උඹ ඔය නොදරුවව අරන් මේ මහ රෑ යන්නෙ හෙට උදේට පලයන්කො මයෙ පුතා.....
ඕන් නෑ අප්පච්චි .....පාන්දර ගියත් මම කොල්ලව අරන් වැඩට යන්නෙ කොහොමද?
යෝ....එක්කො ඕකව දීලා යමන් අපිට බැරි කමක් නෑ ලමයව බලාගන්න....
දැහැමීනී ගාව නැවතිලා උන්න මම අවසානෙදි නැවතුනෙ දැහැමීනීගෙ බෙල්ලෙන් ඇදගන කතුරුමුරුංගා ගහේ ගහපු තැනින් වෙනකොට ඒකි ඇස් රතු කර ගත්තා .....පුලුවන් නම් අරන් බලපන් කිව්වා ...මගෙ තරහව මටත් දරාගන්නම බැරි තැන දැහැමිනීගෙ කන හරහා වැදුන පාරට අහක උන්න චුට්ටමා මාව ඇදගන ගියයින් පස්සෙ කාර් එක අරන් ගෙදර ආව මම අනිත් පාර අප්පච්චි බෙදලා තිබ්බ බත් පත දිහා වත් නොබලම ගුලි කරපු ඇදුම් ඔබපු බැගේජ් දෙක වගේම ලමයගෙ සෙල්ලම්බඩු ඔක්කොම එක හුස්මට කාර් එකට ඔබන්න ගත්තා ....
මම ගෙට යන යන පාර අප්පච්චි මගෙ පස්සෙන් එනවා...හෙට යන්න කියනවා...කොල්ලව තියලා යන්න කියනවා....මේ ගෙදරට ඉන්න එකම සාපෙ මම වෙනකොට මට අම්මා අප්පච්චිට මම හින්දා වේදනාව උහුලම්න දෙන්න හිතන්නම බැරි තැන මම අප්පච්චි කියන වචනයක් වත් කනට ගන්නෙ නැතිව උන්නා....
ලමයව තියලා යන්නලු.....මම කොහොමද ලමයව තියලා යන්නෙ...ඕකි ලමයට ලන්වෙන්න හදන්නෙ වෙන මොකටද....එදා අග්නිම කිව්වා අග්නිගෙ ඒ දුවන එකම එකා නිඛිල් කියලා ...එහෙම වෙච්ච කොට මේකි කිසිම දෙයක් නොදන්න නොදරුවට මොනවා හරි ගිල්ලලා තිබ්බොත්....?
නෑ...නෑ..ඒක හරියන් නෑ....ඒක කොහොමත් හරියන් නෑ....
අප්පච්චි අම්මගෙ කකුලත් බැරිව මේ ගෙදර වැඩත් තියන් කොල්ලව බලාගන්නෙ කොහොමද මූ දැන් දුවන පනින වයස.....එක තැනක ඉන්න එකෙක් නෙවෙ.....
ඇයි උඹලා දුවන පනින වයසෙදි හැදුවෙ වෙන උන්ද...මගෙන් මොකුත් නාහා ඉදපන්....
අප්පච්චි ...අප්පච්චි මම පොඩි කාලෙයි මේකා පොඩි කාලෙයි කියන්නෙ දෙකක් අප්පච්චි ....අම්මගෙ වැඩ එක්ක වෙදගෙදර වැඩ එක්ක අප්පච්චි කොහොමද ළමයා ගාවත් ඉන්නෙ...මට පුලුවන් ළමයා බලා ගන්න.....
වචනයක් වත් නොකියම ඉස්තෝප්පුවෙ පුටුවට වෙලා අම්මා බලන් උන්නා....අප්පච්චි සැරින් සැරේම නින්ද ගිහින් උන්න කොල්ලා දිහා බල බල අනම් මනම් කියනවා...අප්පච්චි ගෙ පන .....අම්මා අප්පච්චි ලමයට මටත් වඩා ආදරේ කරනකොට අප්පච්චිට කොල්ලව මට දෙන්න හිත හදාගන්න බැරි උනාද කොහෙද .....
ඔන්න ඕකව අරන් යන්ඩ දෙන්ඩ අපෙ මහත්තයා...මේකටත් සාංකාව හැදෙයි කොල්ලා නැතුව...අපි කොච්චර කිව්වත් බෑනෙ .ඌත් අප්පච්චි කෙනෙක්නෙ
ඒ උනාට හාමිනෙ.....
ඔහේ ගිහින් අර බෙදපු බට් එක අරන් එන්ඩ....දැන් ඔය යන්ඩ හදන්නෙ බඩගින්නෙ නෙ.....
අප්පච්චි හැදුවෙම අවසානම තත්පරේදි හරි මගෙ හිත හදන්න වෙනකොට අම්මා මේ සටන දිනන්න බැරි බව දන්න හන්දමද කොහෙද අවසානෙදි පරාජෙ බාර අරන් අප්පච්චි ලව්වා බෙදපු බත් පත ගෙන්න ගන්නකොට වෙනදට බුලත් දීලවත් ගෙන්න ගන්න අමාරු චුට්ටමා එකගෙ පූසවත් තුරුල් කරන් එහා මෙහා යන මා දිහා බලන් උන්නා...
දන්නව නම් මේ බඩකඩිත්තුව ගේන්නෙ යන්ඩයි කියලා මම එන්නෙත් නෑ ...මගුල.....උඹට බැරිද අපේ අමන්දියව බැදලා මෙහෙ ඉන්ඩ ...ඈ අයියෙ?
ඒකා..මරු කියවනවා...අමන්දියව බදින්ඩලු...ඒකිව බැදලා මෙහෙ ඉන්ඩලු....
උඹට පිස්සුද බන්...
නෑ ඉතින්....ඕකිව දෙන්ඩ වාහෙ කෙනෙක් හොයන්ඩත් අමාරු වෙයි අපිට....අප්පච්චි කිව්වෙ ඔකිට කොහිල කොටුව හරියෙන් ඉඩන් කෑල්ලක් දෙනවා කියලා ...දැවැද්දත් දෙන එකේ.....බැදගන්න්න්වකො...නේ වෙද නැන්දෙ.....
අනේදකියන්නෙ....මයෙ පුතා උඹට අමන්දියව කතා කරල දෙන්ඩද.....?
අම්මටත් මුගෙ වගේම මොලේ කොලොප්පන්ද අම්මෙ...?
යන්න යනවා කියලා හරි හරියට බඩු ලෑස්ති කෙරුවත් මගෙ මූන තිබුනෙ කලු වෙලා...හිතේ දුක මූනෙන් පිට දානකොට අම්මා හිතන් උන්නෙ මම ගෙදරින් යන දුකට විතරක් හිත රිදවන් කියල වෙනකොට අම්මත් නොදන්න තවත් වේදනාවක්.තිබුනා.....
අග්නි...
කොහෙ ඉන්නවද....මොනවා කරනවද.....කව්ද දන්නෙ...
මම වෙරලු ගහ දිහා බැලුවා....හුලගක් නැතිවත් ගහ හෙල්ලෙන දවස් ඉහේ කෙස් ගානට තිබ්බත් අද හුලිහුලගක් ආවත් ගහ හෙලවෙන්නෙ නැතිව යයි කියලා හිතෙන තරමට ගහත් ගල් ගැහිලා උන්නා.....
මං ආයම බෙල්ල හරවලා දේවාලෙ දිහා බැලුවා ...අග්නි නෑ.....
අග්නි නැද්ද නැත්තන් නැහැ වගෙ රගපානවද ????
මං උඹව එපා කියලා පරසක්වල ගැහුවත් එපා කියලා ප්‍රතික්ශේප කරන තරමටත් වඩා මට උඹව ඕනා අග්නි.....
මම ඔහේ එල්ලෙන රතුපාට දොර රෙද්ද දිහා බලන් ඉදලා අම්මා දිහා බැලුවා .....
අම්මා.....
ම්ම්ම්....
මං තීරනයක් ගත්තා .....
මගෙ ඇස් දෙක දේවාලෙ ගාවට ගියා ....මට ඕන උනෙ අග්නි ඉන්නවද බලන්න .....කපටියි....අග්නි කියන්නෙ ආදරේට ....තරහවට තවත් නමක් වගේම වෙලාවකට කපටි කමට සමාන වචනයක් ....මම තීරනයක් ගත්තා කියන ගමන් මං දේවාලෙ දිහා බලන් ඉදලා ආපහු අම්මා දිහා බැලුවා .....මට ඕනෙ එක පාරක් වත් ආයම ඒ ඇස් දෙක දිහා බලන්න කොච්චර එපා කිව්වත් අපි මේක නවත්තමු කිව්වත්...."ඇත්තටම උඹට මාව එපාද මැනිකෙ.....මට උඹ නැතුවබෑ අග්නි" කියන ගමන් ආයම නැවතීමෙ තිතක් තිබ්බ තැනෙන් ඒ තිත අයින් කර ගන්න...
ගෑනු ලෝභලු ආදරේට ....උනුසුමට ...නෑ මං හිතන්නෙ ඒක බොරුවක් ඇයි හැම තැනදිම ගෑනුන්ට විතරක් ....අහම්බෙන් වගෙ ළඟදි දවසක මං දැක්කා පිරිමින්ටත් මෙන්සස් වෙනවා කියලා පෝස්ට් එකක් ...දැක්ක ගමන් මට හිතුනෙ "මේ මොන හුත්තක්ද" කියලා උනත් මොන හේතුවකට හරි මං ඒ පෝස්ට් එක කියවන්න ගත්තා .....පෝස්ට් එක අවසානෙදි අවංකවම මට හිතුනා ඔව් පිරිමින්ටත් මෙන්සස් හැදෙනවා නේන්නම් කියලා ...
ගෑනුන්ගෙ බර දවස්වලට උන්ට තරහා යනවලු.....හැගීම් දැනීම් වැඩීලු....ආදරෙ උන් උපරිම හොයනවලු....මූනට හිනාවක් ගේනකන් උන් බලන් ඉන්නවලු...හිත් බිදෙනවා වැඩියිලු.....උන් බලන් ඉන්නවලු...ලගට ඇවිදින් මං උඹට ආදරෙයි කියනකන් උන් බලන් ඉන්නවලු....ලගට ඇවිදින් තුරුලු කරගන්න කන්...මල් පොකුරක් අස්සට හරි තනි මලක් එක්ක හරි හතරට නැවුන කොලයක් අස්සෙ ආයමත් මං උඹට ආදරෙයි කියලා ලියලා දෙනකන් උන් බලන් ඉන්නවලු....
එහෙම බැලුවම පිරිමින්ට බර දවස් නැද්ද .....නැත්තෙ නෑ උන්ටත් ආදරෙ ඕන...ඇයි ගෑනු විතරමද මල් වලට ආස...නෑ...අපිත් ආසයි ...තැලුන හිත ආයමත් හරි පරිස්සමින් සුවකරන්න පුලුවන් ආදරේට විතරක්ම වෙනකොට පිරිමින්ට බර දවස් නොතිබුනත් උන්ගෙ හිත්වලටත් බරදවස් එන දවස් තියනවා .....
ඉතින්....මටත් ඒ වගේම අද බර දවසක්.....
මං තරහට අග්නිව එපා කිව්වා මිසක් කලකිරීමට අග්නිව එපා කිව්වෙ නෑ . . .ඉතින් මං බලන් උන්නා ආයම එක පාරක් වත් යන්න යන මොහොතෙ වත් ඒවි කියලා ...කරන්න දෙයක් නැති තැන මං අම්මා දිහා බලාගන කට සද්දෙන් කතා කෙරුවා ....
මොකක්ද තීරනෙ...යන්නෙ නැහැයි කියලද මයෙ පුතා ?
නෑ මන් යනවා ...
එහෙනම්.....
ආයම කසාදයක් ගැන....
මම කසාදයක් කියන එක ටිකක් බර කරලා සද්දෙට කියන ගමන් දේවාලෙ දිහාව බැලුවා...හැල හොල්මනක් නෑ....
උඹට කසාදයක් කරගන්න කාව හරි හොයා ගත්තද...
නෑ.....කලින් පාර මමනෙ හොයා ගත්තෙ.....මේ පාර අම්මයි අප්පච්චියි හොයලා දෙන්න.....කාව උනත් කමක් නෑ....ලස්සන කැතෙන් වැඩක් නෑ....මටයි ලමයටයි ආදරේ කරන කෙනෙක් උනොත් ඇති... වැඩකට නොගියත් කමක් නෑ.....වැඩකට නොයා ඉන්නවා නම් ඒත් හොදයි.....
මම මට ඕන ගෑනිගැන එක එක දේවල් කිය කිය වෙරලු ගහ දිහා බැලුවා.....ඒත් හැලහොලමනක් නෑ....
ඉතින් ඔය එක එකාව බදින වෙලේ අපේ අමන්දියව බැදපන්කො .....නැද්ද නැන්දෙ.....ඒකි කොහොමත් වැඩකට යන්නෙත් නෑ...කැත ලස්සන බල්න්නෙ නැත්තන් ඒකිව තමා හරියන්නෙ.....නැද්ද නැන්දෙ.....
ඒක තමයි...චුට්ටමා කියන කතාව ඇත්ත....මයෙ පුතා උඹට අමන්දියව කතා කරන්ඩද.....?
අම්මට පිස්සුද අම්මෙ....ඒකිය මේ ඊයෙ පෙරේදනේ විස්ස ලැබුවෙ....
ඉතින්.....විස්ස උනාට මොකද නේද නැන්දෙ .....ඒකි විස්ස උනාට ඒකිට අම්මන්ඩි වැඩ හොදටම පුලුවන් .....
චුට්ටන්.....තොගෙ ඔය බලුකට වහගනින්....
මම ඔලුව වැනුවා ....එහෙන් අම්මයි චුට්ටමයි මට අමන්දියව කර් ගස්සන්ඩ හදනකොට එක පාරම මතු උන අමන්දියා අරූට මොකකින් හරි දමලා ගහන ගමන් කෑ ගැහුවා.....
බඩු ටික ඔක්කොම දාපු මම ඩිකිය වහලා දාලා අප්පච්චි ගාවට ගිහින් බත් කටක් දෙකක් කවා ගන්න ගමන් ආයම කුසියට ගියා ..කොල්ලා මගින් ඇහැරුනෝතින් පොවා ගන්න කිරි එකක් වත් නෑ.....නින්දෙන් ඇහැරිලා අඩන්න ගත්තම ඒකා වරුවකට වත් අඩන එක නවත්තන්නෙත් නෑ.....
අග්නි...
හීටරේ බස්සපු වතුර කොප්පෙ දිහා බලන් උන්න මට අග්නිව මතක් උනා.....එයා නෑ.....වෙනදට කා දිහා හරි බැලුවත් මගෙ බෙල්ල මිරිකන්න හදන අග්නි අද කසාදයක් ගැන කිව්වත් ආවෙ නැති වෙනකොට මට වේදනාවක් දැනුනා හැබැයි ඇස්වලින් කදුලු ආවෙ නෑ.....
හිතේ මතක රූපෙ ඇරුනම බලන්නයි කියලා ඵොටෝ එකක් වත් නෑ.....
එක පාරක් ආයම දකින්න තිබ්බ නම්....එකම එක පාරක්.....
මාව එපා නම්.....එක පාරක් හරි ඔය මූන පෙන්නලා යමන් අග්නි.....උඹ කිව්වා වගේම දැක්ක දවසෙම නොදැකපු ගානට ඉන්න උඹ හිත හදා ගත්තා නම්...මට උඹට බල කරන්න බෑ...ඒත්...එක පාරක් හරි....මූන පෙන්නල යමන්...මම උඹට ආදරෙයි ...තවටත්....මේ මොහොතෙත්...රන්ඩු නොකරන ගහ මරා නොගන්න ආදර් කතා කොහෙද නැත්තෙ....ආදරෙ තරම කොයි තරම්ද කියලා දැනෙන්න නම්...ඉද හිටකවත් රන්ඩුවක් වෙන්න ඕනා.....ඒක එහෙමයි උනත්....රන්ඩුවක් වෙන හැම තැනකම තියෙන්නෙ හිත්වේදනාව එක්ක ආදරේ නෙවෙද....
අග්නි.....උඹයි මමයි සංසාරෙ පුරාවටම ප්‍රාර්තනා කරපු උරුමක්කාරයො මිසක්....වෙන් වෙන්න බලන් ආව කරුමක්කාරයො නෙව්ව්ව් නේද අග්නි....
සමහර තැන්වලදි.....සමහර හිත් ළඟදි....සමහර ඇස් ගාවදි .....පපුව නතර වෙන්නෙම ඒ සංසාර පුරුද්දටම නෙවේද මගෙ අග්නී?
අග්නි...මම උඹෙ නොසෑහෙන්න ආදරේ වින්දා වගේම මේ වෙනකොට නොසෑහෙන්න විරහවත් විදවනවා මගෙ අග්නි....
මට ඕනෙ නිවෙන්න ....උඹගෙ මූන එක පාරක් දැකල හරි ..ඇවිලෙන පපුව නිවාගන්න....
පිච්චි පිච්චි ගිනි ගන්න හදවත එකම එක පාරකින් නිවා ගන්න එකම පුලුවන් එකම තැන උඹයි අග්නි.....
උනුවෙන වතුර කෝප්පෙන් මතුවෙන වතුර බුබුලු දිහා බලන් උන්න මම කොල්ලගෙ සූප්පු බෝතල් දෙකට කිරි දාලා හොලවලා හොලවලා ඇල්වතුර කෝප්පෙකට බැස්සුවා ....එකක් දැන් පොවා ගන්න.....හොරා වගේ තැන් තැන්වල කිරි හලලා ඒකට නින්ද ගියා...ඌ නැතුව මම කොහොම යන්නද.....
සුදු මහත්තයා ...අප්පච්චිගෙ පන.....අග්ගියගෙ වස්තුව...
හදපු කිරිබෝතලේ අරන් මම කාමරේට යනකොට අනේ ඒකා පැම්පර්ස් එක පිටින් නිදි.....කකුල් අත පය හතර ගාතෙ දාගන උන්න ළමයගෙ කට මමම හිමීට ඇරලා සූප්පු බෝතලේ කටට ගහල්ල කන්පෙත්තක් ලාවට මිරිකුවම ඒක කෙදිරි ගාගනම සූප්පුව උරවන්න ගත්තා ..මම ලමයා ගාවින් දිගෑදුනා.....
මට උඹගෙ අග්ගියා නැතුව පාලුයි මගෙ නිඛිල්....අප්පච්චි කිව්වා ඒකව එපා කියලා ....කමක් නෑ....අප්පච්චියි මගෙ පුතයි තනියෙන් ජිවත් වෙන්න පුරුදු වෙමු....උඹත් ආයම මගෙන් අග්ගියා ගැන අහන්න එපා ...එහෙම උනාම අප්පච්චිට හිත හදාගන්න අමාරු වේවි.....
මම කොල්ලගෙ ඔලුව අතගෑවා.....වැවුන කොන්ඩෙත් එක්ක ඒ මූන තවත් චූටි වෙලා තියනකොට මම ලමයගෙ පොඩි කම්මුලට හාදුවක් තියලා ඔහෙ වහල දිහාබලන් උන්නා....වහන ඇහිපිල්ලමක් ගානෙම අග්නිව මතක් වෙනවා...
වැටෙන හුස්මත් නුඹ කරන්
දැවටිලා ඔය පපුවේ
උපදිනා හැම භවේකම මා නුඹව
විතරයි පැතුවෙ
මගෙ හිමිකරු නුඹ විතරමයි
මටම දිවුරපු දවසේ
ලොවම නුඹ විය මගෙ ජීවිතේ
ආදරෙයි මං පණසේ....
නුඹම කිව්වා යන්න දෙන්නෑ
මලත් අතහැර ඔයාව
මමත් පැතුවා මලත් යන්නෑ
නුඹනෙ මගෙ සිනාව
ආදරේ ළඟ බොලද වූ දා
නොපෙන්වා කිසි දයාව
හමුවුනත් හිමිවෙන්න පිං නැති
මමයි නුඹගෙ අධීර...
නුඹේ රුව නැති හීනයක්වත්
තිබුනෙ නෑ හිත දුන් දා පටන්
දුන්නෙ මට පෙම මගේ ආත්මෙම
නුඹට සින්නක්කර ලියන්
මගෙ අග්නි නුඹ නුඹේ ආදරේ
අග්නියෙන් තුන් හිත දවන්
අනෙ මා අත නොහැර ඉන්නකො
මගේ ප්‍රේමෙන් හිත නිවන්...
මට වගේ හිත රිදුම් දෙන්නැති
නොහිතාම පැවසූ වදන්
ඉතින් එකයි යන්න හිතුවෙ නුඹෙ
ඇසින් මේ රුව අරන්
නින්ද නැතිවෙන නුඹේ සුවදින්
බිඳක් නැති යහනෙ ඉදන්
ඔහේ ඉකිලමි,එහෙත් ඉවසමි
නොමැරි ගැහෙනා හිත මරන්....
(ශිවන්...)
(අදත් හැගීම් අකුරු කෙරුවෙ නෙතූ අමන්දා...ස්තූතියි නංගා ගොඩාක්....😘😘❤️❤️)
මම සිග්නල් ලයිට් දැම්මා....අතට ගත්තු දෙවනි සිගරට් එකත් ඉවර වෙන්න ලන් වෙනකොට මම සැරින් සැරෙම නින්ද ගිහින් උන්න කොල්ලා දිහා බැලුවා.....අම්මයි අප්පච්චියි කීපාරක් නම් ඉම්බද....
මම අවසානම තත්පරේදිත් බැලුවා...දැන් එයි....දැන් එයි කියලා ...ඒත් ආවෙ නෑ.....අවසානෙදි වෙරළු ගහට රහසක් කියපු මම ආපහු හැරී බැලීමක් නැතුවම එන්න ආවා....
සිගරට් එකින් එක පෙට්ටියෙන් අඩුවෙනකොට මම දත් වලට හිරවුන සිගරට් එක අතට අරන් ආයම අත පොඩ්ඩක් එලියට දාලා අලු ගැසුවා.....
ම්ම්ම්...හ්හ්...ම්ම්...
ඇයි...ඇයි...දොයියන්න...දොයියන්න...අප්පච්චි ගෙ වස්තුව ....දොයි ..දොයි...දොයි....
මම එතනින් එහාට එයගෙ පස්සට හිමීට තට්ටු කරන ගමන් කඩින් කඩ කඩ දොයි දොයි දොයිය බබා කිව්වා...නින්දෙම්ම එක පාරක් කෙදිරි ගෑව නිඛිල් අනිත් පාර ආයම සූප්පුව උරවන්න ගත්තා...එයා නිදි.....අනේ ඉතින් එයාගෙ ලෝකෙ කොයි තරම් නිදහස්ද..... .
.කහපාට එලි පිරුන මහ පාරේ තවමත් මිනිස්සු උන්නා....බස් හෝල්ට් ගානෙ උන්න මිනිස්සු බස් වලය එබිකම් කෙරුවා ....දැන් දැන් නම් බස් අඩුයි .....හැබැයි වෑන් ත්‍රීවිල්.....බයික් කාරයො නම් පාර අයිති කරන් උන්නා...වැඩියෙම්ම ඊයෙ පෙරේදා ඇටෙන් පොත්තෙන් ආව සුදු අම්මිලාගෙ සුදු අප්පච්චිලා....මුන්ට බයික් මදි....
මම කලර් ලයිට් එක ගාව කාර් එක නවත්තන් උන්නා.....මට එහා පැත්තෙන් නැවැත්තුවෙ බයික් කාරයෙක්.....අත් දෙක ලොකු ශර්ට් එකක් ඇදලා...ගඝන ගාමියෙක් වගේ හෙල්මන්ට් එකක් බස්සන් උන්න උගෙ ඇග ඉරට්ටයක් වගේ උනා...හැබැයි පැදන් ඇවිත් තිබුනෙ ඌටවත් ආන්බන් කරන්න බැරි බයික් එකක්....මටත් නොදැනිම මගෙ ඔලුව ලාවට හෙලවෙනකොට මම කහ එලියත් එක්ක මම කාර් එක එහා පැත්තට හරවලා එන්න ආවා. .
කන් දෙකට ඇහෙන්නෙ නැති ගානට දාලා තිබුන රේඩියෝ එකෙ ඇහෙන නෑහෙන ගානට සිංදුවක් යනවා....ඒ අස්සෙන් ඇසුත් බර වෙනවා....තෙහෙට්ටුයි....
දැන් වෙලාව.....එකොලහයි...තිහයි.....
ශ්‍රී එෆ් එම්.....
නුඹෙ සුවද පිරුන පුංචි කාමරෙ....
රතු රෝස මලක පෙති හැලී තියේ.....
මට නපුරු උනෙ ඇයි දයාවියෙ ....
මේ කදුලු බින්දු ප්‍රතම ප්‍රේමයේ.......
එයාගෙ සුවද ආය ඉතින් කොහෙන් හොයන්නද...අඩුම ගානෙ භෛරව් වත් ආවෙ නෑ....හැමපැත්තෙම්ම ගින්න අවුලපු ඌ ආවෙත් නෑ....
තනිවිමම ප්‍රේමයක් කිව්වෙ මොකාද...??
එකක් ඉවර වෙනකොට එකක් සිගරට් අවුලගත්තෙ තරහවටද වේදනාවටද නැත්තන්.....මේ දෙකම එකට ආව හින්දද කියන්න දන්නෙ නෑ...හැබැයි ඊලග.එක අවුලන් කටටහිර කරගන්නවා එක්කම බස් හෝල්ට් එකක උන්න කවුරු හරි කාර් එලිය දැකලා අත දික් කෙරුවා ...හරියටම නවත්තන්න කියනව වගේ....
මම හිමීට කාර් එක නැවැත්තුවා....නවත්තල බෙල්ල එලියට දැම්මා....
ආච්චියෙක්...මෙ මහ රෑ...
ඔව් කියන්න අම්මා.....
අනේ ...පුතේ...උඹලා කොළඹ ඉසව්වටද....
ඔව්...ඇයි....
උන්දට රැ සීතලටද මන්දා හෙම්බිරිස්සාව හැදිලා තිබුනා...ලග මොනවා හරි පුරවපු පෝර ගෝනියකුත් තිබ්බා...
අයියො...දෙයියා....මාවත් එක්ක පලයල්ලා පුතෙර් පින් අයිති වෙයි...මේන් මේ මල්ල අරන් යන්ඩ විදිහක් නෑ....එන බස් එකක් වත් නවත්තන්නෙ නෑ.....
අම්මට කොහෙට යන්ඩද ..
උඹලට පුලුවන් නම්....මාව බෝගහගාවින් දාපල්ලකො....මෙ කෙලිගෙ ගෙදර යනවා...ඒකිට පොලට දාන්ඩ බඩු ටිකක් අරගන....
පඩු පාට පෝර ගෝනියෙ තියෙන්නෙ මොනවද කියන්න දන්නෙ නැති උනත් මම ඔලුව වැනුවා.කොහොමත් බෝ ගහ පහු කරන් යන එකේ මට බෑ කියන්නත් හිත දුන්නෙ නෑ.... ඇරත් මෙතන උන්න මනුස්සයොත් උන්දා වැද වැටෙන හැටි බලාගන උන්නා...පව්...ඇයි යකො..දෙමව්පියන්ට සලකන්න ඕනා කාලෙ මුන් තවත් අම්මලාවම අන්න ඉන්නවා....
එන්නකො අම්මා.....නගින්නකො....
මම කාර් එකෙන් බැහැලා උන්දව වගෙම පෝර ගෝනියත් පස්ස ශීට් එකට දාගත්තා...දාගන ආයම කාර් එකට නැග්ගා...
ම්ම්ම්ම්.....ම්ම්...
උන්දා උන්දගෙ පාඩුවෙ ....මමත් මගෙ පාඩුවෙ සින්දුවෙ කෑල්ලකට මුමුනවා ඇරෙන්න මගෙ අතේ තිබුන සිගරට් එක නිස්කාරනේ පිච්චිලා යනවා ඇරෙන්න පැයක් ගෙවිලා ගියත් උන්දා නෙවෙ කතා කෙරුවෙ...
තව චුට්ට දුරයිනෙ.....
මගෙ ඇස් වැහෙන්න ආවා....සැරින් සැරේම මම කන්නාඩියෙන් පිටිපස්ස බලනකොට ඒ හැම වාරයක් ගානෙම උන්දගෙ ඇස් දෙක තිබුනෙ මගෙ දිහාවට වෙනකොට පස්සෙ පස්සෙ යනකොට මටත් ටිකක් මොකක්ද වගෙ උනා.....අවංකවම අපහසුවක් වගේ දැනෙන්න ගත්තා.. ...
කොච්චර නොබලා ඉන්න හැදුවත් උන්දා මා දිහා බලන් ඉන්නවා කියන එක දැනෙනකොට මම බැරිම තැන පස්ස හැරුනා....
ඇයි අම්මා...මොකක් හරි ප්‍රශ්නයක්ද...
නෑලු.....උන්දා නැහැයි කියන්න හිනාවෙන ගමන් ඔලුව වැනුවා....උන්දට ප්‍රශ්නයක් නැති උනාට එ ඇස් දෙක හැම වෙලේම මගෙ ගාව තියනකොට මටනෙ අපහසු ....
දෙයියනෙ කියලා.. දකුනෙන් කොලඹට තිබුනෙ තව චුට්ට දුරක් වෙනකොට නයිට්කඩවල කොත්තු ගහන සද්දෙ ටක ටක ටක ගාලා ඇහුනා වගේම ඒ සුවද පවා සමහර තැන් වලදි දැනෙනකොට මම තවත් සිගරට් එකක් අරන් කටෙ හිර කරගන්න ගමන් නිකමට කන්නාඩියෙන් පිටිපස්ස බලනකොට වයසක උන්දගෙ ඇස් දෙක හීනි උනා....රතූ උනා....හරියටම මම මහා ලොකු වැරද්දක් කරනවා වගේ...කොටින්ම උන්දා දත් මිටිකනකොට මටත් නොදැනිම.මගෙ කටෙ තිබුන සිගරට් එක බිම වැටුනා වගේම මම උන්දට කතා කරන්න පිටිපස්ස හැරෙනකොට හිටපු ගෑනු රූපෙත් එක්කම බය උන පාරට මගෙ අතින් කාර් එක තව වාහනේක වදින්න ගිහින් අනූ නවයෙන් බේරෙනකොට මට කෑගැස්සුනා.....

කුවන්නා...!
.දෙයි හාමුදුරුවනෙ කුවන්නා .. ...
මෙතනින් එහාට ස්ටියරින් වීල් එක මට අල්ලන්න බැරි උනා.....මෙතනින් එහාට කාර් එක මගෙ පාලනෙන් සම්පූරනම මට නැති උනා....
කුවන්නා.....ඇවිදින් උන්නෙ කුවන්න වෙනකොට ඒකි හිනා වෙන්න ගත්තා ...
." එහෙනම් උඹ යනවා.....බොහෝම හොදයි.....උඹ යන්න හිතපු එක....බොහෝම හොදයි..."
ඒකිගෙ මූනෙ තිබුනෙ මනුස්සයෙක්ව බය කරලාම මරල දාන්න පුලුවන් හිනාවක් වෙනකොට මෙච්චර වෙලාම ඉදගන උන්න කුවන්නා එක පාරම ඉස්සරහට නැවිලා මගෙ බෙල්ලෙන් අල්ලන් කාර් ශීට් එකට තද කරන්න ගත්තා .....කාර් එක යනවා...යන්නෙ නෑ පියාඹනවා.....දෙයියනේ මගෙ ළමයා....ඒකි පිටිපස්සෙන් ඉදන් මගෙ බෙල්ල මිරිකනකොට කඩාගන බිදගන යන කාර් එක නවත්තගන්න මම පුලුවන් තරම් බ්‍රේක් එක පාගන්න හැදුවා උනත් මගෙ දනහිස් දිගෑර ගන්න බැරි උනා....එන්න එන්නම මගෙ අත පය කකුල් ඇකිලෙන්න ගත්තා ....
.කැහ්...කැහ්....මාව...මාව...කැහ්...මාව....අතෑර...පන්....ය....යකෝ...මාව....මාව....අතෑරපන්....
"අතාරින්ඩ....උඹයි....මට ඉන්නඑකම....එකම භා...දාව....උඹයි....හැම....දේටම....මුල.....උඹයි....හැම.....කරදරේකටම..මුල..."
ඒකි මගෙ ඔලුව අරගන එක දිගටම ස්ටියරින් වීල් එකට ගහගහන...ගහගහන යනකොට මෙච්චර වෙලාම කහපාට ලයිට් එලි පිරුන පාර මූසල පාරක් වෙනකොට ඒකි මාව මටත් නොදැනිම කනත්තකට අරන් ඇවිල්ලා තිබුනා....මගෙ පාලනෙන් අරගත්තු කාර් එක ඒකි කෙලිම්ම පාලු කනත්තකට හරවලා තියනකොට ඒකි කෙරුවෙ හැම දේටම මුල මමයි..මමයි ...මමයි කිය කියෝම මගෙ ඔලුව පිටිපස්සෙන් අල්ලන් පුලුවන් තරම් ස්ටියරින් වීල් එකෙ ගහනකොට මට කෑගහගන්නවත්.....දොර ඇරලා ලමයව අරන් දුවා ගන්නවත් බැරි උනා.....

එදා දැනුන ඇගේ වේදනාවම....එදා දැනුන බඩේ කැක්කුමම ආය ආයම උඩට මතු වෙනකොට මගෙ නලලෙන් උනුසුම් දියරයක් වැක්කෙරෙන්න ගන්නකොට බින්දුවෙන් බින්දුව කලිසම් කකුල උඩට හැලෙන්න ගත්තා....
ලේ....
ලේ එනවා....ඒකි ගහන වාරයක් ගානෙම.මගෙ නලල පුපුරලා ලේ එනකොට මෙච්චර වෙලාම ගුටි කාලා...ඉවසගන්න බැරිව උන්න මම යටි ගිරියෙන් කෑ ගැහුවා....කොරවුන අත දිගෑරන් මම ඒකිගෙ කොන්ඩෙන් අල්ල ගත්තා .....
තොට ඕන කරපු දේ.....මම දුන්නා...තොට ...ඕන....කරපු.....තොගෙ... බෑනා. ..පොඩ්ඩව....මම...දුන්නා.....එහෙම....දීලත්....තෝ...මොකටද....යකෝ.....මාව...මාව....කන්ඩ...එන්නෙ.....
මම....කෑගැහුවා.....අග්නිව පවා අතට අහුවෙනකොට මගෙ අත් වලට කුවන්නව පවා අහු උනා....මම කෑගැහුවා.....දාගන උන්න සීට් බෙල්ට් එක ඉබේටම පැන්නිලා මාව එලියට ව්සික් උනා.....විසික් උන පාර මාව කෙලින්ම ගිහින් වැදුනෙ සොහොන් කොතක තිබුන සිමෙන්ති කුරුසෙක වෙනකොට මගෙ කොන්ද කුරුසෙ කොනක ඇනුනා....
කුවන්නා....
ඒකි එලියට ආවා.....මෙච්චර වෙලාම නාකි ගෑනියෙක්ගෙ ස්වරූපෙන් උන්න කුවන්නා ඒකිගෙ හරිම ස්වරූපෙට ආවා....එදා උන්න මූන නෙවෙ....ඒකිගෙ මුලු මූන පුරාවටම තැල්මවල් තිබ්බා...පිච්චුන පාරවල් තිබ්බා.....කොන්ඩෙ එක පැත්තක්ම නැතිව ගිහින් තිබ්බා..... ...
ක්...කුවන්නා.....උඹ....උඹට...මාව මරන්ඩ....ඕනා...නම්....මරපන්....හැබැයි...උඹ....මගෙ දරුවට....අග්නිගෙ දරුවට....අතක්වත්....තියන්ඩ හිතන්ඩ එපා...උඹ...
කොන්ද වැදුන පාරත් එක්ක මට කොන්ද හරියටම කෙලින් කරගන්න බැරි උනත් ලමයට අතක් වත් තියන්ඩ හිතන්ඩ එපා කියපු මම අඩියෙන් අඩිය....අඩියෙන් අඩිය පස්සට ගියා.....
ඒකි හිනා වෙනවා....ඒකි...හිනා වෙවී...හිනා වෙවී මගෙ ගාවට එනවා...
මගෙ ඔලුව ගහපු පාරවල් වලටම මොලෙත් එක්කම හෙලවිලා ගියා හා සමාන හැගීමක් දැනෙනකොට නලලේ පැත්තක් තෙමාගන පහලට එන උනුසුම් ලේ උකුම උකු පැනි හා සමානවම මගෙ ඇදුම් වල ගෑවෙනකොට මන් බලාගන අරකි මගෙන් හැලෙන ලෙ දිහා බලාගන තොල කටලෙව කනවා...
අග්නිගෙ වස්තුව ...උඹ හරි රසයි වගෙ....නැත්තන් ඌ මොකටද ඔච්චරම උඹට වහ වැටෙන්නෙ...
කුවන්නා.....උඹ....උඹ...මගෙ...ලගට එන්ඩ එපා...කුවන්නා.....
පායල තිබුන හදත් සැරින් සැරෙම වහගන්නකොට ....මෙච්චර වෙලාම නොතිබුන ආගන්තුක මීදුමකුත් හතර වටම වහගන්නකොට මට ඒකි ඉන්නෙ කොයි හරියෙද හොයා ගන්න බැරි උනා.....
සැරින් සැරේම බල්ලො උඩ බුරන සද්දෙ.....ඉදලා හිටලා බකමූනෙක් කෑ ගහම සද්දෙ වගේම පපුවම හිරි වට්ටන් යන උඩ බිරුම් සද්දෙ එක්ක පස්සෙන් පස්සට ගියපු මගෙ උරහිසින් කවුරු හරි අල්ලනවත් එක්කම උඩබිරුමත් එක්ක මාත් යටි ගිරියෙන් කෑ ගැහුවා....
.

කුවන්නා...හ්.....
.ඒ ඒකි ...ඒකි...ඒකිගෙ හිනාව....ඒකිගෙ අත...ඒකි ආවෙ මරන්න....ඒකිට අග්නිව මගෙන් ඈත් කරලත් මදි....එදා ඇතා ලව්වා පොලවෙ ගස්සලා මගෙ ඔලුව පොඩි පට්ටම් කරවලා මැරුවා වගේම ඒකි අදත් පන්න පන්න ගැහුවෙම මගෙ ඔලුවට වෙනකොට මම දිව්වා.....
මිනිකදු පාගන්....මිනි කදු උඩින් මම..වැටි වැටි දිව්වා....කොච්චර දුවා ගත්තා උනත් මම උන්නෙ එකම තැන වෙනකොට ඒකි ආයම මාව අල්ලන් උස්සලා පොලවෙ ගැහුවා......ගහලා හිනා උනා....
අග්...නී.....හ්හ්...
මට කෑ ගැස්සුනා.....මට කෑ ගැස්සුනා.....සිමෙන්තියෙන් බැදපු සොහොන් කොතක් උඩ වැටුන මම ඔලුව වැදුන වේදනාවට කෑ ගැහුවා...
"අග්නී...අග්නී...උඹ කාටද ඔය අඩගහන්නෙ....අග්නිට...අඩ ගහපන්....කෑ ගහලා අඩගහප්...ඌ එන්නෙ නෑ ඌ එන්නෙ ...නෑ....ඌ කවදාවත් උඹ ගාවට එන්නෙ නෑ ....ඌට උඹව අමතකයි...උඹ ඉන්නතාක් .....අග්නිට වත්....එකිට වත් එකතු වීමක් නෑ...උඹ ඉන්න තාක්...උඹගෙ හුස්ම වැටෙන තාක්.....ඒකිගෙ හිතට සතුටක් නෑ....උඹ මැරෙන්න ඕනා....උඹ අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනා...මොකද ආයම අලුතෙන් පිටුවක් ලියවෙන්න බෑ...."
මම බිම දිගේ රීට්ටුවා.....ඔලුව උස්ස ගත්තා උනත් කලන්තෙට වගේ එනකොට ඉහින් කනින් ලේ පෙරාගන උන්න මම පස්සෙන් පස්සට බඩ ගානකොට ඒකි අඩියෙන් අඩිය ඉස්සරහට ඇවිත් මාව පාගන්න හැදුව...හරියටම එදා මාව ඇතා ලව්වා පාගවන්න හැදුවා හා සමානවම........
ඒකි එනවා....

ලබ්.....
ඩබ්...
ලබ්.....
ඩබ්...
හිතේ තියන බයට වේදනාවට කාත් කවුරුත් නැහැයි කියන් මූසල තනිකම එක්ක මම කුවන්නගෙන් බේරෙන්න පස්සෙන් පස්සට යනකොට ඒකී හිනා උනා උඹ මැරෙන්නම ඕනා කිව්වා ...මට දුවපන් කිව්වා ....පුලුවන් තරම් දුවලා බේරියන් කිව්වා .....
"දුවපන්..... දුවලා ....බේරියන්.....අග්නි අමරේන්ද්‍රන් ගෙ වස්තුව.....පලයන්.....උඹව බේර්ගන්න ආයම අග්නියෙක් නෑ...කල්පයක් පෙරුම් පුරාගන ආවට....උඹලට හිමිවීමක් නෑ....දුවපන්.....පුලුවන් තරම්...දුවපන්...දුවලා මගෙන් බෙරියන් ...උඹව ජීවත් කරවන්න මං ඉඩ තියන් නෑ...ආය ආයම මේ කතාව ලියන්න මං ඉඩක් තියන් නෑ....."
.ඒකි හිනා වෙනවා...මට දුවලා බේරෙන්න කියනකොට මම දනිපනි ගාන් නැගිට්ටා....ඔලුවට කුලුගෙඩියකින් ගැහුවා හා සමාන වේදනාවක් දැනෙනකොට නලලෙන් පහලට වැක්කෙරෙන ලේ මගෙ මූනෙ සම්පූරනම එක පැත්තක් වහලා දානකොට මම දිව්වා.....වැටි වැටි දිව්වා...ඒකි එනවා...මෙච්චර වෙලා ගල් ගැහිලා තිබුන ගස් කොලන් ඇඹරෙන්න ගන්නකොට මලකඩ කාපු ගේට්ටු පියන් දඩ දඩ ගගා ඇරෙන්න වැහෙන්න ගත්තා....ඇග හිරි ගඩු පිපෙන සද්දෙන් ක්‍රීස්....ගාගන ගේට්ටු පියන් ඇරෙන්න වැහෙන්න ගන්නකොට මූසල උඩු බිරුම එන්න එන්නම වැඩිවෙන්න ගත්තා .....
ඒකි මාව මැරුවා ....
මගෙ හිත මටම වද දෙන්න ගත්තා .....
එකි මගෙ අග්නිව මගෙන් උදුර ගත්තා ...
මිනි කදු උඩින් දුවන මට පාර පෙන්නෙත් බොද වෙලා වගේ වෙනකොට කොන්ද ඇනුන පාරට මගෙ කොන්ද කෙලින් කරගන්න බැරි උනා වගේම මගෙ කකුල මොකක හරි පැටලිලා මාව මුනින් අතට වැටුනා.....
අතක්.....ඒක අතක්....මගෙ කකුල තදිනම අල්ලන් උන්නෙ මිනි කන්දක් පසාරු කරන් උඩට මතු උන අතක් වෙනකොට මට එහාපැත්තෙන් අලුතෙම්ම කපපු මිනි වලක් තිබුනා...

අතෑරපන්...අතෑරපන්...යකෝ....මාව....අතෑරප.....න්....
මම කෑගැහුවා...කකුලට....කකුල අතුල්ල අතුල්ල මම මගෙ කකුල ගලවගන්න හැදුවා.....මරන බයෙ උන්න මම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් විතරක් නෙවෙ...අවසානෙදි කඩවර දෙයියන්ට පවා අඩගැහුවා....කඩවර ගොටු දීලා අවසර ඉල්ලපු කඩවර අප්පච්චිට පවා මම අඩ ගැහුවා.....
කුවන්න හිනා වෙනවා.....මගෙ සර්වාංගෙම ගැහෙනවා...

" අඩගහපන්....තව අඩගහපන්...උඹව බේරගන්ඩ එන්න ඉන්නෙ මොකාද ඒ ඔක්කොටම අඩගහපන්...අඩගහලා එන්ඩ කියපන්....ඌ එයිද බලපන්.....ඌ....එයිද....ඌ එයිද ....බලපන්......ඌ එන්නෙ නෑ....ඌ ආය එන්නෙ...නෑ....ඌ....ආයම...කවදාවත් ....එන්නෙ....නෑ..."
කුවන්නා....උඹ...මාව මරපන්.....එක ආත්මෙකදිත්...උඹ මාව මැරුවා...හැබැයි...එදා මම පලි ගැහුවෙ නෑ.....හැබැයි....මං...මේ ආත්මෙදි පලි ගහනවා... උඹ මැරෙන්ඩ ඕනා....උඹ නොවිදිනා දුක් විදල මැරෙන්ඩ ඕනා....උඹ උහුලන්ඩ බැරි වේදනා විදල මැරෙන්ඩ.....ආහ්.......ව්ව්
මගෙ ඇස් දෙක නිලන් කාර වෙලා ගියා....!!!
ඔලුව හත් කඩකට පැලුනා හා සමාන වේදනාවක් දැනුනා....හරියටම එදා මගෙ ඔලුව රා මතින් උන්න ඇතා පයින් පාගලා පොඩි කරනකොට දැනුන වේදනාව හා සමාන වේදනාවල් දැනුනා....
ඔලුවට වැදුන පාරත් එක්ක මගෙ ඇස් දෙක නිලන්කාර වෙලා ගියා....මිනී කනත්තෙ උන්න මට ඔලුවට වැදුන පාරත් එක්ක එතනින් එහා කතා කරගන බැරි උනා...ඇගට දැනුන අසාමාන්‍ය සීතල එක්ක...ඇස්වලින් කදුලු කැට කඩාගන වැටෙනකොට ...මම කුවන්නගෙ මූන දිහා....බැලුවා...ඒකි....හිනා වෙනවා.....ඒකිට ඕන උන දේ උනාය කියන්න ඒකි කට පුරාවටම හිනා උනා...
මං ඒකිගෙ මූන දිහා බලන් උන්නා...ඇස් පිල්ලමක් වත් නොගහම මං බලන් උන්නා...ඇයි උඹ මට මෙහෙම කරන්නෙ කියන දේ අහගන්න බැරි තරමට වේදනාවෙන් අසරන උන මම හුස්ම ඇල්ලුවා .....
දැනුන...වේදනාව උහුලන්නම බැරි තැන මගෙ කට ඇරුනා....එකම වචයක් විතරක් කියන්න මගෙ කට පන ගහනකොට කුවන්නගෙ අත ආයම ඉස්සෙනවා එක්ක මගෙ ඇස් කොන් වලින් කදුලු පේලියක් පහලට වැක්කෙරුනා .....
අ....ම්....මා...
අම්මා....හ්හ්!!!!
මහත්තයා ...
මහත්තයා ....
ශ්‍රී එෆ්...එ...ම්ම්.....
දැන් වෙලාව රාත්‍රී.....එකොලයි....හතලිස් පහයි....මම අනූ...
ඒ වගේම.....මම....දිනූ ...
තවමත්....අපිව අහන් ඉන්න...ඔයාලට... පුලුවන් අපිට කතා කරන්න.....කැමතිම සින්දුව ඉල්ලන්න....
කන් දෙක පැලෙන්න එන හෝන් සද්දෙත් එක්ක මම ඇහැරුනා .... මගෙ පපුව ගැහෙනවා
ළමයා අඩනවා ...
රේඩියෝ එක වැඩ කරනවා...
ඒ අස්සෙන් කාර් එකේ දෙපැත්තෙ ශටර් වලට දෙන්නෙක් තුන්දෙක්ම ගහනවා...
මට නින්ද ගිහිල්ලා .....!!!!
නුඹෙ සුවද පිරුන පුංචි කාමරේ සින්දුවත් එක්කම මට නින්ද ගිහිල්ලා .....
මිනිස්සුන්ගෙ කෑ කෝ සද්දෙ හෝන් සද්දෙ එක්ක ඇගැරුන මම පපුව පැත්තක් අල්ලගන්න ගමන් හුස්ම ගන්න හැදුවා ....මට හුස්ම අල්ලගන්න බෑ....අමාරුවෙන් මම දොර අරිනවත් එක්කම වටේ පිටේ මිනිස්සු වට වෙනකොට මගෙ මූනට වතුර පාරවල් වදිනවා දැනුනා වගේම මට මගෙ නිඛිල් අඩන සද්දෙ ඇහුනා ....
ටික්.....ටික්.....ටික්...ටික්....
මාව අල්ලන් උන්න කාගෙ හරි අතක තිබුන අත් ඔරලෝසුවක කටු කැරකෙන සද්දෙ අවසිහියෙන් වගේ මට ඇහෙනකොට කවුරු හරි කෙනෙක් මගෙ කටට වතුර බෝතලයක් තිබ්බා වගේම මං හුස්මක් නොගෙනම වතුර එක බීගන බීගන බීගන ගියා
ඒක හීනයක් .....
ආයමත් හීනයක් .....
උහුලන්න අමාරු හීනයක් ...
පපුවට බර හීනයක් ...
තත්තපරෙන් තතපරේ මං ආයම යතා තත්වෙට එනකොට මාව බලපු මිනිස්සු යන්බ ගිය වගේම පාරෙ අයිනට කරලා නවත්තපු කාර් එක අස්සෙ මං ඉදගන මගෙ අත් දෙකෙම්ම ඔලුව බදාගන උන්නා...
අග්නී...අනෙ මට බයයි.... ..
දැනුන බයට වේදනාවට අග්නී මට බයයි කියපු මම මගෙ පපුව අත ගාගන්නවත් එක්කම කන්නඩියෙන් මගෙ මූන දිහා බැලුවා.....
නලලෙ එක පැත්තක් ඉදිමිලා. ...
මගෙ සර්වාංගෙම හිරි වැටිල යනකොට මං එහෙම්ම මගෙ කකුල් දිහා බැලුවා ....කලිසම් කලවය උඩ ලේ පැල්ලමක්...
මං එහෙම්ම පිටිපස්ස හැරිලා බැලුවා ...
පිටිපස්සෙ ශීට් එකේ ගෝනියක් .....!!!"!
එතකොට ...එතකොට ....ඒක?????

වෙලාව මධ්‍යම රාත්‍රී 12යි ......
ශ්‍රී ...fm!!!!!
🙂.....
ජොබියව නිදහස් කරපියාව්. ...
ආයම එන්නම්. ....
Ferdeesha ❤️💚😘 ....