Cherreads

Chapter 87 - 87EXTRA (BOL)

රන්මලී...

මම හැරිලා බැලුවා....පාට ගියපු චීත්ත ගවුමක් ඇදන් උන්න අවුරුදු දහතුනක දාහතරක වගේ පොඩි කෙල්ලෙක්.....පාටයි....ලස්සනයි.....ඒ වගේම ඇගපත තියනවා.....හැබැයි....කෙල්ල වලව්වෙ වැඩකාරියක්ද කොහෙද ...

මට යන්න හිතුන් නෑ...මට යන්න කොහොමත් හිතුන් නෑ...මට ඒත් මෙතන ඉන්නත් බෑ...කන්ද පහලට ගියෝතින් ඇහෙන්නෙත් නෑ....කෙල්ල දැක්කොතින් ඒකත් හරි නෑ.....හැන්ගෙන්න තැනකුත් නෑ.....

මම ඔලුව කස කස වටපිට බැලුවා....වලව්වෙ මිනිස්සු උන් උන්ගෙ ලෝක්වල.....කොන්ද නවාගන යන වයසක උන්දෙක් මොනවදෝ මිටියක් උස්සන් පිටිපස්සට ගියා...

මැනිකා.....මේ වරෙන් මේ හාල් එළ කොටපන්.....

මමාහන් උන්නා....මොල්ලිගොඩ මැනිකෙලා ඒ මිනිස්සුන්ට හුස්මක් කටක් වත් ගන්න නොදීවැඩ කියනවා.....

රන්මලී.....රන්මලී....මේ කෙල්ල කව්ද.....??? මට දැන් මේ නෑ දෑකම් හොයන්න බෑ.....මට නිතේශ්ව ශෙනෝන්ව හොයාගන්න පුලුවන් උනාට මේ නෑ කම් හොයන්න අමාරුයි...ඇරත්....ඒ හිටපු ඔක්කොම දෙනා මෙතන ඉන්නත් බෑ.....

ගේට්ටු කනු එහා පැත්තෙ ඉදන් වෙන දේවල් බලන් උන්න මම යාගන්න තැනක් හැංගෙන්න තැනක් නැතුව එහා මෙහා වෙවී බලන් උන්නා....

රන්මලී කියන කෙල්ල අනේ ඒකිටත් වඩා බර වතුර පනිට්ටුවක් උස්සන් ආවා.... ඒ ඇවිදින් නිතේශ්ගෙ කාර් එක ගාව තිබ්බා .. ..ඒකි ලව්වා කාර් එක හෝදවන්නද.....ඇයි යකො ඕක සර්වීස් එකකට දාපන්කො මගුල....අර කෙල්ල ලව්වා හෝදවන්නෙ...ඒකිගෙ ඇස් දෙකන් පන ගිහින්....

මම බලන් උන්නා....

.රන්මලී.....

බේබි හාමු.....

අන්න.....අන්න මගෙ හාමුවා...දැන් නම් මට කොහොමත් යන්න බෑ....අර කෙල්ල මගෙ තේශිට බේබි හාමු කිව්වා.....යෝ ඉතින් මගෙ බිබික්කම් සවාන....

සාක්කුවට අත් දෙක දාගත්තු මම ගෙවල යකෙක් වගේ වලව්ව දිහා බලාගන උන්නා...රන්මලියා තෙත රෙදි කෑල්ලක් අරන් කාර් එක අතුල්ලනවා....ඒ අස්සෙන් නිතේශ් කතා කරනවා...කතා කෙරුවට තාම ආවෙ නෑ....

රන්මලී.....උඹ ඉස්කෝලෙ ගියාද?? විභහගෙට ලකුනුකීයද?

බ්බ්බ්..බේබි....හා...මු...මං...ඉතින්...

ඔන්න....ඔන්න...ඔන්න එනවා..අඩේ...මගෙ හාමුවා...අනේ මේකා සරමක් ඇදලා නේද.....කලු සරමක් පැත්තකින් ගරා යකාගෙ මූන තිබුන සරමක්.....ලස්සනයි....කඩවසම්.....

මගෙ දිසානායක හාමු....

කොච්චර කොහොම උනත්...ඒ රූපෙ දැක්කත් ඇති මගෙ හිත පිරුනා....කොච්චර කොහොම උනත් ඇති....මගෙ හිතේ තිබුන වේදනාව එක දශමෙකින් හරි අඩු උනා....

මම බලන් උන්නා....එයා අර රන්මලී කියන කෙල්ල ගාවට ඇවිදින් අත් දෙක පිටිපස්සට බැදගන රවාගන උන්නා...මූ නම් නියම හාමුවා තමයි...

බෙ..බෙ..බෙ...තමයි...උඹට වෙන්නෙ හැමදාම මේ ගුබ්බෑයම් වලව්වෙ ඉදුල් හෝදන්න තමයි...කොච්චර කිව්වත් අහන් නෑ....මේකෙම ඉන්නවා...කියනවා බලන්න ලකුනු?

සිංහලට....

ගනන්...ගනන්....මට ඕනෙ ගනන්...දැන් එදත් මම පොත් වගයක් ගෙනත්දුන්නනෙ...නේ.....

මම බලන් උන්නා....මගෙ හාමුවා කෙල්ලගෙන් ප්‍රශ්න කරනවා.....කෙල බිම බලන් ඉදලා තෙත රෙදි කෑල්ල මිරිකලා අරන් වතුරට දාලා ආයම කාර් එකේ අතුල්ලන්න ගත්තා...කෙල්ලට ගනන් වලට ලකුනු අඩුයිද මන්දා....

මං...ගියේ...බේබි...හාමු....

මොකක්.....ඇයි....ඇයි.....

කාර් එක පොඩ්ඩක් අතුල්ලපු කෙල්ල ආයම නැවුනා...

ඔය...අදත් ගැට තන දෙක එලොයෙ දාන් නේද ඉන්නෙ....??කෝ උඹගෙ බොඩිය...

.අනේ බේබි....හාමූ....නිකන් ඉන්ඩකො

ඇත්තනෙ .....ඇයි...තාම ගෙට උන් නැති හන්දද මම උඹට කියලා තියනව රන්මලී එහෙන් පාත් වෙද්දි මෙහෙන් පාත්වෙද්දි පේන එව්වා ඇදන් එන්න එපාය කියලා ....පස්සෙ කියන් වරෙන්කො නාකි හාමුවා අරහෙන් ඇල්ලුවා...මෙහෙන් ඇල්ලුවා කියලා.....

මේකගෙ තියන වලත්ත කම...අර පොඩි කෙල්ලට කොයන කතාද මේකා මේ කියන්නෙ.....යෝහ්...මූ චුච්චු පෙරේතයෙක් වෙලාද කොහෙද ....ඒත් එයා ඒක කිව්වෙ කිසිම වලත්ත කමකිනුත් නෙවෙ....ඒ දෙන්නා හරියටම අයියයි නංගී වගේ... .. එයා ඒ කෙල්ලට ආදරෙයි ඇයි විභහගෙට නොගියෙ අරක මේක කිය කිය කෙල්ලට බනිනකොට මට හිතුනෙ එක දෙයයි....මගෙ නිතේශ් ඒ කෙල්ලට කවදාවත් වැඩකාර කෙල්ලෙක් ගානට නැහැයි කියන එක විතරයි ....

ඉතින්.. හාමු...ඒ න්නෙ මගෙ...

නවත්තපන්...ඒකට කවුරුත් එකයි....

......

දැන් මට කියපන්කො ඇයි විභහගෙට නොගියෙ....

ලොකු මැනිකෙ කකුල් කැක්කුමක් ඇවිත්

උඹ තෙල සාත්තුව දෙන්න උන්නද??

අනෙ...බේ ....බී...හාමු...! අනීතා මැනිකෙ . දකීවි.....

.මාවත් එක්ක ගැස්සුනා....අර කෙල්ල ලොකු මැනිකෙගෙ කකුල් වල තෙල් ගාන්න නවතින්න කියලා කිව්වා විතරයි එයා එතනම තිබුන මල්පෝච්චියට පයින් ගහුවා...මල්පෝච්චි කුඩු කරන එක තවම තියනවා....

අනීත මැනිකෙ දකීවි?දැකපු දෙන්...දැකපුදෙන්....මුන්ට දාන්න ඕනා නඩු...පලයන්...පලයන් මේ ලබ්බ තියලා දැම්ම ගෙදර පලයන්...

අනේ හාමු....අහන්න හාමු.....හාමු ගියාට පස්සෙ අපිට විසුමක් වෙන එකක් නෑ...බේබි හාමු කලින් වංගියෙත් මට පොත් ගෙනත් දෙනවා දැකලා අර බිනරි මැනිකෙ මොනවද කුටු කුටු ගෑවා.....සුදු අක්කා පාඩම් වැඩක් කියලා දුන්නා කියලා ලොකු මැනිකෙ කිව්වා මේකි අහස අල්ලන්න යන්නද කියලා .....අනේ...එපා අ හාමු....පින් අයිති වෙයිමේ විදිහ හොදයි.....

.ආ....ඇත්තද...උඹ දැන් මටත් උඩින් යන්න එනවානෙ...උඹ මේ දැම්ම...මේ දැම්ම ගෙදර යන්න ඕන..නැත්තන් මම උඹට ගහනව කෝටු පාර හිටින්නම....

අනේ කෙල්ලෙ පලයන්...මටත් ගහපු පාර තවම තියනවා. ....එයා බනින්න ගත්තා ඇයි උනන්දු වෙලා ඉගන ගන්න බැරි අහනවා.....කෙල්ල කියනවා වලව්වෙ මැනිකෙලා බනිනවා කියලා ...

අනේ ඇත්තටම ...උන් හිතන් ඉන්නෙ හැමෝවම වලව්වෙ ඉදුල් හෝදන්න ගන්න....උන් හිත් ඉන්නෙ හැමෝවම උන්ගෙ පයට පාගන් ඉන්න....ඒ අතින් මගෙ නිතේශ් කියන්නෙ වලව්වෙ ගල් කැට අස්සෙ ඉන්න මැනිකක්....එයා අර කෙල්ලට බැන බැන උගුරැස්සගහ ගාවට ගියා ගිහින් කෝටුවක් කඩා ගන්නකොටම කෙල්ල කෑ ගහන්න ගත්තා....අනේ හාමු එපා බේබි හාමු එපා....අනේ නිතේශ් හාමු...ගගා කෙල්ල කෑගහනකොට එයා කෝටුවෙ තිබුන කොල කඩ කඩ දුවපිය ගෙදර කිය කොය බනිනකොට අනේ අරකි වලව්ව පිටිපස්සෙන් පැනලා දුවන්න ගත්තා වගේම එයා ඇදන් උන්න සරම කැහැපට ගහන් කාර් එක පිහන්න ගත්තා ....

සුදු මහත්තයා ... 

.ආයමත් ගෑනු කටහඩක්....කාර් එක පිහ පිහ උන්න එයාට ආයම කවුරු හරි කතා කෙරුවා ...එයා පිහන එක නවත්තලා කෙලින් උන්නා.....

චරස්...චරස්.....චරස් ....චරස්....

මට ඇහුන් නෑ හැබැයි මට ඒක දැනුනා...සුදු වැලි දාල තිබුන මිදුලෙ තියන අඩියක් ගානෙම ගල් කැට පොඩි වෙන හැටි මට දැනුනා.....ලා කහපාට ඔසරියක්...රැලි වැටුන නෙරියක්...ඉන වට බැදපු හවඩියක්....අගස්ති මාල දෙක තුනක්...තනි කෙලින් ඉන්න ගෑනු රූපයක් .....ගෙඩිය බැදපු තනි කලු කොන්ඩයක් ....

හැබැයි එතනින් එහාට මගෙ කෙල ගිලුන් නෑ....මගෙ ඇගෙම ලේ එක පාර ගල්වෙලා ගියා වගේ උනා.....මට කත කරගන්න තියා හිටගන්නවත් බැරි උනා...

අම්මා.....

..ඇයි සුදු මහත්තයා රන්මලිය ලව්වා හෝදවන්න එපැයිනෙ

.ඕන් නෑ....

..ඕන් නෑ කියන්නෙ උඹලා ඔව්වා හෝදන්නද?උඹලගෙ වැඩට උන් ඉන්නවනෙ .....

මම අහන් උන්නා එයාගෙ අම්මා බනිනවා. ඇයි අර කෙල්ලව අඩගහගත්තෙ නැත්තෙ කියලා...එයා ගානක් නැතුව කාර් එක පිහිනවා....ඒත් මොල්ලිගොඩ මැනිකෙ එයාට එහෙන් මෙහෙන් ආඩ පාලි කියවනවා....

අම්මා.....පොඩ්ඩක් පැත්තට වෙනවද??ඒකිවම ඕනද...ඇරත් අත්තම්මා කෙල්ල ලව්වා කකුල් වලට තෙල් අතුල්ලවන්.....ඒකිට විභහගෙට යන්නවත් දීලා නෑ මොන සක්කිලි වැඩද අම්මා ඔව්වා...

.. නිතේශ්!!!

කට පියන් ඉන්න කියන්නෙ කට පියන් ඉන්න...වෙන දේවල් වලට නෙවෙනෙ...හැම දේම ඒ කෙල්ලම කරන්න ඕනද??මටත් අත පය දෙකක් තියනවා ...මට කරගන්න බැරි කමක් නෑනෙ.....

.

කට පියන් ඉන්න.....කටපියන්න උන්නා නම් හොදට හිටි....

.අම්මා....ආයම පටන් ගන්නද යන්නෙ?? ආයම???

.එයා අතේ තිබුන තෙත රෙදි කෑල්ලෙන් බාල්දියට දමලා ගැහුවා... .එයා කාර් එකේ එනකොට උන්න විදිහටම අයම මූන කලුකර ගත්තා...

ඔයාලා මට සැනසීමක් දෙන්නෙ කවදද කියන්න අම්ම...කියන කියන දේ කරනවා නම්...මටයි කියලා නිදහසක් මට දෙන්නෙ නැද්ද....මටයි කියලා....නෑ එක්කො ඕන් නෑ...මටයි කියලා නිදහසක් මොකටද ...මටයි කියන හැමදේම නැති කරල දැම්මට පස්සෙ...

.සුදු මහත්තයා ....නිතේශ් ....නිතේශ් ...

.එයා යන්න ගියා .... එයා යන්න ගියා.....බාල්දියටත් ඇනන් සරමත් පැත්තකින් උස්සන් එයා යන්න ගියා.....තමත් නිදහසක් දෙන්නෙ නෑ...

අනීතා....

දහම්....

ඇයි අර ළමයා කෑ ගහන් යන්න ගියේ...?

අනීතා....එහෙනම්....මොල්ලිගොඩ මැනිකෙගෙ නම අනීතයි....මගෙ අත මිටිමෙල උනා.....මම අඩියෙන් අඩිය පස්සට ගියා....මට ඒ මූන දිහා තවත් බලන් ඉන්න බැරි කමක් දැනුනා.... ....මම එන්න හැදුවත් ඇහුන පිරිමි කටහඩ එක්ක මම ආයම නැවතුනා...

කෑගහන් යන්න ගියා කියන්නෙ වචනයක් කියන්න බෑ....වචනයක් කියන්න බෑ.....අර කොහෙවත් යන එකියක් එල්ල ගත්තුදා ඉදලා මූට වචනයක් කියන්න බෑ....ඔයාගෙත් බුරුල වැඩීයි දහම්...ඔයාගෙත් බුරුල වැඩී....

අනීතා දැන් ලමයා කිව්වනෙ ඒ කෙල බැදලා කියලා ....අනික තමුන් අම්මත් එක්ක ගිහින් ඒ කෙල්ලගෙ ගෙවල වලත් කෑගහලනෙ ..නේ දැන් ඒ කෙල්ල නෑ....කොල්ලට පාඩුවෙ ඉන්න දෙනවා අනීතා...අවුරුදු දවසෙවත් සැනසීමක් නෑ.....

සැනසීනක් දෙන්න හින්දා තමයි අම්මයි අපියි කට කැඩෙනකන් කියන්නෙ පෑහෙන තැනින් කටයුත්ත කරන්න කියලා ...කොහොමත් සුදු දුවගෙ කසාදෙන් පස්සෙ සුදු මහත්තයගෙ කසාදෙ කරනවා.....

උඹලා ඔක්කොටම පිස්සු අනීතා.....දෙයක් වෙලා ගින්න නිවෙන්න කලින් ආයම ගිනි තියනවා....උඹලා ඔක්කොටම පිස්සු...

මම අනිත් අතට හැරුනා....මම කෙලිම්ම අනිත් අතට හැරිලා පස්ස නොබලා එන්න ආවා...මම වචනයක් අහන්නවත් හිටින්නෙ නැතුව එන්න ආවා.....

කරුමෙ පඩිසන් දෙන එක ඉවර නෑ.....කරුමෙ පඩිසන් දෙන එක දැන් වත් ඉවර නෑ.....මම කෙලිමම කාර් එකට දිව්වා....මට එක තත්පරයක් මේ වලව්ව ගාව ඉන්න හිතුන් නැතිවෙනකොට මම කාර් එකට දිව්වා..මට තුන් මූනින් දාඩිය දාලා....

ශෙනෝ ...න්...ශෙනෝන්.....

.ශෙනෝන්ට කෝල් එකක් ගමු.....

මම වෙව්ලන ඇගිලි එහා මෙහා කරලා ශෙනෝන්ට කෝල් එකක් ගත්තා....

රිංග් වෙනවා....ආන්ස්වර් කරන්නෙ නැ...කලවය උඩ තිබ්බ අතේ අගිලි නටනවා ..

මේ යකා ආන්ස්වර් කරන්නෙ නෑ මොන මගුල කරනවද මන්දා ඇයි යකො.....

ආන්ස්වර් කරපන්කො.....

මම කෝල් එක කට් කරල ආයාම ගත්තා.....

හලූ....

ඇති යාන්තන් ආන්ස්වර් කෙරුවා ...ඒත්....ශෙනෝන් නෙවෙ....අර ඇටයා ...

ශෙනොන් ඉන්නවද.....

කව්ද මේ....?

.මම එයාගෙ යාලුවෙක් .....ශෙනෝන් ඉන්නවා නම් පොඩ්ඩක් දෙන්න පුලුවන්ද ??

පොඩ්ඩක් ඉන්න...සෙනොන් ...සෙනෝන්.....මේ ඔයාට කෝල් එකක් සෙනෝන්...

මම අහන් උන්නා....අරකා බෙරිහන් දෙනවා.....අරූ තාම නෑ...

පොඩ්ඩක් ඉන්න අනේ...අපේ සෙනෝන් පොල් ගානවා...දෙල් උයන්න පොල් ගානවා....

මට මෙහෙන් ගිනි පත්තු වෙලා ඉන්නවා මූ මගුලක් කියනවා.....

සෙනෝන්....ඔය පොල් ගෑව ඇති....මේ කෝල් එකක්...කෝ...අහකට යන්න...යෝ.....සෙනෝන්....ඇයි සෙනෝන් මේ අහකට...අහකට.....පොල් ටිකක් ගගන්න බෑනෙ...මෙව්වා කකුලෙන් පාගලා කිරි ගන්නද...නිතේස්ටත් බෑ ඔයාටත් බෑ...ඇයි වදේ....අහකට පලයන් සෙනෝන්...

ඇත්ත...මුන් දෙන්නට පොල් ගාන්න බෑ තමයි.....

ලයින් එකේ උන්න මම මිමිනුවා.....

හෙලෝ....

ශෙනෝන්....මේ මම

කියන්න විතේන් ...ඇයි....හදිස්සියක් ද?

හදිස්සියක්ද....මොකක්ද කියන්න මම දන්නෙ නෑ...ශෙනෝන්.....අනීතා....අනීතා කියන්නෙ...???

ම්ම්ම්.....

ම්ම්...ගාන්නෙ....ම්ම්..ගාන්නෙ...මගෙ නිතේශ් ඉන්නෙ.....ඒ ගෑනි ගාව....ම්ම්...ගාන්නෙ...

මම ස්ටියරින් වීල් එකට ගැහුවා....කලින් පාර මාව කෑවෙ කොහොමද මේ පාර එයාව කයි කියන බය එක්ක මම ශෙනොන්ට කෑ ගැහුවා.....ඒ මදිවට...අප්පච්චි ....අප්පච්චිත් ඉන්නවා...එහෙන්....අප්පච්චි එයාට අප්පච්චි උනා විතරක් නෙවෙ.....තවත් කොස්සක් එතන තිබුනා....

විතේන් ...මේ අහන්න..මේ අහන්න....කලබල නොවී මේ අහන්න.....

කලබල නොවී අහන්න කලබල නොවී අහන්න කියන්නෙ..... ඒ ඉනෙ....ඒ ඉන්නෙ යක්කු බැදන් වැඩගත්තු මාව කාපු ගෑනි විතේන් ...ඒ ගෑනි..ගෑනි ගාවද මගෙ නිතේශ් ඉන්නෙ...ඒ ගෑනි ගාවද මගෙ.....අග්නි ඉන්නෙ....ඒ ගෑනිටද මගෙ අග්නි අම්මා කියන්නෙ......???

මම කෑගැහුවා.....කලින් දවසක මමම අම්මා කියපු කුවන්නා මේ ආත්මෙ අග්නිගෙ අයිතිය තවත් වැඩියෙන් ලියාගන තියනකොට මම ස්ටියරින් වීල් එකට ගගහා කතා කෙරුවා .....

.විතේන් ..මනුස්ස ආත්මයක් ප්‍රාර්තනා කෙරුවට.....හොද අම්මෙක් ප්‍රාර්තනා කරන්න අමතක වෙනකොට ...මොකක්ද විතේන් කරන්නෙ...අනික ..අපි හැමෝම අවසානම මොහොතේ කරපු ප්‍රාර්තනා යතාර්ත උනා වගේම ..ඒ ගෑනිත් අව සිහියෙන් මැරිලා ගියත්...මොනවා ප්‍රාර්තනා කෙරුවද කව්ද දන්නෙ විතේන්....

මම ඔලුව වැනුවා..මගෙ ඔලුව දැන් කුරුවල් වෙලා ගිහිල්ලා...මට කියන්න ඕනෙ කරන්න ඕනෙ මොනවද හිතන්න බෑ...එයා කියනවා මනුස්ස ආත්මයක් ප්‍රාර්තනා කෙරුවට හොද අම්මෙක් ප්‍රාර්තනා කරන්න බැරි වෙන්න ඇතිලු.....කුවන්නත් අවසිහියෙන් මැරුනට මොනවා ප්‍රාර්තනා කෙරුවද දන්නෙ නෑලු....අපිට මතකයි නම්....ඒ ගෑනිටත් මතක තිබුනොතින් ....එ අස්සෙන් තව වලව්වක කසාදෙකුත් කියනවා ඇහුනා.....

මම නලල මිරිකගත්තා....කුවන්නා උන අම්මා අප්පච්චි එකම තැන....ඇරත් ..අප්පච්චි එහෙන් .....

මම එහෙම්ම සිගරට් එකක් අව්ලගත්තා. ශෙනෝන් තවම ලයින් එකේ ඉන්නවා.....

ශෙනෝන්.....

.අහන් ඉන්නෙ.....

දැන් උඹට මට මතක නම්...

මතක තියෙන්නෙත් පුලුවන් . ..නැති වෙන්නත් පුලුවන් හැබැයි.....කුල මල ලොකුවටම ලොකු කරන් ඉන්නවා විතේන් ....

අනේ ...මේ හාමු පට්ටන් ...පිත්තල බොත්තන් අල්ලපු කෝට් බෑව දාන් හාමුවා එනකොට අපි බිම දිගා වෙන්න ඕනද.????

ශෙනෝන් කියනවා කුලමල ලොකුවටම යනවා කියලා ...ගිය පාරත් පෑහෙන්නෙ නෑ...පෑහෙනෙ නෑ ගාපු කුවන්නා...මේ පාර ආයම බෙල්ල මුලින් හිර කරන්නම මගෙ නිතේශ්ව අල්ලගන...එකම පිරිමි පරානෙ...කිසිම ජීවිතයක් දීලා නෑලු....ශෙනෝන් ආය ආයම කියනවා.....එයා කියනවා සමහර විට මතකත් නැතිව ඇතිලු... වැට උඩ....එහාටත් නෑමෙහාටත් නෑ....

.විතේන් ...

ම්ම්ම්ම්ම්...

මම පොරොන්දු උනා...ඒ වගෙම උඹත් මට පොරොන්දු උනා.....

මම මගෙ පොරොන්දු කඩන්නෙ නෑ ශෙනෝන්...

අවසාන තත්පරේ වෙනකන් මම උඹගෙ ගාව ඉන්නවා...

හෙට....අද නෙවෙ...හෙටම නිතේශ්ට කෝල් එකක් ගනින්.....අරන් මම නම්බර් එක ඉල්ලුවා කියපන්...මගෙ අක්කගෙ වෙඩින් එකට...මට කියන්න ඕන කොහොමද කියන්න මේ වෙලාවෙ ඔලුවට එන්නෙනෑ ශෙනෝන්....කතා කරන්න .මට එයාව ඔය වලව්වෙ තියන්න බෑ.....ඇරත්..මම හොදටම දන්නව..මේ හැම මතකයක්ම හේදිලා යාවි.....එහෙම වෙන්න කලින්...

.මම බලාගන්නම්.....

සෙනෝන් .....මේ මේකට ලුනු ඇතිද බලන්න ඒයි.. ....පාවෙන මිරිස් දාපු පරිප්පුවට. ....

ම්ම උන්නෙ නලල මිරිකන් අරූ එහෙන් ලුනු බලන්න කතා කරනවා....මම එහෙම්ම කෝල් එක කට් කරල දාලා කෙලිම්ම වැව රවුම ගාවට එන්න ආව....

අනේ මතක තියෙන්න එපා...මතක තියෙන්න එපා....

මම වැටෙන හුස්මක් ගානෙම ප්‍රාර්තනා කෙරුවෙ ඒක ....කුවන්නට මතක හිටින්න එපා කියන එක...මම වැටෙන හුස්මක් ගානෙම ප්‍රාර්තනා කෙරුවෙ අපායකට වැටිලා ඉන්න මගෙ නිතේශ්ව බේරන්න කියන එක...

නුවර වැව රවුම...

හෙට අවුරුදු ..... ...නුවරට අවුරුදු ....මිනිස්සු තවම දුවනවා...තවම බලු මලු උස්සන් දුවනවා..මේ හැමොම එදා වේල හොයාගන්න මිනිස්සු .....මාස් පසි කාරයන්ට බෝනස් හම්බෙන මිනිස්සුන්ට අවුරුදු තිබ්බට හැමෝටම අවුරුදු කොහෙන්ද...

මම වලාකුලු බැම්ම දිහා බලාගන උන්නා.. ...නුවර වැවෙ රැලි ගහනවා... සුදුපිරුවටයක් එතුව වාගෙ සමානවම....දලදාව දිලිසෙනවා....පල්ලියෙ දනගහන මට බුදු සාධු ගාව අත් එකතු කරලා ප්‍රාර්තනා කරන්න කැප‍යිද මන්දා....

නැතුව ඇති.....ආගමකට කොහෙන්ද තහනමක්....???

ඈතින් පේන දලදාව දිහාබලාගන උන්න මම කාර් එකෙන් බැස්සා...බැහැල එහෙම්ම වැව රවුමෙ බංකුවක් ගාවට ගියා..ගිහින් ඉදගත්තා .....

නුවර ලස්සනම හවසට කියනවා.....

මම මීට කලින් නුවරට ආදරේ කරලා නෑ.....ඒත් .... උඹ හින්දම මමත් නුවරට ආදරේ කරාවි මගෙ නිතේශ් ...මට කියපන් අග්නි ..කවදද උඹ ආයමත් මට "මම උඹට මැරෙන්න තරන් ආදරෙයි" කියන්නෙ මගෙ අග්නි .... 

අනේ බුදු හාමුදුරුවනෙ....අපි කල්පයක් ඉදන් පතාගන එන උන්.....අපි සංසාරයක් පුරාවටම අත් අල්ලන් යන්න බලන් ආව උන්....එක කුලේකින් තවත් කුලේකට මාරු උනාට ආදරේ එහෙම මාරුකරන්නෙ කොහොමද හාමුදුරුවනෙ...

මම දලදාව දිහා බලාගන මගෙ නිතේශ්ව ප්‍රාර්තනා කෙරුවා ...එයාව රකින්න කියලා ප්‍රාර්තනා කෙරුවා .....ඉස්සරහට මොන ගින්දර ආවත්...හිත හයිය කරන් මට එයා එක්කම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කෙරුවා ...දෛවය සරදම් කරන්න ගන්නෙ නිකන් නෙවෙ.....කලින් ආත්මෙක මාව මරපු කුවන්නම ශිවන්ට අම්මා උනා..... එතනත් ගිනි පත්තු කෙරුවා ...දැන්...කුවන්න අනීතා වෙලා..මගෙ අග්නිට අම්මා වෙලා.....

මේක සංසාරගත ආදරයක්...වගේම සංසාරගත වෛරයක් ....උඹ කිව්වා හරි මගෙ අග්නි....මොන දේ උනත් ..උඹගෙ ශිවන් දැන් හයියයි.....

මම එහෙම්ම වෙලාව ගනන් හදලා අම්මට කෝල් එකක් ගත්තා .....නුවර වැවෙන් එන සීතල හුලග වගෙම ගහක අත්තක වහල මුලු නුවරටම ඇහෙන්න කෑ ගහන කොහාගෙ පිරිමි එකා කොහෙද දන්නෙ නෑ...මම එහෙමත් හිතුවා...

රින්ග් වෙනවා....මේක ඊලග ප්‍රශ්නෙ .ශෙනෝන්ට කියන්න පුලුවන් දේවල් තියනවා බැරි දේවල් තියනවා.....

.හෙලෝ...

හ්..හෙලෝ....

අම්මි.....

මම අම්මට කතා කෙරුවා ..ඒ කටහඩ නිදි මතින් බර වෙලා...

පුතූ....

අම්මි..නිදිද?

නින්ද ගියා.....අසනීපයක්ද...හඩිස්සියක්ද....

නැත්තන් සල්ලි උවමනාවක්ද....ඔයා හොදින් නේද .....බෙහෙත් බොනවා නේද.....? අනේ අම්මට කියන්න පුතේ...

යෝ..නෑනෑ...අම්මි නෑ...නෑ.....බය වෙන්න එපා....

එක අම්මගෙ හැටි.....අම්ම මගෙන් කෝල් එකක එනකොට ගිනිගන්නවා....මොනව කරන්නද...අම්ම බය නොවෙයිද මම උන්න විදිහට.....

එහෙනම්..

අම්මි....දෙයක් අහන්න ගත්තෙ...දෙයක් කිව්වට...

කියන්න.....

.අම්මි..මගෙ...නම.....

ඔව්....

මගෙ නම....අම්මි හදපු එකක් නෙවෙනෙ ...

.තාත්ති දැම්මෙ....

.ම්ම්ම්...දන්නවා ..

..විතේන්....අහන්න හදන්නෙ මොකක්ද ...වටින් ගොඩින් නොයා මට කෙලිම්ම කියන්න..

අම්මගෙ කටහඩේ තිබුන නිදිමත සම්පූරනම නැතුව ගියා....කලවය උඩ තිබුන මගෙ අතේ ඇගිලි කිටි කිටියට මෙලවුනා...

අම්මි....මගෙ නම දැම්මෙ.....දහම්....කියලා...එක්කෙනෙක්නේ.....

..ඉතින්...ඔව්...දැන් මොකද?

දහම් කියන්නෙ....තාත්තිගෙ කව්ද

.විතේන් ...කෙලින් අහන්න තියන දේ අහන්න....කෙලින් අහන්න තියන දේ අහන්න මගෙ ඔලුව විකාර නොකර.....අනික තාත්ති කියලා තියනවා නේද ඔය නම කියන්නවත් එපාය කියලා ආ??

කියන්න එපාය කියලා තියනවා නම් ඇයි අම්මි ඔයයි තාත්තියි දෙපැත්ත වෙලා ඒ දිසානායක ගැන හිත හිත ඉන්නෙ තවම???

..විතේන් ...

එහා පැත්තෙන් උන්න අම්මා කෑගැහුවා .....තවමත් වොලට් එලේ හැංගිලා ඉන්න දිසානායක හාමු කියන්නෙ මගෙ තාත්තගෙ ආදරේ වෙනකොට විතේන් නෙලීශ කියන නම දීලා තියෙන්නෙ එයයි.....කරුමෙ ගියා ආත්මෙ අප්පච්චි වගේම..මේ අත්මෙ මගෙ තාත්තගෙ ආදරෙ එක මනුස්සයෙක් වෙනකොට දෛවය මාව උස්සලම පොලවෙ ගහලා තිබුනා.....

අම්මි...දිසානයක අංකල්ව..මං....දැක්කා.....මම....

..විතේන් තමුන් කොහෙද ඉන්නෙ කියනවා....තාත්ති දැනගත්තොත් මට වත් තමුන්ටවත් විසුමක් වෙන්නෙ නෑ විතේන් .....

දිසානායක අංකල්ව දැක්කා කිව්වා විතරයි පුතු කිය කිය උන්න අම්මා කෑ ගහන්න ගත්තා....ළඟ උන්නා නම්.මම අනිවාර්යයෙන්ම මැරුම් කනවා වගේ දෙයක් උනේ වෙනකොට මම දලවදාව දිහා බලාගන උන්නා.....මේ අපි හම්බෙන අවසානම ආත්මෙ උනාට කමක් නෑ හාමුදුරුවනෙ නෙ ආතෙම්දි වත් ..අපිට සතුටක් සැනසීමක් දෙන්න...

නිතේශ්ගෙ අප්පච්චිව දැක්කයි කිව්වම අම්මා කෑගහනවා....මම එ මනුස්සයගෙ පුතාට ආදරෙයි කියලා දන්නවා නම්....මාව ඇවිත් ඇදගන යනවා.....

අම්මි....කලබල වෙන්න එපා .කලබල වෙන්න එපා පොඩ්ඩක් මම කියන දේ අහන්න . .මම කියන දෙ අහන්න අම්මි...මම කියන දෙ අහන්නකො.....

.අහන්න.....අහන්නම්...හරි කියන්නකො බලන්න.....

මම එයාට ආදරෙයි.....මම එයා

JESUS CHRIST !!! විතේන්....ඔලුව හොද නැද්ද විතේන් ...තමුන්ගෙ තාත්තගෙ .....ඇරත්....තමුන්ගෙ....තාත්තගෙ වයසේ.....හොයා ගන්න එකෙක් උන්නෙම නැද්ද අර නාකි හාමුවට

.ඒක ඊටත් හපන්....අම්මා ඔක්කොටම හපන්....මම කියන්න ගියේ මම නිතෙශ්ට ආදරෙයි කියකා වෙනකොට අම්මා හිතුවෙ මම තාත්තගෙ කලින් කෑල්ලට ආදරේ කරනවා කියලා ....එයා බනිනවා කෑගහානවා....තාත්තා තවමත් හිතනව කියනවා ලැජ්ජා නැද්ද අහනවා...උඹ ඕන කියපු එකාවත් දෙන්නම් කියපු තාත්තටද ඔහොම කරන්නෙ අහනවා...

ලැජ්ජයි විතේන් ...ලැජ්ජයි...තාත්තිගෙ මූනවත් බලන්නෙ කොහොමද

.දෙයියන්ගෙ නාමෙට අම්මි....කියන්න කලින් ඉවර කරන්න දෙන්න...මගෙ ජීවිතේ මට ගැනු එපා වෙන්න ඔය හැච හැචේ හින්දා..... කියන්න ගන්න දෙයක් ඉවර කරන්න දෙන්නෙ නෑ...මැදින් ඇඩ් දානවා...නඩුයි බඩුයි ඔක්කොම එයාලගෙ...

.හා කියනවකො බලන්න

මං...මං ආදරේ ඒ හාමුවට නෙවෙ අම්මි....මං ආදරේ ඒ හාමුවට නෙවෙ.....

එහෙනම්....ඒ හාමුවට නෙවෙ...කිසිම හාමුවෙක් එපා....

අම්මි....පොඩ්ඩක් මටත් කතා කරන්න ඉඩ දෙන්න...

.වැව රවුනෙ ඉදගන උන්න මම් ඊලග පාර කෑ ගැහුවා....

හරි...

මම නිතේශ්ට ආදරෙයි.....අම්මි...මම දහම් අංකල්ගෙ පුතා නිතේශ්ට ආදරෙයි.. .....ප්ලීස් .....

.මං හිතන්නෙ නෑ විතේන් .....දිසානායක කෑල්ලක් ගෑවුන තැනකවත් උඹට ඉන්න දේවි කියලා ..ඕක දැනගත්තොත්..මෙ දැම්ම තාත්ති ටිකට් කරයි

මෙහෙ එන්න....??

නෑ..උඹට මෙහෙ එන්න.....ඕක හරියන් නෑ විතේන් ...මම කැමති උනත් ....තාත්ති කවදාවත් ඔය වලව්වලට හේත්තු වෙන්න දෙන්නෙ නෑ...

එහෙනම්...එයා තාම ඔය එයා ගැන හිතන්නෙ .

හිතන එක වෙනයි....තාත්තා කෙනෙක් කවදාවත් තමන් වැටුන වලේ ලමයිට වැටෙන්න දෙන්නෙ නෑ...ඇරත්.....ඔය දිසානායක බැදලා ඉන්නෙත්

..මොල්ලිගොඩ ....

.පේනවනෙ...නමේම තියන උද්දච්ච ගතිය...උඹ ඕන එකෙක් ඉල්ලපන්...හිගන්නෙක් හරි...අම්මයි තාත්තයි කැමැත්ත දෙනවා..ඒත් විතේන් ඔය වලව්වට නම් බෑ..මම හා කිව්වත්....තාත්ති .....මම හිතන් නෑ....

අම්මා යුද්දෙ ප්‍රකාශ කරන්න ගත්තා ඕනම එකෙක් හිගන්නෙක් හරි කමක් නෑලු... ඒත් දිසානායක් නැතුවලු...තවත් ප්‍රශ්නයක්...තාත්තා කියන චරිතෙ නම්ම ගන්න මට සන්නි දහාටම නටන්න වෙනවා.....

අම්මි....ඕනම එකෙක් කියන්නෙ....කොච්චර තෝරු මෝරු උන්නත් වැඩක් නෑ...මම ආසම පාන්කිරිත්තා නැතිව...

විතේන්...

විතේන් නෙවෙ ලෑස්තිවෙලා ඉන්න දිසානායක හාමුවව බෑන

කරගන්න..මං ඕකව බැදලමයි පස්ස බලන්නෙ. .....එක්කො හොදින්...නැත්තන් නරකින්.....මං ඕකව බදිනවා බදිනවා බදිනවමයි ....

බීප් ...බීප්...බීප්....බිප්ප්!!!!

.

..🤓ජොබීත නිදහස දෙන්න .....

.ආයම යේ යේ එක්ක එනකන්...මුව පැතියා බුජී....ඔය ලමයිනුත් බුජියන්න

මම....

Ferdeesha ❤️💚😘 .....

More Chapters