Cherreads

Chapter 47 - 47

අග්නී....

" ම්න්..."

මට නින්ද යන්න එනවා...ඒත් මට අග්නිව දාලා නිදාගන්න ලෝභ හිතුනා...එයා උන්නෙත් මාව තුරුල් කරන් ඒත් මට ඒකත් මදී හිතුනා...

" ඇස් පිල්ලම් ඇද ඇද ඉන්නෙ නිදාගනින්කො....."

එයා මගෙ නහය මිරිකුවා....එයා කියනවා මට නිදා ගන්න කියලා ...මට හිතා ගන්න බෑ මේ ලෝකෙ මාව පිස්සු වට්ටන එයා ගාව ඉදන් කොහොම ඇස් පියා ගන්නද කියලා ...එයාගෙ සීතල ඇගිලි නොයන තැනක් නෑ....මාව පිස්සු වැටෙන්න වගේ....මට නින්ද යන්නෙ නෑ...නින්ද කියන දේ පෑල දොරින් පිට වෙලා යනකොට මම නැගිට්ටා නැගිටලා ඉදගත්තා .....

අග්නි....

"ම්න්..."

මට ලෝභයි....

" මොනවටද...."

උඹ වගේ උඹතුවක් ළඟ තියාගන නිදා ගන්න...උඹ වගෙ අධිමාත්‍රාවක් ල්ග තියන් නිදා ගන්න....මං නිකන් වස්තුව හන්දා පිස්සු වැටුන ලෝභයෙක් වගෙ අග්නි....මසුරන්ට වස්තුව ළඟ තියාගන නිදාගන්න බෑ වගේ...මට උඹව ලග් තියාගන නිදා ගන්න බෑ....මේක මොන විදිහෙ උමතුවක්ද අග්නි...

" මැරෙන්ඩ තරම් ආදරෙයි කියන්නෙ ඔන්න ඔය හැගීමට...උඹට ලෝභයි වගේම මටත් ලෝභයි ..උඹට ඇහැරන් ඉන්න හිතෙනවා..මට උඹව මරලා දාන්න හිතෙනවා ...."

එයා මා දිහා බලන් ඉදලා මේක තමයි මැරෙන්ඩ තරන් ආදරෙයි කියලා කියන හැගීම කියනකොට සත්තයි මට හිතුනා මැරිලා යනවා නම් කියලා .....ඒත්....මට අවසර නෑ.....මට මැරෙන්නවත් අවසරනෑ....ඒත් එහෙමයි කියලා මට දැන් ජීවත් වෙන්න හිතෙන්නෙත් නෑ...

" අග්නිගෙ අඹුව..."

මාව සීතල වෙලා ගියා....සමනල්ලු කෝටියක් මගෙ බඩ ඇතුලෙ පියාඹනවා වගේ හැගීමක් මට දැනෙනකොට මම ඒ නම හිත ඇතුලෙන් ලක්ශ කෝටි වාරයක් කොයා ගන්න ඇති.....ඒත්....ඒ නම....අග්නිගෙ අඹුව කියන එක....ඒ සීතල කටහඩින් කියවෙනකොට ...ඒක....ඒක වෙනමම උමතුවක්....වෙනනම පිස්සුවක්...මට වෙලාවකට හිතෙනවා...ඔහොම ගිහින් ගිහින්...අග්නි මාව මරල දායිද කියලා .....හරියටම අර හැරීපොටර් එකේ මායා කැඩපත වගේ මම අග්නිගෙ මායාවට අහුවෙලා උන්නා....

එයා හිනා වෙනවා ලාවට....නිකන් නෙවෙ ..හිතන්නවත් බැරි තරම් ලාවට වෙනකොට එයාගෙ ඇස් වල අර ලේ නහර ආයම එකින් එක පන ගහන්න ගත්ත...ඒක නිකන් ඇස් වලට හොරෙන් මල් වල පෙති දිගෑරෙනවා වගෙ....හරිම හිමින් එ ලෙ නාලිකා ඉලිප්පෙන්ම ගත්තා.....

මොන පිස්සුවක්ද දෙවියනෙ ඒක.....තරහව පාලනෙ කර ගන්න බැරිව රතු වෙන ඇස්....ආදරේ හින්දත් රතු වෙන්න පටන් ගන්නකොට .....

"මගෙ අධීර...."

මං ඇස් වහගත්තා ....ඒ හුස්ම ....ඒ වචන...මහප්‍රානෙ බර කරලා මගෙ අධීර කියලා එයා මගෙ මුල්ම නමින් කතා කරනකොට මට ඇස් වැහිලා ගියා ....උල් වෙච්ච නියපොත්තක් නලලෙ ඉදන් නාස් පොල්ල පහු කරන් පහලට ඇවිත් යටි තොල ගාව් නවතිනකොට මං ඇස් ඇරියා ...

අ....ග්....නී....

එයා උන්නා....කන් වල එල්ලෙන තෝඩු...නලලෙ රතු පාට ලකුන් ...දිගම දිග කොන්ඩෙ.....අඩ නිරුවතින් ...ඉනෙන් පහල විතරක් සේද රෙද්දකින් වැහිලා යනකොට එයාගෙ සර්වාංගෙම පුරාවටම තිබුන හැන ආභරනයක්ම හරියටම සිංහල රජ කාලෙ රජ්ජුරුවො අදින්නා හා සමාන වෙනකොට ඇස් යට තියන රත් අදුන් දකින ඕනම කෙනෙක්ව වසගයට ගත්තා විතරක් නෙවෙ ....අමු සිංහලෙන් කියනවා නම්....අග්නිගෙ සර්වාංගෙ....ඒ ලස්සන දැක්කම ඕනම ගෑනියෙක්ට "එක පැයකට හරි අග්නිගෙ වෙන්න තිබුනා නම්....එක පැයකට හරි අග්නිට යට වෙන්න තිබ්බා නම් කියලා හිතෙනවා ඇති...එදා රෑත් ඒකමයි උනෙ.....

"නින්ද යන්නෙ නැද්ද...."

මගෙ නිදිමත යන්න ගියා අග්නී.....

"ඇයි ඒ...ම්ම්ම්..ඇයි...මගෙ වස්තුවගෙ නිදිමත යන්න ගියේ....ම්ම්ම්ම්"

මට කොයි වෙලේ හරි පිස්සු හැදේවි අග්නි...මං උඹගෙ ආදරේ අස්සෙ හිරවෙලා...මං උඹේ ආදරේ අස්සෙ මත් වෙලා...අවංකවම කියනවා නම්...උඹ මාව ආදරෙන්ම විලංගු දාලා අග්නි....මාව වංක ගිරියකට අහුවෙලා අග්නි...අනේ මට බයයි...මට පිස්සු හැදේවි කියලා ..මාව උම්මන්තකයෙක් වේවි කියලා .....මම උඹට දිශ්ටි වැටිලා අග්නී...හ්.....ඉතින්...මටම කියපන්...මං කොහොමද නිදාගන්නෙ කියලා .....

" ඔය තරම් වහ වැටෙන්ඩ එපා ශිවන්...මම අමනුස්සයෙක්.....මටවත් මගෙ ආදරේ දරා ගන්න බැරි වෙනකොට ...උඹ කොහෙ දරා ගන්නද ...ම්ම්ම්..."

මං එයාගෙ පලල් පපුවට හේත්තු උනා....එයා ගාව කට්ටකුම්ංජල් සුවදයි.....සුවදක් කිව්වට...එයා ගාවින් මට විස්තර කරන්න නොතේරෙන කුයිලයක් ආවා...ඒක සන්දුන් සුවද වෙන්නත් පුලුවන් ....ඒත් බෑ වගේ වෙන්නත් පුලුවන් ...

"හැන්දෑවෙ හයෙ කනිසමට කලින් ගමනක් ගිහින් එමුද....."

එයා එයාගෙ දිග නියපොතු වලින් මගෙ පිට පුරාවටම හීනියට පහුරු ගාන ගමන් හයේ කනිසමට කලියෙන් ගමනක් ගිහින් එමුද අහනකොට මං තොටිල්ලෙ උන්න නිකිල් දිහා බැලුවා .....

"ඒකා ඇහැරෙන් නෑ දැම්ම..."

ම්ම්....

එයා හිනා උනා...මලානික මූනෙ රතු ඇස්..ලේ පාට තොල්....දැනෙන නොදැනෙන ගානට ඇදෙන හිනාව වශියක් වෙනකොට මම මෝහිනිට වහ වැටුන එකා වගේ නැගිට්ටා ...

එයා මගෙ අතින් අල්ල ගත්තා අල්ලගන එහෙම්ම මාව වෙද ගෙදර පහු කරන් ගොරකා කැලේ අස්සට එක්ක ගියා ගොරකා ගෙඩි එක දෙක වේලුන කොල උඩට වැටිලා තියනකොට එයා ඒ එකක් වත් මට අතින් වත් අල්ලන්න නොදී මගෙ පෙරේත කම නැති කරන්නම ගහෙන් ගෙඩියක් කඩාගන ගොරකා මදයක් මගෙ කටේ එබුවා.....

පැනි රසයි .....මැංගුස් වගේ........

එයාගෙ සීතල අත මගෙ අතට කිටි කිටියට එතිලා තියනකොට මං බලාගන සමහර ගස් එක දෙක හෙලවෙනවා...අපි එන මගට බර වෙලා තිබුන ගස් ආයම කෙලින් වෙනවා..හරියටම රජකෙනෙක් එනකොට පාර දෙපැත්තෙ ඉන්න උන් ඉඩ දෙනවා වගේ අපි එන මග පහලට බර වෙලා තිබුන ගස් කොලන් ආයම කෙලින් උනා.....

මට පුරුදුයි මේ පාර....මට පුරුදුයි මේ කටු දිවුල් ගහ...මට පුරුදුයි මේ මහ මූකලාන...එයා වෙන්ද වගේම මාව එක අතකින් උස්සගන අර කටු දිවුල් ගහට නගිනකොට මම මගෙ අත් දෙක ඒ සීතල බෙල්ල වටේ එතුනා .....

අනේ...අග්නී...මාව...වැටෙයි....

" මගෙ ශිවන්...."

මම උන්නෙ දල්ලෙ.....එයා මාව අද වෙනදටත් වඩා උඩට අරන් ගිහින් ගස් දෙබොක්කක හිර කරනකොට මම එයාගෙ ඇගේ එල්ලිලා වැටෙයි කියලා කෑ ගහනකොට එයා මගෙ අත් වලින් එයාගෙ බෙල්ල ගලවගන මගෙ කම්මුලට එයාගෙ සීතල ඇගිලි වලින් අතගෑවා...

" ඇස් දෙක පියාගනින්...."

අනේ...අග්...නී....

"වැටෙන් නෑ..... මම ඉන්නවනෙ....."

එයා මට ඇස් වහන්න කිව්වා...ගස් දෙබොක්කෙ උන්න මම අත්තක් බදාගන ඇස් පියාගන්නකොට එයා මාව අත්ත උඩ හිට ගැස්සුවා....

අනේ...අග්....අග්නී....ඇයි...මේහ්....

එයා මගෙ ඇදුමින් ඇදුමම ගලවලා දැම්මා...ඇස් පියන් උන්න මට පුලුවන් උනේ අග්නි...ඇයි මේ ඇයි මේ ගාන්න විතරක් වෙනකොට මම මගෙ අතට අහු වෙන දිවුල් අතු විතරක් වෙනකොට සර්වාංගෙම එකම ඇදුමක් නැහැයි කියලා දැනෙනකොට මම දිවුල් කිනිත්තක් අල්ලපු පාරට මගෙ අල්ලට කටු පවා ඇනුනා.....

" උඹව වැටේවි .... "

..එයා ආයම මගෙ ඇගට මොනවා හරි අන්දනවා... කියන වෙලාවට මම අත් දෙක උස්සන්න පොඩ්ඩක් හැරෙන්න වගෙම කකුලක් එහනා මෙහා කෙරුවා මිසක්කා මට ඇස් අරින්න තහනම් උනා...

එයාගෙ සීතල ඇගිලි.....මගෙ සර්වාංගෙ ස්පර්ශ නොවුන තැනක් නෑ....එයාගෙ සීතල හුස්ම මගෙ බෙල්ල පුරාවටම නොවැදුන තැනක් නෑ.....

එයා මට මොකක් අන්දනවද කියලා හිතන්න වැරි වෙනකොට මටත් නොදැනිම වැවිලා තිබුන කොන්ඩෙටත් එයා මොකක්ද කෙරුවා .....අවසානෙදි එයා මට ඇස් අරින්න කිව්වා ..

අ...ග්...නී....

"ම්න්....."

මේ..මොකක්ද අග්නී...

මම ඇදන් උන්නෙ තනි රතු සේද ඇදුම..කොච්චර සැහැල්ලුද....කොච්චර සිනිදුයිද කියනවා නම් ඒක මගෙ ඇගේ තියන එකවත් හොයන්න බැරිව යනකොට මම එයා දිහා බලන් ඉන්නකොට එයා අත් දෙකම්ස් පපුවට බැදන් හරි ආඩම්බරෙන් මගෙ දිහා බලන් උන්නා.....

"තව දෙයක් අඩුයි...."

ම්ම්..මො....මොනවවද....

එයා ආයම මගෙ ලගට ආව....තව දෙයක් අඩුයි කියපු අග්නි එයාගෙ තෝඩුවක් ගලවන් කරාබු නැට්ටෙම්ම එයාගෙ මහපට ඇගිල්ල හිල් කරන් ඇගිලි තුඩෙන් එලියට ආව ලේ බින්දු අරන් මගෙ දෙතොල් ලේපාට කෙරුවා වගේම එයාගෙ නලලෙ තිබුන සලකුන හා සමාන සලකුනක් වගේම එයාගෙ ඇස් වල තිබුන රත් අදුන් අරන් මගෙත් ඇස් යට පාට කෙරුවා .....

"උඹට උඹ දිහා බලන්න ඕනෙද මගෙ ශිවන් ....."

අනෙ ඔව්....ඔව් අග්නී.....අනෙ බලන්න ඕනනෙ....

අවංකවම මට මං දිහා බලන්න ඕනා උනා...මට මගෙ ස්වරූපෙ කොයි වගේද බලන්න ඕනා වෙනකොට එයා මාව හරහට අරන් අච්චර උස දිවුල් දල්ලෙන් පහලට පනිනකොට මං එයාවෙ බෙල්ල බදාගන කෑ ගැහුවා ...මොකද මේක ඇක්ශන් මූවි එකක් නෙවෙ .මොකද මේක පොතක ලියවෙන අකුරු ගොඩකුත් නෙවෙ ..මේක ඇත්ත සිද්දියක්...මේක යතාර්තයක්....නෑ...නෑ....

අනේ දෙවියනෙ..ඒක යතාර්තයටත් එහා ගියපු උන්මාදයක්...

එයා පැන්නා...හැබැයි උඩ ඉදන් පහලට එනකොට ගුරුත්වාකර්ශන බලේ අඩු උනාදෝ කොහෙදෝ....එයා ඇදන් උන්න සේද රෙදි හරි හිමින් පාවෙනකොට හුලන් බදලා බිමට පැනපු වේගය අඩු වෙලා ගියා .....

එයා බැස්සා ....එයා බිමට බැහැලා..මාව වඩාගනම උන්නා...මගෙ පපුව තනිකරම රේස් පිටියක් වගෙ....ගිඩි ගිඩි ගාලා ඉවරයක් නැතිවම ගැහෙනකොට එයා මාව බිමින් නොතියම එයා මාව තවත් මහ මූකලාන අස්සෙන් අස්සට අරන් ගියා ..දැන් නම් එයා වත් මම වත් උන්නෙ අපේ ගෙවල් මායිමේ නොවෙනකොට අවංකවම මං මගෙ ජීවිත කාලෙටම මේ මායිම ගැන දැනගන වත් හ්න්නෙ නැති උනා...

ගස් වැල් පවා කලුම කලුයි...කටට පැනි රස එක්ක පිලිහිඩි රසක් දැනෙන මීදුමක් හතර දිග් බාගයම වහගන උන්නා.....

අග්නී...මේ කොහෙද ...අග්..නී...මේ යන්නෙ.....

"ම්ම්ම්....ගියහම බලා ගනින්..."

එයා මට උත්තරයක් දුන්නෙ නෑ....මේක....අනෙ මේක ඇත්තක්ද බොරුවක්ද.....ඇස්බැන්දුමක්ද හිතන්න බැරි තරමට මාව අතර මං වෙලා උන්නා...අවංකවම කියනවා නම් මං උන්නෙ මාව උස්සලා පොලවෙ ගැහුවා හා සමාන හැගීමකින් වෙනකොට අන්දකාර මූකලාන අස්සෙ එක එක අඩි සද්ද.....සුවද දුමාර එනකොට මං අග්නිගෙ පපුව අස්සට මූන ඔබා ගත්තා ...

අනේ ...අග්නීහ් ...

"මං ඉන්නකොටත් බයද ම්ම්ම්..."

එයා මුමුනනවා ...ම්.කොල පොඩි වෙන සද්ද ඉවරයක් නැතිවම ඇහෙනකොට එයා මාව හරහට උස්සගන අනන්තයක් නැති කොහේද ලෝකෙකට අරන් ගියා වගේම එයා අවසානෙදි මට හැරිලා බලන්න කිව්වා ...

"ශිවන්....දැන් පුලුවන් බලන්න....."

මං බැලුවා ....මං ඒ පලල් පපුව අස්සෙ ඔබාගන උන්න මූන ඉස්සුවා ....

දෙවියනෙ....

අග් ....අග්....නී...අග්නී....මේ කොහෙද අග්නී .....මේක....

මට විස්වාස කරන්න බැරි උනා ....මේක..මෙහෙම එකක් මෙතන තියනවද කියලා හිතා ගන්න බැරි උනා .... ඒක සම්පූරනම අතෑරලා දාපු මාලිගාවක් ...අනෙ නෑ...ඒක දේවාලයක්....අනෙ මන්දා දෙවියනෙ....මේක මොකක්ද ...

"උඹ හිතන්නෙ මේ කොහේ කියලද මගෙ ශිවන් ....ම්ම්ම්ම්"

අනේ මේ කොහෙද .....අග්නී...

"....මගෙ අම්මා මාව ජාතක කරපු තැන...මගෙ තාත්තා .....තාත්තගෙ තැන.....උඹලගෙ මිනිස්සු ජීවිතේකට නොදකින ඉෆ්‍රිත් දෙවොල.....ඒ වගේම ....අනාගත ඉෆ්‍රිත් ...අග්නිගෙ ...අග්නි අමරේන්ද්‍රන් ගෙ දෙවොල.....ඒ වගේම ....උඹගෙ ගෙදර...!"

මාව හිරි වැටුනා...මාව ගල් ගැහුනා....මහ මූකලානක් අස්සෙ....මිනිස්සුන්ගෙ ඇස්වලින් වැහිලා තියන ඉෆ්‍රිත්ගෙ වාස භූමිය දැකපු මට කෙල ගිලගන්න බැරි උනා....

මට බිමට බහින්න ඕනා උනා.. ඒත් අග්නි නෙවෙ මාව බැස්සුවෙ....තැන් තැන් වල ඇහෙන කසකුසුව හිනා සද්ද ගෙජ්ජි සද්ද ලාවට ලාවට ළඟින් ලගින් ඇහෙනකොට අග්නි අදත් අර අමුතු භාශාවෙන් මොන මොනවදෝ කියනකොට අපි දෙන්නව පහු කරන් කලු පාට දුමාරයක් ගිහින් වැහිලා ගියපු දොර ඇරෙනකොට එයා මාවත් උස්සන් හෙමින් හෙමින් ගස් වැල් මුල් වැවුන පඩිපෙල නගින්න ගත්තා ...

"ඒකිලා එබි එබි බලනවා උඹ කවුරුන්ද කියලා . ...."

..ක්...කව්ද අග්නී...ඒකිලා...

"අන්තප්පුර උන්..."

මාව රත් උනා...මං බහ්න්න හැදුවා අග්නි කිව්වෙ අන්තප්පුර උන් කියලා මට මහා වේදනාවක් දැනුනා ...අගබිසවක් උනත් අන්තඃපුරයක් තියන එකෙක් මොකටද.....මගෙ ඇස් වල කදුලු කැට එලියට පනින්න ඔන්න මෙන්න තියනකොට අග්නි මා දිහා බැලුවා බලලා ඇස් හීනි කරගත්තා....

"මං උඹට කොතනකවත් කිව්වද ඒක මගෙ කියලා ....ම්ම්ම්...ඒක මගෙ අන්තඃපුරේ කියලා.....ම්ම්ම්ම්".

.....

ඇත්ත .....එයා මට කොතනකදි වත් කිව්වෙ නෑ...ඒ උනත්.....මට එයා වචන හංගලා කතා කරන තැන් වලදි තේරුම්.ගන්න බෑ...කොටිම්ම දැන් මං බයයි...මගෙ අග්නිව හොරකම් කර ගනී කියලා ...මගෙන් උදුර ගනී කියලා .....එයා මාව එක්ක යනවා...තනිකරම ගල් කනු වලින් වට කරපු දාලාවක් මැදින්.....මේ හැම දේම පට්ටම පරනයි....ගස් කොලන් හැම තැනිම්ම පැලවිලා....ඒත් මට කියන්න තේරෙන්නෙ නෑ...ඒ අන්දකාරෙ අස්සට මාව එන්න එන්නම මෝහනේ වෙනවා වගේ....

....එයා එන පස්සෙන් තව තව අඩි සද්ද ඇහුනා...ඒත් මම් නෙවෙ හැරුලා වත් බැලුවෙ...ඉවරයක් නැති පා සලඹවල් වල සද්දෙ හැම අහුමුල්ලකිම්ම ඇහෙනකොට මම එයාව මිරිකන් උන්නා.....

"ම්ම්...ඔන්න දැන් හරි..."

විනාඩි ගානකට පස්සෙ අග්නි කතා කෙරුවා .....විනාඩි ගානකට පස්සෙ අග්නි මට හරී කියන ගමන් මාව බිමට බස්සනකොට සෙරෙප්පු නැති යටි පතුල් වලට සීතල දැනෙනකොට ඒ සීතල මගෙ පිට කොන්ද දිගේ හිරියක් වගේ හිස් මුදුනටම ගියා...

"භෛරව්...."

මම බලන් උන්නා...එයා කාට හරි කතා කෙරුවා .කව්ද කියන්න දන්නෙ නැ. එයා කතා කෙරුවෙ භෛරව් කියලා...මම බලන් උන්නා. එයාගෙ කටහඩ අස්සෙ කිසිම මෘදු බවක්...තෙතමනයක් නැති උනත් යටි පතුල් වලට සීතල ගහලා වෙව්ලන මාව එයා ආයම එකාතකින් එයාගෙ ඇගට වත්තම් කරගන්නකොට ඈතම ඈති කොරොඩෝවක දොරක් ඇරුනා.....ඒ දොර පවා ඇරුනෙ මහා...මූසල විදිහට වෙනකොට කලු පාට දිගම දිග ලෝගුවක් ඇදන් කවුරු හරි තවත් පිරිමි කෙනෙක් අපි දිහාවට ආවා වගේම එයා මගෙ අග්නි දිහාවත් නොබලා කෙලිම්ම බැලුවෙ මගෙ මූන මගෙ ඇස් දිහා මගෙ සර්වාංගෙම දිහා වෙනකොට අග්නි ඒ

" භෛරව්" දිහා බලලා ලාවට ඔලුව නැවුවා විතරයි ඒකා මගෙ වම් අත අරගම පිට අල්ලට හාදුවක් තිබ්බා...

අග්නී...මේ...කව්ද....අග්...නී...මේ...

" එකම අම්මගෙ නොවුනත්...මගෙන් පස්සෙ හම්බුන කෙනා .....මෙ හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්නෙ...තනිකරම අසුරයො...ඒත්.....භෛරව්...වගේම උඹගෙ අග්නි...උඹලගෙ රැහේ උන්ගෙ බඩින් ආව උන්......."

ඒ...ඒකියන්නෙ...අග්නි ...මෙයා....

" අසුර...අර්ධ සහෝදර..."

එයා මට භෛරව් දිහා බලලා අසුර අර්ධ සහෝදර කියනකොට ඒ භෛරව් මගෙ මූන දිහා ඇස් පිල්ලම් නොගහම බලන් උන්නා. එයා මා දිහා බලන් උන්නෙ හරියටම වශී වෙලා හා සමානව වෙනකොට අග්නි මාව ඇදලා අරන් ඇගට හේත්තු කර ගත්තා විතරයි එයා ඔලුව පහත් කෙරුවා ...පහත් කරල අපිට යන්න ඉඩ දීලා පැත්තකට වෙනකොට අග්නි මට අන්දවලා තිබුන සේද ඇදුමෙ තිබුන උරහිස් රෙදි කඩ ලෙස්සලා බිම වැටෙනවා එක්කම භෛරව් ඒක අරන් ආයම මගෙ උරහිස උඩට දැම්මා....අග්නි ඒක අරන් මගෙ මූනට දැම්මා..දාලා එයා දිහා රවලා බැලුව....ඇත්තටම ...එක් රවලා බලනවද ..මොකක්ද කියන්න බෑ....ඒ දෙන්නා කතා කරන දේවල් මට තේරෙන්නෙත් නෑ...අග්නි ආයම අර භෛරව්ට මොනවදෝ කියනකොට එයා අපිට ඉස්සරහින් ඉක්මන් අඩි තිය තිය ගියා.....

සුවදයි.....අවංකවම භෛරව් අපිව පහු කරන් යනව එක්කම එයා ඇදන් උන්න ඇදුම් වල සුවද...හිස කෙස් වලට අල්ලැ තිබුන සුවද දුම් සුවද මේ හැම තැනකම ඉතිරි වෙනකොට මම භෛරව් දිහා බලාගන ඒ සුවද ඉව කර කර බලන් ඉන්න කොට අග්නිගෙ සීතල කට හඩ මගෙ කන ගාවින් ඇහෙනවා එක්කම මාව ගැස්සිලා ගියා....

" උඹ අයියගෙ අඹුව මිසක්...මල්ලිගෙ නෙවෙ....ඇස් පිල්ලමක් නොගහා බලන් උන්නට උඹ මගෙ මිසක්...උගෙ නෙවෙ....උඹ ඇවිදින් අග්නිගෙ මිසක්.....භෛරව් ගෙ නෙවෙ...අන්න එක හොදට මතක තියා ගනින්....."

අනේ...අග් නී...

එයා ඇස් හීනි කරන් මාව පනපිටින් මරන්න වගෙ බලන් උන්නා....එයා පුපුරනවා ....එයා ඉරිසියාවෙන් පුපුරන්න හදනවා. .එයා එකම එක බැල්මකට පවා ඊරිසියාවෙන් පුපුරන්න හදනවා...

අග්...ආ...හ්හ්....

මට ඒ බැල්ම....ඒ නපුරු ඇස්වල ඊරිසියාව දරා ගන්න බැරි උනා .....මට ඒ ඇස්වලින් පිටවෙන රස්නෙ දරා ගන්න බැරි උනා.....මම කවදාවත් දැනන් උන්නෙ නෑ මගෙ අග්නිට මේ තරම් ඊරිසියා හිතෙනව කියලා ...දරාගන්න බැරි තරමට ආදරේ දෙන අග්නිම වෙලාවකට මාව පන පිටින් මරන තරමටම රුදුරු උනත්..මම කවදාවත් දැනන් උන්නෙ නෑ එයාව වෙව්ලන තරමට ඊරිසියාව දැනෙනවා කියලා ....

එයා මාව එක පාරම ගල් අතුරපු පරන වෙලා ගියත් තවම හයිය හත්තිය තියන සීතල බිත්තියකට තද කරගත්තා .. ඒකත් බෙල්ල මුලිම්ම....එයා ඇස් හීනු කරන් රවාගන උන්නා...අනේ අග්නී....එපා කියන්නවත් හයියක් නැතිව මම බලන් ඉන්නකොට එයා එයාගෙ මුන මගෙ මූනට හුස්මක දුරක් තරම් ලගකට ගෙනල්ලා නැවතිලා රවාගන බලාගන උන්නා වගේම මෙච්චර වෙලාම මගෙ නාස් පුඩු අස්සෙ කැරකුන භෛරව් ගෙ සුවද සම්පූර්නයෙම්ම මගෙන් උදුර ගත්තා .....

" ශිවන්...උඹ....මගෙ....මේ ඇස්වල....ඉන්න ඕනෙ මම විතරයි.....උඹ හැමදාමත් අදුනන්න ඕන මගෙ සුවද විතරයි .....ඒ වගෙම...මේ ගැහෙන පපුවෙ හැමදාමත්....ඉන්න ඕනේ මේ අග්නි විතරයි ...මං උඹට ආදරෙයි ...ටිකක් නෙවෙ ...මරාගන මරෙන තරමට ආදරෙයි....මේක ඉල්ලීමක් නෙවෙ ශිවන් ...මේක අනක්...මේක තනිකරම අනක්......මොකද...උඹගෙ එක බැල්මක් මගෙන් පිට ගියත් ඇති...මට හිතෙනවා ඔක්කොම අලු කරන්ඩ....."

අනේ.අග්...අග්නී...අග්....නීහ්....

එයා මාව මරන්ඩ හැදුවා.... අදරේ උපරිම තැන එයාට මාව මරන්න හිතෙනවා කිව්වා වගේම එයා මාව මරන්න හැදුවා....මම එයාගෙ විතරමයි කියපු එයා මා දිහා බලන් උන්නාවගෙම ආයමත් ඈතින් ඇහෙන අඩි සද්දයක් එක්ක ඒ ඇස් තවට් හීනි උනා.....

අනේ...අර යකා ආයම එනව

වගේ.....

"අග්නී....."

ම්න් හිතුව හරි ..ඒ ආවෙ භෛරව්....එයා ඇවිත් අග්නිට අග්නි කිව්වා විතරයි අග්නි කෙරුවෙ මගෙ මූනට පහත් උන එක....භෛරවි ගෙ ඇස් පනා පිටම මාව එයා තදිම්ම් සිපගන්නකොට මන් බලාගන භෛරව් ඇස් හීනි කරන් බලන් ඉන්නවා ....

අග්....භ්භ්...භ්භ්....හ්හ්හ්....

"...මගෙ..."

තත්පර ගානක හාදුවකට පස්සෙ අග්නි මාව අතෑරියා .....අතෑරලා ඇහෙන නෑහෙන ගානට මගෙ කියලා මොකුත්ම නොදන්න ගානට ආපිට අනිත් පැත්ත හැරෙනකොට අරකත් රවන් ඉන්නවා මේකත් රවන් ඉන්නවා .....අම්මල දෙන්නෙක් උනාට මුන් දෙන්නටම ගිහින් තියෙන්නෙ තාත්තගෙම යක්ස ගති වෙනකොට මගෙ අග්නි මාව කාමරේකට එකන් ආවා භෛරව් යන්න ගියා .. අග්නි ඒ කාමරේ දොර වහලා දැම්මා ...

අග්..නී..මේ.....

"උඹගෙ අග්නිගෙ සිරියහන් ගබඩාව ....."

තනිකරම පහන් එලියෙන් විතරක් පාට උන උඩු වියන් බැදපු ඇදක් ඇරුනම වෙන කිසිම දෙයක් නොතිබුන මුලු කාමරේ අස්සම පුදුමාකාර තරම් සුවද වෙනකොට මගෙ අග්නි ආයම ඇවිදින් මගෙ බද වටේ ඒ අත් දෙක ඔතා ගත්තා වගේම එහෙම්ම පහත් වෙලා බෙල්ල පිටිපස්සට හාදුවක් තියන ගමන් මාව කන්නාඩියක් ගාවට එක්ක ගියා....හැබැයො එක අතකින් මගෙ ඇස් දෙක වහන්....

"උඹ ලෑස්‍තිද මගෙ ශිවන් ...."

අනේ...මට මාව පෙන්නන්න අග්නි ....

මම මාව පෙන්නන්න කියනවත් එක්කම එයා මගෙ ඇස් වහන් උන්න අත අහකට කෙරුවා ...

මාව ගල් ගැහිලා ගියා. ...

දෙවියනේ...ඒ ඉන්නෙ මම.....

"අග්නිගෙ ආදරනීයම අඹුව ..."

.මම උන්නෙ ඇස් පිල්ලමක් වත් නොගහා මා දිහා බලාගන වෙනකොට එයා මගෙ උරහිස උඩින් නිකට තියාගන කන්නාඩියෙ ඇදුන අපි දෙන්නා දිහා බලන් උන්නා....

අග්නී....මේ ඉන්නෙ මමද අග්නී....මේ ඉන්නෙ....

"ම්න්..."

මම උන්නෙ මෝහනෙ වෙලා වගෙ වෙනකොට එයා මාව හරවගත්තා ....හරවගන ආයම මාව හරහට උස්සන් අර ඇදට අරන් ගියා .....

ඇත්තමයි ...ඒ ඇද පුදුමාකාර සනීප වෙනකොට මාව ඇද උඩින් තියපු මගෙ අග්නි මගෙ ඇගට බර උනා....එතනින් එහාට තිබුනෙ අග්නිගෙ ආදරේ විතරක්ම වෙනකොට අන්දල තිබුන ඇදුම් එකින් එක එකින් එක ගැලවි ගැලවි ගිහින් අවසානෙදි මගෙ ඇගෙ නූල පටක් නැතිව යනකොට අග්නිගෙ සම්පූරනම ඇගෙ බරමම දරාගන උන්නා....

'ලබන කෙම්මුරෙදි...මේ ඇදේ හයිය බලමු...."

මගෙ මූන රතු උනා .....අග්නිගෙ නිරුවත් ඇගට යට වෙලා අමු නිරුවතින් වගේම එයාගෙ හාදුවලින් හෙම්බත් වෙලා ඉන්නකොට එයා මේ එන කෙම්මුර ගැන කියනකොට මාව දිය වෙන්න ආවා...

තත්පර විනාඩි වලට..විනාඩි පැය වලට මාරු වෙනකම්ම නොදැන්න තරම් මං මගෙ ආදරනීයම යක්ශ ආත්මෙගෙ ආදරනීට හාදුවලින් හෙම්බත් වෙලා ඉද්දි එයා බදාදාව ගැන කියනවා එක්කම මාව රතු උනා එයා මගෙ ඇගෙන් ඈත් වෙලා මගෙ නිරුවත රෙද්දකින් වහලා දාලා මගෙ අතට පොතක් දෙන ගමන් එයත් එයාගෙ විලි වහගත්තා ...

මොකක්ද අග්නි මේ .....

"දිගෑරලා බලපන් ..."

අන් ඒ පොත දිගෑරියා .....යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පොතක්....පිල්ලි සූනියම් ගැන ලියවුන එකක්...

අග්නි ඇද විට්ටමට හේත්තු වෙන ගමන් මාව ඇදලා අරන් එයාගෙ කකුල් මැදින් ඉන්දවන් එයාගෙ පපුවට හේත්තු කරගන්නකොට මං ඒ පොත කියවන්න ගත්තා ඒ සම්පූරනම පිටුවෙ තිබුනෙ පිල්ලි ගැන.....

"හොදට සිහි කල්පනාවෙන් කියවපන් මැනිකෙ....මං එක තත්පරේකට ඇහැපියවනවා...."

ඇදවිට්ටමට හේත්තු ව්‍ර්ලාවුන්න මගෙ අග්නි ඇද විට්ටමට හේත්තු වෙලා මාවත් තුරුල් කරන්ම ඉදගනම නිදා ගන්න හදනකොට මන් ඇදේ දිගා වෙලා එයාව තුරුල් කර ගත්තා .....තත්පර ගානයි අග්නි මට තුරුල් වෙලා ඇහැපියවනකොට මං හිමින් හිමින් අර පොත කියවන්න ගත්තා ....

පැරනි ගුප්ත සාත්තරේ පිල්ලි වර්ග විසි එකක් තියනවලු....

ඊරි පිල්ලිය ,නාග පිල්ලිය ,කුමාර පිල්ලිය,කෝලි පිල්ලිය,කන්‍යා පිල්ලිය,කනමැදිරි පිල්ලිය,ගරුඩ පිල්ලිය,කුරුමිනි පිල්ලිය,මළ පිල්ලිය,මහ සොහොන් පිල්ලිය,ඔඩ්ඩි පිල්ලිය,දෙබර පිල්ලිය,බඹර පිල්ලිය,වඩිග පිල්ලිට,සිංහ පිල්ලිය,ගජ පිල්ලිය,නීච කුල පිල්ලිය,දෙමළ පිල්ලිය, කඩවර පිල්ලිය,තුන් කුලුදුල් පිල්ලිය.....

මන් වචනෙන් වචනෙ හරි හිමින් පිල්ලි ගැන ලියවුන පොත කියෙව්වා .....කුරුමිණි පිල්ලිය කියනකොටම මතක් උනේ අග්නි අද යවපු පිල්ලිය වෙනකොට මගෙ ඇගම හිරි වැටිලා ගියා ...

මං.එහෙම්ම මළ පිල්ලියක් යවන හැටි කියෙව්වා ....

මළ පිල්ලියක් යවන්න නම් කුණු නොවෙච්ච මිනියක් කනත්තකින් ගොඩ අරගන ඒක ජීවම් කරන්න ඕනා....එහෙම කෙරුවම වෙන්නෙ අර මල කදට යක්ශයෙක් ආරූඪ වෙන එක.....ඊට පස්සෙ තමන්ට ඕන කෙනා ගාවට පිල්ලිය යවනවා .....කට්ටඩියා කියන්නෙ මොනවද පිල්ලිය කරනවලු..මල පිල්ලියක් ගන්නෙම මිනිස්සුන්ට හදි කරන්නලු...

මං පිල්ලි ටික හිමින්න්හිමින් කියවලා එහෙම්ම හෙදකම් පොතට අත ගැහුවා ....ඒක පුරාවටම තියෙන්නෙ සිංහල වෙද කම ..තෙල් වර්ග....ගුලි වර්ග කල්ක.....වගේම සෑහෙන්න ගොඩ වෙදකම් ගැන ලියවෙලා තියනකොට මං තෙල් වර්ග ගැන කියව්න්න ගත්තා ...

සිංහල වෙද සාත්තරේ ලෙඩ රෝග සුව්ව් කරගම්ම තෙල් වර්ග හුහාක් තියනවා ...ඒ වගේම සමහරක් තෙල් වර්ග ධනයට බලයට ආරක්ශාව අභිවෘද්ධිය නිතැතින්ම සලසන ගුප්ත ශක්තියෙන් අනූන මහා බලගතු තෙල් වර්ග තියනවලු ....ඉපැරැණි පුස්කොල වල ලියවෙච්ච "මහා හෙනරාජ තෛලය වගේම මහා රාජතරංගනී තෛලය ඔය හැම තෛලෙකටම අග්‍රස්තානය ගන්නවලු....

පිය පාර්ශවය නියෝජනය කරන පිය රාජ තෛලය විදිහට මහා හෙන රාජ තෛලයත්....මව් පර්ශවය නියෝජනය කරන මවු රාජ තෛලය විදිහට මහා රාජතරංගනී තෛලය සාස්තරෙ මුල් ගල් අදුන්වලා දීලා තියනවා .මහා රාජතරංගනී තෛලය දෙවනි වෙන්නෙ මහා හෙන රාජ තෛලයට විතරමලු....හෙනරාජ තෛලය කොයි තරම් බලවන්තද කියනවා නම් උතුවන්කන්දේ සූර සරදියෙල් හෙනරාජ තෛලය සුරයක දාගන පැලගන උන්න හන්දා වෙඩි වැදුන්නෙ නැතිව උන්නා වගේම සුරය කැඩිලා ගියාට පස්සෙ වෙඩි වැදුනලු....

ඉතා බලවන්ත හෙනරාජ තෛලය....

මන් හෙනරාජ තෛලය ගැන කියවන ගමන් එහෙම්ම මට තුරුල් වෙලා ඇස් පියාගන උන්න අග්නි දිහා බැලුවා .....එයා මාව එක අතකින් කිටි කිටියට තුරුල් කරන් තදිම්ම නිදාගන ඉද්දි මං.එයාගෙ සීතල කම්මුලට හාදුවක් තියලා ආයම පොත පෙරලගත්තා ....

අද ඉදන් කෙම්මුරේට මේ කවර් එක...

ස්තූතියි Anastasiawang27 ගොඩක්ම ගොඩක් ඔයාගෙ මහන්සියට ...ජොබීගෙ කතාව ලස්සන කෙරුවට❤️❤️❤️❤️🥺🥺🥺🥺

ජොබී නිදහාස්ස්ස්ස්ස්ස්.....!!!

ම්හුක්....මුව කායයියා බයියන්ඩ යන්නෙ ඔය ලමය්නුත් බයියන්ඩ...

ආයම ගෙට පියෝනියා එක්ක එන්නම්...

ආතරෙයි ...

චුක්...චුක්...චුක්😘😘😘

.

මම

ජොබී ...

Ferdeesha ❤️💚😘 ...

More Chapters