මාව සීතල වෙලා ගියා.....අම්මා ඇස් හීනි කරන් මා දිහා බලන් උන්නා වගේම මගෙ අග්නිට මගෙ ලගට එන්න විදිහක් නැතිව උන්නා....
මයෙ පුතා...කතාරපල්ලකො....උඹ මොනවා හරි දෙයක් මගෙන් හංගනවද .....
න්...නෑ අම්මා...ඇයි එහෙම අහන්නෙ....?
ම්ම්....නැත්තන් කමක් නෑ ....මං ඒත් කල්පනා කෙරුවා ගෑනි මැරිලා මලකද දිරන්ඩත් කලින් උඹ තව පවුලක් කරගන්ඩ හදනවා කියලා ...
අ...ම්...මා....
අම්මා අහක බැලුවා ...එහාට මෙහාට වෙලා තිබුන මල් පෝච්චි දිහා බලලා ඒවා හැදුවා ....
නැන්දා ...
ඕන්...මං කියන්ඩ කට ගන්නකොටම එනවා ...
අම්මා කියන්නෙ ...කියන්න හදන්නෙ මොනවද කියලා හරියටම තේරුමක් නැති මං මගෙ අග්නි දිහා බලලා උරහිස් අකුලවනකොටම පාන්දර ජාමෙ ගෙදර ගියපු දැහැමිනියා අම්මට කතා කරගනම වැට කඩුල්ල පනිනකොට අග්නි අඩි දෙක තුනක් ලං උනා....ලන් වෙලා මල් පෝච්චියක් දිහා බැලුවා....මේකි අද මගෙ යකාගෙන් මල්පෝච්චි පාර කන්ඩ යන්නෙ.....
නැන්දා මේන් ලොකු අම්මා පාන්දරම ඉදි ආප්ප තැම්බුවා ....සුදු මහත්තයට ලැවරියා එකකුත් තියනවා....
මං මේ පාර අග්නි දිහා නොබලා කෙලිම්ම අපෙ අම්මා දිහා බැලුවා දැහැමිනි ඉදි අප්ප බාජනේකුත් උස්සන් ඇවිත්....ඒ කියන්නෙ අම්මා අහන්නෙ මේ දැහැමිනි ගැනද මම ඒකි එක්ක මොකක් හරි පල හිලව්වක් තියනවද කියලද.....
ඇත්තටම මේ කෙල්ලට පිස්සුද මන් දන්නෙ නෑ....රෑ එලිවෙනකන් මෙහෙ ඉදල....ආයම ඉදි ආප්පත් උස්සන් මෙහෙ එන්ඩ තරම් ...
මොකට කරදර උනාද දරුවො...ඇරත් දැන් ලිප අවුඅලන්ඩ පුලුවන් එකේ උඹලා මොකටද මෙව්වා උස්සන් ආවෙ...
එහෙම කියන්ඩ එපා නැන්දා....සාරාන්‍යා මා එක්ක හිටපු කෙනෙක්...ජපුරෙ ඉන්නකොට අපි එකට පාඩම් කෙරුවෙ....එහෙව් එකේ...
මම කට තද කරගත්තා....අම්මා සැරින් සැරේම මා දිහා බලනකොට මම ලමයා අඩනවා වගේ කියලා බොරුවක් කියාගන ගෙට ආවා.....
" ජපුරෙ උන්න හන්දද දන්නෙ නෑ....එක මිනිහට කෙල හැලුවෙ....."
අග්නී....
ගෙට ආව මම කෙරුවෙ ආයමත් ජනෙල් කූරු අස්සෙ ඉදන් අම්මා දිහා වගේම දැහැමිනී දිහා එබිලා බලපු එක වෙනකොට දේවාලෙ ගාව උන්න අග්නි ඒ තත්පරේට මගෙ ගාවට ඇවිදින් උන්නා...එයා කියවනවා....ජපුරෙ උන්න හන්දද දන්නෙ නෑලු එක මිනිහට කෙල ගිල්ලෙ කියලා ....දැහැමිනි....අග්නි කියනවා මං ඒකි එක්ක සෙල්ලම් කෙරුවලු ...ඒත් මට ඒකි ගැන යන්තම් වත් මතකයක් නෑ ..එක්කො ඒකි උන්ගෙ ලොකු අම්මලාගෙ ගෙදර ආවෙ නෑ ...නැත්තන් මම මෙහෙ උන්නෙ නැති හන්දා ඒකිව මතක නෑ ..අනික සාරාන්‍යා උනත් මට අනිත් යාලුවො ගැන කියලා තිබුනට කවදාවත් දැහැමිනියා ගැන කියලත් නෑ ...
අග්නී...
" ම්න්.."
මට සාරාන්‍යා දැහැමිනී... ගැන කියලා නෑනෙ...
"ඒකිට නොකියා ඉන්න හේතු තිබුනද දන්නෙ නෑනෙ ...පේන්නෙ නැද්ද ..ඉලව් රස්නෙ යන්ඩ කලින් මෙහෙ රිංගන්නෙ ඇයි කියලා ....ඉතින් ඒකි උඹට මේකි ගැන කියයිද ... උඹේ වාසනාවට මේකිව උඹට මතක නැති උනේ...නැත්තන් උඹේ ගෑනි ඉන්න කාලෙක මේකි ගැන මතක තිබුනා නම් මං හිතන් නෑ ඔය අප්පු මහත්තයා වගේ පැත්තට පීරන් ඉන්න කොන්ඩෙ එක ගහක් වත් ඉතිරි වෙයි කියලා...ඔය ගෑනු ජාතිය ඔවුන්ට තියෙන්නෙ එසේ මෙසේ මොලයක් නෙවෙ ...උන්ට දෙයක් ඉව වැටුනොත් පිස්සු බැල්ලියො වගේ....උන්ට උන්ගෙ දේවල් මතක නැති උනත් මිනිහගෙ ඇගෙ තියන මයිල් ගහෙ ඉදන් මතකයි....දෙයක් ඉව වැටුනොත් බඩ පලලා කාපු බීපු දේ පවා එලියට ගන්න පුලුවන් ...උඹලගෙ එකීලට යකින්නියො කියන්නෙ නිකන් නෙවෙ...සාතන්ගෙ දුවලා තනිකර ...එහෙම බලන් ගියහම අර ගොරකා කැලේ ඉන්න එකීලා අහිංසකයි කියලා හිතෙනවා ....යක්කුත් බය වෙනවා උඹලගෙ එවුන්ට....අප්පු හාමියා හොද වෙලේට බේරුනෙ"
අග්නී....
මම මගෙ නලල ජනෙල් කූරුවලට තද කරගත්තා ...එයා ආයම නමක් දැම්මා....අප්පු මහත්තයලු.....කිව්වත් වගේ මෙ දැහැමිනි සාරන්‍යා ඉන්න කාලෙ නාව එක හොදයි ...ගෑනුන්ට දෙයක් සැක හිතුනොත් ආය ඒක සක්කරයගෙ පුතා වයිමටවත් බේරන්ඩ බෑ....සාරාන්‍යා උනත් වෙලාවකට දුම්මල වරම අතට ගත්තෙ නැතිව නෙවෙ ...ඒ ගෑනිටත් වෙලාවකට යන තරහවට යක්කුත් බය වෙනවා....අහිංසක වගේම නිහඩ මිනිස්සු හරි ගුපතයි ...උන්ගෙ චරිත හරි ගැඹුරුයි....හිත් තනිකරම ගල් වගෙ....හෙන ගැහුවත් දරා ගන්ඩ පුලුවන් ....නැතිනම් සාරාන්‍යා කොහොමද දෙයියනෙ ඇවිත් මගෙ මූන්ටම කියන්නෙ අප්පච්චි මාත් මැරෙයි නේද කියලා .....
මට සාරන්‍යව මතක් උනා .....අපි රන්ඩු උනා.....ගෑනු මිනිස්සු රන්ඩු නොවෙන ගෙදරක් හොයනවා කියන්නෙ නොමල ගෙදරකින් අබ මිටක් ගන්නවා වගේ වැඩක්....අතින් පයින් නෙවෙ උනත් අපි කටින් කට ගියා වේදනාවෙ උපරිම තැන් වලදි අපිටත් ඉවසීම නැති උනා ....හත වටේම දොස්තරලා ගාවට ගිහිනුත් ලමයි හිටුන් නැති වෙනකොට ....එක පිට එක තොවිල් නැටුවත් වගතුවක් නොවුන තැනක...ඒකියි මායි අත් අල්ලන් උන්නා උනත් සමහර තැන්වලදි දෙපැත්තට හැරිලා නිදා ගත්තු දවස් තිබ්බා ..මේ ලෝකෙ සර්ව සම්පූරන මිනුස්සු නෑ...අඩුම ගානෙ දෙවියො වත් සර්ව සම්පූරන නොවෙනකොට මිනිස්සු සර්වසම්පූර්න වෙයිද ...
මම අග්නිට හේත්තු උනා දැහැමිනි අම්මා එක්ක කතා කරන හැටි බලන් උන්නා.....
"උඹ ගිහින් මලක් ඉටිපන්දමක් ගහලා වරෙන් මැනිකෙ ...දැන් තුන් දොහක් උනානෙ...."
එයා පිටිපස්සෙ ඉදන් මුමුනනවා.....එයා යන්න ගියා.....
අග්නී.....
" උඹ අහල තියනවද ශිවන්....දෙයක් ලබා ගන්න නම්...දෙයක් නැති කරගන්න වෙනවා...දෙයක් ලැබෙන්න තියනවා නම්.....අනිවාර්යයෙන්ම ඒක ලැබෙන්වා...දෙයක් නැති වෙනන් තියනවා නම්....ඒක මොන දේ දාලා රැකගත්තා උනත්...අනිවාර්යයෙන්ම නැතිවෙනවා ...තව දෙයක්....දෙයියො වඩින පාර උනත් වඩින්ඩ කලින් සුද්ද පවිත්‍ර වෙලා යනවා ....කැලි කහල බැහැර වෙනවා .....නැත්තන් මොකටද දේව පාදෙකට අහු උන දෙයක්මහ රෑ විසි වෙන්නෙ .....උඹලා නොදන්න දේවල් ගොඩයි ....උඹ ඒකි නැතිව කම්පා උනා....මොන විදිහකින් හරි ඒ හැමෝවම උඹ යන පාරෙන් අයින් වෙනවා ශිවන් ...මං කියන දේවල් අහල හිත කඩා ගන්නෙ නැතිව හයිය කරගනින්....සමහර දවස් ඒවි උඹ තෝන්තුවෙන් ඉදීවි...සමහර දවස් ඒවි....උඹේ හැගීම් අමු සොහොනක් ගානට වැටේවි.....සමහර දවස් ඒවි....උඹට යක්කු එක්ක විතරක්ම ලගින්ඩ වේවි....බුදුන්ටත් ගල් පෙරලුනා....බුදුන්වත් මාර දූවරු පරික්ශා කෙරුවා .....ජේසුස් වහන්සේටත් අවසානම තත්පරේදි ගැලවිලා පලයන් කියලා සාතන් සර්පයෙක් වගේ ආව .....හැබැයි ...ඒ උත්තමයො දෙන්නම කෙරුවෙ එක දෙයයි ....තමන්ගෙ අරමුනට යනකන් ඒ හැම පරික්ශාවකිම්ම ගැල උනා ...
මගෙ ශිවන්...දෙවියන්ට පවා සාතන් පරික්ශා කරපු එකේ...මිනිස්සුන්ට නොකර ඉන්නෙ නෑ ..හිත් බිදීම් වේදනා ඒවි .....උඹට වරමක් තියනවා.....ඒක උඹ ගන්ඩ ඕනා...නොගෙන උන්නොතින් ..ඒකෙනුත් උඹටයි කරදර...."
අග්නිගෙ කටහඩ වෙනස් උනා ....එයා මාව තනි අතකින් ඇගට තද කරන කියෙව්වා .....එයා කියනවා දෙයියන්ට බුදුන්ට පවා පරික්ශා ආවලු...ඒක ඇත්ත ...එයා කියනවා මොන දේ උනත් මගෙ හිත හයිය කර ගන්ඩලු ....
අම්මා තවම දැහැමිනි එක්ක කියවනවා.....මට ඒකි දිහා බලන්ඩ උවමනාවක් තිබුන් නෑ...අප්පච්චි කොල්ලව වඩාගන කිරි පොවනවා...ආරාද්‍ය උදේ පාන්දර කොහෙ ගියාද කියන්න දන්නෙ නෑ....ආරාන්‍යා මං බලාගන ඒකිගෙ රෙදි හෝදලා කිලිටි වතුර එක වලකට හලලා පස් දානවා...මම අග්නි දිහාවට හැරුනා ....වරමක් හම්බුනොත් ගත්තත් අමාරුයි ..ඒක එපා කියලා අයින් කෙරුවත් අමාරුයි...ඒත් දැන් දැන් වෙන දේවල් එක්ක මට වරම නොගෙන බෑ....ඒත් අම්මා ගන්න දෙන්නෙ නෑ.....
අග්නී ...
" ම්න්...".
අම්මා ....අම්ම කැමති නෑ අග්නි....අම්මා ඇයි මාව වලක්කන්නෙ.....
" උඹට දැනගන්න ඕනෙද.....?"
එයාගෙ මූන වෙනස් ..අග්නිගෙ මූන අද වෙනදටත් වඩා වෙනස්...සුදුමැලි මූනෙ හැගීම් නැති වෙලා තිබුනා....රතු පාට ඇස් වල ලේ පාට මැරිලා ගිහින් අමු සුසානක් වගේ තිබුනා...එය මගෙ උරහිස් වලින් අල්ල ගත්තා ....එයා කියන්න යන්නෙ මොනවද...
" මගෙ ශිවන්.....අලත් නියපොත්තක් වැවෙන්න නම්....මොකද වෙන්න ඕනෙ.....අලුත් කෙස් ගහක් වැවෙන්න නම් මොකද වෙන්න ඕනෙ...ගහකින් ගෙඩියක් එන්න නම්...මොකද වෙන්න ඕනේ.මගෙ ශිවන්....."
.
මගෙ උගුර කට වේලිලා ගියා...අලුත් නියපොත්තක් වැවෙන්න නම්...පරන නියපොත්ත ගැල වෙන්න ඕනා...අලුත් කෙස් ගහක් වැවෙන්න නම්....පරන.කෙස් ගහ හැලිලා යන්න ඕනා.....ගහකින් ගෙඩියක් එන්න නම්...මල් පිපිලා...මල පරවෙලා යන්න ඕනා....එතකොට ...මට...
අ ..ග්...නී....
"දවසක් ඒවි...මට උඹ වෙනුවෙන් වැඩ කරන්න වෙන...වෙනන් තියන දෙ වලක්කන්න යකෙක්ට වත් බෑ ශිවන්"
අග්නී...අග්නී...අහන්න...අග්නී....අග්නී ...යන්න එපා...අග්නී ...නේ...අනේ...අග්නී..නවතින්න.....අග්නීහ්හ්....
එයා මගෙ තදින් අල්ලන් උන්න උරහිස් අතෑරියා.....දවසක් ඒවි එයාට මං වෙනුවෙන් වැඩ කරන්න වෙන කියන්නෙ...ඒකියන්නෙ...අම්මා...අනේ...ම්මා....නෑ....නෑ....මම වරම ගන්න නම්.....අනේ...එපා...අනේ...එපා....
මම බිත්තිය දිගේ රූට්ටල ගිහින් ඉදගත්තා ...අම්මා මට වරම ගන්න නොදෙන එකම හේතුව .....
අග්නී.....
එයා මාව දාලා ගියා....එයා මාව ආය ගොඩ එන්න බැරි තරම් ගැඹුරු වතුර වලකට තල්ලු කරලා ගියා .....එයා ඇහුවෙ අලුත් නියපොත්තක් එන්න නම් පරන නියපොත්තට මොකක්ද වෙන්න ඕනා කියලා ...
මයෙ පුතා.....
මගෙ සර්වාංගෙටම කරන්ට් එකක් වැදුනා වගේ උනා.....අම්මා කතා කරනවා....මට ඇයි කියලා අහන්නවත් කටට පන නැති උනා වගේ .....
මයෙ පුතා මෙහෙ වරෙල්ලකෝ...
අම්මා ආයම අඩගහනවා.....
මම අත් දෙකෙම්ම කට වහගගත්තා ....ඇයි කියලා අහන්නවත් මට හයියක් නෑ වගේ උනා....මගෙ කොල්ලා අම්මියේ ගගා එයාගෙ අම්මට කෑ ගහපු විදිහට මටත් අම්මෙ අම්මෙ කියලා ක ගහන්න බය හිතුනා.....
පුතාලගෙ අප්පච්චි ...මෙන්න මේක කුසියෙන් තිබ්බා නම්...මේ කොල්ලට මම කතා කෙරුවා කනකට ඇහෙන් නෑනෙ ....
අම්මා අප්පච්චිට කතා කෙරුවා ...මට අම්මා කියන හැම දේම ඇහුනා...අම්මා කරන හැම දේම පෙනුනා....අග්නිත් මාව දාලා යන්න ගියා .....එයාට මට මූන දෙන්න බැරි හන්දද මාව දාලා ගියෙ ..
අම්මියේ...අම්මියේ.....
අත්තම්මගෙ සුදු පුතා....කුක්කු බිව්වා...
අම්මියේ.....
ඕ.....ඇයි.....මොනවද ඉල්ලන්නෙ...මගෙ පුතා.....මොනවද ඉල්ලන්නෙ.....
අප්පුච්චියා....
කොහෙද ...කෝ.....අප්පුච්චියට අඩගහන්න.....අත්තම්මගෙ කට කැඩෙන්ඩ එන්නෙ දැන් ....
කත. ...කැදෙන්ද....අප්පු..චියේහ්හ්හ්...කැදෙන්න...නන්නෙ...
පෙනේද මේකා ...වගේ.....මගෙ පුතාව අත්තම්ම දවල් වෙලා නාවන්නම්.....කොන්ඩෙ ඔක්කොම ඇලෙනවා.....
හාමිනෙ මේකව කවදද ඉස්පිරිතාලෙ ගෙනිය්න්නෙ ....
මේකට ලෙඩක් නෑය කියනවා...ඒත් මගෙ හිතට හරි නෑ ....හෙට දිහාවට අරන් යන්....අපෙ මහත්තයා සාත්තර බලෙත් දොස්තර ගාව යටයි සමහර වෙලේට....නැත්තන් මේ මුලු ලන්කාවෙම දේවාල විතරක්ම තියෙන්ඩ ඕනා....
මම.අහන් උන්නා...අප්පච්චි අතේ උන්න කොල්ලා අම්මගෙ අතට ගිහින් මට කෑ ගැහුවා .අම්මා මට කතා කරලා කට කැඩෙන්න වගේ කියලා කියනකොට මගෙ කොලුවා ඒකම කිව්වා...මම ආයම බිත්තියට පිට දීලා ඉදගත්තා ....ඔරලෝසුවෙ කටු කාගෙ උවමනාවට කැරකෙනවද කියන්න ඔරලෝසුව හොයා ගත්තු මිනිහවත් දන්නෙ නැතිව ඇති....මගෙ පුංචි එකාට ලෙඩක් නෑය කියලා එදා උක්කුවගෙ සීයා කිව්වා...ඒ උනත් කොලුවට සැරින් සැරෙ උන ගන්න හන්දා ඒකව විරේක කරවන්ඩ කිව්වා....අනෙ මගෙ එකාට ඔව්වා ඔරොත්තු දෙයිද .....අපිටවත් බීලා කෙලින් කටින් ඉන්න බැරි එක....
අග්නී ....
මම මිමිනුවා...එයා නෙවෙ ආවෙ....එක පැත්තකින් අග්නි....අනිත් පැත්තෙ ලවන් .....එක.පැත්තකින් අම්මා....සාරන්‍යා...ලමයා....ජීවතු මල උන්...හොලමන්...යක්ශ...මේ හැම ජාතියම මැද මාව අතරමං වෙලා උන්නා...මාව තනිකරම වංකගිරියකට අහුවෙලා වගේ උන්නා...මම නැගිට්ටා...නැගිටලා එහෙම්ම එලියට ගියා...අම්මා ඉන්නවා...අප්පච්චිත් ඉන්නවා...ලමයත් ඉන්නවා...වෙරලු අත්ත හෙල උනෙත් නෑ...දේවාලෙ තිර රෙදි හෙළ උනෙත් නෑ...
අම්මා.....
උඹලා කොහෙද උන්නෙ....
ම්ම්ම්හ්...අප්පුච්චි....අප්පු....ච්චියේ ..පුතාව....මගෙ....පුතා ..ව.....ගන්න....ග...න්න....මගෙ....පුතාව ...
වැටෙයි වැටෙයි ...අප්පච්චි ආවත් හරි අත්තම්මව එපා නේ...අනේ කොල්ලො.....
මෙච්චර වෙලාම අම්මා අතේ උන්න කොලුවා මාව දැක්ක විතරයි මගෙ පුතාව මගෙ පුතාව ගගා අත් දෙක දික් කරන් ඉස්සරහට බර වෙවි කෑ ගහනකොට මම අම්මගෙ අතින් කොල්ලව අරගත්තා .....කවදත් වැඩි කතා බහක් නැති අප්පච්චි දැහැමිනී ගෙනත් දීලා තිබුන භාජනේ තිබුන ඉදි ආප්පයක් අරන් දෙකට කැඩුවා....
අපෙ මහත්තයා ...එපා ඔව්වා ගිල්ලන්ඩ .....
එපාද හාමිනෙ.....
ඕන් නෑ...අන්න උනුත් දේවාලයක් දාන්ඩලු .....අපිට කමක් නෑ....එකට සීයක් දැම්මත් .....මට බය...තමුන්ගෙ තැන දියුනු වෙන්ඩයි කියලා අනිත් උන්ට හැදි ගෑවෙන්ඩ මොන මොනවා හරි අඹරයි කියලා ...එපා ඔව්වා ගිල්ලවන්ඩ....කොලුවට තියන ලෙඩ මදිවටද....ඕක එහෙම්ම වහලෙන් තියහල්ලා ....හෙනහුරු වාහනේ වත් ඇවිත් ගිලලා යන්නෙ නැතැයි....
අප්පච්චි අතට ගත්තු ඉදි ආප්පෙ ආයම බාස්කට් එකට දැම්මා....ඇත්තටම අම්මා කිව්ව කතාව ඇත්ත....මිනිස්සු දෙයක් කරන්න පටන් ගන්නවා නම්...තමුන්ගෙ තැන දියුනු වෙන්න කියලා හිතාගන මුලිම්ම කරන්නෙ වටේ ඉන්න උන්ට හැදි ගෑවිලා යන්න එක එක මගුල් කරන එක...
මිනිස්සුන්ට පිස්සු ..මිනිස්සුන්ට තනිකරම මානසීක ලෙඩ....නැත්තන් ලක්ශ ගනන් වියදම් කරලා වෙන උන්ට වින කරයිද ....ඇයි මිනිස්සුන්ට බැරි ඒ ගාන වියදම් කරලා තමුන්ට යහපතක් කර ගන්ඩ .....නෑ...නෑ...ඒව කරන්ඩ බෑ...එහෙම කරන්ඩ බැරි එකම හේතුව තමුන්ට විතරක් හරි ගිහින් අනිත් උන්ටත් හරි ගියහම කොහොමද ඉවසන්නෙ ....ඉවසන් ඉන්ඩ අමාරුයිනෙ....අනුන්ට කෙල වෙන්නම ඕනා...එතකොට තමයි උන්ට නින්ද යන්නෙ .....
වෙන මොකුත් ඕන් නෑ ..පිට උන්ට වඩා තමන්ගෙම උන්මයි එහෙම කරන්නෙ....වෙන මොන කතාද අම්මගෙ අම්මලම අපිට කොච්චර දේවල් කෙරුවද...අම්මගෙ අම්මා විතරක් නෙවෙ...අම්මගෙ හත්මුතු පරම් පරාවම වෙද්දු ...හැම දේම තියෙන්නෙත් උන්ට ....වෙන මොකුත් ඕන් නෑ.....මගෙ වෙඩින් එකට ආවෙ අත්තම්මා කලු ඇදගන .....එදාම හවස අප්පච්චිගෙ උරහිසට පොල් අත්තක් කඩන් වැටුනා....හොටෙල් එකට ගිය වෙලේ ඉදලා සාරන්‍යා මම මාරුවෙන් මාරුවට ටොයිලට් එකට දිව්වා...හනිමූන් පැත්තක දාලා අපි දෙන්නා එදා අජීර්නෙට බෙහෙත් බිව්වා...උගුරෙන් පහලට ගිලෙන බෙහෙත් පෙත්ත පත්තියන් වෙන්න වත් වෙලා නැති උනා...අම්මා තැබිලි මතුරලා පොවලා පොවලා අවසානෙදි හරි ගියා .....
මම අම්මා දිහා බැලුවා.....අද වෙනකන් මගෙ අම්මා කවදාවත් කාටවත් වින කැටපු නැති හින්දද දන්නෙ නෑ අපිට අනිත් උන්ට වගේ සල්ලි උතුරන්න තිබුන් නෑ...වෙන කට්ටඩි වින කරන්න සල්ලි කුට්ටි ගනන් ගන්නකොට අපේ අම්මා බුලත් අතට දෙන සීය දෙසියෙන් පවා දේවාලෙට ඕන දේ ගත්තා මිසක්කා කවදාවත් අර ගාන දීපන් මේ ගාන දීපන් කිව්වෙ නෑ..... ..මොකද පිච්චෙන මිනිස්සුයි වේදනාව දන්නෙ ....ඇවිලෙන මිනිස්සුයි ගින්නෙ රස්නෙ දන්නෙ...
ගින්න අවුලන එකා හිනා වෙවි බලන් ඉන්නවා ඇවිලෙන එකා විදින දුක...වේදනාව .....ඒත් ...ඌ දන්නෙ නෑ ඒ ගින්දරම දවසක ආපිට පත්තු වෙන බව....
අප්පුච්චියෙ ...අප්පුචියෙ බත්තන්න ..බත් ....තන්න.....
ඇයි .ඇයි . ...බස්සලා කොහෙ යන්නද ....පප්පු දෙකක් වත් දාලා නෑනෙ...
මම පියවි සිහියට ආවා .....දැහැමිනිගෙ ගෙදරින් ගෙනාව ඉදි ආප්ප එක මාව කල්පනාවක අතරමං කරනකොට මම පියවි සිහියට ආවා.....අප්පච්චි ඉදි ආප්ප එක අරන් කාක්කන්ට කන්න දාන්න යනකොට අතෙ උන්න කොල්ලා බහින්න හැදුවා ...
ම්ම්හ්.....අප්පු....ච්චියෙ.....ඈක්...කි....ඈක්.....
ආ.....හරි...හරි.....
ඔහෙ ගෙනියන්ඩ එපා කොල්ලව ...
කකුලෙ සෙරෙප්පු දෙකක් වත් නැති කොල්ලව මම බස්සවන්න අදිමදි කරනකොට ඒකා පහතට නැවි නැවි ඇඹරුනා ...අවසානෙදි ඈක්කි ගානකොට මම ඒකව අරන් පිටිපස්සට යන්ඩ යනකොට අම්මා මාව නැවැත්තුවා .....
ආන් අර පැත්තෙන් ඉන්දපල්ලා.....
අප්පුච්...චියෙ ..සිදෙ ..නානෙ .....
හරි හරි ..මේ යනවා....කෝ කාසම ගලවන්ඩ .....
ම්ම්....
කාකෙ ගලවන්ඩ...
චප්පු ....දෙක....ඊක්කා ....ඊ.....ක්කා.....චප්පු....
උඹටත් දැන් රෙද්දෙ රෙවෙනකම්ම ඉන්නවා දෙනවා එකක් පිටපුපුරන්ඩ .දාගනින් මෙක ...
ම්ම් ..හුක්....අපා...නේ...ඒ...
මොනවද.....
බයි ..න්න.....අපානෙ...මගෙ....පුතා ...ත .....පිත....පුපුරන්ඩ බයින්න...අපානෙ ...
හා ...හා මගෙ පුතාට පිට පුපුරන්ඩ බනින් නෑ...කෝ මේක දාගන ඉදගන්ඩ නැත්තන් කාකෙ යයි...ඊයා....කාකෙ කක්ක ගියෝතින් අප්පච්චි එපැයි ඒකත් හෝදන්ඩ .....
සෙරෙප්පු නැති කකුල් දෙක බිමට තිබ්බා විතරයි මගෙ නිඛිල් කක්කුටු පැටියෙක් වගේ කකුල් දෙක ආපිට උස්සන් ඊක්කා ගගා කෑ ගැහුවා...මගෙම සෙරෙප්පු දෙක මම ඒ චූටි කකුල් වලට දම්මලා බැස්සුවම මේකා අත පත ගාලා බිම තිබුන කෝටු කෑල්ලකුත් අරන් අවසානෙදි ඉදගත්තා ...
" ඔන්න බලපන් දැන් ඕකා කරන්නෙ එක එක මගුල් කුරුටු ගාන එක...අප්පච්චි ගෙම පුතානෙ ...අප්පච්චිගෙ කෙරුවව තමයි ඔය"
අග්නීහ් ...
මාව සීතල උනා....මාව දාල ගියපු අග්නි ආයම ඇවිල්ලා.....
අග්නී .....අග්නී.....
.......
අග්නි ඔයා කොහෙද .....
...
අනේ අග්නි යන්නෙ ඇයි ...ඇයි අග්නි යන්නෙ ....
....
වැඩක් නෑ....එයා යන්න ගිහිල්ලා.....මගෙ ඔලුවට ගින්දරක් දාපු අග්නි යන්න ගිහිල්ලා.....අප්පච්චිගෙම කෙරුවාව කියපු අග්නි යන්න ගිහිල්ලා....
මම බලන් උන්නා ...මගෙ සෙරෙප්පු දෙක දාගන උන්න නිඛිල් එතන කැතයි කියලා වෙන තැනකට යන්න නැගිට්ටා...
කොහෙද ඔය යන්නෙ... .
කතයිනෙ ...
මොනවද....
කතයිනෙ.....අතන....අප්පුච්චියෙ ...ඈක්කි....තීනනේ...කතයිනෙ ....
ඈක්කි කැතයිනෙ කියන්නෙ කව්ද දැම්මෙ මමද ....
ඔව්නෙ.....
උඹට..මම....
පොඩි ඇටයා ආයම වෙන තැනකින් ඉදන් අර කෝටු කෑල්ලෙන් බිම පුරාවටම ඇන්දා ....කැතයි කිව්වා .ආය නැගිට්ටා ...එයා එහෙන් ඒ විකාර කරනකොට මම අග්නිව හෙව්වා ..ඒත් අග්නි නෙවෙ ආය ආවෙ...මට එයව ඕන්ම වෙලාව..ඒත් එයා නෙවෙ ආවෙ....
අප්පුච්චියෙ .
ඇයි හරිද?....
හරිත .....ඇයි ...
ඇයි කියලා මගෙන් අහන්නෙ...ඉවරද කියලා අහන්නෙ
ඒක...තමා .....අහන්නෙ....
.උඹව අර යකා නරක් කරලා....
මම නිඛිල්ගෙ පොඩි අතෙන් අල්ල ගත්තා ...ඉස්සර අම්මියෙ අප්පුච්චියො ට වඩා වචනයක් කියන්න කට නෑරිය එයා දැන් කියවන්න පුරුදු වෙලා ...පොඩි එකා මගෙ සෙරෙප්පු දෙකත් දාගන හරි අමාරුවෙන් ඇවිදිනකොට මං බලාගන අප්පච්චි උදැල්ල අරන් එනවා...
මගෙ පුතා.....
අම්මා...
උඹලා ඔය කොහෙ යන්ඩද මේ උදෙම්ම....පන්සලට යන්ඩද ...
නෑ අම්මා...
මම උන්නෙ අරලිය මල් පොකුරක් කඩා ගන්න ඔට්ටු වෙවි....වෙනදට නම් මම ඇගිලි තුඩු වලින් ඉස්සෙන පමාවට එයා මට අත්ත පහත් කරලා දුන්නා උනත් අද එයා නෑ...කියන්න ඕන ටික එහෙන් මෙහෙන් කියලා ගියපු එයා යන්න ගියා....මට කෑ ගහලා එයාට අඩගහන්නත් බෑ....සිය පාරක් වෙරලු ගහ දිහා බැලුවත් වෙරලු ගහ නෙවෙ හෙළ උනේ....සිය පාරක් විතර දෙවාලෙ දිහ බැලුවත් තිර රෙද්ද නෙවෙ හෙළ උනේ.....
ලමයව එහෙම්ම ඇග හෝදවල ඇදුමක් අන්දපු මම,මමත් ඇගපත හෝදන් ඇදගත්තා ...එයා කිව්වා මට තුන් දොහක් ගෙවුන හන්දා මලක් ඉටිපන්දමක් පත්තු කරල එන්න කියලා ...ඒත් එහෙම කියපු එයා මගෙ හිතෙ ගින්දරක් පත්තු කරලා යන්න ගියා...මොන දේ උනත් හිත හයිය කරගනින් කිව්වට ගහෙන් ගෙඩි එන්නා වගේ මම කොහොමද හිත ගක් කරගන්නෙ...එයා මොනවද කිව්වෙ ....
දවසක් ඒවි කිව්වා එයා මම වෙනුවෙන් වැඩ කරන...වචන අස්සෙ හුගාක් දේවල් හංගලා කතා කරනකොට මේ වෙච්ච දේවල් එක්ක මගෙ පපුවට කොච්චර බරද ....ඇයි එයා එහෙම කරන්නෙ ...
මම උඩ පැනල පැනලා මල් පොකුර කඩා ගත්තා ...හැබැයි පොකුරම නෙවෙ .අත්තම කැඩුනා...මම අත්ත දිහා බලලා අම්ම දිහා බැලුවා ...මොකද අම්මලාට මල් කියන්නෙ දිව්‍ය ලෝකෙන් දෙයියො එවපු තෑගි වගේ .....
ඔව්වා ඔහොම තමා....හයිය නැති අතු නෙ....
අම්මා....
උඹලා පන්සලට යන්නෙ නැති නම් අර කොලු පැටියවත් අරන් කොහෙද මේ උදෙම්ම යන්ඩ හදන්නෙ....
පිට්ටනියට....
ගියාට කමක් නෑ....උඹලා අඩන්ඩ තියා ගන්නව නෙවෙ...යක්කු ගස් නගින වෙලේ වෙනකන් ඉන්නෙ නැතුව එන්ඩ ඕනා තේරුනානෙ...ගිහිල්ලා අඩ අඩ දුක කියන්ඩ තියා ගන්නවා නෙවෙ මයෙ පුතා...තාම මිනියෙ රස්නෙවත් ගිහින් නෑ ...උඹලට වේදනයි ....ඒත් උඹලා දන්නවා උන් වටේ කැරකෙනවා ..උඹලා දිහා බලන් ඉන්නවා ....උඹලා අඩලා දොඩලා අවසානෙදි උන්ට යන්ඩ නොදී ඉන්ඩ හිතෙන තැනය වැඩ කරනවා නෙවෙ ...ආදරේ වැඩි උනහමත් අවසානෙදි වලපල්ල විතරක් ඉතුරු වෙයි ..නැත්තන් මොකටද ගෙට මූන මූන හරවලා මලකදක් ගෙනියන්නෙ.....
මං අහන් උන්නා....අම්මා කියනවා දුක කිය කිය අඩන්ඩ තියා ගන්ඩ එපා කියලා ....අග්නි කියපු දේමයි....අකුරක් වරදින් නැතුව අග්නි කියපු දේමයි..
අරලිය මල් පොකුරෙ නටුවෙන් වෑස්සෙන කිරි බින්දු වැලි පොලවට වැටෙනකොට මං බලන් උන්නා....
අරලිය මලට කැප පන්සලේ මල් වට්ටියයි...කනත්තෙ මිනි කන්දයි විතරමද කොහෙද
අරලිය මල හැම වෙලේම නැවතුනේ අනිත්‍ය ළඟ විතරමද කොහෙද ....
අම්මා....
ම්ම්ම්...කියාපල්ලා ....හවහට අර කොලුවා එනවයි කිව්වා තෙල් ටිකක් අත ගාවගන්ඩ....පව්....තුරුනුවන්ගෙ පිහිටෙන් ඒකගෙ අත පය දැන් හෙලෙව්ව හැකි.....වෙද සාත්තරේ මන්තර සාත්තරේ පිහිටපු පමනින් ඔව්වා නරකට යොදවන්ඩ හොද නෑ...ඒකා උඹලගෙ වයසෙලු....උන්ට කරදර හරියට මිනී අලු තිබිලත් අහක් කෙරුවා.....අනේ මන්දා මගෙ පුතා...දැන් ආයම ගේ පොඩ්ඩක් බලන්ඩ එන්ඩ කිව්වා ....
අම්මා අත් දෙක පිටිපස්සට බැදගන වෙද ගෙදර දිහා බලන් උන්නා...අම්මා ඔය කියන්නෙ බෙහෙත් ඔරුවෙ බහින්ඩ එන කොල්ල ගැන...බෙහෙත් ඔරුවෙ හෝරාවක් දෙකක් ඉදලා අම්මා ලව්වා බෙහෙතුත් අත ගාවගන යන ඒකොල්ලටත් හූනියමක් පෑගිලාලු...දැන් අවුරුදු එකහමාරකට වැඩීලු...කොල්ලා කොරියන් උන්න කොල්ලෙක්....සල්ලි බාගෙ වගේම ගේදොර එහෙම හොදට හැදුවලු...ඒ ඔක්කොම ඉතින් කොල්ලා කොරියන් ගියාට පස්සෙ තමයි...
මොකෙක් හරි එකෙක් ජීවත් උන නාරා වලෙන් ගොඩ එනකොට බලන් ඉන්ඩ බැරි ගතිය කාටත් තියනවනෙ...කොල්ල ලංකාවට ආව වෙලේ ගිප්ලපු දෙයක්ලු ඔය පරහට හිටලා තියෙන්නෙ....ලංකාවෙ ඉදලා ආපහු කොරියන් ගිහින් මාසයක් ඉන්ඩ බැරි උනාලු ...ඔලුවෙ කැක්කුම උහුලන්ඩ බැරි උනාලු....කොල්ලා වැඩ කරල තියෙන්නෙත් ටයිල් කම්පැනියකද කොහෙද ...ඒකගෙ අතකුත් මැශින් එකකට ගිහින් ඇගිලි තුනකුත් නැතුව ආවෙ.....
කොහොම කොහොම හරි හොදට උන්න කොල්ලා අවසානෙදි ඇදට වැටුනා...අර හම්බ කරපු සේසතම කොල්ලගෙ බෙහෙත් වලට යට උනා...උන් රටටම නය උනා....හොයපු සල්ලි ලුනු දිය උනා වගෙ දිය උනා...ඉස්සරහට දොරින් ලක්ශයක් ගෙට ගත්තොතින් පස්සෙ දොරෙන් ලක්ශ දෙකක් වත් යනවලු....
එක පාරක් මුලු ගේම හෝදලා ආය තීන්ත හෙම ගාලා දානයක් පවා දුන්නා...අම්මා ලව්වා දාලාතිබුන මිනි අලු පවා අයින් කෙරෙව්වා ....ඒත් නෑ....මිනි අලු කියනකොට මතක් උනෙ..මිනි අලු තිබුන කාලෙ කොල්ලගෙ අම්මට ඉහ උස්සන්ඩ බැරි තරම් ඔලුව කැක්කුමලු...නිදා ගන්ඩ කොට්ටෙට ඔලුව තිබ්බ වෙලේ ඉදන් ඔලුවටම අනිනවලු....
මගෙ ඇග හිරි වැටුනා...ඒ ගෙදර බලාගන ඉන්නකොට අමනුස්ස විමානයක් උනා.....මං අම්මා දිහා බැලුවා ....මට අම්මව තනි කරන්බ බය හිතුනා.....අතෙ තිබුන අරලිය මල් එක දිහා බලපු මං මාව තනිකරලා ගියපු මගෙ අග්නිව හෙව්වා ...එයා නෑ...කොහෙ ගියාද කියන්න දන්නෙත් නෑ....
අම්මා.....
ම්න්...
මාත් අම්මට උදව් වෙන්ඩද.....?
උඹලට වැඩට යන්ඩ තියනවනෙ මගෙ පුතා...ඇරත් උඹ අර නොදරුවා දාලා මගෙ පස්සෙ ගෑටුවම ඒකට අම්මත් නෑ අප්පත් නෑනෙ.....
මං වටින් ගොඩින් කතාවට එන්න හැදුවා ...මට අහන්න ඕනා උනා මං වරම ගත්තොතින් අම්මට අපලයිද කියලා .....ඒත් මං පටන් ගන්න කලින් අම්මා කතාවට තිතක් තියනවා ....
අම්මා බයද....අම්මා බය ඇතිද මන් පිස්සෙක් වෙයි කියලා.....
අම්මා බය ඇතිද අම්මට මොකක් හරි උනොත් මං හින්දයි එහෙම උනේ කියලා මාත් මොකක් හරි කර ගනී කියලා .....ඒත් දෙයියනෙ වහන් කරපුවාම මටම නෙවෙද වේදනාව ....
අම්මා...අම්ම මගෙන් මොකක් හරි හංගනවද අම්මා??
මං අම්මගෙ අත් දෙක අල්ල ගත්තා ....
අම්මගෙ ඇස් දෙක මලානික පාට වෙලා තිබුනා.....
මම...මං උඹලගෙන් මොනවා කියලා හංගන්නද මගෙ පුතා.....මට උඹලගෙන් හංගන්ඩ දෙයක් නෑ...හැබැයි මයෙ පුතා උඹලා අර කෙල්ල ගැන මොකක් හරි තියනවා නම්...එව්වා මෙතනිම්ම නවත්ත ගනිල්ලා.....එක වංගියකුත් ඔය පරස්තාව මං හරවලා යැව්වා ...ඉලව්වෙ රස්නෙ යන්ඩ කලින් ආය ආය එන්නෙ ඕකට තමා ..දෙන ඒව එහෙම ගිලින්නෙ නෑ උඹලා.....
මොකක්.....ඒකි....මට ඒකි එක්ක ඇති මගුලක් නෑ ...මට ඒකිගෙන් ඇති වැඩක් නෑ ....ඇත්ත කියන්න අම්මා මට දැන ගන්න ඕනෙ...අම්මා මම....
ඔය කියෙව්වා මදෑ ...කෝ උඹලා දැන් යන්ඩ ඕනයි කිව්ව නේ...
ගිහිල්ලා වරෙල්ලකො...එන ගමන් කඩෙන් ඔය ත්‍රී පෝශ පැකට් දෙක තුනක් ගෙනෙන් මයෙ පුතා අර එකෙක් ඉන්නවා ඒකා ගිලින්ඩ ඉල්ලන්නෙම එව්වා .....
අම්මා මගෙ කතාව නැවැත්තුවා ...අහන්ඩ ගිය දේ මගින් නවත්තපු අම්මා ගෙට යන්ඩ හැරෙනකොට මං බලාගන ගෙයි වහලෙ මුදුනෙ අග්නි ඉදගන ඉන්නවා.....
😶ආයම කොටසකින් එන්නාම්.....
😶අර මිනි අලු එක නම් ඇත්ත...අපේ තාත්තගෙ අක්කගෙ ගෙදරට මිනි අලු දාලා මම්මට රෑට නිදා ගන්න දුන්නෙ නෑලු ඔලුවට ඇනලා තිබුනා...පුම්චි පැටියත් .පුම්චිම පැටියෙක් කාලෙ එහෙ ගිහිල්ලා එපා කියන්ඩ කියන්ඩම මහ රෑක කැවුමක් ගිලලා නින්දෙන් ඇවිදලා විකාර කියවලා පිට පුපුරන්ඩ ඩෑස් දෙක තුනක් කාලා තමා ඇහැරුනෙ ....අනෙ අම්බෝ...මට එන්ඩ කියලා කියන එක විතරයි යන්තන් මතක....පුම්චි පැටියත් ගියානෙ😂😂👉👈
.කාටත් කියන්නෙ....පයිස්සමින් ඉන්ඩ .....කායයියා බුජි නෑ .....ඔය ලමයිනුත් බුජියන්ඩ එපා.....
ආතරෙයි කායයියෙක් තරන්🙈🙈🙈
මම..
Ferdeesha ❤️💚😘