගන්න ගියා....මගුල් තුලාවෙ සිහියෙන් උන්න කාටවත්ම අපි ගැන ගානක් නොවුන වගේම මගෙන් අහපු බැනුම් කදේ හැටියට අම්මගෙ කට පවා වැහිලා ගිහින් තිබුනා...
මගෙ විතේන් ....
එයා නානවා...මං ඉස්සරහම....ඒත්...වචනයක් වත් කතා නොකරම....එයා හිනා උනා ලාවට වගේ...මම නාන්ඩ එනවා එක්කම එයා වතුර මල යටුන් අහකට වෙලා තුවය ඇග පටලවන් ඉක්මන් අඩි තියල කාමරේට ගියා වගේම මම වැවුන රැවුල් කොට ටික ඉක්මනට සූරගන ඇතුලට ගියා....
විතේන් ...
එයා නෙවෙ උත්තර බදින්නෙ...එයා මීක් නොගා අදිනවා....

මං එයා දිහා බලන් උන්නා ...අඹපු රූපයක් වගේ....කියන්න කිසිම අඩුවක් නැති මගෙ විතේන් තනිකරම සුරදූතයෙක් හා සමාන උනා...අසම සම රූපෙ කියන්න අඩුවක් නැතිවෙනකොට මං හිමින් හිමින් මගෙ ඇදුම් අදින්න ගත්තා ...
එයාම තෝරපු ඇදුමට එයාම ඇවිත් බෝ එක ගැහුවා ...ඒත් කතාවත් කෙරුවෙ නෑ...

අඩන්න ඉන්න ඇහැට ඇයි මං ඇගිල්ලෙන් අනින්නෙ.....වේදනාව දැනුන තැන රිදව රිදව හේතු අහනවට වඩා ඇවිලෙන ගින්න නිවුනම මං එයාගෙම්ම ඒක අහන්න බලන් උන්නා...
මං ඇදගන මගෙ දිහා බැලුවා හැබැයි පේන අඩුපාඩු වැහුවෙ නෑ...ඒ ටික අයිති මගෙ මැනිකෙට....මං අඩුපාඩු පිටිම්ම මගෙ මේසෙ ඉදගන ලියුමක් ලියන්න කඩදහියක් ගත්තා ....
දයාබර පොඩි නංගිට....
නිකිනි....ජීවිතේට හරි හමන් පිරිමියෙක් හම්බවෙන්න ඕනා...ආදරේ කියලා උඹට දැනෙන්න දෙන්න.....
හරි හමන් පිරිමියෙක් කියන්නෙ...ඩ්ගැඩි පවුවක්...ඝණ රැවුලක්....කඩවසම් කමක්....විතරක් නෙවෙයි....හරි හමන් පිරිමියෙක් කියන්නෙ"ආදරනීයම" චරිතෙකට..
ආදරේ කියන්නෙ...කටට එන පලියට මං උඹට ආදරෙයි කියන එකවත් ....ආවට ගියාට බුදියන එකවත් නෙවෙයි....ආදරේ කියන්නෙම....අර ආදරනීයම පිරිමියා ගාව තියන සුරක්ශාවට ....
මන් උඹට ආදරෙයි....මට උඹගෙ හිත රවටන්න පුලුවන් වචන වලින්....ඒත් ටික කාලයයි...මොකද මං කිව්වෙ වචන විතරයි හැගීම් නැතිව....
මේ ලෝකෙ...තවත් සිදුහතෙක් යශෝදරාවක් ඉන්න බැරි වේවි...ඒත්.....සිදුහත් පරපුරෙ පිරිමි අතලොස්සක් හරි ඇති හැංගුන යශෝදරලා වෙනුවෙන්....
මේ ලෝකෙ කෝවලන්ලා කන්නගීලා මාධවීලා අනන්තවත් ඇති...ඒත්....හම්බෙන මිනිහා කෝවලන් කෙනෙක් උනත් ඉවසපන්...පතිවත වෙනුවෙන්...එපා තව මිනිහෙක්ගෙන් මග ඇරුන සෙනෙහස හොයන්න යන්න....එතකොට උඹටත් නොදැනිම උඹත් මාධවී කෙනෙක් වේවි.....
ආදරේ කියන්නෙ..කටින් කියනවට වඩා හදවතට දැනෙන්න දෙන එකට....
මේ ලෝකෙ ආදරේ කියන්නෙ මොකක්ද කියන එක හරියටම දැනගන හුස්මගන්න මිනිස්සු ඉන්නෙ අතෙ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් නිකිනි...
සතුටු වෙයන්...ඒ අතේ ඇගිලි ගාන අස්සෙ සුදු අයියා වෙච්ච මාත්....ජීවිතේ තැලිලා තැලිලා ඉන්න වෙලාවක පූරුවෙ කරපු.අංශුමාත්රෙක පිනකට මට ආදරෙ හම්බුනා....ජීවිතේ හම්බුනා...
ජීවිතේ කියන්නෙම පොතක් නිකිනි.....
ඊලග පිටුවෙ වෙනදෙ දන්නෙ නැති ....උනත්....ඊලග පිටුව කියවන්න තියන ආසාවට කියව කියව ඉන්න පිටුව අතෑරලා යන්න හිතන්නවත් එපා...
එක තැනකදි එක පිටුවක් මගෑරියොත්...කතාවෙ රසේ නැතිවෙනවා ...හැගීම් මැරිලා යනවා...උඹ අතර මග නවතිනවා ...උඹට අවසානම පිටුවට යන්න පාර මතක නැතිවෙනවා...මතක තිබුනා උනත් ...කතාව ඉවර වෙන්නත් කලියෙන් උඹ මැරිලා ඉදීවි....පොතේ තියන අකුරක් නෑරම කියවලා....
දුක...සතුට...වේදනාව....තරහව ....ඉවසීමමේ ඔක්කොම විදපන්...උහුලන්න අමාරු තැනකදි...කතාව මගින් නතර නොකර පොතවහන්නෙ නැතිවම ආයම වරෙන්....හැබැයි කන්නගි කෙනෙක් විදිහට ....කන්නගීලාට යසෝදරාලට විතරයි මගින් වහන් නැතිව පොතක් තනියම හරි කියවලා ඉවර කරන්න පුලුවන් උනෙ...
නිකිනි....
ආදරේ ගැන අකුරු කරන්න මං දන්නෙ නෑ...මොකද...මාත් තවම ඉගන ගන්නවා ...
ජීවිතේට එන අය ඉන්නවා...ඇවිල්ලා යන අය ඉන්නවා ...ඒ අතර නවතින්න බලාගනම එන අය ඉන්නවා ....ඉවසපන්...හොදම දවස් එන්නෙ ඉස්සරහට ....ජීවිතේට ඉඩ දීපන්.....ගැහැනියක් වෙනකොට දරාගනින්...අම්මෙක් වෙනකොට උහුලපන්....වැදෑ මහ කැපුව දා පටන්..කනට දාන කරාබුවෙ ඉදන්...ඇස් දෙක පියවෙනකම්ම උඹලා කරන්නෙ උහුලන එක.....යශෝදරා පරපුරෙ ගෑනු හරි අඩුයි මැනිකෙ....පුලුවන් නම්...උත්සහ කරපන් එයින් එකක් වෙන්න....
මං උඹවෙනුවෙන් ආදරනීයම ජීවිතයක් ප්‍රාර්තනා කරනවා ...
ඉතින් හිතපන්..උඹට ඕනෙ වචනෙන් කියන ආදරයක්ද....හදවතට දැනෙන්න ඕනෙ ආදරයක්ද කියලා ...ඔය දෙකෙන් උඹ ඇත්තම ආදරේ ඔය දෙන්නගෙන් කාගෙන් හොයා ගත්තා උනත්...අන්න එදාට පුලුවන් සැනසිමෙන් ඒ පපුවට ගුලිවෙලා සැහැල්ලුවෙන් ඇස් පියාගන ඒ හුස්මත් එක්ක හුස්ම ගන්න...
මොකද එතන තියෙන්නෙ සුරක්ශාව විතරමයි.....
මම උඹෙ සුදු අයියා....
මිසක්...
කවදාවත් නොදීපු ආදරෙක අයිතිකාරයා නෙවෙ....
පෑන් තුඩ අවසානෙදි මග නැවතුනා .....
ලා රෝස පාට පිටුව උඩට කදුලු බින්දුවක් වැටුනා...හැබැයි ඒ මගෙ නෙවෙ ....
මං එහෙම්ම ඔලුව උස්සලා බැලුවා ...
සුදු...මහත්තයා ...
ඇයි මැනෙකෙ මේ..
මං හිට ගත්තා එයා එක පාරම මගෙ පපුවට හේත්තු උනා...
විතේන් ....ඇයි මේ...
තේශී....
.....
කවදාවත් මාව අතාරින්න එපා සුදු අප්පො...
උඹ ආවෙ මගින් නවතින්න නෙවෙ නම්...මම මේ අත ඇල්ලුවෙත් මගින් අතාරින්න නෙවේනම්...ඇයි මේ ඇස්වල ඔය හැටි කදුලු...නාඩා ඉදින් මගෙ මැනිකෙ..අන් ඉන්නවනෙ උඹ ගාව..
තේශී ..
එයා අඩනවා ...ඒ හිතට හුගාක් දේවල් දැනෙන්න,ඇති....ඒ හිත හුගාක් දේවලින් තැලෙන්න ඇති...
පිඩී බදිනවා .....මාල හතක්...කරදාලා.....පෝරුවක නැගලා....රන්.කෙදිවලින් ඇගිලි බැදලා.....ඒකි බදිනවා ...
ඉතින් මගෙ පනටත් ඕනෙද...
ඒකි ටික කාලෙකුන් අම්මෙක් වේවි....එතන නෙවෙද තේශී සම්පූරන...
එයා අහන්න හදන දේ මට දැනෙනවා ....මං ඒ ඇස්වල කදුලු කැට මගෙ ඇගිලි තුඩුවලින් පිහ දැම්මා...
දිසානයක මැනිකෙ....
මං එයාට මගෙ නමින් කතා කෙරුවා ...ඒ මූනෙ ලාවට වගෙ හිනා මලක් පිපුනා ..
පුලුවන්ද උඹට එක තත්පරේකට ගුනාදරී වෙලා මේ පපුවට තුරුල් වෙන්න....අහපන් මගෙ මැනිකේ..මේ හිත මොනවද කියන්නෙ කියලා ...ඒ හිත උඹට කියයි...උඹෙ සුදු මහත්තයා උඹට කොයි තරම් ආදරෙයිද කියලා ....
මගෙ විතේන් ...උඹ කියන්නෙම මට අතාරින්නම බැරි බැදීමක්.....උඹයි මට ඉගැන්නුවෙ....උඹයි මට හුස්ම දුන්නෙ....මේ ලෝකෙ කව්ද මැනෙකෙ සර්ව සම්පූරන ....ආදරේ ලස්සනයි....තේරුම් ගන්න හිතක් එක්ක ඉපදුමු මිනිස්සු හම්බුනාම....මේ ලෝකෙ හැමෝටම ඕනෙ ඒවගෙ ආදරයක් ....ඉතින්...මට හම්බ උනෙ ඒ වගේ ආදරයක්....ඉතින්...මට පුලුවන්ද උඹ නැති හෙටක් ගැන විහිලුවට වත් හිතන්න.....
පුලුවන් නම්...ගුනාදරී වෙයන් මගෙ මැනිකේ....ඇස් දෙකෙන් නොදැක...හදවතින් දකින්න.....එතකොට උඹට දැනේවි සුදු අප්පො උඹට ආදරේ තරම කොයිතරම් ද කියල තේරුම් ගන්න...
සුදු අප්පො නිමල්ට ආදරේ නොවුනා නම්....බත් පිඩ උගුරෙ හිරවෙනකොට "අදත් නිමල බඩගින්නෙද" කියලා කවදාවත් නොහිතෙන්න ගියා...එහෙමනේද මගෙ සුදු අප්පො....
එයා මගෙන් අහනවා සුදු අප්පොට බත් පිඩ හිරවෙනකොට නිමල්ව මතක් නොවුනා නම් කියලා ....
නාඩා ඉදින්.....මේ ඇස් අඩන්න නෙවෙ හිනා වෙන්නයි ඕනෙ ....තේරුනාද ...
ම්ම්ම්.....
මං එයාගෙ තෙත කම්මුල් පිහිදනකොට එයා වෙනුවෙන් ඉතිරි කරපු ඇදුමෙ අඩුපාඩු ටික එයාම හදන කොට මං එයා දිහා ආදරෙන් බලන් උන්න...
මගෙ සුදු මහත්තයා ....උඹ හරි ලස්සනයි...මටම ලෝභයි...
ඉතින් මං උඹේනෙ .....
මං එයා එක්ක කාමරෙන් එලියට එනකොට අත්තම්ම සුදූට මල් දාපු වතුර වීදුරුව අතගස්සවලා මගුල් මන්ඩපේට එක්කන් යන්න හදනකොට රබන් ගහන උන්දැලා රබන් ගහන්නයි....රතින්ඥා වැල් පුපුරන්නයි ගන්නකොට නොගිහි බැරි කමට යන මගුලට අපි හතර දෙනාම ගියා...
රන්දෙනිගල වලව්වෙ ඇත්තො.....මුතුගල වලව්වෙ ඇත්තො....මොල්ලිගොඩ පරම්පරාව ...එතන හාමුලා වලව් කාරයො ගොඩයි...මැනිකෙලා නිලමෙලා ගොඩයි....
මොල්ලිගොඩ හාමුදුරුවනෙ වෙලාව හරි...
සීයා තාත්තගෙ කනට කොදුරපු අශ්ටක කියන උන්දෑ කඩිමුඩියෙ දුවනකොට පොඩීව මගුල් මන්ඩපේට ඇරලනකොට නිලමෙලා දෙන්නගෙන් එකෙක් පෝරුවෙ උන්නා.....මල්ලි පෝරුවෙ උන්න එකා මලයා උනත්.....අයියන්ඩිත් ගැනිව අයිතියි කියන එක අපි දැනගන උන්නා.....
ඒකිගෙ ඇස් වල හැගීම් මැරිලා තියෙනකොට එක ගෙයි කන්ඩ ආව රන්දෙනිගල හාමුලා දෙන්ගෙන් එකෙක් ඒකි ගාව ඉන්නකොට අශ්ටක කියන්න.....ජයමංගල ගාඨා කියන්න පටන් ගන්නකොට මම බලන් උන්නා....

ජය මංගල ගාතා කියනකොට මගෙ ඇස්වලින් මටත් නොදැනිම සහෝදර කමට උනුවෙච්ච හැගීම් එලියට පැන්නා.....ඒකි අදින් පස්සෙ අපේ නෙවෙ කියන එක හිතට වද දෙනකොට බීපු කිරිවල ණය ගෙවන්න සුදු රෙදි කච්චි හතක් අම්මගෙ ඔලුවෙ තියනකොට ඉනවට සුදු පිරුවට බදිනකොට.....රන්කෙන්දෙන් අතැගිලි බැදිලා පැන් වැක්කෙරෙනකොට මම ඒකි දැරනියගලවලව්වට සින්නක්කර වෙලා ගියා කියන හැගීම....පපුවට එනකොට මම අයියෙක් විදිහට හරියට අසරන උනා....
මට දුකයි විතේන් ....
අනේ සුදු අප්පො...
මොන දේ උනත්....ඒ මගෙ නංගිනෙ...
මං නොදන්නවා නෙවෙ සුදු මහත්තයා ....
ඒකිව උන් අරන් යනවා ...
දෑකැති පාර වැදුන පොල්ගෙඩිය දෙකඩ වෙලා යනකොට දැරනියගල හාමුලාගෙ මැනිකෙලාගෙ මූනවල්....මොල්ලිගොඩලාගෙ මුනවල් සතුටුන් බබලනකොට මම ඔහේ උන්නා...
ඒකි එක ගෙයි කන්න යනවා....

ඔන්න බොලං එක
ගෙයි කන්න හිතන්
ලස්සන පින්න මලක්
ගෙදරට ඒක්ක ඇවිත්...
ගෙයි පිලිකන්නෙ ඉදන්
මං ගෙට එන්න කලින්
අයියන්ඩිගෙ තෝනම
මුව අංකොක්කෙ ලැගන්.....
ඒකි මගෙ ගාවට වැන්දා....මම ඒ උරහිස් වලින් අල්ලලා ඒකිව නැකිට්ටෙව්වා වගේම ඒකි අඩන්න හදනකොට මම අඩන්න එපා කිව්වා...
මගෙ නංගිව හොදින් බලා ගන්න....
මම එච්චරයි කිව්වෙ...එලියට එන්න ආවා වගේම මං බලාගන අත්තම්මා මොන මොනවදෝ රන්දෙනිගල මැනිකෙ එක්ක මාව පෙන්න පෙන්න කියෙව්වා වගේම මම ඒවත් ගනන් නොගෙන එන්න ආවා.....
වෙඩින් හෝල් එක ඇතුලෙ හැමෝගෙම සතුටු හිනාව උතුරනකොට පොඩී විතරක් ඇල්මැරිලා උන්නා...මගෙ විතේන් පාන්දර නඩු විසදලා මහන්සියටද කොහෙද කන ගමන් උන්නා...පව් මගෙ අහිංසකයට බඩගිනි ඇති ගොඩක්....
මම අත් දෙක පිටිපස්සට කරන් ඔහේ වලන් උන්නා...බඩගින්නක් වත් නොදැනෙනකොට මම ඔහේ කාලෙ ගෙව්වා වගේම මගෙ පිටිපස්සෙන් අඩි සපත්තු සද්දයක් ඇහුනා වගේම මගෙ කන් දෙක පොඩ්ඩක් පිටිපස්සට නැවුනා...
නිතේශ් ...
මගෙ කන් දෙක රත් වෙලා ගිහින් මූනටම ලේ පිරිලා ගියා වගේම මම හැරිලා බැලුවා....
නාද්‍යා.....
කටින් නොකිව්වාත් මගෙ හිතින් ඒ නම මිමිනුනා.....
මං හැරිලා බලනකොට මගෙ පිටිපස්සෙන් නාද්‍යා උන්නා....ඒත් ඒ එක්කම.....

තේශීයෝ.....තේ.....ශ්.....
🙂ආය හෙච ඈ...
පයිස්සමින් ඉන්න....
මම
Ferdeesha ❤️💚😘 ....