මිස්ටර් සමරවීර...
මෙන්න මේ ටික බලලා මට ආපහු හරිගස්සවලා දෙන්න..මේකෙ එක වැඩක් හරියට කරන එකෙක් හොයා ගන්න නෑ....
මම් බලන් උන්නා...ආයම ෆයිල් එකක්...ඒ අස්සෙන් මගෙ ඔලුව පුපුරන්න වගේ...මේ මිනිහා කොයි වෙලෙත් නහර පුම්බන් කෑ ගහනවා...දැන් තමයි හිතෙනෙන් මේඔක්කොම.දමලා ගහලා යන්ඩ...
ඒත් කොහෙ යන්ඩද.....අස් උනා කියලා මම අස්වෙනවත් එක්කම මට රස්සාවල් දෙන්ඩ මිනිස්සු ඉන්නවද නෑනෙ.....එහෙන් අම්මා...අනිත් පැත්තෙන් රස්සාව.....අනිත් පැත්තෙන් ..අප්පච්චි ගෙ අම්මා....
අවංකවම දැන් මට කේන්තියි...වරම නොගත්තොත් හැම හීනෙකදිම උන්ද මාව මරන්න හදනවා...
ගත්තමත් විදවන්න වෙනවා...නොගත්තමත් විදවන්න වෙනවා....
ගෑස් අමාරුවට බඩ දගලනකොට මම ආයම ෆයිල් එක අරන් එන්න ආවා...ආපිට ගෙදර යනවා කියන්නෙ....??
අනේ දෙයියනේ.....
කොලඹ ගෙදර නවතින්න පුලුවන් ඒත් අග්නි....පුංචි එකා...අම්ම.....මේ හැම දේම එක්ක මම කොහොමද මෙහෙ නවතින්නෙ....
කරදර එන්න ගියහම එන්නෙ නිකන් නෙවෙ...සුනාමි වගේ....
අග්නී...
කැබින් එකට අව මම අත් දෙකෙම්ම ඔලුව බදාගන අග්නී කියලා මිමිනුවා.....වෙන.උන්ට වගේ.අග්නි ඔයා කෑවද...මොකද කරන්නෙ අහන්නවත්.....
වෙන උන්ට වගේ මැනිකෙ උඹ කෑවද...මහන්සිද කියලා එයාගෙන් මට වත් අහන්න විදිහක් තිබුන් නෑ...
එයාට එන්නත් බෑ...එන්න් පුලුවන් කම තිබ්බත් එයාට එන්න විදිහක් නෑ.....එයා කොහෙ එන්නද.....
මම ෆයිල් එක දිගෑරගත්තා...අකුරු දිහා බලන්න බෑ...අකුරු නටනවා වගේ....ඔලුව කෙලින් කරගන්න බෑ...ඔලුව පුපුරන්න වගේ.....
මම වතුර උගුරක් බිව්වා....
කියුල වගේ...
ගෙදරින් ගෙනාව වීදුරු වතුර බෝතලේ වතුර ලුණු රසයි .....
මට ෆයිල් එක දිහා බලන් ඉන්නවත් බෑ.....ගැස් අමාරුව එන්න එන්නම උත්සන්න වේගන එනකොට සමරවීරයට ඕන රෙද්දක් කරගනින් කියලා මට පහල තිබුන කැෆේ එකට යන්න හිතුනා...යන්න හිතුනා උනත් මගෙ ඇගට පන නැති ගතිය එක්ක මාව හෝන්දු මාන්දු වෙලා ගියා....
අප්පච්චි කට කැඩෙනකන් කිව්වා...කාපන් කාපන් කියලා...කොහෙ කන්නද අර මිනිහා පුද්ගලික තරහවක් පිරිමහනවා වගේ....ඌ දන්නවා..ඌ හොදටම දන්නවා මම ආවෙ කරදර ගොඩකට මූන දීලා කියලා ..අඩුම ගානෙ පුංචි එකාට දැන් කොහොමද ඒකා හොදින්ද...උඹ හොදින්ද ඒ මොකුත් නෑ...මූසල කමට මසුරු කමට ඌට වැඩ වලින් එහා ලෝකයක් තිබුන් නෑ....
මම ඔලුව ගහගත්තා ....ඇස් දෙක අස්සෙන් එන වේදනාව උහුලන්නම අමාරු තැන මම ඔලුව ගහගත්තා ...බඩ පෙරලන ගතිය දැනුනත් කටින් යන්න දෙයක් නැතිව වමනෙ යන්නෙ නැති බව දැනෙන කොට මම ඔලුව ගහන් කට තද කරන් උන්නා.....
මහත්තයා ...
........
මහත්තයා...
මම විනාඩි ගානක්...ඕනා නම් විනාඩි පහකට වඩා ඔලුව ඔබාගන ඉන්න ඇති...ඒ උනත් මට ඉන් එහා ඉන්න බැරි උනා...මහත්තයා මහත්තයා කියලා මහා බයාදු විදිහට ගැනු කටහඩක් ඇහෙනකොට මම ඔලුව උස්සලා බැලුවා....
ක්ලීනින් කරන ගෑනු කෙනෙක් ....අලුතෙන්ද මන්දා....යුනිෆෝමුත් වෙනස්...උදයංගනී කිව්වා තමා ලොක්කට මල පැනලා කලින් කම්පැනි එකේ ඇග්‍රිමන්ට් කැන්සල් කරව්ලා වෙන එකකින් ගත්තා කියලා ...ඒ යකාට කවදද දෙයියනෙ මල පනින්නෙ නැත්තෙ ...
කියන්න...
මහත්තයා ..පහ පහු වෙලා වෙලාව.....මහත්තයා යන්නෙ නෑ .....
නෑ...මට තව යන්න වෙලා තියනවා....ඔයාට මේක ක්ලීන් කරන්න ඕනද . ...
ඔව්...මහත්තයා....ලොකු...මහත්තයා.....
ඇයි ලොකු මහත්තයා මොකද කිව්වෙ ...?
මැදි වයසෙ ගෑනු කෙනෙක්...රතු උන ඇස්...මොට්ට වෙලා ගියපු නියපොතු ....තැන තැන සුදු ගැහුන කොන්ඩෙ....කුදු ගැහුන කොන්ද...හකු බැහැපු මූන....පිලිවලට නැති උනත් තැනින් තැනි මම ඒ මනුස්සයගෙ ශරිරාංග ලක්ශන දැක්කා...අතේ තිබුන කොස්ස....ඊට එහායින් තිබුන මොබ් එක...සුවද ජාති පුරවපු ස්ප්‍රේ බෝතල් ගොඩක් පුරවපු බකට් එක.....මං එහෙම්ම වෙලාව බැලුවා පහයි කාලයි.....
ඒ මනුස්සයා ඔක්කොටම වඩා සමරවීරට බය වෙලා...ඇත්ත ඒ මිනිහට බය නොවෙන්නෙ මොකාද..ඒ මිනිහට බය නොවී ඉන්නෙ මොන යකාද....
හරි හරි...ඔයා එහෙනම්මේ ටික අතු ගාන්න ඉන් එහා වෙන මොකූත් කරන්න එපා....වෙන මේසෙ උඩවත්.....කොහෙවත් පිහන්න කරන්න එපා...මොබ් කරන්නත් එපා...මොකද මම ආයම විනාඩි පහ දහයකින් එනවා.....
හොදයි මහත්තයා ....
මම ඉදන් උන්න ශීට් එකෙන් නැගිට්ටා...නැගිටලා හිටගත්තා ..හැබැයි හිටගත්තට වඩා ආයම මාව පුටුවට වැටුනා..මගෙ සර්වාංගෙම සම්පූරනම පන නෑ...ඔලුවට එක එක විකාර පේනවා...අඩුම ගානෙ අර ළඟ ඉන්න ගෑනු මනුස්සයව වත් මට හරියට පෙනුනෙ නෑ....මගෙ ඇස් බොද වෙන්න වගෙම ඔලුව පුපුරලා යන්න තරම් ආවා.....
මහත්තයා....මහත්තයා .....
මම ඉදගත්තා ...ඉදගත්තෙ නෑ...මාව කඩා වැටුනා....මට කතා කරගන්නවත් බැරිව මගෙ සර්වාංගෙම පුටුවට තියලා බැන්දා හා සමාන වෙනකොට ඇරලා තිබුන කැබින් එකේ දොර වැහුනා.....දාලා තිබුන ලයිට් නිවි නිවි පත්තු වෙන්න ගත්තා.....
මහත්තයා ....
ක්ක්...ක්...කැහ්...කැහ්....ක්...ක්...කව්ද...කව්ද. .. උඹ....ක්ක්.....ක්....ක්...කැහ්.....කැහ්...
මහත්තයා ...උඹ...මොකක්ද....අල්ලන්ඩ...හදන....අඩව්ව....ම්ම්.....
ක්ක්ක්....ක්....අග්....කැහ්....කැහ්.....
මාව එන්න එන්නම අර පුටුවට හිර වෙන්න ගත්තා හරියටම මැලියම් තලියකට අහු උනා වගේ.....නැගිට ගන්න කතා කරගන්න කට පන නැති වෙනකොට මෙච්චර වෙලාම අහිංසක විදිහට උන්න අර ගෑනු මනුස්සයා එන්න එන්න විරූපි වෙන්න ගත්තා...මෙච්චර වෙලාම අතේ තිබුන අර කොසු අනම් මනම් ඔක්කෝම නැති වෙලා යනකොට මුලු කාමරේම අමනුස්ස කුයිලෙන් පිරෙන්න ගත්තා.....හරියටම ජපන් ජබර පොඩි වෙන ගද වගේ ....මඥ්ඥොක්කා තම්බනකොට එන කුයිලෙ වගේ ..වෙරලුවල මලකඩ කුයිලෙ වගේ...කොටිම්ම ගොම්මන් වෙලාවට සර සර ගන උන පදුරු ගාවින් එන අමනුස්ස කුයිලෙ වගේ මුලු කැබින් එකම අමනුස්ස කුයිලෙන් වැහිලා ගියා අර ගෑනු පරානෙ අඩියෙන් අඩිය මගෙ ගාවට ලන් වෙන්න ගත්තා .....
ක්ක්..කව්ද....උඹ....මොකාද...උඹ...මොකාද....කියපන්....උඹ.....
මම උගුරෙන් කෑ ගැහුවා....උගුරෙන් කෑ ගහන්නත් බෑ...ඒකි මගෙ කටහඩ හිර කරලා....
ගෑනි ලගට ඇවිත් මගෙ මූනටම එබුනා....ඒ මූන බලන්න බැරි තරම් විරූපි .....නහය හාරවන මලකුනු ගද....බඩ බොකු එලියට එන්න තරම් වමනෙ යන්න අපුලක් දැනෙනකොට එ ගෑනි හිනා උනා...ඒ ගෑනි මහ අමනුස්ස විදිහට හිනා උනා...හිනා වෙවී....හිනා වෙවී මගෙ හිස කෙස් ඒකිගෙ කලු වෙච්ච කුනු ගැහුන නියපොතු පිරුන ඇගිලි තිබ්බ රලු අතෙන් එක මිටකට තදකරල අල්ලගන ඒකි මට තර්ජනේ කරන්න ගත්තා....උඹ නටන්න යන නාඩගම මොකක්ද ඇහුවා.....ඒකි කතා කරන වාරයක් වාරයක් පාසාම මගෙ හිස කෙස් උගුල්ලන්න හදනකොට මම වේදනාවෙන් ඇඹරුනා....මම මගෙ අග්නිට කෑ ගහන්න හැදුවා ...මම මගෙ කකුල් වලින් එකිට පයින් ගහන්න හැදුවා .....ඒ උනත්....ඒ උනත් මට පයන් ගහනවා තියා කකුලක් හොලවගන්න බැරි වෙනකොට ඒකි හිනා වෙවී...හිනා වෙවි....මාව හෙලෙව්වා....
අත දාලා මගෙ හදවත අමු අමුවෙන් ගලවන්න හැදුවා...ඒකි පිල්ලියක්....ඒකි මලකුනකට පන පොවපු පිල්ලියක්....
ඇස් වලින් කදුලු බේරෙනකොට එකි මට වරම ගන්න එපා ගගා තර්ජනේ කෙරුවා .....ඒකි මගෙ බොටුව ගලවන්න හදනකොට මම මගෙ කට හිරකරල බැදලා තිබුන හන්දා පුලුවන් තරම් හිතින් ඉතිපිසෝව කිය කිය මොර ගහනකොට ඒකි මගෙ බෙල්ලෙ තිබුන රුද්‍රාක්ශ මාලෙ පවා කඩල.දැම්මා....
.උඹ හිතන් ඉන්නවා නම්.....උඹ හිතන් ඉන්නවා නම්...ඔය වරමට අත ගහන්ඩ...උඹ හිතන් ඉන්නවා නම්....ඔය වරමටාත ගහන්ඩ...ඒක මෙතනිම්ම නවත්තපන්.....මෙක...මෙතනින්ම නවත්තපන්...
ආ....ව්හ්...අනේ....අම්...මා...අග්....ඊහ්...අනේ...අග්....නීහ්.....අග්....නීහ්.....
මම දැගලුවා...පුටුවට හිර වෙලා උන්න මම දැගලුවා ....මම පුලුවන් තරම් දැගලුවා ...කෑ ගහන්න හැදුවා ....ඒ උනත් මගෙ කදුලු ඇරෙන්න වෙනකිසිම දෙයක් පිට නොවුනකොට ඒ ගෑනි මගෙ වේදනාව දැක දැක හිනා උනා....ඒ ගෑනි මගෙ වේදනාව දැක දැක මාව තව තව රිදෙව්වා.....
මේක ඇවිත් සුලු අවවාදයක් විතරයි ...උඹලා ඔය අතගහන්ඩ යන සාත්තර කෙරුවාව ඔතනිම්ම නවත්තපන්.....උඹ ඔය කරන්ඩ හදන්නෙ එසේ මෙසේ කෙරුවාවක් නෙවෙ....ඒක හන්දා....හොද හිතින් ඕක නවත්තපන්..නවත්තලා ...උන්න පාඩුවෙ ඉදපන්...
අමනුස්ස පිල්ලිය කතා කරනවා....කතා කරන වාරයක් ගානෙම ඉවසන්න බැරි ඉහ මොල කර වෙන කුනුගද ගහන කොට මම හුස්ම හිර කරගත්තා ....මම හුස්ම හිර කරන් වේදනාවෙන් ඇඹරුනා. ...
උඹට ඇහෙනවානෙ....උඹට කතා කරගන්න් බැරි උනාට උඹට ඇහෙනවා නෙ....උඹ වචනෙට පිටින් ගියෝතින් උඹට මීට වඩා විදවන්න වේවි...මීට.... වඩා හුගාක් විදවන්න වේවි ...ඒක හන්දා....පුංචි කපු මහත්තයා ....ඔය අඩව් ඔක්කෝම නවත්තපන්....එහෙම නැති උනෝතින් ...ආය ආයම උඹට විදවන්න වේවි...
ලබ් ඩබ් ..ලබ් ඩබ් ...ලබ් ..ඩබ්....ලබ් .. ඩබ්...
බය වැඩි කමට මගෙ හදවත පුපුරන්න ආවා.. නිවි නිවි පත්තු වෙන බල්බ් එක දැන් දැන් පුපුරයි කියලා හිතුනා.....ගෑනිගෙ කටහඩ කන්වලට යවුල් බස්සනවා වගේ වෙනකොට ඒ කුයිලෙ උහුලන්න බැරිව මම හුස්ම හිරකරන් ඉන්නකොට ගෑනි කතා කරන වචනයක් ගානෙ මගෙ ඔලුව හොලවලා හොලවලා හිස කෙස් අහුරක්ම ගලවගත්තු ගෑනි මගෙ ඉස්සරහම දියවෙන්න ගත්තා ....නහයෙන් කටෙන් ඉහද පනුවො ගොජ ගොජ ගාලා මගෙ ඇගට වැටෙනකොට මම බෙරිහන් දුන්නා....
අනේ මම කෑ ගැහුවා.....කරුමෙ කොයිතරම්ද කියනවා නම් මගෙ කටහඩ තවමත් හිරකරලා තියනකොට මට කෑ ගහගන්න බැරි උනා...ඔලුවෙන් ගලවපු හිස කෙස් ගුලිය මගෙ ඔලුව කැක්කුම වැඩි කරනකොට දිය වෙවී දිය වෙවී යන පිල්ලියගෙන් වැටෙන ඉහද පනුවො මගෙ සර්වාංගෙම හිල් කරන් ඇතුලට හාරගන යනකොට මම දැගලුවා.....පුලුවන් තරම් ඒකිව මගෙන් ඈත් කරන්න හැදුවා...ගැහෙන පපුව අස්සෙන් මම පුලුවන් තරම් ඉතිපිසෝව කිව්වා.....
ඒකිගෙන් වැටෙන හැම පනුවෙක්ම මගෙ සර්වාංගෙම හාරගන හාරගන යනකොට මම මට දැනුන වේදනාව දරාගන්න බැරිම තැන අග්නී...අග්නීහ්.....අග්නීහ් ....ගාලා මගෙ ඇගේම හයිය අරන් නහර වැල් පුපුරන් යන් තරම් හයියෙන් කෑ ගහලා ඒකිව අත්දෙකෙම්ම තල්ලු කරලා කෑ ගගහා මාව හිල් කරගන යන ඉහද පනුවන්ව මම අඩ අඩ ගසන්න ගත්තා.....කෑ ගගහා ගසන්න ගත්තා....
මෙච්චර වෙලාම නිවි නිවි පත්තු උන ලයිට් එක සීසිකඩ යන්න පුපුරලා යනකොට මම ඔලුව බදාගන කෑ ගැහුවා
අග්නී....හ්හ්.....
ශිවන්.....ශිවන්...
අග්නී....එපා..හ්....එපා....හ්...අනේ..එපා....හ්...
දෙවියනේ ..ශිවන්...
අග්නී.....එපා එපා.....අනේ අග්නී...හ්හ්....
ශිවන්.....!!!....
උ....උද.....උද...යං...ගනී....
ඇයි මේ....ඔයා හීනෙන් බය උනාද...??මේ දාඩිය නාලා....
මට දාඩිය නාගන උන්නා....ඇත්තටම මම උන්නෙ දාඩිය නාගන.....
මම වටපිට බැලුවා...කුඩු උන බල්බ් එක තවම පත්තු වෙනවා...
මම එහෙම්ම මගෙ ඔලුව පිටිපස්සට ආයම අත තිබ්බා ...ගැලවුන කොන්ඩ ගුලිය තවම එහෙම්ම තියනවා....
මම එහෙම්ම බෙල්ල අතගාලා බැලුවා....භෛරව් දාපු රුද්‍රාක්ශ මාලෙ තියනවා...
එතකොට මගෙ සර්වාංගෙම හිල් කරන් ලේ විද්දවන් ඇතුලට ගියපු පනුවො....
ඒ එකක් වත් නෑ...
ඒ කිසි දෙයක් නෑ...
ඒ කිස්ම දෙයක් ..අඩුම ගානෙ කොස්සක්....මොබ් බකට් එකක් වත් නෑ....හැංගිල තිබුන මගෙ කටහඩ පවා තියනවා....
ඒක හීනයක්....ඒක් සම්පුර්ණයෙන්ම හීනයක්.....
මම ආයම වෙලාව බැලුව.....පහයි කාලයි.....පහයි කාලයි.....පහයි කාලයි...නෑ..ඒක වෙන්න බෑ ....ඒක වෙන්න බෑ...කලිනුත් පහයි කාලනෙ....අනෙ දෙවියනේ ....ඒක.....ඒක හීනයක් නම්...ආයම පහයි කාල උනේ කොහොමද ...
ශීට් එකෙන් නැගිටලා හිට ගත්තා උනත් හිට ගන ඉන්න පන නැති මම ආයම පුටුවට කඩාගන වැටෙනකොට බය වෙලා දාඩිය දාගන උන්න උදයංගනී මගෙ ලගට එනවත් එක්කම කැබින් එකේ දොරට තට්ටු උනා...
.මහත්තයා .....
කිව්වට විස්වාස කරන්න මාව සීතල උනා...මගෙ සර්වාංගෙම රෝම කෙලින් උනා මගෙ ඔලුවෙන් හිරියක් ගියා.....
ඒක අර කටහඩමයි....ඒක කලින් ආව කටහඩමයි...
වෙලාව ආයම පහයි කාලයි....
උ...උ..උදයංග....නී....ඒ...ක්...කව්ද...ඒ.....
මම ගොත ගැහුවා.....බය කියන දේ උපරීමේටම එනකොට මම ගොත ගැහුවා ....උදයංගනී එයාගෙ සාරි පොට එහෙම්ම උරහිසේ පටලවගන ගිහින් දොර ඇරියා...
ක්ලීනින් කරන්න ඇවිත් ශිවන් .....එවන්නද....?
මහත්තයා.....
මගෙ කටෙ කෙල හිදුනා ....උදයංගනි කිව්වා වගේම ඇවිත් තිබුනෙ ක්ලීනින් ස්ර්වීස් එකෙන්...
ඒ මූනමයි...
එ කටහඩමයි....
ඒ හිනාවමයි.....
කොන්ද කුදු ගැහුන ගතිය එහම්මයි....
මොට්ට වෙලා ගිය නියපොතු එහෙම්මයි.....
සුදු පාට කොන්ඩෙ එහෙම්මයි.......
මහත්තයා .....පහ පහුවෙලා වෙලාව .....මහත්තයා යන්නෙ නෑ....

මගෙ ඔලුව ඇතුලෙන් හෙන පිට හෙන පුපුරන්න ගත්තා.....හෙන පිට හෙන පුපුරන්න ගත්තා.....ඒම වචන.....අකුරක් නැතිවම ඒම වචන ඒම දෙබස පටන් ගන හදනකොට මම පුටුවෙන් නැගිට්ටා.....උදයංගනී බලන් ඉන්නවා...එයා වෙනසක් නැතිව ගෑනු රූපෙ එක්ක හිනා වෙලා ආපහු මා දිහා බලලා ඇස් වලින් ඇයි කියල අහනකොට මම අර ගෑනු රූපෙ දිහා බලන් උන්නා.....
මාව වෙව්ලනවා....දනහිස් වෙව්ලනවා....ගෑනු කෙනා මගෙන් උත්තරයක් බලන් ඉන්නකොට මට බය හිතුනා මගෙ කටිනුත් ආයම පරන උත්තරේ එලියට පනීවි කියලා .....
මම බය උනා..මේ ගෑනි අමනුස්ස පරානයක් වේවි කියලා ....
මම බය උනා ඉහද පනුවො මාව හිල් කරාවි කියලා
නහර වැල් ඉලිප්පුන ඇස් ගාව මගෙ හිත තව ගැස්සෙනකොට මම ආයමත් අර කොසු...මොබ් එක...සුවද ජාති පුරවපු ස්ප්‍රේ බෝතල් ගොඩ දැක්කා.....
ඒක හීනයක් වෙන්න බෑ...ඒක..ඒක....හීනයක් වෙන්න බෑ....නලලෙන් මතු උන දාඩිය බින්දුවක් ටොක් ගාලා බිමට වැටෙනකොට මම බිම බැලුවා.....
දගලනවා.....දාඩිය බින්දුව...මගෙ නලලෙන් බිංදුව ටයිල් පොලව උඩ දගලනවා....හීනෙන් බයවෙලා කෑ ගහපු ම දිහා බලන් උන්න උදයංගනී යන්න හදලා ආයම නවතිනකොට දෙකට නැවිලා දගලන කදුලු බින්දුව දිහා බලනකොට මගෙ අත ඉබේටම පපුවට ගියා...
.පණුවෙක්.....!!!
ඉහද පණුවෙක්....!!!
ඒ කියන්නෙ....ඒ කියන්නෙ....ඒක හීනයක් නෙවෙ...ඒක ඇත්තක්....එතකොට මේ..ඉන්නෙ...මේ ඉන්නෙ පන පොවපු මල පිල්ලියක්....නැතිනම්...මේ ඉන්නෙ....ඇත්තටම ගෑනු කෙනෙක්....
මහත්තයා ....
මම දෙකට නැවිගන උන්නා...කතා කර ගන්න පවා වචන පැටලෙනකොට මම එහෙම්ම ගැනිගෙ කකුල් දිහා බැලුවා....ඒවා සුදු මැලි පාටයි....ඒවා...තනිකරම සුදුමැලි පාටයි....හරියටම මලකුනක් හා සමානයො...ලයිට් එලිය බිත්තියට වැටිලා හෙවනැලි මැව්ව්ත්...උදයංගනී ගෙ...මගෙ හෙවනැල්ල පෙනම නොපෙනන ගානට තිබුනත් අර ගෑනු පරානෙගෙ හෙවනැල්ල තිබුන් නැති උනා....
මේක පිල්ලියක් ....!!!
මගෙ පපුව ගැහෙන්න ගත්තා...ආය ආයම.....පහයි කාලට වෙච්ච දෙ ආය ආයම වෙන්න හදනකොට මම නැගිට්ටා.....නැගිටලා ඒ යක්ශ පරානෙ මූන දිහා බැලුවා.....
ශිවන්.....මම ඕෆ් වෙනවා....ඔයා ඕෆ්....නැහැනෙ....
මෙච්චර වෙලාම බලන් උන්න උදයංගනී යන්න හැදුවා .....මං දන්නවා....මගෙ ඉස්සරහා ඉන්නෙ අමනුස්ස පිල්ලියක් වෙනකොට හීනෙන් උන දේ ආය ආයම වෙන්න යන බව ඉවෙන් දැනුන මම අට පහ නැති උනත් මගෙ බෑග් එක අතට ගන්න පිටිපස්ස හැරෙනවා එක්කම උදයංගනී එලියට ගියා.....කහ පාට බල්බ් එක නිවි නිවි පත්තුවෙන්න ගත්තා .....
උඹ ....උඹ මගෙ ඇගට අත තිබ්බොත්....බලාගනයි .....මං උඹව නැති කරලා දානවා .....
මම හැරුනා ....හිත අස්සෙ බය කියන දේ ගොජ ගොජ ගගා නටනකොට බෑග් එක ගන්න පිටිපස්ස හැරුන මට මගෙ පිටිපස්සෙන් ඉන්න අමනුස්ස පිල්ලිය මගෙ බෙල්ලෙන් අල්ලන්න හදනවා කියන එක දැනෙනවත් එක්කම මන් ඒකිගෙ බෙල්ලෙන් අල්ලන් කෙලිම්ම බෙල්ල බිත්තියට තද කෙරුවා ....ඒ ඇස් ලොකු උනා.....කලු ඉන්ගිරියාව මැරිලා ගියපු ඇස් තවත් ලොකු උනා.....
ඇග හිරි වැටෙන සීතල හුස්ම.....
උහුල්න්න අමාරු පිලී ගද.....
අතට දැනෙන සෙවල ගතිය එක්ක මං ඒකිගෙ බෙල්ලෙන් අල්ලන් උන්නා....

ඇග ඇතුලෙ තිබුන බය කෙලිම්ම ගින්දරකට හැරවෙනකොට මට මගෙ සර්වාංගෙම ඇතුලෙන් ලෝදිය උනුවෙනවා හා සමාන හැගීමක් දැනෙන්න ගත්තා ...හරියටම අග්නිගෙන් පිට වෙන උනුසුම් දාතු මගෙ යටි බඩ තෙමනකොට දැනෙන උනුසුම හා සමාන උනුසුමක් දැනෙනකොට මට මගෙ නලල මැද පවා උනුසුම් වෙනවා දැනෙන්න ගත්තා .......
උඹ.....කවුරු ...උනත්.....උඹව...මොකා එව්වා ....උනත්...මම වරම ගන්නවා....මම....අනිවාර්යයෙන්ම .....
වරම ගන්නවා ....
මගෙ අතට තද උන අමනුස්ස පිල්ලිය හිනා වෙන්න ගත්තා ....ඇස් කුහර නාස් කුහර කටින් පවා කලින් වගේම ඉහද පනුවො මතු වෙනකොට හීනෙදි උන් මගෙ ලේ විද්දවන් ඇතුලට රිංගපු හැටි මතක් වෙච්ච මම උන්ව ඇගට වැටෙන්න කලියෙන් මම මගෙ අත ගන්නවත් එක්කම එක පාරම මුලු කාමරෙ පුරාවටම ඉහද පනුවො ගොඩක් මතු වෙන්න ගත්තා වගේම කොච්චර උනත් බයෙ උන්න මම එලියට පැන්නා....කාමරෙන් එලියට දිව්වා ...ඔෆිස් එකේ කැබින් පාලුවට ගිහින් තියනකොට කහ පාට ලයිට් එලි තවත් මගෙ හිත බය ගන්නකොට හිතුවෙ වත් නැති විදිහට අර හැම ලයිට් එලියක්ම එකින් එක එකින් එක නිවීගන යනවත් එක්කම මාව කාගෙ හරි ඇගක හැප්පිලා හැපුන කෙනාවයි මාවයි දෙන්නවම වැටුනා.....
අනෙ...අම්...මේහ්....මහ....ත්ත...යෝ....
අනෙ...දෙවියනෙ ....ආයමත්.....ආයමත්....ආයමත් මගෙ ඉස්සරහා උන්නෙ අර ගෑනු පරානෙ වෙනකොට මේ පාර නම් එයාගෙ අතේ තිබුන මොබ් බාල්දිය හැලිලා වතුර පවා සීසීකඩ හැලිලා ගිහින් තිබුනා.....
මේ ඉන්නෙ ඇත්තම මනුස්ස පරානයක් ....මේඉන්නෙ ඇත්ත මනුස්ස පරානයක් ....බිත්තියෙ ගහලා තිබුන ඔරලෝසුවෙ වෙලාව ආයමත් පහයි කාල වෙල තියනකොට සිහි මුර්ජා වෙන්න ආව මම වැටුන ගෑනු කෙනා දිහාවත් නොබලා හැප්පි හැප්පි දිව්වා ....
අග්නීහ්....අනෙ....අග් ..නීහ්.....
දුවන දුවන තැන මාව වැටෙන්න යනකොට හැම කොරිඩෝවකම මට අර ගෑනු පරාන් හම්බුනා ...ඒ හැම තැනකම තිබුන ඔරලෝසුවෙ වෙලාව පහයි කාලයි.....
පහයි කාලයි....
පහයි කාලයි.....
පහයි කාලයි....
මට පිස්සු හැදෙන්න ආවා ....මගෙ ඔලුව සම්පූරන අවුල් වේගන ආවා....අවසානෙදි දරාගන්නම බැරි තැන මම මගෙ ඔලුව බිත්තියෙ ගහගන්න තැනටම එනකොට කවුරු හරි මාව ඇදලා ගත්තා ...
ශිවන් ...ඇයි මේ...මං හැමතැනම හෙව්වා ඔයා කැබින් එකෙත් නෑ.....
උදයංගනී ....ඒ උන්නෙ උදයංගනී...මීට කලිනුත් මාව හොයන් ආව උදයංගනී දැන් වෙන බහු භූතයක් කියනකොට මට ඔල්මාදෙට එන්න ආවා...කොටටිම්ම මගෙ ඔලුව පිස්සු විකාර වෙලා යනකොට උදයංගනීගෙ අතෙ තිබුන පොඩි ඔර්ලෝසුවෙ වෙලාව පහයි විස්ස වෙලා තිබුනා මං එහෙම්ම කදුලු පෙරාගන බිම ඉදගත්තා ...
ශිවන්.....ශිවන්....අනෙ කොල්ලො...ඇයි මේ....ඇයි මේ....
උදයංගනී ...මට වඩා අවුරුදු හතරක් පහක් වැඩි මල් උදයංගනී මාව හොලව ඇයි අහනකොට මම මගෙ හිස කෙස් තදින් ඇදගත්තා .....
අන් උඹට මොකද ....ඔලුවෙ කැක්කුම වැඩි උනාද....
මට....පිස්සු හැදෙන එන්නෙ...මට පිස්සු හැදෙන්න එන්නෙ අනෙ...මට....මට...පිස්සු....හැදෙන්න....එන්නෙ.....
මම ඔලුවම බදගන කෑ ගහනකොට අපි දෙන්නවම පහු කරගන කවුරු හරි යන්න ගියා වගේම මම ඔලුව උස්සලා බැලුවා .....නිල් පාට යුනිෆෝම් එකක කලු පාට අකුරු වගයක් ලියලා තිබුනා...
Cleaning service .....
ටකස් ....ටකස් ටිකස් ...ටකස් .....
කෝච්චි පේට්ටිය එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා....පෙට්ටිය අස්සෙ උන්ගෙ කෑ කෝ ගහන සද්දෙ කන්දොස්කිරියාවක් වෙන තරමට එනකොට ඉදගන්නවා තියා හිටගන්නවත් ඉඩක් නැතිව මම උන්නෙ ෆුඩ් බෝර්ඩ් එකේ උනා.....
ඔලුව කැක්කුමයි ...
සර්වාංගෙම වේදන දෙනවා ....
යන වේගෙට කෝච්චි පෙට්ටි එහා මෙහා එහා මෙහා එහා මෙහා වැනෙනකොට හෝන්දු මාන්දු වෙලා උන්න මගෙ අතට එකපාරම අල්ලන් උන්න යකඩ බාර් එක අතෑරිලා මාව විසික් වෙන්න යනවා එක්කම කාගෙ හරි සීතලම සිතල අතක් එක පාරම මාව අල්ලගත්තා .....
"ප්‍රවේසමෙන්..."
අග්...නී....
කන ගාවින් ඇහුන සීතල කටහඩ එක්ක මට මිමිනුනේම එච්චරයි ....මට මිමිනුනේම එච්චරක් වෙනකොට මං හිමීට බෙල්ල හරවලා බලනකොට කවුරුත් උන්නෙ නැ.....එයා උන්නෙ නෑ.....
මන් ආයම අග්නී ගෑවා...
"අග්නි නෙවෙ.....භෛරව්...."
අග්නි නෙවෙ....ඒ උන්නෙ භෛරව්ලු....
එයාගෙ සීතල අත තවමත් මගෙ බද වටා කිටි කිටියට එතිලා තියනකොට මං බහින ස්ටේශන් එක කිට්ටු වෙලා ඒ සීතල නැති වෙලා ගියා .....සෙනග ගොඩෙ තෙරපි තෙරපි එලියට බැහැපු මට හිටන් ඉන්නවත් පන නැති වෙනකොට මගෙ ඔලුව පිටිපස්සෙන් දරන්න බැරි තරම් වේදනාවක් වගේම මගෙ අත් වල පිට අල්ල කසන්න ගත්තා .. ....
අග්නී....අනේ....මගෙ අග්නි ..උඹ කොහෙද මගෙ අග්නී...
අප්පච්චිට අම්මා එක්කයි ළමයා එක්කයි එන්න බැරි බව දන්න මම ත්‍රීවිල් පාර්ක් ඒකෙ තිබුන ත්‍රීවිල් එකට ගොඩ වෙලා ඔලුව ගහගත්තා .....යන්න ඕබ තැනට එහා වචනයක් කතා කරගන්න බැරි මම ගෙදරින් බහිනකම්ම උන්නෙ ඇස් පියාගන වෙනකොටත් දැහැමිනිලාගෙ ගෙවල් පහු කරනවා එක්කම ඇහෙන නෑහෙන ගානට සීනු සද්දයක් ආවා වගේම ගේ ගාවින් බැහැපු මම වැනි වැනීම ගේ අස්සට ගියා .....
මයෙ පුතා ...
....
මයෙ පුතා .....
.......
කොල්ලො....
ආ...ආ..අප්...අප්පච්චි .....
ඇයි උඹලා කතා නොකරෙ.....
අග්නිගෙ සේයාවක් වත් නැති ගෙදර මම උන්නෙ හෝන්දු මාන්දුවෙන් වෙනකොට බය වෙලා වගෙ උන්න මාව අප්පච්චි දෙපාරක් තුන් පාරක්ම හොලවනකොට මම බය උනා....මාව ගැස්සුනා ....මාව සීතල උනා.....කටෙ කෙලපොදක් නැති තරමට මාව වේලිලා ගිහින් වගේ තියනකොට මම අප්පච්චිට වත් උත්තරයක් නොදී කෙලිම්ම කාමරේට ආවා....
අග්නී...උඹ ඉන්නවද....මගෙ...අග්නී.....
මම ජනෙලෙ ගාවට ගිහින් දේවාලෙ දිහා බලන් මිමිනුවා....අග්නිට කතා කෙරුවා ....බය වැඩි කමට මම ඇඩුවා...හිතට දැනෙන බය එලියට දාගන්න බැරිව මම ජනෙල් ග්‍රීල් වලට ඔලුව ගහගන ඇඩුවා ...
අනේ...මගෙ....අග්නී...
"කව්ද උඹව රිදෙව්වෙ....."
අග්නී.....ඒ කටහඩ අග්නිගෙ .....අග්නී අග්නී මට බයයි ගගා අඩපු මගෙ කන ගාවින් අග්නිගෙ කට හඩ ඇහෙනකොට මම ඉක්මනට ඒ පැත්ත හැරුනා....අග්නිගෙ මුලු මූනම වෙනස් වෙලා.....වෙනදා වගෙ නෙවෙ...මම එනකන් බලන් ඉන්න අග්නිගෙ වගෙ නෙවෙ.....එයා ඇහුවෙ කව්ද උඹට රිදෙව්වෙ කියලා විතරක් වෙනකොට මට ඒකා මොකාද කියලා කියා ගන්න බැරිව ඇගට පනක් නැති මාව කඩාගන වැටුනා...
" උඹගෙ ඇගෙ පන කියන නාමයක් නෑ...".....
අග්...නී...අනේ..මට....බයයි....අග්...නී.....
" අද රෑට හොදින් නිදාගනින්.....උඹට රිදෙව්වෙ කව්ද...ඒ හැමෝම විදවාවි...උඹව බය කෙරුවෙ කව්ද....ඒ හැම එකාම විදවාවි.....සමාවෙයන් ...මම උන්නෙ ලගක නෙවෙ....මම උන්නෙ දුරක.....සමාවෙයන් ...මම උන්නෙ උඹගෙ අම්මගෙ අනකට යට වෙලා මිසක්....එන්න පුලුවන් තැනක නෙවෙ..."
අග්නිගෙ කටහඩ තරහටම වෙව්ලනකොට මම අග්නිට මාව තුරුල් කරගන්න කිව්වා.....උදේ ඉදන් හිස් බඩ උන්න මගෙ බඩ පිට කොන්දට ඇලුනා හා සමානව තියනකොට මගෙ අග්නි මගෙ ඔලුව අත ගගගා මාව තුරුල් කර ගත්තා ...බය නොවී ඉදපන් කිව්වා.....අවසානෙදි මාව එහෙම්ම වඩාගන ඇද මෙට්ටෙන් තියලා මගෙ සපත්තු පවා ගලවලා සීතල වෙලා තිබුන අත් පය හිමින් අත ගෑවා.....
" මට එකම එක දෙයක් කියපන්...උඹව බය කරපු එකා.....ගෑනියක්ද....පිරිමියක්ද....."
ග්ග්...ගෑනියෙ...ක්...අග්නී...අනේ...අග්නී....ඒකි....ප්ප්...ප්ප්...පිල්ල්...ලිය....ක්....අග්...නී....
"නැ....ඒක පිල්ලියක්නම්...උඹ මැරෙනවා...ඒක පිල්ලියක් නෙවෙ....."
අග්නී...
මගෙ අග්නි කියනවා ඒක පිල්ලියක් උනා නම් මම මැරෙනවලු....එයා මාව තුරුල් කරන් ඉදලා එහෙම්ම මගෙ නලලට හාදුවක් තිබ්බා...තියලා ආයම අත් දෙකෙන් තුරුල් කර ගත්තා .....
" ඒක පිල්ලියක් නෙවෙ මැනිකෙ...උඹව බාධා කරවන්න හදන මායාවක්.....උඹගෙ හිත ගස්සවන්න හදන මායාවක්...උඹට තේරුම්.ගන්න අමාරු පටලැවිල්ලක්....."
...
"දවසටවත් කාලා නෑනේද උඹ.....උඹව සුදුමැලි වෙලා ගිහින්....බඩ පිරෙන්න කාලා සැනසීමෙන් මගෙ ගාව නිදා ගනින් මගෙ ශිවන් .....උඹව රිදවන්නෙ කව්ද...උඹව අඩවන්නෙ කව්ද.....ඒකා මොකා උනත්....උඹට හෙට උදෙ ඉදන් බලාගන්න පුලුවන් ....තේරුනාද..."
ම්ම්ම්....
වරෙල්ලා....උඹලට ඇගපත වත් හෝදගන්න පනනෑනෙද.....
ම්ම්ම්ම්ම්.....
🙂ජොබික්කා නිදහාස්...
ආයම හෙත එන්නම්...
පයිස්සමින් ඉන්ඩෝ....
මම
Ferdeesha ❤️💚😘 ....