Cherreads

Chapter 53 - 53

අම්මියෙ ...හ්...

ඕ....අම්මියෙ තමයි.....කෝ අප්පච්චි තවම රෙදි ටික අරන් නෑනෙද....

ඔව්...නෑනේත.....

ඒක තමා මාත් අහන්නෙ.....කවදද දාලා ගියේ තාම වැලේ.....අර කුසිය අපාය වගේ....අප්පච්චිලා පුතාලා මොකද කෙරුවෙ...

ම්ම්..මොකත කෙරුවෙ අම්මියෙ ...

ඒක තමයි අගන්නෙ...මොකද කෙරුවෙ .....

ම්ම්ම්....අප්පුච්චියා ..බයි ...

ඒක තමා...අප්පච්චිලා පුතාලා බයියල තියනවා දවසෙම.....කුසිය අපාය වගේ....මල් පැල වලට වතුර නැතුව මැරිලා ගිහිල්ලා....

ඔව්නෙ.....මැයිලා ..ගීල්ලා....නේ...

යෝහ්...ඔක්කොම මම කියන එක කියනවා...කෝ සීයා තාත්තා ගාවට යන්ඩ.....

ඇයි...ඒ....අම්මියෙ...ඇයි...ඒ....ඔව්....ඇයි...ඒ....

ඇයි ඒ අහන්නෙ ඉතින්...දැන් මම මේවා අස්කරන්ඩ එපැයිනෙ.....මේවා ඌරු වලවල් වෙලා....

කෝ.....

මොනාද ...

ඌලු....වලවල්...

කොල්ලො..මගෙ කට රිදෙනවා.....අපේ මහත්තයා මෙන්න මේකව ගන්ඩ....අරූ බුදිය බුදිය ඉදල රෙදි ටික තාම වැලෙ...මල් මැරිලා ගිහින්...

මම උන්නෙ තවම අඩ නින්දේ.....ලාවට ඇස් ඇරපු මට වෙනදා දකින මගෙ අග්නිගෙ රතු පාට ඇස් දකින්න බැරි උනා...පුරුද්දට ඇද මෙට්ටෙ අතගාලා ලමයව හොයනකොට ළමයත් මෙට්ටෙ උඩ නැති බව තේරෙනවා එක්කම මම දඩි බිඩි ගාල නැගිටන නිදි මතේම ලමයව හොයනකොට මට අම්මගෙ කටහඩ ඇහුනා...

අම්මලා ඇවිල්ලා.....පුංචි එකා කියවනවා ..කියවනවා ඉවරයක් නෑ.....අම්මා මට බනිනවා...රෙදි අරන් නෑ කිය කිය නිඛිල් එක්ක බනිනකොට අග්නියට හපන් යක් පැටියෙක් වෙලා උන්න නිඛිල් අප්පුච්චියා බයියෑව කියනකොට මගෙ නිදිමත වාශ්ප වෙලා ගියා.....

ඇත්ත....රෙදි ටික තාම වැලේ....අම්මගෙ මල් ගස් මැරිලා....ඔක්කොමත් එක්ක ඇන්තූරියම් කොල උඩ වමනෙ ඉතුරු වෙලා තිබ්බොත් කොලෙන් කොලේ මං ලව්වා හෝදවයි.... ගමටම වෙද හාමිනෙ උනත් අම්මට ඇන්තූරියම් කියන්නෙ දෙව්ලෝකෙන් හම්බුන තෑග්ගටත් වඩා වටින දෙයක් උනා.....

මම නැගිට්ටා...නැගිටලා ඉක්මනට ජනේලේ ගාවට ගිහින් දේවාලෙ දිහා බැලුවා.....කිසි සද්ද බද්දයක් නෑ...වෙලහට අග්නියා මාව රවට්ටන්න දැන් ඇතුලට වෙලා බිබික්කම වගේ ඉන්නව ඇති....

ලාවට එන හුලගට ඉහල පහල යන රතුපාට දොර රෙද්ද වගෙව්ම පොට්ටු පිරුන රතු.මැයි ගහ දිහා බලන් උන්න මම එලියට එන්න හැරුනා.....වෙසක් මාසෙට ඔය මල් ගහ කොල හොයන්න බැරි තරමට මල් වලින් වැහිලා යනවා....

මිල්ටන් මල්ලාවාරච්චි කියනවා වගෙම රතු කැට...තනිකරම රතු කැට...සේපාලිකා හැලෙනකොට ගහ යට සුදු රෙද්ද එලුවා වගේ තමයි...මැයි මල් හැලුනම....

මම ඇදිවතක් පටලවන් ඇද රෙද්දත් නොහදම එලියට එන්න ආවා..ආය නිදාගන්නකොටම ඕක හදා ගන්නවා..ඒක ලේසියි ....

අම්මෙ...අම්මෙ....

මොකද බන්....මයෙ පුතා...ආ බන් උඹ මේ රෙදි අරන් නෑනෙද.. අව්වට කර වෙලා කරවෙලා....මේ...පාටත් ගිහින් ....

නැගිටපු මම ඔලුවත් කස කස අම්මව හොයන් කුසියට ගිහින් අම්මා ගෙනාපු බෑග් එකට බෙල්ල දානකොට අම්මා තවමත් ආව ඇදුම පිටිම්ම ඉදන් කුසියට ආවා...නිකන් නෙවෙ මම් අමතක කරපු රෙදි කන්දම අරගන....

මට දුක හිතුනා.....එහෙත් බස් වල මැරිලා මැරිලා ඇවිත් ඇදිවත වත් මාරු නොකර අම්මා ආයම ගෙදර වැඩත් කරන්න ගන්නකොට මට අම්මා පව් කියලා හිතුනා....ඇත්තටම අම්මා ගෙදර නෑ කියන්නෙම ගෙයක් අපාය වෙනවා....මුලු ගේම හිස් වෙනවා...වෙච්ච කෙරිච්ච දේවල් හන්දා මට අම්මා නැති හිස් කම හුගාක් දැනුන් නැති උනත්...ගෙට ගොඩ වෙනකොට අම්මේ ගාන් එන ගෙදර අම්මා දවසක් දෙකක් නැති වෙනකොට පාලු වෙනවා.. උයාගන්න යනකොට තව තව වැඩ එකතු වෙනකොට අම්මා තනියෙන් කරපු දේවල් කරන්න අපිට අත් දහයක් තිබුනත් මදී හිතෙනවා ....

කෝ දෙන්න දෙන්න...

අහකට යමන් මයෙ පුතා දැන් ගන්ඩ එනවා...මේ බලපන්...මේ කොල්ලගෙ කලිසම් වල පාට ගිහින් නෙ....දවස් කීයද නැති උනෙ...ගේ අපාය වගෙ...උඹ මම නැති දාකට කොහොමද ඉන්නෙ මයෙ පුතා....

අනේ අම්මා.....

මට කෑගැස්සුනා ...එයා ගෙනාව රෙදි ගොඩ පැන්ට්‍රි එක උඩට අතෑරලා ලමයගෙ කලිසම් එකින් එක ගසන ගමන් නම නම අනිත් අම්මලා කියන්නා වගේම මම නැති දාකට කොහොමද ඉන්නෙ අහනකොට මගෙ පපුව ඇදුම් කෑවා....

" උඹල මම නැති දාකට කොහොමද ඉන්නෙ....උඹලට මම ඉන්නකන් හොදයි....උඹලට දැන් තේරෙන්නෙ නෑ....උඹලට ඔව්වා තේරෙන්නෙ මම නැති දාකට...මම නැති දාකට උඹලා තනිවෙනවා"...

වයස විස්ස පැනපු ගමන් අම්මෙක්ගෙ කටින් වැඩියෙම්ම අහන්න පුලුවන් වචනටික කිව්වොත් හරි.....

ඔලුවට වදයක්ම දෙන වචන ටික කිව්වොත් හරි....

හතර දිග්බාගෙම ඉන්න අම්මලාගෙ කටේම තියන වචනෙ කිව්වොත් හරි....

අම්මෙක්ගෙන් මෙ වචන ටික නාහපු දරුවෙක් නැතිව ඇති....

වෙන වෙලාවක කිව්වා නම්....මට හිත හදගන්න තිබ්බා...ආ මේක හැමදාම කියන වචන ටික නේද කියලා .....මට හිත හදාගන්න තිබුනා අදත් මේකම කියනවා නේද කියලා .....

ඇදුම් අස්සෙ හංගලා තියන මන්තර පොත ....හෙට කෙම්මුරේදි කඩවරට දෙන කඩවර ගොටුව....අත්තම්ම දෙන්න හදන වරය...අවසානෙදි උදුරගන්නෙ අම්මගෙ හුස්ම බව මතක් වෙනකොට ...

අනේ බන් මම නො මැරි මැරුනා...

අග්නිගෙ වචන ...වෙන්න තියෙන්නෙ එහෙම නම්.....උඹ මොනවා කරන්නද අහනකොට සත්තයි ...මට ගිහින් ගගෙ පනින්න හිතුනා...

අම්මා කියව කියව රෙදි නවනවා.....අප්පච්චි නාලද කොහෙද තුවාය ඉනට පටලවන් කොල්ලවත් වඩාගන කුසිය ඇතුලෙන් ගෙට යන්න ආවා...අප්පච්චි ලමයවත් හෝදලා...ඒකව සීතලට ගැහෙනවා ....

මයෙ පුතා ...

අම්මා.....

මං පැන්ට්‍රිය උඩ ඉදගත්තා .....ඉදගන අම්මා වෙන වෙනම නවන ඇදුම් දිහා බලන් උන්නා...ලමයගෙ එක තැනක...මගෙ වෙනම...අම්මගෙ අප්පච්චිගෙ එකට.....ගෙනාව මල්ල ලෙහන්නවත් හිතක් නැතුව මම ඔහේ බකන් ඉන්නකොට අම්මා කතා කෙරුවා ...අම්මගෙ බෙල්ලට අලුතෙන් සුරයක් දාලා...අනිවාර්යයෙන්ම සුරේ අලුත් කරන්න ඇති .....ඇත්ත ..යක්කු පෙරේතයො එක්ක ගනුදෙනු කරන කොට තමන්ගෙ හුස්ම රැකගන්නෙ නැතුව කොහොමද ....

උඹලා හෙට ඉදන් වැඩට යන්ඩ ඕනා නේද ....කාර් එකත් හදලා ගෙනාව නැති එකේ අප්පච්චිගෙ බයික් එකේ වත් පලයල්ලා.....

බෑ අම්මා.....මගක් එනකොට නින්ද යන්ඩ එනවා..අනික මෙහෙ ඉදන් කොළඹට අද්දනවා කියන්නෙ.....

ඒකත් හැබෑව...එහෙනම්....බස් එකේ...කෝච්චියේ....ඔහේ මොකේද දැන් යන්ඩ හිතන් ඉන්නෙ....

කෝච්චියෙ ....කෝච්චි තියනවනෙ ...

අම්මා අවසානම රෙද්ද ගසලා නවනකොට මම කෝච්චියෙ යනවා කිව්වා...වෙන කරන්න දෙයක් නෑ..මොකද දාපු ගමන් වාහනේ ගන්න ඒක හදන්නෙ කතරගම දෙයියො නෙවෙනේ...මූනත් තහඩුව එහෙම් පිටිම්ම ඥ්ක්ක ඥරස් වෙලා...අප්පච්චි ලව්වා ස්ටේශන් එකට ගිහින් දම්මගන්න වෙන්නෙ...

මම එහෙමම බිත්තියට හේත්තු උනා...අම්මා කුසියෙ එහාට යනවා මෙහාට යනවා...ඒ අතර තුර මම ලෙහන්න ගිහින් මගින් නැවතුන බෑග් එක ආයම ලෙස්සා.....එක බෑග් එකක් නෙවෙ .දෙකක් තිබුනා....එකක් නම් තනිකරම කරවල සුවදයි .....හලාවත...මීගමුව ඉතින් මාලු කරවල නේන්නම්.....

මම කරවල මල්ල කූරු ගාලා බැලුවා...බොම්බිලි....උඩිම්ම තිබ්බෙ බොම්බිලි .....

අම්මා මේ බොම්බිලි

අපිට නෙවෙ...

එහනම්....අපිට නෙවෙ නම් කාටද

උඹලා පෙරේතයෙක්ද මයෙ පුතා බොම්බිලි ඉල්ලන්නෙ....

අග්නියට...අම්මා බොම්බිලි අපිට නෙවෙ කියනකොට මට අමතක වෙලා කාටද කාටද ගගා අහනකොට අම්මා වේලුන හනස්සක් ගස ගස ඇව්ත් පෝරනේ යටට දානකොට මගෙන් පෙරේතයෙක් ද අහනකොට මට අග්නිව මතක් උනා.....ඒකෙ බොම්බිලි කිලෝ දෙකක් විතර තිබ්බා.....මම තවත් අස්සට ඔලුව දැම්මා.....කලුපාට කොටස් නැති රතුපාට හරි තියන උම්මලකඩත් තිබ්බා...

මෙ උම්මලකඩ....

අපිට නෙවෙ....

එහෙනම්...

.....

ඒකත් අග්නියට ....

අම්මෙ මේ දැල්ලො කරවල.....ඒකවත්...

ඒක ඔහේට....

ඇති යාන්තන්...මගෙ බඩජාරි කම යන්න දැල්ලො කරවල ගෙනල්ලා...එතනින් එහාට තිබුනෙ කීරමීන් කරවල...හාල්මැස්සො ....කූනිස්සො වෙනකොට අප්පච්චි කන්න ආස මඩු කරවලත් තිබ්බා..ලමයට මෝර කරවල තිබ්බා...කිරිමෝරුද කොහෙද ...ඒකට සැර දෙන්ඩ බෑනෙ.....

මම කරවල එක පැත්තට දාලා එහෙම්ම අනිත් බෑග් එකට එබුනා.....

අම්මෙ

පැනි වලලු එක ඔහේට නෙවෙ...

අතේ තිබුන හනස්ස දෙකට ඉරලා ලිපට දාපු අම්මා ලිප් ගල් තුන මැදින් තිබුන අලු පුරවපු වේලපු පොල්කට්ටට භූමිතෙල් දැම්මා....අලුවලට භූමිතෙල් වැටුනම ඇත්තටම මාරම සුවදයි...මට පාන්ඩුවද කියන්න දන්නෙ නෑ..ඒත්...පොල්කොල උඩට භූමිතෙල් වැටෙනවට වඩා අලු පොල් කට්ට උඩට භූමිතෙල් වැටෙනකොට ඇත්තටම සුවදයි...

ලිප අව්ලන ගමන් උන්න අම්මාපැනි වලලු එකත් මට නෙවෙ කියනකොට ඒකත් අර බිබික්කමාට කියලා හිත හදාගත්තු මම එහෙම්ම තවත් අස්සට අත දැම්මා....

බූන්දි.....මේ තල කැරලි....ආයම....අර රුලන්....

අනිවාර්යයෙන්ම අර කෝවිල ගාවින් වෙන්න ඇති...මුන්නේශ්වරමෙ පාර ගාව බූන්දි වෙලෙන්දො තියන් ඉන්නවා...සමහරු පූජාවට්ටි වලට තල කැරලි තියනවා....රස කැවිලි තියනවා...

මයෙ පුතා උඹලා ඔය දත කටවට්ග් මදින් නැතුව නේද ඔව්වා ගිලින්නෙ.....

අග්නියගෙන් පැනිවල්ලක් හොරකන් කරන්න හදපු මට අම්මාගෙ වචන එක්ක කුරුමානම වැරදිලා ගියා වගෙම අතට ගත්තු පැනිවලල්ල ආපිට දාපු මම පැන්ට්‍රියෙන් බැහැලා යනවා එක්කම නාගන ඇතුලට ගියපු අප්පච්චි පොඩි ඇටයවත් වඩාගන කුසියට ආවා....

මයෙ පුතා මේකගෙ කොන්ඩෙ වැවිලනෙ කපන්නෙ නැද්ද .... ...

අප්පච්චි ලමයගෙ කොන්ඩෙ අතගගා කොන්ඩෙ කපන්නෙ නැද්ද අහනකොට අම්මා මගෙ දිහා බැලුවා ...මගෙත් කොන්ඩෙ ටිකක් වැවිලා .....කොන්ඩෙ කපලා යකා මහත්තයගෙන් බෙල්ල කඩාගන්න ආසද කියලා අහන්න හිතුනා උනත් අහන්න බැරි කමට මං බොරුවක් ගෙතුවා ....

කතා කරන් එනකොට කොන්ඩෙ කපන්න හොද නෑ කියනවා නේ අම්මා.....ගොත ගැහෙනවා කියලා ...

යෝහ්.....දැන් මේකා ඔය අපූරුවට කතාකරන්නෙ.....නේ සුදු පුතා....

ඔව්.....මොනාත.....ඔව්...අම්මියෙ.....

ඔක්කොටම ඔව් කියනවා කියන්නෙ මොනවද දන්නෙත් නෑ...උඹට දෙනවා එකක්....

ම්හ්ක්...අපානේ....අ...පා..නෙ....අප්පුච්චියේ...අපා...නෙ....අග්....භ්භ්.....භ්භ්

..

මං කට වැහුවා ....පුංචි එකාගෙන් අහන්නෙ මොනවද ...හැම එකටම ඔව්....මොනවත....ඔව් අප්පුච්චියෙ....ගගා අපි කියන දේම කියලා බොරුවට ගහන්න හදනකොට ඉක්මනටම එකගෙ මහ අප්පච්චි ට අසගනන්න යනවා එක්කම මමකට මිරිකලා කටට උම්මා එකක් තිබ්බා විතරයි මේ කොල්ලා මූන ඇඹුල් කරන් ඉදලා කට පිහාගන අප්පච්චිගෙ උරහිස අස්සෙ මූන ගහගත්තා ...ඒකට අප්පිරියා හිතිලද කොහෙද.....

ලමයව් වඩාගන උන්න අප්පච්චි අම්මට හාමිනේ තේ එකක් බොමුද අහන ගමන් කොල්ලව බිනින් තිබ්බා මම ඇතුලෙ බාතෲම් එකට නොයා බුරුසුවට සිගනල් දාගන එලියට ආවා.....

අග්නී....

අග්නී.....

මම සිග්නල් දාගත්තු බුරුසුව අරන් අම්මට නොපෙනෙන්න හොරාවට දේවාලෙ දොරකොඩ ගාවට ගියා ..

අවංකවම දැන් මට දේවාලෙ ගාවට යනකොට කකුල් පැටලෙනවා...මම හරියටම ඉස්කෝලේ යන ළමයෙක් වෙලා...ගෙවල් වලට හොරෙන් ආදරෙ කරන එකෙක් වගේ මම අම්මගෙ ඇස් වලින් බේරි බේරි වෙනදට ගානක් වත් නැතිව යන දේවාලෙ ගාවට මම හොර ගල් ඇහින්දා .....

අග්නී...

මම කතා කෙරුවා ...එයා නෙවෙ ආවෙ...

අග්නී...

දතක් කටක් මදින් නැතිව කිලිටි පිටින් දේවාලෙට පය ගහන්න බැරි කමට මම දොරකොඩ ඉදන් ආයම අග්නී....ගෑවා....ඒත් නෑ.....

එයා කොහෙද .....එයාගෙ ගෙදර ගිහින් වත් ද . ....වෙන්න බෑ...මේ මිනිහා මාව විතරක් නෙවෙනෙ රවට්ටන්නෙ....අම්මවත් රවට්ටනවනේ....ඉතින් එයා මේක ඇතුලෙම ඇති...

අග්නීහ් .....එලියට එන්නකො අග්නී.....

මට ෆිට් එකට වගේ ..දවස් දෙක තුනක ඉදන් උදෙ ඉදන් දැකපු එයා අම්මලා ආවත් එක්කම මගෙ ඇස් වලින් වහන් වෙනකොට අවංකවම මට දැනුනේ ආදරේ කරපු කොල්ලා නම්බර් එක බ්ලොක් කෙරුවා වගේ හැගීමක්.....ඵෝන් එක ඕෆ් කෙරුවා වගේ හැගීමක්...නම්බර් බිසි කෙරුවා වගේ හැගීමක්...තත්පර දෙක තුනට මගෙ බඩ ඇතුල රත්වේගන එනවා වගෙ දැනුනා...කොටිම්ම මම අග්නි ගාවදි උන්නෙ ජීවිතේට ආදරේ කරපු නැති කෙනෙක් විදිහට වෙනකොට මේ තත්පර ගාන ඇතුලත මට නිකන් අර කියපු හැගීම් දැනෙන්න ගත්තා ....

අනේ අග්නී...එන්නකො...

එයා නෑ.....එයා නෑ.....

ඇත්තමයි අග්නි ...උඹ නාවොතින් මම අර පැනිවලලු උරේම කනවා.....එන්නකො...අග්නී..කතා කරන්න බැරි උනත්...එක තත්පරේකට මුන පෙන්නන්කො අග්නී....

එයා නෑ...අවංකවම දැන් මගෙ ඇස් වල කදුලු .....එයා මට වචනයක් නොකියම කොහෙව්හරි ගිහින් ...

අග්නි....ඇත්තමයි එලියට නාවොතින් මං අර වෙරලු ගහම කපලා දානවා ...

.....

එයා නෑ.....අඩුම ගානෙ දොර රෙද්දවත් හෙළ උන්නෑ.....මං එන්න හැරුනා බුරුසුව කටේ ගහගත්තු එතනින් එන්න හැරුනා.....ඊයෙ රෑ වමනෙ දාපු පාරට ඇන්තූරියම් කොල උඩ තවමත් සමහර පාරවල් ...සමහර දේවල් රැදිලා තිබුනා.....කූඹි වහලා උන්නා...සමහර කූඹි උන්ගෙ පුංචි අඩු වලින් මම වමනෙ කරපු නොදිරපු කෑම කොටස් උස්සන් යනකොට ඒකත් එක්තරා පවක් කියලා හිතුනා....

මයෙ පුතා.....

අග්නිත් නැති තැන දෙපාරක් තුම් පාරක්ම දේවාලෙ වටේ කැරකි කැරකි ඉදලා වෙරලු ගහ වටෙත් කැරකුන මම අවසානෙදි දත් මැද මැද බිම වැටිලා තිබුන සේපාලිකා මල් එකතු කර කර වේලන්න දාන වට්ටියට ගොඩ ගගහ අතින් තුනි කරනකොට අම්මා කතා කෙරුවා .....

.ඇයි.....

උඹලා කොහෙ හරි යනවද දැන්.....

අම්මා අහනවා මං කොහෙ හරි යනවද කියලා ...යන්න එපැයි.....අනිද්දා ඉදන් වැඩ නම්.අර මිනිහගෙන් කන් දෙක පිරෙන්න විසි හතර පැයම නිශ්මික....නිශ්මික...ශිවන්...ශිවන්...මිස්ටර් වීරසේකර ...වීරසේකර ගගා මන්තරයක් ජපකරනවා වගේ මගෙ නම ජප කරන්ඩ ඵෝන් එක හදා ගන්න යන්න එපැයි...

ඔව් අම්මා...ඇයි.....

හෙට ඉදන් උඹලට වැඩනේද....බත් එකක් බදින්නවත් එලවලු නෑ...කොහිල විතරයි තියෙන්නෙ....

කටු පිටින්ද අම්මා....

මොනවා....

......

කියන දෙයක් ඇහෙන්ඩ කියපල්ලාකො...

මට තරහවයි.....දුකයි දෙකම...එයාට තව බැරි උනා ...එයාට තව බැරි උනා මගෙ ගාවට ඇවිත් එක පාරක් මැනිකෙ මං ඉන්නවා කියන්න...මැනිකෙ කියන්න ඕනෙත් නෑ.....මං ඉන්නවා...බය නොවි ඉදපන් ඔය ටික කියන්න කටෙ පිට්ටුද....නෑනෙ.... ...අම්මා ගෙදර කොහිල තියනවා කියනකොට මට හිතුනෙම අග්නිට කටු පිටින් කොහිල ගිල්ලන්න වෙනකොට මං දේවාලෙ පැත්ත බලන් කටු පිටින්ද අහනකොට අම්මට ඒක ඇහිලා තිබුන් නෑ .....

දැන් උඹට එන්න බෑනෙ ....එක පාරක් වත් මගෙ මූන බලන්න එන්න බැරි තරම් උඹට වැඩ නේ .....හා ඕකටම වෙලා ඉදින්කො ...මං දැන් ගමනක් යනවා....මග මැරුනත් මං ආය නම් කතා කරන් නෑ.....

ආයම පාරක් එයාට අඩ ගහලා හිත පාරව ගත්තු මම දත් මැදපු බුරුසුවත් අරන් නාගන්ඩ ගියා ...

.එයා හොදටම දන්නවා ....මට අද රෑ කෝච්චියෙ අනුරාධපුර යන්න වෙනවා කියලා එයා හොදටම දන්නවා මට පැය නවයක් දහයක් කෝච්චියෙ යන්න වෙනවා කියලා ..ඒ දැනගනගත් එයා එන්නෙ නෑ.....

බාතෲම් එකේ ඉදගනත් මම කෙරුවෙ සැරින් සැරේම එයා දැන් කොහෙන් හරි මතුවෙයි දැන් කොතනින් හරි මතුවෙයි කියලා බලන් උන්න එක.....මට නාන පිටිම්ම ගොරකා කැලේට දුවන්න හිතුනා....ඒත්.....මං දැන් වෙනදටත් වඩා ප්‍රවේසම් වෙන්න ඕනා හන්දා ඒකත් ඉවසුවා ...ඒත් අවසානෙදි දරන්නම අමාරු තැන කුලුදුලේ ආදරේ කරන එකෙක් හා සමානව මගෙ ඇස් වලින් කදුලු වැටුනා.....

මට එයා එක්ක තරහා වෙන්න හිතුනා...

අපි මේ සම්බන්දෙ නවත්තමු කියන්න හිතුනා....

හැබැයි ඒ එකක් වත් ඇත්තට කියන කතා නෙවෙ .....ආදරේ වැඩි සමහරක් තැන.....අපි හැමදාම කරන්නෙ අවදානෙ ගන්න හදන එක....

ඔයා ඉස්සර තරන් දැන් මට ආදරේ නෑ...ඔයාට මාව මතක නෑ.....ඔයාට වෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න..මට පුලුවන් මගෙ හිට හදාගන්න...නැත්තන් මගෙ ඔලුව කැක්කුමයි....

සමහර වෙලාවට මේ වචන ඇත්තටම හරි හිස් වචන..නැත්තන් බොලද වචන වෙන්න පුලුවන් ..ඒත් ඔලුව කැක්කුම නම් පෙනඩෝල් පෙති දෙකක් බොන්න පුලුවන් කම තියාගන අපි එයාට ඔලුව කැක්කුමයි කියන්නෙ එයාගෙන් එක ආදරනීයම වචනයක් අහන්න.....අනේ ඇයි බබා...ඇයි මැනික.....නාන්න එපා...ඔයා කොච්චර කිව්ව්ත් අහන්නෙ නෑ.....චූටි චූටි තරවටු කම් අස්සෙ ආදරේ මහා හුගාක් පිරිලා තියනවා බව දන්න හන්දා ඒ ආදරේ උරගාලා බලන්න ....අපි මේක නවත්තමු කියනකොට ..."කොහෙ යන්නද උඹ මගෙ...මගෙ...මගෙම විතරයි....මරනවා උඹව...මට හම්බෙන්නෙ නැත්ත කාටත් දෙන්නෙත් නෑ....."ඔන්න ඔය වගෙ වචන අහන්න අපි පුදුම තරන් ආසයි...පරිනත හැහීම් එනකොට අපි හිතනවා...අර මම හැමදාම හැම තැනම කියනවා වගේ සුවද බෙදන මල් කොහෙ පිපුනාම මොකෝ කිව්වත්.....උපන් දා ඉදම්ම මැරිලා යන මොහොත දක්වාම අපි ඇතුලෙ ජීවත් වෙන අර " පුංචි ලමය" හිටපු ගමන් බොලද ආදරයක් හොයනකොට අර පරිනත හැගීම් පැනල යනවා....

මට උනෙත් ඒක....

අග්නිගෙ ආදරේ අධිමාත්‍රාවක් බව දැන දැන මම මැරෙන්න හැදුවා ...

ඒත්....ප්‍රමානය ඉක්මවලා ගන්න හැම අධිමාත්‍රාවක් ම කරන්නෙ මරනය ලන් කරන එක කියන එක අග්නි මාව තනිකරන හැම තත්පර ගානෙම දැනෙන්න ගන්න කොට මම ශවර් එක යට ඉදන් සික් එක හැදුන එකා වගේ අග්නී....එන්නකො අග්නී ගෑවා....

දෙවියන් බුදුන් පල්ලයි...මං දැන් උන්මන්තකයෙක් .....අහම්බෙකින් හරි ....ප්‍රාතිහාර්‍යකින් හරි ෆැන්ටසියකින් හරි හදවතක් නැතුව ජීවත් වෙන්න පුලුවන් කමක් තිබුනත්...මට අග්නි නැතුව ජීවත් වෙන්න බෑමයි හිතුනා....අවංකවම මම දැන් මන්දෝදරීට වෛර කරන්න ගත්තා .....

මම මන්දෝධරී උනා නම්...මගෙ ජීවිතේ කිසිම තැනක රාවණගෙ තැන විභීශනට දෙන්නෙ නෑ...

එයා කිව්වා හරි ..මට තිබුනෙ සිහින් ඉඟක්....මන්ධෝදරී කියන එකේ තේරුම සිහින් ඉඟ උනත් ...එයාට අමතක උනද පද්මාවතිට උනත් තියෙන්නෙ ඇත්තෙ සිහින් ඉඟක් කියලා.....??

අග්නී ...හ්...

මම අත මිටිමොලවලා බිත්තියට පාරක් ගැහුවා .. එයාට එක තත්පරේකට මැනික..බැරි නම් කොට මගුල කියන්න බැරි උනාද...

අග්නි උඹ මාව හෙම්බත් කරවනවා..උඹ මගෙ හැගීම් හෙම්බත් කරවනවා....ය්ඹ සාමාන්‍ය එකෙක් උනානම්....සත්තයි අග්නි ඕන හුත්තක් කරගනින් කියලා මම යන්න යනවා ඒත් මම එහෙම වත් කියන්නෙ කොහොමද අග්නි...

මම දැන් උඹේ ආදරේ ගාව අමු පිස්සෙක් අග්නි .....

මගෙ කිලිටි හෝදගන ගියපු වතුර බින්දු පාඩුවෙ ගලාගන යන්න යනකොට මම ඉන වට තුවාය ඇදගන කාමාරේට එන්න ආවා.....

අම්මියේ...

ඕ.....කව්ද මේ ඇද කැඩුවෙ...

ඔව්...කව්ත.....අම්මියෙ....කව්ත...

ඒක තමයි අහන්නෙ....අප්පච්චි පුතයි හොද අඩව්වක් ඇල්ලුවද...

.අදව්වක්.....ඇල්ලුවත.....ආ අම්මියෙ....අම්මියත ඇල්ලුවෙ...

යෝහ්.....ඔය.....මම.ඇතුලට දානවා....ඔයා ආයම එලියට අදිනවා..අප්පච්චිට ගහන්ඩ ඕනා හනස්සක් අරගන.....

ඇයි....ගහන්න ඕනා...ඔව්....ඇයි....අම්මියෙ.....හනස්සක්...අරන්...ගහන්න ඕනා....

ඇයි අහන්නෙ මේ පේන්නෙ නැද්ද අල්මාරියෙ හැටි...ඔක්කොම අප්පච්චිලා පුතාලා ගුලි කරලා දාලා නේද.....

ඔව් නේත...දාලා නේත....තුත්තන්....තමයි...තුත්...තා...න්න්...අම්මියේ...හනස්සක්....

බෙල්ල ගාවට වැවුන කොන්ඩෙන් වතුර බින්දු බින්දු පහලට පෙරෙනකොට මම කාමරේට එන්න ආවා....අම්මා මට බැන බැන රෙදි නවනවා....මගෙ නිඛිලා ඉවරයක් නැතිවම කියනවා...

හැබැයි තත්පරයයි ...මම කාමරේට ගියේ කරන්ට් එකක් වැදුනා වගේ.....අර පොත....අර පොත...දෙවියනේ...අත්තම්මා දීපු පොත මම හැංගුවෙ අල්මාරියෙ වෙනකොට මම දිව්වා.....

....අ....අ..අම්මෙ.....

මොකද මයෙ පුතා මේ අල්මාරියෙ හැටි ...උඹලා මොනවද අප්පා කෙරුවෙ ....

ආ...ආ..මේ මූ එක්ක බෑ අදිනවා ඔක්කොම....

මූ එක්ක බෑ..මූ එක්ක බෑ කියන්නෙ....කෝ ඇද ...ඇදනුත් නෑ.....අල්මාරි එහෙන් ගේ එහෙන්...උඹට පෙරේතයෙක් වත් වැහිලද මයෙ පුතා....

යෝ....නෑ අනේ...ඔහේ මොනවද ඔය කියවන්නෙ...ඇද කොච්චර පරනද...අර එහා පැත්තෙ අයිනෙ පොල්ලෙම්ම කඩලා ගියා...

කඩ්ලා.ගියා නම් කෝ ලී ටික...කැඩුන තැන පාස්සන්න පුලුවන් නෙ.....

මට කට උත්තර නැති උනා...මායමක් දාලා අම්මව අල්මාරිය ගාවින් එහා මෙහා කරගත්තා උනත් අම්මා ඊලග පාර අහපු ප්‍රශ්නෙට මට අග්නිව සිහි උනා....ඒකා ඇද පොලු ලිපේ දැම්මද දන්නෙ නෑ...මට දෙන්න උත්තර නෑ.....කරන්න දෙයක් නෑ....පලලා ලිපට දැම්ම වත් කියන්න වෙනවා..ඒත් ඉතින් අම්මා ගිය දා ඉද කසාය මුට්‍ටි උනු උන් නැති හන්දා මට කියන්න දෙයක් නැති වෙනකොට මම අතින් තෙත කොන්ඩෙ ගස ගස එහා මෙහා උනා....

මයෙ පුතා....ඇත්ත කියපල්ලා....

මොනවද අම්මේ...

උඹලා මොකක් හරි විජ්ජුම්බරයක් කරනවද ...?

ඔහේට පිස්සුද...මොන විජ්ජුම්බර කරඩද....

අම්මා ඉනට අත් දෙක තියාගත්තා...තියාගන මාදිහා බලන් උන්න....අවන්කවම මට දැන් ඒ බැල්මෙන් ගැලවෙන්නත් අමාරු වෙනකොට මම හරි අමාරුවෙන් අහක බලාගත්තා .....

උඹලගෙ ඇසුත් රතු වෙලා....නාලා උනාට ඔච්චර නම් රතු වෙන්ඩ විදිහක් නෑ.....ඇත්ත කියපන්...උඹ මොනව හරි හංගනවද.....මූනත් ඇදිලා ගිහින් ....

අම්මා ආයම මගෙ ලගට ආවා....බාතෲම් එකෙ වතුර මල යට අඩපුවල ආනිසංස අම්මා ඉස්සරහා පලදෙනකොට අම්මා අහන ප්‍රශ්න එක්ක මගෙ පපුව ගිඩි ගිඩි ගාලා ගැහෙන්න ගත්තා අනෙ දෙවියනේ....අග්නිගෙ කුයිලේ වත් එනවද .....

මම දෙන්න උත්තර නැතුව අසරන වෙනකොට මූන ඇදිලා යන්න හේතුවට මට දැහැමිනීව හදිසියේම මතක් උනා...

මූන ඇදිලා ගිහින් තියෙන්නෙ ඊයෙ රෑ එලියෙන් එලි වෙනකම්ම මට වමනෙගියා අම්මා....

ඒ මොකද එක පාරටම....

අජීර්නයක් ....

ඇයි මොනවද උඹ කෑවෙ....

මොකුත් නෑ අම්මා....ඊයෙ දැහැමිනිලගෙ ගෙදරින් කිරිබත් ගෙනාවා....

කිරිබත්?

ම්ම්ම්..ඔව්....රෑ....

යෝ.....හ්....ඔහේ කෑවද....?

ඔව්....ඉතින්...පව් සිද්ද වෙයි කිව්වා...බාරෙකට හැදුව කිරිබතක්ලු

උඹලට මොළෙ නෑ අප්පා.....මයෙ පුතාඋඹ ඔච්චර මෝඩයද.....රෑට කිරිබත් දෙන්නෙ නෑකියලා දන්නෙ නැද්ද....

මට විතරක් නෙවෙ...චුට්ටමාටත් ....

උඹලා දෙන්නා හරක් අප්පා...ඒකට මොනවද පෙව්වෙ...දෙහි ගෙඩියක් වත් බොන්ඩ දුන්නද...අනික ඔවුන් කිරිබත හදනකොට සල්ලිත් දැම්මද දන්නෙ නෑ.....

මම බිම බලන් උන්නා..හැමෝම නෙවෙ උනත් සමහරු අර කලවන් කිරිබතට කාසිත් දානවා...ඇයිද කියන්න දන්නෙ නෑ...දානවා...අම්මා මට බැන බැන එලියට යනකොට මම කොල්ලවත් අම්මගෙ පස්සෙන් පංගරාත්තු කරලා දොර වහගත්තා .....

අම්මෝ...දෙයියන්ගෙ පිහිටයි...මේ තියෙන්නෙ මේක මෙහෙ තියල බෑ...යන යන තැන අරන් යන්න වෙනවා....

අම්මා ගියා එක්කම මම අර පොත අල්මාරියෙ අඩියෙම තිබිලා අරගන ආයම අල්මාරියට නොදා ඇදුම ඇදන් ඇදුම අස්සෙ ගහගත්තා .....

අප්පුච්චියෙ.....ම්හු.....ක්....වඩා....වඩා.

වඩා....ම්හුක්...අග්....අප්ප....ච්...චියේ....

වඩා ගන්න බෑ අප්පච්චි ගමනක් යන්න යන්නෙ..මගෙ පුතා සීයා තාත්තා එක්ක බයියන්ඩ...

අපානෙ....අපානෙ...

මොනවද. ....

බයියන්ඩ.....අපානෙ..තුත්තා...න්.....අපානෙ....අග්ගි...යෝ...අපා...නේ...

යෝ...හ්හ්....වරෙන්....අප්පා....මට යන්න වෙලා යනවා.....

ම්හුක්....අපානෙ....

මොනවද...

වරෙන්....අප්පා....අපානෙ..අප්පුච්චියෙ....

පුතාත...අපානෙ.....වරෙන්....අප්පා....

මම ඇදගන කුසියට එනවත් එක්කම ලූනු වට්ටියම බිම හලාගන උන්න නිඛිල් මා ගාවට දුවගන ඇවිදින් වඩා ගන්න ගගා අත් දෙක උස්ස උස්ස උඩ පනිනකොට මම එයාව අහකට කෙරුවා විතරයි නේ කොල්ලා කේලම කිව්වා....මං ඒකව වඩාගත්‍තා....හොද වෙලාවට එයා චුට්ටන්ගෙ නම ගාවිම්ම අග්ගියෙ කිව්වෙ....නැත්තන් අම්මට ඕක ඇහිලා කව්ද අග්නි ඇහුවොත්.....?

මයෙ පුතා...මේන් මේටික අරන් වරෙල්ලා....උඹලා කඩෙන් කන්ඩ ගියෝතින් කීයක්ද.....ඔය පලා.මිටි ගන්නකොට බලපල්ලා....ගොටුකොල කන්කුන් අස්සට වල් පැලත් ඔබලා මිටිය මහත් කරනවා...පුහුල් තිබුනොත් ගෙන්ල්ලා දෙකට කපලා තිබ්බොත් ගේන්ඩ එපා...අලුත් එකක් කප්ප ගනින්.....හූනියන් වලට කපන ඒවත් ඩ දැන් ඉන්න උන් ගේනවා...

ඵෝන් එක හදන්න යනවයි කියපු මට අම්මා වැඩට ගෙනියන්න උයලා දෙන්න කියලා එලවලු ගේන්න කියනකොට මට දුක හිතුනා.....අවංකවම වේදනාවක් දැනුනා....අම්මා දණ්නෙ නෑ....තව පැය ගානකින් අම්මට ලොකුම බොරුවක් කියලා අනුරාධපුර යනවා කියලා....

අනේ හදිසි රෑ වැඩක් කිව්වොත් අම්මා මේ තකහනියෙ උයාවි...

මගෙ පපුවට මහ වේදනාවක් දැනුනා....

මගෙ පුතා....උඹලා මෙතන ඉදන් මොකද කරන්නෙ.....

අම්මා..අද නයිට් කියලා ලොක්කා කතා කෙරුවා ....

ආ.....දැන් ඉතින් උඹලා යනවද.....

ම්ම්ම්...කොහොමත් හෙට ඉදන් වැඩට යන්න තියන එකේ.....මට යන්න වෙනවා....අනික ඒකට බෑ කියන්න බැ අම්මා...මම.දැන් ගෙදර උන්නනෙ.....

අයියෝ....උඹලට ගෙනියන්ඩ කරවල කෑල්ලක් තෙල් දාලා සම්බෝලයක් වත් මලවන්ඩඩ....ඇරත් උඹට දැන් අජීර්නෙකුත් කිව්වනෙ...උඹලා කරගන්න වැඩ් අප්පා....

අම්මා...එපා....

එපා කියන්නෙ.....සම්බොලා එපා....ආය බඩත් බුරුල් වෙයි...එහෙනම් විගහට ගිහින් අරන් වරෙල්ලා...උඹලා කියන්ඩ එපැයි මගෙ පුතා.....

මම අතේ උන්න කොල්ලව බැස්සුවා...

මගෙ පපුව කඩාගන යන්න ආවා.....මම හිතුවා වගෙම අම්මා නයිට් කිව්ව ගමන් බත් එකක් හදන්න අහනකොට අනේ අම්මේ....ඇයි අම්මෙ.....අම්ම්ත් ඔය මගුල් පටන් ගත්තෙ...මටත් මෙහෙම මගුලක් උනේ කියල අහන්න කට නැරෙනකොට මම අම්මගෙ ඇස් වලින් මගෙ කදුලු හංගන් එලියට ඇවිදින් දේවාලෙ දිහා බලන් උන්නා... එයා නෑ....එයා මොන ලෝකෙද දන්නෙ නෑ.....

අග්නී.....

මම මිමිනුවා....එහෙන් අම්මා බත් හදන්න නහින්න යනකොට මට එයාවත් දාලා තට්ට තනියම යන්න වෙනව බව මතක් වෙනකොට මගෙ පපුවට මහා වේදනාවක් දැනුනා...

උඹත් මම අසරන වෙන වෙලාවම බලලා මාව දාලා ගියාද අග්නි...???

🥺 ජැක්කා නේත🥺🥺

ම්හුක්.....ජොබීත දුක හිතිලලු...

ආයම කොටසකි න් එන්නාම්....

උදේට නලුවා එක්ක එන්නම්....

මේ ලමයා බුජි....ඔය ලමයිනුත් බුජියන්න.....

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters