Cherreads

Chapter 51 - 51

නුරා අවුළුවා ලූ රැයෙහි සඳ හෙමි හෙමින් මෝදු වෙමින් සරා සිත් සිතුවිලි ගොන්නකුත් එක්ක මුසපත් කරන්න අරන්. ප්‍රෞඪ සිතුවම් පෙළක් ලෙසින් සඳත් , තරුත් පිරිවරා ලූ අහස් ගැබ දෙස නෙත් යොමන්නෙකුට නම් ඒ සරා සිතුවිල්ලෙන් මිදෙන්නට නොහැකියි. මින්දද හී සර ඕපක්කමික විලාසයෙන් හදවත් අතර ලැගුම් ගන්න අරන්.

මුසපත් ප්‍රේමයත් , නුරා රාගයත් අතරමැද අතරමං වුණු සිත් බලන් උන්නෙම ඒ මින්දද හී සර පපු කුහරවලට වැදී සිදුරු කරන තුරු වගේ.

ලා සඳ එළිය මැද සුදෝ සුදු ලසළු මැද වෙලෙමින් උන්නු ක්ලෙයාරා තොම්සන් ඒ සීතලට හොයමින් උන්නේ දැඩි උණුසුමක්. එයා ඒ සයනයේ වැතිරිලා බලන් උන්නේ සිවිලිම දිහා. ඒ මූණේ සියුම් සියුම් භාවයන් ප්‍රකාශ වෙන්න ගත්තේ ඒ තත්පර දෙකට තුනට.

සුදු පැහැති තුවායක් විතරක්ම ඇඟ දවටාගෙන ක්ලෙයාරා ඔහේ බලන් උන්නා. රාගයෙන් නලියන කම්මුල් , පොපියන දෙතොල්.. ඒ හැම අංග චලනයක්ම පිරිමි සිතක හැඩි දැඩි හැඟීම් අවුළුවාලන විදිහේ ඒවා..

Cool drink එකත් බීලා යන්න සැරසුණු ජේකබ්‍ට යන්න නම් වුණේ නෑ. එයා යන්න යද්දිම වගේ ක්ලෙයාරා තොම්සන් ගිහින් ජේකබ්ව බදාගත්තම නම් ඒ පිරිමි සිතටත් හැඟීම් පාලනය කරගන්න පුළුවන් කමක් තිබුණේ නෑ.

ජේකබ්ට තිබුණේ දැක්ක ගමන් ගැහැණු සිතක් ඇඳ බැඳ ගන්න විදිහේ පෙනුමක්. සාමාන්‍යයෙන් අප්‍රිකානු පෙනුමකට හුරු ජේකබ් කියන්නේ දරදඬු පිරිමියෙක්. මූණේ කලාතුරකින් මතුවන තාවකාලික සිනාව නිසා ජේකබ්ගේ ඒ දරදඬු පෙනුම තව තවත් වැඩි වෙලයි පේන්නේ..

පිරිමියෙක්ගේ හව් හරණක් නැතුව හුදෙකලාව ගෙවන ක්ලෙයාරාගේ ජීවිතයට මිගාන් සමු දීලා ඉවරයි. මිගාන්ට නම් තවත් එයා ගැන හැඟීමක් නෑ. ගැහැණියක විදිහට ඒ හිතේ මතු වෙන නුරාවන්ට ක්ලෙයාරා ඉඩ දුන්නෙම හරි වෙනස් විදිහට.

ජේකබ්ගේ තියෙන ඒ දරදඬු කඩවසම් පිරිමි පෙනුමට ක්ලෙයාරාගේ හිත ඇඳ බැඳගන්න වුණේ එයාටත් හොරෙන්. වෙලාවක් ගැන නම් ක්ලෙයාරාට වුනත් නිනව්වක් නෑ. සුදු පැහැති තුවාය ඇඟ දවටගෙන සිවිලිම දිහාවට ඇස් යොමාගෙනම එයා කල්පනා කරන්න වුණේ ඊට මොහොතකට කලින් එයත් , ජේකබුත් අතර සිද්ද වෙච්චි දේවල් ගැන.

ජේකබ්ව එයා බදාගත්තා. එතනින් එහාට සිද්ද වෙච්චි දේවල්.. පිරිමියෙකුගේ ‍රළු උණුසුම් දෙතොල් පහසින් ඒ නාරි දේහය තෙත් වුණේ කොච්චර කාලෙකින්ද.. එයා ජේකබ්ව බදාගත්තත් හරි ජේකබ්ගේ රළු අත් දෙකත් එයාගේ සිරුර වටේ එතුණා.

එයාගෙ රළු සිරුරේ උණුසුම දැනෙන්න දැනෙන්න හිත කිව්වෙම ඒ රළු පිරිමි පපුව සිප ගන්න කියලමයි. ඉතින් හැමදේම අහකට දාලා ක්ලෙයාරා ජේකබ් ඇඳන් උන්නු කළු පාට fit ටී ෂර්ට් එක උඩින්ම එයාගේ පපුව සිපගන්න වුණේ හරියට උමතුවෙන් වගේ.

ඒත් එක්කම වගේ ඒ හැඩි දැඩි රළු පිරිමියගේ හිතෙත් ඇවිලෙන හැඟීම් ගොන්න හිත් පතුලෙ ඉඳන් ගිනි කඳු උතුරා ලෝ දිය ගලන්නාක් වගේ පිටමං වෙන්න ගනිද්දි ජේකබ් එහෙම්මම ක්ලෙයාරාගේ මූණ එයාගේ රළු දෝතටම අර ගත්තා.

ඒ මොහොත තුළ ලද ඇසිල්ලේ එකිනෙක පැටළිලා තිබුණු ඒ දෙන්නගේ ඇස්.. රාගයෙන් නළියන ක්ලෙයාරාගේ කම්මුල්, රාගයෙන් පොපියන ක්ලෙයාරාගේ දෙතොල් පෙති.. ඒවා දකින ඒ තත්පරයේම ජේකබ්ගේ හිත කිව්වෙම ඒ සුකොමල නාරි දේහයේ පහස විඳපන් කියලමයි.

වචනවලින් නොකිව්වට මොකද ක්ලෙයාරාගේ ඒ ඇස් කියන කතාව ජේකබ්ට හොඳටෝම තේරුණා. ඒ ඇස් දකිද්දි ජේකබ්ටවත් , එයාගේ හිතටවත් ඉවසිල්ලක් නම් නෑ. ක්ලෙයාරාගේ මූණ දෝතටම අරන් ජේකබ් ඒ ඇස් දිහා එක මොහොතක් බලන් ඉඳලා ආයෙමත් ක්ලෙයාරාට හිතන්නවත් තත්පරයක් ඉතුරු නොකර ඒ මූණට නැඹුරු වුණා.

ක්ලෙයාරාගේ දෑස් පියවුණේ ඒත් එක්කමයි . එහෙම්මම ජේකබ්ගේ රළු දෙතොලට හසු වුණු ක්ලෙයාරාගේ ලා රෝස පැහැති දෙතොල් පෙති මොහොතකින් වේදනාවෙන් පිරෙන්න වුණා. ජේකබ්ට ඕන දෙයක් කරගන්න හැර බලා නොඉඳ ක්ලෙයාරාත් එහෙම්මම ජේකබ්ගේ ගෙල වටේට අත් දෙක යවලා තද කර ගත්තා.

මිනිත්තු ගානක්ම එහෙම ගත වුණා. ක්ලෙයාරාගේ දෙතොල්වල පැටළී ගෙනම උන්නු ජේකබ්ගේ උණුසුම් හුස්ම ක්ලෙයාරාගේ මුහුණේ තැවරෙනවා. එහෙම්මම ජේකබ් එයාගේ රළු අත්වලින් ක්ලෙයාරාගේ දෙකකුල්වල කලවා පෙදෙසින් අල්ලලා තද කර ගත්තා. ඒ ක්ලෙයාරාගේ තොල් එක්ක පැටළී ගෙනමයි .

එහෙම්මම ජේකබ් එයාවත් අරන් ගියේ කාමරයට. යන ගමන්ම කාමරේ තිබුණු කහ පාට බල්බ් එක ඩිම් කරන් ගිය ජේකබ් ක්ලෙයාරාව ඇඳේ පෙරළා ගත්තා. ඒ කරලා එයා එහෙම්මම ඇඳන් උන්නු කළු පාට fit ටී ෂර්ට් එක ගලවලා පැත්තකට විසි කළා.

ජේකබ්ගේ කඩවසම් පිරිමි සිරුර ක්ලෙයාරා හරියටම දැක්කේ ඒ මොහොතෙදී . අප්‍රිකානු පෙනුමැති එයාගේ උඩුකය හරිම සරාගීයි. Jym ගිහින් හදාගත්තු body එක ගානට cut වෙලා. පිම්බුණු අත් බාහු.. six pack.. ක්ලෙයාරාට නම් දැනුනේ එයා ඩිනෝ මිගාන් සමරදිවාකරටත් වඩා කඩවසම් කියලයි.

කාමරේ ඩිම් කරලා තිබුණු කහ පාට බල්බ් එළිය මැද්දෙන් ජේකබ්ගේ පිරිමි සිරුරේ හැඩතල දිහා බලන ගමන් එයා හෙමින් සැරේ ජේකබ්ගේ තොල් එක්ක ආයෙමත් වතාවක් පැටළුනා. ජේකබ් ඒ තොල් පෙති එක්ක පැටළිලා ඉඳගෙනම හෙමින් සැරේ නැඹුරු වුණේ ක්ලෙයාරාගේ ගෙල පෙදෙස දිහාවට .

ජේකබ්ගේ දෙතොල් පෙති හෙමින් සීරුවේ එයාගෙ ගෙල පුරාවටම හාදු මවද්දි ක්ලෙයාරා උන්නේ රාගයෙන් ඇස් පියන්.. ඒ අතරතුරේදිත් ජේකබ්ගේ දත් පුංචි පුංචි සිතුවම් කිහිපයක් එයාගෙ ගෙල පෙදෙසෙහි සටහන් කළා. ජේකබ්ගේ රැවුල් කොට ගෑවෙන කොට දැනෙන කිතිය.. ඒ හැම ස්පර්ශයක්ම ක්ලෙයාරාව අරන් ගියේ වෙනමම පුදුමාකාර ලෝකයකට.

" ජේකබ්.. cant wait... "

ක්ලෙයාරා මිමිණුවේ ඇස් පියාගෙනමයි. ඒ හඬේ තිබුණේ කෙඳිරිලි සහිත භාවයක්.

ජේකබ් එහෙම්මම එයාගේ රළු අත් දෙකෙන් ක්ලෙයාරා ඇඳන් උන්නු කුඩා අත් පටි සහිත ගවුම ඉවත් කළාම කාමරයේ තිබුණු අඩමාන කහ බල්බ් එළියෙන් එයා ඒ ගැහැණු නිරුවත හරි අපූරුවට දැක්කා. රාගයෙන් මත් වෙලා උන්නු ජේකබ් තවත් එක තත්පරයක් හෝ නොඉවසා එහෙම්මම නැඹුරු වුණේ ක්ලෙයාරාගේ ලැම පෙදෙසට. ජේකබ්ගේ රළු දෙතොල් ක්ලෙයාරාගේ නිරුවත් ලැමෙහි ඒ මේ අත යද්දි ක්ලෙයාරා කෙඳිරි ගාමින් උන්නේ ඒ පහස මුළු ගතම විටෙක සීතල කරමින් තවත් විටෙක ගිනි ගන්වමින් ලබා දෙන්නට පෙරළි කරන අපූර්ව ආස්වාදය නිසාවෙන්.

ජේකබ් හෙමින් සීරුවේ ඒ ලැම පෙදෙසින් ඉවත් වෙලා එයා දාගෙන ආව කළු පාට බූට් සපත්තු දෙක ගලවලා පැත්තකට විසි කළා. මුළු කාමරය පුරාවටම රැව් දෙන්නේ ක්ලෙයාරාගේ තද හුස්ම හඬත් කෙඳිරිල්ලත් විතරමයි.

ජේකබ් එහෙම්මම එයා ඇඳන් උන්නු කළු පාට trouser එකත් ගලවලා අයින් කළාම එයා උන්නේ අඩ නිරුවතින්. එයාගේ පිරිමි සිරුරට කියලා තිබුණෙම අළු පැහැති underwear එකක් විතරයි.

ජේකබ්ගේ සිරුරේ කලවා හරි තදට හැදිලා. Cut වෙලා හැදුණු කලවාවල මාංශ පේශි නිසා එයාට එක්කහු වෙලා තිබුණේ වෙනස්ම හැඩයක කඩවසම් බවක්.

එයා එහෙම්මම ආයෙමත් පහත් වුණේ ක්ලෙයාරාගේ දෙතොල් දිහාවට. ඒ දෙතොල් එක්ක පැටළිලා ජේකබ් ක්ලෙයාරාව තව තවත් නුරාවෙන් මත් කරන්න වුණා.

විරාමයක් ලද ඇසිල්ලෙම වගේ ජේකබ් සිවිලිම දිහාවට ඇස් යොමාගෙන උඩුබැලි අතට ඇලවුනු හැටියෙම මත් වූවෙකු විලසින් ක්ලෙයාරා ඒ නිරුවත් පිරිමි සිරුර මතට නැගලා ජේකබ්ගේ නිරුවත් පපුව සිපගන්න වුණේ උමතුවෙන් වගේ. තමන් ඉදිරියේ ඇවිලිලා නලියමින් උන්නු ගැහැණියට උපරිමයෙන් ඉඩ හසර වෙන් කරලා ජේකබ් ඔහේ නිස්කාරණේ බලන් උන්නා.

ජේකබ්ගේ පපුව පුරාවටම ක්ලෙයාරා සිය දෙතොල් පෙති තබමින් හාදු වර්ෂාවක් මැව්වා. ඉන් එහාට ගිහින් ක්ලෙයාරාගේ සියුමැලි දෑතින් ජේකබ් ඇඳන් උන්නු මුළු ඇඟටම ඉතුරු වෙලා තිබුණු එකම ඇඳුම වෙච්චි underwear එකත් ඉවත් වෙලා යද්දි දැන් නම් ඉතින් ඒ දෙන්නම සම්පූර්ණ නිරුවත්.

ක්ලෙයාරාගේ දෙතොලට හසු වූ ජේකබ්ගේ යටිකය.. ඒ දෙතොල් මොහොතකින් ජේකබ්ගේ ප්‍රාණය සැඟවුණු යටිකයට ලබා දෙන සුවය.. මොන තරම් දරදඬු පිරිමියෙක් වුණත් ජේකබ් උන්නෙත් කෙඳිරි ගාමින්. ඒත් එයා ඒ සුවය උපරිමයෙන් විඳ ගත්තා. අන් කවරෙකු හෝ කිසිඳු දිනෙක ලබා නොදුන් ආස්වාදයක් එක්ක ජේකබ් ඒ මිහිර විඳ ගන්න වුණා.

" මැඩම්...අහ්.. අහ්.. අහ්... "

ජේකබ් කෙඳිරි ගාමින්ම මිමිණුවා .

" Not madam.. im ක්ලෙයාරා.... ජේකබ් , ඉවසන්න බෑ.... "

එයත් රහසින් වගේ මිමිණුවේ එහෙම.

වෙන්නෙ මොනාද කියලා නම් ඒ දෙන්නගෙන් කාටවත් නිනව්වක් නෑ. එයාලා උන්නෙ වෙනම ලෝකයක අතරමං වෙලා.

ජේකබ්ගේ ප්‍රාණවත් යටිකයෙන් දැනෙන ඇඟ හිරිවැටෙන සුළු ගතියත් එක්ක ජේකබ් එහෙම්මම ක්ලෙයාරාව ඇඳෙහි පෙරළගෙන එයාගෙ දෙකලවා වලින් අල්ලගෙන දෙපැත්තට කළා.

දරදඬු ජේකබ්ගේ මුවින් එකම එක වචනයක්වත් පිටවෙන්නෙ නැති තරම්. කතා නෑ වැඩ විතරයි.

හෙමින් සීරුවේ ජේකබ් එයාගෙ ප්‍රාණවත් ලිඟුව චලනය කරන්න ගනිද්දි ක්ලෙයාරාගේ දෙතොල් හපාගෙන ඇස් පියාගෙන කෙඳිරි ගාන්න වුණා. චණ්ඩ මාරුතයක් වගේ චලනය වෙන ජේකබ්ගේ යටිකය.. ඒ වේදනාවත් දරාගෙනම ක්ලෙයාරා හෙමින් සීරුවේ පටන් ගත්තු කෙඳිරිල්ල වැඩි කරන්න වුණා.

" Can't wait, Jacob.. do well I love you Jacob.. Your body is great.. Fuck well..."

ක්ලෙයාරා ඇස් වහගෙනම කෙඳිරි ගාමින් මුමුණන්න වුණා. ඒත් ජේකබ් නම් නිහඬයි. සුපුරුදු දරදඬු ස්වරූපයෙන්ම සියුම් හතියක් එක්ක යටිකය ඉහළ පහළ චලනය කරන ජේකබ්ගේ සිරුරෙන් දාඩිය බිඳිති වැගිරෙනවා. ඒ නිමේෂය තුළ ජේකබ්ගේ සරාගී පෙනුම තව තවත් වැඩි වෙලයි පෙනෙන්නෙම..

" You are a great man Jacob.. I love your handsome sexy body.. Fuck fast.. Your arms.. Your sixpack.. Your thighs... so sexy Jacob... "

එයා කොඳුරන්න වුණා. ජේකබ් කතාවක් බහක් නැතුවම එයාගෙ යටිකය අර සුපුරුදු චණ්ඩ මාරුතයේ වේගයෙන්ම චලනය කරන්න වුණා. වේගයෙන් ලැබෙන ප්‍රහාර හමුවේ සිය යටි කයෙන් දැනෙන අසීමිත වේදනාව අන් කවරදාටත් වඩා දැනෙද්දි ක්ලෙයාරා ඒ මිහිර හරි අපූරුවට විඳ ගන්න වුණා.

හෙමින් සීරුවේ පටන් ගෙන වේගවත් වුණු ජේකබ් හරියට ඇට්ලස් යෝධයා වගේමයි. එයාගේ නිරුවත් පිරිමි සිරුරේ පිට කොන්ද දිගේ දුවන ක්ලෙයාරාගේ දිගු නිය පොතු වැවුණු ඇඟිලි.. ඒ ලාවට වගේ දැනෙන කෙනිත්තිලි හමුවේ තව තවත් වැඩිවෙන්නේ ජේකබ්ගේ හිතේ ඇවිලෙන නුරා ගින්න..

පැය භාගයකුත් ඉක්මවා ගිය මුත් ජේකබ් නම් ඒ වෙද්දිත් උන්නේ ඒ රස ගඟුලෙහි උපරිමයෙන් ගිලෙන ගමන්. කාලය සංග්‍රාම කරමින් විනාඩි හතළිහකට හෝ හතළිස් පහකට කිට්ටු වෙද්දි නම් ජේකබ්ගේ වේගය තව තවත් වැඩි වෙන්න වුණා.

ඒ හමුවේ ක්ලෙයාරාගේ මුවින් පිටවෙන සිහින් සියුම් කෙඳිරිලි හඬ මහා කෑ ගැසිල්ලක් බවට පත් වෙන්න වුනත් ජේකබ් තවමත් සීරුවෙන්. මිහිරිතම අත්දැකීමක අවසානය සනිටුහන් කරමින් ජේකබ් වෙවුලමින් පිට කර ලූ sperm එක්කම ඇඳේ වැතිරුණේ උඩු බැලි අතට.

" ජේකබ්... "

රහසින් වගේ මුමුණන ගමන් ක්ලෙයාරා තුරුළු වුණේ ජේකබ්ගේ පපුවට. වෙච්චි දේවල් ගැන ඒ දෙන්නටවත් හරියට සිහියක් නැති ගානයි. ජේකබ් උන්නේ සිවිලිම දිහාවට ඇස් යොමා ගෙනමයි . ක්ලෙයාරා ඒ දරදඬු පිරිමි පපුවට තුරුළු වෙලා ඒ පපුව අස්සේ මූණ හංගා ගත්තා.

" ජේකබ්... "

එයා ආයෙමත් කෙඳිරුවේ රහසින් වගේ.

" මැඩම්... "

ජේකබ් කතා කළේ සිවිලිම දිහා බලාගෙනමයි .

" මැඩම් කියන්න එපා ජේකබ්.. Don't call me ma'am. I'm your Jacob now. We are ours. I love you Jacob. I am very jealous of you. I really like your sexy manly body.. I want you Jacob.. Only we both know about what happened between us.. This is a secret Jacob.. You made me very happy Jacob.. You were happy too, right..? "

එයා කතා කරන්නේ රහසින් වගේ.

" ඔව් ගොඩාක්... "

ජේකබ් එහෙම්මම උත්තර දුන්නා. තවමත් ජේකබ්ගේ ඇස් යොමු වෙලා තිබුණේ සිවිලිම දිහාවටමයි .

"Say you love me one time Jacob... please... "

ක්ලෙයාරා එහෙම කිව්වේ බිඳුණු හඬකින්. ජේකබ් නිහඬවම සිවිලිම දිහාවට ඇස් යොමන් බලන් උන්නා.

" please ජේකබ්... "

ක්ලෙයාරා ආයෙමත් කිව්වේ ආයාචනාත්මක හඬකින්. ඒ ගැහැණිය ඉදිරියේ ජේකබ්ට තවත් නිහඬවම ඉන්න නම් බෑ. එයා යාන්තමට හිස හරවලා ක්ලෙයාරා දිහා බැලුවා . ඇස් දෙකත් හීනි කරගෙන ක්ලෙයාරා ජේකබ් දිහා බලාගෙනමයි උන්නේ.

" I love you ක්ලෙයාරා... "

ජේකබ් එහෙම කියාගෙනම පහත් වුණේ ක්ලෙයාරාගේ මූණට. එහෙම්මම ඒ දෙන්නා ආයෙමත් වතාවක් ඒ දෙතොල් පටළවාගෙනම ගොඩ වෙලාවක් උන්නා.

හැමදෙයක්ම හරියට හීනයක් වගේ. ජේකබ් යන්න ගියා. ක්ලෙයාරා තාමත් සුදු පාට තුවායකුත් ඇඟ දවටගෙන ඇඳ උඩ වැතිරිලා .

පොඩි වුණු ඇඳ රෙද්දෙ තැනින් තැන තෙත බරිත වෙලා. එයා එහෙම්මම ඇඳෙන් නැඟිටලා හෙමින් සීරුවේ අඩි තිය තියා ගියේ bathroom එක දිහාවට.

ශේන්ගේ ගෙදර මිදුලට ආව CBR බයික් එක එහෙම්මම නැවතුණා. පිටිපස්සෙන් ආව අහිංසකයා බලන් උන්නේ එයා ආවේ කොහෙටද කියලා බලන්න වගේ. මහා මන්දිරයක් වගේ තැනක්..

එයාට හරි පුදුමයි. ඊටත් වඩා එයාට පුදුම කවදාවත්ම හඳුනන්නෙවත් නැතුව දැකලවත් නැතුව මුල්ම වතාවෙන්ම මෙහෙම එයාවත් එක්කගෙන ගෙදරට ආපු එක ගැන. කිඳුරු බයික් එකෙන් බහින්නෙ නැතුව එහෙම්මම බලාගෙන උන්නා.

" බහිනවා ඉතින්.. අපි ගෙදර ඇවිල්ලා ඉන්නේ... "

එයා කිව්වෙ නපුරු විදිහට. අනේ එහෙමත් නපුරු කමක්. ශේන් එහෙමත් නැත්නම් එයා දන්න ශහිල් හිමසර කිව්ව හින්දා ඒ වේගයෙන්ම කිඳුරු බයික් එකෙන් බිමට බැස්සා. එයාගෙ අතේ තිබුණු ලොකු රෙදි බෑග් එකත් එල්ලගෙන එයා වටපිට බලන්න වුණේ හරි පුදුමෙන් වගේ.

" මොනාද බලන්නේ..? "

ශහිල් කතා කළේ බයික් එකෙන් බහින ගමන්.

" ම්..මොකුත් නෑ ශහිල්... "

එයා යාන්තමට හිනා වෙලා උත්තර දුන්නා.

" ශහිල්...! "

ශේන් එහෙම කියාගෙනම කිඳුරු දිහා බැලුවේ පුදුමෙන් වගේ.

" අ..ඇයි...? "

ඇස් දෙකත් උඩ දාගෙන වගේ එයාගෙ කටින් වැරදි දෙයක්වත් කියවුනාදෝ කියලා හිතාගන්න බැරුව කිඳුරු ශහිල් හිමසර දිහා බලන් උන්නා.

" මට ශහිල් කියන්න එපා.. මං තමුසෙගෙ අත පල්ලෙන් වැටිලා නෑනේ නම කියලා කතා කරන්න.. නේද.. කතා කරනව නම් ශහිල් අයියා කියනවා.. එහෙමත් බැරිනම් නිකන්ම අයියා කියනවා.. ඒ මොකුත්ම බැරි නම් කතා නොකර ඉන්නවා.. තමුසෙ මාත් එක්ක කතා කළේ නෑ කියලා මං තමුසෙව එලවන්නෑ.. බයවෙන්න එපා, තමුසෙට ඕනි කාලයක් මෙහේ ඉන්න පුළුවන්... "

එයා කියවගෙන කියවගෙන යද්දි කිඳුරු බලාගෙන උන්නෙ නම් ඇස් දෙකේ කඳුළුත් පුරවගෙන .

" මොකෝ ඒ පාර.. මූණත් නිකන් බකමූණෙක් වගේ කරගෙන.. ඔහොම ඉන්න එපා ඕයි.. හරි මූසලයි... "

ඒකට නම් ඇත්තෙන්ම අර ඇස් අස්සෙ තිබුණු කඳුළු ටිකත් එහෙම්මම එළියට පැන්නා. එයා එහෙම්මම මූණ අත් දෙකෙන්ම වහ ගත්තේ වැටෙන කඳුළු එයාට නොපෙනෙන්න .

" ඒ මේ.. ඕයි, තමුසේ අඬනවද ඔය..? "

එයා කොල්ලගේ ළඟට ඇවිත් මූණ වහන් ඉන්න අත් දෙක අයින් කරලා බැලුවා. ඇස් දෙක රතු වෙලා. කම්මුල් දිගේම කඳුළු බේරෙනවා. එතකොට නම් ඉතින් පාතාලකාරයගේ හිතත් හෙල්ලිලා ගියා.

" මොකද ඕයි මේ පොඩි එකෙක් වගේ අඬන්නේ.. අවුරුදු විස්සක කොල්ලෙක් නේද.. ඔහොම අඬන්නෑ කොල්ලෝ.. කෝ දැන් හිනා වෙනවා... "

එයා උන්නේ ඇස් බිමට හරවගෙන. එක මොහොතකටවත් එයා ඇස් උස්සලා නම් බැලුවේ නෑ.

" ඕයි, මේ.. කෝ බලනවා දැන් මං දිහා.. කෝ.. හිනාවෙනවා... "

එයා එහෙම කියද්දි නම් ඉතින් කිඳුරුට තවදුරටත් බිම බලන් ඉන්න පුළුවන්කමක් නෑ . එයා එහෙම්මම කඳුළු පිරිලා බොඳ වෙලා තිබුණු ඇස් දෙක හරවලා එයා දිහා බැලුවා. ඒ ඇස් අර නපුරු පාතාලකාරයගේ ඇස් එක්ක හරියටම ගැටුණේ ඒ මොහොතේ.

නපුරු ශහිල් හිමසරගේ ඇස් දෙකත් එයා වගේම නපුරු පාටයි. කිඳුරු බයෙන් බයෙන් වුනත් ඒ ඇස් දිහා එකඑල්ලේම බලන් උන්නා.

" හරි , දැන් කියනවා.. මොකෝ එක පාර ටැප් එක ඇරියේ..? "

එයා අහපු දේ නම් කිඳුරුට එක පාරටම තේරුම් ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ.

" ටැප් එක...! "

එයා ඇහුවේ පුදුමෙන් වගේ ඇස් එයා දිහාවටම හරවගෙන.

" ටැප් එක ඇරියා කියන්නෙ ඕයි, මං අහන්නේ තමුසේ එක පාරටම අඬපු එක.. ඒකට තමයි ටැප් එක ඇරියා කියන්නේ... "

එයා පැහැදිලි කරලත් දුන්නා. ඔන්න එතකොට තමයි පුංචි ඉලන්දාරියට නපුරු පාතාලයා කියපු දේ හරියටම තේරුම් ගියේ..

" ඇයි මට මූසලයා කිව්වේ... "

" මම...! "

එයාට කොහෙද ඕවා ගැන මතකයක්. දැන් කිව්ව දේ දැන් අමතකයි. එහෙම්මම ඇස් දෙකත් උඩ දාගෙන ශහිල් හිමසර හෙවත් ශේන් සල්ගාදු බලන් උන්නේ එයා එහෙම දෙයක් කිව්වද කියලා හිතාගන්නත් බැරුව.

" හ්ම්.. ඔව්, දැන් කිව්වෙ බකමූණෙක් වගේ ඉන්න එපා.. මූසලයි කියලා... "

" නදකින්.. තමුසේ මේ ඒකටද ටැප් එක ඇරියේ.. අනේ ඕයි... "

" ඇයි..? "

" හරි, මේ අහනවකෝ.. මං කරන සමහරක් වැඩ තමුසෙට දිරවන එකක් නෑ.. සමහරක් වචන නම් කොහොමත් දිරවන එකක් නෑ.. මං ටිකක් ආතල් එකේ ඉන්න පොරක්.. මෙහේ ඕනි තරම් කාලයක් නිදහසේ තමුසෙට ඉන්න පුළුවන් කිව්වට ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න වෙයි.. මං මේ ගේ ඇතුළට යන්න ඉස්සර මේවා කියන්නේ , මේ දැන් වුනත් තමුසෙට තීරණයක් ගන්න පුළ්‍ය්වන්.. මෙතන ඉන්නවද, නැද්ද කියලා... "

එයාගේ දීර්ඝ දේශනාවට කන් යොමා ගෙන ඇස් යොමා ගෙන කිඳුරු ඔහේ බලන් උන්නා විතරයි. අන්තිමේදී එයා හිනා වෙලා ඔළුව වැනුවේ එයා කැමතියි කියන්න වගේ.

" යං... "

නපුරු පාතාලයා එයාගෙ අතේ තිබුණු ලොකු රෙදි බෑග් එකත් අතට අරන් අනිත් අතෙන් කිඳුරුගේ අත අල්ලගෙනම ඉස්සර වුණා. හිච්චි ඉලන්දාරියා බලන් උන්නේ මේ නපුරා එයාවත් එක්කගෙන යන හැටි.

එහෙම යනකොට ජීවිතේ කවදාවත්ම නොදැනුනු තරම් ආරක්ෂාවක් දැනෙන හැටි.. කිඳුරුට ඒ දේවල් ගොඩක් නුපුරුදුයි. ඒත් එයා එයාගෙ පස්සෙන්ම ගියා.

එහෙම ගිහින් එයාලා ඇතුළු වුණේ ලොකු හෝටලයක් වගේ ගෙදරකට. ගිය අවුරුද්දෙ ලොකු අම්මලගේ දුවගේ wedding එක ගත්තු හෝටලෙත් කොල්ලගේ මතකයට ආවේ ඒ මොහොතේදී . ඒ හෝටලෙත් ඒ වගේමයි.

කිඳුරු එහෙම්මම ඇස් දෙක කරකව කරකවා බැලුවේ ඒ ලොකු මන්දිරයක් වගේ ගෙදර බිත්ති දිහා. ඒ ගෙදර හරියට කලාගාරයක් වගේ තැනක්.

වචනවලින් කියන්න බැරි තරම් සුන්දරත්වයක් ගැබ් වෙලා තිබුණු ඒ ගෙදර සුදු පැහැති බිත්තිවල එල්ලලා තිබුණේ දිය සායම් චිත්‍ර ගොඩක්.

එයා ඒ හැම චිත්‍රයක් දිහාවටම ඇස් අරන් ගිහින් ඉස්සරහා බලද්දි එයාගෙ ඇස් ඉස්සරහා උන්නේ තාමත් ඒ අත අල්ලන් එයා දිහා බලන් ඉන්න ශේන් සල්ගාදු හෙවත් එයා දන්න ශහිල් හිමසර. එයා කිඳුරු දිහා ඉස්සෙල්ලා වතාවෙ බලන් උන්නට වඩා ප්‍රසන්න විදිහට බලන් ඉන්න හින්දා කොල්ලගේ හිත නම් යාන්තමට වගේ හැදුණා. හැදුණා කියන්නේ නිවුණා.

සුදු පාට බිත්තිවල එල්ලලා තිබුණු දිය සායම් සිතුවම් දිහා මොහොතකට බලන් උන්නු කිඳුරුගේ ඇස් ඒ සිතුවම් දැකලා වශීකෘත වෙලයි තිබුණේ.

" ආසද..? "

ශේන් එකවරම වගේ කිඳුරුගෙන් අහද්දි ඇහුවේ මොකක් ගැනද කියලා හිතාගන්න බැරුව එයා බලන් උන්නේ පුදුම වෙලා.

" ම්..ම්..මොකක්ද..? "

එයා පෙරළා ශේන්ගෙන් ඇහුවේ ගොත ගගහා.

" මං ඇහුවේ තමුසේ මේ drawings වලට ආසද කියලා... "

එයා වෙනස් වෙලා. හඬ වුනත් එච්චරටම රළු නෑ. තරමක් තැන්පත් පාටයි. කිඳුරු ආයෙමත් වතාවක් එයාගෙ ඇස් කරකවලා ඒ බිත්ති දිහා බැලුවා. ඒ සිතුවම් පේළිය විරාජමාන ධජ පෙළක් වගේ හරි අපූරුවට ඉන්නවා.

එයා ඒ දිහා බලන් උන්නේ ඇත්තෙන්ම ආසාවෙන් . ඒ ඇස් ඉන් අනතුරු ආයෙමත් යොමු වුණේ ශේන් දිහාවට . ශේන් තාමත් ඉන්නේ එයාගේ අත අල්ලගෙනමයි .

" ඔව්.. ගොඩක් ආසයි. ඒවා හරි ලස්සනයි... "

" රළු හදවත් වුනත් හරි ලස්සනයි පුංචි ඉලන්දාරියෝ... "

එයා දැන් දැන් හරි ප්‍රසන්න විදිහට කතා කරනවා. ඒ වෙනස තුළ කිඳුරුට දැනෙන්න වුණේ අනිසි බියක්. ඒ වගේම ලොකු ආරක්ෂාවක්.

එයා ඒ ඇස් මඟ හැරලා ආයෙමත් වතාවක් ඒ සිතුවම් පෙළ දිහාවට දෙනෙත් යොමු කළා.

" කොහෙන්ද මේවා ගත්තේ..? "

" ගත්තෙ නෑ.. ඒවා මේ ගේ අස්සෙම මැවෙනවා... "

" මොකක්ද..? "

කිඳුරුට එයා කියන දේවල් තේරුම් ගන්න අමාරුයි. එයා බලන් උන්නේ පුදුම වෙලා.

" ඉවසන්න.. කාලයත් එක්ක හැමදේම තේරුම් යාවි.. රළුයි කියලා පේන හැමදේම රළු නෑ.. මෘදුයි කියලා පේන හැමදේමත් මෘදු නෑ.. ඒ නිසා පරිස්සමින්... "

එයා එහෙම්මම ඒ අත අත් හැරියා.

" එතකොට මේ චිත්‍ර...? "

" ඒවා මගේ.. මං ඇඳපු ඒවා... "

" ඇත්තෙන්මද..? "

" සිතුවිලි වචන කරන්න බැරි තැන සිතුවම් කරන්නත් මිනිස්සු පසුබට වෙන්නෙ නෑ.. ඒකයි මේ ලෝකේ සිත්තරු කියලා ජාතියක් ඉන්නේ... "

එයා එහෙම කියලා අර පුරුදු රළු ගතියෙන් ඈත් වෙලා ප්‍රසන්න විදිහට කිව්වා.

" යං උඩට... "

එයා ආයෙමත් වතාවක් ඒ අත අල්ලගෙනම කිඳුරුත් එක්කම පඩිපෙළ නගින්න වුණා. ඒ පියගැටපෙළ නගින තැන ඉඳන් ඉස්සරහට යනකනුත් තිබුණේ මනරම් සිතුවම් පෙළක්. කිඳුරු යන ගමනුත් ඇස් යොමු කරන් ගියේ ඒ දිහාවට.

ලස්සනම ලස්සන තුන්පත් රෑනක් , කහ පාට ඇහැළ මල් කිණිත්තක් , නිරුවත් ගැහැණියක් , පිරිමියෙකුගේ උඩුකයක්.. එයා ඒ හැම සිතුවමක් දිහාම ඇස් යොමාගෙන අර අතේ එල්ලී ගෙනම පඩිපෙළ නඟින්න වුණා.

මේ තරම් රළු පෙනුමැති මිනිහෙක්ගේ හදවතක් මේ තරම් සියුමැලි වුනේ කොහොමද? එයා පඩිපෙළ නඟින අතරතුරේදිත් කල්පනා කළේ ඒ ගැන..

මීළඟ කොටසට ...

More Chapters