Cherreads

Chapter 5 - 05

ඩිනෝ මිගාන් සමරදිවාකර තමන්ගේ හිතවත්ම මුර දේවතාවා වුණු ජේකබ් එක්ක නුවරඑළි යන්න පිටත් වුණා . මඟදී වාහනේට නැග්ගේ ක්ලෙයාරා තොම්සන්. කොට ගවුමක් ඇඳන් හිටිය ක්ලෙයාරා ආපු ගමන්ම කළේ ඩිනෝ දිහා බලන් සරාගී බැල්මක් එක්ක හිනා වුණ එක. ඊට පස්සෙ දෙන්නා හග් කරලා කතා කරන්න ගත්තා .

" after a long time..."

ක්ලෙයාරා කිව්වේ ඩිනෝගේ ඇස් දිහා බලාගෙන . කොල්ලගේ ඇස් දිලිසෙනවා . කම්මුල් නලියනවා .

" මේ දවස්වල ෆ්‍රී ද? "

කොල්ලා ඇහුවා.

" ඔව් ඩාලින්ග්... දැන් මට ෆිල්ම්ස් අඩුයි ගොඩක්..."

" ඒ මොකෝ? "

" අර අලුතින් ආපු හුචක්කුවක් ඉන්නේ, කව්ද මේ... අහස්වි කියලා "

" ආ අර ලස්සන කෙල්ල..."

" ඊයා... මොන ලස්සනක්ද? ගමෙන් ආපු ඩොටේ කෙල්ලක්..."

කොල්ලා හිනා වුණා . ඒ වෙලාවේ කොල්ලගේ ඔළුවට ආවේ අහස්වි කරුණාරත්න ව. අහස්වි කියන්නෙ ළඟදී ක්ශේත්‍රයට එකතු වුණු නවක නිළියක් . ක්ලෙයාරා වගේ නෙවෙයි අහස්වි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධි අපේක්ෂිකාවක්. ඇත්තෙන්ම කොල්ලට හිතුණේ ක්ලෙයාරාව කරගහගන්නැතුව අහස්වි සෙට් කරගත්තා නම් හරි කියලා . ඒත් ඉතින් කොල්ලා පරක්කු වැඩියි. බැඳගත්තු බෙරේ ගහන්නත් එපැයි. ඒත් ඉතින් කවදාවත්ම කොල්ලට ක්ලෙයාරාගෙන් ලැබෙන දේවල් නම් අහස්විගෙන් ලබාගන්න බෑ. මොකද අහස්වි කියන්නෙ අහිංසක වගේම තමන්ම නිර්මාණය කර ගත්තු සීමාවන්ට යටත්ව ජීවත් වෙන කෙල්ලෙක්. ක්ලෙයාරා වගේ ඔළුව උදුම්මවා ගත්තු කෙනෙක් නෙවෙයි අහස්වි කියන්නේ. දැන් දැන් කොල්ලගේ හිත අහස්වි කරුණාරත්න ළඟ නතර වෙලා .

නුවරඑළියේ බංගලාවට ගිය ඩිනෝ - ක්ලෙයාරා යුවළ හැසිරෙන්නේ හරියට අලුත විවාපත් යුවළක් වගේ. ඒ කාමරේ ලොකු කාමරයක්. සුදු පාට වියන් බැඳපු ඇඳක් කාමරේ එක බිත්තියකට හරි මැදින්. කාමරේට ඇතුළු වුණු හැටියෙම ඩිනෝ ක්ලෙයාරව ළඟට ඇදගෙන රතු තොල් එක්ක පැටළුනා. ක්ලෙයාරාත් කොල්ලත් එක්ක හරි හරියට තොල් රස බලනවා. මිනිත්තුවක් දෙකක් යද්දී ක්ලෙයාරා කොල්ලා ඇඳන් හිටපු කමිසයේ බොත්තම් එකින් එක ගලවලා කොල්ලගේ පපුව සිප ගන්න වුණා . කොල්ලා ඒ සුවය හරි අපූරුවට විඳ ගත්තා. තවත් ටික වෙලාවක් යද්දී දෙන්නගෙම ඇඳුම් එහෙ මෙහෙ විසිවුණේ සරාගී හැඟීම් ඉස්මතු කරමින්. ඩිනෝ වගේම ක්ලෙයාරත් නිරුවත්. සුදු වියන් බැඳපු ඇඳ උඩ කොල්ලා ක්ලෙයාරා එක්ක හැඟීම්වල අනන්තයටම කිමිදෙනවා. කොල්ලගේ පිට නියපොතුවලින් පහුරු ගාන ක්ලෙයාරා තොම්සන් හරියට නිකන් මහ රෑට හොරකමේ යන හොර බැළලියක් වගේ. ඒකටම හරියන්න ඩිනෝ මිගාන් සමරදිවාකර කියන හොර බළල් තඩියත් සෙට් වුණා කියන්නෙ ඉතින් තකට තක.

ඉවරයක් නැති සිප ගැනීම් , වැළඳ ගැනීම් , සරාගී සිනා හඬවල්, සිහින් කෙඳිරිලි , සියුම් හතියක් මුසු හුස්මක් ඇරෙන්න ඒ කාමරේ කිසිම දෙයක් නැති තරම්. දවාලේ විතරක් නෙවෙයි මහ රෑ සිද්ධ වුණෙත් ඔය ටිකමයි. ඔක්කොම අවසානයේ කොල්ලා බියර් වීදුරුවක් පුරවගෙන එළියට ගියේ ඩෙනිම් කලිසම විතරක් ඇඳගෙන. කොල්ලගේ නිරුවත් පපුවේ මහ රෑ පිනි පොද වදින්නේ හැඟීම් තව තවත් අවුස්සමින්. කොල්ලාගේ ලේ බිංදුවක් , රෝම කූපයක් පාසා අංශුවක් අංශුවක් ගාණේ ඇවිස්සිලා තිබුණු හැම හැඟීමක්ම කොල්ලා අමාරුවෙන් වුණත් පාලනය කරගත්තේ එදා දවසට විතරක් දෙවතාවක් ඒ හැඟීම්වල අනන්තය හොයාගෙන කිමිදිලා ඉවර නිසා.

බියර් වීදුරුව කොල්ලාව මත් කරන්නෙ නැති තරම් . ක්ලෙයාරා එක්ක කොච්චර ආලිංගනවල හැසිරුණත් දැන් දැන් කොල්ලගේ හිතේ අහස්වි කරුණාරත්න හොල්මන් කරන්න පටන් අරන්. කොල්ලා බලන් හිටියේ ඈත අහසේ හඳ දිහා . ඒ හඳ වටේට වලාකුළු පිරිලා. ඒ වලාකුළු පවා කහ පාටයි . තරු පේළි පේළි හැදිලා හඳ වටේට ඉන්නෙ හරියට කොල්ලගේ වටේට නින්ජලා ඉන්නවා වගේම තමයි.

කොල්ලා බියර් වීදුරුව භාගයක්ම හිස් කරලා තිබුණා . එක පාරටම පිටිපස්සෙන් මතු වුණ රතු නියපොතු පිරුණු අත් දෙකක් කොල්ලගේ පපුව පිරිමදින්න වුණා .

" My handsome , you are so sexy my darling..."

ක්ලෙයාරා කොල්ලට පිස්සු වැටිලා වගේ. ඔක්කොටම වඩා කොල්ලගේ සල්ලිවලට. සමරෙටත් මොකද ඉතින්. අත දිග ඇරලා ගෑණුන්ට වියදම් කරන්නේ.

" ඩිනෝ..."

" ම්..."

" මේ අහන්නකෝ..."

" කියන්න "

" ඔයාට බැරිද මට අලුත් ෆිල්ම් එකක් අරන් දෙන්න..."

" අහ්... ඒ කොහොමද ? "

ක්ලෙයාරා කොල්ලගේ ඉස්සරහට ඇවිත් කොල්ලගේ බෙල්ල වටේට අත් යවලා කොල්ලගෙ ඇස් එක්ක පැටළුනා. ක්ලෙයාරා ගේ ඇස් හරි සරාගීයි. කොල්ලා බියර් එක බොන ගමන්ම ඒ ඇස් දිහා බලන් හිටියා.

" අලුත් ෆිල්ම් එකක් produce කරන්නකෝ. මාව main actress විදිහට ගන්න..."

" ඔයා ආසද එහෙම ? "

" හ්ම්..."

ක්ලෙයාරා ඔළුව වනමින් කිව්වා .

" එහෙනම් ඉක්මනට මං ෆිල්ම් එකක් produce කරනවා ඔයා වෙනුවෙන්..."

ඩිනෝ කිව්වේ ක්ලෙයාරාගේ ඉඟ වටේට අතක් යවලා තමන් වෙත නතු කර ගන්න ගමන්.

"Thanks my handsome..."

ක්ලෙයාරා ආයෙමත් වුවමනාවෙන්ම කොල්ලගේ තොල් එක්ක පැටළුනා.

අකීකරු හඳ වලාකුළුවලට මුවා වෙලා හරි මුරණ්ඩුයි. තරු කැට බලන් ඉන්නේ ආයෙමත් හඳ ඇස් මානෙට එනතුරු. සත්සිඳු බෝඩිමේ මිදුලට වෙලා බලන් හිටියෙත් ඒ අහස දිහා. හඳ මුවාවෙලා නිසා අහිංසකයටත් හරි පාළුයි . කොල්ලා බලන් ඉන්නෙත් ආයෙමත් හඳ එනකන්. මිනිත්තුවකට දෙකකට පස්සේ සුදු සඳ රැස් ආයෙමත් කොල්ලගේ මූණට වැටුණා .කොළඹ නගරයේ වුණත් කොල්ලා ඉන්න හරිය ටිකක් ග්‍රාමීයයි. වාහන සද්දෙ යාන්තමට ඇහෙනවා. ඒත් ඒ හඬ නිස්කලංක බවට කිසිම හානියක් නෑ.

" ඉතින් හඳ, මං ඔයා එනතුරු ගොඩක් වෙලා බලන් උන්නා. ගොඩාක් වෙලා... මට ඔයා නැතුව හරි පාළුයි. මට මේ දූවිලි අහස යට කවුරුවත්ම නෑ කියලා ඔයා දන්නවනේ. මාව තනි කරන්න එපා ඉතින් . හෙට දවස ගැන මට හරි බයයි. හිනා වෙලා සතුටින් ඉන්නවා කියලා ලෝකෙට පෙන්නුවට මොකද මං ඉන්නෙ හිත අස්සෙන් ගොඩාක් බය වෙලා . ඩිනෝ මිගාන් සමරදිවාකර කියන්නේ මායාවක්. තනිකරම මායාවක්. කොහෙන් ඇවිත් මොනා කරයිද කියන්න මං දන්නෑ. මං දන්නවා මේ ආර්ටිකල් එකෙන් පස්සෙ ඩිනෝ මිගාන් සමරදිවාකර ඇවිස්සෙනවා . ඒක ඉර හඳ වගේම විශ්වාසයි. මේක ලියපු කෙනාව කොහොම හරි එයා හොයා ගනියි. එතනින් එහාට මට මොනා වෙයිද කියලා කියන්න මං දන්නෑ. සමහර විට එයා මාව මරයි. එක්කෝ වෙඩි තියයි. එක්කෝ පණ පිටින් පුච්චයි. මේ හැමදේම මං කරන්නෙ මගේ දුප්පත්කම හින්දා හඳ. නැත්නම් මට මේ රස්සාවෙන් අහක් වෙලා ගිහින් වෙන රස්සාවක් හොයාගන්න පුළුවන් . ඒත් මගෙ දුප්පත්කම මේ හැමදේකටම හරස් වෙලා . මං ඉල්ලන්නෙ එක දෙයයි. මාව බේරගන්න . මගෙ තනියට මාත් එක්කම ඉන්න. ඩිනෝ මිගාන් කියන රාක්ෂයගෙන් මාව ආරක්ෂා කරන්න "

කොල්ලට ඉකි ගැහෙනවත් එක්ක.

කොළඹ තරුණියන් මුදලට විකිණෙන DMS Night Club පැටිකිරිය

Daily Lanka පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වුණේ ඒක. මුළු ලංකාව පුරාවටම උණු කැවුම් විකිනෙන්න වගේ අලෙවි වන Daily Lanka පත්තරේ එදා නම් ලොකු ආදායමක් ඉපයුවා. ප්‍රධාන සිරස්තලය එක්ක ආර්ටිකල් එක ලියලා තියෙන්නේ සයුරු කියලා කෙනෙක්. ඒකත් හරි අමුතුයි. සත්සිඳුගේ නම නොදා අලුතෙන්ම නිර්මාණය කරපු සයුරු කියන නම දැම්මේ ලොක්කයි, කොල්ලයි දෙන්නම එකතු වෙලා .

"Good Job කොල්ලෝ. ඔන්න අද නම් පත්තරේ උණු කැවුම් වගේ යන්නේ. මේ ඔක්කෝම ඉතින් උඹ හින්දා තමයි ..."

ලොක්කා කොල්ලට සුභ පතන ගමන් කිව්වා.

" මං කිව්වනේ සර්, මං සුපිරියටම ලියනවා කියලා. ඔන්න ඒ වගේම ලිව්වා. දැන් ඉතින් මගේ රුපියල් දහදාහේ promotion එක ඉෂ්ඨ කරන්නයි තියෙන්නේ..."

" ආ... ඒවා ලෑස්තියි , උඹ බය නොවී හිටපන්කෝ. අනික දැන් අරූ භූමිතෙල් කාපු ගැරඬියා වගේ ඇති නේද බං? "

" කවුද සර්? "

" ඇයි බං , සමරදිවාකරයා..."

" ආ.... මිනිහා ඉතින් කොහොමත් ගැරඬියනේ..."

කොහොම මොනා ලියලා සායම ඇරියත් මොකද කොල්ලට දැන් දැන් සමරේ ගැන දුකත් එක්ක. ' මට සමාවෙන්න සමරේ, මට ඔයාගෙන් වැරැද්දක් වුණේ නෑ. ඒත් මං මේ දේ කළේ මගේ රස්සාව වෙනුවෙන්. මං දන්නවා මේක දැක්ක ගමන් ඔයා කලබල වෙලා මාව හොයන්න ගන්නවා. ඔයා මාව මරලා දාවි. කමක් නෑ , මං මේ හැමදේම කරන්නෙ මගෙ පවුලෙ අය වෙනුවෙන්නේ. ඉතින් මං ඔයාගෙ අතින් මැරෙන්න වුණත් බය නෑ. ' කොල්ලා හිත හයිය කරගත්තේ ඇස් වහගෙන කඳුළු පනින්න ඔන්න මෙන්න තියෙද්දී.

" සර්....සර්...."

ජේකබ් පෝන් එකත් අරන් දුවගෙන ආවේ කලබලෙන්.

මීළඟ කොටසට ...

More Chapters